.

.

Jan 6, 2021

දේශපාලකයින් නොමැතිව කල හැකි දේශපාලනයක් නැත..


ආන්ඩුවේ සම හරක් ක්‍රියාමාර්ගයන්ට එදිරිව ආන්ඩුවේම පිරිස් විරුද්ධව නැගී සිටීනා බවක් පෙනෙන්නේය…. ඊට හේතුවන කරුණු කාරනා රාශියක් තිබුනද.. ප්‍රධානම හේතුව වී ඇත්තේ, ඔවුන් පයිසයකටවත් මායිම් නොකර.., රාජ්‍ය නිළධාරීන් හා හමුදාව සමඟ ගමනක් යන බව පැහැදිලිවම පෙනෙන්නට තිබීමය..

ජනාධිපති තුමා රාජ්‍ය නිළධාරින් වෙනුවෙන් පෙනී සිටිනා බවත්, ඒ නිසා නිවැරදි තීන්දූ තීරණ ගැනීමට බිය විය යුතු නැති බවටත් කීප වරක්ම කීවද, රාජ්‍ය නිළධාරියා කට වච්නයට ක්‍රියා කරන්නේ නැතිය… ඒ ඔවුන් පුරුදු පුහුණු කර ඇති සාම්ප්‍රදායයි.. අනෙක ආන්ඩු වෙනස් වූ පසු කන්නට වෙන පරිප්පුවයි… වඩාත් සුදුසුම ක්‍රමය නම්.., තීන්දූ තීරණ විගසින් කියාත්මක කිරීම සඳහා තාක්ෂණික ක්‍රමයන් උපයෝග කර ගැනීම හා බලය විමධ්‍යගත කිරීමයි..

අලුතින් පත් කල හමුදා නිළධාරින්ට හෝ මේ බලතල ලබා දිය යුතුය.. මන්ද ප්‍රාදේශීය ලේඛම් වරුන් යනු සාම්ප්‍රදායික ගෝත්‍රික පිරිසක්ම වන නිසාය..

වසරක් ගතවීත් ලබාගත් ප්‍රගතිය ගැන සෑහීමකට පත් වන්නට නොහැකි බව කියන්නේ අප නොව ජනාධිපති තුමාමය…

එයට ප්‍රධානම හේතුවක් වී ඇත්තේ නොසලකාහැරීම් (එසේ වී යැයි සිතනා) මත කළකිරුන දේශපාලන භූමිකාවන්.., සංවර්ධන ක්‍රියාවලියෙන් ඈත් වීමයි.. ඔවුන්ගෙන් තොර සංවර්ධන ක්‍රියාවලියක් කිසිසේත් කළ නොහැකිය…

ආන්ඩුවක් බලයට පත් කරන්නේ ප්‍රාදේශීය දේශපාලකයාගේ සිට දේශපාලනයේ නියුතු පිරිසය… ඇත්තටම මොවුන් ඕනෑම පක්ෂයක් දේශපාලන් හෙංචයියන් ලෙස හැඳින් වුවද අවුලක් නැත්තේය.. එහෙත් නාම යෝජනා දීමේදි සිඳුවන අසාධාරනයන් හේතුවෙන් (වෙනත් පක්ෂවලට කෝටා දීමට යෑමෙන්) මෙයින් පිරිසක් මුලින්ම කලකිරීමට පත්වේ..

ඉන්පසු අපේක්ෂකත්වයට ඉදිරිපත්වී සබ්බ සකලමනාවටම කෙලගන්නා උන් පිරිසකි…

ප්‍රාදෙශීය සභාවට, නගර සභාවට, පලාත් සභාවට, පාර්ලිමේන්තුවට පත් වුවත්.. සභාපතිකන්.., මහ ඇමතිකන්… කැබිනට් ඇමතිකන්… නියෝජ්ජ රාජ්ජ ඇමතිකන්…, නොලැබුනු තවත් පිරිසකි…. කැබිනට් ඇමතිකම් ලැබුනත් කිරීමට ලබ්බක් නැතිව කලකීරීමට පත් තවත් පිරිසකි….

නුමුත්මේ සියලු පිරිස් සක්‍රීයව දේශපලනයට සම්බන්ධ කර ගත් යුගයක්ද වූ බව අප මෙතනදී මතක් කර දිය යුතුව තියෙනවාය… කොතරම් බලතල දුන්නාද යත්… සම හරක් එකසිය ගානට පිස්සු කෙලිය අතර… සම හරක් මිනිමරා.. සුද්දියෝද රේප් කලේය….

අඩු පාඩු තිබුනත්… වංචා දූෂණ කොතෙක් සිඳු වුවත්… අදටත් දේශපාලනයේ මහා වෘක්ෂයක් සේ වැජඹෙන ඒ පුද්ගලයා වෙන කවුරුත් නොව මහින්ද රාජපක්ෂය… ඝෝඨාභය ඔය පුටුවේ තැබුවේ වෙනින් කවුරුත් නොව ඒ පිරිසය…. උන් මහින්ද කිසිදා හැර ගියේ නැත… හැර ගිය උන්ට මෙලෝ වශයෙන්ම පඩිසන් දුන්නේය….

ඒ.., ජේ ආර්ගේ ක්‍රමයයි… රණසිංහ ප්‍රේමදාසද මේ ක්‍රමයම අනුගමනය කලත්.., උන්නැහේට වැඩි කල් රජකම කොරන්න හම්බ උනේ නැතිය… උන්නැහේ බලයට එන විට පැවති ත්‍රස්තවාදය කුඩු පට්ටම් කර දැමුවේ මේ ඔවුන් ගොඩ නගා ගත් මේ යාන්ත්‍රනය හේතුවෙනි…

එහෙත් බලයට පත් වූ පසු මේ පිරිස් අමතක කල නායකයෝ දෙදෙනෙක්ද වූහ… ඒ චන්ද්‍රිකා හා රනිල් වික්‍රමසිංහයි…

චන්ද්‍රිකා තම ගජ මිතුරන් පිරිසක් හා විස්කි බිබි කාමසුඛල්ලිකානූ ජීවිතයක් ගත කලාතර… රනිල් සියල්ලන්ම පයිසයකට මායිම් නොකර.., කාමසුඛල්ලිකානූ ජීවිතයක් ගත කළේය…. දෙදෙනාටම මෙන්ම දෙදෙනාගේ පක්ෂ දෙකටද අත් වූ ඉරණම ඕන ගොනෙක් දන්නා කරුනකි…

දැන් දැන් මේ පිරිස් හා එක්විය යුතු බව ජනාධිපතිතුමාට වැටහී තිබීම සතුටට කාරනයක්ය… ජනවාරි පළමුවන්දා පැවති සුහඳ හමුවද.. නාමල් ප්‍රමුඛ නවක මන්ත්‍රීන් හා පැවති හමුවද ඉතා හොඳ මෙන්ම නිවැරදි තීරණයන්ය…

ඝෝඨා දෙශපාලකයෙක් නොවූවද.., දේශපලනය යනු ජනතාව හා කරනා ගණුදෙණුවක් හේතුවෙන්ම.., ජනතා නියෝජිතයන්ගෙන් තොර පැවත්මක් කිසිසේත් සාර්ථක වන්නේ නැත…

විය යුත්තේ දේශපාලකයන්, නිළධාරින් හා හමුදාව (ප්‍රජාතාන්ත්‍රික පාලන ක්‍රමයක් තුල අනුමත කළ හැකි නොවූවත්) සමඟ.., සමගියෙන් හා සහයෝගයෙන් රට සීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යාමය…

එහිදි වත්මනෙහි පවතින මූලිඛ ප්‍රශ්ණ දෙකක් වන.., අධික ජීවන වියදම හා විදෙස් ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමට මුල් තැනක් හා කඩිනම් විසඳුමක් ලබා දිය යුතුමය…

තවත් රනිල් වික්‍රමසිංහ කෙනෙක් වනවාද ජේ ආර් හෝ මහින්ද කෙනෙක් වනවාද යන තීරණය ඇත්තේ… ජනාධිපති තුමා සතුවය…

මන්ද…, 20 වන සංශෝධනයට අනුව එතුමා සියල්ලන්ටම ඉහළින් ඉන්නා සර්ව බලධාරියා නිසාමය…


ඒ වගත් මෙසේය……..


10 comments:

  1. Magic in development is to remove the corruption.

    All corrupt politicians are in for the 'something' (not to serve people) When there is no money, most corrupt people will drop out from politics I guess.

    My father said in his time only people who had money to spend went to politics (mainly to show off power) Now it's the other way around.

    Then again even Army had/has corrupt officers. Gota has no steady leg to stand. (Wijebahu)

    ReplyDelete
    Replies
    1. I am confused.
      I appreciate if you could explain what do you mean by 'Gota has no steady leg to stand' here.
      Either my English teacher taught me something incorrect or I didn't get it right or both.
      Is it the English you people use in Nothern Audtralian bush?
      Oh man!

      Delete
  2. කකුල් දෙකේ හ‍රක්‌ සහ කකුල් හතරේ හ‍රක්‌ යන ඔක්කොම එකපාරට රවට්ටන්න එසේ මෙසේ වියතෙක්ට බෑ මාතලන්

    ReplyDelete
  3. බලයට එන්නෙ කරවන්නට රට සුඛිත
    ඉස්සෙල්ලම බෙදා ගන්නේ තමන් පත
    ඒ වාගෙමයි හැමදාමත් ඉන්න හිත
    කැත හිත් නිසා රටටම එළඹෙයි විපත

    ReplyDelete
    Replies
    1. යමක් කරපු මිනිස්සුත් ඉන්නවා

      Delete
  4. දේශපාලනයේ වෙනසක් බලාපොරොත්තුවෙන් තවම බලාගෙන ඉන්නවා. දේශපාලුවන් ගෙන් මිදිලා ඇත්තටම දේශය පාලනය කරන ඇත්තන් කොයි කාලෙක ඇති වෙයිද. කළුනික සෙවීමක්ද ගලෙන් පට්ටයක් ගැනීමට උත්සාහයක්ද කියලත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. අපේ රටේ ඒවා බලාපොරොත්තු වෙන්න එපා

      Delete
  5. Interesting post, I enjoyed read this.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න