.

.

Jun 20, 2023

මුළු රටම කාබාසීනියා කර දැමූ.... බන්ඩාරනායකගේ සිස්ටම් චේන්ජ්ජෙක

 



මුළු රටම කාබාසීනියා කර දැමූ....

බන්ඩාරනායකගේ සිස්ටම් චේන්ජ්ජෙක

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖🔴▪️


ගැරැප්පුවෙන් ආප්ප කෑ, සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බන්ඩාරණායක හාමුගේ දියණියක් වන, හොරගොල්ල නීලපෙරුමාල් පන්ඩාරනායගම් පරම්පරාවේ අභිමානවත් දෙටු   එතනහාමී සුනේත්‍රා බන්ඩාරනායක තම පියානන් කළ අමනකම් ගැන ප්‍රසිද්ධියේ සමාව ගැනීම, ගස් ගෙඩ් කඩමින් සිට නිදහස් අජ්ජාපනේ පිහිටෙන් සීත කාමරවල හෝ සීත රටවල සිට, මසකට වරක් පොල් කඩනා උන්ගේ පුපේ ඉත්තෑවන් දුවා ඌයියා වීමට බලපා තිබෙනා බව පේනවාය.


මාතලන් මේ කණ්ඩායමට අයත් නොවන්නේ අපේ අප්පා මුත්තලා, ව්‍යවසායිකයින් වී ගොඩ ඇවිල්ලා තියෙන්නේ සුද්දා නිදහස දෙන්නටත් පෙර නිසාය. එහෙත් බන්ඩා කළ අමනකම් වල වින්දිතයින් වන්නට අපටද සිඳු වූ වේදනාව අපටද තියෙන්නේය. 


අප අජ්ජාපනය ලැබුවේ සුද්දාගේ කාළයේ ආරම්බ වූ මිෂනාරී පාසලක වුවද, ඒවා රජයට පවරා ගැනීමෙන් පසු ඒවායේ ඉන්ගිරිසියෙන් ඉගැන්වීමට කෙලවිලාම ගොස් තිබුනේය.

අපි හයේ පන්තියේ සිටියදි, එලකියුෂන් හා වෙස්ටර්න් මියුසික් කියා සුද්දාගෙන් ඉතිරි වූ නෂ්ඨාවශේෂ සබ්ජෙක්ට් දෙකක් තිබුනද, හතේ පන්තියේදී ඒවාටද නිවන් සුව අත් වූයේය.


“මොකක්ද ක්‍රිස් මේ කරන්න යන්නේ? අපට ගහකින් ගෙඩියක් කඩාගන්න කොල්ලෙක් නැතිකරන්නද යන්නේ ” කියා කිව්වේ මොකා වුනත් ඒ ප්‍රකාෂය කරපු එකා අමු වසලයෙක් බවට කිසි තර්කයක් ඇත්තේ නැතිය. 


කන්නන්ගර උන්නැහේ නිදහස් අජ්ජාපනය සඳහා මධ්‍ය මහා විජ්ජාල පටන් ගත්තාට ඉන්ගිරිසියෙන් අජ්ජාපනය ලබා දීම නතර කළේ නැතිය. මධ්‍ය මහා විජ්ජාලේ උන් සිංහළ සාහිත්‍යය හා බුද්ධාගම ඉගෙන ගත්තේත් ඉන්ගිරිසියෙන්මය.


අපේ කලාව, සඟිස්කෘතිය හා ආගම පිළිබඳ උන් ගිහි පැවිදි පොරවල් සියල්ලෝම ඉන්ගිරිසි ඇක්ස්පර්ට්ලා හෙවත් ද්වීභාෂා පරමේෂ්වරලා වූයේය. 


සමහරුන් ලියා තිබ්බේ රාජ්‍ය භාෂාව සිංහළ කිරීමේ යෝජනා මුලින්ම ගෙනාවේ එජාපයේ උන් යැයි කියාය. කොහොමත් වමේ අපතයන් හැර සෑම ජන කොඨ්ඨාශයක්ම නියෝජනය කල එජාපයට ඕක ගෙන එන්නට සිඳු වන්නේ නැති බව තේරුම් ගත් බන්ඩා එජාපයෙන් යන්නේ මේ අදහසත් මංකොල්ල කාගෙනය.


බන් ගොන්ඩා වන්දනා කරනා ප්‍රශස්ති පන්ඩිතයින් බොහෝමයක් ලියා තිබුනේ ඉන්ගිරිසියෙන් කතා කිරීම ගැන පමණි. එහෙත් ඉන්ගිරිසි අජ්ජාපනය තුල තිබූ සුද්දාගේ හැදියාව හා සඟිස්කුරුතිය උන්ට අමතකව තිබිනි. 


විශේෂයෙන් රාජ්‍ය සේවය හා දේශපාලනය තුල තිබූ මහත්මා කම්වලට හා සුද්දා වගේ වැඩ කරනා විදියට කෙලවෙලාම ගොස් එය නරා වලක් වූයේ, ඔය ගස් බන්ඩාගේ පිස්සුව නිසාමය. හින්ගල පමණක් දන්නා ගස් බන්ඩලාගේ දරුවෝ රාජ්‍ය සේවයට පැමිණ උන්ගේ හීනමානය කවර් කරගත්තේද උන්ගේ පන්තියෙන්මය. ඊටාමතරව ඉහළ පන්තියට ඊර්ෂ්‍යා කරමින් වෛර බැන්දෝය.


විස්ස විජ්ජාල උන්ගේ රුදුරු ග්‍රහණයට ලක් වුනේය... උන් ආචාර්‍ය මහාචාර්‍ය පට්ටම් ලැබීමෙන් පසු නවක වදයට ලයිසන් දී එවන් මිලේච්ඡයින්ගේ බොඩිගාඩ්ලා හා න්‍යායාචාර්‍යවරුන්ගේ රජ දහනක් විය. සමාජ විරෝධීන්ගේ මූලස්ථාන විය.


රටේ සෑම පන්තියකටම අයත් වුන් සමඟ එකම පන්තියේ සිටී පාසලකට ගිය අප, සුද්දාගේ මිෂනාරී අජ්ජාපනය අදත් ලබාදෙන සැන් තෝමස්, ට්‍රිනිටි වැනි පාසල් වලින් ආ උන්ගේ හැදියාවන් හා ක්ලාස් එක පැහැදිලිවම දුටුවෝය.


56 ගස් බන්ඩාගේ විකාරයෙන් පස්සේ අපේ රටේ එතෙක් තිබූ ෂේක්ස්පියර්ගේ ඉන්ගිරිස් හා ඉන්ගිරිසි සාහිත්‍යයට හැමිනිලාම ගොස් පඩත්තල රුසියන් සාහිත්‍යයක් බින්න බහින්නේ රටේ කරුමයටය. සුද්දා අරක්කු බෙදුවා වගේ ඒවා සිංහලට පරිවර්තනය කොට නොමිළේම බෙදාහැරියේය.


එමෙන්ම මහ රැජිණගේ අධිරාජ්‍යයේ ඉන්ගිරිසියෙන් උගත් සුද්දන්ගේ හැදියාවන් තිබූ වමේ නායකයින් නැත්තටම නැතිවී ගොස්, වමේ දේශපාලනයත් ග්‍රාමීය ගෝත්‍රික ළිං මැඩි ගස් බන්ඩලා අතට යන්නේය. වමේ දේශපාලනය තුල රෝහණ විජේවීර, විමල් වීරවංශ, නලීන් හේවගේ වැනි වාචාල ගෝත්‍රික මිලේච්ඡයින් බඩ පිණුම් ගසන්නේ අර හිඟන්නන්ගේ ඔල්වරසන් මැද්දේය.


උතුරේ හා දකුණේ ඒ පන්තිවලට අයත් උන්, ත්‍රස්තවාදයෙන් රට මිලේච්ඡයින්ගේ රඟමඩලක් කරන්නේත්..බන්ඩාගේ පස්සෙන් ගිය එකෙක්ගේ පුතෙක් උන්ට කෙලවා මහරජා වෙන්නේත් ඒ අනුවය.


සමහරු ලියලා තිබ්බේ මේ රටට කෙළවූයේ රටේ ආදායමට වඩා වියදම වැඩි වූ නිසා මිස, ඉන්ගිරිසියෙන් අජ්ජාපනේ දුන්නේ නැති නිසා නෙමේය කියලාය. 


එහෙත් උන්දැලාට අමතක වෙච්චි කාරනේ නම්, එසේ වීමට හේතූ වූයේ, මේ රටේ රාජ්ජ සේවය බන්ඩාරනායක වහලුන්ගෙන් පුරවා, රාජ්‍ය සේවය සාපයක් කළේ... ගස් බන්ඩාගේ ගෝලයන් විසින්ම බවය.


බන්ඩාගේ ඒ අමන ක්‍රියාව නිසා, රටේ සමස්ත සිස්ටම් එකම කඩා වැටී රට භංකොලොත් රටක් බවට ප්‍රකාෂ කළේත් බන්ඩාගේ පස්සෙන් ගිය බන් ගොන්ඩෙක්ගේ පුතෙක් බවත් දැන් ඉන්න ගොන් බන්ඩලා අවබෝධ කර ගත යුතුමය. උන්නැහේ විශ්වයෙන් එහාට රට ගෙනියන්නේ ගියේ වසර හතක් වමේ අපතයින් හා එක්ව රට විනාශ කළ හත් අවුරුදු සාපේ මැතඩ් එකෙන්‍ය.


වාසනාවකට අදින් වසර 10 - 12 කින් පසුව හෝ ඉන්ගිරිසි දන්නා පරම්පරාවක් බිහි කිරීමට වත්මන් රජය මුල පුරා ඇත. එමෙන්ම ඉන්ගිරිසි පමණක් නොව, සුද්දා සිතන පතන විදියේ පරම්පරාවක් ඇති කිරීමට නම්, රුසියානූ සාහිත්‍යය නොව, බටහිර සාහිත්‍යය විෂයන් තුලට ඇතුලත් කිරීමටත්, අජ්ජාපන බලධාරීන් ක්‍රියා කළ යුතුය. එමෙන්ම කසි කබල් සාම්ප්‍රදායික සබ්ජෙක්ට්ස් වෙනුවට, එමෙන්ම  STEAM ඇඩියුකේසොන් මොඩලය වහාම ඉස්තාපිත කළ යුතුමය.


එවිට රනිල්ගේ කුරුඳුවත්තේ ලෝකල් සුද්දන්ගේ 2.50 ඉන්ගිරිස් නොව, සජිත් ප්‍රේමදාසගේ, "ටු චේන්ජ් දී ඩ්‍රොකෝනියන් ඔටෝකැක්ටික් ඔතෝරිටේරියන් පවර් කන්සොන්ට්‍රේසොන්... මේජර් ට්‍රෙෂ් දැට් හෑව් බීන් කොන්කොක්ඩට්..." කියා ඉන්ගිරිසියෙන් සුද්දන්ට ටෝක්ස් එක දී ... සුද්දන්ටත් බඩ යන්නට දෙන්න පුලුවන් වෙනවාය කියා මේ පල් හෑල්ල මෙතනින් නවතා දමනවාය..


ටෑන්ක්ස් හොඳේ...

සී යූ ලේටර්.. ඇලිගේටර්...

හව් ඉස් මයි ඉන්ග්‍රිස් ඈ.....

.

23 comments:

  1. කතාව ඇත්ත තමයි ඉතින් නේද?

    ReplyDelete
  2. ඇයි ඔය වෙන්ඩ පොශ් ගංකබර නිරාගමික අපතයොත් ඔය ගංකබරු සෙට් එකේම තවත් කුලකයක්
    තමයි, පහුගිය කාලේ ඇමරිකන් එම්බසි එකෙන් ලංකාවට තිලිණ කරපු ගෝටාගෝ අරගලයේ හිටියෙත් ඔයවගේ කාලකන්නි තමයි. කෝ අර නළු නිලියො, මහා ලොකු කලා කාරයො, ලෝකප්‍රකට විද්වත්තු මොනවද දැන් කියන්නෙ? උන්ට දැන් රෙද්දේ රෙවිලා නේද?

    ReplyDelete
    Replies
    1. @ Ano 12.05

      "දෙපැත්තෙන් එක පැත්තකින් වත් රුසියන් ලේ හැලෙන්නට ඉඩ නොතබමින්.. අප ආපසු හැරෙමු !!"

      Wagner අසම්මත හමුදාව සහ රුසියන් නිල හමුදා අතර ගැටුමක් ඇතිවන තෙක් සෑහෙන අපේක්ෂා සහගතව බලාසිටි රටගොන් බටහිර දේශපාලන මීගවයින් සහ

      සහ උන්ගේ එන්ජීඕ ඕ වලින් ලැබෙන ගතමන්ට් එකෙන් යන්තම් දිවි රැක ගන්නා ගමන් බුකියේ පල් හෑලි වපුරන පොල් බූරු දෙකයි පණහේ හිඟන්නන් රංචුවක් වන ලංකාවේ බුකී ගත ඇඩ්රස් නැති හෙන්චයියන්ගෙ සිහින බලාපොරොත්තු සියල්ලම බිඳ දමමින් කැරලිකාර වැග්නර් ගැටුම අතහරී.

      පෙනෙන විදියට මෙය බටහිරට පොඩි ආතල් එකක් දීමටත් අවධානය වෙනතකට හරවා විදේශ රටවල ඇති වාගනර් හිමිකරුගේ කොන්ත්‍රාත්තු බේරාගැනීමට ගැසූ ගැටයක් බවත් මෙය පූටිංම හදපු ඩ්‍රාමාවක් බව පෙනේ.

      (දැන් ඉතින් මුලු ලෝකයම PMC Wagner ගැන දැනගත්තා. මාකටින් ඇඩවටයිසින් ගත්තොත් ලෝකයේ හොඳම මාකටින් ඇඩ්වර්ටයිසින් එක තමයි මේක)

      Delete
  3. කන්නගරගේ නොමිලේ අධ්‍යාපනය හොඳ වුනත් ඒක අඩු අදායම් ලාභීන්ට සීමා කරන්න තිබුණා. ඒ කාලෙත් අදත් සල්ලි තියෙන අයට අධ්‍යාපනයට ගෙවන්න ප්‍රශ්ණයක් නැහැ. දෙවෙනි එක නොමිලේ දීම උසස් පෙල දක්වා පමණක් කියල සීමා කරන්න තිබ්බා. අඩු ආදායම් ලාභීන්ට උසස් පෙලට බැංකු ණය ක්‍රමයක් හෝ සිසු ණය ක්‍රමයක් දාන්න තිබා. රජයේ වියදම් විශාල ලෙස වැඩි වෙන්න එක හේතුවක් නොමිලේ අධ්‍යාපනය.

    ReplyDelete
    Replies
    1. මම අවංකව විශ්වාස කරන දෙයක් තමයි .දෙමළ භාෂාව මේ රටේ ස්ථාවරත්වයට හානියක්.
      ඒත් නිදහස් අධ්‍යාපනය යටතේ දෙමළ භාෂාවෙන් උගන්වන්න සහ දෙමළ භාෂාව උගන්වන්න මගේ මුදල්ද ගෙවන්න වෙලා තියෙනවා.
      ඒක ලොකු අසාධාරණයක්

      Delete
  4. කාටත් හොඳය වැරදුණු තැන් වැටහීම
    එතකොට හැකිය ඒවා නිවැරදි කෙරුම
    මෙහෙ කෙරෙන්නේ දිගටම ගැරහීම
    අතීතයෙන් නිසි පාඩම් නූගැන්ම

    ReplyDelete
  5. සිංහල මාධ්‍යෙයන් ඉගෙනගන්න කැමති අයට ඒකට අවස්ථාව ලබාදීම රජයේ වගකීමක්.
    උදාහරණයක් විදියට ඇයි බටහිර සංගීතය ඉගෙනගන්න ඉංග්‍රීසි අවශ්‍ය. එහෙනම් හින්දුස්ථානි සංගීතයට හින්දි දැනගන්න ඕනෙද? කර්නාටක සංගීතයට කණ්නඩ දැනගන්න ඕනෙද?
    ඕක සිංහලෙන් ඉගෙනගන්න අවස්ථාව තිබුනා නම් මේ රටට ආවේනික බටහිර සංගීතයක් හදාගන්න තිබුනා (සුනිල් ශාන්ත යම් තරමකට ඒක කලා) ඉංග්‍රීසියෙන් බටහිර සංගීතය ඉගැන්නුවා කියලා ඒ අංශෙන් අති දක්ෂයෝ බිහිවෙලා නෑ.

    ඒ වගේම භරත නැටුම් ඉගෙනගන්න සංස්කෘත දැනගන්න අවශ්‍ය නෑ.
    ඒත් බැලේ නැටුම් ඉගෙනගන්න ඉංග්‍රීසි ඕනෑ. ඒත් බැලේනැටුම් කලාව බිහිවුනේ ප්‍රංශයේ.

    මම කියන්නේ ඉංග්‍රිසි එපා කියනඑක නෙමෙයි. ඉංග්‍රීසි පුළුවන් අයට ඒ අවස්ථාව දෙන අතරම. බැරි අයට විකල්ප හදලා තියෙන්න ඕනේ.

    මට කැම්පස් එකේදී ඉගැන්නුවේ ඉංග්‍රීසියෙන්. ඉගෙනගත්තේ සිංහල කුප්පියෙන්.

    අනාගතේ කෘතිම බුද්ධීය දියුණුවන නිසා ඉංග්‍රීසි අවශ්‍යතාව අඩුවෙන්න පුළුවන්.

    අනක් කාරණාව තමයි ඉංග්‍රිසි නිසා ජනවාර්ගික සංහිඳියාවක් හදන්න පුළුවන් කියන කරුණ.
    ඒක හරියන්නේ රනිල්, චන්ද්‍රිකා, ලක්ෂ්මන් කදිරගාමර් වගේ ගෙදරදි ඉංග්‍රීසියෙන් කතා කරන අයට.
    අනිත් වෙලාවට ඉංග්‍රීසි නිසා මිනිස්සු අතර බෙදීම වැඩි වෙනවා.
    ලංකාවේ මිනිස්සු එක්සත් කරන්න පුළුවන් වෙන්නේ සිංහලෙන් විතරයි.

    ReplyDelete
  6. මාතලන් මේ ප්‍රවෘත්තිය පිළිබඳ තොරතුරු දන්නවා ද? මේ එංගලන්තයේ සිට ලංකාවට කෝටි ගණන් එවා ඇත්තේ මුදල් විශුද්ධිය (කලු සල්ලි සුදු කරන්න) වගේ දෙයකට විය යුතු යි නේද? පහුගිය අරගලය සමයේ සජබයට ලැබුණු විදෙස් සහ මහජන ආධාරත් මෙසේ විශුද්ධි කල බවත්, සජබයට වගේම ජවිපෙ ජාතික ජන බලවේගයේ නායකයන්, පෙරටුගාමී සහ පොහොට්ටු පක්ෂයේ පවා ඇතැමුන් අරගලය සමයේ ඉතා වටිනා ගෙවල් දොරවල් හා වත්කම් එකතු කරගෙන ඇති බවත් ඇතැම් පොලෝස් නිලධාරීන් සහ හමුදාවේ අයටත් කරල පැහුණ බවත් කටකතා තියෙනවා නේද? මේ ගැන ඔබේ අදහස් මොනවද?

    //සමාජ ජාල වල අතිශය අසභ්‍ය වචන පාවිච්චි කිරීමෙන් ප්‍රසිද්ධියක් ලබා ගෙන ඇති රාජාංගණයේ සද්ධාරතන නමැති චීවරධාරියා ඉකුත් මස 28 වැනිදා අනුරාධපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබුණේ ආගමික සංහිදියාවට හානි වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් සහ ජනපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මවට අසභ්‍ය වචනයෙන් බැන වැදීම යන කාරණා සම්බන්ධව වූ පැමිණිලි මතයි.

    මේ නිසා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින රාජාංගනයේ සද්ධාරතන නමැති චූදිත චීවරධාරියා ජූලි මස 05 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් වරයා ජූනි 21දින නියෝග කළේය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සද්ධාරතන චීවරධාරියාගේ බැංකු ගිණුම් සම්බන්ධව කළ විමර්ශනයකදී රුපියල් කෝටි අටක මුදලක් ගෝතමාලාවේ බැංකු ගිණුමකින් මෙරටට එවා ඇතැයි ​වාර්තා පළව තිබේ.

    එංගලන්තයේ සිටින පින්සිරි නමැති අයකු විහාරස්ථානය සංවර්ධනයට රුපියල් කෝටි අටක් එවා ඇති නමුත් විහාරස්ථානය සංවර්ධනයට වැයකර ඇත්තේ රුපියල් ලක්ෂ පනහක මුදලක් පමණක් බව හෙළි වී ඇත.

    මෙම චූදිත චීවරධාරියා අනුරාධපුරයේ බැංකුවල ඇති ගිණුම් දෙකකින් රුපියල් පන්දහසේ නෝට්ටුවලින් රුපියල් ලක්ෂ අටක් ගෙන ටෙලි නාට්‍ය නළුවෙකු සමග එක්ව ගම්වාසීන්ට බෙදා දීමේ සිදුවීමක් ගැනද අපරාධ පරීක්ෂණ අංශ තොරතුරු හෙලි කරගෙන ඇත.
    වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

    ආගමික සහජීවනයට බාධාවන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම හා ශ්‍රී ලංකාවේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මවට ඉතාම අසභ්‍ය වචනයෙන් බැණවැදීම යන චෝදනා මත සද්ධාරතන චීවරධාරියා අත්අඩංගුවට ගත්තේ ඉකුත් මස 28 වැනිදාය.//

    ReplyDelete
  7. චීනය,ජපානය හා දකුනු කොරියාව දියුනු වූයේ හෝඩියේ සිට තනිකර ඉන්ග්‍රිසියෙන් ඉගැන්වීම නිසාය.

    ReplyDelete
  8. මේ දවස්වල සබ්මැරීන් ගැන කතා කරන හින්දා මේ ටිකත් ලිබන්න හිතුණා.

    මීට අවුරුදු 15කට 20 කට විතර ඉස්සර LTTE කියලා ත්‍රස්තවාදී සංවිධානයක් තිබුණා ලංකාවේ. ඒ අය ලංකාවේ උතුරයි නැගෙනහිරයි, වයඹ පලාතේ කොටසකුයි අල්ල ගන්න කියලා යුද්ධ කලා…

    එයාලට හිටියා මුහුදු කොටි කියල බලකායක්. ඒ මුහුදු කොටි බලකායට තිබුණු සබ්මැරීන් කිහිපයක් තමයි ඔය මුල් පිංතුරේ තියෙන්නේ.
    යුද්ධේ උච්චතම අවස්තාවෙදි දැවැන්ත සබ්මැරීනයක් හදන්න ඒ අය උත්සාහ කලා. ලංකාවේ හමුදාව ගිහිල්ලා ඒ සබ්මැරීන් අංගනය අල්ල ගත්තේ නැත්තම් වෙන්න තිබ්බ විනාශය අති මහත් ලු.

    ඔය දෙවැනි පිංතුරයේ තියෙන්නේ කොටි ත්‍රස්තවාදීන් හදමින් තිබ්බ විශාල සබ්මැරීන් එක.
    #solemnity_sl

    ReplyDelete
  9. මෙහෙම වුනා වෙන්න බැරි ද??
    කර්මය ඉස්සර වෙයිද? තාක්ෂණය ඉස්සර වෙයිද?

    ටයිටැනික් නැව බලන්න ගිය "Ocean Gate" සබ්මැරීන් එකේ ඉන්න පස් දෙනාගේ ආයූ කාලය අද දහවල් වගේ වෙනකොට අවසන් වෙනවා.. ජිවිත ආසවත්, මරණ භයත් නිසා එකිනෙකා මරා නොගත්තොත් ඇරෙන්න පස් දෙනාට අවශ්‍ය ඔක්සිජන් තියෙන්නේ ඒ දක්වා පමණයි..
    තවමත් සබ්මැරීන් එක තියෙන හරිම තැන සොයා ගෙන නැතී නිසාත්, සොයා ගත්තත් එතරම් ගැඹුරු මුහේදී ජිවිත බේරා ගැනීමට තරම් තාක්ෂණයක් නොමැති නිසාත්, බොහෝ විට මේ පස් දෙනාගේ ඉරණම අද සවස තීන්දු වේවී..

    ගිය පස් දෙනාගෙන් තුන් දෙනෙක් ගැබුරු සාගරය ගැන පර්‍යේෂණ කරපු අත්දැකීම් සහිත ධනවත් ව්‍යාපාරිකයන් වන අතර ඉතුරු දෙන්නාම පකිස්තාන් ජාතික එකම පවුලේ ධන්වත් ව්‍යාපාරිකයන් වෙනවා..
    දන්වද මේ මරණයේ ගමන සඳහා එක්කෙනෙක්ගේ වියදම කියද කියලා.???

    ඇ.ඩො. 250,000 ක්.. රු.කෝටි 7.5ක්..
    එයාලගේ මුලු වත්කම් එක්ක බැලුවම මේ මුදල පුංචි එකක්..හැබැයි දැන් එයාලගේ සම්පූර්ණ වත්කමම යෙදුවත්, එයාලව බේර ගන්න පුලුවන් ජගතෙක් දැන් මේ මහපොලවේ නෑ.. තාක්ෂණය කොච්චර දියුණුයි කිව්වත් තාම බැරි වුනා ඒ පස්දෙනා ඉන්න තැනවත් හොයා ගන්න.. සමහරවිට "කර්මය" බලවත් වෙනකොට තාක්ෂණය පරදිනවා වෙන්න පුලුවනි..

    සබ්මැරීන් එක අතුරුදහන් වීම ගැන තවමත් හරිම අදහසක් නැති වුනත්.. මේ වගේ චායාරූපයකුත් සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් තිබුනා..
    මේ වගේ සිදුවීමක් වෙන්න බැරිත් නෑ..මේ වගේ මහා විශාල සත්තු මහා සාගරයේ ගැඹුරේ ඉන්න බැරිත් නෑ..
    11km ක් පමණ වන සාගරයේ ගැඹුරුම තැන් ගැන තවමත් විද්‍යාවෙන් පර්‍යේෂණ කරන්න හැකියාවක් ලැබී නෑ..

    Titanic නැව තියෙන්නෙත් 3.5km පමණ මුහද යට.. එතකොට මේ දක්වා ගැඹුරු මුහුදේ ගිය වැඩිම දුරත් 10km ක් පමණයි.. ඒ යන්නෙත් එක පාරක් විතරයි..Titanic ෆිල්ම් එක හදපු "ජේම්ස් කැමරන්" තමයි විශේෂ යානයකින් මේ ගමන යන්නේ.. ඒ නිසා තවමත් ගැඹුරු මුහුදේ සත්ව ලෝක ගැන විධිමත් පරික්ෂණයක් කරන්න අවස්ථාව ලැබී නෑ...

    එතකොට තවමත් හරිහැටි පරීක්ෂණයක් නොකරපු ගැඹුරු මුහුදේ මේ වගේ සත්තු ඉන්න බැරි ද??

    පුලුවන්.. විද්‍යාවෙන් තවමත් හොයා ගන්න බැරි උනාට බුදුරජාණන් වහන්සේ මීට වසර 2500ට පෙර "පහාරාද සූත්‍රයේ" දී ගැඹුරු මුහේදේ ඉන්න විශාල සත්වයන් ගැන දේශනා කොට වදාලා..ඇත්තටම මේක හරි විශ්මිත විස්තරයක්..

    🔸🔸මහා සමුද්‍රය සුවිශාල සතුන්ට නිවාසය වෙයි. එහිලා මේ සත්වයෝ ය. එනම් තිමි ය, තිමිංගල ය, තිමිරපිංගල ය, අසුරයෝ ය, නාගයෝ ය, ගාන්ධර්වයෝ ය. මහා සමුද්‍රයේ යොදුන් සිය ගණන් ඇති ආත්මභාවයෝ ද, යොදුන් දෙසිය ගණන් ඇති ආත්මභාවයෝ ද, යොදුන් තුන්සිය ගණන් ඇති ආත්මභාවයෝ ද, යොදුන් හාරසිය ගණන් ඇති ආත්මභාවයෝ ද, යොදුන් පන්සිය ගණන් ඇති ආත්මභාවයෝ ද ඇත්තාහු ය. ස්වාමීනී, යම් හෙයකින් මහා සමුද්‍රය සුවිශාල සතුන්ට නිවාසය වෙයි ද, එහිලා මේ සත්වයෝ ය. එනම් තිමි ය, තිමිංගල ය, තිමිරපිංගල ය, අසුරයෝ ය, නාගයෝ ය, ගාන්ධර්වයෝ ය. මහා සමුද්‍රයේ යොදුන් සිය ගණන් ඇති ආත්මභාවයෝ ද, යොදුන් දෙසිය ගණන් ඇති ආත්මභාවයෝ ද, යොදුන් තුන්සිය ගණන් ඇති ආත්මභාවයෝ ද, යොදුන් හාරසිය ගණන් ඇති ආත්මභාවයෝ ද, යොදුන් පන්සිය ගණන් ඇති ආත්මභාවයෝ ද ඇත්තාහු ද, ස්වාමීනී, මෙය මහා සමුද්‍රයෙහි ඇති අටවෙනි ආශ්චර්ය අද්භූත කරුණ යි. මෙය දැක දැක අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවා වසති...🔸🔸

    මේ විදියට තවමත් විධිමත් පර්යේෂණ නොකරපු ගැඹුරු මුහුදේ මේ වගේ මහා විශාල සත්වයෝ ඉන්නවා..
    "Megalodon" වගේ අඩි 60ක් පමණ දිග මුහුදු සත්තුන්ගේ පොසිල පවා අද වෙනකොට සොයාගෙන තියෙනවා..
    ඒ නිසා පියවි ඇසට දකින්න බැරි මහා විශාල මුහුදු ජිවීන් මහා සාගර පතුලේ අදටත් ඉන්නවා..අපිට නවීන තාක්ෂණයෙන් හොයා ගන්න බැරි ප්‍රශ්නේ තමයි තියෙන්නේ..

    සමහර විට තාක්ෂණයෙන් ඉතා දියුණු මේ සබ්මැරීන් එක, එහම සතෙකුගේ පහරදිමකට ලක් වුනා වෙන්න බැරිත් නෑ.. කර්මය බලවත් වෙනකොට,ආයුෂ අවසන් වෙනකොට, මරණය සිද්ධ වෙන විදිය අපි කාටවත් හිතා ගන්න බෑ.. ඒ තමයි කර්මයේ ස්වභාවය..
    ==============================

    """යම් තැනක සැඟවිලා, පව් වල විපාකයෙන් ගැලවෙන්න පුලුව නම්,..
    එබඳු තැනක් අහසෙත් නෑ..
    මුහුද මැදත් නෑ..
    කන්දක් අස්සේ ගුහාවක හැංඟුනත් නෑ..
    එබඳු තැනක් ලෝකේ කොහේවත් නෑ..."""

    - ධම්ම පදය -

    කියවලා බලන්න මහා සාගරයේ අසිරිය..
    -පහාරාද සුත්‍රය-
    https://tripitaka.online/sutta/10984

    ReplyDelete
  10. රංජන් රාමනායක කියන්නේ ඉතාම නිර්ලජ්ජිත විදියට රඟපාලා මිනිස්සු අන්දන ඒ වගේම තමන්ගේ පහත් ආශාවන් වෙනුවෙන් මිනිස්සුන්ගේ දුප්පත්කම පාවිච්චි කරන අමනයෙක්

    මමත් මගේ දරුවට ලැප්ටොප් එකක් ඉල්ලලා සෑහෙන්න ඉල්ලීම් කරත් කිසිම උත්තරයක් නෑ ලෝක හොරෙක් වගේ පේන්නේ පිටරටවල සිටින මිනිස්සු රවටන්නට කරන බොරු ප්‍රචාර නේද?

    මේ බලන්න මේ දුප්පත් මනුස්සය කියන කතාව අහන්න බලන්න;

    https://fb.watch/llzjpJbuzL/?mibextid=Nif5oz

    ReplyDelete
  11. මාතේ,

    ටයිටැනික් නෞකාවේ ගවේෂණ සඳහා ගමන් ගත් පිරිසක් රැගත් ටයිටන් සබ්මැරීනය සිටි පුද්ගලයන් පස්දෙනාම මියගොස් ඇති බව දැන් තහවුරු වී ඇතැයි අමෙරිකානු වෙරළාරක්ෂක බළධාරීන් පවසා තිබෙනවා. ටයිටැනික් නෞකාව ගිලි ඇති ප්‍රදේශයට ආසන්නයේ තිබී ටයිටන් සබ්මැරීනයේ කොටස් 5ක් සොයා ගත් බවයි ඔවුන් කියන්නේ. ලොව ධනවත් පුද්ගලයන් පස් දෙනකු රැගත් අදාළ යාත්‍රාව පිපිරීමකට ලක්වී ඇති බවට තමන් තහවුරු කරගත් බව අමෙරිකානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ රියර් අද්මිරාල් ජෝන් මෝගර් පවසා තිබෙනවා. ප ගෙන ඇත.

    ගිලී ගිය ටයිටැනික් නෞකාවේ සුන්බුන් නීරීක්ෂණය සඳහා අදාළ සබ්මැරීනය පසුගිය ඉරිදා අත්ලාන්තික් සාගරය වෙත පිටත්වී ගොස් තිබුණා. ටයිටන් සබ්මැරීනය ගමන් ආරම්භ කර පැය එකහමාරකට පමණ පසු සබ්මැරීනය සමඟ පැවති සියලු සබඳතා බිඳ වැටුණු බව එය නිර්මාණය කරමින් සම්බන්ධීකරණය කළ ඕෂන් ගේට් සමාගම පැවසුවා.
    #A5 #a5news #a5newssrilanka #news #NewsUpdate #NewsAlert #SriLanka #hotnews #LatestNews #Alert #sinhalanews #srilankanews #Fastnews
    පලවෙනි පින්තුරේ ගැන අද දවසේ facebook ආවනම් ලංකාවේ අපි සෑහෙන්න දැනුවත් , එකේ ගියේ කවුද , ඇයි ගියේ , කවදද ගියේ, තව පැය කීයක් ඔක්සිජන් තියනවද ? එකේ එළවන කෙනාගේ qualifications , මේක හදල තියෙන්නේ මොනා වලින්ද මෙකී නොකී ගොඩක් දේවල් ..

    දෙවෙනි පින්තුරේ දිහා බලන්න , මේ තියෙන්නේ ගිය අගහරුවාදා ග්‍රීසියට ආසන්න මුහුදේදී සරණාගතයන් 750ක් එක්ක මුහුදු බත් උන බහුදින යාත්‍රාව .. මේ වෙනකොට එකෙන් බේරාගෙන ඉන්නේ 110ටත් අඩු පිරිසක්, සිරුරු 79ක් විතරක් දැනට හොයාගෙන තියනවා ..මේ බෝට්ටුවේ හිටයේ ජීවත් වෙන්න, හුස්ම ටිකක් නිදහසේ ගන්න අලුත් රටක් හොයාගෙන ගිය සිරියානු , පලස්තීනු , ඊජිප්තු හා අසල්වැසි පකිස්තානු ජාතිකයෝ , කුඩා දරුවෝ 100ක් විතර එ අතර හිටියා ..

    මේකේ ඛේදවාචකය, දවල් 2ට බෝට්ටුවෙන් ග්‍රීසියේ වෙරල ආරක්ෂක හමුදාවට බෝට්ටුවේ අනතුරු සහගත තත්වය ගෙන දැනුම් දීලත් බදාදා උදේ 1ට බෝට්ටුව ගිලෙන කල් මේ මුහුද උඩ බෝට්ටුවක හිටපු අසරණ මිනිස්සු 750ක් බේරගන්න කිසිවෙක් ඉදිරිපත් නොවීමයි ..

    එත් සබ්මැරිනයක මුහුද පතුලටම ගිය මිනිස්සු 5දෙනෙක් හොයන්න අද රටවල් 10ක් විතර ඩොලර් මිලියන ගානක් වියදන් කරගෙන අත්ලාන්තික් මුහුදු පතුල පීරනවා, ගොඩක් ජාත්‍යන්තර news channel වල මේ මෙහෙයුම breaking news වලට යනවා ..

    ලංකාවේ සබ්මැරීනයක් ඇහැකට දැකපු නැති අපි එක ගැන දක්වපු උනන්දුව , දන්න කවුරු හරි බෝට්ටුවෙන් රටකට පැනල ඉන්න රටක, සරනාගත බෝට්ටුවක් ගිලිලා 500කට වඩා මැරිච්ච එක ගැන සංවේදී උනේ නැත්තේ ඇයි ..

    We are living in a strange world isn't it? 🤔

    ReplyDelete
  12. ළමාතන් මොකද හිතෙන්න අර මෝඩ බයිඩන් රිලවා ඉන්දියාවේ අගමැතිකම දරන ලෝක අණ්ඩපාලයකු වන මෝදිට රතු පලස් ගොන් ආතල් එකක් දී ඌව අන්දන්න හදපු එක ගැන? මම හිතන්නේ ඌ ඇමරිකාව අන්දලා උන්ගෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ආයේ රුසියාවෙන් වඩා හොද ඔෆර් ලබාගන්න කටයුතු කරන අතරම ඇමරිකාවට කෙළවීගෙන යනකොට පුකට දික්කරලා ෂේප් වෙයි ඒ වගේ අමනයෙක්නේ නේද???

    ReplyDelete
  13. @ anonymous

    World politics are much more complex than your perspective since you're seeing the matters in a superficial manner. First of all, the US certainly does not see India as a real friend. The United States now treats India as a friend, just because India has purchased American arms built by the business partners of democratic party which currently administrates the states federal government, and its strength is inferior to that of the United States in all aspects.

    On the other hand, India has always prided itself on maintaining friendly relations with other countries diplomatically. Whether it is the tit-for-tat US and Russia, or the Middle East with disorganized interests, many countries have good relations with India. But for Europe and the United States, India is more like a "big fat meat".

    United Kingdom also sold a lot of weapons and equipment to India in the early years, including aircraft carriers and fighter jets. And France, as we all know, India paid a high price to introduce Rafaele fighter jets.

    Therefore India thoroughly and perfectly understands that they treat india as a so called close friend because Indians bought their arms, manufactured by the business goons who backs the current currupted political administration of the states.

    If Indians are happy to think that the US treats India as a friend, it is a bit self-deceiving. Historically unfaithful and unpredictable selfish country like US will only regard countries that are not a threat to its global hegemony as a so-called friend. The direct point is that if you are too weak in India, the United States will treat you as a friend. The so-called US and India have broader cooperation and the same interests in the Indian Ocean. Even The Americans themselves may not believe these words, so why should India take it seriously?

    If it weren't for India's generous purchase of US-made weapons in the past two years, such as Chinook helicopters, Apache gunships, MQ-9 drones, fighter engines, P-8I anti-submarine patrol aircraft, etc., the United States would really treat you as a friend ? Really treats you as a friend and sold you the F-35 long ago.

    India is growing faster and once India's naval strength increases in the required capacity and its demands for control of the Indian Ocean become stronger, I believe that Indians themselves will know that the United States is the negative factor affecting their rise. I'm pretty sure it will be very nearby experience for all of us.

    At present, the military capacity and comparative strength of the Indian Navy is much weak. Although there are aircraft carriers, there is a big gap with the United States in terms of displacement, performance, and construction speed and logistics support.

    Therefore, for the United States in the Indian Ocean, India is currently a pawn that can be used for their own interest, and they couldn't be any threat to itself.

    However, one day, the Indian Navy will become stronger, and the contradiction between the United States and India will inevitably deepen in the waters that the Indian Ocean, an important waterway in the world, passes through.

    Conversely, why doesn't the United States regard Russian Federation as a friend?

    The answer is quite Simple. Russia has its own sphere of influence, whether in Asia or South America. In the field of arms, it is one of the few countries that poses a threat to US-made weapons, and in the field of energy, it does not follow the will of the United States, the oil mafia which is controlling their administration to be precise. Therefore, the United States regards Russia as a thorn in its side.

    Looking at India again, whether it is in the fields of economy, energy or arms, it cannot challenge the world position of the United States at their current capacity.

    ReplyDelete
  14. In the final analysis, the States treats India as a friend because India is much weak and an extremely useful pawn used for their games against their more powerful other enemies

    However, whenever India becomes more powerful, many military and political analysts believe that India itself is not willing to mix with the United States. They will also make their own way like China and Russia did, for their own country's benefits and betterment. They will also be unlawful and threat and potential enemy for the states in the coming decade, though US will collapse within couple of years in the near future.

    ReplyDelete
  15. ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් වැඩිපුරම ප්‍රයෝජනය ගන්නේ
    ඕස්ට්‍රේලියාවද? කැනඩාවද?එංගලන්තය ද?

    මෙය ඉතාමත්ම ගැබුරින් විශ්ලේෂණය කලයුතු ප්‍රෂ්ණයක්...

    සිදුවන්නේ එය නොවේද?

    ReplyDelete
  16. යම් කෘතියක කතෘත්වය සම්බන්ධව තීරණය කිරීමේදී සලකා බැලිය යුතු කරුණු අඩංගු වැදගත් තීන්දුවක් ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නා..

    මෙම නඩුවට හේතු වුණේ "ගල්කිස්ස හෝටලයේ පබ්ලිස් සිල්වාගේ හෙළ රටාවට ඉවුම් පිහුම්" නම් කෘතිය.

    මේ පොත ප්‍රකාශනයට පත් කරලා තිබුණ සරසවි ප්‍රකාශකයන්ට එරෙහිව ධර්මා සමරනායක මහත්මිය වාණිජ මහාධිකරණයේ නඩු පැවරීමක් කරනවා..මේ පොතේ කර්තෘ ඇය බවත්, පළමු සංස්කරණයෙන් පස්සේ සරසවි ප්‍රකාශකයන් විසින් තමන්ට කතෘභාගය නොගෙවූ බවත්, ඒ නිසා ඇගේ ආර්ථික අයිතිවාසිකම් කඩවූ බවත් පවසමින් මේ නඩුකරය ගොනු වුවද ඇය ගෙනා තර්කය පබ්ලිස් සිල්වා මහතාට ලිවීමට නොහැකි නිසාත්, මේ කෘතිය පබ්ලිස් සිල්වා මහතා සමඟ සිදුකරන ලද සම්මුඛ සාකච්ඡා ඔස්සේ සහ ඔහුගේ සාධනීය සහයෝගය ඇතුව ඇය විසින් ලියන ලද කෘතියක් නිසා මෙහි කතෘ ඇය බව..

    වාණිජ මහාධිකරණය විසින් සාක්ශි මෙහෙයවීමෙන් අනතුරුව ඇයගේ මේ තර්කය පිළිගනිමින් මේ කෘතියේ කතෘ ඇය බවත්, සරසවි ප්‍රකාශන් විසින් ඇයගේ අයිතිවාසිකම් කඩකර ඇති බවත් ප්‍රකාශයට පත් කරමින් ඇයට වන්දි වශයෙන් රු 837,500ක මුදලක් සරසවි ප්‍රකාශකයන් විසින් ගෙවිය යුතු බවටත් නියම කරමින් තීන්දුවක් ලබා දෙනවා..

    මේ තීන්දුවෙන් අගතියට පත්වුණ සරසවි ප්‍රකාශකයන් විසින් මේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනු කරනවා.ඔවුන්ගේ ස්ථාවරය වෙන්නේ මෙම කෘතියේ කතෘ වන්නේ පබ්ලිස් සිල්වා මහතා බවත්, ඔවුන් ගිවිසුම්ගතවූ පරිදි ඒ මහතාට නිසි පරිදි කතෘභාගය ගෙවා ඇති බවත්, ධර්මා සමරනායක යනු හුදෙක් ඒ කෘතියේ සංස්කාරක පමණක් වන බවත් ඇයට නිසි පරිදි සංස්කාරක ගාස්තු ගෙවා ඇති බවත්...

    මුර්දු ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තුමා විසින් කෘතිය සම්බන්ධව පහත කරුණු වලට අවධානය යොමු කරමින් තීන්දුවක් ලබා දෙනවා..

    ⭕ මෙම කෘතියේ 'title page' එකේ "© Publis Silva" ලෙස සඳහන් වීම නිසා මෙම කෘතියේ ප්‍රකාශන අයිතිය පබ්ලිස් සිල්වා මහතා සතු බව

    ⭕ කෘතියේ පිටු අංක 3 හි සහ සංස්කාරකගේ සටහනෙහි පැහැදිලිවම ධර්මා සමරනායක යනු කෘතියේ සංස්කාරක ලෙස හඳුන්වා තිබීම නිසා ඇය මෙම කෘතියේ සංස්කාරක පමණක් බව

    ⭕ කෘතියේ පිටු අංක 7හි (සංස්කාරකගේ සටහනෙහි) "මේ සත්ක්‍රියාවේදී පලමුවෙන්ම මාගේ ස්තුතිය පිරිනමන්නේ මේ ග්‍රන්ථයේ සැබෑ හිමිකරුවා වන පබ්ලිස් සිල්වා මහතාටය" ලෙස ඇය විසින්ම සටහන් කර තිබෙන බව

    ⭕ කෘතියේ පිටකවරයේ අදාළ කෘතිය පබ්ලිස් සිල්වාගේ ප්‍රථම කෘතිය බවට සඳහන් කර තිබෙන බව

    ⭕ කෘතිය දොරටවැඩුම සඳහා වූ උත්සවයෙහි ආරාධනා පත්‍රයෙහි "Publis Silva launches his book" ලෙස සඳහන්ව තිබීම

    ⭕ අධිකරණයට ගොනු කර ඇති කෘතියේ පලමු සංස්කරණ පිටපතේ පබ්ලිස් සිල්වාගේ සමරු අත්සණ සටහන් කර තිබීම

    ⭕ වාණිජ මහාධිකරණයේ සාක්ශි දෙමින් ධර්මා සමරනායක යන අය "ඔහුට රචනා ශෛලියක් නැහැ,ලියන්නත් බැහැ" යනුවෙන් සාක්ශි ලබා දුන්නද හරස් ප්‍රශ්න ඇසීමේදී "ලිව්වේ මම.එයා කිව්වම මම ගැලපෙන විදියට ලිව්වා" යනුවෙන් සාක්ශි ලබාදීම. "ඒක සංස්කාරකගේ කාර්‍යභාර්‍ය? " යන ප්‍රශ්නයට පිළිතුරක් නොදි සිටීම

    ⭕ සරසවි ප්‍රකාශකයන් විසින් ඇය විසින්ම රචිත වෙනත් කෘතින් ප්‍රකාශනයට පත් කර ඇති බවත් ඒවායේ © ලකුණ සහිතව සඳහන්ව ඇත්තේ ඇයගේ නම බවත් ඒවාට නිසි පරිදි කතෘභාගය ලැබී ඇති බවත් ඇය විසින්ම නඩු විබාගයේදි පිළිගෙන තිබීම

    ⭕ කෘතියේ පළමු පරිච්ඡේද දෙක (පබ්ලිස් සිල්වා මහතාගේ චරිතාපදානය අඩංගු) උත්තම පුරුෂ කෝණයෙන් ලියවී තිබීම

    ⭕ නඩු විභාගයේදී සිංහල පිළිබඳ විශාරදවරයෙකු සාක්ශි ලබාදෙමින් "කර්තෘ" සහ "සම්පාදක" යන වචන දෙකම සමානාර්ථ දෙන බවට ප්‍රකාශ කලද මහා සිංහල ශබ්දකෝශයට සහ බුද්ධදාස හේවගේ මහතා විසින් සම්පාදිත සි‍ංහල ඉංග්‍රීසි ශබ්දකෝශයට අනුව එම වචන වලට වෙනස් වූ තේරුම් දෙකක් ඇති බව.

    ⭕ බුද්ධිමය දේපළ පනතේ ප්‍රකාශන අයිතිය හිමිකාරත්වය සම්බන්ධව ප්‍රතිපාදන දක්වා ඇති 14(3) සහ 14(4) වගන්ති කෙරෙහි නිසි අවධානය යොමු කළ යුතු බව

    ඉහත කරුණු ඇතුළුව පෙත්සම්කරු වෙනුවෙන් ඉදිරිපත් කරන ලද සියලු කරුණු සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාල කෘතියේ කතෘ වන්නේ පබ්ලිස් සිල්වා මහතා බවත්, මහාධිකරණය විසින් ලබා දුන් තීන්දුව වැරදි බවත් තීරණය කරනවා.

    මෙලෙස තීරණය කළ නඩු තීන්දුව තුළ පහත ප්‍රකාශකයත් අඩංගු වෙනවා.

    " In my view, such recognition could extend to a chef too,like in the instant case and his creations and copyright safeguarded for generations,regardless of him being able to read or write, educated or not so educated, a cook rising up from humble beginnings or a chef who has made an indelible mark in the culinary field here and overseas"

    මෙහි සරල අදහස වෙන්නේ කිසිම දෙයක් නැති තැනකින් තමන්ගේ ගමන ආරම්භ කරලා සූපශ්‍රාස්ත්‍ර ක්ශේත්‍රයේ නොමැකෙන ලකුණක් තබන්නට සමත්වුණ සූපවේදියකුට හෝ අරක්කැමියකුට ලිවීමට කියවීමට නොහැකි වුවත්, උගත් වුවත් එතරම් උගත් නොවුණත් ඔවුන්ගේ නිරිමාණයන්ට ආරක්ශාවක් ලැබිය යුතු බවයි.

    -පමුදි අනුත්තරා වීරසූරිය-

    ReplyDelete
  17. අද ලංකාවෙන් පිටත, මුලු ලෝකයේම නගර අතුරෙන් ලාංකිකයන් වැඩිම ගනනක් පදිංචි නගරය සිංහලෙන් මෙ'පුර නොහොත් ඉංගිරිසියෙන් මෙල්බර්න් වේ.

    2021 ඔස්ට්‍රේලියානු ජන සංගනන දත්ත අනුව මෙල්බර්න් නගරය තුල ලංකාවේ උපත ලැබුවන් 65,152 කි පදිංචිව සිටී. ( මුලු ඔස්ට්‍රේලියාවේම පදිංචි ලංකාවේ උපත ලැබුවන් ගනන131,904 කි.)

    තොටිල්ලේ සිට කැරකෝප්පුව දක්වා පුද්ලයකුගේ ජීවිතයේ සියලුම කටයුතු අපේම ලාංකිකයකු ලවා (විජාතික සුදු ව්‍යාපාරිකයන් වෙත නොගොස්) අද මෙල්බර්න් හිදි සිදු කරගැනීමට පුලුවනි.

    දරුවකු පිලිසිද ගත් කල මෙල්බර්න් ලාංකික පංසල් හතරේ සිටින භික්ෂුවක් ලවා අංගුගිමාල පිරිත දේසවා සුබාශිංසන ලබා ගත හැක. දරුවා උපන් විට නමට අකුරක් තෝරා ගැනිමට සහ දරුවාගේ කේන්ද්‍ර පිලියෙල කරගැනිම මෙල්බර්න් නක්ෂස්ත්‍රකරුවන් කරදෙති.

    ළමයා බලා ගැනීම සදහා ලාංකික ළමා නිවාස, මොන්ටිසෝරි සහ සිය ගනන් ලාංකික සීයලා ආච්ච්ලාද LLB සදහා මෙල්බර්න් වලට පැමින සිටී (LLB යනු ළමයින්ගේ ලමයින් බලා ගැනීමයි).

    හොද කීර්තිමත් පාසලකට ළමයා ඇතුල්කර ගැනිමේ විභාගයට මෙන්ම මෙඩිසින් වැනි ඉතා තරඟකාරි ෆැකල්ටියකට ලමයා ඇතුල් කර ගැනිමට මෙල්බර්න් හි සිටින විවිධ අමාරු විෂයන් සදහා ටියුෂන් දෙන ලාංකික ආධාරක ගුරුන් රාශියෙන් එකෙකු වෙත යාහැක.

    ලමයාගේ උපන් දින උත්සව සදහා කේක්, කොත්තු, බිත්තර ආප්ප යනාදී ඕනැම ලාංකික කෑමක් මෙල්බර්න් සිට්න විවිධ ලාංකික සුපවේදීන් ලවා සපයා ගත හැක.

    ළමයාව බෞද්ධානුකූල ලෙස හැඩගැස්විමට මෙල්බර්න් ලාංකික පන්සලේ දහම් පාසලට යාමට පුලුවන.එමෙන්ම 12 වසරේ VCE (A ලෙවල් වලට සමාන) පංතියේදි ලමයාට සිංහල විෂයයක් ලෙස හැදැරීමට පුලුවන.

    කොලුවා හෝ කෙල්ල බඳින වයසට ලංවන විට (තවමත් බඩ්ඩක් නැතුව වේලෙමීන් සිටී නම්) මෙලබර්න් ලාංකික මංගල යෝජනා පුවත් පත් දැන්වීම් හෝ ඔන්ලයින් සේවා වල සහය ලබා ගත හැකිය.

    සහකාරයකු සහකාරියකු මෙලෙස සොයාගත් පසු මංගල උත්සවයේදී සාරි බ්ලවුස්, නිලමේ ඇදුම්, නැකැත්, අෂ්ටක, ගොක් කොල පෝරු සැරසිලි, උඩරට නැටුම් කොන්ඩ හැඩගැන්විම, වෙඩිං කේක් සහ මගුල් කෑම පිලියෙල කරගැනිමටද මෙල්බර්න්හි ලාංකික ව්‍යාපාර තිබේ.

    මේ අතර ගැබිනි මව, ලමයා සිට මහල්ලා දක්වා ආයුර්වේද වෙද හෙදකම් හෝ බටහිර සෞඛ්‍ය ප්‍රතිකාර ලබා ගැනිමට ලාංකික පවුලේ වෛද්‍යවරු සහ විශේෂඤ වෛද්‍යවරු දුසිම් ගනනක් මෙල්බර්න් හි සිටී.

    වයෝවෘද්ධ වු පසු ලාංකික මහලු නිවාසයකට ඇතුල් වීමට පුලුවන.
    මෙයට අමතරව ජීවිතයේ විවිධ අවස්තා වල උවමනා වන සෙත් සාන්ති, වස්කවි, භුතයන් සහ අපල උපද්‍රව දුරු කරන කට්ටඩියන් සාස්තර සහ අංජනං ‘විද්‍යාඥයන්’ සහ මන්ත්‍රාචාරීන් මෙහි සිටිති. පයිප්ප බාස් වරු, වාහන මිකැනික් වරු, විදුලි කාර්මිකයෝ, බාබර් වරු, බියුටි සැලෝන්, ජායාරුප ශිල්පියෝ, නීතිඥවරු, බ්‍රෝකර්ලා, කාර් සේල්, ගැරේජ්, සර්විස් සෙන්ටර්, කොත්තු බිත්තර ආප්ප කිඹුලා බනිස් රෝස් පාං කැවුම් කොකිස් ප්‍රයිඩ් රයිස් සිංහල ටෙලි නාට්‍ය DVD කඩ, ලාංකික එලවලු සහ සිල්ලර බඩු කඩ රාශියක් තිබේ.

    ලාංකික හුදී ජන විනෝදාස්වාදය සදහා වික්ටර්, TM, නන්දා මාලනී, සමිතා, බාතිය සන්තුෂ් උමාරියා, ෆැලන් ඇන්ඩ්‍රියා, රවින් කනිෂ්ක ඇතුලු සිය ගනන් කලාකරුවෝ මෙහි නිතරම සංදර්ශන පවත්වති. අලුක්ම චිත්‍රපටි සහ නාට්‍යද මෙහි දර්ශනය වේ. ලංකාව තුල වත් මෙතෙක් නොපෙන්වු ජැක්සන් ඇන්තනි රඟපාන සිංහබාහු චිත්‍රපටිය මේ දිනවල මෙහි ප්‍රදර්ශනය වේ‍.

    ReplyDelete
    Replies
    1. මීට අමතරව සැදැහැවතුන් සදහා බණ භාවනා පංති බෝධි පූජාපිරිත් බන දේසනා ඇති තරම් තිබෙ. විවිධ ප්‍රසිද්ද ලාංකික බභාවනා භික්ෂුන් මෙහි නිතර පැමින බාවනා වැඩමුලු පවත්වති.

      මේ අතරතුර ගෝත්‍රික පේරාදෙනිය ප්‍රධාන වෙනත් අනික් සරසවි වල ආදිශිෂ්‍ය සංගම සහ ගෙට්ටු මෙහි නිතර ඇත. කොලඹ රෝයල් සහ විසාඛා සිට අඟුනුකොලපැලැස්ස සෙන්ට්‍රල් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සමිති උත්සව මෙහි ඔබට ඕනෑතරම් තිබේ.

      මාලිමා ජවිපෙ, සජබයි පොහොට්ටු යුඇන්පී ඇතුලු පක්ෂ වල ශාඛා සමිති රැසක් මෙහි පිහිටුවා ඇති අතර පක්ෂ නායකයෝ නිතරම පාහේ වරින් වර මෙහි පැමින ප්‍රචාරනය කිරීම සහ අරමුදල් එකතු කිරීමෙහි නිරත වේ. මාලිමා ජවිපෙ ජාතික ජන බලවේගය ඉතා උද්යෝගයෙන් මෙහි රැස්වීම් පවත්වා ලංකාවේ වන කෝටි සංඛ්‍යාත හොරකම් ගැන උද්වේගකර කතා පවත්වා ලාංකිකයන්ගේ ලේ කෝප කර දේසපාලු හොරුන්ගෙන් ලංකාව බේරාගැනීමට කියමින් ඩොලර් මිලියන ගණනින් සංවේදී වූ ජනයාගෙන් එකතු කරගෙන සුපර් ලක්ෂරි හෝටල් වල නිතරම නයිට සැපට ඉන්න ලංකාවට ලක්ෂරි බිස්නස් ෆස්ට් ක්ලාස් ටිකට් අරන් ඒ 380 වල සැපට පිටත් වේ. සිංහල සතිපතා පත්තර දෙකක් මෙහි පල කෙරෙන අතර නාට්‍ය නවකතා කවි නැටුම් ආදි කලා සාහිත්‍ය නිර්මාන බෙහෙවින් බිහි වේ. අවුරුදු වෙසක් උත්සව, තොරන සහ දන්සැල්ද පැවැත්වෙ.මෙබැවින් අපට ලංකාවට යලි සංක්‍රමනය වී රිවරිස් බ්‍රේන් ඩ්‍රේන් ප්‍රවාහයක් පටන් ගැනීමට කිසිම අවශ්‍යතාවයක් නැත.

      “අපේ නිදහස් අධ්‍යාපනයෙන් වැඩිම වාසි ප්‍රතිලාබ ලබා ගතිතේ ඔසට්‍රේලියාවද, ලංකාවද , කැනඩාවද” යන rhetorical තීක්ෂන ප්‍රශ්ණය ලඟදී සමාජ මාධ්‍ය පිටුවක අසා තිබුනි.

      මෙල්බර්න් ලාංකික ප්‍රජාවේ විශාලත්වය සහ සංකිර්න බවට තවත් සුවිශේෂ උදාහරනයක් ඇත. එනම් 2022 පැවති ඔස්ට්‍රේලියානු මැතිවරනයේදි ඉතිහාසයේ පලමු වරට ලාංකික සම්භවයක් ඇති මංත්‍රීවරියන් දෙදෙනෙක් තෝරා පත්වීමයි. Cassandra Fernando සහ Michelle Ananda-Rajah මේ මන්ත්‍රී වරියන්ය.

      21 සියවසේ ලාංකික ඩයස්පොරා විදේශ සංක්‍රමනයේ මහඟු කැඩපතක් වන මෙල්බර්න් ලාංකික ජන ප්‍රජා සංයුතිය දිනෙන් දින ශීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. මේ සියලු ආතල් ලබා අවසානයේදී මෙල්බර්න් හි ජේබී ඩයස් අවමංගල සේවය මගින් ඔබට අවසාන කටයුතු ලබා ගත හැකිය.

      ඒ නිසා ලංකාව ගැන ටෝක් දෙන නුඹටත් වහාම ඔසී වල මෙල්බර්න් වලට ඇවිත් අප සමග එක්ව ලංකාව හැදීම ගැන ඔය රම්පෙට පොරි හැලෙන රඹ ටෝක ඉෂූ කරන ලෙස නුඹට අප වහාම අණකර සිටිමු.

      Delete
  18. අගරදගුරු තුමාත් දවසට කන්‍යා සොයුරියන් 20 දෙනා බැගින් අරගල භුමියට ඵව්වා නේද?ඵයාල හොඳින් නේද?

    ReplyDelete
  19. අයි එම් එෆ් එකේ කොන්දේසි සහ නියෝග වලට අනුව රජය විසින් ලංකාවේ දේශීය බැංකු සහ සාමාන්‍ය පුරවැසියන්ගෙන් ලබාගෙන ඇති දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව දැඩි අවධානයකින් බලා සිටින බවත් එහිදී ණය කපා හැරීමක් සිදු නොවනවා නම් වඩා හොඳ බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කොළඹදී පැවසුවා .

    දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකළ යුතුයැයි ලංකාවේ බහුතරයක් ජනතාවගේ පොදුමතය වුණත් සමගි ජන බලවේගයේ නායකත්වය සමග එම පක්ෂයේ ප්‍රධාන මතය නම් එය රටට උපරිම වාසියක් ලබා දෙන පරිදි සහ ණයහිමි අයට සහනයක් ලැබෙන සේ කළ යුතු බවත් එවැනි අවස්ථාවක සහයෝගය ලබාදීමට ගැටලුවක් ඇති නොවන බවත් මෙහිදී හෙතෙම අවධාරණය කළා

    ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිවැරදිව සිදුකළහොත් එයින් දැනට භාණ්ඩාගාර බිල්පත්වල තිබෙන අවධානම් පොලී ප්‍රතිශතය අඩුවී එය පොලී අනුපාත අඩුවීමටද හේතුවක් වනු ඇති බව ලංකාවේ මූල්‍ය ආයතන සහ ආර්ථික විද්‍ය විශේෂඥ වරුන් මාධ්‍ය මගින් පවසා ඇති බවයි

    එවිට, දැනට සංකෝචනය වී ඇති ආර්ථික කටයුතු තව තවත් සංකෝචනය වීමට අවස්ථාවක් ලැබෙන බවත් මේ මොහොතේ එය අත්‍යවශ්‍ය දෙයක් බවත් ඔහු පැවසීය. ආර්ථිකය හකුලා දැමීම මගින් ඉල්ලුම් අඩුකර ආනයන වියදම් අඩු කරගැනීමට හැකි වෙනු ඇතැයි සිතන බව ඔහු පෙන්වා දී ඇත.

    ReplyDelete
  20. ඉතාලියේ රජයේ සහ පොදු ගොඩනැගිලි සියල්ලෙම "කුරුසය" සවි කිරීම අනිවාර්ය කරලා නීතියක් ආවේ 2018 සම්මත කරලා;

    https://www.catholicnewsagency.com/amp/news/38951/italy-proposes-mandating-display-of-crucifixes-in-public-buildings

    ඕන්න දැන් ඒක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පියවර අරන්

    https://www.sportskeeda.com/amp/mma/news-andrew-tate-s-brother-fawns-italian-prime-minister-giorgia-meloni-crucifix-rule

    කෝ දැන් දියුණු බටහිර රටවල නම් ආගමට රාජ්‍ය අනුග්‍රහයක් නැත, ආගම රාජ්‍යයෙන් ස්වායක්තය කියන කට්ටිය? 😂😁

    ඔය වගේ ලංකාවේ රජයේ ආයතන වල ධර්ම චක්‍රයක් ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කරලා නීතියක් ගෙනාවා නම් කොහොම වේවිද කියල කියන්න බලන්න?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න