.

.

Feb 24, 2021

අනේ තොපේ සදාචාරේ... රෝල් කරලා ගහගනින් තොපේ අරකේ..

ෆොක්ස් නිව්ස් වල සුදු නෝනා කෙනෙක් තමන්ගේ පොඩි එකක් එක්ක ඉන්න පොටෝ එකකට අපේ හු. පු. ලා දාන්න පුලුවන් උපරිම පඩත්තල කොමෙන්ට්ස් දාලා දැන් ලංකාවේ ගෝත්‍රික හැත්තට ඒ එකවුන්ට් එකට යන්න බැරි වෙන්න සෙටින්ග්ස් හදලලු.

ඒ පාර අපේ අපේ වේ. පු. ලා VPN වලින් යනවලු. ඒ සුදු නෝනගේ ට්විටරේ රෙනවලු. අපේ උන් ඒ තරම් තිරිසන්නු..

මට තියෙන අවුල ඕක නෙමේ... 

මම දැක්කා කලින් ආසියාවේ ළොකුම මොළේ කරතියාන ගිහින් සෙන්න බරවෙලා.. දැන් බූරුවෙක් කර තියාන යන...  උගත් බුද්ජිමත් වෙන්න ටොයි රැඩිකල් සිහිණ ටොයි ප්‍රජාවයි.. තමන්ගේ පක්ෂයේම නිරූපා සේරසිංහ සහෝදරියට පඩත්තල කතා කියපු.. ගෝත්‍රික සැට්ටෙකයි එකතුවෙලා බයියන්ගේ පලු අරිනවා ඒ කොමෙන්ට්ස් ඔක්කොම දාලා තියෙන්නේ බයියොය... බලන්න ඒ කරන වැඩෙන් රටම නෝන්ඩි වෙනවානේ කියලා....

බයියොත් ඕවට චැම්පියන් කියන කතාව පැත්තකින් තියමුකෝ... ඔය රැඩිකල් සැට්ටෙක ඉල්ලන්නේ අදහස් ප්‍රකාෂ කිරීමේ මාර නිදහසක්... ලිබරල් නායකයෝ මේ ළඟදිත් කියලා තිබ්බා, කුණුහබ්බ කියන්න අපහාස කරන්නත් පූර්ණ නිදහස් තියෙන්න ඕනය කියලා.. ඒ මදිවට අනික් මත ඉවසන්න පුලුවන් වෙන්න ඕනෙයි කියලත් තිබුනා... ඒකට නම් පස්ස පැත්තෙන් යන්න පටන් ගත්ත හිනාව නවත්ත ගත්තේ ඉමෝඩියම් එකක් ගහලා...

ඕකුන්ගේ පුච හීනීයට කෙනිත්තුවත් අන්මත ඉවසීම කෙසේ වෙතත් එක්කෝ අන්ෆ්‍රෙන්ඩ් කරයි. එක්කෝ බ්ලොක් කරයි. නැත්නම් දායක සභාව දාලා කුණුහබ්බ වපුරයි. ඕකුන් ඔක්කොම දායක සභා හදාගෙන ඉන්නේ චැට් ගෲප්, වට්ස්සැප් ගෲප් දාගෙන. ගූ බෙට්ටට වහන නිළ මැස්සෝ වගේ ඒ නිළ මැස්සො ටික පෝස්ටෙකට හරි කොමෙන්ට් එකට හරි රියැක්ට් කරන්නේ විනාඩියක් යන්න කලින්. නැත්නම් අරුන්ගේ මැම්බර්ෂිප්පෙකෙට කෙලවෙනවා. 

ඕකුන්ට සදාචාරෙයි රටේ ගවුරවෙයි ඔක්කොම මතක් වෙන්නේ සුද්දෙක්ට හරි වෙන ජාතිකය එකෙක්ට හරි කෙල උනාම ඉතරයි.. ඕකුන් පට්ට ආතල් ගන්නේ මේ දවස්වල ජීනීවා වල ඉන්න සුද්දි මෙහේට ලෙඩේ අදින නිසා... 

3% ගෝත්‍රික හැත්ත ගැන කියන්න දෙයක් නෑ නේ... ඕකුන්ගේ සබ්බත්තෙයි සදාචාරෙයි රෙද්ද පල්ලෙන් බේරෙනවා... බොරුනම් හීනියට ගහලා පෝස්ටෙටකක් දාලා බලහන්කෝ මම කියනවට... අම්මගෙන් ජාතක උන තැන ඉඳලා බල්දි කක්කුසියට යනකන් කතා ටිකක් අහගන්න පුලුවන්...

අනික ඔය පක්ෂ දෙකේම නායකයෝ පවා අර යූක්‍රේනයෙන් ආපු සුද්දියන්ට කිව්වේ පට්ට පඳුරු ඩේසියෝ කියලා... නිකන් නෙමේ උත්තරීතර පාර්ලිමේන්තුවෙත් කිව්වා... ඒවා හැන්සාඩ් ගත වෙලත් අවසන්...

දැන් ඒ සුදියොන්ට ආපු නැති අනුකම්පාවක් මේ සුද්දි කෙරේ පහළ වෙලා...

අනේ තොපේ සදාචාරේ...

රෝල් කරලා ගහගනින් තොපේ අරකේ..

අම්මගෙ රෙද්ද තාම වැලේ...

23 comments:

  1. මාතා,

    'ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩා පිටිය ලෙසින් "නරේන්ද්‍ර මෝඩි ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය" විවෘත වේ'

    -ඉන්දියන් නිව්ස්

    (අපේ හෝමාගම හදන්න ගිය එක ලංකාවෙ මෝඩයෝ එකතු වෙලා නවත්වගත්ත නෙහ්)

    දැන්,

    ඔය පිට්ටනි හදන සල්ලිවලින් අහිංසක මිනිස්සුන්ට ටොයිලට් ටිකක් හදල දෙන්න තිබුනෙ නැද්ද කියල අහන්න එකෙක් ඉඳල නැද්ද එහේ?

    හාපෝ මෝඩියා ඕකට උගේ නම දාගත්තේ
    ඌ ගෙදරින් ගෙනාපු සල්ලි වලින්ද ඕක හැදුවේ?

    අනිවාර්යයෙන් හොද කුට්ටියක් ගහන්න ඇති
    ලොකුම එක කිව්වට

    අලි කොටි වළස්සු මොණරු කුරුල්ලෝ එන යන මහා ඝණ වනාන්තරයක් කපලා ඒක මැද්දේ ඕක හදන්න ඇත්තේ

    බලු බල්ලෙක් නෑ මනුස්ස පරාණයක්
    ක්‍රීඩකයෝන්ට නවතින්න හරිහමන් හෝටයක්වත් නෑ. සල්ලිම පිල්ලි ගහන්න කරන සුදු අලි ව්‍යාපෘතිනේ ඔය

    මෙහෙම කියලා ආණ්ඩුවට මඩ ගහන්න පුළුවන් භාරතයේ ඔය දෙකයි පණහේ කුහක පක්ෂයේ සාකා කබලක් අටෝ ගත්තනම්...

    ReplyDelete
    Replies
    1. ඉන්දියන් ඕන එකෙක් රටට ආදරෙයි...

      අපේ උන් බලාගෙන ඉන්නේ රටට කෙලෙවෙනකන්

      Delete
  2. අම්මගෙ රෙද්ද තාම වැලේ....///එතකොට පවුලගෙ රෙද්ද, ගැස්පහ හන්දියෙ ද???

    ReplyDelete
    Replies
    1. හාමිනේ අඳින්නේ ජීන්ස්

      Delete
  3. දැන් ජවිපෙ පොල් බූරු මීහරක් ලපකුමාර වේස ඇටරිළවාගේ වහල් හැත්ත කතා කරන්නේ මෛත්‍රීපාල ජනාධිපති කරේ හරියට මරාවාදී තැරිදාර පුන්නක්කු බයිසන් ගවරැල වගේ. මුන් කටින් නෙවෙයි පුකෙන් කතාකරන සක්කිළි රැළක්. ඔය චෝදනා එල්ල වෙලා තියෙන්නේ ජවිපෙ සහ අපි හැමෝම හවුල් වෙච්ච යහපාලන ආණ්ඩුවට කියලා පොඩ්ඩක් කවුරුහරි මතක් කරලා දෙනවද ජෙප්පොන්ට. ඒත් වැඩක් නෑ ඒ මීහරක්ට, අමු මැටි මන්ද මානසික අපත හැත්තට ලේ දුන්නට මොළේ දෙන්නේ කොහොමද මාතො?

    ReplyDelete
    Replies
    1. ගම්මිරිස් නානා ඉනට අත් තබාගෙන

      Delete
  4. අයියෝ මාතලන් බලපන් මචන් අපි ජොබ් තියෙනවා කියලා ඇඩ් දැම්මට එක උට්ටෙක් එන්නේ නෑ. ඒ උණාට ජනතා විමුක්ති පෙරමුණේ කට්ටිය පාර්ලිමේන්තුවේ රටපුරා විශාල පිරිසකට රස්සා නෑ කියලා කියන්නේ. ඇත්තටම ජොබ් නැති උන් කොහෙද බන් ඉන්නෙ?

    ReplyDelete
    Replies
    1. අමු කෙප්ප නේ.... දැන් ඉන්දියන් කාරයොත් මෙහේ වැඩ...

      Delete
  5. මාතා මේ,කතාව අහල තියෙනවා ද බලන්න;

    "ආරක්ෂක අංශ වලට ඒ මනුස්සයාව හම්බවුණු වෙලාවේ එයා ඉකි ගගහ ඇඬුවා. ඒගොල්ලො එයාගෙන් ඇහුවා අඬන්නෙ ඇයි කියලා. එහෙම අහපුවහම එයා කෑගගහ අඬන්න ගත්තා." මේ කතාව කියන්නෙ විශේෂ බලකා සෙබළෙක්.

    හමුදා සෙබළෙකු හැටියට රාජකාරි කරන එක විශාල ගෞරවයක් හැටියට වර නගලා තියෙන රටක මිනිස්සුන්ට, හමුදා සෙබළෙකුගේ චිත්ත සංවේදනා වලටත් වටිනාකමක් තියෙන බව අමතක වෙනවා. මිනී ගොඩගැහුණු, කඳුළු කතා වලින් පිරුණු සටන් බිම්වල තමන්ගේ ජීවිතයම දියකරපු ඔවුන්ට ඔවුන්ගේ කතාව කියන්න කවුරුවත් ඉඩ දෙන්නෙ නෑ. ඔවුන් වේදනාව පිටකරන්න හදන හැම මොහොතකදීම "නෑ නෑ ඔයා තමයි අපේ වීරයා! ඔයා තමයි අපේ අභිමානය!" කියන රෙදි ගුලිය කටේ ඔබනවා හැර, ශරීරය තුවාල නොවුනත් මනස තුවාල වුණු රණවිරුවන්ගේ මනස සුවපත් කරන්න කවුරුවත් උනන්දු වෙන්නෙ නැහැ.

    එහෙම වුනහම ඒ මානසික වේදනාව පිටවෙන්නේ වෙනත් විදිවලින්. ගුටි බැට වලින්, මිනී මැරුම් වලින්, ගිනි තැබීම් වලින්, වෙඩි තැබීම් වලින් ඒ වේදනාව පිටවෙන්න පුළුවන්. ඇත්තටම අපේ රටේ රණවිරුවෝ හරිම ශක්තිමත්. අවුරුදු 25කට වැඩි, කියාගන්න බැරි දරුණු අත්දැකීම් හංගගෙන, ඒවායින් විඳව විඳව වුනත් අපිට හිරිහැර නොකර ඉන්න ඒ රණවිරුවන්ට අපි ස්තුතිවන්ත වෙන්න ඕන. ඒත් ඒකම කිය කිය ඉන්න එක අපි ඔවුන්ට කරන අසාධාරණයක්. අපි ඔවුන්ට කතා කරන්න ඉඩ දෙන්න ඕන. ඔවුන් ඇත්තෙත් ලොකු වේදනාවකින්. ඔවුනුත් මිනිස්සු!

    මම කියාගෙන ආපු කතාව සිදුවෙන්නේ IS IS ත්‍රස්තවාදීන් විසින් පාලනය කරපු, ඉරාකයේ මුස්ලිම් ජනතාවගෙන් පිරුණු මොසුල් නගරයේ. මේ ප්‍රදේශයේ හිටියා ටිකක් වයසක තාත්තෙක්. වයසක කෙනෙක් වුනාට ඔහුට හිටපු පිරිමි දරුවෝ දෙන්නා එච්චර ලොකු නෑ. ඒ මුස්ලිම් සංස්කෘතියේ හැටි. වයස අවුරුදු 55-60 මුස්ලිම් මහත්තුරුන්ටත් තරුණ බිරින්දෑවරු සහ පොඩි දරුවෝ ඉන්න අවස්ථා වැඩියි. ඒක වැරදියි කියන්න මට අයිතියක් නෑ. ඒක ඔවුන්ගේ නිදහස. මේකත් එහෙම අවස්ථාවක්.

    රජයේ හමුදා ස්ථානගත වෙලා හිටියේ මේ ප්‍රදේශයෙන් ටිකක් දුරට වෙන්න. IS IS නීති රීති කියන්නේ බොහොම දරුණු නීති රීති බව අපි දන්නවා. මිනිස්සුන්ව එච්චර නීති රීති දාලා පාලනය කළයුතු නැති වුනත් IS IS නීතිය යටතේ එහෙම පාලනය වෙනවා. ඉතින් මම කලින් කියපු වයසක තාත්තට අවශ්‍ය වුනා ඒ දරුණු පාලනයෙන් ගැලවිලා, තමන්ගේ බිරිඳත් දරුවො දෙන්නත් අරගෙන රජයේ පාලන ප්‍රදේශයට යන්න.

    ඒක දහවල් කාලයේදී කරන්න තරම් හැකියාවක් ඔහුට තිබුනේ නැහැ. ත්‍රස්තවාදී ස්නයිපර් වෙඩික්කරුවෝ නගරය පුරාම ස්ථානගත කරලා තිබුනා. නගරයෙන් පලා යන මිනිස්සුන්ට දුටු තැන වෙඩිතියන්න ඔවුන්ට අණ ලැබිලා තිබුනා. බිරිඳ සහ දරුවෝ දෙන්නා නිසාම කාලයක් ඉවසගෙන හිටියත් එක්තරා රාත්‍රියකදී නගරයෙන් පලා යන්න මේ තාත්තා සැලසුම් කළා.

    වයස අවුරුදු 2ක සහ 4ක පිරිමි දරුවෝ දෙන්නා එක්ක බිරිඳවත් ලෑස්ති කරගත්තු මේ තාත්තා රාත්‍රියේ හොරෙන්ම එළියට බැස්සා. ඔවුන් එක්තරා වීදියකට අඩිය තැබුවා. අඩිය තියනකොටම සැඟවී හිටපු ස්නයිපර් වෙඩික්කරුවෙක් මේ පවුල පලා යනවා දැක්කා. ඔහු එදෙසට වෙඩි තැබුවා. ඉලක්කය සාර්ථක වුනා. අර තාත්තගේ බිරිඳ සහ දරුවන්ගේ අම්මා එතනම මියගියා.

    ඉක්මණට බිරිඳගේ මළසිරුර උස්සගත්තු මේ තාත්තා තමන්ගේ දරුවෝ දෙන්නවත් එක්කරගෙන ඔහුගේ ගෙවත්තට දුවලා බිරිඳව මිහිදන් කළා. දැන් දරුවෝ දෙන්නා අඬනවා මහ සද්දෙන්. මේ විදිහට නම් එදා රෑ නගරයෙන් පැනලා යන්න විදිහක් නෑ. දරුවන්ගේ සද්දේ ඉතාම වැඩියි. අනතුරක් අතළඟ. මේ තාත්තා ඉක්මන් තීරණයක් ගත්තා. දරුවන්ට නිදිපෙති දීපු තාත්තා ඔවුන්ව නිදි කළා. දරුවො දෙන්නා නිදාගත්තා.

    තමන්ගේ උරහිස් දෙකට දරුවො දෙන්නගේ ඔළු දෙක හේත්තු කරගත්තු මේ තාත්තා, ඒ දෙන්නවත් වඩාගෙන සද්ද නැතුව පලායන්න හැදුවා විතරයි, තවත් ස්නයිපර් ප්‍රහාරයක් ඇවිත් තමන්ගේ එක් උරහිසක් මත හිටපු දරුවෙකුගේ හිස පසාරු කරගෙන ගියා. ඔහු දරුවො දෙන්නව උස්සගෙන ආයෙත් ගෙවත්තට දිව්වා. වෙඩි කාපු දරුවා සදහටම නිදි, අනෙක් දරුවා නිදිපෙති නිසා නිදි. ඔහු දරුවෝ දෙන්නව බිමින් තබලා, එදා දවසේ හාරපු දෙවැනි මිනීවළත් හෑරුවා.

    වෙව්ලමින් කලබලයෙන් හිටපු ඔහු ඉක්මණින් දරුවාව මිහිදන් කරලා ආයෙත් නගරයෙන් පලායන්න හිතුවා. නැවතිලා පලක් තිබුනේ නැහැ. කට්ට කරුවලේ කිසිවක් හරිහැටි පෙනුනෙත් නැහැ. තුන්වැනි පාරටත් නගරයෙන් පලායන්න අඩි තියපු ඔහු ඊළඟ දවසේ පාන්දර වෙද්දී රජයේ හමුදා වලට ළඟාවුනා. ඒ වෙලාවෙයි ඔහු අඬන්න පටන් ගත්තේ.

    ReplyDelete
    Replies
    1. "ආරක්ෂක අංශ වලට ඒ මනුස්සයාව හම්බවුණු වෙලාවේ එයා ඉකි ගගහ ඇඬුවා. ඒගොල්ලො එයාගෙන් ඇහුවා අඬන්නෙ ඇයි කියලා. එහෙම අහපුවහම එයා කෑගගහ අඬන්න ගත්තා." මේ කතාව කියන්නෙ ඉරාක විශේෂ බලකා සෙබළෙක්.

      අසරණ තාත්තා කෑලි කපන අඳුරේ තමන්ගේ බිරිඳගේ මිනී වළට එහායින් වළදාලා තිබුනේ වෙඩි වැදුණු දරුවාගේ සිරුර නෙමෙයි. නිදියගෙන හිටපු දරුවාගේ සිරුර. ඔහු හමුදාව වෙත ඇවිත් තිබුනේ මළ දරුවාගේ සිරුර කරේ තියාගෙන.

      මේ වගේ ජීවිත දහස් ගණන් අපේ රටේ යුද්ධය අතරතුරත් දකින්න ලැබෙන්න ඇති. ඒත් ඒ කතා කියන්න බැරිවෙන්න අපේ රටේ හමුදා සෙබළුන්ව යම් විදිහකින් හිරකරලා ඇති. ඒ වේදනාවල් ඔවුන්ගේ හිත් ඇතුළේ කැකෑරෙමින් ඇති. එහෙම තිබියදීත් ඔවුන් අපි වෙනුවෙන් මඳ සිනහ පා සේවය කරනවා ඇති.

      දෙවැනි ලෝක යුද්ධය, කොරියානු යුද්ධය, වියට්නාම යුද්ධය, ගල්ෆ් යුද්ධය, බෝල්කන් යුද්ධය, කාශ්මීර යුද්ධය වගේ මෙකී නොකී යුද්ධ වල වීර කතා වගේම මානුෂීය කතාන්දර හැදෙන්නේ සෙබළාගේ අත්දැකීම් විස්තර කරන්න සෙබළාට ලැබෙන නිදහසත් එක්ක. ඔවුන්ගේ හිත නිදහස් වෙන්නෙත් ඒ කතා කියන්න ඉඩ දීමත් එක්ක. නරක යුධ සාහිත්‍යයකට නොදෙවෙනි මානුෂීය යුධ සාහිත්‍යයක් ලෝකෙට උපදින්නේත් ඒවා එක්ක. මිනිස්සු කිහිපදෙනෙක් හරි පාඩම් ඉගෙනගන්නෙත් ඒවා එක්ක.

      ඒත් අපේ රටේ ඒ කිසිම දෙයක් නෑ. අපේ සෙබළු මානසිකව විඳින්නේ සුළුපටු වේදනාවක් වෙන්න පුළුවන්ද?

      සියළු රණවිරුවන්ට උපහාර වේවා!

      - මූලාශ්‍ර - AP News

      Delete
  6. මාතා, ජවිපෙ මූලික වශයෙන් ලංකාවෙ ආර්ථිකය දියුණු කර ක්ෂණිකව ලංකාව කියුබාව, උතුරු කොරියාව, කේරල ප්‍රාන්තය වගේ සමාජවාදී දියුණු සංවර්ධිත රටක් කරා වේගයෙන් ගෙන යාමට යෝජනා කරන්නේ රටේ සියලුම ආයතන කර්මාන්ත හා සේවා සපයන සමාගම් රජයට පවරා ගෙන ඒවා රාජ්‍ය ආයතන ජවිපෙ වෘත්තීය සමිති වල නායකයන් හා සාමාජිකයන් මගින් ඉතා දක්ෂ ලෙස පාලනය කිරීමයි. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    මට තේරෙන හැටියට නම් ඇත්තටම ලංකාව ෆන්ක්ෂන් වෙන්න සෝ කෝල්ඩ් උගත් බුද්ධිමත් ප්‍රායෝගික දේශපාලකයො හිටියට වැඩක් නෑ.

    ප්‍රයිවට් සෙක්ටර් එකේ කාලයක් වැඩ කරපු, වැඩ පෙන්නපු හොදම CEO ලා මැනෙජර්ස්ලා ගෙනල්ලා අමාත්‍යංශ ලේකම්වරු, අතිරේක ලේකම්වරු කරන්න පුළුවන් නම් මොනව හරි කරන්න පුළුවන් වෙයි නේද? මොකද මම දැකපු දෙයක් තමයි ලංකාව ස්ටක් වෙලා තියෙන්නේ ප්‍රැක්ටිකල් නැති, ස්ලෝ රාජ්‍ය පරිපාලන සේවය නිසා.

    මිනිස්ටර් වියත් වුනාට වැඩක් නෑ.., ලේකම් ස්ලෝ නම්.., අතිරේක ලේකම්ලා කම්මැලි වයසක කාන්තාවෝ ටිකක් නම්..

    දේශපාලකයො බැනුම් ඇහුවට ලංකාව ස්ටක් වෙලා තියෙන්නේ ඔතන නේද? මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    ReplyDelete
    Replies
    1. දහස් වතාවක් ලියලා ඇති...

      Delete
  7. මාතේ කටින් වැල් බයිල ගහන එකයි වැඩක් කරනව කියන එකයි දෙකක් බන්. දැන් බලපන් කොවිඩ් වැක්සීන් වැඩේ? මුලදි මිනිස්සු පැනික් වෙලා කලබල වුණාම මුට්ටි ගඟට දාලා කෑගල්ල පැත්තේ හොර වෙදෙක් ගේ පැණියක් ලයින් කරලා ආතල් එකක් දුන්නට දැන් ආණ්ඩුව කරන්නේ මොකක්ද බලපන්? කොවිඩ් වැක්සීන් ලංකාවෙ දැනටමත් ලක්ශ 02 වඩා දීල තියෙනව ලබන සතිය වෙද්දි ඊලග වැක්සීන් ටික එනව .... ලෝකෙ රටවල් 130 කට එක වැක්සීන් එකක්වත් ගියපු නැති වෙලාවක මෙහෙම අෆිට ලැබෙන්නෙ කියන එක ඇත්ත තමයි ඒත් ලබන මාසෙ ඉවර වෙද්දි ඔය වයස් කාන්ඩෙ ඔක්කොමට දෙනවා කියලා පුන පුනා කියන්නෙ සමහරවිට බෙහෙත් එන එක තහවුරු නිසා වෙන්නත් පුලුවන්. ඒ නිසා පිලිවෙලක් නැතුව එන එන කෙනාට දෙනවද මන්දා, මේ ගැන උඹ හිතන්නේ මොකද?

    ReplyDelete
    Replies
    1. ඇදගෙනම නාගන්නවා කියා සිතේ.....

      Delete
  8. තරුණ පරම්පරාවේ බහුතර මතය අනුව නම් ලංකාවේ වැඩකටම නැති උන් මෙන්න මෙහෙමයි මාතලී.

    රෑන්කින් කරල ලංකාවේ කාලකණ්ණි විදියට ගත්තම අංක;

    1 ජෙප්පෝ - මෙලෝ රහක් නැති මඩේම ලැගල ඉන්න මඩ කාපර් කුහක කාලකන්නි - දැඩි වෛරයක් හිතේ තියෙන කුහක කාලකන්නි. මුන් කියන දේවල් උදේ පාන්දරක දැක්කොත් දවසම මූසලයි.

    2 ඝන ගෙඩි සැට් එක - පිනට මහජන මුදලින් යැපෙන ගමන් එක එක වේස දේසපාලුවන් වෙනුවෙන් හැම පක්ෂ වලටම කඩේ යන, බයිල ගහල ගාන කපන අවස්ථාවාදී ජඩයන් රැලක්

    3. දේවාල කපුවෝ, ජ්‍යොතිෂකාරයෝ සහ තෙල් බේත් හොර වෙද්දු - මුන් අඩුම තරමින් මානසික සහනයක් ලබා දෙනවා මිනිස්සු අන්දද්දි, ජෙප්පෝ වගේ දැඩි වෛරයක් පතුරවා ලේ කෝප කරන්නේ නෑ නේ

    4. අවස්ථාවාදී අමන දේසපාලුවෝ සහ උන්ගේ ගෝලයන් සහ ගොට්ටන් - ප්‍රධාන දේශපාලන ධාරාවේ පක්ෂ දෙක වන පොහොට්ටු සහ සජබ කණ්ඩායමේ සහ ජාතිවාදී සුළු පක්ෂ වල කාලකන්නි- මේ ගැන නම් හැමෝම හොඳින් දන්නවා. ඒත් මුන් අඩුම තරමින් තමන්ගේ ඡන්දදායකයන්ට ඡන්දෙට කලින් ධනාත්මක බලාපොරොත්තු, සහ බලයේ ඉන්න කාලය තුල තමන්ගේ පළාතේ මිනිස්සුන්ට පොඩි හරි සේවයක් කරනවා මහජන මුදලින් හරි සමහර විට හිතවත් ව්‍යාපාරිකයන්ගෙන් හෝ පිට රටකින් හිඟාකාලා හරි....

    ReplyDelete
    Replies
    1. ඔය එකෙක්වත් නෙමෙයි...

      පාලන බලය ගන්න කොන්දක් නැති නායකයෝ...

      Delete
  9. අනේ, මේ තියෙන තරම් තරහකින් ලියන්න මට බැහැනෙ!

    ReplyDelete
    Replies
    1. මාතලන් personal ඇරියස් කවර් කරන එක ගැන කියලා තියෙන්නේ

      Delete
    2. තරහක් නෑ... ආතල් වැඩි උනාම ලියවෙන හැටි

      Delete
    3. මාතලන් කියන්නේත් හරියට රාමායණය ලියුව වාල්මිකීත්, නැත්නම් හරිය⁣ට මහාවංසය ලියපු මහානාම හාමුදුරුවෝ වගේ. මොකෝ නැතෙයි බන්?

      වාල්මිකී රාම් කුමාර් ගේ වරැණාව කියද්දි නොදැනීම රාවණ් ද සිල්වා ගේ උතුම් ගතිගුණ ඊට වඩා වැඩියි වගේ කියලා ලියැවෙන්නේ?

      ඒ වගේම මහාවංසේ විජයගෙන් අපේ රට ජනාවාස වුණා කියන්නට කරපු ළාමක උත්සාහය ඇතුලෙ ඊට කලින් අපේ රටේ විධිමත් සංස්කෘතියක් තිබුණු දේසීය (යක්ඛ?) ජනාවාස තිබුන කියලා හරි අපූර්වට විස්තර කරනවා. ඒ වගේම භාරතීයයන් එන්න කලින් පවා ඉහළ සංස්කෘතියක් තිබුණ බව උන්වහන්සේ කියනව. ඒ කියන්නේ කපු කටිමින් රෙදි විවීම, කපුරෙදි වගේ තාක්ෂණිකව දියුණු වර්ගයේ රෙදි ඇඳීම, චාරිත්‍රානුකූල විවාහ මංගල්‍ය පැවැත්වීම (විවාහයක් උත්සවාකාරයෙන් පැවැත්වීම ඉතාම දියුණු සංස්කෘතික ලක්ෂණයක්. විජය රාජකීයන් එවෙලෙ කඩා පැනල මැරුවේ. මන්ද එම උතුම් චාරිත්‍රය වෙලේ ඔවුන් අවි දරලා නෑ කියලා කියන්නේ. කුවේණි එය දැන සිටියා). අන්න ඒ වගේ මාතා ආණ්ඩුව විවේචනය කරන එක ගැනත් හිතෙන්නේ එහෙමයි නේද?

      Delete
  10. කිසි සංයමයක් නැති, කතා කරන්න දන්නේ නැති, පර පීඩක මානසිකත්වයෙන් ඉන්න “බෝක්කු උඩ චංඩි” වර්ගයේ රැළක්

    මේ ළඟදී, ළඟ ගෙදරක පුතාට විරුද්ධව තාත්තා ඊර්ශ්‍යාවට බොරු පැමිණිල්ලක් දාලා (තාත්තා ජවිපෙ සාමාජිකයෙක් වෙච්ච කිසිම චාරයක් නැති එපාම එපා කරපු කාලකණ්ණි අමනයෙක් නිසා පුතා සම්බන්ධය අතහැරලා. පුතා බොහෝම සංසුන් යහපත් කෙනෙක්). පානදුර පොලෝසියේ ජවිපෙට සම්බන්ධ පොලිස් බල්ලෝ දෙන්නෙක් තාත්තයි තව ජවිපෙ චණ්ඩියෙකුයි එක්ක ඇවිත් හැඳුණුම්පත් පෙන්වන්නේ නැතිව ඉඩමට ඇතුල් වෙලා, ගේ ඇතුළේ එහා මෙහා ගිහින්, බඩුත් ඇදළා (වරෙන්තු නැතිව) කෑ කෝ ගහලා තර්ජනය කරලා (සද්දෙට අපි හිතුවේ මහ අපරාධකරුවෙක් අල්ලන්න ආව කියලා). පොලිස් බල්ලෝ දෙන්නට මස් කට්ටක් දෙන්න ඇති ලෙවලා ඇවිත් බුරන්න. උන් නීතිය නෙවෙයි කළේ, ගතමනාවට හරියන්න නිළඇඳුමේ බලපෑමෙන් තග්කම. මිනිස්සුන්ව හදන්න කියලා හමුදා පුහුණු දෙන ඉළව් නැතිව, මුළින්ම පොලීසි හමුදා වල චාරේ හදන්න ඕනේ.

    ReplyDelete
  11. මාතලන්ට සැබෑ චරිත ඇසුරින්ට කතාවක් කියන්න හිතුනා. දිනක් සවස මා මිතුරෙකු දුටුවේ දවසේ ලොතරැයි විකිනීමේ ජීවිකාව හමාර කොට නිවසට යන තම අසල්වාසී පුද්ගලයායි. ඔවුන් අතර ඇතිවූ කතාබහයි මේ (මා විසින් නිර්මාණය කළ දෙබසක් - ඒත් ඉතින් කතාව ඇත්ත)

    1- අද ටිකට් ඔක්කොම ඉවරද?

    2- ඔක්කොම වගේ ඉවරයි.

    1- අපරාදේ

    2- තව 3ක් ඉතුරු උනා.මන් ඒ 3 විකිනෙනකම් හිටියෙ නෑ ගෙදර ආව.

    1- කමක් නෑ මට එහෙනම් ඒ 3 දෙන්නකො

    2- හොදයි එහෙනම්.

    දින 4කට පමණ පසුව ලොතරැයි පත් 3 පරික්ශා කල මිතුරා දුටුවේ එම දිනුම් ඇදීමේ සුපිරි ත්‍යාගය වන හාරකෝටි තිස් ලක්ශයක මුදල එම එක් ලොතරැයි පතක් සතු වීමයි.

    ඔහු හීනයකින්වත් නොසිතූ අයුරින් නිවස ඉදිරිපිට ටම පැමිණි මෙම වාසනාව හේතුවෙන් මා මිතුරා හට සතියක කාලයක් පමණ ආහාර රුචියද නැතිවී තිබිණ.

    ගගේ මුහුදෙ කපල දැම්මත් උඹට දුව දෙන්නැහැ කියූ පුද්ගලයා පසුව මා මිතුරාගේ මාමණ්ඩි බවට පත්විය.

    අද වන විට ව්‍යාපාර කිහිපයක හිමිකරුවෙකු වන මා මිතුරා සතුටින් සුවෙන් ජීවත් වෙයි.

    වාසනාව කියන්නේ මාරම දෙයක්. ජනතා විමුක්ති පෙරමුණට වාසනාවක් නැත්තේ ඇයි? ඉදිරියට ඔවුන් දෙස වාසනාව බලනු අපට දක්නට ලැබේවිද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න