.

.

Apr 5, 2021

එස් බී කියන්නේ තිත්ත ඇත්තය..

 


මේ ලිපිය ලියන්නට උන්නෙ වියත් මගේ දෙදෙනකුගේ තනතුරුවලට බඩු බනිස් වීම මූලික කරගෙනය. එහෙත් අද ඇස් බී දිසානායක උන්නැහේ ගැටඹේ විහාරයේ නායක උන්නාන්සේ සමග පැවති සුහද සාකච්ඡාවෙන් පසු අප ලියන්නට උන් කරුණු තහවුරු වීම, අප පලකිරීමට උන් කරුණු හා වඩාත් සමපාත වන්නේය.

ඒ නිසා ඇත්තටම ලියන්න දෙයක් ඇත්තේත් නැතිය. කියන්නට ඕනෑ ටික ඒ දෙපල කියලා අහවරය.

අප ඔබතුමා ජනාධිපති ලෙස පත්කලේ මේ රටේ සෑම ක්ෂෙශ්ත්‍රයේම ව්ශාල පරිවර්තනයක් බලාපොරොත්තුවෙනි. ඔබ වෙනුවෙන් සහාය දැක්වූ අප හිතවතුන් හිතවතියන් සියල්ලම තවමත් ඒ බලාපොරොත්තුව අත් හැරලා නැතිය.

මේ රට හදන්නට නම් රාජ්‍ය සේවය, රාජ්‍ය සේවයට අවශ්‍ය ලෙස නොව පාලකයාට අවශ්‍ය ආකාරයට පාලනය කල යුතුය.

හිටපු ජනපතිවරුන් වන ජේ ආර් ජයවර්ධන හා රණසිංහ ප්‍රේමදස රට පාලනය කළේ එසේය. මහින්ද රාජපක්ෂ කලේ රාජ්‍ය සේවය පිරවීම මගින් හා ඔවුන්ට මෝටර් බයිසිකල්, පඩි වැඩිවීම් වැනි අල්ලස් ලබා දිමෙන් ඔවුන්ගෙ සහාය ලබා ගැනිමයි. ඊටාමතරව ඔහුගේ ගෝලබාලයෝ අවශ්‍ය දේ කරගත්තේ තගරියෙනි. ජනතාවට මෙන්ම රාජ්‍ය සේවකයින්ටද මෙය නොදිරවීම මහින්දගේ පරාජයට එක හේතුවක්ද උනේය.

ජේ ආර් කලේ වැඩ කරන්න බෑ කියූ හැම එකාම සදකාලිකව ගෙදර නතර කිරීමය. පරිප්පුව කන්න වෙන බව දැනගත් ඉතිරි උන් හා අළුතෙන් ආ උන් ගිනි කසයෝ වාගේ වැඩ කලේය. ඒ ලී ක්වාන් යූ සිංගප්පූරුව ගොඩ දැමූ ක්‍රමයයි. 1983 කල ජාතී ආලය නොවන්නට, රටේ සීඝ්‍ර සංවර්ධනය ඔහුගෙ ධුර කාලයන් දෙක තුල ලැබීමට නියමිතව තිබිනි. එහෙත් ජේ ආර් කල මරිමෝඩ ජාතී ආලය හේතුවෙන් ගිනිගත් උතුර දකුණ දෙකම ගිනි ගැනීම නැවතුනේ, මහින්ද පාලන සමයේ ඔබේ නායකත්වයෙන් ගත් තීන්දු තීරණ නිසාවෙනි.

ප්‍රේමදාසට ලැබුනේ දෙකොන පත්තුවන විලක්කුවක් වූවද, දකුණේ ත්‍රස්තවාදය මර්ධනයෙන්ද, උතුරේ ත්‍රස්තවාදය සාම ගිවිසුම් මගින්ද නතර කරගෙන රටේ සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙනගියේ රාජ්‍ය සේවය ඔහුට ප්‍රාණ බියෙන් උන් නිසාය.

එතෙක් මෙතෙක් පැවති තේ පොල් රබර් ආර්ථිකය වෙනුවට, ඇඟලුම් කර්මාන්තය මුලට එන්නේ ඒ හෙතුවෙනි. කාර්මාන්තයක් ආරම්බ කිරීමට අවශ්‍ය අනුමැතියන් ආයෝජකයින් ලබා ගත්තේ, සති දෙකක් වැනි සුළු කාලයකිනි. රාජ්‍ය සේවය ඒ තරම් කාර්‍යක්ෂමව වැඩ කල යුගයක් ඉන් පසු උදාවූයේ නැතිය.

අප ඔබගෙන්ද බලාපොරොත්තු වූයේ එවන් සීඝ්‍ර සංවර්ධනයකි. කොවිඩ් ප්‍රශ්ණය පැත්තකින් තැබුවද, වසර එකහමාරක් පමණ ගතවීත් කිසිඳු සැලකිය යුතු කිසිවක්ම ආන්ඩුවෙන් සිඳු වී නැති බව කනගාටුවෙන් උනත් කිව යුතුව ඇත. එය රාජ්‍ය සේවයේ මෙන්ම අමාත්‍යවරුන්ගේද අකර්‍යක්ෂමතාවය කදිමට පෙන්වන්නකි.

මීට හේතුවක්ද ඇත. ඒ මුලින් ඔබ කී… යලිත් බලයට ඒමට අදහසක් නැති බව පැවසීමයි. එවිට රාජ්‍ය සේවකයා සත පහකට බය නැත. අනෙක ඔබේ මැති ඇමති මණ්ඩලයද ඔබට සත පහක බියක් නැත. ඔවුන් වෙහෙසෙන්නේ ඔබට ගොට්ට ඇල්ලීමට නොව 2025 අපේක්ෂකයාගේ කීකරු බලු කුක්කන් වීමට ඔහු හෝ ඇය වන්දනාමාන කිරීමට පෙළඹීමයි.

කෙසේ හෝ මෑතක ඔබ කල ප්‍රකාශයකින් එය අහෝසී වී ගියද, ඉන් ඔබට, රාජපක්ෂ කඳවුරට මෙන්ම පොහොට්ටුවට සිඳු වූ හානිය සුළුපටු එකක් නම් වන්නේ නැතිය.

ඔබ ආන්ඩුව තුල සිටිනා සුළු පක්ෂවල උන් මහා පොරවල් වී සිටින්නේ මේ හේතුවෙනි. ඔබට විශ්වාසිම වූ වියත් මග පිරිසද ඔවුනට අනාගතයක් නොමැති මානසිකත්වයක් තුල කිසිවක් නොකරන බව පැහැදිලිවම පෙනීයයි.

එස් බී කියන්නේ මේ කතාවයි. එස් බී මෙන්ම ගැටඹේ නායක ස්වාමීන්වහන්සේද කියන්නේ මේ කතාවයි.

කොටින්ම කියන්නේ නම්, ත්‍රීකුණාමලයේ කැලෑවක් ස්වාමීන්වහන්සේ නමක් විසින් කපනවා යැයි අපට කියනා ආරක්ෂක ලේකම් කෙනෙක් රටට මක්කටද? කැන්සර් සහිත පොල්තෙල් වලට ලයිසන් දෙන ප්‍රමිති ආයතනයක් රටට කුමකටද? බොහෝ කෑම බීම වල වස තිබෙනවාය… ඒවා මොනවාද කිව්වොත් ඒ කොම්පැනි වහන්න වෙනවා යැයි කියනා රාජ්‍ය නිළධාරින් රටට කුමකටද? සිංහරාජයේ කිසිඳු වන විනාශයක් නැතයි කියන්න බැරි රාජ්‍ය නිළධාරින් රටට කුමකටද? මාෆියාවක් නිසා හාල් මිළ අඩු කරන්න බෑ කියනා ඇමතිවරුන් රාජ්‍ය නිළධාරීන් රටට කුමකටද?


ඒ වගත් මෙසේය…

21 comments:

  1. wije cum an rite inglis

    ReplyDelete
  2. කොහොම උනත් මේ වැඩ වලින් පෙන්නේ ලංකාවට කෙලවන්න කට්ටියක්‌ බලා සිටින බවයි. තව මේ වගේ සංදර්ශන ඉදිරියට එයි
    Very bad time for ශ්‍රීලංකා

    ReplyDelete
  3. Yes, we had high expectations. Not sure what Gota is doing and/or planning to do. I am still hopeful.

    However (before Gota)we have not had a head of state who had earned his/her living by doing a job (in Sri Lanka and overseas). As we all know he has credentials of a go-getter.

    If Gota miss this chance to do a real change in SL, we are doomed for long long time to come. Just look at the waiting list, Ranil W, Sajith P, Pa Cha Ranawaka, Namal R. Dasanayaka and Maldeniye Simiyon. (Wijebahu)

    ReplyDelete
    Replies
    1. Wije, ඔබ කිසියම් හෝ කරුණකින් මානසිකව පීඩා විඳින්නෙක්ද? නොමිලේ උපදෙස් සඳහා... අමතන්න 1333

      Delete
    2. විජය බාහු,

      ඔබ කියන කතාවේ ඇත්තක් තියෙනවා. ඒත් මම හිතන්නේ විපක්ෂයේ පාටලී චම්පික රණවක සහ ආණ්ඩු පක්ෂයේ නාමල් රාජපක්ෂ යන දෙදෙනාට යම් වෙනසක් ඇති කිරීමට හැකියාව තිබෙන බව.

      ගෝඨාභය දේශපාලනය සඳහා අත්දැකීම් අඩු දුබල සන්නිවේදකයෙක්. අනික ඔහුට ප්‍රශ්න ස්මාට් විදියට විසඳීමට තේරුමක් නෑ ක්ෂණිකව ඔහේ තීන්දු තීරණ අරන් ඒවායින් අතුරු ඵල ලෙස වෙනත් ප්‍රශ්න ඇතිකර ගන්නවා. මෙහි දී වඩාත් අත්දැකීම් ඇති මහින්ද රාජපක්ෂ මීට වඩා දේශපාලන වශයෙන් ක්‍රියාත්මක විය යුතුයි. නැත්නම් බැසිල් සහ නාමල් වත් මීට වඩා මැදිහත් වී දැනට කල් ඉකුත් වී ඇති ගම සමග පිළිසඳර මගඩි නාටකය නවතා දමා වඩාත් විශ්වාසනීය සහ ප්‍රායෝගික අලුත් වැඩපිළිවෙළක් ඉක්මනට පටන් ගන්න ඕන.

      විපක්ෂයේ සජිත් පොඩ්ඩක් අඩියක් පස්සට අරගෙන පාඨලී සහ සංගක්කාර වගේ අයට තැනක් දී පක්ෂයේ වෙනස්කම් සිදුකර ශක්තිමත් ලෙස නැගී සිටින්නට උත්සුක වෙන්න ඕන.

      Delete
  4. ගස් කැපුවට ඔක්සිජන් අඩු වෙන්නේ නැතිය එහෙමනම් කාන්තාරවලත් ඔක්සිජන් නැති වෙන්න එපායෑ කියන පරිසර අදිකාරී සභපතිලා මක්කටද?

    ReplyDelete
    Replies
    1. සෙන්නා,

      ඌ කියපු කතාව ටෙක්නිකලි නිවැරදියි. මනුස්සය කියන කථාව ඇත්ත හැබැයි ප්‍රශ්ණෙ කියන කථාව නෙවෙයි නොකියන කතාව සම්බන්ධවයි.
      ගස් කැපුවට ඔක්සිජන් ප්‍රතිශතය අඩු වෙන්නෙ නෑ මොකද අපිට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය සාගර හරිත ප්ලවාංග නිපදවන නිසා. මැදපෙරදිග කලාපයේ ප්‍රදේශවල ගස් ඉතාමත් අඩු උනත් එහේ ඔක්සිජන් ප්‍රශ්න නෑ. මොකද ලෝකයේ සමස්ත ඔක්සිජන් සැපයුමෙන් ප්‍රතිශතයක් ලෙස ගත් විට 85% ලැබෙන්නේ ප්ලැන්ක්ටන් වගේ සාගර ඇ්ල්ගි සහ මුහුදු පැළෑටි වලින්..ඉතිරි15% තමයි ගෙඩබිමින්... ඇමසෝන් මහ වනාන්තරය, ටයිගා මහ වනය ඇතුළු දැවැන්ත වනාන්තර සමග බලනකොට ම එකෙනුත් අපේ රටේ කැලෑවලින් 001% ලැබෙන්නේ නැතුව ඇති ප්‍රතිශතයක් වසයෙන්...
      කම්පනා කොරල බැලුවොත්. මේක අපි පොඩි කාලේ අට නවය වසරේ විද්‍යා පාඩමට විස්තර කරනවා.

      ලංකාවේ ගොඩක් උන් හිතන් ඉන්නේ ගස්වල ප්‍රධාන කාර්යය ඔක්සිජන් සැපයිම කියලයි. නමුත් ඇත්ත ඒක නෙවෙයි.

      හැබැයි ගස් කැපුවම ජල චක්‍රයට බලපෑම් ඇති වෙවා වැසි චක්‍රය නැවතිලා ගොඩබිම කාන්තාරකරණය වෙනවා. ලෝකයේ උෂ්ණත්වය වැඩි වෙලා ධ්‍රැව අයිස් දිය වෙලා දූපත් යට වෙනවා. සත්තු වඳ වෙනවා. ස්වභාවික විපත් වල හානිය වැඩි වෙනවා. මේකට තමයි ඇඩ්රස් කරන්න ඕන. අර මෝඩ දේවානි කියන ගෑනි සහ උන්දැව උඩ දාගෙන යන ගොන් මෝඩ මීහරක් හැතිකරය තමයි ගොඩක්ම ඔය වගේ දෙකයි පණහේ පීචං මීහරක් කතා කියන්නේ.

      ඔක්කොටම හපන් ඕකේ නිවේදකයා උටම හරියන ගොබ්බයෙක්. හරියට ප්‍රශ්ණයක් අහන්න දන්නෙ නෑ. බුකියේ ඉන්න ගොඩක් ගොබිබයොත් ඒ මෝඩ නිවේදක වගේ තමයි...

      මේ ගැන අප කරන්න ඕන පක්ෂ භේදයකින් තොරව සියලු දෙනාටම එකඟ විය හැකි නිවැරැදි තොරතුරු මත පදනම්වූ පරිසර ආරක්ෂාව, වනාන්තර රැක ගැනීමට කැප වූ දීප ව්‍යාප්ත මට්ටමේ ව්‍යාපාරයක්. මෝඩයො ටික පැත්තකට කරල දාන්න ඕන නැත්නම් වෙන්නේ එක එක දේශපාලනික ගේම් වල බලපෑම මත මේක විකාරයක් වගේ වෙලා තියෙන්නේ දැනටමත් වගේ.

      අපි 2007/ 08 කාලයේ ඉඳලා එවකට පැවති දූෂිත රාජ පක්ෂ රෙජී මයෙ වන විනාශයට එරෙහිව කටයුතු කළා. ඊට පස්සෙ 2015 - 19 යහපාලන රෙජී මය කාලේ ඒ වගේම වැඩ කළා. නමුත් ඒ කාලවලදී නිහඬව වෙනත් දේශපාලන ව්‍යාපාර වල කටයුතු කරපු අය එකපාරටම වන විනාශයට එරෙහිව අසත්ය විවිධ මිථ්‍යා මත ඉදිරිපත් කරන බව පේනවා. ඒ වගේම යහපාලන කාලේ අපට කියන දේ ප්‍රචාරය කරපු සමහර අය එකපාරටම වන විනාශය සාධාරණීකරණය කරන බව පේනවා. මේ නිසා මේවා ගැන යම් එකඟතාවයකට පැමිණීම වටිනවා.

      Delete
    2. Anonymous April 6, 2021 at 12:05 PM

      You are 100% correct about Oxygen , we are in fools paradise. Most people do not use logical thinking and do not understand media's political bias.

      Delete
  5. යන්තං සුමනවීරබණ්ඩාගේ කතාවෙන් උඹ ශේප් උනා ඈ. නිකං පිස්සෙක් වගේ ... පිස්සෙක් වගේ..
    අර පක්කු දෙන්නට බඩු බනිස් වෙලානෑ නේ. අතනින් මෙතනට මෙතනින් අතනට.
    අඩු ගානේ කර්ලැයින්ට තිබ්බ ගටවත් නෑනේ ස'ට. කර්ලැයින්ට අර කටු ඔටුන්න ගැලෙව්වේ කිසිම බලයක් නැතුව. මේක එහෙමද, තුනෙන් දෙකද, 20ද තියෙන හැම මගුලක්ම තිබිලත් අනේ මල්ලි ඔයා අතනට යන්න හොඳ මල්ලි වගේ ඔයා මෙතනට එන්න.
    අමාත්‍යන්ශේ තියෙන ලොකුම වැඩේ වගේ ටෝච් එකයි කුඩෙයි ඉල්ලන්න රෙද්ද ගලවල හිඟමනේ ගියාම ඇමතිතුමී සබාපතියා කොන්ට්‍රෝල් කරන්නේ කොහොමද බං. මතකද කමල්ලා ගේම ඉල්ලුවේ OL ලියන කොල්ලොන්ගෙන්නේ. කලේ කැපිල්ල නවත්තයි OL කොල්ලෝ කරනවනං. කයිය පටින්.

    අරක කරන්න බෑ මේක කරන්න බෑ කියනා ඇමතිවරුන් රාජ්‍ය නිළධාරීන් රටට කුමකටද කියල අහන වෙලේ 20ද තුනෙන් දෙකද AI ද ඔරකල් ඩේටබේස්ද අරකද මේකද තියාගෙන ඤං පචං ගාන්නැතුව ගේමට බහින්න බයද කියලනේ උඹට ලියන්න තිබ්බේ.
    ස'ට ඕනෙනං තාමත් ඕක කරන්න පුළුවන් ඔය වියත්මගේ අපතයෝ (නානවා ඇරෙන්න වෙන මොනවයි උන් කරලා තියෙන්නේ) එළවලා නියම ඇඩ්වයිසර්ල සෙට් එකක් දාගෙන, අයෙත් එන්න ඕනෙත් නැත්තන් යනයකා කොරහත් බිඳන් ගියාවගේ සේරම ක්ලීන් කරලා යන්න පුළුවන් (ඕනෙනං ආයේ එන එකෙකුට කන්න)

    කරන්න බැරිමනං ඔන්න ඕක කර්ලැයින්ට දෙන්න කියපං
    එහෙමත් නැත්තන් දම්මික බාස්ට දෙන්න කියපං ඌ කාලිගෙන් අහල මොනවා හරි කරාවි.

    ReplyDelete
  6. සෞම්යාට දිව දාන්න තිබ්බා නං. ම්ම්.. ජුස් බොනවා. ආසාවේ බෑ මතක් වෙද්දී.

    ReplyDelete
  7. "71ට අඩසියවසක් අළුත් කියවීමක්
    "හැරවුමක ඇරඹුමක් "
    2021-04-04

    "පහන් වෙවී කියන විගසින
    රැය පහන් නොවේ සකිසඳ
    අඳුර විනිවිදින හී සර
    නගනු කාලයයි
    නිවුනු පහන් එකිනෙක
    දල්වන්ට කාලයයි ."

    උවිඳු...

    ReplyDelete
  8. අයිසේ ළමාතැන්,

    මොනවා උනත් මන්ගල ගෙදර ඉදන් වැඩ කිලී මහාරාජා සහ USAID එක්ක. ලොවෙත් නැති regime change program එකක් මේ සැරේ යන්නේ. මාර interesting බන්. මම නම් මේවා බලල පට්ට ආතල් එකක් ගන්නවා. දැනට රාජ පක්ස කල්ලියේ උන් බිලී පිත්ත බුරුල් කරලා අදින්න දීලා තියෙන්නේ. හොඳින් ස්ටඩී කරනවා වගේ. තාම චීන ආධාර වලින් දෙන කවුන්ටර් ඇටෑක් එක පටන් අරන් නෑ. නමුත් අලුත් දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන් දාලා විපක්ෂය කඩන එක පටන් ගන්න කොට තවත් ආතල් එකක් ගන්න පුළුවන්. ගොන්ජන් බූරු නායක ලොක්කත් රාජ පක්ස කල්ලියේ කාලකන්නි විසින් මිලදී ගැනීමට සූදානම් බවත් පෙනී යනවා වගේ නේද? ඌව නිදහස් කරලා වෙනම රාජ පක්ස විරෝධී කැම්පේන් එකක් කරයි විපක්ෂ ඡන්ද කඩන එක වෙනුවෙන්... බලන්න පුලුවන් නම් හොඳයි නේද ඉක්මනට...

    ReplyDelete
  9. කබ්රාල් සමග නාලකද
    අරුන්දික හා ජොන්ස්ටන්
    රෝහිත සහ අලුත්ගමගේ
    යනමග කුමක් වුව
    එමග මගහැර
    යා නොහැක නන්දෙට

    ReplyDelete
  10. මක්කා කරන්නද ලොක්කා
    ලොක්කත් වෙලා වගෙ සොක්කා
    උඩ දානා විටදී එක-එක ඔළුබක්කා
    කතිරෙ ගසනු මිස අපි කරමුද මක්කා?

    ReplyDelete
  11. මුලදී ජවිපෙ ජාතිවාදීන් සමග සමීපව බැඳී සිටි අන්තරයේ වාමාංශික මතධාරියකු වූ ‘රණවක’ 1993දී දකුණු පළාත් සභා ඡන්දයේදී කරළියට එන්නේ ‘ජනතා මිතුරෝ’ නමින් සංවිධානයක් අටවා ගෙනය. ඒ මංගල සමරවීර රුවන් ෆර්නැන්ඩස් වැනි දෙකයි පණහේ අමන මඩ කරියන් සමග චන්ද්‍රිකාගේ සහයටය. බලය බෙදා හැර උතුරට දේශපාලන විසඳුමක් සඳහා පෙනී සිටි මෙම පුද්ගලයා ඉන්පසු 1998දී ‘ජනතා මිතුරාගෙන්’ මාරුවෙන්නේ ‘ත‍්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය’ටය. එම ව්‍යාපාරයට දේශපාලන හුස්ම පිඹින්නේ ‘සිහළ උරුමය’ නමින් පක්ෂයක් ආරම්භ කරමිනි. 2004දී එය තවත් ශක්තිමත් වන්නේ භික්ෂූන්ගේ නායකත්වයෙන් ‘ජාතික හෙළ උරුමය’ වෙමිනි. මේ චම්පික ඇටවූ සිහළ උරුමයේම වර්ධනීය තැනය. එහි ආරම්භක සාමාජිකයන් වූයේ කොළොන්නාවේ සුමංගල හිමි, උඩුවේ ධම්මාලෝක හිමි, එල්ලාවල මේධානන්ද හිමි, ඕමල්පේ සෝභිත හිමි, අතුරලියේ රතන හිමි සහ තිලක් කරුණාරත්නය. එයට ලැබෙන මහඟු ආශිර්වාදය වූයේ සෝම හිමිගේ අපවත්වීමය. එතෙක් සමාජය තුළ සෝම හිමි ආක‍්‍රමණය කරමින් සිටි පදාසයම ‘ජාතික හෙළ උරුමයට’ දාගන්නට හැකිවූයේ මේ හිමිකරුවන්ටය. මේ සියල්ල පිටුපස සිටි සැබෑ වුවමනාකාරයා චම්පික රණවකය. ඔහු පැවිද්දන්ගේ කරපිටින් ආවා කියනවාට වඩා නිවැරදි වන්නේ ඔහු පැවිද්දන්ටත් බණ කියා තම මතවාදයට හරවා ගත් බවය.

    මේ දවස්වල විමල් වීරවංශ සහ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක එක්කරගත් නව දේශපාලන සන්ධානයක් ගොඩ නැගීමේ අවශ්‍යතාවය ගැන පාර්ශව කිහිපයක් අතර සාකච්ඡා වෙමින් ඇතැයි ඩේලි මිරර් පුවත්පතේ වාර්තාවක තියෙනවා.

    ඒ වගේම එම වාර්තාවේ දැක්වෙන්නේ ලංකාවේ පැවති පසුගිය යහපාලන රජය පිහිටුවීමට මූලිකත්වය ගත් ඇමරිකානු සහ යුරෝපීය තානාපති කාර්යාල සමග සමීපව බැඳී සිටින විදෙස් අරමුදල් යහමින් ලැබෙන ධනවත් බලවත් සිවිල් සංවිධාන කිහිපයක්ම මෙම සාකච්ඡාවලට ඉතා ශක්තිමත්ව බලවත් ලෙස සම්බන්ධ වී සංවිධාන කටයුතු කරමින් සිටින බවයි.

    මීට අමතරව කොළඹ කේන්ද්‍ර කරගත් ප්‍රධාන පෙළේ භික්ෂූන් කිහිප දෙනෙක් ද සඳහන් කර ඇත්තේ ඔවුන් දෙදෙනා එක්ව දේශපාලන ගමනක් යා යුතු බවයි.

    ඒ වාර්තා කෙසේ වෙතත් මෙතෙක් මෙම දෙදෙනා මුණ ගැසී සාකච්ඡා කර නැති අතර නුදුරේම එම හමුව සිදු කිරීමට අදාළ පාර්ශවයන් උත්සාහ දරමින් සිටින බව ද දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. මේ ගැන දීර්ඝ ලෙස සාකච්චා කිරීමට අවශ්‍ය විස්තරයක් ඉදිරිපත් කරන්න පුළුවන් නම් හොඳයි නේද?

    ReplyDelete
  12. මම හිතන්නේ අසාර්ථක වන්නේ තමන්ගේ වැරදි පිළිගෙන ඒවා වහාම නිවැරදි කර නොගන්නා අයයි. මේ ආණ්ඩුව දිගින් දිගටම අසාර්ථක වීමට මූලික හේතුවක් ලෙස මා දකින්නේ ආණ්ඩුවේ වැරදි විවේචනය නොකරන පිරිසත් වැරදි වහන පිරිසත් නිසා ආණ්ඩුව සිය වැරදි නොපිළිගැනීමයි. එනම් ආණ්ඩුව සිතන්නේ ඔවුන් කරන්නේ නිවැරදි දේ බවත් වැරදි කළත් ඔවුන් ආරක්ෂා කරන වහලුන් පිරිසක් සිටින නිසා ඔවුන්ට ගැටලුවක් නැති බවත්ය. යහපාලන ආණ්ඩුව කළ එජාපය සහ පිරිස අද පක්ෂ දෙකකට බෙදී තිබුණත් අද විපක්ෂයේ ඉන්නේ ඒ එකම පිරිසය. ඔවුන්ද මේ ආණ්ඩුව මෙන්ම මීටත් අන්ත ලෙස පසුගිය කාලයේ අතිශයින්ම අසාර්ථක විය. ඔවුන්ගේ වැරදි ඔවුන් කිසිසේත්ම පිළිගත්තේ නැත. ඒ වෙනුවට එජාපය මෛත්‍රීටත් මෛත්‍රී එජාපයටත් ජවිපෙ මේ දෙගොල්ලොන්ට සහ විපක්ෂයේ රාජපක්ෂ කල්ලියට ඒවා ගැන චෝදනා කරමින් කාලකන්නි ලෙස හැසිරීමේ ප්‍රතිඵලයක් විදියට පාස්කු ප්‍රහාරය සමගින් සියල්ලන්ගේම රෙදි ගැලවිලා ගියා.

    අනෙක් අතට මේ ආණ්ඩුව අසාර්ථක වන නිසා ඔවුන්ගේ වැරදි අහෝසි වෙන්නේ ද නැත. එබැවින් මේ ආණ්ඩුව වෙනුවට ඔවුන්ගේ ආණ්ඩුවක් හැදීමෙන් වෙනසක් වේ යැයි සිතීමද අතාර්කිකය. මෙය වනාහි ව්‍යවහාර “උනුත් එකයි මුනුත් එකයි” යන තත්ත්වයයි. එම වහර ප්‍රසිද්ධ කළේ ජවිපෙ ය. ජවිපෙ ගැන ඇතැමුන් අද කියන්නේ ඔවුන් ආණ්ඩුවක් හැදුවොත් මේ තත්ත්වය වෙනස් වෙනු ඇත කියාය. එය අලුත් කතාවක් නොවේ. ප්‍රධාන පක්ෂ දෙක අසාර්ථක වන හැම විටම ඇතැමුන් කීවේ ජවිපෙට දීලා බලන්න ඕනෑ කියාය. අපි උපකල්පනය කරමු ජවිපෙට එහෙම තනි ආණ්ඩුවක් ප්‍රායෝගිකව හැදිය හැකිය කියා. ජවිපෙ අතීතයට කෙසේ හෝ සමාව දුන්නා යැයි සිතමු. ඒත් මේ කියන කතාව තාර්කිකව පිළිගත හැකිද? ජවිපෙ සිය වැරදි පිළිගන්නවාද? ජවිපෙ සාමාජිකයන් ජවිපෙ වැරදි විවේචනය කරනවාද? ජවිපෙ අනෙක් පක්ෂවලින් වෙනස්ද? කිසිසේත්ම නැත.

    මේ ගැන මා දකින ආකාරයට වැරදි පිළිනොගන්නා ප්‍රමාණයට ලංකාවේ දේශපාලන පක්ෂ පෙළ ගැස්වුවහොත් ජවිපෙ ඉන්නේ අංක එකටය. ජවිපෙ නායකයා කිසිවිටෙක ඔහුම සිදු කළ වැරදි ප්‍රකාශ සාක්ෂි සහිතව පෙන්වා දුන්නත් පිළිගන්නේ නැත. ඔහු ඉතා අහංකාර අයෙකි. ඔවුන්ගේ අනෙකුත් උප නායකයන්ද එලෙසමය. ඒ සියල්ලටම වඩා වැරදි පිළිනොගන්නේ ජවිපෙ පාක්ෂිකයන්ය. ඔවුන් තරම් සිය පක්ෂය හෝදන පිරිසක් වෙන පක්ෂවල නැත. ඔවුන් තරම් සිය පක්ෂ නායකයන් දේවත්වයෙන් සළකන පිරිසක් වෙන පක්ෂවල නැත. ඔවුන් තරම් අහංකාර පිරිසක් වෙන පක්ෂවල නැත. “තමන් කිසිදා වැරදි නොකරන ශුද්ධවන්තයන්” ලෙස ඔවුන් තරම් සිතනා පිරිසක් වෙන පක්ෂවල නැත. මා මෙය කියන්නේ ජවිපෙ සමග ද්වේෂයකින් නොවේ. ඇතැමුන්ට මෙන් ජවිපෙ සමග මට ඓතිහාසික පුද්ගලික කෝන්තර නැත. මා මේ කියන්නේ අප දකින යථාර්ථයයි. අඩුම තරමින් ගෝඨාභය ජනපති කරවීමෙහි ලා කතා කළ නිදහස් සහ විවෘත මතධාරීන් බහුතරයක් ඔහුගේ ආණ්ඩුවේ වැරදි විවෘතව විවේචනය කරයි. ඒවා නිවැරදි කරගැනීමට බලපෑම් කරයි. මෙවැනි තවත් පිරිසක් මහින්ද රාජපක්ෂටත්, එජාපයටත්, සමගි ජන බලවේගයටත් සිටී. ගැටලුව වන්නේ එම පිරිස සාපේක්ෂව කුඩා වීමයි. එජාපය රට පාලනය කළ යහපාලන කාලයේ දී ද ඔවුන්ගේ වැරදි විවේචනය කළ කුඩා එජාප පාක්ෂිකයන් පිරිසක් විය. නමුත් එවැනි කුඩා හෝ පිරිසක් ජවිපෙහි සිටීද? නැත. ජවිපෙහි දේශපාලන සමාජාර්ථික ප්‍රතිපත්ති ප්‍රධාන පක්ෂවලින් වෙනස් විය හැකිය. අවස්ථාව ලැබුණොත් ඒවා ක්‍රියාත්මක කිරීමටද ඔවුන් අවංකව උත්සාහ කරනු ඇතැයි සිතිය හැකිය. නමුත් ඒ ක්‍රියාවලියේදී වැරදි නොවෙනු ඇතැයි සිතීම අතාර්කිකය. එවිට ඒ වැරදිද අද අනෙක් පාක්ෂිකයන් කරන්නාක් මෙන්ම ජවිපෙ පාක්ෂිකයන් විසින්ද වහනු ඇත. නොදැක්කා සේ සිටිනු ඇත. ඒවා විවේචනය කරන විරුද්ධ පාක්ෂිකයන් නිර්දය ලෙස යටපත් කරනු ඇත. එසේ නොසිතන්නට සාධාරණ හේතුවක් නැත. ඒ අනුව බලන කල අන් පක්ෂවලට වඩා ජවිපෙ ආණ්ඩුවක් හොඳ වීමට හේතුවක් නැත.

    මේ නිසා සැබැවින්ම ලංකාවේ දේශපාලනය ඇත්තේ මහා අර්බුදයකය. එම අර්බුදය විසඳීම සඳහා පවතින පක්ෂවලින් විසඳුමක් ඉදිරිපත් වී නැත. සියලු පක්ෂ එම මහා අර්බුදයේම ප්‍රබල කොටස්ය. අලුත් දේශපාලන පක්ෂවලින්ද නුදුරු අනාගතයේ වෙනසක් වේ යැයි සිතීමටත් කිසිසේත්ම අදාල හේතුවක් නැත. අනාගතය අඳුරුය. මේ ගැන ඔබට අදහසක් තියෙනවා ද කියලා කියන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. ජවිපාවුන් ලාංකික දේශපාලන චිත්‍රයේ 3%කටත් වැඩ අඩු පිරිසකි.
      ඔබේ විග්‍රහයේ තුනෙන් දෙකකටත් වඩා වැඩියෙන් වෙන්කෙරෙන්නේ ජවිපාවුන් ගැනය.
      දේශපාලන විචාරකයන් මෙලෙස නම් දේශපාලකයන් ගැන කුමන කතාද

      Delete
    2. @ AnonymousApril 8, 2021 at 9:14 AM

      ඔබේ අදහස් සමග බොහෝ දුරට එකඟයි. ඇත්තටම 2012 ටත් පෙර සිටම ජවිපෙ සැලසුම් කළ ඉදිරි ක්‍රියාමාර්ග අනුව 2015දී ජවිපෙ ප්‍රමුඛතාවය දුන්නේ දූෂිත රාජපක්ෂ රෙජීමය මොන ජාතියෙන් හරි බලයෙන් පහ කිරීමටටයි. ඔවුන් එය කිරීමට සමත් වුනා. 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය සඳහා ජවිපෙ ප්‍රබල දායකත්වය තීරණාත්මක ලෙස බලපෑවා.

      එහෙත්, ජවිපෙ ඒ අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටියේ වක්‍ර ලෙසයි. ඔවුන් ජනතාවට "අන්න නයා. මෙන්න පොල්ල" කියා පෙන්නුවා මිසක් ඊට වඩා වැඩි දෙයක් කිවුවේ නැහැ. එසේ කළේ "නයා මරන්න කියා අපි කවදාවත් කියා නැහැ" කියා පසුව ඇඟ බේරා ගැනීමේ කපටි අදහස වෙනුවෙනුයි. නමුත්, තමන්ට වාසිදායක තත්ත්වයන් යටතේදී "නයා වගේම පොල්ලත් පෙන්නුවේ අපි. අනෙක් අය කළේ අපි පෙන්නුවාට පස්සේ නයා මරපු එක විතරයි" කියා කීමේ විකල්පයත් ඔවුන් ඉතිරි කර ගත්තා.

      2015 ජනපතිවරණයට පෙර යහපාලනය වෙනුවෙන් පෙනී සිටි බොහෝ දෙනෙකුගේ අපේක්ෂාවන්ට සාපේක්ෂව යහපාලන ආණ්ඩුව ඉතා ඉක්මණින්ම අසාර්ථක වීමට නියමිතව තිබුණු බව මුල සිටම ඉතාමත් පැහැදිලිව පෙනුණු දෙයක්. ජවිපෙත් මේ බව නිවැරදිව ඇස්තමේන්තු කළා. පැවති තත්ත්වය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යාම සඳහා රනිල් වික්‍රමසිංහ සතුව සැලසුම් තිබුණා. එහි මූලික හා ප්‍රධානම උපාය මාර්ගය වූයේ රට පාලනය වැනි අමාරු වැඩ කටයුතු ගැන අවධානය යොමු නොකර කපටි කමින් කෙසේ හෝ බලයේ සිටීමයි. රටට මොන මගුලක් උනත් විපක්ෂයක් නැත්නම් තමන්ට අවුලක් නෑ ඇමරිකානු, ඉන්දියානු සහ යුරෝපීය සහය ඇතුව ඒකාධිපති පාලනයක් යටතේ ශ්‍රීලනිපය දෙකඩ කර එහි වාසිය ගැනීමට ඔහු සැලසුම් කලා. එහෙත්, ශ්‍රීලනිප දෙකඩ වීම වෙනුවට සිදු වුනේ ශ්‍රීලනිපය නැති වී වෙනම අලුත් බලවත් විපක්ෂයක් සෑදීම නිසා රනිල්ගේ සැලසුම් සම්පූර්ණයෙන්ම අසාර්ථක වූණා.

      ජවිපෙ සැලසුම් පදනම් වූයේද රනිල්ගේ සැලසුම් වලට සමාන්තරවයි. ශ්‍රීලනිපය දෙකඩ වී දුර්වල වීමෙන් පසුව එජාපයටද මතු වෙන්නට ඉඩ නොදී මඩ ගසා දුර්වල කර පක්ෂ දෙක කෙරෙහිම ජනයා කලකිරවා ඒ විශාල පිරිස තමන් වෙත ආකර්ශනය කර ගැනීම ජවිපෙ අභිලාශය වුනා. ජවිපෙ විසින් බැඳුම්කර සිදුවීම උපයෝගී කරගෙන එජාපයට මුලදීම මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළේ එජාපයේ ගමනට තිරිංග දමා තමන්ගේ ගමන වේගවත් කර ගැනීමට මිස රාජපක්ෂලාට නැවත බලයට එන්න තිබෙන ඉඩකඩ වැඩි කරන්න නෙමෙයි.

      එජාප හා ජවිපෙ සැලසුම් වෙනස් වුනේ මහින්ද විසින් ශ්‍රීලනිප සභාපතිකම මෛත්‍රීට දී පැත්තකට වීමත් සමඟයි. බැලූ බැල්මටට මෙය පෙනුණේ මෛත්‍රීට වගේම එජාපයට හා ජවිපෙටත් ලැබුණු අනපේක්ෂිත වාසියක් විදිහටයි. එහෙත්, ඉත්තන් කිහිප දෙනෙක් කැපෙන්නට ඇරීමෙන් රාජපක්ෂලාට දාන් යන්න පාරක් ඇරුණා.

      Delete
    3. ජවිපෙ අයෝමය හස්තයකින් ඒකාධිපති ලෙස පාලනය කරමින් සිටිමින් එජාපයට අවශ්‍ය පරිදි කටයුතු කරන බවට චෝදනාවක් කලක සිටම අනුර කුමාරට එල්ල වී තිබෙනවා. ඒ වගේම ජවිපෙට පොදුවේ "රතු අලි" ලේබලයක්ද වැදී තිබෙනවා. මේ ලේබල් ගහන කණ්ඩායම් අතර රාජපක්ෂවාදීන් වගේම ඊටත් වඩා ජවිපෙන් කැඩී ගිය කණ්ඩායම් දෙකේ අය කැපී පෙනෙනවා.

      කිසියම් දේශපාලන පක්ෂයක් ඇතුළේ වෙනත් පක්ෂයක ඉත්තන් සිටීම අමුතු දෙයක් නෙමෙයි. ජවිපෙ ඇතුළෙත් එවැනි අය සිටිය හැකියි. විමල් වීරවංශ වැනි අය ජවිපෙ ඇතුළේ සිටියදී රාජපක්ෂලාට අවශ්‍ය පරිදි කටයුතු කර ඇති බව පැහැදිලියි. ඒ ආකාරයටම අනුර කුමාර එජාපයට සහ යුරෝපීය/ ඇමරිකානු තානාපති කාර්යාල වල න්‍යාය පත්‍රයට අනුව ඒ අවශ්‍ය ආකාරයට කටයුතු කරන එක වරදක් නැහැ. හැබැයි එවැනි තත්ත්වයක් තිබේනම් එය ජවිපෙ සාමාජිකයින්ගේ හා නිලධාරී මණ්ඩලයේ ප්‍රශ්නයක්. ඔවුන්ට එය ප්‍රශ්නයක් නොවේනම් හෝ එවැනි ප්‍රශ්නයක් නොපෙනේනම් ජවිපෙට පිටින් සිටින මෝඩයින් එය ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ.

      බාහිර නිරීක්ෂකයෙක් ලෙස මා දැකපු ආකාරයටනම් සිදු වුනේ ඇතැම් තත්ත්වයන් යටතේදී ජවිපෙ හා එජාප අවශ්‍යතා සමපාත වීමක්. එය ජවිපෙ එජාපය වෙනුවෙන් කඩේ යමක් ලෙස ලඝු කරන්න බැහැ. ජවිපෙ උත්සාහ කළේ මුලින් එජාපයේ උදවුවෙන් දූෂිත රාජපක්ෂ කල්ලිය ඇතුළු ශ්‍රීලනිපත්, දෙවනුව එජාපයත් දුර්වල කර 2020දී රාජ්‍ය බලය වෙත කිට්ටු කරන්නයි. ඔවුන් ඉලක්ක කළ පරිදි බොහෝ දේ සිදු වුනේ නොමැති තත්ත්වයක් යටතේ වුවත් වෙනම තරඟ කිරීම ඔවුන්ට 2019 දී ගත හැකිව තිබූ හොඳම ක්‍රියා මාර්ගයයි.

      ඒ වගේම අනුර කුමාර සහ ටිල්වින් සිල්වා ඇතුළු inner circle එකේ ඒකාධිපති දැඩි මතධාරී උඩඟු පාලනය විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම පක්ෂ යෙන් නෙරපා හැර එලවා දැමීමට වීමත් මෙයට සම්බන්ධයි. මම දකින විදිහට නම් සන්නද්ධ අරගලය අතහැර මැතිවරණ තුලින් ජවිපෙ ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදී ඉලක්ක වෙනුවෙන් මුලින්ම පෙනී සිටි කණ්ඩායමක් තමයි වීරවංශ ඇතුළු පිරිස. එහෙත් බාහිර නිරීක්ෂකයින්ට ඔවුන් පෙනුනේ පක්ෂයේ ප්‍රබලයින් ලෙස වුවත්, ඔවුන්ට පක්ෂය ඇතුළේ බලයක් නොතිබුණු නිසා පක්ෂය ප්‍රතිසංස්කරණය වීම වෙනුවට සිදු වුනේ ඔවුන් පයින් ගසා එළියට විසි වීමයි.

      මීට සමගාමීව 2019 දී රනිල්ගේ ප්ලෑන් එක වුණේ ජනතා විමුක්ති පෙරමුණෙන් ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කරනු ලබන අනුර කුමාර දිසානායක එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රධාන සන්ධානය විසින් පොදු අපේක්‍ෂකයෙකු බවට පත් කර ඔහුට සහාය දිය යුතු බව එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහගේ පුද්ගලික අදහසක් ලෙස යෝජනා කිරීමයි.

      රනිල්ට අනුව 2015 වසරේදී මහින්ද රාජපක්‍ෂ සමග සිටි බලවේග 2019 දීත් ඒ ආකාරයෙන්ම සිටින නිසා එම කදවුර පැරදවීමට නම් 2015දී යහපාලනය වෙනුවෙන් කටයුතු කල සියළු දෙනා එකට එකතු වී ඡන්දේට ඉදිරිපත් විය යුතු බව.

      මේ තීරණාත්මක අවස්තාවේ තම කදවුර විසිරී යනවාට වඩා අනුර දිසානායකට සහයෝගය දීම වඩාත් උචිත බව රනිල් පැවසූ පසූ මෙයට සජිත් පිල කිසිසේත්ම එකඟ නොවන බවත් එම නිසා;

      (1) රනිල් විසින් අනුරව යෝජනා කිරීම හා ඒ ඔස්සේ ගෙන එන 2015 සන්ධානය රැකගැනීමේ යෝජනාව හා එමගින් 2019 ගෝඨභයව පැරදවීමේ වැඩපිළිවෙල සහ

      (2) සජිත් හරහා නැවතත් යූ. ඇන්. පී. ජනාධිපතිවරයෙකු වසර 25 කට පසු පත් කරගැනීමේ එජාප සිහිනය

      යන දෙක විසින් පක්ෂය තුල විශාල බෙදීමක් ඇති කරනු ඇති බවත් රනිල් හිතුවා.

      රනිල් ට අවශ්‍ය වුණේ මෙන්න මේ බෙදීමයි. (ඒ මිස අනුර ගේ නායකත්වයෙන්යුත් සන්ධානය තැනීමට නෙවෙයි. ජවිපෙ සාමාජිකයකු ජනාධිපති කරවීම සඳහා දර දිය ඇදීමට යූ. ඇන්. පී. කරයන් සුදානම් නති බවත් ජවිපෙ සාමාජිකයකු ජනාධිපති කිරීම වෙනුවෙන් සමජ ජාල තුල මිස බිම්මට්ටමේ ගම්මට්ටමේ රැල්ලක් නිර්මාණය නොවන බවත් රනිල් දන්නවා) රනිල් ට අවශ්‍ය වුණේ පක්ෂය සමගි කිරීමේ ගැලවුම්කාරයා යන තේමාව යටතේ කරු ජයසූරියට ජනාධිපතිවරණ අපේක්ෂ්කත්වයට සම්ප්‍රාත්තවීමට ඉඩ හොඳාකාරවම ලැබෙන විදියේ තියුණු බෙදීමක් පක්ෂය තුල නිර්මාණය කිරීමටයි.

      ඒ වගේම. 2019 ජනාධිපතිවරණ අපේක්ෂ්කත්වය සජිත් ට නොදී සිටීමේ හැකියාව තමන්ට ලැබෙන්නේ එතැනින් බව රනිල් හිතුවා. 2019 අගෝස්තු මාසයේ ජවිපෙ ගාලුමුවදොර පුටු පිරෙව්වේ රනිල් ගේ මෙන්න මේ උපායමාර්ගය වෙනුවෙනුයි. සජිත් හැර වෙනත් විකල්පයක් තමන්ට ඇති බව පක්ෂය ට කීමට රනිල් ට අවස්ථාවක් ලබා දීමටයි, 2019 අගොස්තු 18 ජවිපෙ සාමාජිකයන් කොලඹ ගියේ මේ වගේ තවත් සැලසුම් රැසක් තිබුණු රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපයේ නායකත්වයට මේ සියලු සැලසුම් නොසිතූ විරූ ලෙස අසාර්ථක වන අයුරු බලා සිටීමට සිදුවීම මහත් වූ ඛේදවාචකයක්.

      කෙසේ වෙතත් දැන් සියලුම විපක්ෂ කණ්ඩායම් ඒකාබද්ධව රාජපක්ෂ රජයට එරෙහිව හඬ නගන අයුරු පෙනෙනවා. කෙසේ වෙතත් නිසි නායකත්වයක් නොමැති වීම මෙයට දැඩි අවුලක් ඇති කර තියෙනවා. මේ ගැන සියලු විපක්ෂ පක්ෂ එකතුවකින් කණ්ඩායමක් හදන්න දීර්ඝ ලෙස සාකච්චා කිරීමට අවශ්‍යයි.

      Delete
  13. AnonymousApril 8, 2021 at 9:14 AM

    ඔබේ නිරීක්ෂණය සහ අදහස් ගැන මම දරන මතය අනුව ජ.වි.පෙ. හුඟ දෙනෙකුගේ තියෙන්නේ කටපාඩමින් කරපු පොතේ අධ්‍යාපනය විතරයි. වෙන වෙන තියෙන නැහැදිච්චකම් බොහෝමයයි. අපි තමයි හරිම දේ කරන්නේ කියන අධි මානසිකත්වයෙන් පෙලෙන කොටසක් තමයි දැන් ඉන්නේ. ජ.වි.පෙ. පරණ සාමාජිකයෝ දේවත්වයෙන් අදහපු, ආරක්ෂා කරපු පක්ෂය ජ.වි.පෙ. Facebook බලකාය විසින් විනාශ කරලා ඉවරයි. ඒ හින්දා තමයි මෑතකදී Facebook එකේ ජවිපෙ ජාතික ජන බලවේගයේ ඉහළ මට්ටමක සිටින කෙනෙක් පවා කියලා තියෙන්නේ පක්ෂය බිහිකරපු විජේවීරත් ඒකේ තවත් එක සාමාජිකයෙක් විතරයි කියලා. වගේ පක්ෂය වෙනුවෙන් දැවැන්ත කැපකිරීම් කරපු ඇස් ඉස් මස් ලේ දන්දී පක්ෂය ගොඩනගා රැකගත් අයට වත් අඩුම තරමේ වාචික ගෞරවයක් වත් නැති කෙලෙහි ගුණය නොදත් අනෙකුත් සාමාජිකයෙක්ගේ කරදරයකදි, අපහසුතාවයකදි කිසිම විදිහකින් අඩු ගානේ වචනයෙන් වත් උදව් නොකරන කොටසක් තමයි දැන් ඉන්නේ. හැබැයි අපි ආශ්‍රය කරන පරණ සාමාජිකයන්ගේ ඒ ගුණය අදටත් තියෙනවා. මහ ලොකුවට කතා කරන ඔය පක්ෂය තුල තියෙන අසම්මත දේවල් ගැන කතා කරලා වැඩක් නැහැ. මම නම් Facebook ජවිපෙ ජාතික ජන බලවේගයේ සාමාජිකයන් අති බහුතරය සමග දැන් නම් කිසිම දෙයක් සාකච්ඡා කරන්නේ නැහැ නිහඬව මග ඇරල යනවා මොකද තේරුමක් නැති නිසා තමයි.

    ReplyDelete
  14. අයිසේ මාතලන්, මේ වන විටත් අඟුණකොළපැලැස්ස හිරගෙයි සිරදඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ නිල සමාජ ජාල ගිණුමේ සටහනක් දාල තියෙනවා දැක්කා නේද?

    ඒකේ හැටියට හිරේ විලංගුවේ ඉඳන් රංජන් සඳහන් කරන්නේ තම මන්ත්‍රීධූරය වලංගු ද නැද්ද යන්න තීරණය කිරීම ගැන ආණ්ඩුවේ බලපෑම් මත පවා කතානායකවරයාට මාස තුනක් ගත වුවත් තම පක්ෂය වන සමගි ජන බලවේග නායකත්වය සහ අනෙකුත් අයට අලුත් මන්ත‍්‍රීවරයෙකු පත් කිරීමට ගතවූයේ පැයකටත් අඩු කාලයක් බවයි.

    මේ වගේ කාලකන්නි අමන වැඩක් කරපු හැම පාහර බල්ලෙකුටම අවසන් මොහොතේ දිට්ඨධම්ම වේදනීය කර්මයට මුහුණ දීමට සහ කර්ම ගෙවීමට බලාපොරොත්තුවෙන් සිටින්නැයිද ඔහු එමගින් කියා සිටියේ. මේ ගැනත් පෝස්ට් එකක් ලියන්න පුලුවන් නේද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න