.

.

Nov 25, 2012

ගණිකා වෘත්තිය, නීතීගත කිරීම (අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි.) - Legal Prostitution (Strictly for Adults)



"ඝෝඨාස් වෝ" ලියපු, අදීන මාද්දියවේදියෙක් වන, "සී ඒ චන්දරප්‍රේම" මහත්තයා "කොළ පාට සමජය" කියලා පොතක් ලිව්වේය. ඒකේ තිබුනේ ගණිකා වෘත්තිය නීතීගත කළ යුතුය කියලාය. අපේ උන් ඒ මහත්තයා මරාගෙන කෑවේය. ඒ උන්ගේ නෑදෑයින්ගේ පස්සෙන් (UNP) ඒවා කොරන නිසාය. එයාව මරාගෙන කන්න හදපු දේශප්ප්‍රේමීයෝ, අද ඊටත් වඩා හොඳට ඒවා කොරන නිසා, අද ඒ මහත්තයා පොත් ලියන්නේ නිල් පාට රතු පාට කස්ටියටය. ඒ කාළේ එවා කතා කොරාට අද ඒවා කතා නොකරන්නේ නීතීගත කොරත් එකයි නොකරත් එකයි වගේ හින්දාද කියන්න දන්නේ නැතිය.

එයා ඒවා කතා කොරාට පස්සේ, ආයෙත් කතා කොරන්න පටන් ගත්තේ කොළඹ නගර සභාවේ එකෙක්ය. ඌට එච්චර බැකපි එකක් හම්බ උනේ නැති උනත්, ආයෙත් කොහෙද එකෙක් කෑ ගහලා තිබුනේය. එයාටනම් පිස්සුය, එක්කෝ කෙලපු තැනින් බිලක් ගෙනත්, ඒකත් පලා බබගෙන් ක්ලේම් කොරන මොත්තේ වැඩක් විය යුතුය. නැතිනම් ඉතින් ඕවාවල ඉන්න උන්ට ගුබ්බෑයම් අස්සේ රිංගන්න ඕනෑ නැතිය. ටෙලි කෑල්ලක් සෙට් කොර ගත්තා නම් උන්නැහෙත් පොරක්ය, නිලියටත් අම්බ මාකට් එකක්ය. සහතිකෙන්ම කට්ට කයිරාටික ගේමක්ය. නැතිනම් ආන්ඩුවේ උන්ට නිකන් බඩු ගහන හැටි ඊයේ පොලීසියට ආපු එකෙක්ගෙන් ඇහුවානම් කියලා දෙයිය.

තවත් නීතී ගත කොරන්න දෙයක් නැතිය. මුලු ධර්මද්වීපයේම තියෙනවාය. එක්කෝ හෝටල්වලය, නැත්නම් රෙට්ටවුස් වලය, එහෙම නැත්නම් ලොජ් වලය, සමහර අය, ගෙවල් වල ඉඳන් සොයන් රැකියාවක් හැටියට කොරනවාය, සමහර අය, නවීන විදියට ජංගම සේවයත් තියෙනවාය. ඒ නැත්නම් බස් හෝල්ට් වලත් ඉන්නවාය, පාර අයිනේත් ඉන්නවාය. පබ්ලික් ටොයිලට් ළඟත් ඉන්නවාය. හැමතැනමය. ඒ නැතත් අලුත්ම ඉට්ටයිල් එක "ඉස්පා" ය. කරන "ඉස්පා" එකක් නැත්තේය. තෙල් සාත්තු, ක්ෂීරෝධාර, පංච කර්ම, ඉසකුඩිච්චි අනන් මනන් මුකුත් නැතිය, බෝඩ් එකෙස් "ඉස්පා" කියා ගහලා, තෙල මන්ද මෝරපු උන්ගේ හෙඩ් එකෙන් ඉස්ම ටික පිට පනිනකන් මසාජ් එකක් දමා, ටිශූ එකෙන් පිහා, තෙල් මන්දෙ අඩු කොරණවාය. ඉතින් කොල්ලෝ මේවාට යනවාය. ඒ ව්දියට හෙඩ් එකට මසාජ් එකක් දාගන්න බැරි එකා, අනිත් හෙඩ් එකට මසාජ් එකක් සැළුන් එකෙන් දා, දැන්නම් ඔළුව පුළුන් වගේ කියා ගෙදර යනවාය.

සමහර උන්ට එහෙම හරියන්නේ නැතිය, උන් කොරන්නේ ගෙවල් වල ඉන්න නාකී ගෑණුන්ට කෙලිනවාය, නැත්නම් ඉස්කෝල ලමයෙක් උස්සන් කැළේ රිංගනවාය, ඒ මුකුත්ම නැත්නම් අවුරුදු 6-7 මිණිබිරීට හරි කෙලිනවාය. ඒ අපේ සිස්ටාචාරේය, සගිස්කුරුතේය, අපි ඒවා රැක ගන්න ඕනෑය. ඔය සුද්දො වගේ මෙහෙත් ලීගල් කොරන්න කියන්නේ, ලියන්නේ, ඇන් ජී ඕ (NGO) වලින් ජිල් බෝල ගහන්න සල්ලි ගත්ත උන්ය. ඩොලර් වලට, අපේ කම නැති කරන මූසලයෝය. මුන්ට ඕනෑ, අපේ කුල සිරිත් විරිත් මකලා දාන්නය.

අර උඩින් කියපු තැන්වලින්, කොන්ඩෙ කපන තැනට ඇර, අනිත් හැම තැනටම කොස්සෝ කඩා පනිනවාය. ඔය ඉඳ හිටලා අතන වැටලුවා මෙතන වැටලුවා කියන්නේ ඒ වෙලාවටය, කොස්සන්ට බඩුවක් දුන්නේ නැති උනාමය එහෙමය. නැත්නම් අලුතෙන් ආපු ගමන් පොඩි සත්තමක් දාලා "අඩෝව්... මගෙත් එක්ක ඒවා බෑ..." කියන්න වගේය. ඒ උනාට, පස්සේ නඩුවක් බැලෙව්වාම ලොක්කා ඇඹරෙණවාය. එහෙම නැත්නම්, පොලිස් බල ප්‍රදේශය නියෝජනය කරන දියවන්නාවේ ලයිසන් චන්ඩියා, ටැලිපෝන් එකෙන් පොඩි සත්තමක් දානවාය. මොකෝ පොලිටික්කන්ටත් මේක නම්බර් වන් "අදර් ඉන්කම්" එකක්ය. පොලෝසියටත් එහෙමය, කෑම, බීම, ලෑම, ඔක්කෝම මේවා වලින් හම්බ වෙනවාය. එහෙම එකේ මේවා ලීගල් කලොත් මුන්ට කෙලවෙනවාය. ඒ නිසා පේස් බුක් එකේ, මේක හොඳයි කියන උන්ගේ, අම්මලා අක්කලා නංගිලා, හාමිනේලා, දූලා ඒවාට දාන්නෙයි කියනවාය. විහිළුවටත් එහෙම දාන්න එපාය. ඒ කියන්නේ ඒවාටත් කෙලින්නය.

අනිත් එක ,අපේ ලැජ්ජා බයට හැදිච්ච ගෑණු අයත් මේවාට විරුද්ධය. ඒ මොකෝ බස් එකේ කෝච්චියේ ජැක් එකක් ගහන්න එකෙක් නැතුවෙනවාය. සමහර උන් ජැක් ගහලා නිකන් ඉන්නේ නැත, ගයිනෝකොලොජිස්ලා වගේ පරීස්සනත් කොරනවාය. නොමිලේ මසාජ් දෙනවාය. එතකොට ඒ ආතල් නැති වෙනවාය. හදිසියකදි අඟ පසඟ මිරික ගන්න එකෙක් නැති වෙනවාය. පොඩි උන්ටත්, බස් එකේ යනකොට, මේ සාර දර්ම කියාදෙන එයාලා, බස් එකේ, කෝච්ච්යේ, ගෝල්පේස් එකේ, ගල්කිස්සේ, ගල් අස්සේ, ලැජ්ජා බිමින් තියන එක ඇර අනික් ඔක්කෝම කරනවාය. කෙල්ලන්ටත් වඩා ආතල ගන්නේ අම්මාවරුය. ඉතින්, අපි ඒ අයට අම්මාවරුන්ගේ දානෙත් දෙනවාය. ගෙදරට වෙලා නාන්නේ නැතුව දැලි පිටින් නාවර පෙරාගෙන ඉන්න බැරිවෙනවාය, බීලා ආවම ඩිමාන්ඩ් කොරන්න දෙයක් නැති වෙනවාය. ඒ නිසා ඒ ගොල්ලෝත් එක පයින් නොව දෙපයින්ම මේවාට විරුද්ධය.

පන්සලේ අයත් එහෙමය, උතුම් වූ නිර්වානය දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන්, මස්, තන් දෙන (සමාවන්න මස් දන් දෙන යන අයුරින් නිවැරදි විය යුතුය.) අම්බපාලියෝ පන්සල පැත්ත පලාතේ එන්නේ නැතුව යනවාය. මොකෝ, උන්ට මේවා දන් දෙන්වාට වඩා, වෙනෙ උන්ට විකුනා, කීයක් හරි හොයාගන්න පුළුවන් වෙන නිසාය. එතකොට වෙන්නේ, හාන්දුරුවන්ගේ ආනමාළු කෝලිකුට්ටු නිකන්ම පර වෙලා යන එකය. අනික මේක ලීගලයිස් කරොත් පන්සලේ කොල්ලොත් පන්සලෙන් පැනලා ගිහින් සුද්දෝ එක්ක යනවාය.

ඒ නිසා අපි මේවගේ පිච්චු යෝජනාවලට බොක්කෙන්ම විරුද්ධ විය යුතුය. මොකෝ අපේ "සිස්ටාචාරේ", "සබ්බයත්තෙ", "සගිස්කුරුතිය", "පතිවත", "පාරිසුද්දබාවය", "අබිමානය", "බෞමික අන්ඩවාතය", "ඒකියබාවය", අරක, මේක, ඔක්කෝම, ඊට වඩා වටින නිසාය. අනික මෙවට පස්ස පාත උනොත් ඇඟ විකුනන් කන එකාගෙන්, තමන්ගේ පවුල් වලට කන්න අඳින්න දෙන, දේශප්ප්‍රේමියෝන්ට කෙල වෙලා යනවාය. එතකොට එයාලාගේ ආදායම් අඩු වෙනවාය. එතකොට, ඒක හොයන්න ආයෙත් අපෙන් බදු හගනවාය. ඒ නිසා මේ මලදානවල් කතා නොකර. ඔහේලා ඕන එකකට ඔබා ගත්තාට, මට අවුලක් නැතිය, රේප් බැරිනම්, ගහලා අහක වෙලා, මරලා දැම්මත් මට අවුලක් නැතිය. සල්ලි ගෙවලා එලියට ගන්න, කුණු ජරාව කන කාක්කන්ගේ පාට තියෙන, ටයි, කෝට්, කලසන්, ඇඳපු වැදගත් මහත්තුරු වගයක්, උසාවී ගාව පොරකනවාය. ඊට පස්සේ ටික දවසකින්, තව එකක් ගසා, අර ප්‍රාදේශිය සභාවේ සත් ගුණවත් මැති සඳගේ, රැකෝඩ් එක කඩා, ගීනස් එකෙත් නම ලියවා ගත හැකිය...........

ඒ වගත් මෙසේය....

197 comments:

  1. බන්දුල ගුනවර්දන වගේ කෙනෙක්ගේ රාජකාරියක් නේද මේ පලා බබා බාර ගෙන තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. නෑ මේක එහෙම එකක් නෙමෙයි.. එච්චර පබ්ලිසිටියක් දෙන්නෙ නෑනේ. ජාලේ තමයි කේස් එක යන්නේ.. එහෙම නොකර නොගන්න එක තමයි ප්‍රශ්ණේ...

      Delete
  2. මම දන්නෙ නැහැ මම මගේ මතය මෙතන කිව්වම මට මොනවා වෙයි ද කියලා? ඒත් මම නම් මේ වැඩේට පක්ෂයි. ඒකට හේතු..
    (1) මොන බයිලා කිව්වත් මේවා මේ රටේ අඩු නැතුව තියනවා.
    (2) මේ වෙන දූෂණ ඇතුලු සියලු අපරාධ වලට යම් හරි සහනයක් වෙයි.
    (3) රටේ ආර්ථිකයට යම් දායකත්වයක් ලැබීම.
    (4) ඕනෙ කෙනෙක්ට නීත්‍යාණුකූල ආරක්ෂාකාරී සේවයක් එවිට ලබාගත හැකි වීම.

    අකමැති අය නොගිහින් හිටියනම් ඉවරනේ. මෙහෙම කලොත් අඩු ගානේ ඒ, කැමති අය ඒකට යයි. අකමැති අය පැත්තවත් නොබලා ඉදියි.

    ReplyDelete
    Replies
    1. වෙද මහත්තයා හිතන්නේ නීතිගත කළොත් බලෙන් අසරණ ළමයි ගණිකා වෘත්තියෙ යොදවන්න අපේ අය පෙළඹෙන එකක් නෑ කියලද... මට නම් ඒ ගැන ඒ තරම් ෂුවර් එකක් නෑ... දැනුත් නීතියේ හිල් වලින් රිංගන්නේ ස්පා කියලා බෝඩ් ගහගෙන... ඔය වගේ නීතියකින් රිංගන්න කොච්චර හිල් තියෙයිද...

      Delete
    2. හිරූ අක්කාට එකඟයි...!

      Delete
    3. නීතිගත කළොත් නම් නීතියෙ හිලෙන් රිංග රිංග ඉන්නෙ නැතුව හිලට රිගෙව්වෑකි.

      Delete
    4. @ වෙද මහත්තයා...
      ඔබත් සමග එකඟයි.. රටේ ළොකේ ගැන දන්න මිනිස්සු නේ.. ඒකයි...

      @ හිරු සහ රෙහානි
      මේ සේවය සපයන කාන්තාවන්ට වෙන අසාධරණය දන්නවනම්. ඔහේලා නෙමෙයි කටක් හොල්ලන්නේ...

      Delete
    5. කැල්කියුලස්November 25, 2012 at 6:04 AM

      නිකමට හරි ඉතාම රහසිගතව කරන් යන අසභ්‍ය වෙබ් අඩවියක් පැත්තෙ වැරදිලාවත් ගිහින් තියනව නම් අමුතුවෙන් නීති ගත කරන්න තරම් දෙයක් නෑ කියල තේරෙයි. මේක නීති ගත කිරීමෙන් මට හිතෙන විදියට සිද්ධ වෙන හොදම දේ තමයි මේ ගැන තරුණ ගැහැණ ලමයි දැනුවත් වෙන එක. කොටින්ම ඔය ඉස්කෝලෙ පාඩමට තියන ලිංගික අධ්‍යාපනය පිටු 2,3 වත් අපේ ටීචර් ල කතා කරන්න ලැජජයි නෙ.ඉතින් ලාබාල කාලෙදිම ලොකු අයියල(දැන් නම් අක්කලත් ඉන්නව) හින්ද ගෑණු ලමයි ජීවිතේම විදවනව.
      ඇරත් ඕක නිකං වාහන පදින්න දන්න එකාට ලයිසන් දුන්න වගේ වැඩක්. අර ඉතින් ලයිසන් දුන්නම පොලිසියට නැමෙන්න ඕන නැති එක විතරයි.

      Delete
    6. මහ වෙදනා තුමා සමග මමද එකග වෙමි...වැඩිදුර තොරතුරු මගේ කාමරෙන් තව දිණකින්...

      Delete
    7. මගෙ මිතුරියක් වරක් මා හා පැවසූ කතාවක් ලියන්නම්. ඇයට පවුලේ ලඟම මිතුරියකගේ මගුලට සහභාගී වන්නට සිදුවන්නේ තමාගේ ස්වාමියා ලංකාවේ නැති අවස්තාවක. ඇය එහි යන්නේ තමාගේ අවුරුදු 68ක් වු මාමන්ඩිත් 70ක් වූ නැන්දම්මාත්, අවුරුදු 26ක් පමණවු ඇයට බාල මහත්තයාගේ මල්ලිගෙ බිරිඳත් සමග. ඇය එක්දරු මවක්. කාරයේ පිටිපස අසුන පිරෙන්නේ වම් කොනේ මාමන්ඩියත්, දෙවනුව නෑනාත්, තෙවනුව මගෙ මිතුරියත්, දකුණු කොනේ නෑදම්මාත් වශයෙන් ඉඳගත්තාට පසුවයි. ඉදිරිපස අසුනේ මස්සිනාත්. රිය පදවන්නාත්.

      ලස්සනට ගමන ගියත් මගුල් ගෙදර දුන් මධුවිත සප්පායම් උනාට පස්සෙ මිනිස්සුන්ගෙ ඇතුලෙ ඉන්න තිරිසනා එලියට එනවනෙ. ආපසු එනකොට අර 68 සීය තරුණ වෙලා ඇවිත් තිබුනෙ, තම ලේලියන් දෙන්නා අතරට අත යැවූ ඔහු ඔවුන්ගේ පියයුරු අතගෑවෙන ලෙස අත තබා ගෙන ඇවිත් තිබුනා. මගේ මිතුරිය හොඳ වැලමිටි පහරක් ඔහුට දී තිබුනත් අනෙක් නෑනා කිසිවක් නොවූ ලෙස ඔහේ දීගෙනම හිටියාලු. තම ස්වාමියා ඉදිරිපස ආසනයේ මාමන්ඩිය ඇයගේ වම් පසින්........

      මගේ මිතුරිය තවතවත් නැන්දම්මා ඉන්න දකුණු පැත්තට පුලුවන්තරම් තල්ලුවෙලා ගමන අවසාන වෙන තුරු ආවෙ ආයෙත් අත දැම්මොත් අත ලේ එන්නට කොනිත්තන්ට හිතාගෙනලු, කොහොම උනත් ඇය කවදාවත් ඇගේ දරුවන් මොහොතකටවත් ඒ මහ ගෙදර තිබ්බෙ නැහැ මොන අපහසුව මැද්දේ හරි වෙන විකල්ප සොයා ගියා.

      මෙහෙව් මිනිස්සුන්ට යන්ට තැං තියෙනවා නං හොඳයි නේද????

      Delete
    8. @ කැල්කියුලස්
      ඉතින් එහෙම ගෑණු ළමයි දැණුවත් වෙන එක හොඳයිනේ. ඇයි පිරිමි විතරද දැණුවත් වෙන්න ඕන. නෝටී ඇමරිකා බලන්න ඕන. මේකට කියන්නේ මහත්තයෝ පුරුෂාධිපත්‍ය කියලා....

      Delete
    9. @ ඊ මේල් කවිකාරි
      ඕක වෙනම මාතෘකාවක් නෝනේ. ඔය ගැන මම වෙනම ලිව්ව වගෙත් මතකයි, අර ළොව වයසකම තාත්තා ගැන ලියපු වෙලාවේ. වයසට ගියපු ගමන් ගෑණු අයට පන්සල ඇර වෙන තැනක් නෑ. සෙක්ස් අන්තරස්දාන වෙනවා. නමුති පිරිමියාට ඕන. වැඩි වශයෙන්ම ඔය ස්ථානවලට යන්නේ ඒ වයස්වල ඉන්න අය තමා. ඉතින් එහෙම තැන් තියෙනවනම් ඔය පැන්සොන් එක අරගෙන එන දවසෙවත් අරින් තැනකට ගොඩවෙලා එයි නොවැ. එතකොට කරුමක්කාරයෝ එකේ වගේ ලේලිට කරදර කරන එකත් නවතියි. මිනිබිරියො ටිකත් බේරෙනවා. මිනිස්සු ඇත්ත හිතේ තියාගෙන බොරු කතාකරනවා.

      Delete
    10. වෙද මහත්තයගේ කමෙන්ට් එක එක්ක සෑහෙන දුරට එකගයි. රිමෝට් එක අපේ අතේ නම් බයවෙන්න දෙයක් නෑනේ. නීති ගත කලා නොකලා කියලා වෙනසක් නෑ, යන කෙනා යනවා, නොයන කෙනා කොහොමත් යන්නෙ නෑ.

      ඒත් අපේ රටේ තීයෙන නිතියේ ගැටලු නිසා හිරු කියන ප්‍රශ්ණය ගැන තමා මට තවම පැහැදිලි අදහසක් ගන්න බැරි.!

      Delete
    11. මං උඹල දන්න කියන එකෙක්. මාතලන්, ගණීකා සේවය සහ ශ්‍රී ලාංකීය ගණිකාවගේ ජීවිතය ගැන කතා කරන්න (සත්‍යය අත්දැකීම් ඇසුරෙන්) බ්ලොගක් පටං ගන්න තරම් විස්තර මං ගාව තියනවා. ඒ නිසා මහ වෙදනාත් එක්ක එකගයි. එහෙම බ්ලොගක් පටං ගත්තොත් ඒක බ්ලොග් උප සංස්කෘතියට හානියක්ද?

      Delete
    12. කිසිම හානියක් නෑ, වෙන්න ඕන ඒ දේ තමයි. සමාජය දැණුවත් කරන එක. සමාජය කොතරම් නොදැනුවත්ද කියලා මෙතනින් තේරෙනවනේ.. මම හිතන්නේ මේ අභීත වෙන්න ඕන.... උඹත් ඉන්නේ මගේ ට්‍රේඩ් එකෙ නේ... මම නම් ලඟදීම මේකට සමුදෙන්න ඉන්නේ....

      Delete
    13. වෙද මහත්තයගෙ ද්‍රෘෂ්ඨි කෝනයෙන් (ඒකියන්නෙ ඩිස්පැන්සරියෙ ඉස්සරහ දොරෙන්) ටික වෙලාවක් පාර බලං හිටියාම නිකම්ම ඕක නීතිගත කරන්න හිතෙනව

      Delete
    14. අම්මට සිරි ඕනයා දැක්ක කල්.

      Delete
    15. වේද මත්තයගේ කතාවට මාත් එකයි.එතකොට දැනට තියන ගොඩක් ප්‍රශ්න අඩුවෙයි.හිරු අසරණ ළමයි අමුතුවෙන් පොලබවන්න ඕන වෙන්නේ නෑ.අවශ්‍ය තාවට වඩා සේවා සපයන්න ඕන තරම් කට්ටිය බිහිවෙනවා,සේවා වැඩිවීම තුලින් ඉල්ලුම අඩු වෙනවා.ටික කලකින් මේක සාමාන්‍ය දෙයක් බවට පත්වෙයි.හැන්ෆොන්,දුරකථන සමාගම් වගේ විකුන ගන්න පස්සෙන් එයි.කෙසේ නමුත් වගකිව යුතු ආයතන,සවුක්‍ය සේවා මේවා නියමය කල යුතුවේ.කොච්චර නීති දැම්මත් මෙම සේවය නැවැත්විය නොහැකිය.මෙය මිනිසාගේ මුලික අවශ්‍යතාවයකි.

      Delete
  3. ගණිකා “වෘත්තිය”......

    ලිංගික අපචාර.....

    සංස්කෘතිය... සභ්‍යත්වය.....

    අපි....

    ...............................................

    ReplyDelete
    Replies
    1. ඔහේට උත්තයක් වෙද මහත්තයගෙ කොමෙන්ට් එකේ රිප්ලයි එකට දැම්මා. මෙතන දාලා තියෙන්නේ.. නිකං මඤ්ඤං එකක් නේ....

      Delete
    2. මට ඔය ගැන ඇත්තටම හිතාගන්න අමරු තත්වෙක ඉන්නේ මාතලන්.. මොකද මට එක පැත්තකින් හිතෙනවා නීතිගත කිරීම හොඳයි කියලා.. අනිත් පැත්තෙන් හිතෙනවා නීතිගත කිරිමෙන් මීට වඩා තත්වය නරක් වෙයි කියලා... මොකද මොන දේ උනත් අන්තිමට අසාධරණයට ලක්වෙන්න ඉඩ තියෙන්නේ කාන්තාවක් නිසා...
      මම තාමත් ගොඩක් දුරට විශ්වාස කරනවා ගණිකාවක් වෙන්නේ කරන්න දෙයක් නැති කමට මිසක්, තමන්ගේ කාමාශාව සතප්පවගන්න නෙමෙයි කියලා අපේ ගෑණු...

      Delete
    3. පල්ලෙහාට ගිහින් කියවනකොට බුවාගේ කමෙන්ට් එක අහුඋනා.. මටත් හිතෙන්නේ බුවා හිතන විදියටම තමයි මේ ගැන... සමහර විට මම ගෑණුන්ගේ පැත්තට වැඩි බරක් දාලා හිතනවා ඇති..

      ///කෙනෙක් ගණිකාවක් ඇසුරු කරන්නේ ඇයි. ඔහුට හෝ ඇයට ලිංගිකව එක්වීමට කෙනෙක් නොමැති නිසා. ///මෙන්න මේක ගැන නම් මට ඒ තරම් එකඟ වෙන්න බෑ මාතලන්... බැඳලා ඉන්න, ළමයි ඉන්න මිනිස්සු තමයි මේ වගේ දේවල් වලට වැඩිපුර යන්නේ මම දන්න විදියට.. සමහර වෙලාවට බැඳපු ගෑනි එහා පැත්තෙ සීටී එකේ ඉන්නකොට.. කොල්ලෝ කෙල්ලො තාම හොඳයි අපේ රටේ ඉන්න... බස් එකක යද්දි ජැක් ගහන්නේ කොල්ලෝ කෙවෙයි.. අන්කල් ලා... කොල්ලෝ කෙල්ලන්ව පරිස්සම් කරනවා... අත්දෑකීමෙන් ඒක කිව්වේ...

      මේ කෙහෙල්මල් ලිංගිකත්වය ගැන දැං කතා කරන්නෙ හරියට මුස්ලිම් ආගමේ කතා කරන ගානට... මිනිස්සුන්ට හිතන්න බැරි සත්තු ගානට දාලා... හරියට ගෑණියෙක්ගේ ඇග පෙනුනම නැඟලා, ඉන්න බැරුව දඟලන ගානට... ලිංගිකත්වය ගැන එළිපිට කතා කරනවා කියන්නේ හොඳ දෙයක්... ඒ දැනුවත් වීමනේ.. ඒඩ්ස් පෝස්ටරේටත් ස්වයං වින්දනේ යෙදෙන එක නවත්තන්න පුළුවන් එතකොට... ඒ ඇරෙන්න මේක නීතිගත කළාය කියලා නම් හොඳක් සිද්ධ වෙන එකක් නෑ කියලා මට හිතෙන්‌ෙන්... අඩු ගානේ ගෑණුන්ට මාතලන් කියන විදියේ ආරක්ෂාවක් නම් ලැබෙන එකක් නෑ...

      Delete
    4. අනිවාර්යයෙන් ලැබෙනවා. පොලීසීයට පිස්සු කෙලින්න බැරිවෙනවා....

      Delete
    5. රේප් වලට නීති තිබ්බා කියලා පොලිසිය පිස්සු කෙලින් නැතුව ඉන් නෑ නේ මාතලන්... ඉතිං කොහොමද මේකෙදි පිස්සු කෙලින් නැතුව ඉඳියි කියලා හිතන්න පුළුවන්... හැබැයි රේප් වලට බයයි... ඒක වැරැද්දක් කියලා දන්න නිසා... දැං මේකට බයයි..

      ලොකු දේවල් ඕනේ නෑ... මට වෙච්ච දෙයක් කියන්නම්... බස් එකක යද්දි ඉස්කෝලෙ යුනි‌ෆොම් එක අස්සෙන් මිනිහෙක් අත දැම්මා.. එතකොට අවුරුදු 15ක් විතර ඇති... මාව ගල් වෙලා වගේ හිටියේ බයට... මගේ අම්මා එහා පැත්තේ හිටියේ.. මං ඇඹරැණා.. අම්මට ඒක තේරුනා... අම්මා අර මිනිහට අතේ තිබ්බ හෑන්ඩ් බෑග් එකෙන් ගහලා ෂර්ට් කොලර් එකෙන් අල්ලලා බස් එකෙන් එළියට තල්ලු කළා... කළබලේ බස් එකත් නැවැත්තුවා... අම්මා බස් එකෙන් බැහැලා අර මිනිහට පයින් ගහලා ආයිත් බස් එකට නැග්ගා.. එතකම් සීට් වල ඉඳගෙන හිටපු කිසි කෙනෙක් නැගිට්ටෙ නෑ.. කිසි කෙනෙක් කතා කළේ නෑ... හැබැයි ඊට පස්සෙ මුළු බස් එකේම අය මං දිහා අමුතු විදියට බලන්න ගත්තා... මට පුදුමාකාර අසරණකමක් දැනුනේ.. එදා ඉඳලා මම බස් වල යද්දි මට පේන්න කෙල්ලන්ට කරදර කරපු උන් 25කට වැඩිය කුඩේ කැඩෙන්න ගහලා තියෙනවා... මොකද මම දන්නවා ඒ වෙලාවට දැනෙන අසරණකම...

      ඔය විදියම තමයි ඔය වගේ කේස් එකකට පොලිසියට ගියාම.. නීතිගත කළාය කියලා ඒක නැති වෙන්නේ නෑ... එහෙම කරනවනම් අඩුම ගානේ ලිංගිකත්වය ගැන එලිපිට කතා කරන සමාජයක් ඇති උනාට පස්සේ.. නැත්තම් මේකෙන් වෙන්නේ නැති ප්‍රශ්න ඇති වෙන එක විතරයි...

      නීතියක් තියෙන්න ඕනේ වැරැද්දක් හදන්න ... එහෙම නැත්තම් වැරැද්දකට දඬුවම් දෙන්න පුළුවන් වෙන්න.. නැතුව වැරැද්දක් සාධාරණිකරණය කරන්න නෙවෙයි...

      ගණිකා “වෘත්තිය” නීතිගත කරන්න පුළුවන් තත්වයකට ලංකාවේ සමාජය තාම ඇවිල්ලා නෑ... තාම ඉන්නේ 8 වස‌ෙර් සෞඛ්‍ය පාඩම කරන එක අතෑරලා, ඒ වෙනුවට උදා වූ යෞවනය පොත් ටික බෙදලා දීලා උගන්නන සමාජයක්...

      මේ ගැන කතා කරද්දි මාත් ටිකක් කනට ගහන්න වගේ කතා කරනවා මාතලන්... ඒකයි මම මුලින්ම මඤඤං කමෙන්ට් එකක් දාලා මාරු උනේ.. ඒත් ඉතිං දන්නවනේ.. මේවා දැක්කම ලේ කැකැරෙන්න ගන්නවා.. හි හි....

      මේ කිව්වේ මගේ අදහස තමයි... මම ගල් යුගයේ සාම්ප්‍රදායික විදියට හිතන්නේ නෑ.. නමුත් මම රැඩිකලුත් නෑ.... මං මේක ගැන හිතන්නේ ගෑණියෙක් විදියට.. එච්චරයි...

      Delete
    6. ඔබ හිතන්නේ ඔබේ පරිසරය හා ඔබේ පෞද්ගලික දේවල් ගැන පමණයි. ඔබ ළෝකය දකින්නේ ඒ ඇසින් පමණයි. ඒ ගැන මා පුදුම වන්නේත් නෑ. නමුත් මම කතා කරන්නේ පීඩිත පන්තියට මේ රැකියාවේදිත් වන අසාධාරණය ගැනයි. එතකොට පොලිසියට ගෙනියන්නම බෑනේ. එතනින්ම වැඩේ නවතිනවා.

      Delete
  4. මම නං තාම හිච්චි කොලු ගැටෙක්. මෙව්ව ඉතිං මට තේරෙන්නැතුව ඇති. ඒත් මේ කාරනේදි මට මාතලන්ට එකග වෙන්ඩ බෑ. මගේ මොලේ ඉතිං මෝරල නැතුව ඇති, ඒත් ලංකාව, ඇමරිකාව වගේ වෙන්ඩ ඕනි නෑ. අපිට උරුම සභ්යත්වයක් තියේනෙ ගොය්යො. ඉතිං ඇයි අපි අපේ නමට හරි තියෙන සදාචාරසම්පන්න බව නැතිකොරගන්නෙ.නීතියට හරි බය වෙලා මිනිස්සු වැරදි දේවල් වලින් ටිකක් හරි ඈත් වෙන එක නෙමේද වටින්නෙ. ඒ හින්ද පව්ල් සංස්තා කීයක් රැකිල තියෙනවද. ලංකාවට ගැලපෙන්නෑ කියලමයි මට හිතෙන්නෙ. මේව නීතිගත කලොත් අනාගතේදි දික්කසාද වෙන ප්‍රමානෙ වැඩිවෙයි. ළමයි අනාත වෙයි. ඒ වගේම කාමාතුරයන්ගෙන් රට පිරෙයි.
    නිකං මං මේ අහන්නෙ. දැං කස්ටියක් කියනව ලංකාවෙ මෙච්චර අපචාර දුශණ වෙන්නෙ මේ වගෙ දේවල් නීතිගත නැති හින්ද කියලනෙ. කෙල්ලෙක්ව දුශනය කරන එකා ගනිකාවක් ලගට ගිහින් තමන්ගෙ අමාරුකම දුරුකරගන්නැත්තිව ඒකිව දුශනය කරන්නෙ ගනිකා වුර්තිය නීති විරෝදි හින්දද?.නෑනෙ. මේ දේ නීති ගත කලා කියල සංයමයෙන් යුතු සමජයක් බිහිවෙන්නෙ නෑ. මගේ පුංචි මොල ගෙඩියට දැනට තේරෙන්නෙ ඒ විදියට.

    මට දැං මාතලං කියයිද දන්නෑ මම ගොඩේ සාම්ප්‍රදායික කොල්ලෙක් කියල.සමහරවිට එහෙම වෙන්ඩැති අප්පා

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවේ එක ප්‍රාන්තයක ඇර අනික්වායේ ගණිකා වෘත්තිය තහනම් , හැබැයි පුතේ ඔය සභ්‍යත්වය , ශිෂ්ටාචාරය අරක මේක නම් බොරු බයිලා . ඔය මහලොකු ශිශ්ටාචාරේ වෙහර විහාර හදාපු නමගිය රජවරුත් ගැනු තියාගෙන හිටියේ අනික් රටවල කට්ටිය ගාණටම තමා . රජවරුන්ටයි ලොක්කන්ටයි කවදත් ඕවට ප්‍රශ්න නැ සොක්කන්ට විතරයි තිබුනේ . නිදහසේ ආතල් ගන්න ලෝක්කොම තමයි සොක්කන්ට සංස්කෘතිය සභ්‍යත්වය ගැන කියා දෙන්න එන්නේ

      Delete
    2. චුටි පුතේ ඔයා තාම තූති වැදියි මේව තේරුම් ගන්න.සීයලාගේ කුණුහබ්බ වලට ඇහුන්කම් නොදී,ඔද පුතිය වගේ දොයියගෙන,වැල්ලේ හිල හැරෙන්න චු කරන්න පුළුවන් දවසකට මේව ගැන කතාකරන්න පැතියෝ !!!!!!!!!!!!!!!!!

      Delete
    3. @ සමී

      උඹ පොඩි එකෙක් කිව්වට. කොමෙන්ට් එකේ හැටියට එච්චරම පොඩි වෙන්න මෑ. මම දෙන්න ඕන උත්තරෙත් ඔහේම දීලා තියෙනවනේ. අඩු ගානේ තමන්ට ඒක තේරෙන එකත් ළොකු දෙයක්..

      Delete
    4. @ කෙන්ජි තීයා- අලේ තූති තීය පැටියා හරි ආදලෙන් මත ඊක කීල දීල්නේ,, ආයී මම ඊම නෝති වැද කලන්නෙ නෑ තීයෙ,මම වැල්ලත යන දාස එනකන් පොල් කත්තත තු දාන්නම් හොදේ. තීයලම කතා කලල්ලකෝ මේව ඒනම් තීයට කෙල පුලෝල උම්මා!

      @ මාතලන්-
      (සමාවෙන්ඩ මේ කමෙන්ට් එක මාතෘකාවට අදාල නැත. ප්‍රශ්න නැගීමක් පමණි )
      මම ඒම කිව්වෙ මාතලන්ව එදා ඉඳලම කියවන හන්ද. මාතලන් කැමති නෑ මාතලන්ගෙ මතේට විරුද්දව යනවට. මාතලන් දක්ශයි! ඒ වගෙමෙම බොහොම තර්කානුකූලයි. ඒක ඉතින් අවිවාදයෙන් පිලිගන්න දෙයම් මම. ඒත් අය්යෝ ඔයැයිගේ මතේම අනිත් අයත් දරන්න ඕනිමයි කියල කියන්නෙ, හිතන්නෙ ඇයි කියල හිතන එක තමයි මට තෙරෙන්නෙ නැත්තෙ.මම බ්ලොගක් පටන් ගත්ත දවසක මේ අහන්න හිට්ටෙ.ඔන්න ඉතින් අද ඇහුව.

      "මේකට විරුද්ධව අදහස් දක්වපු හැම කෙනාම එහෙමයි. අමනාප උනත් කරන්න දෙයක් නෑ. ඇත්ත ඒකයි, ඒ කියන්නේ ඔවුන් සමාජයේ විශමාචාර ලිංගික ක්‍රියා, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, මිනීමැරුම්, කැරලි කෝලහාල, හොරකම්, යන සියළුම දේ අනුමත කරන මිනිසුන්." - මාතලන්

      මෙන්න ඔයැයිගෙ අවසන් තීරනේ. ඉතින් විරුද්ද මතයක් ගේන හැම එකා ගැනම මාතලන් තීන්දුව දීල ඉවරයි.
      ඉතින් තවත් කුමන කතාද???

      මොන මගුල උනත් මට බ්ලොගක් පටන් ගන්න අදහසක් එන්න හේතු උන අයගෙනුත් උඩින්ම ඉන්න කෙනෙක් තමයි මාතලන්. ඒක මම මගෙ පලවෙනි පෝස්ට් එක්ත් දාල ඇති. ටැංකුයි කියන්න අමතක උනා.චොදනාව සමග ටැංකුයි එක දෙන්න වෙන එක ගැන නං ඉතින් කනගාටුයි

      Delete
    5. @ සමී
      කිසි අවුලක් නෑ, මම කවදාවත් කිසිම කෙනෙක් සමග අමනාප වෙන්නේ නෑ. මම කවදාවත් මාව විවේචනය කරන එකම කොමෙන්ට් එකක්වත් ඩිලීට් කරලා නෑ. මෙතනදි මම මගේ මතය වෙනුවෙන් පෙනී සිටිනවා. මොකද මම මේ ළිපිය ලිව්වෙ මේ රැකියාව කරන අය සමග සාකච්චා කිරීමෙන් පසුවයි. ඔවුන් මට හැමදාම හමුවනවා. ඒ අපේ රැකියාවේ හැටි. ඔවුනුත් අප මෙන්ම ඇට ලේ මස් වලින් හැදුන සුන්දර මිනිසුන් එපමණයි.

      මම කිව්වේ බොරුවක්ද කියලා ඔයාලා ඔයාලගේ හිතට කතා කරලා බලන්න. මේ ඔක්කෝම අමතක කරලා.

      Delete
    6. //ඔවුන් මට හැමදාම හමුවනවා//

      හොරෙන් මේ අහන්නෙ (ගාමිනී හෝටලේ තාම ෆංෂන් වෙනවද බං?)

      Delete
    7. @ ඕනයා
      ගමිණි හොටළේ වහලා ගොඩාක් කල්, මම ඉතින් සුද්දෝත් එක්ක ඉන්න එකානේ...

      Delete
  5. අපරාද ඉස්සරහට දාලා මේක කොරන එකනම් වැරදිය. අපරාද නවත්වන්නේ මේ පිලිවෙලට නම් නොවේය.

    ReplyDelete
    Replies
    1. උඹලා වගේ උනුත් මෙහෙම කතා කරන කොට දුකයි. ඒත් උඹලා වගේ උන් තමයි, ළඳුනේ ගීතය එහෙම අහලා බොහොම කනගාටු වෙන අය..

      Delete
    2. රටේ අපරාධ අපචාර අඩු කරන්න ගණිකා වෘත්තිය නීතිගත කළයුතුයි කියන තර්කය ගේනවා නම් මට හිතෙන්නෙ ඒක හිසේ ඇම්මට කොට්ට මාරු කිරීමක් විතරයි..

      දැන් උවමනාවක් තියෙන එකෙක්ට නීතියෙන් තහනම් වුනත් ගණිකාවක් හොයාගන්න අමාරුවක් නෑනෙ. (මම හරිද මන්දා?) ඉතින් ඌ ගණිකාවක් හොයාගන්න බැරි නිසා අපරාධ කරනවා කියන එක බොරුවක්. ඉතින් නීතිගත කළත් නොකළත් අපරාධ වල වෙනසක් වෙන්නෙ නෑ කියලයි මට හිතෙන්නෙ.




      Delete
    3. @ හරී
      හරී ඔබ හරි නෑ වැරදියි. ඔබ පවා හිතන්නෙ නෑ මේ කාන්තාවන් ගැන. පුහු සදාචාරයට ඔබත් යටයි. මේවා ලීගලයිස් කරලා තියෙන රටවල්. මානුෂික අයිතිවාසිකම් ඉහලින්ම අගයන රටවල්, එහම රටවල අපරාධ අඩුයි, රේප් එකක් කරන්න යන එකෙක් උනත්, සාධාරණ ගනනකට සේවය ලබා දෙනවනම් දෙසරයක් හිතයි, හිරේ යනවට වඩා සල්ලි ගෙවලා සේවයක් ලබා ගැනීම හොඳයි කියලා. අනෙක් කාරණය. ලිංගික අපරාධවලට නීතීය ඉතා තද කර යුතුයි. ඔබ දන්නවාද ලිංගික අපචාරයකට ලක්වූ කාන්තාවක්. මේ රැකියාව කරන කාන්තාවක් උසාවියේදි කෙතරම් අතවරයට ලක් වනවාද කියා. ඊට වඩා සැපයි උසාවියේ ආයෙත් දූෂණය කරලා දාන එක. රේප් කරනා එකා කරන්නේ ඌ විත්‍රයි, උසාවියේදී පොලීසියේදී මේ කාන්තා කොට්ඨාශ දෙකම දෙනෝදාහක් ඉදිරියේ ප්‍රසිද්ධියේ දූෂණය කරනවා. නමුත් මේ දෙවල්ක් නොදන්න කෙනෙක් මෙහෙම තර්ක නගන එක එක අතකට අසාධාරනයක් නෑ...

      Delete
  6. http://en.wikipedia.org/wiki/File:Prostitution_laws_of_the_world.PNG

    ඔය සිතියමේ තියනවා , ගණිකා වෘත්තිය නීතිගත කරපු නොකරපු රටවල් වල තත්වය , ඕක නිතිගත කරනවාද නැද්ද කියන එක තීරණය වෙන්න ඕනි අනිකුත් සමාජීය වටපිටාවනුත් එක්ක . නැත්නම් තියනවාටත් වඩා අවුලකින් කෙලවර වෙන්නේ . චන්ද්‍රිකා යැව්වට අපේ සමාජය තාම ඉන්නේ කැලේ , කැලේට ශිෂ්ටාචාරි ක්‍රම හඳුන්වාදෙන්න ඕනි නෑ , එතකොට වැඩේ තවත් අවුල් වෙන්න පුලුවන් .මිනිස්සුන්ට ලිංගික නිදහසය කියල එකක් ඕනි කියල සමාජය පිලිගන්න තැනට එනවා නම් ඔය හොරෙන් ගැහිල්ලට තියන අවශ්‍යතාවයත් අඩුවෙනවා , එතනට එන්නේ නැතුව ගණිකා වෘත්තිය නිතිගත කරනවාය කියන්නේ ලයිසන් පිට හොරෙන් ගැහිල්ලක්ම තමා .

    ReplyDelete
    Replies
    1. http://www.lankanewspapers.com/news/2012/3/75139.html

      Delete
    2. හපොයි දෙවියනේ.. මේ බුවාද....? මේක නීතීගත වෙන එකක් නෑ බොහෝ වෙලාවට. මේ වෘත්තෙයේ යෙදන සුපිරි පන්තියේ ප්‍රමානය ඉතා සුළු පිරිසක්. 90% පමණ ජීවත් වෙන්නම මේ රස්සාව කරන අය. අපි සින්දු කියලා කම්පා වෙලා වැඩක් නෑ. නීතීගත කිරීම කෙසේ වෙතත්. මේ අන්ත අසරණ කාන්තාවන්ගේ, මානුෂික අයිතිවාසිකම් රැක දෙන්නවත්, එක කාන්තාවක් නෙමෙයි කතා කරන්නේ. උඹ දන්නවද මේ රස්සාව කරන ලංකාවේ ගෑණූ විදින අපා දුක හා පීඩනය. එහෙම දන්නවනම් ඔය වගේ කතා කරන්නේ නෑ. ඒත් අපේ රටේ ඉන්න මේ සේවය ලබාගන්නා උනුත් අගය කරන්න ඕන. පිටරට වගේ මේනියැක් උන් සෑහෙන අඩු නිසා. නීතී ගත කළාම අඩු ගානේ වෘත්තීය අයිතිවාසිකම් හරි ඉල්ලන්න පුළුවන්නේ. පොලිසියෙන් උසාවියෙන් ලබන අවමානය හෝ නැති කරන්න පුළුවන්නේ.

      Delete
    3. බුවා අයියා හරි මිනිසුන්ගේ ආකල්ප වෙනසකින් ඇර වෙන මොන කෙංගෙඩියකින් වත් මේ රට හදන්න බෑ.

      Delete
    4. මේ රට ආකල්ප වලින් නම් කිසිදාක හදන්න නම් බෑ. එහෙම නම් ඉතින් නිර්මල බුද්ධාගමෙන් මේ රට පට්ටෙටම හැදිලා තියෙන්න ඕන. මේ රට හදන්න නම් දරුණු නීතී ගේන්න ඕන. හොඳ උදාහරණය කොළඹ කුණු දැමිල්ල හා ප්‍රසිද්ධියේ දුම් බීම. අද කොළබ කඩවල එකෙක් නෙමයි පාරට බස් ටිකට් එකක්වත් දාන්නේ. සිගරට් එකක් ගත්තම හොයන්නේ හැංගිලා බොන්න තැනක්...

      Delete
    5. උඹට මම කියන එක හරියට ඩයල් වෙලා නෑ වගේ , මචන් ඕක නිතිගත කලා කියල ගම්වල ඉන්න ආච්චිලට , පොඩි කෙල්ලන්ට නිදහසේ ඉන්න නොදෙන උන්ගේ මෝල් කලන්තේ සනීප වෙන්නේ නෑ , අනික නිතිගත කලා කියල අනික් වෘත්තිකයින්ටවත් හරියට නැති වෘත්තීය අයිතිවාසිකම් ලැබෙන්නෙත් නෑ . ඕකෙන් වෙන්නෙ දුප්පත් කෙල්ලන්ගේ ලිංගික ශ්‍රමය නිත්‍යානුකුලව සුරා කන්න වෙලඳ පොලක් හැදෙන එක විතරයි . දැන් හොරෙන් කරන දේ නීත්‍යානුකුල කලාම වෙන්නේ ප්‍රමාණාත්මක ඉහල යාමක් මිසක් තත්වයෙන් උසස් වීමක් නෙවෙයි . අපේ ගෝත්‍රික සමාජයට ඕක බරපතල වැඩියි , ඊට කලින් සමාජයේ ඔලුගෙඩි හැදිලා ඉන්න ඕනි ගැනියෙක් , මිනිහෙක් එකට ඉන්න එක අමුතු මැජික් එකක් නොවේය කියන තැනට , තරුණ කාලේ කොල්ලො කෙල්ලන්ට තමන්ගේ ජීවිතය විඳගන්න තියෙන්න ඔනි නිදහසේ (පෝය දවසට පොලිසියට් හොරෙන් රූම් ගානේ ගිහින් නෙවෙයි ) , ඒව හැදෙන්න කලින් ඔය වැඩේ නිතිගත කරන්න ඕනි නැය කියලයි මම කියන්නේ . ඔය සිතියමේ තියන රටවල් අරගෙන පොඩ්ඩක් කල්පනා කරල බලහන්කො , උඹේ තියරියයි , අපේ රටේ තත්වයයි එක්ක සංසන්දනය කරලා

      Delete
    6. නීති ගත කිරීම කියන්නේ ආණ්ඩුවට තව බදු අය කිරීමේ මාර්ගයක්

      Delete
    7. මගේ කමෙන්ටුවත් මෙතනම දාන්නම්කො... මමත් හිතන් හිටියෙ නීතිගත කිරිල්ල හොඳයි කියල... ඒත් බුවා මතු කරල තියෙන කාරණේ සෑහෙන බරක් තියෙනව... ඔව්ව ඔක්කොම කිරල මැනල මොකක්ද හොඳ බලන්න තරම් තදබල අවශ්‍යතාවයක් මට නැති හින්ද මෙතනින් නවතිනව..

      Delete
    8. බුවා කියන දේ හරි. මමත් ඒකට එකඟ වෙනවා. ගණිකා වෘත්තිය නීතගතකරහම හොරෙන් ගැහිල්ල අඩුවෙනවා. ඒක ඇත්ත. නමුත් ලංකාවේ ඉන්න සමහරක් සංගම් සේනා වගේ අය කැමති නෑ. ඒ ගොල්ලන්ගේ වැඩේම පිකටින්, පෙහ්ට්සම් කර කර රටේ මිනිස්සු හිනා ගස්සන එක. නමුත් කොහොම හරි නීති ගත කොලොත් අපිටත් පුලුවන් ඒ ඒ සංගම් වල ඉන්න ලොක්කොත් ඒ නිවාස වල ලැගලා ඉන්න හැටි බලන්න.

      Delete
    9. බුවා කියන දේ හරි. //ඕකෙන් වෙන්නෙ දුප්පත් කෙල්ලන්ගේ ලිංගික ශ්‍රමය නිත්‍යානුකුලව සුරා කන්න වෙලඳ පොලක් හැදෙන එක විතරයි//

      මං පොඩි ප්‍රශ්නයක් අහන්නම්. දැන් මෙතන වැඩේට කැමතියි කියන උන්ගෙන් කිදෙනෙක්ට පුලුවන්ද ගෙදර උන් දැනුවත්වම තැනකට ගිහිං වැඩේ කරගෙන එන්න?? මාතලන් අයියත් අවන්කවම කියන්න බලන්න ඕක නීතිගත කලොත් බස් වල ජැක් ගහන උන් ඒක නවත්තලා ඕකට පෝලිමේ ඉඳියි කියල හිතනවද???

      සංස්කෘතිය ඉස්සරහට දාගෙන පිස්සු කෙලින එකට මාත් විරුද්ධයි. නමුත් ඔය තැනට යන්න කලින් අපේ මිනිස්සුන්ගේ ආකල්ප වල ලොකු සංවර්ධනයක් වෙන්න ඕන නේද??

      අපි තාම ඉන්නේ කෙල්ලෙක් කොටට ඇඳගෙන ෆොටෝ දෙක තුනක් බුකියේ දැම්මොත් ඒ වේ*යෙක් කියල හිතං ඒකිට ටෝක් කරන්න යන උන් ඉන්න සමාජෙක. කෙල්ලෙක් දවස දෙකක් හිනා උනොත් ඒකි තමන්ට ලයින් කියලා හිතන උන් ඉන්න සමාජෙක.

      බස් වල ජැක් ගහන එක අඩු වෙනම්
      රේප් කේස් අඩු වෙනවනම්
      ලිංගික ශ්‍රමය සුරා කෑම නවතිනවානම්

      මමත් මේකට එක හිතින්ම කැමතියි. ඒත් ඇත්තටම එහෙම වෙයිද කියලා පොඩ්ඩක් හිතලා බලන්න.

      තව දෙයක් මේවා නීතිගත කරපු රටවල ලිංගික ශ්‍රමය සුරා කෑම වෙන්නේ නැහැ කියලා හිතනවානම් පොඩ්ඩක් ජන්ජාලෙත් සෙවිල්ලක් දාල බලන්න එතකොට තේරෙයි.

      එහෙනං මේ ගමන්ම සම ලිංගික විවාහත් නීතිගත කොලානම් අහවරයිනෙ. එතකොට ඔය පොඩි සාමනේරලට වෙන අසාධාරනේටත් විසඳුමක් ලැබෙනවනේ.

      Delete
    10. @ බුවා
      මේ රටේ ආකල්පම වෙනස් කම් එහෙම ලේසියෙන් හදන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද. එහෙමනම් උදේ ඉඳන් බන කියන රටේ හොරකම් දූෂණය මෙලෝ දෙයක් නැති කේතුමතිය වෙන්න ඕන. මට නම් පෙනෙන්නේ කොමෙන්ට් කරපු එක්කෙනෙක්වත් මේ රස්සාවේ ලංකාවේ තත්වය නොදන්න උඩින් පල්ලෙන් අත ගාන අය කියලයි. ඔය කියන රේප් කේස් නාගරික සමාජයේ අඩු ඇයි, ඔවුනට තමන්ගේ අවශ්‍යතාවයන් සතපවා ගන්න ක්‍රම ඕන තරම් තියෙන නිසා. කෙනෙක් ගණිකාවක් ඇසුරු කරන්නේ ඇයි. ඔහුට හෝ ඇයට ලිංගිකව එක්වීමට කෙනෙක් නොමැති නිසා. එතකොට එහෙම සේවා සපයන ස්ථානයක් තිබේ නම්, අනිවාර්යයෙන් ඒ ස්ථානයකට යනවමයි. ඒකයි ඇත්ත. සමහර විට තමන්ගේ ගමේ නෙමෙයි, එහා ගමේ හරි, අපි උනත් ගේ ගාව තියෙන එකට යන්නෙ නෑනේ. එතකොට නෝන්ඩි නිසා. වෙන තැනකට තමයි යන්නේ. මේ දේ ලංකාවේ නීතීගත වෙන එකක් නෑ. ඒත් ආන්ඩුවත් අවශ්‍යතාවය දන්නවා. අඩු ගානේ සල්ලි තියෙන එකාට හරි නිදාගන්න රුසියානූ කොරියන් චීන ගණිකාවන් සපයන්න ඉඩ දීලා තියෙන්නේ ඒ නිසයි. නැත්නම් කොළඹ ඒවුන්ට තෙල් මන්ද මොරල තියෙන හැටියට. මේක රේප් වලිනුත් කප් ගහන රටක් වෙයි.

      Delete
    11. @ උදිත
      කප්පම් ගෙවනවට වඩා ඒකේ ශිෂ්ඨ ගතියක් තියෙනව නේද....? අපේ කෙල්ලො ඇඟ විකුනන්නෙ තමන්ට ජීවත් වෙන්න විතරක් නෙමෙයිනේ.

      @මැක්සා
      රේප් කේස් නොකර එවන් තැනක සේවය ලබා ගැනීමේ ඇති වරද කුමක්ද...?

      @ මිස්ටර් ඇනොනිමස්
      මම ඔය සමහර රටවල ජීවත් වෙලා තියෙනවා, සමහර රටවල සංචාරය කරලා තියෙනවා. සමහර රටවල මගේ මිතුරන් ඉන්නවා. අපේ රටේ වගේ කාම අපරාධනම් ඔය රටවල නෑ. ඇත්ත ඒකයි. මට පේන්නේ මෙහේ අයට රේප් කේස් මාධ්‍යය වලින් දෙන එක මාර රහයි වගේ...

      Delete
    12. ආකල්ප හදන්න ආමාරු නිසානේ බන් අපි එක තැන ඉන්නේ , අනිත් එක උඹ සේවා ස්ථානයක් ගැන කථා කරනවා . ගණිකා වෘත්තිය නිති ගත වෙලා තියන රටවලිනුත් ගණික මඩම් සහ ගැහැණුන් සැපයීම නිතිගත වෙලා තියෙන්නේ ඉතාම ස්වල්පයක් රටවල විතරයි . උඹ කියන තරම් සරල රේඛීය ප්‍රශ්නයක් නෙවෙයි ඕක . උඹ කියල තියන හැම පියවරකම අතුරු පල තියනවා . ඒ වගේම දැනට රේප් කේස් වැඩි ග්‍රාමීය සමාජයට ඕක විසඳුමකුත් නෙවෙයි , උන් ඕවට ගියත් තවත් ප්‍රශ්න ගොඩක් . ලිංගික අධ්‍යාපනයක් නැති රටක ගණිකා වෘත්තිය කියන්නේ සමාජ රෝග වලට තෝතැන්නක් .නෝටි ඇමරිකා කියන්නේ පොනොග්‍රැපි , ඕකයි ගණිකා වෘත්තියයි දෙකක් . ඇමරිකාවේ පොනොග්‍රැපි ලිගල් අනික නිති විරෝධියි !

      Delete
    13. ඇමරිකාවේ ජපානේ නීතීගත නොකරට ඒක ප්‍රධානම ආදායම් මාර්ගයක්. ඔය රතු පාටින් තියෙන බොහෝ රටවල ප්‍රසිද්ධියේ, බොහෝම නිදහසේ කරගෙන යනවා, ඕකේ විදියට තායිවානෙත් තහනම් නේ, ඒත් එහේ ප්‍රධානම ටුවරිස්ට් ඇට්‍රෑක්ෂන් එක ඒක. අපේ අය යන්නේ, පන්සල් වල ඔයිල් ලැම්පි පත්තු කරන්න නෙමේනේ, පත්තු වෙච්ච ඔයිල් චේන්ජ් කොරන් එන්නනේ. අනිත් රටවලත් තත්වේ ඕකමයි, පිලිපීනය තව රටක්. ඇත්ත ඒකයි. ඔය මැප් ඇවිත් පුංචි බන්ඩා ජයසුන්දරගේ ග්‍රාෆුයි, ෆිගර්සුයි, වගේ තමයි. ජපානය ඉතාමත්ම ක්‍රමාණූකූලව මේ සේවාව පවත්වාගෙන යන රටක්, දැකීමත් එකතරා, .............ක් කියලා කියන්නේ නිකමට නෙමේනේ. කරත් එකයි බැලුවත් එකයි. මොකෝ අවයව වලට දන්නෙ නෑනේ මේ පොනොග්‍රැපිද වෙන කෙහෙල්මලක්ද කියලා....

      Delete
    14. තායිවානේද , ලන්තේද ? තායිලන්තේ ප්‍රැක්ටකලි තියනවා තමා . නමුත් පොඩ්ඩක් කියවල බලන්න ඒකේ අතුරු පල කොච්චර තියනවද කියලා .ළමා ගණිකා වෘත්තිකයින් පවා දහස් ගාණක් ඉන්නවා, තායි ලන්තයට ගැනු සැපයීම ජනප්‍රිය ජාවාරමක් . ජපනයි ඇමරිකන් කාරයයි කරන දෙයක් හරියට කරන මිනිස්සු , එහෙම රටක ඕක හරියට කෙරෙන එක අහන්න දෙයක්ද . අවංකවම කිවොත් ඉතින් ලංකාවේ සමහරක් දෙනාට පෝනොග්‍රැපිත් ඇඩ්වාන්ස් වැඩියි , ඒක වුනත් මෝල් කලන්තේ ගහල පිස්සු නටන්න හොඳටම ඇති !

      Delete
    15. නෑ මාතලන් වරදවා වටහා ගන්න එපා මා විරුද්ධ නීති ගත කිරීම කියන එකටයි. තව නීති වෙනුවට මං යෝජනා කරන්නේ තිබෙන නීති කැමති කෙනෙක්ට ලිංගික සේවා සැපයීම තහනම් කරලා වරදක් කියල කියන නීති ඉවත්කළ යුතුයි කියල.

      Delete
    16. @ බුවා
      සොරි ඩොට් කොම්. තායිලන්තේ... එතකොට ඇමරිකාවේ ජපානේ ඔය තායිලන්තේ වෙන දේවල් වෙන්නෙම නැද්ද, නෑ එහෙත් වෙනවා. එතකොට දැනට ලංකාවේ වෙන්නෙ නැද්ද.. මොල් කලන්තේ ශිෂ්ඨ විදියට කොන්ට්‍රෝල් කර ගන්න තමයි ඒවා ඉවහල් වෙන්නේ. කොළඹ මේ තත්වයන් අඩු ඒකයි.

      Delete
    17. @ උදිත
      උඹ හා අරුණි කතා කරන ළෝකය ගැන නම් මට බොහෝ ප්‍රශ්ණ තිබෙනවා. ඒත් ලංකාවේ මේ තරමින් හෝ තියෙන්නේ නීටී රීතී නිසා. ඒත් දුකට කරුණනම්. මුදලට හා බලයට එම නීතියම කනපිට ගසනා නීතීඥ්ඥයින් පිරිසක් සිටීමයි. ඔබ දන්නවාද සිරි ලංකාවේ 96% අපරාධකරුවන් නිදහස් වන බව. එහෙම නිදහස කරන නිසා තමයි පොලීසියෙන් වෙපන් හොයන්න එක්ක යන්නේ.

      Delete
    18. ඇමරිකාවේ හෝ ජපානයේ නොවෙනවාය කියන්න මට බැ ඒත් ළමා ගණිකා වෘත්තිය වගේ දෙයක් ඉතා කලාතුරකින් මිසක් ඔය වගේ මහා පරිමාණයෙන් කරන්න ලැබෙන්නේ නෑ , අනික මාට්ටු වුනාම නිතිය ක්‍රියාත්මක නොවී තියෙන්නෙත් නෑ . ලංකවේ නිතිය ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑ නේ . පුද්ගලිකව කෙනෙක් ලිංගික ශ්‍රමය විකිණීමෙ ගැටලුවක් නෑ , එමැඩම්ලයි පිම්පියොයි නිසා තමා ඕක ජාවාරමක් වෙන්නේ , ඕවට අලුතෙන් නිති ගෙනාවයි කියලා අර කෙල්ලන්ට රැකවරණයක් ලැබෙන්නේ නෑ , මැඩම්ල පිම්පියො ලංකාවේ ඉන්නේ නිතියට ඉහලින් . නිතිගත කලාට පස්සෙ වුනත් කෙල්ලෙක් පිම්පියෙකුට විරුද්ධ අධිකරණෙකට ගියොත් මාධ්‍ය කාරයොයි , සමාජයයිත් අර කෙල්ල දිහා බලන්නේ වපර ඇහෙන් , පිම්පියාගේ තත්වය අනුව කෙල්ලට වෙන්නෙත් අර මේජර් වෙච්ච වැඩේම තමා

      Delete
    19. සදාචාර යුක්තිගරුක සාධාරණ සමාජයක් ගැන කතා කරන බුවා. මට නම් පේන්නේ නීතියට වඩා අවනීතීයට ගරු කරන කෙනෙක් වගේ. එක්කෝ එහෙම දෙයක්, නැත්නම් හැම දේටම විරුද්ධ වීමක්. එසේත් නොමැතිනම්, ඔබත් මම මේ පොස්ට් එකේ සඳහන් කල අයගේ කැටගරියකට අයත් හෝ ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නේක්.

      Delete
    20. උඹට කැමති දෙයක් මං ගැන හිතා ගනින් , අවනීතියට ගරු කරන්නේ නෑ . හැබැයි රටේ රජ කරල තියෙන්නේ අවනිතිය කියල මට පේන්න තියනවා . එහෙව් කොට උන්ටම තවත් වාසි වෙන අලුත් නිතියක් ගේනවට මම විරුද්ධයි. ඒක තමයි මම මුල ඉඳලම කියන්නේ , මම විරුද්ධ සංකල්පයට නෙමේ, ලංකාවේ වත්මන් සමාජයට සංකල්පය ආදේශ කිරීම් ගැනය කියල

      Delete
    21. බුවා..
      ඇත්ත... සංකල්පය මේ සමාජයට ආදේශ කිරීමේ ප්‍රශ්නයක් මිස සංකල්පයේ ප්‍රශ්නයක් නෑ... නීතිමය පැත්තේ දුර්වලකම් සහ සමාජීය ආකල්ප වල තියෙන ගැටළු නිසා... අඩුම ගානේ සමාජීය ආකල්ප වල ගැටළුව විසඳන්නේ නැතුව නීතියකින් වෙන්නෙ පීඩිතයා තවත් පීඩාවට පත් වෙන එක... හැමදාම අවනීතිය රජ කරපු රටේ ඒ ගැන ඉතිං කුමන කතාද...

      Delete
    22. කෙටියෙන් කියන්නෙ නීතී අවශ්‍ය නෑ මොකෝ ඒ නිසා අවනීතිය කියලා එකක් ඇතිවෙනවා. එතකොට නීතී ඔක්කෝම අයින් කරාම අවනීතීය කියන දේත් නෑ. ඊටපස්සෙ අපි සංකල්පමය වශයෙන් සමාජය දැනුවත් කරනවා. ඔන්න අපි නීතී ඔක්කෝම අයින් කරා දැන් ඔයාලා ඕන දෙයක් කර ගන්න අපිට අවුලක් නෑ කියලා. මරු. මේ රට මේ තරමින් හරි තියෙන්නේ. පන්සිල් නිසාවත්, ටෙන් කොමාන්ඩ්මන්ට්ස් නිසාවත්, ෂරියා හරි බගවත් ගීතාව හරි නිසා නෙමෙයි නීතී නිසා...

      නියමෙටම තියෙයි.. හිරුට කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමයි....

      Delete
    23. උඹ නිකන් මහින්ද අබේසුන්දර වගේ අධිසාම්න්‍ය කරණය කර්න්න යන්නේ මොකෝ ,මේ කියන්නේ මේකට විශේෂයෙන් අදාල වූ දෙයක් .

      Delete
    24. තර්කයක් ගොඩ නගා ගන්න පහත්ම අඩියකට යන්න එපා බුවා. ඒක මම උඹේ දකින් දුර්වලතාවයක්...

      Delete
    25. පහත්ම අඩිය කියන්නේ මොකක්ද කියල මම දන්නේ නෑ , මගේ තර්කය පටන් ගත්ත වෙලාවේදිම මතුකරල ඉවරයි . උඹේ අන්තිම කමෙන්ට් එකට මට කියන්න තියන දේ තමයි මම කියල තියන දේ අධි සාමාන්‍ය කරණය කරන්න එපා කියන එක . අර දාපු නම් අවුල් නම් එක අයින් කරගනින් . මට කියන්න තියෙන්නෙ ඔච්චරයි . උඹ දිනුම් , මම පරාදයි . මම උඹ වගේ රැඩිකලුත් නෙවෙයි , තාම ගෝත්‍රික .

      Delete
    26. ගමේදී ගලෝලා දාලා ආව අමුඩ කෙටිය ආං තවම උඹේ පිල උඩ. ඒකත් ඇදගෙන කුඹුරු කොටාපිය.වැද්දා ආවා සුද්දා වෙන්න.

      Delete
    27. බුවා අද මෙතනත් කක්කා දාලා නේද

      Delete
    28. @මාතලන් - මාත් ඉන්නේ බුවා දරන ස්ථාවරයේ , මොකද ලංකාවේ තියන ලිංගික අසහනයට උත්තරේ ගණිකාවො නොවන නිසා . ඇමරිකාවේ ඔය වැඩේ නිති විරෝධියි . හැබැයි ලංකාවේ වගේ ලිංගික අසහන කාරයෝ පිරිලා නෑ . කොල්ලො කෙල්ලො ලිංගික අත්දැකීම් ගන්නේ හයි ස්කුල් ඉන්න කාලෙම . කසාදයක් ඇතුලේ වුනත් ගැනි මිනිහා දන්නවා අනික් කෙනාට ඕනි මොනවද කියලා , ඒක ලැබෙන්නේ නැත්නම් වෙන එකක් කරගන්නවා මිසක් බඩු පස්සෙ දුවන්න ඕනි කමක් නෑ . හැබැයි වැඩේ යනවා ,නමුත් ලංකාවේ වගේ දරු පවුල් කාරයො බඩු පස්සෙ දුවන්නේ නෑ . ගොඩක් වෙලාවට අවිවාහක අය සහ සංක්‍රමණිකයින් තමයි ඕකට පෙලඹෙන්නේ . කලා වගේ නෙවෙයි පොලිසියට අහුවුනොත් ගණිකාවයි ,කස්ටමරුයි දෙන්නම අමාරුවේ . මම මේ කියන්නේ අවුරුදු කිපයක අත්දැකීමෙන් . මාතලන් රට රටවල යනව කීවනේ ඇමරිකාවේ ආපු වෙලාවක ඔය ගැන හොඳට හොයල බලන්න .

      Delete
    29. @AnonymousNovember 25, 2012 11:25 PM- අමුඩේ හොඳා උඹලවගේ හෙලුවෙන් ඉඳන් ඒකත් රැඩිකල් කියන උන්ට වඩා

      @AnonymousNovember 25, 2012 11:37 PM- ඉතින් උඹට තියන අමාරුව මොකක්ද ?

      Delete
    30. කියන එක මාතලන් තේරුම් ගන්නෙම නෑ නේ ඔන්න පොස්ට් එකක්ම ලිවුවා දැන්වත් තෙරෙර්නවද බලමු.
      http://udithame.blogspot.com/2012/11/prostitution-legalize-or-decriminalize.html

      Delete
    31. @ තුසිත
      ඇමරිකාවේ නම් ගිහින් නෑ. නමුත් බ්‍රොතල් හවුස් ගේ ක්ලබ් ලෙස්බියන් ක්ලබ් ඕන තරම් තියෙනවා, අනික ඔහේ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට නීතිය වෙනස්, ලිංගික අසහන කාරයෝ ගැන නම් කියන්න එපා. ඉරාකයේ, ඇෆගනිස්තානයේ කාන්තාවන්ට කරපු දේවල් ප්‍රසිද්ධ රහස් පමණයි. ඒවා ඔබ දකින්නෙ නෑ. බුෂ්ලට විතරයි පෙන්නන්නේ. අනික අපි මෙහේ කොප්ස් කියන් එකෙනුත් ඔහේ ප්‍රවෘත්ති ජාල වලිනුත් ඔහේ අයගේ වැඩ ගැන සෑහෙන දන්නවා. ජපානේ තත්වෙත් ඒකයි. දරු පවුල් කාරයෝ දුවන්නෙ නෑ කියන එකත් මම පිලිගන්නේ නෑ. නමුත් සෙක්ස් ගැන බොහෝම දැණුවත් කියන් එකනම් පිලිගන්නවා. කොහොමත් ඔහේ එක්ක කොම්පෙයා කරාම මේවා අපාය වගේ පේන නිසා මෙහේ නීතීගත කලාම ඔයාලා බයයි. ඇමරිකාවේ ගියත් බතුයි කරවලයි නැතුව බැරි යාළුවෝ ගොඩක් මටත් ඉන්නවා.

      Delete
    32. @ උදිත
      // ගණිකා වෘත්තියේ යෙදීමේ සාපරාධී බව තොර කරන එක (Decriminalization) කරාම මේ අනතුර ඒ ලිංගික ශ්‍රමිකයන්ට නැති වෙනවා. ඒ නිසා මේ ස්ව කැමැත්තෙන් තොරව මේවායේ යොදවන ගැහැණු බය නැතිව එලියට ඇවිත් නීතියේ පිලිසරණ පතාවී . //

      නීතීයේ පිලිසරණ පතන්නට නීතීයක් තියෙන්න එපාය. ඔය සුද්දා බලෙන් පටවපු නීතීය හින්දා තමයි රටේ මහජනතාවට ඔබ කියනා නිදහස ලැබුනේ. නැත්නම් ඉතින් රාජ නීතීය විතරයි, වැඩවසම් ක්‍රමය. රජ්ජුරුවන්ට කඹුරන එක විතරයි. කරුමේ කියන්නෙ. සුද්දා 1948 ගිහින් අද ජීවත් වෙන්නේ 2013 කියන් වසරට ඔන්න මෙන්න කියලා, අපි ඉන්නේ තාම 1948 ඔළුවේ තියාගෙන. මට ඔබේ තර්කය මුල ඉඳලම ඉතා පැහැදිලිව තේරුනා මචෝ

      Delete
  7. මොනාද බන් අයියෙ.. උඹ නිකන් පොල්ලෙන් ගහනවා වගේනෙ උත්තර දෙන්නෙ.. උඹට මොනාහරි වෙලාද? :)

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම ගතියක් දැක්කනම් සමා වෙන්න ඕන. ඒත් ඔයාලා වගේ රට ළෝකේ දන්න අයත් මෙහෙම කතා කරාම පට්ට දුකයි...

      සිත රිදුනා නම් නැවත වරක් සමාව ඉල්ලමි..

      Delete
    2. රට ලෝකේ දන්න කියන්නේ පල්ලියේ හතර මායිමයි. බයිබලේ ගිරවා දාපු එකටයිද අයියේ.

      Delete
  8. මටත් බුවාට සමාන අදහසක් තියෙන්නේ.

    ඔය කියන තරම් ඕක සුන්දර නෑ මචන්. ලීගලයිස් කලා කියා වෙනස් නොවෙන දෙයක්. කොටින්ම මා ජීවත් වන රටේ සෙක්ස් මුදල් වලට ගත හැකි දෙයක්. ඒකට වරදක් නෑ. ඒත් මේ රටේ බහුතරයක් වෙන්නේ කොහේ හරි දුප්පත් රටක කෙල්ලො ටිකක් අරන් ඇවිත් පාරට දාලා මාෆියා කාරයෝ සල්ලි හොයාගන්න එක. මේක ක්‍රමවත්ව කරන්න මොන විදියකින්වත් බෑ වගේ මතයක් මට නම් තියෙන්නේ.
    ඔය රුමේනියන්ස්ලා. පෝලන්ඩ්ලා, කල්ලියෝ අඟලින් අඟලට දවසින් දවසට පාරේ වැඩි වෙනවා. මෙහේ පගාව නොගන්න පොලිසියක් හිටියත් දේශපාලක රෙකමෙන්ඩේසන් නැතිවත් ඕකට සටනක් දෙන්න බෑ. (මොනවා උනත් රේප් කේස් අසහනකාරයෝ නම් අඩුයි කියන්නම ඕනේ.)

    (ඔය උඩින් තියෙන ෆොටෝ එක කොහෙන්ද මචන්? ඔය ආර්ස් හොටෙල් එක තියෙන්නේ මගේ ගෙදරට ළඟ. )

    ReplyDelete
    Replies
    1. ෆොටෝ එක නම් ගත්තේ ජාලෙන්. උඹ එක දෙයක් හරි අඩුවෙනවා කියලා පිලිගත්ත එක ගැන මට සතුටුයි, ඒත් මචෝ උඹම මට කියපන්, රුමේනියන්, පෝලන්ඩ්, කල්ලියෝ වගේම මෝල්ඩෝවා වල ඉඳන් කැමැත්තෙන්ම එන අය කී දෙනෙක් ඉන්නවද...? ඩුබායි වල අය ගොඩක් මේ ගැන දන්නවා. ඒ ඇයි උන්ගේ රස්සාවට වැදකත් කමක් තියෙන නිසා. පාර්ලිමේන්තුව පවා නියෝජනය කරන්න ඒක ලැජ්ජාවට කරුනක් නෙමෙයි. මට දුක. මේ අයගේ සේවය නෝටී ඇමරිකා තුලින් හරි ලබන පිරිමි ගැන නෙමෙයි. කෙල්ලෝ ගැන..

      Delete
    2. මචන් මම කීවේ නීතිගත වුනත් බොහෝ වෙලාවට ඕක තවමත් පාරෙන් අයින් කරගන්න බෑ.
      ජාවරම් කාරයෝ එමටයි. ඔව් මාත් පිලිගන්නවා බලෙන් ගේන කෙල්ලො වගේම බොහොම කැමැත්තෙන්ම මේ රස්සාව කරන අය.
      මම නීතිගත වෙනවාට අකැමැති නෑ එහෙම නොවුනත් එහෙම වුනත් ලොකු වෙනසක් ගැන බලාපොරොත්තු නෑ. ඒ සමහරවිට ගණිකාවක් හෝ ඒ වෘතියේ නියලෙන කෙනෙක් අපිට විශේශ දෙයක් නොවෙන සාමාන්‍ය දෙයක්ම වෙන හින්දා වෙන්නත් පුළුවන්. ගණිකාවක් වෙන්න කෙනෙක්ට ලොකු ශක්තියක් තියෙන්න ඕන. යකඩ ගැහැණු වගේ.
      හැබැයි මෙහේ අනේ මම අර පොට් එකටත් ගිහින් ආවේ කියලා කීවට සමාජේ එක වැරදි දෙයක් විදියට නම් බලන්නේ නෑ. අපි හැමෝම සාමන්‍ය මිනිසුන් නිසා.

      Delete
    3. ඕනම රටක පාරට බහින්නේ මාකට් එක අඩුම කට්ටිය. ගොඩක් අය මිඩ්ල් ඒජ් වල අය. උඹ කියපු දේ තම්යි වටින්නේ. මේ සේවය සපයන එකත්, සේවය ලබාගන්න එකත් සාමාන්‍ය දෙයක්. නමුත් මෙහේ සේවය සලසන කෙනා වේසී සහ පොන්නයා. සේවය ලබා ගන්න එකා පොර. අපේ කට්ටියගෙ තරම කොමෙන්ට්ස් වලින් පේනවනේ. ගුණරත්න රං බන්ඩා වර්ණනා කලාට අමරසිරී පීරිස් වර්ණනා කරාට ප්‍රස්තුත කාන්තාව තවමත් වේසී. බොරුවට තම්යි අඬන්නේ අය්යෝ පව් අනේ, අපරාදේ අනේ. ඒත් මිනිස්සු නේද අනේ කියලා. ඕන් අපේ කුහකත්වය.

      Delete
  9. නීතිගත කරන්න කලින් මට ප්‍රශ්න ටිකක් තියේ...

    පලවෙනි එක.. ගණිකා සේවය කිව්වම ඕක ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම සේවය සැපයිය හැකි ආකාරයට නීතිගත කරන්නද යෝජනා කරන්නේ..නැත්තං ගෑණු ටික විතරක් පාරට දාන්න ලයිසන් දෙන්නද ලෑස්තිය..?

    අළුතින් කෙනෙක් මේ රැකියාවට එන්නේ කොයි ආකාරයෙන්ද..? වෘත්තීය පුහුණු ආයතන වලින් එළියට දානවද..? නැත්තං උපාධියක් දීලා එළියට දානවද.. නැත්තං ගම්වල ඉන්න කෙල්ලෝ ටික බලෙන් ගෙනල්ලා අතාරිනවද..? එහෙමත් නැත්තං දැනටත් සේවා ස්ථාන වල උසස් නිලයන්ට අල්ල අල්ල ඉඳිමින් වාසි ගන්න ගෑණු ටික ඒ සේවා ස්ථාන වලින් අහක් කරලා මේකට අනුයුක්ත කරනවද..? මේක මට තියෙන ලොකු ගැටළුවක්.. මොකද මං හිතන්නේ නැහැ ළමයෙක් ඉගෙන ගන්නකොට මං අනාගතයේ මේ ෆීල්ඩ් එකේ ජොබ් එකට බහිනවා කියලා හිතං ඉගෙනීම ලබයි කියලා... එහෙම නැත්තං ඉගෙන් ගන්න බැරි උනත් කමක් නැහැ මං යනවා ගණිකාවක් වෙන්න කියලා එයිද වැඩේට... (වෙන තියා අහන්න වෙන කුනු කතා හින්දා ගාමන්ට් රස්සාවට යන්නත් පස්ස ගහන ළමයි ඉන්න කාලයක් මේක..) දැනට සේවය සපයන අය කෙලින්ම රෙජිස්ටර් කරලා ආණ්ඩුවට ගානකුත් අරං ෂේප් වෙන එකට වඩා අනාගත සේවා සැපයීම සිද්ධ වෙන්නේ කොහොමද කියලා නිශ්චිත වැඩ පිළිවෙලක් තියේද..?

    ඒ ඔක්කෝමත් හරි... දැන් තියෙන තත්වය යටතේ දාහට දෙදහට යන ඒවත් බදු ගෙවලා අර වා මේවා ගෙවිලා එද්දී පන්දහ හය දාහට යයිද..? :D

    ඔය වගේ ප්‍රශ්න වලට පිළිගත හැකි උත්තර තියේනං මමනං විරුද්ධ නැහැ ඕක නීතිගත කරනවට... කාට උනත් එතකොට කඩේට ගිහිං බඩුවක් ගන්නවා වගේ.. සැලුන් එකට ගිහින් කොණ්ඩේ කපං එන්නැහේ ගෙහුං එන්ට බැරියෑ නම්බු පිටින්...

    ReplyDelete
    Replies
    1. පළවෙනි එක ඔවු. මොකෝ අපේ රට පිරිමි ලිංගික සේවයටත් ප්‍රසිද්ධයි, කාන්තාවන්ට මෙන්ම පුරුෂ පාර්ශවයටත් සේවය සැලසීමට.

      බලෙන් ගෙනත් පාරට දාන්න ඕන නෑ. මේක බොහොම කැමැත්තෙන් කරන අයත් බොහෝ සිටිනවා. ඔවුන් වයස් ගතවූ විට අන්ත අසරන වනවා. අවශ්‍ය වන්නේ ඔවුන් දැණුවත් කිරීමයි.

      වාසනාවට රත්තරන් දොස්තර මහත්වරු පිරිසක් බලෙන්ම සොයාගෙන ගොස් මේ අයව දැනුවත් කරණවා නොමිලේම. පරීක්ෂණ පවා නොමිලේ කර දෙනු ලබනවා. මගෙත් මිතුරෙක් ඉන්න නිසා මා එය හොඳින්ම දන්නවා. ඔහුට ගෞරවයක් ලෙස ඒ පිරිසට මා මේ අවස්ථාවේ හිස නමා ආචාර කරනවා (උඹලා ආඩම්බර වෙන්න එපා මේක දැකලා)

      ගාන පොඩ්ඩක් වැඩි උනත් මොකද බන් වැඩි කොටසක් ඒ අයට ලැබෙයි නේ. අපිත් එතකොට පවක් කරා කියන හැඟිමට වඩා පිනක් කර ගත්තා කියන සිතිවිල්ල වත් ඇති වෙනවනේ.

      මම හිතන්නේ උඹේ ඔක්කෝම ප්‍රශ්ණ වලට පිළිතුරු දුන්නා කියලා.

      Delete
    2. කැමැත්තෙන් කරන උන් ඉන්නවා? හත්දෙයියනේ මන් හිතුවේ අපේ රටේ පාතාලෙ උන් බලෙන් ගෙන්නලා දාපු උන්, රේප් සීන් හින්දා, කොල්ලො බල්ලො හින්දා අතරමන් උන එවුන්, වෙන මොකවත්ම කරගන්න බැරුව සුහදගින්දර නිවාගන්න විදියක් නැතුව මේක කරන උන් විතරයි ඉන්නෙ කියලා. මේකට බොහම කැමැත්තෙන් කරන උන් ඉන්නවා කියන එකේ තේරුම උන් ඇරගන්න ආසාවට එනවා මිසක්, හම්බකරගන්න එනවා නෙවෙයි කියන එකද? එහෙම එනව නම් උන් මොටද සල්ලි ගන්නෙ? නෑ මචන්. මන් හිතන්නෙ නෑ මේ ගෑනු ආසාවෙන් මේක කරනවා කියලා. එහෙම කරනවා නම් ඒ ගනිකාවො නෙවේ. වල් සහ වේ* කියලා හඳුන්වන කට්ටිය, එයාල නම් කැමැත්තෙන් කරන්නෙ. ඒත් ගනිකාවො කැමැත්තෙන් කරනවා කියලා මම හිතන්නෙ නෑ බන්. උන්ගෙ කැමැත්ත තියෙන්නෙ තමන්ගෙ කය වෙහෙසලා මැරෙන්න තරමට දුක් විඳලා හරි හම්බු කරගන්න රුපියල් සත වලට. තමන් කැමැත්තෙන් මේක කරනවා කියල උන් කියන එකේ තේරුම ඒකයි. ඇත්තටම කියන්න බලන්න, ඔය හැම ගනිකාවක්ම තමන් මාසෙකට හම්බු කොරන ගානම හම්බෙන වෙන ජොබ් එකක් හම්බුනොත්, දිගටම ඔය ජොබ් 1ම කරයිද? නෑනෙ? රෑ එලි වෙනකම් නිදිමරාගෙන, මිනිහෙකුට ආතල් දෙන්න අපා දුක් විඳගෙන ඉන්න එකට උන් ආසයි කියලා මම හිතන්නෙ නෑ. ඔය ආසයි කියන උන් එහෙම විඳවන උන් නෙවෙයි, විඳින උන්.. උන් සල්ලි ගන්නවා නම්, ඒ අමතරව. ඔය පහු කාලෙ අපේ නිලියො හෙමත් ආවා කිව්වනෙ? ඒත් ආවෙ මේකට ආසාවෙන්ද? ම්හු. නෑ, කීයක් හරි හම්බුකරගන්න ආවෙ. එහෙම නැතුව ආසාවට එන උන් නම් යන්න තැන් නොදන්නවය??

      Delete
    3. @ ස්පයිඩර් ද ඩිටෙක්ටිව්
      ඔබගේ කොමෙන්ටුව, ඔබ ඔවුන් දක්වන ආකල්පය ගැන පෙනෙනවා. ඒවන් කෙනෙක් හා තර්කයක් ගොඩ නැගීම තේරුමක් නැති දෙයක්. පොඩ්ඩක් බෙයාර් ෆුට් ඇවිදින්න උත්සාහ කරන්න.

      Delete
    4. @ ස්පයිඩර් ද ඩිටෙක්ටිව්
      තර්කයක් නැගීමට පලමුව 2500 කට ගනිකාවක් සමග යහන් ගතවී එන්න.... යථාර්තය ඔබට බොහෝ පිටුපසිනි..

      Delete
    5. ඕකේ මචන්. මන් කිව්වෙ මම හිතාගෙන ඉන්න හැටිය.

      Delete
  10. හැබැයි ඕක නීතිගත කලොත් අපේ උන්ට හදිසියේ ග්‍රීස් යක්කු වගේ හෙළුවෙන් තාප්ප වලින් පැනලා දුවන්න ඕන වෙන එකක් නැහැ,

    ReplyDelete
    Replies
    1. පොඩි කොමෙන්ට් එකක් උනත් රත්තරන්. බොහොම ස්තූතියි....

      Delete
  11. මහාචාර්ය මාතලන් තුමා මට මදක් ඉස්සර වී ඇත.. මම ලියාගෙන යන විට ඔබ පළ කර හමාරය... කම් නැත... මගේ ලියවිල්ලද අනිද්දා මධ්‍යම රාත්තිරිය පහුවෙන වංගියේ බ්ලොග් අවකාශයට එකතු වෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. මධ්‍යම රාත්‍රියේ දාන්නේ මොකෝ. සේවා ස්ථානයක ඉඳන්ද දාන්න යන්නේ... විහිළුවට හොඳේ. නැත්නම් ඒකත් ගනියි කොස්සට. උඹ නෙමෙයි අනිත් අය...

      Delete
    2. නෑ නෑ... මම ගෙදර කොම්පීතරෙන් හැමදේම කොරන්නෙ... මට Unlimited තියෙන නිසා බයිට් ප්‍ර‍ශ්නෙකුත් නෑ... සින්ඩිවල මුල පිටුවෙ සෑහෙන වෙලා තියන්න පුලුවන් ඒ වෙලාවට දැම්මාම...

      Delete
    3. සිරා.. තැන්කියු ඈ ඒ ටිප් එකට.. හි හි...

      Delete
    4. උඹත් එහෙම කරලා බලපන් හිරු...

      Delete
  12. අම්ම ගහයි.. නීති ගත කොරන්න..එපෝ... ඈ .. දැන් ඉන්න ගනුත් පිට යයි.. උන්ට කොරන්න වැඩ හම්බු වෙනවනේ.. ඈ

    ReplyDelete
    Replies
    1. ගල් යුගේ කෙනෙක් වගේ.... ම ඉතින් බ්ලොග් ලියන බලන උදවියනේ....

      Delete
  13. හරි ...අපි කියමුකෝ ඕක නීති ගත කලා.ඊට පස්සෙ පොලීසියෙන් පනින්නේ නෑ. ඒ හන්දා " මහත් හොරු " ගානට නොයා " මහත්තුරු " ගාණට ඔය තැන වලට ඔය තැන් වලට ගිහින් ඔය තරම් අසහනයෙන් ඉන්නවාය කියන හේතුව කරගෙන ආවය කියලා.. ඒ කියන්නෙ ඊට පස්සෙ මේ රටේ ළමා අපචාර සිද්ධ වෙන්නෙ නෑ... ස්ත්‍රී දූෂණ නෑ... ජැක් ගැහිලි නෑ...ගෑණු අයට මහ රෑ උනත් බයක් සැකක් නැතුව පාරේ යන්න පුළුවන්....එහෙම වෙනවා නම් හරි නීතිගත කරමු. ...

    ඊට පස්සෙත් අර ටිකම සිද්ධ වෙන්නෙ නෑ කියලා කාටද කියන්න පුළුවන් ?ගෙදර ගෑණු අයට හොරෙන් හොරෙන් ඔය තැන් වලට රිංගාපු අය එළිපිටම ඒ වගේ තැන්වලට ගියාම පවුල් අවුල් නැති වෙයිද ? එහෙමත් නැත්තම් " දැන් කිසි ප්‍රශ්ණයක් නෑ " කියන මතයේ ඉඳන් ලේසි පහසු විදියට අනිත් ගෑණු අයත් ඔය රස්සාවට බැස්සොත්...පවුල් ජීවිත ඉතුරු වේවිද ? එතකොට විශ්වාසය...

    අනේ මන්ද අප්පා...මඤ්ඤං වගේ මේවා නම්...

    ReplyDelete
    Replies
    1. දැන් මිනී මරන එක නවත්තන්න නීතී ගෙනත් තිබුනට මිනී මරණ එක නැවතිලා නෑනේ. නමුත් ඒක කරන්න දෙපාරක් හිතන්නේ නීතියක් තියෙන නිසා, එතකොට හොරකම ඒත් එහෙමයි, කෙනෙක් දෙපාරක් හිතනවා. ඔය කියන් විදියට අද තියෙන ප්‍රශ්ණ එහෙමම තියෙයි. එතකොට ඒ සේවාව සපයන අයටත්, කැමැත්තෙන් ලබා ගන්න ඉන්න පිරිසටත් වෙන්නේ අසාධාරනයක්. මේ තමයි ළෝකේ මුල්ම රස්සාව. රස්සාව කියන්නෙ කෙනෙක් ජිවත් වෙන්න කරන දේ. එතකොට ඒ මනුස්සයටත් ගෞරවයක් ලැබෙනවටද ඔබ අකමැති, කැමති කෙනා යයි. අඩුගානේ රේප් කේස් වත් අඩුවෙයි. කාළකන්නි හදන්න බෑ මොනවා කරත්. බීලා ඇවිත් ගෑණිට ගුටි කෙළින එකත් මෝඩයා, එහෙම ගිටි කන එකිත් මෝඩයා. මේවා ලීගලයිස් කරාම අඩුගානේ ඒ මිනිස්සුන්ට ආරක්ෂාවක් තියෙනවා. ඇත්තටම ඔයාලා ගෑණුද.......?

      Delete
    2. ගිඟා කෑමත් පරණ රස්සාවක්. නැති බැරි එකා අත පාලා ඉල්ලන් කෑවා. අන්තීමට උනේ ඒක බිස්නස් එකක් උනා. අත පය තියෙන එකාගෙ අතපය කඩලා හරි..එහෙමත් නැත්තම ඉන්න අංගවිකල අය එකතු කරගෙන හරි බිස්නස් එක විදියට හිඟන්නන් යොදවන රටක් නෙ මේක. ඔය ගනිකාව කියන කෙනා සපයන්නෙ සේවාවක්ලුනේ. හරි දැනටත් ගණිකාව මෙහෙයවන ලොකු අතු බයේන් තමා ඔය බිස්නස් එක කරන්නෙ. මේක නීති ගත කලාම...මරු..බයක් නෑ එළිපිට බිස්නස්..ඊට පස්සෙ ඉල්ලුමට සැපයුම මදි උනාම...ආයෙමත් අර පරණ දේම වෙයි..ගමේ ඉන්න අහිංසක කෙල්ලො බලෙන් ගෙනාව දැම්ම..ඉස්කෝලෙ යන දැරිවියො ඉස්සුව ගෙනත් දැම්මා...

      මේක ලංකාව මාතලන්..." නීතියට" ගරු කිරීමක් නෑ...මේක නීති ගත කරන්නෙ වාසියට..එතකොට ඇමතිලාට ස්පා කියන බෝඩ් කෑලි ඕනෙ නෑ...කෙලින්ම brothel house..

      අනික මාතලන් " ගෑණු " කියලා හැම දේකටම අත උස්සන්න ඕනෙ නෑ..තමන් ඒකට කැමති නැත්තම් ගෑණු කියලා නෑ...ඒක නිසා ගෑණුද කියලා අහන්න එපා..ගණිකාව අනුමත කරන කොට්ඨාශයකුත්...නොකරන කොට්ඨාශයකුත් ඉන්නවනේ... ඔයාගෙ නෝනා කැමතිද ඔයා ගණිකාවක් ලඟට ගිහින් එනවට ? මම නම් මගේ මිහිහෙක් ගණිකාවක් ලඟට යනවට කොටින්ම කැමති නෑ...හොරෙන් ගියොත් මිසක්..

      Delete
    3. ඒ වගේම මාතලන් කැමතිද තමන්ගෙ නෝනා, නැත්නම් තමන්ගෙ කවුරු හරි ඔය ජොබ් එක කරනවට???

      කරුනාකරලා මාව වැරදියට හිතන්න එපා. ඇත්තටම මාතලන්? මගෙත් යටි හිත කැමති ඒකට.කොල්ලෙක්නෙ මන්. ඒත් ඔයාගෙන් අහපු එකම මම මගෙනුත් අහනවා. ඒක ඇත්තටම ලොකු බයක්.

      [අදීන මාද්දියවේදියෙක් වන, "සී ඒ චන්දරප්‍රේම" මහත්තයා "කොළ පාට සමජය" කියලා පොතක් ලිව්වේය. ඒකේ තිබුනේ ගණිකා වෘත්තිය නීතීගත කළ යුතුය කියලාය. අපේ උන් ඒ මහත්තයා මරාගෙන කෑවේය.]
      මේ මිනිස්සු එහෙම කලේ තියෙන කුහක කමට වෙන්නැති, නැත්නම් හිතේ එකක් හංගගෙන වෙන එකක් කියන සිරිත වෙන්නැති. //දැන් මම උනත් මම මාතලන්ගෙන් අහපු එකට මලම පනින්නැති. නැත්නම් මෙන්න තවත් එකෙක් කියලා මට හිනාවෙන්නැති. ඒත් මේ එකක්වත් නෙවෙයි. ඒ බය..

      මට නංගි කෙනෙක් ඉන්නවා බන්. ඒකිට දැන් 18 පැනලා. මෙහේ ඉන්න බල්ලො ටිකක් ඇවිත් ඒකිව පැහැරගෙන ගිහින් මෙහෙම දේකට යෙදෙව්වොත්? මන් යනවා පොලීසි. ඒකට විරුද්දව නීතියක් තියෙනවා මේ රටේ. නීතිය වැඩ නොකරනවා වෙන්න පුලුවන්. ඒත් මට පුලුවන් තරමක් මම සටන් කරනවා ඒකිව බේරගන්න.
      ඒත් මේක නීතිගත කරලා නම්? අරුන් කෙල්ලගෙ බෙල්ලට පිහිය තියලා කියයි කැමැත්තෙන් ආවෙ කියලා පිලිගනින් කියලා. එතකොට ඒකි හැමදාමත් නරකාදියේ. මට කරන්න දෙයක් නෑ.

      ඉතින් මේ රටේ ගනිකා වෘත්තියට විරුද්දවයි තාම නීතිය. ඒ හින්දා ගමේ නගරේ උනත් ගෑනු ටික බේරිලා ඉන්නවා(මානසික අසහනකාර රේපර්ස්ලාගෙන් නෙවෙයි) දැන් උනත් ගෑනු පැහැරගෙන එනවා. රවට්ටගෙන එනවා. ඒත් අඩුයි. ඒත් මේ නීතිය ආවොත්??? අනිවා ඒක වැඩි වෙනවාමයි. ලස්සන ගෑනියෙක්ට පාරෙ බැහැලා යන්න බැරි වෙයි. උස්සලා ගෙනැල්ලා තුවක්කුව පිහිය පෙන්නලා ජොබ් 1ට එන්ටර් කරයි. එතනින් එහාට කිසි ප්‍රශ්නයක් නෑ.ජොබ් 1 නීත්‍යානුකූලයි. ඒත් දැන් කාලෙ තාමත් එහෙම බෑ. ගෑනුන්ව ජොබ් 1ට එන්ටර් කරයි. ඒත් දැන් නීතිය හින්දා ගනිකාවො තියාගන්නෙක වියදම් සහිතයිනෙ. ඒ හින්දා දකින දකින ගෑනුන්ව උස්සන්නෙ නෑ කවුරුවත්.

      මම කිව්ව දේ වරදවා වටහාගන්න එපා. තේරුනාද මන්දා. මම මේකට විරුද්ද නෑ. මම අකමැති නෑ. ඒත් මට තියෙන්නෙ බය.

      ඇත්ත. මම පිලිගන්නවා මේක ආවොත් මේ රටේ සිද්ද වෙන ජරා අපරාද අඩුවේවි. අඩු නොවෙන්නත් පුලුවන්. ඒත් මම එක දෙයක් ඉස්තීරෙටම දන්නවා. මේ රටේ නැති අපරාදත් ඇතිවෙනවා. ඒ මොනවද කියලා අහන්න එපා. එහෙම අපරාද ඇති කරන්න දක්ෂ ව්‍යවසායකයො මේ රටේ ඉන්නවා.

      Delete
    4. මේ මගේ මතය විතරයි. අපහාසයක් කරන්න හිතුවා නෙවෙයි. මම වැරදිනම් කියන්න හේතු ඇතුව පැහැදිලිව.

      Delete
    5. @ ළිහිණි
      මම මේ ගැන කතා කරන්නේ රටවල් කීපයක හා මේ රටෙත් අත්දැකීම් ඇතිව, ඒ කියලා මට පොරක් වත් සුචරිතවාදියෙක් වත් වෙන්න අවශ්‍ය නෑ. මම ළෝකේ වටේ ගිය කෙනෙක්. අදත් මම යෙදි සිටින්නේ මේ හා සම්බන්ධ රැකියාවකයි. (සංචාරක මග පෙන්වන්නකු) මගේ චරිතය අනුව හා මා කළ රැකියාවන් අනුව, මම නොකීවත් මා ගැන මගේ බිරිඳ හොඳටම දන්නවා. ඇයත් මා මෙන්ම මහ පොලොවේ ජීවත් වන, ඕනෑම දෙයක් විවෘතව කතාකරන, අඹු සැමි සම්බන්ධතාවයට වඩා, මිතුරන් මෙන් සියළු දේ බෙදා හදාගන්න අය. දරුවන් සමග සම්බන්ධතාවයද එසේමයි. මම මේ අය බොහෝ දෙනෙක් අඳුනනවා. මම කතා කරන්නේ ඔවුන් වෙනුවෙන්. පැහැරගෙන ඇවිත් කරන තත්වයක් නම් ලංකාවේ නෑ. ඒත් රැවටීමට ලක් වීම් නම් සිඳුවෙනවා.

      ඒ නොදැණුවත් කම නිසා. මේ රැකියාව කැම්/ත්තෙන් හෝ අකමැත්තෙන් කරණ අයට ආරක්ෂාවක් තියෙන්නේ ඕන. පාරේ කුණු අදින මිනිහත් ඒ රස්සාව කරන්නෙ කැමැත්තකින් නෙමෙයි නේ. ගුවන් යානා වල වැසිකිලි ශුද්ධ කරන්නේ, කැමැත්තෙන් නෙමෙයිනේ. කොටින්ම පෞද්ගලික අංශයේ රැකියා කරන විශාල පිරිසක් රැකියාව කරන්නේ සතුටකින් නෙමෙයිනේ. නමුත් ඔවුනට අසාධාරනයකට විරුද්ධව කම්කරු උසාවියකට, උසාවියකට යන්න පුළුවන්. ඒ මේ මිනිස්සු අසරණයි. කෙසේ හෝ මේ රැකියාවට අනුකම්මා කරන අය කරන්නේ බොරුවක් බව මේ ළිපියෙන් ඔප්පු උනා..

      Delete
    6. ළිහිණි...
      ++++++++++++++++++++
      කියන්න තියෙන දේ හරියටම කියලා...

      ////මම නම් මගේ මිහිහෙක් ගණිකාවක් ලඟට යනවට කොටින්ම කැමති නෑ...හොරෙන් ගියොත් මිසක්..///
      මම නම් කකුල් දෙක කැඩෙන්න ගහලා ගෙයින් එළියට දානවා... එච්චරයි..... ආයිත් ඕක කියන්න අරුළු බුරළු ඕනේ නෑ මට.. කොච්චර විවෘත උනත්, කොච්චර තේරැම් අරගෙන හිටියත්, කොච්චර යාලුවෝ වගේ උනත් මම කැමති නෑ මගේ මිනිහා වෙන ගෑණියෙක් එක්ක ඉන්නවට... ඒක එයත් දන්නවා...

      මේක රැකියාවක් නෙවෙයි මාතලන්... මම නම් කොහොත්ම පිළිගන්නේ නෑ ගණිකාව කරන්නේ රැකියාවක් කියන එක... හිඟා කෑම රැකියාවක් නෙවෙයි.. මම නම් මේකට කියන්නේ කාන්තාව හූර ගෙන කෑමක් කියලා... මොකද කාන්තාව ලිංගික භාණ්ඩයක් කියලා විතරක් මේ සමාජය හිතන නිසා කරන්න දෙයක් නැති කමට ඇඟ විකුණන මේ වැඩේ, රැකියාවක් නෙවෙයි...

      කොච්චර නීති තිබ්බත් බාල වයස් ළමයි පිටරටවල ගෘහ සේවයට යවනවා... අපි ඔවුන් දිහා බලන්නේ පවු මේ පුංචි ළමයින්ට මේ කරන අපරාදේ මොකද්ද.. මේවා කරන උන් මිනිස්සුද .. කියන හැගීමෙන්... ගණිකාවක් දිහා අනුකම්පාවෙන් බලන්නේ අනේ මේ අහිංසක ගෑණියෙන් ජීවත් වෙන්න මොන තරම් දුකක් විඳිනවද.. එයා ළඟට ආව මිනිහෙකුත් එයාව දැක්කම මගෑරලා යන‌කොට, මනුස්සයෙක් හැටියට එයා හිතෙන් මොන තරම් දුකක් විඳිනවා ඇද්ද.. කියලා... මනුස්සකමක් නැති මිනිස්සුන්ගෙන්, තවත් මනුස්සයෙක් පීඩාවට පත්වෙනවා දකින‌ෙකාට හිතට එන මනුස්සකමට.. ඕකයි ළදුනේ ගිතයට ඇස් වලට කඳුලු එන්න හේතුව... නැතුව ඒ රැකියාවට කරන අනුකම්පාවක් නෙවෙයි...

      කරන්න ඕනෙම දේ ඒ ගෑනිව එතනින් අයින් කරන්න පුළුවන් එකම දේ එදා වේල හරි, හම්බකරගන්න පුළුවන්, දරුවො දෙමවුපියෝ රක්ෂා කරනවානම් ඒ ටික කරගන්න ප්‍රමාණවත් මුදලක් ලැබෙන රැකියාවකට යොදවන එක... එහෙම නැත්තම් කවුරුහරි කෙනෙක් එක්කෝ එයාව කසාද බැඳගෙන හරි කමක් නෑ එයාව ඒ තත්වයෙන් අයින් කරගන්න එක... කොටින්ම කියනවා නම් ඇය ගණිකාවක් වෙලා ඉන්න එක නවත්තන එක... නැතුව තව දුරටත් ඒකම කරන්න පුළුවන් වෙන්න අවස්ථාව හදලා දෙන එක නෙවෙයි..

      නීති හැදුවා කියලා මේ මිනිස්සුන්ට ආරක්ෂාවක් ලැබෙන්නෙ කොහොමද... දැනුත් තමන්ට අතවරයක් උනාය කියලා උසාවියකට ගිය ගෑණු ළමයෙක්ව විතරක් නෙවෙයි එයාගේ දෙමව්පියෝ පවා උසාවියෙදි තවදුරටත් අතවරයට ලක් වෙනවා... ඒක නිසා ගොඩක් අය කට වහගෙන දරා ගන්නවා... එහෙම තත්වයක් තියෙද්දි “ මේ මිනිහා මාත් එක්ක ඉඳලා සල්ලි දුන්නේ නෑ.. නැත්තම් ඉන්නකොට මට වදහිංසා කළා..” කියලා උසාවියකට ගියොත් ඇයව තවදුරටත් අසරණ කරලා දාන එක වෙන එකක් නැද්ද...

      මන්සසුයා කියන්නේ මුස්ලිම් ආගමේ උගන්නනවා වගේ සතෙක් නෙවෙයි... හිතන්න පුළුවන් කෙනෙක්... සත්තුන්ට සත්තු විදියට සලකනවා වගේ මනුස්ස වේසෙන් සත්තු වෙලා ඉන්න අයටත් ඒ විදියට සලකන්න ඕනේ... ඒක කිව්වේ රේප් කේස් ගැන..

      මම මේ කතා කළේ තමන්ගේ කාමාසාව සන්සිඳුවා ගන්න සහ ලොකු මුදලක් හොයාගන්න ගණිකාවන් වෙන අය ගැන නෙවෙයි... අපි හිතනවට වඩා එයාලට පුළුවන් තමන්ගේ ආරක්ෂාව සලසා ගන්න...

      ආ මේකත් ලියන්න ඕනේ... නීතිගත කරන එක ආණ්ඩුවට හොදයි... මොකද බද්දක් ලැබෙන නිසා... සිගරට්, අරක්කු වලට කොච්චර බදු දැම්මත්, දරුවන්ට කන්න බොන්න නොදී හරි ඒවා බොන මිනිස්සු ඉන්න රටක් වෙච්චි කොට, අද රු 1000ට ගන්න පුළුවන් එක්කෙනා රැ 5000ක් උනාය කියලා එයා ළඟට යන එක නවත්තන්නේ නෑ අපේ මිනිස්සු.... ඒක ෂුවර්...

      Delete
    7. රස්සාවක් කියන එකේ තේරුම මොකක්ද. එතකොට මේක රැකියාවක් නොවෙයි කියන්නෙ මොකක්ද?...මතක තියාගන්න මේක තමයි ළොව මුල්ම රැකියාව. ඒ රැකියාවට ගරුත්වයක් ලැබෙනවා නීතී ගත කිරීමෙන්. ඔයාලා හිතන්නේ ඔයාගේ මිනිහා යන එක ගැන විතරයි, එතන තියෙන්නේ ආත්මාර්ථකාමීකම කියන දේ. මම කියන්නේ තියෙන දෙයකට වටිනා කමක් දෙන්න කියන එක, විතරයි. උසාවියේදි අහන ප්‍රශ්ණෙ නෙමෙයි වැදගත්. පොලීසිවට ගෙනිහින් පෝලිම දාන එකයි නවත්තන්න ඕන. ඔයා එහෙම දෙයක් දන්නෙ නැත්නම්. දැන්වත් දැනගන්න. මට අවශ්‍ය ඒ දේ නැති කිරීම පමණයි. එතකොට පොලීසියට මේ දේ කරන්න බැරි වෙනවා. පොලීසිය එනකොට පාර පුරා දුවන්න ඕන නෑ. ඔයාල කොච්චර බන කිව්වත්, වරප්‍රසාද නොමැති පිරිසක් සෑම රටකම ජීවත් වෙනවා. මේ දෙයට යොමුවෙන්නේ. වෙන දෙයක් නැති නිසා තමයි. ඔයා දන්නවද තමන්ගේ දරුවන්ට කන්න දෙන්න, අබාධිත මනුස්සයා නඩත්තු කරන්න මේ රැකියාවේ යෙදේ අය කී දෙනෙක් මේ ළෝකේ ඉන්නවද කියලා. කරුණාකරලා පොලොවෙ පය ගහලා ජීවත් වෙන්න, සිහිණ ළෝක වල සැරිසැරුවත්.

      Delete
    8. අනික ඉතින් මිනිහගේ කකුල් දෙක කඩන එක නෙමෙයි කරන්න ඕන. එයා එහෙම තැනකට යන්න උන හේතුව හොයන එක. ඔයාලා ගැන මට ඇත්තටම ලැජ්ජයි...

      Delete
    9. පළවෙනි කමෙන්ට් එකට මුලින් උත්තර දෙන්නම්.. එයාට එහෙම යන්න කිසිම හේතුවක් නෑ.. ස්පාද, බොඩ් මසාජ්ද, සෙක්ස්ද අවශ්‍ය තරම් ලැබෙනවා ... ඒක නිසා එයා එහෙම යන්නේ නෑ කියලා මම දන්නවා.. බැඳපු මිනිහෙක්ට වෙන ගෑණියෙක් ළඟට යන්න ඕ‌ෙන් නම් ඩිවෝස් වෙලා යන්න.. ඒක ප්‍රශ්නයක් නෑ.. හැබැයි ගෙදර ගෑණියෙක් තියා ගෙන යන්න සාධාරණ හේතුවක් නෑ..

      අපෝ නෑ මාතලන්.. සිහින ලෝකේ ඉඳලා නෙවෙයි මේ කියන්නේ .. මේ රටේ පය ගහලා ඉඳලා... උසාවියෙදි අහන ප්‍රශ්න වැදගත් කේස් එකේදි.. ඒකෙදි ලැජ්ජාව, තරහා , දුක පැත්තක තියලා ඇත්ත කියන්න ඕනේ.. ඒක මම දන්නවා..

      ගෑණියක්ව ලිංගික භාණ්ඩයන් විදියට විකූණන එක රස්සාවක් නෙවෙයි.. ඒකයි මම කිව්වේ... ඔයා ඔය කියන දේවල් මම ඇහින්ම දැකලා තියෙනවා... ඒකයි මේ ගැන මේ විදියට කතා කරන්නේ...

      ///ඔයාල කොච්චර බන කිව්වත්, වරප්‍රසාද නොමැති පිරිසක් සෑම රටකම ජීවත් වෙනවා///

      මම කියන්නෙත් මෙන්න මේ අය ගැන තමයි... හරිද... ඔය නීතිගත කිරීමෙන් වෙන්නෙත් මෙන්න මේ පන්තියෙ අයව අසාධාරණයට ලක් වෙන එක.. පොලිසියේ රැයක් ඉන්නවා කියන එක මේක කරන අයට අමුතු දෙයක් නෙවෙයි.. එයාලට ඊට වඩා රිද්දන දේවල්, අසාධාරණකම් මේ සමාජයේ තියෙනවා...

      Delete
    10. මේ රැකියාව මේ ළෝකය පවතින තුරා තියෙනවා. මම කතා කරන්නේ යථාර්තය. එළි නොවනා සිහින ළෝක වල ජීවත් වෙන්න නම් මට කිසි උවමනාවක් නෑ. මම කතාකරන්නේ අප ජීවත් වන සුළු කාළය තුල ළෝකය පිළිබඳවයි. යථාර්තය පිළිබඳවයි. ඔබ පතනා දේවල් මෙන්ම අරුණිලා, උදිතලා, රාමච්න්ද්‍රලා පතන ළෝකයද මේ ළෝකයේ කවදාවත් බිහිවන්නේ නෑ..

      Delete
    11. මම මුලින්ම කිව්වා මාතලන් මට මේ නීතිගත කිරීම ගැන හොඳයි කියලත් හිතෙනවා, නරකයි කියලත් හිතනවා කියලා... එකෙන් මම කිව්වේ මම සිහින ලෝකෙක ඉඳලවත්, යථාර්ථය තේරුම් නොගෙනවත් කතා කරන්නෙ නෑ කියන එක.. මම කිසි තැනක කුහක වෙලාවත්, පෞද්ගලිකව මගේ අත්දෑකීම් වලින්ම විතරක් වත් කතා කළේ නෑ.. මම කළේ මේ සමාජයේ හැම තැනම දකින්න තියෙන උදාහරණයක් ඉදිරිපත් කරපු එක විතරයි... ඇත්තම කියනවා නම් ඔය සම්බන්ධයෙන් ඉතාමත් අමිහිරි අත්දැකීමක් මට තියෙනවා.. මගේ දෙයක් උනා නම් මට මෙතන කතා කරන්න පුළුවන්.. ඒත් ඒ මගේ දෙයක් නෙවෙයි... එතනදි මම දැක්කා පීඩාවට ඒ කාන්තාව පීඩාවට ලක් වෙන්නේ නීතියෙන් නොවෙන බව.. පීඩාවට පත් වෙන්නේ සාමාජයෙන්...

      මම කිව්වනේ සැමියා ගැන හිතන විදිය.. ඒක මේ රටේ විතරක් නෙවෙයි.. ඔය ශිෂ්ට යැයි, දියුණු යැයි, සංවර්ධිත යැයි, යථාර්තවාදී යැයි කියා ගන්නා හැම සමාජයකම ගෑහැණියට පොදු දෙයක්...

      මම දන්නවා මේ ප්‍රශ්නෙදි නීතියකින් කරන්න පුළුවන් දේ ගැන... නමුත් යථාර්ථය මේ සමාජය ඒකට තාම සූදානම් නෑ කියන එක ..

      Delete
    12. සුදුසු නෑ ගගා එක තැන ඉන්න එකද හොඳම දේ. එතනින් අඩියක් ඉදිරියට යන එකද....?

      Delete
    13. හිරු එටකොට බැදපු නැති හරි බදින්න කැමති නැති හරි අබදිත නිසා බදින්න කෙනෙක් නැති අය මොකද කරන්නේ ?

      Delete
    14. නීතිය ගේන එක සුදුසු නැත්තම් මොකද්ද මාතලන් කරන්න ඕනේ.. නීතිය ගේන එකද, සාමාජය සූදානම් කරන එකද... ? වෙද මහත්තයගේ එකේ මං අහපු දේ, ඔයා උත්තර දීපු දේ එයින් එක පියවරක් නෙවෙයිද...?

      මම මෙතන දිග කමෙන්ට් එකක් ටයිප් කලා මාතලන්... නමුත් ඒක මෙතන කිව්වා කියලා ඔයා මං කියන දේ වටහා ගන්න තත්වෙක ඉඳලා නෙවෙයි මේ ප්‍රශ්නේ දිහා බලන්නේ... ඒක නිසා මං ඒක අයින් කළා...

      ඔයා කතා කරන්නේ ගණිකාවක් තමන්ගේ “වෘත්තිය” සඳහා නීතිමය පසුබිමක් සහ ආරක්ෂාවක් නැති වීමෙන්, නීතිය ආරක්ෂා කරන්නන් අතින් සිදුවෙන පීඩාවන්ගෙන් බේරා ගන්න කරන්න පුළුවන් දෙයක් ගැන...

      මම කතා කරන්නේ ගණිකාවක් කියන තත්වය පිළිගන්න සූදානම් නැති, ඔයා කියනවා වගේ “ගෝත්‍රික” සාමාජයක මේක කරන්න සුදුසු නැති බව ගැන... ගෝත්‍රික කියන්නේ දියුණු නැති කියන එක නේ.. එහෙම එකකදි නීතිය රකිනවට වඩා කෙරෙන්නේ නීතිය කඩන එක... මොකද වැඩිපුර අවබොධයක් නැති නිසා....

      මම ඒ වගේ තත්වයකට වැටුන කෙනෙක්ට ඒකෙන් ගොඩ එන්න, ගණිකාවක් කියන පහත් තත්වයෙන් ගොඩ එන්න මට පුළුවන් විදියට උදවු කරන්න ලෑස්තියි.. කරළත් තියෙනවා... නමුත් එයාට තවදුරටත් ගණිකාවක් වෙලා ඉන්න උදවු කරන්න නම් ගෑණියෙක් විදියට විතරක් නෙවෙයි මනුස්සයෙක් විදියටත් සූදානම් නෑ... වෙන හේතුවක් හින්දා නෙවෙයි.. ඒ වගේ කෙනෙක් සමාජය අතින් විඳින පීඩාව මම දන්න නිසා... නීතියෙන් නෙවෙයි.. සමාජයෙන්...

      Delete
    15. ගණිකාව කියන්නේ පහත් රැකියාවක් නෙමෙයි. ඔබේ මතය එයින් සනාත වෙනවා. තවත් එක රැකියාවක් පමණයි. ඔය තත්වෙන් බැලුවොත් ඇස් කන් පිනවන කළාකාරයොත් කරන්නෙ පහත් රැකියාවක්. ඇත්තටම එහෙම මතයකුත් අපේ රටේ තවම තියෙනවා නේ කාළාකාරියන් ගැන. කළාකරුවෝ දෙවිවරු. තර්ක කරන්න ඉස්සෙල්ලා. මේ රැකියාව පහත් රැකියාවක් කියන දේ ඔළුවෙන් අයින් කරන්න. කිසිම රැකියාවක් පහතුත් නෑ ශ්‍රේෂ්ඨත් නෑ. ඔබේ මතය ඔබ තියාගන්න, ගණිකාවන්ට අගෞරව කිරීමෙන් වලකින්න. ඒ නිසා මගේ මතයට ඔබ දැමු පහල කොමෙන්ටුවට පිළිතුර සාධාරනයි. ඔයා ඔයාගේ පවුල හැදුන අමාරුව කියනවා. මේ මිනිස්සු ඊට වඩා දුකක් විඳින්නේ. කරුණාකර ගණිකාවකගේ සෙරෙප්පු දෙක දාගෙන හිතන්න.

      Delete
  14. mathalan aiye wede hodai, eka aulak theyanawa. Neethigatha karata passe dan 5000ta labaganna puluwan sewayata, rajaye badhu ekathu karama 15000k wei, ethakota makkei koranne.

    Man nam wedeta ekangai onna. Ara aula nethnam.

    ReplyDelete
    Replies
    1. ඔක්කෝටම වඩා ලොකු අවුලක් තියෙනවා. මේ ඉන්ගිරිසියෙන් හිංගල ලියන එක. ඕකට උත්තරයක් මම මාරයගෙ කොමෙන්ට් එකේ දාලා තිබුනා...

      Delete
  15. අනේ මාතලන් නිකන් බොරුවට දඟලන්නෙ නැතුව හිටපන්. උඹ කෑගැහුවා කියලා ලොක්කා මේං කියලා නීතිගත කොරයි. ඔන්න මාරයාවත් කිව්වා නම් පොඩ්ඩක් සලකලා බලයි.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... මාරයත් සප් එකක් දෙන්නම් කියලා තියෙන්නේ. කරනවනම් කරන්න පුළුවන් ලොක්කටම තමයි. ජාතියේ මුරදේවතාවනුත් වඳින පුදන පොරක්නේ....

      Delete
  16. මමත් හිතන්නේ මේක නීති ගත කල යුතුයි , එතකොට හැමදේම නොවුනත් යම් යම් සමාජ විෂම ක්‍රියා වල අඩුවක් තියේවි. අනිත් දේ ගණිකාවන් වුනත් ඔවුන් මිනිසුන්, ඔවුන්ටත් නීතිය තුල යම් සහනයක් තිබිය යුතුයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙම නීති ගත කිරීම අපේ දේශපාලුවන් ප්‍රමුඛ ජාවාරම් කරුවන් කොයි විදියට යොදා ගනීද කියන එක,

    ReplyDelete
    Replies
    1. ඒක වෙනම ප්‍රශ්ණයක්, සෑම ක්ෂේශ්ත්‍රයකටම බලපාන. නමුත් එකම එක හොඳ දෙයක් හරි වෙනවනම් ඒකත් ලොකු දෙයක් නේ. ඔබ මේ ප්‍රශ්ණය ඔවුන්ගේ ඇසින් දැකීම ගැන ස්තූතියි...

      Delete
  17. මේ ප්‍රශ්නේ දෙපැත්තක් තියෙනවා. ලැබෙන්න පුළුවන් එකම වාසිය තමා දුෂණ අවම වීම. අළුත් ප්‍රශ්න වැඩි වෙන්න ඉඩ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. එක හොඳ දෙයක් හරි වෙනවනම්, තිබෙන තත්වයෙන් ඉදිරියට යාමක් නේ. කොහොමත් සංචාරකයන් මගින් මුදල් හොයන්න යනවනම, නීතිගත නොකලත්, වඩාත් නම්‍යශීලී වන්න වත් වෙයි. දැන් තියෙනවා වගේ. මෙයින් බැට කන්නේ අනිත් රැකියාවන් වල වගේම පහලම පන්තිය.

      Delete
  18. අද පෝස්ටුවේ මාතලන්ගෙ කමෙන්ට් ඔක්කොම කියෙව්වට පස්සෙ මට තේරුනේ මාතලන් උත්තර ලියන්නෙ බොහෝම ආවේගයෙන් කියලයි....... ???????? :/

    ReplyDelete
    Replies
    1. සිරාවටම, මමත් මගෙ මතය කියන්න ගිහිල්ල කනේ පාරක් කෑව වගේ මට දැනුනෙ,.

      Delete
    2. උඹලා මෙතන ට එන්නෙ හුරතල් වෙන්නද ? මාතලන්ට කියලා අනේ පවූඌඌඌඌඌ කියලා අතගාව ගන්නද ?
      ගෙදර ගෑනිත් ඔහොමමයි රිදෙන්න ගැහැව්වොත් චුරු චුරු ගානවා. ඒකනේ මන් ගණිකාවො ළඟට යන්නෙ. නීති ගත කලත් නැතත්..

      Delete
    3. @ ලිහිණි, සුජියා
      එහෙම දෙයක් දැනුන නම් සමාවෙන්න. මම කැමති නෑ කිසිම කෙනෙකුගේ හිත රිදවන්න. නමුත් මේ ප්‍රශ්ණයේදි නම්, මගේ මිතුරන් කීප දෙනෙක් කියපු කරුණු සනාත උනා. බ්ලොග් කියන්නේ අද තියෙන දියුණුම මාධ්‍යයක්, මේක පුවත් පතක ගියානම් ළිපිය ලිව්වා එච්චරයි. නමුත් මෙතන සැමටම අදහස් දක්වන්න ඉඩ තියෙනවා. ඒ වගේම මගේ මතය කියන්නත් මට පුළුවන්. මට වැටහුන දේ තමයි. තිබෙන දියුණුම තාක්ෂණයක් පරිහරනය කළාට, මිනිස්සු ජීවත් වන්නේ තවම ගල් යුගයේ කියන දේ.

      Delete
    4. //ගෙදර ගෑනිත් ඔහොමමයි රිදෙන්න ගැහැව්වොත් චුරු චුරු ගානවා. ඒකනේ මන් ගණිකාවො ළඟට යන්නෙ. නීති ගත කලත් නැතත්..//

      the best truth ever

      Delete
  19. හික් හි ඔය ලෙසටම ලියලා තියෙන්නේ.මටනම් කරත් එකයි නොකරත් එකයි කරන එකා කරයි නොකරන එකා නොකරයි

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. මමත් කතා කරන්නේ ගණිකාවන්ට වන අසාධාරනය ගැනයි. බලාගෙන ගියාම. මෙයාලා මේ සින්දුවලට විතරයි අනුකම්පා කරලා තියෙන්නේ. වැඩි පිරිසක් ඉන්නේ පෝස්ට් එකේ සඳහන් කරපු අයමයි.

      Delete
  20. හැමදාම බත්, පරිප්පුම කන්න ගියහම එපා වෙන්නෙ පිරිමින්ට විතරද ? නෑ ගෑණුන්ටත් එහෙමයි..
    ඒකට පිළියමක් විදියට ඕක ලීගලයිස් කරන්නම ඕනිද ?
    කොරත් එකයි නොකරත් එකයි..
    අහුවෙයිද නැද්ද... පොලීසියෙන් පනීද නැද්ද ? කියලා හිත හිතා වැඩේ කොරන එකේත් අමුතුම ත්‍රිල් එකක් තියෙන බව කොරපු එකා දන්නවා..නොකරපු එව්වො නම් හිතෙන් මවලා..එක එක කතාන්දර කියයි..
    කසාද බඳින්න ඉස්සර වෙලා දාන්ඩම දඟලන එකා ඒ විදියටම බැන්දට පස්සෙත් දඟලනවද ? අඩුම තරමේ ඒ ෆ්‍රික්වෙන්සි එකවත්?
    සෙක්ස් කියන්නෙ තීයෙන අනිත් අවශ්‍යතාවලට වඩා තෘප්තිමත් කලහම මැජික් එකක් වෙනවා කියන එක ඔළු වලින් අයින් වෙන කන්..මේක මේ විදියටම ඇදෙයි..
    මේකත් ලීගලයිස් කොරනවද නැද්ද කියන ඉසූ එක සුළුතරයකට කන්ඩ සූත්‍රයක් උනාට බහුතරයකට වගේ වගක් නැති ටොපික් එකක් කියලයි මට නම් හිතෙන්නෙ ..

    ReplyDelete
    Replies
    1. ඔව් කොහොමත් මහ ළොකුවට කෑ ගැහුවට, අනුකම්පා කලාට, ඔක්කෝම කුහකයෝ කියලා හොඳට පේනවා.

      Delete
  21. අද තමයි මේ පැත්තෙ ආවේ. බලන කොට හරි උනුසුම් මාතෘකාවක්.
    මෙතන අපි ප්‍රකශ කරන්නෙ අපේ පෞද්ගලික මතයයි.මන් නම් හිතන්නෙ නීතිගත කරන එක හොන්දයි. නීතිගත කලා කියල හැම ප්‍රශ්නෙම විසන්දෙන්නෙ නැති වුනත් සමාජ රෝගවලින් ඔවුන් හා ඔවුන්ගේ දරුවන් බේරෙයි. ගනිකාවෝ තම ජීවිතේ අවසාන කාලය යම්කිසි සමාජ සුරක්ශිත තාවයක් ලබා ගනිවී. එක්තරා විදියකට චූටි හෝ ගෞරවයක් ඇතිව සමජයේ ජීවත් වෙයි.
    මේවා එකපාර සිදුවෙන්නේ නැ. නමුත් කාලයක් යනවිට මිනිසුන් එය පිලිගන්නවා. බිරින්දැවරුන් රට ගියාම තම දරුවන්, මිනිබිරියන් රේප් කරන පියවරුන්ටත් විකල්පයක් වෙයි. අපි කොහොම කතා කලත් ලින්ගික ආසාව මිනිහෙක් මැරෙන කල්ම තියෙන බව හා එය බොහෝ කාලයක් යටපත් කරගෙන ඉන්දීම ඉතාම අමාරුබව අලුතෙන් කියන්න ඕනෙ නැනෙ.

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහසට බොහොම ස්තූතියි. මම කතා කරන්නෙත් ඒ ගැනයි. දරුණු පීඩනයකට පත්වූ පිරිසක් ගැනයි මම කතා කලේ. නමුත් සමාජය ඔවුන් ගැන කරන්නා වූ අනුකම්පාව, ව්‍යාජයක් බවයි ඔප්පු වන්නේ. එක්කෝ ඔවුන් මේ රැකියාව හා වටපිටාව ගැන දැණුවත් නෑ...

      Delete
    2. ගණිකාවන් විකිනීමට ඇත.නීතිගත කරොත් මාත් පටන් ගන්නව බිස්නස් එක..මල් හතයි..ජිල් දෙකයි

      Delete
  22. අර දකුණු පළාතේ හාදයෙක් ඕක නීතිගත කොරන්න මුල පුරලා තියෙන්නේ..හැමෝම කියනවා වගේ දකුණෙන්ම තමා හැම එකම පටන් ගන්න ඕනේ..හිකිස්‌

    ReplyDelete
    Replies
    1. දකුණෙන් නෙමෙයි, වමේ එකෙක්වත් මේ ගැන කතා කරන්නේ නෑ. බයයි, ඇයි පුහු සුචරිතවාදියෝ නේ ඔක්කෝම...

      Delete
  23. මාතලන් සමග සම්පූර්නයෙන් එකයි.

    කිරි බෝතලයක් ගන්න වැස්සියෙක් තියා ගන්න ඕනේ නැහැ නේද තමන්ට ඕනේ කිරි විතරමයි නම්?

    අනික මේ සදාචාරමත් නෝනලා මහත්තුරුන්ගේනුත් අහන්න දෙයක් තියෙනවා. මම බැදලා නැහැ. බදින්න කල්පනාවකුත් නැහැ. මගේ අමාරුව ඇර ගන්නේ පුංචි අම්මව ෂේප් කරගෙනද? නැත්නම් තනියෙන් ඉන්න පල්ලෙහා ගෙදර ඇසිලින් නැන්දට තගක් දාලද?

    කෙහෙලියලට නම් මොකද?

    ReplyDelete
    Replies
    1. මෙයාලා කැමති ඒ දේවලට තමයි. මට පේන්නේ කට්ටියම සෝමවාහිණියේ නිව්ස් වල යන රේප් කේස් රස විඳින අයද කොහෙද....?

      Delete
  24. මොන හු***ද බං? මේටිකේ හැමතැනම මං දැක්කා ඕක නීගතකලොත් ගමේ කෙල්ලො උස්සගෙන ඇවිත් මේවට දායිය,,,, ගම්වල කෙල්ලො විනාස වෙවිය අරක මේක. යකෝ තාම මුං හිතාගෙන ඉන්නෙ ගම්වල කෙල්ලො පරම පවිත්‍ර ඉටිපන්දම් වගේ ජාතියක් කියලද? අඩෝ... කොළඹ එවුන්ට හැරෙන්ඩවත් බැරි වේසියො ඉන්නව ගමේ හරිය? උංව හතර අතින් රවට්ටගෙන සූරාකන එක තමා දැනට වෙන්නෙ. මොකද උං කොළඹ එවුං තරං මැරෑටි නැති හින්දා සහ ගම්වල තියෙන සමාජ බැඳීම් හින්දා. නීතිගත කොරන නොකරන එක වෙන මගුලක්. මේ ගම්වල කෙල්ලො ‍දෙකේ කොලේට දාල කතා කරනඑක??

    ReplyDelete
    Replies
    1. බොහොම හරි, මම කතා කරන්නෙත් දුප්පත්ම කොටස වෙනුවෙන්. ඉහළ පන්තියේ අයට සැලුට් ගහනවා. දුප්පත් එකාට පෝලිම දානවා. කොහොම හරි කට්ටියගේ සමාජය ගැන දැණුම මේකෙන් බලාගන්න පුළුවන්. ඔය ගාමන්ට් වල මහන ගෑල්ලමයි ගැනත් මේ මතයම නේ තියෙන්නේ. එයාලට කියන්නෙ ගාමන්ට් කෑලී. නමුත් ඒ කෑලි තමයි. නෝනා මහත්තයලගේ ඊ පී එෆ්, ටී ටී එෆ් එකට කෙලින එක නවත්වලා දුන්නේ.

      Delete
  25. Ela ban..elama kiri..ube kata thamai kata honde..

    ReplyDelete
    Replies
    1. කතාවක් නෙමෙයි අන්තීමට මේක යුද්ධයක් උනානේ....

      Delete
  26. අනාරාධනයෙන්ම, මුල් පුටුවේ මාගේ පණ්ඩිත විනිශ්චය දීමටයි සැරසෙන්නෙ. මා කියන දෙය කියන්න. හේයි.....කෝ සද්ද මදි.... හේයි...... අන්න හොඳයි,
    හායි
    හූයි,

    බොහොම හොඳයි!

    ඉතාම වටින මාතෘකාවක් ගැන හොඳට ලියල, මාතලන් තම ස්තාවරයේ සවිමත්ව ඉන්නව, පක්ශවත් විපක්ශවත් ලැබී තිබෙන කොමෙන්ට් කියවීමෙන් පසුව ඉන්ද්‍රකීලයක් සේ කෙලින් සිටුවා තිබූ මගේ මේ පිලිබඳ ස්ථාවරය වමටද දකුණටද, උතුරටද, දකුනටද වැනී වැනී සිට නැවතත් කෙලින් විය.

    පලමුව මාරයා මෙන් ප්‍රශ්න 5 ක් නගමි

    1. සර්ව ජන්ද බලය අප වැනි රටකට නූගත් රටකට නුසුදුසු යයි කිවූ කාලයක් තිබුනා නේද? ඒත් සර්ව ජන ඡන්දය ලැබීමෙන් සිදු වූයේ නිදහස් අධ්යාපන අයිතිය හා අවස්තා ලැබීමෙන් අප ජනතාව ආසියාවේ උගත්ම ජන කොට්ටාශය බවට පත්වීම නේද? ( මෙයින් කියැවෙන්නේ ලංකාව ආසියාවේ හොඳම Brothel ඒක වේවි කියා නොවන බව ඔබ දනී. ලැබෙන පහසුකම් හොඳ පැත්තට ප්‍රයෝජන ගන්න මිනිස්සු ලෑස්තියි. ප්‍රවේසම් වෙන්න ඕනේ බලය තියන අයගෙන්. ඒකත් කරන්න වෙන්නෙ ඔය කියන පාර්ලිමේන්තුව හරහා පමනයි )


    2. අශ්ව රේස් නීති ගත කිරීමෙන් හොර බූරු පොලවල්, කුකුලන් කෙටවීම, හොර බුකි 99.9% වැසී නොගියේද?

    3. ගණිකා වෘත්තිය නීතිගත කිරීමට පෙර ආකල්ප වෙනසක් ගැන කතාව සමාජවාදයට පෙර සුලු ජන කොටස්වලට දෙන සහනවලට විරුද්ධ වීම වාගේ නේද

    4 පිරිමින්ගේ ආදරය තිබෙන්නේ බඩේත් මොලේ තිබෙන්නේ අහවල් තැන බව පිරිමින්ට අමතක වෙලාද?

    5. හැමෝටම බොහෝම සුමුදුවට දුවන පවුල් සම්බන්දකම් නැති බව හා විවාහ වී නැති කොටස් අපමන සිටින බව අමතක වෙලාද? කලිනුත් මං එදා ඇහුව වගේ අදත් අහනව උන් ඒ ලිංගික උවම්නා එපා කම් පිරිමහගන්නේ අහවලා එක්ක නිදාගෙනද?

    සැබෑ ආදරයක් හා සෙනෙහසක් ඒ ගනුදෙනුව තුල නැති බැවින් ආදරය හා සෙනෙහසට දැනට වඩා වටිනාකමක් ගණිකා වෘත්තිය නීතිගත කල සමාජයක ලැබෙනු ඇත. ලිංගික උවමනා එපාකම් මුදල්වලින් පිරිමසා ගැනුනත් ආදරය සෙනෙහස මුදල්වලින් ලබා ගත නොහෙන බැවිනි.

    පොඩි විහිලුවකින් මාගේ කෙටි කතාව අවසන් කරන්නේ නම් මාතලන් මේ තරම් තදින් මේ කාරණය ගැන කතාකරන්නට පෙලඹුනේද ආදරය සොයාගෙන මේ ලඟදී මසාජ් ක්ලිනික් එකට ගොස් ලැබූ අත්දැකීමක් ආශ්‍රයෙනි.

    ReplyDelete
    Replies
    1. එකක් නෙමෙයි දයාල්. මේ ක්ෂේශ්ත්‍රයේ බොහෝ දෙනෙක් මගේ යාළුවෝ (ගෑල්ලමයී) නමුත් ඔවුනට එතරම් ගැටළුවක් නෑ, මොකද ඔවුන්ට ඉහල සම්බන්ධතාවයන් තිබෙන නිසා, ඒත් මගේ මිතුරන් පිරිසක් නොමිළේම සේවය සපයන්නේ වීදී ගණිකාවන්ට, ඔවුන් මේ සම්බන්ධව කරනා සේවය අති ඉමහත්, සමහර කතා කියන කොට ඔවුනගේ ඇස් කඳුළු වලින් දිලිසෙනවා මා දැක තියෙනවා. කොළඹ අවට පොලීසීවල ලොකු තැනවල් මොවුන් දෙස අනුකම්පාවෙන් බැලීමේ වැඩ සටහනකුත් මේ වෙන කොට ක්‍රියාත්මකයි. සමහර තැන් වල ඔවුන් ජයග්‍රහණය කර තිබෙනවා. ස්පාවලටනම් යනවා බොරු කියන්න අවශ්‍ය නෑනේ. නමුත් රැකියාවේදී නොමිලේ ලැබෙන සේවාවන් නම් මා කිසිදින ලබාගෙන නෑ. ඒ මගේ ප්‍රතිපත්තියක්.

      Delete
  27. පනාපුත්‍රNovember 25, 2012 at 4:09 PM

    මාතලන්
    ගැනියෙකුට හරි මිනිහෙකුට හරි තමන්ගේ ලිංගිකත්වය සල්ලි වලට හුවමාරු කරගන්න එකට තමයි ගණිකා වුර්තිය කියන්නේ. මහා ලොකුවට නිදහස් වෙළද පොළ ගැන කයිය ගහන අයියලට මේවා තේරෙන්නේ නැ .
    අපේ රටවල් නීති ගේන්නේ ඕනේ ගොන්පොට් දාගෙන ගම්වල අහිංසක කෙල්ලෝ ඒවාට ගෙනල්ල ලිංගික හුරා කෑම කරන පිම්පියන්ට මිසක් ලිංගික වෙළදාම කරන අහිංසක මිනිස්සුන්ට නෙවෙයි.
    කරන්න ඕනේ සල්ලි වලට ලිංගික හුවමාරුව නීතිගත කරලා ගණිකා මඩම් කියන පිම්පියෙක් ගැනුන්ව සමුහ වශයෙන් හුරකන ක්‍රමේ නතර කරන එක. තැනට ආරක්ෂාව තියෙන තමන්ගේ තැනකදී තමන්ගේ ලිංගිකත්වය තවත් කෙනෙකුට තමන් කැමති මුදලකට විකුනන්න ඉඩ දෙන එක.

    ReplyDelete
    Replies
    1. එකඟයි. ඔබ යෝජනා කරන්නේ, ස්වයං රැකියාවක් ලෙසයි. පිටරටවලදී මේ ක්‍රමය අති සාර්තකයි. පුවත් පත් මගින්ම දැනගන්න පුළුවන්. ඒත් පිම්පියන් ප්‍රමාණය අඩු වනවා නේද....? අපි හිතුවද කරෝකේ පටන් ගන්න කොට ලංකාවේ මේ දේ කරන්න පුළුවන්ද කියලා. ඒත් අද කොච්චර ලස්සන කෙල්ලෝ ඒ තැන්වල ඉන්නවද. සමහර අය අහලා තිබුනා කැසිල්ලටද මේක කරන්නෙ කියලා. එතකොට ඒ එන පිරිමින්ට තියෙන්න පිස්සු බලු රෝගයද කියලා කියන්න දන්නෙ නම් නෑ...

      Delete
  28. කතා දෙකක් නැහැ නීතිගත කලයුතුයි.මාස 3කට වරක් වෛද්‍ය පරීක්ෂණ වගේ දේ ඇතුළුව යම්කිසි ක්‍රමයකට.එතකොට !@#$කන්න යන පාරිභෝගිකයාට වෛද්‍ය සහතිකේ බලලම වැඩේට බහින්න පුළුවන්.ඔය බොරුවට කෑගහන අයියල බලන්න ඕන වෙළද කලාප වටේ තියෙන ගෙස්ට් හවුස් වලට ගිහිල්ල රු.1750ක් 2000ක් [කෙල්ලටයි/කාමරෙටයි ]දීල ,ගල් කාලක් හරි කියුපිඩ් පෙති 2ක් හරි බිල පොලිසිය පනියි කියල බඩේ ගින්දර තියාගෙන !@#$කන හැටි.එතකොට මැදපෙරදිග ගිහිල්ල දුක් විදින ළමයිනුත් හොද ගානක් හම්බකරගෙන,දොස්තර කෙනෙක් ලගට ගිහිල්ල "පටලය"ත් නැවත යථාතත්වයට පත්කරගෙන මගුලක් තුලාවක් කරගෙන ඉදියි.සමහරු ලැම්බොගිනීත් අරගනියි.

    ReplyDelete
    Replies
    1. ඔබ කලින්ම කී දේ නොමිලේම කැපවීමකින් සලසන මිනිසුන් පිරිසක් ජාතික රෝහලේ සිටිනවා. ඔවුන්ගේ වෑයම අනෙක් රෝහල්වලත් මේ තත්වය ඇති කිරීමයි. යකෝ පාරේ ඉන්න බල්ලොන්ට අනුකම්පා කරනවනේ මීට වඩා.

      Delete
  29. මෙකෙන් වෙන හොඳකුත් තියෙනවා. තමන්ගේ දරැවන් දාල ගිහින් කසාද දෙක තුන බැඳන් පවුල් කන එකවත් නැවතෙයි. ලංකාව අපකිර්තියට පත් කරන්න ගෙනාපු තවත් නිතියක් තමයි මේක. වැරදි විදිහට මේව කරන ලංකිකයන්ට දඩුවම් කරන් නිති හදන්න ඕන කිය කියා මේව කරලා හරියන් නැ.කරන්න ඕන හොඳම දේ සහ දඬුවම් කරන්න ඕනෙ තමන්ගේ දෙවෙනි තෙවෙනි කසාදවල දරැ දෙන්නා තුන්දෙනා දාලා නාඹර කෙල්ලෝ බැඳගෙන ඒක තමා හොඳම ආතල් එක කියල හිතන් ඉන්න ප්‍රවීණයන්ට... වැඩේ තියෙන්නේ මෙහෙම නිති ගෙනාවොත් ඒවට වෙනම රෙගුලාසිත් හදන්න ඕන. ඒ වගේම ඒවයින් ඉස්සේලාම දඩුවම් කරන්න වෙන්නෙත් දියවන්නාවේ සෙට් එකටයි ඔවුනගේ මදන විසේ ගහපු දරැවන්ටයි

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... ඔවුන් කවදාවත් මුදල් ගෙවලා මේ සේවා ලබා ගන්න යන්නෙ නෑ. කාන්තාවන් තමයි ඔවුන්ව සොයා ගෙන එන්නේ. ඇත්ත ඒකයි. මේකෙන් ලංකාව අපකීර්තියට පත් වන්නෙ නෑ. අඩු ගානේ නැතිවී තිබෙන කීර්තියවත් ලැබෙයි. මෙහෙන් නෙමෙයි පිටරට වලින්....

      Delete
  30. මේක ගොඩක් වෙලාවට නීතිගත නොවෙන සම්භාවිතාව වැඩියි.. ඒත් මේ යන විදිහට ආණ්ඩුවට ලොකු බද්දක් ගන්න පුළුවන් චාන්ස් එකක් නිසා සලකලා බලන්ටත් පුළුවන්.. :)
    කොහොම වුනත් මගෙ අදහස නම් ගණිකා වෘත්තිය කියන්නේ වචනෙ විදිහටම රස්සාවක් විදිහට සමාජගත නොවුනත් නීතිගත වෙන්න ඕන කියන එකයි. (අහවල් සමාජේ..) කමෙන්ට් කරලා තියෙන සෑහෙන දෙනෙකුට තියෙන ප්‍රශ්ණෙ ගමෙ තරුණියොන්ට මොනව වෙයිද, අසාධාරණෙට ලක් වෙයිද වගෙ බරපතල මානුෂික දේවල්.. ඒ මහත්වරු නෝනලාට කටුනායක, බියගම පැත්තෙ පොඩ්ඩක් ගිහිල්ලා බලන්ට කියලා ඉල්ලනවා ගැමි තරුණියෝ මේ සාධාරණ සමාජයෙන් යුතුකම් ඉෂ්ට කරගන්න හැටි.
    ඇත්ත කතන්දරෙ මේක නීතිගත වුනොත් ඒ ගෑණුන්ට පොලිස්කාරයටයි, ඩීල් කරන එකාටයි කොල්ලටයි බල්ලටයි තමන්ගේ මහන්සියෙන් හොයන එකෙන් දොල දෙන්ට වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය දේ තේරෙන්නෙ නෑ නේ මේ සුචරිත වාදින්ට. මට කියන්න තියෙන්නේ අර ටෙනිසන් කුරේ කියනවා වගේ..

      අයියෝ....!!! මෙයාලගේ සමාන්‍ය දැණීම නම් අන්තිමයි අයියෝ.........!!! කියලා තමයි...

      Delete
  31. ඊයේ නිවාඩු නිසා ජාල නැත.. හැක්...

    මෙහෙමයි ඔය සභ්‍යත්වය, සංස්කෘතිය කියන ඒවා දැං තියෙන්නේ ලිපි ලේඛණ වල පමණයි. කොළඹ ටවුමේ රැ 12 න් විතර පස්සේ බැහැල බලන්න ඔය කියන සභ්‍යත්වයක් නිතියක් කොහේද තියෙන්නේ කියලා. මමනං කියන්නේ ගණිකා වෘත්තිය තවත් එක් වෘත්තියක් බව හැමෝම දන්න එකේ නීතිගත කරල ඒගොල්ලන්ට හැකි අයුරින් වෘත්තීය පහසුකම් දෙන්න ඕන. මේවා මේ බොරු හක් ගෙඩි කාරයන්ගේ බොරු මත. සභ්‍යත්වය.. අනේ උංගේ සභ්‍යත්වය කියන්න ගියෝත් මගේ බ්ලොගෙත් වහල දාන නිසා ඔන්න ඔහේ ඉන්නව..

    ReplyDelete
    Replies
    1. රෑ දොලහ වෙනකන් ඉන්න ඕන නෑ. නිදාගන්නෙ නැතෙයි, 9 වෙනකොට ගෝල් රෝඩ් පැරිස් වගේ...... මට දුක පීඩීත පන්තිය ගැන..

      Delete
  32. ඔයවගේ දෙයක් ලංකාව වැනි රටකට ගැලපෙනවද කියන එකයි අවුල මාතලන් අයියේ

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්ණයක් නෑ හිතාගන්න පුළුවන්, කෝරළේ මහත්තයා කෙනෙක් නොවෑ

      Delete
  33. මගේ අදහස මේ වැඩේ නීති ගත කරන්න ඕනේ.හොඳ අධීක්ෂණයක් යටතේ වැඩේ ලස්සනට කරන්න ඉඩ සලසන්න ඕනේ.බුදුහාමුදුරුවන්ගේ කාලේ අම්බපාලිලා සාමාලා කොයිතරම් නම්බුකාර විදිහට නගර ශෝභිනී වෘර්තිය කරාද කියන්න උදාහරණ ඕනේ තරම් තියෙනවා.රැඩිකල් විදිහට බ්ලොග් ලියන බොහෝදෙනාගේ ඇත්ත තත්වය තේරුම් ගන්න ඔබේ මේ ලිපියෙන් හැකිවෙනවා.මට ගණිකා සේවය පුද්ගලිකව අදාළ වෙනදෙයක් නෙවේ මම අවිවාහක අබාධිත මිනිසෙක්.කෙටියෙන් කීවොත් ලිංගික සම්බන්ධතා පැවැත්විය නොහැකි කෙනෙක්.නමුත් අපි යථාර්තවාදී වියයුතුය.ගණිකා වෘර්තිය නීතිගත කිරීම හොඳ බව මගේ අදහසයි.

    ReplyDelete
    Replies
    1. මට තියෙන සතුටත් එයයි. මාර රැඩිකල් පොරවල්, යුක්තිය, සමානාත්මවය, සාධාරණය ඉල්ලන්නෙ බොරුවට බලා ගෙන ගියාම. කැලෑ නීතයම තමයි ඉල්ලන්නේ...

      Delete
  34. මේක එදා ඉඳලා තියෙන වෘත්තියක් නේ. ලෝකේ පැරණිම රස්සාව කියන්නේ ඒක නිසානේ. නීතිගත කොලාය කියල අලුතෙන් වෙන්න තරම් අවුලක් ඉතිරි වෙලා නෑ. ඕන එකා ඔය වැඩේ කොහොම හරි කරගන්නවා, සමහර එවුන් හිරෙත් ලගින්නේ. ඉතින් ඔය අමාරුව වැඩි වුනු එකෙක්ට නිදහසේ ඕක කරගන්න අවස්ථාව ලැබෙනවා නම් උන් අහල පහල ඉන්න ආච්චිලට, පොඩි එවුන්ට හදි කරන එකවත් නවතීවි අඩුම ගානේ.

    දැනට හිත හදාගෙන අමාරුවෙන් ජීවත් වෙන එවුනුත් නීති ගත වුනු සේවයක් ලබා ගන්න යන්න පටන් ගන්න එක නම් වෙනම කෙස් එකක් :D

    ReplyDelete
    Replies
    1. මගෙත් කැමැත්ත ඒකයි. මේ රැකියාව නිසා පොලීසි උසාවී ගානේ රස්තියාදු නොවන්නත් ඒ පිම්පියන්ගේ කාමාශාවන් හා විශම ලිංගික ක්‍රියාවන්ට භාජනය නොවීමත්. හිරේ විලංගුවේ වැටෙන එක නැවත්වීමත් පමණයි.

      Delete
  35. කළුගල් කඩීමය් ගණිකා වුර්තියය් වෙනස් වෙන්නේ කොහොමද ... එක්කෙනෙක් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මහන්සිය විකුනනවා අනික් කෙනා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සතුට විකුනනවා. මට නම් මේ දෙකම එකය් ... දැන් අහය් ඔයාගේ අම්ම නැඟී බිරිය ගණිකාවක් වෙනවට කැමතිද කියල ... උත්තරය නෑ ... ඒ වගේම ඒගොල්ලෝ කළුගල් කඩනවටත් මම කැමති නෑ. මෙතන තියෙන ප්‍රශ්නේ වෙන දෙයක් ... රස්සාවක් හෝ සේවයක් ගැන ප්‍රශ්නයක් නෙවි ... සමාජය හැදිලා තියෙන්නේ පවුල් වලින් ... මිනිස්සුන්ට පවුල් වෙන්නේ නැතුව අවශ්‍යතා ඉටුකරගන්න පුළුවන් නම් පවුලේ තියෙන වැදගත්කම නැති වෙනවා එකට මේ ආයතන ගොඩක් බයය් (ආණ්ඩුව, ආගමික ආයතන , පවුල් මුලික කරගත් අනිකුත් ආයතන) මොකද මේකෙන් වැදෙන්නේ ඒගොල්ලොන්ට එකය් ඉස්සර ඉදල මේක ලොකු ටැබූ එකක් වෙලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒකත් ප්‍රධානම හේතුවක් තමයි. නමුත් ප්‍රධානම දේ තමයි. අපි හරි හොඳ මිනිස්සු කියලා පෙන්නුවට. ඇතුලෙ ඉන්නෙ තිරිසනෙක් කියන එක. මේකට විරුද්ධව අදහස් දක්වපු හැම කෙනාම එහෙමයි. අමනාප උනත් කරන්න දෙයක් නෑ. ඇත්ත ඒකයි, ඒ කියන්නේ ඔවුන් සමාජයේ විශමාචාර ලිංගික ක්‍රියා, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, මිනීමැරුම්, කැරලි කෝලහාල, හොරකම්, යන සියළුම දේ අනුමත කරන මිනිසුන්.

      Delete
    2. අන්තිම අසාධාරණ, ඒක පාර්ශවික නිගමනයක් මාතලන්.. වෙන කියන්න කිසිම දෙයක් නෑ....

      Delete
    3. @ හිරු
      වෙරි සොරි කෙල්ලෙ , වෙන කියන්න කිසිම දෙයක් නෑ...

      Delete
    4. අන්තිම අසාධාරණ, ඒක පාර්ශවික නිගමනයක් මාතලන්..
      මමත් ඒක කියනවා. මම උනත් අදහස් කලේ නෑ කොතනකවත් මම මේකට අකමැති කියලා.
      මම කියන්නෙ නෑ මාතලන් වැරදි කියලත්. මේ ගැන මාතලන් කියන මතය හරි. අනෙත් අයගෙ මතයත්(සමහර අයගේ) හරි. ප්‍රශ්නෙ ප්‍රායෝගිකව මොන පැත්තකට මේක හැරෙයිද?
      මාතලන් කියනවා වගේ මේකෙන් හොඳක් වෙයිද? නැත්නම් මම කිව්වා වගේ නරකක් වෙයිද?
      මම පිලිගන්නවා මට මේ සමාජය ගැන හොඳ දැනුමක් ඇත්තෙ නෑ. ඒත් මම කිව්වෙ මගෙ මතය.
      අපි බලමු.

      Delete
    5. @ ස්පයිඩර් ද ඩිටෙක්ටිව්
      ඔබ ඔබේ මුල් මතයෙන් වෙනස් වීම ගැන මට ඉතාමත් සතුටුයි. මම මේකේ කුනුහබ්බ ලිව්වත් දානවා, වෙන අයට මඩ නොගහ, වෙන්න ඕන ඒකයි. අපි තර්ක කලා කියලා හිත් අමනාප කර ගන්නවා නම් ඒ තරම් මෝඩ කමක් තවත් නෑ. මම මගේ මතය වෙනුවෙන් පෙනි සිටියා, ඔබ සහ අන් අය ඔවුන්ගේ මතය වෙනුවෙන් පෙනී සිටියා. කිසි අවුලක් නෑ. මේකට එකඟ නොවුනට එකඟ වෙන්න පුලුවන් තැන් අනන්තවත් හම්බ වෙයි. සිංහල සිනමාවට ගෑණු එන කොටත් මුලින්ම තිබුනේ මේ වගේ තත්වයක්, ඒත් අපි ජාත්‍යන්තර සම්මාන ගන්න නිලියෝ දෙදෙනෙක් බිහිකලා. ඒත් එක නළුවෙක් වත් ඒ තත්වය ලබාගෙන නෑ. අපි ඇත්තටම කාන්තාවන්ගෙන් කන රටක්.

      Delete
  36. නොතේරේ...... මං මේ කියුවේ රටට වෙන්ට යන හදිය...

    ReplyDelete
    Replies
    1. මොකුත් වෙන්නෙ නෑ කළබල වෙන්න ඕන නෑ....

      Delete
  37. අයියෝ මාතලන්... ඔය උඩින් කොමෙන්ට් කරපු සුචරිත බ්ලොග් කරුවෝ/කාරියෝ සහ මේක නීති ගත කරන්න ඉස්සෙල්ල ආකල්ප වෙනසක් බලාපොරොත්තු වෙන අය කියන දේ මාතලන්ට තේරෙන්නෙ නෑ. මම මේ හදන්නෙ උඹට ආලෝකය පහල කරලා දෙන්න.

    එයාල කියන්නෙ;

    1. විවාහයකට අකමැති/ විවාහයක් කර ගැනීමට නොහැකි උන් මැරෙන තුරු _කන්නේ නැතුව සිටිය යුතුය.

    2. ලංකාව තුල ජීවත් වන්නේ එක පිරිමියෙකු සමග පමණක් ලිංගිකව හැසිරීමට කැමති ගැහැණු පමණි. එසේ නොවන ගැහැණියෙක් වෙතොත් ඒ බලහත් කාරයෙන් දුෂණය කර හෝ ඉතා අකමැත්තෙන් ගණිකාවක් ලෙස ජීවිකාව ගෙන යන ගැහැනුන්ය.

    3. ගැහැණියෙක්/පිරිමියෙක් මුදලට හෝ වෙන හේතුවක් නිසා තම ලිංගික සේවනය විකිණීම බරපතල වරදකි. එසේ කරන උන් සියල්ලම පොලිසියට රැගෙන ගොස් පෝලිම් දමා, උසාවිය තුල අවමානයට ලක් කර, සිර ගෙය තුල සමලිංගික සේවනයේ යෙදවිය යුතුය. අවසානයේ ඔවුන්ගේ ලිංගික ශ්‍රමය සුරා කෑමකට ලක් කර සමාජ රෝග වලින් කුණුවී මැරෙන්නට ඉඩ හැරිය යුතුය. එසේ කිරීම සිදු කරන ලද වරදට දඬුවම ලෙස අප හිත හදා ගත යුතුය. (හොඳම වැඩේ ඔය වේස ගෑනුන්ට)

    4. මෙය නීති ගත කිරීම තුලින් සිදුවිය හැකි අතුරු ප්‍රශ්න ගැනම අවධානය යොමුකර, නමුත් ඒවාට විසදුම් සාකච්චා නොකර ප්‍රධාන ප්‍රශ්නය මග හැරිය යුතුය.

    5. මෙය නීති ගත කිරීම තුලින් සමාජයේ අති අමානුෂික අන්දමින් සුරා කෑමකට ලක් වෙන කොටසකට ඇතිවන වාසි ගැන නොතකා...........[මොන වාසි ද _ත්තෝ තියන ප්‍රශ්ණ වැඩි කරන කතා මෝඩ යෝජනා නොකර හිටපන්. ඔය වේසියන්ට මොනවා උනත් අපිට මොකද? අපිට ඒවා පේන්නේ නෑනෙ....]

    මචං උඹට දැන් ආලෝකය පහල උනාද ? එයාල කියන ඒවා තේරුම් අරගෙන දැන්වත් හැදියන්. හොඳම වැඩේ ඔය වේස ගෑනුන්ට....

    ReplyDelete
    Replies
    1. ඔහොම කනට ගහන විදියට කියන්න එපාය. දැන් නෙවෑ කාරණේ තේරුනේ.. සමාවෙන්න ඕන වරදක් උනානම්....

      Delete
    2. අනේ මාතලන් තව පොයින්ට් එකක් අමතක උනා මේක අංක 5 වෙන්න ඕනෙ. දැන් තියන අංක 5, අංක 6 වෙන්න ඕනෙ. අවුල් වගේ නම් සම්පුර්ණ කොමෙන්ට් එකම මකල දැම්මත් කමක් නෑ, කියවල මට හිතුන දේ තමයි ලියුවෙ.

      5. ලිංගික ශ්‍රමය විකුණන/ සූරා කෑමකට ලක්කෙරෙන ගැහැනියක්/පිරිමියෙක් ගැන ලියවෙන ලිපියක්/ ගීතයක් සම්බන්ධයෙන් උපරිම සංවේදී විය යුතුය. හැකිනම්,
      "ඒක කියවගෙන යනකොට/ ඇහෙන කොට මගෙ ඇස් වලට කඳුළු පිරුන, ඒ කඳුළු මගේ හීතල දෙකොපුල් දිගේ ගලාගෙන ගිහිල්ල, කී බෝඩ් එකට වැටිල, එකේ සර්කිට් එක උණු වෙලා විනාස වෙලා ගියා" කියල, ඒ කී බෝඩ් එකෙන්ම ටයිප් කරලා බ්ලොග් එකේ දාන්න ඕන.

      Delete
    3. මම මේ මගේ මතයට සහයට ලිව්වට කියනවා නෙමෙයි. ඔබේ බ්ලොග් අඩවිය ඉක්මනින්ම පටන් ගන්න. බ්ලොග් ළෝකෙට අවශ්‍ය ඔබ වගේ අයයි..

      Delete
  38. මගේ පෞද්ගලික මතය නම් නිතිගත කල යුතුය කියන කාරනයට මම එකගයි. මොකද මේකෙ පොලිසිය, අල්ලස්, ස්ත්‍රී දුෂණ, කියන කාරනා පැත්තක තියල කතාකරනවනම් මේ රස්සාව ලෝකයේ පැරනිම වෘත්තියක්.

    රජවරුන්ට අන්තඃපුර තිබුනා එදා, ඒත් අද එලිපිට නොතිබුණාට රහසින් මහා පරිමානයෙන් දේශපාලන ශක්තියෙන් ක්‍රියාත්මක වෙනවා.

    මගේ අදහස ඒක නෙවෙයි අපි ටිකක් මානූෂියව බලමු මේක දිහා. නීත්‍යානුකූලව විවාහයේදි ලැබෙන අවසරය මත සමාජයේ යම් පිරිසක් තමන්ගේ කා‍යික අවශ්‍යතා සපුරාගන්නවා. ඒත් අවිවාහකහෝ විවාහයක් අපේක්ෂා නොකරන, තනිකඩව ජීවිත ගෙවන විවාහයට අකමැති හෝ විවාහයක් කරග ැනිමට හැකියාවක් නැති යම් පිරිසක්ද මේ සමාජයේ ඉන්නවා. එවිට ඒ අයටත් මේ අයිතිවාසිකම හිමිවිය යුතුයි කියල හිතෙනවා. එවිට මේ වෘත්තීයට ලැබෙන නිතිමය ආවරණය මත මේ වෘත්තීයේ යෙදෙන අයටත්, සේවා ලාභින්ටත් අවශ්‍ය නීතිමය ආවරණය ලැබෙනවා.

    ඒ කොහොම වුණත් මේ යෝජනාව ගෙනා අය දුර දක්නා නුවනින් දැන්ම තියා මේ මුට්ටිය දාලා බැලුවෙ කොහොමද ප්‍රතිචාර කියලා. මේ යන හැටියට කොළඹ නගරයේ සිදුවන වෙනස්කම් සියල්ල දිහා බලද්දි කැසිනෝ සහ ගණිකා වෘත්තිය නිතිගත වන බවට පැහැදිලිව පේන්න තියෙනවා.

    ReplyDelete
    Replies
    1. දැනටම වැඩේ සාරෙටම යනවා දයා. මම මේ ක්ෂේශ්ත්‍රයේ නිසා හොඳටම දන්නවා, පොලීසිවලින් කිසිම ප්‍රශ්ණයක් නෑ. නමුත් මම කතා කලේ පහලම පන්තියේ වීදී ගණිකාවන් වෙනුවෙන්. කැසිනෝවල වැඩිපුරම යන්නේ කැසිනෝ ප්ලේ කරනවාට වඩා ගණිකාවන් සැපයිම. ඔවුන්ගේ ආරක්ෂිත සේවා ස්ථාන ඒවායි.

      Delete
  39. මේ ගැන මටත් කලෙක ඉඳන් කියන්න හිතුනා . ඒ වුනාට ගට්ස්ද මොකක්ද මදි වුනා . බෙල්ල ගහල යන මාතෘකාවක්නේ . මටත් හිතෙනවා ඕක නීතිගත කලොත් හොඳයිද කියල . හැබැයි ඉතින් බුවා හෙම කියන කතාවෙත් අත්තක් තියෙනව .

    අපේ රට කොහොම ප්‍රතිචාර දක්වයිද . බලන්නකෝ ගොසිප් පිටුවක ගෑනියෙක් ගැන ලිපියක් තිබ්බත් වැටෙන කමෙන්ට් දිහා . ඒ ගෑනි එක්ක ගිය මිනිහට වචනයක් කියනවද . නීතිගත කරලා මේ ගැහැණු ප්‍රසිද්ධියේ ජිවත් වුනොත් අපේ සමාජය ඒගොල්ලන්ට සලකන්නේ කොහොමද කියල එව්වයින් පේනවා .

    මෙහෙ ඇමතියෙක් නම් කෙලින්ම කියලා තිබුනා ඕක නීතිගත කරලා ආණ්ඩුවට බද්දක් ගන්න ඕන කියල .ඒ වගේම ලෙඩ රෝග නැති බවට සහතිකයක් ගන්න ඕන නිසා ලෙඩ පැතිරෙන එකත් අඩු වේලු.

    මේ ප්‍රශ්නෙත් ගබ්සාව නීතිගත කිරීම වගේ එකක් . උත්තරයක් නැහැ .

    ReplyDelete
    Replies
    1. පැහැදිලි උත්තරයක් තියෙනවා. ගබ්සාවත් නීතීගත කරන්නම ඕන. ඇයි හම්බවෙන දරුවන්ට පන්සලෙන් කන්න දෙනවද....?

      Delete
  40. Oka nithigatha kalama ape rate ihalama aadayam margayak labanna puluwan rassawak wei,kattiya nambukara widihata oka karala hamba kara gani...mkada wadi adhyapanekuth oni nane,ape ratata galapenama rassawak wei,mokada api sancharaka purawarekane ipadila inne...anduwata tiyenne hoda cource 2 ,3kuth hadala lamai badho ganna eka.anee saadhu...!

    ReplyDelete
    Replies
    1. ඔව් මේක ගේන නීතියක් නෙමෙයි. නමුත් දැනටත් හොඳම ඉන්කම් එකක් තියෙන බිස්නස් එකක්. මට ප්‍රශ්ණය තියෙන්නේ මේ රැකියාව කරන පහළම පන්තිය ගැන. රෑ 9.00 න් පස්සෙ කොළඹ රටේ රවුමක් ගහන්න. එතකොට ඔබට තේරේවී මොකක් ගැනද මේ කතාකරන්නේ කියලා.

      Delete
  41. 1. Oka me kohedawath yano oluwa neti pradeshiya saba karayek kiwwa deyak ne, oya gena boruwata kiyawala wedak ne. ahinsaka lami balen polmbawana jawaram karayo nawattanawa misak wena deyak okata karal weak ne mokada oka nawattanna puluwan deyak newei.

    2. Mathalan Umbath jack gahanwada bus wala ? dena genunata witarak gahanna , ahala newei ne gahanne nodena ewuntath benum ahana hari geewenna hari wenawane .

    ReplyDelete
    Replies
    1. අහිංසක චූටී කුක්කු බබාලා නෙමේ සමාජයට බන කියන අයත් මේ ගැන නොදැණුවත් කියලා මේ ළිපියෙන් ඔප්පු උනා. සමාජය දැණුවත් වෙන්න මේ ගැන කතා කරන්න එපයි.

      මට බස් වල ජැක් ගහන්න ඔබට තරම් අසහනයක් නෑ. මේවට විරුද්ධ වෙන්නෙ ජැක් ගහන උන් තමයි.

      Delete
    2. ඈ මාතලේ? මොකක්ද මේ කිව්වෙ? ජැක් ගහන එවුන්නෙ මේකට වැඩියෙන්ම කැමති වෙන්න ඕනි? හ්ක්z

      Delete
  42. මේ දවස්වල අපේ මාතලං ලොක්කටයි බුවාටයි හෙනට මල පනිනවා.. මොකද මංදා කාරනේ..? මුං දෙන්නම වලි මූඩ් එකෙන්මයි...

    මාතලං ලිපිය ලියලා තියෙන විදිය ගැන ප්‍රශ්නයක් නැහැ.. කියලා තියෙන බොහෝ කාරණාවලට එකඟ විය හැකියි. එහෙත් විරුද්ධ මත එනකොට ඒවා ගැනත් අවධානය යොමු කරන එක වරදක් නැහැ. මොකද හඕනම ප්‍රශ්නයක් අපි බලන්නේ අපේ පැතිවලින් වැඩිපුර හොඳ විදියටනේ...

    හිරු කල්පනා කරන්න පුළුවන් ඕක කලොත් ගෙවල්වල දැනට හොඳට ඉන්න පිරිමිත් නරක් වෙන්න පුළුවන් කියලා... ගණිකාවන්ගේ තත්වයත් නරක් වෙන්න පුළුවන් කියලා...

    මට කල්පනා කලෑකි..ෂහ් හොඳයිනේ යකෝ බඳින්න ඕනම නැහැ..දෙයියනේ කියලා තනිකඩ ජීවිතේට තියෙන එකම කරදරෙත් නැති වෙනවා කියලා... ( :D )

    මාතලංට කල්පනා කලෑකි දැනට කරං යන ටුවරිස්ට් සයිඩ් එකේ බිස්නස් එකටම අල්ලලා ගෑණු සප්ලයි කරලා හොඳ ගානක් හෙව්වැකි කියලා...

    බුවා කල්පනා කරන්න පුළුවන් ඌට අහුවෙන පැත්තක්... (අනිත් උන් හිතන විදිය කියලා නිකමට හරි හිතුවැකි උනත් මට බුවා සහ අර මාලන් ලොක්කා හිතන එව්වා නිකමටවත් අනුමානය කරන්න අමාරුයි.. ඕය ඩබල නිකං දැදුරු ඔය වගේ බඩු දෙක.. :D )

    ඉතිං එක එකා ඔය කොහොම හිතුවත් ඔහොම දෙයක් කරද්දී ඔය හැම දෙනාගේම අදහස් අරගෙන ඒවෑ තියෙන අහිතකර තත්වය නැති කරන්න පිළියම් යොදලා වැඩේ කලානං එච්චරයි... හැබැයි මාතලං ඔය තරං ලේ රත් කොරගන්න එපා යකෝ.. නහරයක් චක බ්ලාස් වෙලා සුවාස් වෙයි...

    :D :D :D

    ReplyDelete
    Replies
    1. විරුද්ධ මත ඉදිරිපත් කරාට කිසි අවුලක් නෑ. නමුත් ඒ කිසිම දෙයක් පදනමක් නෑ. නීතීයක් ගෙනාවම දෙයක් තියෙන තත්වයෙන් පහලට ගිය අවස්ථාවක් නම් මම දන්නෙ නෑ. සමහර අය කියන්නෙ නීතී ඕන නෑ කියලා. නීතී නැතුව, ආගම් විතරක් තිබුන නම් මේ ළෝකේ දැනමත් විනාශ වෙලා ඉවරයි.

      බුවත් එක්ක මගේ කිසි අවුලක් නෑ, මම හිතන්නේ මම මේකට විරුද්ධයි කියලා ලිව්වනම්, ඌ කියයි නෑ මේක ගේනා යුතුමයි කියලා. ඒක හොඳට තේරෙනවා. මීට කලින් අවුරුද්දේ ඌ ලොක්කට විෂ් කරනවා. මේ අවුරුද්දෙ නලියා විෂ් කරා කියලා ඌව මරාගෙන කන්න යනවා. ඒ බුවාගේ හැටි.

      අනිත් කාරනය නම් දරුනුයි මාරයෝ. මම හොඳට බොන එකෙක්. ටුවර් ගයිඩ් කියන්නේ හැමදාම රෑට බොන රස්සාවක්, ඒත් නොබොන අයත් අනන්තයි. ඒ වගේම මමත් කවදාවත් රැකියාව අතර තුර බොන්නේම නෑ. එකම එක පුද්ගලයකු සමග පමණයි මම පොඩි ෂොට් එකක් හරි දාන්නේ, ඒ මගේ ගුරා සෙට් උනොත් පමණයි. ඒ ඔහුගේ සතුට වෙනුවෙන්. මම කවදාවමත් විදේශිකයන්ට මත්ද්‍රව්‍ය සැපයීමෙන් ලැබෙන මුදල් ගන්නේ නෑ. ඒ මගේ ප්‍රතිපත්තිය අනුගමනය කරන කීප දෙනෙක්ම ඉන්නවා. මොකෝ ඒ මුදල විශාල මුදලක් උනත්, ඒවා පලදෙන්නෙ නෑ.

      අනික විශාල කොමිසමක් ලැබෙන ගණිකාවන් සැපයිම මා කිසි දිනෙක් කර නෑ. කරන්නෙත් නෑ. මම ඔවුනට කියන්නේ නවතින හෝටලයෙන් සොයා බලන්න කියා විතරයි. එහෙම වැඩ කරානවනම් මට ඔළුව කෙලින් තියාගෙන මේ ළිපිය ලියන්න බෑ.

      මම ඔවුන් විඳින දුක දන්නවා. ඔවුනුත් ඇට ලේ මස් තියෙන සුන්දර මිනිසුන්. එමෙන්ම ඔවුන් අපේ මිතුරන්.

      උඹ ඒ කාරණය මතු කරාට බොහෝම ස්තූතියි.

      Delete
    2. අඩේ මාරයියේ... මම කල්පනා කළේ ඒ ගැන නෙවෙයි.. බලෙන් මේ තත්වෙට ගෑණුන්ව ඇඳලා දාන එක වැඩි වෙයි කියලා.. හි හි..

      කොහොමත් මාතලන් අපිට මේවා කතා කරද්දි තරහා යනවා තමයි... හි හි... ඒ උනාට කමෙන්ට් එක කියවලා රිප්ලයි එක ලිව්වට පස්සේ ඒ තරහා ඉවරයි නේ...හි හි...

      Delete
    3. //බුවත් එක්ක මගේ කිසි අවුලක් නෑ, මම හිතන්නේ මම මේකට විරුද්ධයි කියලා ලිව්වනම්, ඌ කියයි නෑ මේක ගේනා යුතුමයි කියලා. ඒක හොඳට තේරෙනවා. මීට කලින් අවුරුද්දේ ඌ ලොක්කට විෂ් කරනවා. මේ අවුරුද්දෙ නලියා විෂ් කරා කියලා ඌව මරාගෙන කන්න යනවා. ඒ බුවාගේ හැටි//

      මටත් උඹත් එක්ක අවුලක් නෑ , උඹ කියන එකේ අනිත් පැත්තම කියනවා නම් මීට කලින් ඒවගෙත් එහෙම වෙන්න එපායෑ . කලින් ලිපි බලහන් වැඩි හරියක් ඇත්තේ උඹත් එක්ක එකඟ වෙච්ච ඒවා .මම නලින් එක්ක පැටලුනේ විශ් කලාට නෙමේය කියල මම උඹට කලිනුත් පැහැදිලි කලා , මම විශ් කලා මිසක් ලොක්කට සුදු හුණු ගාන්න ගියේ නෑ . ඒ අවුරුද්දකට කලින් , දැන් නම් විෂ් කරන්න හිතෙන්නෙත් නෑ

      Delete
    4. "මාතලංට කල්පනා කලෑකි දැනට කරං යන ටුවරිස්ට් සයිඩ් එකේ බිස්නස් එකටම අල්ලලා ගෑණු සප්ලයි කරලා හොඳ ගානක් හෙව්වැකි කියලා.."

      හිනා ගියෝ ::D:D:D:D:D:D:D

      Delete
    5. @ බුවා
      මම දන්නවා අවුලක් නෑ කියලා

      @ සමී
      කරන නොකරන එක කෙසේ වෙතත්, ලීගලයිස් කරොත් කරන්න ලැජ්ජා වෙන්නත් ඕන නෑ. මොකෝ ගමේ පොලියට දෙන එකාට බනින උන් ටයි දාගෙන කාර් වල ගිහින් බැංකුවල කරන්නෙත් ඒකමනේ. අරූ පොලී මුදලාලි. ටයි දාපු උන් මැනේජර් මහත්තුරු. ඕන් අපේ සමාජේ.

      Delete
  43. ම සිංහල ගෑනියෙක් ගනිකාවක් වෙනවට කැමති නෑ
    මම ඔකට විසඳුම් දෙකක් යෝජනා කරනවා
    1 මේක වඩා ලේසි ක්‍රමය ගනිකා වෘත්තිය නිත
    ්‍යානුකූල රටකින් කෙනෙක්ට මෙහෙ ඇවිත් කරන්න ඉඩ දීම (අපිට ලෝකෙම ගෑනු හදන්න බෑනෙ)
    2 පිරිමියෙක්ට ගෑනු දෙන්නෙක් විවාහ කරගන්න ඉඩ දීම සහ ඒ සමඟම මුස්ලිම් ආගමේ තියෙන තාවකාලික විවාහ ක්‍රමය ලංකාවට හඳුන්වා දීම

    ReplyDelete
    Replies
    1. කොහොමත් විදේශිකයෝ අපේ ගණිකාවන්ට කැමති නෑ. (පිරිමි ඇර.) ඒ නිසා තමයි විදේශීය ගණිකාවෝ පුරවලා ඉන්නේ...

      අනිත් යෝජනාව නම් අපරාදේ දෙන්නෙක්ට සීමා කලේ ඕන ගානක් කියලා දාන්න තිබුනා. එකෙකුටවත් කන්න දෙන්න බැරුව ඉන්න උන්ට මරු යෝජනාන. හොඳ වෙලාවට අන්තීමට කොමෙන්ට් එක දැම්මේ. නැත්තන් කෙල්ලෝ ටික මරාගෙන කයි...

      Delete
    2. මොකක්ද බොල ඒ මම නොදන්න "මුස්ලිම් ආගමේ තියෙන තාවකාලික විවාහ ක්‍රමය" ???

      Delete
  44. මම සීරියස් පිට කිව්වේ මුස්ලිම් ආගමේ තාවකාලික විවාහ කියලා දෙයක් තියෙනවා මේකෙදි බඳිනකොටම තීරනය කරනවා කොච්චර කල් එකට ඉන්නවද කියල ඒවගේම මුස්ලිම් ක්‍රමේදී හරිනම් පිරිමියා ගෑනිට දෑවැද්ද දෙන්න ඕනේ මොහොමඩ් තාවකාලික විවාහ යෝජනා කෙරුවේ ගනිකා වෘත්තියට විකල්පයක් ලෙස බහු බාර්යා ක්‍රමය ගැන කියනවනම් අපේ තාත්තාගේ යාලු අංකල් කෙනෙක් ඉන්නවා (සිංහල කෙනෙක්) එයාට ගෑනු තුන් දෙනයි බොහොම වැදගත් විදියට ඉන්න ට සිල්ගන්න මුදලාලි කෙනෙක් ඒ වගේම මගේ ඥාති සහොදරයෙක්ටත් දෙන්නෙක් ඉන්නවා මිනිහත් සාර්ථක ජීවිතයක් ගෙවන කෙනෙක් හු විවාහ අපේ සංස්කෘතියට එකඟයි

    ReplyDelete
    Replies
    1. එතකොට දෙන්නගෙන් සැනසෙන්නේ නැති උන් මොකෝ කරන්නේ.. ඇත්ත ඒකනේ. එහෙම අයත් ළෝකේ ඉන්නවනේ. සල්ලි වැඩිවෙලා කරන්න දෙයක් නැති. පැයකට රු. 25,000 ක් කියන්නෙ පොඩි ගානක්ද නේ..?

      Delete
  45. මට තේරුණ විදිහට මාතලන්ගේ බොටම් ලයින් එක ගණිකාවට ගරුත්වයක් රැකියා සුරක්ෂිතභාවයක් වෙනුවෙන් (තව ඒවා ඇති,ඒවා මම දන්නේ නැහැ, මාතලන් කියයි ) මේක නීති ගත කල යුතුයි කියලා.

    ගණිකාවෝ ලංකාවේ මිනිස්සු ප්‍රතිශතයෙන් කොච්චරක්ද???

    සුළු පිරිසක් වෙනුවෙන් මේක නීති ගත කලොත් අනතුරට ලක්වෙන ලංකාවේ අනිත් ගෝත්‍රික මිනිස්සු පව් නැද්ද?? ලංකාවේ ලිංගික අධ්යාපනයක්වත් දෙන්නේ නැතුව මේක නීතිගත කලොත් දැනට අසාධාරණයට ලක්වෙන බොහෝ පිරිසට වැඩි පිරිසක් අනතුරට පත් වෙනවා.ලංකාව තාම මේකට සුදුසු නැහැ.තිරිසනුන්ට අකුරු කියලා දෙන්න ට්‍රයි කරනවා වගේ තියෙයි. (දැන් කියන්න එපා සමහර සත්තුන්ට අකුරු ලියන්නත් පිළුවන් කියලා, මන් කිව්වේ ඔක්කොම සත්තුන්ට බැරි නිසා )

    ReplyDelete
    Replies
    1. මට ඔයාලා ගැන දුකයි දරුවනේ....

      Delete
  46. කොමෙන්ට් ටික කියවගෙන ටික දුරක් එද්දි එපාවෙලා වැඩේ අතෑරියා.

    මෙන්න මගෙ අදහස . . .
    ඕක ලීගලයිස් කලත් එකයි මට නැතත් එකයි. මොකද මම කවදාවත් සල්ලි දීල බඩු ගහන්නෙ නැති නිසා (යකෝ අපිම මහන්සි වෙලා මුන්ට තව සල්ලිත් දීපියවුකො).ගෙදර කොහොමත් ලයිසන් හෑවුනෙ. ඒක අවුටු ඔෆ් ඩේට් වෙච්චදාට දෙයියො දුන්න කටයි, වචන ටිකයි, හැකියාවයි තියනව. ඒ නිසා කොහොමත් සල්ලි දීල ගහන්නෙ නෑ.

    ප.ලි.
    ඕක ලීගලයිස් කලානම් කියල හිතුන කාලයක් තිබුන. ඒත් ඔය සීන් එකට සම්බන්දව එක්තරා කාලෙකදි එක්තරා ඇන් ජී ඕ එකක වැඩ කරද්දි එහෙම නොකල එකම තමා හොද කියල හිතුන

    ReplyDelete
    Replies
    1. නෑ බන් මේ නිසා දුක් විඳින විශාල පිරිසක් ඉන්නවා... මේ හඬ උන් වෙනුවෙන්. උඹ දන්නවනේ උන් ගැන...

      Delete
  47. මේ වෘත්තීයෙ යෙදෙන අය කරන්නෙ ලොකු සමාජ සේවයක්.ඒ වගේම පිං රැස්කරගන්න වැඩක්.




    ReplyDelete
  48. එදා casino වලට කොහොමද කිවේ .දැන් මේක සදාරණය කරන අය .

    ReplyDelete
  49. මාතලන්,

    උඹ තුමා ආපහු ආපහු ආපු එකනම් මසුරන්. මම නම් හිතුවෙම වලකජ්ජ ගහල කියලයි.

    මේකේ උඹ තුමා කියන්නේ පාරේ රස්සාව කරන අය ලැයිසොං කරන්ඩ කියලයි මට නම් හිතෙන්නේ. මම වැරදි නම් කොරෙක් කොරපන් මිතුරේ.
    කොමෙන්ට් වල කියන දේවල්වලින් පොඩි පොඩි ප්‍රශ්න ටිකක් ගේනවා.
    1. සංස්කෘතිය, සභ්‍යත්වය, හැදියාව
    කවුරුන් වත් මේවා ඇත්තටම කොහෙද තියෙන්නේ වත් කියල දෙනවනම් අපිට අඩුම තරමින් බලාගන්ඩ වත් ඇහැකි
    2. මේ රස්සාව? ලැයිසොං කරොත් ඉල්ලුමට සැපයුම දෙන්ඩ අලුත් අයව බලෙන් මේකට ගෙනත් දායි - වෙන්ඩ පුළුවන් බොහෝවිට. නමුත් එක දැනුත් කොහොමත් අඩු වැඩි වශයෙන් තියෙනවා නේ.
    3. මේක ආසාවට කරන අයත් ඉන්නවා. - එහෙම අය ඉතාම අඩුයි. හිටියත් ඒ ගොල්ලන්ට පාරට එන්ඩ ඕනේ නෑ, එන්නෙත් නෑ.
    ඔය කේස් හික්කඩුවේ සංචාරක වියාපාරේ පටන්ගන්නකොටත්, කණ්ඩලමේ හෝටල් ගහන කොටත් කිව්වා. කිව්වා තරම් දේවල් වුනාද?
    කොළඹ හෝටල් ගහනකොට ඔය කතා මොකුත් එන්නැත්තේ කොළොඹ ඇමරිකාවේ නගරයක් නිසා කියල කවුරුත් කියනවද.

    මම උඹ තුමා එක්ක එකඟයි මිත්‍රයා මෙතැනදී. ඕක ලීගලයිස් කරොත් අඩුම ගන්නේ පාරේ ඉන්න අයටත්, ඒ අයගේ කට්ටමර්ලටත් තමන්ගේ පාඩුවේ ඕක කරගෙන යන්ඩ ඇහැකිවේවි.

    දැන් මචෝ, ෆන් පාට් එක.
    ආදායම් බලපත්‍රය වින්ඩ්ස්ක්‍රීන් එකේ ප්‍රදර්ශනය කරන නීතිය වගේ. මේ ලැයිසොං එක කොහෙද බන් ගහන්න වෙන්නේ?

    ඔබ සැමට ජයෙන් ජය

    ReplyDelete
  50. කොදෙව්වන් හට අමාරුව ඇත.හොද කරගැනීමට ඕනෑ නැත. *කේ රුදාව ඉහට ගසා ඉස්මොල්ලෙ ගොස් නාකි ආච්චියෙක්ගෙ හෝ ජංගියක් බලා හෝ *තේ ගසා.බුකියට හෝ කුමකට හෝ විත් සංස්කෘතියෙ මොකද්දෝ එකක් රැකීමට කොමෙන්ටු,පොස්ට් දැමීම ප්‍රමාණවත්ය

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න