නන්දා මාලනී ජේවීපීද?
➖➖➖➖➖➖⭕➖
නන්දා මාලනී එයාගේ ළමා කාලය ගැන කීප තැනකම කියලා තිබුණ නිසාවෙන්ම... මුළු රටම ඇය සමාජයේ පීඩිත පන්තිය තුලින් පැමිණි චරිතයක් බව දන්නවාය..... ඒ හේතුවෙන්ම ඇය සමාජයේ විහිළු තහළු වලට ලක්වූ බව කීවේත් ඇයමය...
මොළය වර්ධනය වන කාලයේ ලැබෙන මේ පීඩනය අදාළ පන්තිය විසින් දරුවන්ගෙ මොළයට දාන්නේ ඉහළ සමාජය හා වෛරී හැඟීමක් ඇතිවන ආකාරයට. අදටත් කරුමයක් වී ඇති වාමාංශික දේශපාලනය ඊට හේතුවය. නැතිනම් ඉන් පෙර සමාජය එය උපේක්ෂාවෙන් දරාගත්තේ ලබා උපන් හැටි ලෙසය... MBBS එක තිබුණත් පෞද්ගලික වයිජ්ජ විජ්ජල වලට විරුද්ධ වන්නේ මේ අයය.
ඒ වගේම නිර්ධන පන්තියෙන් මධ්‍ය පන්තියට පැනගත්ත පිරිසත්.... තමන්ගේ දරුවන්ට උගන්වන්නේ තමන් පැමිණි පන්තියේ පිරිස හා ආශ්‍රය කිරීමෙන් වළකින ලෙසය....
නන්දා මාලනීගේ දරුවෝ වගේම.... අනුන්ගෙ ජොක්කු කලිසම් බෙල්ට් ඔරලෝසූ වගේම හාල් පොල් කරෝල කෙහෙල් කැන් ටිකටත් කෙලීමෙන් නොසෑහී... මළ ගෙදරනුත් ගානක් කඩාගෙන ආ.... ඉස්සර නිර්ප්‍රභූ වුනාට දැන් ප්රභූදේවලා වෙලා ඉන්න අයගේ දරුවන්ගේ තත්වයත් ඒකමය.....
නන්දා මාලනිය හා ජේවීපිය පෑහෙන්නේ මෙතනදීය.... ඒ හැර නන්දා කවදාවත් විශ්‍රාමික නලාකරුවන්ගේ සංගමය සමඟ හෝ එකතුව ජේවීපී ඉස්ටේජ් නැග්ගේ නැතිය....
කවිරුන් කෙසේ කීවත්.... මා නම් සිතන්නේ නන්දා මාලනිය කියන්නේ දැඩි පෞර්ෂයකින් හෙබි කාන්තාවක් බවය.... බොහෝ අය ඇය දේශපාලන අතකොළුවක් මෙන්ම සුනිල් ආරියරත්නගේ පුරුෂාධිපත්‍යට යට වූ ගොඳුරක් සේ පෙන්වීමට උත්සාහ කළද.... ඇය දුටු කීප අවස්ථාවකම ඇය හොඳින් නිරීක්ෂණය කර ඇති කෙනෙකුන් ලෙස... මාතලන් නම් ඇයව දකින්නේ ඒ සියල්ලන් අභිභවා ගිය දැවැන්ත චරිතයක් ලෙසය...
ජවිපේ කලේ මේ දැවැන්ත චරිතය තමන්ගේ දේශපාලනය වෙනුවෙන් හයිජැක් කිරීමය... පෙරටුගාමින්ගේ ගෝල්පේස් අරගලයද ජෙප්පෝ හයිජැක් කලේ එසේමය....එය ජෙප්පන්ගේ දක්ෂතාවය වුවත්... නන්දා මාලනියගේ මරණය තුලින් 22 යටගැසීමට කළ උත්සාහය වැළකී ගොස් නැට්ට පුකේ ගසාගෙන ශෝක දින තුනක් ප්රකාෂයට පත්කරමින් පීචංම වී ගියේ... අර මා කලින් සඳහන් කළ නන්දා මාලනියගේ හා ඇයගේ දරුවන් තුළ පැවති හා පවතින අභිමානය නිසාමය.....
මගේ මතය නම් නන්දා මාලනිය හොඳ මාර්කටියර් කෙනෙක්ය කියනා එකය... ඇය යුගයේ අවශ්‍යතාවයන් අනුව තම නිර්මාණයන් හා ආදායම් මාර්ගය තෝරා ගත්තේය... උපතින්ම වාමාංශිකව උන් ඇය 70 දශකයේ ගැයුවේ එකල පැවති දේශපාලනයට හිතැති ගීතයන්ය....
70 දශකයේද අළුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරදක් වී තිබුණත්.... සිරිමාගේ ආණ්ඩුවට එරෙහිව එවන් පුතුන්ගේ කිරි අම්මා වීමේ සිතක් ඇයට පහළ නොවූයේ තමන්ගේ දේශපාලන දැක්ම අනුව හා තම ජීවනෝපාය නිසාමය.
එහෙත් 87 සීන්ග් ලංකා ආයතනය නිකුත් කල කැසට්ටුවක් තුලින් ඒ පණිවුඩය ගෙන එන්නේ.... ඇය එජාප විරෝධී වීම නිසා හා ශ්රීලනිපයද උන්නේ ඉන්දු ලංකා ගිවිසුමට මෙන්ම පලාත් සභාවලට විරුද්ධව නිසාය....
ජේවීපිය 88/89 රට ගිනි තියන්නේ සිරිමාවෝ පිටකොටුව බෝ ගහ ඉදිරියේ විරෝධතාවය ආරම්භ කළ දිනයේ සිටය... ඒ පිටුපස නන්දා මාලනියගේ නොව සිරිමාවොන්ගේ හා වාමාංශික ගොබ්බයින්ගේ ආශිර්වාදයද තිබූ බව රහසක් නොවේය.
එහෙත් ඒ ත්රස්තවාදීන් අවසානයේදී සිරි ලංකා කාරයාගේ ඉතරක් නොව.... උන්ට ආශීර්වාද කල වාමාංශිකයින්ටද නිවන් පුර රුවන් දොරටු හැරදුන්නේය. නන්දලා සුනිල්ලා රට පැන්නේත් මේ හේතුව නිසා බව දන්නෝ දැනගෙන උන්නත්... ඒ අය ඒක දැම්මේ.... රාජ්‍ය මර්ධනය නම් ලේසී පාසූ කැටගරියටය.
ඉන්පසු නැවතත් මෙරටට පැමිණි නන්දා සුනිල් ලවා ලියවා ගත්තේ.... සීත හිමේ කඳු පාමුල හින්දි සින්දුවක් කිය කිය ලුණුයි බතුයි කාලා ආතල් එකේ ඉමු අනේ කියලාය.... නෝනා නානෝනම් නාගන්නෙයි කියලාය... කලක් නිහඬව උන් නන්දා නැවත කරළියට එන්නේ අරගලය තුලින්ය....
මෙය සාමාන්‍යයෙන් කලාකරුවන් කරනා උපක්රමයක්ය.... නන්දා මාලනිලා මෙන්ම ස්වර්ණා මල්ලවාරච්චිද එදා කලේ උමාරියාගේ කුක්කු එළියේ දැමීමේ මැතඩ් එකය... ජනප්‍රියතාවයෙන් ගිලිහී ජෙනරේෂන් ගැප් එකට ගොඳුරු වන විට කෙසේ හෝ නැවත සමාජයේ කතාබහට ලක්වීම ඇත්තටම රෝගී තත්වයක්මය...
ඔය චරිත තුනම කිසිසේත් එසේ කළ යුතු අය නොවනා බවත්, ඔවුන් තිදෙනාම දැවැන්ත පෞරුෂයන් බවත් ඔවුනට අවබෝධයක් නොතිබීම අවාසනාවක්මය.
ඒ කුමනාකාරයේ ගී ගැයූවත් එවක පරම්පරාව නන්දා මාලනියගේ කටහඬට මෙන්ම ඒ දැවැන්ත පෞර්ෂයට බොහෝ සේ ආදරය කලාය.... එය ආදරයක් පමණක් නොව.... වන්දනාවක් බවට පත්ව...... නමස්කාර කරනා පූජනිය වස්තුවක් බවට පත්වන්නනේ ඒ කුඩා ශරීරය තුළ තිබූ අති දැවැන්ත කරිස්මාව නිසාමය...
නන්දාට මිනිස්සු දණගසා වැන්දාට සුනිල් ආරියරත්නට හෝ ජෙප්පන්ට දණගසා වඳින්නය පුදන්නට යන්නේ නැති බවත් ලියා තබනවාට අමතරව කිව යුතුව ඇත්තේ.... එක එකාගෙන් බැබලෙන්න යන්නේ නැතිව නන්දා මාලනී වැනී ආලෝක කදම්බයක් වීමට උත්සාහ කල යුතු බවය...
එවිට එක එකාගේ මළ ගෙවල් වල වඳුරු කුණුහබ්බ දේශන පවත්වා පීචං වෙන්නට සිඳු වන්නේම නැතිය....
මේ සනාතන සත්‍යයයන් තේරුම් ගැනීමට නම්..... සමාජයේ පවතින සියලුම ආකාරයේ ස්ථරයන් ගැන අවබෝධයක් ලබා ගත හැකි පරිසරයන්ගෙන් තුලින් අත්දැකීම් ලබා ගැන්ම අත්‍යාවශ්‍යම කාරණයක් වනාතර ඒ පිළිබඳ අධ්‍යනයක් හා අවබෝධයක් ලබා ගැන්මේ බුද්ධියකුත් තිබිය යුතුමය.
ඒ වගත් මෙසේය..............
.

හොඳම පෝස්ට් එකක් සහ හොඳම ඇනලයිසිස් එකක්, මේකට 100% ක් එකඟයි..
ReplyDelete