.

.

Aug 22, 2021

ජාත්‍යන්තරය ජයගත්තේ යොහානී විතරමද?

 


මනෝරම වීරසිංහ මහත්මයා කපන්න බැරි අත සිඹිනවා වගේ පෝස්ට් එකක් දානවා "යොහානි" හා "මැණිකේ මගේ හිතේ.... " ගීතය  ගැන...

අමිතාබ් බච්චනුත් අගය කරපු ඒ තනුව සංගිතය හා ගායනය එයාට දිරවන්නේ නැති උනත් එයා යොහානී ජාත්‍යන්තරය ජයගත්ත එක අගය කරනවාලූ...

ගීතයක් එක පාරින් බොක්කට වදින්නේ, ඒක අහන පලවෙනි වතාවෙම කලින් අහලා තියෙනවා වගේ ගතියක් ආවම...

තොටලඟ කුසුමපාල, ඒ සිරි, සැන්ටි ඉඳන්, ලුසියානෝ පැවරෝට් හරහා, චීනයේ හා ජපානයේ ගායිකාවන් පූසගෙ බෙල්ල මිරිකන කොට කෑ ගහනවා වගේ කියන සින්දුත් රසවිදින මාතලන්ට නම්, මේක පට්ට...

පොඩි අඩුපාඩුවකට තියෙන්නේ මේල් වොයිස් එකේ පන්ච් එක මදි... එහෙම පට්ටෙටම ඔක්කොම තියෙන සින්දුවක් තමා රයිනි හා චින්ති ගායනා කරන "තරුමිණි ඔච්චම් පාවී දැන්..." සින්දුව....

ඒ උනාට යොහානිගෙ වීඩියෝව දැන් මිලියන 48 ක් බලලා තියෙනවා. අමිතාබ්ගේ කොමෙන්ට් එකෙන් පස්සේ මුලු ලෝකෙම දැන් යොහානි හා මැණිකේ දන්නවා.

අනික ඉතින් සමාජ මාජ්ජ ජාල කාරයෝ හැටියට අපිටත් පොඩි ආඩම්බරයක් තියෙනවා.. මොකෝ යොහානිගෙ පටන් ගැන්ම එතන....

මට ඕන උනේ මේ ගැන කතාකරන්න නෙමේ.

 මනෝගේ පෝට්ටුවේ සමහර කොමෙන්ට් අතර සමහර කුහකයෝ අයියෝ ඔය මොකක්ද මෙන්න ජාත්‍යාන්තරයට ගිය උන් කියලා නම් ලැයිස්තු එල්ලලා තියෙනවා දැක්කම මට පුපෙන්ම හිනා ගියේක ගැන කතා කරන්න...

ඒ නම් සඳහන් කරපු සමහර උන්, ජාත්‍යන්තරය තියා ලංකාවවත් දන්නේ නැති උන්... ඉතින් මුන්ගෙයි අර හරනල් කටු කාරයෝ අතරෙයි කිසි වෙනසක් නෑ... උන් ලෝකය කියලා හිතන්නේ උන් දන්න දේ විතරමයි...

අපේ රටේ ජනප්‍රිය මිත්‍යාවන් අතර තවත් ජනප්‍රියම මිත්‍යාවක් තමා, අපේ ක්‍රිකටර්ස්ලා ලෝකෙම දන්නවා කියනෙක. 

ක්‍රිකට් අපේ එකම ක්‍රීඩාව උනාට ක්‍රිකට් ලෝකයට හඳුන්වලා දුන්න එංගලන්තයෙත්, ඔස්ට්‍රේලියාවේ තරම්වත් ජනප්‍රිය නෑ. එහේ ජනප්‍රිය පාපන්දු... 

යුරෝපයේ, උතුරු ඇමරිකා දකුණු ඇමරිකා දෙකේ වගේම, ජපානයේ, චීනයේ, රුසියාවේවත් ක්‍රිකට් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නෑ..  අප්‍රිකා මහද්වීපයෙත් රටවල් කීපයක විතරයි ක්‍රිකට් ගහන්නේ... 

ඒත් මුලු ලෝකෙම ඔලිම්පික් බලනවා වගේම හින්දි සිනමාවත් අතිශය ජනප්‍රියයි... 

ඉතින් ඔය දෙකෙන්ම ජාත්‍යන්තරයට ගිය අපේ කෙල්ලෝ දෙන්නෙක් ගැන අර කොමෙන්ට් වල සඳහනක් තිබුනෙම නෑ....

ඒ තමයි සුසන්තිකා ජයසිංහ සහ ජැකලීන් ෆර්ඩිනැන්ඩස්.

මේ දෙන්නා ගැන කතා කරන හැම තැනකම ශ්‍රී ලංකාව ගැන අනිවාර්‍යයෙන් කියවෙනවා...

සුසන්තිකාගෙ නම් මෙවර ඔලුම්පික් වලදි වගේම ජාත්‍යාන්තර කනිෂ්ඨ මළල ක්‍රීඩා උලෙලිදිත් කියවුනා....

ජැකලීන් කියන්නේ මුලු ලෝකෙම ජනප්‍රිය නිලියක්... මොකෝ මුලු ලෝකෙම කොරියන් සෝප් ඔපෙරා වගේම හින්දි සෝත් බලන නිසා...

ඒ වගේම සෙනසුරාදා ජාතික රූපවාහිනියේ පෙරවරු 11 ට යන "Coke Red"  වැඩසටහනේ බාචි සුසාන් එක්ක සින්දු කියපු...පට්ට ටැලන්ටඩ්...  "කාන්චනා අනුරාධිත්" දැන් ඉන්දියාවේ ගොඩක් ජනප්‍රියයි...

ඒ අතර ජාත්‍යන්තරයට ගිය ගොඩක් උන්ට අමතක වෙච්චි දෙන්නෙකුත් ඉන්නවා ඒ අර  නයි ටී ඇන් එකේ ටැලන්ට් සෝ එකක, බෙල්ල කඩා ගත්තු කරාටේ කාරයයි... ඒකේ ජජෙක් වෙච්චි ජැකසන් ඇන්තනියි....


.

15 comments:

  1. අඩෝ මාතා, මැලේසියාවේ උන් අහන්නෙත් මේ සිංදුව තමයි දැන් හැමතැනම නිතරම ,,මටනම් තීත්ත වෙලා තියෙන්නෙ මුනුත් එක්කම මේ සිංදුව අහලම,,,,�������� මාරයි නේද ඒකත් බලන් යනකොට

    ReplyDelete
  2. අයිසේ මාතලන් මේ ගීතය ඉන්දියාව නෙමෙයි බංගලාදේශයේ නේපාලයේ ත් ඕක හිට් දැන්. මගේ ඉන්දියාවේ යාලුවෝ කීප දෙනෙක් මේකේ ඔරිජිනල් එක ගැන විස්තර ඇහුවාම මමත් ජාලෙන් හොයලා තමයි උත්තර දුන්නේ මමත් දැනගත්තෙ එතකොට හරියටම. ඕකේ ඔරිජිනල් එක අවුරුද්දකට විතර කලින් බැලුවා ඒත් ලොකුවට සින්දුව මට හිතට වැදුනේ නෑ.
    මාලදිවයිනේ වැඩ කරන මගේ යාලුවෝ කියන්නේ එහෙත් පට්ට විදිහට හිට් වෙලා තියෙන්නේ කියලා. කේරළ වල නම්බර් වන්...

    හැබැයි ඉතින් යොහානි කෙල්ල පවු මොකද එයාටත් ලගදිම බඩු හම්බෙයි �� මොකද මේකෙ ඉන්න කාලකන්නි හැත්ත උඩට එන අයට කෙලවන්නෙ විනෝදාශයක් විදිහට �� කෙළින්නම එකෙක් නැත්නම් රටේ ඒ මොහොතේ ඉන්න නායකයාට අමු සක්කිලි බැන බැන ඉරිසියාවෙන් පුපුර පුපුර කාලකන්නි හැත්තෑවක් නේ ලංකාවේ සෝසල් මීඩියා වල බලය අත්පත් කරගෙන ඉන්නෙ හැබැයි ඉතාමත් සුළු පිරිසක්. උන් නම් මහා විකාරයක්. 2019 කාලේ මුන්ගේ ගොන් පාට් සහ මෙලෝ රහක් නැති මඩ ප්‍රහාර වලට මළ පැනලා තමයි ගොඩක් මිනිස්සු නන්දසේන ගොයියාට ඡන්දය දුන්නේ නැතුව පොරගේ තිබුණ මහ ලොකු මගුලක් නිසා නෙවෙයි නේ. ඒ නිසා ඕකුන් නොකර බැරි කමට ඕවා ලියුවාට යටි හිතේ ඊර්ෂ්‍යාවේ පැලිල පැලිල මැරිල යන්නත් ඉඩ තියෙනවා සෑහෙන්න දුරට.

    ReplyDelete
  3. මට හිතෙන්නෙ සිංදුව හිට් වුනේ යුහානිගෙ ගායනයයි, රංගනයයි හින්දා කියලා..කාන්චනා අනුරාධිත් මරු.. මාර ටැලන්ට් එකක් ඒකිට තියෙන්නෙ..

    ReplyDelete
  4. මේ සම්බන්ධයෙන් මට තේරෙන විදිහට රටේ තරුණ පරපුර හොඳ දේවල් වලට යොමු කරන එක වගේම ඔවුන්ගෙ ජයග්‍රහණය වලදි ළඟ ඉන්න එකත් ආදර්ශමත් වැඩිහිටියෙක් වශයෙන් කරන්නම ඕන දෙයක්. ඒ නිසා මම ඇත්තටම ඇගේ achievement එක සම්බන්ධයෙන් සතුටු වෙනවා.

    සාම්ප්‍රදායිකව තේ, පොල්, රබර් වැනි අපනයන බෝග සේම ඇඟලුම් සහ විදෙස් රැකියා වැනි දෑ මතම යැපෙන්න කල්පනා කරන්නෙ නැතුව මේ වගේ අලුත් දේවලුත් රටේ ආර්ථිකය වෙනුවෙන් නිසි අයුරින් හසුරුවා ගන්න විදිය සහ ඊට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ගැන පාලකයන් කල්පනා කරයි කියල මම බලාපොරොත්තු වෙනවා. මොකද සංගීතය කියන්නෙම විශ්ව භාෂාවක් නිසා... මේ වගේ තවත් අපේ දක්ෂ තරුණ පරපුර යොදාගෙන ජාත්‍යන්තර entertainment වෙළඳ පොළ තුලින් සෑහෙන ආදායමක් උපයා ගැනීම දක්වා අපේ රාජ්‍ය ප්‍රතිපත්ති සංවර්ධනය කිරීම අත්‍යවශ්‍යයි. ජනාධිපති මේ ගැන උනන්දුවක් දක්වන කෙනෙක් වීම ගැන සතුටු වෙන්න පුළුවන් ඒත් රජයේ නිලධාරීන් හා සම්බන්ධ කණ්ඩායම් තවමත් ගතානුගතික අදහස් දරන නිසා මේ වැඩේ ටිකක් අමාරුයි ඒත් හෙමින් සැරේ හරි හොඳ අතට හරවන්න පුළුවන් වේවි නේද?

    ReplyDelete
  5. යකෝ මාතලං මේවා ඔක්කොම මෙයාලා ගේ Marketing!

    Trending Topic වලට Post දාලා මෙයාලා ව Reach කරගන්නවා!

    වැල යන අතට මැස්ස ගහනවා කියන්නේ!��✌️

    ReplyDelete
  6. මෙතනදි අපි මීට වඩා ගැඹුරින් කල්පනා කරන්න ඕන දෙයක් තමයි අද බොහෝ ආසියාතික රටවල් පරිගණක හා නවීන තාක්ෂනය හරහා අති විශාල වශයෙන් විදේශ විනිමය උපයනවා. ඒ සම්බන්ධයෙන් අප ඉන්නේ සාපේක්ෂව ඉතාම පහල මට්ටමක. මෙවන් ජයග්‍රහණ දැකීමට ලැබීමත් සතුටක්.

    ඒ වගේම ලංකාවේ කොතෙකුත් දක්ෂයො ඉන්නවා. ඒ නිසා මේ ජෙනරාල් ප්‍රසන්න ද සිල්වාගේ දුවගේ ජනප්‍රිය වූ මෙම ගීතය පිළිබඳ කතාව මොඩ්ල් එකක් කරගෙන අපේ අනෙක් තරුණ සංගීතවේදින්, ගායක ගායිකාවනුත් උත්සහ කලොත් ඔය ඉන්දීය සංගීත වෙළඳපොල ආක්‍රමණය කරන්න බැරිකමක් නැති වේවි. රටට විදේශ විනිමය ගේන්න හොඳ නව ප්‍රවේශකුත් වේවි. ඉරාජයා ඉන්දුනීසියාවේ සහ බංග්ලාදේශයේ මාකට් එකේ වැඩ පෙන්නුවා. භාතිය සංතුෂ්ල, සචිත් පීරිස්ලත් සෑහෙන උත්සාහ කලා. රුවන් හෙට්ටිආරච්චි ගේ සීත මාරුතේ එකත් ඉන්දියාවේ සහ ගිනිකොන දිග ආසියාතික රටවල යම් සාර්ථකත්වයක් ලබා ගත්ත. තව ලංකාවේ ඕගන් ගහපු කොල්ලෙක් ඉන්දියාවේ සින්දු මිලියන 100 පන්නල හිට් කළා ටික කාලෙකට කලින්. අද වෙද්දි යොහානි කෙල්ල ක්ෂණිකව මිලියන 52 ක් විතර වීව්ස් අරන් ඉන්නේ මේක තවත් වැඩි වේවි. මේ ගැන මෙහෙම ලියන එකත් ගොඩක් වටිනවා.

    ReplyDelete
  7. දෙවියන්ගේ නාමෙට මාතලන් කළාව ගැන නොලියා ඉන්න.

    ReplyDelete
  8. මාතා මේ ෂෝට් ෆිල්ම් එක බැලුවා ද?

    https://youtu.be/6SiFXdgPGI8

    මේකත් ඉතාම දිග කතාවක් හෝ සිනමා නිර්මාණයක් හරහා කිව යුතු දේ ඉතාම කෙටියෙන් විනාඩි දහයක් ඇතුලත කියන දක්ෂ නිර්මාණයක්. සෝ කෝල්ඩ් Open minded Free thinking පිරිමින් නිරුවත් කරන ලස්සන කතාවක්. මේ වගේ දේවල් හරහාත් ජාත්‍යන්තරයට යා හැකි බව පේනවා නේද මම හිතන්නේ ඉදිරියේදී තවත් අංශ වලින් ලංකාවට යමක් කරන්න පුළුවන් වේවි.

    ReplyDelete
    Replies
    1. ❤️❤️❤️❤️❤️❤️❤️❤️

      Delete
    2. ඇත්තයි, පෙටූනියා හොඳම හොඳයි!

      Delete
  9. මේකේ මේ යකා කියන දේවල් ඇත්ත ද බන් මාතේ?

    https://youtu.be/463un0ORX8w

    ReplyDelete
  10. යොහානි ද සිල්වා නමැති ඇත්තටම අපූරු කටහඬක් ඇති මේ දරුවා සමඟ මෙම ගීතය ගායනා කරන්නේ දෙමළ ගායකයෙක්. මුල් ගීතය වෙනත් ගායකයෙකුගේ නිසා මේ ලබා ඇති ජනප්‍රියත්වය හේතුකොට ඇයට වෙනත් ප්‍රශ්න වලට මුහුන දීමට ඉඩ තියෙනවා. අන්තර් ජාලය ඔස්සේ ආසියාවේ සහ බටහිර රටවල මෙන්ම අප්‍රිකාවේ රටවලද තරුණ තරුණියන්ගේ ආකර්ෂණය දිනාගැනීමට මෙම ගායනය සමත්ව ඇති බවයි පෙනෙන්නේ... ඇය දැනටමත් ඇයගේම ගීතයක් නිකුත් කර තියෙනවා. ඉන්දියාවේ සුපිරි නළු අමිතා බච්චන්ගේ දියණිය තම පියා රඟපෑ පැරණි චිත්‍රපටියක දර්ශනයක් සඳහා මෙම ගීතය යොදාගෙන සකස් කළ වීඩියෝවක් අන්තර් ජාලයේ පළකර තියෙනවා. එය දුටු අමිතා බච්චන් සිය ට්විටර් ගිණුමේ " මේ ගීතය කොච්චර ඇසුවත් ඇතිවෙන්නේ නැහැ" කියා ලියා තියෙනවා. ඉන්දියාවේ බොහෝ තරුණ තරුණියන් මෙම ගීතය ගායනා කරන වීඩියෝ අන්තර් ජාලයේ පළකර තියෙනවා. ඇයට ජය පතමු.

    ඒ වගේම මාරාන්තික කෝරෝනාවෙන් දේශපාලන වාසි ගන්න බලන් ඉන්න වුන්ට මේවා කියා පලක් නෑ,

    තමන් ස්වයං වීනයක් තියා ගෙන මේ වසංගතයෙන් තමනුත් බේරිලා ... රටේ අනෙක් මිනිසුන්වත් බේරා ගන්න ඕනෑ ... ඊට අවශ්‍යය දායකත්වය දෙන්න ඕනෑ ... කියලා, මේ රටේ කී දෙනෙක් හිතනවාද?

    පාලනය කරන ආණ්ඩුවට පාඩම් උගන්වන්න තමා හිතන් ඉන්නෙ,

    ආණ්ඩුව ෆේල් උනොත් නම් වැඩිම උනොත් ඡන්ද නැතිවී ගෙදර යයි, ලොක්කො ඇමරිකන් එක්සත් ජනපදයට ගිහින් ෆන් එකේ ඉඳීවි. නමුත් අපේ (වසංගතයෙන් විතරක්ම නොවේ, මේ යන විදියට බඩ ගින්න නිසා) නැතිවෙන මනුෂ්‍යය ජීවිත ආයේ එනවද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න