.

.

Sep 14, 2025

ගොඩට මෙන්ම මඩටත්


 

ගොඩට මෙන්ම මඩටත්

➖➖➖➖➖➖➖❤️➖


ලයිට් නිවලා සමහරක් නම් හාන්නේ මහ කළුවරේ

කොහොම හානවද මන්දා නියර බිඳුනොත් ජරමරේ

මඩ කුඹුර යන්තරෙන් හාලා දෙන්නෙ හන්දියෙ ඉන්දරේ

පුරන් වූවොත් මටයි පාඩුව හදමි හානා 

යන්තරේ


® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 

.



13 comments:

  1. 50 පැනපු නෂ්ටකාම ගොබිලෙක්ගේ සොකඩ so-called කවි සිතුවිලි

    ReplyDelete
  2. එළිපිටත් හැංගිලත් හාලා අප්පොලා කළ ජරමරේ
    කුඹුර පාළුලු - ආලපාළුලු දන්නවා නෙව විස්තරේ
    අඳින්නත් වෙන හැඩලු ගොඩකට - ඉතා ළඟදිම ජම්පරේ
    හනික වැටියන් හොර රැලම මහ උළු ගෙදර ඇතුළට හිරේ!

    ReplyDelete
    Replies
    1. නිර්ප්‍රභූ අප්පොලත් හානවලු කළුව‍‍රේ
      කියන්නෑ විස්තරේ කිව්වොතින් කරදරේ
      සීනි ලුණු හාල් පොල් ගල් අඟුරු ටෙන්ඩ‍රේ
      සුදු ඇඳන් කළු ඇවිත් හරිම හරි ජරමරේ

      Delete
    2. ප්‍රමිෂ්කාගේ හුත්ත අස්සේ

      Delete
  3. මාතා

    මට මේක දැක්කම කතාවක් මතක් වුණා, මේක මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා ගැන තියෙන ටිකක් අප්‍රකට කතාවක්, මහා ඇලෙක්සැන්ඩර අධිරාජයා තමන්ගෙ දිග්විජය මෙහෙයුම අතරවාරයෙදි ෆිනීශියාව, ඒ කියන්නෙ නූතන ලෙබනනය ආශ්‍රිත ප්‍රදේශයෙ රැඳී උන්නු වෙලාවක අධිරාජයාගෙ හමුදාව විසින් ඒ ආසන්න මධ්‍යධරණී මුහුද සහ වෙරළතීරය කලක් පුරාවටම බියවද්දමින්, ඒ වෙළඳ මාර්ගයෙ නිරන්තරයෙන් යාත්‍රා කරපු වෙළඳ නෞකාවන් මංකොල්ලකමින් භීෂණය පතුරුවපු බිහිසුණු මුහුදු මංකොල්ලකාරයෙක්ව අත්අඩංගුවට අරගෙන අධිරාජයාගෙ ඉස්සරහට අරගෙන එනවා,

    එතැනදි අධිරාජයා යදමින් බැඳදමා උන්නු ඒ මංකොල්ලකාරයගෙන් අහනව මෙහෙම,

    "තමුන්ට මේ වගෙ අපරාධ කරන්න පොළඹවන ඒ යක්ෂයා කවුද?"

    ඒ වෙලාවෙදි මංකොල්ලකරුවා හරි අපූරු පිළිතුරක් දෙනවා,

    "ස්වාමීනි, ඒ වෙන කවුරුවත් නෙවෙයි, ඔබවහන්සේට මුළු ලෝකයම මංකොල්ල කන්නට තරම් උමතු සිතුවිලි පහළ කරවන යක්ෂයාම තමයි,"

    ඒක අහල ඇලෙක්සැන්ඩර්ට නහුතෙටම යකා නගින්නැති,
    'යකෝ මු.ට මං ඉස්සරහට ඇවිල්ල මෙහෙම ටෝක් දෙන්න තරම් හයියක් කොහෙන්ද ආවෙ,' කියල හිතෙන්නැති,

    මුහුදු මංකොල්ලකරුවා තවදුරටත් කතාකරන්න ගන්නවා,

    "නමුත් ස්වාමීනි, මම හොරකමේ යන්නෙ කුඩා ප්‍රමාණයේ නැවකින් කුඩා ප්‍රමාණයෙ සෙනඟක් එක්ක, ඒ නිසා මිනිස්සු මම හොරෙක්, මංකොල්ලකරුවෙක් කියල හඳුන්වනවා,

    ඒත් ඔබවහන්සේ රටරටවල්, ඒවයෙ ධනය හොරකම් කරන්නෙ මහා බලසෙනඟක් එක්ක, ඒත් මට හොරෙක් කියල හඳුන්වන මිනිස්සු ම ඔබවහන්සේ අධිරාජයෙක් කියල හඳුන්වනවා..."

    ඒ කතාව අහල මුළු සභාවම මීයට පිම්බාක් සේ නිශ්ශබ්ද වෙනවා,

    "හත්වලාමෙ, මේ මනුස්සය කියන්නෙ ඇත්ත නේන්නං," කියල හිතල ඇලෙක්සැන්ඩර් එයාගේ නිර්භීතකම සහ ධෛර්‍යවන්ත බව ගැන ප්‍රශංසා කරල එයාව නිදහස් කරා කියල කියන්නෙ,

    ඇලෙක්සැන්ඩර් කියන්නෙ සාමාන්‍යයෙන් තමන්ගෙ සතුරන්ගෙ, ප්‍රතිමල්ලවයන්ගෙ එඩිතරකම, ධෛර්‍යවන්ත බව ඉහළින්ම අගයකරපු කෙනෙක් නිසා එහෙම වෙන්න ඇති,

    යුක්තිය, සාධාරණත්වය වුණත් බලය ඇති, නැති භේදය මත පදනම්වෙන බව කියවෙන මේ කතාව සඳහන් වෙන්නෙ ඔගස්ටීන්ගෙ City of God කියන ඉපැරණි කෘතියේ.

    තව මේ වගෙ ඉතිහාසය එක්ක සබැඳි අම්බානෙක අප්‍රකට, රසවත් කතන්දර තියෙනව, මේවගේ ඒවත් මේ බ්ලොග් එකේ දාන්න

    ReplyDelete
  4. රශිනිට දිව දානවා

    ReplyDelete
  5. මාතලන්

    ඇත්තටම ඊයේ අපි සුපර් ඕවර් එකෙන් පැරදුනා...
    ඊයේ මැච් එක දිණුවත් අපිට ෆයිනල් යන්න බෑ කියලා අපි හොඳටම දන්නවා..

    ඒත් මැච් එක බලන්න ග්‍රවුන්ඩ් එකට අපේ මිනිස්සු ගොඩක් ඇවිල්ල හිටියා..
    ඉන්දියන්ලා 200 පන්නල ගැහුවා...

    ඒ ගානට අපිට කිට්ටු කරන්න අමාරුයි කියන තැන තමයි අපි ඔක්කොම හිටියේ..
    ඒත් Ground එකට ආපු අපේ කවුරුවත් ගියේ නෑ..
    අපිත් ටීවි එක ළඟින් නැගිටලා ගියේ නෑ..
    රෑ දොළහ මාර වෙනකන් හිටියා..

    සමහරු කොච්චර බැන්නත් අපේ හිතේ කොනක එහෙම දාලා යන්න බැරි ගතියක් තියෙනවා...
    එහෙම දාලා යන්නේ නැතුව හිටපු මිනිස්සුන්ට පැතුම් කුසල් ජනිත් විශේෂයෙන්ම උපරිම සාධාරණය කරා....

    පැතුම්ගේ කුසල්ගේ අදහගන්න බැරි වේගවත් හයේ පහරවල් වලදී ඉන්දියන් නායකයාගේ මුහුණ වෙනස් වෙන හැටි ,
    තදවිශ්මයට පත්වෙන හැටි සජීවීව බලන් ඉන්නකොට තියෙන ගතිය මැච් එක දිනුවහම එන ගතියට කිට්ටු එකක්..

    පැතුම්ගේ මුහුණ ළඟින් යන්න බවුන්සර් එකක් දාලා දිහා ඔරවල බලපු indian වේගපන්දු යවන්නට,
    ඊළඟ පන්දුවට ලෙග් එක පැත්තට වෙලා,
    ඕෆ් එක ඕපන් කරලා ,
    ගහපු හයේ එක කොහොමද.?

    Ground එකේ පිරිලා හිටපු indian crowd එක සමහර වෙලාවට මීයට පිම්බ වගේ නිහඬ කරන්න පැතුම්ගේ කුසල්ගේ පාරවල් සමත් වුණා..

    අද ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රහාරාත්මක පිතිකරුවන් අතර උඩින්ම ඉන්න අභිෂේක් ශර්මා දෙවෙනි තැනට දාන ගැහිල්ලක් ඊයේ පැතුම් ගැහුවා..

    අසලංකගේ අතින් පන්දු කීපයක් ලකුණු ගන්න බැරුව අතහැරුන එක දවසේ අපිට වෙච්ච ලොකු පාඩුවක්...
    එතැනදී ජනිත් ආවනම් ඔහුට ප්‍රෙශර් එකක් නැතුව ගහන්න තිබුණා..
    අසලංක ගහන්නේ captaincy එකේ ප්‍රෙශර් එකයි, මේ දවස්වල එයාගේ out of form එකේ ප්‍රෙෂර් මැද්දෙ.

    කුසල් මෙන්ඩිස් පළවෙනි පන්දුවෙන්ම බාගෙට ගහපු පාරකින් ආපහු ගිය එකත් ඒවගේම ලොකු පාඩුවක්..

    ඉන්දියන්ලා පළවෙනි ඕවර් හත අට ගහපු විදිහට දෙසීය පනහකට වගේ යන්න තිබුණු ගමන ඔය තරමින් හෝ අත් අරින්නෙ නැතුව සටනක් දීල නවත්ත ගත්ත එකත් අගය කරන්න ඕන ..

    ලෝක කුසලානයක් ළඟ ළඟ එන මේ වෙලාවේ කණ්ඩායමේ මහා විශාල වෙනස්කම් කරන්න නම් බැරිවෙයි...

    ඊයේ බුම්රා හිටියේ නෑ කියලා සමහරු කියයි..
    ඒත් මේ සැරේ සමහර මැච් වලදී ඉන්දියන් බෝර්ලස්ලාගෙන් වැඩියෙන්ම කෑවේ බූම්රා වෙච්ච අවස්ථාවලුත් තිබුණා..

    ලෝක කුසලාන තරගාවලියේ ඉස්සරහින්ම ඉන්න ඉන්දියාවට ඊයේ ගහපු ගැහිල්ල ලෝක කුසලාන තරගාවලියට යන්න
    හොඳ තරගාවලියක් කරන්න
    අපිට ආත්ම ශක්තියක් ලබන දුන්න තරගයක් කියලා හිතෙනවා..

    ඊයේ පැතුම් ගහනකොට මට මතක් උනේ පැවිලියන් එකේ ඉඳලා ඒක දිහා බලාගෙන හිටපු සනත් ජයසූරිය ඉන්දියන්ලට
    189 ක් සාජ වලදි ගහපු දවස...

    එදා ඔහු අවුට් උනේ තව ඕවර් දෙකක් ඉතිරි වෙලා තියෙද්දී,
    සයිඩ් අන්වර්ගේ ලෝක වාර්තාවට ලකුණු පහක් පිටිපස්සෙන් ඉඳගෙන,
    තමන්ගේ ඉනිමට වැඩිය ටීම් එකේ ඉනිම ගැන හිතලා,
    ඉස්සරහට පැනලා ගහන්න ගිහිල්ලා ස්ටම්ප් out එකකින්..

    අනාගතයේ පැතුම් නිශ්ශංක කියන්නේ ලෝකයේ ඉන්න වාර්තාගත පිතිකරුවෙක් වෙන්න පුළුවන් අපේ කොල්ලෙක් කියලා හිතෙනකොට හිතට ලොකු සතුටක් දැනෙනවා...

    දකුණු අප්‍රිකාවට එරෙහිව ගහපු ඉනිමක්,
    ලෝකයේ හොඳම ටෙස්ට් ඉනිමක් හැටියට එක්තරා කාලයකදී වාර්තා පොතට එක් ක්‍රීඩා කරපු ,
    කුසල් ජනිත් තමන්ගේ ක්‍රීඩා ජීවිතයේ අවසාන කාලයේදී මේ විදියට ගහනව දැක්කම සතුටක් ඇතිවෙනවා.

    පැතුම් ,
    ඔබ ලෝකයේ කොතැන සෙල්ලම් කරත්
    කලුතර බෝධීන් වහන්සේගේ බෝපත් සැලෙමින් හමා එන පවනේ ආශිර්වාදයත් ඔබට ලැබෙනවා ඇති...

    කවුරු රටේ බලය හිටියත්, කවුරු ආණ්ඩුකරත් අපි ක්‍රිකට් වලට ආදරෙයි..
    ඒවට දේශපාලනය ඇදගෙන අරය, මෙයා,
    බලය ඉන්න හින්දා මැච් පරිදිනව කියල කියන පහත් තත්වෙට අපි කවදාවත් වැටෙන්නේ නෑ..

    එහෙම කියන කට්ටියක් මේ රටේ හිටිය කියලා අපිට මතකයි..

    අපි ප්‍රාර්ථනා කරන්නේ අපේ කොල්ලන්ගේ ජයග්‍රහණය...

    දිනනකොට වයන්නයි පරදිනකොට බනින්නයි සෑහෙන කට්ටියක් ඉන්නවා..

    ජීවිතයට ලෙදර් බැට් එකක් ලෙදර් බෝලයක් අල්ලපු නැති අය ක්‍රිකට් ගැන දෙන විවේචන මරු.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම තරග කරන හැම මැච් එකක්ම දිනන්න පුළුවන්නම් හරි හොඳයි..
      හැමදාම හැම රටකටම ඒක කරන්න බෑ.

      ඉස්සර වෙස්ට් ඉන්ඩියන්ස්ලත් එක්ක හැරෙන්න බැරි කාලයක් තිබුණා. ඇන්ඩි රොබර්ට්ස්ල ජොයෙල් ගානර්ලා මැල්කම් මාෂල්ලා මයිකල් හෝල්ඩින්ග්ස් ලා ඉදිරියේ ලකුණු ගන්න නෙවෙයි පණ බේරගන්න බැට්ස්මන්ලා බැට් කරපු කාලයක් තිබුණා..

      ගෝර්ඩන් ග්‍රිනිච්ලට, ඩෙස්මන් හේන්ස්ලට , විවියන් රිචර්ඩ්ස්ලට, බෝල් කරන්න බෝලර්ස්ල බයවෙච්ච කාලයක් තිබුණා..

      ඒත් පස්සේ කාලෙකදි ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ මුල අටදෙනාටත් නැති වෙන්න වෙස්ට් ඉන්ඩියන්ස්ලා පල්ලෙහාට වෙනවා..

      ඕස්ට්‍රේලියන් අධිරාජ්‍යයක් වගේ තිබුණා..
      ඒකත් වැටුන කාලයකුත් තිබුණා..

      අපේ ස්වර්ණමය යුගයන් තිබුනා..
      හොඳටම පැරදුනොත් කාලවකවානුත් තිබුණා..
      ලෝක කුසලානයේ දිනලා ඊට පස්සේ අවුරුද්දක් දෙකක් අපි සුපිරි ලෙවල් එකක හිටියා..

      එක සැරයක් සචින් කිව්වා ලංකාවට ටාගට් එකක් දෙනවනම් 1000 දෙන්න වෙනවා. නැතුව අපිට දිනන්න බෑ කියලා..
      ඒ One Day මැච් එකක ඉන්දියාව අපිට දෙසිය අනූ ගණනක් ගහලා අපි ඕවර් තිස් ගණනෙන් ඒක ගහපු වෙලාවේ..

      ඊට පස්සේ ආපහු කාලයක One Day world cup final පිටපිට දෙසරයක් ආවා.
      T 20 World cup Runners Up වෙලා ඊළඟ පාර Champions ලා උනා..

      දැන් අවාසනාවක් කැරකෙනවා..
      රටේ ඉන්න ඔක්කොටම හරියන ටීම් එකක් කවදාවත් හදන්න බෑ...

      ඒත් සමහර සිලෙක්ෂන් වල අඩුපාඩු තියන බව පේනවා..
      ඒවා හදාගන්න ඕන..

      ක්‍රීඩාවට ක්‍රීඩකයන්ගේ කැපවීමත් හොඳටම අවශ්‍ය සාධකයක්..

      සනත්ලා ව සංගල මහේල දිල්ෂාන්ලා මුරලිලා වාස්ලා ළඟ ඒක ඉහළින්ම තිබුණා..

      සමාජ මාධ්‍ය වලින් ටීම් එකට එන්නේ නැතුව හැකියාවන් තුළින්ම ටීම් එකට එන්න ම් ඒක තමයි රැඳිලා ඉන්න පුළුවන් ක්‍රමය..

      තියෙන අඩුපාඩු හදාගෙන,
      වෙනස් කරන්න ඕන දේවල් වෙනස් කරගෙන, ලෝක කුසලානයට ගිහිල්ලා අපිට ආසාවෙන් නරඹන්න පුළුවන් තරගාවලියක් බල දෙන්න අපේ කොල්ලන්ට පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
      රටේ ජයග්‍රහණය..

      නවසිය හැත්ත ගණන්වල,
      හරියටම 1978 අවුරුද්දෙදි Cricket coaching වලට රිච්මන්ඩ් එකට ආපු ජෙරී ගුණරත්න මහත්තයා කියපු කතාවක් මට මතක් වෙනවා.
      ජෙරී ගුණරත්න කියන්නේ තමන්ගේ තත්ත්වයන් රැකගෙන හිටපු දැවැන්ත පෞරුෂයක් තිබුණු හොඳ පුහුණුකරුවෙක්.

      Training කරන අතරේ කන්දක් උඩ තියෙන රිච්මන්ඩ් ground එක අයිනේ තියෙන Richmond hostel එකට හැමෝම ගියේ එක සැරේට කඩන් පාත් වෙච්ච වැස්සක් නිසා.

      ඒ වෙලාවේ සුහද කතාබහක යෙදෙන ගමන් ගුණරත්න මහත්මය කිව්වා
      අපි කොච්චර ප්‍රැක්ටිස් කරලා මැච් එකට ගියත්
      Cricket by chance, football by practice කියන කතාවත් ඇත්ත වෙන වෙලාවල් තියෙනවා කියලා

      ලෝකයේ එදා මෙදා පහර වුණු විශිෂ්ටතම ටෙස්ට් පිතිකරුවා විදියට සැලකෙන්නේ ඩොනල්ඩ් බ්‍රැඩ්මන්...

      ඔහුගේ ටෙස්ට් පිතිකරන සාමාන්‍ය 99.94 ..
      අද ඉහළම තලේ ඉන්න ටෙස්ට් ලකුණු පන්දාහක් ඉක්මවූ පිතිකරුවෙකුගේ සාමාන්‍ය 65.00 ඉක්මවන්නේ නෑ..
      එතකොට හිතාගන්න පුළුවන් නෙ වෙනස..
      හෙල්මට් නැති කාලේ ගහපු ගැහිල්ලක්..

      හැබැයි බ්‍රැඩ්මන්ගේ අවසාන ටෙස්ට් ඉනිමේ ඔහු ලකුණු බිංදුවකට දැවි ගියා..
      ඔහු එක හතරේ පහරක් ගැහුවා නම් ලකුණු හතරක් ගත්ත නම් ඔහුගේ සාමාන්‍ය 100.00 වෙනවා..

      ඊයේ වෙච්ච සිද්ධියක් බලන්න..
      අපේ පිතිකරුවෙක් එල්ල කළ දැවැන්ත පහරක් ලෝන්ග් ඕෆ් පන්දු රකිනන්නගේ අතේ වැදිලා හතරේ සීමාට ඉහළින් ගියා..
      ඒක හයේ පහරක්..
      ඒත් ඒක අජීවී පන්දුවක්..
      ඒ ලකුණු හය තරගයේ තීරණාත්මක මොහොතක අපට නැති වෙච්ච ලකුණු හයක්..

      Cricket by chance කියන එක ඇත්ත කියලා හිතන්න පුළුවන් සිද්ධි තරඟ වල ඒ වගේ ඕන තරම් සිදුවෙලා තියෙනවා...

      ක්‍රිකට් කියන්නේ ජීවිතය වගේ එකක්..
      හරිම අවිනිශ්චිතයි..
      ජීවිතයක් මොන වෙලාවේ මොනවා වෙයිද දන්නෑ..
      ක්‍රිකට් වලත් අද සීය ගහන කෙනා හෙට බිංදුවට යනවා..

      ජෙරී ගුණරත්න මහත්මයා කියපු කතාව ඇත්ත කියලා හිතෙන්නෙ ඒ නිසා තමයි.

      Delete
  6. ටැක්ටර් මොටද කුඹුරෙත් වල් කපලානන්
    රෑ දාවල් නොබල හානව මං මගේ නගුලෙන්
    උඩ යට ලියදි වක්කඩවල් නොකර පුරන්
    යල මහ දෙකයි මැද කන්නෙත් මග නොමරින්

    ReplyDelete
  7. ටැට්ටර මොටද කුඹුරේ වල් කපලා නං
    රෑ දාවල් නොබල හානව මයෙ නගුලෙං
    උඩ යට ලියැදි වක්කඩවල් නොකර පුරං
    යල මහ දෙකයි මැද කන්නෙත් මග නොහරිං

    ReplyDelete

  8. ​🎭

    දේශපාලන වේදිකාවේ 'නිහඬ රංගනය': රාජපක්ෂ ආන්ඩුව කාලේ සද්දෙයි, අද දින නිහඬතාවයි! 🤫

    පසුගිය දශකය පුරා ශ්‍රී ලංකා දේශපාලන වේදිකාවේ 'හොරු' සහ 'දූෂණය' ගැන නැඟූ හඬ, වත්මන් තත්ත්වය හමුවේ නිහඬ වී ඇත්තේ මන්දැයි යන්න සමාජ මාධ්‍ය ජාල පුරා දැඩි ලෙස සංසරණය වන විවේචනයකි.

    අතීත රාජපක්ෂ පාලන සමයන්හිදී යම් සිදුවීමක් වූවා නම්, ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක සහ සිරස/සියත වැනි ජඩ මාධ්‍ය ජාලයන් ප්‍රතිචාර දැක්වූ ආකාරයත්, අද දින ඒ හා සමාන බරපතළ සිදුවීම් හමුවේ ඔවුන් දක්වන **'තෝරාගත් නිහඬතාව'**ත් සංසන්දනය කිරීමෙන්, ඔවුන්ගේ දේශපාලන ප්‍රතිපත්තිවල නිරුවත හෙළි වන බවට දැඩි මතයක් පවතී.

    අතීතයේ දෝංකාරය – අද දින නිහඬ භාවය

    මත්ද්‍රව්‍ය සහ රේගුව:

    ​අතීතයේ නම්: රේගුව ඇමරිකන් බුද්ධි අංශයක් විසින් ඉරානයෙන් ගෙන ආ මත්ද්‍රව්‍ය කන්ටේනර් දෙකක් 'තාක්ෂණික දෝෂයක්' මත නිදහස් කළා නම්, අනුර අද මෙන් නිහඬව නොසිටිනු ඇත. "මත්ද්‍රව්‍ය සහ රාජපක්ෂලා" යනුවෙන් රට වටේ සම්මන්ත්‍රණ පවත්වනවා නොඅනුමානය. සිරස රූපවාහිනිය දේශපාලන වැඩසටහන්වල දිනපතාම විලාප දෙමින් ඒ පිළිබඳව කෑගසනවා ඇත. සියත ටෙලි වැකිය පිස්සු වැටී තප්පුලනු ඇත

    ​පරීක්ෂා නොකළ කන්ටේනර්:

    ​අතීතයේ නම්: රාජපක්ෂලාගේ ආණ්ඩුවක් රතු ලේබල සහිත කන්ටේනර් 326ක් පරීක්ෂා නොකර මුදා හැරියා නම්, අනුර දිසානායක ඒ තුළ ආව හොර බඩු ලැයිස්තුව හදලා, රටට අහිමි වූ ආදායම හොයලා, අල්ලස් කොමිසමට ගිහින්, ඒවා පරීක්ෂා කිරීම පටන් නොගන්නා තෙක් කොටුව ස්ටේෂන් එක ළඟ පිකටින් කරනවා නොඅනුමානය. සිරස රූපවාහිනිය මාධ්‍යවේදීන් යොදාගෙන ඒ කන්ටේනර් හොයමින් අවුරුද්දක් පුරා ලයිව් ටෙලිකාස්ට් කරනවා ඇත.

    ​ආයුධ ආනයන චෝදනා:

    ​අතීතයේ නම්: කන්ටේනර් 326 තුළ ආයුධ ආවා කියා අර්චුනා වැනි අයෙක් කීවා නම්, අනුර දිසානායක, රාජපක්ෂලා යුද්ධයක් හදන්න හදනවා යැයි චෝදනා කරමින්, දෙමළ ජනතාව රාජපක්ෂලාගෙන් බේරාගන්න ජිනීවා දක්වා යනවා ඇත. සිරස සහ සියත, කොහේ හෝ මුල්ලක ඇති කන්ටේනර් එකකට හොරෙන් T56 දාලා, "ප්‍රභාකරන් මැරුණට එල්ටීටීය මැරුණේ නෑ" යන මතය හදනවා ඇත.

    ​දේශපාලනඥයන්ගේ පෞද්ගලික සුඛෝපභෝගී නිවාඩු:

    ​අතීතයේ නම්: මහින්ද හෝ ඔහුගේ හිතවතුන් සුරූපී ධනවත් බෝනගේන් කාන්තාවකගේ හෝටල් නවාතැනක පෞද්ගලික නිවාඩු ගත් බවට ඡායාරූප ප්‍රසිද්ධ වුවා නම්, අනුර දිසානායකයි ජවිපෙයි මෙලහකට මහින්දගෙන් ශිරන්ති දික්කසාද කරවලා, ඒ කාන්තාවට මහින්දව කසාද බන්දවන තරමට සිද්ධිය උඩු දමනවා ඇත. සිරස/සියත, "මහින්ද නිදා ගත්තේ රටේ ජනතාවගේ බදු මුදලින් හමින්බර්ඩ් විලාවල මේ කාමරයේ මේ ඇඳ උඩ" කියා විශේෂ හෙළිදරව්වක් කරනවා ඇත.

    පාතාල වෙඩි තැබීම්:

    ​අතීතයේ නම්: රාජපක්ෂලාගේ කාලයක වසරක් ඇතුළේ පාතාලය වෙඩි තැබීම් 100කට වඩා සිදුකර මිනිස්සු 50කට වඩා මරා දැම්මා නම්, අනුර දිසානායක "රටේ මිනී මරවන්නේ රාජපක්ෂලා" යැයි කියමින් ඇමරිකන් එම්බසියට, යුරෝපා සංගම් කාර්යාලවලට සංදේශ භාර දෙනවා ඇත. සිරස ආයතනය, පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙන් පාතාල වෙඩි තැබීම් ගැන පමණක් ප්‍රශ්න කරමින් දේශපාලන වැඩසටහන් මෙහෙයවනවා ඇත.

    ReplyDelete
    Replies
    1. ​සංස්කෘතිය, ආගම සහ ගුරු හිංසන පනත

      ​සමලිංගික ප්‍රවර්ධනය:

      ​අතීතයේ නම්: සංචාරක අමාත්‍යාංශය සංචාරක ප්‍රවර්ධනයට සමලිංගික ප්‍රවර්ධනය සම්බන්ධ කර ගත්තා නම්, අනුර දිසානායක විජිත හේරත් ලවා, "රටම සමලිංගික ලෝකයක් කරන්න යනවා" යැයි කෑ ගසමින් දිනපතා මාධ්‍ය සාකච්ඡා තියනවා ඇත. සිරස මාධ්‍ය ජාලය, "ලංකාව සමලිංගික කලාපයක් කරනවාට කැමතිද?" යැයි අසා අකමැති වොයිස් කට් පමණක් පලකර, "රාජපක්ෂලා සංස්කෘතිය කනවා" කියා මහා රැල්ලක් හදනවා ඇත.

      ​බෞද්ධ කටයුතු අමාත්‍යාංශය:

      ​අතීතයේ නම්: රාජපක්ෂ ආණ්ඩුවක ආගමික කටයුතු ඇමති, "දැන් මේ රටේ බෞද්ධ කටයුතු අමාත්‍යාංශයක් නෑ" කීවා නම්, අනුර දිසානායක පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශ කරමින්, ආණ්ඩුවට එරෙහිව බෞද්ධයන්ව පාරට බස්සවා, 9 ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බවට අධිකරණයට යනවා ඇත. සිරස සියත, මහා සංඝ සමුළුවක් කැඳවා, සංඝ ආඥාවක් පණවන්නට බලපෑම් කරනවා ඇත.

      ​ගුරුවරුන්ට එරෙහි හිංසා මර්දන පනත:

      ​අතීතයේ නම්: රාජපක්ෂ ආණ්ඩුවක් ගුරුවරුන්ට එරෙහිව හිංසා මර්දන පණතක් ගෙනාවා නම්, අනුර දිසානායක, ජෝසෆ් ස්ටාලිංලා සමඟ එක්ව, රටේ රජයේ පාසල්වල ගුරුවරුන්ව වැඩ වර්ජනය කරවනවා ඇත. සිරස ආයතනය දිනපතාම ගුරුවරුන් වෙනුවෙන් දේශපාලන වැඩසටහන් කර, අධ්‍යාපන ඇමතිව අස් කරන්නට යෝජනා කරනවා ඇත.


      මාළිමාවේ සහ ජඩ මාධ්‍යයේ නිරුවත

      මෙම සියලු සංසන්දනයන්ගෙන් පැහැදිලි වන්නේ, වත්මන් මාළිමා ආණ්ඩුව යටතේ සිදුවන ඇතැම් සිදුවීම් හමුවේ, අතීතයේදී දැවැන්ත විරෝධයක් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණට සහ සිරස/සියත මාධ්‍ය ජාලයට අද දින සිය හඬ අවදි කිරීමට නොහැකිව ඇති බවයි. වසර කිහිපයක් ඉවර වන විට, "තමන්ගේ කියන කිසිම ප්‍රතිපත්තියක් ඉතුරු කරලා ජනතාවට පෙන්වන්න ජවිපයටත්" නොහැකි වනු ඇත. එසේම, "තමන් අපක්ෂපාතී සහ අවංක විවේචනාත්මක මාධ්‍යකරණයට හිටියා කියලා කියන්න රෙද්දක් නැතුව සිරසත් ජනතාව ඉස්සරහ නිරුවත් වෙනවා" යන විවේචනය, සමාජ මාධ්‍ය හරහා දැඩිව ඉදිරිපත් වන ජනමතයයි. සැබෑවටම මේ 'නිහඬ රංගනය' දේශපාලන නළු නිළියන්ගේ සැබෑ ප්‍රතිපත්ති පිළිබඳව නැවත සිතන්නට කාලය එළඹ ඇති බව පෙනේ.

      Delete
  9. රෂිනිට පුකේ අරින්න ආසයි

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න