.

.

Dec 20, 2020

සජිත් ෆේල්….?


 මංගලගේ “ඝෝඨා ෆේල්” කැම්පේන් එක පාර්ලිමේන්තුවේ සභාගත කලේ සජිත් ප්‍රේමදාසය… උන්නැහේ එයින් නැවතුනේ නැතිය… තමන් විපක්ෂ නායක කම කරන “රටත් ෆේල්” කියා.., හැන්සාඩ් ගත කිරීමට උත්සාහ කළේය… මෙලෝ රහක් නැති කතානායක උන්නැහේට ඒක මාට්ටු උන නිසා… කතන්දරේ හැන්සාඩ් ගත වීමෙන් වැලකුනේය…

මේ “අසමත් රාජ්‍යය” කතාව මුලින්ම ගෙන එන්නේද, “ඝෝඨා ෆේල්” කතාව ගෙන එන්නේද පට්ට අසමත් හෙවත් පට්ට ෆේල් දෙදෙනෙකි…. එක්කෙනෙක් වික්ටර් අයිවන් උන්නැහේය… අනෙකා පරිප්පුව කන්න කලින් දේශපාලන ගල් ආඳෙක් නිසා හෙමීට ඡන්දයෙන් දිරා මාර් වූ මංගල සමරවීර උන්නැහේය…

ලංකාව අසමත් රාජ්ජයක් කියා විකටර් අයිවන් කියන්නේ අද ඊයේ නොවේය… උන්නැහේ ප්‍රොපගැන්ඩාව පටන් ගන්නේ 2015 ටත් පෙර ඉඳලාය.. ඉඳින් මේ අසමත් රාජ්ජය, මොන්ටිකාලෝ කරන්න උන්නැහේලා උස්සාගෙන ආවේ ආසියාවේ ලොකුම මොළේය… උන්නැහේ ඒ මොළේ වැටෙයි කියනා බයට කොයි වෙලෙත් යන්නේ කලිසම අත් දෙකෙන් අල්ලාගෙනය…

ඒත් කොම්‍රඩ් නිර්මාල් දේවසිරිලාගේ චොයිස් එක උනේ සෝභිත හාමුදුරුවෝය… අයිවන් උන්නැහේ මෙන්ම මාතලන්ලාද මේකට කොක්ක ඇද්ද නිසා… අන්තීමේදී දෙන්නාම පැත්තක තබා… සුපිරිම ආතල් එකක් උස්සාගෙන ආවේ මංගල හා චන්ද්‍රිකාය…

උන්නැහේ දින 100 න් වැඩ සීයක් කර රට හදනවා කියපු වැඩ සටහනත් වික්ටර් අයිවන්ගේය… අන්තීමට උනේ වැඩ 100 කෙසේ වෙතත්… අර ආතල් බුවා කස්ටියටම බටර් නැතිව ඇරලා 350 ක් විතර ස්වර්ගයටත් ඇරලා රට මාර සමත් රාජ්ජයක් කර… ආයෙත් උන්න තැනම පිලේ පැදුරට ගිය එකය… ආසියාවේ ළොකුම මොලේ.. පාක්ෂිකයින් විසින්ම .., කිසි ඩැමේජ් එකක් කරන්නේ නැතිව මතු ආරක්ෂාව සඳහා නිවසේම තැබුවේය..

වික්ටර් අයිවන්, රාජිත, මංගල, චන්ද්‍රිකා ප්‍රමුඛ ඒ සෙට්ටෙක කොච්චර සමත්ද කියනවා නම් නිදහසේ සිට 2015 තෙක් පැවති විදෙස් ණය ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් තවත් ණය උනේය.. හැබයි ණය ටිකත් තාම එහෙම්මමය… කරපු ලබ්බකුත් නැත්තේය… එහෙම බැලුවාම එයාලා ගියේ මේක ෆේල් රටක් නොව.., පට්ට ෆේල් රටක් කරලාය…

එහෙව් රටක් අවුරුද්දෙන් ගොඩ ගන්න…, ඝෝඨාට තියා මහතිර් මොහොමඩ්ලාට, ඩෙන් ෂියාලාට, ලී කුවාන් යූලාට, එක්සත් අරාබි එමිර්වල සුල්තාන්ලාට තබා මහ බ්‍රහ්මයාටත් බැරිය..

මේ සියල්ල ඉතා හොඳින් දැනගෙන ඝෝඨා ෆේල් ගෑ සජිත්ට මෙලෝ වශයෙන් පල දෙන්නට මාසයක්කත් ගියේ නැතිය.. බොරුවට ආයුෂ නෑ මෙන්ම පැවැත්මක් ඇත්තේත් නැතිය…

ඝෝඨා කෙසේ වෙතත් සජිත් ෆේල් කියා විපක්ෂයම අද ඔප්පු කර අවසානය..

2015 රාජපක්ෂ විරෝධී සංධානය නැවතත් ප්‍රපොගැන්ඩා නැවක් සමඟ පටන් ගත්… සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස නොව සංධානයක් ලෙස ගොඩ නගා…, එහි නායකත්ව මන්ඩලයක් පත් කොට සජිත්ට ඇරලා පාඨලී ඉදිරියට ගෙන ඒමේ ප්ලෑන් එක හා කැම්පේන් එක නැගලාම යනවාය….

එහෙත් මේ කල්ලිය වටහා ගත යුතු දේ නම්… මේ සෙල්ලම ඔවුන් කළ යුත්තේ “ප්‍රේමදාස චන්ද පොකුර” සමඟ බවය…

දැන් අප බලා සිටිය යුත්තේ….

එජාපයේ බලකණු සියල්ලම කුඩු කර විපක්ෂ නායකත්වය දක්වා පැමිණ…

කිසිවකුට දෙවනි වීමට අකමැති සජිත් ප්‍රේමදාස….

මේ අවස්ථාවේදී..

ෆේල් වෙයිද පාස් වෙයිද කියලාය…





12 comments:

  1. මේ මොන කැවුම් පොන්නයෙක්ද?

    ReplyDelete
  2. මචන් මාතලන්..එදා සිටම මම උබගේ හැම ලියුමක්ම බලපු එකෙක්.ඒක නිසා උබ මේ කොමෙන්ට් එක පල කලත් නැති උනත් මේක කියන්න මට අයිතියක් තියනවා කියල මම හිතනවා.මට උබත් එක්ක කිසිම තරහක් නෑ.මම උබ දැකල වත් නැති වන්නෙ වත් නැති එකෙක්.ඒත් උබ ලියපු දේවල් වලට ගොඩක් ආස කලා කලින්.උබ කියපු දේවල් වලින් මම සමහර දේවල් දිහා බලපු විදිය වෙනස් කර ගත්තා.රටේ ලොකු දෙයක් උනාම මම ඒක ගැන හිතන විදියට පස්සෙ ඇවිත් බැලුවෙ උබගෙ අදහස මොකද්ද කියලා.යහපාලනය ආවාට පස්සෙ උබ උන්ගේ වැරදි දැක්ක තැන විවේචනය කලා.අදටත් මම හිතනවා උබ කියපු දේවල් ඇහුව නම් උන්ට කෙල වෙන්නෙ නෑ කියල.ඒත් එහෙම හිටපු උබ ගෝටාබය මහත්තයා ජනාධිපති වරණයට ඉදිරිපත් වෙනවා කිව්ව ගමන් උබ ඇතුලෙ හිටපු මාතලන් මැරුවා...උබ උබේ හදවතින් අහල බලපන් ඒ මාතලන් අද කෝ කියල.උබම ඒ මාතලන් මරල දාල.අද උබේ කෙලින් කතා නෑ.ඉදල හිටලා දැනුත් ඇවිත් බලනවා ඒ මාතලන් ඇවිත්ද කියලා.ඒත් නෑ..උබ දැන් ලියන ඒවාට මට ඇතිවෙන්නෙ දුකක්ද උපහාසයක්ද කියන්න තේරෙන්නෙ නෑ.මේක පල නොකලත් එක දෙයක්...කවදා හරි උබ මරපු ඒ මාතලන්ට පන දියන්..එදාට කලින් වගේම උබ ලියන ඒවා ආසාවෙන් බලන්නම්.ලියන්න ඕනි තරම් දේවල් ගැන උබ ලිව්වෙ නෑ...සජිත් කොහොමත් ෆේල් තමයි.හැබැයි උබත් ෆේල් මාතේ

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ගේ සිතිවිලි වෙනස් කරන්න මට අවශ්‍ය නෑ....
      මේක මම විනෝදයට කරන දෙයක්...

      අවුරුදු පහක් කාලා විනාශ කරලා ගිය රටක් ලෝක ව්‍යාප්ත වසංගතයකුත් සමඟ ඊට මුහුණ දෙන නායකයා ඝෝඨා නෙමෙයි..... සජිත් උනත්, රනිල් උනත් පාඨලී උනත්, මංගල උනත්, විවේච්නය කරනවා නම්..., ඌ අනිවර්යයෙන් පිස්සෙක් වෙන්න ඕන....

      අවුරුද්දෙන් ගොඩ ගත්ත රටවල් නෑ...

      ඒ කියලා ආන්ඩුවේ වරදි විවේච්නය නොකර ඉඳාලත් නෑ...

      Delete
    2. bitter truth ..
      dont think he is writing these to pass the time ( as he says its his hobby )
      but we know that there are people who write and earn money ..( Kuli liayanno )
      this person has become one now ..

      Delete
  3. ඇන්තනිට සිතට අමාරුයි වගේ . මෙච්චරකල් හිතං හිටියෙ ලෝකේ ඉන්න 'වන් ඇන් ඔන්ලි' කැවුම් පොන්නය තමුං කියලනේ.
    පව් දාර බෛයෙක්.

    ReplyDelete
  4. ඔබ ලියන්න, ඔබ ලියන්න
    හිතෙන දේ නිසා
    ලියවෙන්නේ දැන් නම්
    අසමබර කතා.....

    ReplyDelete
  5. පැණියෙන් නසන්නට බැරි බව දැන දැනම
    එන්නතක් ගන්න නැත වෙහෙසක් තවම
    "කොරෝනා"ඇවිත් ගෙයි දොරකඩ ලඟම
    කවුරුත් ෆේල් වෙනවාමයි එකවරම

    ReplyDelete
  6. සජිත් මතිවරනෙන්ම ෆේල් උනානේ...
    ගූටයිමබරයි අයියයි දෙන්නත් පට්ටම ෆේල් තමයි...

    ReplyDelete
    Replies
    1. නෑ ඉයන් සජිත් නෙවෙයි රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ගජමිතුරු චෞර කල්ලියේ හොර රැල තමයි මැතිවරණයේදී කුජීත ලෙස පැරදුනේ. සජිත් දෙවෙනි තැනට ඇවිත් විපක්ෂ නායක තනතුර දිනාගත් අතර ඔබ සඳහන් කරන ගූටයිමබර සහ අයියා කවුද කියලා පැහැදිලි නෑ. ඒ කවුද? පාඨලී සහ ෂාන් වික්‍රමසිංහ ද?

      ලංකාවේ ආණ්ඩුව වුණත් ජනතාව අපේක්ෂා කළ ප්‍රමාණයට සාපේක්ෂ වශයෙන් යම් අසාර්ථකත්වයක් පෙන්නන නමුත් අපිට වඩා බෙහෙවින් ධනවත් බලවත් ඇමරිකානු එක්සත් ජනපදය, බලසම්පන්න යුරෝපීය රටවල් සහ ධනවත් මැදපෙරදිග කලාපයේ රටවල් සිංගප්පූරුව වගේ රටවල් වලට සාපේක්ෂව තාම හොඳයි කියලා කියන්න පුළුවන් නේද? ඒ නිසා සාමාන්‍ය පොදු ජනතාව ආණ්ඩුව යම් තරමකට විවේචනය කළත් ඔය විපක්ෂය පවසන ෆේල් තත්වය තවම ඇවිත් නැහැ. මහින්ද රාජපක්ෂ නම් ගියපාර 2913 - 2014 වගේ වෙද්දි ෆේල් වෙලා කියලා කියන්න පුළුවන් වුනා ඒත් මේ ආණ්ඩුව නම් ඔය ඇතැම් විපක්ෂ කණ්ඩායම් කියන තරම් ෆේල් කියලා කිසිම වෙනසක් පේනවද? කොහොම උනත් ළඟකදී පළාත් සභා මැතිවරණයක්‍ හෝ පළාත් පාලන ආයතන මැතිවරණයක් තැබුවහොත් මේ ආණ්ඩුව 75% වගේ ඡන්ද ගන්න පුළුවන් මොකද ලංකාවේ සිංහල ජනතාව තව තවත් සුළුතර ආගමික කණ්ඩායම් සමග උග්‍ර අතට විරසක වී සිටින කාලයක්. සමහර වෙලාවට උග්‍ර සිංහල ජාතිවාදී පක්ෂ වලට යම් සාර්ථකත්වයක් දැකිය හැකි අවස්ථා ඇති. ඒත් ආණ්ඩුව මෙන්ම ඊට වඩා වේගයෙන් විපක්ෂ කණ්ඩායම් දිගින් දිගටම නාය යන තත්ත්වයන් තමයි පවතින්නෙ ලංකාවේ මට පේන විදිහට... පාඨලීට අලුත් රැල්ලක් ඇති කරන්න පුළුවන් වුණොත් හොඳයි ඉදිරි කාලයේදී හැබැයි ඒක කරන්න සෑහෙන අමාරු බව තමයි පේන්න තියෙන්නෙ

      Delete
    2. පාඨලී ට මේ රටේ සේ එකක් නෑ...

      සජිත්ට අන්ත ඒකාධිපතියෙක්...

      Delete
    3. පාඨලී ට මේ රටේ සේ එකක් නෑ...

      සජිත්ට අන්ත ඒකාධිපතියෙක්...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න