ගෙවුණු පුර සඳට පෙර
ලොඹු කටින් කෙලපු පච
කප්පරක්, මෙච්චරක්
කියා නිම කළ හැකිද
කවුරු හෝ ලියා දෙන
කොල කෑලී අරන් එන
ගිරව් මෙන් දෙසාලන
මේත් අගමැතිවරුද
නිම කළද කොටි හටන
ඩයස්පොරා වෙතින
එල්ලවෙයි කුමන්ත්‍රණ
මෙරට මෙන් පිටරටත්
අප රටට විරුද්ධව
බටහිරින් කුමන්ත්‍රණ
ලොව මහා බලවතුන්
දිරිය දෙයි කැත සිතින්
මේ සියළු බලවේග
මසක් යන්නට කලින්
නිමකලෙමි පුදුමයක්
නොවේ කිසි ලෙසකවත්
සැබවින්ම එසේමද
ලොකු අයිය බල කලෙද
ඔබා මාමා සැරෙන්
බැන අඬා ගැසුවාද
පෙර පටන් පැවත එන
තොවිල් බලි මන්තරෙන්
වස් කවිද කොඩිවිනෙන්
දුරු කලෙමි චුත කලෙමි
මාසයක් ඇතුලතදි..
සියළු කොඩිවින, නිවාරනයි, කැපයි
ආයිබෝ වේවා.. ආවඩා...ෆුහ්......
අනේ කාලේ වනේ වාසේ!
ReplyDelete@ කතන්දර
ReplyDeleteලොහ් ලොහ්...
නීතියක් නැති කල හදිසියට වත් ගන්න
ReplyDeleteනැති කල හදිසියෙන් කුමණ ඵලයක් වෙද්ද?
හෙහ්..හෙහ්
ReplyDeleteහදිසිය තිබුනත් නැතත්
තවලම නැවැත්විය හැකි කෙරුමෙක්
සිටියි නම් ඒ .......ම පමනකි.
තවලම = සුදු වෑන්
මේ අර ඉසුරු පුරය ගැන නේද....
ReplyDeleteමේ ලෝකෙ හැම කමකටම වඩා ලොකුයිලු ලැජ්ජා නැතිකම.
ReplyDelete@ ඉන්දික උපශාන්ත
ReplyDeleteනීතියට වඩා බලගතු
ක්‍රම තියේ පෙර පටන් අප සතු
@ Luckey
ReplyDeleteතවලම් ගැන ඒ මතකය
අවදි කෙරුම නොව මනාය
දිනන්න නම් මර යුද්ධය
ඒ සේවෙත් උවමනාය
@ prasanna86k
ReplyDeleteහ්ම්....හ්ම්....
බකමූනෙක් අන්න අතන..
හ්ම්... හ්ම්...
@ වෙද මහත්තයා
ReplyDeleteමන් උන්නෙ ගොන් කොම කියාලා ආයිබෝවන්ඩ.....
අද අනුර කුමාර අයියත් ඔහොම කතාවක් කියනවා ඇහුනා ඒක ලියලා දුන්නේ කව්ද දන්නේ නැ නේ
ReplyDelete@ අම්බලම
ReplyDeleteඕන් මන්නම් නෙමෙයි හොඳේ
අහක ඉන්න ඔබා මාමවත් ගාවගෙනනෙ ඒ පාර... ;)
ReplyDeleteඇත්ත තිත්තයි බං . . .
ReplyDeleteප.ලි.
ශිහ් . . . මම දැනං හිටියෙ නෑ නෙ අපේ මේ ගුඩ් ඕල්ඩ් ඔබා ඔච්චර පොරක් කියල . . . . .
@ සාතන්
ReplyDeleteතිදෙව් ළොවට අධිපති ශක්‍ර ගාවගන්නේ නැහිව කෝමෙයි. ඕන් බ්ලේක් එනවලු තැන්කූ කාඩ් එකත් අරන්..
@ ඕනයා
ReplyDeleteහැබෑව..හැබෑව.. උඹ කියන්නෙ කොයි ඔබා ගැනද...? ඇමරිකාවේ එකාද..? අපේ එකාද..?
ඔය මෑන්ස් ඊයේ පෙරේදා කිව්වා මිනිස්සුන්ට කෑම බීම අඩු නම් මේ හැටි ඉස්තිරි දූෂණ වෙන්නේ කොහොමද කියලා. වයසක ලොක්කනේ. මොලෙ කචල්.
ReplyDeleteමම කැමති රිද්මයක් තියෙන නිසදැසක්. වචන වලින් තමයි මේකේ රිද්මය ඉපදෙන්නේ. කියවන චවනයක් පාසා උපහාසය මතුවෙනවා.
මාසයකට කලින් බොරුවක් කියපු බව කියන්න යොදාගත් විදිහත් නියමයි. හදිසි නීතිය සම්බන්ධයෙන් ඉන්දියවේ හා ඇමරිකාවේ මැදිහත්වීම පිළිබද යෙදුමද අපූරැයි. අන්තිම පේළිය කියවද්දි මහරජාගේ තොවිල් පවිල්, මන්තර ගුරැකම් පිළිබද විශ්වාසය මැවිලා පේනවා. ඇත්තටම හිනා යනවා. පස්සේ ඇඩෙනවා.
පසුව ලියමි.
ReplyDeleteකවුරු හෝ ලියා දෙන
කොල කෑලී අරන් එන
ගිරව් මෙන් දෙසාලන
මේත් අගමැතිවරුද
මෙවන් අගමැතිවරැන් පත්කරන්නට චන්දය දුන් ජහමනයාට හොද කණේ පාරකි.
මේ අපේ ලංකා ධර්මද්වීපය ගැන වෙන්ටැ ......
ReplyDelete@ තිසර
ReplyDeleteවිචාරයට බොහොම ස්තූතියි.. ඊයෙ තව මරු කතාවක් කිව්ව.. සංවර්ධනය වෙලාලු තියෙන්නෙ. පොඩි අයට ඒක ලැබෙන්න කල් යනවලු.. පව් අපේ සීයා වගේ...
@ පන්සල් හන්දිය
ReplyDeleteනෑ ... නෑ.. ඇයි ඒ වගෙයි පේන්නේ..
වල් තක්කඩි ඕනයා, තාම තෝ මෙහෙ සැරිසරනවද?
ReplyDeleteවහාම පල තෝ පිටු වහලක් කල රටට.............!!!
@ Observer
ReplyDeleteකවුද ඩෝ කෑ ගාන්නේ.. මේ කෝරලේ මාත්තය ඉස්සරා පිට...