.

.

Dec 14, 2020

පාඨලීගේ අනාගතය….

පාඨලි තම පක්ෂය වන සිහළ උරුමය විසුරුවා හැර ඇත.. එය තම ආගම නම හා සියළු අනන්‍යතාවයන් වෙනස් කලාක් මෙන් ක්‍රියාවකි.. මන්ද පාඨලී යනූ සිංහළ ජාතිය හා ආගම වෙනුවෙන් පෙනී උන්, ඒ වෙනුවෙන් ක්‍රියාවෙන්ම දායකයකු වූ දේශපාලකයකු වීමයි… වාමාංශිකයක වන ඔහු එවන් වාතවරනයකින් පැමිණි බව බොහෝ දෙනෙකු නොදන්නා කරුනකි.. බොහෝ අය ඔහුව දන්නේ ජාතිවාදියකු ලෙසිනි… කෙනුකුට එය ජාතිකවාදය ලෙසද තර්ක කල හැක…ඇත්තටම ඔහු තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩකයකු හෙවත් ඕල් රවුන්ඩර් කෙනෙකි… උගතෙකි.. වියතෙකි.. ලේඛකයෙකි.. දක්ෂ කතිකයෙකි.. වාමාංශිකයෙකි.. අනාගත ලෝකය ගැන දැනීමක් හා දැක්මක් ඇත්තෙකි.. අද ඔහු පෙනි සිටින්නේ ධනවාදය හා ලිබරල්වාදය වෙනුවෙනි… ඒ අනුව ඔහු මට බුද්ධිමතෙක්ද වේ…ඔහුගේ වෙනස් වීම කෙනෙක්ට විහිළුවක් ලෙස පෙනුනද.., එය දේශපාලන වශයෙන් ගත් බුද්ධිමත් තීරණයකි… එක තන පල්වෙන්නේ පොල් ලෙලිය…ජාතික නායකයකු වීමට නම් තව දුරටත් ජාතිවාදී ආගම්වාදි පක්ෂයක නයකයකු ලෙස පෙනී සිටීම ඔහුට අවාසියක් හේතුවෙන්…, ඔහු මේ ක්‍රියාවලියට විශාල පබ්ලිසිටියක් දෙන ලදි..ඇත්තටම ඔහු එජාපයට රිංගුවේ රනිල්ගෙන් පසු නායකයා වීමේ විශාල බලාපොරොත්තු ඇතිවය.. ඒ බව වඩාත් පැහැදිලිව පෙනුනේ.., යහපාලන කාළයේ සිරිසේන විසින් ආන්ඩු පෙරලීමේ කුමන්ත්‍රණය සිඳු කළ අවස්ථාවේය.. එහිදි ඔහු රනිල් ළඟින්ම උන්නේය.. රනිල් තනිකලේ නැත.. එජාපයේ සියල්ලන්ටම වඩා කැපී පෙනුනේ ඔහුගේ භූමීකාවයි..රනිල් කියන්නේ, දේශපාලනයේ ඉන්නා උන්ට තැම්බිය හැකි පොරක් නොවේ.. ඇපත් නැතිව ගෙදර උන්නද.. අදටත් එජාපයේ නායකයා වන්නේ රනිල් වික්‍රමසිංහයි.. එහෙත් රනිල්ට පරිප්පුව දෙන්නේ එජාපයේ පාක්ෂිකයන්මය… ඒ වෙන කාටත් වඩා එජාපයේ කොඩිවිනය රනිල් බව ඔවුන් දැන උන් නිසාය…රනිල්ට අත්වන ඉරණම ඉවෙන් මෙන් හඳුනා ගන්නා පාඨලී එක්වන්නේ සජිත් සමඟය…එහෙත් සියල්ලන්ටම කෙලිමෙන් විපක්ෂ නායකයා වූ සජිත්.., පාඨලී වැනී බලවත් පර්සනැලටියකට.. තම පක්ෂයේ නියෝජ්‍ය නායක කමක් කිසි දිනෙක ලබා දෙන්නේ නැත.. සජිත්ගේ තේරීම් වන්නේ බලවත් පුද්ගලියින් නොව හාල්පාරුවන්ය..සමහර විට පුතානෝ අනුගමනය කරනුයේ පියානෝගේ මෙතඩ් එකම විය හැක.. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිගේ අගමැති වන්නේ.., ඩී බී විජේතුංගය.. ඇමති කම් කෙරුවේ සෙරෙප්පු සුපාලාය…ඊයේ පාඨලී කළ කතාවෙන් මේ ගැනත් ඉඟියක් දෙනු ලැබුවේය.. එසේ නම් පාථළි පක්ෂය හැර දමන්නේ ඇයි..?සජිත් මෙලෝ රහක් නැති අමු එකාධිප්තියකු බව අද ආන්ඩුවට විරුද්ධ සියළු බලවේග විසින් වටහාගෙන ඇති නිසාය…මේ.., චන්ද්‍රිකා, මංගල ප්‍රමුඛ, බටහිර තානාපති කාර්යාල, ඔත්තු සේවා, NGO සමාජය හා ලිබරල් සිවිල් බුවාලා විසින් නව පක්ෂයක අවශ්‍යතාවයක් ගැන සංවාදයක් ගෙන යන මොහොතයි…ඇත්තටම ඔවුන් අසරණ පිරිසකි… ඔවුන් එකතු වී ගෙනා සිරිසේන.. බටර් නැතිවම මේ සියල්ලන්ටම ඇරියේය.. එහෙත් ඒ සිරිසේනත්.., නැවතත් මේ පිරිස සමඟ එකතුවන බවක්ද පෙනේ…කරුමය වන්නේ ඔවුන්ට නායකයකු නැති වීමයි… කරූ ජයසූරිය තව දුරටත් මාකට් කළ නොහැක.. ඒ ඔහු නාකී නිසාය.. රාජපක්ෂලාට නාකියෝ කියා.., එහෙනුත් නාකියෙක් දැම්මාම ඒක පට්ට ජෝක් එකක් වන්නේය.. මංගල ලිබරල් වැඩිය… චන්ද්‍රිකා අවුට් ඩේටඩ්ය… විමුක්ති කල එලි මංගල්ලය පවත්වා නැත…ඇබෑර්තුවට නියමෙටම ගැලපෙන් නායකයා පාඨලීය… එහෙත් පාඨලීලාට බලයට එන්න අවශ්‍ය වන්නේ එජාපයේ චන්ද ගොඩය…ඒ ගොඩ සජිත්ගෙන් ඩැහැ ගැනීමට මේ පිරිස සමත් වේද…? මේ පිරිසට සජිත් දිරවන්නේ නැති උනාට… පක්ෂිකයන්ටත් එසේමද..? එසේ නොමැති නම්.., අලුතෙන් පිහිටවීමට අදහස් කරගෙන සිටිනා “සජිත් ජලනි බලවේගය” නැමැති පක්ෂයේ සැලකිය යුතු තනතුරක් පාඨලීට ලැබේද…මෙන්න මේ කරුණු මත පාඨලීගේ අනාගතය රැදී ඇත…එහෙත් පාඨලී ජයග්‍රාහකයකු වන්නේ අළුත් බලවේගයක නායකය්කු වුවහොත් පමණි…මාතලන්ගේ මතය නම්, පාඨලී දේශපාලන වශයෙන් මිය ගොස් අවසන් කියාය… ඒ රාජපක්ෂලා හැර ගිය දිනයේය…පාඨලිගේ තැන එතනය…ඒ වගත් මෙසේය…


8 comments:

  1. උගතෙකි වියතෙකි
    ලේකඛයෙකි බුද්ධිමතෙකි

    දින දහයක් මහණව සිට
    ලොව රැවටුව හිරළුවෙකි

    මොකෙක් උනත් කියන දෙයක්
    අහන් ඉන්න හිතෙන කෙනෙකි

    මියගොස් යැයි ඔබ කීවද
    මැති සබයෙද වැජඹෙයි සකි

    ReplyDelete
  2. ලාංකික දේශපාලනයේ ලෝකෝත්තරයා චම්පකයි.
    එහෙයින් අනාවැකි කීමට කල් වැඩිය.
    ලේසිපාසු පුතයෙක් නොවන බව දැනට සිහියේ තබා ගැනීම යෙහෙකි.

    ReplyDelete
  3. "ලේසිපාසු පුතයෙක් නොවන බව දැනට සිහියේ තබා ගැනීම යෙහෙකි."

    කාලෙකට කලින් (පාටලී එක්ක තරහා කාලෙ) lanka e-news පාටලීගේ තෝම්බුව දිග හැරලා තිබුනා..

    ReplyDelete
  4. Contemporary Ronnie De Mel (LOL) Going far in politics? I am not so sure. Wijebahu

    ReplyDelete
  5. රෑට බොමු අපි බොමු අපි කෑගලු පැණි පෙරළා
    ඊට නරකද නරකද කුණ්ඩලි පැන් දියකරලා
    මි පැණි හොඳ නැතෝ…සාදික්කා විෂ වෙනෝ..

    ReplyDelete
  6. කොයි කිල්ලෝටයෙත් තියෙනව හුණු ගන්ඩ
    කාගෙත් රුචිය ලොකුවට බලයට එන්ඩ
    රටට ආදරේ එකෙකුව පෙන්නන්ඩ
    එහෙම එකෙක් නෑ, බේතට අරගන්ඩ!

    ReplyDelete
  7. අන්තිම හරියට එකග නෑ. පාටලි ඔය මූව් එක ගන්න ප්ලෑන් කරමින් හිටියේ මීට අවුරුදු හත අටක ඉඳලා. දැන් තමා හරි වෙලාව කියලා දන්න නිදා තමයි මේ දේ කළේ. දැන් එජාපයක් නෑ, තියෙන ටිකත් පුතානෝ ඉවරම කරනවා, ජවිපෙට මේ කපේදි ඡන්ද පදනමක් හැදෙන්නේ නෑ. ගෝඨාභයගෙන් පස්සේ පොහොට්ටුවක කවුරුත් ඇත්තෙත් නෑ. මහින්ද වයස වැඩී, නාමල් අලුත් වැඩී.

    ReplyDelete
  8. රාජපක්ෂලා පස්සෙ යන එකෙක්ක්ට පුළුවන්ද බං ඊළඟ ජාතික නායකයා වෙන්න ? ඊළඟ නායකයා තවත් රාජපක්ෂ කෙනෙක් තමයි. මහින්දට පස්සෙ ගෝඨා, ඊට පස්සෙ බැසිල්, ඊට පස්සෙ නාමල්, ඊටත් පස්සෙ යෝශිත, චිචී,ශෂීන්ද්‍ර, උඹලගෙ දරුවන්ගෙ කාලෙදි නිර්වාන්, නැත්නම් නාමල්ගෙ පුතා එයි සිංහල ජාතිය බේර ගන්න. ඒ නිසා මේ ලැයිස්තුව ගොඩක් දිගයි, පාඨලී වගේ එකෙක්ට මේ කපේදි ඉඩක් නෑ. ඒක තේරුම් ගත්ත උන් තමයි පාඨලී නවීන් වගේ උන්. ඒ නිසා උන් බොහොම කලින්ම රාජපක්ෂලා අත් ඇරලා ගියා. මංගල වගේම කරු ජයසූරියත් අයින් වුණේ ඔය නිසා තමයි. රාජපක්ෂ කාලෙත් අගමැතිකම දුන්නෙ පඹයන්ට මිසක් දෙවන පෙලකටෙ නෙවෙයිනෙ. විමල් වගේ එකෙක් දෙන්නෙක් හිටියට, ඔය රාජපක්ෂලා වටේ එකතුවෙලා ඉන්න එවුන් ප්‍රාදේශීය නායකයො මිසක් එකෙක්වත් ජාතික නායකයෙක්ගෙ මට්ටමට වැටෙන්න නෑ. රාජපක්ෂ පස්සෙ ගියොත් පස් ටිකක්, වැලි ටිකක්, ගස් ටිකක් නැත්නම් ගල් ටිකක් කඩාගෙන කීයක් හරි සාක්කුවෙ දාගන්න පුළුවන්. නැත්නම් අරක්කු හරි කසිප්පු හරි පෙරාගෙන ගානක් කපා ගන්න පුළුවන්. තමන්ගෙ අමාත්‍යාංශෙට එන ලොකු ලොකු ප්‍රොජෙක්ට් වුණත් යන්නෙ ආර්ථික සංවර්ධන හරි අගමැති හරහා එක්කො බැසිල්ට නැත්නම් තවත් රාජපක්ෂ කෙනෙක්ට. ඉතින් ඒවයින් ගානක් ගහන්නත් බෑ. ඔය කම්පියුටර් ගන්න ඒවා, ලී බඩු ගන්න ඒවා වගේ පොඩි පොඩි දේවල්වලින් තමයි කීයක් හරි සාක්කුවෙ දා ගන්න වෙන්නෙ. ඒ නිසා පාඨලීට ඉදිරියට එන්න වුණේ යු ඇන්පියෙන්, දැන් සමගි ජන බලවේගෙන්, ඉස්සරහට වෙන පක්ෂයක් හදාගෙන වෙන්න පුළුවන්. ඒ නිසා පාඨලී දේශපාලන වශයෙන් නැවත ඉපදුණේ රාජපක්ෂලාගෙ ගුබ්බෑයමෙන් ගැලවුණ දවසෙ. රටේ නායකයා වෙනවද නැද්ද කියන එක දැන්ම කීමට වේලාසන වැඩියි, මොකද ගෝඨා යටතෙ හිරේ දාන්නත් පුළුවන්, නැත්නම් මරා දාන්නත් පුළුවන්.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න