බැසිලොමික්ස් ගැන දුන්
චරිත සහතිකය හා
FUTA හී රෙදි ගැලවීම
➖➖➖➖➖➖➖🔴
දීප්ති කුමාර ගුණරත්න හා Lakshika Rathnayake ITN නාලිකාවේ කරන පත්තරෙන් එහා දේශපාලනයට ආදරය කරන ඕන එකෙක් බලන්න ඕනෙයි කියලා මම හිතනවා.
අද විශේෂ ආරාධිතයා විදියට ආවේ චරිත හේරත්, එහිදි දීප්ති උත්සාහ කරනවා බැසිල් වැඩ්ඩෙක් හෝ දැක්මක් දර්ශනයක් ඇති කෙනෙක් නොවන බව චරිතගෙන් එලියට ගන්න. නමුත් වෙන්නේ වෙන දෙයක්.
චරිත මෙතනදි පැහැදිලි කරනවා උගත් හැම එකාටම විසඳගන්න බැරි වුන සොලියුෂන් එකක් නොතිබුන විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන්ගේ වැටුප් ප්‍රශ්ණය විසඳුවේ බැසිල් බව. මේකට බැසිල් චරිතගෙ හා ධම්ම දිසානයකගේ අදහස් හා සහාය ගත් බවත් එතනදි කියනවා.
එතනදි තමයි අද ටැක්ස් කැපනවා කියලා පාරට බහින විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන්ගේ හෙළුව එලියට එන්නේ. සමහර විට සමහරක් ආචාර්‍ය මහාචාර්‍යවරුත් මේක නොදන්නවා ඇති.
මේ වැටුප් වැඩි කිරිල්ලෙදි බේසික් එක වැඩි කරොත් අනෙක් වෘත්තීන්වල වැටුප් තලයන් එක්ක ගැටළුවක් මතු වන නිසා මොවුන්ට අති විශාල වැටුප් වැඩිවීමක් ලැබෙන්නේ පරීක්ෂණ දීමනාවක් ලෙස. එතනදි බැසිල් කියනවා පරීක්ෂණ සමීක්ෂණ වෙනවද කියලා හොයලා බලන එක මගේ වැඩක් නෙමේ, ඒක කැම්පස් වල වැඩක් කියලා.
ඒත් මුන් ඒ කිසිවක් නොකර හැම මාසෙම ලක්ෂ ගානක් පිනටම ගන්නවා..
එතන තවත් කතාවක් එලියට එනවා. එනම් කැම්පස් සඳහා වෙන් කරන මුදල වසර මුලදිම ලබාදීමට කරන යෝජනාව. මේක ඔක්කෝම කැම්පස් ප්‍රතික්ෂේප කරනවා.
ඒ කියන්නේ මුන් පිලිගන්නවා මේවයෙත් ඉන්නේ දූෂිත කම්බා හොරු කියන එක හා ඒ මුදල කළමනාකරණය කර ගැනීමට ඔවුන්‍ට නොහැකි බව.
මෙහෙව් කම්බා හොරු හා වංචනිකයෝ තමයි තමුන් උගත් බුද්ධිමත් පිරිසක්‍ය බදු ගැහුවොත් රට යනවය කියන්නේ... තොපි වගේ උන් මේ රටෙන් චුත වෙන එකම තමා මේ රටට කරන්න පුලුවන් ලොකුම සේවය.
අනික් කාරනේ නම් බැසිල්ගේ පලු අරින උක්තේ සංවිධානේ විමල් හා වාසුගේ රෙදි ගැලවීම ඒ පිලේම ඉන්න චරිත විසින් සිඳු කිරීම..😁
මේ රට ගොඩගන්න පුලුවන් එකම ආර්ථික විසඳුම බැසිලොමික්ස්ම විතරමයි යන්න මාතලන්ගේ මතයයි.
⭕ කැම්පස් යන උන් මේ වැඩ සටහන අනිවාර්‍යයෙන් බලන්න. ඔයාලට මාර ලැජ්ජා හිතෙයි.
.
Link ekak nethey?
ReplyDeletehttps://www.youtube.com/live/LE0wjAWZZ-c?feature=share
Deleteමාත රොම්බ තෑන්ක්ස් මචන් මේක ගැන පුළුල් සමාජ කතිකාවක් ඇති කරන්න ඕන තව ටික දවසකින් රැල්ල තුනී වී ගෙන යද්දී අපි ටිකෙන් ටික වැඩේට බහිමු බොට ජය වේවා කිව්වා 👍👍👍
Deleteඔය කතාව සම්පූර්ණ ඇත්ත බන් මාතේ බැසිල්ගේත් තියෙන්නේ ඩීල් සීන් තමයි මුදලාලි ටයිප් එකෙන් ප්‍රශ්න විසඳන්න කරන වෙනස්ම විදියේ යෝජනාවක් තමයි ඔතනදි වෙන්නෙ
ReplyDeleteලංකාවේ කැම්පස් වල පරිපාලනය කියලා කියන්නේ හොර ගුහාවල් තමයි කැම්පස් වල කථිකාචාර්ය කම්බා හොර හැත්ත දෙන ගේම් ගැන කාලෙකට කලින් මල්ලෙ පොල් බ්ලොග් එකේ ලියලා තිබුණ මතකයි නේද බන්?
😂😂😂😂😂
Deleteඉන්දීය දේශපාලනයට දැවැන්ත බලපෑමක් කිරීමට උත්සාහ කල බිලියනපති George Soros ඉන්දීය විදේශ අමාත්‍ය ජේශන්කාර්ගේ විවේචනයටත් විරෝධයටත් ලක්ව කඳ හරහා ඇනගෙන දැවැන්ත පසුබෑමකට ලක් විය.
ReplyDeleteමේ වෙලාවේ ලංකාවේ මවන මාලිමා රැල්ලද George Soros මහලු යක්ෂයාගේ න්‍යායපත්‍රයකට අනුව සිදුවන බව පෙන්වීම එතරම් අපහසු නැත. George Soros පදනම ලංකාවේ අටවන කෙමනද වැඩි දිනක් ගත වන්නට පෙර ඉන්දියාව විසින් කුඩු පට්ටම් කරදමන බවට විශ්වාසය පලකල හැක.
ඔබ මාලිමාව දිනවා ජාතික ජන බලවේගයේ බලවත් රජයක් පිහිටුවීමෙන් අනතුරුව සිදුවන දැවැන්ත බදු විපර්යාසය...
ReplyDeleteජාතික ජන බලවේගය බලයට ආවාට පස්සේ රාජ්‍ය මූල්‍ය අංශයේ මහා විපර්යාසයක් සිද්ද කරන්න යන බව හැමෝටම පැහැදිළියි. මේ විපර්යාසය කරන විදිහ ජාජබ විසින් පළ කරලා තියෙන “ආර්ථිකය - ගුණාත්මක ජීවිතයක්, නොසැළෙන ආර්ථිකයක්” ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉතාමත් පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. මේ ප්‍රකාශයේ තැන් ගණනාවක බදු සහන, රාජ්‍ය ආයෝජන ගැන වෙන වෙනම සඳහන් කරලා තිබුණත් අදාළ කාරණය නිශ්චිතව ඉදිරිපත් කරලා තියෙන්නේ “රාජ්‍ය මූල්‍ය හා බදු” කියන ශීර්ෂය යටතේ කියලා අපි උපකල්පනය කරමු. මේ විස්තර තියෙන්නේ ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 19 සහ 20 පිටු දෙකේ.
මේ වගේ ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරද්දි ඒවා අංක සහ උප අංක අනුව දක්වනවා නම් හොඳයි. ඒත් මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ එහෙම කරලා නෑ. ඒ වුනත් මේ සාකච්ඡාවේ පහසුව සඳහා ඒවා අංකවලින් දක්වන්න සිද්දවුණු බව මුලින් ම කියන්න ඕන. ඒ විදිහට සළකා බැලුවාම මේවා අංක 13 කින් දක්වන්න පුළුවන්. මේ ලිපියේ ඒවා අදාළ ආරෝපිත අංක යටතේ දක්වලා තියෙනවා. (අක්‍ෂර දෝෂ නිවැරැදි කිරීම ඇරෙන්න වෙනත් කිසිම වෙනසක් කරලා නෑ).
=== === === === ===
ජාතික ජන බලවේගය විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිත
රාජ්‍ය මූල්‍ය හා බදු
1. සාධාරණ හා සරල බවේ මූලධර්ම මත බදු ප‍්‍රතිපත්තියේ දැනට ඇති සංකීර්ණතා ඉවත්කොට බදු අයකිරීම කාර්යක්ෂමතාව ඉහල නැංවීම සඳහා පවතින බදු ප‍්‍රතිපත්ති සමාලෝචනය කර අවශ්‍ය සංශෝධන සිදුකිරීම
මේක හැම කෙනෙක් ම කියන පොදු කතාවක්. මේ වැඩේ කරන විදිහයි වැදගත්වෙන්නේ.
2. රජයේ ආදායම වැඩිකිරීම: දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස රජයේ ආදායම 20% - 25% මට්ටම ගෙන එම සඳහා විධිමත් සැලැස්මක් සකස් කොට ක‍්‍රියාත්මක කිරීම
මේ ඉලක්කය හුදකලාව සළකන්න බෑ. ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය දෙගුණයක් කරනවා කියලා ප්‍රතිපත්ති ප්‍රකාශයේ 6 වැනි පිටුවේ සඳහන්. දැන් රජයේ අදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9 කටත් අඩුයි. ආණ්ඩුවේ ආදායම සමන්විත වෙන්නේ බදුවලින් සහ ආණ්ඩුවට ලැබෙන ප්‍රදානවලින්. මේ කොටසේ අංක 1 ඉඳලා 8 දක්වා ප්‍රතිපත්ති අතර හයකින් ම කියලා තියෙන්නේ බදු අයකිරීම කළමනාකරණය, බදු අයකිරීම කාර්යක්‍ෂම කිරීම සහ බදු ආදායම වැඩි කරගැනීම ගැන. ඒ හින්දා මේ අංක 2 ප්‍රතිපත්තියත් ඒකට සෘජුව ම අදාළ එකක් කියලා හිතන්න පුළුවන්. එහෙම නැතිනම් මේක වෙන් කරලා පළ කරන්න තිබුණා.
දළ දේශීය නිෂ්පාදිතයේ වෙනසක් නො කර රජයේ ආදායම සියයට 25 ක් කරනවා නම් දැන් කරන ඉපැයීම තුන් ගුණයකට කිට්ටු ප්‍රමාණයකින් වැඩි කරන්න ඕන. දළ දේශීය නිෂ්පාදිතය දෙගුණයක් කරනවා නම්, රජයේ ආදායම දැන තියෙන ප්‍රමාණය වගේ හය ගුණයකට කිට්ටු ප්‍රමාණයකින් වැඩි වෙන්න ඕන. ඒ කියන්නේ ආණ්ඩුවේ බදු අය කිරීමත් ඒ කිට්ටු ප්‍රමාණයකට ඉහළ යන්න ඕන.
3. ආදායම් බෙදීයාමේ සාධාරණත්වය හා ආර්ථික වෘද්ධිය කෙරෙහි ඍජුව බලපාන වක‍්‍ර බදු හා ඍජු බදු අතර අනුපාතය දැනට පවතින 82-18 මට්ටමේ සිට 40-60 දක්වා ක‍්‍රමිකව ගෙන ඒමට දිගුකාලීන සැලසුමක් ක‍්‍රියාත්මක සකස් කිරීම
මේ කියන්නේ සෘජු බදු අය කිරීම ඉතාමත් ඉහළ අගයකට පත් කරලා වක්‍ර බදු අය කිරීම හුඟක් අඩු කරන බවක්. දැන් සියයට 18 ක් තියෙන සෘජු බදු ආදායම සියයට 60 ක් කරනවා කියන්නේ දැන් ප්‍රමාණය වගේ තුන් ගුණයක් ඉක්මවලා සෘජු බදු අය කරනවා කියන එක. දළ දේශීය නිෂ්පාදිතය දෙගුණයක් කරන්න බලාපොරොත්තු වෙන හින්දා මේ බදු අය කිරීම හත් ගුණයකින් විතර වැඩිවෙන බව පැහැදිළියි. මේක කරනවා කියන්නේ දැන් බදු ගෙවන අයගේ බදු වැඩි කරලා නෙවෙයි. ඒ කියන්නේ දැනට සෘජු බදු ගෙවන්නේ නැති විශාල ප්‍රමාණයකට බදු ගෙවන්න සිද්දවෙනවා. (මේ ගැන 4 වැනි අංකයෙන් කියලා තියෙනවා).
Cont'd
Cont'd
Delete4. දැනට හඳුනාගත් ආදායම් බදු ගෙවන තැනැත්තන්ගෙන් අය කරන බදු වැඩි කරනවා වෙනුවට ක්ෂුද්‍ර සුළු, හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව දියුණුව හා ලාභ තුළින් බදු අයකිරීමේ පදනම පුළුල් කිරීම
සෘජු බදු ආදායම හත් ගුණයකින් විතර වැඩි කරන්න හදන්නේ ක්‍ෂුද්‍ර, සුළු සහ මධ්‍යම පරිමාණයේ කර්මාන්ත බදු දැලට යටත්කිරීමෙන්. ඉතින් දැන් සෘජු බදු ගෙවන අය මේ ගැන බයක් ඇති කරගන්න ඕන නෑ.
5. ආහාර, ඖෂධ, සෞඛ්‍ය සේවා ඇතුළු හඳුනාගත් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා VAT බදුවලින් නිදහස් කිරීම
මේ වැඩේ හරහා සෑහෙන භාණ්ඩා හා සේවා ප්‍රමාණයක් VAT බදුවලින් නිදහස් වෙනවා. හැබැයි ඉතාමත් ඉහළ ආදායම් ඉලක්කයක් තිබුණත් වක්‍ර බදු ආදායම සියයට 40 දක්වා අඩු කරන්න බලාපොරොත්තු වෙන හින්දා අනිත් භාණ්ඩ හා සේවාවලට වුනත් ලොකු බදු බරක් වැටෙන්නේ නෑ. දළ දේශීය නිෂ්පාදිතය දෙගුණයක් කරනවා කියලා හින්දා ප්‍රමාණාත්මක විදිහට උපයන වක්‍ර බදු ආදායමේ අඩුවක් වෙන්න විදිහකුත් නෑ. ඉතින් මේ ගැටය ලිහන්න ටිකක් අමාරුයි.
6. අයවැය හිඟය 5% සීමාවේ පවත්වා ගැනීම
දැන් අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 12 කට කිට්ටුයි. මේ වෙද්දි රජයේ වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20 ක් විතර ඇති. රජයේ ආදායම සියයට 25 ක් කරලා සියයට 5 ක අයවැය හිඟයක් පවත්වා ගන්නවා කියන්නේ රජයේ වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 30 ක් විතර කරනවා කියන එක. දළ දේශීය නිෂ්පාදිතය දෙගුණයක් කරන හින්දා දැන් ආණ්ඩුව කරන වියදම තුන් ගුණයකින් විතර වැඩි කරන්න සිද්දවෙනවා.
අයවැය හිඟය පියවාගන්න වෙන්නේ රාජ්‍ය ණයවලින්. අපේක්‍ෂිත හිඟය සියයට 5 ක් වුනත් දළ දේශීය නිෂ්පාදිතය දෙගුණයක් කරන හින්දා ප්‍රමාණාත්මකව රාජ්‍ය ණය අඩුවෙන්නේ නෑ. ඒ කියන්නේ දැන් ප්‍රමාණයෙන් ම ණය ගන්න ඒ අනාගත ආණ්ඩුවටත් සිද්දවෙනවා.
7. උපතේ දී ම නිකුත් කරනු ලබන පුද්ගල අනන්‍යතා අංකයක් පදනම් කරගනිමින් කාර්යක්ෂමව හා පිරිමැසුම්දායක ලෙස බදු අයකිරීම හා කළමනාකරණය කිරීම
මේ ක්‍රමයෙන් බදු අයකිරීම කාර්යක්‍ෂම කරන්න පුළුවන් බවට සැකයක් නෑ. ඒත් මෙතැන මේ සඳහන් කරලා තියෙන “පිරිමැසුම්දායක” කියන වචනයේ අර්ථය තේරුම්ගන්නේ කොහොම ද?
8. ආදායම් මට්ටම මත බදු බර (Tax incidence) ගැලපීම, අනුක‍්‍රමික බදු අනුපාත යොදාගැනීම හා බදු සීමාවන් නිශ්චිත කාල පරාස තුළ විමර්ශනය කිරීම හා අවශ්‍ය සංශෝධන මඟින් බදු අයකිරීමේ සාධාරණ බව තහවුරු කිරීම
මේකත් බදු අයකිරීම කාර්යක්‍ෂම කිරීමට අදාළ කාරණයක්. වක්‍ර බදු විශාල වශයෙන් අඩු කරන්න බලාපොරොත්තු වෙන හින්දා මේ කාරණය බොහෝ දුරට අදාළ වෙන්නේ සෘජු බදු අයකිරීම්වලට කියලා හිතන්න පුළුවන්.
9. පාරදෘශ්‍යභාවය හා මහජන වගවීම ආරක්ෂා වන ආකාරයෙන් දැනට ක‍්‍රියාත්මක මූල්‍ය අණ පනත් හා රෙගුලාසි, යාවත්කාලීන කිරීම හා නව ආර්ථික ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමට පහසුවන අයුරින් නව මූල්‍ය නීති හඳුන්වාදීම මඟින් මූල්‍ය විනය ශක්තිමත් කිරීම
මේක රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට අදාළ කාරණයක් බව පැහැදිළියි.
10. පෞද්ගලික ඉතිරිකිරීම් දිරිගැන්වීම සඳහා මූල්‍ය තැන්පතුවල සුරක්ෂිතභාවය තහවුරු කිරීමට විශේෂ තැන්පත් ආරක්ෂණ ක‍්‍රමවේදයක් මහ බැංකුවේ ඍජු මැදිහත්වීම මත සිදුකිරීම
මේක රාජ්‍ය මූල්‍ය සම්බන්ධ කාරණයක් නෙවෙයි. මේ ගැන මෙතැන කියන්නේ ඇයි කියන කාරණය පැහැදිළි නෑ.
11. උද්ධමනය කළමනාකරණය කිරීම හා මුදල් සැපයුම පාලනය කිරීමට පොලී අනුපාතයන් අඛණ්ඩව සමාලෝචනය කිරීම හා උචිත පරිදි ගැලපීම
මේක මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ කාරණයක්. දැන් කෙරෙන්නෙත් මෙහෙම තමයි.
12. බැංකු ක‍්‍රමය තුළ ණය සඳහා අයකරන පොලී අනුපාතය හා තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාතය අතර පරතරය අවම මට්ටමක පවත්වාගැනීම සඳහා අඛණ්ඩව සමාලෝචනය කිරීම
මේකත් රාජ්‍ය මූල්‍ය විෂයයට අදාළ කාරණයක් නෙවෙයි. මේ ගැන රාජ්‍ය මූල්‍ය විෂයය යටතේ කියන්නේ ඇයි?
13. විනිමය අනුපාත අවදානම් අවම කිරීමට හා නව තාක්ෂණික වෙනස්වීම්වලට අනුකූල වන අයුරින් ක‍්‍රිප්ටෝ මුදල් වැනි අතත්‍ය (Virtual) ක‍්‍රමවේද හඳුන්වාදීමේ උචිත බව පිලිබඳව අධ්‍යයනය කිරීම හා උචිත ක‍්‍රියාමාර්ග ගැනීමට ශ‍්‍රී ලංකා මහා බැංකුවට අවශ්‍ය ස්වාධීනත්වය ලබාදීම
රාජ්‍ය මූල්‍ය විෂයයට මේ කාරණයත් අදාළ නෑ.
=== === === === ===
විවිධ අංශවලට බදු සහන දීම, යම් යම් අංශවල රාජ්‍ය වියදම් වැඩි කරන්න ලබාදීලා තියෙන පොරොන්දු, රාජ්‍ය ආයෝජන සඳහා මුදල් යෙදවීම්, මහජන ආයෝජකයන්ට රාජ්‍ය මුදල් ලබාදීම් වගේ අමතර රාජ්‍ය වියදම් මෙතැන සාකච්ඡා කළේ නෑ. ඉඩක් ලැබුණොත් ඒවා ගැන වෙනම කියන්නම්.
අඩෝ තලං මටත් කියන්න දෙයක් තියෙනවා, හැබැයි මඩ නෙවෙයි මෙිකයි ඇත්ත. මෙකල්හි මාලිමාව ලකුණෙන් දේශපාලනය කරන ජෙප්පොන්ට රෙදි නැතුව කඩෙි යන අමු මැටි මීහරක්ට උන්ගෙ අමිම හරි සහොදරියක් හරි ජෙප්පෙක් විසින් දුෂනය කරනවා කීවත් ඒත් කමක් නෑ අපි මාලිමාවට කියන තරමට මුන් ජෙප්පොන්ගෙ වහල්ලු වෙලා. ඉස්සර මැදමුලනේ නාකි මයින කියන හද්දා නාකි ගස් කැරියට කඩේ ගිය බැරි කල්ලෝ වුණත් මේ තරමට අමු හෙළුවෙන් කඩේ යාමක් නම් ගියේ නෑ නේද මචන්? අනේ මන්දා මුන් නම් මහා සක්කිලි වහල් බයි වේස කැරියෝ හැත්තක්, මාලිමා වහල් බයියෝ තමයි කැරිම වහල් බයියෝ... 😁😁😁
ReplyDeleteයකුනේ බංකොලොත් වීමෙන් ලංකාව ලෙබනනය වගේ රටවල් වලට වී ඇත්තේ මහාම අපරාදයක් බව තේරුම් ගනිල්ලා
ReplyDeleteබංකොලොත් වෙනවා කියන්නේ සල්ලි නැති වෙනවායි කියන එක අපේ සමහරක් විසාරදයන්ට නොතේරෙයි. ලෙබනනේ බංකොලොත් උනේ 2019 දීයි. අවුරුදු හතරකට පසුත් ඒ රට තාම වල පතුලේ
“People in Lebanon are facing unimaginable levels of suffering while trying to get their hands on life-saving medication. The Lebanese authorities, meanwhile, continue to shirk their responsibility to safeguard the right to health,” said Aya Majzoub, Amnesty International’s Deputy Director (9th Feb 2023).
විෂ්මි නංගිට දිව දාන්න ආසයි
ReplyDelete