.

.

May 9, 2016

ඩෙනිම, උප සංස්කෘතිය හා බ්ලුක් - Inferiority Complex in Unversities & Blooks




විස්ස විජ්ජාල යනු සඟිස්කෘතියකි,
නවක වදය යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

ආන්ඩුව යනු සඟිස්කෘතියකි,
බදු හා දඩ යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.
 
රාජ්‍ය සේවය යනු සඟිස්කෘතියකි,
ඈණුම් ඇරීම, නිදාගැනීම, පගාව, ජරාව, වැඩ වර්ජන යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවෙකුටත් ඒ ගැන ප්‍රශ්ණ කල නොහැක.

පාර්ලිමේන්තු ක්‍රමය යනු සඟිස්කෘතියකි,
හොරකම, දූෂණය ,නාස්තිය, යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

පාර්ලිමේන්තුව යනු සඟිස්කෘතියකි,
කුණුහබ්බ කීම, ගහමරා ගැනීම, අරක්කු බීම හා නිදාගැනීම යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.


අධිකරණය යනු සඟිස්කෘතියකි,
හොරුන්, ස්ත්‍රී දූෂකයින් නඩු ඇසීම යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

ගමයි පන්සලයි වැවයි දාගැබයි යනු සඟිස්කෘතියකි,
බාර් එක, බුකිය, කසිප්පු තිප්පොල, ඒ සී කාමර යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

ඉස්පිරිතාල යනු සඟිස්කෘතියකි,
එවායේ බෙහෙත් නොමැතිවීම යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

පාසැල් යනු සඟිස්කෘතියකි,
ආදි සිස්ස/සිස්සා සංගම් යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

ආදරය යනු සඟිස්කෘතියකි
බූට් දීම, ඇඬීම, වැලපීම, සිය දිවි නසා ගැනීම යනු උප සඟිස්කෘතියකි
ඒ නිසා කිසිවෙකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

ස්ත්‍රීත්වය යනු සඟිස්කෘතියකි,
ගෘහස්ත ප්‍රචන්ඩත්වය, ස්ත්‍රී දූෂණ, අපචාර යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

බස් යනු සඟිස්කෘතියකි,
ජැක් ගැසීම, හොරෙන් යාම, ටිකට් නොදීම යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

පිරිසිඳුකම යනු සඟිස්කෘතියකි,
පාරේ කුණු දැමීම. කාරා කෙල ගැසීම යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

පොලීසිය යනු සඟිස්කෘතියකි,
එල්ලා ගැසීම, නෑවීම, කිරි බෙදීම, පැණි බේරෙන්න දීම, කකුලෙන් පහල වෙඩි තැබීම, ආයුධ පෙන්වීමට රැගෙන යාම යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

රූපවාහිනි යනු සඟිස්කෘතියකි,
ටෙලි නාට්ටි හා ආටක නාටක, වෙළඳ දැන්වීම් යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

ප්‍රවෘත්ති යනු සඟිස්කෘතියකි,
වොයිස් කට් හා රස කතා යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

ජනමාධ්‍යවේදය යනු සඟිස්කෘතියකි,
ගොසිප්, හොල්මන්, කේන්දර යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

මාද්දියවේදින් යනුද සඟිස්කෘතියකි.
ලැප් ටොප්, මෝටර් සයිකල්, ඉඩම්, ගෙවල්, විස්කි හා ෆොරින් ටුවර් උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

පැවිද්ද යනු සඟිස්කෘතියකි,
සෙක්ස්, බිස්නස්, තගරිය යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

මහින්ද යනු සඟිස්කෘතියකි,
විමල්, දිනේස්, වාසු, ගම්මන්පිල යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

රනිල් යනු සඟිස්කෘතියකි,
අකිල, සාගර, මලීක්, මංගල යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

ජේවීපී යනු සඟිස්කෘතියකි,
දේශපාලන බල මණ්ඩලය (මණ්ඩලේ කචල්) යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

බ්ලොග් යනු සඟිස්කෘතියකි,
බ්ලුක් යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

මනුස්සකම යනු සඟිස්කෘතියකි,
වැරදීම යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.
 

සැ : ‍යු: 
තවත් සඟිස්කුරුතීන් හා උප සඟිස්කුර්තින් ඇත්නම් කොමෙන්ටු ලෙස යෙදිය හැක.

 _____________________________________________________________

 
ඩෙනිම හා සාය

තහනම්ය,
පලමු වසරේ ඩෙනිම් කලසම.
වෙල්කම්ය,
රබර් මිරිවැඩි සාය ඇන්දම.
අවුල් වේවිද කියන් සොයුරිය,
ඩෙනිම් සායක්  ඇඳන් ආවම..... ?

-x- 

By - Awantha Artigala

99 comments:

  1. ටැපික් පොලිස් කාරයෙක් මි
    දඩ කොලේ උපසන්ස්කුරුතියට
    මොණර කොලේ ලැබේනවානම්
    එය සුන්දර අත්දැකීමකි...

    ReplyDelete
    Replies
    1. බීලා නම් මොණරා නැතිවම බැරිය...
      නැත්නම් ඉතින් 500 න් අපි ගොඩය....

      Delete
    2. මොට යනවද සරසවි
      යන්නකො මිඩිලීස්ට්
      වෙන්නකො ඩ්‍රැයිවර්
      එළවන්නකො තම්බියෙක්ගෙ කාර් එකක්...!

      Delete
  2. උප සංස්කරුතුයික් උනාම ඒ ගැන ප්‍රශ්න කරන්න අයිතියක් නැත්තේ ඇයි????

    කෝම උනත් මාතා ක්‍රිෙය්ට්ව් දැං හොදටෝම.. මක්කැයි බොන්නෙ මේ දවස් වල.. මාත් මේ පුනක්කු හැමදාම බොන එකා වේව්චි. අපිටත් දියංකෝ ටිකක්. හැක්.. එළ

    ReplyDelete
    Replies
    1. ගල් මල් හෙවත් ගල් හා මල්ම පමණි

      හෙට නම් වෙන දෙයක් බොන්නයි හිතේ....
      හැමදාම එහෙම නෑ නේ පුතේ....

      Delete
    2. //හෙට නම් වෙන දෙයක් බොන්නයි හිතේ....
      හැමදාම එහෙම නෑ නේ පුතේ....// ඉන්විටේසෝන් එකක් ලැබිලා වගේ.. හැක්..

      Delete
  3. තද වෙන්නේ එක එකා ගෙන් අම්මා මෝ නැතිව කුනුහරුප අහගෙන, තව අසමජ්ජාති සක්කිලි වැඩත්, එහෙමයි ජේශ්ට උත්තමයා කියලා බර සාරෙට කොරලා ඇවිත්, මෙතන "එය සුන්දර අත්දැකීමකි"... කියලා කියනකොට නේ!

    ReplyDelete
    Replies
    1. දුෂණයට ලක් වෙන්න කැමති අයත් ඉන්නවනේ.... අර ආච්චිගෙ කතාවේ වගේ....

      Delete
  4. වරාය යනු සගිස්කුරුතයකි . ඕ.ටී .යනු උප සගිස්කෘතියකි.
    ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

    කස්ටම්යනු සගිස්කුරුතයකි දඩ(?) යනු උප සගිස්කෘතියකි .ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

    ReplyDelete
    Replies
    1. පවුල යනු සඟිස්කෘතියකි.
      රෙජිමය යනු උප සඟිස්කෘතියකි...

      Delete
  5. මත්ද්‍රව්‍ය යනු සංස්කෘතියකි
    කුඩු යනු උප සංස්කෘතියකි
    ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

    ReplyDelete
    Replies
    1. හිකීම යනු සඟිස්කෘතියකි,
      ගෑනු දූෂනය කිරීම යනු උප සඟිස්කෘතියකි,
      ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

      Delete
    2. දෙවනි එක එන්නේ මෙහමයි

      රමණය යනු සඟිස්කෘතියකි..
      Bondage, BDSM, Rape, Lolita යනු උප සඟිස්කෘතියකි
      ඒ නිසා ඒවා කිසිවෙකුටත් ප්‍රශ්ණ කළ නොහැකිය.

      Delete
  6. මාතා,
    කියන්න ඕනේ දේ නියමෙටම කියල තියනවා.

    මේ නවවක වද කාරයෝන්ගෙන් අහන්න ඕනේ කොහොමද ලෝකයේ දියුණු විස්වාවිද්යාල වල ඔය නවකවදය නැතුව නව නිපැයුම් ලෝකයට දෙන්නේ සහ නවක වාදයෙන් පන්නරය වූ මේ උත්තමයෝ රජයේ රැකියාවක් සදහා හිගා කන්නේ ඇයි කියන දේත් මෙතෙක් මෙවැනි පන්නරයක් ලබපු අය ලෝකයට දුන්න දේවල් කීපයක් වත් නම් කලානම්

    ReplyDelete
    Replies
    1. අපෙන් ළෝකයට දී ඇත්තේ එකම එක තියරියක් පමණි

      ඒ වර්ණපාල තියරියයි...

      එයත් පට්ට ෆේල් තියරියක් ලෙස හැඟෙනුයේ මිසිස් වර්ණපාල දුටු විටය.

      Delete
    2. මං හිතං උන්නෙ මිසිස් වර්ණපාල පට්ට කෑල්ලක් කියල...

      Delete
    3. ලංකාවේ විශ්ව විද්‍යාල වල නව නිපැයුම් දැකලම නැද්ද? පිටරට එකෙක් කරොත් එකේ ලොකුව මිසක් ලංකාවේ එකෙක් කරන පොඩි එකක්වත් අගයන සිරිතක් නෑනේ නේද lankika

      Delete
  7. කන්ස්ට්‍රක්ෂන් යනු සංස්කෘතියකි..
    බ්ලොග් ලිවිම, කියවීම, විනිස්චයදීම, කොමෙන් කිරීම එහි උප සංස්කෘතියකි..
    කිසිවෙකුට එය ප්‍රශ්ණ කල නොහැක..

    ReplyDelete
    Replies
    1. රැකියාවක් යනු සඟිස්කෘතියකි.
      බුකි ගතවීම, බ්ලොග් බැලීම, ජාලයේ නෑම, මල් කැඩීම උප සඟිස්කෘතියකි.
      ඒ නිසා ඒ ගැන ප්‍රශ්න කිරීමට කිසිවකුටත් අයිතියක් නැත.

      Delete
    2. පෝස්ට් දැමීම යනු සඟිස්කෘතියකි.
      කමෙන්ට් කිරීම උප සඟිස්කෘතියකි.
      රිප්ලයි කිරීමට මාතලන්ට අයිතියක් නැත.

      Delete
    3. කොමෙන්ට් කිරීම සඟිස්කෘතියකි
      ඇනෝ පැමිනීම, මඩ ගැසීම, කුණුහබ්බ කීම උප සඟිස්කෘතියකි
      ඒ නිසා ඒ ගැන ප්‍රශ්න කිරීමට කිසිවකුටත් අයිතියක් නැත.

      Delete
  8. මේ සියලු උප සන්ගිස්කෘතික සෙල්ලම් වලට වගකිය යුතු වන්නේ සන්ගිස්කුරුතික උප ඇමති තුමා බව ස ර ස තුමා ගේ විස්වාසයයි!

    මනුස්සයාගේ නම පාලිත තෙවරප්පෙරුමයි...

    ඔවු ඔවු... අර ඊයේ කලුතර විජ්ජාලෙ ප්‍රින්සිපල් තුමා ට "මම මේ රටේ අගමැතිටත් ගහපු මිනිහෙක්" කිවුවේ.. අන්න එයා තමයි!

    ReplyDelete
    Replies
    1. පිනාටත් පිස්සු, ඇමතිටත් පිස්සු. මේ වගේ පිස්සන්ට පෝස්ට් දෙන් උන්ට ඊටත් වඩා පිස්සු..

      Delete
  9. බ්ලොග් කියවීම සහ කොමෙන්ට් කිරීම යනු සන්ගිස්කෘතියකි.
    ඉතිරි වෙලාවේ කාර්යාලෙ (ආන්ඩුවෙ) වැඩ කිරීම උප සන්ගිස්කෘතියකි.
    ඒ නිසා ඒ ගැන ප්‍රශ්න කොරන්න තොපි කව්ද.

    ReplyDelete
    Replies
    1. ඒක හරි... ඒක නේ මේ කියන්නේ...

      Delete
  10. අගමැති,ඇමැති යනු සංස්කෘතියකි
    සැප මන්දිර යාන වාහන එහි උප සංස්කෘතියකි
    ඒ නිසා කිසිවෙකුට ඒ ගැන ප්‍රශ්න කර නිහැකිය.

    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කිසිවක් කිසිවෙකුට ප්‍රශ්ණ කළ නොහැක. මන්ද එය මහා සංස්කෘතියක උප සංස්කෘතියක් වන බැවිනි.

      Delete
  11. ජීවය යනු සංස්කෘතියකි....
    මිනිසා යනු උප සංස්කෘතියකි..
    ..
    මේම ගියොත් මක්කක් වෙයිද මන්ද...
    අපි අපේ පාඩුවේ කාටත් කරදරයක් නෑ වගේ සිද්ධියක් වෙයි කියලත් මට හිතෙනව

    ReplyDelete
    Replies
    1. ඒක නේ හාන්දුරුවනේ මේ කියන්නේ. ආන්ඩු, ජනපති, අගමැති, ආන්ඩුවේ සේවකයෝ ප්‍රශ්ණ කරන්න පුළුවන්...
      එත් දොස්තරලා, කැම්පස් කාරයෝ, වමේ පක්ෂ, ඉංජිනේරුවෝ, උගත්තු ප්‍රශ්ණ කරන්න බෑ...
      අනික 8 පාස් උන්ට කොහොමත්ම බෑ...

      Delete
  12. Viduliya yanu sanskruthiyaki.
    Dawal kaluwara upa sanskruthiyaki.
    E gana prashna karanta epaya.


    Patta Engineruwek

    ReplyDelete
    Replies
    1. එග වොට් 10000 ක් දෙනවලු 2018 වෙන කොට

      බාලගිරි වෙන්ටෑ....

      Delete
  13. බ්ලොග් ලිවීම සංස්කෘතියකි.
    කොමෙන්ට් දැමීම උප සංස්කෘතියකි !

    ReplyDelete
  14. උප සංස්කෘතිය නිසා මුල් සංස්කෘතියට කෙලවෙන සීන් ගොඩක් තියනව නේද?

    ReplyDelete
    Replies
    1. සියල්ලටම කෙලවී හමාරයි ලොක්කා....

      Delete
  15. Campes must be education place. But some senier idiyets try to make campes like their home. They no need education. They go to do political things in campes. This is so sorry thing. Rag is no good mind people doing thing. Its mental problem have some people. This rag senier fools must drive away campes an clean campes to make good education place to future come students. Campes there if no laws its also problem campes chansler and lectures.

    ReplyDelete
    Replies
    1. an example of a sub culture of English ? ha ha !

      Delete
    2. serendipity
      Whats the sub culture English here example? How you find culture and sub culture in the English?

      Delete
  16. මම යනු සංස්කෘතියකි
    මගේ වැඩත් මගේම සංස්කෘතියකි
    ඒ නිසා මට මාව නිවැරදිය

    කොහොමද ටිකිරි මොලේ...හැහ්...

    අසංක

    ReplyDelete
    Replies
    1. ඒක නේ මේ හැමෝම කියන්නේ...

      Delete
    2. How we tel me is culture. There fore how can tell my works my culture.

      Delete
    3. Dear Ano,

      Every culture has been started by a single person. A river will be completed by each drops of water. Therefore, me is a culture simply.

      Asanka

      Delete
    4. Deer Kurutu
      Single person useful to start culture like you tell. But big crowd people need to undestand culture to talk about culture. There fore we is culture and no me culture.

      Delete
  17. කවුද ඕක ලියලා දුන්නේ :)

    ReplyDelete
    Replies
    1. විස්ස විජ්ජාල සිස්සයෙක්....

      Delete
  18. දැන් එතකොට රෙද්ද.... කතා කරන්න දෙයක් ඇත්තෙම නැහැනෙ...

    ReplyDelete
    Replies
    1. බෑ.... බෑ..... කාටවත් මුකුත්ම ප්‍රශ්ණ කරන්නවත්, කතා කරන්නවත් බෑ... මෙයා

      Delete
    2. රෙද්ද යනු සඟිස්කෘතියකි
      ඉස්සීම උප සඟිස්කෘතියකි
      කාටවත් ඒ ගැන ප්‍රශ්න කරන්නට අයිතියක් නැත.
      දැන් ප්‍රියා උඹ කොහෙ රෙද්ද අස්සෙ රිංගල ඉඳලද ඔලුව දැම්මෙ.

      Delete
    3. රෙද්දෙ බාත් රූම් එකක් අස්සෙ හිර උනා හැලප අයියෙ. :-)

      Delete
  19. ගෙදර ගැනීට හැමනීම සංස්කෘතියකි
    කොටු පැනීම උප සංස්කෘතියකි.
    ප්‍රශ්න කෙරුවොත් ගෙදර ගෑනිගේ හොක්ක තැලීම මයික්‍රෝ සංස්කෘතියකි.

    ReplyDelete
    Replies
    1. චී චී චී, මං කියන්නංකෝ ගෑණිට කෝල් එකක් දාලා.

      Delete
    2. විචා....වැඩේ අල කරන්නම් එපා වඳින්නම් :D

      Delete
    3. ගෙදර එක්කෙනා ගියොත් පොඩි කේස් එකක් තියෙනවා නේ...

      Delete
  20. මචං ඔය මහ සංස්කෘතිය අස්සේ උප සංස්කෘති හැදෙනකොට ඒක ප්‍රශ්න කිරීමම ලොකු ප්‍රශ්නයක්. හැබැයි උප සංස්කෘතිය, මහ එකේ කොටසක් හරි වලිගයක් වුනාට පස්සේ, එහෙම ප්‍රශ්නයක් තිබුනද කියලා මතකයක්වත් නැහැ. දැන් හැදෙන්න ඕන ක්ෂුද්‍ර සංස්කෘති හෙවත් මයික්‍රෝ සංස්කෘති.

    කෘති නම් කෘති...සංස්කෘති නම් ඒත් සංස්කෘති කියලා කිව්වලු.

    ReplyDelete
    Replies
    1. හැම දේම මයික්‍රෝ වෙනවනම් පට්ට..

      විසේසයෙන් ආදරය කියලා හඳුන්වනදේ...

      Delete
  21. උප සංස්කෘති කිසිවක් දෙපාර්ශවයට ප්‍රශ්නයක් නොවන තාක් කල් හොඳය. සියළුම වැරදි යයි සම්මත ක්‍රියා එසේ ය. දෙන්නා (දෙපාර්ශවය) කැමති නම් අනිත් උන්ට මොකද .හැබැයි එක් පාර්ශ්වයක අකමැත්ත ප්‍රශ්නයකි..........
    “තොපිට මොකද යකෝ ජේෂ්ඨයෝ අපිව මරන් කෑවත් “ කියා ඇසුවොත් අපිට නම් ඇති ප්‍රශ්නයක් නැත. දෙගොල්ලො කැමති නම් මරන් කෑවත් මොකද නෙහ්...

    ReplyDelete
    Replies
    1. මක්කැයි අනේ මේ දොඩන්නේ... ඕන රෙද්දක් කර ගන්නවා ඇර...

      Delete
  22. මචන් මේ අලුත් හයිකු ජාතියක්ද? පේලි තුන ගානේ ලියල තියෙන්නේ.
    බ්ලුක් ගැන කතා කොරන්න එපා කියල කිව්වද බන් කවුරු හරි.

    ReplyDelete
    Replies
    1. එහෙම කිව්වද බං කවුරු හරි...

      මට මතක නෑ....

      Delete
  23. Relavent to this post comments all are sub cultures of any things. So when we see relavent to this like comment logik we cant talk against all things.

    ReplyDelete
  24. මං අහන්නේ ඔය හයිකුද හබරලද මොකද්ද කියන්නේ මෙව්වටද? අම්මපා ඒ මෙව්වා නම්, පට්ට පට පට.

    ReplyDelete
    Replies
    1. ලෝකේ තියෙන හැම මගුලේම සිරි ලංකා වර්ෂන් එකක් තියෙනවා වගේ , හයිකුවල සිරි ලන්කන් වර්ෂන් එක වග තමයි මේකත්...

      Delete
    2. ඒ විදියට ගන්නත් පුළුවන් නේ මචෝ....

      Delete
  25. යහපාලනය සංස්කෘතියකි,
    හොරු ඇල්ලීම , අල්ලාගෙන "සැලකීම" උප සංස්කෘතියකි,
    ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත

    පත්තරේ බැලීම සංස්කෘතියකි,
    පත්තරේ බලන් රට කරවීම උප සංස්කෘතියකි,
    ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

    විපක්ෂය සංස්කෘතියකි,
    ඒකාබද්ධය උප සංස්කෘතියකි,
    ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.


    ReplyDelete
    Replies
    1. මට අමතක උන ඒවා උඹලා දාලා

      Delete
  26. ලස්සන පුකක් මාතලන් ගත්ත පීන්තුරයක්ද

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලිවීම සංස්කෘතියකි.
      බ්ලොගේ පුක් පින්තූර දැමීම උප සංස්කෘතියකි.
      ඒක ප්‍රශ්න කරන්න උඹට අයිතියක් නැත.

      Delete
    2. පින්තූර ගගහා ඉන්න වෙලාවක් නෑ බං ඕවා දැක්කම

      Delete
  27. //රනිල් යනු සඟිස්කෘතියකි,
    අකිල, සාගර, මලීක්, මංගල යනු උප සඟිස්කෘතියකි,
    ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.//

    ඥානෙත් මේ ගැන මොනවද කියලා තිබුනා පහුගිය දවසක..

    ReplyDelete
    Replies
    1. මරා යනු සංස්කෘතියකි.
      සජින් වාස් දුන්න බඩු ජයික් හිල්ටන් එකේදී ගැසීම උප සංස්කෘතියකි
      ඒ නිසා මරාගේ ගෑනිටවත් ඒ ගැන ප්‍රශ්න කිරීමේ අයිතියක් නැත

      Delete
    2. මරා බඩුවක් ගැහුවා කියලා උඹට තියෙන අමාරුව මොකක්ද? ඌ ඒ ගෑණු කැබිනට් ඇමතිකම් වලට දැම්මද? ඇමරිකාවෙ කෙනඩිල එහෙමත් නියම බඩු කාරයො තමයි බොලව්.

      Delete
    3. @ AnonymousMay 10, 2016 at 11:17 PM

      ඒක තමයි රනිල් කොල්ලෝ ගැහුවොත් විතරයි වැරදි. මරා ආමි එකේ ලේඩි කර්නල් කෙනෙකුට ජයික් එකේදී ගහලා ප්‍රමෝෂන් දුන්න එක ගැන කතාකිරීම වැරදියි.

      උඹේ පුකත් ලොකුවුනේ මරා ඇරලම නේද

      Delete
    4. 1. රනිල් කොල්ලෝ ගැහුවොත් විතරයි වැරදි කීවේ කවුද?

      2. මරා ලේඩි කර්නල් කෙනෙකුට ප්‍රමෝෂන් දුන්න එක ගැන කතාකිරීම වැරදියි කීවේ කවුද?

      මම දන්න විදිහට නම් මරා Ass Man කෙනෙක් නෙවෙයි මචෝ :D

      Delete
    5. නානෙත් එහෙමද දන්නේ නෑ... පන්සල් වල කස්ටිය නේ....

      Delete
  28. මාතලන් ලොක්කා

    ඔක්කොම බ්ලොග්ස් කියවනවා.
    නමුත් කොමෙන්ට්ස් ලියන්න බෑ සින්හල අකුරු නොදන්නා නිසා.

    ලන්කාව පිලිබදව පුදුම කලකිරීමකින් ඉන්න වෙලාවේ මේ බ්ලොග් කියවනකොට "ඔලුව කොලොප්පන් වෙනවා".

    මුන්ට "සන්කුරුතියක්" කියලා දෙයක් ඉතිරි වෙලා තියෙනවද කියලා මට විශ්වාස නෑ

    කෙල්ලන්ට කලිසම තහනම් කරන උසස් අධ්‍යාපන ආයතන තිබෙන රටක (bcs of ragging culture) ඔබ ජීවත්වීම ඔබගේ ජීවිතයට අනතුරුදායක බව ලියා දන්වා සිටින්නේ හද පිරි සතුටකින්ය

    Maathalan
    I was joking and trying to humiliate the country's culture vs University culture.

    Keep it up brother. ..
    Please write more...

    ==Adrian Channa from Toronto====

    ReplyDelete
    Replies
    1. අම්මට හුඩු මොරෝන්තුඩුවේ ඉදන් ටොරොන්ටෝ ඉන්නයි කියන බුවා ආයේත් ඇවිල්ලා මු ගවුම අදින් පොරක් වගේ ටෝක් දෙනවා

      Delete
    2. Anonymous මචන්

      මම කොහේ හිටියත් උඹ වගේ නම-ගම හන්ගලා කොමෙන්ට්ස් දාන්නෙ නෑ

      මම නෙමෙයි උඹ තමයි ගවුම් ඈදගෙන ඉන්නෙ කියලා ඔක්කොම දන්නවා
      ඒවගේම. ...උඹ කෙල්ලෝ කලිසම අදිනවට විරුද්ධ සහ කලිසම අදින කෙල්ලන්ගේ කලිසම ගලවන්න ආසාවෙන් ඉන්න වනචර සල්ලාලයෙක් බවත් පෙනෙනවා

      ඉදලා හිටලා කොමෙන්ට්ස් දාල මාතලන් ලොක්කාගේ බ්ලොග් කියවන මට උඹත් එක්ක වලි දාගන්න තරම් ඔලුවේ අමාරුවක් නෑ

      ඒ නිසා ඔය ඕනතරම් චන්ඩි පාට් දාන බ්ලොග් චන්ඩි එක්ක උඹ වලි දාලා අපහාස කරපන්. පුලුවන් වෙලාවක උඹගේ නියම නම-ගම මට කියලා එවපන් හොදින් ආෂ්‍රය කරන්න.

      ==Adrian Channa from Toronto ===

      Delete
    3. Anonymous මචන්

      මම කොහේ හිටියත් උඹ වගේ නම-ගම හන්ගලා කොමෙන්ට්ස් දාන්නෙ නෑ

      මම නෙමෙයි උඹ තමයි ගවුම් ඈදගෙන ඉන්නෙ කියලා ඔක්කොම දන්නවා
      ඒවගේම. ...උඹ කෙල්ලෝ කලිසම අදිනවට විරුද්ධ සහ කලිසම අදින කෙල්ලන්ගේ කලිසම ගලවන්න ආසාවෙන් ඉන්න වනචර සල්ලාලයෙක් බවත් පෙනෙනවා

      ඉදලා හිටලා කොමෙන්ට්ස් දාල මාතලන් ලොක්කාගේ බ්ලොග් කියවන මට උඹත් එක්ක වලි දාගන්න තරම් ඔලුවේ අමාරුවක් නෑ

      ඒ නිසා ඔය ඕනතරම් චන්ඩි පාට් දාන බ්ලොග් චන්ඩි එක්ක උඹ වලි දාලා අපහාස කරපන්. පුලුවන් වෙලාවක උඹගේ නියම නම-ගම මට කියලා එවපන් හොදින් ආෂ්‍රය කරන්න.

      ==Adrian Channa from Toronto ===

      Delete
    4. එකෙන්ම අර රෙජිමය තිබුනා බංගලාදේශේ වගේ බ්ලොග් කාරයොත් කීප දෙනෙක් මිය යන්න බොහෝ ඉඩ තිබුනා..

      Delete
  29. මාතේගෙ පෝස්ට් කියවීමම වෙනම සංස්කෘතියකි...
    කියව කියවා පල්ලම් බැසීම උපසංස්කෘතියකි,
    මේවාට කොහොම කොමෙන්ට් දාන්ටදැයි ප්‍රශ්න කරන්නට කිසිවෙකුට අයිතියක් නැත..

    ReplyDelete
    Replies
    1. බ්ලොග් යනු සඟිස්කෘතියකි
      කොමෙන්ට්ස් දැක සතුටු වීම යනු උප සඟිස්කුරුතියකි.
      ඒ නිසා ඒ ගැන ප්‍රශ්ණ කිරීමට කිසිවකුටත් අයිතියක් නැත.

      Delete
  30. පිස්සු හැදෙනවා මේවා කියවද්දී

    ReplyDelete
    Replies
    1. මේ මහා සඟිස්කෘතිය තුල පිස්සු නොහැදි තියෙනවා නම් තමයි පුදුමේ...

      Delete
  31. කසාද බැඳීම යනු සඟිස්කෘතියකි
    කොටු පැනීම යනු එහි උප සඟිස්කෘතියකි
    ඒ නිසා කාටවත් එය ප්‍රශ්ණ කළ නොහැක.

    ReplyDelete
    Replies
    1. අපි ඔය ගොඩක් උප සඟිස්කෘතිවල නැති නිසා අවුලක් නෑ....

      Delete
  32. ජීවත්වීම යනු සන්ස්කෘතියක් වූකල
    අන් සියල්ලම උප සන්ස්කෘතීන්ය
    එබැවින් කිසිවක් ප්‍රශ්ණ නොකලයුතුය..

    ReplyDelete
    Replies
    1. ඒක නේද මේ හැමෝම කියන්නේ.... වැඩවසම් මානසිකත්වයේ හොඳම එක...

      Delete
  33. "උප සංස්කෘතිය "

    මරු වචනයක් බං හොයාගෙන තියෙන්නේ කස්ටිය.දැන් ඔය උප සංස්කෘතියට මුවා වෙලා අර පැමිණිලි කරපු කෙල්ලව මරාගෙන කයිද දන්නේත් නැහැ

    ReplyDelete
    Replies
    1. අනිවාරයයෙන්.... යසෝධා විමළධර්‍මට වෙලා තියෙන දේ පේනවනේ....

      Delete
  34. Great piece

    Ian

    ReplyDelete
  35. කොලඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පොදු-චින්තන දෙපක්ශයම රැග් කල බව කලහ. පොදු යනු අල+JVP විකෘතියක් වූ අතර කෙල්ලෙක් දමා ගැනීම සඳහා පොර වීමේ හීනමානයෙන් පෙලෙන සෑහෙන පිරිසක් පොදු රැග් කරන්නන් ගොඩේ සිටි බව මතකයි. චින්තන කල්ලියට එතරම් පිරිස් බලයක් නොතිබූ එම අවධියේ 1995-1999 පොදු රැගට නයකත්වය දුන්නේ ආසුබෝද මාරසිංහය. ( අද රනිල්ගේ බච්චෙකි; මම රනිල්ගේ දේශපාලන දැක්ම අගයමි. රාජපක්සලා මෙන්ම නලින් ද සිල්වා ගැනද ඇත්තේ දැඩි ජුගුප්සාවකි.
    ) අමුතු කරුන නම් චින්තන කල්ලියේම ආසිර්වාදය ඇතිව යම් සිසුන් කන්ඩායමක් රැගට විරුද්ද්ව සංවිදානය වීමය. ප්‍රජාතනත්‍රවාදය සහ නිදහස සඳහා වු සිසු ව්‍යාපාරය නමින් පෝස්ටර් ඇලවු මේ පිරිසට පසුව අල-ජෙප්පෝ පහර දුන්හ. වෙල්කම් එකෙදී පවා කෙනෙහිලි කම් කලහ. ඉතා පැහැදිලිව සියලු ආකාර නවක වද හෙලා දුටු මේ පිරිස ගැන මා තුල නම් ඇත්තේ ඉමහත් ගෞරවයකි. මට එවැනි ප්‍රතිපත්තිමය පදනමක සිට එඩිතර ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි වුයේ මමද එකල මේ "පිස්සන්" ගේ පිස්සු ක්‍රියා "ආතල්" ලෙස දැකීම නිසාය.

    රැග පිටුපස තෙල් බෙදීමේ මනොවිද්‍යාත්මක පැහැදිලි කිරීම සඳහා stockholm syndrome කියවන්න
    https://en.wikipedia.org/wiki/Stockholm_syndrome

    ReplyDelete
    Replies
    1. පසුව හෝ අවබෝධ වීම එය උතකර්ෂයට නංවනවාට වඩා උතුම්ය...

      Delete
  36. නියම වැඩේ කියන්නේ දිරාගියපු සමාජ සංස්කෘති බිඳ දමන්න හදන අය මේ වගේ මොංගල් තැන් වලට හිරවෙන එක..

    ReplyDelete
    Replies
    1. වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව

      Delete
  37. ඉන්ටනෙට් යනු සඟිස්කෘතියකි,
    ආණ්ඩුවේ ‍ෆ්‍රී වයි ෆයි වලින් ඉන්ටනෙට් යෑම යනු යනු උප සඟිස්කෘතියකි,
    ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න