.

.

Apr 25, 2011

මේ ඒ සොඳුරු යුවතියද...? - One of my kid is yours

සුපර් මාර්කට්ටුවට ගොඩවූ මහත්මයා කළින් එක් වරක් හෝ දැක පුරුදු සුරූපී කාන්තාවක් දක්නට ලැබින.

ඇය සුන්දර සිනහවකින් සංග්‍රහ කළ බැවින් අපේ මහත්තයා හොල්මන් විය. ඇය තමන් වෙත පැමිණෙනු දුටු ඔහු තක්බීර් විය.. බියට පත්වූ ඔහු..

"ඔයා මාව දන්නවද...?"

"ඇයි අනේ නැත්තේ.... ඔයා මගේ එක දරුවෙකුගේ තාත්තානේ..." ඇය මිහිරි ලෙස කිසිඳු පැකිලීමකින් තොරව උත්තර උත්තර දුන්නාය...

කලාන්ත ගතියක් මෙන් දැණුනු ඔහුගේ සිත අතීතයට දිව ගියේය. ජීවීතයේ එකම එක වරක් තම බිරිඳට ද්‍රෝහී වීම, මේ වැනි දෙයක් වේ යැයි සිහිනෙන් වත් ඔහු නොසිතුවේය..

"දෙවියනේ...***!!!, එතකොට ඔයාද ඒ මගේ බැචුලර්ස් පාටි එක දවසේ ......."

"මොන බැචුලර් පාටියක්ද...? මං තමුසෙගේ පුතාගේ ක්ලාස් ටීචර්..."

උපදේශය :-

ලස්සන කාන්තාවක් දුටු විට, සිතින් ඇයත් සමග යහන් ගත වන්නට යන්න එපා.

5 comments:

  1. කාලෙකින් ලියවිලා තියෙන්නේ පොස්ට් එකක්. උපදේශයනම් මසුරන් වටිනවා..

    ReplyDelete
  2. මාතලන් ලොක්කා කොහෙද ගිහින් හිටියේ ??? කොහොම වුණත් බය හිතෙන කතාවකුත් එක්ක තමා ආයිත් ඇවිත් තියෙන්නේ..............

    ReplyDelete
  3. අප්පා අද නම් නියමයි.

    මාතලනුත් ආයෙත් ඇවිත් එකේ වාට්ටුව ලියපු ඉංදිකත් ඇවිත් . .

    ජය ජය . ..

    දිගටම ලියමු දැන් ඉතිං . ..

    ReplyDelete
  4. සැමට........ වෙන්න තියෙන හැම් දේම් උනා. සියළු දේ අතීතයේ දමා අළුත් ගමනක් යන්නේ දැන්. වෙලාවක් ලැබුනාම මේ පැත්තෙත් ඇවිත් යන්නම්. හිතට මාර සතුටක් දැනෙන්නෙ කොමෙන්ට්ස් දැක්කම. සියළු දෙනාටම බොහොම පින්. (ඒ ම්ම් තැන්ක්ස් කියන ක්‍රමය.)

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න