.

.

Aug 17, 2022

රනිල්ගෙන් මැතිවරණ ඉල්ලන දේශපාලන හාල්පාරුවෝ..

 


රනිල්ගෙන් මැතිවරණ ඉල්ලන

දේශපාලන හාල්පාරුවෝ..

➖➖➖➖➖➖➖➖➖➖▪️


දේශපාලනය ගැන උනන්දුවක් දක්වන සියළු සත්වයන් කියන්නේ, රනිල් යනු තවත් වැඩ බැරි ටාසන් කෙනෙක් කියලාය. ඊට හේතුව වන්නේ, රනිල්ට මින් පෙර පූර්ණ බලය නොලැබුන නිසාය. එහෙත් මාතලන් නම් කියන්නේ අප අගමැති රනිල් දැකලා තිබුනාට, පූර්ණ බලතල සහිත විධායක ජනාධිපති දැකලා නැති නිසා, ඔහුට යම් කිසි කාළයක් ලබා දිය යුතු බවය.


රටේ වාසනාවට ඝෝඨා අගමැති ලෙස පත්කලේ, රනිල් වික්‍රමසිංහය. අදත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය රැකී තිබෙන්නේ, ඔහු ජනාධිපති පදවියට පත් වූ නිසාය. අගමැති ඇබෑර්තුව ඇති වූ වෙලේ, සජිත් හෝ සිරිසේන හෝ ෆොන්සේකා හෝ අගමැති ධුරයට පත් වූයේ නම්, අපේ රටට අත්වනුයේ සම්මා සම්බුදු සරණමය.


එමෙන්ම, පාර්ලිමේන්තුවේ ජනාධිපති තරඟයට ඉදිරිපත් වූ නොම්බර එකේ හාල්පාරුවන් දෙදෙනෙක් වන, ඩලස් හා අනුර කුමාර පත්වූයේ නම්, ලංකාවට හිමිවනුයේ අරගලයේ සරණ හෝ ප්‍රජාතන්ත්‍රවාදය මුලුමනින්ම අහෝසී වී, තම විරුද්ධවාදීන් සියල්ලම මරා දමා, ඔවුන්ගේ ධනය හා දේපල මංකොල්ල කා රට එකම ලේ විලක් කරනා සමාජවාදී මිලිටරි ජුන්ටා පාලනයකි.


මැයි 9 වනදා මුලු ලෝකයම දුටුවේ, ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත්කරන ලද එවන් පාලනයක පෙරහුරුවක් හෙවත් රිහසල් එකකි.


ඊට රැල්ලේ ගසාගෙන යන විකාර විපක්ෂ නායකයාගේ හා අනුගාමිකයින්ගේ පූර්ණ අනුග්‍රහය හා දායකත්වයද නොඅඩුව ලැබුන බව දැන් හෙලිවී අවසානය.


දැන් ඔවුන් රනිල්ට යන්න කියන්නේ, රනිල්ගේ පොහොට්ටු ආන්ඩුව හෙවත් පවතින රජය ලැබූ ජනවරම, අහෝසී වී ඇති ඇතැයි කියාය. නමුත් ඇත්ත මෙය නොවේ. මේ රටේ ඉන්නා බහුතර ජනතාව මෝඩයෝ නොවේ. ජවිපේට හා වාමවාදි පක්ෂවල 4% ක් පමණ වන වෛරක්කාරි මිනීමරු වහල් ජීවිත යනු, මේ රටේ බහුතරය නොවේ.


ඔවුනට කිසි දිනෙක ප්‍රජාතන්ත්‍රවාදී ජනමත විමසුමකින් හෙවත් සර්ව ජන චන්ද බලයෙන් බලය ලබාගත නොහැකි බවත්, කෙසේ හෝ බලය ලබා ගත්තද, රට පාලනය කිරීමට කිසිඳු වැඩ පිලිවලක් හො සැලසුම් නොමැති බවත්, ජාතික ජන බලවේගයේ හරිනි අමරසූරිය දැන් කරනා ප්‍රකාෂ වලින් ඉතා පැහැදිලිය.


එමෙන්ම ඝෝඨා එලවීමටත් පෙර ඇය ප්‍රකාෂ කළේ, රට ගොඩ ගැනීම ලෙහෙසි පහසු කාරියක් නොවනා බවත්, එය ගොඩගැන්මට අවම වශයෙන් වසර පහක් හෝ අවශ්‍ය බවය.


සත්‍යය එය නම්, රනිල් වික්‍රමසිංහ බලයට පත් වී මාසයක් ගතවීමටත් ප්‍රථම ජෙප්පන් චන්දයක් ඉල්ලන්නේත්, උන්ගේ ස්ලෝගන් හොරා කා ජනතාව හා ගොබ්බ ජඩමාජ්ජවේදීන් දුටු විගස කුලප්පු වී ඔවුන් චූන් කරමින් යන සජිත් ප්‍රේමදාස නම් චූන් පාන් කාරයාත් එයම උස්සාගෙන දඟලන්නේ ඇයි?


බහුතර ජනතාවට තිබුන ප්‍රධානම ප්‍රශ්ණ වලට පිළිතුරු ලැබී අවසානය. දැන් පැට්‍රල් පෝලිම් ගෑස් පෝලිම් නැත. කිරිපිටි ඇති තරම් වෙළඳ පොලේ ඇත. අත්‍යාවශ්‍ය භාන්ඩ රාශියක මිළ තරමක් පහළ ගොස් ඇත. අනවශ්‍ය විය හියදම් අඩු කිරීමට මිනිසුන් හුරූ වී ඇත. නැවතත් විනෝද චාරිකා හා වන්දනා ගමන් යමින්, මිනිසුන් සාමාන්‍ය ජන ජීවතය පවත්වාගෙන යන තත්වයට අවතීර්ණ වෙමින් ඇත.


තවත් ගැටළුවක්ව පැවති විදුලි බල සැපයුමද සාමාන්‍ය තත්වයට පත්වී තිබියදී, නොරොච්චෝලේ හදිසියේම කඩා වැටෙන්නේ ඇයි කියා විශේෂයෙන් පරික්ෂා කළ යුතුය. 


මාෆියා කාරයෝ ඝෝඨා එලවීමටද කලේ මෙවැනි ක්‍රියාවන්මය. ඉන්ධන අර්බුධය නිර්මාණය කළේ වෙනින් කවුරුවත් නොව, විමල්ගේ කුමන්ත්‍රණ සැලසුම් අනුව ක්‍රියා කල කැබිනට් ඇමතිවරයා වූ ගොම්මන්පිලමය. එය ඊයේ හම්බන්තොටදී ලෝකයාටම දැක ගැන්මට ලැබුනේය. 


රාජපක්ෂලාට කෙලින්නට රටට කළ මේ විනාශය ගැන තම හෘද සාක්ෂිය තමන්ට දොස් පවරන නිසාදෝ, ගොම්මන්පිල මේ 1/4 කන්නින් සමඟ එකට සිට ගැන්ම බොහෝ දුරට අඩු කර ඇත. සෑම දෙයක්ම කුමණ්ත්‍රණ ලෙස දකින්නේ නොම්මර එකේ කුමණ්ත්‍රණය කරුවෝමය. ඝෝඨා විනාශ කළේ වෙන කිසිවකුත් නොව විමල් වීරවංශමය. 


එය හොඳින් දන්නා චීනය මීළඟ ජනාධිපති විමල් වීරවංශ කිරීමේ ක්‍රියාවලිය ප්‍රසිද්ධියේම ආරම්බ කර ඇති අතර, අනෙකුත් පක්ෂවල කැපී පෙනෙන නායකයින් තම ජීවිත ආරක්ෂාව වඩ වඩාත් තහවුරු කර ගත යුතුව ඇත්තේ, මොවුන්ගේ ඉතිහාසය ඉතා කෲර වන බැවින්මය.


රනිල් හා එක් වී රට ගොඩගැනීම වෙනුවට, එක එක ඇමරිකන්, චීන හා කුමන්ත්‍රණ බයිලා ගසමින් සිටින්නේ මෙවන් දේශපාලන හිඟන්නන්‍ය. රනිල්ගෙන් උන් ඉල්ලන ඒවා ලැබේ යයි සිතීම ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා වැනි වැඩක් වන්නේ, රනිල් යනු හිතන්නවත් බැරි ගේම් ගසනා ගල් ඉබ්බෙක් නිසාය. ඒ බව චීන නැව පිළිබඳ ගැසූ බුද්ධිමය දේශපාලන ගැටයෙන් මනාව පෙන්නුම් කර අවසානය. නැව හම්බන්තොටට එනකොට, සමුද්‍රාරක්ෂක ප්ලේන් එකක නැගුන අදානී, මහා පරිමාණ යෝජනා එකක් නොව දෙකක්ම අරගෙන එන්නේය.


මහ මැතිවරණයක් නැතත් ඔය ඉල්ලන මැතිවරණයක් ළඟදීම ඔවුන්ට ලැබෙනු ඇත්තේය. එහි ප්‍රතිඵල ඇනස්ලි සැමුවල් බර්ටිගේ විනෝද සමය සමඟ රූපවාහිනියෙන් ප්‍රචාරය වෙද්දී, බයියෝ යනු කොයි ජාතියේ සත්ව කොඨ්ඨාශයක්ද යන්න ගොපයියන්ට දැක බලා ගැනීමේ වාසනාව හිමිවනු ඇත්තේය.


බයියන් දේශපාලනයෙන් අතු ගා දැමිය යුතුයයි කියා නෙළුම් මාවත කාර්‍යාලයේ පවිත්‍රතා සඳහා පැමිණි මහා අරගලයක් කළ ත්‍රස්තවාදීන්ගේ රෙද්දේ රෙවෙන්නේත් එදාටය. එදිනට නෙළුම් මාවතේ වැසිකිලි පහසුකම් ප්‍රමාණවත් නොවුනහොත්, ළඟම පිහිටි පැලවත්ත හෙඩ් ක්වාර්ටස් වෙත වාර්ථා කරන ලෙස ඉල්ලා සිටිමින් මේ පල් හෑල්ල මෙතනින් නවතා දමනවාය.

.

.

ඒ වගත් මෙසේය.... 

.

13 comments:

  1. හරියට හරි බන් මාතේ සම්පූර්ණයෙන්ම එකඟයි මේකට තව පොඩි දෙයක් එකතු කරන්න පුළුවන්

    අපේ පල්ලි නිකායෙ ඕමල්පෙ සෝපිත උන්නාන්සේගෙයි,
    අගලකඩ උන්නාන්සෙගෙයි, පාහියංගල උන්නැහෙගෙයි
    ගිණුම් වලට කීයගානෙ දැම්මද දන්නෙ නෑ.

    - වෙන්ඩ කාදි නල හිරිල් ගා මිණි නිලමේ

    ReplyDelete
  2. හලෝ මාතලන්,

    ගොඩක් දවසකින් දැක්කේ.ඉතිං මාතලන් මොකද කරන්නේ මේ දවස් වල. අපිට නං ඔපිස්‌ එකෙන් ගෙදර ඉදං වැඩ කරන්න කියලනි තියෙන්නේ දැන් මාස දෙකක් තිස්සේ. ඒ උනාට ගෙදර ඉදං කරන්න තරං වැඩක් නං නෑ මාතලන්. මම ලොක්කට කෝල් එකකුත් අරං බැලුවා. එතකොට අපේ ලොක්කාත් දන්නේ නෑ මොකද කරන්නේ කියලා, අනික් ඊළගට ඉන්නත් ලොක්කාත් මොනාද කරන්න ඕනි කියලා දන්නේ නැල්ලු.

    ඉතිං මාතලන් පහුගිය දවස් වල එක පාරම බාර් වැහුවනි. මටත් බෝතල් තුනයි ගන්න පුළුවන් උනේ. ඒ ටික ඉවර උනාම පස්සේ මොකවත් නෑ. ගොලිප් එකත් රුපියල් 120 ට අරං බිව්වා. දැන් නං ඊයේ පෙරේදා ඉදං බාර් ඇරලානි. මම ඉතිං කූල් බියර් දෙකක් අරං ආවා. දැන් මේ ඒක බිලා බත් ඩිංගක් කළා ගොලිප් එකක් බිලා නිදා ගන්නවා.

    (link ඔන්න මම පොටෝ එකකුත් ගත්තා මාතලන්ට බලන්න.)

    ReplyDelete
  3. ඇමතිකමත් සූදානම් - ඡන්දෙ තමයි අවදානම්!

    ReplyDelete
  4. මොකද මේ වෙන්නේ දැන්
    comment මෙච්චර අඩුවෙන්
    Power cut දෝ ඕසෙන්
    පුදුම නැතිද මාතලන්

    ReplyDelete
    Replies
    1. ආචාර්ය එන්.එම්. පෙරේරා මුදල් ඇමතිව සිටියදී 1970 – 1975 දක්වා කාලය තුළ ආර්ථික ස්ථාවරය යථා තත්වයට පත් කළේ පළමු වතාවට සමබර අයවැයක් උත්පාදනය කරමින් පමණක් නොව, වසරක් තුළ අයවැය අතිරික්තයක් ද ඇති කරමින් 1969දී රු. මිලියන 744ක් වූ විදේශ වෙළඳ හිඟය 1971දී රු. මිලියන 100ක් දක්වා අඩු කළේ 1965දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ණය ගැනීම ආරම්භ කර රු. මිලියන 100.9ක් (එකල ඩොලරයක් රු. 5කි) ණයට ගත් අතර, වාර්ෂිකව ණය ගැනීම තුළින් 1970දී ණය මුදල රු. මිලිය 723.4ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

      එන්.එම්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මත යැපීම අවසන් කළේ ය. මේ පිළිබඳව එන්.එම්. උපුටා දක්වතොත් “මෙම දැවැන්ත ණයගැනීම අපගේ මූල්‍ය ස්වාධීනත්වය කැපකිරීමෙන් සිදු වූවකි.” ඔහු මෙය අවසන් කළා පමණක් නොව රටේ ජනතාව මත අමතර බරක් පැටවූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි පැනවීම ද අවසන් කරන ලදී. රටේ දුක්විඳින දුප්පත් ජනතාවට තව දුරටත් සහන සැලසීම සඳහා වැඩි බදු බර දරාගත හැකි ධනපති පන්තියේ අය වෙත වැඩි බදු පනවන ලදී.

      ඉහළ වටිනාකමකින් යුත් මුදල් නෝට්ටු (එකල ඉහළ ම මුදල් නොට්ටු වූයේ රු. 50 සහ රු. 100යි) අවලංගු කිරීමෙන් ඔහු සැඟවුණු (පාතාල) කළු සල්ලි විවෘත ආර්ථිකයට ගෙන ආවේ ය. සමුපකාර ව්‍යාපාරය බෙහෙවින් ශක්තිමත් කරවමින් අත්‍යවශ්‍ය සියලු දේ සලාකයට ඉතා අඩු මිළකට සැපයූ අතර, සතියක කාලයක් සඳහා එක් අයෙකුට සහල් සේරුවක් (කිලෝවක් පමණ) බැගින් නොමිළේ ලබා දෙන ලදී. මෙය ඔපෙක් කාටලය පිහිටුවීමෙන් ඛනිජ තෙල් මිල හත්ගුණයකින් ඉහළ නැංවීම නිසා ලෝකයේ සෑම රටක ම මෙවැනි ආර්ථික අර්බුද ඇති වූ සමයකි.

      ජාතික ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා කෘෂිකාර්මික හා කාර්මික අංශවල වැඩසටහන් හා ව්‍යාපෘති ප්‍රවර්ධනය කළේ ය. රු. මිලියන 1,061ක මුළු ප්‍රාග්ධන වියදම්වලින් 63%කට ආසන්න ප්‍රමාණයක් මෙම ආයෝජන සඳහා යොමු විය. ඔහු අඩු පොළී ග්‍රාමීය ණය ලබා දුන්න.

      Delete
  5. //බහුතර ජනතාවට තිබුන ප්‍රධානම ප්‍රශ්ණ වලට පිළිතුරු ලැබී අවසානය. දැන් පැට්‍රල් පෝලිම් ගෑස් පෝලිම් නැත. කිරිපිටි ඇති තරම් වෙළඳ පොලේ ඇත. අත්‍යාවශ්‍ය භාන්ඩ රාශියක මිළ තරමක් පහළ ගොස් ඇත. අනවශ්‍ය විය හියදම් අඩු කිරීමට මිනිසුන් හුරූ වී ඇත. නැවතත් විනෝද චාරිකා හා වන්දනා ගමන් යමින්, මිනිසුන් සාමාන්‍ය ජන ජීවතය පවත්වාගෙන යන තත්වයට අවතීර්ණ වෙමින් ඇත.//

    කමක් නැද්ද?

    ReplyDelete
  6. ලංකාවේ මෑත කාලීන ආර්ථික දේශපාලනික සංදර්භය තුළ 1977න් පසු විවෘත වෙළඳපොළ ආර්ථිකයක් දෙසට ශ්‍රී ලංකාව යොමුවූ මුත්, එහිදී වචනාර්ථයට පරිපූර්ණව ගැලපෙන විවෘත ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනුණේ නෑ මොකද ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 1978දී රටේ නම ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ලෙස ව්‍යවස්ථාගත කළ විට එහි තිබූ ‘සමාජවාදී’ නාමය බොහෝ දෙනෙකුගේ විවේචනයට, විහිළුවට ලක් වුණා.

    කෙසේ වෙතත් මේ ගැන මනා විවරණයක් දෙමින් 1979 මාර්තු 23දා හොරණ ශ්‍රීපාලි සෞන්දර්ය විශ්වවිද්‍යාල පීඨය විවෘත කිරීමේ උත්සවයේදී ජේ.ආර්. මෙම කාරණය පැහැදිලි කළේ;

    “දැන් හුඟදෙනෙක් අහනවා තමුන්නාන්සේලා ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ලෙස සමාජවාදය කියන්නේ එක්සත් ජාතික පක්ෂය සමාජවාදී පක්ෂයක් ද කියලා. ඔව්, අපි සමාජවාදී පක්ෂයක්. මා දැන් තෝරා දෙන්න යන වචනය සමාජවාදයයි. මේ රටේ සීයට හැටක් බඩු නිපදවන මාර්ග, බඩු බෙදන මාර්ග, මුදල් හුවමාරු කරන ක්‍රම රජයට හෝ මහජනයාට අයිතියි. සමාජවාදය කියන්නේ ඒකයි. ඩී.ඇස්. සේනානායක මහත්මයාගෙ කාලෙ තමයි (රජයේ) ඉඩම් පුද්ගලයන්ට, ධනපතීන්ට විකිණීම තහනම් කෙරුවෙ. ඒ නිසා ඒ සමාජවාදී ක්‍රමය අපි ආරක්ෂා කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා වගේ ම. නමුත් අඩුපාඩු රාශියක් තියෙනවා.

    “එහෙත් රජය මේවා හොඳට පාලනය කරන්නෙ නැහැ. ඇතැම් ආයතන හොඳට පාලනය කරන්නෙ නැහැ. දූෂණ වැඩ කෙරෙනවා. රජයට ගත්තු වතුවල අඩුපාඩු තියෙනවා. හොරකම් කෙරෙනවා. පුද්ගලයන් අත තිබුණ කාලෙ වගේ මනා පාලනයක් නැහැ. නියම විදියට පාලනයක් නැත්නම් සමාජවාදය ඉතාමත් ම භයානක වාදයක් වෙනවා. භයානක ක්‍රමයක් වෙනවා.”

    “බහුතර ජනතාවට අපි කෝකත් කරන්නෙ තමුන්නාන්සේලාගේ ප්‍රයෝජනයට. තමුන්නාන්සේලා ධනපතියන් වෙනවා නම් සන්තෝෂ වෙනවා. ධනපති ක්‍රමයට අපි විරුද්ධයි. නමුත් ධනපතීන්ට විරුද්ධ නැහැ. ධනපති ක්‍රමය කියන්නේ සටනකින්, ලේ වැගිරීමකින්, එක් එක්කෙනා පාගලා සූරා කාලා, කඩා වඩාගෙන තමන්ගෙ දියුණු වීම පමණක්, තමන්ගෙ මුදල් ගැන පමණක්, තමන්ගෙ කර්මාන්තශාලාව ගැන පමණක්, තමන්ගෙ මුදල් ගැන පමණක්, තම තමන් පෞද්ගලිකව දියුණු වීම ගැන පමණක් තණ්හාධික ලෙස ක්‍රියා කිරීම. ඒ ක්‍රමයට (අපි) අකැමැතියි. ඊට ඉඩ දෙන්නෙ නැහැ. නීති මාර්ගයෙන් සේවකයන්ගෙ ජීවිත ආරක්ෂා කිරීමට, පඩිය ආරක්ෂා කිරීමට, රැකියා ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ රටේ දුප්පතුන් ධනපතීන් වීමේ වැරැද්දක් නැහැ. සමාජවාදී ආණ්ඩුක්‍රමයක් යටතෙ ධනපතීන් නැහැ…..”

    ලංකාවේ මෑත කාලීන 1977න් පසු 2005 පමණ වනතෙක් පැවති සමාජ ආර්ථික ක්‍රමය තේරුම්ගැනීම සඳහා එම කතාව අතිශය වැදගත් වේ. ජේ.ආර්. විදේශ ආයෝජනවලට ලංකාව නැවත විවෘත කළ අතර කලින් පැවති ආණ්ඩු විසින් වන්දි ගෙවා රජයට පවරාගෙන තිබුණු වතු සමාගම් වැනි ඇතැම් ව්‍යවසාය නැවත පෞද්ගලික බදුදීමට කටයුතු කළේය.

    ReplyDelete
    Replies
    1. ලංකාවේත් ලෝකයේ බොහෝ සමාජවාදී යයි කියන රටවල වුණා සේම ලංකාවේත් සමුපකාර රජය විසින් ම අල්ලාගෙන තවත් එක් රාජ්‍ය ව්‍යවසායක් බවට පත් කර තිබිණි. ඒවා සමුපකාර වූයේ නමට විතරය. සමගි පෙරමුණු සමාජවාදී රජය සමුපකාර සංකල්පය ම කාබාසිනියා කර දැමූ අතර ඉන් පසු පැමිණි ජේ.ආර්.ගේ ආණ්ඩුව ද එය ඒ අන්දමින්ම පවත්වාගෙන ගියේය. මෙම විවිධ සේවා සමුපකාර සමිති දැන් මරණ මංචකයේ සිටියත්, තවමත් ඒවා නිදහස් වෙළඳපොළ තරගකාරීත්වයට බාධාකාරී වන, මහජන මුදලින් අයුතු වරප්‍රසාද ලබන ඵලදායී නොවන රාජ්‍ය ව්‍යවසාය වේ.

      ලංකාවේ ආර්ථිකය 1956ට කලින් පැවති මේ රටේම ආර්ථිකයට සාපේක්ෂව තවමත් එතරම් විවෘත නැත. පෞද්ගලික දේපල රජයට පවරා ගනිමින් හා අලුතින් පිහිටුවන ලද සංස්ථා, මණ්ඩල, අධිකාරි ආදිය වෙළඳපොළ ප්‍ර‍මුඛත්වය ලබාදීමට අමතරව ඇතැම් ඒවා ඒ ක්ෂේත්‍ර‍වල ඒකාධිකාරයන් බවට ද පත්කරන ලදී. මෙම තත්වය තවමත් අඩු වැඩි වශයෙන් පවතී.

      ලංකාවේ රාජ්‍ය ඒකාධිකාරී ආර්ථිකය විවෘත කිරීමේ සංකේතාත්මක අවුරුද්ද ලෙස සමගි පෙරමුණු රජය පරාජය කරමින් එක්සත් ජාතික පක්ෂය බලයට පැමිණි 1977 අවුරුද්ද සැලකිය හැකි වුව ද, එම විවෘත කිරීම පවා ඉතා සාපේක්ෂ එකකි. තවමත් රාජ්‍ය අංශය ඉතා ශක්තිමත් වන අතර රාජ්‍ය ව්‍යවසාය සිල්ලර වෙළඳාම දක්වා බොහෝ ව්‍යාපාරයන්හි යෙදී සිටියි. බලශක්ති, ජල සම්පාදනය වැනි අංශයන්හි රාජ්‍ය ඒකාධිකාරයන් තවමත් පවත්වාගෙන යන අතර රාජ්‍ය මුල්‍ය ප්‍ර‍තිපත්ති සම්පාදනයේදී රාජ්‍ය බැංකු වැනි ව්‍යවසායන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අවධානය යොමුකරනු ලැබේ.

      උදාහරණ ලෙස ලංකාවේ පොදු ප්‍රවාහනය විධිමත් කිරීමේලා ප්‍රබල බාධකයක් ලෙස සැලකෙන්නේ ඒකාබද්ධ කාලසටහන් සම්බන්ධයෙන් ලංගම දක්වන විරෝධයයි. එමගින් ලංගම බිඳවැටී එහි සේවය කරන විශාල පිරිසකට රැකියා අහිමි වේය යන පදනමින් රජය එම ක්ෂේත්‍රයට තීරණාත්මක මැදිහත් වීමක් කරන්නේ නැත. එහි ප්‍රතිඵලයක් ලෙස පොදු ප්‍රවාහනයේ දැඩි අවිධිමත් බවක්, අනවශ්‍ය තරගකාරීත්වයක්, දැඩි සම්පත් නාස්තියක් හා අකාර්යක්ෂමතාවක් නිර්මාණය වී තිබේ.

      වර්තමාන අර්බුදය වෙත අප ආපසු යොමු වුවහොත්, ඉල්ලා සිටින සිස්ටම් චේන්ජ් හෙවත් ක්‍රම වෙනස තිබෙන්නේ කොතැනදැයි අවබෝධ කරගත හැකි, ලංකාවේ අර්බුදයේ කොටස් දෙකකි.

      01. අපනයන ඇතුළු ආදායමට වඩා ආනයන වියදම වැඩිවීමයි.

      02. රාජ්‍ය ආදායම මෙන් දෙගුණයකටත් වඩා රජය වියදම් කිරීමයි. එම වියදම පියවාගැනීම සඳහා මාස් පතා ණයගැනීමෙන් දේශීය හා විදේශීය වශයෙන් රටම ණයවී අන්තිමට ණය ගෙවාගැනීමට ද බැරි විය.

      බදු ආදායම සහ රජයේ වියදම අතර තිබිය යුත්තේ අතිරික්තයකි. එය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 01 ක් වත් විය යුතුය. රජයේ ආදායම වියදමට වඩා වැඩි විය යුතුය. එහෙත් දැන් තිබෙන්නේ හිඟයකි.

      A. දැන් රජයේ බදු ආදායම රුපියල් ට්‍රිලියන 1.5කි.
      B. රජයේ වියදම රුපියල් ට්‍රිලියන 3.5කි. රජයේ වියදම්වලින් 30%ක් වැය වන්නේ රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීමටය. තවත් 30%ක් ණය පොලිය ගෙවීමට වැය වෙයි. ඉතිරි 30% විවිධ සහනාධාර සඳහා වැය වෙයි.

      රාජ්‍ය වියදම් අවම කිරීමේදී පාඩුු ලබන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් කළ යුත්තේ කුමන දෙයක් ද යන්න වැදගත්ය. මේ සම්බන්ධයෙන් වරලත් මූල්‍ය විශ්ලේෂකයන්ගේ සංගමයේ උපදේශක සභාපති හා අධ්‍යක්ෂ රවී අබේසූරිය, ලංකාදීප පුවත්පතේ ලිපියක මෙසේ පවසයි:

      “නිල දත්ත පෙන්නුම් කරන්නේ රාජ්‍ය ආයතන අතරින් (SOEs) ආයතන පහක් 2022 මුල් මාස 4 තුළ රුපියල් බිලියන 931ක්, පාඩු ලබා ඇති බවය. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය නිසා ජනතාව මත පැටවී ඇති බර ඉවත් කළ යුතුය. එක් විකල්පයක් වනුයේ වඩා හොඳ පාලනයක් සහ රාජ්‍ය ව්‍යවසායවල වගවීම සඳහා කොළඹ කොටස් වෙළඳපොළේ සියලුම රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ලැයිස්තුගත කිරීමයි. අනෙක් විකල්පය වන්නේ සිංගප්පූරුවේ Temasek පදනම හෝ මැලේසියාවේ Khazanah Nasional Berhadවැනි සමූහ ව්‍යාපාර ආයතනයක් පිහිටුවීමයි. අමාත්‍යංශ ප්‍රතිපත්ති සහ නිසි නියාමනය පිළිබඳව අවධානය යොමු කළ යුතුය.”

      සිස්ටම් චේන්ජ් පටන්ගන්නට සිදුවන්නේ මෙතැනිනි. තව බොහෝ දේ කළ යුතුය.

      Delete
  7. රනිල් මාත්තය දානව කිව්ව පෝස්සැගන් පැට්ටරිය මේ පාරවත් දායිද?

    ReplyDelete
  8. මේ අරගලය කියන එක තනිකරම ඇමරිකන් සහ බටහිර යුරෝපීය රටවල් වල සැලසුමක් උන් හොඳට ප්ලෑන් කරලා අවශ්‍ය පරිදි සල්ලි වියදම් කරලා වෙබ් අඩවි කාරයො යූටියුබ් කාරයො ඇති කරලා උන්ට මේ කාර්ය පැවරුවා උන්ට උපදෙස් දෙන්න පැතුම් කර්න්නර් වගේ තුප්පහි ලංසි ඔත්තු කාරයො දැම්මා උන් ට එන මුදලින් කොටසක් මුන්ගේ බැංකු වලට දැම්ම ඒකයි වෙලා තියෙන්නෙකියල දැන් නම් හැමෝටම තේරිලා තියෙන්නේ

    දැන් බලපන් පොඩි ප්‍රාථමික අංශයේපන්තිවලට සුළු වශයෙන් පන්ති කරලා ඉතාම සාමාන්‍ය ආදායම් මට්ටමක් තියෙන අප්‍රකට චරිතයක් වුණ ඔය පුද්ගලික ගුරුවරියකට කොච්චියක්ම මිලට ගන්න සල්ලි කොහෙන්ද කියාල හිතලා බලපන්

    ඒ වගේම තමයි අරගලය කියන්නේ තනිකරම ලංකාවේ සිංහල බෞද්ධ සමාජ දේශපාලන ධාරාවට විරුද්දව සිදු කරපු සැලසුම් සහගත ප්‍රධාන මට්ටමක ප්‍රහාරයක් ඒකෙන් ලංකාවේ සිංහල බෞද්ධ ජාතිවාදී දේශපාලන ධාරාවේ බලවේග තාවකාලිකව පැරදුනා, මහමදික අන්තවාදී ආගමික දේශපාලන කණ්ඩායම්වල වටලප්පන් කාල බටහිර යුරෝපයේ සිට විකාශය කරන පාදිලියාගේ චාටු කතා බස් අහලා ලංකාවේ බහුතරයක් දෙනා රැවටුනා. ඉතාම සුළු පිරිසක් තවමත් ඉන්නවා අරගලය කියලා කියන පටු දේශපාලන ගේම් එකට පුක දෙන රට වහල් කාලකන්නි ගව සම්පත, ඒ සමහරක් මීහරක් තවත් රැවටිලා ඉන්නවා දැකලා පුපෙන් හිනා

    ඒත් මේකේ වරද තියෙන්නේ මේ සේරම දේවල් තාවකාලික වීමයි මේ නිසා ලංකාවේ සිංහල බෞද්ධ අන්ත ජාතිවාදී අමන හැත්ත පෙරටත් වඩා භයානක ලෙසින් තව ටිකක් කල් යනකොට නැවතත් නැගී සිටින්නට ඇති තත්ත්වය රාජපක්ෂ කල්ලියටත් වඩා භයානක වෙනත් අමනයන් විසින් නායකත්වය ලබා දෙන චීන පකිස්ථාන ආධාර උපකාර මත පදනම් වන එබඳු කල්ලියක් මේ දෙකයි පණහේ හිඟන අරගල රට ගොන් මීහරක් හැත්තට වඩා අතිශය භයානක බව පැහැදිලියි ඒ තත්ත්වය පාලනය කිරීමට දැන් ම ක්‍රියාත්මක විය යුතු අතර ලංකාවේ ප්‍රමුඛතම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ හරහා මෙම සිංහල බෞද්ධ ජාතිවාදී සංවිධාන පාලනය කර ඔවුන්ගේ මතවාදයන් නියෝජනය කරමින් ප්‍රධාන දේශපාලන ධාරාවට ඉඩක් ලබා දීමට අවශ්‍යයි නැතහොත් මීට වඩා විනාශයක් වෙන්න පුළුවන් ඉස්සරහට

    ReplyDelete
  9. පාදපරිචාරිකාවේ නැගුණු ම පියාණෝ සිදාදියට ගොස් නිව්ස් පේපරයක් ගෙනැවිත් මිරිවැඩි සගල ලා කියවීයැ.

    ReplyDelete
  10. Maathalan

    Even though I'm a foreign citizen, I have to point out extremely sentimental and highly important thing about our beloved motherland SL, as I observed there is one very important thing all of you guys forget here. These so called 69 lakhs expectations were dashed by Gota due to his lame behavioural approach to the leadership of the country whom surrounded by goons filled with corruption & incompetence and as a result he was chased off. But still the grieavances of the 69 lakhs awaits there untouched and unsolved. You guys should never forget that. In current Sri Lankan political arena, no one speaks of it and no one seems to be addressing to those very important mass market.

    We all can observe that a mass of 69 lakhs still waiting with their problems to be solved by a proper leader who should give the SAME promises Gota gave to get their votes.Gota failed miserably to fulfill those.Therefore the 69 lakhs still waiting for their next leader to appear. No other capable person to lead them and gain their confidence, since no others Ranil W could marginally OK whom barely manage the country despite the crisis situation where other parties like SJB and JVP are utterly disappointing and even much worse than SLPP regime which has been extremely corrupted but managed the country somehow to certain extent. SL couldn't find good leadership to move forward.

    Idiots,don’t think 69 lakhs vanished, only their promises not fulfilled by Gota and anyone capable to address them in the right manner could get elected easily by the next election obviously that's all.

    ReplyDelete
  11. @ 11.04

    Sri Lanka's economy was gradually destroyed by JVP and Tamil separatist groups. Thus such successive struggles in 1971 , 88/89 destroyed the country its economy and furtile youth cadres. Then LTTE 30 years war destroyed the whole country its economy. After all when country was trying to get the momentum power hungry Sira made a conspiracy with Chandrika and LTTE diaspora to grab the power and destroyed the all developments taht were progressing after that when gota came to power & hard efforts were made during Covid pandemic and heavy external sector depots where JVP started strikes with healthe sector unions teachers and with farmers unions against that government with the help of LTTE diapora, THESE ALL ARE RESPONSIBLE FOR DESTROYING THE COUNTRY.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න