.

.

May 20, 2025

රුවක් ඇදෙනවා.... කව්දෝ එනවා....

 





Hannie (Khanna) | Could You Be Loved 

 රුවක් ඇදෙනවා.... කව්දෝ එනවා....

➖➖➖➖➖➖➖➖➖➖❤️➖➖➖➖


සිරස චැනල් එක අප්පිරිය වෙලා තියෙන නිසා.... Sirasa Voive program එකත් බලන්නේ නෑ... ඒ වුනාට ඒක Next Level ප්‍රෝග්‍රෑම් එකක්....


මම කලින් මේ ප්‍රෝග්‍රෑම් එක බැලුවත්..... දැන් ඒක බලන්නේ නෑ.... ඒ දැන් ඉන්න ජජබෝඩ් එකටත් මම හරිම කැමතියි.....


රයිනි, හිරුෂි, සුපුන් සහ මිහිඳු කියන්නේ.... පට්ටම ටැලන්ටඩ් ගායකයෝ විතරක් නෙමේ... versatile මියුසිෂන්ස්ලා..... මේ අය අතරින් මං වඩාත්ම කැමති මිහිඳු ආරියරත්නට.... ඒකට හේතුව මම හිතන්නේ මම රොක් සංගීතය බෙහෙවින් ප්‍රිය කරන්නෙක් නිසා...  


ඒ කියලා අනිත් අයත් ඊට දෙවෙනි නෑ... සුපුන්ගේ "මහමායා" කියන්නේ.... කේමදාස මහත්තයාගේ මියුසික් වලට පස්සෙ ආපු උසස්ම ගණයේ සංගීත නිර්මාණයක්.... ඒක සුපුන්ටත් වඩා ලස්සනට කිව්වේ නුවන්දිකා....


රයිනි ගැන කියන්ඩ ඕන නෑනේ.... අම්මගෙයි තාත්තගෙයි දෙන්නගෙම ජානවලින් මික්ස් වෙලා ආපු පට්ටම පට්ට ටැලන්ට් එකක්.... hirushi කියන්නේ පුදුම ටැලන්ට් එකක්......


දැන් Z ජෙනරේෂන් එකත් ඉවරයි.... දැන් ඉන්නේ ඇල්ෆා ජෙනරේෂන් එක..... ඉතිං කපුගේගේ සින්දු අහපු එවුන්ට.... "හානි" කියන ආධුනික තරගකාරිය බොබ් මාලේගේ ලෝක ප්‍රසිද්ධ Could you be loved  සින්දුවට Jam කරපු.... කපුගේගේ "රුවක් ඇඳෙනවා... කව්දෝ එනවා.."  Reggae Style cover song එක මම නම් උපරිමයෙන්ම වින්දා.....


මේක ගොඩක් එවුන්ට විඳින්න බෑ කියලා මම දන්නවා.... මොකද.... කපුගේම සන්ෆ්ලවර්ස්ලා එක්ක කැසට් එක ගහපු වෙලාවෙත්.... කපුගේව මරාගෙන කන්න ගියපු එවුන්ට.... මේක කොහොමත් දිරවන්නේ නෑ..... 


ඒකට හේතුව.... අපේ එවුන් cover songs  කියන්නේ මොකක්ද කියන එක දන්නේ නෑ... එතකොට එකම ගීතය..... විවිධ ශානරයන්ගෙන් ගායනා කරනවා කියලත් දන්නෙ නෑ.... ඉතින් ඒවා දන්නැති ලොන්තපෝල් ඔලමොට්ටල නාකි මැට්ටන්ට මැට්ටියන්ට..... මේවා කොහොමත් දිරවන්නේ නෑ..... මේ පන්තිය දිරවන්නෙත් නෑ....


අපි නං අඩියක් ගහලා සිංදුවක් කියන කොට.... Hotel California සිංදුවත් එක්කම ඒකේ තාලෙට අසංක ප්‍රියමන්ත පීරිස්ගේ "සඳනාවත් කමක් නැතී... රත්තරන් පුතී...." සින්දුවත් කියනවා.... ඒක Hotel California රිදම් එකත් එක්ක නියමෙටම යනවා....


ඉතිං ඒ වගේ ආතල් ගන්නන එවුන් මීට පස්සේ Could you be Loved අස්සේ "හානි" කරපු මේ Cover Song එක මීට පස්සෙ කියයි.....


එක එකාගේ රසිකත්වය වෙනස් කියලා නොදන්න අම්බරුවන්ට මේවා තේරෙන්නේ නෑ.... ඉතිං ඒකට අපිට කරන්න දේකුත් නෑ... 


අපි නම් තාමත් ඒ ඇම් යූ රාජ්ගේ තිලො අග රාජා අහන අස්සේ.... අමරදේව, නන්දා, වික්ටර්, ප්‍රියා, මිල්ටන්, ක්ලැරන්ස්, ඉන්ද්‍රානී, සුනිල් පෙරේරා, නිහාල් නෙල්සන්, ඇන්ටන් ජෝන්ස්, සැන්ටි, මිල්ටන් පෙරේරා, ජෝති, ලතා, ඇන්ජලින්, සුජාතා, සමිතා අතුල, රූකාන්ත ලේඛා, නාමල්, ෂෙහාන්, බාතිය සන්තුෂ්, අමල් පෙරේරා, කසුන් කල්හාර අහන අස්සේ මේවත් අහලා විඳිනවා....


මට තියෙන එකම දුක.... 

කපුගේ මහත්තයා මේ සින්දුව Reggae වර්ෂන් එකෙන් නොකිව්ව එක....


ඒක Reggae ටියුන් වලට නියමටම මැච් වෙන සින්දුවක් වගේම.... කපුගේගේ ගංජා වොයිස් එකටත් නියමෙටම මැච් වෙනවා.... 


කපුගේ ලොක්ක හිටියනං ඒකත් කරයි.... 

මොකද කපුගේ කියන්නේ වෙනස් වෙන්න කැමති මිනිස්සු....


මේ කෙල්ලගෙ ඇක්ට් එකත් මරු.... 

Reggae කියන්නේ රස්තෆාරී කල්ට් එක එක්ක බැඳුන සංගීතයක්... අපේ උන් රස්තියාදුකාරයෝ කියන එක ඇවිත් තියෙන්නේ ඒකෙන් වෙන්න ඕන... ඉතින් ඒ ඇක්ට් එකේ ඒක උපරිමයෙන්ම තිබ්බා.... රොකට් වල නැගලා හඳට ගිය එවුන් මේ රහ දන්නවා.... ගුණදාස කපුගේ කියන්නෙත් එහෙම අජටාකාශකාමියෙක්.....


විඳින එකෙක් විඳපල්ලා ඔන්න සින්දුව දැම්මා


ඒ වගත් මෙසේය....

22 comments:

  1. කන්නා ම තමයි, මේකි නම්

    හනා, මදිවට දැන් මේකි

    කනට රෙනා කියල දාගන්න කියපන් මේ හෝන්තුවට

    යකෝ මීට වඩා හොඳට අපට සිං කරලා රැපක් කියන්න පුළුවන්

    ReplyDelete
  2. මාතලන්,

    මම දන්නෙ නැහැ ඔය වැඩසටහනේ ඉන්න විනිශ්චය මණ්ඩලය මොන න්‍යාය පත්‍රයකට අනුව මොන මගුලක් කරනවා ද කියලා, හැබැයි ඔය දාපු ලින්ක් එකෙන් ගිහිල්ල මම ඕක දැන් බැලුවම මට කියන්න පුළුවන් ඒ ආධුනික ගායිකාවගෙ රෙගේ ගායන ඉදිරිපත් කිරීම අපේක්ෂිත මට්ටමට ළඟා වුණේ නැහැ කියන දේ පැහැදිලිවම. රෙගේ සංගීතයේ මූලික ලක්ෂණයක් වන රිද්මයානුකූල බව එතරම් පැහැදිලිව දැකගන්න ලැබුණේ නැහැ. විශේෂයෙන්ම "offbeat" රිද්මයට වචන ගළපා ගායනා කිරීමේදී සෑහෙන දුර්වලතා පෙන්නුම් කළා. ඒ වගේම, හඬේ ශක්තිය සහ රෙගේ ශෛලියට ආවේණික වූ ස්වර රටාව එතරම් ප්‍රබලව දැනුණේ නැහැ. ගායනයේ ස්ථාවර බවත් විටින් විට දුර්වල වූ බවක් පැහැදිලිවම පෙනුනා. රෙගේ ගීතයක පණිවිඩය ප්‍රකාශ කිරීමේදී අවශ්‍ය වන හැඟීම් සහ තීව්‍රතාවත් අඩුපාඩුවක් ලෙස දකින්න පුළුවන්. මේ කරුණු නිසා ඒ ඉදිරිපත් කිරීම රෙගේ ශෛලියට සාර්ථක වූයේ නැහැ කියන එක නම් පැහැදිලියි.

    ඔයා කියපු ලංකාවේ සම්ප්‍රදායික ගීත රෙගේ ශෛලියට ගායනය කරලා සාර්ථක වෙච්ච ඒවා ඕනතරම් තියෙනවා, අනික කපුගේ වගේ මියුසික් හොඳට දන්න සහ ස්කිල්ඩ් සීනියර් ගායකයෙක්ට රෙගේ ශෛලියට ගායනය කරන එක මහලොකු දෙයක් නෙවෙයි, උදාහරණ විදිහට චාමර රණවකගේ මෑතදී ආපු අලුත් ගීයක් වන මල් පිපිලා මද සුළඟේ වගේ එකක් ගැන හිතලා බලන්න.

    ReplyDelete
    Replies
    1. මෙතන අවුල තියෙන්නේ ගොඩක් දෙනෙකුට රෙගේ ශෛලිය ගැන හරියට අවබෝධයක් නැතිව උඩින් පල්ලෙන් රෙගේ මියුසික් ගැන යන්තමින් දැනගෙන මේ වගේ විහිළු වැඩ සුපිරිම ගායන කියලා සමාජ මාධ්‍ය ජාල වල ගොම්රිච් උඩ ඇවිත් හාඩ් වර්කින් ස්මාට් ජෙම්ස් යට යන එකයි. හරි, මේ බ්ලොගය බලන අය අතර බහුතරය ගත්තම ඒ අයට මාතලන්ලට වගේ රෙගේ ශෛලිය ගැන ඒහැටි අවබෝධයක් නැතිනිසා මම තවත් විස්තර සහිතව ලියන්නම්.

      ඇත්තටම රෙගේ ශෛලියට ගායනයේදී හුදෙක් තනුවකට වචන එකතු කරනවාට වඩා සංකීර්ණ ක්‍රියාවලියක් සිදුවෙනවා. මූලිකවම, රිද්මයානුකූල නිවැරදි භාවය (rhythmic accuracy) ඉතා වැදගත්. රෙගේ සංගීතයේ ප්‍රධාන ලක්ෂණය වන syncopation හෙවත් අවධාරණය වෙනස් තාලයකට යොමු කිරීමේ හැකියාව ගායකයාට තිබිය යුතුයි. සාමාන්‍යයෙන් පළමු සහ තුන්වන බීට්වලට වඩා දෙවන සහ හතරවන බීට්වලට වැඩි අවධානයක් දීම මෙහිදී සිදුවෙනවා.
      ස්වර පරාසය (vocal range) සහ ස්වර පාලනය (vocal control) ද වැදගත්. සමහර රෙගේ ගායකයින් පුළුල් ස්වර පරාසයක ගීත ගායනා කරන අතර, තවත් සමහරුන් සීමිත පරාසයක වුවත් ප්‍රබල හැඟීම් ප්‍රකාශ කිරීමට දක්ෂයි. ටෙනර් හෝ බැරිටෝන් වගේ ඕනෑම ස්කේල් එකක ස්වර පාලනය තුළ හඬේ තීව්‍රතාවය, ස්වරයේ උස් පහත් වීම් නිවැරදිව පාලනය කිරීම අනිවාර්ය වෙනවා.
      ඊළඟට වාක්‍ය ඛණ්ඩකරණය (phrasing) ඉතා වැදගත්. රෙගේ ගායකයින් වචන සහ වාක්‍ය සංගීතයේ තාලයට අනුව ඉදිරිපත් කරන ආකාරය සුවිශේෂීයි. සමහර විට ඔවුන් වචන දිගු කරමින් හෝ කෙටි කරමින් විශේෂ රිද්මයානුකූල රටාවක් නිර්මාණය කරනවා.
      නාද එකමුතු කිරීමේ හැකියාව (ability to harmonize) රෙගේ සංගීතයේ නිතර දක්නට ලැබෙන දෙයක්. ප්‍රධාන ගායකයා සමඟ තවත් ගායකයින් එකතු වී විවිධ ස්වරවලින් ගායනා කිරීම ගීතයකට පොහොසත් බවක් එක් කරනවා. මෙහිදී එකිනෙකාගේ හඬවල් හොඳින් මිශ්‍ර වීමට ගායකයින්ට හැකි විය යුතුයි.

      රෙගේ වල ටෝස්ටිං (toasting) ගැන කතා කරන විට, එය හුදෙක් කතා කිරීමක් නොවෙයි. එය සංගීතයේ තාලයට අනුව රිද්මයානුකූලව වචන ඉදිරිපත් කිරීමේ කලාවක්. මෙහිදී වාග් චාතුර්යය සහ ක්ෂණිකව වචන ගොඩනැගීමේ හැකියාව වැදගත් වෙනවා.
      අවසාන වශයෙන්, රෙගේ ගීතයක අන්තර්ගත පණිවිඩය (message) ප්‍රේක්ෂකයන්ට දැනෙන ආකාරයට ගායනා කිරීම වැදගත්. බොහෝ රෙගේ ගීත සමාජීය, දේශපාලනික හෝ අධ්‍යාත්මික පණිවිඩ රැගෙන එන නිසා, එම හැඟීම් ගායනය තුළින් ප්‍රකාශ කිරීමට ගායකයාට හැකි විය යුතුයි.
      මේ කරුණු සියල්ලම රෙගේ ශෛලියට ගායනා කිරීමට අවශ්‍ය කුසලතා සහ ක්‍රම ලෙස හඳුන්වන්න පුළුවන්.

      මේ තරුණියට රැපර් කෙනෙක් විදිහට යම් තරමකට හැකියාව තිබුණාට ගායන හැකියාව නම් හොඳටම මදි, වෙන ගායන ශිල්පීන්ගේ ගී වලට රැප් කොටස් එකතු කරන්න වගේ දේකට ෆෝකස් කළා නම් හොඳයි කියලයි මට හිතෙන්නේ.

      Delete
  3. මෙයාගේ නම වගේමයි වැඩත්... එච්චර ලස්සන සිංදුව කා දමනා "කනා".

    ඒ අස්සේ සුපුනා නටනවා, සුපුන්ටත් හරියට මුකුත් පේන්නේ නෑ වගේ, පොර මෙතන මලක් ඇදලා ද මංදා ඉන්නේ. පොරත් "කනා"වෙලා දෝ මන්දා.. හැබැයි මෙතනදී එකක් හරියට කියවුනා, එකෙන්ම මේකි වේදිකාවට ගිණි තියනවා. 😅🤣😂

    ReplyDelete
  4. සින්දු හානවා කියනනේ මේවට තමයි 😅 මේවට හොදයි කියන උන්ටනම් සිරාම ට්‍රැක්. කෙල්ලගේ Personality එක නම් ස්ටේජ් එකකට සෑහෙන්න හොඳයි ඒත් සින්දු කියන්න නම් කොහෙත්ම බෑ. 😅 සිංහල සිංදුනම් කොහොමත් බෑ තනිකරම ටකරම් වොයිස් එකක්.

    ReplyDelete
  5. මුලින්ම මේ වෙනස කරන්න යොදාගෙන ඇති සිංහල සින්දුව ගැන කිසිම අවබෝධයකින් කරපු දෙයක් නෙවෙයි, ඒකයි මේකේ අවුල් සහගත නොගැලපීමට ප්‍රධාන හේතුව, මම ආසම සින්දුවක් රුවක් ඇදෙනවා, කපුගේ මාස්ටර්ගේ වියපත් බර හාඩ් වොයිස් එකයි දිවුල් ගේ තරුණ මොළොක් වොයිස් එකයි හරිම අද්විතීය විදියට ලස්සනට එකතු වෙච්ච විරහ දුක වේදනාව සහ කරුණා සහගත බවත් අවසානයට උපේක්ෂා සහගත බවකුත් ප්‍රකාශ කරන ඒ මෙලඩි එකයි එකතු වුනාම වෙනම චිත්‍රයක් හිතේ මැවෙනවා . මේක ලංකාවේ බිහිවූ වෙනස්ම මාස්ටර්පීස් සින්දුවක් . ඒක මෙහෙම රසයක් නැතුව ඔහේ කලවං කරලා පටලවලා කියන කොට හරිම දුකයි 😢😢😢.

    හැබැයි මුලදී පටන් ගත්ත බොබ් ගෙ සින්දුව රෙගේ ගායන ක්‍රමය යොදාගෙන රෙගේ සින්දු කියන්නම ගැලපෙන විදියට ලස්සනට හදලා තියෙන මෙලඩි එකක්, මොකද රෙගේ ගායන ක්‍රමය Upbeat, Positive, Rebellious තීම් එකක් එක්කයි යන්නේ, ඒ නැගලා යන, උද්වේගකර ධනාත්මක රැඩිකල් කැරලිකාර තේමාවට ගැලපෙන සුන්දර පදමාලාව සහ බීට්වලට බොබ්ගේ Could you be loved එකේ ශානරය පොසිටිවිලි ලයිෆ් එක ගැන බලන හැටි. ඒ පදමාලාව රෙගේ රිදම් එකත් එක්ක මික්ස් වුනාම අපට හරිම අද්විතීය විදියට ලස්සනට ෆීල් වෙනවා.

    ඒත් කපුගේ මාස්ටර් ගේ සිංදුව විරහව මත්පැන් වලින් යට කරන්න ආපු අත්දැකීම් අඩු ලාබාල තරුණයෙක් එක්ක ඒ විරහවම විදින මහලු කෙනෙක් තම පළපුරුදු ජීවන අත්දැකීම් සමග තෙම්පරාදු වුණ අදහස් බෙදා ගන්න හැටි තියෙන්නෙ, ඒකට රෙගේ මෙලඩි එකක් ආවාහම අර ෆීල් එක සම්පූර්ණයෙන්ම විනාශ වෙලා පදවල අරුත්බර බව නැත්තටම නැති වෙනවා. සිරසේ කලින් රමියා කරපු දේටත් මන් රසිකයෙක් විදිහට විරුද්ධයි. ඔය ගහැණු ළමයගේ හඩ හරි යුනික් නිසා ඒකට ගැලපෙන සරල upbeat සිංදු තෝර ගත්තොත් හරියයි. දන්න කෙනෙක් එයාට නිකමට මොණර කිරිල්ලී සිංදුව ට්‍රයි කරන්න කියල බලන්න ඔය වොයිස් එකෙන්.

    ReplyDelete
  6. රස විඳිනවා රියලිටි ෂෝ තුන හතරක්
    Voice එකත් ඒ අතරේ තියෙන එකක්
    මියුසික් උගත් හපනුන් එහි සිටියි ගොඩක්
    ඔවුනට ලැබේවා ග්ලෝබල් පිළිගැනුමක්!

    ReplyDelete
    Replies
    1. මොන ග්ලෝබල් ද නිදී උදාහරණ විදිහට අපේ ලංකාවේ උපන් ගම අනුරාධපුර බලන්න. මම මේ සැරේත් ලංකාවට ගියාම බැලුවා තාමත් එහෙමමයි නගරෙ මැද ලොකූ ඉඩම්වල දුම්රිය දෙපාර්තමේන්තුව quaters තොගයක් හදලා. අපරාදෙ ඒ වටිනා ඉඩම් අක්කර ගණනක්. ඒ දුම්රිය දෙ. කට්ටියට apartment එකක් හදල.. ඒ ඉඩම්වල තියෙන නිවාස ටික වන්දනාවෙ එන මිනිස්සුන්ට daily rent එකට දුන්නත් ලොකු ගානක් හොයන්න පුළුවන්. හරියටම අනුරාධපුර market එක ගාව හංදියෙ නගරෙ වටිනම lot එකේ තියෙන quaters එකත් පාවිච්චි නොකර අත් හැරල දාලා තියෙන්නෙ. ඉතින් ඒ ජනාධිපතිගේ උපන් දිස්ත්‍රික්කයේ තත්ත්වය අනෙක් පළාත් පිළිබඳව කවර කතාද?

      Delete
  7. Most of the modern aesthetic creations are craps unfortunately. Growing up watching Van Damne movies, Dolph Lundgren, Chuck Norris, Charles Bronson, Steven Segal, Wesley Snipes, Kurt Russel, Mel Gibson, Jet Li, Jackie Chan, Bruce Lee, Sylvester Stallone and Arnold Schwartzenegger in the 80's n 90's was just the best upbringing when it comes to film. Just the best action stars in those days. So many good movies, and this is just action. So much more variety of movies back then too compared to now, same happened to music entertainment industry as well 🙃

    ReplyDelete
  8. දැක්කහම හිනා යනවා බන් මේකනම්. සිංහලෙන් කියන ටික හොදයි කියමුකො.. English වලින් කියන ටික පට්ට චාටර්. වෙනස තෙරෙන්නෙ English කතා කරන රටක ඉන්න නිතරම භාෂාව ඇහෙන අයට. ලංකාවේ අය English accent එක එන්නෙ හරියට English song එක සිංහලෙන් ලියාගෙන කියන විදියට.

    පුශ්නෙ තියෙන් ඔ්ක නෙමෙයි, මේකෙ ඉන්න විනිශ්චමණ්ඩලය නිකන් ඒ ගීතය පට්ටයි කියන විදියට ඉන්න විදියට. අපි මේක foreigner කෙනෙක්ට පෙන්නුවොත් අනිවා උන්ටත් හිනා යනවා.

    ReplyDelete
  9. ලංකාවේ ආණ්ඩක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවෙි වරප්‍රසාදවලට මුවා වෙලා ඕනෑම ප්‍රකාශයක් කල හැකි වුනත් එයින් බිද වැටෙන විශ්වාසනීයත්වයට විපක්ෂය සටන් කල යුතුය.

    වර්ථමාන ජාජබ රජයේ මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාළ පවසන ආකාරයට මාළිමාව සහ දෙමළ සංධානය සහ දිල්ත් ජයවීර හැර පාර්ලිමේන්තුව නියොජනය කරන අවෙක් විපක්ෂයේ පක්ෂවලට සහ එකී පක්ෂ වල පුද්ගලයන්ට පාතාලය සමග සබදතා ඇත.

    එය බරපතළ ප්‍රකාශයකි. .‼️

    එසේනම් ඔහු නම් කරන ලද පොදුජන පෙරමුණ සමගි බලවේගය එක්සත් ජාතික පක්ෂය යන කංඩායම්

    තමනගේ පක්ෂයේ පාතාලය සමග සබදතා තියනවා කියන පුද්ගලයන්ගේ නමි ආනන්ද විජේපාල ගෙන් පාර්ලිමේන්තුවෙි කියවා ගත යුතුය ‼️

    ඒ,ගැන පාර්ලිමේන්තුවෙි තේරීම්,කාරක සභාවක් ඉල්ලා සිටිය යුතුය.💥

    තමන්ගේ පක්ෂය පිරිසිදු කර ගැනීම කළ යුතුය.💥

    එය බොරුවක් නම් පාර්ලිමේන්තුවෙි පරාද වුනත් ආනන්ද විජේපාලට එරෙහිව විපක්ෂයෙන් විශ්වාස භංගයක් ඉදිරිපත් කළ යුතුය.‼️

    එක්කෝ මාළිමා රජයෙන් ආනන්ද විජේපාළ මේ කරන චෝදනාව සත්‍ය සහ පාතාල ක්‍රියාකාරකම්වලට විපක්ෂයේ පක්ෂ වල මන්ත්‍රීවරුන් සම්බන්ධ වු හැටි පෙන්වා ඔවුන්ට අධිකරණ ක්‍රියාමාර්ග ගෙන පෙන්විය යුතුය

    නැත්නම් ආනන්ද විජේපාලට එරෙහිව විපක්ෂයේ,පක්ෂ එකතුව පාර්ලිමේන්තුවෙි පිටත සහ ඇතුළත ජනතාව සමග විරෝධයක් ගොඩ නැගිය යුතුය.

    රටේ පවතින ඕපා දුප තර්ක වලට

    දකුණේ පාතාලය රාජපක්ෂලා සමග ඉන්න බව කිය කිය

    කොළඔ මුස්ලිමි පාතාලය මුජිබර් රහුමන්ලා සම්බන්ධ බව කිය කිය

    කෑ ගැහුවාට පලක් නැත

    ඒවා විධිමත්ව සාක්ෂි සහිතව පාර්ලිමේන්තුවෙි පවසා පාර්ලිමේන්තුවෙන් පිටත අධිකරණයේ ඒවා චෝදනා ලෙස ගොණු කරනවා මාළිමා රජය ජනතාවට පෙන්විය යුතුය.

    නැත්නම් ජනතා විරෝධය ගොඩ නගන්න විපක්ෂය සුදානම් විය යුතුය.

    මොකද මේවා වචන වලට විතරක් සීමා කරගෙන පාර්ලිමේන්තුවෙි බැන ගන්නවා බලන්න විතරක් දවසකට රුපියල් කෝටියක් වියදම්,කර පාර්ලිමේන්තුව පවත්වන්න ජනතාවගේ බදු මුදල් වියදම් කර පලක් නැත.

    ReplyDelete
  10. ලෝකයට නිරාවරණය වෙනවා මදි ලංකාවේ අය.

    News කියලා කොහේ හරි ඉන්න ගොන් වාහෙලා ටිකක් promote කරන දේවල් තමයි දන්නේ.

    BYD tesla වලට වඩා ඉස්සරහින් ඉන්නවා කිව්වොත් අපේ මිනිස්සු විස්වාස කරයිද?

    බටහිර මිනිස්සු try කරද්දී truck 100ka auto pilot දාලා දුවනවා China. Technology දියුණු වෙලා, China ඉස්සරහට ඇවිත් තියෙන ආකාරය එක පැත්තකින් ඉන්දු පාකිස්තාන යුද්ධය ඇතුලේ පේන්න තිබ්බ.

    කඩන් වැටෙන වලව් අස්සේ රිංගන අපේ මෝඩයෝ රටත් ඒ වලව් එක්කම කඩා වැටෙන්න එක්කන් යනවා.

    ReplyDelete

  11. අඩෝ මාතා,මේ දවස්වල තොග වෙළෙන්දෝ රුපියල් 24ට කිලෝ එක ගානේ රජය ගෙනාපු ලුණු සමාගම් ලුණු තොග, තොග පිටින් අරන් කුඩු කරලා කිලෝ එක රු. 350ට විකුණනකොට වෙන ආණ්ඩුවල ඇමතිලා නම් කොමිස් ගහනවා. මුන් කොමිස් ගහන්නේ නැද්ද?

    ReplyDelete
  12. @ ඇනෝ කිවුවේ ඇත්ත මුන් හොදම එවුන් නොවුනට .හදුන්නෙත්ති ලුනු හදන්න බැරි මලකඩ කන මැශිමක් අලිමන්කඩ හයි කරලා.ඒක මලකඩ කාලා වැඩ කරන්නේ නෑ..ඒක අවුරුදු 3 කට කලින් Inspection කරපු වෙලේ ලුනු සන්ස්තාව මලකඩ කන නිසා ප්‍රතික්ෂේප කරපු එකක්... ඊට පස්සේ මාලිමාණ්ඩුව අති පණ්ඩිත කමට ඕන්න අඩුවට ලැබුණා කියලා දැන් ඔන්න හයිකරලා

    අනුර රිලවාත් නානවා නෑමක් ලුනුත් එක්කම හේදිලා යන්න... ආන්ඩුවට ලුනු ගෙන්වන්න රයිගම්ගෙන් අවසර ගන්න ඕන විදියට ලේකම් ලුනු ගැනීමේ සිස්ටම් එකත් කාල... කයියම විතරනේ නානවා නෑමක් සුපිරියට, රයිගම් එකේ අයිතිකාරයා මාලිමාවට ඡන්දයට වියදම් කරපු කෝටි පනහ වගේ කීප ගුණයක ලාබයක් උපයලා කියලා ඕන්න අද පාර්ලිමේන්තුවේ කතා කළේ මුජිබරයා

    ReplyDelete
  13. මාතලන්, ඔයා කලින් කියපු දේවල් වලට self reference දෙනවා කියන්නේ සාක්ෂි නොවෙයි. "අපි කිව්වා" කියන ගතිය ඔයා වගේ කෙනෙකුට ගැලපෙන්නේ නැහැ. නිර්මාල් පවා ඒ බොළඳ මමායනයෙන් මිදිලා ඉන්නේ. ඔයා කිව්වත් නැතත් එයින් කිසි වැදගත් කමක් නැහැ.

    ඔය ලංකාවේ දේශපාලනය තුල "හොරු" කියලා කියන්නේ දේශපාලන propaganda වක්. හොරා දුවන්නේ අනුන්ට හොරා කිය කිය. ඔය හොරු narrative එක තනිකරම ප්‍රබන්ධයක්. වෙලා තියෙන්නේ ඒ බොරුව ම සහතික ඇත්තක් කියලා ජවිපෙ කෝ එක විශ්වාස කිරීම. මෙච්චර දාර්ශනික විශ්ලේෂණ කරන ඔයත් ඔය දාර බොරුව විශ්වාස කරනවා කියන්නේ හරි විහිළුවක්.

    හොරකම කියන්නේ මානව සමාජයේ පමණක් නොවෙයි සත්ත්ව ලෝකයෙත් පවතින දුරලිය නොහැකි ස්වභාවයක්. හොරකම් නැති කරන්න නම් තෘෂ්ණාව නැති කළ යුතුයි. පොහොසත් රටක් ගැන තණ්හා කර කර හොරකම් නැති කරන්න බැහැ. ඔය ජවිපෙ කියන විදිහේ හොරකම් වෙලත් නැහැ. ඒවා දේශපාලන කැම්පේන්. බලය ගන්න ඒවා පාවිච්චි කරන්න පුළුවන්. එච්චරයි. නමුත් ඕවාට නඩු කියන්න බැහැ. මොකද ඒවා ඇත්ත නොවන නිසා. මේවා ඉතාම සරල කාරණා. දිස් ඉස් පොලිටික්ස් මාතලන් !

    ReplyDelete
  14. අඩෝ මාතා ඔය මගුල නෙවෙයි බං අර මිස් වර්ල්ඩ් එකේ අනුදි ගුණසේකර ගාථාවක් කියපු එකෙන් ලංකාවේ පෙරේතයෝ පිශාචයෝ කුම්භාණ්ඩයෝ සේරම කලබල වෙලා භූමිතෙල් වැදුන ගැරඬි වගේ දඟලන්නේ ඇයි කියල ලියපන් බං ඇයි ඒ වගේම ජයන්ත චන්ද්‍රසිරි ගරිල්ලා මාකටිං ෆිල්ම් එකේ ඕක ලස්සනට පෙන්නනවා... ඒකේ මතකද අර ජැක්සන් කියනවා එක තැනක "උඹ නැට්ටුවෙක් මම ඩාන්සර් කෙනෙක්... මට ඔය බෙර ගහන තැන් වල ඉන්න බෑ..."
    ආයෙ යශෝධාගෙ දෙබසකුත් තියනවා මෙහෙම "ගහමු ආතෙ බෙරපදයක් මේ ඉන්න පෙරේතයින්ට දුවල යන්න..." කියලා...
    ඔව්... එයාල ඒවට බයයි...!!!

    ReplyDelete
  15. මාතා උඹලා මේ අනුර සහෝ කියන මනුස්සයට බැන්නට වෙන කිසිම රජයකින් නොකරපු වැඩ ටිකක් මෙි ලංකාවෙ එතෙක් මෙතෙක් පහලවුණ ලස්සනම පුද්ගලයා වන අනුර හැන්ඩියා කළා, කියවලා බලලා ඇත්තද බොරුද කියාල්ලකො👇🏽

    ⭕️ආපු ගමන් වාහනේ දොර තනියම ඇරගෙන බැහැලා කුඩෙත් තනියම අරගෙන ගියා👉

    ⭕️එක පෑන් පාරින් මේසෙටත් ගහලා ඩඩ්ලිට බම්බු ගහගන්න කියලා හාල් මිළ වැඩි කලා👉

    ⭕️රිලව්, වඳුරො, මුවො, අරුන් මුං ඔක්කොම ගැනලා උන්ට දූපතක් දීලා වේල් තුනම කන්න බොන්න දෙනවා👉

    ⭕️කුඩු නැති කරනවා කීවා වගේම ලුනු කුඩු රටෙත් නැති කලා👉

    ⭕️රාජපක්ෂලා කව්රුත් එළියෙ නෑ, ඔක්කොම හිරේ👉

    ⭕️පෝට් සිටියට දාපු කළුගල් ආයෙ ගෙනිහින් සීගිරිය තිබ්බ විදියටම හැදුවා👉

    ⭕️උමා ඔයේ හිල වැහුවා👉

    ⭕️ආර්යාවො කියලා ජාතියක් නෑ කියලා ජාත්‍යන්තරයට පවා පෙන්නුවා👉

    ⭕️ඡන්දෙ දීපු ජෙබයියන්ට පාපිසි කියලා ගරු නම්බු නාමයක් දුන්නා👉

    ⭕️දවසගානෙ වෙඩි නැති නිස්කලංක රටක් හැදුවා(වෙසක් සතියට නිවාඩු)

    ⁣⭕️අවධාරණයෙන් බොරු කියන්නෙ රට හදන්න කියලා සම්මත කලා👉

    ⭕️ආචාර්ය මහාචාර්ය කියන්නෙ සෙලවෙන මනසට කියලා ඔප්පු කලා👉

    ⭕️බෛයො හොරකම් කරන හිංදා උන්ට නොපෙනෙන්න රට සුඛිත මුදිත කලා. ඒක පේන්නෙ ඩෝබිලට විතරයි👉

    ⭕️පොරොන්දු වූ පරිදි වාහනයක් ලක්ෂ 15ට දීලා වාහන 17ක් අඩු මුදලට
    වෙන්දේසීකරලා දැම්මා,..

    ⭕️උගන්ඩාවට වඩා ග්‍රීසිය උතුම්බව සපතකළා

    ⭕️අපි ණය ගන්නේ නෑ කිව්වට රු.බිලියන 5ට අධික ණය ඇරන් පෙන්නුවා
    ⭕️IMF පදයට නටන්න අපිට පිස්සුද ඇහුවට නටලා පෙන්නුවා
    ⭕️රුවන්පුරයට අදිවේගී මාර්ගයක් හදනවා කිව්වට වේදිකාවේ කතාවක් පමණක් බව සපතකළා
    ⭕️වරායෙන් කිසිඳු පරික්ෂාවකින් තොරව පිටකරන්න.බෑ.කිව්වට බහාලුම් 324ක් පිට කරලා පෙන්නුවා,...🦾

    මතුසම්බන්ධයි!

    Copied

    ReplyDelete
  16. අස්සලාම් අළෛක් කුම් මාදලන් නානා, ආ.. යෙක නානා...නානට මනමාලියො කෞරුත් නෙති උනාට කමක් නෑ නානා...යෙක ඔය නෙංගිට නම් කරගාන්නෙපා.. යෙපිලා මේ නානාගෙ ඔඳට තමා කීනවා..😁

    ReplyDelete
  17. වොකන්නැතුව පලයන්

    ReplyDelete
  18. මාතා

    මාලිනී ෆොන්සේකා නිළි රැජින දැයෙන් සමුගත්තේය. මේ ගැන අවධානය යොමුකර ඇයව අගය කිරීමට සහ සැමරුමට පෝස්ට් එකක් දාන්න.බූකියේ ජවිපෙ ජාතික ජන බලවේගයේ කාඩර්ලා ඇයට එරෙහිව දැඩිලෙස අප්‍රසාදජනක අපහාස කරනවා ලකී ඩයස් බැඳපු දවසේ ලේ ආවේ කරගැට කැඩිලා කියලා ඇයගේ මරණ මොහොතේ පවුලේ අයව ටැග් කරලා ජාජබ ලොකු පොරවල් ඇයට මහ අශිෂ්ට ලෙසටම අපහාස කරලා තියෙන මොහොතක එතුමියට බෙහෙත් ගන්න ජනාධිපති අරමුදලින් ලක්ෂ පණහක් දුන්නා කියලා...මුන් මහ සද්දෙට පාර්ලිමේන්තුවේ බෙරිහන් දුන් බවත් අපට මතකයි....

    එතුමිය අපේ රටට කලා කෙතක්....එවන් කෙනෙකු ලක්ෂ පණහක් ද වටින්නේ...,

    තව ටික දවසක් එතුමිය ජීවත් උනා නම්....එතුමියවත් මුන් දූෂණ වංචා නඩුවකට පටලවලා උසාවි ගානේ රස්තියාදු කරවනවා....

    එහෙම ආණ්ඩුවක් රටටම පේන්න ඇයට ගරු කරනවා කියනකොට හිනායනවා බං....

    ReplyDelete
  19. මාතලන් මාලිනී ෆොන්සේකා මහත්මියගේ අභාවය සැලවූ වහා ඇයට අපහාසාත්මක පෝස්ට් දාපු ඇයගේ පොදුජන පෙරමුණේ කෙටිකාලීනව දරපු මන්ත්‍රීධුරය පවා ඇයගේ මරණ මොහොතේත් දැඩි ලෙස විවේචනය කරපු සහ එම ගොන් තකතීරු වැඩ නිසා ආපු ජනතා විරෝධය හමුවේ ඇයට රාජ්‍ය ගෞරව සහිතව අවමංගල්‍ය උත්සවයක් සංවිධානය කරන්නට සිදු වෙච්ච වර්තමාන ආණ්ඩුවේම උදවියගෙන් ඒතුමියට බෙහෙත් වෙනුවෙන් දුන්නු මුදල් වෙනුවෙනුත් මහින්ද රාජපක්ෂ උනනැහේ බැනුම් ඇහුවා. වැඩියෙන්ම වැඩ වර්ජන කරලා ලෝක වාර්තා තියපු , රාජ්‍ය දේපළ ගිණි තියපු, රාජ්‍ය දේපල විනාශ කරපු දකුණේ ත්‍රස්ත කල්ලියක කෙනෙක් තමයි ඒ බැන්නේ . ( රාජ්‍ය දේපළ ගිණි තැබීමේ කෙටි කාලින සහ දීර්ඝ කාලින පාඩුව කොපමණ ද ,වැඩ වර්ජන වලින් රටකට සිදුවන දීර්ඝ කාලීන සහ කෙටි කාලින යලි පියවිය නොහැකි පාඩුව කොපමණ ද ?) රිළව් ගනින්න ම විනාඩි 5 ට කෝටි 75 ක් වියදම් කරපු රටක් මේක ...........

    ReplyDelete
  20. රාජ්‍යය ගෞරවය ලැබීමට හැමදෙනාම සුදුසු නොවෙති. ඒ වගේම ජනාධිපති අරමුදලින් විශේෂයක් කළ හැක්කේ. විශේෂිත පුද්ගලයන්ට පමණක් ය..
    මියයෑමට මාස කීපයකට කලින් ඔබේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් මාලනීව හෙරක් කළත් ඔබේ පක්ෂ නිර්මාතෘ රෝහණ විජේවීරගේ මුළු පවුලම සම්පූර්ණයෙන් නඩත්තු වුණේ ජනතා බදු මුදලින් බව සිහිපත් කරගන්න

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න