.

.

Aug 15, 2024

ඔබට මතක නැති මට අමතක නැති තඹුත්තේ ගමයාගේ ඩිජිටල් සමිට්

 


ඔබට මතක නැති මට අමතක නැති

තඹුත්තේ ගමයාගේ

ඩිජිටල් සමිට්

➖➖➖➖⭕➖


නොදන්නා මළහත්තිලව් කතා කරන්නට ගොස් නා ගැනීමේ පිකාසෝලා බවට ජෙප්පෝ පත් වී බොහෝ කල් වෙනවාය....


උන් ත්‍රීකුණාමලෙන්, මිනිරන් ගැෆයිට් කිරීමෙන්, සල්ෆියුරික් අම්ලයෙන් රට ගොඩගන්නවා කියා.... හත්පොලේම ගාගෙන නාගෙන අවසානය. උන්ගේ බයිලා දෙවනි වන්නේ... සියල්ල දෙන බවට පොරොන්දු දෙන සක්කරයාගේ පුතා වයිමා හෙවත් පුතානෝට විතරමය.


අන්තර්ජාලේ හොග් ගාලා ගියොත් ඔක්කොම විනාසයි කියූ... ඉලෝන් මස්ක් ආර්ථික ඝාතකයෙක් යැයි කියූ ගං කබර හාල්පාරුවෝ... ඊයේ පෙරේදා තාජ් සමුද්‍රා හෝටලයේදී තොරතුරු තාක්ෂණවේදී වෘත්තිකයින්ගේ සමුළුවක් පවත්වා.. ඊට පැමිණි වෘතීයවේදියෙක්ගෙන්ම එම සමුළුව පට්ට ෆේල් විකාරයක් බවට අසාගෙන.... හත් පොලේ ගා ගැනිම මේ දිනවල ගෑස් ටැංකියටත් වඩා ජනප්‍රිය මාත්තුරුකාවක් වී අවසානය.


මුලින්ම කිව යුත්තේ.... මේවාට එන බෙල්ලේ පාලුවට ඔළුවක් ඇතු අමු වදකහ ගොබ්වයන්.... මේවාට පැමිණීමට කලින් තම තමන්ගේ ඔළුව හා යටි පතුල් අතගා... කුර හා අං මතු වී ඇද්දැයි සොයා බලන ලෙසටය. උපතින් ලද පර්සනල් ඉෂුස් මේ කබරයන්ගේ මීටිමකට ගියාම අහෝසි වනවාට වඩා වෙන්නේ විනාශ වීම බව දැන් හෝ වටහා ගත යුතු වන්නේය....


අනුර කුමාර නම් හද්ද ළිං මැඩි ගං කබර තඹුත්තේ ගමරාල පාර්ලිමේන්තුව ඩිජිටල්කරණයට පමණක් නොව... රාජ්‍ය අංශයේ.... ආදායම් බදු දෙපාර්තමේන්තුව... රේගුව වැනි ආයතන  ඩිජිටල්කරණයට විරුද්ධව කතාකලා පමණක් නොව... තම වෘත්තීය සමිති ඊට විරුද්ධව මෙහෙයවු සතා බව අනෙක් ඩොන්කියන්ට අමතක වූවාට අපට නම් අමතක වන්නේ නැතිය.


එපමණක් නොව.... එම සමුළුවේ කතා බහට ලක් වූ ඩිජිටල් හැඳුනුම්පතට විරුද්ධ වූයේ... අපේ කුරවැසියන්ගේ ජීව දත්ත සියල්ලම ඉන්දියාව හොරා ගන්නවා යැයි කියාය. එය ඉන්දියාව නොමැතිව කලත්....  වර්ල්ඩ් වයිඩ් වෙබ් යන්නෙහි තේරුම නොදත් මෙවැනි ගං කබරුන්ට බියේ ඒවා අකුලා ගන්නා පාලකයෝද අමු ගවයන්මය.


මේ සමුළුවලට ආර්ථිකය ගැන පෙනී ඉන්න එකා ගේන්න බැරි නිසා.... ගෙනාවේ ජොස්තර නලින්ද ජයතිස්සය.... මෙලෝ අලබෝලයක් නොදන්නා ඒ යකාට කියන්න ඕනා ටික අර බුවා කිව්වේය.... මුන් සමාජයේ පිලිගැන්මක් ඇති වෛද්‍ය වෘත්තියටත් නිගාවකි.


ටැක්ස් ගැන කතා කොරන්න ගියේ.... මෙවැනි සංවාද වලදි හත්පොලේ නොව සර්වාංගයේම ගාගෙන නාගෙන හඬාගෙන පච වී යන චතුරංග අබේසිංහ මහා බුද්ධිමතානෝය. බුවාත් බ්ලා බ්ලා බ්ලැක් ෂීප් කියන්නට ගොස් වෘත්තියවේදියාගෙන් කන පැලෙන්නම අසා ගත්තේය.


මුන් නම් හද්ද ගං කබරු නිසා මේවා ගැන හිත හදාගත්තත්... ලංකාවේ ඔක්කොම පාසල් දරුවන්ට ටැබ් දෙන්න යන කොට විරුද්ධ වුනේ.... රෙන්න යන කොටත් ටැබ් එක අරගෙන යන දැන් දිලිත් එක්ක ඉස්මාර්ට් රටක් හදන්නට යන මංගොනාපිල වියතානෝ බවත් ලියා...


අෂීක්ලන්තේ ඩිජිටල්කරණ පල්හෑල්ල මෙතනින් නවතා දමනවාය.


ඒ වගත් මෙසේය......


.

47 comments:

  1. මේ කතාව සහතික ඇත්ත, මට හිතාගන්න බැරි ලංකාවේ ඇතැම් උගතුන් කියාගන්නා මීගවයනුත් ජවිපෙ වගේ මෙලෝ වැඩකට නැති පසුගාමී ගොබ්බ සමාජවාදය අනුව හැඩගැසුන කිසිම ආකාරයක ලෝකය ගැන කිසිම අවබෝධයක් නැති තකතීරුවන් පිරිසක් උඩදමාගෙන යන එකයි.

    ඔය සාකච්ඡාවට ආපු උන්ගෙනුත් මොළේ තියෙන එකෙක් තමයි ඔහොම ප්‍රශ්න අහලා බලන්නේ, අනික් මීගවයෝ ඔහේ අරුන් ගහන ගොන් බයිලා අහාගෙන අප්පුඩි ගහනවා

    දැන් ජවිපෙ මාලිමා මීහරක් හැත්ත බුරුත්තම අර ප්‍රශ්න අහපු මොළේ තියෙන මනුස්සයා වෙන පක්‍ෂ වලින් එවපු ඉත්තෙක් කිය කිය මඩ ගගහා උන්ගේ සැබෑ ස්වරූපය අපට පෙන්නනවා.

    මට කියන්න තියෙන්නේ මෙන්න මේ කියමන තමයි

    //එක්තරා යුගයක ආගම් නොමැති කාලයක් තිබුණි එකල මිනිසුන් සහෝදරත්වයෙන් ජීවත් වූහ මෙය දුටු යක්ෂයා කිපුනේය​මිනිසුන් සාමයෙන් සහෝදරත්වයෙන් ජීවත් වීම යක්ෂයා දිනෙන් දින දුර්වළ කිරීමක් විය​මිනිස් වර්ගයාගෙන් මානුශික ගුණාංග අතුරුදහන් කිරීම​ට යක්ෂයා ආගම් නිපදවන ලදි ඉක්බිති යක්ෂයා ආගම් මිනිසුන් වෙත දමා ගැසීය​ආගම් නිසා දෑස් අන්ධව ගිය මිනිසුන් කෝළහාල​ කර ගත්හ ආගමේ නාමයෙන් තම අසල්වාසියා පරි පීඩනයට ලක් කළහ​ආගමේ නාමයෙන් මහාජන සංහාර කළහ​ආගමේ නාමයෙන් බෙලි කපා දැමූහ​ආගමේ නාමයෙන් සමූහ දූෂණ කළහ මේ දුටු යක්ෂයා ශබ්ද නඟා සිනාසුනේය​//

    මේකේ ආගම් වෙනුවට "ජවිපය/ NPP/ මාලිමාව" කියන වචනය දාල බලන්න. එතකොට කතාව සමාන බව තේරේවි. 😄

    ReplyDelete
    Replies
    1. ඔය යකා කතා කරන්ඩ දක්ෂයෙක්. වැඩක් බෑ.

      Delete
  2. ඒ ප්‍රශ්න කරපු එකෙන් NPP කට්ටියගෙ අවුල පෙන්වනවා. ඒක හොදයි. ඔවුන් මේක ධනාත්මක විදියට භාර ගන්න ඕනේ, ඔවුන්ගේ තියෙන ප්‍රායෝගික බරපතල අඩුපාඩු හදාගන්න.

    අනෙක ඊයේ SL VLOG වල "What If” වැඩසටහනට ආපු හරිනි කතාකලෙත් එහෙම තමයි. නිළ ප්‍රතිපත්ති ප්‍රකාශයක් නැත්නම් අඩුම තරමේ ඩ්‍රාෆ්‍ට් එකක් හෝ අරන් ඇවිත් කතාකරන්න ඕනේ. තාම කතාකරන්නේ කිසිම දෙයක් නිශ්චිත නැතුව. අපි ඒක කිව්වම අපි එක්කෝ රනිල්ගේ ගොට්ටෝ, බත්බැලයෝ, වහල්ලු, මැදමුලනේ දංකුඩ කන පෙරේතයෝ කියලා අපට බනිනවා විතරයි, ඒ ප්‍රශ්නයට හරියට Address කරන්නේ නෑ, මම නම් දැන් මාලිමාවේ අයට කතා කරන එක නතර කරලා තියෙන්නේ, මම අදහස් කළේ ඔවුන්ට සහායට මේ අඩුපාඩුව පෙන්වා දෙන්න, එතකොට ඔවුන් ඇවිල්ල මට කුණුහරුප කියලා බනිනවා නම් ආයේ මොකටද කියල මමත්, තවත් මම වගේ ගොඩක් කට්ටියටත් ඔවුන් එපා වෙලා තියෙන්නේ එයාලගේ ඔය අතිපණ්ඩිතකම නිසාමයි.

    ReplyDelete
  3. මාතේ මුලින්ම කියන්න ඕන අප කරන්න ඕනේ රටේ සාර්ථක වෙච්ච වැඩ පිලිවෙලවල් අගය කරලා ඒවා ගැන සහ ඒවායින් වුණ ප්‍රතිඵල වාසි අවාසි පිළිබඳව විචාරාත්මක සංවාද කිරීම මිසක් මං නම් හිතන්නෙ මේ වගෙ පුද්ගල සැමරීම් අනවශ්‍යයි කියල...

    උදාහරණ විදිහට ලංකාවේ නිදහස් අධ්‍යාපන වැඩසටහන ගැන අගය කරන්න පුලුවන්, ඒකට පාදක වු කන්නංගර මහතාටත් අගය කරමින්, එහෙම නැතුව බොරුවට කන්නංගර වීරයා කියලා මහා නැටුම් නටලා ඔහුගේ මහා තඩි පිලිම හදලා පිලිම වන්දනා හෝ පුද්ගල වන්දනා වලින් කාටවත් සත පහකට වැඩක් නෑ

    ඇත්තටම සමරන්න ඕනෙ රට දියුණු කරපු වැඩසටහන්, ප්‍රතිපත්ති සහ සැලසුම්.. දාස මුදලාලි සාර්ථක වුණේ කොහොමද කියන එක මිසක් දාස මුදලාලිට වර්ණනා ගුණ කථන වන්දිභට්ට වන්දනාවල් වැඩක් නැති දේවල්

    මාලිමාව කියන පකෂයත් අනුර කුමාර දිසානායක කියන්නේ මහා සුපර්මෑන් කෙනෙක් කියාගෙන පුද්ගල වන්දනාව කරනවා විතරයි, ඒකෙන් කෙලවෙන්නේ ඒ අයටමයි

    ආසියානු රටවල පුද්ගල වන්දනාව ලොකෙ අනෙක් කලාප වලට සාපේක්ෂව ඉතා ඉහලයි කියල තමයි මට හිතන්නෙ ....

    මෙතන මාතලන් මතුකල කරුණ ඇත්තක්. පුද්ගල වන්දනාව සමූහයට හානියක් පමනක් නෙවෙයි අදාල පුද්ගලයාටද ඉතාම බරපතල ලෙස පාරාවලල්ලක් බවට පත් වෙනවා.

    ReplyDelete
  4. ඔය ප්‍රශ්න කරන පොර ආගමික අන්තවාදී ඉසලාම් භක්තිකයෙක් කියලා බනිනවා නේද? මාලිමාවේ අය ඔහුට ඔහුගේ ආගමික සම්බන්ධයත් මතු කරලා ඔහු ආගමික ත්‍රස්තවාදියෙක් කියලාත් කියල තියෙනවා දැක්කා

    හැබැයි ලංකාවේ බෙදුම්වාදය ආයිත් එන්නෙ නැහැ කියන එකයි මගේ හැඟීම ..ඒක නිර්මාණය උන මේන් එලිමන්ට් අහොසි උනා 2009 යුද්ධ ජයග්‍රහණය එක්ක..
    නමුත් ඩයස්පොරාව අහොසි නොවන්නෙ ඒක සාමාන්‍ය දෙයක් විදෙස් ගත දමිළ ප්‍රජාවගේ..

    දකුණු ආසියාවට වගේම ලෝකයට හිසරදයක් වෙන්නෙ ඉස්ලාම් රැඩිකල්වාදීන්.. මැදපෙරදිග එක්සත් අරාබි එමිරේට්ස් 2014 ඉදන් ඔවුන්ගේම රටේ පුරවැසියන් ( ලෝකල් අය ) ඉල්ලක්ක කරමින් ඉන්නවා ..2017 දි අබුඩාබි ප්‍රාන්තය විසින් ඔවුන්ගේ බුද්ධි අංශ හරහා ක්ශනික මෙහෙයුමක් මගින් ප්‍රකෝටිපති පුරවැසියෙක්ගේ අනුග්‍රහය දැක්වු ආගමික ශාලාවක් වටලලා අනුවකට අධික පිරිසක් අත් අඩංගුවට ගන්නවා.ඔවුන් හැමෝම ඉහල රාජ්‍ය නිලධාරීන් එසේම ව්‍යාපාරිකයන්..රජය ක්‍රියා කලේ එරට නීතිය අනුව..සුන්නි මුස්ලිම් රාජ්‍යක් උනත් ශාරියා නීතිය ක්‍රියාත්මක කරන්නෙ නැහැ ..මරණ දඩුවම නැහැ..ඒ වෙනුවට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් පමණයි..අද යූ.ඒ.ඊ ජනාධිපතිවරයා එදා ඔහුගේ හිතවතුන් හෝ කියලා බලන්නෙ නැතිව වසර එකේ සිට දෙක දක්වා සිර දඩුවම් අධිකරණය විසින් දුන්නම බලපෑම් කලේ නැහැ ...ඔවුන් ඉස්ලාම් ආගමික පුනරුත්ථාපනයක් වෙනුවෙන් දිනපතා දේශන සහ පංති පැවැත්වුවා..ඒ ලෝකයේ ඉස්ලාම් රැඩිකල් මූවුමන්ට් ආරම්බ කාලේ..ලංකාවේ පාස්කු කේස් වෙන්න ඉස්සෙලාම මේ රට අන්තවාදීන්ට වැට බැන්දා..සියලුම තරු පහේ හෝටල් වලට ( හෝටල් මුලු යූ.ඒ.ඊ පුරාම තරු පහ සහ හතර 500 කට ආසන්නයි .) ගෙස්ට්ලා වෙනත් රටවල් විශේෂයෙන් සිරියාව ,ලිබියාව ,ඉරානය ,ඉරාකය ,පකිස්තානය ,කටාර් රාජ්‍ය ,අප්‍රිකානු මහද්විපය තුල ඇති සෝමාලියාව සහ තවත් ඉස්ලාමික් මූවුමන්ට් තියෙන රටවල සංචාරකයන් මොනිටර් කරන්නෙ ඔවුන්ගේ පාස්පෝර්ට් හොටෙල් එකේ රිසෙප්ශන් එකේ ලොජින් වෙන්න ස්කැන් කරන මොහොතේම කනෙක්ට් වෙනවා ඩුබායි සී.අයි.ඩි සිස්ටම් එකට..පැය 24 පුරාවට ඉන්න සයිබර් ක්‍රයිම් සහ ඉන්ටර්පොල් එක්ක සම්බන්ධ ලින්ක් හරහා සෑම කෙනෙක්ම ස්කැන් කරනවා ඒ දියුණු තාක්ෂණය හරහා..හොටෙල් සිකියුරිටි එකට විස්තරක් සිස්ටම් ලින්ක් කරලා තියෙනවා ..මාත් රාජකාරි කරන්නෙ එවැනිම හොටෙල් එහෙක නිසා තමයි මේ අත්දැකීම ගැන මෙහෙම විස්තර කරන්න පුලුවන් වුණේ.

    ReplyDelete
  5. කාටත් කට වචන වරදිනවා..
    අනිත් උන්ට වැරදුනාම , මැදමූලනේ නාකි මයිනා මහින්ද- ඔය දන්නෙ නැද්ද පොඩ්ඩ පොඩ්ඩ ඩාම් වෙනවා ඩෝම් වෙනවා, පොරත් හිනාවෙලා පිළිගන්නවා..රනිල් නම් ඒ ගැන වචනයක් වත් කතා කරන්නේ නෑ.. (පස්දුන් රට අර්ථදැක්වීම, බුදුන්ට අංගුලිමාල ගල් පෙරලීමේ කතාව, කුලියාපිටිය වෝක්ස්වාගන් කම්හල) රනිල් නම් සමහර ඒවා හිතලම කරලා වැරදීමක් වුනේ කියන ජාතියේ පාහරයෙක්. මිලේනියම් සිටි බුද්ධි නිලධාරීන්ගේ තොරතුරු හෙළි කරේ ඒ විදිහට. දෙයක් වැරදුනොත් රනිල් ගොළුවෙක් වගේ ඉන්නවා, සජිත් ගොනා නම් හතර වරම් පච ගහනවා. "ශ්‍රී මුඛය නෙවෙයි මම කිව්වෙ මගේ මේ 'මේ" මුඛයෙන් කියලා" යනුවෙන් අතේ පැලවෙන පච ගහනවා. ඌ අදටත් හිතාගෙන ඉන්නේ තුඹස් හදන්නේ නයි කියලා. රෝසි හිතාගෙන ඉන්නේ "සිංහයාට" දියෙන් කිරි වෙන් කරගන්න පුළුවන් කියලා. රවී කරුණානායක පිංගොනා අයවැය ලේඛනය කියාගන්න බැරුව තටමලා පාර්ලිමේන්තුවේම රෙද්දේ රෙවාගත්තා.. අනිකා බැසිල්ට නම් අකුරු කියවන්නත් බෑ. අයවැය කොලේ බලාගෙන කියෙව්වේත් අප්‍රබංශ වගයක්. අනුරට ඉංග්‍රීසි වචනයක් බැරුව රට පටලවාගෙන ගොන් කම ප්‍රදර්ශනය කරනවා, මහ ලොකුවට භෞතික විද්‍යාව ගැන උපාධිය තියෙනවාලු ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනගන්න ඕන විෂයයක් හදාරලා මිනිරන් සහ ග්‍රැෆයිට් දෙකම එකයි කියලාවත් ග්‍රැෆීන් සහ මිනිරන් අතර වෙනසවත් පරන්තන් වල HCl හයිඩ්‍රෝක්ලෝරික් අම්ලය නිෂ්පාදනය කරන බවවත් දන්නේ නැතුව බහුබූත සල්ෆියුරික් කතාවක් කියවලා පසසේ වහල් ජෙප්පො මීහරකුන්ට අනුරගේ ගූ හෝදන්න බුකියේ වැලලෙන්න සිදුවුණා 😅🤣😂 වෙන පක්ෂවල උන්ට වචනයක අග කොටස පැටලුනාම, රෙදි නැතුව උඩ පනින ගොන් ජෙප්පන් කියන හරක් රැලටත්
    ලෝක ආර්ථිකය ගැන මෙලෝ අවබෝධයක් නැති සාමාන්‍ය දැනුම වත්නැති කිසිම විෂයයක් ගැන මෙලෝ අලබෝලයක් නොදන්නා මොළේ කළඳක් නැති හඳුන්නෙත්තිලා ආර්ථික ඝාතකයන් විදිහට Elon Muskගෙ නමත් කියෙව්වම ඌම වෙච්ච් වැරැද්ද පිළිගත්තත්... මීහරක් මාලිමා වහල්ලු පෝස්ට් හද හදා බුකියෙ වැළලෙනවා.. මාලිමාව රටේ පාලන බලය ගත්තොත් වැඩ වරද්දා ගන්නේ ඔහොමම තමයි.. ඇත්තටම ඔයිටහපන් වේවි

    අනිත් අතට...දැන් ග්‍රැෆයිට් - ග්‍රැෆින් ගැන බුකියේ ලෙක්චර්ස් දෙන ගොඩක් උනුයි, හඳුන්නෙත්තිලා අවුරුදු 2,200 කට ඉස්සර රුවන්වැලිසෑය හදන්න කොළඹ වරායෙන් සිමෙන්ති ගල් වැලි ඉම්පෝට් කරපු ගොන් කතායි, නොදන්න ධර්ම සංගායනාවල් ගැන පොරටෝක් දෙන්න ගිහිල්ලා කියවිච්ච වැරදි රට බයිලායි, ලාල් කාන්තගේ කතාවල තියෙන බොරු බයිලා කට් කරලා අරගෙන, පට්ට ගහන උන් පවා පහුගිය කාලේ හිතන් හිටියේ කාබනික පොහොර කියන්නේ චීන්නුන්ගෙ ගූ වලට කියලා.. 🤣🤣🤣 ඉතින් ඔය හරක් ගැන කවර කතා ද?

    https://www.facebook.com/100087373251920/videos/427876933598696/?mibextid=PrwyjqcTLlksUAL4

    ReplyDelete
    Replies
    1. එහෙනම් කියපන් බලන්ඩ HCl හදන්ඩ ගන්න අමුද්‍රව්‍ය මොනවද කියල. හ හ හා....

      Delete
  6. තඹුත්තේගම අනුර කුමාරගේ ඇට දෙක

    ReplyDelete
    Replies
    1. ඇට දෙක දැකල නැතෙයි.

      Delete
    2. ඇට කොයින්ද බං පොන්නයින්ට? අනුර කුමාර දිසානායක කියල කියන්නේ දාර පොන්න හිවලෙක් නේ? 🤣😂😅

      Delete
  7. මෙන්න මේ වගේ සිද්දි දෑක්කහම තමයි අපේ වෑරදි දුටුතෑන දඩුවම් කර අපිව යහමග යවපු මගෙ දුප්පත් තාත්තට මල්තියල වදින්න හිතෙන්නෙ. 80 ජුලි වර්ජනයේදී දුප්පත්කමට කෑමට දෙයක් නොමෑතිවිට, කිරිඅල, ගහල පමනක් නෙමෙයි කෙසෙල් අල පවාකෑමට ගෙන කඩවලට නය නොවී වෑරදිවෑඩ නොකර ජීවත්වෙන්න ක්‍රියාවෙන්ම අපට පෙන්වු මගේ තාත්තාට බුදුබව අත්වේවා.

    ReplyDelete
  8. එකඟයි. සජිත් යනු ව්‍යසනයකි, රාජපක්ෂලාට වඩා බෙහෙවින් භයානකය. ඔහු මුගාබේ හෝ ඉඩි අමීන් ලෙස කටයුතු කරනු ඇත. ඔහු රාජපක්ෂ පවුලටත් වඩා ඉතා අධික ලෙස ගජමිතුරුකම, පවුල්වාදය ප්‍රවර්ධනය කරනු ඇත. ඔහු කිසිසේත්ම කණ්ඩායම් ක්‍රීඩකයෙක් නොවේ. සජිත්ට රට ගැන කිසිම දැක්මක් නැහැ.

    ලංකාවේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ යුතු කෙනා සාමූහික බැඳීම විශ්වාස කරන අයෙකු විය යුතු අතර එය ඔහුගේ ප්‍රබලම ලක්ෂණය වියයුතුයි. වෙනත් ඕනෑම අවස්ථාවකට වඩා මේ මොහොතේ වත් ලංකාවට සාමූහිකත්වය රටට අවශ්‍ය වේ.


    https://www.facebook.com/share/r/U1jsGfjhF9diKwBz/?mibextid=oFDknk

    ReplyDelete
  9. කුලියට ලියන උඹ වගේ එවුන්ටයි උඹට සහයට ඇනෝ කොමෙන්ට් දාපු කුලී ලියන්නො ටිකටයි තව පොඩි කාලයයි තියෙන්නෙ රස්සාව කරගන්න. මේ දවස් 34 ඇතුලත පුලුවන් තරමක් හම්බුකරගනිං මාතලං. ආයෙ ඉතිං ඔය වගේ රස්සාවක් හොයාගන්න වෙන එකක් නෑ කාලෙකට. පුක පොඩ්ඩක් හොඳට හෝදගෙන හිටහං සුද්දෙක් පස්සෙං හරි යන්න චන්දෙන් පස්සෙ.

    ReplyDelete
  10. NO ISSUES LETS VOTE FOR NAMAL AND WAIT HIS FATHER'S ''ASIYAVEASCHARYA''...!!!

    ReplyDelete
    Replies
    1. @ ලලිත්

      නාමල් රාජපක්ෂ හෝ පොදුජන පෙරමුණ පොහොට්ටුව කියන හොර රැල ගැන ඔබේ අදහස වෙනස් කර ගන්න කියලා කියන්න ඕනේ, මොකද ඇත්තටම ඔය රාජපක්ෂ පවුල කියන්නේ ලෝක අණ්ඩපාල ඩීල්කාරයෝ පිරිසක්

      පෙනෙන විදියට මේ සැරේ ජනාධිපතිවරණය පැවැත්වුවත් ඒකේ කාටවත්ම බහුතරය ලැබෙන එකක් නෑ, ඔය නාමලා දාල තියෙන්නේත් ඒකයි, දිලිත් ජයවීරලා, පොන්සේකලා වගේම මාලිමාවත් කරන්නේ රනිල් බලයට පත් කරන්න එක්සත් ජනපදය සහ ඉන්දීය විදේශ නියෝජිතයන්ගේ ඩීල් එකක්

      මෙවර ලංකාවේ ජනාධිපතිවරණය කාටවත්ම බහුතරය ලැබෙන එකක් නෑ, එතකොට දෙවෙනි මනාපය ගණනය කරන කොට ඔතන ලොකු අවුලක් හැදිලා මහා විකාරයක් වෙයි මාලිමාව එතකොට අර 2010 සෝමවංශ අමරසිංහ කිව්වා වගේම කොම්පියුටර ජිල්මාට් වගේ මැතිවරණය වංචාවක් කියලා මහා කලබගෑනියක් ඇති කරයි, නාමල්ලත් ඒකට සපෝට් කරාවි, එතකොට එන අරාජික තත්ත්වයට පත්වීම සමග සජීත් ප්‍රේමදාස සහ අනුරලා නාමල්ලා සේරම එකමිටට මග ඇරලා යනකොට එකපාරටම ආපහු සැරයක් කුජිත විදියට පරදින පාදඩ රනිල් වික්‍රමසිංහ කියන සොම්බි මහල්ලාව වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වැඩබලන ජනාධිපති ධූරයට පත්වෙයි, ඊට පස්සෙ හොර පාරෙන්ම ආයිත් වතාවක් බලයට පත්වන බවයි පේන්න තියෙන්නේ

      නාමල්ලා වගේ පාදඩ තක්කඩියන් ගැන විස්වාසය තියන්න එපා, ඔය ඔක්කොම එවුන් බොරුවට බැන ගත්තාට යටින් සේරම එකමිටට එකමුතුයි රනිල්ලා අනුරලා රාජපක්ෂලා වීරවංශලා වගේම ප්‍රේමදාසලත් හොඳම ඩීල්කාරයෝ තමයි ලංකාවේ දේශපාලනය සම්පූර්ණයෙන්ම පවතින්නේ ඩීල් මත බව තේරුම්ගත යුතුයි.

      Delete
    2. ජයවේවා දියසෙන් කුමාරයාට.

      Delete
  11. ලංකාව මෙවර 17 වෙනි වතාවට අත්සන් කරල තියෙන IMF ගිවිසුමත් වෙනස් කරන්න පුළුවන් නේද මාතලන්? මම කිව්වේ ඒකේ මුලික රාමුව වෙනස් නොකර?

    මම කියන්නේ ඉදිරි වසර 4 සදහා IMF ආයතනය ණය ගෙවීමට අදාලව රාජ්‍ය ආදායම ඉපයීම බදු සහ රාජ්‍ය වියදම් සුළු වශයෙන් සංශෝධනය කරන්න පුළුවන්.

    එහෙම බැරිනම් රනිල් වික්‍රමසිංහ ඊලග වසර මුලදී රජයේ සේවකයන්ට වැටුප් වැඩිකිරීම් වගේ යෝජනා ගැන කථා කරන්නේ නෑ නේ. උදාහරණයකින් කිව්වොත් ඒ කියන්නේ රාජ්‍ය ආදායම ඔවුන්ට වක්‍ර බදු වලින් බිලියන 1000ක් හොයන්න ඉලක්කයක් වගේ තියනවනම් එම වක්‍ර බදු උපයන ඒ ඒ බදු වර්ග වලින් උපයන ආදායම් ප්‍රමාණ අඩු-වැඩි කරන්න පුළුවන් නේද?

    මෙයට උදාහරණයක් ලෙස දැනටමත් යම් යම් භාණ්ඩ වලට පණවා ඇති බදු වර්ග අඩු වැඩි කරන්න පුළුවන්, ඊළඟට රාජ්‍ය සේවකයන්ට ලබා දී ඇති ආදායම මත බද්ද අඩු වැඩි කරන්නත් පුළුවන් නේද?

    හැබැයි ඒවා අඩු කරන විට එයින් අඩුවෙන රාජ්‍ය ආදායම වෙන ක්‍රමයකට අය වෙන වෙනත් ආදායමක් හෝ බද්දක් හදලා IMF ආයතනයට සහ විදේශ ණය හිමියන්ට පෙන්වන්න ඕන.‼️ ඒකයි මෙතන තියෙන ප්‍රශ්නය

    මම ඊයේ අහගෙන මාලිමාවේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා VAT බද්ද සම්පූර්ණයෙන්ම අහෝසි කරනවා කියනවා.

    හැබැයි ඔහු එය අහෝසි කරනවා කියනකොට එයින් අහිමි වන රාජ්‍ය ආදායම උපයන ප්‍රවේශය කියන්නේ නෑ.

    මේ ගැන ජවිපෙට ඡන්දය දෙන්න කියල අපට බලකරන මිත්‍රයන්ගෙන්
    ඇහුවම කියන්නේ දැනට රජය කරන බිලියන ගණන් සොරකම් නවත්වා මීට පෙර රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂ පවුල හොරකම්
    කරපු සල්ලි නැවත අයකර ගන්නවා කියන එක, නමුත් ප්‍රශ්නය නම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න ගියොත් ඉතිං ඒවා කරන්න වසර 4 කින් පුළුවන්ද කියලා දනිනෝ දන්නවා.

    හැබැයි අනුර සහෝදරයා කීව එක දෙයක් කරන්න පුළුවන්. පාසල් උපකරණ වලට දීලා තියෙන බදු අයින් කරනවා වගේ දේවල් කරන්න පුළුවන්.

    මට හිනා යන්නේ නන්දසේන මෝලා ජනාධිපති වෙලා VAT බදු අඩු කරපු හංදා රාජ්‍ය ආදායම අඩුවුන නිසා රටේ ආර්ථිකය ඇකිලෙනවා කියපු අයම දැන් මේ 2023 නවතම IMF ගිවිසුමට අනුව රාජ්‍යයක් ලෙස අපට ලබා දීලා තියෙන දැන් කැමති වුනත් නැතත් රට ඉස්සරහට යන්න තියෙන ව්‍යාපෘතියක රාජ්‍ය ආදායම් ඉලක්ක වලට යන්න වැට් (VAT ) අහෝසිම කරලා යනවා කියනකොටයි.😀😀.

    අපට රාජ්‍ය වියදම් පාලනය කරන්න එක රැයකින් පුළුවන්, රජයේ සේවක වැටුප් ගෙවීම නැවතීම, සංවර්ධන ව්‍යාපෘති නැවැත්වීම වගේ දේවල් වලින්, නමුත් රජයට රාජ්‍ය ආදායම් වැඩි කරන්න එක රැයකින් පුළුවන් බදු ගැහීමෙන් මිස බදු කපා හැරීමෙන් නෙවෙයි නේද?

    දැන් බලයට පත්වුණ පසුව මාළිමාව එහෙම කරනවනම් එයින් අහිමිවෙන ආදායමට අදාල වාර්ෂික IMF ඉලක්ක සපුරන්නට නම් අනිවාර්යයෙන් බැංකුවල සහ මූල්‍ය ආයතන වල තියෙන සාමාන්‍ය ජනතාවගේ තැම්පත් යම් කාලයකට රජයට පවරා ගන්න වෙනවා. ‼️

    ආන්න එහෙම නම් VAT මගින් උපයන බිලියන ගානක්,අහෝසි කරලා හොරු අල්ලලා ඒ සල්ලි රාජසන්තක කරලා ජනතාවට තැන්පතු ආපහු ඒ මුදලින් ගෙවනකල් පුළුවන්.

    එහෙමද ආස කියලා අපි නම් දන්නේ නෑ. අනුර සහෝදරයා ඒක ජනතාවට පැහැදිලි කරන්න වෙනවා.

    සමහර විට මේවා කියන්නේ පොර ජනාධිපති නොවෙන බව දැන දැන වෙන්න පුළුවන්..මොකද ජනාධිපති වෙන කෙනෙක් එහෙම IMF එක එක්ක තියන ගිවිසුම දැන දැන මේක කියන්නේ නෑ. සමහර විට මේවා කියන්නේ ජනාධිපතිවරණයෙන් පස්සේ එන මහ මැතිවරණයට වාසියකි ගන්න මොකද එතකොට කියන්න පුළුවන් අපි බලයට ආවනම් කියපු විදිහට VAT අහෝසි කරනවා. ජනතාව අපට බලය දුනිනේ නෑනේ කියලා 😀😀

    ReplyDelete
  12. මාතලන් ලංකාවේ දේශපාලන පක්‍ෂ සහ සංවිධාන වල manifesto තිබුනට මඳි, එකට වගවන, වගකියන ක්‍රමයක් ඕනේ.. Accountability and responsibility should be properly established rather than making cheap fairy promises, witch are simply and easily becoming breached promises after the election අනෙක ඔය වියත් නොවියත් මගවල් වගේම එජාප සජබ ජාජබ ආදි සියලුම දේශපාලන පක්ෂ වලට සම්බන්ධ සංවිධාන සේරම එකම ක්‍රමය තමයි අනුගමනය කරන්නේ, ඔය සියල්ලෝම ඔය වගේ සංවිධානය වී සමුළුවක් තියලා සියල්ලෝම ඒකෙන් ජනතාව මුලාකරලා තම පක්ෂයට ලකුණු දාගත්තා මිසක් මෙලෝ දෙයක් කලේ නෑ, බලයට ඇවිල්ල හෑවා විතරයි. ලංකාවේ මගී පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ ආබාධිත අය ගැන විතරක්ම කතා කළත් ඇත්තටම අබාධිත වීමේ ආදීනව දැකලා තියෙන Colonel සහ Brigadier දෙන්නෙක් තුන්දෙනෙක් විතරයි චන්දෙන් පස්සේ යමක් කරන්න උත්සහ කලේ. එකටත් දේශපාලන ප්‍රවාහය හරහට හිටියා.

    මම පහුගිය 2019 වසර අගදී ගෝටාට සපෝට් නොකරා උනත් ජනාධිපති උනාට පස්සේ මෑන්ට සුබ පතලා ලංකාවේ ප්‍රවාහනය හදන්න පුළුවන් විදිය ගැන මිනිසුන්ගේ ජීවිතවලට වියදම් වලට ඒක බලපාන විදිය ගැන පැහැදිලි කරලා proposal එකකුත් දුන්නා, ඒත් ස්තුති කරලා ලියුමක් එව්වා විතරයි.

    ඊට පසසේ ඒ යෝජනා ලංකාවට ගියපු වෙලාවක පෞද්ගලිකවම හම්බෙලා දුන්නා එවකට රජයේ වැඩක් කරයි කියලා හිතපු නාලක ගොඩහේවාට සරත් වීරසේකරට මහින්ද අමරවීරට උදය ගම්මන්පිලට බන්දුල ගුණවර්ධනට.

    අඩුම ගානේ ඊට පස්සේ කෝල් එකක් හරි දීලා ඒ ගැන නැවත විමසීමක් කරේ සරත් වීරසේකර විතරයි මෙලෝ වැඩක් නොවුනාට. ඔන්න ඕකයි තත්වය ඒ නිසා මොකා ආවත් ඔච්චර තමයි.

    ReplyDelete
    Replies
    1. ඇයි උඹ කිව්ව විදියට AC බස් දාල තියෙන්නෙ.

      Delete
  13. තමන්ගෙ නුවනින් විමසල බලන්න හැමෝම..බොරූවට මිනිස්සු රවට්ටන්න එපා 🤣🤣🤣🤣🤣 ...fb එකේ ජනාධිපති අනුර තමයි ..රටේ ජනාධිපති තීරනය වෙන්නෙ.උතුරු නැගෙනහිර කදුකරය ඇතුලු දිස්ත්‍රික්ක 25 ප්‍රතිඵල වලින්...fb එකේ ඉන්න හැමෝටම එක චන්ද යයි තියෙන්නේ...ඒත් මුලු ලාංකිකයන්ම දාන ප්‍රකාශිත චන්ද තමයි ප්‍රතිශතය ක් විදියට ගන්නෙ. සමස්ත ශ්‍රීලංකාවේ දිස්ත්‍රික්ක 25 එක්කම...එතකොට fb ප්‍රතිශතය 70%විතර උනාට සමස්ත ශ්‍රීලංකාවේ ප්‍රකාශිත චන්ද වලින් බොහෝ දුරට 20% අඩුයි...අපි දියුනු මනසක් තියෙන මිනිස්සු වශයෙන් බුද්දිමත් වෙන්න ඕනෙ..හැමදේටම අහුවෙනව 😭😭😭😭 ඕක ගොඩක් අය නොදන්න,හැබැයි දේශපාලන දැනුම තියෙන අය දන්න සත්‍ය ,යථාර්ථය 🤌🤌🤌🤌🤌🤌 අනුර උඩින්ම පරාදයි 🤣🤣🤣🤣🤣 ස්තීරයි 🤣🤣🤣අනුරට දිනන්න 1700% ගුනයකින් චන්ද ඕනෙ 🤣 ශ්‍රීලංකාවේ දේශපාලන යේ කවදාවත් එහෙම වෙන්නෙ නෑ .වෙන්නත් බෑ..අනුර උපරිම ගන්නෙ 600% ගුනයක් චන්ද විතරයි ..යථාර්ථය ඕකයි..පිලිගන්න 1000000000000000000000000000000%

    ReplyDelete
    Replies
    1. එතකොට ලක්ෂ 40 ක් ගත්ත unp එක ලක්ෂ 2 හමාරකට බැහැල ආයේ දැන් තුන්වෙනි තැනට ආවේ කොහොමද. අනේ උඹයි මායි දන්න ප්‍රතිශත.

      Delete
  14. 2010 දෙශයේ අවසන් බලපො‌රො‌ත්තුව වශයෙන් බ්‍රෑන්ඩ් කලේ මැදමුලන නාකි මයිනාව. 2015ත් දේශයේ අවසන් බලාපො‌රො‌ත්තුව වශයෙන් නාකි මයිනා මහින්දව බ්‍රෑන්ඩ් කල අතර මහින්දගෙන් රට බේර ගන්න කියලා සිරිසේනව බ්‍රෑන්ඩ් කලේය.

    සිරිසේන හීනමානයෙන් පෙලෙන හෙයින් කලේම ගො‌බ්බ වැඩය. එබැවින් 2019 ගේඨාභය දේශයේ අවසන් බලාපො‌රො‌ත්තුව වශයෙන් බ්‍රෑන්ඩ් කිරීම ඉතාමත්ම පහසු විය. ඊට පස්සෙ ගො‌ඨාභයගෙන් දේශය බේර ගන්න ජනතාව පාරට බැස්ස නමුත් එම පෙල ගැසීම ජවිපෙ සහ පෙරෙට්ටන් තම කණ්ඩායම් හී දේශපාලන සිතියම වෙනස් කර ගැනීමේ අරමුණින් අවස්ථාවාදී ලෙස පැහැර ගත්තෝ‌ය.

    සම(හරක්) වර්ථමානයේ දේශයේ අවසන් බලාපො‌රො‌ත්තුව වශයෙන් ගො‌බ්බ අකුදිව බ්‍රෑන්ඩ් කරමින් සිටිති. තවත් සම(හරක්) ගො‌බ්බ ආ‌සයි-බයයි කයිදාස බූරුපුතාණෝ සමග ඔහුගේ කැඳ හැලිය වන සජබයි ගොබ්බරැල කියන මැටිමෝල් කණ්ඩායම බ්‍රෑන්ඩ් කරමින් සිටිති. අපට වැරදුණු තැන මේ බ්‍රෑන්ඩ් කිරීම බව වටහා ගැනීමට අති බහුතරයකට හැකියාවක් නැත. එය බො‌හේ කඩා වැටුණු දේශයන්හී බහුතරයකගේ ලක්ෂණයකි.

    තමන් නො‌දන්නා බව නො‌දන්නා නමුත් සියල්ල දත් චරිත රඟපාන මිනිසුන් අති බහුතරයක් වු රටක දේශපාලන හැසිරීම එසේ වීම අරුමයක් නො‌වේ.

    මෙම අවස්ථාව දේශයක් ලෙස නැගී සිටින්නට ලැබුණු මහඟු අවස්ථාවක් වුවත් එය දකින්නට නො‌හැකි වූ මිනිසුන් සො‌යනුයේ කරේ තබා ගෙන යාමට එකෙකි. කර උඩ එකෙක් නො‌සිටියො‌ත් උන් හට එය ලො‌කු අවුලකි.

    රැලි සාදා එම රැලි වලට හසුවී හැඳ සිටි ඇ‌ඳිවතත් නැනිවූ මිනිසුන් නැවත නැවතත් සාදන්නේ රැලිමය.

    අප දේශය දිගු ගමනකින් පසු පැමිණ ඇ‌ත්තේ දේශපාලනයෙන් ඔබ්බට ගිය ඉසව්වක සිට පිළිතුරු සෙවීම කල යුතු තැනකටය. එය දකින්නට නො‌හැකි බහුතරයක් අතරින් සමහරක් මුන්ටවත් දීල බලමු යන සිතුවිල්ල මත අප දේශයේ එරී තිබෙන නාරා වලේම තබා ගැනීමට සැරසෙන බව එම මිනිසුන්හට වැටහෙන්නේ නැත.

    රැල්ලක් නො‌මැතිව ජීවතයක් නැති කර උඩ එකෙක් නැතිව අවුල් කො‌ටසක් මේ සැරසෙන්නෙ ඉතිහාසයේ 1956 කල වැරද්දම ආ‌පසු කිරීමටය. ඉතිහාසයේ එකම වැරැද්ද නැවත නැවත කරන බව බහුතරයකට වැටහෙන්නේ වැරද්ද කල පසු වීම අභාග්‍යකි.

    සමහරෙක් දෛවයක් ඇ‌ති බව විශ්වාස කරන අතරම දෛවය වෙනස් කිරීමට හැකි බවද විශ්වාස කරති. කණගාටුව නම් එවැනි මිනිසුන් සිටින්නේ ඉතාමත්ම අතලො‌ස්සක් වීමය.

    දේශයක් වශයෙන් යලි හිස ඔසවන්නට ලැබුණු පළමු අවස්ථාවේම දේශපාලනය පසෙක තැබූ ජපානය ආ‌දර්ශයක් කර ගෙන දේශපාලනය පසෙකට ලා හිස ඔසවන්නට ලැබුණු මහඟු අවස්ථව පසෙකට ලා අතීශයින් අවස්ථාවාදී ව්‍යාජ චරිතයක්වන ගො‌බ්බ අකුදිව සහ අකුදිගේ ගො‌බ්බ කණ්ඩායම හෝ‌ අතීශයින් අවස්ථාවාදී ව්‍යාජ චරිතයක්වන ගො‌බ්බ ආ‌සයිබයයි සහ ආ‌සයිබයයිගේ ගො‌බ්බ සජබ කර තබා ගැනීම විසඳුම වශයෙන් දකින වහල් මනස් ඇ‌ති මිනිසුන් කො‌ටසක් සිටින රටකට හිස එසවීම යනු ඉතාමත්ම අසීරු කරුණක් වීම අරුමයක් නො‌වේ.

    එහෙත් මේ ඒ‌ ගො‌බ්බ වහළුන්ගේ කාලය නො‌වේ !!!

    එනම් මේ අප දේශයේ කාලයයි !!!

    චිරං ජයතු ශ්‍රී ලංකා !!!

    ReplyDelete
    Replies
    1. අඩෝ මේන් දියසෙන් කුමාරය දිනවන්ඩ එකෙක් ඇවිල්ලා.

      Delete
  15. අප දේශය තුල යතාර්ථයන් දෙකක් ඇ‌ත.

    එකක් නම් අප දේශය ඉතාමත්ම සැලසුම් සහගත සහ ඉවසිල්ලෙන් අප වැටූණු ආ‌ර්ථික අගාධයෙන් ගො‌ඩ ඒ‌මේ සැබෑ යතාර්ථයයි. දෙවැනි යතාර්ථය කෘතිම යතාර්ථයක් වන අතර එය තම විකෘතිවූ සිහීන සැබෑ කරගන්නට අසත්‍ය සමාජ ගත කර හෙට කඩා වැටෙන අනිද්දා කඩා වැටෙන සතියකින් කඩා වැටෙන මාසයකින් කඩා වැටෙන වසරකින් කඩා වැටෙන බවට කැට තියන බකපණඩිත ෆේක් ආ‌ර්ථික සහ ෆේක් දෙශපාලන ඔස්තාර්ලා විසින් නිර්මාණය කරන දුෂ්ඨවූ අඳුරු කෘතිම යතාර්ථයකි.

    තමන් තනාගත් කෘතිම යතාර්ථය තුල හෝ‌ තමන්ගේ ගො‌ඩේ එකෙක් තනපු කෘතිම යතාර්ථය තුල සැපසේ ලැඟුම් ගෙන එය සැබෑ යතාර්ථ යැයි සිතන සිතාගෙන සිටින මිනිසුන්හට නිවැරදිව දකින්නට කියවන්නට නො‌හැකි සමාජ ආ‌ර්ථික දේශපාලන සිතුවම් පමණක් නො‌වේ තවත් බො‌හෝ‌දේ එවැනි මිනිසුන්හට නිවැරදිව දැකීමට කියවීමට හැකියාවක් නැත.

    ජීවිතයේ කො‌හේ හෝ‌ අංගසම්පූර්ණ නො‌වු දෙයක් ඇ‌තැයි දැනෙන මිනිසුන්හට කෘතිම යතාර්ථයෙන් බැහැර ජීවිතයක් නැති බව ඒ‌ මිනිසුන් නො‌දන්නෝ‌ය.

    ලෝ‌කයේ ආ‌ර්ථිකය කඩාවැටුණු රටවල් ලයිස්තුව තුල කඩා වැටීම මනින දර්ශකයන්ගේ අගයන් අනුව තුන්වන ස්ථානයට පත්වූ රටක් මාස 6ක් තුලදී ඉන් පිටතට පැමිණ වසර එකහමාරක් වන තැන ධන ආ‌ර්ථික වර්ධන වේගයක් පෙන්වීමට හැකියාව ලැබූ රටක් වූ විට ඒ‌ අසීරු ගමන තුල අප දේශය පෙන්වූ හැකියාව සහ සැබෑ ආ‌ර්ථික සිතුවම දකින්නට කියවන්නට නො‌හැකි මිනිසුන් සමග සංවාදයකට යෑම ඵලක් නො‌මැති බැවින් අපගේ මෙම ලිවීම මෙහි සිටින සියල්ල දත් බහුශ්‍රැතයන්ට සංවාදයකට කරන ආ‌රාධනාවක් නො‌වේ.

    අදහස් දැක්වීමේ නිදහස ඇ‌තත් සබුද්ධික පිරුණු මිනිසුන් හරසුන් කැටයම් නොකපන නමුත් නො‌පිරුණු මිනිසුන් හරසුන් කැටයම් කැපීමේ ඔස්තාර්ලා වීම කාලයේ කලාවකි.

    ආ‌වෙ කො‌හෙ සිටද ඉන්නෙ කො‌තනද යන්නෙ කො‌හෙටද යන්න නො‌දන්නා මිනිසුන් ධර්මය දේශනා කරන්නට උත්සහ කරන අබුද්ධස්ස යුගයකට පිය නගන කලක ෆේක් දේශපාලන ඔස්තාර්ලා පිටියේ පිනුම් ගැසීම අරුමයක් නො‌වේ.

    අර වඳුරන්ගෙන් බණ අසා ජේතවනේට ගල් ගසන මිනිසුන් යන කතාව කෘතිම යතාර්ථය තුල ජීවත්වෙන මිනිසුන්හට ගැලපෙන ආ‌කාරයට වෙනස් කලො‌ත් මෙහෙම කියන්න පුළුවන්. තමන් දේශපාලනය දන්නේ යැයි සිතන පුත්තලම් බූරුවන්ගෙන් දේශපාලන පාඩම් ඉගෙන ගෙන රටට ගල් මුල් එල්ල කරන ගමන් පුත්තලම් බූරුවන්ගේ දේශපාලනය සමාජ ගත කරන්නට උත්සහ කරන බකපණ්ඩිත ජජබයියන් යනුවෙන්.

    2022 අප්‍රේල් මාසයේ වූ සමාජ ආ‌ර්ථික දේශපාලන ව්‍යසනයේ සිට මෑත ඉතිහාසයේ ඉතාමත්ම වේගයෙන් සැඩකුණාටු වලින් බේරුණු රටක ගමන පිළිඹඳ යහපත් දැක්මක් කියවීමක් නො‌මැති වීම සහ එයට නායකත්වය දුන් මිනිසාට ගල් ගැසීමට අත් ඔසවන්නේ පුත්තලම් බූරුවන්ගෙන් දේශපාලනය ඉගෙනගත් බාගෙට පිලිස්සුණු දේශපාලන ඔස්තාර්ලාය, ජජබයි බකපණ්ඩිතයන්ය.

    උන් හදාගත් සිහීනය සැබෑ කරගන්නට වෙර දරන තමන්ට නිවැරදි දැක්මක් කියවීමක් ඇ‌තැයි යන ව්‍යාජය තුල අතරමංව සිටින මිනිසුන් සමග කල හැකි සබුද්ධික සංවාදයක් නො‌මැත.

    ReplyDelete
  16. අයිසේ, මාතලන් ලොක්කා අපේ මාලිමා ලොක්කා කොම්පාස් ජනාධිපති තුමා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය මත එංගලන්තය ඔස්ට්‍රේලියාව කැනඩාව ජපානය දකුණු කොරියාව ඇතුලු නේටෝ සංවිධානය සමග සහයෝගීතාව සහිත රටවල් ගානකට ගිහින් ඒ රටවල බුද්ධි අංශ සහ ඒ රටවල සිටින විවිධ සංවිධානවලින් සම්මාදම් කොරලා ඩොලර් මිලියනය සියයකට එහා මුදලක් එකතු කරලා ඒක රටේ ආදයමටත් එකතු කලා.. ඒ නිසාම මේ මොහොතේ ඔය දේශපාලන පක්ෂ සහ දේශපාලන ව්‍යාපාර ඔක්කොටම වඩා සල්ලි තියෙන්නේ අපේ මාලිමාවේ නායක සහෝදරවරුන්ට.. ඒවා දිනනවා අපි දිනනවා ඒක ඇත්තමයි !

    ReplyDelete
  17. ඔහොම තමයි, අපට මතක ඇති කාලය තුල එනම් අපි පොඩි දරුවෝ වුණ 1994 මැතිවරණ වල ඉදන් ආණ්ඩු හදන්න සහය දුන්න ඔය කියන පෙරමුණ ගත්ත අයත් ස්වාධීන පිරිසක් නොවේ.

    පාර්ලිමේන්තුව තුළ අවුරුදු 30 කටත් වැඩි කාලයක් තිස්සේ ඉන්න මෙයාලා පා.ම. විශ්‍රාම වැටුප් වලට විරුද්ධයි හැබැයි ඒ අයත් ලැජ්ජ නැතිව විශ්‍රාම වැටුප් ගන්නවා.

    පාර්ලිමේන්තුවෙන් පලාත් සභාවලින් පලාත් පාලන ආයතන වල සේවය කරන අතරේදීත් ඒවාට අදාලව සියලුම වැටුප් සහ වරප්‍රසාද දීමනා වාහන බලපත්‍ර ආදී සේරම දේවල් මෙයාලත් ලැජ්ජ නැතිව අර ගන්නවා දීමානා ගන්නවා මේ හැම දෙයක් ම පොදු මහජනතාවගේ බදු මුදල්

    සමාජවාදීන්ගේ රෙද්ද පල්ලේ ධනවාදය කියන්නේ මේකට නෙවෙයි ද?

    හරියට දැක්මක් ප්‍රතිපත්තියක් නැති නිල් කොළ රතු කවුරුත් එකයි
    මේ රාමුවෙන් එළිය දකින සමාජයක් බිහි වෙන්න මිනිස්සු දැක්ම වෙනස් කරගන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. පඩිය උන්ගේ රට වෙනුවෙන් කරන වැඩේට යොමු කරලා තියෙන්නේ. ඒක අරන් ගිහින් ගෙවල් හදා ගත්තේනෑ . පඩිය ගත්තෙ නැත්තන් හුකන්නෝ ටික ඒක බුක්ති විඳියි.

      Delete
  18. ඉදිරි මැතිවරණය අනුර කුමාර දිසානායක සහෝදරයා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කර ජනාධිපති ධූරයට පත්වීම නිසැකයි, ඒ සමගම අලුතින්ම පත්වන මාලිමා ජාජබ රජය මගින් නව රජය යටතේ "බොරු කියන නිලමේ" නොහොත් "ගජබින්න නිලමේ" තනතුරට අතිගරු අනුර දිසානායක නායක සහෝදරයා ඒකඡන්දයෙන් පත්කරන බව ස්ථිරයි...!

    ඉදිරි නව රජයේ නිවේදනයක්…!
    දියවඩන නිලමේ තනතුර සව්දියපුරන නිලමේ ලෙස වෙනස්කොට ඊට ලාල්කාන්ත සහෝදරයා පත් කරනවා.. 😂😉😂

    ලංකාවේ නුවර පෙරහැරට අලින් යොදාගැනීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් නව ජාජබ රජය අතිවිශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශ කරන අතර එමගින් ගිලිහෙන දේශීය සංචාරකයන් වැඩි වැඩියෙන් අද්දවා ගැනීමෙන් දේශීය සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ පියවරක් ලෙස ඒ සහෝදරයාගේම සංකල්පයක් අනුව හදපු තන් නැටුම් කණ්ඩායමත් පෙරහැරේ අංගයක් ලෙස ඊට එකතු කරනවා… 😂😁😂

    ReplyDelete
    Replies
    1. ඒ වැඩේ කොච්චර හොඳද.

      Delete
  19. මාතේ මේ වෙනකොට ලංකාවේ ආර්ථිකයට සිටින තරගකාරී රටක් (competitor) සහ අභියෝගයක් වී තිබූ බංග්ලාදේශයේ පවතින දැඩි අස්ථාවරත්වය ලංකාවට රාජ්‍යයක් ලෙස වාසියට ගත හැකියි නේද? විශේෂයෙන්ම ලංකාවේ ආර්ථිකයට විශාල බූස්ට් එකක් ලබාගැනීමට පුළුවන් මේ වෙලාවේ ලංකාවේ රජය විදේශ ආයෝජන ආකර්ෂණය කිරීමට බදු සහන ලබාදීම ඇතුලු යම් ක්‍රියාමාර්ග අරගත්තොත්

    නමුත් දැනට උග්‍ර ලෙස පවතින දැඩි දේශපාලන අස්ථාවරත්වය/ අරාජික නීතිය, භයානක ලෙස මංකොල්ල කෑම / බරපතල ලෙස ඔඩුදුවා ඇති ප්‍රචන්ඩත්වය නිසා බංග්ලාදේශයේ පවත්වන්නට තිබුන ලෝක කුසලාන T20 තරගාවළිය වහාම බංග්ලාදේශයෙන්‍ ඉවත් කර ඇත.‼️

    මම හිතනනේ මේ වෙලාවේ ලංකාව රාජ්‍යයක් ලෙස උපාය ශීලී වෙනවා නම් ලංකාවේ ආර්ථික පසුබෑමට බංග්ලාදේශයේ පවතින දැඩි අස්ථාවරත්වය ප්‍රයොජනයට ගත හැකි බවයි.

    මේ වනවිට බටහිර යුරෝපයට ඇගළුම් අපනයනය කරන බංග්ලාදේශයේ ඇගළුම් ආයතන සියල්ලම පාහේ ඇනවුම් සම්පුර්ණ කිරීමේ බරපතළ ගැටළුවකට මුහුණ පාමින් තිබෙන බවත් බොහෝ විදේශීය ආයොජකයන් සහ කර්මාන්තකරුවන් විශාල ලෙස බංග්ලාදේශයෙන් ඉවත් වීමට කටයුතු කරමින් සිටින බැවින් ඒවායින් බහුතරය බොහෝ
    දුරට මිළ අඩු ශ්‍රමය, අඩු වියදම සහ බදු සහන පවතින වියට්නාමයට යාමට නියමිත බවයි ව්‍යාපාරික පුවත් වල පැවසෙන්නේ.

    ඇත්තටම මේ අවස්ථාවේදී ලංකාව රාජ්‍යයක් ලෙස අල්ලා ගන්න කටයුතු කරනවා නම් දිගුකාලීනව ලංකාවට වාසියක් අත්කර ගත හැකියි නේද?

    එමෙන්ම මේ බංග්ලාදේශයෙන් ගැලවෙන කාන්තා T20 තරගාවළිය වහාම ක්‍රියාත්මක වූ එක්සත් අරාබි එමීරයට ලැබුණත් එමිරේට්ස්ල ලබාගත් එම කාන්තා ලෝක කුසලානය ලංකාවට ලබා ගන්න හැකිවුණා නම් ඒ හරහා ලංකාවේ ස්ථාවරත්වය ගැන ලෝකයට පණිවුඩයක් දීමට හැකියාව නොතිබුණා ද?

    ලංකාවේ ජනපතිවරණයෙන් පසුව කවුරු හෙට රජය ගත්තත් මම හිතන්නේ රාජ්‍යය වෙනුවෙන් අද ගත යුතු ක්‍රියාමාර්ග වලට පක්ෂ විපක්ෂ භේද රහිතව එකට සිටගත හැකිනම් අපට බංග්ලාදේශය නිසාම අහිමි වු ඇගළුම් කෝටා පවා නැවත ලංකාවට අක්පත් කර ගත හැකිවන බවයි.

    නමුත් ලංකාවේ දැඩිලෙස එකිනෙකා කුලල් කා ගන්නා සියලුම දේශපාලන පක්ෂ මේ දවස්වල ඉන්නෙ රටට ආර්ථික වාසි ගන්නෙ කොහොමද කියන මානසිකත්වයෙන් නෙමෙයි.. තමන්ට බලය ගන්නෙ කොහොමද රැස්වීම් වලට සෙනග අදින්නෙ කොහොමද.. විරුද්ධ වාදීන්ට වරදින්නෙ කොතනද.. ඒ පක්ෂ වලින් එකා දෙන්න මෙහෙට ඇද ගන්නෙ කොහොමද කියන රෝගී විකෘති මානසිකත්වයකින්.. ලංකාවේ ඉන්න දේශපාලුවෝ සේරම එක වගේ සත්‍ය පහකට වැඩකට නැති පාහරයින් හැත්තක් මුං ඔක්කොම රට ගැන කිසිම හැඟීමක් නැති මෙලෝ වැඩකට නැති පාහර ගොබ්බ දේශපාලුවො ටිකක්... එදා ලී ක්වාන් යූ කොළඹ වරායේ අධිකලෙස පැවති වැඩවර්ජන වලින් උපරිම ප්‍රයෝජන ගෙන සිංගප්පූරුවේ වරාය දියුණු කිරීම කළ බව ඔහුම පවසා තිබෙනවා නේද?

    එය ඇත්තද කියා මම දන්නේ නැතත් බොහෝ දුරට එය සත්‍ය විය හැකියි, ඒ වුණාට හරියට රාජ්‍යයක් විදිහට අපි බංග්ලාදේශ අස්ථාවරත්වය සමග ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව බුද්ධිමත්ව හිතලා කටයුතු කළොත් වියට්නාමය ඉන්දුනීසියාව සහ නැගෙනහිර අප්‍රිසානා රටවල් වලට විශාල ලෙස විතැන් වන ඩොලර් බිලියන ගානක බිස්නස් ටිකක් ආයෝජන ලෙස ලංකාවට ලබා ගන්න පුළුවන් වෙයි. පහුගිය වසර කිහිපය තුල චීනයෙන් ඉවත්ව ගිය බටහිර ආයෝජන වලින් අඩුම තරමේ ඇඟලුම් කර්මාන්ත ටිකෙන්වත් ලංකාවට ටිකක් වත් ආකර්ෂණය කර ගැනීමට බැරිවුණ එකේ මේක අඩුම තරමින් උත්සාහ කරන්න වත් ඕනෑ නේද? හැබැයි ලංකාවේ ගෝත ගව සම්පත එක එක දේශපාලන පක්ෂ වලට රෙදි නැතුව කඩේයවාගෙන යනවා තක්කඩි රනිල්ලා සජිත්ලා අනුරලා නාමල්ලා දිලිත්ලා, ඒ නිසාම

    උං ඉන්නේ අපි කඩේ යන පක්ෂය/ පුද්ගලයන් දිනනකල් රටට කෙලවුනොත් ඒ ඇති, අපේ පක්ෂය දිනුවාම සියල්ල ඉබේ පහළවෙයි කියන තකතීරු මානසිකත්වයේ මිසක් පොදුවේ හිතලා රට දිනවන්න එකෙක්ටවත් ඕනෑම නෑ. ඒ නිසාම මේකත් තවත් එක් මිස් වෙන කෝච්චියක් වෙයි එච්චරයි නේද?

    ReplyDelete
    Replies
    1. හලෝ හැම පක්ෂයක්ම ට්‍රයි කරන්ඩ ඕනැ මිනිස්සු අද්දගන්ඩ තමා. ඒක කොහොමද රට ගැන හිතන්නෑ කියන එකට ගලපන්නේ. රට හදන හොඳ පක්ෂයකට උනත් ඒක තමා කරන්ඩ තියෙන්නේ.

      Delete
  20. පිරිමියෙකුගේ වයස අවුරුදු 35 ගැන ලියවෙච්ච ලිපියක් දැක්කා. ජනප්‍රිය ආරේ මෝටිවේෂනල් ලිපියක්. මට දැන් 35යි. ඒ නිසා කියන්න දීපන්.

    "මචං ඒ වෙනකොට හොඳට හම්බකරගෙන හිටියෙ නැත්නම් උඹ ඉවරයි, බැන්දෙ නැත්නම් උඹ ඉවරයි, උඹ සාමාජීයව අහවල් තැන ඉන්න ඕන නැත්නම් උඹ ඉවරයි, කන්ටැක්ට්ස් නැත්නම් උඹ ඉවරයි", ආදී වශයෙන් ඒකෙ තිබුනෙ ගොඩක් ලොකු කතා. හරියට ධම්මිකලාගේ තාඹුගලලාගේ ව්‍යාපාරික මෝටිවේෂනල් ඥාණය වගේ තමයි. "මම ගේමක් ගසලා මෙතනට ආවා, මට දැන් ෆුල් සැපක් තියෙනවා, උඹලා එතන නෑ, චාටර් නේද", වගේ ව්‍යංගයෙන් අහන බබා මෝටාර් එකක්.

    මට අනුව,

    30-35 අතර ඉන්න පිරිමියෙක් ඔය කියන වර්ගයේ අනවශ්‍ය පීඩනයක් ඔළුවට දාගන්න ඕන නෑ. එහෙම පීඩනයක් තිබුනහම "මොකක් හරි ගේමක් ගහලා සල්ලි හොයන", හස්ලර්ස්ලා බිහිවීම විනා වෙනත් දෙයක් සිදුවෙන්නේ නෑ. හස්ලර් වෙන්න ලේසියි. ඒක නෙමෙයි වැඩේ. ව්‍යාපාරිකයෙක්, බිස්නස්මන් කෙනෙක් බිහිවෙන්නේ හෙමින්. ඒ වෙලාව ගනින්. ගෞරවනීය මනුස්සයෙක් වෙන්න වැඩකරපන්. හස්ලර් - බිස්නස්මන් කියන්නෙ වචන දෙකක්.

    හැමෝටම තියෙනවා "තමන්ගේ වෙලාවක්". 'පුංචි වෙළෙන්දා' ගීතය ගයපු රුවන් ශ්‍රීලාල් ලංකාවේ ජනප්‍රිය වෙන්නේ අවුරුදු 8-10 දී. නාමල් උඩුගම ලංකාවේ මුදුනෙම ඉන්න ගායකයා බවට පත්වෙන්නේ අවුරුදු 24-25 දී. අමරසිරි පීරිස් පළමුවැනි ගීතය ගයන්නේ අවුරුදු 38දී. අමල් පෙරේරා ලංකාවේ ජනප්‍රිය ගායකයෙක් වෙන්නේ අවුරුදු 40ත් පනිද්දී. මෛත්‍රීපාල සිරිසේන ලංකාවේ ජනාධිපති වෙන්නේ අවුරුදු 64දී. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙන්නේ අවුරුදු 70නුත් එහාදී. ඕක තමයි සොබාදහමේ සූත්‍රය.

    ඒ නිසා අනෙකාගේ වේගයෙන් දුවන්න ගිහින් පය පටලගන්න එපා. හැබැයි "වාසනාව නිසා ඔක්කොම ලැබෙයි", කියලා එක තැන නිකං ඉන්නත් එපා. කවදාහරි ඔබට අවශ්‍ය තැනට එනකම් ඊට අවශ්‍ය ගුණාංග ටික, දක්ෂතා ටික දියුණු කරගන්න කෙනෙක් වෙයන්. එතකොට කවදාහරි ඒ ස්කිල්ස් ටික උඹේ වැඩේට උදව් වෙනවා.

    ඇත්තම කතාව නම්, 35දී ආර්ථිකය ගැන ඇහෙන කතාවලට වඩා ඇහෙන්නේ සාමාජීය කතා. අම්මා තාත්තා අහිමිවීම, පෙම්වතිය අහිමි වීම, බිරිඳ අහිමිවීම, වගකීම්... කොටින්ම නැතිවෙන්න දේවල් ගොඩක් තිබීම. ඒ නිසා දරුණු ඇටෑච්මන්ට්ස් වලින් පොඩ්ඩක් ඈත් වෙයන්.

    35 වෙනකොට උඹ අර අවුරුදු 24-25 කොල්ලෙකුට තියෙන "හෙටම දියුණු වෙන්න ඕන", කියන කිචියෙන් නිදහස් වෙලා ඉවරයි. දැන් උඹ දන්නවා අමාරු වැඩ කරද්දි යම් කාලයක් අරගෙන ඉවසීමකින් කරන්න ඕන බව. උඹ උඹට අවශ්‍ය බිම හදලා තියෙනවා. දැන් තියෙන්නේ පැළ ඉන්දන්න විතරයි. පස සරු නම් බඩු වැවෙනවා.

    35න් පස්සේ තනිකඩව ඉන්න පිරිමියෙකුට තමයි ලොකුම කතා ටික අහන්න වෙන්නේ.

    "එයා ඩිවෝස් ඇති"
    "එයා බඩුමාමෙක් වෙන්න ඇති"
    "එයාට ලිංගික ගැටළුවක් ඇති"
    "එයාට ආර්ථික අස්ථාවරත්වයක් ඇති"
    "එයා සමලිංගික වෙන්න ඇති"
    "එයා විකෘති ලිංගික වෙන්න ඇති"
    "එයා බූට් කාලා ඇති"
    "එයා පොඩි ළමයින්ට ආස ඇති"
    "මූ ඩෙස්පරෙට් නිසා මූව දපනෙ දාගන්න පුළුවන් වේවි"

    කොහොමද සැප? මම ඔය ටික ඔක්කොම මේ වෙනකොටත් අත්දකිමින් ඉන්න නිසා මම දන්නවා. හරිම සනීපයි මචං. ඒ වගේම විනෝදයි. ඒවත් දරාගෙන ඉන්නවා නම් උඹ ග්‍රේට"ර්".

    අවුරුදු 35දී උඹ කොතන හිටියත් එතන සතුටින් ඉන්න එකෙක් වෙයන්. ඩිවෝස්ද, සිංගල් ද, ගේ ද, ස්ටේබල් ද, අන්ස්ටේබල් ද නෙමෙයි... කෑවත් බිව්වත් හෙල්දි මිනිහෙක් වෙයන්. ඒවයි වැදගත්. අවුරුදු 35දී "හොක්" ගාලා පපුව පැලිලා මියයන ෆයිනෑන්ෂලි ස්ටේබල් අයියලා අපි ඕන තරම් දැකලා තියෙනවා. ඉන්පස්සේ ඒ දේපල වලට හොට දාන චූටි මල්ලිලා සහ නාස්තියත් අපි දැකලා තියෙනවා. ඒ නිසා තමන්ගෙන් යැපෙන අය ඉන්නවනම්, තමන් නැති දවසක එයාලට සිදුවෙන යහපතක් ගැන මුලින් හිතන්න. මොකද අපි දැන් ඉන්නෙ ජීවිතේ අග භාගයේ. භාග දෙකෙන් අග එකේ.

    ඒ අතරතුර අවුරුදු 35 වෙද්දි සමාජය මොනවා කිව්වත් තමන්ගෙ ලෝඩ් තමන් වෙන තැනට මානසිකව දියුණුවෙලා ඉඳපන්. සල්ලි නැතත්, සමාජ පිළිගැනීම නැතත්, ඔය දෙකම තිබුනත්, "මට අවශ්‍ය දේ තීරණය කරන්නේ මම", කියන ශක්තිමත් පදනම දාගෙන ඉඳපන්. මිනිහෙක් හැටියට අපිව ශක්තිමත් වෙන්න සල්ලි අවශ්‍ය වුනාට සල්ලි නිසා විතරක්ම අපි ශක්තිමත් වෙනවා කියලා එකක් නෑ. ඒකට ඕන අත්දැකීම් වලින් ඉගෙනගන්න හයිය හිතක්. මෙතෙක් උඹ කරපු හරි/වැරදි දෙකම කණගාටුවකින් තොරව පිළිගන්න පුළුවන් විචාරශීලි මනසක්.

    අවුරුදු 35න් පස්සෙ හැමදේම දැනගෙන ස්ටේබල් වෙලා ඉන්න ඕනමයි කියලා එකක් නෑ. උඹ වැඩකරන්න ඕන උඹේ ටයිම්ලයින් එකට උචිත විදිහට. 35දිත් වරදින්න පුළුවන්. වැරදුනහම ඉගෙනගනින්. මොකා මොකක් කිව්වත් නොවැටී ඉදිරියට යමන්.

    මමත් ඒ ගමන යමින්. ඉතින් යමන්!

    කොහොමද හොලිවුඩ් නළු ජේම්ස් මැක්වෝයි අවුරුදු 35දී. (බලපන් කොච්චර සෙක්සි ද කියලා)

    ReplyDelete
  21. ඇයි ලංකාවේ රජයේ වියදමින් විශාල මුදලක් වැයවන හමුදා වියදම ගැන කතා නොකරන්නේ? මාලිමාවේ උනුත් හිටපු ආමි කාරයෝ අල්ලගෙන දඟලනවා මොකද හමුදා සහ ඒ ආශ්‍රිත පවුල්වල ඡන්ද ටිකට තියන ගිජුකම. දැං retired military n police කියන්නෙ වෙනම ඡන්ද campaign item එකක්. එදා වෙල් විදානෙගෙ ඉඳලම එහෙමයි (දැං නයා form වෙලා පනික්කියා නැතුව තනියම නටනවා). Bangladesh වගේ මිනිස්සුන්ටම එපා/අවබෝධ වෙච්ච දවසක නැගී හිටියොත් මිසක්, මාතලන්, කිසිම පක්ෂ දේශපාලනයකින් ඔය ගැටලුව විසඳීම බලාපොරොත්තු නොවන්න.

    ReplyDelete
    Replies
    1. මාලිමාව චන්ද වලට ගිජු තමයි මෝඩයා. නැතුව බුදියගෙන ඉන්නද කියන්නේ.

      Delete
  22. මාතේ මේ සැරේ ජනපතිවරණයේදී කුජීත වීමට නියමිත ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා ගැන නම් ඇත්තටම තියෙන්නේ බරපතල කණගාටුවක්.

    සජිත් ප්‍රේමදාස ෆොන්සේකාගෙ ප්‍රශ්නය කළමනාකරණය කරන්න අසමත් විම හරිම අවාසනාවන්ත දෙයක්. හැබැයි ඔහු වගෙ කේලම් මත තීරන ගන්න අපරිනත නායකයකුගෙන් එවැනි දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ තමයි. ඒත් අපරාදේ...ඔහු සජබෙට හොඳ assets එකක් වෙන්න තිබුන චරිතයක්.

    ලංකාවේ උතුරේ පැවති බෙදුම්වාදී යුද්ධය මෙහෙයවන්න හැකියාව තිබුණු එකම හමුදාපති සරත් ෆොන්සේකා කියලා කියන්නත් බෑ.

    සිව්වන ඊළාම් අවසන් සටන ආරම්භ වුනේ මාවිල් ආරුවලින් පටන්ගෙන නැගෙනහිර මුදාගැනීම එක්ක. එතකොට ෆොන්සේකා හිටියෙ රෝහල්ගතව. වැඩබලන හමුදාපති වුනේ නන්ද මල්ලවආරච්චි. ප්‍රදේශය භාර ආඥාපති වුනේ පරාක්‍රම පන්නිපිටිය. (පසුව ඔහුට ෆොන්සේකාගේ උදහසට ලක්වෙලා රටත් හැරයන්න වුනා) මුලින්ම ප්‍රධාන පෙලේ LTTE නායකයෙක් හැටියට ඝාතනය වුනේ දේශපාලන අංශ නායක තමිල් සෙල්වම්. ඒක කලේ ගුවන් හමුදාව.

    අනෙක් හමුදා නායකයින්ට වඩා ෆොන්සේකාගේ තිබුන ප්‍රධාන වෙනස අනිත් අයට වඩා සෑහෙන දැඩි බව විතරයි, ඒ නිසාම බොහෝ අපක්ෂපාතීව අදහස් ප්‍රකාශ කරන හමුදා නිලධාරීන්ට අනුව නාකි මයිනා මහින්දයි උගේ මලයා නන්දසේන ගෝඨාභයයි නොහිටියා නම්, ෆොන්සේකා කියලා කෙනෙක් ලංකාවේ මිනිස්සු දන්නෙත් නෑ එයාලා වගේ හමුදාවෙ අය පමණක් දැනගෙන හිටියට. පෙන්ශන් යන්න දවස් 12ක් තියෙද්දි service extension දීලා හමුදාපති කරේ ගෝඨාභයගෙ රෙකම්න්ඩ් එකට මහින්ද විසින්. එදා ලොකුම කැප කිරීම කරේ තවත් කාළයක් හමුදාපති ධූරයේ ඉන්න තිබුණු ජෙනරල් කෝට්ටෙගොඩ ගෝඨාභයගෙ ඉල්ලීමට එම තනතුරෙන් ඉවත්වෙලා විශ්‍රාම යෑම. යුද්ධෙ ඇතිවුණයින් පස්සෙ හිටපු හමුදාපතිවරු අනිත් හැම කෙනාටම වඩා ෆොන්සේකට අසීමිතිකව නිදහස හා බලය ලබා දුන්නා වැඩේ කරගෙන යන්න. අන්න ඒ බළයෙන් ෆොන්සේකා වැඩේ කරගෙන ගියා එයාගෙ වැඩත් කර ගන්න ගමන්.

    එහෙමබලයක් හැදුවේ යුධ හමුදාපතිට පමණක් නෙමෙයි. නාවික හමුදාපති කරන්නාගොඩටත්, ගුවන් හමුදාපති රොශාන් ගුණතිලකටත් ඒ පහසුකමම ලබා දුන්නා. ඒ විතරක් නෙමෙයි ත්‍රිවිධ හමුදාවම හරියාකාරව කෝඩිනේට් කෙරෙව්වෙ ගෝඨා කියලයි හමුදාවේ බහුතර මතය. ඒකෙ ප්‍රථිපලය තමයි නාවික හමුදාව සමග ගුවන් හමුදාව කොටින්ගෙ අවි නැව් 11ක් විනාශ කරන්නෙත් තමිල් චෙල්වම්ට ගුවන් ප්‍රහාර එල්ල වෙන්නෙත්. ඔය කෝඩිනේශන් එක නිසා විශේශයෙන්ම හමුදාවෙ කොල්ලොන්ගෙ මොරාල් වැඩි වුණා ලෙසටම. එතන්දි ෆොන්සේකා ඔහුගේ රෝල් එක කරා. හැබැයි අවසානයේදී මේ සියල්ල අමතක කරපු ෆොන්සේකා විහිලුවක් වුණේ ඒ විශාල පිරිසකගේ දායකත්වයෙන් යුද්ධෙ ඉවර කරපු ක්‍රෙඩිට් එක තනිකර ඔහුගෙ නමට විතරක් ලියාගන්න ගිහින් ජනපති පුටුවට කෑදර වෙලා එවකට විපක්ෂයේ නාස් ලණුවක් දාගෙන ෆෙඩ්‍රිකා ජෑන්ස්ට හමුදාව ගැන බොරුත් කියලා උන්ව යුධ අපරාධකාරයො හැටියට ජාත්‍යන්තරය තුළ හංවඩුගහන්න අවශ්‍ය වූ අනවශ්‍ය කතා මුදා හරිමින්. එහෙව් ඔන්සේකා අද දිට්ඨ ධම්මවේදනීය කර්මයට මූණ දෙනවා කියලා මිනිස්සු බනින එක නම් වැරදියි තමයි, ඒ වුණත් බ්ලාස්ට් එක වුණු කාර් එකත් අරගෙන ටවුන් ගානෙ ගිහින් දහ දෙනෙක් විතර ඉන්න මීටින් වල පීචංවෙන්නේ ඔහු විහින් මයි නේද?

    ReplyDelete
  23. ඇත්ත කතාවක්, ලංකාවේ මේ දවස්වල ගොඩක් අය පුරෝකතනය කරගෙන ඉවරයි තමන් අදහන කෙනා විතරයි හරි කියලා, එයාට පොඩි වැරැද්දක් කිව්වත් වෙන කෙනෙක් ගැන පොඩි හොදක් කිව්වත්, බැනුම් අහන්න වෙනවා මෝඩයා බත් කන හරකා කියලා😊😊.

    මාලිමාවුන් කියනවා මම රනිල්ට හෝ සජිත්ටලු 😜 රනිල්ගේ සජිත්ගේ කට්ටිය කියනවා මම දෙන්නේ NPP එකටලු 🤣 එකෙක්වත් තාම කිව්වෙ නැත්තේ මම නාමල්ට කියලා විතරයි 🤣

    පාට කන්නාඩි දාගෙන දේශපාලනය සහ අපේක්ෂකයන් දිහා බලන පුරුද්ද අත ඇරගන්න නං, තමන්ගේ සෙන්සේෂන්වලින් ගැලවෙනකං, ප්‍රතිපත්තිමය කරුණු සහ පුද්ගල දක්ෂතා දිහා බලලා ඡන්දෙ දෙන්න පුරුදු වෙනකන් ලංකාව කියන රට කවමදාවත් ගොඩ යන්නේ නෑ කියන එක මටනම් හොඳටම පැහැදිලිවම පේනවා.

    ලංකාවේ පාවෙන ඡන්දදායකයන් තමයි වැඩි.
    නමුත් මෙතන වැඩේ කියන්නේ පැත්තක් අල්ල ගත්තට පස්සේ ඒ පැත්තේ හොඳම විතරමයි දකින්නේ. මෙලෝ වැරැද්දක් දකින්නේ නෑ නේ මේ ගෝත්‍රික බහුතරය.

    එච්චර විතරක් නෙමෙයි වෙන කෙනෙක් වැරැද්දක් පෙන්නලා දුන්නට පස්සෙත් ඒ දිහා සාවධානව බලන්න ලෑස්තිත් නෑ!

    ඕක ගොඩාක්ම ලොකුවටම තියෙන්නේ මාලිමාවන්ගේ...

    උන් අකමැති පාර්ශවයට අපිත් විරුද්දයි.. ඒත් එහෙම බෑ..
    අපි විරුද්ද වෙන්නත් ඕනී, උන්ට රෙදි නැතුව කඩේ යන උග්‍ර ලෙස පාක්ෂික දැඩි මාලිමාවෙක් වෙන්නත් ඕනී....

    මාලිමාවෙක් නොවෙන හැමෝම අමු ගොන් තකතීරු "මෝඩ යක්කු" ඒ සහෝදර සහෝදරියන්ට අනුව. 🫣

    නමුත් පොදුවේ ගත්කල මාලිමාවට කියලා අමුතු සෙට් එකක් නැ…රනිල්ට කියලත් අමුතු සෙට් එකක් නැ….සජියට කියලත් අමුතු සෙට් එක්ක නැ…නාමල්ට කියලත් අමුතු සෙට් ඒකක් ඉන්න විදියක් නැ…ඉන්නෙ ඒ කාලේ මුස්ලිම් කඩේකින් ප්ලෙන්ටියක් බීපුවම වද වෙනවා කියලා හිතලා ගෝටට දිපු සෙට් ඒකම තමයි…😂😂😂😂

    හබැයි හැමදාම අන්තිමට වෙන්නේ ඒ අය ඡන්දෙ දීල ගත්ත තීරණ ටික කාලෙකදි සම්පූර්ණයෙන්ම වැරදියි කියලා ඔප්පු වෙනවා, ඒත් එහෙම කියලා අර සුලුතරය නිවැරදි කියලා කියන්නත් බෑ, ඒ අය නිවැරදි වෙන්නත් පුලුවන්, හැබැයි ඒ වගේම ඒ සුළුතරයේ තේරීම බහුතරය තෝරපු කෙනාටත් වඩා වඩා අන්ත වෙන්නත් පුලුවන්.

    ReplyDelete
  24. ලැජ්ජයි මාතලන් දැන් රනිල්ට කඩේ යන ගමන් තමන්ම ඇනෝනිමස් කමෙන්ට් දාගන්නෙ....කෝ අර අපක්ශපාති බ්ලොගර් කලින් කිව්ව....ගූ කාපන්

    ReplyDelete
  25. මාතා මොකද හිතන්නේ ථේරවාද ආර්ථික කියන සංකල්පය පිළිබඳව? මේවර රනිල්ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සංකල්පය තමයි ‍‍ථෙරවාද ආර්ථිකයක් කියන අලුත් අදහස. ඒ හින්දම හැමෝම එක එක විදිහට ඒ ගැන කතා කරනවා. නමුත් රනිල් එයාගෙ වැඩපිලිවෙල ඇතුලෙ නූතන ලිබරල් ආර්ථිකයත් ‍ථෙරවාදී බෞද්ධ උරුමයත් සමපාත කරනවා. මේ පාර මැතිවරණයෙ ඉදිරිපත් වුනු සුවිශේෂම අදහස ඒක නේද?

    මොකද මාලිමාව සහ සජබ වගේ පක්‍ෂ වල ප්‍රතිපත්ති ප්‍රකාශ දිහා බලනකොට ජවිපෙ තාමත් 1980 දශකයේ රනිල්ගේ ධවල පත්‍රිකාව සහ 1999 විතර ආපු යළි පුබුදමු ශ්‍රී ලංකා වගේ පැරණි එජාප ප්‍රතිපත්ති නැවත කොපි කරද්දි සහ සජබය රනිල් 2015 ගෙනාපු ප්‍රතිපත්ති වලට බොරු සෝබන සුබසාධන සීනිබෝල තවරලා ඒකම මාකට් කරද්දී මෙවර රනිල් තවත් ඉස්සරහට ගිහිල්ල, මෙවර රනිල් ‍ථෙරවාදී අර්ථ ක්‍රමයක් කියමින් බටහිර පෙරදිග සංකල්පීය සබැඳියක් යෝජනා කරනවා. මට කෙනෙක් ඉදිරිගාමී වෙන්නෙ ඒ වගේ නව සංකල්පීයකරණයන් කරන්න උත්සුක වෙනකොටයි.

    ‍මේ ථෙරවාද ආර්ථික සංකල්ප කවරේද කියල අපිට විමසලා බලන්න පුළුවන්. බුදුන්ගේ යුගයේ ලිබරල් ආර්ථික මූලධර්ම ගැන පළවුනු අදහස් අපිට කියවන්න පුළුවන්.

    කූටිදන්ත සූත්‍රයෙ බුදුන් දේශනා කරනවා රජ කෙනෙක් විසින් ආර්ථිකයෙදි කළ යුතු කාර්යයන් මොනවාද කියල. ඒ කාලෙ රජ කෙනෙක්, අද කාලෙ නම් රජය. බුදුන් වහන්සේ කියනවා රජු විසින් කෘෂිකර්මයේ යෙදෙන අයට ඉඩම් සහ බීජ ලබා දිය යුතුයි කියල. වෙළඳාම් කරන අයට වෙළඳපොලක් ලබාදිය යුතුයි කියල. රාජ්‍ය සේවයේ යෙදෙන අයට වැටුප් ලබා දිය යුතුයි කියල. රජු විසින් කළ යුත්තේ මේ යටිතල පහසුකම් සම්පාදනයයි. රජය ව්‍යාපාරවල යෙදිය යුතුයි කියල බුදුන් වහන්සේ දේශනා කලේ නෑ.

    ඒ වගේම ඒ සූත්‍රයෙ බුදුන් වහන්සේ කියනවා ජවිපෙ සහෝදරවරුන්ට වගේ නිකං දේවල් ‍දෙන්න එපා කියලා. දිය යුත්තේ කාටද කියන එකත් උන්වහන්සේ සඳහන් කරනවා.

    යම් ශිල්පයක දක්ෂ අයට පහසුකම් ලබාදෙන්න, ඒ වගේම අලස බවෙන් තොරව වැඩ කරන අයට පහසුකම් ලබාදෙන්න, සුපරික්ෂාකාරී අයට නාස්ති නොකරන අයට පහසුකම් ලබාදෙන්න, එමෙන්ම කළමනාකරණ හැකියාවක් ඇති අයට පහසුකම් ලබාදෙන්න.

    මෙතනදි වැදගත් කාරණය ජවිපෙ සහෝදරවරු කියනවා වගේ සමානාත්මතාවයක් බුදුන් වදාලේ නෑ. උන්වහන්සේ කියන්නෙ සුදුස්සාට සුදුසු දේ ලබා දෙන්න කියලයි. ඒ අතීතයේ පවා ආර්ථිකය ගැන ඉතාම විශිෂ්ට දැනුමක් තිබිලා තියෙනවා. නුතනයේ ප්‍රගතිශීලී විදිහට පෙනී ඉන්න අයටවත් ඒ දැනුම නැති එක කණගාටුවක්.

    මේ විදිහට ක්‍රියාත්මක කරන ආර්ථිකයකින් ලැබෙන ප්‍රතිඵලත් බුදුන් වහන්සේ විසින් සඳහන් කරලා තියෙනවා. බුදුන් වහන්සේ වාමාංශික මාක්ස්වාදීන් වගේ ධනය සමග උරණව වාසය කලේ නෑ. ධනය උපයන අය හොරු දූෂිතයො විදිහට සැලකුවෙ නෑ. උන්වහන්සේට ධනය පිළිබඳ ඉතාම විවෘත ආකල්පයක් තිබුණා.

    අංගුත්තර නිකායෙ අනණ සූත්‍රයේ බුදුන් විසින් මෙවන් ආර්ථික‍යකින් උත්පාදනය කරන සතුට ගැන කතා කරනවා.

    එකක් ධනය ඉපැයීමේ සතුට. අත්ථි සුඛ. මේ සතුට ජවිපෙ සහෝදරයන්ට ජීවිත කාලය තුලදීම නොලැබෙන සතුටක්. ඒ අය මහන්සි වීමෙන් ධනය උපයන්නෙ නෑ. අනුන්ගෙන් ඉල්ලගෙන ජීවත් වීමක්නෙ තියෙන්නෙ. නමුත් බුදුන් වහන්සේ ධනය ඉපැයීම සතුටක් හැටියෙන් දක්වනවා.

    ඒ වගේම ඒ ධනය පරිභෝජනය කිරීමෙන් ලැබෙන සතුට. උන්වහන්සේ පරිභෝජනවාදයට විරුද්ධ වුනේ නෑ. ධනය පරිභෝජනය කිරීමෙන් සතුට ලැබිය හැකි වග දේශනා කළා. ඒකට කියනවා භෝග සුඛය කියල.

    ඊට පස්සෙ තියෙනවා අනණ සුඛය. ඒ තමයි ණය නොවීමේ සතුට. අපිට රටක් විදිහටත් දැන් ණය නොවීමේ සතුට අහිමි වෙලා තියෙනවා. ආර්ථිකය බුදුන් කී පරිදි කළමනාකරණය කළා නම්, සුබසාධනය කියා හැමෝටම නිකං බෙදීම, නිකං රස්සා දීම නතර කළා නම් අපිට අනණ සුඛය විඳින්න තිබුන. නමුත් නිකං දීම තියෙන කල් ණය නොවීමේ සතුට විඳින්න අපිට ජාතියක් හැටියටම බැරි වෙනවා.

    ඔය විදිහට බුදුන්ගේ ඉගැන්වීම් එක්ක නූතන ලිබරල් ආර්ථික ප්‍රවේශයන් ගැලපීම හරිම ලස්සන දෙයක්. ඒක සාර්ව (holistic) එළඹුමක්. පළවෙනි වතාවට අපිට ප්‍රතිපත්ති ප්‍රකාශනයක මේ වගේ දාර්ශනික ගැලපීමක් මුනගැහෙනවා. එහෙම නේද?

    ReplyDelete
    Replies
    1. එකක් ධනය ඉපැයීමේ සතුට. අත්ථි සුඛ. මේ සතුට ජවිපෙ සහෝදරයන්ට ජීවිත කාලය තුලදීම නොලැබෙන සතුටක්.
      එක්සත් ජාතික පක්ෂයේ අය, පොහොට්ටුවේ අය මං හිතන්නේ රස්සාවල් කරලා ධනය උපයපු අය වෙන්ටෑ

      Delete
  26. පෙරේදා සිරස සටන වැඩසටහනේදී අනුර බලයට පත් උනොත් මහමැතිවරණය දක්වා භාරකාර රජයක් පත්කරගෙන ඉදිරි දින පනස් ගානෙදි මොකද කරන්නේ කියලා හරීන් අහපු ප්‍රශ්නයට කට උත්තර නැතිවුන හඳුන්නෙත්ති ප්‍රසිද්ධියේ හෑමත් එක්ක මාලිමාව රටේම විහිළුවට ලක්වුණා. ඊට පස්සේ ඊයේ නලින්ද ජයතිස්ස ඒ ප්‍රශ්නයටම වෙනත් උත්තර වගයක් දෙනවා. උත්තර වගයක් කියන්නේ සෘජු ප්‍රශ්නයට සෘජු පිළිතුරක් නෙමෙයි අපි කරන්නම්, ඒක බලමුකෝ වගේ ආඳා ටයිප් බොරු බයිලා උත්තර කිහිපයක් ඇත්තටම.

    මම මේ කියන්න හදන්නේ හඳුන්ගේ උත්තරේ හරිද වැරදිද නලින්දගේ උත්තරේ හරිද වැරදිද කියන එක නෙමෙයි. ඇත්තටම ජනාධිපතිවරණයට තව සති තුනක කාලයක් ඉතිරි වෙලා තියෙද්දි පවා ජවිපේ ඉහළ ඇවරියවත් එක තැනක එකට වාඩ් වෙලා "බලය ලැබුනොත්" මොකද කරන්නේ කියන එක කතා කරලා නැද්ද. එහෙම නැත්තම් ඒ කතා කරපු එක නලින්දලාට හඳුන්ලට කියලා නැද්ද. ඒක නිසාද මේ තැන් තැන් වල එක එක කතා කිය කිය යන්නේ.

    ඡන්ද දිනනවා පරදිනවා, ආණ්ඩු මාරු වෙනවා, හැබැයි රාජ්‍යයෙි පැවැත්ම අඛණ්ඩයි. ඒ නිසා කවුරු හරි ඡන්දේ දින්නනොත් දින්නට පස්සේ අපි දැන් මෙකක්ද කරන්නේ කියලා කල්පනා කරන්න හිතාගෙන ඉන්නවා නම් එක රැයකුත් ඇති රාජ්‍යයේ අඛන්ඩව බිඳවැටෙන්න.

    වසර දෙකකට පෙර අපි අරගලය කරපු වෙලාවේ ගෝඨාභය කොච්චර සතා උනත් යන්න යන්න කියද්දි එක රෑට දමලා ගහලා ගෙදර නොගිහින් එතනින් එහාට රාජ්‍යයේ පැවැත්ම, රාජ්‍ය යාන්ත්‍රණය දුවන විදිය හදලයි පොරත් ගෙදර ගියේ. 2015 වගේම 2019 දිත් ඡන්දය දිනපු කණ්ඩායම් කලින්ම කියලා තිබුනේ අපි දින්නම රනිල් අගමැති මහින්ද අගමැති කියන එක. ඒක කලින්ම සැලසුම් කරලයි ඡන්දය දිනුවේ.

    2015 සහ 2019 ඡන්ද දෙකම ගත්තම බලය මාරුවෙන ඡන්ද වලදි හිටපු ආණ්ඩුව කිසිම පැකිලීමක් නැතුව තනතුරු වලින් ඉල්ලා අස්වෙලා ගියා. හඳුන්නෙත්ති කියන විදියට ජනාධිපති පත්වෙලා විසුරුවනකම් හිටියේ නෑ. විශේෂයෙන්ම 2019 එවකට පැවති ව්‍යවස්ථාව අනුව ගෝඨාභයට රනිල්ව ඉවත් කරන්න බලයක් නොතියෙදී පවා රනිල් ඇතුළු කැබිනට් එක අයින් උනා. එතකොට 22 උදේට කල්පනා කරන්න බෑ දැන් අපි මොකෝ කරන්නේ කියලා.

    2015 ජනාධිපතිවරණය පැරදුන එකා නාකි මයිනා රිසාල්ට් එන්න කලින් ඉල්ලා අස් වෙලා ගෙදර ගියා ඊට පස්සෙ ගෙනාව අයවැය දිනවලා දුන්නා, ඒ අයවැය ඕන නම් පරද්දන්න තිබ්බා හැබැයි ලැබුන ජනවරමට ඔලුව පාත් කරලා ජනතාව බලාපොරොත්තු වුන දේවල් වලට සහය දුන්නා,19 වෙනි ව්‍යවස්තාව කවුද දිනවලා දුන්නෙ? තමන්ගෙ පවුල ටාගට් කරලා හදපු ව්‍යවස්තාවත් දිනවලා දුන්නෙ මයිනලාම තමයි 😅 හැබැයි 2019 එහෙම උනේ නෑ ජනවරමට අවම ගරුත්වයක්වත් දුන්නෙ නෑ, අන්තිමට මිනිස්සු පත් කරගත්ත එකාට උනේ අතුරු අයවැයවල් ගෙනැල්ලා මහමැතිවරනෙ තියනකන් මාස 8ක් ඇදගෙන යන්න. ඔන්න ඔහොමයි ලංකාවේ දේසපාලනේ 😪

    ReplyDelete
  27. මාතලන්ට කොච්චර තද වෙලාද කිව්වොත් රෙද්දෙ රෙවිලද දන්නෑ.

    ReplyDelete
  28. "ඊට පැමිණි වෘතීයවේදියෙක්ගෙන්ම එම සමුළුව පට්ට ෆේල් විකාරයක් බවට අසාගෙන"..... ඌ වැඩ බැරි කුක්කෙක් උඹලගෙ වැඩ කරන තැන් වලත් ඇති ඔය වගේ අයිටම්ස්. උඹල ඉතින් ඌට අහුවෙලා පුකෙන් වලිගෙ පාගනවා.

    ReplyDelete


  29. අනුර කුමාර දිසානායක සහෝදරයා ව්‍යපාරික ප්‍රජාවෙ ජාජබ නියෝජනය කල ජොන් කීල්ස් ලොක්කාව පාර්ලිමේන්තුවෙදි වනසයි.

    අන්න නියම නායකයො. අසාධාරණයක් ලග චන්ද බලාගෙන දෙකට නැවෙන්නෙම නෑ

    https://www.facebook.com/61563600982841/videos/866085275581900/?app=fbl


    ජෝන් කීල්ස් එකට ලැජ්ජාවකුත් නෑ. අනුරලට ලැජ්ජාවකුත් නෑ. උන්ට චන්දෙ දෙන උන්ට ලැජ්ජාවකුත් නෑ බං. හැබැයි දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න කතාව.

    ලංකාවෙ මිනිස්සු විතරක් නෙමෙයි කෝපරේට්වල ලොක්කොත් අමු කාලා වගේ හැසිරෙන්නෙ. සාමාන්‍යයෙන් තමන්ගේ මොන දේශපාලන මතයක් තිබුනත් කෝපරේට්වල මිනිස්සුන්ට ආචාර ධර්මයක් තිබුන පක්ෂවලට ගොඩවෙන්නෙ නැතුව ඉන්න. මොකද තමන්ගේ ආයතනයේ තමන් යටතේ සිය දහස් ගණන් මිනිස්සු වැඩ කරන හින්ද. ඒ වගේම දේශපාලනය අවුරුදු පහෙන් පහට ඇණ ගත්තට සමාගම් කාලයක් තිස්සෙ පවතින්න උවමනා හින්ද.

    මං දැක්කා පික්මී එකේ අයිතිකාරයා ගිහින් ජවිපෙ රැස්වීමක පොල්තෙල් පාන පත්තු කරනවා. එතකොට පික්මී දුවන උන් මාලිමාවෙ ස්ටිකර් ගහගෙන දුවනවා. ඒ දුවන අතරෙ උන් මට කියනවා, පික්මී එක උන්ගෙන් සීයට විස්සක් හූරගෙන කනවා කියල. උන් හෙන තරහයි පික්මී එකේ අයිතිකාරයා එක්ක. දැන් මාලිමාවෙ ස්ටිකර් එක ගහගෙන දුවන මල්ලිට පේනවා උන්ව හූරගෙන කනවා කියපු ලොක්කා තමයි මාලිමාවෙ පොල්තෙල් පාන පත්තු කරන්නෙ. දැන් හරි සනීපෙට දැනෙනවා ඇති. තමන්ව සූරාකන තමන්ගේ අධිපතියා ඒ පක්ෂෙටම සෙට් වුනාම.

    අර ජෝන්කීල්ස් එකේ ලොක්කා මුලු ජෝන් කීල්ස් එකේ අභිමානයම බිම දිගේ යැව්වා. එයා මාලිමාවෙ වේදිකාවට ආවා කියලා මාලිමාවෙ උන් උඩ දැම්මා. ඊට පස්සෙ බලද්දි එයා සජිත්ගෙ සමුළුවෙත් ඉන්නවා. මට හිතාගන්න බෑ ජවිපෙ කො‍හොමද ‍ජෝන් කීල්ස් වගේ සමාගමක් තමන් සමග එකතු වීම මහ ඉහලින් සමරන්නෙ කියල. ජවිපෙ න්‍යායන් හැටියට ඒ තමයි ශ්‍රමය හූරගෙන කන ලාභය අරමුණු කරගත්ත මහා සමාගම්. ජවිපෙට ඒ ගැන අවුලකුත් නෑ, ජෝන් කීල්ස් එකට අවුලකුත් නෑ. අමු කෑවා කියන්නෙ මෙන්න මේ වගේ වුනාම.

    දැන් ජවිපෙ බලය ගත්තොත්, ඊට පස්සෙ ගෝඨාභය වගේ නෑවොත් ජෝන් කීල්ස් සමාගම් ලොක්කට සිද්ද වෙනවා ගෝල්ෆේස් ඇවිල්ලා සමාව ගන්න (මේවා මම කියන ඒවා නෙමෙයි, මේ රටේ සිද්ද වෙන ඒවා). තමන්ගෙ ව්‍යාපාර ආයතනයක් මේ විදිහට දේශපාලනීකරණය වෙන්න ඉඩ දෙන්න මේ සමාගම් ප්‍රධානීන් මේ තරම් අඥාණද?

    අඩු ගානෙ ක්‍රිෂාන් බා‍ලේන්ද්‍ර ජෝන් කීල්ස් එකේ රස්සාවක් දෙන කොට මනුස්සයෙක් ඉන්ටවිව් කරන තරමටවත් ජවිපෙ කාරණා ගැන සාකච්ඡා කළාද? ඊයෙ DSA එක වෙනස් කරනවා කියන අනුර අද කියනවා IMF ප්‍රතිපත්ති වෙනස් කරන්නෙ නෑලු. ඒවා රටට අහිතකර නෑලු. අඩුගානෙ ක්‍රිෂාන් බාලේන්ද්‍ර කන්සිස්ටන්සි කියල දෙයක් ගැනවත් හිතන්නෙ නැති ආයතන ප්‍රධානියෙක්ද?

    මේ කිසි දෙයක් ජවිපෙ හෝ මාලිමාවෙ වැරදි නෙමෙයි. අද රටේ සමාගම් පවා මාලිමාවෙ මට්ටමට පහල වැටිලා තියෙනවා. ඔහේ කවුරු හරි කියවන කයිවාරු හෑල්ලක් එක්ක ඕනම වේදිකාවකට ගොඩවෙන මට්ටමට ඇවිත් තියෙනවා.

    අපි බලමු ඉස්සරහට මේ අමු කාපු කොම්පැනි කොහොමද ව්‍යාපාර කරගෙන යන්නෙ කියල.

    ReplyDelete
  30. මාතා මෙවර ජනපතිවරණයේදී මාලිමාවෙ ප්‍රචාරණ ව්‍යාපාරය (මාකටින් කැම්පේන් එක) තමයි ඉතාම දියුණු මට්ටමක තියෙන්නෙ. ඔවුන්ගෙ රැස්වීම් සංවිධානය, වගේ දේවල් ලස්සනට පිළිවෙලට කරලා තියෙන්නේ මුළුමනින්ම සැලසුම් සහගත ප්‍රචාරණ ව්‍යායාමයක් විදියට.

    ගෝඨාභය වෙනුවෙන් 2019 තිබුණ මැතිවරණ ව්‍යාපාරයේවත් මේ වගේ ප්‍රචාරණ ව්‍යාපාරයක් තිබුනේ නෑ. අවිධිමත්ව සමාජ ක්‍රියාකාරිකයන් ස්වේච්ඡාවෙන්ම කරපු දේ සහ වියත්මග, එළිය වගේ කුඩා සංවිධාන දෙක තුනක් කරපු දේවල් ඇරෙන්න.

    දැන් මේසැරේ මේ කටාර් රාජ්‍යයේ එකම විදියට මාලිමාවේ ටීෂර්ට් ඇඳගෙන මෙට්‍රෝ ස්ටේෂන් එකට ඇවිල්ල ඒක හරියට ගුවන් තොටුපළෙන් පිටත් වෙන පිරිසක් වගේ පේන විදියප රූපගත කරමින් ව්‍යාජ ප්‍රචාරයකට සෑහෙන ව්‍යායාමයක් දරලා තියෙනවා. නමුත් විදේශගත වෙලා අත්දැකීම් තියෙන අයට පේන විදියට මේ එහෙම ගුවන් තොටුපළෙන් ලංකාවට එන පිරිසක් නෙවෙයි, සංවිධානය වෙලා ඒ විදියට පේන්න රූගත කරන පිරිසක්. (පොඩි අවුලක් නිසා ඒක හෙළි වුනේ නැතිනම්, ඒකත් හොඳ ප්‍රචාරණ ප්‍රයත්නයක්.)

    මේ වගේම අනුර කුමාර දිසානායකට අසනීපයි කියලා ප්‍රචාරයක් යන එකත්, මට පේන්නෙ ප්‍රචාරණ ප්‍රයත්නයක් වගේ. ඒකෙන් පොඩි සහකම්පනයක් ඇති වෙනවා. ඔහුට පොඩි චෙකප් එකක් වෙනුවෙන් රෝහල් ගත වෙන්න පුළුවන් නම් ඒකත් සෑහෙන හොඳයි. චන්ද්‍රිකාට 1999 බෝම්බෙ ගහපු නිසා ඡන්ද ගොඩක් වැඩිවුනා, මේ සැරෙත් තියෙන තරගයත් එක්ක ඒ වගේ පොඩි පොඩි දේවල් වලින් සියුම් ලෙස ඡන්ද වැඩි කරන්න පුළුවන්.

    මට ජයන්ත චන්ද්‍රසිරිගේ ගරිල්ලා මාකටින් මතක් වෙනවා.

    ඊට සාපේක්ෂව සජිත්ගේ සහ රනිල්ගේ ප්‍රචාරණ ව්‍යාපාරය බොහොම සම්ප්‍රදායික එකක්. වේදිකා උඩ ගායකයෝ ගෙනල්ලා සංගීත සන්දර්ශන තිය තිය පරණ තාලෙට යන ප්‍රචාරණ ව්‍යාපාරයක්නේ පේන්න තියෙන්නෙ. ඒ අතින් බලන කොට මාලිමාව සෑහෙන ඉදිරියෙන් ඉන්න බව පේනවා කැම්පේන් එක අතින්, නමුත් බලය ලැබුණාම තමයි ඔය සේරම බැලුමක් වගේ පිපිරීම සිදුවෙන්නේ. ඒකෙන් රටට ඇතිවන බරපතල අවුලට මොකද කරන්නේ? විශේෂයෙන්ම ආර්ථික බිඳවැටීම පිළිබඳව?

    ReplyDelete
  31. අනුර කුමාර දිසානායක කියන්නේ රනිල් වික්‍රමසිංහ විසින් ඊළඟට ලංකාවේ නායකත්වයට පත් කරන්නට තීරණය කර ඇති පුද්ගලයාටයි, මොකද රනිල් වික්‍රමසිංහ දනනවා මැටිමෝල් මන්ද මානසික සජිත්ට වැඩිය නම් අනුර වුණත් හොඳයි කියලා, මොකද රනිල්ට ලොවෙත් දිනන්න බෑ රනිල් යූඑන්පී එකේ නායකත්වය සජිත්ට දෙන්නැත්තේ ඌ ඒකට සුදුසු නැති නිසා රනිල් දන්නවා මූ අමු ගොනා කියලා දැන් උනත් ඔය සජිත් වටේ ඉන්න පිරිස ඉන්න ජනාධිපතිවරණයේ මහ මැතිවරණයේ තියෙනකං විතරයි පාර්ලිමේන්තු මන්ත්‍රීකම ගන්නකම් විතරයි ක් ඊට පස්සේ ඕකුන් හොයන්නත් නෑ සජිත්ට ඔය මැක්කොන්ට ඕනේ එල්ලෙන්න බල්ලෙක් විතරයි සජිත් හිතන් ඉන්නේ ඉන්න ජනතා මතයක් නැති ජනතාව මෙච්චර පීඩාවට පත් කරපු උන් ටික ක උගේ වටේ එකතු වුණහම ඌ දිනුම් කියලා මේ සැරේ චන්දෙන් බලාගන්න පුළුවන් ඔය පිරිසෙන් සියයට අනූවක් ගෙදර.

    ReplyDelete
  32. 69 ලක්ෂයේ බලය අහිමි වුනේ මිනිස් බලය නිසා නෙවේ. කුමන්ත්‍රණ නිසා.

    පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. LTTE එක යුධමය ලෙස නැත්තට නැතිකරනව. හැබැයි උන්ගෙ දේශපාලන න්‍යායාචර්‍යලා බටහිර ඉදන් STRATEGIC PLAN ගහනව. නැත්නම් අරගලය කියන එකට කොටි ඇවිල්ලා පහන් පත්තු කරන්නෙ නෑ. ඒක පස්සෙ කොටි බලල් අත් නොතිබ්බනම්. මෝඩ ගෝටා දේශපාලනිකව සහ ගෝලීය දෙමළ ඩයස්පොරාව ගැන කියන දෙකෙන්ම immatured.

    කුමන්ත්‍රණයෙ ප්‍රධාන plan එක කාගෙද තාම අපි දන්නෙ නෑ. කොටින්ගෙ, කොටි නටවන රටක, ඉන්දියාවෙ හෝ ඇමරිකාවෙ ඕනම එකක් වෙන්න පුලුවන්.හැබැයි ඒක කුමන්ත්‍රණයක්. ඒකෙ පැතුම් කර්නර්ලා කසකාරයො. JVP, නීතිඥ සංගමයෙ එවක පාලනය, පෙරටුගාමීන්, ඇමරිකානු තානාපති කාර්‍යාලය, බ්‍රිතාන්‍ය, ආදී සියල්ල එහි කොටස්.

    දැන් සිදුවෙන JVP agenda එක පිටිපස්සෙ තියන විදෙස් බලවේගය නෝර්වේ කොටි අත්ද, ඇමරිකාව සහ ඉන්දියාවද ! ලගදි අනුර කියනවනෙ 13 ට එහා හිය බලයක් උතුරට දෙනව කියල. ( වීඩියෝ එක බලන්න හොයාගෙන)

    මේවා තමා 69 9 ට බහින්න මුලික වුන කුමන්ත්‍රණ.හැබැයි 69 ,9 ට බහින්නෙ නායකයෙක් නැතිකම, මිනිස්සුන්ගෙ ඔලුවට හොරු කියන ආකල්පය පිරවීම නිසා.

    මේ කමෙන්ට් එක සෙව් කරල තියාගන්න. දවසක් එනව. එදාට මිනිස්සු ආපහු සිංහල ජාතිකවාදී නායකයෙක් හොයනව. එදාට ඔය 69 ලක්ශෙ 100 ලක්ශයක් වෙලා මහ බලයක් වෙනව. එතන ඉන්නෙ රටට ආදරේ මිනිස්සු. හැබැයි ඒ වෙනකොට පමා වැඩී.

    ඒකම තමා අද බංගලිදේශයේ වෙන්නෙ. බලා ඉන්න වෙනසක් වෙනවද රට නැත්තට නැත් වෙනවද කියල.

    ReplyDelete
  33. මටත් හිතාගන්න බැහැ අනුර සහ සජිත් ජනාධිපතිවරණය වෙනුවෙන් වියදම් කරන සල්ලි කන්දරාව ගැන.. පිටරටින් ආපු මැතිවරන නිරීක්ෂකයො පුදුමවෙයි මේක කොහොමද බංකොලොත් රටක් වෙන්නෙ කියල.. අනුර ඉන්නෙ විසිතුන්වෙනිදට ආන්ඩුව විසුරුවන්නත් ලෑස්ති පිට.. නිහඬ ව ඉන්න සියයට හතලිහෙන් නම් අනුරට සජිත්ට ලොකු වාසියක් නෑ.. ලියල තියාගන්න මෙදා කවුරුවත් ලක්ෂ පනහ පන්නන්නෙ නෑ...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න