.

.

May 31, 2011

කටුනායක යුධ කළාපය - Katunayake War Zone


මව් කුස සිටන් විදිනා දුක් නිමක් නැත
ටකරං කාමරේ නින්දක් යන්නේ නැත
මහ මග යන්නටත් කිසි නිදහසක් නැත
වපර ඇසින් බලනා නෙත් කොතෙක් ඇත

උන්නෙ දුම්බරයි කටු මැටි පැලක් තුල
කන්නේ පරිප්පුයි පානුයි තුන් වේල
පඩිය සොච්චමයි වැඩිපුර අතිකාල
ඒකට කෙලින්නට එයි ලොකුගේ රාල

තියපන් බලන්නට අත අපගේ ඊ.ටී.එෆ්
යන්නෑ පසුපසට ආවත් එස්.ටී.එෆ්
පොලිටික්කෝ ගෙන එයි රජ ගෙදර පෘෆ්
අපි කවදත් නැත කෙරුවේ වැඩේ හාෆ්

ආවත් අරන් මැඩලන්නට බැටන් පොලූ
දුන්නා රිටන එක තාමත් දුවනවලු
එකක් දෙකක් පැලුවත් උන් අපේ ඔළු
පැලුවා ලොක්කන්ගේ මොල නොමැති ඔළු

පාවා දෙතේ ළොක්කන් ළඟ දනින් වැටී
මහා ආචාරියන් කරනා දේ බලු නොවටී
නැගිටින අයුරු වැටුනත් අපි කකා ගුටී
බලලා ඉගෙන ගත්තොත් මසුරන්ම වටී

මසන්නේ අපි වසන්නට විලි
ගැලෙව්වා වාසුගේ සළුපිළි
සටන් දිනුවා නගා ජයකෙලි
වරෙව් එක්වී නගමු සැනකෙළි

9 comments:

  1. අපි සියළු දෙනා වෙනුවෙන් කල සටනක්.
    ඡය වේවා!

    ReplyDelete
  2. ඒ අභීත දයාබර සොයුරු සොයුරියන්ට මගේ ආචාරය . . .

    රටේ හැමෝම දෙනදේ කාලා වෙනදේ බලන් ඉන්න අයයි කියලා හිතන අයට මේ සහෝදර සහෝදරියෝ හොඳ පාඩමක් ඉගැන්නූ බව නම් කියන්නම් ඕන . .

    ReplyDelete
  3. මේ කරපු දේ ආණ්ඩුවට දරුණු පහරක් වෙනවා මයි. මොකද කලාපෙ තීන විදේශීය කොම්පැනි සහ අන්තිම තප්පරය දක්වා ගණන් සාදා ශ්‍රමය උපරිමයෙන් හූරා ගන්නා දේශීය ගාමන්ට් කරුවන්ගේ ප්‍රභල බලපෑම රටේ සියලු රෝහල් වසා දැමීම හා සමානයි. එනිසා බහුතරයකගේ ජයග්‍රහනය වෙනුවෙන් ඉදිරියට ආ නිර්භීත ඒ සහෝදර සහෝදරියන්ට මගේ අචාරය. මට පුදුම මාතලං ලොක්ක මෙතන ලොක්කට ක්‍රෙඩිට් කාලක් වැටෙන කවියක් නොදැම්ම එකයි!

    ReplyDelete
  4. @ නලිනි චන්දිමා
    දුක අර පන අදින කොල්ල ගැන..

    @ගිම්හානි
    සටන් කරන්නෙ කොහොමද කියල උන් අපිට කියල දුන්න..

    @දුකා
    ඇත්ත බන් සහතික ඇත්ත..

    @ ඉන්දික උපශාන්ත
    හරිනම් වෙනම කවි පන්තියක් ලියන්න ඕන.. ජේ ආර් මුත්ත මේව විසදපු දිහා බැලුවම. තාවකාලිකව හරි අකුලගත්තනෙ. දැන් ඉතින් කොහොම හරි නවත්තගන්න ඕන.

    ReplyDelete
  5. අපි වෙනුවෙන් ඔබ....

    ReplyDelete
  6. @ Luckey

    අපරාදේ අර කොල්ල මැරුනනේ.. හැබයි ඉතින් කම්කරු සටන් කියන්නේ ඕහොම තමයි ලෝකේ කොහෙත්. මහ එකා අස් උනා කියල කොල්ලට ජීවීතේ ලැබෙනවය..

    ReplyDelete
  7. ඇත්තෙන්ම පුද්ගලික අංශයට විශ්‍රාම වැටුප් ක්‍රමයක් අවශ්‍යයි ඒකෙ තර්කයක් නෑ. ඒත් ඒක ඒ සේවාදායකයන් සම්බන්ධයෙන් ඔවුන්ගේ සේවයට කරන ගෞරවයක් ලෙස කරන්නක් විය යුතුයි.
    ඒත් අක්‍රමවත් සහ දූෂිත ආර්ථික ප්‍රතිපත්ති නිසා හිස්වන භාණ්ඩාගාරය පිරවීමට හදිසියේ කරන මහ දවල් මංකොල්ලයක් නොවිය යුතුයි.
    ඇඟලුම් සේවක සේවිකාවන් විතරයි තවම මෙයට ඇතුළත් කරගන්නෙ නෑ කියන්නෙ. ඒ නිසා තවම ගැටඵව විසඳී නෑ.

    ReplyDelete
  8. @ Outsider

    මේ ආන්ඩුවට හොඳ ඇඩ්මින් ටීම් එකක් නෑ. ජනතාවට කරණු පැහැදිලි කිරීම කෙසේ වෙතත්, ඇමතියවත් මේක හරියට කියවල නෑ. ළොක්කට ඉන්නෙ ගොන් බූරුවෝ සෙට් එකක්. ඒකයි උන්දැට හැම එකම විසදන්න වෙලා තියෙන්නෙ. මට පේන්නේ. ඉන්න තරමක් ඉන්න යූ.එන්.පී කාරයොන්ගේ කුමන්ත්‍රනයක්ද දන්නෙත් නෑ. හැම වැඩේම නාන්නෙ. හික් ... හික්

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න