.

.

Jun 2, 2023

තිස්ස... තිස්ස.. පෝයට මොකද කරන්නේ...? -

 


තිස්ස... තිස්ස.. පෝයට මොකද කරන්නේ...? - Poson Full Moon Day

➖➖➖➖➖➖➖➖🟦🟨🟥⬜🟧➖➖➖


තිස්ස.. තිස්ස..


කවුද ඩෝ නම කියල කතා කරන්නෙ...?


මම මේ මිහිඳු..


මොන මිහිඳුද ඩෝ කෝ සිව්රූ..?


තිස්ස මචං මම මේ මහින්ද..


DP - මචං.. අංමුවාට හුඩූ මේ අපෙ 8 වෙනි මිහිඳු නේ.. මොකෝ මචං මේ කැලේ කරන්නෙ..?


උඹ මට කෝල් එකක් දුන්න නම් මම පැලස් එකට එනවනේ..


MR - ඒක හරි නෑනේ මචං උඹ නේ දැන් රජ්ජුරුවෝ... මං අටවන මිහිඳු.. උඹ අටවන ජනපති.. ඒකත් පට්ට නේ මචෝ... ඉකිඒත් මචං උඹ තාම මුවන් පස්සෙ එලවන්නෙ මක්කටෙයි..


DP - දැන් අපි මුවාට විඳින්නෙ නෑ පඳුරට තමයි විඳින්නේ ඒ උනාට උන්ගේ අවාසනාවට මුවාටමයි වඳින්නෙ. නම මුවා උනාට මුවා වෙන්න දන්නෙ නෑ..


MR - මොනවැයි මචං මේ ගස්...?


DP - ඇයි උඹේ ගොලයන්ට කියල මේ ටිකටත් වැඩක් දෙන්නද පලයන් බං යන්න.. තොපේ එවුන් කපල කපල දැන් ඉතුරු වෙලා තියෙන්නෙ මේ ටික විතරයි.


MR - ඉතිං බන් උඹ තාමත් දඩයමේ යන්නෙ විනෝදෙට වෙන්න ඇති..


DP - මොන පිස්සුද මචං මේ පොසොන් වෙසක් කියලා වෙනසක් නෑ දඩයමේම තමා. මුවෝ නෙමේ හාවෝ මීමෝ කොටි වලස්සු නෙමේ හිටපු අලින්ටත් විදිනවා. මේ ළඟදි උඹේ වල් ඌරන්ට විදින්න ගිහින් ලේකමාට මලත් පැන්නා


MR - ඉතිං ඉතිං උඹ මට කිව්වා නම් මම ඕකුන් නවනවා නේ මම රජා කාළේ නැව්වා වගේ.


DP - මොන පිස්සුද බන්... දැන් උන් උඹව ගනන් ගන්නේ නෑ... බැසිල් සරණ ගිහිල්ලා ඉන්නේ...


MR - ඒක නෙමේ උඹ මේ වලවා හැංගුන වැවේ බුවාට හෙන කැත වැඩේ නේ කළේ.. ලයිට් කපලා...


DP - පිස්සුද මචං මම කරයිද එහෙම වැඩක්.. උඹෙන් පස්සේ මම නේ බං සිංහල බෞද්ධ බලවේගේ රකින්න ඉන්නේ ... එහෙව් මම කරයිද ඔය වගේ වැඩක්... දැන් ඕමල්පෙ කස්සපලා නෙමෙයි දුලීකලා කූඹියොත් බුද්ධාගම වැළඳ ගන්නවා.. කොහොමත් මේ පොසොන් කාළේ නේ.. ඒ අස්සේ මපට් ජෙරමයි කුරුස අප්පුහමීත් අහනවා අපිත් එන්නෙයි කියලා...


MR - ඉතින් මචං උඹ මොකෑ කිව්වේ...


DP - මම කිව්වා... දෙවියන් වහන්සේ අවුලක් නැත්නම්... ආලෝකය නැති වෙලාවක හොරෙන් ඇවිත් ඕමල්පේ සෝභිත හම්බ වෙන්නෙයි කියලා...


MR - ඒ උනාට මචං වලවා හැංගුන වැවේ උන්නාන්සෙට කරපු වැඩේ හොඳ නෑ හරිය...


DP - මොන පිස්සුද මචං මමයි කංචනට කිව්වේ රටේ ජනතාව හිඟන්නෝ නෙමෙයිය.. හොඳ බර කාරයොය.. උන් තව දුරටත් සමෘධියෙන් ජීවත් වෙන්න ඕන නැති සමෘධිමත් පිරිසක්‍ය... උන් හොඳට කාලා බීලා රති කෙලියේ යෙදිලා.. පන්සල් පල්ලි නඩත්තු කරන්න පුලුවන් සයිස් එකේ ඉන්නවය කියලා IMF එකට පෙන්නන්න හොඳම අවස්ථාව මේකය... ඒ නිසා බුදුන් එපාය කිව්වත් ඔය සම්මාදමේ යන්න දෙන්නය කියලා...


MR -  ඒ කියන්නේ බුවත් ඔහේගේ පොරක්‍ය... කළේ ඔහේගේ ප්‍රොජෙක්ට් එකක්‍ය...


DP - ඇයි මචං උඹට සාරන්ලා මැල්කම්ලා දාලා ගේම් දෙන්න පුලුවන් උනා නම්... මට බැරි ඇයි... ජෙරොම්.. නටාෂා.. බෲනෝ... මංජූ... වලවා දාලා ගේම් දෙන්න.... මුන් ඔක්කොම මගේ බඩු තමා... මේ ගේම් ඔක්කොමත් මගේම තමා...


ඇයි උඹ දැක්කෙම නැද්ද... රහස් පරීක්ෂක ජංගි චින්තා සහ බුකියේ ඉන්න ෂැගීලා.. ෆ්‍රෙඩ්ලා... ඩෙෆ්නිලා... වෙල්මලා.. ස්කූබී ඩූලා... වගේ අය ලියලත් තිබ්බේ.... මේ ඔක්කොම කරන්නේ රනිල්‍ය... ආයේ බලේට එන්නෙයි කියලා...


MR - ඇත්තෙයි... මම හිතුවේ බුකියේ තියෙන්නේ ආතල් ගන්න විතරෙයිය කියලා ඕයි...


ඔබ සැමට පින්බර පොසොන් දිනයක් වේවා..!!

.

26 comments:

  1. රසික සූරියරච්චිගේ පුක හරීම ගදයි.
    මගේ කට වගේ

    ReplyDelete
  2. එල එල ඕයි පට්ට පට පට 😄😄😄

    ReplyDelete
  3. මාතලන් ලෝකයේ හැමෝම තමන්ගෙ ජීවිත කාලය තුලදි එක එක තැන් වල නතර වෙනවා. අපට හමුවන හැම අළුත් බැඳීමක්ම ජීවිතයේ තවත් එක නවාතැන්පලක්. නමුත් කාලයක් යද්දි එක් සුවිශේෂී කෙනෙක් අපට දෛවය විසින් මුණ ගස්සනවා. මේ සුවිශේෂී කෙනා එක්ක ඇති වන බැඳීම අපට අරන් එන්නේ ගෙදර ඉන්නවා වගේ සුවපහසු හැඟීමක්. ඒ හැඟීම මුළු ජීවිත කාලය පුරාවටම වෙන කිසිම කෙනෙක් එක්ක දැනෙන්නෙ නැහැ.

    ඒකට උදාහරණ විදිහට මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ බැඳීම වගේම අනුර කුමාර දිසානායක සහ රනිල් වික්‍රමසිංහ බැඳීම වගේ සුවිශේෂී බැඳීම් ගන්න පුලුවන්.

    ඔය කුරුස අප්පුහාමිලා නටවන රූකඩ ටිකක් නමුත් උන්ව නටවන්නේත් රනිල් වික්‍රමසිංහ ඇතිකරගෙන තිබෙන විදේශ බැඳීම් වල හැටියට ඔහුගේ අවශ්‍යතාව අනුවයි. ඔය හින්දාම ජීවන ගමනේදි අපි කොයි තරම් නවාතැන්පලවල් වල තාවකාලිකව නතර වුනත් අපට අපේ ගෙදර මිස් වෙන මොහොතක් එනවා. ඒ මොහොත කොයි තරම් බලවත් ද කියනවා නම් අනිත් හැම බැඳීමක්ම අත්හැරලා අපේ ගෙදර හොයාගෙන දුවගෙන යන්න හිතෙනවා. මේ කියන හෝම් ෆීලින් එක වගේ බලවත් බැඳීමක් විශ්වයේ වෙන කිසිම කෙනෙක් එක්ක ඇතිවෙන්නෙ නැහැ. ඒ සුවිශේෂී කෙනාව මොනම හේතුවක් නිසාවත් නැති කරගන්න එපා.. ඒක රනිල්ට මහින්දට අනුර කුමාරට සජිත් ජලනි යුවලට වගේම හැමෝටම අදාලයි හරිද?

    ReplyDelete
  4. කට

    කට යනු මනුෂ්‍ය ශරීරයේ ඇති ඉතාමත්ම වැදගත් අවයවයකි. මොන දේ කරන්නටත් කාලා ඉන්නට ඕනේ ය. ඇමීබාවන්, පහත් පණුවන් හැර අන් සියලු සත්ත්වයන් හට කටක් ඇත්තේ එම නිසාය. "එක නාම කිං" (එක යනු කුමක්ද?) යැයි ඇසු විට "සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා" යයි බුදුන් කීවේ ද එනිසාය. එහි තේරුම නම් සියලු සත්ත්වයෝ ආහාරයෙන් යැපෙන්නෝය යන්නයි. අපේ බොහෝ දෙනෙක් මෙන් නොව බුදුහු නම් එය ක්‍රියාවෙන්ම ඔප්පු කළෝය. බණ අහන්නට ආ දුප්පත් කම්කරු වැඩකරන ජනතාවගෙන් කෙනෙකු වන ගොවියකුට මුලින්ම කන්නට දීමට තරම් බුදුහු ප්‍රායෝගික වූහ. අපට එය හොඳ වෙතත් මගේ එක්තරා සමාජවාදී මිතුරකු නම් මෙය දැක්කේ ධනේශ්වර පන්තියේ ආධිපත්‍යය විදහා දැක්වීමක් ලෙසය. ඒ ගැන පසුව කතා කරමු. වැදගත්ම දෙය නම් "කණට දීමට" පෙර, "කටට (සහ බඩට) දී සිටිය යුතු බව" අද ඉන්න සුචරිතවාදීන්ට වඩා හොඳට බුදුන්ට තේරී තිබීමයි.



    දීම (1)

    දීම යනුද ඉතාම හොඳ දෙයකි. පාළියෙන් ඊට "දාන" යයි කියති. ඕක කොයි තරම් හොඳද කියතොත් දෙන හැමෝම කැමති දෙන එක හැමෝටම පේන්නට දෙන්නටය. ලවුස්කීපර් දමාගෙන, බැනර් ගහගෙන, රටටම කියාගෙන දුන්නොත් මිසක් දෙන එකේ වැඩක් නැතැයි සිතීම බොහෝ දෙනාගේ ජානබද්ධ සංලක්ෂණයකි. හැබැයි ජේසුන් නම් කීවේ දකුණ'තින් දෙන එක වම'තට වත් නොදැනෙන්නට දීපං කියාය.


    දෙන එකේ ප්‍රභේද දෙකක් තිබේ. එනම් කැමැත්තෙන් දීම සහ අකමැත්තෙන් දීමයි. කැමැත්තෙන් දීම යනු තමන්ට පාඩුවක් වන බව දන දැනත් හිතේ සංතෝසමට දීමයි. එහෙම කරන්නට නම් වෙනම හේතුවක් තිබිය යුතුය. කවුරුත් නිකං දෙන්නෙ නැත. බුදුබව ලබන්නට පාරමිතා පිරෙන්නේ නැතිනම් වෙස්සන්තර රජ්ජුරුවෝ වුනත් දරුවන් දන් දෙන්නෙ නැත. මේ නිසා දෙන්නෙ කැමැත්තෙන් වුණත් ඇත්තම කතාව නම් ඒ පිටුපස ලබාගැනීමේ අරමුණක් ද ඇති බවයි.


    අකමැත්තෙන් දීම යනු දෙන්නට කැමති නැති වුණත් දෙන්නට සිද්ද වීමයි. උදාහරණයක් ලෙස චන්දය දීම දැක්විය හැක. මේ රටේ කවුරුත් චන්දය දෙන්නට කැමති නැත. චන්දය යනු කැමැත්තයි. කැමැත්තෙන් හොරු, ස්ත්‍රී දූෂකයන්, මංකොල්ලකරුවන්, පට්ට පල් කෙබරයන්, ගං කබරයන් උත්තරීතර පාර්ලිමේන්තුවට යවන්නට මේ රටේ පරමාධිපත්‍ය බලය දරන සතිමත්, බුද්ධිමත්, උගත් ජනතාව කැමති යැයි ලොවෙත් හිතන්නට බැරිය. චන්දය (කැමැත්ත) දීම යන්න විහිළුවක් වන්නේ එබැවිනි. ඒකත් හරියට ස්ත්‍රී දූෂකයෙක් දූෂණය කරන්න බලන් ඉන්නා කෙල්ලෙකු ගෙන් කැමැත්ත ඇසීම වැනිය. ඕක දුන්නත් නැතත් වැඩේ වෙන්නේ එකම දේ ය.




    දීම (2)

    දෙනවා යන වචනයට වත්මන් සමාජ සන්දර්භය තුළ තවත් තේරුමක් තිබේ. එනම් "ලිංගික සංතෘප්තියට ඉඩ ලබා දෙනවා" යන්නයි. ලිංගික සංසර්ගයේ විවිධාකාර ක්‍රම රාශියක් තිබේ. අරක දීම, මේක දීම ආදී වශයෙන් ඊට නම් ද තිබේ. මෙයද අපේ සමාජයේ පමණක් දැකිය හැකි සින්ඩ්‍රෝමයකි. බටහිර රටවල නම් සෙක්ස් දෙනවා කියා දෙයක් නැත. ඒ චින්තන රටාව තුළ ඇත්තේ සෙක්ස් ගන්නවා යන සංකල්පයයි. අපේ මිනිස්සු හිතන් ඉන්නේ සෙක්ස් යනු තමන්ගේ ලිංගික සහකරු / සහකාරිය විසින් තමන්ට "දෙන" දෙයක් කියාය. ඒ තරමටම අපේ සමාජය තුළ ලිංගිකත්වය යන්න පෙට්ටගමකට දමා වහංගු කොට තබන දෙයකි. තමන්ට ලිංගික ආශාවන් ඇති බව පිළිගන්නට කවුරුත් කැමති නැත. ඒකත් හරියට "අනේ මට නම් බඩගිනි නෑ.. ඔයා දෙන නිසා කනවා.. ඔයා ආදරෙන් හදල දෙන දේ නේ".. වගේ කතාවකි. කවුරු බැන්නත්, මොන තරම් පිස්සෙකු වුණත් අශෝක හඳගම සිය "අක්ෂරය" චිත්‍රපටයෙන් කතිකා කළේ මේ දෙපිටකාට්ටු සමාජ සම්මතයයි. මෑත කාලයේ බ්ලොග් අවකාශයේ දුටු "ලයිට් නිවා නින්දට යාම" නම් වූ එක්තරා ලිපියක මේ කතාවම මීට වඩා හොඳට කියා තිබිණි.


    කටට දීම

    කට යනු හොඳ වචනයකි. දීම යනුද ඉතාම හොඳ වචනයකි. එහෙත් මේ දෙක එකතු කොට ගත් විට සැදෙන "කටට දෙනවා" යන්න තහනම් වචනයකි. වත්මන් සමාජ තත්වය තුල කටට දෙනවා යන්නෙහි සාමාන්‍ය තේරුම නම් පිරිමියකු සිය ලිංගික අවයවය වෙනත් කාන්තාවක / පිරිමියකු ගේ මුව තුළට රුවා කරන ලිංගික ක්‍රියාවයි.


    කටට දීම ඒ තේරුමෙන් ගත්තාම ද හිතන්නට ගොඩක් දේ තිබේ. පළමුවෙනි වැදගත්ම දේ නම් කටට දුන්නාම ඒක ගන්නා එකාට කතා කරන්නට බැරි වීමයි. ඒ නිසා කියන්නට දහසක් දේ තිබුණත් ඒ කිසිවක් කියා ගන්නට බැරි වීමක් එහිදී සිදු වේ. කොහොමත් කටේ මොනවා හෝ තියෙද්දී කතා කිරීම හොඳ නැති ක්‍රියාවකි. ඒ නිසා කටේ මොනවා හෝ තියෙද්දී කියන වචන සේරම (හරිනම්) තහනම් වචන වේ....

    ReplyDelete
  5. මාතලන් මචං මෙච්චරකල් රටේ දුවපු factories ටිකට competitive pricing දෙන්න පුලුවන් නිසා තමයි වැඩ දිගටම ආවෙ. දැන් එහෙම දෙන්න බෑනෙ. මෙහෙ දැන් මනුස්සයෙක්ට ජීවත් වෙන්න යන වියදම පහුගිය 2021 අවුරුද්දෙ පෙට්‍රල් ලීටරේ 137ට තිබ්බ කාලෙට වඩා දෙතුන් ගුණෙකින් වැඩියි. ඒ වගෙම තමයි නිශ්පාදන පිරිවැයත්.

    මේවෙනකොටත් Europe US වල ආර්ථික අවපාතය නිසා fashion industry එක කොහොමත් අවුල් වෙලා තියෙන්නෙ. ඒ අස්සෙ මෙහෙ factory වල cost වැඩි උනාම ඒ orders අපිට වඩා competitive price දෙන්න පුලුවන් Vietnam, Bangladesh වලට යනවා. අපෙ ඒවා එතකොට වහලා දාන්න වෙනවා. හොඳම උදාහරණෙ ගිය සතියෙ වහපු 1000+ වැඩ කරපු හයිඩ්‍රාමනි එක. ඔය ආයෝජන එකින් එක අඩු උනාම ඩොලර් රටට එන එක අඩු වෙලාම යනවා. හොඳම එක, ටුවරිසම් පැත්තෙ ඉන්න සෙට් එක, වැඩිවෙච්ච කරන්ට් බිල්, කෑම බීම වියදම් කවර් කරගන්න සර්විස් වල ගනන් උස්සපු නිසා සුද්දොත් දැන් ලංකාවට එන එක ගනන් වැඩි කියලා අහල පහල වෙන රටවලට යන එක.

    ඒ වගේම වර්තමානයේ ලංකාව වැටෙන්නේ බංකොලොත් රටක් විදියට නම්, මෑත කාලීනව දියුණු වෙන්න උත්සාහ කරන රටවල් අනුගමනය කරන නිවැරදි ක්‍රමවේද නෙවෙයිද, අපි රටක් විදියට අඩුම follow කරන්න හරි ඕනේ... දියුණු උන රටවල් ඒ කාලේ (2000 ට කලින්) කරපු ඒවද අපි දැන් කරන්න ඕනේ?🤔🤔

    අනික සිංගප්පූරුව උදාහරණ වලට ගන්න? කොයිල්ද බං? සිංගප්පූරුව කියන්නෙ special case එකක්. ඒකෙ තියෙන වර්ග කිලෝමිටර් 730 ඊට වඩා 70 ගුණයක් ලොකු ලංකාව එක්ක compare කරන්න බෑ. මෙතන කියන්නෙ දියුණුවෙන රටක බලශක්තිය වියදම ඉහල ගියාම නිශ්පාදන වල මූලික පිරිවැය වැඩි වෙනවා. එතකොට ආයෝජකයො ඊට වඩා මූලික පිරිවැය අඩු රටකට මාරු වෙනවා කියලා. අනික මිනිහා කියනවා වගෙ energy sector එකෙ market competition guarant කරන්න බෑ. එහෙම නැත්තම් දැන් එංගලන්තය ජර්මනිය වගෙ රටවල් තමන්ගේම ප්‍රතිපත්ති වෙනස් කරලා මීට වසර හතළිහක විතර ඉස්සර තත්ත්වය අනුව හිතලා බලශක්තිය පෞද්ගලීකරණය කරපුවා නැවත undo කරන්න අවශ්‍ය නෑ.

    ReplyDelete
  6. පොසොන් පෝය දවසෙ ලංකාවේ පාරෙ යන්න බැරි තරමට දන්සැල්. මේවට එන අය ගොඩක් වෙලාවට ත්‍රීවීල් මෝටර් සයිකල් ආදියෙන් ඇවිත් පාරත් අවහිර කරලා. සමහර පෝලිම් අනුව පැය බාගයක්වත් ඉන්න වෙයි. ඉඳගෙන කන ඒවායේ නම් ඊටත් එහා. මේ තරම් කාලය ගත කරන්න හිත හදා ගන්න හේතු කීපයක් තියෙන්න පුළුවන්.

    ප්‍රධානතම හේතුව මේක තමයි ලංකාවේ තියෙන එකම ආතල් එක, නැත්නම් වෙනසකටත් එක්ක, එහෙමත් නැත්නම් වැඩකට නැති දේත් ගන්න හෝ රටක් වශයෙන් ම බලපාල තියෙන සහනාධාර මත යැපෙන මානසිකත්වය දැන් ජාන වලට ඇවිල්ලා වෙන්නත් පුළුවන්. මේ දන්සැල් වල කිසි කෙනෙක් දැක්කෙ නෑ අයිස්ක්‍රීම් එකක් රොටියක් සීනි සම්බෝල දාපු පාන් කාලක් හදාගන්න හෝ ගන්න බැරුව බඩගින්නෙ ඉන්නවයි කියලා හිතෙන අය. පෝය දවසේ විවේකය ගත කරන්න වෙන තැනක් ලඟපාත නැති හන්දා වෙන්නත් පුළුවන්.

    ලංකාවේ විවේක වේලාවේදී කරන්න තමන්ට හෝ රටට ප්‍රයෝජනයක් වෙන දෙයක් හොයාගන්න හෝ මනස යොදවන්න බැරි එක හෙන ප්‍රශ්නයක්. මට හිතෙනව ලංකාවේ මිනිස්සු කාලෙ කන්න හරිම කැමතියි කියන එක. හැබැයි පාරේ වාහන පදින කොට තියෙන හදිසියේ හැටියට මෙලහට මේක පට්ට සංවර්ධිත රටක් විය යුතුව තිබුණා.

    ලංකාවේ වැකේෂන් ඇවිත් ඉන්න
    මං නං මේ පෝලිමට සෙට් උනේ හවස ජොගින් යන ගමන්, මේ පෝස්ට් එක වොයිස් ටයිප් කලේ ඉතුරු ටික ඇවිදින ගමන්.

    ReplyDelete
  7. මාතලන් ඔයා මේ පහත තියෙන වීඩියෝ එක බලල තියෙනවා ද? මට ඇත්තටම දුකයි.... මේ මනුස්සයා ලංකාවේ ඉතාමත් ජනප්‍රිය ඉතාමත් වැදගත් ඓතිහාසික සේවයක් රටට කරපු කෙනෙක්... එහෙම මනුස්සයෙක්ට සලකපු හැටි ගැන මටනම් ගොඩක් දුකයි

    මේ මනුස්සයාගෙන් නිසිපරිදි වැඩක් නොගැනීම ගැන .....

    මේක බලන්න

    https://m.facebook.com/story.php?story_fbid=pfbid0CQeaYSNgNu21CgLETGPvhDyGrdvQxJ9KsiRKLKEGaLE3XyFw64JgU1Q8SJV3TPvtl&id=100001093863847&mibextid=Nif5oz

    මේක ගැන පෝස්ට් එකක් දාල සාකච්ඡාවක් කරන්න වටින කාරණයක් 😪😪😪

    ReplyDelete
  8. තිස්ස මුවා ගැන කතා කරද්දි මටත් අපට ඉස්සර වෙච්ච සිදුවීමක් මතක් වුනා පොඩි කතාවක් මතක් වුණා.

    අපි ඒලෙවෙල් කරපු කාලේ රත්මලානේ lane එකක විදේශිකයෙක් (සුද්දෙක්) annex එකක් අරගෙන හිටියා. lane එකේ කෙළවර ගෙදරක් මල ගෙයක් වෙලා අපේ සෙට් එකේ කොල්ලො ටික රෑට සෙල්ලම් කරන්න Card pack හොයන් යනගමන් සුද්දගේ annex එකටත් ගොඩ වුණා.

    "අන්කල් Card pack පැක් එකක් ගන්න නැද්ද?" කියලා පොරගෙන් ඇහුවම

    "මොකටද මල්ලිලා Card pack එකක්" සුද්දා ඇහුවා.

    "මල ගෙදරට. රෑට සෙල්ලම් කරන්න"

    "අම්මට හුඩු මල්ලි ලංකාවේ මල ගෙවල් වල රෑට සෙල්ලම් කරනවද?"

    "ඔව් අන්කල්. නැත්තම් කොහොමද නිදි මරන්නේ"

    සුද්දා ටිකක් වෙලා කල්පනා කරලා ඇහුවා "මල්ලි Card pack පැක් එකක් නම් නෑ. මල්ලිලාට උදව්වක් කරන්නම ඕන නිසා badminton racket & shuttle set එකක් තියනවා දෙන්නද" කියලා.

    මේකත් ටිකක් විතර ඒ වගේම දෙයක් නේද?

    ReplyDelete
  9. මාතලන්,

    පවතින ආර්ථික දුෂ්කරතාවන් නිසා රජයේ මැති ඇමැතිවරුන් පාවිච්චි කරන අධි සුඛෝපභෝගී වාහන වෙනුවට මිළෙන් අඩු, සාමාන්‍ය වාහන පාවිච්චි කරන්න කියල ජනාධිපතිවරයා නියෝගයක් කරල තියෙනව. එ් වගේම විදෙස් ගමන්වලදි ගුවන් යානාවල සුපිරි ව්‍යාපාරික පන්තියෙ (Business Class) ආසන වෙනුවට සාමාන්‍ය පිරිමැසුම් (Economic) පන්තියේ ආසන යොදාගන්න කියලත් කියලලූ. කෑම බීම ඇතුළු ජීවන රටාවෙදි පවා බොරු ආටෝප නැති සාමාන්‍ය රටාවකට හැඩ ගැහෙන්න කියලත් උපදෙස් දීල තියෙනව. මහජන මුදල් යොදාගනිමින් අනවශ්‍ය උත්සව පැවැත්වීමත් වහාම නතර කරන්න ඕන කියල නියෝග කර ඇති බව සැලයි. මැති ඇමැතිවරුන් හැමෝම බහුතරයක් සාමාන්‍ය වැසියන් වගේ සරළ, අල්පේච්ඡ ජීවිත ගත කරන්න පුරුදු වෙන්න කියලත් කියල තියෙනව.
    .
    .
    .
    .
    .
    ........... හැබැයි පිලිපීනෙ. ලංකාවේ නෙවෙයි ඉතින්

    ReplyDelete
  10. සිතියම් කියවීමට බහුතරයක් ගැහැණු අයට බැරි ඇයි??

    ගැහැණු අයගේ අවකාශ හැකියාව (Spatial ability) පිරිමියෙක්ට සාපේක්ශව සීමිත වන නිසා.

    අවකාශ හැකියාව කියන්නේ මනෝමය චිත්‍ර වලින් ද්‍රව්‍ය වල හැඩය, ඒවායේ තමන් බලන කෝණය අනුව පෙනුම, ඊට සම්බන්ධ වන දේවල්, චලනය,භූමි ලක්ශණ සහ අනුපාත දැකීමේ හැකියාව.

    සිතියම් කියවලා තේරුම්ගන්න එකත් ඔය අවකාශ හැකියාව මත තම සිද්දවෙන්නෙ.ගොඩක් වෙලාවට බහුතරයක් ගැහැණු අයට ඩිරෙක්ශන්ස් එහෙම හරියටම කියන්න බැරි ඒකයි.

    ගැහැණු අයට ඔය කියන Spatial ability එක නැත්තේ එයාලා පරිණාමයේදි සතුන් දඩයම් කිරීමට යොමු වෙලා නැති නිසා.

    ඉතින් ජීවිතය සතුටින් ගෙවන්න කැමති නම් ගැහැණු අයට සිතියම් කියවන්න කියලා බල කරන්න එපා.🤓🖤

    ReplyDelete
  11. දැන් නාකි මයිනට අරව කලා මෙව්ව කලා ගගා කෑ ගහන බූරු පැටව් ඔක්කොමයි උන්ගෙ අම්මල තාත්තායි ඔක්කොම ඒ කාලේ චන්දෙ දුන්නෙ මහිංදට තමයි.. බොරුවට මේ ජැකාගෙ ටෝක් එකක් අරං කියවන්නෙ.. ඔය කියවන උන්ට මතක නෑ එතකොට වරාය නගරය හදන්න කලුගල් ඉවර වෙනවා කිව්ව කතාව.. හම්බන්තොට වරායෙ තඩි ගල ගැන කිව්ව කතාව හයිවේ හදන්නේ මයිනා මැදමුලනෙන් ඇඹුල් තියල් කොළඹ ගේන්න කියල, හයිවේ හැදුවේ දඩමස් එකතුකර ගන්න කියලා තොප්පිගල විසාල කැලෑවක් කිලිනොච්චි මැදවච්චි කතා කේරළය දිහා බලන්න වගේ රට බයිලා එහෙම ඔය කාලකන්නින්ට මතක නැතුව ඇති.. 😄😃😀

    ReplyDelete
  12. Roshinita diwa dala chu bonna thibba nam

    ReplyDelete
  13. නවතින්න තිස්ස ඇයි මේ නොදුවන් අලින්ගෙ පස්සේ
    කිව් ඒ මහින්ද රාජා
    මැදමුලනෙ ඉන්නෙ තනිවී...
    යළි බලය ගන්න ලොබවී...

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත මේ ඔක්කොම දේශපාලන ය වෙනුවෙන් කියල තේරෙනකොට අපි ගොඩක් පහුවෙලා නේද?

      අර ගෝටාගෝ අරගලයත් කරවලා තියෙන්නේ රාජපක්ශලා කියලා තේරෙන්නෙත් එතකොට🤣

      Delete
    2. ජේසුගේ ශ්‍රි රුධිරයේ බලයෙන් උණ ප්‍රතිශ්‍යා රෝගියකු වු මා සුවය ලැබුවා......

      උන්වහන්සේගේ ආදරය මා ශක්තිමත් කලා... මගේ ව්ශ්වාසය මා සුවපත් කලා ... දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව තමයි ඉතින් හැම දෙයක්ම තීරණය වෙන්නේ දෙවියන් වහන්සේටත් උන් වහන්සේගේ දෙව් පුත් යේසුස් වහන්සේටත් ප්‍ර්‍ශන්සා වේවා 🙏🙏🙏

      Delete
  14. "අක්කේ ඔයා එයා හොස්ටස් ඉඳල පයිලට් වුනේ කොහොමද?"

    "මම ගුවන් සේවිකාවක් ලෙස AIR LANKA ගුවන් සේවයට බැඳිලා, මගීන්ට ඔරේන්ජ් ජූස් බෙදල, කක්කුස්සි හෝදලා, පැය ගණන් එක දිගට ඩියුටි කරලා, පාන්දර එකට දෙකට නිදි මරගාතේ යුනිෆෝම් ඇඳගෙන මේකප් දාගෙන වැඩට ගිහිල්ල, කොළොඹ ඉඳන් ලන්ඩන් දක්වා පයින් ගුවන් යානය තුල ඇවිදලා, කුහක සීනියර්ලාගේ පොර ටෝක් අහල, ඔසප් චක්කරේ කචල් වෙච්ච ඉරිසියාකාර අම්මන්ඩිලාගේ වැදි බණ අහල, කට ගඳ ගහන හම්පඩ සුද්දො ගහන පදේට නටල, නහයේ බිම්මල් පිපිච්ච සරාගී සීයලගෙන් ඇඟ බේරාගෙන, දාඩියත් එක්ක දියවීගෙන යන මේකප් එක නැවත නැවත ටචප් කර කර, රෑට වතුර බේසමේ කකුල් ඔබාගෙන නිදි මර මර නෝට්ස් පාඩම් කරලා, කට්ට කාල තමයි මෙතෙන්ට ආවේ. "
    Cpt Ashi Fernando ✈️

    ReplyDelete
  15. අඩෝ මාතා උබ කියයි උත්තක් කොල්ලෙක් ට කෙල්ලෙක් ටෝක් කරගන්න බැරි වෙන මට්ටමක් එන්නේ 😂 දැන් මේ ඇල් ජී බී ටී උන් රටම අල්ලලා තියෙන්නේ තව ටික දවසකින් කොල්ලෙක්ට පාරේ බැහැලා යන්නත් බැරි සීන් එකක් තියෙන්නේ 😂

    ReplyDelete
  16. කාත්තන්කුඩ්ඩි නගර මධ්‍යය දැන් සවුදි අරාබිය වාගේ ලස්සන වෙලා. මැදපෙරදිග රටවල පරිත්‍යාගශීලී ආධාර උපකාර මත කාත්තන්කුඩ්ඩි, අක්කරෛප්පත්තු, ඔට්ටමාවඩ්ඩි, සෛන්දමරුදු ඇතුළු නගර ගණනාවක මාර්ග වල හිටුවා ඇති රටඉඳි ශාක මහත් චමත්කාරය දනවන සුළු නෙත්කළු දසුනක්, එසේ සිටවු රට ඉඳි මල්ඵල ගෙන ඇති කාත්තන්කුඩ්ඩි නගරයේ ප්‍රධාන මාර්ගයේ කි. මී. දෙකක රට ඉඳි ගස් 78 සිටුවා ඇත. එම ගස් සියල්ල ඵලබර වී ඉදුණු රටඉඳි ලබාදීමට සුදානමින් සිටින සොඳුරු දසුන් බලන්නට සංචාරකයන් ද පැමිණීම විශේෂත්වයකි.

    ReplyDelete
  17. මාතලන් පන්සලක ගිහියකුගේ මරණයක් තබා තිබෙනවා දැක තිබේද?

    නමුත් බොරැල්ල කිතුල්වත්ත F.R. සේනානායක පන්සලේ මෙවැනි අවස්ථා නිතරම දැකගැනීමට පුළුවන්

    මේ පන්සල තියෙන්නෙ බොරැල්ල කනත්ත පහුකරනවත් එක්කම තියෙන කිතුල්වත්ත පාරෙ, සේනානායක පවුලෙන් තමයි තෙල්වත්තෙ නන්දතිස්ස නායක හාමුදුරුවන්ට මෙම ඉඩම පූජා කරල තියෙන්නෙ.

    මේ පන්සලේ හාමුදුරුවෝ තීරණය කරල තියනව පන්සල අවට ඉන්න අසරණ අයකුගේ නිවසක මරණයක් සිදුවුනාම එම ස්ථානය නොමිලේ ලබාදීමට . තමන්ගේ නිවසේ මෘතදේහය තබාගැනීමට ඉඩ කඩ මදිනම්.., මල්ශාලාවක මෘතදේහය තැබීමට ආර්ථික අපහසු කමක් ඇත්නම්.ඔවුන්ට පුළුවන් ඒ සඳහා මෙම පන්සලේ ශාලාව භාවිතා කරන්න .මේ සඳහා කිසිඳු මුදලක් අය කරන්නෙ නැහැ .

    ඒ විතරක් නොවෙයි අවසන් කටයුතු නිමවන තෙක් මියගිය පුද්ගලයාගෙ ඥාතීන් සඳහා කාමර දෙකක් ,කුස්සියක් , වැසිකිළිය, නාන ස්ථානයක් ලබාදෙනව. පාංශකූලයට රෙදි පිළි නැතිනම් ඒ සියල්ලත් ලබා දෙනව.

    එපමණක් නොවෙයි වෙනත් ආගමක පුද්ගලයෙකුගෙ අවමඟුලක් නම් ඔවුන් ගෙ ආගමට අනුව අවසන් ගෞරවය ලබාදෙනව. ෆාදර් කෙනෙක් ඇවිල්ල prayars තියනවා, කෝවිලේ පූසාරි පැමිණෙනව, මෞලවී කෙනෙකුට උනත් විවෘතයි නමුත් ඒ අය කරන විදිය වෙනස්නේ. එහෙම කිසිම ආගම් බේදයක් මෙතන නැහැ.

    ඉතින් මෙය අගය කලයුතු දෙයක් නොවෙයි ද.. මෙවැනි ස්ථානයක් කොළඹ තිබෙනබව අනිත් අයටත් දැනගැනීමට දැනුවත් කර සහයෝගයක් ලබාදෙන්න. දේහයන් තැන්පත්කර තැබීමට මිළක් නැත..

    ReplyDelete
  18. Saumyage huththata diwa dala juice urala bila, juice paan vala gaala kanna thibba nam. Ita passe Saumyage chu bonawa. Mm. Rasa. Mathak veddith innama baha Saumyage huththe suwada.

    ReplyDelete
  19. උඹටත් ඉතින් පුළුවන් එකම කරුමාන්තේ කාට හරි දේශපාලුවෙකුට සෙට් වෙලා පල් හෑලි ලියන එක විතරයිනේ මාතලන්... චන්දෙ ලං වෙද්දී ඉතින් ආදායම වැඩිවෙයි ... අල්ලගෙන හිටින්....

    ReplyDelete
  20. රුපියල අධිප්‍රමාණ වෙන්න ප්‍රධානම හේතුවක් තමයි විදේශ ආයෝජකයො රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කිරීම, වෙනත් විදිහකින් කියනවා නම් ආණ්ඩුව 25% විතර පොළියට විදේශ ආයෝජකයන්ගෙන් කෙටි කාලීන ණය ගැණීම. 2016-2019 අතර කාලෙදි රනිල් වික්‍රමසිංහ, හර්ෂ ද සිල්වා ඇතුළු යහපාලන ආණ්ඩුව ඩොලර් බිලියන 12 කට වඩා ණය ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වලින් 6%-7% පොළියට ණය අරන්, රටේ ණය අස්ථාවර කරපු හැටි හැමෝම දන්නවානෙ. හිතලා බලන්න 20%-25% පොළියට ණය ගත්තහම අනාගතයේදී රටට අත්වන ඉරණම. වාර්ෂික උද්දමන අනුපාතය අඩුවෙනකන් ඉන්නෙ නැතුව මාසික උද්දමන අනුපාත සලකලා මහ බැංකුව වහාම භාණ්ඩාගාර බැඳුම්කර / බිල්පත් අනුපාත පහළ දැමිය යුතුයි.

    ReplyDelete
  21. A/L ඉවරවෙලා...
    කැම්පස් යන්න බැරි උනත්🥀
    ටෙක් එකට ගිහින්... සිවිල් කන්ස්ට්රක්ෂන් ෆීල්ඩ් එකේ මැච් එකක් ගහපු කෙල්ලො කොල්ලෝ... පැය 8කට එහා රැයක් දවාලක් නැතුව වැඩ කරපු. වැඩ කරන්න පුලුවන් උන්..🌚🌞

    අනිත් ෆීල්ඩ් වල වැඩ කරන උන් විදින නිදහස දැකලා හූල්ලලා... සයිට් වල, චමරියේ ලාවට ආතල් අරන් ලාවට හිත හදාගත්තු එවුන්.😌

    කවදාවත් වැඩි පඩි ඉල්ලලා..පඩි මදි කියලා, රජයේ ජොබ් ඕන රජය ජොබ් දෙන්නේ නෑ කියලා බෝඩ් ලෑලි අල්ලන්..පාරේ හිගා නොකාපු එවුන්..💪

    කෝමහරි සයිට් වල මැරිලා ගෙදර වියදම ගොඩදාලා හැමෝටම සල්ලි දීලා දෙමව්පියෝ, සහෝදරයෝ , සහෝදරියෝ,ආදරේ කරපු අය, සනසපු එවුන්,❣️

    කොන්ක්‍රීට් එක දිහා බලලා විතරක් ස්ලම්ප් එක කියපු වැඩ්ඩෝ..

    ටෙස්ට් හෝල් ගහත්දී කම්පැක්ශන් හරියටම කියපු වැඩ්ඩෝ...🕳

    කිලෝමීටර ගනන් අව්වේ, වැස්සේ ගානක් නැතිව ලෙවෙල් දීපු උන්.☔️🔭

    ලේබර්ස්ලා බැලන්ස් කරන් ටාගට් ගහපු වැඩ්ඩෝ..🦺

    රෑ එලි වෙනකම් ඇස්පෝලට් වල රත් උන වැඩ්ඩෝ...🌡

    විනාඩියට දෙකට ටක් ටක් ගාලා බිල් හදපු, ඩ්‍රෝවින් ඇදපු වැඩ්ඩෝ..✍️

    සුදු තොප්පියට යටවෙලා..මහ එවුන් පාස් කරපු බෝල බැලන්ස් කරපු උන්...🧶

    කිසි දෙයක් බෑ නොකියා, ගත්තු පඩියට, නිදහසට වඩා දස දහස් ගුණයක් වැඩ කරන්න පුලුවන් උන්, එහෙම අවුරුදු ගණනක් වැඩ කරපු උන්..

    අන්න අද 👉 එදා වේල හම්බකරන් කන්න

    සමහරු කුලී වැඩට යනවා..🥺
    තවත් අය ගාමන්ට් යනවා..🥺

    උන්ට නැති උනේ කාලයක් තිස්සේ පොදි බැදගනිපු හීන බොලව්..🙆🤦

    ReplyDelete
  22. ලංකාවෙ යමක් කමක් තියෙනව නම් වෙන රටකට යද්දි දෙපාරක් හිතන්න, මොකද ලංකාවේ සුපිරි ජොබ් කරපු අය රටවල්වල පිඟන් හෝදනවා!

    මේ වගේ දේවල් නිතර ඇස ගැටෙනවා ඇතිනෙ. සමහරු මේව දැකල බය වෙනවා. සමහරු ධෛර්යය ගන්නවා. සමහරු බනිනවා. සමහර අය කතා කරල අහනවා රටකට එන්න හදාගන්න ඕන දේවල් මොනවද කියල. ඔබටත් මේ ගැටලුව ඇති. සල්ලි ද? සහතික ද? එක්ස්පීරියන්ස් ද?

    මගේ නම් අදහස ඒ ඔක්කොටම කලින් වෙන දෙයක් හදාගන්නම වෙනවා. ඒ තමයි මයින්ඩ් සෙටප් එක. ඒ කියන්නෙ ඔලුව.

    සල්ලියි, සහතිකයි, එක්ස්පීරියන්ස් ඔක්කොටම වඩා වටින්නේ මේක.

    ලංකාවේ ඉද්දි අපි බහුතරයක් පදින වාහනයෙන්, අඳින ඇඳුමෙන්, කරන රස්සාවෙන් මිනිස්සුන්ව මනිනවා. අයිතිවාසිකම්, ආචාරශීලීබව, සමානාත්මතාව, ඉවසීම වගේ දේවල්වලට සමාජීය වටිනාකම් නැති තරම්. අන්න ඒක හලාගෙන ගුවන් ගත වෙන්න.

    ඇත්තටම ලංකාවේදී අහිමි වුණු ජීවන විලාසිතාව ( Life style ) එක ලබාගන්න හිතාගෙන එනවා නම්, ඇවිත් කරන රස්සාව ගැන දුක් වෙන්න වෙන්නෙ නෑ. ඔබ එන්නේ නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, එංගලන්ත, ඇමරිකාව, ස්වීඩනය, ඩෙන්මාර්කය, ඉතාලිය වගේ රටකට නම් ඔබට අලුත් ජීවන විලාසිතාවක් ලැබෙනවාමයි.

    පොලිටිකලි කරෙක්ට් සමාජය තුල බුද්ධාගම බෞද්ධ සංස්කෘතිය වගේම සාම්ප්‍රදායික කතොලික ආගම් වගේ විගඩම් විවේචනය කරන්න අවශ්‍ය වන නිදහස, පහළ මට්ටමක කම්කරු සහ සාමාන්‍ය රැකියා සඳහා වූ සමානාත්මතාවය, ලංකාව වගේ දාන මලගෙවල මගුල් වගේ විගඩම්, අවුරුද්දට නෑගම් වගේ අනවශ්‍ය වැඩ නැති නිසා ඇතිවන විවේකය, පාක් වලට ගිහින් මත්පැන්බී ලැබූන විනෝදය, නිතරම නයිට ක්ලබ් බැහැලා ලැබූන සතුට, ලංකාවට ආවම පිටරට සිට එන කෙනෙකුට ලැබෙන ගෞරවය, මිල ඉතාම අධික වුවත් ඒ රටවල ඇති භාණ්ඩ හා සේවාවල ප්‍රමිතිය ආදී හැමදේම අඩු වැඩි විදියට.

    ඉතිං ලංකාවේ ධනවත් යමක් කමක් තිබුණත් ලබන්න බැරි ඒ අගයන් ඔබට ලැබෙනවා නම්, පාරම්පරික ඉඩම් ගෙවල් දොරවල් යාන වාහන සහ සියලුම දේපල අඩුමිලකට විකුණල දාල හරි දරු මල්ලොත් අරගෙන මේ වගේ බටහිර දියුණු සංවර්ධිත රටකට සංක්‍රමණය වෙන්න.

    හැබැයි ඔයාට තියෙන්නේ සල්ලි ටිකක් හොයාගෙන නැවත ලංකාවට යන්න ඉලක්කයක් නම්, ඔයාගේ තීරණය වැරදියි, එහෙම වුණාම ඔයාට ගැළපෙන රටක් හොයාගන්නම වෙනවා. සල්ලි හොයන එකම ඔලුවෙ තියාගෙන වැරදි රටක් තෝරගත්තොත් දුක් අඳෝනා දිදී පසුතැවී ඉන්න වෙනවා.

    ඔය දකුණු කොරියාව, මැලේසියාව, ඩුබායි, සෞදි අරාබිය සහ ජපානය වගේ රටවල් හොඳයි කියලයි සමහරක් හිතාගෙන ඉන්නේ, එහෙම රටක හම්බ කරලා ලංකාවට ගිහිල්ල පස්සේ සැපට ඉන්න ඕන කියලා. ඒ රටවලත් අර කියපු අගයන් යන්තමට ලංකාව වගේ ෆේල් රටකට වඩා සෑහෙන්න දුරට තියෙනවා. හැබැයි තනියම ඇවිත් සල්ලි ටිකක් හොයාගෙන නැවත ලංකාවට යන්න තියෙන රටවල් මිසක දිගටම ඉන්න නම් කිසිසේත්ම හොඳ ඔප්ෂන් එකක් නෙවෙයි.

    ඒ අය අයියෝ එපා වෙනවා. ලංකාවේ වගේ සැප නෑ. පිටරට ජීවිතේ හොඳයි හිතුවට එපා වෙනවා වගේ හිතෙන අය ජීවන විලාසිතාවක් ඕන නිසා විදේශයකට ආපු අය නෙමෙයි. ලංකාව අවුල් වෙද්දි කොහේ හරි පැනගන්න ඕන කියල හිතපු අය. ඉතිං හෙන ප්‍රශ්නලු. සමාජ ජාල වල දාගෙන මේ දවස්වල අඬනවා ඩොලරය ඉහල කාලේ කෝටි ගණනක මුදලක් දීලා ඩොලර් පවුම් අරගෙන රට ආවට දැන් ඒකෙන් තිබුණාටත් වඩා කබලෙන් ලිපට වැටිලා කියලා මැරෙන්න හදනවා ගොඩක්ම තරුණ තරුණියන්, හරියට ජීවිතේ ගැන නිවැරදිව අත්දැකීම් නැති නිසා කියන කතා ගොඩයි...

    ඔය කරුණ නිසාම පිටරට එන්න කලින් ඔබ ඔබෙන්ම ප්‍රශ්න දෙකක් අහන්න. එක මං යන්නේ උසස්ම ජීවන විලාසිතාවක් ( Advanced Life Style) වෙනුවෙන්ද? නැත්නම් සල්ලි හොයාගෙන ආයෙ එන්නද? ඔබේ හදවත කියන දේ අනුව නොව මොළයෙන් තීරණය ගන්න. ඔය දෙක පටලගත්ත අයගෙන් උපදෙස් ගන්නම එපා. ඔයාගෙ ජීවිතය ඔයා තීරණය කරන්න.

    කොයි අතින් බැලුවත් ලංකාවේ හැම පවුලකින් ම එක් අයෙක්වත් විදේශගත වෙන්න ඕන කියන මතයේ මම දැඩිව ඉන්නවා. ආර්ථික අතිනුත් දේශපාලන අතිනුත් ඒක ලංකාවට වාසියි. ඔය යන හැමෝම ලංකාවෙන් ඩොලර්, පවුම්, යෙන් මෙහෙට ගේනවා. ඒක මේ රටවලට හොඳයි, ඒ වගේම ලංකාවේ තියන පෞද්ගලික ණය ටික ගෙවන්න වගේ දේවලට ඩොලර් ටිකක් මෙහෙනුත් යවන්න වෙනවා. ඉතිං විදේශ විනිමය ලැබෙන එක ලංකාවේ ආර්ථිකයටත්කො හොමත් හොඳයි. අනිත් පැත්තට දේශපාලන වාසියකුත් තියෙනවා. රටින් එලියට එන මිනිස්සු එක් එක් රටවල සිස්ටම් දකිනවා. අත්විඳිනවා. සහ යමක් ඉගෙන ගන්නවා. ඉතිං ඒ දැනුම පවුල සමඟ බෙදාගන්නවා. ලංකාවේ හැම පවුලකින්ම කෙනෙක් විදේශයක හිටියොත් දේශපාලන සවිඥානිකත්වය ඉබේම වර්ධනය වෙනවා. විශේෂයෙන්ම රාජපක්ෂ පවුලට විරුද්ධව මතයක් ගොඩ නැගීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව මගේ අදහසයි.

    මම යෝජනා කරන්නේ රටින් එලියට යන්න. ලෝකෙට විවෘත වෙන්න. ඉගෙන ගන්න. අද්දැකීම් ලබන්න. උපන් රටේම මැරෙන එක දේශහිතෛශීභාවය යැයි සිතන මුළාවෙන් මිදෙන්න. හැමෝම තම යහපත වෙනුවෙන් විදේශයකට යන්න. විශේෂයෙන්ම සංවර්ධිත බටහිර රටකට ගිහින් පවුලත් සමග සෙට්ල් වෙලා ඊළඟ පරපුර ඒ රටේ සංස්කෘතිය අනුව හැඩගැස්වීම අත්‍යවශ්‍ය බව අවබෝධ කරගෙන වැඩ කරන්න, එසේ කරන ඔබ සැමටම ජයම වේවා.! ඔබේ උත්ත්සාහය සාර්ථක වේවා!

    ReplyDelete
  23. බෝතලයක් ගහලා හාන්සි vemu

    ReplyDelete
  24. අනිවාර්යයෙන් මාතේ, ඒ කාලේ හිටපු දෙනවක හාමිනෙත් ලස්සනයි දැන් ඉන්න නිළියන්ට වඩා .😄😄

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න