.

.

Jul 17, 2011

ඇස් පනාපිට මංකොළ්ළ කා ඇතුරුදහන් වන භූතයෝ - Spiritual Powers of Day Light Robbing



මීට පෙර මහා මංකොළ්ළ වල යෙදුන අය හොර රහසේ රටින් පිටව ගොස් ඇත, නැතහොත් ආගිය අතක් නැත. මෙවන් පිරිසක් සමඟ රට පෙරට කෙසේ වෙතත්, අසාර්ථක රාජ්‍යයක් කරා නම් සීඝ්‍රගාමී ගමනක යෙදිය හැක. වහාම මෙම හොරුන් සරත් ෆොන්සේකාට කලාක් මෙන්ම සිරගත කළ යුතුය. නැතිනම් වහාම තනතුරු වලින් ඉවත් කළ යුතුය. (එසේ ඉවත් කොට තානාපති කම් දෙන්නේ නම් ඔහොමම ඉන්න හරින එක වඩා හොඳය. මන්ද මුන් රට රටවල් වල ගොස්, ඒ රටවල් වල දැද කොල්ළ කන බව ඔප්පු කොට හමාර බැවිනි.)

එසේ ඉවත් කිරිමට කිසිසේත්ම බිය විය යුතු නැත. මන්ද ඔවුන් හොරකම් කර ඇති බව හෝ අකාර්යක්ෂම පුද්ගලයන් බව මනා ලෙස ඔප්පු වී ඇත. මංගල සමරවීර, කරූ ජයසූරිය ආන්ඩුව දමා විපක්ෂයට ගියද ඔවුන් පුස් වෙඩිලි පමණක් බව පසක් කොට ඇත. අනෙක එසේ ඉවත් කළ පසු වෙනත් පක්ෂයකට සම්බන්ද කර ගන්නේ නම් ඒ පක්ෂයටද දෙවියන්ගේ පිහිටම පමණි. එමනිසා වහාම මේ පුද්ගලයින් ඉවත් කොට ඔබේ අඩුවී ඇති ජනප්‍රියතාවය නැවත වර්ධනය කර ගන්නා මෙන් ඉතා කාරුණිකව මෙන්ම ආදරයෙන් ඉල්ලා සිටිමි.

එ.ජා.පය රට පාළනය කළ වසර දෙකක කාළය තුල රටේ විශලම මංකොළ්ළය ආදායම් බදු දෙපාර්තමේන්තුව හා එක්ව කළ ව්‍යාපාරිකයා පමණක් නොව දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ද අද රට හැර පැන ගොස් ඇත. වෙනත් රටකනම් ඉන්ටර්පෝල් වෙත දන්වා බෙල්ලෙන් අල්ලා තම රටට නැවත ගෙන විත් දඟ ගෙට යවා අවසන් නමුත්, ඔවුන් පිටරටවල සැප සම්පත් විඳිමින් යහතින් ජීවත්වේ.

එ.ජා.ප. යේ නගරාධිපතිව සිට පසුව පොදු පෙරමුණට පැමිණ රූපවාහිනී සේවයක් සමඟ උතුරට රේල් පීලී දමන්නට ට්‍රස්ට් එකක් හදාගෙන මහ දවල් අහිංසක මිනිස්සුන්ගේ මුදල් මංකොළ්ළ කෑ එකා ආගිය අතක් නැත. අද ද ජාතික ක්‍රීඩා කණ්ඩායමකට ක්‍රීඩා කරණ ක්‍රීඩකයෙක් පිලිඛාවකින් මළ, තම සහෝදරයාගෙ මළගම විකුණාගෙන ඉස්පිරිතාලයක් ගොඩනැගීමට මහ දවල් මුළු ළෝකයෙන්ම මුදල් මංකොළ්ළ කා අදත් යහතින් මහත්මයෙක් සේ වැජබේ.

ක්‍රිකට් පාළක මණ්ඩළයේ තිබූ මුදල් සියල්ල කාබාසිනියා කළ කාළකන්නි රැළ, බෝනසුත් රැගෙන පැදුරටත් නොකියා පළා ගොස් ඇත. මෙරටද පිටරටද කියා ළොක්කාවත් දන්නවාදැයි නොදනිමි. මීට කළින් ප්‍රමුඛ බැංකුවේ මුදල් මංකොල්ල කෑ ප්‍රසිද්ධ බැංකු මංකොළ්ළකරු උන්නාද මළාදැයි දෙවියන්වත් දන්නවාදැයි කැළණිය භූත විද්‍යා අංශයෙන් විමසා බැලිය යුතුය. ජනාධීපති මාවතේ තිබෙන කුප්‍රසිද්ධ ගොඩනැගිල්ලේ උප සභාපතිනිය ආගිය අතක් නැත. එම සමාගමටම් සම්බන්ධ කෞතුකාගාරය අසල ඇති ඉඩ කඩම් වලට සම්බන්ද ආයතනයේ ජනතාවගේ මුදල් රැස් කළ අධ්‍යක්ෂවරිය ළොවෙත් නැත. සිපිරි ගෙදර සිටිය යුතු අනෙක් උන් එලියේ රජ සැප විඳිද්දී, මුඩුක්කුවෙන් ආ සක්විති පමණක් සිර බත් කයි. දෙගොල්ලන්ම කලේ එකම වැරැද්දය. පන්තිය නිසා දඬුවම වෙනස්ය. අහිංසක දඩුවම් මුදලාලිට නිවන් මගය.

හෙජින් ගිවිසුම ගැසුවේත් ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. කොහේ ඉන්නවාදැයි අංජනමක් යවා හනුමන්තාගෙන් දැනගත යුතුය. ඔහුගේ දියනියට බැකුවේ රැකියාවක් ලබා ගැනීම මෙම ගිවිසුමේ මූලික පරමාර්ථය වූ බව එකළ දැනගැනීමට ලැබින. පත්තර කාරයන්ටත් අද ඒවා අමතක වී ඇත. එපමණක් නොව මුලින් ගිවිසුම අහෝසි කොට, පෞද්ගලික වෛර පිරිමහ ගැනීම සඳහා නැවතත් ගිවිසුම සක්‍රීය කළ පුද්ගලයාද සිර ගත කළ යුතුය. එම සක්‍රීය කිරීම නොකලානම් බැංකුවලට නඩු මගට යාමට ලැබෙන්නේ නැත. අද බන කිය කියා ඇවිදියි. ((උන්නාන්සේ එලවපු එකා නැවතත් රෙද්ද අස්සේ දගත්තාට අපට කරන්න දෙයක් නොමැත. දැන් ඌ කන බව අප සැමටම පෙනේ..(ගෙවන එක ප්‍රශ්නයක් නෙමෙයි කියන්නෙ - එයාගේ අම්මගේ බූදලෙනුයි, මහ බැංකුවේ මහත්තයගේ අම්මගේ බූදලෙනුයි වෙන්නැති ගෙවන්නෙ..))

අමාත්‍යවරයා පිටරට යාම නිදහසට කරුනක් නොවේ. ඕවා අපේ රටේ අම්බරුවන් පිලිගත්තාට කොන්ඩේ බැඳපු චීනුන්වත් දැන් පිලිගන්නේ නැත. ඇමතිතුමා රට රටවල යනකොට අරන් යන්නෙ බුලත් පයියදැයි මා නොදනිමි. නමුත් ඔහුගේ අතේ ඇත්තෙ වෙනත් උපකරණයක් බව මා කීප වරක්ම දැක ඇත. එම යන්ත්‍රය මගින් ළොවේ කොහේ සිටියත් ඕනෑම කෙනෙක් හා සම්බන්ධ විය හැක. ඔහු ඒත් නිවැරදිනම්, නියෝජ්‍ය ඇමතිවරයා ගෙදර යැවිය යුතුය. එසෙ නැතිනම් කැකිල්ලේ මෙන් අර ජංගම උපහරණ ඇමති වරුනට විකුණූ පුද්ගලයා නොමිලේ බත් කැවීම සඳහා යැවිය යුතුය.

නමුත් එසේ කළ යුතු වන්නේ නැත. එතුමාම විෂය පිළිබඳ අවබෝධයක් නොමැති බව පිළිගෙන හමාරය, අවුරුද්දක් පමණ අමාත්‍යංශට වී පළාත් පාළන චන්ද ලැයිස්තු හැදුවාදයි නොදනිමි. කෙසේ හෝ වරද පිළිගත් බැවින්. පක්ෂ මූලස්ථානයේ පියන් වැඩක් වත් දෙන එක නැවත සලකා බැලිය හැක.

මදුරු ඇමති ඔහුට බලය නැති බව කියයි. ඒ බව අපට කියා පල නැත. කිව යුත්තේ ළොක්කාටය. බලය නැති ප්‍රශ්නයක් නොවේය. වැඩ බැරි ප්‍රශ්නයක්ය. බලය තිබූ කාළයේත් කල දෙයක් නොමැත. ඊළඟට විශ්‍රාම පායට යැවිය හැක. (ඒ ගැන බිය විය යුතු නැත. ඒ කට්ටිය පෙර මෙන්ම ආතල් සුවය විඳිමින් එහි සිටින්නේ බබාලා මෙනි.)

නැවත නැවතත් කිව යුත්තේ මේ සිඳුවීම ජාලාව වහාම නැවැත්විය යුතු බවයි. එසේ නොමැතිනම් සියළු වගකිම් ජනාධිපති තුමා ම බාර ගත යුතුය. මන්ද මේ වැඩ බැරි ටාසන්ලා ට පැන පැන, වැටි වැටි යන්නට වැල් සැපවූයේ ඔබ තුමාම බැවිනි.

"හොරුත් සමඟ හෙළුවෙන්..."
"බල්ලොත් එක්ක බෑ..."

ඔබතුමා මේ නාට්‍ය දෙකෙන් එකක් තෝරා ගත යුතුය....


13 comments:

  1. මාතලන් හිතන්නෙ ඇත්තටම මේ රට හදන්න පුලුවන්ද?

    ReplyDelete
  2. @ බ්ලොග් ගඩොල්
    යුද්ධෙ ඉවර කරන්න පුළුවන් වෙයි කියල කිසි කෙනෙක් හිතුවද..? කෑල්ලක් දෙන්න නේද ට්‍රයි කොලේ කවුරුත්... ඒත් දිනුව නේද.. උවමනාවක් තියෙනවනම් මොනවද කරන්න බැරි.....

    ReplyDelete
  3. මාතලන් අයිය මේ දවස් වල ගේමම තමයි ඉල්ලන්නෙ නේද?..

    ReplyDelete
  4. මුන් එක දිගටම පිස්සු කෙළිනවනේ.. කොහෙමෙයි බන් ඉවසන්නෙ..
    මිනිස්සු කොච්චර අමාරුවෙන්ද ජීවත් වෙන්නෙ.. පිස්සු කෙළිනවට වැඩ්යේ තදවෙන්නෙ.. බොරු කියල ලජ්ජෑවක් නැතුව ආයෙත් ප්‍රෙස් කොන්ෆරන්ස් වලට ටයි කෝට් ඇඳල එන කොට.. ඒත් උන් තාම ගරු ඇමතිතුමා.. මහත්තය.. තද වෙන්නෙ නැද්ද බන්.. ඩොක්ටර් සිල්වා හොඳයි මුන්ට වැඩියේ...

    ReplyDelete
  5. එළ එළ. බොරුවට බැන බැන විතරක් ඉන්න උන්ට මෙන්න රට හදනවනම් කරන්න වැඩ. ඕවට තමයි ලොක්ක හිංගලෙන් "constructive criticism" කියන්නෙ.

    ReplyDelete
  6. @ ඉන්දික උපශාන්ත

    ඇත්තෙයි.. කවුද දන්නෙ... හෙහ් හෙහ්....

    ReplyDelete
  7. උඹට ඕව මහ ලොකු සීන් වුණාට ලොක්කට තමන්ගෙ හුරතලුන් කරන හුරතල් වැඩ විතරයි බං ඕව. මොකෝ ලොක්කත් ඒ වගේම හුරතල් වැඩ කරන්න කැමතියිනෙ. ඉතින් ඕව නවත්තනව කියා නවත්තන්න හිතන්නෙවත් නෑ කවදාවත් උන්නාන්සෙ.

    ReplyDelete
  8. මටනම් ආරංචි චිදියට මලේ හොඳම එක පැනලලු ඉන්නෙ.. චන්දෙන් පස්සෙ බලමු...

    ReplyDelete
  9. යුද්දය දිනුවේ ඒ ගැන දන්නා අය සිටි නිසාය...
    එසේම ඒ පිරිස සැහෙන උගත් පිරිසක්ද වුහ.
    නොසිටියේ ඉහල නායකත්වය පමණි. එය ලැබූ නිසා එය එලෙස නිම විය.
    නමුත් පාර්ලිමේන්තුවේ සිටින්නේ (බහුතරයක්) රට පාලනය, කළමනාකරණය ගැන මෙලෝ හසරක් නොදන්නා , විනයක් නැති පිරිසකි.
    සිරිමාවෝගේ(මට මතක හැටියට) පිහිටෙන් ලෝයර් පට්ටන් ගැසුවන් මිස තම හැකියාවෙන් Degree ගැසුවන් සිටින්නේ කීයෙන් කීයද?

    නමුත් එකක් කිව යුතුව ඇත. දේශපාලකයන් මතු වන්නේද සමාජය තුලිනි.
    නීතිය නොපිළිපදින, විනයක් නැති, පොදු දේපල ගැන සැලකීමක් නැති, චන්ඩි වැඩට හුරේ දමන බහුතරයක් සිටින හෝ සැලකිය යුතු පිරිසක් සිටින සමාජයකින් යහපත් දේශපාලකයන් මතු වන්නේ කෙසේද?

    ReplyDelete
  10. @ Anonymous
    ඔබ හරි.. ජනතාවගේ සිතුම් පැතුම් හා පැවැත්ම අනුව තමයි පාළකයෝ පත්වෙන්නෙ.. උඩුගම් බලා පීනන පිරිසක් හා දර්ශනයක් තමයි අවශ්‍ය. මොකද රටේ අති මහත් බහුතරය මී හරක්ටත් වඩා අන්තයි.

    ReplyDelete
  11. උඹ කිව්වත් වගේ ඩොක්ටර් සිල්වා හොඳයි මුන්ට වඩා. ඌ මොන බලු වැඩේ කලත් අඩුගානේ ප්‍රසිද්දියේ පිළීගන්නවා. ගොංකමටහරි.

    ReplyDelete
  12. @ Charmi
    අවංක දේශපාළන බුවාලා බන්.. තෙල් සුසිල්ට වඩා සෑහෙන සේවයක් කොරළ තියෙනව කැළණියට, වැරදි තිබුනත්. ඒව වැරදි කියන්නත බෑ. ඩොකයි, මුතුහෙටිටියයි ප්‍රසිද්ධියේ කරණ දේ අනිත් ඒවූන් අප්‍රසිද්ධියේ කරණව.

    ReplyDelete
  13. ජනතාවගේ සිතුම් පැතුම් අතරින් කෙසේ වෙතත් ජනතාව අතරිනි.
    අද ඊයේ ඇමතිගේ සම්බන්දීකරන ලේකම් තව වසර ගණනකින් ඇමතිලා වේ.

    පසු ගිය කාලෙදී උගත් පුද්ගලයන්ද චන්ද වලට එදිරිපත් උනාද ඔවුන්ව පරාජයට පත් විය.

    UNP යෙන් එදිරිපත් වූ රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා හොද නිදසුනකි.

    අනිත් අතින් ලංකාවේ චන්ද දායකයන් තම පළාතට කල සේවය බල චන්දය දීම නිසා සැහෙන තරම් අදක්ෂ (ඇමති කම් කිරීමට අදක්ෂය. නමුත් පාර්ලිමේන්තුවට ඒමට දක්ෂය) මන්ත්‍රී වරු යලි පත්වෙති. උදාහරන හිටපු සෞක්‍ය ඇමති (බදුල්ලේ රැකියා බෙදීම නිසා), ක්‍රීඩා ඇමති, etc.

    මිනිසුන් රට ගැන හිතා චන්දය නොදෙන කල දේශපාලකයන් රට ගැන හිතයිද?

    හොරු බේරී සිටීම නම් ලංකාවට නොව ඇමරිකාවටද පොදුය. 2008 ආර්ථික අර්බුදය ඇතිකළ පිරිස දේශපාලක සහයෙන් තවමත් හොදින් සිටිති.
    පෙර පරිදිම ව්‍යාපාර කරති. (www.imdb.com/title/tt1645089/)

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න