අළුත්කඩේ උසාවිය අසල ඇති M D ගුණසේණ අවුට්ලට් එකේ තාප්පේ අපූරූ සිතුවමක් තිබෙන්නේය. එහි ඇත්තේ ඕෂෝ වාගේ පොරක්, පෙරලූ පොතක් මැද්දෙන් එන දුමාරයක් ආග්‍රනය කරනා ආකාරයය.
ඉන් පිළිබිඹු කරන්නේ පොත් වලින් ලැබෙනා දැණීම, කුඩු, අයිස්, ෂීෂා හෝ ගංජා දුම ගත්තායින් පස්සෙ දැනෙනා ෆැන්ටසිමය ලෝකයකට ඔබව ඇබ්බැහි කොට කැඳවාගෙන යන බවය.
පිටරටවල උගතුන් කෙසේ වෙතත් අපේ රටේ උගත්තු නම් 100% ක්ම ඒ වාගෙමය. උන්ට ප්‍රායෝගික දැණීමක් නොමැති අතර උගත් දෙයට එහා දෙයක් දැකීමට බුද්ධියක් ඇත්තේද නැතිය.
මේ පන්ඩිතයන්ගේ තියරි තීරණ අමු පච කරමින් මාතලන් ලියූ සියල්ල සැබෑවන් වෙමින් පැවතීම සතුටට කරුනක්‍ය. මේ ආන්ඩුව පැමිණි දා සිටම ආර්ථිකය මත ගත් මරි මෝඩ තීන්දූ තීරණවල ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතී.
විපක්ෂයේ උන්ද වැල් බයිලා ගසමින් රට බංකොලොත් කියා කෑ ගැසුවාට, මීට ප්‍රථිකාර උන් ළඟ නැති බව ඉතා පැහැදිලිය. උන් කියන්නේ පොලී මුදලාලිගෙන් ණය ගන්නේ නැතිව නීත්‍යානූකූල පොලී මුදලාලි කෙනෙකු වෙන IMF වෙත යන්නෙයි කියලාය.
උන්ට ආන්ඩුව පෙරලන්න බැරි නිසා, ආන්ඩුව ගෙදර යවන්නට පාරට බහින්නෙයි කියලා ජනතාවට කියනවාය. එහෙත් අවුරුදු පහක් මුන් රට කාපු හැටි මතක එකෙක්වත් පාරට බහින්නේ නැති බව බුදු ෂුවර්‍ය.
එහෙම එලවලා ගත්තත් ඒ පාර මුන් කරන්නේ ඔහේලා කළබල වෙලා අපි ගෙනාවාට පවතින ගෝලීය ආර්ථික අර්බුදයත් එක්ක යන්න වෙන්නේ මෙහෙම්මම තමයි ඕයි කියලා කියනෙකය.
චන්දයට වියදම් කරන්න මහ බැංකුව කොල්ලකාපූ උන්ම රට හදන්න උපදෙස් දෙන්න මහ බැංකුවට යන කොට අපට හිකෙන් පුනා යනවාය.
හඳුන්නෙත්ත්ති සහෝදරයා අනාගත වැකියක් කියමින් ඊයේ ලියා තිබුනේ, එයාලා බලයට ආවත් පෝලිම තිබෙනා බවත්, එහෙත් ඒ පෝලීමේ සිටින ජනයා පෝලිමේ සිටින්නේ කියුබාවේ ජනතාව මෙන් ප්‍රීතියෙන් යැයි කියලාය.
මොළ හතක් තියා 14 ක් තිබුනද බැසිල්ගේ ආර්ථික තීන්දුද අකුලාගෙන දැන් කරන්නට වෙලා තියෙන්නේ මාතලන්ලා කියපු ලියපු දේවල්‍මය.
දුම්‍රිය දෙපාර්තමේන්තුවේ උන් ජනාධිපතිවරයා ඉදිරියේ දුම්‍රිය ගාස්තු වැඩි කරනා ලෙස ඉල්ලූ විට බැසිල් දුම්‍රිය ලොක්කාට කිව්වේ ඔහේ හදන්නෙ ටිකට්ටෙකේ ගාන වැඩි කරලා අපිවත් කෝච්චියේ යවන්නද කියලයා.
හැබයි ඇත්තටම දහනායක මහත්තයා වගේ කෝච්චියේ ආවා ගියා නම්, ඔය සිටිනා ෆැන්ටසියේ නොව මහ පොලොවේ යතාර්තය දැන ගැනීමටත්, අර අහිංසක දන්දිනා හාමිනේ නිස්සාරනේ අහනා බැණුම් කන්දරාවත් අඩුගානේ නවතින්නට තිබුනේය.
ඩොලරය මෙන්ම පැට්‍රෝල් හා ඩීසල්වල සැබෑ වටිනාකම ජනතාවගෙන් වසන් කොට, බොරුවෙන් රට පාලනය කිරීම එකම විකාරයක් බව අප ලිව්වේ...,
රබර් බෝලයක් බලෙන් දිය යට ඔබාගෙන හිටියත් අවසානයේ අත් හැරිය විට සිඳුවන්නේ කුමක්ද, ආන් ඒ සිඳුවීමම ආන්ඩුවටත් රටටත් ආර්ථිකයටත් සිඳුවනා බවය.
මේවා දැන ගැන්මට මහා ආර්ථික විජ්ජා කාරයන් විය යුතු නැත්තේය. නවලෝක මුදලාලි, ධම්මික මුදලාලි, අශෝක පතිරගේ මුදලාලි, මෙන්ම මිය පරලොව යැවූ දඩුවම් මුදලාලිද ආර්ථික විජ්ජා උපාධි කාරයෝවත් ඩොක්ටර් රේට් ගහපු අයවත් නොවේ. එහෙත් ඔවුන් සුපිරි ව්‍යවසාකයෝ වූයේ මහ පොලොවේ පය ගසා ජීවත් වූ මිනිසුන් නිසාය.
ඩොලරය පාවීමට ඉඩ හැරිය විගසම දැන් එය උන්ඩියල් වටිනාකම අසලටම පැමිණ ඇත. ඇත්ත මිළ එයය.
ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන වල නියම වටිනාකම ඊයේ මධ්‍යම රාත්තිරියේ ප්‍රකාශයට පත් කළේය. දැන් ආන්ඩුවට තවත් බොරු කළ නොහැකිය.
සියල්ල වැඩි වන ඇත. එහෙත් ඩොලරය පා කිරීම හේතුවෙන් කිසියම් පිරිසකගේ ආදායමද වැඩි වනු ඇත. ආන්ඩුව මුලින් බැණුම් ඇසීම මාෂල් ලෝ දමාවත් නැවැත්විය නොහැකි අතර, මාස තුන හතරක් යන විට මෙය සාමාන්‍යකරණය වන්නේය.
ආන්ඩුව ඊට කිසිසේත් බිය විය යුතු නැත. කළ යුත්තේ රටේ පවතින සත්‍ය තත්වය පිළිබඳව ජනතාව දැණුම්වත් කිරීමය.
එවිට විපක්ෂයටද සිඳුවන්නේ කට පුච වගාගෙන සිටින්නටය.
සමහරක් බොරුවෙන් වංචාවෙන් සුළු කාළයකට අන්දාගෙන පාලනය කල හැකි වූවද, සියල්ලෝ සැමදා එසේ අන්දාගෙන රවටමින් පාලනය කළ නොහැක.
සත්‍යය කවදා හෝ ජය ගන්නේය.
ඒ වගත් මෙසේය....
.
කතාව සම්පූර්ණ ඇත්ත බන් මාතේ, කොහොම හරි ආණ්ඩුව ආර්ථික කළමණාකරණය පැත්තෙන් හරි පාරට දාගන්න පුලුවන් නම් වටිනවා, දේශපාලන පැත්තෙන් අපිට කරන්න කිසිම විකල්පයක් නෑ, නන්දසේන සහ බැසිල් ඇතුළු පිරිසත් පේල්, අනිත් පැත්තෙන් විපක්ෂයේ ඉන්න උනුත් ඒ වගේ ඔහේ හැරෙන හැරෙන පැත්තට බහුබූත කියවන පිස්සන් රැලක්, උන්ට බලය දුන්නොත් මීට හපන් කියල ගොඩ දෙනෙක් හිතනවා.
ReplyDeleteහඳුන්නෙත්ති ඇත්ත කියල තියෙනවා පෝලිම් ගැන නම්, නමුත් ප්‍රීතියෙන් ඉන්න කතා නම් බොරු දැන් නම් ලංකාවේ මොන ආණ්ඩුව බලේට ආවත් මේ තියෙන අර්බුද එක්ක හොඳක් අහන්න වෙන්නේ නෑ, ඇමරිකන් ආර්ථික විද්‍යා මහාචාර්ය රිකාඩො කියුවා වගේ මේ ප්‍රශන ටික විසඳගන්න සාමාන්යයෙන් ර්ටකට අවුරුදු දහයක් වත් යනවා, කොහෙන් හරි ඩොලර් බිලියන් පහක් වත් සහන ණයක් නැත්නම් ඛණිජ තෙල් වගේ මිල අධික වත්කමක් නොලැබුණොත් නම් අනිවාර්යයෙන්ම මේක තව අවුරුදු දහයක වත් සැලසුම් සහගත ප්ලෑන් එකක් නැතුව ගොඩ ගන්නවා බොරු.
ඩොරල් එක කීය උනත් අපිට වැඩක් නැහැ. අපි හම්බකලොත් අපි කනවා. කුකුළු මස්සෙක්ක බත් කමු. වල් ඌරු මස්සෙක්ක පාන් කමු. ආ මගේ හොද කුකුල් පැටව්.
ReplyDeleteමල්ලි මොනවාද කෑවේ? පිසා කමින් කොකාකොලා බොමින් ලියන මල්ලිට නිවන් සැප අත්වේවා.
බැසිල් මහත්තයෝ අරගෙන ආවට දානේ, පිං දෙන්නං නිවනට යන්නට සංසාරේ. ගූතලන්ටත් තාත්තෙක් හිටියා නම් ඒ වාගේ,පානුත් නැති වෙනවනේ අද ආයේ.
අයිසේ ළමාතන්,
ReplyDelete//සමහරක් බොරුවෙන් වංචාවෙන් සුළු කාළයකට අන්දාගෙන පාලනය කල හැකි වූවද, සියල්ලෝ සැමදා එසේ අන්දාගෙන රවටමින් පාලනය කළ නොහැක.
සත්‍යය කවදා හෝ ජය ගන්නේය.//
ලංකාවේ බහුතර පොදු ජනතාවට ඔය එක පක්ෂෙකවත් දේශපාලනයෙන් වැඩක් නැහැ, ගොඩ දෙනෙක් දේශපාලනය කරන්නේ ද නැහැ, අපි හම්බ කළොත් අපි කනවා තියරිය තමයි, ආණ්ඩුව හොඳ නැත්නම් ඉන්න උන්ගෙන් හොඳයි කියලා හිතෙන වෙන මොකෙක් හරි ගෝතයෙක්ට ඡන්දය දෙනවා එච්චරයි.
නමුත් රටක ආයෝජකයන් ව්‍යවසායකයන්ගේ ක්‍රියාමාර්ග වලින් යහපතක් පොදුවේ මුළු රටට හා රජයට සැලසෙනවා. කාර්මික නොවන තේ හා රබර් අපනයනයට ද වර්තමාන තත්ත්වය නිසා විශාල බලපෑමක් ඇතිවී ඒ කර්මාන්තකරුවෝ ද අසරණව ඉන්න අතරේ නිදහස් වෙළෙඳ කලාපවල පිහිටි කර්මාන්ත ශාලාවලට ආයෝජන මණ්ඩලය ඔස්සේ නව ආරම්භයක් අවශ්‍ය බව අපේ තක්සේරුවයි. ලංකාවේ මේ දවස්වල පවතින ප්‍රශ්න නිසා ලෝක වෙළෙඳ පොළෙහි අපට තිබූ තරගකාරීත්වයේ වාසිය (කම්පෙටිටිව් ඇඩ්වාන්ටේජ්) අද අපට අහිමියි.
මොකද දැනට වේගයෙන්ම විදෙස් ආයෝජන ආකර්ෂණය කරන ලංකාවේ ප්‍රධානතම තරඝකරුවන් වෙන්නේ බංග්ලාදේශය, මියන්මාරය, වියට්නාමය, කෙන්යාව, ඉතියෝපියාව වැනි රටවල්, මේවත් සමඟ සසදා බැලුවහොත් එදා අපට පැවැති වාසි අද ක්‍රමයෙන් අහිමි වෙමින් යයි. අපේ කොස්ට් එක (පිරිවැය) වැඩිවීම, ආයෝජන සඳහා රජයෙන් දෙන දිරිගැන්වීම් අඩුවීම වැනි කරුණු ඊට හේතුයි. ඔය උඩ කී රටවල් ආයෝජකයන්ට දෙන්නේ මොනවාද? අප දැනට දෙන්නේ මොනවාද? ඔවුන් නොදෙන්නේ මොනවාද? අපට දිය හැක්කේ මොනවාද කියා මැනවින් සසඳා බැලීමට දැන් කාලය එළඹ තියෙනවා, ඒ වගේම අනිත් පැත්තෙන් අලුත් ආරම්භයකට යා යුතුයි. එසේ නොකර කොටස් වෙළෙඳ පොළෙන් ආර්ථිකයක් පවත්වාගෙන යා නොහැකියි. කොටස් වෙළෙඳ පොළේ ආයෝජන අස්ථිර, තාවකාලික. සංවේදී ලෙස වෙනස්වන සුළු ලෙසින්ම වාෂ්පශීලී හින්දා (වොලටයිල්) කොටස් වෙළෙඳ පොළේ ආයෝජන ඕනෑම වෙලාවක ආපසු ඇදගත හැකි නමුත් කාර්මික ක්ෂේත්‍රයට යොදවන ආයෝජනයක් එසේ ලෙහෙසියෙන් ආපසු ඇදගත නොහැකි නිසා ඒක ගොඩක් වැදගත්, කර්මාන්ත ක්ශේත්‍රයේ ආයෝජකයන්ගේ අරමුණ ලාබ ලබා ගැනීම නිසා ඒ ආයෝජන රටේ රැඳෙන නමුත් කොටස් වෙළඳ පොළේ කරන විදෙස් ආයෝජන එසේ නොරැඳ රටෙන් පිටට යන නිසා මම කියන්නේ උපරිම වශයෙන් කාර්මික තාක්ෂණික සහ සේවා අංශවලට ආයෝජන උපරිම වශයෙන් දෙස් විදෙස් ගෙන්වා ගත යුතු බවක්.
තව උදාහරණයක් ගත්තොත් පසුගිය 2016 - 18 කාලයේ එසේ සිදුවී ඇති අතරම එම කාලයේ සංචාරක කර්මාන්තයෙන් රටට ආ ආදායමෙන් සියයට 80% ක් යළි රටින් පිටට ගිහින් කියලත් කියනවා, එවිට රට ඇතුළේ ඉතිරි වන්නේ සියයට 20%. එහෙත් කාර්මික අපනයන එසේ නොවේ. කාර්මික අපනයනවල දී අදියර ගනනාවක අගය එකතු කිරීම් හැකි තරම් කළ හැකි නිසා අගය එකතු කිරීම් වැඩිවන තරමට රටේ විදේශ විනිමය සංචිත තරවෙයි. එසේම අගය එකතු කිරීම් වැඩිවන තරමට රැකියා සුලබ වෙයි. මේ ගැන අපි පහුගිය කාලේ වියත් මගේ හිටපු උන්ටත් දැනුත් යෝජනා කරන්නේ රට එතැනට ගෙන යාමට. ඒ නිසා විදේශ ආයෝජනවලටත් ඩොලර්වලින් කරන ආයෝජනවලටත් දිරිගැන්වීම් වැඩි කළ යුතුය. ඒ දිරිගැන්වීම් විදේශිකයන්ටත් වැඩියෙන් ලංකාවේ ඉන්න කැමති හරි ලංකාවට යම් විදිහකින් හෝඅ සබඳතා ඇති ලංකාවේ පවුලේ අය ඉන්න සහ අපනයනකරුවන් වන ලාංකික ආයෝජකයන්ට වැඩි පුර අවස්ථා ලබාදිය යුතුය. අප කාටත් නව ආරම්භයක් අවශ්‍යයි.
දේශපාලන අප්පිරිය වුණත් මේ අර්බුදකාරී ව්‍යසනයට වගකිවයුතු වගඋත්තර බැඳිය යුතු දේශපාලක කල්ලි එකිනෙකාට චෝදනා කරගැනීම මාරාන්තික විහිළුවක්. 1947 පාර්ලිමේන්තු නියෝජිතවරණයේ සිට මේ දක්වා බලයට පත්වූ සියලු ආණ්ඩු, විපක්ෂ නායකයන්, වෙනත් සුළු පක්ෂ වලින් දැනෙන තරමේ බලපෑමක් රටට කරපු සියලුම දේශපාලුවන් සහ ඔවුන්ගේ වර්තමාන අනුප්‍රාප්තිකයන් සහ ඔවුන්ට උඩගෙඩි දුන් මෝඩ ජනයා මේ ව්‍යසනයට වගකිව යුතු (යේසුස් වහන්සේගේ ප්‍රකාශයක් වෙනස්කොට කියතොත් ‘ව්‍යසනයට වගකිව යුතු නැත්තෙක් වේ නම් පළමු ගල ගසන්න’) අතරම දැන් කළ යුත්තේ මේ ජාතික අර්බුදයට සහ ජාතික ව්‍යසනයට මුහුණදීම සඳහා ජාතික වැඩපිළිවෙළක් සැකසීම.
කෙසේ නමුත් මම හිතන්නේ එය කළ යුත්තේ පොත් පාඩම් කර ලේබල් ගහන් ඉන්න සහ වෙනත් කයිවාරු ගහන හර්ෂ සිල්වා පන්නයේ කයිවාරු කාර නිල උගතුන් වියතුන් නොව ඇත්තටම රට ගැන ජාතික රාජ්‍යය ගැන හැඟීමක් සහ හෘද සාක්ෂියක් ඇති අර්බුදයෙන් මිදීමේ මඟ, රාජ්‍ය ශිල්පය සහ රාජ්‍ය කළමනාකරණය දන්නා ප්‍රාමාණික නැනවතුන්, නැතුව විභාග පාස් කරපු කොටුවට පිටින් හිතන්න බැරි ගෝතයින් නොව වැඩ කරලා පෙන්නපු හැකියාව ඇති දක්ෂයින්.
අනිත් පැත්තෙන් පාලකයන් සහ නිලධාරීන් ඊට නම්මවා ගැනීමේ වගකීම සමාජය බාරගත යුතු අතරම ඒ සඳහා ජන සමාජයට නව සිතීමක් අත්‍යවශ්‍යය නිසා ඒ සිතීම්/ දැක්ම සහ දැඩි උවමනා සහගත බව තැනීම අප හැමෝගෙම වගකීමක් නොවේද ළමාතන්?
ලංකාවේ අප්පුහාමිලා ටික තාම හිතන් ඉන්නේ මේක කරේ රාජපක්ෂලා / සිරිසේනලා / වික්‍රමසිංහලා / ප්‍රේමදාසලා / බණ්ඩාරනායක ල කියලා... :ලොල්:
ReplyDeleteතාම කෙල උනේ කොහෙද කියල වත් දන්නේ නෑ.. ඊලඟ පාරත් හැදෙන්නේ නෑ මේක.. 99 % ශුවර්
ලංකාවේ අද ඉන්න තත්වෙට පත් වෙන්න බලපාපු රූට් කෝස්
1) රටේ මිනිසුන්ගේ ගතිගුණ (ආත්මාර්ථකාමී බව, රට ගැන සහා අනිත් අය ගැන නොසිතා තමාගේ වාසිය සදහා පමණක් කටයුතු කිරීම, ප්‍රතිපත්තියක් හෝ ප්‍රමිතියක් නැතිව ක්‍රියා කිරීම, මෝඩ කම) කොටින්ම අපේ උන් එකාට එකා නෑ. පට්ටම ආත්මාර්ථකාමී. ඔය දේසපාලුවන්ට බනින උන් ඔය පුටුවලට ගියත් ඕකමයි කරන්නෙ. මම සහ මගේ පවුල පමණයි.
2) රටේ කාලකන්නි අමන දේශපාලන සංස්කෘතිය.
3) සිවිල් යුද්ධය සහ කැරලි නිසා ඓතිහාසිකව සිදු වූ ආර්ථික හානියේ ප්‍රතිඵල
මේවාත් ලොකු හේතු,
4) කිසිම වැඩකදි එකඟතාවයන් නෑ. අනෙකාට සවන්දීමක් ඇත්තෙම නැති තරම්. අපේ තියෙන්නෙ විවාද පමනයි. සාකච්චා නැත. කෙනෙක් අදහසක්/යෝජනාවක් කරපු ගමන් ඒකෙ තියෙන අඩුපාඩු ඔක්කොම අල්ලගෙන කියපු එකාගෙත් එක්ක තියෙන පෞද්ගලික ඇරියස් කවර් කරනවා(බ්ලොග් වලින් හොඳ උදාහරන බලා ගන්න පුලුවන්) අපි එකතුවෙලා මේක ගොඩදාමු කියන වචනෙ අහන්නත් ආසයි. නමුත් ඉතාම දුර්ලබයි. කිව්වොත් කියන්නෙත් බොරුවට.
5) උපන්ගෙයි කම්මැලිකම. නිකන් ඉඳලා කන්න බලන් ඉන්න එක සහ සල්ලි හම්බ කරන එවුන්ට තියෙන සමාජවාදී දැඩි විරෝධය සහිත ඊර්ෂ්යාව. (ධනපතියෙක්/ හූරා කාපු එකෙක්/ ඔය ඕකගේ කුඩු සල්ලි/ මිනිස්සුන්ට පඩි දෙන්නේ නෑ/ මරවල වැඩ ගන්නවා/ ඔය රාජපක්ෂලාගේ නැත්නම් වෙන එකෙක්ගේ හොරා කාපු සල්ලි ඔන්න ඔය වගේ... Most of the People in Sri Lanka believes that Money is the root of all evil & consequently hate the rich)
ගොඩක් උන් උදවු කරත් උදව් කරන්නේ තමන්ට යටින් ඉන්න තාක් විතරයි, තමගේ ගානට කිට්ටු වෙනකොට නැත්නම් ඉක්මවා යයි කියලා හිතුණොත් ඉරිසියාවට වට්ටන්නමයි ගේමක් දෙන්නමයි හදන්නේ
6)රැවටීම ඉතා පහසුයි.
ඔය උඩ කියපු 06 ම මග හරවන් ගොඩ යන්න තිබ්බ රටට දක්ෂ Management එකක් සෙට් උනා නම් නමුත් අද වෙනකං ඒක උනේ නෑ.
මේ ආණ්ඩුව කෙලව ගෙන අපිව කබලෙන් ලිපට වැටුණේ මේ හේතු නිසා.
1)රට වෙනුවෙන් තීරණ නොගැනීම සහ ගන්නා සෑම තිරණයක්ම හුදෙක් දේශපාලන වාසි තකා පමණක් ගැනීම.
2)පරිපාලනය සහ තීරණ ගැනීම ඉතා දුර්වල වීම (මේ ආණ්ඩුවෙන් ගත්ත තීරණ සැලකිය යුතු ප්‍රමාණයක් නිසි අධ්‍යනයක් නැතුව හදිසියේ ගත්ත වැරදි තීරණ, අනික හොඳ තීරණ ගත්තා, ගත්තේ පරක්කු වෙලා, සමහර හොඳ තීරණ පස්සේ 'ජනතාව'ගේ විරෝධය නිසා වෙනස් කරන්නත් උනා.)
3) දේශපාලනයේදී/ රජයේ පාලනයේදී දක්ෂයින්ට තැන නොදී තමන්ට ශුවර් උන්ට විතරක් තනතුරු ලබා දීමට දක්ෂයින් කැපීම (ගොඩක් උන් බයයි උන් තමන්ට වඩා ජනප්‍රිය වෙලා ඉහළට යයි කියලා) මේකට ලොකු හේතුවක් පවුල් වාදය සහ ගජ මිතුරුවාදය
ලංකාවේ කිසිම කෙනෙක් ළඟ රටේ පවතින සත්‍ය තත්වය පිළිබඳව පවතින ගෝලීය ආර්ථික අර්බුදයත් එක්ක පැහැදිලි විසඳුම් නෑ, දේශපාලන ක්ශ්‍රේත්‍රය ගත්තොත් යම් තරමකින් හෝ මෙය හඳුනාගෙන සිටින්නේ විපක්ෂයේ නම් රනිල් සහ චම්පික පමණයි කියා හිතන්න පුලුවන්, හර්ෂ ද සිල්වා ආර්ථික විශේශ්ඥයෙක් කිව්වාට ඔහුගේ පැහැදිලි කිරීම් ඉතාම විහිළු සහගතයි, ඒ වගේම නිසි පදනමක් නෑ එක එක වෙලාවට එක එක කතා කියනවා, ජවිපෙ ජාතික බලවේගයත් එහෙන් මෙහෙන් කරුණු අල්ලගෙන සරල කතා කියනවා මිසක් නිසි ලෙස ප්‍රමාණාත්මක ගැඹුරු අද්‍යනයක් තාම කරපු බවක් පේන්නේ නෑ, ඔවුන්ගේ කඩිනම් විසඳුම නම් ලියවිල්ල ගැලරියට නිකුත් කරපු එකක් වුණත් සමාජ ජාල වල ගැඹුරු ප්‍රශ්න කිරීම් වලදී උත්තර නෑ. දැන් දැන් නැවත ඇතිවෙන ආර්ථික අවපාතය හා කඩා වැටීම ජර්මනිය හා බ්‍රිතාන්‍යය තරමක් දුරට නවත්වා ගෙන පාලනය කරගෙන තිබෙන නමුත් ඇ.එ. ජනපදයට එය තවම කරන්න බැරි වෙලා තිබෙනවා. චීනයේ ලාභ ශ්‍රමය නැති වී ගෙන යනවා. චීනය වේගයෙන් දියුණු වෙමින් යන නිසා. අප්‍රිකාවේ ශ්‍රමය තවම දියුණු නැහැ ආසියාවේ තරම්. යුරෝපයේ රටවලට සමාජ සුභ සාධන ගෙවීම් (බෙනෙෆිට්) දෙන්න තවත් බැහැ ඒ කාලයේ සෝවියට් දේශයට පෙනෙන්න හා ජනතාව මුලා කරන්න මේවා දුන්නට බදු වලින් හා තමන්ගේ ලාභයෙන් මේවා ගෙවන්න ධනවත් බලවත් ව්‍යවසායකයින් කැමති නැහැ (දැන් සෝවියට් දේශය නැති නිසා) අනිත් පැත්තෙන් මධ්‍යම පන්තිය මේ සුභ සාධන වලට එරෙහිව ක්‍රමානුකුලව පෙළ ගස්සනවා ධනවත් බලවත් අයට අයිත් මාධ්‍ය ජාලා විසින්.
ඉදිරියේදී කැදවන සර්වපාක්ෂික සමුළුව හරහා ජාතික ආණ්ඩුවක් යෝජනා කර එමගින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සූදානමක් ඇති බව දේශපාලන ක්ෂේත්‍රයේ සාකච්ඡා කෙරෙමින් පවතී. එම ජාතික ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය රනිල් වික්‍රමසිංහට ලබා දෙනු ඇති බවට ද එම තොරතුරු වාර්තා කරයි. යහපාලන ආණ්ඩුව සමයේද ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිය බවත් අසීරු මොහොතවල් වල අප එම අරමුදලට ගිය නමුත් කිසිදු බලපෑමක් රටට සිදු නොවූ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලාපොරොත්තු වන්නේ රටක මූල්‍ය විනය හා ප්‍රජාතන්ත්‍රවාදී කාරණා බවද ඔහු පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් පෙන්වා දී තිබුණි. රනිල් දන්නවා IMF එකෙන් දාන කොන්දේසි වලට එකඟ නොවී ඒකෙන් ණය ගන්න අමාරුයි කියලා.ඒ වගේම ඒ කොන්දේසි වලට එකඟ වුනොත් රජය අප්‍රසාදයට පත්වෙනවා කියලා. ඒකයි මේ සපෝට් එක. එතකොට තමන්ටත් චාන්ස් එකක් එයි කියලා මෑන් හීන දකිනවා.
ReplyDeleteතේරෙන්නේ නෑ අප්පච්චි මොකද කරන්නේ කියලා මං.
ReplyDeleteI've made a terrible mistake. Dad'd be so ashamed of me.
වීරවංශලා සහ ගම්මන්පිල ඇතුලු පිරිස ඉතාමත් මැනැවින් පෙන්වා දෙන පරිදි ලංකාවේ සැබෑ ප්‍රශ්න මේවායි;
ReplyDelete01. පහුගිය 2020 - 2022 වසර දෙකක් තිස්සේ කොවිඩ්වලට අනුගමනය කරපු සිමා නිසා ලොව පුරාම සප්ලයි චේන් බිද වැටිල ලෝකෙම උද්ධමනය ඉහළ යාමක් තියෙනවා. ඊළගට පුටින් යුක්රේන ආක්‍රමණය මුල් කරගෙන තෙල් මිල ඩබල් එකෙන් අති විශාල ලෙස ඉහළයාමකුත් ඇත. මේ දේවල් ලෝකෙ හැම රටකටම බලපානවා. මේක ලංකාවටත් දැඩිව බලපාල තියෙනවා.
02. ඊළඟට ලංකාවෙ ණය අර්බුදයට එක ප්‍රධාන හේතුවක් කියනවා කලින් මහින්ද ආණ්ඩුව කාලෙ (ඒ කාලෙත් කබ්රාල් මහ බැංකු අධිපති, පීබී ජයසුන්දර මුදල් අමාත්‍යාංශ ලේකම) වැඩි පොළියට අයි එස් බී හරහා ඩොලර් බිලියන් පහක් ඇතුළු වාණිජ ණය ගැනීම ගන්න පටන් ගැනීම. ඒ ගොඩක් ඒව දැන් තමයි කල් පිරෙන්නෙ. මේක ගැන ඒ කාලෙත් විමල් ඉවෙන් මෙන් තේරුම් අරන් පී බී ආර්ථික ඝාතකයෙක් කියලා පැහැදිලි කළා.
(මීට අමතරව සුළු ගණනක් වන එතරම් ප්‍රයෝජනයක් නැති කන්ස්ට්‍රක්ශන් ප්‍රොජක්ට් දේශපාලනික හේතු හෝ කොමිස් මත පටන් ගැනිමත් පොඩියට බලපාල ඇති, නමුත් ගාන ගොඩක් අඩු නිසා සාපේක්ෂව පොඩි ප්‍රශ්නයක්, ප්‍රධානම ප්‍රශ්නය අරක.)
03. ඊළඟට 2015 න් පස්සේ යහපාලන කාලෙ කියලත් වෙනසක් නෑ හෝ ගාල බොන්ඩ් ණය අයි එස් බී විතරක් ඩොලර් බිලියන් 12 ක් ගත්ත. ඒකට එක හේතුවක් යහපාලන කාලෙ රාජ්‍ය සේවක වැටුප් විශාල ලෙස එකපාර වැඩි කිරීම. ඒ වගේම සමෘද්ධිය දෙගුණ කිරීම සහ එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා කියල රජයේ බැංකු හරහා 4% - 6% දක්වා දේශපාලන හිතවතුන් විශාල පිරිසකට අඩු පොළී ණය දීම්, උදා ගම් ව්යාපාර වගේ නොයෙකුත් එකක් නාස්තිකාර වියදම්, මේව හැමදාම පැටව් ගහන වියදම්.
04. ඒ වගේම වර්තමාන ආණ්ඩුව ආපු ගමන් 2020/2021 ලොකු ණය ප්‍රමාණයක් ගෙවන්න තියෙනව කියල දැන දැනම ජනතාවගේ ඉල්ලීම් කියලා බදු ප්‍රතිශත බාගෙට බාගයක් අඩු කරලා වැට් බද්දෙ ආදායම විශාල ලෙස අහිමි කරගත්ත. ඒ වගේම වියත් මගට රජයේ රැකියා වෙනුවට රැකියා මවන අය (ව්‍යවසායකයන්) හදනවා කියල බයිල ගහපු ජානධිපති යහපාලන කාලේ නවත්තපු තැනින් පටන් අරන් ආපහු හෝ ගාල රාජ්‍ය සේවයට කිසිම සුදුසුකමක් නැති විශාල පිරිසක් බදවා ගත්තා. ඊට අමතරව පේයී (PAYE) ටැක්ස් අහිමි කරගත්ත. මේවනං කවුරු හරි හිතාමතාම තනිකර ආර්ථික ඝාතන උපක්‍රම කියලයි හිතන්න වෙන්නෙ. වැරදිලා කරපුවානං නොවේ.
05. ඔය වගේම ඊට පස්සෙ ඩබ්ලිව් ඩී ලක්ෂමන් ආර්ථික විද්‍යා මහාචාර්යවරයා මහ බැංකු අධිපති උනාම ලොවෙත් නැති මොඩර්න් මොනටරි පොලිසි කියල එකක් ගෙනහල්ල හෝ ගාල සල්ලි අච්චු ගහන්න ගත්ත. ආරක්ෂණවාදියෙක් වෙන ඔහු එවැනි දෙයක් කරේ ඇයි? සල්ලි අච්චු ගහල ආර්ථිකය දුවන එක ආරක්ෂණවාදයට එකගද? එතරම් ඉල්ලුමක් නැති රුපියල් අච්චු ගහන එකෙන් උද්ධමනය වැඩිවෙන බව ඔහු දන්නෙ නැත්ද?
06. ඉන් පස්සේ 2020/ 2021 වසර දෙක පුරාම කොවිඩ් මර්ධනය උන්මාදයක් තත්වයට පත්වූ නිසා රටේ විදේශ විනිමය ගේන මාර්ග සෘජුව ඇහුරුනා. විදේශ ශ්‍රමිකයන් මිනිස් බෝමිබ කියල සැලකුවෙ. දේශපාලනකයන් විතරක් නොව බහුතර මිනිස්සුත් ඒකට පක්ෂ උනා. මිනිස්සුන්ව සමූහ වශයෙන් ගාල් කරල තිබ්බ ආසාදනය උනත් නැතත් ආසාදිතයන් ගොඩේ. මේක තනිකර අපරාධකාරී ක්‍රියාවක්. නමුත් ඒ වෙලාවෙ තිබ්බ කොවිඩ් හිස්ටීරියාව නිසා මිනිස්සු මේක අනුමත කරා. නමුත් ඒක විදේශ ශ්‍රමිකයට විරුද්ධව කරපු ත්‍රස්තවාදී ක්‍රියාවක්. ඒකෙන් ආණ්ඩුවෙ හිතවාදීන් ධනවත් උනා. නමුත් ආණ්ඩුවට සහය දීපු විදෙස් ශ්‍රමිකයන් අතර ආණ්ඩුව දැඩිව පිරිහුණා.
07. රට තුල නිරෝධායන කර්මාන්තය ඉතාම ලාභදායී කර්මාන්තයක් උනා. නමුත් ඒකට වන්දි ගෙව්වෙ විදේශ ශ්‍රමිකයන්. සමහරු වීසා ඉවර වෙලා ඒ රටවල අනාථ උනා. ඇත්තටම තමන්ගේ මිනිස්සු එහෙම අතඇරල දාපු රටක් නිසා ඒ රටවල් සහ රැකියා ඒජන්සි ලංකාවෙන් ශ්‍රමිකයන් ගේන එකට පසුබට වෙලා වෙනත් රටවල් වලින් ගේන හිතුවා.
Cont'd...
Delete08. ඊළගට කොවිඩ් දඩමීමා කරගෙන සෞඛ්‍ය අංශයේ හාල්පාරුවන්ගේ මෝඩ කතා නිසා සංචාරක ව්‍යාපාරය නැත්තට නැති කරා. මෝල්ඩිව්ස් වගේ රටවල් 2021 වෙනකොටම විශාල ලෙස සංචාරකයන් ගෙන්න ගන්න සැලසුම් හදල ඉවරයි. ඔවුන් ඒකෙන් කලින්ටත් වඩා ආදායම් ලැබුව. නමුත් ලංකාවෙ කොවිඩ හිස්ටිරියාව නිසා ඒක තාමත් පණ අදිනවා.
09. ඒකෙන්ම රටට විදේශ විනිමය ගේන කර්මාන්තශාලා ටාගට් කර කර කොවිඩ් කියා අර පට්ටපල් බොරු ෆෝල්ස් පොසිට්ව් ගහණ ටෙස්ට් එකක් කියල කුණුහරුපයක් කරලා කර කර වැස්සුවා. කර්මාන්ත පුර පිටින් වැස්සුවා. ඒ අස්සෙ වියට්නාමය, බංගලිදේශය කොවිඩ් ගනන් නොගෙන තමන්ගෙ කර්මාන්ත පවත්වාගෙන ගියා.
10. ඊට පස්සේ දේශීය වෙදකමට ගරහපු මුග්ධ තකතීරු සෞඛ්‍ය ක්ශේත්‍රයේ අමනයින්ගේ ලණු කාලා මාස ගණන් රට වහල, රටේ ආර්ථික හදවත බදු බස්නාහිර පළාත වහන් හිටිය. ඉදිරියේ විශාල වශයෙන් ණය කන්දක් ගෙවන්න තියෙනවා කියල දැන දැනම.
11. සෝ කෝල්ඩ් ටෙස්ට් කිට්, එන්නත්, මාස්ක් ජාවාරම නිසා විශාල විදේශ විනිමයක් නැති උනා. ඒවයින් කීප දෙනෙක් හම්බ කරගත්ත. මේ සේරම බයිලා කරලත් කලාපයෙ නිල කොවිඩ් මරණ අනුපාතය වැඩිම ලංකාවෙයි. (ඉන්දියා බංග්ලාදේශ් සහ පකිස්තාන් වගේ රටවල් ලංකාව වගේ ටෙස්ට් කෝලම් නොකරපු නිසා නිල සංඛ්‍යා අතින් අපිට වඩා උඩින් ඉන්න එක උන්ට වාසියට හිටියා විදෙස් සංචාරක ව්‍යාපාරය වගේ දේවල් වලදී.)
12. ඊළඟට එකපාරටම කාබනික පෝර කෙළියක් කරල අපනයන කෘෂිකර්මයෙ ආදායම අඩු කරා. ඒක බිද වැට්ටුවා. ඒ අස්සේ චීනෙන් 'කාබනික පෝර' ගේන්න හදල තව කචල් එකක් හැදුනා, සාම්පල් පරීක්ෂා නොකර එල්සී ඕපන් කරේ ඇයි? මේවටත් අන්තිමට වන්දි ගෙවන්න උනා. ඉන්දියාවෙන් ප්ලේන් වලින් කාබනික පෝර ගෙනවා හදිස්සියට.
13. පහුගිය යහපාලන ආණ්ඩුව වගේම වත්මන් ආණ්ඩුවත් කිසිම බලාගාරයක් අලුතෙන් ඉදි කරේ නෑ. විශේෂයෙන්ම ගෑස්/ ගල්අගුරු බලාගාර. ලංකාවට අඛණ්ඩ විදුලි සැපයුමක් අඩු මිලට දෙන්නනං ගෑස් / ගල්අගුරු බලාගාර අවශ්‍යයි. නමුත් ජනාධිපතිවරයා ඉන්නෙ ගල් අඟුරු වලට විරුද්ධ යූඑන් එකේ ගෝලීයවාදී හරිත සමාජවාදී න්‍යාය පත්‍රයෙයි. ඒකෙන් බලශක්ති සැපයුම අස්ථාවර වෙනවා වගේම බලශක්ති මිල ඉහළ යනවා.
14. ඔය වගේම සැහෙන කාලයක් ඩොලර්ය ඉතාම අඩු අගයක පවත්වාගෙන ඉදලා විදේශ ශ්‍රමිකයන්ගෙ ආදායම වැට්ටුව. වෙනදට නිත්‍යානුකූලව එවන මිනිහත් උණ්ඩියල් එකට හුරු කරා. දැන් අන්තිමට වැඩේ පත්තු වෙලා.
කොහොම හරි ඔය කාරණා අනුව ලංකාවෙ වර්තමාන ආණ්ඩුව යටතේ ආර්ථික සමුලඝාතනයක් ක්‍රියාත්මක වෙන බව පැහැදිලියි, ඒකෙ කිසි සැකයක් නෑ. කරන්නෙ මොකාද කොහොමද කියල අදාළ නැ. මොකා හරි කරනවා. නිල වශයෙන් ගත්තහම මේකට ජනාධිපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයම වග කියන්න ඕන නමුත් ඇත්තටම මේක පස්සේ ඉන්නේ කවුද?
උස්වත්ත ලියනගේ පැට්‍රික් ජෝශප් ක්‍රිස්ටෝපර් හෙවත් ක්‍රිස්ටි පෙරේරා පණහෙ දශකයේ මැද භාගයේදී විතර සේවය කරමින් සිටියේ කොළඹ සමාගමක ගබඩා පාලකයකු හැටියටය. මේ වන විට ඔහු විවාහ දිවියටද ඇතුළත්ව සිටියේය. සේවය කළ සමාගමේ ඇති වූ ප්‍රශ්නයක් නිසා ක්‍රිස්ටි පෙරේරා හට තාවකාලිකව සේවයන් ඉවත් වීමට සිදුවිණි. එවිට ජීවනෝපාය සඳහා ඔහු මගක් සොයමින් සිටියේය.
ReplyDeleteමේ අතරවාරයේදී විවාහයෙන් පසුව ක්‍රිස්ටිගේ උපන්දිනය සැමරීම වෙනුවෙන් ආදරණීය බිරිඳ උත්සුක වූවාය. අගහිඟකම් තිබුණද පැමිණි දුක් පැණි රසයෙන් පිළිගැනීමේ පුරුද්දක් මේ යුවළ හට තිබිණි. විවාහයෙන් පසු සැමරූ ප්‍රථම උපන් දින සාදය පිළියෙල වූ අතර ආරාධනා ලැබ සිටි අමුත්තන් වෙනුවෙන් බිරිඳ අතුරුපසක් ද පිළියෙල කළාය.
ඇයට ඕනෑ වී තිබුණේ කවුරුත් ආසා කරන ‘ටර්කිෂ් ඩිලයිට්‘ අතුරුපස පිළියෙල කිරීමටය. එහෙත් එය හරි හැටි පිළියෙල කර ගැනීමට ඇය හට නොහැකි විණි. ටර්කිෂ් ඩිලයිට් වෙනුවට හැදුණේ තලපයක් වැනි අතුරු පසකි.
‘‘හරිම රසයි මේ ඩෙසර්ට් එක’’ බිරිඳගේ වැරදුණු අතුරුපසට, පැමිණ සිටි අමුත්තන්ගෙන් ලැබුණේ එවැනි ප්‍රතිචාරයකි.
‘‘මේක හදලා විකිණුවොත් හොඳ නැද්ද?’’
එදා පැමිණ සිටි හිතවතුන් වෙතින් නිකමෙට වගේ කියැවිණි.
‘‘ඔව්, ඉතින් දැන් රස්සාවත් නැති එකේ ඒ වැඩේ නම් මරු’’ යැයි ක්‍රිස්ටි හිමිහිට මුමුණුවේය.
මෙම අලුත් වැඩය ගැන බිරිඳ සමග කතා කළ ක්‍රිස්ටි ගෘහස්ථ කටයුත්තක් ලෙස මෙය ආරම්භ කළේය. වැරදුණු අතුරුපසෙන් හැදුණු ඊට නම් තැබුවේ ‘‘ග්ලුකෝරස’’ යනුවෙනි...
‘‘කොහොම හරි සියයට 60ක් මේ පැණි රස කෑම වර්ගය සඳහා ඇතුළත් වන්නේ ආනයනික ග්ලුකෝස්, අනෙක් සියයට 40 ආනයනය කරන ලද සීනි, වෙනත් පැණි රස රසකාරක සහ වර්ණක. මේ නිසා ග්ලුකෝරස කියන නම තාත්තා යොදාගෙන. ඊට පස්සේ ඒවා මොරටුව පැත්තෙ අලෙවි කරන්න පටන් ගෙන. මිනිස්සු අතර මේ ජුජුබ්ස් ඒ කාලයේ හරි ජනප්‍රිය වෙලා’’
Deleteඅද පැට්‍රික් ජෝෂප් ක්රිස්ෙටා්පර් හෙවත් ක්‍රිස්ටි පෙෙර්රා ජීවතුන් අතර නැත. එදා ස්වකීය ජීවනෝපාය වෙනුවෙන් ක්‍රිස්ටි ගෘහස්ථව ආරම්භ කළ පුංචි ව්‍යාපාරය, පසු කලෙක ලංකාවම දන්නා ව්‍යාපාරයක් බවට පත් කළේ ඔහුගේ පුතු උස්වත්ත ලියනගේ සුනිල් ක්වින්ටස් පෙරේරාය.
එදා 1956 දී පියා මෙම ව්‍යාපාරය සුළුවෙන් අරඹන විට මේ ක්වින්ටස් පෙරේරා මෙලොව එළිය ලබා නොසිටියේය. එහෙත් පසු කලෙක පවුලෙන් පටන් ගත්ත පුංචි ව්‍යාපාරයට සැබෑ අරුතක් ගෙන දුන් චරිතය ඔහුම වෙයි. ඔහු ග්ලුකෝරස සමග පමණක් බද්ධ වී නොසිටි අතර අලුත් රස ආහාර වර්ග කීපයක්ම ග්ලුකෝරස නිවසින් හඳුන්වාදීමට නව සංකල්ප දැරූ ව්‍යවසාකයෙකි. එදා තාත්තා නැවතූ තැනින් ඔහු පටන් ගත්තේ කෙසේද?
‘‘එදා තාත්තා රැකියාව කළ තැනින් තාත්තාට නැවත එන්න කියලා කතා කරලා. එයාලගෙ අතින් සිදුවූ අත්වැරැද්දකට තමයි තාත්තාට තාවකාලිකව රස්සාව අහිමි වුණේ. ඒත් තාත්තා ආයෙත් ගිහින් නැහැ. මම ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒක ටිකක් හොඳයි. ඒ නිසා මට ඒක රස්සාව එපා කියලා. ඒ පාර, එයාලා වෙච්ච වැරැද්ද වහගන්න තාත්තාට ණයට අමුද්‍රව්‍ය දෙන්නම් කියලා. පිටරටින් පැණි රස කෑම හදන අමුද්‍රව්‍ය ගෙන්වූ සමාගමක් එය.
ඉතින් කොහොම හරි ඒ සමාගම ඒ විදියට දුන් සහනය නිසා තාත්තා ටිකෙන් - ටික ගොඩනැගෙන්න පටන් ගත්තා. එදා තාත්තා මුලින්ම මේ රස කෑම බෙදා හැර තිබෙන්ෙන් බෑග්වලට අතින් අහුරලා. ඒ දිනවල යන්ත්‍ර කිසිවක් තිබිලා නැහැ.
තාත්තා එදා මේ ව්‍යාපාරය ආරම්භ කරලා තියෙන්නෙ එයාට දෑවැද්දට හම්බ වෙච්ච රුපියල් තුන් දහස සහ එයාගෙ අයියා දුන්න රුපියල් 3,000 ක මුදලක් එක්ක වූ රුපියල් 6,000 ක මුදලකින්. එයා තාත්තාගෙ දෙවැනි අයියා. එයාගෙ නම ප්‍රැන්සිස් පීටර් පෙරේරා. ඒත් එයාට කිව්වෙ ඇන්ටන් පෙරේරා කියලයි.
ඒ වෙනින් කවුරුවත් නොවෙයි. ජීප්සීස් සුනිල් - පියල් ඇතුළු දරුවන්ගෙ පියා. මගේ බාප්පා. තාත්තාට තවත් අයිය කෙනෙක් හිටියා. එයාගෙ නම නෝබට් පෙරේරා. එයා ව්‍යාපාරයට සම්බන්ධ නැහැ. ඒත් එදා එයා තමයි මේ නිෂ්පාදන බෙදාහැරීම සිදුකරලා තියෙන්නෙ. ඔන්න ඔය විදියට සහෝදරයින් තුන්දෙනාගෙ දායකත්වය ඇතිව මුල්ම කාලයේදී පත්වාගෙන ගිහින්’’
ග්ලුකෝරස නිවසේ මුල්ම කාලයේ හැඩය, පැහැය ගැන එලෙසින් මතකය ගෙනහැර පාන ක්වින්ටස් පෙරේරා යනු ග්ලුකෝරස නිෂ්පාදන ආයතනයේ නිර්මාතෘ ක්‍රිස්ටි පෙරේරාගේ 5 වැනි දරුවාය. ක්‍රිස්ටි පෙරේරා හට දරුවන් 8 දෙනෙකි. පිරිමි දරුවන් තිදෙනෙක් සහ ගැහැනු දරුවන් 5 දෙනෙක් ඒ පිරිසට අයත් වූහ.
එදා ග්ලුකෝරස නිෂ්පාදන පටන් ගත් මුල්ම කාලයේදී මේ කටයුතු කරගෙන ගියේ ගෙදර සේවයට සිටි ගැහැනු කෙනෙකු මෙන්ම තවත් පිරිමි සේවකයකු සහ ක්‍රිස්ටි පෙරේරා යුවළ සහ ඇන්ටන් පෙරේරාගේ බිරිඳ යන කීප දෙනාගේ දායකත්වයෙන් බව ක්වින්ටස් සඳහන් කරයි.
මුල්ම කාලයේදී මැෂින් නොතිබූ නිසා ජුජුබ්ස් කෑලි වලට කපා ඇත්තේ කතුරකිනි. මේ විදියට ටිකෙන් ටික හිස ඔසවමින් සිටි උස්වත්ත ග්ලුකෝරස නිෂ්පාදන ආයතනයට ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදුවූයේ 1971 දී සිට බව ක්වින්ටස් සඳහන් කරයි.
1961 න් පසුව තාත්තා ජුජුබිස් වලට අමතරව තව තව නිෂ්පාදන පටන්ගෙන තිබුණා. ටොෆි නිෂ්පාදනයටත් ඇවිත් හිටියෙ. මේ විදියට දියුණු වෙමින් 1971 වන විට සේවකයින් 300 ක් පමණ සේවය කරන තරමට දියුණුව ලබා තිබුණෙ....
නමුත් 1971 කැරැල්ල නිසා රටේ ආර්ථිකය බිඳ වැටීම සමග දේශීය සමාජවාදී ආර්ථිකයක් පිළිබඳ රටේ ඇති වූ දේශපාලනික වෙනස එක්ක ආනයනික දේ ගෙන ඒම දැඩි ලෙස සීමා කළා. ඒ නිසා අපට අපේ නිෂ්පාදන වලට වැඩියෙන්ම යොදා ගත් ආනයනික ග්ලුකෝස් සීනි සහ වෙනත් රසකාරක වර්ණක ආදිය ගෙන ඒමට නොහැකිවීම නිසා දිනෙන් දින නිෂ්පාදන ප්‍රමාණය අවම වුණා. 300ක් පමණ සිටි සේවක පිරිස අන්තිමට නතර වුණේ 7 කට පහළ බැහැලා. ඒ දිනවල විදේශ විනිමය තිබූ අපනයන ව්‍යාපාර හිමි උපාලි ආයතනය ඇතුළු ඉතා සුළු ආයතන කීපයකට විතරයි ආනයනික දේ ගෙන්වීමේ අවසර තිබුණේ.
Deleteඅපි එදා ග්ලුකෝරස සඳහා ග්ලුකෝස් ගත්තෙ උපාලි එකෙන්. ඒත් එය අපේ නිෂ්පාදන සඳහා ප්‍රමාණවත් වුණේ නැහැ. මේ නිසා එදා අපි මුහුණ දුන්න බැරෑරුම් ප්‍රශ්නය වුණේ අමුද්‍රව්‍ය ගෙන ඒමට නොහැකිවීමේ බාධකයයි. මේ නිසා ඒ කාලේ අපි හරිම අමාරුවෙන් යන්තම් ජාමේ බේරා ගෙන ජීවත් වුණා විතරයි.
ඒ විදියට දුෂ්කරව ආ උස්වත්ත කන්ෆැක්ෂනරිස්, ජයග්‍රාහී මාවතකට පිවිසුණේ කවදාද? ක්වින්ටස්ගේ කතාව අතරේ අපි විමසීමු....
ගරුතර ජේ ආර් ජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂය විශාල ජනවරමක් ලබා ජයගත් 1977 දී වූ ආණ්ඩු වෙනස එක්ක ඇතිවුණේ වඩාත් විවෘත ආර්ථික ක්‍රමයක්. මේ අතරවාරයේදී එජාපයේ සම්බන්ධතා හා තානාපති නිලධාරීන් සමග පැවති මිතුරු සම්බන්ධතා හරහා ජර්මනියේ පැවැත් වූ ඉන්ටර්පැක් ප්‍රදර්ශනයට තාත්තා ගිහින් හිටියේ. ටිපි-ටිප් සංකල්පයට අදහස ඇවිත් තියෙන්නෙ එතැනින්.
‘‘පුතා මෙහි ප්‍රදර්ශනයට මැෂිමක් තියෙනවා. ඒක හරි අපූරුයි’’ කියලා තාත්තා ජර්මනියේ සිට කතා කරලා මට කිව්වා. හැබැයි දින දෙකක් ඇතුළතදී එය අරගන්නට ඕනෑ. එවිට මිලෙන් බාගෙට - බාගයක්ම අඩුයි කියලත් කිව්වා. ලෝකයම ඒ වන විට ස්වභාවික නිෂ්පාදන ක්‍රියාවලියකට අවතීර්ණ වෙමින් සිටියෙ.
‘ටිපි - ටිප්’ කියන්නෙ ස්වභාවික ආහාර නිෂ්පාදනයක්. ඒවා නිපදවන යන්ත්‍රය ගැන තමයි තාත්තා මට කිව්වෙ. මේ වෙලාවේ එවකට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙනී සිටි මගේ යාළුවෙක් මතක් වුණා. එයා දිනෙක මට හමුවුණේ ගාමිණී දිසානායක මහතාගේ කැම්පේන් එකක් වෙනුවෙන් වැඩ කරපු අතරේ නුවරඑළියෙදී. 1977 න් පසුව රජය විසින් ඔහු DFCC බැංකුවේ ඉහළ තනතුරක් සඳහා පත් කර තිබුණා.
ඔහු කීප සැරයක්ම ‘‘ඇයි ඔයාලා DFCC බැංකුවට නොඑන්නෙ? එන්නකො අපි උපරිම වශයෙන් උදව් කරන්නම්, ජනාධිපතිතුමා පාක්ෂිකයන් සඳහා උපරිම වශයෙන් සහන සැලසීම සඳහා උපදෙස් ලබා දී තිබෙනවා" කියලා එයා කිව්වා.
මට මේ වෙලාවේ මේක මතකයට ආවා. මම වහාම එදා හවසම කිංස්ලි ප්‍රනාන්දු කියන ඒ මහතා හමුවන්න ගියා. හවස බැංකු කටයුතු අවසන් කරන වෙලාව. ඒත් එතුමා සාකච්ඡාවක් පවත්වලා මට එළියට ඇවිත් කිව්වා, හරි අපි ණය මුදල ලබා දෙන්නම් කියලා. ඒ කාලයේ හැටියට අති විශාල මුදලක් වූ රු. මිලියන 5ක ණය මුදලක් DFCC එකෙන් එදා ලබා ගෙන තමයි අපි ඒ මැෂින් එක ලංකාවට ගෙනාවේ.
1978 දී මම කම්පැනි එකට සම්බන්ධ වුණේ මැෂින් ඔපරේටර් කෙනෙකු ලෙසයි. විශේෂයෙන්ම ඒ අලුතින් ගෙනා මැෂිම ගැන සොයා බලා කටයුතු කළේ මම. ඒ විදියට ටිකෙන් - ටික ඉදිරියට ඇවිත් 1980 දී අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වීම් ලැබුවා....
‘‘එතකොට ජිප්සීස් සුනිල්ලා - පියල්ලා එක්ක, සංගීත කටයුතුවලට ගියේ නැද්ද?’’ ග්ලුකෝරස මැවූ රසවත් කතාව අතරේ ක්වින්ටස් ගෙන් අපි විමසීමු’’
Deleteඒ කාලයේදී මහප්පාගෙ නිවස (ජීප්සීස් සුනිල්ගෙ පියා ඇන්ටන් පෙරේරා) සහ අපේ නිවස රත්මලානෙ කම්පැනිය පිටුපස තිබුණෙ. ඉස්කෝලෙ ගිහින් ඇවිත් අපි හවසට ක්‍රිකට් ගැහුවා. සමහර දාට මම රෑ කෑම කෑවේ මහප්පලාගෙ ගෙදරින්. ඒ දිනවල රාත්‍රි 9 චිත්‍රපට ෂෝ එක බලන්න අපි කට්ටියම ගියා. ඒක ඇත්තටම හරි ජොලි කාලයක්.
ඒත් මම ජිප්සීස්ලා එක්ක සංගීතය කළේ නැහැ. මගේ අයියා නෙවිල් පෙරේරා. ජිප්සීස්ලාට එකතු වී සිටියා. එයා තමයි මුලින්ම ඩ්‍රම්ස් ගැහුවේ. එයාලගෙ මුල්ම ගීතයක් වූ,
‘‘අම්මා, අම්මා මේ මට... කියන්න ලැජ්ජයි තාත්තට....’’
ගීතය ගයන්නත් නෙවිල් අයියා එක් වී සිටියා. ජිප්සීස්ලාට ඒ දිනවල ග්ලුකෝරස ආයතනය දිගටම ප්‍රසංගවලදී අනුග්‍රහයක් දැක්වූවා.
පසු කලෙක මේ ව්‍යාපාරයට මහප්පාගෙ පවුලේ පුතුන් වූ නිහාල් තාත්තා වෙනුවට සම්බන්ධ වුණා. මහප්පාගේ පුතු පියල් සහ දියණියන් දෙදෙනෙක් මෙහි කොටස් හිමිකාරිත්වය දරනවා. ඒත් ව්‍යාපාරයට ජීප්සීස්ලා සම්බන්ධ වුණේ නැහැ.
‘‘මේ විදියට ආ ගමෙන්දී උස්වත්ත කන්ෆැක්ෂනරීස් නැගලා ගියේ මොකක් නිසාද?‘’
ඒ දිනවල අගමැති වූ අතිගරු ආර්. ප්‍රේමදාස මැතිඳුන්ගේ පුතු අප සමීප මිතුරකු වූ සජිත් ප්‍රේමදාස මැතිතුමා සංගීතයට හරි ළැදියි. ජිප්සීස්ලාගේ හොඳම යාළුවෙක්. ගරු ජනපති ප්‍රේමදාස මැතිතුමා ඒ දිනවල බුත්තල ගම් උදාවට ලක ලැහැස්ති වෙමින් සිටියේ. සජිත් මහතාගේ හිතවත්කම් මත ජීප්සීස්ලාට පණිවුඩයක් එවා තිබුණා, අපේ ටිපි ටිප් කුටියත් බුත්තල ප්‍රදර්ශනයට ගේන්න කියලා. ඉතින් ඒක අහක දාන්නෙ කොහොමද? අපි එවෙලේම ක්ෂණිකව වාහනයක් ලෑස්ති කරලා මැෂිම බුත්තලට ගෙනගියා.
හැබැයි එය ක්‍රියාත්මක කරවන්න ත්‍රීෆේස් (තෙකලා) විදුලිය තිබුණේ නැහැ. ප්‍රදර්ශනය ආරම්භයට දිනකට පෙර අතිගරු ජනාධිපති ප්‍රේමදාස මැතිඳුන් සියල්ල අධීක්ෂණය කරනවා.
‘‘සර් මේක ක්‍රියාත්මක කරවන්න තෙකලා විදුලිය නැහැ’’ කියලා අපි කිව්වා.
‘‘මම මේ භූමියෙන් යන්න පැය දෙකකට පෙර මෙතැනට වහාම, වහාම මේ අයට ගැලපෙන පරිදි විදුලිය ලබා දෙන්න ඕන හරිද?’ ප්‍රේමදාස මැතිඳුන් එතන හිටපු සියලුම රජයේ නිලධාරීන්ට දැඩි ලෙස ගෝරනාඩු කළා. ඒ පාර සියලුම නිලධාරීන් එහෙට මෙහෙට දුවල පැනල ටෙලිපෝන් කරලා කොහොම හරි පැයක් විතර යද්දී එකපාරටම ඔන්න ඒ පාර විදුලියත් ලැබුණා.
ඒ අනුව බුත්තලට ආ මහ සෙනඟට අපි ටිපි - ටිප් නිෂ්පාදන නොමිලේම ලබා දුන්නා. මුළු රටම ඊට පසුව ටිපි - ටිප් ගැන (Tipi -tip) කතා කරන්න පටන් ගත්තා. එය අපට ලැබුණු ලොකු ජනප්‍රියත්වයක් කිව්වොත් හරි. මේ නිසා රටපුරාම විශාල මාකට් එකක් හැදිල උස්වත්ත එකට ලොකු ආදායමක් උපයා ගැනීම දක්වා විහිද ගියා....
එලෙසින් උස්වත්ත කන්පැක්ෂනරීස් ආ ගමනේදී නැවතත් වෙනසකට මුල පිරුවේ එහි නිර්මාතෘවරයා වූ ක්‍රිස්ටි පෙරේරා මහතාගේ අභාවයෙන් පසුව බව ක්වින්ටස් සඳහන් කරයි.
Deleteඅපේ ආදරණීය පියාණන් අභාවප්‍රාප්ත වුණේ 1998 අගෝස්තු 30 වැනිදා. කම්පැණිය ඒ දක්වා දිගු ගමනක් ආවේ තාත්තාගෙ දැක්ම අනුවයි. ඉන්පසුව ඥාති පාර්ශ්වයේ සහ මගේ පවුලේ කීප දෙනෙකුත් මීට සම්බන්ධව සිටියට එයාලා මේ නිෂ්පාදන ක්‍රියාවලිය එක්ක ප්‍රායෝගික වුණේ නැහැ. මම තාත්තා ළඟින්ම සිටි නිසා ලැබූ දැනුම බොහෝමයි. යන්ත්‍ර සූත්‍ර ගැන සහජයෙන්ම උරුම වූ හැකියාවක් මට තිබෙන්නෙ. මේ සියලු දේ එක්ක වඩා ප්‍රායෝගික වුණේ මම. වතාවක අලුත්ම සංකල්පයකට ‘‘පැණි මෝල්ට්’’ කියන රස නිෂ්පාදනය හඳුන්වා දී එහි අලෙවිකරණය පවා කළේ මගේ අධීක්ෂණයෙන්. එය එෙතක් කළ නිෂ්පාදන අතරින් ඉහළම වාර්තා තැබූ නිෂ්පාදනයක්.
මේ ආ ගමන පැණි රස වූවා මිසෙක තිත්ත වුණේ නැද්ද? අපි අහන්නෙ පියාගෙ අභාවයෙන් පසුව ප්‍රශ්න ආවේ නැද්ද? අපි ඇසූ ඒ පැණයට ක්වින්ටස් පිළිතුරු දුන්නේ මෙලෙසිනි.
‘‘තාත්තාගේ අභාවයෙන් ටික දවසකට පසුව හතර පස් දෙනෙක් කටයුතු මෙහෙයවන්න පටන් ගත්තා. අපි කතාවට කියනවනෙ කෝකියෝ වැඩි වුණාම සුප් එක වරදිනවා වගේ වැඩක් වුණේ. මේ නිසා කම්පැනි එක හරි මාවතකට ගියේ නැහැ. දිනෙන් දින ඉදිරියකට යාම වෙනුවට ආපස්සට ගමන් කළේ. 2001 වෙද්දී සෑහෙන ප්‍රශ්න වලට මුහුණ දුන්නා.
2005 වෙද්දි බැංකු ණය ගත්ත ඒවාට වගේම ආදායම් බදු කලට නොගෙවීම නිසා සෑහෙන ප්‍රශ්නවලට මුහුණ දුන්නා. 2007 වෙද්දී සේවකයින් සේරම එකතු වෙලා සර් ඔයාට පළපුරුද්ද තියෙනවනෙ. ඒ නිසා සර් මේකෙ සුක්කානම අතට අරගෙන මෙහෙයවන්න කීවා. ඇයි මේක වැටෙන්න දෙන්නෙ කියලා.
කොටස් හිමි අයත් මට කිව්වෙ ඔයා අරගෙන කරන්න කියලයි. ඒ අනුව 2007 දී ප්‍රධාන විධායක ලෙස පත්වී පවුල් දෙක අතර තිබූ කොටස්වලින් කැමති අය එයාලගෙ කොටස් විකුණන්න කියා මා ඉල්ලීමක් කළා. සමහරු තමන්ගේ කොටස් ඉන්දීය සමාගමකට විකුණා තිබුණා.
ඒ අතරවාරයේදී හිමිකම් වෙනුවෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රශ්න ආවා. ඉන්දීය ජාතිකයා ඒ වෙලාවෙ එයාගෙ කොටස් විකුණුවා. මම ඒවා මිලදී ගත්තා. 55% ක කොටස් හිමි වූ නිසා පරිපාලනය බාරගෙන මම ධෛර්යවන්තව කටයුතු කරගෙන ගියා.
රත්මලානෙ ගොඩනැගිල්ලක් නිකං තියාගෙන ඉඳලා වැඩක් නැති නිසා ෙටාෙයා්ටා එකට ඒක විකුණලා. යන්ත්‍ර සියල්ල පිළියන්දල භූමියකට ගෙන ගියා. ඒ එක්කම බණ්ඩාරගම භූමියක් අරගෙන නිෂ්පාදන කම්හල ස්ථාපිත කළා. බැංකු සමග මගේ තිබුණෙ ලොකු පැහැදීමක්....
කොහොම හරි මේ අමාරු කාලේ මගේ මිතුරන් හිටපු බැංකු මට සෑහෙන උදව් කළා. 2013 දී අපි බණ්ඩාරගමට ගියේ. කෙසේ හෝ ඊට පසුව සිදුවූ සුබවාදී ආණ්ඩු පෙරළියෙන් අනතුරුව 2015 දී එය විවෘත කෙළේ අතිගරු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින්. ඊට එවකට නිවාස හා සුබසාධන අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාත් දැඩි ලෙස සහය ලබා දුන්නා. සමාගමට 60 වසරක් සපිරෙන මොහොතේදී තමයි විවෘත කළේ.
Deleteක්වින්ටස් පෙරේරා එක හුස්මට තමාගේ පදාර්ථයේ කතාව කියාගෙන ගියේ එලෙසිනි. දැන් මෙම සමාගමෙහි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස ඔහු කටයුතු කරන අතර පුතුන් දෙදෙනා සහ දියණිය අධ්‍යක්ෂ තනතුරු දරති. ක්වින්ටස්ගෙ වැඩිමහල් සොයුරු නෙවිල් පෙරේරා අධ්‍යක්ෂ තනතුරක් දරයි. අද උස්වත්ත ආයතනය නිෂ්පාදනය කරන රස කෑම නිෂ්පාදන දිවයිනේ වෙළෙඳ සල් 1,40,000කට පමණ බෙදා හැරෙන බව ඔහු පවසයි.
අද ලොරි සහ වෑන් රථ 240ක් මේ සමාගම සතුය. වැටෙන්නට නොදී නැත්තටම නැති වෙන්නට නොදී ක්වින්ටස් හට එදා තාත්තා හැදූ සමාගම රැක ගැනීමට හැකිවූයේ කුමක් නිසාද?
‘‘අවුරුදු 12 ඉඳලම මගේ ජීවිතය ගෙවුණේ මේ වටපිටාවේ. එදා ඉඳලම මගේ අරමුණ වුණේ මෙම අංශයෙන්ම මිසක වෙනත් අංශයකින් යාමට නොවෙයි. මම මේකට ආදරය කළා. හදවතින්ම කැපවුණා. පවුලේ සහෝදරයින්ට තවම කොටස් තියෙනවා.
අාපස්සට බලද්දී එදා ඒ තීරණය මම ගත්තෙ එඩිතරව නිර්භයවයි.
බොහෝ දෙනා කිව්වෙ මේක දැන් කරන්න බැහැ වැටේවි කියලයි. ඒත් මගේ අධිෂ්ඨානය වුණේ මෙය කළ හැකියි කියලයි. මම දෙවියන්ට හරි ලැදියි. රෝමානු කතෝලික. නිතරම දේව ලැබීම තිබුණු බව කියන්න පුළුවනි. නව ෆැක්ටරිය විවෘත කළේ අහවල් දවසට විවෘත කරන්න කියලා දේව වචනය ලැබී තිබුණු නිසයි. 2015 අගෝස්තු 15 විවෘත කළේය.
ඊට මාස 3කට පෙරදී ගරු අගමැති රනිල් මැතිතුමා සමග ජනාධිපතිතුමා මට පන්සලක උත්සවයකදී හමුවූ දිනෙක මා එතුමාට ආරාධනා කළා. එතුමා බොහෝම ගෞරවයෙන් ඒ ආරාධනාව බාරගත්තා. එළැඹෙන මැතිවරණයක උණුසුම තිබියදී සියල්ල ලස්සනට සිදුවුණා. අද ලංකාවේ රසකැවිලි නිෂ්පාදන අතින් අපි අංක එක කිව්වොත් හරි.
අංක එකට ආ ග්ලුකෝරස ජනප්‍රිය වෙන්න එදා ජීප්සීස්ලා ගයපු ‘‘ග්ලුකෝරස මාමේ, ටිපි - ටිප් ඇතුළු’’ වෙෙළඳ ගීත ජනප්‍රිය වුණා නේද?
මුලින්ම 60 දශකයේදී අපේ දැන්වීම් සඳහා ගී ගැසුවේ ක්‍රිස්ටෝෆර් පෝල් ගායන ශිල්පියා. පසුව ජිප්සීස්ලා.
මෙනයින් අද අභියෝග ජයගෙන නැගී සිටින ක්වින්ටස් පෙරේරා කවුද? මොන වගේද? සටහන අවසන් කිරීමට පෙර අපි ඔහුගෙන් ඔහු ගැන විමසීමු.
මම ඉගෙන ගත්තෙ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයෙන්. පසුව ව්‍යාපාරයට සම්බන්ධ වන අතරේ උපාධියකට ඉගෙන ගත්තා. එංගලන්තයට ගිහින් තමයි MBA එකට ඉගෙන ගත්තෙ. මගේ ජීවිතය මේ විදියට ව්‍යාපාරය ගොඩනැගීමට කැප කළා. ඊළඟට ගෙදරට සීමා කළා. නයිට් ක්ලබ් යන සිගරට් - අරක්කු බොන තරුණියන් ආශ්‍රිත විනෝදකාමී වැඩ කරන නාස්ති කාර චරිතයක් නෙවෙයි. ගෙදර තමයි මගේ ජීවිතය. බිරිඳ සහ දරුවෝ එක්ක තමයි ජීවිතය ගෙවෙන්නේ. ජීවිතයට අරුතක් දුන්නාය කියලා හිතනවා. වචනයක් කිව්වොත් කිව්වාම තමයි. විශේෂයෙන්ම බැංකු මෙන්ම ව්‍යාපාර ගනුදෙනු කරද්දී වචනය හරි වැදගත්. ඒ වගේම ඉලක්කයක් තිබිය යුතුමයි.
මෙහෙමයි වැඩේ මාතේ, ඇරියස් කවර් කරන අලි, ටෙලිපෝන් කාරයෝ දැන් කීබොඩ් උඩ නැගගෙන ඉන්නේ..! උන්ට උන්ගේ එකා ගේන්න බැරි උන නිසා..! ගෙදර යවලා ගේන දේයි කරන දේයි එක්කම දාන අදහසක් දාන්න මොකද කුපිත වෙලා පක්ශ මාරුකරලා ඔලු දෙකක් මාරුකරලා ඩොලර් ගේන්න පුලිවන්ද ?
ReplyDeleteහැමදාම එකෙක් නරකයි කියලා තව එකෙක් ගේනවා, ඊලගට ඌ වැඩේ හානකොට ගේන උන්ට බැනලා පරන එකාගේ හොද කියනවා..! ඌ නරක නිසයි ගෙනාවේ කියලා උන්ටම මතක නෑ..! ඒක නිසා මේ සෝශල් මීඩියා වල දාන දේවල් වගකීමකින් දාන්න, මිනිස්සුත් කුලප්පු වෙලා එහෙට මෙහෙට බැන බැන ඉන්න එකනේ කරන්නේ..! අපිත් තරුනයෝ විදියට ගොඩක් කලකිරිලා ඉන්නේ , ලංකාවේ මිනිස්සු මුලින්ම හැදෙන්න ඕන අව්‍යාජ ප්‍රතිපත්ති එක්කයි මනුස්සකම එක්කයි..පෝලිමක ඉන්න බැරි, පාරේ කුනු දාන, අසල්වැසියට වයිර කරන, ඉරිසොයාකාර මිනිස්සු හැමතැනම..රටවල් හදන්න කලින් තම තමන් හැදෙන්න මොනාහරි ගමකින් හරි පටන්ගන්න ඕන කියන එකයි මගේ අදහස නම්...
මාතලන්,
ReplyDeleteතව දෙයක් තමයි ලංකාවේ ආණ්ඩුව ආර්ථික ක්ෂේත්‍රයේ විශේෂඥයින් සහ ව්‍යාපාරික ප්‍රජාව සහ ආයෝජන විශේෂඥ උපදේශ නොගෙන හුදෙක් සෞඛ්‍ය උපදේශ මත පමණක් රට සම්පූර්ණයෙන් වහපු එකත්, අපේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම වගේ සංචාරක කර්මාන්තය සහ විදේශ ශ්‍රමිකයන්ගෙන් එන විදේශ විනිමය මත යැපෙන ආර්ථිකය නිසාත්, අපේ රටේ නිශ්පාදනය කරන්න පුලුවන් දේවලුත් පිට රටවල් වලින් ආනයනය කරන නිසාත් තමයි ආර්ථිකය වැටුනෙ. එහෙම වහපු එකෙන් මිනිස්සු ගොඩක් මරණයෙන් බේරුනා තමයි. ඒත් වෙන රටවල් මේ දෙකේ බැලන්ස් එකක් තමයි කලේ. හැබැයි ඒ රටවල මිනිස්සු ගොඩක් මැරුණ වසන්ගතයෙන්.
හැබැයි උඹ කියාවි ඒ රටවල මිලියනයකට මරණ අනුපාතය ලංකාවට සමාන බවත්, ඒක ඇත්ත හැබැයි ඔය කියන රටවල්වල (දකුණු ආසියනු රටවල) සියලුම මරණ සදහන් කලානම් අනුපාතය ඔයිට වඩා සෑහෙන්න වැඩිවෙන්න තිබුන. ඒක නෙමෙයිනෙ ප්‍රශ්නය ආර්ථිකය ගොඩගන්න එකයි...
ලංකාවේ බොහෝ දෙනෙක් බය කරපු පී එච් අයි වෘත්තීය සමිතියේ මහ එකා, තව රතන අප්පිරිය කම්බා හොරා සහ ලැබ් ටෙක්නීෂියන් හොල්මන වගේ කාලකන්නි පෙරේත හැත්තත් මේකේ වගකීම අනිවාර්යයෙන්ම බාර ගන්න ඕන...
දකුණු ආසියාතික රටවල් වලින් එකදු රටක්වත් අපි තරම් lock down කරගෙන හිටියේ නැහැ. අපි දීර්ඝ lock down වලට ගිය එක විශාල වැරද්දක්.
මේක ඇත්ත කතාවක්
ReplyDelete/සමහරක් බොරුවෙන් වංචාවෙන් සුළු කාළයකට අන්දාගෙන පාලනය කල හැකි වූවද, සියල්ලෝ සැමදා එසේ අන්දාගෙන රවටමින් පාලනය කළ නොහැක. සත්‍යය කවදා හෝ ජය ගන්නේය./
අපට කිසිම ඔප්ෂන් එකක් නෑ නේද මචන්? ඒක තමයි ලන්කාවෙ මිනිස්සු පාරට බැහැල අරගලයක මුල පුරන එක තාම උනේ නැත්තෙ, පොදු ජනතාවට එතනින් පස්සෙ මොකක්ද වෙන්නෙ මොකක්ද කරන්නෙ කියල තාම හිතා ගන්න බැරි හින්ද. මගෙන් කීප දෙනෙක්ම අහල තියනව "මෙයාලව යැව්වට පස්සෙ මොකද කරන්නෙ?" කියල. හැමෝගෙම ඔලුවෙ තියෙන්නෙ ශ්‍රීලන්කා එක ගියොත් ආයෙ එන්නෙ යූඑන්පී එක වගේ පොහොට්ටු පාටි එක ගෙදර යැවුවම සජබ ජවිපෙ ටී එන් ඒ වගේම මුස්ලිම් පක්ෂ වල හවුල් ආණ්ඩුවක් ඒවි කියල, ගොඩක් කට්ටිය හිතන්නේ එයාල ආවත් මෙච්චර තමයි හෝ මීටත් වඩා ගොඩාක් භයානක දෙයක් වේවි කියල. ඔන්න ඕක තමයි ප්‍රදානම හේතුව තවම මේ වගේ ආණ්ඩුවක් ගෙදර යවන්න මහජන සහයෝගය පුළුල් විදියට ලැබෙන දෙයක් ලන්කාවෙ පටන් ගත්තෙ නැති එකට. නැතුව ලන්කාවෙ ඉන්න පුරවැසියන්ගෙ වැරැද්දක් නෙවේ.
ලෝක ඉතිහාසයේ එතෙක් මෙතෙක් පැවති සේරම අරගල ගැන හොයා බැලුවොත් ඒ අරගල හැම එකකටම හොඳ ආකර්ෂණීය ශක්තිමත් අරමුණු සහගත නායකත්වයක් තිබ්බ. ඒ නිසා මේ පවුල වටා ගෙතී ඇති පාලනය ඉවත් කිරීමට සහ මීට වඩා හොඳ පාලනයක් ඇති කර ගන්න ඕන නම් මේකටත් එහෙම හොඳ ශක්තිමත් නායකත්වයකින් ආරම්භ විය යුතු දෙයක්, රටේ වර්තමාන දේශපාලන ප්‍රවාහයත් එක්ක අපි වගේ ගොඩක් තරුණ තරුණියන් අපට එකඟ විය හැකි අලුත් තරුණ ආකර්ෂණීය නායකත්වයකින් මේ අරගලය ආරම්භ වේවි කියල බලාපොරොතුවෙන් ඉන්නව. බලමු ඉස්සරහට මොකක් වේවිද කියල.
මේක ගැන හිතන්නේ මොකද කියලා කියන්න පුළුවන් ද මාතෝ?
ReplyDelete//මුදල් ඇමති අප්‍රේල් මැද IMF යන්න සුදානම් බවට වාර්ථා වෙනවා.
එහෙම ගියොත්
අපි දැන් ඉන්නේ ජාත්‍යන්තර ණය ආපසු ගෙවීම් පිළිබද ශ්‍රෙණිගත කිරීම් වලCC කාංඩයේ පරිසාධන මට්ටමේ. තව එක පියවරක් පහළට වැටුන විට අපා අයිති වන්නේ බංකොලොත් වූ රටවල් වැටෙන මටිටමට,
එවැනි මට්ටමේ සිටින විට රටක් IMF ගිය විට ඔවුන් අපට ණය පහසුකම් සපයන්න රෝඩ් මැප් එකක් සපයනවා ‼️
ඔවුන්ට ණය ගන්න එන ආන්ඩුව දේශීයව පාර්ලිමේන්තුවේ 2/3 බලයක් තියනවද?ජනාධිපතිට කොපමණ කාලයක් තව බලයේ ඉන්න කාලය තියනවද අසාල නෑ ඔවුන් ණය සපයන්නේ ලංකාවේ ආන්ඩුවකට නෙවේ ලංකාව කියන රාජ්‍යයට
ඒ හංදා සර්ව පාක්ෂික භාරකාර ආන්ඩුවක් හදන්න මුලින්ම යෝජනා කරනවා. අළුත් අගමැති කෙනෙක් කැබිනට් මංඩලයක් IMF යෝජනා කරන කාලයකට අදාලව රටට හදන්න වෙනවා ‼️
(බංකොලොත් වීමට ආසන්න රටකට ණය සැපයීමෙිදී එයින් මිදෙන්න IMF එක යෝජනා කරන උපක්‍රම රටේ පක්ෂ බේදයකින් තොරව නියමිත කාලයට එකිනෙකාගේ විරෝධතා නැතුව ක්‍රියාත්මක කරනවා කියන සහතිකය ගන්නේ එහෙමයි.)
ඊලගට රජය විසින් කප්පාදු කළ යුතු රාජ්‍ය වියදම් ලැයිස්තුව ඉදිරිපත් කරනවා. ඒක ක්‍රියාත්මක කරන්නේ අර භාරකාර ආන්ඩුව මගින් (බොහෝවිට අධ්‍යාපනයට සෞඛ්‍යයට යෙදවෙන මුදල් සහ රජය සතු ව්‍යාපාර රජ්‍ය සේවක අංශ අඩු කිරීම වැනි යෝජනා ඉදිරිපත් වෙනවා‼️
රජය සතු ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කරන්න ඒවා පෞද්ගලික අංශයට පවරන්න යෝජනා වෙනවා. විදුලිය තෙල් පිරිපහදුව ජලය ශ්‍රී ලංකන් එයාර්ලයින් දුම්රිය ලංගම ඒවාට උදාහරණ වෙනවා.‼️
සියළු ප්‍රාග්ධන වියදම් IMF නියම කරන කාලයට නතර කරන්න වෙනවා. (මධ්‍යම අධිවේගය ඉදිකිරීම් පවා නතර වෙනවා.) ‼️
ස්වෛරීත්ව බැදුම්කර IMF පවසන නිශ්චිත කාලයකට නතර කරන්න වෙනවා.‼️
මේවා නිසයි මහ බැංකු අධිපති බැසිල් රාජපක්ෂ IMF යනවා කියලා රොයිටර්,පුවත් සේවය වාර්ථා වුන සැනින් ඔහු IMF ගියත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාකච්ඡා කරන්නේ නෑ කියලා නිවේදනයක් ට්විටර් කරේ.
එහෙත් IMF එක අපට ණය ප්‍රතිව්‍යුහගතය අත ඇරලා අපට ණය සපයන්නේ නෑ මොකද ආර්ථිකමය අතින් අපි ඉන්න ශ්‍රෙණිය අවධානම් නිසා.
(කෙනෙකු,කියන්න පුළුවන් 2009 දී අපි IMF ගිහිං ණය ගත්තා ඔහොම වුනේ නෑ කියලා. එදා අපට තිබුනේ උපයනකල් ඩොලර් ආනයන වියදම් පියවා ගන්න ගැටළුවක් විතරයි. අපි ණය ශ්‍රේණිගත කිරීමි වල පහල අඩියට වැටිලා ණය ගෙවාගන්න බැරුව හිරවෙලා හිටියේ නෑ. එදා තත්වයයි අද තත්වයයි දෙකක්)
ඔන්න ඕවා දන්න නිසයි විපක්ෂය IMF පලයං කියලා කෑ ගහන්නේ
ඕක දන්න නිසයි අපි IMF නම් යන්නේ නෑ කියලා අජිත් කබ්‍රාල් සෙන්ට්‍රල් බෑන්ක්,ගවනර් කීවේ.
ඕක දන්න නිසයි මෙච්චර හිරවෙන්න කලිං මීට අවුරුද්දකට කලිං රනිල් වික්‍රමසිංහ රජයට අමාරුනම් හිරවෙනවනම් මුලිං IMF එකට ගිහිං බලන්න කීවේ.
ආන්ඩුව ණය ප්‍රතිව්‍යුගත කිරීමක් කථා නොකර දෛනික ඩොලර් අර්බුදයට IMF එකට යෝජනා ඉදිරිපත් කරත් IMF එක මේ වසරේ ගෙවිය යුතු ණය සහ පොළී වාරික ඩො බිලියන 6.9
ඉන්දීය ණය ඩොලර් බිලියන 1.4
බංගලිදේශයේ ණය ඩොලර් මිලියන 200
පාකිස්ථානයේ ණය ඩොලර් මිලියන 200
එක්ක IMF එකේ ණය ගෙවීමෙි හැකියාව ගැන ප්‍රශ්ණ කරනවා.
ඔන්න ඔය නිසයි පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහ අපි ණය ගෙවන්න තියෙන අයගේ ප්‍රමුඛතාවයක් හදාගෙන අනිත්වා සාකච්ඡා කර සහන කාලයන් ඉල්ලා ගෙන කටයුතු කරමු කියන කථාව කීවේ.
ඔන්න ඔය නිසයි විමල් වීරවංශ විදේශ පිලිගත් ආර්ථික විශේෂඥ ආයතනයකින් සැලසුමක් සකස් කරගෙන එය අතේ අරගෙන ණය සපයන ආයතන වලට ගිහිං අපේ සැලැස්ම මේක එයට ණය සපයන්න හැකිදැයි විමසන්න කීවේ.
හැබැයි මොනම හරි හේතුවකට බැසිල් රාජපක්ෂ මේ කිසිම දේකට සුදානමක් නැතුව IMF යන්නේ.
එහි අවසාන ප්‍රතිපලය IMF ණය නැතුව රටට වෙන විකල්ප මාර්ගයක් නැතිම වුනොත් අගෝස්තු වෙනකොට රටෙි පවතින්නේ භාරකාර ආන්ඩුවක්.
- නුවන් මොණරවිළ//
බ්‍රිතාන්‍ය රජය විසින් ලංකාවේ සංචාරය කරන බ්‍රිතාන්‍ය සංචාරකයන්ට දැඩි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ReplyDeletehttps://www.gov.uk/foreign-travel-advice/sri-lanka
බ්‍රිතාන්‍ය සංචාරකයන් ලංකාවේ සංචාරය කිරීමට සැලසුම් කරන්නේ නම් ඔවුන් පෙන්වා දී ඇත්තේ ලංකාවේ ඉන්ධන ආහාර ඇතුළු මූලික අවශ්‍යතා දැඩි හිඟයක් ඇති ව තිබෙන බවයි. ආනයනය සඳහා ගෙවීමට මුදල් හිඟයක් ඇතිව තිබීම මත ලංකාවේ ආර්ථික තත්ත්වය පිරිහෙමින් පවතින බවද ඔවුන් පෙන්වා දෙයි.
නිතිපතා විදුලිය කප්පාදු කිරීම හේතුවෙන් ඊට මුහුණ දීමය වනු ඇති බවත් ලංකාවේ සිල්ලර වෙළඳසැල්, ඉන්ධන පිරවුම්, ඔසු සල් වල දිගු පෝලිම් ඇති බවද ඔවුන් අනතුරු අගවයි.
*** ලංකාවට ප්‍රහාර එල්ල කිරීමට ත‍්‍රස්තවාදීන් උත්සාහ කරනු ඇති බවත් 2019 සිට මේ දක්වාම ඕනෑම මොහොතක වගේ විදේශික සංචාරකයන් ගැවසෙන ස්ථාන ප‍්‍රධාන ඉලක්ක විය හැකි වුවත් ඔවුන් අනතුරු අඟවා ඇත.***
දැන් සංචාරයෝ එයි හරියට.. රට පුරා ඩොලර් දෝරේ ගලන්නට ආසන්නයි... ඔය ටික කරගන්න කිරිබත් කාල තාප්ප වල චිත්‍ර ඇදල නෙලුම් මල් අරන් කැලනි ගිහින් මහන්සි උන තරමක්. ලංකාවේ මහ ජනතාවට සුභ අලුත් අවුරුද්දක් වේවා !
දිවුලපිටිය , කඩවල ප්‍ර දේශයේ ළමා නිවාසයක අධිකරණ නියමයෙන් රඳවා සිටින අවුරුදු 09 ක් වූ පිරිමි දරුවකු ගේ රහස් ප්‍රෙද්ශයට ළමා නිවාසයේ පාලිකාව විසින් මිරිස් කුඩු දැමීම හේතුවෙන් රෝගාතුර වූ එම දරුවා මීගමුව රෝහලට ඇතුළත් කර ඇතැයි දිවුලපිටිය පොලිසිය මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සි ඒ සමරදිවාකර මහතා හමුවේ කරුණු ඉදිරිපත් කළේය.
ReplyDeleteරෝහල් ගත කෙරුණු දරුවාට රාත්‍රි කාලයේ දී නින්දෙන් මුත්රා පිටවීම සිදු වී තිබේ . එයට උරණ වී ඇති ලමා නිවාසයේ පාලිකාව දරුවාව එම ළමා නිවාසයේ පිහිටි පහළ නාන කාමරයට රැගෙන ගොස් එම දරුවාගේ ඇඳුම් ඉවත් කර දරුවාගේ ශිෂ්ණයට මෙසේ මිරිස්කුඩු දමා ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මෙම ළමා නිවාසයේ පිරිමි සහ ගැහැණු දරුවන් විසිපස් දෙනෙකු පමණ සිටින බවත් පොලිසිය අධිකරණය හමුවේ කීය .
එම ළමා නිවාසයේ සිටින දරු දැරියන්ට එම ළමා නිවාසයේ පාලිකාව විසින් අනිසි විදියට බලපෑම් සහ තාඩන පීඩන කරමින්
අකටයුතු ක්රිනයාවන් සිදු කරනු ලබන බවට තොරතුරු ලැබී ඇති හෙයින් වැඩිදුරටත් විමර්ශන සිදුකරන බවට දිවුලපිටිය පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ උප පොලිස් පරීක්ෂක සුබසිංහ මහතා පැමිණිල්ල මෙහෙය වමින් අධිකරණය හමුවේ පැවසීය .
රෝහල්ගත කර සිටින දරුවාගේ සහ එම ළමා නිවාසයේ වාසය කරන දරුවන්ගේ ප්ර කාශ සටහන් කර ගන්නා ලෙසට දිවුලපිටිය පොලිසිය ට නියම කළ අධිකරණය යම් වරදක් සිදුවී ඇත්නම් එම ළමා නිවාසයේ පාලිකාව ට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙසට අධිකරණයෙන් නියම කෙරුණි .
කඩවල ප්‍රෙද්ශයේ පිහිටි එම ළමා නිවාසය සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද ගම්පහ ප්‍රධාන පරිවාස කාර්යාලයට අධිකරණයෙන් වැඩිදුරටත් නියම කෙරුණි .
shorturl.at/zEILQ
මොනවා උනත් මාතේ ඉන්දියන් උන් වෙනත් රටවල උන්ට වඩා රටේ ප්‍රශ්ණ වලදි සංවේදියි, කලබලයි, බොක්කෙන්ම ගේමට බහිනවා.එකේ පොඩි මෝඩ පාටකුත් තියනවා.බලපං ඉන්දියන් ක්‍රිකට් ක්‍රිඩයෙකුගේ කැපවිමයි අපේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ කැපවිමෙයි වෙනස.අපේ උන් ක්ල්බ් ගිහින් පිස්සු නටනකොට,හෙට තරගයක් තියෙද්දී අද රෑ එළිවෙනකල් පාටි දාන කොට උන් සෑහෙන කාලෙක ඉදන් ට්‍රේනින්. Shedule එකෙන් පිට වතුර උගුරක් බොන්නෙත් නැහැ, හාල් මැස්සෙක් කන්නෙත් නැහැ. ඉන්දියන් කාරයෝ අද ලෝකේ හැම රටකම හැම ක්ෂේත්‍රයටම රිංගලා.ඩුබායි කියන්නේ ඉන්දියන් කාරයෝ නිසා දුවන රටක් වෙලා. එහෙම ගේමක් ගහන නිසා තමයි බං අපිත් එක්කම වගේ බ්‍රිතාන්‍යයෙන් නිදහස් වෙලා අපිට වඩා කිහිප ගුනයකින් ලොකු සෑහෙන ජනගහනයක් ඉදලත් වැටෙන්නේ නැති වට්ටන්න බැරි ආර්ථිකයක් මේ වෙනකල් තියන් ඉන්නේ උන්ගේ හැගීම නිසා.
ReplyDelete