.

.

Aug 25, 2022

රටේ ව්‍යාපාරික ප්‍රජාවට කෙලින මහ බැංකුවේ ගොබ්බයෝ

 


රටේ ව්‍යාපාරික ප්‍රජාවට කෙලින

මහ බැංකුවේ ගොබ්බයෝ

➖➖➖➖➖➖➖➖➖▪️


ජේ ආර් මේ රටට විවෘත ආර්ථිකය හඳුන්වා දීමට පෙර මේ රටේ සිටියේ ඉතා සුළු වෙළඳ ප්‍රජාවකි. බොහෝ නඟරවල පවා තිබුනේ සිල්ලර කඩයක් දෙකක් පමණි. භූමිතෙල් ගඳ ගගන රෙදි, උම්බලකඩ, හාල්පොතට දෙන හාල් බොම්බිලි කරවල විකුණන්නට කඩයක් දාගෙන පරිප්පු කන්නට මිනිසුන්ට අමාරුවක් තිබ්බේ නැතිය. 


සියල්ල සපුරා ගත යුතුව තිබුනේ සම්පේ හෙවත් සමුපාකාරයෙනි. සම්පේ මැනේජර් යනු අද කැබිනට් ඇමති කෙනෙකුගේ තත්වයේ සිටී පොරක් වුනේය. ඒකෙත් තිබ්බේ අර මාතලන් කලින් සඳහන් කළ බඩු ටිකය. සමහර ගොබ්බයන් සිරිමගෙ කාළේ මාර ආර්ථිකයක් තිබ්බා කියන්නේ ඔය සමූපේ ගැනය.


රට මේ තරමට හෝ ජීවන තත්වයෙන් උසස් රටක් බවට පත් වූයේ, ජේ ආර් ගෙන ආ විවෘත ආර්ථිකයට පින්සිඳු වන්නටය. 


ඉන් පසු එදා පොලී සහිත පහසු ගෙවීමේ ක්‍රමයට මැද පන්තියේ මිනිසුන් ගෙදරට ගෙන ආ, විදුලි ඉස්තිරික්කය, විදුලි කේතලය, බ්ලෙන්ඩරය, කැසට් රේඩියෝව, තනි ලිපේ හා ලිප් දෙකේ ගෑස් කුකරය මෙන්ම ගමටම අණ බෙර ගසා උස ගසක් මුදුණේ ශ්‍රමදානයකින් ඇන්ටෙනාවක් බැඳ ෆිල්ම් බලන්නට ගෙනා අඟල් 12" කළු සුදු රූපවාහිනියද සාලයේ හා දුම් කුස්සියේ තිබූ ප්‍රදර්ශනාත්මක සුඛෝපභෝගී භාන්ඩයන් විය.


අවුරුදු දෙක තුනකින් මේවා ගෙවා ඉවරවෙන විට ඒ භාන්ඩයන් කුණු ගොඩේ තිබුනද, මිනිසුන්ගේ ආර්ථිකය ශක්තිමත් වී තිබූ නිසා, ඒවා මිළඳි ගැන්ම පහසු වූ අතර, ඉන්පසු ජනතාව පහසු මිළට මිළඳී ගත්තේ වර්ණ රූපවාහිනී, සවුන්ඩ් සෙටප්, වොෂින් මැෂින් හා දොර දෙකේ ශීතකරණ හා ෆෝ බර්නර් ගෑස් කුකර්ය.


මේවා පහසු ගෙවීමේ ක්‍රමයට ලබා දුන් ෆිනෑන්ස් කොම්පැණි අධික ලාබ ලබන දිවයින පුරා ශාඛා පිහිටි විශාල සමාගම් බවට පත් වූ අතර, මේ භාන්ඩ ආනයනට සම්බන්ධ වූ ව්‍යාපාරික පිරිස, ශක්තිමත් කිරීමට විදෙස් බැංකු මෙන්ම පෞද්ගලික බැංකු පද්දතියක් රට පුරා ගම් දනව්වල පවා බිහිවන්නේ ඒ අනුවය. බැංකුවකට ගොඩ වීමට පවා බිය වූ පුංචි සිඤ්ඤෝලා ටවුමේ ෂෝ රූම් පටන් ගන්නේ ඒ අනුවය.


ඉන්පසු ශක්තිමත් වෙළඳ ප්‍රජවක් බිහිවූ අතර, යුද්ධය පැවති කාළයේ පවා ආර්ථිකය අවුලක් නැතිව ගලාගෙන ගියේ, මේ වෙළඳ ප්‍රජාව හේතුවෙන් හා ආයොජකයින් පැමිණ ආරම්බ කළ නිශ්පාදන කර්මාන්ත නිසාවෙන්‍ ය. 


මේ බඩු භාන්ඩවලට ආශා කළ පිරිස් මෙරට රැකියා දුලබ වූ හෙයින් විදෙස් ගත වී හෝ තම ජීවිත උසස් මට්ටමකට ගෙන ඒමට තීරණය කරනාතර රටේ ප්‍රධානම ආදායම් මාර්ගය විදෙස් ප්‍රේෂණ වන්නේත් ඒ අනුවය.


කොල්ලුපිටියේ කෝනල්ස්ගෙන් පටන් ගෙන අද සිරිපුර ටවුමේන් සුපර් මාර්කට් ඉඳිවන්නේ ඒ අනුවය.


යුද්ධයෙන් පසුව ජනතාව බ්‍රෑන්ඩඩ් නිශ්පාදන වෙත යොමු වන්නේත්, ලීසින් හා ලෝන් පහසුකම් යටතේ ස්කූටියක්, ත්‍රී රෝද රථයක්, පොඩි වාහනයක් තමන් සතු කරගැන්මටත්, නිවසට දැලි කුස්සි වෙනුවට පෑන්ට්‍රියක්ද, වල කක්කුස්සි වෙනුවට ටයිල් ඇල්ලූ නාන කාමරයක්ද, සිමෙන්ති පොලව සහිත සාලය වෙනුවට ටයිල් දැමූ ලිවින් ඒරියා සාදන්නේ ඒ අනුවය.


කරුමය වන්නේ, මහ බැංකුවේ ගොබ්බයන් කියනා පරිදි ජනතාව තම දහඩිය මහන්සියෙන් හා ණය වෙමින් මෙවන් අවම අධි සුඛෝපභෝගි ජීවන රටාවකට හුරු වීම නොව, ආර්ථිකයට සත පහක දායකත්වයක් නොදක්වන, පාඩු ලබන රාජ්‍ය ආයතන හා අයිස් ගසනා ලක්ෂ 15 ක් පමණ වන රාජ්‍ය සේවකයින් පිරිසක්ද, එවන් ජීවන තත්වයක් ලබා දීම සඳහා ජනතාවගේ බදු මුදලින් නඩත්තු කිරීමය.


එපමණක් නොව, රාජ්‍ය ආයතන තුල සිඳුවන දැවැන්ත මුදල් වංචා, හොරකම්, දූෂණ හා නාස්තිය සිඳුකරනා විශාල නිළධාරීන් පිරිසක්ද එයින් නඩත්තු වන අතර, රටේ දියුණුවට එන ආයෝජකයින්, කොමිස් ඉල්ලීමෙන් හා කප්පරක් ලියකියවිලි හා අනුමැතීන් ඉල්ලා හරවා යවා රටේ ආර්ථික කාබාසීනියා කර දමන්නේද මෙම ගොබ්බයින් වීමය.


නයි ටී ඇන් එකට එන, ජපානයේ වෙසෙන පැල්පොල විපස්සි හිමියන් කියන්නේ මේ තිත්ත ඇත්තය. සුළු ව්‍යාපාරයක් ඇරඹීමට යන දේශීය සුළු ව්‍යාපාරිකයාත් මානසිකව වට්ටා, ඒ මිනිහා පිස්සෙක් කර අකර්මන්‍ය කර දමන්නේ මේ 1/4 කන්නි ගොබ්බයන්මය.


දැන් රටින් ගෙන එන භාන්ඩ සියල්ලම නවතා දමා ව්‍යාපාරයන් සියල්ල බුන්වත් කරමින් කරන්නේ අර අයිස් ගසනා රාජ්‍ය සේවකයින් පිරිස තව දුරටත් නඩත්තු කිරීමය. තව දුරටත් ටී වී ඉදිරියට පැමිණ 225 ක් වන දේශපාලුවන්ට බැන වදිමින් ආර්ථිකය ගැන මෙලෝ අලබෝලයක් නොදන්නා ගොබ්බ ජනතාව අම්බරුවන්ට අන්දමින් සිටින්නේත් එවන් තිරිසනුන්මය.


එපමණක් නොව අළුතෙන් සුළු නිශ්පාදන ව්‍යාපාරයක් හෝ පවතින ව්‍යපාර වැඩි දියුණු කරගැන්මට ඉවහල් වල යන්ත්‍ර සූත්‍ර හා උපාංග පවා ගෙන ඒම සපුරා තහනම් කරලාය. මෙවන් තත්වයක් යටතේ සුළු හා මධ්‍යම පරිමාණ නිශ්පාදන කර්මාන්ත වල යෙදෙන උන්ට වෙන්නේ වස කෑමටය. සමහර විට කෘමිනාශක නැවත ආනයනට අවසර දුන්නේ ඒකට වෙන්නැතිය.


මේ 1/4 කන්නි පිරිසක් නිසා රටේ ව්‍යාපාරික ප්‍රාජාව හිඟන්නන් බවට පත් වූ පසු ආර්ථිකයට වන විනාශය මේ පොල් බූරුවන්ට නොපෙනෙන්නේ, උන් දන්නේ පොතේ තියරය පනණක් නිසාත්, උන් කිසි දිනෙක බිස්නස් එකක් කරලාවත්, ලාබ ලබන ආයතනයක හෝ විදෙස් රැකියාවක නියුතු වූවන් නොවනා නිසාත්‍ය.


අද ලෝකයම එකම ගම්මානයකි. ආර්ථිකයක් පවතින්නේ අපනයන වෙළදාමෙන් පමණක් නොවේය. ආර්ථිකය දුවන්නේ ආනයන අපනයන වෙළදාමෙනි. ඒවා කරන්නේ මහ බැකුවේ ගොබ්බයන් නොව සමාගම් හා ව්‍යාපරිකයින් විසින්ය.


අප අපනයන් රැගෙන යන්නට හිස් කන්ටේනර් අරගෙන එන්නට නැව් සමාගම් වලට පුපේ අමාරුවක් ඇත්තේ නැතිය. තොපි, අපේ භාන්ඩ ගෙන ඒම නවත්තනවා නම්, තොපේ භාන්ඩ තොපිම තියාගනිව් කියා මේ ඒ මිනිසුන් මේ ඉන්ටර්නැෂනල් ආර්ථික ගොබ්බයන්ට කියනා දින වැඩි ඈතක නොවේය. ඒ වන විට බැංකු පද්දතියද කඩා වැටී රට මිහිපිට අපායක් වී තිබීම ඉර හඳ වාගේ විශ්වාසය.


කරුමය කියන්නේ, එවන් තත්වයකට රට පත්වන්නේ, මිනිසුන්ගේ ජීවන තත්වය මෙන්ම දැණුමද වැඩි දියුණු කළ ජේ ජයවර්ධනගේ බෑනා රාජ්‍ය පාලනය කරන සමයේම වීමය.


මේවා කරලා දැන් ආර්ථිකේ නම් හොඳ තත්වයක තියෙනවා යැයි කියනා උන් වහාම මොළය ඉස්කෑන් කිරීමකට ලක් කොට මුතුහෙට්ටි ඇමති තුමාට මොළේ පිළිබඳ සහතිකයක් දුන් දොස්තර මහත්තයා ළඟට යැවීමට IMF ණය පහසුකමක් මුලින්ම ඉල්ලා ගන්නවා නම් වඩා හොඳය.

.

.

ඒ වගත් මෙසේය...

.

33 comments:

  1. පිටරටින් බඩු ගෙන්වන්නේ රුපියල් දීලද බං?

    ReplyDelete
    Replies
    1. කටවල් වල ගඳ. පුක්වල් වල සුවඳ.

      රසිකගේ කට මගේ පුක වගේ. හරීම ගඳයි.

      Delete
    2. වැලැක්විය නොහැකි වූ කරුණු කිහිපයක් නිසා "ගිනි සිසිල" මාසික වැඩිහිටි සඟරාවේ සැප්තැම්බර් 2022 කලාපය අද උදෑසන නිකුත් නොවෙන බව කරුණාවෙන් දැනුම් දෙමි.

      -රසික සූරියාරච්චි, සංස්කාරක, "ගිනිසිසිල" වැඩිහිටි සඟරාව
      සිංහල සංස්කෘතික හමුවේ සමලිංගික ලේඛක සංසදය,
      නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය, ඕස්ට්‍රේලියාව

      Delete
  2. රෙදි වලින් භූමිතෙල් ගඳ ආවේ විපක්ෂ බලවේග විසින් ජනමනස තුල සමූපෙන් දෙන රෙදි භූමිතෙල් ගඳයැයි කියලා මතයක් පැතිරවීම නිසයි.

    ReplyDelete
    Replies
    1. අනේ බූරුවො, ඒව ඇඳලා තියෙනවද තමුසේ?

      Delete
    2. Balawega??? Puka thamai....

      Delete
  3. සිරිමාගේ කාලයේ ගණ්ටාර මාක් සරොම් මතකද, මාතලන් මහත්මයා!

    ReplyDelete
    Replies
    1. සරම්වල ඝණ්ටාර පෙනුනේ විපක්ෂ බලවේග විසින් ජනමනස තුල සමූපෙන් දෙන සරම් වලින් ඝණ්ටාර හැඩය ඉලිප්පෙන බවට මනෝ භ්‍රාණ්තියක් ඇතිකිරීම නිසයි.
      හරියට මීවැල්ලාවේ බෝධියෙන් පිලිම මැවෙනවා වගේ දෙයක් එතනත් වුනේ.

      Delete
  4. පුලුවන්නම් තෝරන්න -
    සික්ටැර්ටමී
    නෝස්සන ලනා
    මක දොහොත පුස්තරී
    මාල පාම සෝමා
    අල පාම සෝය්යා
    නක වටලන පුතා

    ReplyDelete
  5. ලංකාවේ තියෙන ආර්ථික අර්බූදය හැමෝටම දැනෙන නිසා වෙනදාට වඩා ජනතාව රටේ ප්‍රශ්ණ ගැන දැනුවත්. මේ අර්බූධයෙන් ගොඩ එන්නට නම් රජය අදායම වැඩිකරගත යුතු බවත් වියදම අඩුකරගත යුතු බවත් හැමෝටම තේරෙනවා. ආදායම ගැන කතා කරනකොට අපි දන්නවා රාජ්‍ය ආදායමෙන් 88% ක්ම බදු ආදායම වන අතර රාජ්‍ය ආයතන 400 ගනනක් තිබිලත් විශාල සම්පත් ප්‍රමාණයක් තිබිලත් ඒ ආයතන වලින් එන සමස්ථ ආදායම ඉතා සුළු ප්‍රමාණයක්. ඒකට හේතුව තමයි සමහර ආයතන ලාබ ලබද්දී බොහෝ ආයතන පාඩු ලැබීම. ඒ අතරින් ශ්‍රී ලංකන් ගුවන් සේවය, විදුලි බල මන්ඩලය, ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, ජල සම්පාදක මන්ඩලය යන ආයතන කිහිපයේ පමනක් මේ වසරේ පාඩුව රාජ්‍ය ආදායමට වඩා වැඩි වෙනවා. තවත් පාඩු ලබන විශාල ආයතන ගනනාවක් තිබෙනවා. ඉතින් මේ පාඩු ලබන ආයතන කඩිනමින් ප්‍රතිව්‍යුහ ගත කල යුතු බවට අද රටේ බොහෝ දෙනෙක් එකඟ වෙනවා.


    ඒ වගේම අපි බලාපොරොත්තු වුනා මේ ආයතන ප්‍රතිව්‍යුහ ගත කිරීම ආන්ඩුව කඩිනමින් ආරම්භ කරාවී කීයලා. නමුත් ඒ වෙනුවට අපිට පේන්නේ ආන්ඩුව වෙනත් දෙයක් කරන්න සූදානම් වෙන බවයි. දැන් ආන්ඩුව කතාකරන්නේ පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහ ගත කිරීම ගැන නෙමෙයි ලාබ ලබන ආයතන විකිනීම ගැනයි. ලාබ ලබන ආයතන පෞද්ගලීකරණය කිරීමයි පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමයි කියන්නේ සම්පූර්නයෙන්ම වෙනස් අරමුණු දෙකක්.

    ජනාධිපති රනිල් විශේෂයෙන්ම සඳහන් කරලා තිබුනා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ගැන හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය කිරීම ගැන. අපි පුදුමයට පත් වුනා.මොකද මේ දෙකම හොඳින් ලාබ ලබන ආයතන.

    මෙතනදී කිවයුතුයි SLT ටෙලිකොම් ආයතනය කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත ලාබ ලබන ආයතනයක්. එහි 49.5% කොටස් රජයට අයිතියි. සේවක අර්ථසාදක අරමුදල , ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල වැනි රජයට අනුබද්ධ ආයතන හරහා 50 කට වැඩි කොටස් රජයට තියෙනවා.

    ඒ වගේම තමයි ලංකාව මේ වන විට විදුලි සංදේශණ යටිතල පහසුකම් වලින් අපි දකුණු ආසියාවේ ඉදිරියෙන්ම ඉන්නා රටයි. රට පුරා ෆයිබර් නෙට්වර්ක් එලමින් තොරතුරු තාක්ෂණ පහසුකම් ඉහල තලයකට ගෙන එන්නට මේ ආයතනය විශාල සේවාවක් කොට තිබෙනවා. එය යටතේ තිබෙන මොබිටෙල් ආයතනයත් හොඳින් ලාබ ලබන ආයතනයක්. ඉතින් මොකටද මේ ආයතන විකුණන්නේ ?

    ඊලඟට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කියන්නේ මහා භාන්ඩාගාරයට 100% අයිති ලාබ ලබන රාජ්‍ය ආයතනයක්. මේ අයතනය මීට පෙර වතාවක් චන්ද්‍රිකා බන්ඩාරණායක චෞර රැජින ජනාධිපති කාලේ අතිශය දූෂිත ලෙස හැරී ජයවර්ධන සමග ඩීල් එකක් දාලා පෞද්ගලීකරණ‍ය කරලා තිබිලා 2009 ශේෂ්ඨාධිකරණ තීන්දුවකින් යලි රජයට පවාරාගත්තේ. ඒ නඩුවේදී හෙලි වුනා ආයතන විකිණීමේදී විශාල අක්‍රමිකතා වෙලා තිබෙනවා කියලා. ඒ වෙලාවේ රුපියල් බිලියන 30 කට වඩා වත්කම් තිබුන ආයතනය විකුණලා තිබුනේ රුපියල් බිලියන 6 ක් වගේ සුළු මුදලකට. මේ දූෂිත ගනුදෙනුව තමයි ශ්‍රේෂ්ඨාධිකරණය ආපසු හැරවූවේ.

    ඒ වසරේදීම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් තවත් දූෂිත පුද්ගලීකරන ගනුදෙනු දෙකක් අවලංගු කලා. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක සනත් ගුණතිලක රොනී පීරිස් ඇතුළු දූෂිත දේශපාලකයන් පිරිසක් සිදුකල වෝටර්ස් එජ් පෞද්ගලීකරණය හා ලංකා මැරයින් සර්විසර්ස් පෞද්ගලීකරණ ගනුදෙනුව. මේ වගේ කුප්‍රකට ඉතිහාසයක් තමයි ලංකාවේ රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය සම්බන්ධයෙන් තියෙන්නෙ.

    ඔය වගේ 1990 හා 2003 කාලයේ ප්‍රේමදාස හා චන්ද්‍රිකා ජනාධිපතිවරු යටතේ රාජය ආයතන 94 ක් පෞද්ගලික අංශයට විකුනනු ලැබුවා. මේ ගනුදෙනු හරහා බොහෝ විට සිද්ධ වුනේ ඥාති මිත්‍ර සංග්‍රහයයි. සමහර ගනුදෙනු අන්තිම දූෂිතයි. බොහෝ ආයතනවල තිබෙනා වටිනා සම්පත් ගැන නිසි තක්සේරුවකින් තොරව පොත්වල ලියල තිබුණ වැරදි තියෙන අගයකට විකුනපු නිසා ඒවා මිලදී ගත් අය අධික ලාබ ලැබුවා. එක් වතු සමාගමක් මිළදී ගත් ගැනුම් කරු පැය 24 ක් ඇතුලත ගත් මිල වගේ දෙගුනයකට ඒ සමාගම විකුනා 100% ක ලාබයක් ගත් බව වාර්තාවුනා.

    ReplyDelete
    Replies
    1. තවත් ආහාර වලට සම්බන්ධ රජයේ සමාගමක අළුත් අයිතිකරුවන් පැමිණි විට බැංකුවේ හා සේප්පු වල තිබුණ මුදල් ගෙවූ මුදල් වලට වඩා වැඩි බව වාර්තා වුනා.

      බොහෝ රජයේ ආයතන මිළදී ගත් අය කලේ ආයතනය දියුණු කරනවා වෙනුවට ඒවායේ තිබූ යන්ත්‍රෝපකරණ හා දේපල විකුණා කෙටි කලක් තුල අධික ලාබ ලැබීමයි. ඉතින් මේක තමයි වෙන්නෙ ලාබ ලබන ආයතන පෞද්ගලීකරණය මුවාවෙන් . ඒ නිසා අපි තදින්ම විරුද්ධයි ජනවරමක් නැති වත්මන් පාලනය මේ ආකාරයට ලාබ ලබන රාජ්‍ය ආයතන විකිණීමට සූදානම් වීම සම්බන්ධයෙන්. අපි විශ්වාස කරනවා මේ සූදානම්වන්නේ විශාල මගඩියකට කියා.

      රජයට අයිති ලාභ ලබන ආයතනයක් විකිණීම නිසා රජයට එකවර මුදලක් ලැබුනත් රටට එම ආයතනය හරහා දීර්ඝ කාලීන ලාබයක් ලබා ගැනීමට ඇති අවස්ථාව නැතිවෙනවා. ඒ ලබා ගන්නා මුදල දීර්ඝ කාලීන ප්‍රතිලාබ ලබා ගත හැකි ආයෝජනයක නොයොදා පරිභෝජනයට ගත්තොත් එය අනාගත පරපුරට කරන විශාල වරදක්. මෙය ඕනෑ ත‍රම් ලංකාවේ සිදු වී තිබෙනවා. උදාහරණයකට හම්බන්තොට වරාය චීනයට අවුරුදු 200 කට පවරා දීම ගන්න. මේ ගනුදෙනුවෙන් ශ්‍රී ලංකා රජයට ඩොලර් මිලියන් 900 ක් ලැබුණා . මොනවාද ඒ මුදල් වලට උනේ. ඒ මුදල් රජයේ සංචිතවලට එකතු උනේත් නෑ. වෙනත් සංවර්ධන කටයුත්තක ආයෝජනය උනේත් නෑ. කිසිම තැනක වාර්ථාවක් නෑ අදටත්. මෙවැනි ගනුදෙනු කල අයම තමයි දැන් මේ ආයෙත් ලාබ ලබන රාජ්‍ය ආයතන විකුණන්නට සුදානම් වන්නේ.

      පාඩු ලබන රාජ්‍ය ආයතනයක් ප්‍රතිව්‍යුහ ගත කරනවා කියන්නෙ පෞද්ගලීක‍රණය කරනවා කීම නොවේ. එය කල හැකි ක්‍රම රාශියක් තිබෙනවා. සමහර විට ඒ ආයතනය කොටස් කිහිපයකට කඩා එක් එක් කොටසට වෙනත් ආකාරයේ විසඳුම් සොයන්නට පුලුවන්. සමහර කොටස් පෞද්ගලීකරණය කරන්න පුලුවන්, සමහර කොටස් රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර බවට පත් වන්නට පුළුවන්. කල යුතු දේ ආයතනයෙන් ආයතනයට වෙනස් වෙන්න පුළුවන්. කෙසේ වෙතත් මේ අවස්ථාවේ රජය අවධානය යොමු කල යුත්තේ පාඩු ලබන ආයතන වලට මිස ලාභ ලබන රාජ්‍ය ආයතන වලට නොවනා බව අපි යලි අවධාරණය කරන්න ඕන නේද?

      Delete
  6. ඥාති සංග්‍රහය තිබ්බා මුල් කාලේ
    ටික කාලෙකින් මිතුරොත් ඒ ගොඩ ඇතුළේ
    දැන් නං මිනී කන කපුටොත් ඒ ගොල්ලේ
    වටිනව දෙන්න දඬුවම් හිඳුවලා උලේ

    ReplyDelete
    Replies
    1. නිදී

      හලනවනං රාජ්‍ය සේවයේ ලක්ෂ 5ක් හලන්න පුළුවන්. එහෙම වුණා කියල රාජ්‍ය සේවය වැටෙන්නෑ...! කිසිම වැඩක් නැතුව ලක්ෂයක් නිකං ඉන්නෙ - මායාදුන්නේ (ලේකම්තුමා)

      Delete
  7. මුන්ගේ පුකවල් පලන්න ඕනි

    ReplyDelete
  8. මාතලං අර කලකට උඩ හම්බවුනා මතකද නිල් මැණිකක් ලංකාවේ ණය ගෙවන්න තරම් වටිනා. ඒකට මොකද වුණේ? වික්කද?

    ReplyDelete
  9. චුටි දෙයක් කියන්නම් මාතේ. මං දන්න කෙනෙක් හිටිය යුධ හමුදා එන් සී ඕ කෙනෙක්, යුද්දේ ඉස්සරහම හිටියේ. ළග ඉඳපු අය බාගයක් මලා. ඒත් පොරත් එක්ක හිටපු ( අපේ නෑදෑ කමට අයියා කෙනෙක්) මගේ ඥාතියෙක්ගේ එක පැත්තක්‌ පැරලයිස්. මේ මොනවා වුනත් යුද්දේ ඉවර වෙනකම් මං කිව්ව කෙනාට පොඩි තුවාල විතරයි. ඒ කියන්නේ බුලට් එකක් දෙකක් වැදිච්ච සුළු තුවාල විතරයි. එත් කිසිම බරපතල දෙයක් උනේ නෑ. ඉතින් එච්චර මරණය ළග හිටපු මිනිහා යුද්ධය ඉවර වෙලා නෝමල් ඩියුටි කරන කාලේ දවසක් නිවාඩු ආව. දවස් 4 ක්‌ ඉදල කට්ටියත් එක්ක සෙට් වෙලා ඩ්‍රින්ක් එකක් දාල වෙරි මරගාතේ කැලේට පම්ප් එකක් දාන්න ගියපු ගමන් නයෙක් ගහල හොඳටෝම අමාරු වෙලා හොස්පිට්ල් එකට අරන් ගියත් මිනිහා හදිසියේම මගදීම මළා. අහබු සිදුවීමක් කියල තර්ක කරනවනම් ලෝකේ මේ වගේ වෙච්ච් හැම දෙයක්ම ඔයා අද්යනය කරල අදහසක් දෙන්න. මොකද ඕනම දෙයක් යන්තම් අත පත ගාල සියල්ලම දත් යයි සිතනවා නම් එතන තියෙන්නේ මාතේ විද්‍යාව නෙමෙයි අවිද්‍යාව තියෙන්නේ හරිද?

    ReplyDelete
  10. පාස්කු ප්‍රහාරයට ස්කොට්ලන්ඩ් යාර්ඩ් ගෙනාවා කියුව ගොනෝ මේ පාස්කු ප්‍රහාරය බලය අල්ල ගන්ඩ ගහපු බිජ්ජක් නෙමේ, ඕක කාදිනල් ලොක්කා ඊලඟ පාප් පට්ටම ගන්ඩ බලාගන ගහපු මාස්ටර් ප්ලෑන් එකක්, තොපි වගේ ගල්මූසලයන්ට ඔව්ව තේරුම් ගන්ඩ තරම් මොලේ කලඳක් නෑ.

    ReplyDelete
  11. අඩෝ ගූතලං මම නිදහස් වුණෙමි ඩෝ

    මගේ නිදහස සමරලා පෝස්ට් එකක් දාපිය උට්ඨෝ ඇට දෙක තලා ගන්නේ නැතුව ගොන් හිවල

    එකක් මදි දෙක තුනක් හතරක් විතර දාපිය මැරුම් නොකා...

    අඩෝ තොපි සේරටම මේ ටෝක්ස් එක ඉෂූ කරන්නේ දැනගනිව් ගොන් මෝඩ මීහරක් වහන්සේලා හැත්ත බුරුත්තම...

    උන් ඔක්කොම යාලුවෝ මල්ලි , මමත් උන්ගෙන් එකෙක් මල්ලි, මමත් යටින් යටින් කාඩපක්ෂ තක්කඩි හොර හැත්ත එක්ක සම්බන්ධයි මල්ලි
    මටත් ගානක් කැපෙනවා උන් ගහන අලි වංසේ රජ ගැහිලි වලින්, හැබැයි තොපි වගේ ගොන් හැත්ත මටත් පට්ට විදියට භක්තියෙන් යුතුව මාව අදහනවා නේද සාන්තුවරයෙක් වගේ? ඒ නිසා මට කියන්න තියෙන්නේ තොපි ඔක්කොම හරක් කියලා මල්ලි දැන් සැපද?

    මම

    - ගොංජන් බූරුනායක

    ReplyDelete
    Replies
    1. අඩෝ 7.17 ඇනෝ,

      මේක නම් පට්ට පට පට ඕයි, මරු ටෝක... බයි ද වේ උන් ඔක්කොම යාලුවෝ මල්ලී. හැබැයි උන්ගේ යාලුවොත් මගේ යාලුවෝ නෙමයි කියලා කියලා නෑනේ මල්ලී. 😁

      Delete
  12. මා තවත් අයෙක් සමග කරනු ලබන දුරකථන සාකච්චාවක් ඔහු/
    ඇය ට හොරෙන් පටිගතකර අනෙක් අයට ඇහුම්කං දීමට සැලස්වීම වැනි අපත අමන වැඩ කල තක්කඩියෙක් ගැන වචනයක්වත් නොලියා ඉන්න එක ලොකු දෙයක් මාතලන්.

    ReplyDelete
    Replies
    1. @ 10.33

      ඔවු ඒක ඇත්ත රන්ජන් රාමනායක කියලා කියන්නේ රාජපක්ෂ හොර පවුලෙ කල්ලිය බූරුවංස රාජිත සේනාරත්න රවී කරුණානායක කිරිඇල්ල සනත් නිශාන්ත ජොනී අලුත්ගමගේ රෝහිතල ෆොන්සේකා අනුර කුමාරලා වගේ තවත් එක් ජඩ පාදඩ අපත 1/4 කම්නියෙක් තමයි ඇති වැඩක් නැහැ බොරුවට හොරු අල්ලන්න කියලා නාඩගමක් නට නට කාලය කමින් ගෑනු දූෂණය කරන පාහර අවලමෙක් විතරයි රටට සත පහක් වත් වැඩක් නැති අමු ජඩයෙක්

      Delete
  13. අඩෝ ළමාතං ඔය මොන බයිලා කෙලියත් මොන තරම් ප්‍රශ්න තිබුනත් රනිල් ගේ ගල් කොල්ලෝ කෙල්ලෝ කොච්චර හොරකම් කලත් මාතේ තව මාසෙන් අරගල කරපු එකෙක් හොයන්නත් නෑ

    මම තොට අභියෝග කරනවා

    පුලුවන් නම් 2019 ලංකාවේ තාප්පවල චිත්‍ර ඇදපු එකෙක් හොයපන්

    අන්න ඒ වගේ

    රැලි ආවා ආයි ගියා සති දෙකක් විතරයි ඊට පස්සෙ සේරම දේවල් අමතකයි 😜

    ReplyDelete
  14. රටක දියුණුව ගැන මනින්න හොඳම මිම්මක් තමයි ඒ රටේ මිනිස්සුන්ගෙ ආකල්පවල දියුණුව. එදාවේලට පොරබදින අපේ රටේ මේ වගේ දේවල් නිකං දෙන එක හීනයක් තමයි. ඒත් සල්ලි දීල ගන්න පෑඩ් පැකට් එක හංග හංග ගෙදර ගේන්න ඕන නැති, ගෙදර අල්මාරියෙඇඳුම් අස්සෙ ඒක හංගන්න ඕන නැති, ඒ විතරක් නෙමෙයි, මල්වර මගුල් ගමටම කියලා ළමයි විකුණං කන්නැති මානසිකත්වයක් ආපු දවසට, අපිත් දියුණුයි කියල අපිටත් කියන්න පුලුවන්.

    ReplyDelete
  15. පළවෙනි වෙඩිල්ල

    මානුෂික මෙහෙයුමේ අවසාන වකවානුවෙදි ආරක්ෂක හමුදාවෝ පරන්තන් හංදියේ ඉදලා මුලතිව් පාර දිගේ ඉදිරියට ඇදෙන්න ගත්තා .පරන්තන් හංදියේ ඉතිරි උනේ එකම එක බල්ලයි.. ඌත් බුරන්නෙ නැතුව බය බිරාන්ත වෙලා නට්ට පස්සේ ගහන් දුවන එක ජාතික රූපවාහිනියෙත් ගිහින් තිබුනා..සතියෙන් සතියට විනාඩි පහක් කතාකරන්න දෙන ඇමතුමේදි අපේ අම්මා ඒක හරි ආඩම්බරයෙන් කියන කොට මම මගේ ජීවිතේ පලවෙනි වෙඩිල්ල රට ජාතිය වෙනුවෙන් දෙමළෙක්ට තියලා තිබුනා..

    පරන්තන් පහුකලාම අහුවෙනවා ධර්මපුරම් කියලා ගමක්.මේජර් බැස්ටියන් සර් ඒක ධර්ම පුරය කලා.. අන්න ඒ ධර්මපුරයෙදි තමයි පුහුණුවෙදි මට ග්‍රීස් වල ඔතලා චීනෙන් ගෙනැවිත් දීපු අවි අංක 6785289 කියන චීන ප්‍රහාරක රයිපලයෙන් පලමු වරට මනුස්සයෙක්ව මම මැරුවේ.. ඒ කතාව දිග හැරුනේ මෙහෙමයි.

    ආනන්දවාසම් කියන ගම්මානය මැදින් අපි සතුරා ලුහු බදින කොට අපේ වෙඩි බලය එක්ක උඩින් වැටෙන ආටිලරි බෝම්බ එක්ක හැප්පෙන්න තියා හැරෙන්නවත් බැරිවෙච්ච කොටි පුලු පුලුවන් විදියට ජීවිතේ බේරගන්න පුදුකුඩු ඉරිප්පු පැත්තට පසුබැස්සා..

    ඔය අතරෙදි එක්තරා තැනක පසුපස වෙලකට මායිම් වෙන්න පලාගියපු ත්‍රස්තවාදීන් කීපදෙනෙක් කොටු උනා.. ඒ අයට කොහෙත්ම එතනින් වෙලට පනින්න ක්‍රමයක් තිබුනේ නෑ..එහෙම පැනලා දිව්වනම් වෙල හරහා විවෘත භූමියක දුවනකොට අනිවාර්යයෙන්ම අකාරුණික විදියට පතුරම් වල පෙනේර වෙන්න ඒ අයට සිද්ධ වෙන බව එයාලා දැනගෙන ඉන්න ඇති..

    ඒ නිසා ජීවිතේ ඉතිරි අවසාන බලාපොරොත්තුවද මන්දා... උන් නැවතිලා, හඹාගෙන එන සියගනනක සේනාවක් එක්ක සටන් කරන්න සූදානම් උනා.. එතන ඕනනම් එකොලහක් ඉන්න ඇති.. "සෙලවෙන සියල්ලට වෙඩි " එහෙම ඕඩර් ලබපු හමුදාව ඔවුන් එක්ක ලෙහෙසි සටනකට සූදානම් උනා..

    මම කවර් උනේ හරියටම තල් වැටක කොනකට.. විසාල ඉඩමක් තිබුනු පුපුරලා වැටුන සිමෙන්ති අසූව දශකයේ ගෙදරක් දෙපසක අපි අපි සටන් වැදුනා.. ලාන්ස් කෝප්‍රල් වාසල ක්‍රියාත්මක කරපු gpmg වෙඩි බලයෙන් හාත්පසම දුහුවිල්ලක් වෙලා ගියා ..

    ඒ වෙනකම් ඔලුව පහත් කරන් හිටපු උන් තැන තැනින් සටන අහවර නෑ කියන්න වගේ පහර දුන්නා.. උන්ගේ එකෙක්ට අපේ පහක් හයක් හිටපු සටනක භයානකම මොහොත එලඹුනා.. මම ටී පනස් හය තල් වැටෙන් ඉලක්ක කරලා එක මනුස්සයෙක්ට පතුරමක් නිදහස් කලා.. හරියටම ඒක වැදුනේ මිනිහගේ බෙල්ලට වෙන්න ඕන.. මිනිහා එතන අල්ලගෙන දනගහලා වැටුනා..ඒතෙක්කම කෝප්‍රල් " බඩි මූ "කිව්වා..

    අපි එතනට යනකොටත් උන් ඔක්කොම මැරිලා.. එකෙක් විතරක් පණ බේරගෙන වෙල දිගේ දුවනකොට ඩෝං ගාලා ඇහුන සද්දෙන් මගෙ ඇසුත් වැහුනා.. ඒක තිබ්බේ මගේ වම්පැත්තෙම කොල්ලෙක්.. ඇස් අරින කොට වෙල් නියරෙන් උඩට දුවපු එකාගේ කකුල් දෙක විතරක් ඉස්සිලා තිබ්බා..
    එක එකා සර්ච් කරපල්ලා කියන කොට මම වෙඩිතිබ්බ එකාලගට මම දිව්වා..මට ඕන උනේ ඇත්තටම වෙඩිල්ල වැඳුන තැන බලන්න.. "ඒ මනුස්සයා මැරිලා නෑ.".දෙයියනේ මගේ පපුව ගැහෙන්න ගත්තා.. මහ උන්ගෙන් ගුටි කන්න වෙයිද... මට මුකුත් හිතාගන්න බැරි උනා..

    වෙව්ලාපු කටින් මම ඌට "ඇස් වහපන් හුත්තෝ"කියලා කිව්වා.. ඒත් ඌ ඇස් වැහුවේ නෑ..මගේ දිහා ඇස් ඇරගෙන බලාගෙන හිටියා.. ඒවා හරි පැහැදිලි ඇස්. කලු දෙමලුන්ගේ ඇස් හරි පැහැදිලියි..ඌ මගේම වයසේ විතර කොල්ලෙක්.. රැවුල මගෙ වගේම ලාවට වැවෙන එකෙක්.උඩ රැවුලක් රන් පාටට ලාවට වැවිලා තිබ්බා..උගේ ඇස් එක කෙලින් තියෙන අතරේ හුස්මත් අමාරුවෙන් ගත්තා..උගේ තුවක්කුව අපට වඩා වෙනස් ..ඒක stf එකක්.. මම ඒ දිහා බැලුවා.. ඒත් ඌ ඒක දිහා බැලුවේ නෑ..ඒ කොල්ලා ආයුධ අත ඇරලා තිබ්බා..

    මිනිහා තවමත් මම දිහා බලාගෙන..අපිට ඉලක්ක පත වලට ජීව පතුරම් වලින් වෙඩි තියන්න ඉගැන්නුවට ඒවා වැදුන මනුස්සයෙක් මොකද මුලින්ම කරන්නේ කියලා උගන්නලා තිබුනේ නෑ.. ඇත්තටම වෙඩි කාපු මනුස්සයෙක්ගේ අවසාන බැල්ම වෙඩි තියපු මනුස්සයා දිහාට එල්ල වීම හරිම කේදවාචකයක් ..

    අනිත් එක, ඒ මනුස්සයගේ ජීවිත කාලේ අවසානම බැල්ම වැටිලා ඊට පස්සේ ඒ මතකය එක්ක ජීවත්වෙන වෙඩික්කරුවෙක්ගේ ජීවිතය ..මට හිතෙන්නෙම ඒ මොහොතෙදි දෙන්නම මැරිලා යනවා.. කෙනෙක් ශාරීරිකව..අනෙකා මානසිකව.. හැම දෙයක් ගැනම නිකම් දකිනවට වඩා හිතලා ඉස්සර ඉදන් ට්‍රැක් චේන් පන්න ගන්න මට දකුණේ ඉදන් තුවක්කුවක් කරේ තියන් ඇවිත් ජීවිතේට මට වරදක් නොකරපු එකෙක්ට වෙඩි තියලා මරලා දාපු එක මහ පුංචි සිදුවීමක් උනේ නෑ...

    ඒ මනුස්සයගේ බෙල්ලෙන් ගලාගෙනගියපු ලේ රතුපාටට වැලිපොඟවගෙන එතනම රවුමට තිබුනා..තව දුරටත් ඒ ආයාසයෙන් ගන්න හුස්ම මගේ පපුවටම වැදෙනවා වගේ මට දැනුනා .

    ReplyDelete
    Replies
    1. වැඩිවෙලා යන්න මද්දෙන් මම සිතුවිලි නිමග්නයෙන් අවදි උනා.එකපාරටම මගේ පස්සෙන්" හුත්තෝ ඌට මෙන්න පණ තියෙනවා කිව්වේ ප්‍රයිවෙට් කුමාර... මම හ්ම්ම්ම්.. කිව්වා.. "හ්ම්ම්..නෙමේ යකෝ තියපිය තියපිය" මට වඩා අවුරුදු දහයක් හමුදාවේ කාපුබීපු කුමාර මගේ ඔලුවට ඇගිල්ලෙන් ඇන්නා.. මේ වෙනකොටත් මමහිතන්න කාලය ගොඩක් වැයකරලා තිබුනා.. හමුදාවේ ඒකට කිව්වේ "ටියුබ්ලයිට්" කියලා.. ටියුබ්ලයිට් වලට ලැබෙන ගුටි මම දැකලා තිබුනා.. ඒ බයටම මම තුවක්කුව අර මනුස්සයගේ ඔලුවට ඉලක්ක කලා..ඒ බැල්ම එහෙමමයි... ආයෙමත් කුමාර මගේ ඔලුවට ඇන්නා...මම ඒ මනුස්සයා දිහා අයෙම බැලුවා.. ඒ ඇස් මොන මොනවදෝ කතාකලා..ඉන් පස්සේ ආයාසයෙන් ඒ මනුස්සයා ඇස් වහගත්ත බය පෙනුනා..මට ආයෙම ඒ ඇස් කතාකරනවා මැවුනා.. කියන්න ඇත්තේ "ඔයා තියන්න කියලා වෙන්න ඇති...

      මම ටිගර් එක තදකලා.... මහ හඬක් එක්ක මගේ අතින් ජීවිතේ පලවෙනි මිනිහා මැරුණා... ඔලුව වම් පැත්තට හැරිලා පොලව එක මොහොතින් රැල්වලල්ලක් වගේ මිනිහගේ ඔලුව වටේට ලේ විසිරුනා...

      බය උනාද උඹ.... මගේ උරහිසට තට්ටුවක් දාලා කුමාර ඇහුවා..

      නෑ මම බය උනේ නෑ...මම මිනිහට ඇහෙන්න කිව්වා..

      "සුපිරි සොලොක් ඈ" මට එහෙම කියලා මිනිහා ඉස්සරහට ගියා...

      "ඒත් මම ආයේ මුන්ව මරන්නෙ නෑ"

      මම කාටවත් නෑහෙන්න හෙමීට මිමිනුවා..
      නිමි.

      මට සමාවෙන්න.. යුද්ධය අවසන් වෙනකල්ම මට රට වෙනුවෙන් ඒ මනුස්සය ඇරෙන්න තව මනුස්සයෙක්ව මරන්න බැරි උනා...

      Delete
  16. Saumyage huththe juice urala bonawa.

    ReplyDelete
  17. තියෙන අසහනේ කියන්න ලඟම යාළුවට ගත්තා.. ඌත් බිසී කියපන්කෝ.. පස්සේ බැලුවා දුක කියන්නේ කාටද කියලා..

    මේකයි බන් කාරණේ.. දැන් සති දෙකක් ඇති ඩේලි බියර් දෙකක් ගහන්න ඕනේ වෙලා බන්... මොන හුට්ටක්ද මන්දා.. අපේ ඔපිස් එකේ එහා පැට්ටේ රෙස්ටුරන්ට් එකක් හෑව්... මම නිකමට දවසක් ගොඩ වැදුනා.. දැන් වයසේ හැටියට බොන්නත් බෑ.. නිකමට බියර් එකයි පෝක් එකයි ගැහුවා..

    ටවුකන්ඩ... දැන් ඩේලි ගහන්න ඕනේ වෙලා බන්.. මොන උට්ටක්ද මන්දා...මටම එපා වෙලා බන්.. හැමදාම ටයිගර් බියර් දෙකයි පෝක් ප්ලේට් එකයි..සිගරට් දෙකයි. පඩිය ඉවරයි යකූ... උදේට හිතා ගන්නවා නෑ නෑ අදනම් බොන්නේ නෑ . සල්ලිත් ඉවරයි.. කටේ තියන්නේ නෑ කියලා.. උට්ට හවසට ඕෆ් උන ගමන් ඔතනින් යද්දි කාන්දම වගේ ඇදෙනවා බන්ස්..

    මාර කරුමයක් බන් උනේ.. පෝක් එකත් තියෙනවා තුන පහ ටික දාලා සුප්පට.. දවසෙම මහන්සි වෙලා කූල් බියර් උගුරක් බොනගමන් මස් කෑල්ලක් හැපෙද්දි දැනෙන රස කිසිම ආතල් එහෙකින් ගන්න බෑ බන්.. ගෑණියෙකුත් නැති මම මනෝ පාරක් ගහන් ආතල් එකේ තනියෙන් බොනවා බන්...

    දැන් ඩේලි ඇබ්බැහි වෙලා.. උදේට හිතා ගන්නවා අම්බෝ අද නම් කටේ තියන්නේ නෑ කියලා.. උට්ට හවසට කණ මදයා වගේ බොණවා..

    ගෙදරත් චොර වෙලා බන්.. ඩේලි බොනවා කියලා..මේ උට්ට ගහලා ආවම ගොත ගැහෙනවා.... ඉතින් මාට්ටූ.. බයිනවා ලෙල්ල හුටන් වෙන්න...

    මේ ඇබ්බැහියෙන් මිදෙන්න විදියක් කියපල්ලකෝ ...

    ReplyDelete
  18. කවදාවත් රස්සාවක් නොකළ මන්ත්‍රී වැටුපත් නෙගෙන්න විජිත හේරත්ට නාරාහේන්පිට බිල්ඩින් තියෙන්න පුළුවන්. හැබැයි මහින්දගේ පුතාලට එහෙම මුකුත් තියෙන්න බෑ. එවුන් හිඟන්නෝ.

    කවදාවත් රස්සාවක් නොකළ මන්ත්‍රී වැටුපත් නොගන්න අනුර දිසානායකට ප්ලේන් එකේ බිස්නස් ක්ලාස් යන්න පුළුවන්. හැබැයි මහින්දගේ පුතාලා පයින් යන්න ඕන. එවුන් හිඟන්නෝ.

    කවදාවත් රස්සාවක් නොකළ මන්ත්‍රී වැටුපත් නොගන්න ජවිපෙ නායකයින්ට එයාලගේ දරුවෝ පිටරට විශ්වවිද්‍යාලවලට යවල උගන්වන්න පුළුවන්. හැබැයි මහින්දගේ පුතාලට එහෙම බෑ. එවුන් හිඟන්නෝ.
    දෙපාරක් මේ රටේ ජනාධිපති වෙච්චි අගමැතිකම් මැති ඇමැතිකම් දරපු මහින්ද රාජපක්ෂගේ දරුවන්ට කිසිවක් ලැබෙන්න විදිහක් නෑ. එහෙම ලැබෙනවා නම් ඒවා හොරා කාපුවා. නැත්නම් අල්ලස්.

    හැබැයි හඳුන්නෙත්ති ටිල්වින් වගේ අය කියන විදිහට එයාලා අඳින පළඳින සියල්ල ජයශාන්ත සහෝදරයලා දෙන්නේ. ඒවා හොරකම්, අල්ලස් නෙමෙයි. පරිත්‍යාග.

    ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ කියන විදිහට ජවිපෙ නායකයෝ හැමෝගේ ම ගෙවල්වල ටයිල් ධම්මික පෙරේරාගේ ලංකා ටයිල්ස්. පැලවත්ත මහ ගෙදර බරපැනත් ධම්මිකගෙන් කියල කියනවා.
    විජිත හේරත් කියන විදිහට එයාගේ බිරිඳ සමග දැවැද්දට ලැබුණු දේපළ තමයි නාරාහේන්පිට කඩපෙළ. හැබැයි මහින්දගේ පුතාලට එහෙම දෑවැද්දි ලැබෙන්නත් බෑ.

    විජිත හේරත්ලා ගෑනු එක්ක දෑවැදි ගත්තට මහින්දගේ පුතාලට ඒවා බෑ. ජවිපෙ නායකයෝ රස්සාවක් නොකර හොඳට කාලා ඇඳලා පවුල් නඩත්තු කළාට මහින්දගේ පුතාලට එහෙම බෑ.

    මේ කුහක ජවිපෙ දෙබිඩි අදහස් ප්‍රශ්න කරන්න එහි අනුගාමිකයින්ට කවදාවත් බෑ. එහෙම කළ එකා ද්‍රෝහියෙක්.

    ReplyDelete
  19. බන්ධනාගාර ආයතනවල සපයන ආහාර ප්‍රමිතියෙන් තොර බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක 2022 අගෝ. 30 පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය, ඔහු ප්‍රකාශ කළේ, පණුවන් සිටින මාළු හෝ දහඩිය, සෙම්, සොටු සමග ආහාර පිසීම කිසිදු අවස්ථාවක සිදු නොවන බව ය.

    වසරකට බන්ධනාගාරවලට සිරකරුවන් ලක්ෂ ගණනක් පැමිණ යන බව ත් මේ දක්වා එවැනි ගැටලුවක් පැන නැගී නොමැති බව ත් ඔහු පැවසීය.

    එවැනි ගැටලුවක් තිබුණහොත් රැඳවියන් ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරිවරයාට, ප්‍රධාන ජෙලර්වරයාට හෝ බලධාරීන් දැනුවත් කරන බව ඔහු සඳහන් කළේ ය.

    ඒකනායක මහතා සඳහන් කළේ, රන්ජන් රාමනායක මහතා බන්ධනාගාරගතව සිටි වසර එකහමාරක කාලය තුළ ආහාරවල තත්ත්වය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්ට පැමිණිලි කර නොමැති බව ය.

    “මගේ බන්ධනාගාර සේවා කාලය වසර 37යි. මගේ සේවා කාලය තුළ මම එක ම දවසකවත් පූසෙක් වැටිලා තියෙන පරිප්පු එකකවත්, හොද්දක්වත් දැකලා නැහැ, අහලා නැහැ,” යනුවෙන් මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයක පිළිතුරු දෙමින් ඔහු පැවසීය.

    මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේ, බන්ධනාගාර තුළ ආහාර පිසින පිරිසේ සනීපාරක්ෂාව ද ඉතා හොඳින් පවතින බව ය.

    මේ සම්බන්ධයෙන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනාය නිවේදනයක් ද නිකුත් කර ඇති අතර එහි දැක්වෙන්නේ, බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ ඇති බන්ධනාගාර ආයතනවලට ආහාර ද්‍රව්‍ය සැපයුම සඳහා සැපයුම්කරුවන් තෝරාගැනීම ප්‍රසම්පාදන ක්‍රමවේද හරහා සිදු කරන අතර එම ආයතනවලට අවශ්‍ය ආහාර්ර ද්‍රව්‍ය ප්‍රමිතීන්ට අනුකූලව දිනපතා සැපයීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව සමග ගිවිසුම්ගත වී ඇති බව ය.

    ඒ අනුව, අදාළ සැපයුම්කරුවන් දිනපතා සපයන ආහාර ද්‍රව්‍ය බන්ධනාගාරය තුළට ගැනීමට ප්‍රථම නියමිත ප්‍රමිතීන්ට හා ප්‍රමාණයන්ට අනුකූලව සපපයා තිබේද යන්න පරීක්ෂා කිරීම නිලධාරීන් විසින් සිදු කරනු ලබන බව එහි දැක්වේ.

    එමෙන් ම, බන්ධනාගාර ආයතනවලට අනුයුක්තව සිටින මහජන පරීක්ෂකවරුන් හා වෛද්‍යවරුන් විසින් ද අවශ්‍ය අවස්ථාවලදී පරීක්ෂා කිරීම් සිදු කරනු ලබන අතර ප්‍රමිතියෙන් තොර ආහාර ද්‍රව්‍ය හඳුනා ගතහොත් ඔවුන්ගේ ද නිර්දේශ සහිතව ඒවා බන්ධනාගාර තුළට නොගෙන ප්‍රතික්ෂේප කිරීම සිදු කරන බව ඒකනායක මහතා සඳහන් කර ඇත.

    ReplyDelete
    Replies
    1. බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක පෙන්වා දෙන්නේ, සැපයුම්කරුවන් සපයන ආහාර ද්‍රව්‍ය බන්ධනාගාර දොරටුවේදී පරීක්ෂා කර බන්ධනාගාර මුළුතැන්ගෙට භාර දීමෙන් අනතුරුව ඒවා පිරිසිදු කිරීමේ සිට ආහාර පිසීම අවසන් කර රැඳිවියන් අතරේ බෙදාහැර අවසන් කරන තුරු සියලු කටයුතු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදු කරන්නේ රැඳවියන් බව ය.

      ප්‍රමිතියෙන් තොර කිසියම් ආහාර ද්‍රව්‍යයක් ඇත්නම් ආහාර පිසීම සිදු කරන රැඳවියන් ඇතුළු සියලු රැඳවියන්ට ඊට විරෝධතාව දැක්වීම වැළැක්විය නොහැකි බව ද එහි දැක්වේ.

      තව ද බන්ධනාගාර රැඳවියන් සඳහා පිසින ආහාර රැඳවියන් අතරේ බෙදා හැරීමට ප්‍රථම අදාළ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා හා අධිකාරිවරයා විසින් පරීක්ෂා කිරීම අනිවාර්යයෙන් සිදු කරනු ලබන අතර යම් ගැටලු සහගත තත්ත්වයක් හඳුනාගතහොත් එම ආහාර රැඳවියන් අතර බෙදා හැරීම සඳහා ඔවුන් විසින් අනුමැතියක් ලබා දීම සිදු නොකරන බව ඒකනායක මහතා අදාළ නිවේදනයේ වැඩිදුරට ත් සඳහන් කර ඇත.

      හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ජනාධිපති සමාව ලැබීමෙන් අනතුරුව පසුගිය දා පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුණේ, බන්ධනාගාරවල පරිභෝජනයට නුසුදුසු ආහාර සිරකරුවන් වෙත ලබා දෙන බව ය.

      එහිදී අදහස් පළ කළ හිටපු මන්ත්‍රීවරයා…

      “හිර ගෙදර සප්ලයර්ස්ලාට පොලු තියලා ඒගොල්ලෝ දැන් සප්ලයි නවත්ත්වලා තියෙන්නේ. කෝටි 50, 60 පොලු තියලා. එතකොට දැන් ගේන්නේ, මේක කිව්වට කමක් නැහැ. මාළු එක අරන් එද්දී පණුවෝ වැටෙනවා. පණුවෝ වැටෙනවා. පණුවෝ අරන් දාලා මෙහෙම කැපුවා, උණුවතුර දැම්මා, මිරිස් ටිකක් දැම්මා, කන්න දුන්නා. එතකොට බත් එක හදන්නේ කුඩු කාරයෝ තමයි හදන්නේ. දාඩිය, සෙම, සොටු සේරම වැටෙනවා බත් එකේ. ඒවා තමයි මෙහෙම කරලා දෙන්නේ.

      පාලිත තෙවරප්පෙරුම කිව්වා කළුතර දිගට ම වාට්ටු 6ක් තිබුණා. පරිප්පු එක අරන් ගියා. පරිප්පු එක අන්තිමට වාට්ටු 4කට බෙදුවා. ඉන්න හිරකාරයෝ ටික කෑගැහුවා ටිකක් පරිප්පු යටින් අරන් දෙන්න කියලා. මෙහෙම යටින් ගද්දි තඩි පූසෙක් ආවා. පරිප්පු එකේ. මේක උඩින් පනින්න ගිහිල්ලා වැටිලා. අර වාට්ටු හතර ම කාලා තියෙන්නේ පූස් හොදි. පස්සේ ඒක ඒ ගොල්ලන්ට කිව්වා ම වමනේ දාල තිබුණා.

      බිත්තර ගද්දී බොහොමයක් බිත්තර ඇතුළ කුණු වෙලා. එතකොට මාළු කාපුවාම ඇස්වල ගෙඩි දානවා, කට වන වෙනවා. බොහෝ දෙනෙක් ලෙඩ වෙලා ඉන්නේ. පව් ඒක ඉතින්. බොහෝ ම භයානක තත්ත්වයක් හිර ගෙදර තියෙන්නේ. මොකද එළියේ අය හිතවා එළියේ අයට වඩා හිරගේ හොඳයි කියලා. නමුත් ඇත්ත වශයෙන් ම හිර ගෙදර කෑම තත්ත්වේ බලන්න හිරේ යන්න ම ඕනා. ඒ කියන්නේ කන්න ම බෑ. පෙළක් අය කන්නේ ම නෑ. ලෙඩ හැදෙන්න තෝතැන්නක් ඒක. ඒ කියන්නනේ කිසි ම රහක් නෑ. මොක ද බිල් ගෙවලා නැති හින්දා සප්ලයර්ස්ලා දෙන්නේ නැහැ.”

      – Mawbima

      Video reference (Hiru TV):

      https://www.youtube.com/watch?v=b93bJqkSOV4

      Delete
  20. මාතා මේ ගැන ඔබේ නිරීක්ෂණය සහ අදහස් මොනවද?

    https://fb.watch/fgCMlqxxUr/

    මේ ගැන පෝස්ට් එකක් දාන්න පුළුවන් නේද?

    ReplyDelete
  21. මාත,...මචං, ඒකට ඔයත් වග කියන්න ඕනා... මමත් වග කියන්න ඕනා...!

    ... දැන් කරන්න තව දෙයක් ඉතිරිව තියෙනවා.... ඔය කියන කාමරේකට ගිහින් වට පිට බලන්න....දැන් බලන්න ඒ කාමරේ ලංකාවේ නිෂ්පාදිත දේවල් කීයක් තියේද කියා. මා ඔට්ටුවක් අල්ලන්නම්, එහි බඩු සීයකට පහක් වත් නැතිව ඇති ...

    ... දේශපාලුවෝ ගැහුවා තමා. එහෙත් 90% කට වඩා ඔය කියන ණය කන්ද උඩ තමා අපි ජීවත් වුනේ. දැන හෝ නොදැන අපි එහෙමයි ජීවත් වුනේ. උදාහරණයක් සේ කඩේට ගොස් කොස්සක් ගන්නා විට, කීයෙන් කීදෙනාද හණ වලින් ලංකාවේ තනන ලද කොස්සක් ගත්තේ...?

    ... දැන් අපි ඒ සිහිනයෙන් බිමට බැස ඇත්තෙමු. අප අති පණ්ඩිත වී සිටියෙමු. දැන් අපි කෙමෙන් නිහතමානීව අහසෙන් බිමට බැසීමේ කාලයයි .... [මෙය පෞද්ගලිකව නොගන්නවා යයි සිතමි...🙏] ....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න