.

.

Sep 17, 2020

තකතීරූ මං තීරූ

 


මක්කා කලත් ප්‍රමුඛතා මං තීරූ ක්‍රමයක් දමා පිලිවලකට පාරේ ගමන් කරන්න පුලුවන් සිස්ටම් එකක් හැදුවේ මෙලෝ රහක් නැති ගිය ආන්ඩුවය. පිලිවලකට ගමන් කරනවාටත් වඩා එහි මුඛ්‍ය පරමාර්ථය වූයේ වැඩි මගී පිරිසක් ගමන් ගන්නා බස් රථ සඳහා ප්‍රයෝරොටි ලබාදීමය. මුල් දවස්වල වැඩේ නැගලාම ගියේය. පිස්සු බල්ලෝ වගේ පාරේ යන උන්ට දඩ කොලේකුත් දුන්නේය.

ඒ අතරේ සම හරක් කිව්වේ, බොරුවට පාරේ අළුත් ඉරක් ඇඳලා, ඇඳපු උස හාදයා කෝටි ගානකට කෙලින්න කරපු වැඩක් කියලාය. අර කිව්වා වගේම මංතීරූ ක්‍රමය ඒ කාළයේම අභාවයට ගියේය. ඔය කොරෝනා නිසා ඇණයක් හිටලා නැවතුනාය කියනා කතා බයිලාය.

කෙසේ වෙතත් නව පාලනය යටතේ වැඩේ ආයෙත් පටන් ගත්තේය. ට්‍රයල් පීරියඩ් එක දින තුනක් කියා කීවෝය. රෝඩ් සයින් බෝඩ් වලට කණු වෙනුවට පොලිස් කාන්තාවෝ හිටුවා පොලිසියේ අභිමානය (එහෙම එකක් ඇත්තේ නැතිය) මෙන්ම, කාන්තාවන්ගේ අභිමානයද බල්ලාටම දම්මේය. සමාජ මාජ්ජ වලින් කොක්ක ඇදපු නිසා තුන්වන දින වෙන කොට ඒක අකුලා ගත්තේය.

පළමු දිනයේ තිබූ තද බදය දෙවන දිනයේ තිබුනේ නැතිය. දෙවන දිනයේ තිබූ තද බදය තුන්වන දින තිබුනේ නැතිය. පොලීසියේ පුක චූන් උනේය. මේ ආන්ඩුව ආපු පසු ඕවර් ඇක්ටින් දඟලානා පොලිස් ලොක්කෝ කීප දෙනෙක් තවත් ගොන්ම ගොන් තීරණයක් ගත්තේය.

ඒ යතුරු පැදි හා ත්‍රී රෝද රථත් බස් මං තීරුවේ ධාවනය කරනා එකය. ඒ මදිවාට උන් කීවේ බස් එක නැවත්තුවායින් පස්සේත් බස් එක පිටිපස්සටම වී ඉන්නවා විනා දකුණු පස ලයින් එකට දමා ඕවර්ටේක් වානා කියලාය.

(හැබයි වෙනදා මෙන් පේමන්ට උඩින්, වාහන අස්සෙන්, හරක් වගේ යන එකත් නැවතිලා තිබුනේය. උන් නොයන්නේ අනෙක් වාහන යටින් පමණමය. සමහර විට එහෙමත් යන්න ට්‍රයි කරන ඒවාත් රූපවාහිනි නිව්ස් වලත් පෙන්නනවාය.)

පොලෝසිය කියන්නේ මොළයක් නැති අමු පිස්සෝ රැලක් කියා අපි දනගෙන උන්නත්, මේ තරම් හරක් බව නම් දැන ගත්තේ ඊයේය. අනෙක් ලයින් එකේ යන උන් කාර් රේස් යනවා වාගේ ගිහින් ලයින් තුනම හිස්ව තිබූ අතරේ, ප්‍රමුඛතා මං තීරුවේ යන උන්ට උනේ, පැය ගනන් එකම තැන ලැග, මුන්ගේ අමන කම් පොටෝ ගසා බුකියේ එල්ලන එකය.

පොලෝසියට ට්‍රැෆික් කොන්ට්‍රෝල් තියා රටේ වාහන කාන්ඩයන් හෝ ඒවායේ ගමන් කරනා මගී පිරිස් ගැන හෝ කිසිම දැනුමක් නැත්තේය. උන් දන්නේ සයිරන් ගහගෙන, ග්ලව්ස් දමාගෙන, අත වන වනා එන, ජීප්පු මැදිකර ගත් වෙහිකල් පැරේඩ් දැක්කාම නැට්ට පුකේ ගහගෙන පඳුරක් අස්සේ හෝ කණුවක් අස්සේ හැංගී සිට, පොඩි මිනිහෙක් ගියොත් චන්ඩි වාගේ පාරට පැනලා දඩ කොලයක් දීම හෝ දඩයක් දැමීමය.

ඔය ලොකු වාහනවල යන්නේ බොහෝ විට එකම එක මගියෙක් පමණමය. එහෙත් මෝටර් සයිකල් බොහෝමයක දෙන්නෙක් ඉන්නවාමය. එසේනම් ප්‍රමුඛතාවය දිය යුත්තේ එකෙක් යන එකටද, දෙන්නෙක් යන එකටද කියනා සිම්පල් දේ තේරුම් ගන්න බැරිනම්, පොලීසිය නොව මේවා ගැන වෙනම ඉස්ටඩී කරනා ප්‍රොපාලත් මෙලෝම රහක් නැති උන්ය. මන්ද මේ තීරණ ගන්නේ පොලීසියම විතරක් නෙවේ කියා අපි දන්නවාය.

කොළඹ නඟරයේ ලොකු වාහනයක් නවත්වා දඩ කොලයක් දෙනවා දැක්කොත්, අනිවාර්යයෙන් අට පට්ටමට කියන්නම ඕනෑය. දඩ කොල දෙන්නේ මෝටර් සයිකල් වලට හා උන්ම දඩ කොල ලියනා තැනට ගෙනත් බස්සා, ආයෙත් පොලීසියට ගෙනිහින් බස්සන ත්‍රී වීල් කාරයන්ටය. මෙයින් කියන්නේ ඒ දෙගොල්ලෝ මාර විනයක් ඇතිව පාරේ යනවා කියලා නෙමේය.

ඒ දෙගොල්ලෝ තියා රටේ ජනාධිපති අගමැතිවත් පාරේ විනය රකින්නේ නැතිය. ඉතින් ජනතාවත් ට්‍රයි කරන්නේ රජා යනවා වගේම පාරේ යන්නය. වාහන නොව පදිකයාද එසේමය. අපේ රටේ විනය හදනා එක නම් ලේසි පහසු කටයුත්තක් නොවේය.

සම හරක් නම් බයිසිකල් ත්‍රී වීල් කට්ට කන කොට, ඕකුන්ට ඔහොම වෙලා මදි කියලා කීවේය. ඒ ඉන්නේ බයියෝය කියා මාර ස්වයං වින්දනයක යෙදුනේය. එකාතකින් ආයේ කිසිදා බලයක් නොලැබෙන බව දන්නා උන්, එසේ හෝ සතුටු වීම සර්ව සාධාරණය.

ඕවා ඔහොම තමයි ටික දවසක් යනකොට ඉබේම හරියයි කියා තවත් පිරිසක් කීවේය. අප නම් කීවේ මේක අමුම අමු ගොන්ම් ගොන් මෝඩ තකතීරු තීරණයක් කියලාය.

කෙසේ හෝ වැඩේ උන්ටම තේරිලා අද ඉඳන් මෝටර් සයිකල් සඳහා ප්‍රමුඛතාවය ලබා දීමට ගත් තීරණය කර තිබීම අප අගය කළ යුතුය. මන්ද යරියන්න හෝ වැරදෙන්න කරලාම බලන්න ඕනෑය. පරීක්ෂණ ඔනෑ තරම් කරාට අවුලක් ඇත්තේත් නැතිය. ඒත් නිගමනය හා අවසාන තීරණය බහුතරය සතුටු කරන්නක් විය යුතුය.

ජනාධිපති තුමාට මොකා මක්කා කිව්වත්. මා නම් සිතන්නේ එදා මෙදා තුර පහල වූ වඩාත්ම ජනතාවාදී නායකයා අපට ලැබී තිබෙනවා කියලාය…

හැබයි මේ තාක් රට කෑ නිළධාරින් දෙන ලණු කෑවාම නමයි හමයි දෙකම යන්නේ නිළධාරින්ගේ නොව තමන්ගේය කියා සිහි ණුවනින් වැඩ කටයුතු කිරීමත් බොහෝ වටිනවාය.

මේ තාක් රට ගොඩ ගැනීමට නොහැකි වූයේ උන් දෙන ගුලි කෑ නිසා බවත්, රටට දෙයක් සිඳු වූයේ නම් ඒ සාම්ප්‍රදාය කඩාගෙන ගිය තීන්දූ තීරණ නිසා බවත් කිව යුතුමය.

ඒ වගත් මෙසේය……..


21 comments:

  1. කලකට ඉහතදී නම් නිලධාරි ඉතාමත් නිවැරදි ජනතා හිතවාදී තීරණ ගත අවස්ථා බොහෝ තිබුණා. අවාසනාවකට මෙන් දේශපාලන ඇඟිලි ගැසීම් නිසා මෑත යුගවලදී සියල්ල කණපිට පෙරලුනු බවක් පෙනෙනවා.

    ReplyDelete
  2. වාහන තදබදය අඩු කිරීමට කළ යුත්තේ:
    1 බස් දුම් රිය වැනි පොදු ප්‍රවාහන සේවවල තත්වය දියුණු කිරීම හා වැඩි කිරීමය.
    2 රජයේ ප්‍රවාහන සේවාවල සේවය ලබා ගන්නා අයට සහන ගාස්තු ක්‍රමයක් ඇති කිරීම
    3 හදිසි අත්‍යවශ්‍ය කරුණකට හැර පුද්ගලික වාහන පාවිච්චිය තහනම් කිරීම

    ReplyDelete
    Replies
    1. රජයෙ ප්‍රවාහන සේවා දැනටත් පවත්වාගෙන යන්නේ පාඩු පිට නේද....?

      Delete
  3. "පොලෝසිය කියන්නේ මොළයක් නැති අමු පිස්සෝ රැලක් කියා අපි දනගෙන උන්නත්, මේ තරම් හරක් බව නම් දැන ගත්තේ ඊයේය" හරියටම කිව්වා

    මංතීරු නීතියට පින්සිද්ද වෙන්න බස් එකේ යන අපි වෙනදාටත් වඩා පරක්කු වෙලා ඔෆිස් එනවා.
    වෙනදාට පරක්කු වෙන බොස් කාර් එකේ අපිට කලින් ඔෆිස් යනවා.

    ReplyDelete
  4. ඊයේ පොලිසියේ ලොකුම ලොක්කෙක් කියුව දැන් ආසාවකට දේශපාලකයෙක් කෝල් කරන්නේ නෑලු අහවල් එක රිලීස් කරන්න අහවල මගේ එකෙක් බේරලා යවන්න කියල.. :))

    ReplyDelete
    Replies
    1. බොරු.... මම ළඟදිත් බේරුනා....

      Delete
  5. Current Colombo traffic situation is worse than 80/90’s Bangkok. All due to noncompliance of basic traffic rules (like give way to right) Something must be done, may not get it right on day one, need to modfy and adopt.

    Police is not the problem, doing nothing is not an option. (Wijebahu)

    ReplyDelete
  6. කිරින්ද පොලිසියේ වැඩබැලූ ස්ථානාධිපතිවරයා පියා හා පුතෙකු නිරුවත් කර පහරදීලා..
    පහරදීමෙන් ඔවුන්ගේ අස්ථිවලට හානි සිදුවෙලා.. මේක පොලිසියට කළ ලොකු අගෞරවයක්

    කිරින්ද පොලිස් ස්ථානයේ වැඩබැලූ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් තිස්සමහාරාම හල්මිල්ලෑව ප‍්‍රදේශයේ පදිංචි පියෙකු හා පුතෙකු නිර්වස්ත‍්‍ර කර අමානුෂික ලෙස සිදුකළ පහර දීම හා ඔවුන්ගේ ශරීරයේ අස්ථිවලට හානි සිදුකිරීම සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම සිදුකළ අගෞරවයක් වගේම කැළලක් යැයි අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දින තිස්සමහාරාම යටාල රජමහා විහාරස්ථානයේ පැවති ජනතා ගැටළු විසඳීමේ ජංගම සේවයේදීය.

    තිස්සමහාරාම හල්මිල්ලෑව පදිංචි 53 හැවිරිදි ජිනිත් ද සිල්වා මුතුමාල යන අය විසින් තමන්ට සිදු වූ බව කියන අසාධාරණය සම්බන්ධයෙන් අමාත්‍යවරයාට සිදුකළ කරුණු දැක්වීමේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

    එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා මෙලෙසද පැවසීය.

    අහිංසක නිරායුධ මිනිස්සුන්ට මේ විදියට ම්ලේච්ජ විදියට පහර දෙන්න අතපය කඩන්න කවුද බලය දීලා තියෙන්නේ. කිරින්ද පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපතිවරයා ඉතාම ජුගුප්සාජනක ලෙස මේ අහිංසක මිනිහා නිරුවත් කරල පහර දීල තියෙනවා. මම ඒ පිළිබඳව සියලූ කරුණු සොයා ගත්තා. මේ මනුෂ්‍යයා නිර්දෝෂී කෙනෙක්. එහෙම තියෙද්දිත් තමයි මේ පොලිස් ස්ථානාධිපතිවරයා මේ මනුෂ්‍යයාව නිරුවත් කරලා සිරුරේ අස්ථියක් කැඩන්න පහර දීලා තියෙන්නේ. මේ ගැන වහාම පුළුල් පරීක්ෂණයක් කරන්න කියලාත් මම දැනුම් දීලා තියෙනවා.මෙහෙම මිනිස්සුන්ට පහර දෙන්න කොහෙන්ද මේ අයට බලය ආවේ. මෙහෙම වෙන්න දෙන්න බෑ යැයි අමාත්‍යවරයා පැවසීය.

    මෙම පහරදීම සිදුකළ බව කියන කිරින්ද පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිවරයා වහාම ක‍්‍රියාත්මක වන පරිදි පසුගිය 14 වැනි දින සිට වෙනත් ප‍්‍රදේශයකට ස්ථාන මාරුකර යැවීමට කටයුතු කර ඇති බව අප කළ සොයා බැලීමකදී අනාවරණය විය.

    අමානුෂික ලෙස පහරකෑමට ලක් වූ තිස්සමහාරාම හල්මිල්ලෑව පදිංචි 53 හැවිරිදි ජිනිත් ද සිල්වා මුතුමාල මහතා මෙලෙස අදහස් දැක්වීය.

    ReplyDelete
    Replies
    1. "මම වෘත්තියෙන් වැලි ප‍්‍රවාහනය කරන්නෙක්. පසුගිය අගෝස්තු 30 වැනිදා මගේ වැලි ටිපර් රථය හා තවත් ටිපර් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුවුණා. ඒක සුළු අනතුරක්. ඇත්තටම එම අනතුර දෙපාර්ශ්වය සමඟ කතාබහ කරගෙන විසඳා ගැනීමට තිබුණු එකක්. නමුත් සිද්ධිය සම්බන්ධයෙන් වාහන දෙකම කිරින්ද පොලිසියට අරගෙන ගියා පොලිසියෙන් ඇවිත්. මගේ ටිපරයේ වැදුණු අනෙක් ටිපර් රථය කිරින්ද පොලිස් ස්ථානයේ ස්ථානාධිපති නවරත්න මහතාගේ හිතවතෙක්ගේ. ඒ නිසාම ඒ ටිපර් රථය පොලිසියෙන් මුදාහැරලා මගේ ටිපර් රථය විතරක් පොලිසියේ රඳවාගෙන හම්බන්තොට මෝටර් රථ පරීක්ෂකවරයා ගෙන්වලා මගේ වාහනයේ අඩුපාඩු පරීක්ෂා කෙරෙව්වා. එහිදී මගේ ටිපර් රථයේ කිසිදු අඩුපාඩුවක් නොමැති බවට අනාවරණය වුණා. නමුත් මගේ ටිපරයේ වැදුණු අනෙක් ටිපර් රථයේ චැසි අංකයක්වත් නොමැති එකක් බව අනාවරණය වුණා. ඊට පස්සෙ කිරින්ද පොලිසියේ ගේට්ටුව වසා ගැරේජ් බාස් කෙනෙක් ගෙනත් මගේ ටිපර් රථයේ කොටස් ඉවත් කරන බවට මට පණිවිඩයක් ලැබුණා. ඒ අනුව මම ඉක්මනට පොලිසියට ගිහින් ඇහුවා ඇයි මෙහෙම කරන්නේ කියලා. මේක දැන් නඩු භාණ්ඩයක් හැටියටනේ පොලිසියේ තියාගෙන ඉන්නේ කියා මා පොලිසියෙන් විමසුවා. මම එහෙම ඇහුවම මට ලැබුණු පිළිතුර තමයි මේක ස්ථානාධිපති තුමාගේ කීමට සිදුකරන දෙයක් බව.

      පසුව පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා මට එන්න කියලා පණිවිඩයක් දුන්නා. ඒ අනුව මම මගේ පුතා සමඟ පොලිසියට ගියාම වැඩබලන ස්ථානාධිපති ලෙස කටයුතු කළ රංජන් මහත්තයා අපිව පොලිසියේම වෙනත් කාමරයකට අරන් ගියා. ඒ ගෙනගිහින් අපේ ළඟ පිහි තියේද බලන්න ඕනේ කියා පරීක්ෂා කරන්න ඕනේ කිව්වා. එහෙම කියලා මගෙයි පුතාගෙයි ඇදුම් ගලවලා මටයි පුතාටයි කුණුහරුපෙන් ඉතා කැත විදියට බනිමින් ඉතා අමානුෂික විදියට ගැහුවා. තොපි මේ වැලි රස්සාව අදින් පස්සේ නවත්වන්න ඕනෙ. ආයෙත් වැලි රස්සාව උඹලට කරන්න බෑ. ආයේ මේ රස්සාව කළොත් වෙඩි තියල දමනවා යැයි කීවා. තොපේ ගෙදරට කුඩු ගෙනත් දමල අල්ලගෙන යනවා කියමින් අපිට හොඳටම පහර දුන්නා. ගහල ඉවර වෙලා අපි දෙන්නා ගෙනත් පොලිස් කූඩුවට දැම්මා. ඊට පස්සෙ ටික වෙලාවකින් පොලිස් නිලධාරීන් හය දෙනෙක්ට එන්න කියලා වැඩබලන ස්ථානාධිපතිවරයා කිව්වා මුගේ කකුල කඩන්න කියලා. නමුත් ඒ නිලධාරීන් බැහැ කියලා කිව්වා. එක් නිලධාරියෙක් කිව්වා ?ට කකුලක් කඩන්නම් කියා.

      පොලිසිය සිදුකළ පහරදීමෙන් මගේ වම් කකුලේ හා වම් අතේ අස්ථි වලට දැඩි හානි සිදුවුණා. කන තුවාල වෙලා මුළු ශරීරයේම තැලීම් තුවාල සිදු වෙලා තිබුණා. පස්සෙ සුවසැරිය ගිලන් රථයක් ගෙන්නල මාව දෙබරවැව රෝහලට රැුගෙන ගියා. එතනින් මාව හම්බන්තොට මහ රෝහලට රැුගෙන ගියා. එහිදී අධිකරණ වෛද්‍යවරු පවා මාව පරීක්ෂා කළා. මහෙස්ත‍්‍රාත්තුමත් රෝහලට ඇවිත් පරීක්ෂා කර කටඋත්තර ලබා ගත්තා. පොලිසියේ දැඩි ඉල්ලීම මත කියලා මාව රක්ෂිත බන්ධනාගාරගත කළා. පසුව සැප්තැම්බර් 11 දින තමයි මම ඇප ලබා ගෙදර ආවේ. මට කිරින්ද පොලිසියෙන් මේ අසාධාරණය වෙන්නෙ අද ඊයෙක ඉඳන් නොමේ. ගොඩක් කල් ඉඳන් මෙහෙම අසාධාරණකම් පොලිසිය මට කළා. මම යන්න තියෙන හැම තැනටම ගිහින් මේ ගැන කිව්වා. නමුත් වැඩක් වුණේ නෑ. එක වතාවක් මගේ ගෙදර නවතා තිබුණු ටිපර් එක පොලිසියට අරගෙන ගිහින් වැලි පුරවලා උසාවි දමලා දඩ ගැස්සෙව්වා. මට මේ සිදු වුණු අසාධාරණය මම ඇමැති චමල් රාජපක්ෂ මහතාට කිව්වා. එතුමා මේ ගැන සොයා බලා වහාම පරීක්ෂණයක් කරන්න කියලා කිව්වා. මම විශ්වාස කරනවා මට මෙතනිත් සාධාරණයක් වෙයි කියලා" යැයි පැවසීය.

      දිලීප් එන් ජයසේකර - මත්තල

      Delete
  7. මොළේ නැතොත් වළේ
    වැටිල තැලෙයි මොළේ
    බලේ තියෙන වෙලේ
    නැතිම දේත් මොළේ!

    ReplyDelete
  8. මා නම් සිතන්නේ එදා මෙදා තුර පහල වූ වඩාත්ම ජනතාවාදී නායකයා අපට ලැබී තිබෙනවා කියලාය…

    ReplyDelete
  9. //පොලෝසියට ට්‍රැෆික් කොන්ට්‍රෝල් තියා රටේ වාහන කාන්ඩයන් හෝ ඒවායේ ගමන් කරනා මගී පිරිස් ගැන හෝ කිසිම දැනුමක් නැත්තේය. උන් දන්නේ සයිරන් ගහගෙන, ග්ලව්ස් දමාගෙන, අත වන වනා එන, ජීප්පු මැදිකර ගත් වෙහිකල් පැරේඩ් දැක්කාම නැට්ට පුකේ ගහගෙන පඳුරක් අස්සේ හෝ කණුවක් අස්සේ හැංගී සිට, පොඩි මිනිහෙක් ගියොත් චන්ඩි වාගේ පාරට පැනලා දඩ කොලයක් දීම හෝ දඩයක් දැමීමය.// පවා බං , උනුත් මිනිස්සුනේ, අනික අනිත් හැමෝම කරන එක තමා උනුත් කරන්නේ. උඩ ඉඳන් හැදෙන්න ඕන දෙයක්.

    ReplyDelete
  10. මම නම් දවසකට හරි ඔය දුන්න දඬුවමට කැමතියි. අනිත් මිනිසුන්නට් අනිත් වාහන වලට ගරු කරන්න උගන්වන එක. නැත්නම් සමහර ත්‍රි විල් හා බයික් පුදුම විධිහට නීති කඩන්නේ. ඇහින්ම දැක්කා . එක පාරක් බයික් කාරයෙක් පාරේ පදික වේදිකාවට (නුගේගොඩ පැත්තේ ) දැම්ම අපි ගාවින්. හෙන ට්‍රැෆික් හැබැයි දවල් 3-4 විතර.අම්ම ළමයි දෙන්න එක්ක යනවා ටිකක් විතර ඉඩ. ළමයි දෙන්න අඩි භාගයක් විතර ඉස්සරහින්..මේකා අර ළමයි දෙන්නයි අම්මයි මැදින් දැම්මේ.ළමයි දෙන්න පාර පැත්තට වුනා. ඊට පස්සේ උගේ පස්සෙන් තව එකෙක් ඒකම කළා. මොනවාද ඔය වගේ උන්ට කරන්න ඕනේ ?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න