මම සුනිල් අයියගෙ මුල්ම ෂෝ එක බැලුවේ සරත් අයියයි නිර්මලා අක්කයි එක්ක. ඒක ජිප්සීස්ලගෙ මුල්ම ෂෝ එක. මට වයස හතයි.
ගෲප් එකම තනි සුදු බෙල්බොටම් එක්ක ස්ලිම් ෆිට් ෂර්ට් ගහලා උන්නේ. කොන්ඩ සායිබබාගේ වගේ.
තිබුනේ සුගතදාස ඉන්ඩෝර් ස්ටේඩියම් එකේ. එදා තමයි "ළිඳ ළඟ සංගමය" යි "අම්මා අම්මා මේ මට" සින්දු දෙක ඇහුවේ. ඒ එයාලගෙ මුල්ම ඔරිජිනල්ස් දෙක. ඒවා අදටත් කට පාඩම්.
ජිප්සීස්ලා ලංකාවම දැනගන්නේ සිංහළ ඔරිජිනල්ස් ගහපු හින්දා, ක්ලැරන්ස්ගේ ගීත වින්දේ එක්තරා පන්තියක් උනාට, සුනිල් අයියා සමාජයේ ඉහළ ඉඳන්, පාදඩ පන්තියටම යනකන් ජනප්‍රියයි.
මේකට හැත්තෑව දශකයේ සංගීතයේ මොනෝපොලිය වෙච්චි හුළං විදුලි සංස්ථාවේ කුහකයෝ සෙට් එක ගේම ඇද්දා. ජිප්සීස්ලා සින්දු ගුවන් විදුලියේ තහනම්.
ඒ උනාට සුනිල් අයියට ෂෝ තිබුනා. රෙකෝඩ් උණු කැවුම් වගේ ගියා. කොළඹ ඉස්ටාර් හෝටල්වල තිබුන වෙඩින්ග්ස් ඔක්කොම කවර් කලේ සුනිල් අයියා.
ඒ ට්‍රෙන්ඩ් එක අවුරුදු පනහක් අද වෙනකන් එහෙම්මම තිබුනා. මෑතකත් දෙසැම්බර් 31, තර්ටි ෆර්ස්ට් නයිට් වැඩිම චාජ් කරේ සුනිල් අයියා. ඒවා කාටවත් කඩන්න බැරි රැකෝඩ්.
වෙඩින්, කොම්පැනි ගෙට්ටු ගෙදර්, ක්‍රිස්මස් පාටී, ඇනුවල් පාටි, එවෝඩ් සෙරමනි, ගෲප් නයිට්, වගේ කොළඹ තරු පහේ හෝටල්වල තිබුන නයිට් ෂෝ සුනිල් අයියා නැත්නම් නැගලා ගියේ නෑ. ඔය දැන් සින්දු කියන්න කලින් ගෲප් වල ඉන්න උන් කයියක් ගහන එක පටන් ගත්තේ සුනිල් අයියා.
රෝයල් ස්ටැග් නයිට් එකට ඒ කාළේ පලු ඇරපු උන්, අද ගිරාදුරුකෝට්ට ප්‍රාතමිකේ ස්ටැග් නයිට් දාන්නේ රෝයල් උන් කොර කරලා.
ඕනම ජාතියේ වෙස්ටර්න් සින්දු වගේම සිංහළ සින්දු කියන්නත් සුනිල් අයියට ගහන්න වෙන එකෙක් නෑ.
පොප්, රොක්, චා චා, හිපොප්, රැප්, බයිලා, රෙගේ, ක්ලැසිකල්, සෝලෝ, රිදම් ඇන්ඩ් බ්ලූස් නෙමේ, ආතල් වැඩිම උනාම ජෑස් පාරවලුත් දැම්මා.
ඉස්ටේජ් එකට කුරුමිට්ටෝ, අංකල් ජොන්සන්, ලුණු දෙහි ගෙනත් ඒ වැඩේ පටන් ගත්තෙත් සුනිල් අයියා, ඊට කලින් මැක්ස්වල් මෙන්ඩිස් කරපු වැඩේ ක්ලාස් එකට කළේ සුනිල් අයියා.
ඒ විතරක් නෙමේ, ඔය අද ඉස්ටේජ් උඩ කුක්කු ඔක්කොම එලියේ දාගෙන පුච කරක කරක නටන නංගිලා එතෙන්ට ගෙනාවෙත් සුනිල් අයියා. සුනිල් අයියා "පිටි කොටපන් නෝනේ..." කියනකොට, ඒ තුන් දෙනා අඹරපු ඇඹරිල්ලට ප්රබුද්ධ උන්ගෙ ජුන්ඩා පවා ඇඹරිලම ගියා.
හැබයි පස්සෙ කාළේ එයාලත් කෑලි නැතුව සින්දු කිව්වේ නෑ. ඒ ගෙනාපු කෑලි වලට ගහන්න පුලුවන් කෑලී ටිකක් ආයේ ගෙනාවෙත් සුනිල් අයියාමයි. ඒ කොත්තමල්ලි එක්ක.
ඊට කලින් රූපවාහිනියේ ජනප්‍රිය වෙච්චි මැණිකේ අත්තනායක එක්ක රඟපාපූ නොනෙ මගෙ සුදු නෝනේ හරහා සුනිල් අයියා නළුවෙක් වගේම ප්‍රසන්ටර් කෙනෙක් උනා. ඇඩ්ස් වලට සුනිල් අයියා නැතිව බැරි උනා.
හිනා හිනා හිනා වෙන්න හිනා කියලා ඔක්කෝටම හිනා උනා. අනේ මට මොකද මේ උනේ කියලා සිංඤෝරේලගෙ රෙදි ගලවලාම දැම්මා. ඒ සෝපාහාස ප්‍රේමසිරි කේමදසගේ මැති ඇමතිවරුන්ට වඩා ප්‍රබලයි. ඒත් ඒ ගැන ලියන්න කියන්න කට්ටිය බයයි.
ලංකාවේ බේබද්දො වර්ග කරලා ගහපු සින්දු වෙන "නොනෙ මගෙ සුදු නෝනේ...", "ලතා නෝ කතා...", "සයිමා කට් වෙලා..." වගෙ ගීතවල තියෙන අපූරූ සමාජ විශමාතවන්, කල්ට් ගැන මාතලන් ඇර කවුරුත් කතා කරලා නෑ , කරන්නෙත් නෑ.
ලංකාවට රැප් ගෙනාවෙත් සුනිල් අයියා. ඒ අන්කල් ජොන්සන් එක්ක. සුනිල් අයියා එයා එක්ක උන්න කළාකාරයන් ඔක්කොටම රැකවරණය දුන්නා, පඩි ගෙව්වා, මැරුණයින් පස්සෙත් ඒ පවුල්වල අය බලාගත්තා. ඉස්සරහත් ඒ දේ වෙනවා නම් ඒක තමයි සුනිල් අයියට කරන්න පුලුවන් ලොකුම උපහාරය.
සුනිල් අයියා එයාගෙ නිර්මාණවල ලෝබයෙක්වත් පෙරේතයෙක්වත් නෙමෙයි. මට වැඩිය හොඳට කරපන් කියලා ඕන පොඩි එකෙකුට නොමිළේම දුන්නා.
අළුත් පරපුරට ආදරේ කළා, අලුත් සංගීත කාරයෝ, පද රචකයෝ, ගායක ගායිකාවෝ සෑහෙන පිරිසක් සුනිල් අයියා ෆීල්ඩ් එකට දැම්මා.
පොර කාටත් බයත් නෑ ණයත් නෑ. ඒ නිසා කියන්න තියෙන දේ කෙලින්ම කිව්වා. හිතෙන දේ කරා. ඒ නිසා ගුටිත් කෑවා. හැබයි ලබන්න ඕන ගෞරවයත් සජීවීව විඳගත්තා.
ඔය බයිලා ගහන උන්ට වඩා සුනිල් අයියා හෙන රැඩිකල් පොරක්. පොර ජීවිතේ වින්දා. ඒ මදිවට අපිටත් ජීවිතේ විඳින්න ඉගැන්නුවා. ආතල් එකේ උන්නා.
එයාගේ දේශපාලනය අපිට අදාල නෑ. මේ රටේ ආයේ උපදින්න ඕන නෑ කිව්වේ සුනිල් අයියා විතරක් නෙමේ. ඔය අදටත් පිටරටවල යන්න හදන සුනිල් අයියට බනින උන් කරන්නෙත් ඒකම තමයි.
අනික සුනිල් අයියා අන්තීමට හේත්තු උන සෙට්ටෙක පට්ට බොරුකාරයෝ කියලා දැනගත්ත ගමන් පොර එතනින් කැපුනා.
කොහිමත් සුනිල් අයියා මේ ගෝත්‍රික රටට ගැලපෙන චරිත නෙමේ. ඒත් අපි ඒ ගෝත්‍රිකත්වයෙන් මොහොතකට හරි මිදෙන්නේ මේ වගේ සංස්කෘතික විප්ලවකාරයෝ නිසා.
සුනිල් අයියා මොකද නිකං නාකි වෙලා වගේ කිව්වට, වයසෙන් තරුණ උනත් අමු මැං ගොඩි ගෝත්‍රිකයින් ඉන්නා මේ රටේ සුනිල් අයියා අජරාමර තරුණයෙක්.
සුනිල් අයියා දෙවියන් වහන්සේ එකසිය ගානට ඇදහුවා. තොප්පිය ඔළුවෙ කුරුසේ කරේ. ඉතින් ආයේ ගේමක් නැතිවම කෙලුන්ම සුනිල් අයියා දෙවියන් වහන්සේ ළඟට යනවාමයි.
දෙවියන් වහන්සේ කොර වෙන්නේ.... අඩෝ ලංකාවෙන් ආපු එකෙක් ඉල්ලන ඕන නම්බර් එකක් දෙනවා නේ... මූ යකෙක් නේ කියලා...
ෂුවර් එකට එහේ පාටි එක හෙට පාන්දර වෙනකන්ම යනවට මෙන්න කැට.
නිවේදක හේමසිරි හල්පිට....
ආයේ හමුවෙමු සුනිල් අයියා...!