.

.

Jul 17, 2025

වෙඩි වැදුන ගේට්ටුව කරාපිටිය රෝහලට

 


වෙඩි වැදුන ගේට්ටුව

කරාපිටිය රෝහලට

➖➖➖💀💀💀➖


ප්‍රදේශයේ ජනප්‍රියම නීතිඥවරයා වූ ප්‍රකාශ් මහතාගේ කළු යකඩ ගේට්ටුව ඊට සුපුරුදු ස්ථානයේ ස්ථිරව හා ආඩම්බරයෙන් සිටගෙන සිටි තවත් බරපතල සඳුදා පාන්දර ජාමයකි..... ඇත්ත වශයෙන්ම රාත්‍රී කරෝකේ සමාජ ශාලාවල කළු පැහැති ඇඳුමෙන් සැරසි මස් පිඬු ප්‍රදර්ශනය කරමින් සිටිනා බවුන්සර් කෙනෙකු මෙන්... කළු ගේට්ටුව නිතීඥවරයාගේ මන්දිරයට ඇතුළු වන දොරටුව ආරක්ෂා කළේය.


මෙය සාමාන්‍ය ගේට්ටුවක් නොවේ. එහි දැඩි, සෘජු ඉරියව්ව සහ උසාවි නියෝග යටතේ පමණක් එය හඬ නඟන ආකාරය නිසා එය අසල්වැසියන් හැඳින්වූයේ බිල් ගේට් ලෙසය.


එහෙත් එදින උදෑසනන ප්‍රදේශයේ විදුලිය විසන්දි වූ අතර.... පලාතම බියගන්වමින් බිල් ගේට් වෙත වෙඩි වරුසාවක් එල්ල විය......


බිල් ගේට් ආරක්ෂා කිරීම සඳහා යොදා සිටී ආරක්ෂකයින් දෙදෙනාම උඩ ගොස් ඇහැරිනි.... ඔවුන්ගේ ආයුධ අතට ගත් ඔවුන්ද කළේ බිල් ගේට් වෙත වෙඩි වරුසාවක් එල්ල කිරීමය...


නීතීඥ මහතා මන්දිරයෙන් එලියට පැමිණි අතර, බිල් ගේට් ඉතා අසරණ තත්වයක සිටිනු දුටුවේය, ඔහුගේ අවසන් හුස්ම හෙළන්නාක් මෙන් නාටකාකාර ලෙස වැටී සිටි බිල් ගේට් සරනේරුවකින් අමාරුවෙන් එල්ලී සිටියේය.... 


ඔහුව වහාම කරාපිටිය රොහලේ හදිසි අනතුරු වාට්ටුව වෙත ගෙන යන ලදී, සයිරන් හඬ නඟමින් පැමිනි ගිලන් රථයේ උන් බිල් ගේට් වහාම වාට්ටුවට ඇතුලත් කරන ලදි.


වෛද්‍යවරු එය සෘජුවම බිල් ගේට් වෙත එල්ල කරන ලද බියගුලු ප්‍රහාරයක් බව ප්‍රාදේශීය වාර්ථාකරුවන්ට ප්‍රකාෂ කළ අතර.... හදිසි වෙල්ඩින් කටයුතු මේ වන විටත් කෙරෙමින් යන බව පැවසීය.


මේ අතර, රෝහලට පැමණි ජනප්‍රිය නීතීඥ මහතා මාධ්‍යවේදීන් අමතමින්...., මෙය ඉතා නින්දිත ප්‍රහාරයක් බවත්... ඔවුන්ට එරෙහිව නඩු පවරන බවත්....  ඒ ගේට්ටුවයි අපියි එක පවුලක් වගේ..... වැනි නීතිමය වාග් මාලාවක් කියමින් කෑ ගැසූ අතර, ගේට්ටුවකට වෙඩි තැබීම අපරාධ විදි විධාන සංග්‍රහය අනුව මරණ දඬුවම හිමි වරදක් බවත් කියා සිටියේය.


පොලිසිය පැමිණ තැපැල් පෙට්ටිය සහ ජල මීටරය වැනි අනෙකුත් අසල්වැසියන්ගෙන් ප්‍රශ්න කිරීමට පටන් ගත් නමුත් කිසිවෙකු කතා කළේ නැත. ඔවුන්ගේ මානසික තත්වය බොහෝ ව්‍යාකූල තත්වයක ඇති බව පොලීසියටද අවබෝධ විය.


බිල් ගේට් සම්පූර්ණයෙන්ම සුවය ලැබීය. නමුත් එදින සිට ඔහු වෙඩි නොවදින තීන්ත කබායක් පැළඳීමට අවශ්‍ය බව කියා සිටී අතර අමුත්තන් වෙනුවෙන් දොර සීනුවක් සවිකර තිබුනේ වී නම් ඔවුන් මෙම ප්‍රහාරය එල්ල නොකරන බවත් පවසා සිටියේය. 


බිල් ගේට් වෙත එල්ලවූ වෙඩි ප්‍රහාරය ගැන අසල්වැසියන් තවමත් කතා කරනාතර... කෑලි කපන කළුවරේ ප්‍රහාරය එල්ල කළේ අසවල් පිරිස යැයි නිවැරදිවම කී හෙයින්... තම තමන්ගේ නිවෙස් වල සවිකර තිබූ ගේට්ටු ගලවා විසිකර දැමූ අතර... නීතීඥ මහතාගේ ගේට්ටුව සැදූ වැල්ඩින්කරු ප්‍රදේශයේ කොටිපතියකු වෙමින් සිටී.


මේ අතර ඔහු ඉදිරි පලාත් පාලන චන්දයට ඉදිරිපත් වීමේ ප්‍රචාරණ හා ප්‍රවර්ධන කටයුතු මේ වන විටත් ආරම්බ කර ඇත.


#මාතලන් 

.

Jul 15, 2025

අජ්ජාපන ප්‍රතිසංස්කරණය ගැන අනධ්‍යන පුරවැසියකුගේ සත පා

 



මයි බීටුපුල් ඉස්මෝල් කන්ට්‍රි

අජ්ජාපන ප්‍රතිසංස්කරණය ගැන

අනධ්‍යන පුරවැසියකුගේ සත පා

➖➖➖➖➖➖➖➖😎➖➖


හරිනි සඕදරී අජ්ජාපනේ උඩුයටිකුරු කොරන්නයි යන්නේ....


ඒක ළොකු දෙයක්... මොන ප්‍රතිසංස්කරණය කලත් දැන් ඒවාට එදිරිව පාසල් දරුවොත් පාරට බස්සපු ටයිම් ඊටීන්  හිඟන කුහක හැතිකරේ බලයේ ඉන්න නිසා... ඊට විරුද්ධව එන උන් ඉන්නෙකක් නෑ...


මම දැක්කා දවසෙ තියෙන විෂයන් 8...., 7ක් කළාය කියලා... ඒකටත් නාහෙන් අඩන ගොබ්බයොත් ඉන්නවා... 


අපි ගියපු රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ... 


ඒ කාලේ නම් තිබ්බේ පීරියඩ් හයයි... ඉතිං ඒ ගුරුවරු.... විෂයන්ට අමතරව.... රට තොට විස්තර, ලෝකය ගැන, ඉතිහාසය ගැන, යුද්ධය ගැන, ත්‍රස්තවාදය ගැන, සමාජය ගැන, අධ්‍යාපනය ගැනත් උගන්වනවා... 


සමාජ අධ්‍යයනය උගන්නපු සර් කෙනෙක් හිටියා... සර්ට කියන්නේ හිට්ලර් කියලා... අපිට ලෝකේ තිබුණා යුද්ධ ගැන ඔක්කොම කියලා දුන්නා... 


එතකොට මාල් විජේරත්න සර්.... ඉගැන්නුවේ කොමර්ස්.... හැබැයි ජීවිතයට කොමර්ස් ඉගැන්නුවද කියලා මතක නෑ... ඒ පීරියඩ් එක ඒ තරම් රසවත්.... අපිව තාර්කික මිනිස්සු කරේ ඒ වගේ ගුරුවරු....


මම මේ සටහන ලිව්වේ  මනෝරම වීරසිංහ ට කමෙන්ට් එකක් විදියට.... බුවත් සෑර් කෙනෙක්.... 


මේ.... නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන...  අනධ්‍යන පුරවැසියෙක් වන.... මගේ සත පහ...


එයාගේ යෝජනා අතර... ඉංග්‍රීසිත් විෂයක් ලෙස නම්කල්ලා තිබුණා..... මේ ඒ කමෙන්ට් එක.....


➖➖➖➖⭕➖➖➖➖


ඉන්ගිරිසියෙන් ඉගැන්නුවා නම් ඉන්ගිරිසි ඕනත් නෑ... එතකොට තා සබ්ජෙක්ට් එකක් අඩුයි....


ගණිතයෙත් මූලික ගණිතය ඉගැන්නුවාම ඇති..... 

ගොඩක් දරුවන්ට ගණිතය අප්‍රිය විෂයක් වෙන්නෙත්.... ගොඩක් දරුවෝ අසමත් වන විෂයක් වෙන්නෙත්... 

වීජ ගණිතයයි ජාමිතියයි සමීකරණයි ලඝුයි අරවයි මේවයි ඔක්කොම එකේ ඔබලා තියෙන හින්දා....


ඒ කෑලි ගණිතය වැඩිදුරයි ඉගෙන ගන්න දරුවෙකුට ඉගැන්නුවට අවුලක් නෑ.... ඒ කියන්නේ ඉංජිනිරියන්.... IT  & AI වගේ ෆීල්ඩ්ස් වලින් ඉදිරියට යන්න හිතන දරුවන්ට.... ටෙක්නලෝජීයා....


හැබයි අනිවාර්‍යයෙන් නීතිය හා ආර්ථික විජ්ජාව හෝඩියේ ඉඳන් උගන්වලා.....


කැම්පස් වල මෙඩිසින් ඉන්ජිනියරින් ෆැකල්ටිවල පවා අනිවාර්‍ය විශයයක් කළ යුතුයි...


දැන් කියයි ලෝකේ කොහේවත් එහෙම සිස්ටම් එකක් නෑ කියලා...


හැබයි ලෝකේ තියෙන සිස්ටම් වලින් උගන්වලා නේ..... මේ වගේ ගොබ්බ රාජ්‍ය නිළධාරීන් පිරිසක් හා ජනතාවක් බිහි වුනේ...


අපි හදන්න ඕනා අපේ රටට ගැලපෙන සිස්ටම් එකක්...


එහෙම කලා නම්..... 


මේ වගේ පට්ට හිනමාන ග්‍රාමීය ගෝත්‍රික ගොබ්බයෝ පිරිසක් සංසාරෙදි බලයට එන්නේ නෑ....


#මාතලන්