තොරණහංදියෙන්, වරාගොඩ පාරේ ටික දුරක් යන විට, "කැබීස්" රෙස්ටොරොන්ට් එක හම්බ වෙනවාය. මේ රෙස්ටොරන්ට් එක තියෙන මුළු වත්තම අයිතිය තිබුනේ කබ්රාල් පවුලටය. ඒ පවුලේ බොහෝ දෙනෙක්, රටේ පරසිද්ද උගතුන්ය. ඔවුන්ගේ මහ ගෙදර තිබුන භූමිය, අද රෙස්ටුරන්ටුව පවත්වාගෙන යයි. මහ ඉඩම කොටස් කර විකිනීමෙන් පසු, අද සිටින්නේ අළුතෙන් පදිංචියට පැමිණි පිරිස්ය. මහ ගෙදර වටේට තිබුනේ පොල් ගස් හා තන තිල්ලයි. පිටුපස වෙල පැත්තට වෙන්නට, විශාල උණ පඳුරු පිරී පැවතිනි. අද ඒ කිසිවක් නැත.
දර මඩුව තිබුනේ, ෆොටෝග්‍රැෆී වලට ප්‍රසිද්ද, ඩයස්ලාගේ ගෙදරට අල්ලපු වත්තේය. ඩයස්ලාගේ වත්තේ තිබුනේ, එකිනෙකට ඇඳුණු නිවාස හතරක් හෝ පහකි. එහි දෙමළ පවුලක්ද කාළයක් ජීවත් විය. එම පවුලේ "ජීවා", අපේ හිතවතෙක් විය. අද ඒ නිවාස පේලියම අයිති ඩයස්ලාටය. දරමඩුව ඉදිරිපිට කබ්රාල්ලාගේ විශාල ඉඩමය. ගෑස් ලිප් හා ගෑස් ටැන්කි නොමැති කාළයේ, සෑම ගෙදරකම ඉවුම් පිහුම් කලේ දර ලිපේය. පර්චස් විස්සේ, තිහේ, හතලිහේ, ඉඩම් වල ජීවත්වූ පවුල් වලට, ගමේ මෙන් දර සොයාගැනීමට කැළයක් හෝ විශාල ඉඩ කඩම් තිබුනේ නැත.
ඔවුන්ගේ දර අවශ්‍යතාවය සැපයූවේ මේ දරමඩුයි. ඒ කාලයේ, දර මඩුව අත්‍යාවශ්‍යම සේවා ස්ථානයක් විය. සමහර ගෙවල් වල විදුලි අවන් එකක්, බූමිතෙල් ලිපක් තිබුනද, බොහෝ නිවෙස් වල භාවිතා කළේ දර ළිපයි.දර ළිප සදා තිබුනේ කුස්සියේය. ඒ කාලේ පැන්ට්‍රියක් තිබුනේ එහෙමත් ගෙදරකය. ඕනෑම සල්ලිකාරයකගේ ගෙදර වුවද, චිමිනියක් දකින්නට නොලැබුනේ නම් එහෙමත්ම වෙලාවකය.
කුඩා කවුළු සහිත චිමිනිය සාද තිබුනේ, දර දහනයේදි ඇතිවන දුම පිටවීම සඳහාය. චිමිනියේ කවුළු කුඩා නිසා හෝ මොනයම් හේතුවක් හේතුවෙන්, කුස්සියේ, දුම පිරී තිබූ අවස්ථා බොහෝය. ආච්චි අම්මා ඒ වේලවට දොස් කියන්නේ, දර මඩුවේ මුදලාලිටය. ඒ, තෙත දර ගෙනත් දෙනවා කියාය. මේ දුමාරය හේතුවෙන්, කුස්සියේ තිබු ගෘහ උපකරණ සියල්ලම, කළු පැහැයෙන් දිලිසි දිලිසි තිබිනි.
ඒ කාළයේ, බ්ලෙන්ඩර්, ග්‍රයින්ඩර්, මික්ෂර්, බීටර් තිබුනේ නැත. කොටින්ම, කුස්සියේ ප්ලග් පොයින්ට් එකක් වත් තිබුනේ නැත. ඒ විදුලියෙන් ක්‍රියාකරන කිසිම උපකරණයක් කුස්සියේ නොතිබූ නිසාය. ඇලුමිනියම් හට්ටි සහිත ගෙවල් සැලකුවේ, සංකර ගෙවල් ලෙසය. එවායේ ඉවුම් පිහුම් කළ විට, වස විශ ශරීර ගත වී, කැන්සර් හැදෙනා බව, ඒ කාළයේ තිබූ මතයයි.
මැටියෙන් සෑදූ, හට්ටි, වලං, ඇතිලි, නෑඹිලි අතර, යාන්තම් හෝ මූණේ දැලි නොගාගෙන උන්නේ නැඹිලිය පමණි. වංගෙඩියද, ඇඹරුම් ගලද මෝලගහද සියල්ලම උපතින්ම කට්ට කළුය. මෝල් ගස් වලට භාවිතා කළේ කිතුල් පොල්ලකි. මීට අමතරව පොල් ගෑම සඳහා හිරමනයක්ද තිබුනි. තාත්තා, මේසයට සවි කරනා ඕදිරිස් මැසිමක් ගෙනත් දී තිබුනත්, එය බොහෝ කාළයක් තිබුනේ පිඟන් රාක්කයේය.
සමහර විට, බොහෝ වෙලාවට, කාන්තාවන්ගේ පහස ලබා, බිත්තියට හේත්තුවී ආඩම්බරයෙන් උන් නිසා, බංකු හිරමනයට, අතින් කරකවන හිරමනේ බය වූවාද විය හැකිය. එදිනෙදා නිවසේ අය භාවිතා කරනා, පිඟන් කෝප්ප තැබීමට, ලීයෙන් හෝ යකඩෙන් කරනා ලද රාක්ක්යක් තිබිනි. බොහෝ නිවෙස් වල කෑම, කෑම මේසයට ඇරියේ නැත. කෑම මේසය, මගුල් ගෙදර මෙන් සරසා තිබුනද, එය භාවිතා කලේ, විශේෂ අමුත්තෙක් පැමිණි විට හා අළුත් අවුරුද්දට පමණි.
සාලයේ කැබිනෙට්ටුවේ ආඩම්බරයෙන් ඉන්නා, චීන තසිම්, දීසී, පිගන් කෝප්ප, එලියට එන්නේ ඒ දවස්වලට පමණි. අනෙක් දිනවල පවුලේ ආඩම්බරය පෙන්වීම සඳහා, එයාලා ඉන්නේ කැබිනට්ටුවේය. මේ කැබිනට්ටුව උඩ රේඩියෝවක්ද තිබිනි. රේඩියෝවේ විශාලත්වය අනුව, වත් පොහොසත් කම ප්‍රදර්ශණය කළේය. ඊට අමතරව මනමාලියක් මෙන් සැරසූ බ්‍රිජ් එක නොහොත් ශීතකරණයද සමහර නිවෙස් වල විය. කොයි කාගේ ගෙදරත් තිබුනේ "සිසිල්"ය.
ඒ මනමාලී, කොයි වෙලාවෙත් උන්නේ සාලයේමය. හරියට අද කාළයේ අඟල් 56 හෝම් තියටර් තියෙනවා වාගේමය. බොහෝ වෙලාවට ඔය බ්‍රිජ් වල තිබුනේ, අයිස් වතුර විතරමය. සමහර ඒවා තිබුනේ ඕෆ් කරලාය. කවුරුන් හෝ එන දවසට අයිස් ටිකක් මිදෙන්න දමා, ඔරේන්ජ් බාර්ලි බෝතල් තුන හතරක් ගෙනත් දමනවාය. විශේෂම අමුත්තෙක් ආවොත් එළිෆන්ට් හවුස් ෆැමිලි බ්ලොක්ස් එකක් ගේනවාය. ඒ කිව්වේ හිම කිරම පෙට්ටියක්ය. හිම කිරම කියන්නේ අයිස්කිරිම් වලටය.
බෝරු සෝභනයට ප්‍රිජ් එක සාලයේ ප්‍රදර්ශණයට තබා තිබුනි යයි කීවද, පෑන්ට්‍රියක් නොමැති වීම, ඇයට සාලයේ රැදීමට බොහෝ දුරට හේතුවක් වන්නට ඇත. අනික් කාරණය රූප රාජිනියක් මෙන් සුදු පාටින් බැබලි බැබලි උන් මනමාලිය, කුස්සියට නොගියේ, ඇයත් කළු පැහැ ගැන්වේ යයි සිතා වියද හැකිය. සමහර නිවෙස් වල මනමාලිය කොල පැහැයෙන් යුක්ත විය. ඒවා එජාපයේ නිවාස වූවාද කියා මට හරි මතකයක් නැත්තේය.
අයිස් දැමීම වැඩියෙන්ම වෙන්නේ, සෝඩා බෝතලයකුත් ගෙනා දවස් වලටය. සෝඩා බෝතලය සමග මිශ්‍ර කරනා පානය තිබුනේ, තාත්තාගේ ඔෆීස් කබඩ් එකේය. ඒ බෝතල් වල තේ කහට පැහැති දියරයක් තිබුන අතර, ලේබලයේ පොල් ගහ යට කොටියෙක් උන්නේය. කොටියා කොතරම් දරුණු වුවත්, අර පොල් ගහ කොතරම් වටිනා ගසක්ද යන්න, මට තේරුම් ගියේ පසු කාලයේය.
ලියන්න ගියේ "දරමඩුව" ගැනය. ලියවුනේ වෙන දෙයක්ය. හැමදාම වෙන්නේ ඕකය. ඉතිරි ටික පස්සෙ වෙලාවක කියන්නම්ය.
1
ReplyDeleteපුක :)
Deleteපුක එක කර ගන්න එපා බං.
Deleteසැබෑ වෙනසක් මොකද මේ
ReplyDeleteමේ අළුතෙන් ආපු කෙනෙක් වෙන්ටෑ...?
Deleteමං අර බඩගිනි වෙලා මා ගිය කල කතන්දරයේ සඳහන් කළ කුස්සියේ නම් දුම් කවුළු තිබුණේ නැහැ. ලිප් තිබුණේ වාතාශ්‍රය නැති අඳුරු මුල්ලක. විදුලිය නැති නිසා කොහොමටත් කළුවරයි.
ReplyDeleteඔව් කකා අපේ ගමේ ගෙවල් වල තිබුනේ මේ විදියේ කුස්සි තමා. කටු මැටි බිත්ති හා පිඳුරු හෝ පොල් අතු සෙවිලි කල මේ වගේ කුස්සිය වෙනමත්, නිවස තුලමත් තිබුනා. කැළණියේ අපේ නිවස අසලත් මේ වර්ගයේ නිවාසත් බොහෝමයක් තිබුනා.
Deleteඅර කිව්වත් වගේ සැබෑම වෙනසක්, ඒත් හොඳ වෙනසක්. විවිධත්වය කියන්නෙ හොඳ දෙයක්. ස්තූතියි
ReplyDeleteඅළුතෙන් ආපු අයට එහෙම දැනෙනවා ඇති. ඒත් කලිනුත් මේ වගේ දේවල් ලියලා තියෙනවා..
Deleteදැන් ගාපු පොල් පැකට් කරලා ගන්ට තියෙන හන්දා ප්‍රශ්නයක් නෑ...
ReplyDeleteමම නම් ආසයි අත්තම්මාගේ කුස්සියට තාමත්...ඒකේ පැත්තක දිග බංකුවක් තිබුණා පිටින් එන ගමේ මිනිස්සුන්ට ඉඳගන්ට. එපා කීවට මම නම් වාඩි වෙන්නෙම ඒකේ...
තාමත් පොල් ගානවා තියා හිතාගන්ටවත් බෑ...:(
ඒවට කියන්නේ "ගාපු පොල්" නෙමෙයි අනේ... "ග්‍රේටඩ් කොකනට්", කවුරු හරි අපේ අම්මට ගිහින් දීලා, විසී කරලා තිබුනා කුණු ගොඩේ. එයා හිතලා වැරදීමකින් පොල් කුඩු පැකට් එකක් දීලා කියලා. පොල් කුඩු ගන්නේ බිම මදින්න නේ.
Delete//තාමත් පොල් ගානවා තියා හිතාගන්ටවත් බෑ...:(//
Deleteඅපේ හාමිනේ කරකවන හිරමනයක් හැම අවුරුද්දකටම සැරයක් ලංකාවට ආවාම ගෙනියනවා. දවසක් ඇර දවසක් සම්බෝලයක් හදනවාමයි. මගේ workbench එකේ හයි කරලා එලියේ ඉඳන් ගමටම පේන්ට ගානවා ගෑවිල්ලක්...සුටුස් ගානකොට ගාල ඉවරයි. සමර් ද වින්ටර් ද කොයි සීසන් එකෙත් ඔය විධියටයි වැඩේ යන්නේ. :-)
ඕක් නොදැකපු උන්ට මැජික් වගේ ඇති.
Deleteඕකට හේතුව තමයි කුස්සියේ චිමිනිය නිසි පරිදි උස නොවීම.අපේ තාත්තලයි මහ ගෙද රඅපි හිටිය කාලෙ ඒ ගෙදර කුස්සියත් ඒ වගේ..කුස්සියම කලු පාටයි...චිමිනිය තව ගැඩොල් පේලි දහයක් විතර ඉස්සුවා නම් හරියනවා..
ReplyDelete@ amila,
Deleteසහ නිසි දිශාවේ ඉදි නොකිරීම...ජ්‍යෙතිශයට අනුව හෝ නැතිව සුලං එන දිශාව අනුව වැදගත්...නැත්නම් සුලඟ කැරකැවිල දුම් ටික ආපසු එනව.
ඒ කුස්සිය කඩලා දාලා අළුතෙන් පෑන්ට්‍රියක් හැදුවා, ඒකත් ඊයේ ඉඳලා වෙන කෙනෙක්ගේ..
Deleteහප්පා ආන්න කුස්සි . . .
ReplyDeleteඋදේ පාන්දරක ගිනි තපින්න,
කොස් ඇට දෙක තුනක් පුච්චගන්න,
කරෝල කෑල්ලක් පුච්චගන්න
දැං තියන කුස්සිවල පුලුවනෑ
++++++++++
Deleteකරවල පිච්චිල්ල නම් එච්චරම දිරෙව්වේ නෑ. ඒත් ඉතින් කජු පුච්චන කොට පලාතම සුවඳයි. කොස් ඇට පුච්චලා කනවා කියන්නෙත් ඒ වගේම වැඩක් තමයි. ඒ කාලේ බාබේකිව් දැනගෙන උන්නේ නෑ නේ. නැත්නම් ඉතින් හැමදාම බාබේකිව්.
Deleteඇයි පැරකුම්බා දත් බෙහෙත් කුඩු පැකට් එක ඉවර වුනාම අගුරු කැල්ලක් හෙයා ගත්තෙත් ඔය කුස්සියෙ ලිපෙන් නේ.
ReplyDeleteඒ විතරක්ය බං නෑදෑයෝ ආවම ඔක්කෝම කුස්සියේ නේ ඉන්නේ.
Deleteමාතලන් අර හිරමනේ තලේ නෑනේ (උඩ රුපේ එක )
ReplyDeleteඔය හිරමණ වලින් ගාන්න දැන් ඉන්න ගැටිස්සියන්ට පුළුවන්ද මන්දා ( පිටි කල පොල් කිරි )
අපේ ගෙදරත් තිබුණේ එක කොටයකින් දෙපැත්තට අරින්න පුළුවන් විදියට හදපු හිරමණයක් ..දැකලා තියෙනව ඒ වගේ එවා .හැබැයි මං පොලෙන් අඩලා එක සරයක් කරකවන හිරමණයක් ගත්තා ,මේ ලගදි තමා ඒ වගේ හිරමණයක් පාවිච්චි කරන්න චැන්ස් එක අවේ ...
ඒ බෝතල් වල තේ කහට පැහැති දියරයක් තිබුන අතර, ලේබලයේ පොල් ගහ යට කොටියෙක් උන්නේය///
මේ මොනවද දන්නෙ නෑනේ ???බෙහෙත් ජාතියක් වෙන්න ඇති නේ හැක් හැක්
//මාතලන් අර හිරමනේ තලේ නෑනේ (උඩ රුපේ එක )//
Deleteඒක අර වෙනී අයියගෙ බ්ලේඩ්ලස් ෆෑන් එක වගේ ගැජට් එකක්.
ඈ ඒ මොකක්ද එ ලින්කු පීස් තියේ නම්
Deleteඒකේ තලේ ගාලා ගාල ගෙවිලද කොහෙද..? උඹට මතකද ඕක පීරී ගාන්න පීරකුත් ගෙදර තිබුනා. එහෙම නැත්නම් හිරමනේ පීරී ගානවා ගාගෙන එන පොරට දෙනවා.
Deleteඒ පොරට කිව්වේ හිරමන් පීරිස් කියලා.
Deleteරස්නෙ රෑට !! රෙද්දක් ඇඳන් නිදා ගන්න පුළුවනියැ ? ජායාරූප සහිතයි...
Deleteතැක්කු ප්‍රසන්න,අර හිරමනෙත් ඒ වගේ එකක් තමා ;))
Deleteතැන්කූ වේවා දරමඬුව ගැන ලියන්න ගත්තට. මම බලන් හිටියෙ මේ පෝස්ට් එක දානකම් (y)
ReplyDeleteගොඩක් අයගෙ රස මතකයන් අලුත් කරන පෝස්ටුවක් වේවි. එහෙමටම නැතත් අදටත් අපේ පැත්තෙ දර ලිප් තියෙනවා හැබැයි ගේ ඇතුලෙ නෙමේ ගේ පිටිපස්සෙ. තෙමෙන්නැති වෙන්න පොඩ්ඩක් වටකරගෙන පත්තු කරනවා. අපෙ ගෙදරත් එකක් තියෙනවා.
ඔය මේසෙට වාඩි වෙලා කන්නෙ ඉතිං අවුරුද්දටම විතරනෙ. ඒ වගේද TV එක ඉස්සරහ වාඩි වෙලා කකුල් දෙක කරේ තියාගෙන කොන්ද කඩාගෙන කෑම කත්දි තියෙන සනීපෙ… :)
ඒ කාලෙ දරමඬු වල අර උඩම ඉන්නවා වගේ සේවිකාවොත් හිටියද…?
Deleteඒ වගේ ළමයෙක්ගෙන් පොරෝ පාරක් කන්න ඊළග ආත්මෙ දරකොටයක් උනත් මක්කැයි. ;)
ඒ ලමයට නං පොරෝ පාරක් වැදිල තියනවා !!!
Deleteකාගෙන්ද……?? හි… :o
Deleteඑයා පොරෝ පාරක් කාලා අනිත් අයට පොරෝ පාර බෙදනවා…… හරි අසාධාරණයි. ;))
උපතින්ම වැදිච්චි පොරෝ පාරක් ඒ.....
Deleteආ මේ… ඒක මිසක්. මම හිතුවෙ වෙන පොරෝ පාරක් කියලා. ;)
Delete:D
Delete@ ප්‍රියා
Deleteඅර උඩම ඉන්නවා වගේ සේවිකාවොත් හිටියද…? //
මට ලා මතකයක් තියෙනවා ඔය වගේ වැලවල රගපාන නිළියක් ඉන්නවා,ශික් දැන් උවා වැඩිය මතක නෑනේ ...ඈ
ගෑණු ළමයින්ට දෙවියන් වහන්සේ පොරෝ පාරක් දීලනේ එවන්නේ. ඒ නිසා උඹලා කළබළ වෙන්නේ නැතිව හිටපල්ලා..
Deleteඅපේ ආච්චි අම්මගෙ ගෙදරනම් මේ මෑතක් වෙනතුරුම ඉලෙක්ට්‍රික් උපාංගයකට තිබ්බේ හීටරයක් විතරයි. ආච්චි අම්මා ජිවත් වෙලා ඉන්නකන් අප්‍රේල් මාසේ කියන්නේ කුස්සියේ මගුල් මාසෙ, ලිප වටේ අලුතෙන් මැටි ගාල, ලිප අලුත් කරලා, අලුත් මැටි වලන් ගෙනල්ලා, තුන පහ එහෙම පරිස්සමට දාල තියන්න ටවුමෙන් අලුත් ප්ලාස්ටික් භාජනත් ගේනව. ඔක්කොටම වැඩියි ඒ කාලෙට කුස්සිය පැත්තෙන් එන එක එක සුවඳ ජාති. කුස්සිය තමයි අවුරුදු කුමාරි
ReplyDeleteඇත්ත අපි ඔක්කෝටම කළින් අළුත් අවුරුදු ඇඳුම් අඳින්නේ කුස්සිය.
Deleteහිරිම රසවත්. ඒ්ත් අපිට නම් ෙම්වා අළුත් ෙද්වල් ෙනවි.
ReplyDeleteසමහර උන් මේවා ගැන මෙළෝ දෙයක් දන්නෙ නෑ..
Deleteඅගේ ඇති පෝස්ටුව.
ReplyDeleteඔය චිමිනි වලින් දුම් ඇතුලට එනවා ගේ ඇතුල් පැත්තෙ තියන, උයන්න පිහන්න අත් ඇතුල් කරන කවුළුව උස වැඩි වුනාම. තව උඩින් තියන කවුළු ලොකු වුනාම වගෙම හතර පැත්තෙම කවුළු තිබුනාමත් එහෙමයි.
මෙහෙ නම් දර ලිප් තියනව තවම. රයිස් කුකර් එකකින් බතක් උයනව හදිසියට, උදේට එහෙම. තලේටම අල්ලල යකඩ තහඩුවක් තියන හිරමණයක් තිබුන අපේ ගෙදර. ඒ තහඩු කොටස ට කකුල් හතරක් තිබුන යකඩෙන්ම. පස්සෙ ඒක දිරල දිරල කැඩුනා.
මූ කෙබරාධිපති ඊ ලඟට ලියයි "අපේ කුස්සියේ තියෙන ලිපේ හාල් හුන්ඩුවක් ලිප තිබ්බම ගමටම කන්න දීලා ඉතුරු ටික මාළුන්ට කන්න මූදට දානවා කියලා :)
Deleteඕ යේස් මූ ලියන කිසිම දෙයක් මට දැං සුවර් නෑ !!!
Deleteඔව් ඔව්.. මේ කාලෙ වෙන දේවල් වල හැටියට එහෙමත් වෙන්න පුළුවන් තමයි. ඒක නෙමෙයි, හැබෑට කා ගැන ද බංස්ලා ඔය කියන්නෙ.. !! :D :D
Deleteබොලා ගැන නෙමෙයි ඔය කියල තියෙන්නෙ, අර චන්දන කියන වෙන එකෙක් ගැන.
Deleteආ.. ඒක මිසක් !! :)
Deleteමාත් හිතුවේ මූ කියයි කියලා උන්ගේ හිරමන තලේ හදළා තියෙන්නේ පොඩි සඳකඬපහකනින්ය, ඒකේ ගාන පොල් බෑයක් ටැට්ටරේ පිටි පස්සෙ රෝදේ තරන් විසාලයිය කියලා බේගලයක් ඇදලා අරීය කියලා.
Delete:D
Delete//ඒ කාළයේ, බ්ලෙන්ඩර්, ග්‍රයින්ඩර්, මික්ෂර්, බීටර් තිබුනේ නැත. කොටින්ම, කුස්සියේ ප්ලග් පොයින්ට් එකක් වත් තිබුනේ නැත.//
ReplyDeleteදැං කාලේ කුස්සියේ පලග් පොයින්ට් එක පලග් වෙලා තියෙන්නේ ලෝක බැංකුවටය.. එක යෝදයෙක් ඕක ගලවන්න අමුඩ ගහගෙන එහෙම ලෑස්ති උනාය..
හැබෑටම මාතලන් ඌ කෝ.....
(දර මඩුවේ පොටෝ එක මාරම මාරය...)
ජය වේවා!!!
ආන් ඌට ඒ සී දෙකේ ප්ලග් ගලවන්න අමතක වෙලා. ලයිට් බිල ලක්ෂ අසූ හාරදාස් ගානක්ලු. මේ දවසවල ඌ බිසි නිසා අර ඉමිතියාස්ද මොකාද එකා දාලා තියෙන්නේ ප්ලග් ගලවන්න. ඌ ප්ලග් ගැලවිල්ල කෙසේ වෙතත්, මම දැක්කා රවුෆ් හකීම්ගේ මඩකලපු සරම ගලවනවා.
Deleteමටත් ඔය කියන ගෙදරට ගිහින් අර පොටෝවේ දාලා තියෙන දරමඩුවේ නිදාගන්ට හිතෙනවාය . :D
ReplyDeleteමට මතක් වුනේ ආච්චිලාගේ ගෙදර කුස්සිය , එකට ගියාමත් අමුතු පුසුඹක් නහයට දැනෙනවාය, දැන් ඒවාට ගියාම එයාර් ෆ්රෙශ්නර් සුවඳට ඔලුව රිදෙනවාය. සමහර කාම දුම් රහට පුදුම රසය, දැන් ඒවා සොසෝ රසය , මෙයා මේවා කියලා අපිට මඥඥාන් කරනවාය
හුටා කාම නෙවෙයි කෑම ... මල හත් ඉලව්වයි
Deleteඅඩේ මොකද්ද බං ඒ රහ. දුමේ තිව්වද ? !!!!!!!!!!
Deleteදෙතොල නොකී දේ - දෙනෙතේ ලියවෙනවා !!!
Delete++++++++
Deleteපලයව් යන්න අවලං හැත්ත
Deleteහෙහ්..හෙහ්....හෙහ්!
Deleteඅපේ බද්දෙගම ගෙදර කුරුඳු කපන සීසන් එකට මුළු කුස්සියම කුරුඳු සුවඳයි. කුරුඳු දර ලිප්බොක්කේ අඩුක් කරන නිසා. රබස් දර වලත් අමුතුම සුවඳක් තියෙන්නේ. අනුක තමයි මචෝ පස් කුළු බඩු අනන් මනන් ඔක්කෝම ගන්නේ ගලේ අඹරලනේ..
Deleteසමාවෙන්න ගලේ කිව්වේ. මිරිස් ගලේ..
Deleteඉස්සර අපේ ආච්චලයෙ අහා ලිප තිබුනේ කුස්සියේ බිමය. ලිප් දෙකක් තිබුනි.ඒ හා උඩින්ම තිබුනේ දුමයි.එහි වී ගෝණු ගොඩ ගසා තිබුණ බවත් මා කුඩා කාලයේ එහි ගිය විටෙක දුම අස්සේ සිට කළු ගැහුනු ගෝණි අතරින් මතු වී පැමිණි කළු පැහැති මහ මිනිසෙකු .“ ආහ් දෝණි දැන්ය ආවේ ?“ යැයි විමසූ අයුරුත් , බැඟිරි ගසා හූ තියා ඇඬු ඇඩිල්ල නිමා වූයේ ඉන් කිලෝමීටර් සීයකටත් එහා තිබුනු අපේ ගෙදරට පැමිණි පසුවය.ඉන් පසු තේරෙන වයසට පැමිණෙන තෙක්ම “ආච්චිලයෙ අහා යමු ද“ ඇසූවත් අඬන බව අම්මා පවසයි. දුමේ සිට ඇත්තේ සීයා බව පසු කාලයේ දි දැන ගත්තෙමි. දැන් සීයා දිව්‍යෙලා්කයේය. දුමක් හෝ බිම තිබූ ලිප් නැත. වී ගෛා්නු ද නැතිව ගොසිනි. නමුත් ඒ කුස්සියම නවීකරණය වී ඇත.........
ReplyDeleteපරණ මතක අතර ට ගෙන ගොස් අපව අතර මං කර පැනල යන විදිහෙ පෝස්ටුවක් ලීවාට තුතිය.
මම ආවේ දර මඩුවේ දර පැලිල්ලක් ගැන කතාවක් කියවන්නට ය. හේතුව නම් මෙය මාතලන් අයියාගේ බ්ලොගය බැවිනි.....
;)
වී ගෝනි තබන්නේ දුමේ නොව, දුමට උඩින් තිබෙන අටුවේය.
Deleteඔහේ විහරක් නෙමෙයි, සීයගේ මීයා දැකලත් කීප දෙන්ක්ට නූල් බඳින්න ඕන උනාය කියලා ඔහේලයි ආච්චි දවසක් කිව්වා.
Deleteඅම්මපා දර පලන කතාවක් ලිව්වේ නෑ තමයි කලෙකින්..
ඔළුවත් එක්ක කචල් වුණා අප්ප... ගං වල ඉන්න අපිට මොකටද දර මඩු... නැද්ද මං අහන්නෙ... අද ඉන්න ඈයො නං පොල් ගාන්න දන්නෑ කියන්නෙ...
ReplyDeleteපොල් වත්තක ඉන්න හංදද මංද පොල් ගාන්න කඩන්න විතරක් නෙවී පොල් අතු වියන්ටත් පුලුවං නෙව...
ගෑණු පාර්සවය මඩ ගහයිද මංද
ඔය ඔක්කෝම මටත් පුළුවන්. ආච්චි තමයි ඔක්කෝම ඉගැන්නුවේ. පොල් ගස් බඩගාන්නත් මාරයා මම ඒ කාළේ.
Deleteලියන්න ආව ටික නොලීවාට ලියා ඇති ටික ඉතා කදිමය.
ReplyDelete\\එවායේ ඉවුම් පිහුම් කළ විට, වස විශ ශරීර ගත වී, කැන්සර් හැදෙනා බව, ඒ කාළයේ තිබූ මතයයි.//
නවීන විජ්ජාවට අනුව මේ මතය දැන් සනාත වී හමාරය. එම නිසා මෙය දැන් එදා මතය පමණක් නොව මෙදාද මතය ය.
ඒ කාළේ මිනිස්සු විජ්ජාත්මක හේතුවක් නොදැන කියපු කතා බොහෝමයක් සහතික ඇත්ත.
Deleteබ්‍රිජ් එකේ භාවිතාව ගැන අපූරුවට ලියලා තිබුනේ යශෝරාවයේ.. කවුරුහරි එනකොට වීරසිංහ බ්‍රිජ් එක ඕන් කරන හැටියි, පිටිපස්සෙන් හොරෙන් ගෙනත් ඔරෙන්ජන් බාර්ලි පුරවන හැටියි ඒකෙ අපූරුවට තිබුනා මතකයි.
ReplyDeleteඇත්තටම දුම් පිරුනු කුස්සියක, වංගෙඩිය හරහා දාපු ලෑල්ලක් උඩට වෙලා, බත්තලාදට දාලා අනාගත්තු බත් ටිකක් කන්න අපේ පරම්පරාවට ලැබුනා. මම හිතන්නේ ඒ වාසනාව ලබපු අන්තිම කට්ටියත් අපිම වෙන්න ඇති.
අපේ සියලෑ ගෙදර හිරමන හැදුවේ හරි අමුතු ක්‍රමේකට. යකඩ මරන් කියන ගස් ජාතියෙ කරු බෙදුනු මහත ආත්තක් අරන් ඒකට තමා තලේ හයි කළේ. කරු ටික ගානට කපලා කකුල් හැටියට පාවිච්චි කළා. මට ඒක මැජික් එකක් ඒ දවස්වල.
මමත් ඔය ජාතියේ හිරමන දැකලා තියෙනවා, සමහර ගෙවල් වල.. ඇත්තටම මැජික්ම තමයි.
Deleteඉස් ඉස්සර වෙලා අම්මගෙන් උයන්න ඉගෙන ගත්තේ මාතෙ කියන ජාතියෙ මුලුතැන්ගෙයක...බිම වාඩි වෙලා තමයි එලවලු කැපුවෙ, පොල්ගෑවේ, මස් මාලු කැපුවෙ...ඌශා අයිස් පෙට්ටිත් සිසිල් වගේම ප්‍රචලිතයි...ලාම්පුතෙල් වලින් දුවන අයිස් පෙට්ටිත් තිබුනා...අපේ අම්මලටනම් තාම අයිස් පෙට්ටියෙ තිබිච්ච කෑම පරන කෑම....
ReplyDeleteඌෂා ආවේ පස්සෙ කාළෙක මට මතක විදියට. චෙෆ්ගෙ අම්මා නෙමෙයි මමත් කන්නේ නෑ බ්‍රිජ් එකේ දාපුවා..
Deleteතුං වේලටම උයාගෙන කෑමට හුරුවී සිටි අපේ ගැහැනුන් ඔය බ්‍රිජ් එක ආවාට පසු උදේ උයන කෑමම තුං වේලටම කන්න පුරුදු විය.
ReplyDeleteදාන වලට උයන අය වගේ සමහර අයට තාමත් ඔය ඕදිරිස් මේස ගැජට් එකට වඩා බංකු හිරමනය ශුවර් භාණ්ඩයකි.
අර උඩිං පින්තූරයේ සිටින්නිය දර මඩුවකද මස් මඩුවකද වැඩ කරන්නේ කියා සොයා බැලීම නොවටින්නේද? :D
තොපේ හිත් අවලං හිත් උනාට අපි මක් කොරන්නද. පේන්නේ නැද්ද යකෝ ඒ දර කොටන්ය කියලා.. නොදෝකින් වනචර හැත්ත..
Deleteඕනයා කිව්ව විදියට කරවල කෑල්ලක් ප්‍රච්චං කන්න ආසාවත් ආවා බොලේ..
ReplyDeleteඋඹ ඔළුවෙන් හිටගෙන කිව්වත් මේ ශෛලියෙත් උඹ කාාලකින් ලියල නැහැ..
ඒක කිව්වම මට රා තිබහක් ආවා !!
Deleteරා.........................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................
Deleteකොහොමත් උඹ පෝස්ට් කියවන්නේ නැතිව නේ කොමෙන්ට්ස් දාන්නේ. ඒ නිසා තමයි අවුල. නැතිව මේ මෑතකත් නැන්දම්මා ගැන ලිව්වා. සමහර උන් අඬලත් තිබුනා.
Deleteමොකක්ද බං හැමදාම මේ කියන මලදානේ..??
Deleteඑක්කෝ නොකිවම මොකක් හරි කොටන එක සැපයි වගේ.. ඇයි වදේ මේකා පලා බෙදන එකම නේ කරන්නේ..
මාතලංට හැලපයියා වැහිලා වගේ... මොකද්ද මේ පඳුර වටේ තැලිල්ල?
ReplyDeleteපඳුරු තලන මගේ ෆේවරිට්ලා දෙන්නෙක් තමයි හැලපයයි, රවියයි. උන් දෙන්නගෙයි, අරූගෙයි එකතුවක් මේක. රවියා මේවල කොමෙන්ට් එකක්වත් නොදාන එකයි මට තියෙන දුක. ඌ බිසි ඇති.
Deleteඋඹ ඔය දාලා තියෙන පින්තූරේ විදියට දර පලලා දෙන ගෑල්ලමයෙක් ඉන්න දර මඩුවක් තොරණ හන්දියයි පට්ටිය හන්දියයි අතරේ තිබුනා තමයි. දැන් නම් එයාට වයසත් ඇති නේද? මාතලංලා එහෙම දර ගේන්න යන වෙලාවට එතන ඒ දවස්වලන පාරේ ට්‍රැෆික් ජෑම් එකක් හැදෙනවා කියලා සිරිකත පත්තරේ තිබුනා.
ReplyDeleteඩුඩ් අයියාත් එතකොට "සිරිකත"පාඨකයෙක්ද...:D?
Deleteනෑ නෑ හෙන්‍රි අයියා සිරිකත ගන්නේ
Delete" සිරි යහනේ - නැහැ සහනේ " පිටුව බලන්ඩ !!!!
ඒ කාලෙනෙ ඉන්න තිබ්බෙ අපිත්. අවාසනාව තමයි. :(
Deleteමගේ යාලුවගේ මල්ලිට උගේ යාලුවෝ කාඩ් එකක් ගහලා තිබ්බා 'සිරිකත ඇදිල්ලක්' ගැන. මම හිතා හිටියේ මේක පට්ට කුණුහරපයක් වෙන්නැති කියලා. පස්සේ බැලින්නම් මූ කෙල්ල (දැන් ඌවම බැඳලා ළමයි දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්) බලන්න යන්නේ සිරිකත පත්තරේ ගෙනිහින් දෙන මුවාවෙන්. ඒකටයි සිරිකත අදිනවා කියලා තියෙන්නේ.
Deleteඅඩේ මමත් ලැබුනාම ඔය කොයි පත්තරෙත් කියවනවා. සමහර වෙලාවට කරවල ඔතාගෙන ආපු පත්තර කෑල්ලත් කියවනවා.
මට මතකයි. දර පලන්නේ පිරිමි උනාට ගෑණුත් දර පලන වෙලාවල් තියෙනවා. හැබයි ඒකට කියන්නේ දර පලනවා නෙමෙයි. පොල් ලෙලි ගහනවා කියලා..
Deleteකොයි අර මිල්ටන්ගේ ස්ටොරිය.එක මගෙන් නේද නතර කලේ.?
ReplyDeleteඔහොම කුස්සියක ඉදෙන බතක්,මාළුවක් වුනත් දෙන්නේ පුදුම රසක්.මේ ලගකදී අපේ කුස්සිය අලුතෙන් කඩලා හැදුවා.ඉඩක් නැතත් ආච්චි ගේ ඉල්ලීමට දුම් ලිපකුත් හැදුවා චිමිනි දාලා.නමුත් ආච්චිට ඒ ලිපේ වැඩි කාලයක් උයන්නනම් ලබුනේ නැහැ.
ඒකේ ලියන්න දෙයක් ඉතිරි කලේ නෑ නේ බන් කොමෙන්ට් දාපු උන්. උන් ලිව්වා ඉතිරි ටික. ඒකයි බොග් වල තියෙන සුන්දරත්වය.
Deleteමහා ගෙදර ගිය දවසට දුම වැදී වැදී කුස්සියේ ඉඳගෙන කණ බත් පිඟාන තරම් මෙලෝ දෙයක් රහ නැත! ඒ දුමේ ආනුභාවය විය යුතුය
ReplyDeleteදර දුමේ රස කාරක තියෙනවලු..... එක එක ගස්වල දර දාල ඉවුවාම එක එක රසවල් ලු එන්නෙ... කොහෙදෝ තිබිලා කියෙවුවා... තැන මතක නෑ....
Delete'මැගී' පොල්සම්බෝල රසකාරක පැකට්ටුවක් අරන් බලන්න 'කෘතිම දුම් රසකාරක' කියල ඇති 'අඩංගු දෑ' ලයිස්තුවේ.....
අර කිව්වා වගේ එක එක දර එක එක සුවඳයි. අද දුම් ගහලා කන කෑම හරි ජනප්‍රියයි නේ. උඹලා කාලා තියෙනවද දුම් ගහපු ඌරූ මස්. රහ ගැන කියන්න වච්න නෑ.
Deleteදැන් නම් අපි ආපහු යන්නේ , අර ඔයා කියන යුගයට , මොකද දැන් නම් අපේ ගෙදර දර ලිපක් අළුතින්, එළියෙන් හැදුව. මිරිස් ගලත් හැමදාම වැඩ..... ඇයිද දන්නවද....? current බිල ඉතුරු කරන්න.
ReplyDeleteමගේ තියෙන සිහිනයක් ඕක. පරණ කුස්සියක් හදන එක.
Deleteකියන්න කතා ගොඩයි එකක්වත් කියන්න බෑ මචෝ,අන්න අර දරමඩුව කොහෙද තියෙන්නෙ කියල විතරක් කියනවද,උඹට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෑ.
ReplyDeleteආ ඔයා එන්න ඕනේ නෑ, මමයි කලින් ඇහුවේ ඒක :D
Deleteනාකි විසේ ගෙටත් උසේ
Deleteහැලප මාමට ගිණි තපින්ට හිතිල වගේ !!!
Deleteමනමාලකොමකට ඇහුව නෙවේ යකෝ,දානෙත් ළඟ හින්ද රබර් දර යාරයක් දෙකක් ගන්නයි හෙව්වෙ.නොදකින් විතරක් මුංගේ තියන වල්කොම.
Deleteමේ පඩත්තල කසඩ කොල්ලොත් එක්ක වැදගත් දෙයක් වත් කතා කොරන්න බෑ බන්. මම ගෙදර එන වෙලාවක එතනින් දර හොන්ඩර බාගයක් විතර වන්ඩියේ දාගෙන එන්නම්. උඹ ඔතනට ගිහින් හැලපිත් එක්ක හිත් අමනාපකන් ඇති කර ගන්න ඕන නෑ නේ.
Deleteඅපේ මහගෙදරනං තාමත් දර ලිපේම උයනවාය.. දුං කවුළුත් තියෙනවාය.
ReplyDeleteකරකෝන හිරමනේට වඩා මටනං තාමත් සැටිස් ඔය බංකු හිරමනේමය.. ඒ හින්දා මේ ළගදී ලි මඩුවකට ගොහිං ලෑල්ලක් ඇන්න ඇවිත් බංකු කොටයක් හරිගස්සාගෙන.. හාඩ්වෙයාරයකින් සුපියල් හැත්තෑවක මිලදී ගත් හිරමං තලයක් එයට හයි කොරාන බංකු හිරමනයක් සාදා ගත්තෝය. බංකු හිරමනයක ඇති වඩාත් හොඳකමනං උවමනා පමණට සිහින්ව පොල් ටික ගා ගැනීමට ඇති හැකියාවය... කරකෝන හිරමනෙන් ගෑ පොල් මෙලෝ පෙනුමක් නැත.. කිරි මිරිකන්න ගියාම මල වදේය... සම්බෝලයක් හැදූ විට පොල් රැල් රැල්ය... මෙලෝ වැඩක් නැත...
වරක් කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයේදී පැවති පොල් ගෑමේ තරඟයකින් අංගනාවන් රැසක් පරදවා පොල් ගෑමේ සූරතාවය මා විසින් දිනා ගන්නා ලද බවත් ලියා තබම්හ...
ඔය ඇතිය.. කොමෙන්ටු උනත් දිග වැඩි උනාම කරදරය... :D
අපි දන්නව මල්ලි...ඔයා උයන විදියට ...... ගාන්නත් මාරයා බව.....
Deleteචෙප් මාරයාගේ මේ කොමෙන්ටුව මට බොහෝ රසවත්ය. චෙප් කියා කිව්වේ බල්ලෙක් වගේ එලවන්න නෙමේය. ගරු නම්බූ තියා කතා කොරන්න ඕනා නිසාය.
Deleteමල මගුලක්ය.....
ReplyDeleteසතියකට පස්සෙ ඔලුව ටිකක් නිදහස් වුයෙන් ලොක්කගෙ පෝස්ටුව කියවන්නට ආවේය....
දර කොටේ දැක්ක ගමන් උනේ මල !@#@! ක්ය ..... නැවත මොලේ.... වියවුල් වුනේය....
තව පැයකින් පමණ ...එක ලග දෙකක් නමා කියවා .... නැවත එමිය.........
//තව පැයකින් පමණ ...එක ලග දෙකක් නමා කියවා .... නැවත එමිය.........//
Deleteඇවිත් කාවහරි අල්ලගෙන හතර අතේ නෙලමිය.
අල්ලගන්න හරි හමන් එකෙක් නැහැ බං .....
Deleteඕ යේස් ..
Deleteදුවපල්ලා . . . නාලාගිරිය රා බීලා !!!
:) >>>> :)
Deleteදර කොටේ දැක්ක ගමන් ඉදන් මටත් කොයිල්ය
Deleteදර කොටේද? කොටේ පලන කොටේද? :)
Deleteමොකෝ බං . උඹ ඉන්න රටෙත් සෝවාන් පනති තියෙනවද...? එහෙම නැත්නම් කකා වගේ බනක් භාවනාවක් කරගෙන ඉන්න කල්පනා කළාද...?
Deleteගලේ අඹරා ගන්නා ලද සම්බෝලයක් කෑ කාලයක් මතක නැත. සිත බොහෝ අතිතයට රැගෙන ගිය ලිපියකි.
ReplyDeleteඔව් බං .... දැන් තියෙන ගල් වල ඇඹරුව ට ඉස්සර රසෙත් නැහැ මචෝ....
Deleteකෙන්ජි මාමෙ
Deleteදැං ගල් නෑ නොවැ.. බ්ලෙන්ඩර් ග්‍රයින්ඩර් නෙ.
තලේ පොඩ්ඩක් වැඩිපුර කැරකුනානං නවතින්නෙ කිරිහොදි වෙලා !!!!
This comment has been removed by the author.
Deleteඕ යේස් කෙන්ජි මාමෙ ආයෙ ආවා
Deleteමේල එව්වා බලන්ඩ පොඩ්ඩක් .
ok ... PM ...මල්ලියා..... thnx .... බැලුව... හරිය....
Deleteගලේ ඇඹරීම. මැසිමේ අඹරනවාට වඩා බොහෝ රසවත්ය කියා මටත් සිතෙනවය.
Deleteගල් පප්පලා...
Deleteපොඩිකාලෙ මහ ගෙදර ඉද්දි කෑවෙම ඒ මැටි කුස්සියට වෙලාය..බත් පිගාන අරං වං ගෙඩිය උඩ ඉදගන්න කොට ඔතනින් නැගිටලා වෙන තැනකින් වාඩි වෙයං කිව්වේය ...
ReplyDeleteඅපේ ගෙදර නම් වංගෙඩියේ වාඩි වෙන්න දෙන්නේම නැතිය. අදටත් තත්වය එසේය. ඒත් වංගෙඩිය ඉන්නේ එළියේය.
Deleteඅපේ ගෙදර නම් තාමත් දර වලින්ම උයතෙයි.අපි ගමේඈයො නොවැ.
ReplyDeleteඉස්සර අපේ ගෙදර කුස්සියේ ගල්වංගෙඩියත් තිබුනි.මාගේ ප්‍රියතම විනෝදාංශය ඕකෙ වාඩිවෙලා සිටීමය. අම්මාගෙන් බැනුංය.තොගෙ ලබ්බ බහිනවා කියාය.
එතකොට දැන් උඹේ ලබ්බ බැහැලද තියෙන්නේ....?
DeleteMachan Mama podi kale api hitiyeth Kabrallage waththata allapu waththe. (Dias unclelage gewalwalata eha gedara - Wijerama handiye sapaththu kade keruwe. Sisira , Lal, Athula kiyala ayyala wagayak innawa) A geta eha paththe hitiye Leebadu sappuwa karapu Ralahami uncle - Chandana ayyage thaththa)
ReplyDeleteDan mama inne Negombo. Api hitiye ara mathara mudalalige kade ekkama wage thibba gedarata pitipasse gedara.
Samaraweeralage Gedara?
DeleteNa machan api hitiye Pare eha paththe. ara thattu 2 gewal peliyata issaraha podi thappayak ekka thibba gedarata pitipasse.
Deleteethana unnea lansi pawulak, mata hariyata nama mathaka nea. puththu dennek hitiyaa. ekek western band ekaka drummer. oya waththea hitiyaa piyaa kiyala porak. thawa saman kiyalaa ekekuth hitiyaa. un artists la.
DeleteHariyatama kiwwoth machan mathara kadeta kalin kota thappayak thibba gedara (eke hitiye Dharmaloke miss kenek) anna a geta pitipasse thibba gedara. Nimalasiri kiyala ayya kenek hitiya miniha dan Italyda koheda inne anna a gedarata allapu gedara.
Deleteමම දන්නවා. අර ලන්සි පවුල් "ෂොක්මන්ස්ලා"
Deleteහැබැයි මචෝ සාමාන්‍ය ගෙවල් වල ගෙට යාබදව කණු හතරකට පොල් අතු සෙවිලි කරල යාලත්ත ද මොන මගුලක්ද කියල එකේ ඉව්ව නේද....
ReplyDeleteගම්වල නම් ගෙට යාබදව හොදින් පොල් අතු සෙවිලි කල කුස්සියක් තිබුන.....මැටි වලින්ද මන්ද සෙට් එකට (ස්ත්‍රීන්ගේ) පොඩ්ඩක් පහලට වෙන්න බැදල මිරිස් ගල තියන්න....
පිටි කොටන ලී වංගෙඩිය.... තව තල/වියලි බත් පොල් සමග දාල අග්ගල හදන්න කොටන අඩි දෙකක් විතර උස ගල්වන්ගෙඩිය .... අඩියක් පමණ උස කෑලි මිරිස් සහ ගම්මිරිස් කුඩු කරන ගල් වංගෙඩිය සහ යකඩ මෝල් ගහ.... &... කුරහන් ගල තිබුන චිමිනිය බැදපු කුස්සිවල....
අර දර ලිප් වලට උඩින් මැස්සක් වගේ තිබ්බ කරවල වගේ තියන්න මයෙ හිතේ...චිමිනිය තියෙන කුස්සිවල......
ඒ කුස්සි පාවිචි කලේ දවල් උයපු කෑම රත් කරන්නත්....රෑට පපඩම්.... බිත්තර ඔම්ලට් දාන්න වගෙයි මතක...
මට නම් පැට්ටෝල් මැක්ස් ... භුමි තෙල් ලිප් වලින් ආපු සුවදම ..රැජිනගේ රටේ ඉදල එවපු ...බුමි තෙල් පිච්චෙන සුවද එන බිරිජ් එහෙකුත් දැකල තියෙනව වගේ මතකයි බං ...
එල ලිපිය .... මතක පික්ෂු ...චිකන් පීකුදු කරනව ඕයි ....
එක එක පැතිවල එක එක නම් තියෙන්න ඇති. අපි නම් කිව්වේ කුස්සිය කියලා. තාත්තලගේ මහ ගෙදර, ගෙවල් දෙකක්. එකක් මහ ගෙදර අනික කුස්සි ගෙදර මහා ළොකු නෑ. ඒත් මහ ගෙදරින් භාගයක් විතර සයිස් කුස්සි ගෙදර.
Deleteකැබීස් එකේ හිස කේ රහිත ඒ මැදිවයසේ අග්ගිස්සේ ඉන්න පුද්ගලයා ඒ ආයතනය ශෝක් එකට රන් කරන්නේය. මිතුරෙක් සමග යාමට හොඳ තැනක් ලෙස රෙකමන්ඩ් කරමි.
ReplyDeleteලඟදී දිනෙක අපි එහිදි හමුවෙමු.
මම එන්නම්. ඒත් ඊයේ දින අපි කැළණියට සමු දුන්නා.
Deleteඅපේ කුස්සිය ඔය පරණ අලුත් මොඩල් දෙකේම මික්ස් එකක් . ඒ කිව්වේ අපේ ගෙදර තාම දර ලිප තියෙනවා. ගෑස් ලිප තිබුනට එක පාවිච්චි කරන්නේ හදිස්සි දෙයක් හදා ගන්න විතරයි. තාමත් රජ වෙලා ඉන්නේ දර ලිප තමා. මිරිස් ගලත් තිබුන වුනාට වැඩකට ගන්නේ නම් නෑ. ඇලුමීනියම් හට්ටි මුට්ටි එක්කම මැටි භාජනත් තියෙනවා. කියල තියෙනවා වගේම දර ලිප් තියෙන ප්‍රදේශය නම් කළුවට කලුවේ බැබලි බැබලි තියෙනවා. මාතලන්ගේ පොස්ට් එක කියෙව්වා ම එක පාරටම අපේ තාත්ත ගේ මහා ගෙදර තියෙන ඒ ඉපැරණි කුස්සිය මතක් උනා. මාතලන් කියල තියෙන විදියමයි. ඇරපු අතක් නෑ. කළුම කලුයි..
ReplyDeleteගමේ ගතියට කැමති ගොඩක් ගෙවල් ව්ල උඹ කිව්වා වගේ මේ කුස්සි දෙකම තියෙනවා.
Deleteඅපේ තාත්තලගේ මහගෙවල් දෙනියාය පැත්තේ.. එහේ තාම තියෙනවා ඔය ජාතියේ කුස්සියක්! හට්ටි මුට්ටි වළන් විතරක් නෙමෙයි බිත්තිය පවා කළුයි!
ReplyDeleteඒවා තමයි නියම කුස්සි. උඹට මතකද ඉස්සට ගමේ හෝටල් ඒවත් මෙහෙමමනේ.
Deleteගෙදර වත්තේ පොල් ගහෙන් කඩපු පොල් ගෙඩියකින් ගාලා මිරිකලා ගත්ත මිටිකිරි දාලා දර ලිපේ මැටි වළඳක උයපු පොලොස් මාලුවත් එක්ක මැටි මුට්ටියේ උයපු රතු කැකුළු බතක් .... අම්මගෙ අතින් උයපු! හ්ම්ම්ම්ම් ....ගෙදර දුවන්ට හිතෙනවා!
ReplyDeleteඅවුරුද්දට යන්න වෙනවනේ.. එරොප්පෙ නම් සොරි ඩොට් කොම්..
Deleteඇලුමිනියම් භාජන වල ආහාර පිසීම රජරට සය වයඹ ප්‍රදේශවල සම්පූර්නයෙන්ම නතර වෙලා දැන් කාලෙක ඉඳන් හේතුව වකුගඩු රෝගය බහල ලෙස පැතිරිමට එක සාධකයක් ඇලුමිනියම් භාජන බාවිතය.
ReplyDelete“පොල්ගහ යට කොටිය සීල් බෝතලේ“ කියග 70 දශකයේ ජනප්‍රිය චිත්‍රපටි සිංදුවක් තිබුණා මට මතක හැටියට සුනිල් පෙරේරා හෝ නිහාල් නෙල්සන් කියලු එකක් මොකක් හරි එකකින් ඔය සිංදුව තහනම් වුණා 80 න් පස්සේ එල්ටීටී එක නිසා.
ඩෙස්මන් කියනව නේද "රෝසපාට තොල්පෙතිවල පෙරෙන ආදරේ . . පොල්ගහ යට කොටිය ඉන්න මගේ බෝතලේ" වගේ වචන තියන සින්දුවක් ???
Deleteමටත් මතක ඩෙස්මන් ඩි සිල්වය කියන්නේ කියලා
Deleteරෝස පාට තොල් පෙති වල තියෙන ආදරේ.
පොල් ගහ යට කොටියා ඉන්න මගේ බෝතලේ
මගේ බෝතලේ...
මගේ ජීවිතේ..
(y)
ReplyDelete?
Deleteඔය කබ්රාල් ල කට්ටියක් කිරිබත්ගොඩ නුවර පාර ට මුහුණලා ලොකු ඉඩමක හිටිය....
ReplyDeleteකිරිබත්ගොඩ ටවුම පසු කොරල නුවර පැත්තට යද්දී දකුණු පස.....
කොල්ලො ටිකක් හිටිය...
කෙන්ජි අයියා ඔය කියන්නෙ කිරිබත්ගොඩ ඉස්පිරිතාලෙට හැරෙන පාරට ඉස්සරහ තියෙන ඉඩමද? කාර් සේල් එකක් තියෙන එකනෙ.
Deleteyeh .....
Deleteහ්ම් කිරිබත්ගොඩත් කබ්‍රාල්ලා සෙට් එකක් හිටියා තමයි. නස්කූනියෝ සෙට් එකක්. යූස්ඩ් කාර් සේල් එකකුත් තිබුනා තමයි. ඒ හරිය දැන් මාර දියුණුයි..
Deleteසිසිල් බ්‍රිජ් එකට වඩා ටිකක් ගාන අඩුවට ඌෂා එක ගන්න තිබුනා. ඔය් ෆැක්ටරිය තිබුනේ රත්මලානේ. ඒකේ වැඩ කරපු අපේ මාමා කෙනෙක් ඕකක් අඩුවට අරන් දෙන්න හැදුවා. අපේ ආච්චි කේන්තියෙන් ඇහුවා ඇඳුම් දාන්නද කියලා. ඒ කාලේ කෑම හොයා ගන්නෙත් බොහොම අමාරුවෙන්.
ReplyDeleteකුස්සියේ තිබුනු බොහොමයක් දේ දැව,යකඩ හෝ මැටි තමයි. මැටි කොරහ කියලා එකක් තිබුනා. පොල්කටු හැඳි එල්ලන්න පන් වලින් හදපු එල්ලන භාන්ඩයක් තිබුනා.
කලුගල්...වංගෙඩිය, මිරිස්ගල, කුරහන් ගල (ඕකේ තමයි මුං ඇට බැදලා කුඩුකරගන්නේ අවුරුද්දට )
ලී...හිරමණය,මෝල්ගහ (ගෙවෙනවාට යකඩ පතුරක් ගහලා තිබුනෙ )පිටි කොටන්න ලී වංගෙඩි
පන් වට්ටි,පන් මළු ඇරෙන්න ප්ලාස්ටික් තිබුනේ නැහැ.
කුල්ල, පෙනේරය බට පොතු වලින් හදලා තිබුනේ. කුල්ල ඉක්මනට දිරාපත්වෙන නිසා ගැට බෙලි තම්බලා ඒ නානු වලින් රෙද්දක් අලවනවා කුල්ලට පිටින්. වේලුනාම ලේසියෙන් ගලවන්න බැහැ. ලී පිඟන් රාක්කේ උඩ පොඩි කානුවක් වගේ තිබුනා..ඒකේ තමයි තෙල් බෙහෙත් කුප්පි තියන්නේ. මැටි කළයට තමයි වතුර ගෙනාවේ. පුවක් අත්තෙන් ගන්නා කොටසක් උඩ තමයි කලේ තිබ්බේ.
දර ලිපට උඩින් දුම් මැස්ස..ඒකේ තමයි දර,හනසු,පොල්පිති අඩුක් කලේ..ඕකෙ උඩ තමයි ගොරක මුට්ටිය, ඔය කරවල උම්බලකඩ ටිකක් තිබ්බේ. ලුනු පොල්කට්ටයි, මුට්ටියයි ලිප අයිනේ..
පස්සේ පස්සේ දහයියා. ලී කුඩු ලිප් හදාගත්තා. පස්සේ බූමිතෙල් ලිප ආවා. ඕකට භූමිතෙල් පුරවන්න වීදුරු බූලියක් වගේ එකක් තිබුනා. පස්සේ පොඩි පෙට්ටියක් වගේ භූමිතෙල් අවන් එකක් ආවා පොඩි කේක් එකක් හදාගන්න. බෙලින් තමයි බ්‍රෑන්ඩ් නම. මම දැකලා තියෙනවා භූමිතෙල් ෆ්‍රිජ්.
මුලින්ම අම්මලා කිව්වේ දර ඉවරයි කියලා...ඊට පස්සේ භූමිතෙල් ඉවරයි...දැන් ගෑස් ඉවරයි...අද හෙට බිල නොගෙව හිටියොත් කරන්ට් ඉවරයි කියයි.
උඹ දන්නවාද නෙළුම් උළු මෝල ගෝනවල...අපේ කෙනාගේ සීයා කෙනෙක්/
මචන් නෙරංජ ... නෙළුම් උළු මෝල අයිති අයට පොල් ඉඩමක් තිබුනද බංගදෙනිය පල්ලම පැත්තෙ ....?
Delete@ කෙන්ජි..හැම තැනම දේපොල තිබුනාලු මචං. වාසගම...පොත්මිටියගේ.
Deletethnx ... මචෝ.... මං තාත්තාගෙන් අහල බලන්නං ....
Deleteපොල්කටු හැඳි එල්ලන්න පන් වලින් හදපු එල්ලන භාන්ඩයක් = හැඳි අලුව
Deleteමෝල්ගහ (ගෙවෙනවාට යකඩ පතුරක් ගහලා තිබුනෙ ) = විල්ල
පුවක් අත්තෙන් ගන්නා කොටසක් = කොළපත
එහෙම නේද අරූ ?
බොහොම ස්තූතියි චන්දන......මතක් කර්‍ර පැයක් විතර. ඔළුවට ආවෙම නැහැ.
Delete71 දී අම්මා ගත්ත ඌෂා 'බ්‍රිජ්' එකට අවුරුදු හතරකට කලින් පැන්ෂන් දුන්නා. තව දිව්වනං ගෙදර ලයිට් කපනවා බිල ගෙවාගන්ට බැරුව! ඔය භූමිතෙල් කුකර් ජාතිය 'ඩයමන්ඩ්'. රෂ්මි කියලා අවන් ජාතියකුත් තිබුනා. කේක් භූමිතෙල් රහ උනත් ඇදලා අරිනවා කුඩක් වත් හොයාගන්ට බැරිවෙන්ට. අම්මා හෝම් සයන්ස් ටීචර් හින්දා ලෙසන් ප්‍රැක්ටිස් ඔක්කොම ගෙදර. අපි තමයි අනං මනං හදන්ට අල්ලගන්නේ. :-)
Deleteවාසගම...පොත්මිටියගේ.////
Deleteඈ .... පොත් පිටිය ගේ (මව ගේ )
බ්ලොග් කෙරුවාවේ තියෙන සුන්දර බවතමයි මේක. සමහර වෙලාවට පෝස්ට් එලට වඩා රසයි කොමෙන්ට් එක.
Deleteමේකට තව වංගෙඩිය, මෝල්ගහ, කුරහන් ගල කුල්ල, හෙමත් එකතු වුනා නම්... කොහොම වුණත් දර ලිපක මැටි වළඳක ඉදෙන කිරි හොද්දක , පොලොස් ඇඹුලක, කොස් ගැට කළුපොල් මාළුවක, මාළු ඇඹුල් තියලක රස නන්ස්ටික්, ඇළුමිනියම් සාස්පාන් වල උයලා ගන්න පුළුවන්ද? එලොවටත් නැති මෙලොවටත් නැති නවීන තාක්ෂණික උපකරණ වලින් අපේ අක්කලාගේ නැන්දලාගේ ශරීර ෂේප් අවුට් වුණා විතරයි. ගමේ කුස්සියේ තිබුණ මිරිස් ගලින් ඇඹරීමෙන් වංගෙඩියේ වී, හාල් කෙටීමෙන් කාන්තා සිරුරට අවශ්‍ය ව්‍යායාම ලැබුණා. සිරුර හැඩ ගන්වන්න ජිම් ගාටන්න ඕන වුනේ නැ.
ReplyDeleteසහතික ඇත්ත. ඒත් ඉතින් මැෂින් තියෙද්දී දාඩිය දාගෙන මැරෙණ එකත් බොරු වැඩක්. හැබයි දාඩිය දාගන්න ඕන නම් ජිම් යනවට වඩා මේ දෙවල් කරන එක හැම අතින්ම හොඳයි.
Deleteහැලපයියගෙ ලෙඩේ හැදිල. පදුර වටේ තලල එද්දි කතාව නැහැ ;)
ReplyDeleteඒත් මෙතන අපූරු මතකයක් තියෙනව කියල නොදැනුනා නෙවේ බං.
මේහෙම ලියවෙන කොට නම් හිතෙනවා මහා පොත් ලියන එකත් කජ්ජක් නෙමෙයි කියලා.
Deleteඉතිරි කොටස කියවලම එහෙනම් කොමෙන්ටුවක් දාන්නම්කො
ReplyDeleteහා ඉස්සෙල්ල මේක කියවලා හිටහන්කෝ නිකං කෙප්ප කෙලින්නේ නැතුව
Deleteඒකනෙ ඉවාන .... මූ දැන් අමු කම්මැලිය වෙලා...
Deleteඕ යේස් !!! අපි හරි ආසයි උඹේ කමෙන්ට් කියවන්න..අනේ කොහොමහරි දාපං ඈ..අපි බලං ඉන්නවා..ඔන්න වරද්දන්න එපා..
Deleteඌ මේ දවස් වල බදින්න එකියෙක් හොයනව ....
Deleteඉස්සෙල්ලා කියහන් මේක කියෙව්වද කියලා....
Deleteමොකෝ කට්ටියට 'ෆ්‍රිජ්' කියල ලියන්න බැරි ?
ReplyDeleteගමේ කම කියන්නේ ඒකයි. කවදාවත් ඇඩප්ටර් කියලා කියන්නේ නෑ නේ. කියන්නෙම ඇඩප්පරේ කියලා..
Deleteපොඩිම කබ්බා අපි වරායට ආ කාලෙ ඒකෙ සී එම් යු එකට බැහැගෙන වැඩ කලා මතකයි.. කබ්බා කියලා අපි ආදරේට කිව්වෙ. අපිට බොහොම දේවල් ගැන ඉගැන්නුවා කබ්බා. පස්සෙ විශ්‍රාම ගියා. දරුවන් නිසා දුකෙන් කාලෙ ගතකලේ.. පව් කබ්බා. මාතලන් දන්නවත් ඇති..
ReplyDeleteMachan porage podi eka tikak amuthu dial ekak ne. Loku ekanan (ara usa hadaya) gal andek. Issara unge ge issaraha thibba podi cottage ekak wage resturant ekak. Ammapa eke koththuwe raha thama danenawa wage. Unge amma unta katha karanne Ayya malli kiyala. Hapoi a kale thama jeewithe athalma kale.
Delete@ සරා
Deleteකොල්ලො දෙන්නම් මගේ යාළුවෝ. උන් ඒ මිනිසුන්ගේ ජීවිත විනාශ කළා. ළොකු එකානම් දැන් ටිකක් ගොඩ වගේ.
@ ඇනෝ
ඒක තමයි දැම් කැබීස් කියලා තඩි රෙස්ටුරන්ට් එකක් තියෙන්නේ.
අපේ අම්මගේ ගම මතක් වෙනවා
ReplyDeleteමතකයන් ඔබේ සිතේ දරාගෙන....
Deleteපර කුස්සියක් , දරලිප් තියෙන , වංගෙඩිය + මෝල්ගහ , බිත්තියට හේත්තුකල හිරමනය. දැලිපාට වෙච්ච බිත්ති එහෙම. ඒ උනත් ඔයවාගෙ දරලිප්වල උයන පොලොස් මාලුව එහෙම හරි රසයිනෙ.එහෙම උයන අපි දන්න කෙනෙක් පොලොස් මාලුව හදාගෙන එනව හරිම රසයි.
ReplyDeleteදැන් ගෑණු ළමයි වාසනාවන්තයි. ගෑස් ලිප තියෙනව . පොල් කිරි පැකට්, සුපර් මර්කට් එකකට ගියාම පොල් ගෙඩි දෙක තුනක් ගාවගෙන එන්න පුලුවන්. හැබැයි ඉතින් පහසුකම් සමග ලෙඩත් හැදෙනවා බොහොම ඉක්මනට ...
අපේ ආච්චිලගේ ජැනරේසොන් එක නෙමෙයි අම්මලට තිබුනේ. අම්මලගේ ජැනරේසොන් එකේ ඒවා වයිෆ් ගාව නෑ. කොහොම හරි ඔක්කෝම නම්බර් වන් කුක්ස්ලා. ලේලි කොහොම වෙයිද දන්නේ නෑ..
Deleteපරිනාමය කියන්නේ මේ දේ නේද...?
අපුරු ලිපියක්නේ. බොහොම සමීප අත්දැකීම්. හොරට තෙත දර විකුණනවා කියල බනිනවා තමයි ඒ කාලේ . රබර් ලීය දැන් නම් ගෘහ භාණ්ඩ හදන්නත් ගන්නවා වුනත් ඒ කාලේ නම් දරට විතරමද කොහෙද පාවිච්චි කලේ . අපි හුඟක් ලොකු වෙනකම් හිටියේ කුලී ගෙදරක. ලොකු පොල් වත්තක් මැද්දේ . දර සල්ලි වලට ගත්තෙම නැති තරම් .හැබැයි පොල් පිති , හනසු ,පොල්කොළ පත්තු කලහම දුම වැඩියි. ඒකනේ මදුරුවෝ එලවන්න කබලක පොල් ලෙලි පත්තු කරලා කජු ලෙලි දාල දුම් ගස්සන්නේ . වෙන දර ජාති වලින් ඉව්ව වුනත් ලිප අවුලව ගන්න පොල් කොළ ටිකක් හනසු කෑල්ලක් නැතුවම බැහැනේ .ඔය ලිප පත්තු කරන වැඩේ ටිකක් දෙකේ පන්තියේ වැඩක්. හොදි ඒදනවා කියන්නේ ඉවිල්ලේ පස්ට් ක්ලාස් ජොබ් එකක්. මම වගේ නංගිලාට හම්බ වෙන්නේ පොල් ගාන , හාල් ගරන මැල්ලුමට කොළ අහුලන ලිප පත්තු කරන වගේ දෙකයි පනහේ වැඩ . හොද්දක් බතක් උයන ගානට ප්‍රමෝට් වෙන්නම බැරි වුනා . අපේ අක්කණ්ඩි තමා ඒවාට හපනි . අම්ම නැති වෙලාවට එයා තමා ලොක්කි. හරියන්නේ නැහැ පෝස්ට් එකක් ලියන්න වෙයි මෙතන ඔක්කොම කියන්න .
ReplyDeleteහැත්තෑවේ ඉඳන් මේ වෙද්දී හුඟක් දේවල් වෙනස් වුනේ හරිම වේගයෙන්. ඒ හින්දා අපිට ලොකු පරාසයක අත්දැකීම් ලැබුණ . අපේ අක්ක නම් තවම පෝරණුවක්එක්ක දර ලිපක් පාවිච්චි කරනවා . උදේ මහා පාන්දරත් ඔය ලිපේ එකක් වත් උයා ගත්තේ නැත්තන් කෑවේ නැහැ වගේ තමයි. මමත් මේසේ හයි කරන හිරමනයක් ගෙනත් තියෙන්නේ . සතියකට වරක් පොල් ගෙඩියක් විතර ගාල ෆ්‍රිජ් ..[සොරි බ්‍රිජ් ] එකේ තියාගන්නවා . හැමදාම හිරමනේ හයි කරන්නයි ගලවන්නයි මල වදේ නිසා.
මෙහෙ මාකට් වල පොල් ගාල තියෙනව . ගන්න හිතෙන්නේ නැහැ . පොල් ගොඩ අනික් පැත්තේ ඌරු මස් ගොඩවල් .
හිරමනේ නම් මගේ මෙහෙ ඉන්න අනික් රටවල යාලුවන්ට මැජික් . මම මෙහෙන් යද්දී කාට හරි දීලා එන්නයි හිතා ඉන්නේ .ලියන්න දේ ගොඩයි .ඔය මදැයි
බින්දි....පෝස්ට් එකක් ලියන්න.
Deleteපෝස්ට් එකක් ලියන්න බින්දි.. රහ උතුරයි.. හිරමනේ නම් දීලා ආවට කමක් නෑ.. එනකොට මට ඌරූ මස් ටිකක් ගෙනාවනම් ඒ ඇති. මගේ ප්‍රියතම කෑම.
Deleteඔය චිමිනිය මට පුංචි කාලෙ පෙනුනෙ වහල උඩ තියෙන තවත් පුංචි ගෙයක් විදියට...සමහර වෙලාවට නෑඹිලියත් කළුයි යම් ප්‍රමාණයකට... ලිපේ තියෙන හොද්ද වහනවනෙ ඒකෙන්... අපේ අත්තම්ම නම් එහෙම කළා... නෑඹිලිය පතුලෙ ලිපේ තියෙන හට්ටියේ කට ප්‍රමාණය ඉතුරු වෙද්දි ඉතුරු ටික කළුයි...
ReplyDeleteඅපේ අත්තම්මලහ තිබ්බෙත් ඔය පින්තූරෙ තියෙනව වගේ හිරමණයක්... හැබැයි බෙල්ල ඔයිට උසයි... සීයා හදලා තිබ්බෙ... කුස්සියේ පොඩි බංකු කෑල්ලක් තිබ්බත් බොහෝ වෙලාවට එළවළු කපන්න ඉඳ ගත්තෙ හිරමනේ උඩ... බිම වට්ටියක් තියාගෙන, ඒක උඩ මන්න පිහිය පයට පාගගෙන තමයි එළවළු, පළා, කරවල කැපුවෙ...
ඔය පිඟන් කෝප්ප තියන්න තිබුණු වට්නට් එකක් තිබ්බා අපේ ගෙදර... වචනෙ හරිද මන්දා, අපි කිව්වෙ එහෙම... සමහරු සයි බෝට්ටුව කියන්නෙත් ඕකටද...? අපේ ගෙදරත් අම්මා කෑම බෙදුවෙ පිඟන් වලට... තාත්තට ඉස්සෙල්ලම... ඊට පස්සෙ අපට... අන්තිමට අම්මට...
අපේ අත්තම්මගෙ කුස්සිය ගෙයින් පිට තිබ්බ මැටි කුස්සියක් නිසා ඒකට යන්නෙ කුප්පි ලාම්පුවක් පත්තු කරගෙන.... ලිප් දෙක තිබුනු හරිය හරිම අඳුරුයි... ඇණ තියාගෙන උයන්නෙ ලිප් බැඳලා තිබ්බෙ බිම නිසා...
@ මියුරු....සයි බෝට්ටුව කියලත් තිබුනා. වට්නට් කියලත් තිබුනා. ඔයා දන්නවාද වට්නට් කිව්වේ ඇත්තටම what-not කියන කබඩ් එකට.
Deleteතාත්තා ගෙදර නැතිවුනත් එයාට බත් බෙදලා අයින් කරලා තමයි අනිත් අයට බෙදන්නේ. අම්මා අන්තිමට. අපේ අම්මා එක කාලයක් පිඟන් 14ක් බෙදුවා කුස්සියේ බිම තියාගෙන එක වේලකට.
එතකොට ඒ දෙවර්ගයක්ද... අර වට්නට් (වට්-නොට්) එකට එහෙම කිව්වෙ ඇයි කියලා දන්නවද අරූ...
Deleteඅම්මෝ... බත් පිඟන් 14 ක්... අපේ අත්තම්මත් ඔහොම බෙදනවා කුස්සියේ බිම තියාගෙන අවුරුදු කාලෙට... මාමලා ගෙදර එන්නෙ යාළුවොත් පිරිවරාගෙනනෙ... ස්තුතියි අරූ...
අපේ ගේ පිටිපස්සෙ වෙල. අනික් උන් සරුංගල් උඩ යවා ගන්න මාර පරිප්පුවක් කන්නේ. මම කරන්නේ නගිනවා චිමිනිය උඩට. මල්ලි යනවා සරුංගලෙත් අල්ලගෙන වෙලේ කෙලවරට. ඒක පාරයි අදින්නේ බඩු උඩ. අනික් උන් සෙල්ලම් ගොඩක් දාලා තමයි සරුංගලේ උඩට ගන්නේ. දුක හිතුනම සමහර උන්ගේ ඒවත් ඒ විදියට උඩට යවලා දෙනවා. සරුංගලේටත් වඩා ආඩමබරෙන් මම චිමිනිය උඩ ඉන්නේ ඒ වෙලාවට.
Delete@ මියුරු...වට්නොට් වුනේ කියලා මම කියන්න දන්නේ නැහැ. හැබැයි එංගලන්තෙත් තිබුනා කියලා මෙහෙ ඉන්න වයසක අපේ කෙනෙක් කිව්වා ඔය පරණ බඩු ගැන කතාවෙද්දි මීට කාලෙකට පෙර.
Deleteපිඟන් 14 දිනපත බොහෝ කාලයක් සිද්ධ වුනා.
මියුරු අරූගේ වත්මන් යුගාන්තය කියවන්නේ නැතෙයි.. දැනට බ්ලොග් ළෝකේ හොඳම බ්ලොග් එක...
Deleteකියවනවා නේන්නම් මාතලන්... මුල ඉඳලම කියෙව්වා... ආයෙ කියන්න දෙයක් නෑ...
Deleteනෑ අර පිඟන් 14 ගැන අහපු නිසා නිකමට ඇහැව්වේ...
Deleteඒක එහෙම කියනකොට පැත්ත පළාතක් වහ ගත්තු පිඟන් විමානයක් වගේ මැවිලා පෙනුනු නිසා එහෙම ලියැවුනා ... :D
Deleteහැමදාම පාටියක් තීලා තියෙන්නේ...
Delete