.

.

Jan 4, 2024

ජවිපේ රජයක් යටතේ බිහිවන හිඟන රාජ්‍ය.....


 

ජවිපේ රජයක් යටතේ බිහිවන

හිඟන රාජ්‍ය.....

(මධ්‍යම පන්තියේ සිහිණ වෙත එල්ල කරනා

දරුණු අනතුරු ඇඟවීමකී)

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖💀➖


⭕ ජවිපේ න්‍යායාචාර්‍ය 

      නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ 

      වෝලයෙන් උපුටා ගන්නා ලදි....


නගරයෙන් ගමට පසු බසිමු! 

පිරිමින් වෙනුවට ස්ත්‍රීන් බලසතු කරමු!! ලොකුවට සිතීම නතර කොට පොඩියට සිතමු!!!

===============================


⬇️ ලංකාවට අද අවශ්‍ය ලොකුවට හිතන විකල්පයක් නෙවෙයි. පොඩියට හිතන විකල්පයක්. 


⬇️ නාගරීකත්වය මත පදනම් වූ විකල්පයක් නොවෙයි. ග්‍රාමීයත්වය මත පදනම් වූ විකල්පයක්. 


⬇️ ආදායම් වැඩි කරගන්නේ කොහොමද කියන එක ගැන හිතන විකල්පයක් නෙවෙයි. වියදම් අඩු කරගන්නෙ කොහොමද කියල හිතන විකල්පයක්. 


⬇️ වැඩියෙන් ගමන් යන්නෙ කොහොමද කියල හිතන විකල්පයක් නෙවෙයි. අඩුවෙන් ගමන් යන්නෙ කොහොමද කියල හිතන විකල්පයක්. 


⬇️ හැමෝටම කාර් එකක්, ත්‍රී වීල් එකක්, හෝ අඩුම තරමින් මෝටර් සයිකලයක්වත් ගන්න එක ගැන හිතන විකල්පයක් නෙවෙයි, ප්‍රධාන ප්‍රවාහන මාධයය කෝච්චිය, බස්එක, බයිසිකලය කියල හිතල වැඩ කරන විකල්පයක්. 


⬇️ පිරිමින්ට නොව ස්ත්‍රීන්ට වැඩියෙන් ආකර්ශනීය විකල්පයක්.


⬇️ මෙවැනි විකල්පයක් පැත්තට ආණ්ඩුකරණය තල්ලු කළ හැකි විභවයක් හෝ තියෙන්නේ ජාතික ජන බලවේගය සතුව විතරයි. 


⬇️ ඒ ඒ අය මොනව හිතුවත් ජාතික ජනබලවේගය කියන්නේ ගැමියන්ගේ ව්‍යාපාරයක් නිසා. ලොකුවට හිතන්න බැරි පොඩියට හිතන්න පුළුවන් ව්‍යාපාරයක් නිසා. නගරයේ ජීවත් වෙන හැටි නොදන්න ව්‍යාපාරයක් නිසා.


😭 ලංකාවට අබ සරණයි !!!!


.

8 comments:

  1. කියන තරමටම යක්ෂය කළුත් නැත
    ගොරවන තරමටම වැස්සක් වහින්නැත
    සමන් පිච්ච මල මුඳුනේ රේණු නැත
    ඒත් එහි සුවඳ කිසි විට අඩුත් නැත

    ReplyDelete
  2. මේ දවස්වල ITN එකේ ජෙප්පන්ගෙ ජංගි ඔළුවෙන් ගලවන නාට්‍ය‍යක් යනවා "මීයා" කියලා. සමාජවාදය යටතේ උස්තැන් පොලවට සමතලා කරලා සමාන සමාජයක් හදන හැටි හොඳට කියලා දෙනවා. මාලිමාවට කතිරෙ ගහන්න කලින් ඒකෙ කටුවෙ කාන්දම් තියනවද? උත්තර ඩ්‍රැවය තාමත් එහෙමද තියෙන්නෙ කියලා හොයලා බලපල්ලා..

    ReplyDelete
  3. ඔය ගැන වෙනස් මතයක් මට ඉදිරිපත් කරන්න පුළුවන් ලංකාවේ සිදුවු සිදුවීම් ගැන උපේක්ෂා සහගතව පිටරටවල සිට බලාගෙන හිටිය අය වෙනුවෙන්, මේ Quote එකෙන් පටන්ගනිමු;

    “සමහර වෙලාවට ඔබට ජීවිතයේ දුක් විඳින්න වෙනවා. ඒ ඔබ කාටවත් නරකක් කළ නිසා නොවෙයි. ඒ ඔබ කාට වුණත් හොඳ කිරීම නවත්වන්න ඕනා කොතනද කියා තේරුම් නොගත්ත නිසයි.”

    මෙහෙම කියලා තියෙන්නේ අර්ථශාස්ත්‍රය ලියූ ආචාර්ය විෂ්ණු ගුප්ත චානක්‍ය හෙවත් කෞටිල්‍ය නමැති දාර්ශනික දේශපාලනඥයා විසින්. කවුරු කිව්වත් මේක ඉතාම වැදගත් ප්‍රකාශයක්.

    මොකද මේක තමයි ලංකාවේදී කෙනෙක් තේරුම් ගත යුතුම විශේෂම සත්‍යය. උදාහරණ ලෙස මීට වසර හතරකට කලින් ලංකාවේ හැටනම ලක්ෂයක මිනිස්සු ඡන්දත් දීලා, තුනෙන් දෙකකුත් දීලා ඒ ආපු ජනාධිපතිවරයාට ඒත් හරියට වැඩේ කරගන්න බැරි වුණේ ඇයි? කියා අහන ප්‍රශ්නයට පිළිතුර තියෙන්නේ කෞටිල්‍යගේ ඉහත ප්‍රකාශයේ.

    මේ නිසා අපට පාඩමක් හැටියට පිටරටවලදීත් අපට ලංකාවේදී වගේම ඕනෑම කෙනෙකුට සෝ කෝල්ඩ් "හොඳ" කිරීමේ සීමාවක් තියාගන්න ඕනා කියන එකයි මම තේරුම් ගත්තේ. මොකද වැඩිපුර හොඳ කරන්න ගියාම බොහෝ අය ඔබෙන් අයුතු ප්‍රයෝජන ගන්න හදනවා. ලංකාවේ හිටපු හත්වෙනි ජනාධිපති වුණ ඒ යකාට වුණේම ඒක. ඒකා හැමෝටම සැලකිය යුතු තරමකට බදු අඩු කරලා රටේ භාවිතා නොවුණු ඉඩම් අපනයන භෝග වැවීමට සහ කර්මාන්ත ආරම්භ කිරීමට ප්ලෑන් කරලා ණය පොලී අඩුකරලා අතට එන සල්ලි වැඩි වෙන විදියට ආර්ථිකය දියුණු කරන්න උත්සාහ කළාට ඒ මිනිස්සුම අන්තිමට ඒකට බැන්නා නේද?

    රනිල් වික්‍රමසිංහ දැන් හිටු කියලා බදු ගැහුවට මිනිස්සු ඒකට එක වචනයක් වත් කියන්නේ නැහැ නේද?

    අරයකා තරුණයන්ට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙන් උපරිම ඵල නෙලාගන්න කියලා දුරකථන සහ අන්තර්ජාල සේවා බදුවලින් සම්පූර්ණයෙන් නිදහස් කළාට ඒ අන්තර්ජාලයම භාවිතා කරලා ඒ තරුණයන්ම සාහසික ලෙස තිත්ත කුණුහරුප කියලා ඌටම අපහාස අපරාධ කළා නේද?

    ඒ වගේම ගෝලීයව මුළු ලෝකයම බිලිගත්ත කොරෝනා වසංගතයෙන් රටේ මිනිස්සු බේරගන්න ලෝකේ කිසිම රටක් නොකරපු තරම් වැඩ කළාට අන්තිමට ඒ මිනිස්සුම ඒකට බැන්නා නේද? රටේ මතු උපදින දරුවන්ට වසවිස නැති බත් කටක් කවන්න කියලා හිතාගෙන කාබනික වගාව කරවන්න උත්සාහ කළාට ඒක කරලා බලන්නත් කලින් ගොවියන්ම ඒකට විරුද්ධ වුණා නේද?

    කුණුගොඩක් වෙලා චාටර් වී තිබුණ ගෝල්ෆේස් එක ලස්සනට සැලසුම් කරලා සංචාරකයන්ට සිත පිනවන්න සහ වෙඩින් පින්තූර ගහන්න පවා පුළුවන් විදියට සෑහෙන දැකුම්කළු විදියට හැදුවට පස්සේ එතනටම ඇවිල්ලා ඔහූටම ගෙදර පලයන් කිව්වා නේද?

    අන්න ඒ නිසා කාටවත් ඕනෑවට වැඩිය හොඳ කරන්න යන්න එපා කියන එකයි මම ඉගෙන ගත්තේ මේකෙන්. එයින් ඔබට ඉතිරිවන්නේ දුකක් විතරයි. මේක තමයි ඇත්තටම සිදුවුණේ. මේකෙන් අපි හැමෝම හොඳ පාඩමක් ඉගෙන ගන්න ඕනා.

    මෙයින් කියන්නේ අපි අනුන්ට නරකක් කරන්න කියා නොවෙයි. නිතරම හොඳ කිරීමේ සීමාවක් තියාගන්න කියලයි. මීට වසර දහස් ගණනකට පෙර කෞටිල්‍ය ඔය කතාව කියන්න ඇත්තේ හේතුවක් ඇතුව. එදාට වගේම අදටත් මතුවටත් මෙය අදාළයි.

    Being too good is too bad, be within your limits.

    ReplyDelete
  4. මේක ජන බලවේගය අප්‍රසාදයට පත් කරන්න කරන උත්සාහයක්. ජනබලවේගය රජයක් යටතේ රාජපක්ශ ඇතු හැමෝම හොරා කාපු සල්ලිත්, පිලිපීනෙ මාකෝස් හොරාකාපු සල්ලිත්, රජීව් ගාන්ධි බෝෆෝස් ආයුධ ගණුදෙනුවෙන් හොරා කාපු සල්ලිත්, ඉරානයෙන් ශා රජ්ජුරුවො හොරා කාපු සල්ලිත්, අප්‍රිකාවේ හිටපු ඒකාධිපති හොර නායකයො හොරාකාපු සල්ලිත් ඔක්කොම හොයාගෙන ඒව ඔක්කොම ලංකාවට ගෙනල්ලා රට දියුණු කරනවා.

    ReplyDelete
    Replies
    1. ඉයන් ජාතික ජන බලවේගය නවීන සමාජවාදය අනුව රට පාලනය කරලා ලංකාව ලේසියෙන්ම සිංගප්පූරුව මැලේසියාව සහ වියට්නාමය වගේ සංවර්ධනය කරන බව කියනවා, ජාතික ජන බලවේගයේ ජීවිතේට රස්සාවක්වත් නොකරපු කිසිම වගකීමක් නොගත්ත කයියනායක සහෝදරයින්ට අනුව ලංකාව දියුණු කරන එක එච්චර ලොකු අමාරු වැඩක් නෙවේ හැම මිනිහාම තමුන්ගේ රාජකාරිය හරියට කරානම් ියයට 40 කොමිස් ගහණ එක නැවත්තුවා නං. මාසෙන් රට දියුණු වෙනවලු... ඒ අතරෙම ජනතා විමුක්ති පෙරමුණේ කට්ටිය සමග පිටරටවල ඉන්න ලාංකීය කෝටිපතියෝ ගොඩක් යාලු වෙලා තියෙනවා ඒ අයට කිව්වා නම් අනේ ඒගොල්ලන්ගේ යාලුවන්ට ටෙලිෆෝන් කරලා මාසෙට ඩොලර් පන්සීය ගානෙ ලංකාවට එවන්න කියලා ලංකාව ඩොලර් වලින් පිරිලා ඉතිරිලා යයි.

      එහෙම නෙමෙයි ඉයන් නමුත් ඇත්තටම සිංගප්පූරුව කියන්නේ රටක් නොවේ සිංගප්පූරුව නිකං පුංචි building ගොඩක් තියෙන සුළු ඉඩ ප්‍රමාණයක්. මම යුරෝපයේ ඉඳලා එක්දාස් නමසිය අසූ අටේ විතර සිංගප්පූරුවට ගියාම තේරුණා ඒ රට කරන්නේ චීනයේ බඩු කොමිස්තියාගෙන විකුණන එක බව. මොකද ඒකාලේ චීනය සමග ගනුදෙනු කරන්න බටහිර යුරෝපයේ රටවල් අකැමති වෙලා තිබුන නිසා. නමුත් මට තේරුණා චීනය පොඩ්ඩ පොඩ්ඩ ලෝක වෙළඳපොළට අවතීර්ණ වෙනවා එතකොට සිංගප්පූරුවට කෙලවෙනවා කියලා. දැන් ඉතින් ඉස්සර තිබ්බ ප්‍රමාණයට ඒ බිස්නස් එක නෑ. වෙන වෙන ගේම් වලින් තමයි දැන් රට දුවන්නේ සිංගප්පූරුවේ මිනිස්සුන්ට අපි ඉස්සර කිව්වේ ( ලිවින් ඉන් අ ටින් කෑන් ) කියලා ඒ මිනිස්සු අද ලංකාවට කියනවා ඇති ( ලිවින් ඉන් හාමතේ) කියලා

      හැබැයි සිංගප්පූරුවේ සුරපුරයක් තියෙනවා. ඒක තියෙන්නේ උස බිල්ඩිං වල දහතුන් වෙනි තට්ටුවෙන් උඩට. සාමාන්‍ය පල්ලෙහා තට්ටුවේ හෝටලයක කාමරයක් ගත්ත මිනිහෙක්ට තමුං යන එළිවේටර් එක දහතුන තට්ටුවෙන් උඩට යවෙන්නේ නැ. එතනින් උඩ ජීවත් වෙන වෙනම ප්‍රකෝටිපතියො සෙට් එකක් ඉන්නවා. ඒ පැත්තට මුකුත් නීති රීති ගොඩක් දේවල් බලපවත්වන්නේ නෑ. මොකද සිංගප්පූරුවේ ගොඩක් නීතිරීති නොමැති නිසා. සමහර මිනිස්සු පහළට බහින්නෙවත් නෑ. බොහෝවිට සාමාන්‍ය පුද්ගලයකුට දැකගන්න හම්බවෙන්නේ මධ්‍යම පාන්තික ජනතාව පමණයි. ඉතින් ඇත්තටම රට ගැන නියම අවබෝධයක් ලැබෙන්නේ නෑ.

      මේක හරියට සුද්දෙක් ඇවිල්ලා ලංකාවේ පිටකොටුවේ මරදානේ මුඩුක්කු තියෙන පැත්ත දිහා බලලා මුළු ලංකාව ගැන අදහසක් ගන්න හැදුවා වගේ තමයි

      ජවිපෙ ලොක්කෝ වගේ ටුවර් ගිහින් තියා සින්ගප්පූරුවට සති කිහිපයකට යක ට්‍රේනින් එකක් ගිහින් ඇවිල්ලාවත් ඒ රට ගැන හරියට කියන්න බෑ.. අවූරුදු 80 මනුස්සයත් ටැක්සි එලවනවා තමන්ගෙ වියදම් හොයාගන්න ... තමන්ගෙ කියලා වාහනයක් ගන්න පුලුවන් සමාජයේ ඉතාමත්ම සුලුතරයකට පමනයි..

      උපන්දවසේ ඉදන් මැරෙනකන් බස්වලයි කෝච්චි වලයි ටැක්සි වලයි ...ඒකට ලංකාවේ හැම ගෙදරම වාහනයක් තියෙනව නේද ලන්කාවේ ගෙවල් වගේ එකහමාරක් වාහන තියෙනවා කියලා මම දැක්කා ආටිකල් එකක,

      රස කතාවක් තියෙනවා ඉයන් චීනා සිංගා උන්ගේ රෙදි එංගලන්තෙට වික්කේ අවුරුදු විසිපහක් විතර සිංගප්පූරුවේ මේඩින් සිංගප්පූරුව කියලා ගහලා තමයි. චීනෙට මේ බිස්නස් එක අල්ලන්න පුළු ඕන කමට අවුරුදු විසිපහකට පස්සේ ඒ අය ගිහිල්ලා කිව්වා සුද්දාට මේ මැටීරියල් එක අපිට දෙන්න පුළුවන් කියලා. සුද්දා සාම්පල් එක බලලා කිව්වා මේකේ කොලිටි මදි මෙන්න බලනවා ඕයි සිංගප්පූරුවේ වටිනා රෙදි කියලා අලි රෙදි කවිච්චියක් ගෙනල්ලා දැම්මා චීනා ඉස්සරහට. ඉතින් චීනා කිව්වාලු මේ රෙද්දත් හැදුවේ චීනේ තමයි මේක හැදුවේ සිංගප්පූරුවේ නොවේ කිව්වට සුද්දා කීයටවත් විශ්වාස කරේ නෑලු. ඒ පාර චීනා රෙද්දේ යාරයක් විතර කෑල්ලක් කපලා ඒ කෑල්ල පුච්චලා පෙන්නුවා. එතකොට නොපෙනෙන තීන්තෙන් ගින්දරට පේන තීන්තෙන් ඉන්විසිබල් ඉන්ක් කියන තීන්තෙන් මහා ලොකුවට ඒ රෙද්දේ ගහලා තිබුණා Made in China කියලා. අන්න එදා තමයි ලොකු රෙදි බිස්නස් එකක් එංගලන්තයේ චීන්නු කෙලින්ම සිංගප්පු කාරයන්ගේන් අතරමැදියෝ නොකර කෙලින්ම ලබාගත්තේ. චීනා මේ ලාංඡනය අවුරුදු විසිපහක් තිස්සේම සිංගප්පූරුවට විකුණපු රෙදිවල ගහලා තිබුණා. අන්න බලන්න රටක් දියුණුවට හැටි අනාගතය ගැන කල්පනා කරලා තමුන්ගේ අන්‍යන්නතාවය ආරක්ෂා කර ගන්නේ.

      මම මේ මට දැක්ක දැනුන තේරුණ බලපු දේවල් තමයි ලිව්වේ මේක වැරදි නං මට තේරුම් කරලා දෙන්න පුළුවන්ද?

      Delete
  5. පරුස්සා...
    ඔයා,
    කොච්චරවත්
    අපේ ගෙදර ඇවිත්
    මන් ඉන්න තැන්වල
    දැවටි දැවටි හිටියත්
    අදුරේ සැගවෙලා
    හොරෙන් බැලුවත්
    මන්
    කැමති නෑ කිවුවොත්
    කිවිවම තමයි ඉතින්
    එන්න එපා අප්පා
    අප්පිරියයි....

    ම්කුලුවෙක්වත්
    ගෝනුස්සෙක්වත්
    නොවෙන
    ඔයාව ....

    ඒ මදිවට හැව අරින...

    අන්න ඒකට
    පැගිරා....


    නැට්ටත්,දලත්
    විනාකිරි ගදවුනත්
    ඇසිටික් අම්ලත්
    තියෙන....
    ඔයා කොයිතරම් වටිනවද...
    නිතර දකින්නත්
    නැතිකොට
    පෙම් කරන කෙල්ලෙකුට
    Love හිතෙන...
    උම්මා😍

    ගෙපත්තෑයා...

    ඊක්කා
    නමේ කැත.
    ඒකෙන්ම පේනවා
    ඔයාගෙ හිත....

    අහිංසකවුනාට
    මක්කටද අයියෝ
    දලත් තීලා
    විදින්න බැරිනම් විස...

    ReplyDelete
  6. ජවිපෙ ඒවි හෙට බලයට
    පාර කපයි හිඟන රටට
    මාත මෙහෙම කියන කලට
    අහන්න හිතුනයි මෙලෙසට

    මේ මොහොතේ අපේ රටට
    කියන නමක් කියපන් මට

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න