.

.

Aug 19, 2021

වසන්තය පමාවි හෝ එනු ඇත -The best is yet to come


ඉස්සර සිංහළ සිනමාවේ වීරයා වූයේ ගාමිනී ෆොන්සේකාය. ඉන් පසු වීරයෙක් ආවේ නැතිය. ඊට පස්සේ ආවේ, ජොකර්ල, පුයර බබාලා හා දිවාකරලා විතරමය. 

පැය 2-3 ක් දුවපු සෝ එකේ මුල හරියේ මෙන්ම මැද හරියේත්, ගාමිනී, ඩොමීගෙන්, පියදාස විජේකෝන්ගෙන් හා ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුගෙන් බඩ යන්නම කන්නේය. ඒත් අවසානයේ අලු මතින් එන ෆීනික්ස් එන්නේ, ගැලරියේ විසිල් හඬ හා අත්පොලසන් හඬ මැද්දේය. සමහර විට, ඩිෂුම්, බුෂුම්, ඉඳා කාලා වරෙන් යන සද්ද ඇහෙන්නේත් නැතිය. ගාමිනිට ගේම දුන්න උන් දුවන්නේ වැටි වැටීය. සමහර උන්ට දෙන්නේ රෙද්දේ රෙවෙන්න ය. සමහර උන්ට දෙන්නේ මැරිලාම වැටෙන්නය.

අද උදේ අරුණ පත්තරේ දැක්කාම මාතලන්ගේ සිත පිනාගියේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා හා ලොකු ලොක්කෝ කීප දෙනෙක්ම එලවනවාය කියා තිබුන නිව්ස් එක දැකලාය. ඇත්ත හෝ බොරු වේවා මෙය ඉටුවනු දැක්ම මාතලන්ගේ එකම බලාපොරොත්තුවය.

ඇත්තටම මේ වසංගතය පැමිණෙන මොහොතේ සුපිරි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙක් ආන්ඩුවට සිටියේය. ඒ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ උන්නැහේය. ඒ වාගේම ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය  පබා පළිහවඩන නෝනා මහත්තයාද වූයේය. මේ දෙදෙනාම දේශපාලන වහලුන් නොව තම තනතුර බැබලුව අය උනේය. 

එහෙත් මේ දෙදෙනාම එලවා දැම්මේ රාජිතගේ මාෆියාව හා එක්වූ පවිත්‍රාගේ වාහේය. ඒ වසංගත සමයේ මියුසිකල් සෝ කරන්න අවසර දුන්නේ නෑ කියලාය. ඊට පසු රාජිතගේ මාෆියාව හා සෙට් වී කල ගසාකෑම් ජනාධිපතිවරයාට මාට්ටු වී පවිත්‍රාට කෙල වූ බව දැන් කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසක්‍ වෙලා අහවරය. ජාසිංහ හා පබා එලවීමට පෙර අඩු ගානේ ඔවුන්ට ජනාධිපතිවරයා හමුවීමේ අවස්තාවක් ලබා දුන්නේ නම්, සෞඛ්‍ය සේවය බව්වාට නොයා තිබීමට බොහෝ ඉඩකඩ තිබුනාය. 

දැන් ඉන්නා හාල්පාරු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා දාගන්නේ මාෆියාවේ සෙට්ටෙකය. ඉන්පසු මාෆියාවේ උන් අමාත්‍යංශයේ විසිල් ගගහා බල්ටි ගසුවේය. ඖෂධ අංශයේ පිස්සු කෙලීමට බැරිවූයේ එහි සිටිනා වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මෙන්ම රාජ්‍ය අමාත්‍ය ජයසුමන යන දෙදෙනාම ඝෝඨාගේ පොරවල් වීම නිසාය. නැත්නම් මුන් ඔක්කෝම එන්නත් ටිකට කෙලිනවාමය.

එහෙත් කම්බා හොරුන් වන බෙල්ලන හා මාෆියාව, වැක්සීනය උන්ගේ අතට පත් වූ පසු  කෙලිය පිස්සුව මුලු ලෝකයම දැක්කෙය. ඒවා උන්ගේ හත්මුතු පරම්පාරාවට, ගෙදර බව්වාට හා පූසාටත් ගැසීමෙන් අනතුරුව, ඉතුරු ටික විකුණාගෙන කෑවේය. කොළඹ උන් ගාල්ලේ ගිහින්10,000/= ට වැක්සීන් එක ගහගෙන ආවේ සංචරන සීමා තිබෙද්දීමය. උද්ඝෝෂණ වලට අවසර දුන් අම්මට සිරි ලංකාවේ මාර උසාවිය නඩුව තාමත් බලවනවාය. මාෆියාව එතරම්ම  බලවත්‍ය. මේවාට විරුද්ධ වූ මොරටු පුරපති අන්තීමේදී හිරේ ගියේය.

ඔය, "රට වහන්න.... එකම පිළිතුර වැක්සීනය පමණයි... " කියනා රාජිත මාෆියාව වැක්සීනය ගගහා උන්නා නම්, මේ රටට අත් වෙන්නේ අබ සරණ විතරමය. අදටත් සෞඛ්‍ය අංශ විසින් එන්නත් ලබා දෙන ස්ථාන සියල්ලම එකම මළ විකාරයක්‍ය. සමහර උන්ට පෝලිම් ඇත්තේ නැතිය. උන්ගේ ප්වුල්වල අවුරුදු 18 වැඩි උන්ටත් වැක්සීනය ලබා දී අහවරය. මේවා බොරු නම් සාක්කි සහිතව ඔප්පු කර දීමට මාතලන් රෙඩිය.

කෙහෙළිය යනු දක්ෂ ව්‍යාපාරිකයෙකි, ව්‍යවසායකයෙකි, කළමණාකරුවෙකි වැඩ පෙන්නූ දේශපාලුවෙකි. එජාපයට කෙලවුනේ ජොනී හා කෙහෙළිය වැනි බුලට් බඩු වෙනුවට කිරිඇල්ල හර්ෂ එරාන් වැනි හාල්පාරුවෝ දාගත්ත නිසා මිස වෙන කිසි හේතුවක් නිසා නොවේය. ඒ කොඩිවින සියල්ල සජිත් කරේ දාගෙන සිටීම ඊටත් ආතල්‍ය.

උන්නැහේ කියන්න තියෙන දේ වන වනා ඉන්නේ නැතිව කෙලින්ම ඇදලා අරිනවාය. ලීඩර්ලා කියන්නේ එහෙම උන්ට මිස බබා හුකුං කරනා උන්ට නෙමේය. ගුරු හූනියන් කාරයෝ ටික දෙනා කාළකන්නින් බව කෙලින්ම කීමට කොන්දක් තිබුනේ උන්නැහේට විතරය. කාළකන්නින් වූ අනෙක් උන්ද හූනියන් කාරයන්ට දැමූ තොප්පිය බලෙන්ම දමාගෙන නැටුවේ කාළකන්ජි ටයිටල් එක උන්ට හරියටම ගැලපෙන නිසාය.

යුද්ධය කාළයේ වැදගත්ම තනතුරක් වූ මාධ්‍ය ප්‍රකාෂක වැඩේ සාර්තකව ඉටු කරේ මුන්නැහේය. ඉන් පසු ජනමාධ්‍ය ඇමති කාළයේ රූපවාහිනි සංස්ථාව, නයි ටී ඇන්  පවුලේ නාලිකාව මෙන්ම හුළං විදුලි සංස්ථාවද ලාබ ලබන ආයතන උනේය. ඒ වාගේම උන්නැහේ වෙනත් වැඩවලටද දක්ෂයෙක් වූ නිසා ඒවායේ කෙල පැමිණි මහින්ද මහත්තයා ජනාධිපති අරමුදලෙන්ම උන්නැහෙට කෘතුගුණ සැලකුවේ, කන බොන මිනිස්සු එහෙම ආතල් බුවාලා නිසාය.

දැන් මුන්නැහේ මුලින්ම කෙලවිය යුත්තේ රාජිතගේ මාෆියාවට හා හූනියන් කාරයන්ටය. ඒ වෙනුවට ආන්ඩුවට හිතවත් පහළ තනතුරු වල සිටිනා දක්ෂයින් හෝ ඉදිරියට ගෙන සෞඛ්‍ය සේවය මළ අඬෝවඩියා සේවයක් නොව හමුදාව මෙන් බුලට් බඩු ඉන්නා තැනක් කළ යුතුය. යුද්දේ ජයගත්තේ එහෙමය. රාජිතගේ මාෆියාවට ගේම දෙන අතරේ උගේ ඩොකියන්ට ඉන්ජෙක්ෂන් එකකුත් ගහලාම යවන්න පුලුවන් නම්, ඒවට අපේ කිසි අකමැත්තකුත් නැත්තේය. 

හැබයි උන් එක්ක එකතුවී පිස්සු කෙලින්නට ගියහොත් මෙතෙක් ඇති කීර්තිනාමයට කෙලවා ගන්නා බවත් නොකියා සිටිය නොහැකිය.


 වගත් මෙසේය......


15 comments:

  1. Replies
    1. තෝ වගේ කාලකන්නියෙක්.මෝඩ මූසලයෙක්.තොගේ බොටුව කනව යකෝ දැන ගනින්..

      Delete
  2. රෙද්දෙ රෙවුණු මාත ගෝතයට, කෙහෙලියගෙන් කීයක් හරි ලැබිල වගේ කුලියට කහින්න. මේ ආණ්ඩුවෙ ඉන්න වැඩ බැරිම දෙන්නෙක් තමයි, ඔය කෙහෙලිය පකයයි පොන්න ජොනියයි. ඕකටම බැන්ඩුල ආචාරිය දැම්මම තුන් කට්ටුව සම්පූර්ණයි.

    ReplyDelete
  3. මූ මරු කියවනවා

    ReplyDelete
  4. Ada labu Jaya saamakamiwa samaramu! Ada wimasuma pitapatha Pothalan...!

    ReplyDelete
  5. මේ ගතවෙන්නේ උදේට කියපු දේ හවහට නොවෙයි දවල් වෙනකොටම වෙනස්වෙන කාලයක්. ඒ නිසා ඕන දෙයක් ලියන්න.

    ReplyDelete
  6. ඕයි මාතලන්, දැන් මේ බුකියේ ලොකු ටෝක් දාන මළ පෙරේත හැලිවලන් පොන්න හැත්තට රට කරන්න දෙන්න තියෙන්නේ �� රෙද්දේ රෙවෙයි. පහුගිය අවුරුදු පහ 2015 - 19 යන්තම් රනිල්ට මොළේ තිබුණ නිසා ඇදගෙන ගියා, අනිත් මීහරක් හැත්ත හිටියා නම් කොහොම තියෙයිද? ලප වානර සහ උගේ වහල් රිළා හැත්ත නම් රටේ පාලනය දුන්නත් එපා කියල කරන එකාට ඇද කිය කියා ඔහේ පිස්සු කියවයි.

    ඇත්තටම නන්දසේන උන්නැහේගේ ඔලුවේ කොච්චර ප්‍රශ්න කීයක්ද දැන්, මේ යෝදයා රටේ පාලකයා වෙලා ආව දවසේ සිට,,, කාලයට ඉඩ දීලා බලමු. මම පිටරට හිටිය නිසා කාටවත් ඡන්දෙ දුන්නේ නෑ 2019, ඒත් අපේ මහගෙදර කට්ටිය එහෙම නම් අදටත් පසු තැවිල්ලක් නෑ දුන්නු චන්දෙ ගැන. අපි ඌට කුණුහබ්බ කියලා බැන්නට උගේ පැත්තෙන් බලනකොට තමයි මේකේ සීන් එක හරියට තේරෙන්නේ. නිකමටවත් හිතල බලපන් දැන් පාලනය කරන්නේ උඹ කියලා කොහොම ද වැඩේ?

    It is sad to say that karma comes after anything✨��

    ReplyDelete
  7. ඔය බුකියේ හා හා දාන සජබ, ජේ වී පී එකට කඩේ යන වහල් උන් සෙට් එක කොච්චර හහා දැම්මත් ඡන්දයක් ආවම තමයි හොඳටම බලා ගන්න පුළුවන් බන්... හදවතෙන් අහලා බලපල්ලා රෑ 10 ට දොය්ය බබා කියලා උදේට පත්තරෙන් විස්තරේ බලපු මෝඩ ජෝඩුව හිටියනම් මොනා වෙයිද කියලා... මේව්චර කෙලවිලා තියෙද්දිත් ණය වාරිකේ පවා ගෙවාගෙන රටේ සංවර්ධනයත් කොහොම හරි ඇදන් යන්නේ මේ මනුස්සයා හින්දා... හිතපන් තාම මාස්ක් එක නිකටේ දාගෙන ඉන්න මිනිස්සු ඉන්න රටක හොඳක් අහන්න බෑ තමා.. සහනාධාර මාන්සිකත්වේ ගිලිලා ඉන්න සමාජෙක අපි ඉන්නෙ... ඉස්සරහට කැප කිරිම් කරන්න වෙයි උබලා අපි ඔක්කොටම... මොකද ශශී නිශාදිගේ ලයිව් එකට වැටුන හාර්ට් රටේ මහ එකාගේ කතාවට වැටුනේ නෑ...

    ReplyDelete
  8. අඩෝ මාතා, අරුණ පත්තරේ දාල තියෙන්නෙ හැබැයි ඉතින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගෙන් ලැබෙන දායකත්වය ප්‍රමාණවත් නොවන බව වාර්තා වී ඇති බැවින් තනතුරු සංශෝධනය කඩිනම් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇත කියල.

    මේ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද කොවිඩ් කාර්ය සාධක බළකා රැස්වීම්වලදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට කරුණු පැහැදිලි කර තිබේ.

    වෛද්‍ය අසේල ගුණවර්ධනට වෙනත් තනතුරක් ලබාදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ධුරයට විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා පත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව තිබේ. ඔහු මේ වනවිට සීඝ්‍රගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි. මෙම තනතුරට පත් කිරීමට පෙර කොවිඩ් පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා II) ‍ලෙසද කටයුතු කර තිබේ.

    මෙම තනතුරු සංශෝධනයට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමටද ආණ්ඩුව තීරණය කර ඇත.

    මේ අතර කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රධාන පෙළේ රෝහල් දෙකක අධ්‍යක්ෂවරුන් මාරු කිරීමටද සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ.

    ReplyDelete
  9. ආණ්ඩුවේ පාලනයේ දුර්වලතා ගොඩක් තියෙනවා. ඒත් ඉතින් මිනිස්සුන්ට කිසිම විදිහකින් විකල්පයක් නෑ, අනෙක් පැත්තෙන් අර ජවිපෙ සහ සජබ පක්කලි කාලකන්නින්ට ඕන කොරෝනා සුවකරන්න නොවෙයි රටේ ආර්ථිකය කඩාවට්ටලා රට වලපල්ලට යවන්න නැත්නම් මේ වසංගතය හමුවේ උද්ගෝෂන වැඩවර්ජන තියන්නෙ මොන කාලකන්නිද? ගොන් මෝඩ මීහරක් හැත්ත මකබෑවිලාම පලයන් කියලා තමයි කියන්න තියෙන්නේ. කොහොම උනත් රටේ නිහඬ බහුතරයට අවශ්‍ය නායකත්වය ආණ්ඩුව කෙසේ හෝ දිය යුතුයි. නැත්නම් අපි එකතු වෙලා මේ සේරටම එරෙහිව අලුත්ම දේශපාලනික ව්‍යාපාරයක් ආරම්භ කරන්න වෙනවා. හැම මගුලටම කලින් මේ වසංගතය පාලනය කරගන්න ඕන ඒකනේ කේන්ද්‍රීය ප්‍රධානතම ප්‍රශ්නය වෙන්නේ දැනට. ඊළඟට ආර්ථිකය රිකවර් කර ගැනීම. ඒ දෙක ආණ්ඩුවේ ප්‍රධාන වගකීම විය යුතුයි.

    ReplyDelete
  10. මාතා, ජනපති ඊයේ කළ කතාව ගෝඨාභය රාජපක්ෂ නොවන අයෙකු කළත් එය විශිෂ්ට බව මම කියන්නෙමි. උදාහරණයක් ලෙස සජිත් ප්‍රේමදාස එම කතාව කළත් එය විශිෂ්ට යැයි මම කියන්නෙමි. අනුර කුමාර කළත් එය විශිෂ්ට යැයි මම කියන්නෙමි. ඒබ්‍රහම් සුමන්තිරන් කළත් එය විශිෂ්ට යැයි මම කියන්නෙමි. රවුෆ් හකීම් කළත් එය විශිෂ්ට යැයි මම කියන්නෙමි. කවුරු කළත් එය විශිෂ්ට යැයි මම කියන්නෙමි. මා හට පුද්ගලයා අදාළ නැත. පුද්ගලයාගේ අඩුපාඩු පෙර වැරදි මට අදාළ නැත. මට වැදගත් වෙන්නේ ජනරජයේ ප්‍රධාන ජනතා නියෝජිතයා විසින් කරන කතාව සහ ක්‍රියාව පමණකි. එය විශිෂ්ට වන්නේ හෝ නොවන්නේ එය කරන පුද්ගලයා මත නොවේ.

    ReplyDelete
  11. මචන් මාතලන්,

    වසන්තයා ආවත් නැතත් ගිරිස්මේ හරි කමක් නෑ මේ මහපොළව නැමති නිධානය හඳුනා ගත යුත්තේ උඹල අපිමයි..!

    ඇත්තටම මම ඉපදුන අසූ ගණන් වල ඉඳලා මේ දක්වා මගේ අත්දැකීම් අනුව ලංකාවෙ මිනිස්සු බහුතරයක් හැමදාම කරන්නෙ තියන ආණ්ඩු වලට බැණ බැණ ඔහේ කාලකණ්ණි කමට බකන් නිලාගෙන එක්කෝ ආණ්ඩුවේ පින් පඩි රස්සාවක් කරගෙන එහෙම නැත්නම් රජයේ සහනාධාර පිනට ලබාගෙන මොකක් හරි දේශපාලන පක්ෂයකට වහල් කම් කර කර තමන්ට රටට සත පහක වැඩක් නැතිව ඉඳලා මැරිල යන එක මිසක්, කිසි දවසක මේ මහපොළවෙන් දියුණු වෙන්න උත්සාහ කරන එක නෙමෙයි.

    මම හැමදාම කියනව වගේ අපේ රට උනත් නිධානයක්, අර චුල්ලසෙට්ඨි කතාවේ චුල්ලත්තේවාසික මීකුණෙන් පවා දියුණු වුණා වගේ ඕනකම තියෙනවා නම් මේ හොඳටම ඇති. මේ වගේ විවිධත්වයක් තියන රටක්, ඝර්ම කලාපීය බව බෝග සෑහෙන ගණනක් වැවෙන සරුසාර පසක් තියෙනවා නේ දැනටමත්. බලපන් ඊශ්‍රායලය, එක්සත් අරාබි එමීර්, සෞදි කටාර් වල කාන්තාර වල මහ විසාල ෆාම් දාල රට පටවනවා මෙහේ එදා වේල පිරිමහ ගන්න බැරුව තටමනවා.

    මේක බලහන් ඕන නම්;

    https://youtube.com/watch?v=ziGN8HXdj6U&feature=share

    ඒත් අපි හැමදාම කළේ අපේ අත ළඟම තියන නිධානය හඳුනාගන්නෙ නැතුව, කොහේවත් ඉන්න විපක්ෂ දේශපාලනික ව්‍යාපාරයක ලොක්කන් කෝටිපතියන් කරන්න තවත් දේශපාලන ව්‍යාපාරයක් කරන සෙට් එකකට සාප කර කර අමු හිඟන්නන් වගේ ජීවත් වෙන එක විතරයි. ඒ නිසා දැන්වත් මේ මහපොළවෙන් වැඩක් ගන්න. කවුරුත් තමන් වෙනුවෙන් යුතුකම් ඉටු කරනාතෙක් බලා නොඉඳ, අර බුදුන් කියල තියෙන්නේ අත්ථාහි අත්ථනො නාථො, කොහි නාථො පරොසියා කියලා කතාවක්. තමන් ගැන තමන්ම බලාගත යුතුයි කවදාවත් වෙන කිසි එකෙක් අපිව ගොඩ දාන්නේ නෑ, ඕනම නම් සාමූහිකව වෙහෙස මහන්සි වෙලා ගොඩ යන්න පුළුවන් වෙයි.

    ඒ නිසා තමන් වෙනුවෙන් සහ රට වෙනුවෙන් කැපවී මහන්සියෙන් සම්පත් දායකත්වය ලබා දෙන්න පුළුවන් නම් ඕන එකෙකුට සැබෑ නිධානය හඳුනා ගන්න පුළුවන් වේවි.

    මමත් දැනට සුළු පරිමාණයේ සිට ආරම්භ කරපු අපනයන ව්‍යාපාරයක් කිසිම රාජ්‍ය අනුග්‍රහයක් නැතිව මධ්‍යම පරිමාණ මට්ටම දක්වා ගොඩ දාගෙන කරගෙන යනවා. මේ වගේ වැඩි දෙනෙක් හිතනවා නම් විවිධ ආකාරයෙන් විවිධ භාණ්ඩ හා සේවා හරහා අපනයන ආදායම් වැඩි කර රටේ ආර්ථිකය දියුණු කරන්න පුළුවන්. ඒ හරහා ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු හොයා ගන්න පුළුවන්. මේ ගැනත් සාකච්ඡාවක් කරන්න ඕන.

    ReplyDelete
  12. මාතා, ලංකාවේ පවතින වර්තමාන රජයට එරෙහිව නිර්මාණශීලීව විවිධාකාර මාධ්‍ය හරහා විවිධ ආකාරයේ මඩ ප්‍රහාර එල්ල කිරීම, රජයේ කටයුතු අපහසුතාවට පත් වන සේ දැඩි ලෙස කඩාකප්පල්කාරී ක්‍රියා සංවිධානය කර ඒ හරහා ජනතාව අතර රජය කෙරෙහි දැඩි ලෙස අප්‍රසාදය ඇති කිරීමට කටයුතු කිරීම සඳහා විදේශ සංවිධාන කිහිපයක්ම විසින් ඩොලර් මිලියන දෙසිය පණහක් පමණ මුදලක් වෙන් කර ඇති බවත් ඒ මුදලින් මූලික වශයෙන් අත්තිකාරම් මුදලක් ලෙස රුපියල් කෝටි 85ක පමණ මුදලක් රාජ්‍ය නොවන සංවිධාන හරහා මෙරටට ලබාදී ඇතැයි විශ්වාසදායක ආරංචි මාර්ගයකින් තොරතුරු ලබා ගෙන ලංකාවේ ප්‍රධාන මාධ්‍ය වලින් වාර්තා කර තිබුණා දකින්න ඇති නේද?

    එම ආරංචි මාර්ග හරහා ලබා ගත් තොරතුරු වලට අනුකූලව මාධ්‍ය සඳහන් කරන ආකාරයට මෙම මුදල් ලංකාවේ විපක්ෂයේ දේශපාලන පක්‍ෂ සහ වෘත්තීය සමිති කිහිපයකට ද ප‍්‍රසිද්ධ බෞද්ධ භික්ෂූන් රැසකට හා පසුගිය දා මියගිය ලංකාවේ මාධ්‍ය මාෆියාවේ ලොක්කකුට අයත් මාධ්‍ය ජාලයකට සහ තවත් අන්තර්ජාල මාධ්‍ය කණ්ඩායම් රැසකට ද ලබා දී ඇත.

    ඒ වගේම ඒ වාර්තා වල හැටියට අදාළ විදේශ සංවිධානයක සිටින ඉහළම නිලධාරියකුගේ මැදිහත්වීමෙන් මෙම මුදල් ලබාදී තිබේ.

    මෙම මුදල් වලින් රුපියල් කෝටි 50ක් අදාළ මාධ්‍ය කණ්ඩායමටත් ප‍්‍රසිද්ධ භික්ෂූන්ට රුපියල් කෝටි 5ක් බැගින් සහ වෘත්තීය සමිති හා දේශපාලන පක්‍ෂ සඳහා ඉතිරි මුදල් ද ඇඩ්වාන්ස් එකක් වශයෙන් බෙදා දී ඇත. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි. මේ හරහා වත්මන් රජය කුජීත කර ඉක්මනට අලුත් කණ්ඩායමක් රටේ බලයට පත් කර ගැනීමට අපට පුළුවන් වෙයි නේද?

    ReplyDelete
  13. අයිසේ මාතලන් මේක ගැන හිතන්නේ මොකද කියල කියපිය බලන්න;

    ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත රැපිඩ් ඇන්ටිජන් කට්ටලය රුපියල් 80 කට ලබා ගත හැකි බව පවසමින් whatsapp හරහා වේගයෙන් පුවතක් සංසරණය වීම නිසාවෙන් එහි සත්‍ය අසත්‍යතාවය සෙවීමට Fact Check කණ්ඩායම තීරණය කරන ලදී.

    සමාජ මාධ්‍ය සටහන්.

    ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත රැපිඩ් ඇන්ටිජන් කට්ටලය රුපියල් 80ක් බවත්, අවම ඇනවුම් ප්‍රමාණය කට්ටල 5 ක් බවත්, දිවයින පුරා ප්‍රවාහන ගාස්තු රුපියල් 100 බව හැගවෙමින් Whatsapp හා Facebook හරහා පුවතක් සංසරණය වේ. සම්බන්ද කර ගත හැකි දුරකථන අංකයක් වසන්ත නමින් තව දුරටත් සදහන් විය.

    Fact Check ( තොරතුරු විමර්ශනය )

    මෙහි ඇති දුරකථන අංකය ජනතා විමුක්ති පෙරමුණු සාමාජික වසන්ත සමරසිංහ මහතාගේ දුරකථන අංකය බැවින් Fact Research කණ්ඩායම ඔහුව සම්බන්ද කර ගැනීමට උත්සහ කලත්, ඔහුගේ දුරකථනය කාර්යබහුල විය.

    එබැවින් අනුර කුමාර දිසානායක මහතාගෙන් විමසීමක් කළ අතර මෙය අසත්‍ය ප්‍රකාශයක් බවත්, වසන්ත සමරසිංහ මහතා අපහසුතාවයට පත් කිරීම උදෙසා සමාජවාදී වෙනත් තරගකාරී දේශපාලන ව්‍යාපාරවල කණ්ඩායම් විසින් කරන ලද උත්සහයක් බව තහවුරු කරන ලදී.

    නිගමනය

    ජනතා ව්මික්ති පෙරමුණු දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ඔහුගේ දුරකථන අංකය සදහන් කරමින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත රැපිඩ් ඇන්ටිජන් කට්ටලය රුපියල් 80 කට මිලට ගත හැකි බව පවසමින් හුවමාරුවන පුවත සම්පුර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක් වේ.

    ReplyDelete
  14. යකෝ මාතෝ, සජිත් මහත්තයා ජනාධිපති කරනකන් මේ මහ පොලොව වාරු දෙන්නෑ මහත්තයෝ..��

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න