22 අමතක කිරීම සඳහා
ආන්ඩුව ගෙනයන ප්‍රොපගැන්ඩා
➖➖➖➖➖➖➖➖➖💀💀💀
විසිදෙක සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුව ගෙන එන සියලුම තර්ක අමු පච බව, මේ වන විට ඔප්පු වී අවසානය... එහෙත්, එය කෙසේ හෝ සම්මත කරගැනීම ආණ්ඩුවේ එකම කාර්යභාරය වී අවසානය. ඒ සඳහා කළ යුතු, කැතම, නින්දිතම, තුච්චම දේ කිරීමට වුව ආණ්ඩුව පැකිලෙන්නේ නැති බවත් දැන් ඉතා පැහැදිලිය. එම පනත් කෙටුම්පත අද විල මැද ගව ගාලට ගෙන දිනයය.
මුන්ගේ පඩත්තල වැඩ වලට හොඳම උදාහරණය, නීතිඥ සංගමය සමග සාකච්ඡාවක් තිබු දිනයේ, රජීව් අමරසූරියගේ වාහනයට පැන උද්ඝෝෂණය කළ, පැලවත්තේ ඩෝබි නානාය. රජීව් අමරසූරියගේ ක්ලාස් එකට සමාන කල හැකි කිසිවෙකුත් ආන්ඩුවේ නැති නිසා, ඒ එව්වේ උන්ගේ ඉන්නා හොඳම එකා බව අප තෙරුම් ගත යුත්තේය.
සමාජ මාධ්‍යවල සිටින පැලවත්තේ ලැට් වල කඩාගෙන අශූචි බුදින ඩෝබිලා දැන් රජීව්ට හා සතුරාට ගහන්නේ කුඩුවෙන්නටය.
උන්ට වඩා හොඳ වෙන්නැයි කියනා උන්ගේ රොබොටික් හොරිකඩයන්ගේ සදාචාරය මෙන්ම පහත් ගතියද සමාජමාධ්‍ය තුල සැරිසරනා කෙනෙකුට දැන් සාමාන්‍ය තත්වයක් බවට පත් වී අවසානය.
ගමේ ඉන්නා කුහකම පවුල ජෙප්පන් වන අතර.... රටේ ඉන්නා කුහකම හැත්ත ජෙප්පන්ම බව දැන් ඉතා පැහැදිලිය.
ඊට අමතරව, මෙය රටේ ප්‍රධාන මාතෘකාවෙන් බැහැරකොට, ජහමනයාගෙ මනස තුලින් ඉවත් කිරීම සඳහා නොයෙක් ආකාරයේ ප්‍රොපගැන්ඩා පැලවත්තෙන් එන අතරේ....
සාමාන්‍ය ජහමනයා පමණක් නොව විපක්ෂයේ පොලිටික්කෝ පවා ඊට ගොදුරු වී, වැඩේ අල කරගන්නා බවත්.... පිටත සිට මධ්‍යස්ථව බලන කෙනෙකුට පැහැදිලිව පෙනෙනවාය.
ඒ සඳහා ආණ්ඩුව විසින් විවිධාකාරයේ ප්‍රොපගැන්ඩා නිර්මාණය කර දෙන අතර, ඊටාමතරව සමාජය තුලින් මතුවන ඉතා සුළු කරුණු පවා, මහා පරිමාණ සාකච්ඡාවන් බවට පත්කොට, 22 අමතක කර දැමීම ආණ්ඩුවේ හා ජේවීපී මඩ බලකායේ වැඩපිළිවෙල බවට පත් වී අවසානය.
ජහමනයාගේ හිතසුව පිණිස එවන් දේවල් කිහිපයක් පහතින් සඳහන් කරනවාය..... ඊට අමතරව මට මිස් වූ දේ ඇත්නම්, ඒවා මොනවාද යන්න සඳහන් කරන්නේ නම් ඉතා වැදගත්ය.
🔸සිරගෙවල් වල කැරලි නිර්මාණය කිරීම.
🔸දවසේ වෙඩිල්ල නැවතත් කරලියට ගෙනන ඒම
🔸Verite Research ඊනියා ජනමත සමීක්ෂණය
🔸ශිරාන් බාසික් හා කංජිපානි විගඩම
(ඩුබායිවලදී බොහෝ කලකට පෙර අත්අඩංගුවටට පත් වූ පාතාල නායකයෙක්, තමන්ට වාසි අවස්ථාවක පිටුවහල් කරගැන්මට තරම් ආන්ඩුව දක්ෂය.....මේ ජෝගියේ... කෙටි කාලීන ටාර්ගට්ස් මෙන්ම දීර්ඝකාළීන ටාගට්ස් ද ඇති බව කරුණාවෙන් සලකන්න.)
🔸මන්දා නාලනී ශාන්තුවරයට එසවීම
🔸උමාරියාගේ තනේ
🔸මනමාලිගේ මේකප් එක
🔸විදුහල්පතිනියගේ ලිංගික අල්ලස් සිද්ධිය.
🔸 අලුත්ම එක.... ඩොලර් බිලියනයක් රටින් පැන්නූ බැංකු කළමණාකරුවන් හතර දෙනෙක් අත් අඩංගුවට පත්වීම.
(මරිමෝඩ ජනතාව පමණක් නොව මාධ්‍ය ආයතන හා ජඩමාජ්ජවේදීන්ද හිතුවේ තවත් ඩොලර් බිලියනයකට කෙලවෙලා කියලාය.... ඒත් මේ අර කලින් ඩොලර් මිලියන 800 ක් රටින් පැන්නූ කේස් එකෙම කෑල්ලක් බවත්.... House Of Fashion හිමිකරු අත් අඩංගුවට පත්වන්නේත් එහිම එක කොටසක් ලෙසත් දන්නේ ඉතාම අතලොස්සක් බවත් කිව යුත්තේ දැඩි ශෝකයකුන්මය.)
අපිත් මේවායින් ආතල් ගත්තද..... අපේ ප්‍රධාන මාතෘකාව යොමු වන්නේ විසිදෙක කෙරෙහිම පමණය.
වෙරිටේ රිසර්ච්ලා ගැන වෙනම සටහනක් ගෙන එන්නට බලාපොරොත්තු වෙනවාය.
ස්වස්ථි සිද්ධම් !!!
#මාතලන්

No comments:
Post a Comment
කැඩපත් පවුර.....
මොනව හරි කුරුටු ගාලා යන්න