.

.

Jun 5, 2010

DP නොහොත් කටයා - Deputy Principal (Kataya)

.
සුදු කළු වර්ණ මිශ්‍ර වූ කොන්ඩය මනාව පිටුපසට පීරා ඇත. කුඩා තියුණු නෙත් යුගලකි, තනි ඉරක් මෙන් පිහිටි, පිරුණු නාසයකි. සියළු දේ නියමාකාරයෙන් පිහිටි ප්‍රථාපවත් මුහුනකි. මනාව වැඩුණු අඟ පසඟින් හෙබි කඩවසම් සිරුරකි. ස්වේත වර්ණ කලිසම, කමීසය අද උදැසන මිළදී ගත්තාක් මෙනි. කළු සිහින් ටයි පටිය එයට එළියක් එක් කරයි. හමුදා නිළදරුවකුගේ මෙන් මනාව ඔප දමන ළද ලේස් සහිත පාවහන් යුගල සියල්ල පරීපූර්ණ කරයි.

හොලිවුඩ් නළුවකු මෙන් ප්‍රතාපවත්, තේජාන්විත පුද්ගලයෙකි. මට ඔහුව එකල පෙනුනේ ජනප්‍රිය ඩිනාස්ටි රූපවාහිනි නාට්‍ය මාළාවේ බ්ලේක් කැරින්ග්ටන් මෙනි. එදා මේදා තුර අප පාසැල් ඉතිහාසය තුල වඩාත්ම ජනප්‍රිය චරිතය මොහු බවට කිසිඳු තර්කයක් නොමැත. ඔහු අප නියෝජ්‍ය විදුහල්පති E.C. ගුණසේකර මහතායි.

ඔහුත් දන්නා, එහෙත් කවුරුත් ඔහු ඉදිරියෙදි නොපැවසූ අප පාසැලේ පමණක් නොව අනෙකුත් පාසල්වල පවා ඔහු හඳුන්වන ජනප්‍රිය නාමය වූයේ "කටයා" යන්නයි. එය ඔහුට කෙසේ ලැබුනාදයි දන්නා කිසිවෙකුත් නැති. කොළඹ 7 ඉතා ප්‍රභූ පැලැන්තියේ පවුළකින් පැවත ආ ඔහුගේ සහෝදරයකුගේ පුතෙක් අප පන්තියේ සිටියද, ඔහුත් එම නම ලැබුනු ආකාරය නොදන්නා බව පැවසීය.

පාසැලේ සිටි දරුණු ගනයේ සිසුන් පවා ඔහු ඉදිරියේ මැලේරියා රෝගීන් සේ වෙව්ලයි. (මෙතනදිත් චූ කතාවක් මතකෙට ආවා ඒක පස්සෙ..) සිසුන් පමණක් නොව ගුරුවරුන්ගේ තත්වය වූයේද එයට වඩා වැඩි දෙයක් නොවේ. ඔහු නියම පාලකයෙක් විය. අප පාසලේ සිටි සමයේ විදුහල්පතිදූරය දැරුවේ මතු බුදු වන්නට පෙරුම් පිරූ පීරීස් මහතායි. නමුත් අද මෙන් නොව එකල පැවති රාජකීය විනය පවත්වාගැනීමට ඉවහල් වූයේ DP ගේ පාලනයයි.

ඔහු දිනපතාම පාසල වටා නිරීක්ෂන චාරීයවක යෙදේ. ඔහු සිටිනා ප්‍රදේශය සිසුන්ගේ සැටලයිට් වලට බොහෝ විට සම්ප්‍රේශනය වූවද, සමහර විට පන්තිය තුලටම එන තෙක් කිසිවකුත් දන්නෙ නැත.  පෙරකල වේවැලක්ද සහිතව මෙම චාරිකාව කල බව සඳහන් වුවද අප සිටි කාළයේ වේවැලක් තිබුනේ නැත. එහෙත් කම්මුල ලගින්ම අත තබා එල්ල කල පහරනම්, එම සංග්‍රහය ලද කිසිවකුට අමතක නොවේ.

අප දන්නා පරිදි තනිකඩ ජීවිතයක් ගතකල මෙතුමා තම දෙමාපියන් මියගිය පසු, ජීවීත කාළයම පෙම්කල තම දෙමළ ජාතික පෙම්වතිය සමඟ එක්විය. අප පාසල් බස් රථයේ පැමිණෙන විට මේ යුවල අත් අල්ලාගෙන වෝඩ් පෙදේසේ සිට පයින්ම පාසලට වෙත එන අයුරු අප දැක ඇත.

මා එතුමා මුලින්ම දුටුවේ 6 පන්තියේදීයි. එවකට 6 පන්ති පැවතියේ ක්‍රීඩාංගනය අසල පිහිටි සාමාන්‍ය පාසල් ගොඩනැගිල්ලකයි. ප්‍රාථමික විද්‍යාලය පැත්තෙ ඇති නව ප්‍රතාපවත් ගොඩනැගිල්ල ඉඳිකිරීමෙන් පසු එම ගොඩනැගිල්ල ඉවත් කරණ ලදි.

දිනක් ගුරුවරයකු නොමැති අවස්තාවකදි මෙතුමා අප පන්තියට ගොඩවිය. සියළු දෙනාම මේ පුද්ගලයා දුටු සැනින් ඉබේම නැගී සිට ආචාර කරණා ලදි. උකුසු ඇස් වලින් තියුණු බැල්මක් සියළුම සිසුන් වෙත එල්ල කල ඔහු (6 පන්තිය වුවද සියළු දෙනාගේ පාසලේ පළමු වසර මෙයයි.) එකවරම ඉදිරි පෙලේ සිටි "පීකීයාගේ" කම්මුලට ගැසුවේය. සියළු දෙනාටම ඉඳගන්නා ලෙස අණකල ඔහු පන්තියෙන් පිටව ගියේය. කිසිම වරදක් නොකල "පීකීයාට" එල්ල වූ පහර අප කාටත් කුතුහලයකි.

ඔහු ප්‍රදේශයෙන් නොපෙනී ගිය පසු සිඳු වූයේ කුමක්දැයි "පීකීයාගෙන් විමසන ලදි. "මචං අපේ අයියා (පීකියාගේ අයියාත් ඉහල පන්තියක සිටි ආතල් බුවෙකි.) කිව්වා තොල ලෙවකන එක කටයට පෙන්නන්න බෑ කියල ඒක ඇත්තද බලන්න මම එහෙම කලේ."

පොස්ට් එක දිග වැඩි වෙන නිසා කටයගේ තව කතා පසුවට......

DP සර්, ඔබ ප්‍රාර්ථනා කල සැනසීම ඔබට ලැබේවා...!!!



ප: ලි:
අද පාසල් වලටත්, රටටත් අවශ්‍ය වන්නේ මෙවැනි විනය ගරුක ප්‍රතාපවත් පාලකයින්ය.....

57 comments:

  1. අයියා මේ රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ හිටිය Deputy Principal කෙනෙක්ද ?

    ReplyDelete
  2. @ Hasitha

    ඔව් මල්ලි... සෑහෙන කාළයක් හිටපු DP කෙනෙක්..

    ReplyDelete
    Replies
    1. ,to Parents "V.P."/Mr.Gunasekara, to Royalists as "Kataya"(Cut-Hair) and to All as a stict Disciplinarian.
      Saman Amarasinghe shared his post.
      April 23 · Edited

      Delete
  3. "මතු බුදු වන්නට පෙරුම් පිරූ පීරීස් මහතායි"

    ජයසූරිය සර් දවසක් කිව්ව විදිහට නම් පීරිස් සර් මාර වසයිලු. එයා office එකෙන් එලියට බැස්ස ගමන් A/L Section එක silence වෙනවාලු.

    එතකොට අනිත් අයත් දැනගන්නවාලු Principal එලියට බැහලා ඉන්නේ පරිස්සමෙන් ඉන්න ඕනේ කියලා :)

    ReplyDelete
  4. ශ්‍යාම් සෙල්වදොරෙයිගේ Funny Boy නවකතාවේ The Black Tie ලෙස හඳුවනු ලබන "වික්ටෝරියා විද්‍යාලයේ" ප්‍රධානාචාර්ය වරයාගේ චරිතය නිර්මාණය වී ඇත්තේ ඔහුගේ චරිතය ආශ්‍රයෙනි.

    තවත් කිව හැකි කථා රාශියක් ඇති මුත් නිහඬ වෙමි.

    - Taboo

    ReplyDelete
  5. @ Taboo

    මම ජීවීතයේ ප්‍රිය කරනම චරිතයක්...

    ටැබූට පින්.. කොහෙන් හරි පොත හොයාගෙන කියවන්න ඕන...

    ඔහු ගැන කිව හැකි දේවල් ඇත්නම් රසවත් පොස්ට් එකක් දාන්න..

    කඩ්ඩෙන් නම් වඩාත් හොඳයි.....

    ReplyDelete
  6. පොඩ්ඩක් හෝව්!

    අර තොල කට ලෙවකන එක වරදක් වෙන්නෙ කොහොමද?

    ඒක ට කම්මුලට ගහන්නෙ ඇයි?

    ආද්‍රතාවය අඩු වෙලාවට ඕක කරන්ණ ඕනැ, නැත්තං තොල් පැලෙනවා. ලිප්ස්ටික් ආවෙත් ඒ නිසා.

    ReplyDelete
    Replies
    1. ලෙවකෑමෙන් තොල් moist කිරීම අවදානම් ය. කෙල වල අති ප්‍රෝටීන පටලයක් සේ තොල් වටා බැඳේ. එය ආර්ද්‍රතාව අඩු කාලගුනයට අසු වූ විට තොල් පැලීමට උදවු විය හැකිය. ප්‍රොටීන වල ඇති අමිනො අම්ල කැඩී දුර්ගන්දයක් ද ඇති වේ. ජලයෙන් තෙමීම සහ lip balm ගෑම තොල් වල වියලි බාවයට ඇති ප්‍රතිකර්මයි.

      විරුද්ද ලින්ගිකයන් ගේ තොල් ලෙව්කෑම ඊටත් වඩා හොඳ ප්‍රතිකර්මයකි.

      Delete
  7. @ කතන්දර

    එයා දැක්කම තොල කට වේලෙනවා.. ඒ උනාට ඒවා ලෙවකන්න ගියොත් "පීකීයට" උන වැඩේ තමයි කාටත් අත්වෙන්නේ....

    ReplyDelete
  8. පසුගිය දිනක ඔය පාසලට ගිය අයෙකු දනුන තිලකරත්න හමුවූ බව කියා බ්ලොග් එකක් ලිව්වා. ඒකට අවි අමෝරාගෙන ආවා රෝයල් කාරයෝ, පාසලට අපහාසයක් වෙනවා කියලා.

    මාතලන් ලා ගේත්, ටැබූ ලා ගේත් නිරුවත හෙලිවෙන තැනක්ද මේක? ඇයි ඔය ගුරුවරයා ගේ වරද නොදකින්නේ. ඇයි ටැබූ ඔය කියන කතා නොලියන්නේ?

    ReplyDelete
  9. කතන්දර හරි. මානව නිදහස, සමාජ අසාධාරණය ගැන කතාකරන අය ඔය වගේ නපුරන් වීරයන් කරන්නේ ඇයි? අහිංසක සිසුවන්ට තම තනතුරේ හය්ය පෙන්නන ඔය වගේ එවුන් සමහර විට පෞද්ගලික ජීවිතයේදී නිව‍ටුන් විය හැකිය. නිවසේදී බිරිඳගේ අඩත්තේට්ටම්වලට ලක්වන එවුන් හා සමහරවිට කුඩාකළ බාල අපචාර වලට ලක්වූ එවුන් තම පළිගැනීමේ අවස්ථාව ලැබෙන විට අහිංසකයන්ගෙන් පිරිමසාගන්නවා විය හැකිය. මොවුන්තුලවත් නැති විනයක් පාසලේ ක්‍රියාත්මක වනබව පෙන්වා හිංසා කිරීම මෙවැන්නන්ගේ ලක්ෂණයකි. ටැබූ වැන්නන්ට මොවුන්ගේ නිරුවත නොපෙනෙන්නේ මන්දැයි ගැටළුවකි.

    ReplyDelete
  10. @ කතන්දර

    සමාවෙන්න රත්තරන් මහත්තයෝ. එතුමාගේ කිසිම වරදක් නොදකිමි. විනයක් නැතිකම මේ රටේ මම දකින මූලික ලක්ෂනයක්. අදත් නියම මනුෂ්‍යයන් ලෙස කොන්ද කෙලින් තබාගෙන ජීවත් වෙන්නට හැකීවී තියෙන්නෙ ඒ ලද විනය නිසයි. ඔහු අපට මඟ පෙන්වූ පියෙකි. ඇවිදින කළමණාකරන උපාධියකි..

    ReplyDelete
  11. "තොල ලෙවකන එක කටයට පෙන්නන්න බෑ "

    මේ වගේ මානසික රෝගීන් අපේ ඉස්කෝලේත් හිටියා. තොල ලෙවකන එක විනය එක්ක සම්බන්දයක් නෑනේ. මේ වගේ එවුන් ලමයිට නිකරුනේ ගහලා වින්දනයක් ගන්න මානසික රෝගීන්.

    ReplyDelete
  12. @කතන්දර,

    ප්‍රතිපත්තියක් ලෙස පුද්ගලිකව මා දන්නා චරිත, සිද්ධීන්, ආයතන ගැන බ්ලොග් අවකාශයට ලිවීමෙන් හැකිතාක් වැළකී සිටිමි. රාජකීය විද්‍යාලය ගැන නොව සමාජය රාජකීය විද්‍යාලය දකින ආකාරයේ වරද ගැන නම් එකම එක බ්ලොග් පෝස්ටයක් ලියා ඇත්තෙමි. http://taboosubjects.wordpress.com/2010/03/17/121

    එසේම ප්‍රතිපත්තියක් හැටියට පාසල් තුළ වේවැලෙන් විනය පවත්වා ගැනීමට මම විරුද්ධ වෙමි. එය පුද්ගලානුබද්ධව නොව වෙනම කතා කළ යුතු මාතෘකාවකි.

    @මාතලන්,

    ඔහු ගැන මා නොව ශ්‍යාම් සෙල්වදොරෙයි ලියූ කතා ගැන බ්ලොග් පෝස්ටයක් කරමින් සිටිමි.

    - Taboo

    ReplyDelete
    Replies
    1. රාජකීය විදුහලේ නිර්මාණ කරුවන් සොයන්නෙක්මි. ආදි ශිෂ්‍ය සංගමයේ, නිපුණතා මධ්‍යස්ථානයේ සේවය කරමි. 1980 කණ්ඩායමේ, හේම නලින් කරුණාරත්නගේ පන්තියේ සිසුවෙක්මි. ඔබේ නම, ඊමේල් ලිපිනය, ජංගම දුරකතන අංකය, මගේ ඊමේල් ලිපිනයට (jgamalathge@yahoo.com, or scmanager@rcu.lk) එවන්න. බ්ලොග් පිටුවල ඔබ හා මාතලන් ගැන රාජකීයයෙක් ලෙස සතුටුවෙමි.

      Delete
  13. /* එතුමාගේ කිසිම වරදක් නොදකිමි. */

    වරදක් නොදකිනවා යැයි කියන්නේ කොහොමද? මාතලන්ම නේද අවුරුදු 30 ක් විතර හිතේ තිබුණු ඔය කම්මුල් පාරේ කතාව අපිට කිව්වේ?

    පාසලේ විනය නීති මාලාවේ තොල්පට ළෙව කෑම වරදක් යැයි ද, එය ක්‍ෂණිකවම කම්මුල් පාරකින් දඩුවම් දියයුතු වරදක් දැයි ලියා නොතිබුනේ නම් ඔය කටයා කර ඇත්තේ විෂමාචාරයකි. බලය අනිසි ලෙස පාවිච්චි කිරීමකි. කිරි කලයක් දෙව්වත් ගොම බිඳක් දැම්මොත් වැඩක් නෑ නේද?

    මට නං හිතෙන්නේ ඔබ එය වරක් ලෙස දකිනවා, අවුරුදු ගාණක් හිතේ තියෙන්නේ එනිසයි, නමුත් මොකක්දෝ රෝගයක් නිසා කියන්නට බයයි. මේ රෝගය මස්තිස්කය ආශ්‍රිත එකක්ද නැත්නං කොඳු ඇට පෙල ආශ්‍රිත එකක්ද?

    ලියන්නකෝ ලිපියක් අර බස් නානා ගැන. කොච්චර ලොකු සේවයක් ද කෙරුවේ?

    ReplyDelete
    Replies
    1. රාජකීය විදුහලේ නිර්මාණ කරුවන් සොයන්නෙක්මි. ආදි ශිෂ්‍ය සංගමයේ, නිපුණතා මධ්‍යස්ථානයේ සේවය කරමි. 1980 කණ්ඩායමේ, හේම නලින් කරුණාරත්නගේ පන්තියේ සිසුවෙක්මි. ඔබත් රාජකීයයෙක්ද? ඔබේ නම, ඊමේල් ලිපිනය, ජංගම දුරකතන අංකය, මගේ ඊමේල් ලිපිනයට (jgamalathge@yahoo.com or scmanager@rcu.lk) එවන්න.

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. "අහිංසක සිසුවන්ට තම තනතුරේ හය්ය පෙන්නන ඔය වගේ එවුන් සමහර විට පෞද්ගලික ජීවිතයේදී නිව‍ටුන් විය හැකිය. නිවසේදී බිරිඳගේ අඩත්තේට්ටම්වලට ලක්වන එවුන් හා සමහරවිට කුඩාකළ බාල අපචාර වලට ලක්වූ එවුන් තම පළිගැනීමේ අවස්ථාව ලැබෙන විට අහිංසකයන්ගෙන් පිරිමසාගන්නවා විය හැකිය."

    ඇනෝ කිව්ව දේ මමත් අත්දැකලා තියෙනවා.

    අපේ පාසැලේත් හිටියා සංගීත ගුරුවරයෙක්. එයාගේ ඉස්සරහට මුනගැහෙන ඕනෑම කෙනෙක්ට කම්මුලට ගහනවා. නැති නම් දඩෝං ගාල පිටට ගහනවා. හබැයි මූ ගැහුවේ පොඩි ළමයින්ට විතරයි.

    ගොඩක් ළමයි සංගීත හැකියාව තිබූ අයත් චිත්‍ර හෝ නැටුම් ඉගෙන ගන්න ගිහින් අනාගත්තා මේ ගුරා නිසා. මටත් ඉස්සර හරිම පුදුමයි ඇයි මේ යකා මෙහෙම හැසිරෙන්නේ කියලා.

    පස්සේ කාලෙක තමයි රහස එලිවුනේ ඌ (මම නම් ඌව ගුරෙක් කියනන් වත් කැමති නෑ) අපේ ගෙවල් ලඟට පදින්චියට ආවා. මූ හෙන කසිප්පු කාරයෙක්. ගෑනිත් මූට අල්ලන් ගහනවා. ලොකු පුතයි පොඩි පුතයි දෙනන්ත් අල්ලන් ගහනවා. දුවල දෙන්නත් මූට කතාකරන්නේ බල්ලෙක්ට වගේ. මූ ඒ තරහා පිට කරන්නේ පාසැලේ අහිංසක ළමයින් පිටින්.

    ReplyDelete
  16. @ කතන්දර, දුකා..
    ඔබ වැනි සුන්දර මිනිසුන් හා වාදයකට යාමට මා සතුටු නැත. ඔබ කරනා ප්‍රකාශ වලද සත්‍යයක් ඇත. මේ වසර 35 කට පෙර සමාජයයි. ඩ්ප් ගුරුවරයකු වූයේ ඊටත් පෙර සමාජ ක්‍රමයකදීය. නමුත් දඩුවම් ගැන සමාජ කතිකාවතක් ඇත් වූ කල වේවැල අත ඇරීමට ඔහුට ශක්තියක් විය.

    මා සඳහන් කලේ එතුමාගේ එක කතාවක් පමණි. එම කතාවෙන් ඒ සුන්දර මිනිසා මැනීම වැරදිය. ආදී සිසුන් වූ පසු එතුමා තුල වූ සුන්දර මිනිසා හඳුනාගත්තෙමු. පියවරුන් වුව මිතුරන් බවට පත්වන්නේ යම් කිසි වයසකදීය. අද අප දියුණු සමාජ තත්වයක් ඇතිකරගෙන තිබෙනවාද? කොහෙත්ම නොමැත. සමාජය සමඟ වෙනස් වීමට හැකියාවක් තිබූ ඔහු වැන්නන් අදටත් අපට වීරයන් වන්නෙ එබැවිනි.

    මිනිසා මැරෙන තෙක් අධ්‍යාපනය ලබයි. කිසිම මිනිසකු පරීපූර්න නොවේ. අදහස් වලට ස්තූතියි. අපි ශ්‍යාම් සෙල්වදොරේ ඔහු ගැන කියන්නෙ කුමක්දැයි බලමූ.

    ReplyDelete
  17. ශාරීරිකව විතරක් නෙවෙයි මානසිකවත් දරුවන්ට දඬුවම් කරනවට මම විරුද්දයි
    දරුවන් හදන්න කියලා එහෙම කරන්නේ එහෙම නොකර දරුවන් හදා ගන්න බැරි අදක්ශ අය
    ඒත් අපි සමහර වේලාවට සමහර සැර ගුරුවරුනට කැමතියි සමහර සැර නැති අයට වැඩිය (පසු කාලෙකදී හරි )
    එක හේතුවක් විදියට මට හිතෙන්නේ ඒ ගුරුවරයා අදර්ශමත් වීම (අපේ ප්‍රින්සිපලුත් ටොපි කොලයක් බිම දැම්මත් පොඩි හරි දඬුවමක් දෙනවා - ඒත් උදේට පාසල අතු ගන්නේ එතුමිය )
    අනිත් එක තමයි අපිට දැනෙනවා නම් ඒ ගුරුවරයා දඬුවම් කරන වැරැද්ද ඇත්තටම වැරද්දක් කියලා හරි එහෙම නැත්තම් දන්ඬුවම් කරන කොට එක හැමෝටම පොදුනම් හරි ඒතකොටත් අපිට ගෞරවයක් ඇතිවෙනවා
    මීඅට අමතරව අපිට නොපෙනෙන කරුනුත් ඇති නපුරු කෙනෙකුට කැමතිවීමෙන් අපිත් නිකම් ලොක්කෙක් වගේ හැඟීමක් එනවද දන්නෙත් නෑ ?

    මටත් හිතාගන්න බෑ තොල කට ලෙවකන එකේ වැරැද්දක්
    ඒත් වැරද්ද මොකද්ද කියන ඒව කාලයට අනුව වෙනස්වෙනවා
    හරියට ස්විමින් සූට් වගේ

    ඒක නිසා මාතලන් අන්තිමට කියපු දේ හරියටම හරි
    //සමාජය සමඟ වෙනස් වීමට හැකියාවක් තිබූ ඔහු වැන්නන් අදටත් අපට වීරයන් වන්නෙ එබැවිනි.//

    ReplyDelete
  18. @ Arjuna

    ඔබගේ අදහසට ස්තූතියි....

    ReplyDelete
  19. මාතලං,

    මටත් ඔබ සමග වලියක් නැත. හැබැයි සිතට දුකයි. කොහොම වුණත් මා දන්නේ ඔබ කියූ දේ පමණයි.

    ඔබ හැමතා මාතලං වී ඇතිවා නිසක මිස කටයාතලං වී නොමැති බව පෙනේ.

    නිරපරාදේ ගුටි කෑවා නං ඔය ලෙස නොවෙනු ඇත.

    මගේ නං පැතුම මාතලං, ඔබතලං, ඌතලං නොව කිසිදා කිසිම සිසුවෙකුට නොතලං කියාය.

    කතන්දරකාරයා

    ReplyDelete
  20. @ ටැබූ,
    සෙල්ලදොරේ ගේ පොත ගැණ විතරක් නොව - සරත් විජේසූරිය ගේ "දරුවන් ට ගහන්න එපා" පොත ගැනත් ලියන්න.
    කතාකාර්වාලා

    ReplyDelete
  21. සාමාන්‍යයෙන් දරුවන්ට පහර දීමට අනුබල දෙන්නේ අපේ රටේ ජාතිවාදී, දේශීය චින්තනකාමී, බෞද්ධ (යැයි සම්මත එහෙත් අබෞද්ධ) සමාජ කොටසයි. ටැබූ, මාතලන් සහ කශූ අයත් වන්නේ ඊට විරුද්ධ විජාතික, පරගැති බෞද්ධ විරෝධී (යැයි සම්මත) කොටසටයි. මා (පළමු ඇනෝ) පුදුම වූයේ මාතලන් වැන්නෙක් මෙවැනි ක්‍රියාවක් අනුමත කිරීමත් ටැබූගේ නිහඬත්වයත්ය. මාතලන්ගේ අසාමාන්‍ය අදහසට ටැබූ විරුද්ධ නොවන්නේ ඔවුන් අදහස්වලින් මිතුරු නිසා බව පෙනේ. පසුව කශූ වුවත් වලිය සමතයකට පත්කර ගත්තේ ඔවුන් අතර තිබෙන මිත්‍රත්වය පලුදුවේයැයි බියෙනි. කෙසේ වුවත් කශූ හා දුකාගේ කෙලින් අදහස් දැක්වීම අගය කළ යුතුය. මාහට ඔබලා අතර වලියක් දැකීම රිසි නොවේ. නමුත් කශූ විසින් ආරම්භ කළ නපුරු ගුරුවරුන්ගේ ක්‍රියාවන් විවේචනයට කාලය එළඹ තිබේ. නිර්දය ලෙස සමාජ විෂමතා විවේචනය කරන ටැබූ මේ පිළිබඳත් ආන්දෝලනාත්මක ලිපියක් ලියනු ඇතයි මම බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
  22. කොහොම උනත් මතලන්ගේ ගුරුතුමා වින්ශ්යය කරන්න අපිට අමාරු උනත් , එහම කරන එක වැරදි උනත්
    (ඒ කලේ ගුරු විදුහල් වල උගන්නපු ක්රමය අනුව, ලමා මනෝ විද්යාව යොදා ගත්ත තරම අනුව, සමජයේ තිබුන මත අනුව ඒ ගුරුවරයා එහම හැසිරුන එක එතුමාගේ විතරක් වැරැද්දක් කියලා කියන්න අමාරුයි )

    අපි ඒ ක්රියාව (විනය පවත්වා ගත් ආකාරය )හරි කියලා කියන එකත්, එහෙම කරපු නිසා එතුමා උසස් ගුරුවයෙක් කියලා කියන එකත් හරි නෑ කියලා මට හිතෙන්නේ
    අද අපි දන්න දේවල් එක්ක බැලුවම ඒ ක්රියාව වැරදියි, අපි ඒක අනුමත කරන්න හොඳ නෑ (ගුරුතුමා නෙවෙයි ඔහුගේ ක්රියාව )
    එතුමා උසස් ගුරුවරයෙක් වෙන්න පුලුවන් - ඒකට හේතුවෙන කතා අපිට මාතලන් තාම කිව්වේ නැතිවෙන්න පුලුවන්

    //මගේ නං පැතුම මාතලං, ඔබතලං, ඌතලං නොව කිසිදා කිසිම සිසුවෙකුට නොතලං කියාය.//
    කතන්දර කියපු එක හරි
    අපි ගුටි කෑවේ නැත්තම් අපිට ඒ අමාරුව තේරෙන්නේ නෑ
    අපි හොඳයි කියලා කියන ගොඩක් ගුරුවරු නිසා සමහර ලමයින්ගේ ජීවිත විනාස වෙලා (වචනේ සැර වැඩිද මන්දා ) තියනවා

    ඉස්කෝලයක් කියන්නේ හමුදා පාසලක් නෙවෙයි කියලා මට හිතෙන්නේ චොට්ටෝ චන් ගේ ප්රින්සිපල් වගේ ගුරුවරු තමයි මම හිතන්නේ අපි අගය කරන්න ඕන

    ලමයි සීයකගේ ජීවිත සාර්තක කරලා එක දරුවෙකුගේ ජීවිතයක් කාල කන්නි කරන ගුරුවරු නෙවෙයි අපිට ඕන , ලමයි එකසිය එකේම ජීවිත සාර්තක කරන ගුරුවරුයි

    අනිත් එක, දරුවෙක් ලමා කලේ බයෙන් වෙවුල වෙවුල ඉඳල ලොකු වෙලා මොන ලොක්කෙක් උනත් වැඩක් නෑ කියලත් මට හිතෙනවා

    ReplyDelete
  23. ටැබූ,මාතලන් සහ කසූ තුන්දෙනාම කියන දේවල් වල ඇත්තක් තියනවා.කොහොම වුණත් පොඩි ළමයින්ට විනය ගැන අවබෝධයක් ලබා දෙන්න සමහර වෙලාවට පොඩි දඩුවම් දෙන්න වෙනවා.ඒත් බරපතල විදිහට,ඒ වගේම හේතුවක් නැතුව දඩුවම් දෙන එක වැරදියි

    ReplyDelete
  24. //අනිත් එක, දරුවෙක් ලමා කලේ බයෙන් වෙවුල වෙවුල ඉඳල ලොකු වෙලා මොන ලොක්කෙක් උනත් වැඩක් නෑ කියලත් මට හිතෙනවා// ඇත්ත.
    මහණ කරපු දරුවන්ට සිදුවන ලිංගික අතවර ගැන කතාකරන කටවල් පාසල්වල ගුරාලා සහ පිනාලාගේ (මීට වඩා ගෞරව කරන්න නොසිතේ) කෙරුවාවල් කියන්න නෑරෙන්නේ ඇයි? (මා පාසල් වයසේදී මුංගෙන් අඩුවෙන්ම ගුටිකෑ සිසුවෙක් වූයෙමි. එහෙත් මාගේ මිතුරන් අමානුෂික පහරදීම්වලට ලක්වීම දැකීම තවමත් මසිත ඔවුන් පිළිබඳ වෛරයක් හටගනී. සමහරවිට ගුටිකෑ ළමයින් අද මොවුන්ගේ ගුණ කියනවා විය හැකිය. එහෙත් අදත් විශ්ව විද්‍යාල සිසුවෙක් වන මට මෙවැන්නන් දු‍ටුවිට වෛරයක් මිස ගෞරවයක් ඇතිවීම නොවැළැක්විය හැකිය.)

    ReplyDelete
  25. අපි නම් ඔය සෑර් ගෙන් නම් කාල නැහැ. නමුත් අමරදාස සෑර් ‍ගෙන් මුණසිංහ සෑර් ගෙන් නම් කුණුවෙන්න කාල තියෙනව. අපි මිනිස්සු උණේ ඒ වගේ මිනිස්සු නිසා..

    ReplyDelete
  26. ඔය "කටයා" ට ඒ නම පට බැඳුනේ නිතරම පන්ති වලට ඇවිත් "Cut Your Hair"... "Cut Your Hair" කියමින් ලමුන් ‍තෝරමින් පෙන්වන නිසායි... අපේ වුන් ඒක සිංහලට හරවා ගත්තා... බස් නානා, කටයා, වික්‍රමසිංහ, කුරේ, යනාදීන් ඉතින් දෑතේ වීරිය තුලින් තමා වැඩේ ගෙනගියේ.... බස් නානගේ අතේ පොඩි පොලු කෑල්ලකුත් තිබුනා නේ අඩි එකහමාරක විතර... කථාකරන්නවත් ඉඩ නොදී කෙලින එකනම් අම්මපා මලම පනින වැඩේ... පෝලිම් ගස්සවලා "ගුරු තරුව " පෙන්විය යුතු කට්ටිය කියලයි මට නම් හිතෙන්නේ...

    ReplyDelete
    Replies
    1. Tissa is the odd one out.

      /* පෝලිම් ගස්සවලා "ගුරු තරුව " පෙන්විය යුතු කට්ටිය කියලයි මට නම් හිතෙන්නේ... */

      Delete
  27. @ තිස්ස දොඩන්ගොඩ

    කොහෙද හිටියේ අනේ...?

    ReplyDelete
  28. තිස්ස අයියාත් රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ පොරක් නේ :)

    ReplyDelete
  29. @ Hasitha
    ඒකනේ බොලව් බලාපන්කෝ ඒකේත් හැටි....

    ReplyDelete
  30. රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙන් බ්ලොග් අවකාසෙට ආපු අය හුගක් මේක නිසා අඳුනාගන්න පුලුවන් වුණා ... ඔයා, ටැබූ, බ්ලොග් ගඩොල්, තිස්ස අයියා , මම

    ReplyDelete
  31. ටැබූගේ රාජකීයත්වය කෙසේද?

    ReplyDelete
  32. @ CD Athuraliya
    මචෝ මට උඹවයි, ජංජාල චාමරවයි, තුර්යවයි අමතක වුණා නේ. සොරි වෙන්නම ඕනේ ඉතින් :)

    ReplyDelete
  33. Observation made more than three years later:

    මට පේන්නේ රාජකීය වදද්‍යාලයට ගිය උන්ගේ මස්තිශ්ක ශෝධනය කර ඇති බවකි.

    කටයා ගේ අපචාර ගැන හසිත පවා වචනයක් නොකියයි!

    මගේ මුල් කමෙන්ටුවක දනුන තිලකරත්න ගැන කතන්දරයක් ගැන සඳහන් කරමින් මා කියුවේ මේ කාරණයයි.

    මෙය ගෝත්‍රවාදයයි. අපේ උන්ගේ වැරදි වැසීමයි.

    ReplyDelete
  34. කටයා මහත්තයා ගැන නම් කියන්න දේවල් බොහොමයි. කටයා මහත්තයා ගියාට පස්සේ කොලෙජ් එක හැම අතින්ම කඩා වැටුනා කියලා තමයි පරණ එවුන් කියන්නේ.

    ReplyDelete
    Replies
    1. අරූ,
      ඒ කියන්නේ කොළඹ රාජකීය විද්‍යාලය එදා කඩා නොවැටී පැවතුනේ මේ කියන කටා වැනි ළමා පීඩකයින් නිසා කියලාද?

      පව් කියා සිතේ!

      Delete
  35. කකා........මම ඒ හේතුව නිසාම කියලා කියන්නේ නැහැ. පීරිස් වගේ විදුහල්පතිවරුන්ගේ ඉවත්ව යෑමත් බොහෝ විට බලපාන්න ඇති. ඊට පස්සේ ආපු දේශපාලන ඇඟිලි ගැසීම් වැනි දේවලුත් නිසා.

    කටයා පාලනය කරේ ඒ ලෙවල් පන්ති විතරයි. ඒ තැන් වලත් දකින දකින ළමයාට දකින දකින තැන ගහන පීඩකයෙකුත් නෙමේ. අවශ්‍ය තැන , එදා කවුරුත් හෙලා දැකපු නැති ශාරිරික දඬුවම් පැමීනවීම් කරා. ඒවාට කවුරුත් උරන වුනෙත් නැහැ. තරුන ශිෂ්‍යයෝ නේ හිටියේ. ශාරීරික දඬුවම් මම අනුමත කරන්නේ නැහැ. නමුත් ඒ කාලේ එහෙම තිබුනානේ. දඬුවම්වලින්ම ළමයි හදන්න බැහැ. උදාහරණයක් හැටියට මම. කෝ හැදුනාද? මම තරම් කටයාගෙන් ගුටි කාපු සහ ඩිටෙන්ෂන් විඳපු කෙනෙක් ඒ දිනවල හිටියේ නැතිවත් ඇති. ඩිටෙන්ෂන් ක්ලාස් එකේ ඉන්න, ඉස්කෝලෙන් පස්සේ කෑම කාලා නැතිබව දැණගත්තාම මට කැන්ටින් එකෙන් කාලා එන්න පොඩි චිට් කෑලි ලියලා දීලාත් තියෙනවා. හැබෑ මනුස්සයෙක්.

    ReplyDelete
    Replies
    1. wrong. Not only AL classes I had my wet lipping punishment experience at Grade 7 or 6

      Delete
  36. ane bola ponna kaka tho dannawada guruwarunge agaya anande wage 3rd class isskolekatane tho giye

    ReplyDelete
  37. මාතේ,

    ///////කොළඹ 7 ඉතා ප්‍රභූ පැලැන්තියේ පවුළකින් පැවත ආ ඔහුගේ සහෝදරයකුගේ පුතෙක් අප පන්තියේ සිටියද, ඔහුත් එම නම ලැබුනු ආකාරය නොදන්නා බව පැවසීය.////////

    රබා ගුණසේකර ගැන ද උඹ මේ කියන්නේ?

    ReplyDelete
  38. I was a student at Royal from 1975-1987, had my horror time with Mr. Gunasekera and I am truly grateful to these people as they have kept us on the proper path. If anyone needs some guidance to up bring your teenage son properly from his books;
    1. No sideburns 2.tuck the shirt 3.fold the shirt sleeves 3 fingers wide above the elbow 4. proper trouser length (no MJ type) 5. no pleats 6. polished shoes 7. Cardinal sin - un-buttoned shirts. and proper student hair cut (not movie stars, yes he explained who is a movie stars too)

    Mr. Gunasekera, may you legacy live long !!
    Sanjeewa Alahakone

    ReplyDelete
  39. He got the name "Kataya" because he always said "Cut your hair" , 'Cut your Hair' - shortened form is Kataya.
    He has punished me for wetiing my lips and I did not understand for 2-3 years why he punished me. So I have a mixed feeling about him upto now and I get scared by seeing him in my dreams very often even long after leaving the college. Too much of a disciplinarian. Not my best Teacher. We usually dont say bad things about dead people. but it is a fact. sometimes I wonder whether he had kind human feelings. He was not married until early fifties because parents did not allow his love affair. I don't know whether he had something to do with that for his behaviour.

    ReplyDelete
  40. He was kind. And he was human.

    http://malindawords.blogspot.com/2016/05/the-true-old-school-tie.html


    http://malindawords.blogspot.com/2012/05/dimensions-of-discipline-and-ways-of.html

    ReplyDelete
    Replies
    1. Oh really. May be you are correct. I have not associated him closely. with the first experience I started negatively and I avoided him to the best possible after that. So may be I don't know real Kataya.

      Delete
  41. Wherever you see a Royalist you can easily make them out! Secret: Kataya (Cut Hair)'s discipline ! Look at the idiots who comment here ! Without knowing Kataya you guys think he wasnt fit to be a teacher! If not for him I would have been an ass! May you attain Nibbana Sir !

    Hiran Kulatilake

    ReplyDelete
  42. This comment has been removed by the author.

    ReplyDelete
  43. Kataya ta kataya kiyala kiwwe 'cut your hair'kiyala hama welema kiyana hindalu.

    ReplyDelete
  44. I have a nice story to share. One day an Old boy went to college back in white suit to get a certificate or some similar thing. while he was walking along the corridor to meet the relevant teacher, he met "Kataya" and Kataya asked "Why are you walking along the corridor?" The Old Boy replied with anger "Why you want me to fly above there?' showing the ceiling.

    ReplyDelete
  45. Asitha Chandrakirthi (College Days 1970-1983)October 12, 2016 at 4:14 AM

    The stories here need to be taken in context of that particular time and age or in relevance to circumstances of the period(obvious ex. කොළඹ 7 ඉතා ප්‍රභූ පැලැන්තියේ පවුළකින්......). The punishments imposed on us by some lesser mortals were never welcomed even at this late stage.
    It's true that paradigms have shifted with prohibition of corporal punishment in schools that also attract criticisms now.
    We, those who received severe beatings from individuals of "stature" feel that they had no option to put right, the rascals we used to be.
    There is a definite sentiment of nostalgia of "GOOD OLD DAYS" that is attached to such thoughts for majority of us to live with, in spite of some having experienced definite psychological trauma back then.

    ReplyDelete
  46. Our classroom (10NBS4, 1976) was on the first floor above COP SHOP. But due to our best behaviour, KATAYA change our classroom to the one that right next to the main hall stage, bordering the stairs.(first floor) Then, we are close neighbours with KATAYA. Unfortunately, I was the record monitor, and had a very good (can you imagine) relationship with him. Detention was a daily occurrence, sometimes we have to clean up his office, or organize the filing cabinets, racks etc. When we working in his office,he walk to the canteen and find out what's in there for us (by this time mostly nothing), and organize it and ask one of us to go and get it. If there is something to eat, it come with plain tea, if nothing to eat, we are privileged to have milk tea. I have very very fond memories about kataya, and for some reason I only had very few slaps(I was in Mr kumarasingha(thander)'s class in grade 9, so kataya's slap was nothing compare to thander's thunder slaps). Hope he is still alive and wish him good health.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න