.

.

Jul 27, 2020

කාටුනයකටත් බය ඇත්තම වහල්ලු



ජනතා විමුක්ති පෙරමුණ යනු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් නොවේය. එයාලා කියන විදියට තාමත් එයාලා වාමාංශිකය. වාමාංශික පක්ෂවල තියෙන්නේ අධිකාරීවාදී පාලනයක්ය. එහෙව් අය බලයට පත් වූ රටවල අදටත් ඇත්තේ අධිකාරිවාදී බලයක් හා පාලනයක්ය. ඔවුන් ප්‍රශ්ණ කල නොහැකිය. විවේචනයට බඳුන් කල නොහැකිය. එහෙත් ඔවුන්ට අනෙකා මරා දැමිමේ අයිතියද ඇති අතර එය සර්ව සාධාරණ වූත් පරම සත්‍යම වූත් නීතියය.


ජනතා විමුක්ති පෙරමුණට කෙල වීමේ ප්‍රධානම හේතුව ජාජබ ගෝල්ෆේස් තොයිලේ බව මාතලන්ගේ මතයය. එමෙන්ම එයට අනුබල දුන් තවත් විශේෂිත පිරිසක්ද සිටිනවාය. ඒ ෆේස්බුක් බලකායය. උන්ට කිසිම විවේචනයක් දරාගත නොහැකිය. එහෙත් අනෙකාට ගැසිමේදී කිසිඳු සාධාචාරයක් උන්ට අදාල නොවේය. අප බොහෝ කලක් සිට කියනා කතන්දර, දැන් නිර්මාල් වැනි ලිබරල් ජෙප්පන්ද පිලිගෙන අවසානය.

// අවන්ත ආටිගල හඳුන්නෙත්තිට විවේචනය කිරීමට ඇඳ තිබූ කාටූනයක් ජවිපෙ හිතවතුන්ගේ කෝපයට ලක් වී ඇත. ඇතමුන් අඟවා ඇත්තේ අවන්ත සේනාධිපතිගෙන් මුදල් ගෙන ඇති බවකි. අවන්ත ආටිගලගේ දේශපාලන නැඹුරුව දන්නා කෙනෙකුට මෙම කාටූනය කිසිසේත් පුදුමයට කරුණක් නොවනු ඇත. සාමාන්‍යයෙන් ඔහු අඳින බොහෝ කාටූන් ජවිපෙ හිතවතුන් ද භාවිත කරනු මා දැක ඇත. ඒ අයට ජවිපෙට විරුද්ධ යමක් දුටු විට හරියට කේන්ති යයි. මේ ජවිපෙ ආරක්ෂකයින් හරියට අර රජාගේ වඳුරු ආරක්ෂකයා මෙනි. ජාතික ජනබලවේගයේ ඉන්නා අය ඡන්දයෙන් පසුව හෝ මේ පිරිසට විරුද්ධ මත ඉවසීමට ඉගැන්විය යුතුය. //



මේ සියල්ලට ප්‍රස්තුතය වන්නේ අවන්ත ආටිගලගේ කාටූනයයි. අවන්ත ආටිගල ජනතා විමුක්ති පෙරමුණේ රෙද්ද ගලවලාම දැම්මේය. ජෙප්පන්ට මල පනින්නේ මේ තිත්ත ඇත්ත එලියට ආ නිසාය. කරුමය වන්නේ උන් අවන්තත් ජෙප්පෙක් ලෙස බෞතීස්ම කර තිබීමය. ජෙප්පන්ගේ හැටි එහෙමය. එතන මධ්‍යස්ත මතධාරියකුට ඉඩක් නැත. එසේ බෞතීස්ම කිරීමෙන් පසු උන්ගේ පඩත්තල වැඩ සියල්ල සාධාරණීකරනය කල යුතුමය. නැතිනම් ඌ මොහොතින් ද්‍රෝහියකු වනවාය.

පසුගිය පස් වසරක කාළය තුල ජනතා විමුක්ති පෙරමුණේ අය පරම්පරාගත ඉඩම් හිමි බලවත් ධනවත් ප්‍රභූන් බවට පත් වූයේ කෙසේද යන්න අද ඉතා පැහැදිලිව සියල්ලන්ටම පෙනෙනවාය. අවාසනාවකට හඳුන්ට එවැනි චෝදනාවක් එල්ල නොවූවද, අවන්ත කියා සිටියේ මේ කතන්දරයයි. එය සනාත කරමින් සුජීව සේරසිංහ කියනා කතන්දරයද මේ මොහොතේ ඉතා වැදගත් වනවාය..

// අනුර කුමාරට මම කියනවා රනිල් වික්‍රමසිංහලා මලික් සමරවික්‍රමලා එක්ක ගහපු ඩීල් ගැන මගෙන් ලුණු ඇඹුල් ඇතුව අහගන්න එපා කියලා..//

මේ කාටුන් එක මෙච්චර විශාල කතාවක් කිව්වේ ඇයි? මාතලන් සිතන්නේ කාටුනයට වඩා කේස් එක වූයේ අවන්ත මෙම කාටුන් එක සමඟ ලියු අකුරු ටික බවයි.

// මංගල ඇතුළු ධනපති නායකයන් හදුන්නෙත්තිලා පාර්ලිමේන්තු යවන්නට කැස කවන්නේ ඇයි, ධනවාදය පරිහානිය කරා සීග්‍රයෙන් ගමන් කරන මෙම යුගයේදී එහි ඊලග මුර බල්ලන් ලෙස JVP හි කාර්යය ඔවුන් අනිත් සියල්ලන්ටම වඩා හොදින් වටහාගෙන ඇත. ධනපති නායකයන් මෝඩයන් නොවේ. //

හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවේ සිටිය යුතුමය කියනා එක පක්ෂ විපක්ෂ කාගේත් මතයය. එමෙන්ම ජෙප්පන් වැඩි පිරිසක් පාර්ලිමේන්තුවේ සිටිය යුතුය යන්නද එසේමය. හඳුන් වෙනුවෙන් මාතර දිස්ත්‍රික්කයේ මංගල සමරවීර හා ඔහුට හිතවත් පිරිස විශාල කැම්පේන් එකක් කරනා බවත් තිත්ත ඇත්තය.

එමෙන්ම පසුගිය පස් වසර තුල ජෙප්පෝ යුරෝපයේ දෙමළ ඩයස්පෝරාවේ හා කොළඹ විසිල් පොරවල් හෙවත් NGO කාරයන් සමඟ කුළුපඟු වූ බවත්. ඔවුන්ගේ දෙවන පෙල පිරිස් “ජාජබ” ලෙස ජවිපේ ගිල ගනිමින් සිටිනා බවත්, එවන් දෙවනි පෙල පිල්ලි ඔවුන්ගේ ජාතික ලැයිස්තුව මෙන්ම තමන්ගේ මනාපෙට කෙලිනා සයිස්සෙකකුත් තිබෙනා බවත් ඇත්තය.

කරුමය කියන්නේ මේ තිත්ත ඇත්ත, ඇත්ත මිනිස්සුය කියා බෝඩ් ගසාගෙන ඉන්නා උන්ට තේරුම් ගන්න බැරි එකය. දේශපාලකයෝ උනාම මහන්තත්ත කම වගේම නිහතමානී කමත් තියෙන්නම ඕනාය.

ඕනෑම පක්ෂයක වහලුන්, තම නායකයින් කියනා ඕනෑම දෙයක් දන නමා හිස නමා පිලිගන්න සැදී පැහැදි උන්නාට, නියුට්‍රල් ඉන්නා උන්ට ඔය පඩ සෝ දිරවන්නේ නැතිය.

ජෙප්පන් හා ජෙප්පන් නැති කිරීමට ආ ජාජබ උන් කල යුත්තේ, අවන්තට මඩ ගැසීම නොව, පුලුවන්නම් අපට ඔය එක එකාගේ සපෝට් ඕනා නෑ කියා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරනා එකය.

එහෙත් ඇත්ත කතාව එය නොවේය, හඳුන්ගේ බුකිය බැලුවොත් ඒ බව හිතේ හැටියට බලා ගත හැකිය. එහි බුද්ධක පතිරණගේ චරිත සහතිකද අඩංගු වෙනවාය. හඳුන් වැඩ්ඩෙක් නම් කල යුත්තේ මේ කාටුන් එක තමන්ගේ බුකියේ එල්ලා, තමන්ගේ පක්ෂයේ උන්ගේ තරම, විනය හා හැදියාව බලා ගන්නා එකය.

සමාන්‍ය පිලිගැනීම අනුව මෙරට පහලම ස්ථරයේ චන්ද දායකයින් පිරිස ලෙස වර්ග කොට ඇත්තේ රාජපක්ෂලාට සහාය දක්වන බයියන් ලෙස කැටගරයිස් කර ඇති පිරිසය. (රටේ අති බහුතරය එම පිරිස බව ජෙප්පන් වටහා ගත් දිනට ඔවුන්ටද පැවත්මක් ඇති වනු ඇත්තේය.)

අපරාදේ කියන්නේ, සමාජ මාධ්‍ය තුල ප්‍රසිද්ධ එවන් බයියන් අති බහුතරය ඊයේ දිනයේ අර මොටර් සයිකලයක ගිය පුත්තලම් බූරුවා විවේච්නය කිරීමට තරම් නිර්භීත කමක් හා කොන්දක් තිබුනේය. බුවනෙක බාර් එකේ කතාව දන්නේ නැති උනත්, උන් බුවනෙකභා වෙනුවෙනුත් පෙනි උන්නේය. තමන්ගේම එකා වුවද නිර්ධය ලෙස විවේචනය කිරීමට තරම් උන්ගේ කොන්ද කෙලින්ය. ඇත්තටම ඒ නියම ගැමි ගතියය. එහෙම නැත්නම් බයියාගේ ගතියය.

එහෙත් කිසි දිනෙක ජෙප්පෝ හෝ වෙන්න ටොයියෝ මෙසේ තමන්ගේ එකා විවේච්නයක කරනවා අප නම් දැකලාම නැතිය. බලාගෙන ගියාම “ඔරිජිනල් වහලා” කියනා එකා මොකාදැයි කියා දැන් කාටත් පැහැදිලිය.

එජාපය කුඩේ කුඩු වී ඇති මේ අවස්ථාවේ අළුතෙන් එක්වන යොවුන් චන්ද හා මධ්‍යස්ථ මතධාරින්ගේ චන්ද ලබා ගැනීමේ මහඟු අවස්ථාවක් ජෙප්පන්ට ලැබි තිබෙනවාය. එහෙත් මෙවන් හැසිරීම් තුල සිඳුවන්නේ එවන් පිරිස් තව දුරටත් කළකිරීම පමණක්මය.

විවේචනයන්, මඩ ගැසීම්, හෙලා දැකීම් දරාගත නොහැකි නම් දේශපාලනයට මෙන්ම මාධ්‍යකරණයටද පැමිණීමේ තේරුමක් ඇත්තේම නැතිය.

කළ යුත්තේ විවේචනයන් හෙලා දැකීම පහර ගැසීම නොව ඒවාට සාධාරණ පිළිතුරු ලබා දීමය…

ඒ වගත් මෙසේය…

31 comments:

  1. මාතලන් ඉතා සුන්දර කඳු වළල්ලකින්
    වට වී ඇතත් කන්ද උඩරට මහනුවරට වර්ෂා කාලයේ දී අධික ජල ධාරිතාවක් පැමිණෙන බව අමුතුවෙන් කිව යුතු කරුණක් නොවේ.

    එහෙත් කිසි දිනෙක මේ මහනුවර නගරයේ,
    කිසිදු වීදියක්, ස්ථානයක්, කොළඹ වාගේ ජලයෙන් යටවන්නේ නැත.

    ඇයි ඒ?

    හාස්කමක් හින්ද ද?

    නැත!

    ඒ, ඒ නගරයට
    ඉතා දියුණු උමං
    ජල මාර්ගයක්
    තිබෙන නිසාය....

    මෙම භූගත, 'ජලාපවහන පද්ධතිය' මගින්
    නගරයට එකතු වන අතිරික්ත ජලය රැගෙන ගොස් මහවැලි ගගට මුදා හරිනු ලැබේ.

    සැබැවින්ම මෙය, අති විශිෂ්ට "විශ්වකර්ම" නිර්මාණයකි.

    මේ ආකාරයේ, ජල මාර්ග පද්ධතියක්
    නගරයේ තිබුණේ නැනිනම් සුන්දර මහනුවර නගරය ජලයෙන් යටවී හෝ මේ වන විට ගිලා-බැස අවසන් ය.

    හරි එතකොට කවුද ඔය කියන උමං මාර්ග
    නිර්මාණය කළේ....???

    නිල් ආණ්ඩුවක් ද ?
    කොළ ආණ්ඩුවක් ද ?
    ඒත් නැත්නම් සුද්දෝ වෙන්න ඇති?

    නෑ ඒ කවුරුත්ම නෙවෙයි, මේ නිර්මාණය තනිකරම අපේ රජ දරුවන් කළ තවත් සුපිරි රජ වැඩක්!

    ඔවුන් එදවස මහනුවර නිර්මාණය කිරිමේ දී ඔවුහු භූගත "උමං පද්ධතියක් ද" නිර්මාණය කළේ අනාගතය ගැන තිබු දුරදක්නාකම නිසා ය.

    එයින් පෙනෙනුයේ....

    අදටත් වඩා
    බොහෝ සියුම්ව
    සහ විද්‍යාත්මකව
    සංවර්ධන ව්‍යාපෘති
    එකල ඉටු කළ බව ය.
    එය කිසිසේත් හුදු රජ අණක්
    පමණක් ඉටු කිරීමක් නොවීය.

    ReplyDelete
    Replies
    1. දන්නවද මේ උමං මාර්ගය අපේ මිනිස්සු හදන්නේ සිමෙන්ති බින්දුවක් වත්
      යොදාගන් නැතිව!

      ඔව්, බටහිරකයින් සිමෙන්ති සොයාගෙන ඇත්තේ 1840 ගණන් වලදී.

      (ඔවුන් අපවහන පද්ධති
      ගඩොල් තට්ටු තුනකින් යුතුව සිමෙන්ති යොදා තම රටෙහි හා ඇතැම් යටත්විජිත වල ඉදිකොට තිබෙනු දැකිය හැකිය. එසේ ගඩොල් ලේයර් තුනක් ඔවුන් යොදා ඇත්තේ උමගට ඇකිලෙන්නේ හෝ වෙනස් වෙන්නේ නැති විමට ය.)

      පුදුමය කියන්නේ, අපේ සිංහල රජ දරුවන් මේ උමං මාර්ග සාදා ඇත්තේ
      "සිමෙන්ති භාවිතා නොකර" තනිකර හුණු වැනි ද්‍රව්‍යයක් මැදට යොදාගෙන.

      තාක්ෂණය අතින්, ඉතා සියුම්ව සාදා තිබීම ගැන එකල එය දුටු සුදු ඉංජිනේරුවෝ පවා පුදුම වී ඇත.

      ඊට අමතරව එකල සිංහල ශිල්පීන් එය තැනීමට යොදා ගෙන ඇත්තේ, 'තනි ගඩොල් ලෙයරයක්' පමණි.

      ඒවා අද තිබෙන ගඩොල් මෙන් නොව
      තරමක් විශාල ඒවාය. එය උමං සඳහා ම නිර්මාණය කරන ලද "විශේෂ ගඩොලක්" බව පෙනේ.

      ඒ අනුව, කාර්යෙයෙන් කාර්යය
      ප්‍රකාරව ගොඩොල් පිළිස්සීමේ විද්‍යාත්මක ක්‍රම වේදයක් මෙහි පැවති බව ද පෙනේ.

      එපමණක් ද නොව, එම ගඩොල් උමග ඇතුළත ආරුක්කුවක් ආකාරයට බැඳ තිබෙන්නේ ද ක්‍රම කිහිපයකට ය. එනම් පතුලේ අතුරා ඇති ආකාරයට වෙනස් අයුරින් දෙපැත්තේ යොදා ගැනීමෙනි.

      මෙම උමං මාර්ග පද්ධතිය 1895 දී සුදු ඉංජිනේරුවරයෙකු වන හෙන්රිබඩ් විසින් අළුත්වැඩියා කර තිබෙන බව ඔවුගේ ම ලේඛනවලින් සනාථ වේ.

      ඉන් මනාව පැහැදිලි වන්නේ ඊටත් වසර සිය ගණනකට පෙර මෙය සාදන ලද්දක් බවයි. එම නිසා ඉංග්‍රීසීන් ගේ කාලයේ සාදපු උමං පද්ධතියක් නොවන බව නම් සහතික කළ හැකියි. ඒ නිසා මෙය තනිකරම හෙළ වාරී ඉංජිනේරු නිපැයුමකි.

      මෙම උමං මාර්ගයෙන් රජ දරුවන් බලාපොරොත්තු වෙන්න ඇත්තේ වර්ෂා කාලයේ දී භූගත ජල මට්ටම පහත දමා පොළොව මට්ටම වියළිව තබා ගැනීමට යි.

      පැරණි වාර්තාවලට අනුව නුවර මාලිගාවේ තිබෙන දිය අගල අද
      විෂ්ණු දේවාලය ළගින් අවසන් වුවද ඊට පෙර මහයියාව තෙක් එය විහිදී ඇත.

      මහනුවර නගරයේ, සෑම මාර්ගයක් යටම ගඩොලින් සාදා ඇති උමං කාණු පද්ධතියක් දක්නට ලැබේ.

      දළදා මාළිගයේ, විෂ්ණු දේවාලය ළග දී ද තවත් උමං මාර්ගයක් ගවේෂණය විය. එය කොහාට යනවද කියා
      සොයා ගන්න බැරි වුවත්, එයද විශාල උමගකි.

      (ඇතැම් විට හදිසි අවස්ථාවලදී රජතුමාට නගරයෙන් පලා යාමට සාදා ඇති උමගක් විය හැකි ය. එය තවදුරටත් පරික්ෂා කළ යුත්තකි.)

      ආරුක්කු හැඩයෙන් සාදා ඇති,
      මෙම උමං පද්ධතිය රජ දවස භාවිතා කර ඇත්තේ ජලය රැගෙන යාම සඳහා පමණක් ම නොවේ.

      එහෙනම්....

      ඔව්.එම පද්ධතිය එකල කුණු රැගෙන යාම සඳහාත් භාවිතා කර තිබෙන බව පෙනේ. එදා වලව්වල කුණු ඉවත් කර තිබෙන්නේ අඩු කුළවල මිනිසුන් විසිනි.

      ඔවුන් ඒවා අනෙක් මිනිසුන්ට නොපෙනෙන ආකාරයට රැගෙන යාම සඳහා රාත්‍රීකාලයේ භාවිතාකර තිබෙන්නේ මෙම භූගත උමං
      පද්ධතිය මය.

      ඒ අනුව නුවර නගරයේ වලව් 27ක් තිබුණ බවත්, ඒ සෑම වලව්වක සිටම මෙම උමං මාර්ගයට, තවත් උමගක් සාදා තිබෙන බවත් දක්නට ලැබේ.

      එහෙත් කිසිවිටෙක රජ දවස වැසිකිළි අපද්‍රව්‍ය මෙම උමං මාර්ග වෙත බැහැර කර නැති අතර 1896 වසරේ දී පමණ ඒවා එයට බැහැර කර ඇත්තේ ඉංග්‍රීසි ජාතිකයන් විසින් ය.

      ඇතැම් විට ඒ මේ විශිෂ්ට නිර්මාණය විනාශ කිරිමේ පවිටු චේතනාවෙන් විය යුතුය.

      සුද්දා ගල විදීම උත්කර්ෂයට නගන
      බොහෝ දෙනා මේ කාරණා නොදනිති. සිංහල රාජධානිය කිසිසේත් යුදයෙන් යුරෝපා ජාතීන්ට යටත් කර ගැනීමට නොහැකි වූයේ මේ උපාය-ශීලි දේශීය චින්තනය නිසා ය.

      සාගර දියගම

      Delete
    2. බලන්න ඉතින් නේ

      Delete
    3. බලන්න ඉතින් නේ

      Delete
    4. සාගර මහත්තයාට වෙනම ස්තුති කරන්න ඕනි, හරවත් විස්තරයට.

      Delete
    5. වැදගත් විස්තර සටහන්. බොහොම ස්තුතියි සාගර. තවත් මේ වගේ ලිපි ලියන්න. ජය වේවා.

      Delete
  2. කවුරුන් කළාදැයි නොතකා 'නිවැරදි - අගය කළ යුතුදේ පසසන්නත්, වැරැද්දට ගරහන්නත්, තමන්ගේ වැරදි පිළිගන්නත්' ලොකු හැදියාවක් හා සවිමත් පිට කොන්දක් තියෙන්න ඕනෑනේ!

    ReplyDelete
  3. දැන් ඉතින් අර විජේබාහුවා එයි ඉන්ග්‍රීසි අමුනන්ඩ

    ReplyDelete
    Replies
    1. විජේබාහුවා සුද්දොන්ට සිංහලෙන් කතා කරලා චොර වෙලා ඉන්නේ ඒක වැහෙන්නයි අපිට මෙතන කඩ්ඩ වනන්නෙ.

      Delete
    2. මෙහෙමයි ඔය ඔසී, ඇමරිකා, යූකේ, කැනඩා වගේ රට වල ඉන්නල සංක්‍රමණික සිරිලංකන් කල්ලතෝනි පොල් බූරු මීහරක් රැල ගැන නම් කතා කරල වැඩක් නැහැ.

      දැන් මේ ඔස්ට්‍රේලියාවට ආවත්, සම හරක් මන්ද-මානසික අපතයෝ, අර මාතේ කියන්නැහේ, ඔසී ආණ්ඩුවෙන් මයිනොරිටි කල්චර දියුණුව වෙනුවෙන් දෙන ආණ්ඩුවේ පින් ග්‍රාන්ට්ස් ටිකට කෙළලා සිංහල සාහිත්තිය සමිති හදාගන එව්වයෙ ඉස්ටේජ් උඩට නැගලා මෙලෝ රහක් නැති හිනා නොයන හිටං විහිලු කොරලා, තුන් වේලටම පානුයි ලුකයි දෙසාබාලා, පුලුවන්තරම් ඔස්ට්‍රේලියන් පුද්ගලික අංසයේ උන්ගේ ආදායමින් කපගන්නා බදුමුදලින් ඔසී ආණ්ඩුවේ රස්සාවක් කොරන් රජයෙන් ගන්න පුලුවන් පින් පඩිද, සියලුම ලාබ ප්‍රයෝජනද ගනිමින් ලංකාවත් ලංකාවේ ඉන්න අසරණයින්ටත් අසික්කිත විදිහට බැන බැන, කැත කතා කිය කිය කිය උපන් රටට කෙලවෙන කම් කටවල් උල්කරගෙන කට බලියාගෙන, තැඹිලි වගේ තඩි ගෙඩි, විසාල අතු හිටිගමන් කඩාවැටෙන ගස් යට බුදු වෙන්න පෙරුම් පුර පුර, බුකියේත්, බොගවලත් ජනප්‍රිය ගෲප්, පිටුවලට යටිකූට්ටු ගේම් දිදී, බුකියෙ ඉන්න දුප්පත් වැඩිය දැන උගත්කමින් අඩු ගැමි ටයිප් පොරවල් හෙන ශ්‍රද්ධාවෙන් අදහන ආගම් වලට අපහාස කර කර උන්ව අවුස්සා උන්ගෙන් කුණුහබ්බ අහ අහ ඉන්න එකයි කරන්නෙ. ආයෙ වෙන මක් කොරන්නද ඉකොනො සුද්දෝ මේ වගේ හැළි වළන් _න්නයින්ව පඩේකට ගණන් නොගන්න කොට? වෙන මොකෙක්ද කරන්නේ?

      Delete
  4. රහට ලියල තියෙනව මාතලන්. ඇත්ත දේශපාලනයේ තිත්ත මිනිස්සුන්ගේ තිත්ත ඇත්ත. මට නම් දේශපාලන පක්ෂයක් නෑ පාවෙන පොරක්. ගියපාර 2015 මෛත්‍රී 2019 ගෝඨාභය දැන් නම් ඉතින් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න උන් ගැන නම් විශාල කලකිරීමක් තියෙන්නේ. ඇත්තටම අපි මේ පාර මොකක්ද කරන්න තියෙන්නේ? ඡන්දේ නොදා ඉන්න පුළුවන් නම් හොඳයි. උඹගෙ අදහස මොකක්ද බන්?

    ReplyDelete
    Replies
    1. තාම තීරණයක් නෑ... දෙනවා නම් පෝට්ටුවට තමා දෙන්නේ... ජෙප්පන්ට දිදී උන්නේ... ඒක නැවැත්තුවා..

      Delete
    2. ගම්පහ අය දියමන්තියට දෙන්න. ඩොක්ටර් පැතුම් රටට/පරිසරයට ආදරය කරණ තරුණයෙක් බව පේනවා..
      මෙදා පාර ගම්පහ පොහොට්ටුවෙ ඉන්නෙ ගොබ්බ සෙට් එකක්.. එකෙක්වත් වැඩක් නෑ..

      Delete
    3. ඉතින් #%තෝ ඔය කියන ගම්පහ දියමන්ති මාක් එක දාල ඉන්න ගොන් දොස්තර පැතුම් කියන දෙකයි පණහේ පිස්සු ගෝතයගෙනුත් ඇති වැඩේ මොකක්ද? ඒ පොල් බූරුවත් ඉස්සර රාජපක්ෂ හොර හැත්ත කළා වගේම යුද්ධය විකුණන් කන එකයි ඊට අමතරව ගස් කැපීම සහ අලි මැරීම කියන ජනප්‍රිය කාරණා අල්ලගෙන අලි ඇතුන් ටිකයි කැලෑ ටිකයි විකුණා ගෙන ගාණක් කපා ගන්න හදනවා කියලා හිතන්න පුළුවන් නේද මචන්. අනික ඔය අනිත් NGO කාරයෝ වගේ මූත් මොකක් හරි පිට රටක පරිසර හිතවාදී/ වනසතුන් රකින සංවිධාන/ පුද්ගලයන් අන්දවා සල්ලි හොයන්න දෙන ගේමක් වෙන්නත් පුළුවන්. ඒ නිසා විපක්ෂනායක තනතුරට සජිත් ප්‍රේමදාස පත් කරන්න කටයුතු කරන එක කරන්න පුළුවන් නම් හොඳයි නේද? මාතලන් මේ ගැන කියන්නේ මොකක්ද?

      Delete
  5. There are some 'Suddo' who can speak Sinhala and more Sinhalayo who can speak English. I don't see the problem Ano (Wijebahu)

    ReplyDelete
  6. It is becoming more and more apparent now doing JVP is a business than politics. JVP should close shop and join UNP since RW is very lonely.

    Most PRRA people join UNP after LK Dhrmasiri was killed by JVP (Wijebahu)

    ReplyDelete
    Replies
    1. It is apparent that doing business is like doing JVP. They should disengage from that join RW since he feels lonely during rainy days. Most Wjebaahus kill queen and join PRAA

      Delete
    2. @ විජේ බාහු

      එන්ගලන්තෙ ජෙම්ස් බෲක් හදාපු කනෙක්ශන්ස් කතා මාලාව මතක් වුනා.

      https://en.wikipedia.org/wiki/Connections_(TV_series) එකක් ගැන කතා කරලා ඊට වඩාවටිනා ඊටම සම්බන්ද තව දෙයක් ගැන විස්තර කිරිල්ල.

      ඒ වගේම අන්තර්ගතය කියවනකොට Nobodies to somebodies පොත ත් මතකයට ආවා...

      විජයබාහු හිතනවාද ජේම්ස් බෲක් ගේ කනෙක්ෂන්ස් වැනි කතා බැලූවත්, ලෝකෙ පුරා ඇවිද්ද පලියට, මයිග්‍රේට් කල පළියට ළිං මැඩි මානසිකත්වය වෙනස් වේවි කියලා? ලංකාවේ ගෝත්‍රික ළිංමැඩියන් මෙන්ම සුද්දාට _කදී බටහිර රාජ්‍ය වෙනුවෙන් ප්‍රසස්ති ගයන වන්දිභට්ටයන්ද තවත් ළිං මැඩි පිරිසක් මිස ඇති වෙනසක් නැත.

      ඔබ දන්නවාද ඔබ ඔය ගරහන ශ්‍රී ලංකාවේ තමයි අද එංගලන්ත කොටස් වෙළදපොල හසුරවන පරිගණක පද්ධතිය සකසල තියන්නේ. ඒ තනිකර ශ්‍රී ලාංකිකයන්. එංගලන්තය මෙන්ම බොහෝ ධනවත් බලවත් රටවල ප්‍රධාන බැංකු වල ආරක්ෂණ පද්ධති සෑහූ අතිදක්ෂ ලාංකිකකයින් ලංකාවේ සිට සේවා සැපයූ බව ඔසී/ ඇමරිකන් යූකේ පැත්තේ ඉන්න මෙලෝ දෙයක් නොදන්න බකපඬි ළිං මැඩියන් නොදනී. (මෙනිසා ලාංකිකයන්පුහුණු ශ්‍රමයෙන් ප්‍රයෝජන ගැනීම වැදගත්.)

      දැන් බලන්න ඔස්ට්‍රේලියාව ලොව අනෙකුත් මහාද්වීපයන්ට සාපේක්ෂව හුදකලාව පිහිටි මහාද්වීපයක්, එහි ආදිවාසීන් වන ඇබෝරිජීන් වරුන් වසර දහස් ගණනක සිට එම රට තුල ජීවත් වුනු බවට සාක්ෂි සාධක එමට ඇත. විශේෂයෙන් හුදකලා රටක් වන එයට අතීතයේදී මිනිසුන් කෙළෙස සංක්‍රමණය වුයේද යන්න පවා ප්‍රශ්නාර්ථයකි. එලෙස වසර දහස් ගණනක් තමන් සිටි රටේ ඉතාමත් සුළුතරයක් බවට අද ඔවුන් පත්ව ඇත. මෙයට ප්‍රධාන හේතුව නම් වර්තමානයේ ඔස්ට්‍රේලියාවේ බහුතරය බවට පත්ව සිටින බටහිරින් පැමිණි සුදු ජාතිකයන් විසින් අතීතයේ ඔවුන් ඉතාමත් තාඩන පීඩන වලට ලක්කර ඔවුන්ව වහළුන් ලෙස තබාගෙන අමානුෂික ලෙස ඔවුන් ජාතියක් ලෙස වඳ කළ නිසාය. ඔස්ට්‍රේලියාවේ ඇබෝරිජීන් වරුන්ට සහ ඇමරිකාවේ ආදිවාසීන් වන රතු ඉන්දියානුවන්ටද අත්වුයේ එකම ඉරනමකි. අද ඔවුන් ඔවුන්ට අයිතිව තිබු රටේ සුළුතරයන් බවට පත්ව අතිශය ඛේදනීය ඉරනමකට පත්ව සිටිති. අවම වශයෙන් 1900 පමන වන විට ඇබොරිජීන් වරු මිලියන 20කට නොඅඩු පිරිසක් සමූලඝාතනය කර ඇත.

      අතීතයේ ඔවුන්ව යටපත් කළ හැකිව තිබුණත් දැන්දැන් ඔවුන්ද සංවිධානය වෙමින් ඉදිරියට පැමිණ ඇත. එයට ආසන්නතම අවස්ථාව නම් ඔස්ට්‍රේලියානු ජාතික දින සමරුවට පැමිණි අගමැතිනි ජුලියා ගිලාර්ඩ්ට ආදිවාසී ඇබොරිජීන් උද්ඝෝෂකයන් 200 දෙනෙක් පමණ එහි මහත් කලබලයක් සිදු කිරීමයි.

      Delete
    3. ඔසී රටේ සාර්ථකත්වයට ප්‍රධාන හේතුව එහි බහුලව පවතින ගලඟුරු, ඛණිජ, දියමන්ති ආකර ඇතුළු ස්වභාවික සම්පත් සහ ස්වදේශිකයන් සමූලඝාතනය කළ පසු ඉතිරි වූ සීමිත සංක්‍රමණික සුද්දන් අඩු ජනගහණය නිසා සම්පත් බෙදීයෑමේදී ඇති වූ වාසියයි.

      අනිත් රටවල් ඔය හිතන තරම් සුන්දර නෑ. සෑම රටකම පුරවැසියන්ට ලැබෙන වරප්‍රසාද කිසිදු අයුරකින් සංන්ක්‍රමණික පුරවැසියන්ට සම්පුර්ණයෙන් නොලැබෙන බව දෙනෙත් හැර බැලුවොත් ඔබට පෙනී යනු ඇත. සංක්‍රමණයෙන් උපන් හපන්කම් නසා අළුත් රටට ආවඩන වහලෙකු පමණක් බිහිකරයි.

      ශ්‍රී ලංකාවේ රජයෙන් දෙන නොමිලේ අධ්‍යාපනය සහ නොමිලේ සෞඛ්‍ය සේවය ලබන මුත් ඉන් කොන්වන යම් අදක්ෂ පුද්ගලයන් පිරිසක් කිසිදු සමාජ පිළිගැනීමක් නොමැතිවීමත් සුදුසු රැකියාවක් නොමැතිවීමත් ආදී සකලවිධ දුක් වේදනාවන්ගෙන් වියෝ වීම නම් වන කාරණයේදී සිතට එන පළමු විසඳුම විදෙස් රටකට සංක්‍රමණය වීම ය. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාව වැනි වටිනා ඛනිජ පස් ස්වභාවයෙන්ම ලද රටවල්, නොර්වේ කැනඩා වැනි පෙට්‍රෝලියම් සහ වෙනත් අසීමිත ස්වභාවික සම්පත් ඇති රටවල් ඒවා කප කපා/ හාරා තෙල් සහ වෙනත් අමුද්‍රව්‍ය රැගෙන චීනය ජපානය වැනි වෙහෙස වී කාර්මික නිෂ්පාදන කරන ධෛර්යමත් රටවලට විකුනා එම ධනයෙන් ජොලි කරමින් ජීවත් වන රටවල රාජ්‍ය අංශයේ අයිස් ජොබක්, නැතිනම් වෙනත් ශ්‍රමිකයන් හිඟ රැකියාවක් (උදා: කම්කරු, කශල ශෝධක සිට සම-ලිංගික ශ්‍රමිකයන් වැනි රැකියා දක්වා) ලැබ ජොලියෙන් සිටීමයි. ඇතැමුන් ප්ලේන් එකෙන්ද සමහරු බෝට්ටුවෙන්ද සංක්‍රමණ කරති.

      Delete
    4. මෙම ගොබ්බ සංක්‍රමණික අපතයින් මුලදී සැළියට වන් කකුළුවා මෙන් රැඟුවත් හැළිය රත් වී ආගන්තුක රටක දෙවැනි පන්තියේ පුරවැසියන් ලෙස විඳින්නට වන වේදනාව තේරුම් ගන්නට හැකි වන්නේ බොහෝ කල් ගතවූ විට ය. ඒ වන විට ගැලවී ගත නොහැකි තරමට ඒ උගුලට අසුවී සිටින බොහෝ අයගේ එකම පැතුම වයස්ගත වී හෝ නැවත මව්බිමේ පදිංචියට ඒම ය. පොදුවේ විප්‍රවාසී ශ්‍රී ලාංකියනගේ සිත් තුළ පැල පදියම්ව ඇති මේ වේදනාව දෙස ඔස්ට්‍රේලියාවේ වාසය කරන රසිකා පෙරේරා ගේ කිවිඳිය හෙළන බැල්ම අපූරු ය.
      ____________________________________________

      අභිනිෂ්ක්‍රමණය . . . !

      දුක දනිමි...
      සීනුවට අවදිවී
      සීතලේ ඇඳ පැළඳ
      දුම්රියට දුව යෑම දුකක් ම ය.
      කළු කෝපි උගුරකින්
      ගිල දමා පාන් පෙති
      පරිඝණක තිරය මත ගල් ගැසී
      සංසාර චක්කරේ පැද යාම
      දුකක් ම ය.

      දුකට හේතුව දනිමි.
      කොමසාරු මැදුර ලඟ
      පෝලිමේ තෙරපිලා
      වීසාව අයැදීම හේතුව ය.
      විරැකියාවේ බරින් පීඩිතව
      ජනසවිය එපාවී දුර්මුඛව
      පලා නොම ගිය කරුණ හේතුව ය.

      දුක නැසුම මම දනිමි.
      මේ මහා තරඟයෙන් පලා ගොස්
      නිදන්නට හැකි වුනොත් දුක නැති ය.
      උපන් ගම රට වෙතට
      යලි ගොසින්
      ඉඳින්නට හැකි වුනොත්
      දුක නැති ය.

      දුක නසන මග දනිමි.
      දරුවනගෙ ඉගෙනීම ඉවර වී,
      ගේ උගස් ගිනුම අවසාන වී,
      පනස් පහ පසු වී,
      . . . . . . . . . . . . . . . . . . . .
      පැහැදිලි ය චතුර් සත්‍යය.
      අපැහැදිලි ය අභිනිෂ්ක්‍රමණය.....!

      ++++++++++++++++++

      ඔය රට ගිය ඇත්තෝ ගැන මරාවාදී කුප්‍රකට බ්ලොග්කාරයෙක් කාලෙකට කලින් පට්ට පෝස්ට් එකක් දාල තිබ්බ නේද? ඌ කියපු විදිහට ලංකාවෙ ඉපදිලා ලාංකික මහජන මුදලින් ඉගෙනගෙන පී.ආර්. අරන් පිට රටවල් වල ගිහින් ජීවත්වෙන සමහර උන්දැලාට ලන්කාවට ඇවිත් පම්පෝරි කියවන්න තිබුන චෑන්ස් එක මරා කල්ලිය බලයේ හිටපු වනචර දශකයේ වෙච්චි සංවර්දනේ නිසා නැති වුණාලු. බලන් ගියාම කතාවත් ඇත්ත. මතක ද ඒ කාලේ සමහර රට ගිහින් ආපු කස්ටිය ගේ පොර ටෝක්?

      "අපෝ මල්ලි ලන්කාවෙ යුද්දෙනෙ..., චික් මහ කාලකණ්ණි කවදාවත් ඉවර නොවෙන තුවාලයක් මේක...ඒකට ඔසී/ යූකේ / කැනඩා එක්සෙට්‍රා, ශාහ් මාරම පීස්ෆුල්, එහේ අය බෝමබ, තුවක්කු දැකලවත් නැහැ, මාර සේෆ්, ෂඃ අන්න රටවල්"

      මෙහෙ මේ අලි නාවන තඩි වලවල් තියෙන කෝපි කාලෙ පාරවල් වගේ ද එහෙ... ?
      අම්මට හුඩු යකෝ ගමන් යන්නෙ සුරුස් ගාලා හයි වේ එකේ නේ..., සීයට ඇරල යතහැකි ඕයි, පිස්සු හැදෙයි, මෙහෙනම් තව කල්ප ලක්ශයක් ගියත් ඒ වගේ පාරවල් දකින්න වෙන්නෙ නැහැ, අම්මප"

      "ශික් මේ ලන්කාවෙ පිරිසිදු කම අන්තිමයි නේ.. පාරෙ හැම තැනම කුනු.. කොළඹ අගනුවර වෙලත් කැත විතරක්, ගඳේ බෑ, අපූ... :( ඒ රටවලනම් පාරෙ බත් දාගෙන කතහැකි"

      "යකෝ මෙහෙ වගේද එහෙ මල්ලි... මහජනතාවට විනෝද වෙන්න..පාගමනේ වියායාම කොරන්න පබ්ලික් ස්පේසස් තියෙනවනේ..., මාරයි ඕයි, මෙහේ ඇති ලබ්බක් වත් නැහැ, හිකේ ශික්."

      දැන් ඉතින් ඕවා කාට කියන්නද.. 2005-2017 කාලෙදි ඔක්කොම ප්‍රශ්න වලට උත්තර දුන්නා නේද?ඉතින් ඉඳ හිටලා ලන්කාවට ඇවිත් මෙහෙ ඉන්න නෑදෑ හිතවතුන් ට දෙන්න තිබුනු පොර ටෝක් එක නැතිකොලාට පිටරටවල ඇම්ඹිටිල්ලන් මීයෝ වගේ ජීවත් වෙන ඈයො මහින්ද /ගෝටා එක්ක වෛර බැන්දා කියල තමයි මරාගෙ සට්ටැඹි බ්ලොගා ලියල තිබ්බෙ.

      අන්න ඒ නිසා මුන් කරන්නෙ මෙහේ මොකක් හරි පොඩි සීන් එකක් ඇදුන ගමන්

      "අම්මට හුඩු ලංකාවෙ ඔහොමම මයි, බට් ඒකට ඔසී වල, පුහ් බලන්න එපායැ" කිය කිය ගොන් පාට් ලෝකයක් අතාරින එක.

      ඒකටම හරියන රනිල් -හිටන් ඩබල - පාරෙ ඉරි කහ පාටෙන් සුදු පාට කොල එක තමා එකම සන්වර්දනේ..පාර පුරා කුනු.. හැමදාම පාරවල් වහලා විරෝදතා..., ඉතින් දැන් ඔය පිට රට ඉන්න ශ්‍රී ලංකන් කල්ලතෝනි ගොබ්බ රැලට ෆුල් ජොලි කිය්ලත් ඌ ලියල තිබ්බ....

      මොකෝ බැරිවෙලාවත් පිට රට පදින්චි වෙලා හිටියා කියලා ඒ රටවල සුද්දන් ගේ ඉන්ග්‍රීසි සන්ගමයක කතාවක් කොරන්න කියලා ආරාදනා ලැබෙනව ද?

      ලංකාවෙ අපිට කුණු විදිහට කැත කතා කියල මහ අසික්කිත විදිහට බැන්නට මේ සමහර රට ගිය හාදයන් ට ලන්කාවේ පුරුදු අත හරින්න බෑ... මතකයි නේ මලගෙවල් මගුල් ගෙවල් වල බලෙන් ම කතා පවත්වන සැට් එක....? මේ හාල්පාරු වහන්සේලා එහෙ ගිහිනුත් කොරන්නේ සිංහල සන්ගම් අටෝගෙන ගොන් පාට් දාන එක. සමහරක් ඔයි සින්හල සන්ගම් අටවා ගන්නෙම ඒ රටවල ආන්ඩුවෙන් මයිනෝරිටි සන්ස්කෘතීන් දියුනුවට වෙන් කොරනා ග්‍රාන්ට් එක කඩාගන්නමයි නේ.... දන්නවනේ ගෙදර ගෑනියි මිනිහයි සන්ගමේ සබාපති හා ලේකම්... ඒ වැනි සන්ගම් කීපයක් ම එකම් පවුලේ අතඩන්ගුවේ තියෙනවනේ හිටන්! අපොයි එපා කියලා අත හැරලා දාලා ගිය සින්හ්ලේ විකුනන් කන්නේ එහෙමයි හිටන්!

      හැබැයි ඒකට ලංකාවේ ඉන්න ළිං මැඩි අපි... ඉස්කෝලෙන් කැම්පස් එකෙන් එලියට ගියාට පස්සෙ සිංහල සාහිත්‍ය සංමේ කතා කරන්නවත් කතා අහන්නවත් යනවද?

      කසාද ගෑනි දෙන ආතල් මදි කියල දමලා ගහලා වෙන ගෑණියෙක් එක්ක පැනල ගිය එකෙක් හිටපු කසාද ගෑණිගේ අහවල් එක ගැන වොරි වෙනවා වගේ අමුම අමු ගොන් මීහරක් වැඩක් මේකනම්, ඔබ වැනි අමනයන්ට නම් Xකේ ඉඳන් පිස්සු.

      Delete
    5. @ Anonymous July 30, 2020 at 8:23 AM
      I don't think I insult Sri Lanka or Sri Lankans. What I said is my political opinion on current JVP. I was with JVP in Colombo UNI in 88/89. I know JVP and Independent group activists well. I have a right to criticizes JVP since lot of my friends died being JVP or Independent.

      I am not here to fix Aussi history and I do not live in the history either (I take day by day) Rest of the bull-shit about western countries are just 'sour grape. (Midi Ambulai kiwwa wage). If you are educated you can get a job and mind your business (not next door business)happily here or any developed country.

      Way SL is poor? Most people are lazy hard wired for 'Horakama, Boruwa and wanchawa'. I have a running business in SL, I know what I am talking about.

      You should read 'From third world to first by LKY) Wijebahu

      Delete


    6. @AnonymousJuly 30, 2020 at 8:23 AM
      මචං මේකයි කේස් එක ඔසී ඇවිත් ඉන්න ඔක්කොම විජේ බාහුලා නෙවේ.අපි ලංකාවෙ කට්ට කාලා මෙහෙ ඇවිත් සුද්දගෙත් දත ගලවගෙන ලංකාවෙ ඉන්න අපේ උන් තට් සප් එකක් දීගෙන ගේම දීගෙන ඉන්නෙ.උඹ කියලා තියෙන සමහර දේ ඇත්ත තමයි.ඒත් ඕක හැමෝටම හරි නෑ

      Delete
    7. අනික මචං අපි ලංකාවෙ කීවෙනි පුරවැසියොද
      1 පොලිටික්කො
      2 තගාලා
      3 ජොස්තර
      4 සල්ලි කාරයො
      5 පොලෝසිය............
      6..7..8 අපි


      ඉතින් මචං සුද්දෙක් ඉඳල හිටල ඇරියත් අඩු ගානෙ තර්ඩ් ප්ලේස් වත් තියෙනවනෙ

      Delete
  7. ජේප්පන්ට දිය යුත්තේත් ඕකම නිසා තමයි.. 10 විතර පාර්ලිමේන්තුවේ හිටියනම්, ඔය වගේ මගුල්වල පැටලි පැටලි ඉන්නවා..කෙලින්ම උන්ව ප්‍රශන කරන්න පුලුවන්, තනිකර එලියේ හිටියහම උන්ට කිසිම වගකීමක් නෑ - රටම කාලා දායි, ඒක නිසා තමයි උන්ට චන්දේ දෙනවනම් දෙන්න ඕනේ

    ReplyDelete
  8. හොද වැඩේ ජෙප්පොන්ට ,
    ඔවුන්ට චන්දෙ දෙන්ඩම හොද නෑ ,
    ගිය ආණ්ඩුවේ ඉදල බැදුම්කර මගුලක් ඇදල ආණ්ඩුවම ගෙදර යැව්වා.
    හැබැයි ඊ ට කලින් ආණ්ඩුවේ උන් මහබන්කුවෙන් ගහපු ඒව එලිකලේ නැ ,
    ඕකත් පට්ටම ගේමක් වෙන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. ජවිපෙ කියන්නේ ඩබල් ගේම් කාරයො ටිකක්. උඩින් පලු යන්න බැන්නට යටින් මහින්ද රාජපක්ෂ ඇතුලු පොහොට්ටු කල්ලියේ සෙට් එක එක්කත් යටින් සම්බන්ධයි. රනිල් නම් එළිපිට මුන් හොරෙන්ම පසුපසින් ඇවිත් ගේම දීලා තියෙන්නේ. අනුර පුත් කසුන් මිහින් ලංකා ගුවන් සේවයේ 2012 විතර වැඩ කළේ මැදමුලන මරාගේ සපෝට් එක එක්ක තමයි. ඕකුන් සත පහකට විස්වාස කරන්න බෑ. 2005 මරාට #ක දීල පස්සේ ඌටත් ඇරියා. එක්සත් ජාතික පක්ෂයට කළෙත් ඒක. පක්ෂයේ අරමුදල් අරන් ආසන 6ක් විතර දිනලා ඊට පස්සෙ එජාපයේ නායකත්වයට යටින් කෙළිය. 2018 ගමරාළගේ ගොන් විගඩම් වලට එරෙහිව එජාපයට සහය දුන්නා තමයි. ඒත් සමගි බලවේගය මුන් වගේ අමන හාල් කෑලි වලින් පරිස්සම් වෙන්න ඕන මම හිතන්නෙ.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න