.

.

Oct 21, 2011

අහෝ ගඩාෆී...!!! - Oh Gaddafi...!!!



අහෝ ගඩාෆී...!!!
ඉල්ලන්ම කාපී...!!!

ගඩාෆී නොදැන වුන් ළෝක සත්‍යයන්

බලවතා බලවත් වග
කන්ට ඕනෑ වූ කළ කබරගොයාත් තලගොයා වන වග
කළ කළ දේ  පල පල  දෙන වග 
 ගහෙන් වැටුනු එකාට ගොනත් අනිනා වග
කල හොඳ පස්සන් එලවන වග
රජ කම් කළත් කළ කම් පල දෙන වග
මාන්නය විනාශයේ දොරටුව වග
සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක්ද ඇති වග
ජනතාව බුද්ධිමත් නොවන වග
වීරයා මොහොතින් ද්‍රෝහියා වන වග
දේශප්‍රේමියා මොහොතින් දේශද්‍රෝහියා වන වග
අවි ගත්තෝ අවියෙන්ම නසින වග
බලය තාවකාලික වග
බොරුව සැමදා රජ නොකරන වග
තමන් කවදා හෝ මිය යන වග

- නිමී -

.o0O0o.

සටහන - මෙයත් මම ලිව්වේ මගේ අනිත් බ්ලොග් එකක. මේකේ දාන්න හේතු උනේ මේ දෙන්නා නිසයි..

වෙද ගෙදර මහ වෙදනා said...
මම හිතන්නේ ඔබගේ ඔය වාක්‍යය ටික කොපි කරලා, ලොකුවට ලියලා, ලියකම්, පලවැල් ආල වට්ටම් දාලා රාමු කරලා, හැම රාජ්‍යය පාලකයම උදෙට නැගිටින කොට පේන්න ගහලා තියා ගන්න ඕනෙ.


බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...
වෙද මහත්තය කියපු එකමයි ඕං මාත් කියන්නේ


බලය මුදල් ඇතිදා දන ගා වැටෙ        ති
නැතිදා වටේ උන් හා මිතුරන්ද  නැ    තී
පවුලේ උන් පවා පන බේරන් දුව       ති
ඇතිදා සීනී නැතිදාකට ගෝනී වෙ     ති

48 comments:

  1. well said.....neither USA nor gadafi deserve a place in heaven..

    ReplyDelete
  2. මහ උන්ගෙ මාළිග - බිඳීවැටෙණා විට
    පොඩි උන් ද එහි ඇති - ඊට යටවී මැරී යේ
    (හුණු වටයේ කතාව)

    ReplyDelete
  3. ගඩාෆි, ගඩාෆී
    හොරෙන් පුවක් කඩාපී!

    ReplyDelete
  4. ගඩා‍ෆිගෙ වටේ හිටිය සුරංගනාවො ටිකත් ගියාද දන්නෙ නෑ නේද මචෝ ?????

    ReplyDelete
  5. නාඩන් මාතලන්...
    මේව අහල සමහරු..
    ඩිං ඩොං..
    පැතකට වෙලා..
    අපි ගහමු පිං පොං..

    ReplyDelete
  6. අපොයි කියලා තියෙන්නේ සම්පූර්න ඇත්ත. ඒ මදිවට ලස්සනට කියලත්.

    ReplyDelete
  7. මහ වෙදනගෙ අදහසට මමත් එකඟයි.
    මොනව වුණත්, අපේ රටේ යුද්ධයක් යන වෙලාවෙ, අනික් රටවල් අපට එරෙහිව හිටි වෙලාවෙ, අපට සහයෝගය පළ කරපු දෙතුන්දෙනාගෙන් කෙනෙක් ගඩාෆි. වෙනත් විදිහකට කිව්වොත්, නාමමාත්‍රික මිතුරන් සැම අප හැර ගිය සමයක, අප සමග සිටි කෙනෙක්.
    අනික ගඩාෆිගෙ පාලනයෙන් හෙම්බත් වූ මහජනතාව අවදි වෙලා නෙවෙයිනෙ ඔය. තෙල්!

    ReplyDelete
  8. ටිකක් හරි යහපත් ලාවාට් වත් ධර්මිෂ්ඨ පාලනයක් තිබ්බා නම් තෙල් නිසා වත් වෙන රටවල අයට ඇඟිලි ගහන්න බැරි වෙනවා නේද නලිනි . . .

    නායකයා තනියෙම කනකොට වෙන රටවල උන්ට උනත් රටේ මිනිස්සු කුලප්පු කරන්න ලේසියි . .

    මේ පාඩම අපේ රටත් අනෙක් රටවල් ටිකත් ගත්තොත් හොඳා හබැයි . .

    ReplyDelete
  9. නියමයි... මහා වෙදානා හිටි ගමන් ඔය වගේ නියම ටෝක් දෙනවා...

    ජය වේවා//

    ReplyDelete
  10. මේ ගැන මමත් ලියමින් ඉන්නෙ. නලිනි කිව්ව වගේ මේ තෙල් මිස වෙන කිසිවක් නෙමෙයි. ගඩාෆි තමන්ගෙ රටෙ උන්ට කරපු හැටි ඇහුවොත් කවුරුත් විස්වාස කරන එකක් නෑ. ( අපේ ප්‍රොජෙක්ට්ස් තිබ්බ එහෙ ). අනික ගඩාෆිගෙ ෆ්‍රීස් කරබු බිලියන ගාන මිනිහ කලින් ඇද්දනම් මෙලහකටත් යුරෝපෙ බිම!

    ReplyDelete
  11. ගඩාෆි 41
    සදාම් 24
    මුගාබේ 32
    ඊජිප්තුවෙ හිටපු ජනපති 40
    පොල්පොට් 16
    ස්ටාලින් 12
    විජේවීර 25
    ප්‍රභාකරන් 30

    ReplyDelete
  12. ඉන්දික උපශාන්ත සමඟ එකග වෙමි. නමුත් මෙතනදි ගඩාෆීත් යම් යම් වැරදි කලා. ප්‍රජාචන්ත්‍රවදෙ විහිලුවකට ගත්තා. ඔය හැම එකාම බලන් ඉන්නේ අනිකව වට්ටල පාගල දාල වාසිය තමන්ට ගන්න. ඒ නිසා ගඩාෆී උන්ට අවස්ථාවක් දුන්න. එහෙම නොකලනම් කවද හරි ගඩාෆි කියන්නෙ චරිතයක්. දැන් ටූ ලේට්. කෝච්චිය ගියා. අපි මේකෙන් ආදර්ශය්ක් ගත්තම ඉවරයි.
    නලිනී සමග එකඟයි ගඩාෆී අපේ රටට විශාල වශයෙන් උදව් කල අයෙක්. විශේෂයෙන්ම යුද කාලයේ. මට මතකයි 1974 නොබැදි සමුළුව වෙලෙත් ලංකාවට හමුදාවක් අරගෙන ආවා. තව සමුළුවේ නායකයෙක්ගෙ රටකටම ගැහුවා. මේ වගේ ටිකක් අමුතු චරිතයක්. කොහොම හරි තම රට ප්‍රධාන තැනකට ගෙනාව. ඒත් කල කම් පල දුන්නා.

    ReplyDelete
  13. පට්ටම පට්ට පෝස්ට් එකක් .......
    කමේන්ට් ටිකත් එමසේමයි ......

    ReplyDelete
  14. මට බය වැරදිලාවත් ලංකාවෙන් තෙල් ගොඩ ගත්තොත් අපි ගැනත් අනිත් රටවල උන් හොයලා බලයිද කියලා....

    ReplyDelete
  15. ගොඩක් වැරදි වැඩ කරනවා
    හොද වැඩ ටිකක් කරනවා

    හොද වැඩ ගොඩක් කරනවා
    වැරදි වැඩ ටිකක් කරනවා

    100%ක් නිවැරදි වෙන්න බැ කියනවා. ගඩාපි හරිද? වැරදිද? තීරණය කරන්න ඒ ක්‍රමේටද? ගොඩක් හොද කරලා වැරදි ටිකක් කිරීම ලෝකය අනුමත කරනවාද?

    සූස්තියක්වත් අදින්න වෙයිද මන්දා?

    ReplyDelete
  16. කෝ යුධ අපරාධ ගැන කතා කරන බටහිර බලවතුන් ?

    ReplyDelete
  17. ලිබියාවේ ගෝත්‍රික ප්‍රශ්න හරියට . ගඩාෆි තමයි රට ටිකක් පිළිවෙලක් කලේ . තුර්කි කාන්තාවක් කිව්වේ කලාපයේ අස්ථාවර බව ගැන එයාල නම් බිය බවයි . අපි ට විශේෂයෙන් සතුටු වෙන්න දෙයක් නම් මෙතන නැහැ . රටවල් ඇතුලේ ප්‍රශ්න වලට අනික් අයගේ මැදිහත් වීම මම නම් එච්චර අගය නොකරන නිසා . ගඩාෆිව මරාගෙන කන එක හරි රටේ මිනිස්සුන්ගේ වැඩක් . අනික ඔය මැදිහත් වීම් වෙන්නේ තමන්ට වාසි නම් විතරයි . මී කඩන්නේ අත ලෙව කන්නද . අපිට තෙල් හම්බ නොවෙන එකමයි කාරිය .
    ලිබියන් මිනිස්සු කබලෙන් ලිපට වැටෙයිද ??

    ReplyDelete
  18. සමහරු ගනිති ආතල්..
    ඊ ළගට ඒවි..
    අරයට කෙලීවී..
    එහෙම කෙලලා අපිට දේවී..
    අපිත් අරගෙන සැප විඳීවී...
    මීටත් පෙරදි පිරිසක්..
    සිතුවා ඔහොම වැරදී.
    කෙලලා ගියා මීස උන්..
    ආතල් නොදී යාවී..
    තාමත් හූල්ලනවා..
    මැතිඳා පිළිමතලව්වේ..

    ReplyDelete
  19. කාට උනත් පොදු ඔවදන් ටිකක්...

    ReplyDelete
  20. මං හිතාගෙන හිටියෙ මේ පෝස්ට් එකට කොමෙන්ට් එකක් දැම්ම කියල, දැන් ඉතිං නොදැම්මත් අඩු පාඩුවක් නැහැ, කියන්න ඕනෙ හරිය කෂ්ටිය කියල තියෙනව...

    ReplyDelete
  21. @ මයියා
    නොට් ඔන්ලි දෙම්. හවු අබව්ට් නේටෝ ලීඩර්ස්..

    ReplyDelete
  22. @ ජය ශ්‍රී
    ළෝක සත්‍යය එයයි..

    ReplyDelete
  23. @ කතන්දර
    අවසන
    ගඩාපිද අඬාපී

    ReplyDelete
  24. @ ඕනයා
    මටත් දුක උන් ගැන. නියම කෑලී හිටියේ...

    ReplyDelete
  25. @ ගිම්හානී
    ඇත්ත
    සමහරු ගහති
    පිං පොං
    අපි ගහමු
    දුකට පුං

    ReplyDelete
  26. @ පොඩි කුමාරීහාමී
    පැත්ත ගියත් ඇත්ත ලියන්නේ..

    ReplyDelete
  27. @ නලිනි චන්දිමා
    ඇත්ත අපිට උදව් කලා. අපේ ලොක්කත් උදව් කරන්න හැදුවත් අනෙක් අය ඒක අධෛර්යමත් කලා. එහෙම කළා නම් අපිත් කනවා. ඇත්තටම ජනතාව හෙම්බත් වෙලා උන්නේ. ඔය විප්ලව කාරයන්ට නායකත්වය දුන්නේ බුද්ධිමතුන්. මම මේක හැම දාම බලාගෙන හිටපු නිසා දන්නවා. නමුත් නේටෝව සහය දුන්නේ තෙල් නිසා. නේටෝවෝ පරමාර්තය ඉශ්ඨ උනා. ජනතා පරමාර්ථත් ඉටුවේවා කියා අපි පතමු. අන්ත දුප්පත් රාජ්‍යයක් අප්‍රිකාවේ හොඳම ජීවන තත්වය තියෙන රට බවට පත් කළා, නමුත් බලයෙන් මත් උනා.

    ReplyDelete
  28. @ දුකා
    ඇග්‍රීට් 100%

    ReplyDelete
  29. @ ගයාන් රූපසිංහ
    මහ වෙදනා හෙන විප්ලව කාරයා.... හෙහ්... හෙහ්...

    ReplyDelete
  30. @ ඉන්දික උපශාන්ත
    ජනතාවට ලැබිය යුතු සල්ලි ස්වීස් බෑන්ක්ස් වල දාන කාටත් ඔය ටික වෙනවා. අපේ දේශපාලුවෝ මරු වඩක් කරනවා. හම්බ කරන් ඔක්කොම වෙන පුද්ගලයෙක් මාර්ගයෙන් ඉන්වෙස්ට් කරනවා. දේශපාලුවෝ මැරෙනවා. අරුන් ප්‍රකෝටිපති වෙනවා. දන්නෝ දනිති.

    ReplyDelete
  31. @ දයාල් බතී
    ප්‍රේමදාස - 5

    ReplyDelete
  32. @ වෙද මහත්තයා
    අපෙන් පොඩි උපදෙසක් ගත්ත නම් නේ.....

    ReplyDelete
  33. @ පන්සල් හංදිය
    කලෙකින්.. ස්තූතියි...

    ReplyDelete
  34. @ පූසා
    බය වෙන්න එපා පූතෝ. අපි ලැබෙන්නත් කලින් එයාලට දීලා ඉවරයි. අපිට හම්බ වෙන්නෙ කලු තෙල්. එන්ජිමටත් දාලා ඉතුරුවෙන ටික..

    ReplyDelete
  35. @ තිසර
    මේ වෙන ඒවට මලක්..
    ඇතිද....?

    ReplyDelete
  36. @ පිස්සා පලාමල්ල
    අපෝයි ඔය කෑ ගහන්නේ. ඒත් මරපු කළු ජාතිකයින් ගාන කීයද කියල අද වෙනකම් එකෙක් අහන්නේ නෑ..

    ReplyDelete
  37. @ බින්දි
    මටත් ඒ සැකය තියෙනවා. දැනටත් කළු ජාතිකයින් දකින දකින තැන මරනවා. ගඩාෆී කලු ජාතිකයින්ට ආදරය කලා. ඒ සමහර විට එයත් දුප්පත් එඬේර පවුලක දරුවෙක් නිසා වෙන්ට ඇති.

    ReplyDelete
  38. @ මාරයා
    ඇතේ මට සැකයක්
    කලින් වැඩිද මන්දා
    ලැබුනා
    අපට නිදහස

    ReplyDelete
  39. @ දිනේශ්
    අපිටත්..

    ReplyDelete
  40. @ ඔබා
    ඔබා නිසා ආපු කට්ටිය බොහෝයි..

    ReplyDelete
  41. මේ සිද්දියෙන් ගන්න තියෙන්නෙ මිනිස්සු හැමදාම කරපු එක හොඳ දෙයක් වෙනුවෙන් ඔහු කරන අනිත් දේවල් ඉවසන්නෙ නෑ කියන එකද?

    ඒත් කොච්චර වැරදි කලත් එක මිනිහෙකත් අසරණ වෙලා ඉද්දි තවත් මිනිස්සු කට්ටියක් එකතු වෙලා ඔහුට වදදීලා මරණ එක තමා බලන් ඉන්න අමාරු.....

    ලෝකෙ හැමවිටම සාධාරණයි, කිසිම සිද්ධියක් අහම්බයක් නොවේය කියන මතයේ ඉදලා හරි බුදු දහමේ කියන කර්ම විපාකය ගැන හිතලා හරි බැලුවම මේ විය යුතු දේ වෙන්ඩ ඇති.

    ReplyDelete
  42. @ බුද්ධී
    රට හැදුවට වැඩක් නෑ මිනිස්සුත් හදන්න ඕන. නමුත් මේ ලෝකය අවසාන වන් තෙක් ඒ දේ වෙන එකක් නෑ. බලය කියන් දේ අනුව තමයි ලෝකය රඳා පවතින්නේ. ඒ මරපු ක්‍රමය අනුමත කරන්න පුළුවන්ද කිසිම කෙනෙකුට..

    ReplyDelete
  43. batahira palanayata karadarayak nam a pudgalayawa kasa ho iwath kirima sadaha awasya rukada nirmanaya karanawa Muammar Gaddafi a sadaha tamange rata minissunta apa wana vidihata hasirila gamana ekman kara gattha

    ReplyDelete
  44. @ ඉන්දික දිසානායක
    අඩු ගානේ පුතෙකුටවත් බලය පවරන්න තරම් වත් ෆ්ලෙක්සිබල් උනේ නෑ. රජ කෙනෙක් බලයෙන් පහ කරල බලයට ඇවිත් අවසානයේ ඒ රජාටත් වඩා ජරා පාලනයක් ගෙන ගියේ. කොටින්ම රෙජීමයක් ගොඩ නගපු එක. එහෙම තත්වයක් බටහිර රටවල නැති නිසා ඒක හේතුවක් කර ගන්නවා. අනවශ්‍ය පුද්ගලයන් ඉවත් කිරීමට.

    ReplyDelete
  45. මේක ගඩා‍ෆිගෙවත් අතව කෙනෙක්ගෙවත් පෞද්ගලික වරදක් නෙවයි..කුනුවෙමින් පවතින ධනේශ්වර ක්‍රමයෙ උඩු දුවන අර්බුධය..අපි හැම දාම කරන්නේ සියලුම වැරදි කාගෙ හරි පුද්ගලික ගිනුමකට බැර කරන එක..ඒ අපිට උගන්වපු සහ පුරුදු කරපු විදිහ..ඔතන හඩා‍ෆි වෙනුවට වෙන කෙනෙක් හිටියත් ඉස්සරහට තව කෙනෙක් ආවත් වෙනසක් වෙන්නෙනෑ.තවත් නරක් වෙනව අරෙන්න... සමස්ත ලෝකය පුරා අවිලෙන අර්බුධවලින් කියන්නෙ ඒක.... ජාතිවාදී, වර්ග වාදී, ආගම් වාදී.. මොන හෝ ආකාරයෙන් එන්නෙ එකම ප්‍රශ්නය....ධනේශ්වර ක්‍රමය යටතේ ධනපති පන්තිය ලාභ ගොඩ ගසා ගනීමට සහ පීඩිත ජනතාව අවම වශයෙන් තමන් ගේ ජීවත්වීමේ අයිතියවත් ආරක්ශා කර ගනීමට කරන නොනවතින සටන....නමුත් අපිට මතුපිටින් මේවා පේන්නෙ එක එක්කෙනාගෙ හුද්කලා ප්‍රශ්න විදිහට.....නමුත් අද ඔයත් මමත් ලිබියාවෙ පීඩිත ජනතාවත්, මූනදීලා තියෙන්නෙ එකම ප්‍රශ්නෙට......ලෝකෙ උත්සන්න වෙමින් තියෙන සියලුම ප්‍රශ්න වල මූලය එකයි... ඒත් මතිපිට කඩතිරෙන් වහල තියෙන්නෙ (වැහිල නෙමෙයි.. උවමනාවෙන්ම වහල....) හුදකලා ප්‍රශ්න විදිහට පෙන්නන්න.... වෙන් වෙච්ච මිනිස්සු අන්දන්න ලේසියි.

    X-Porter

    ReplyDelete
  46. ප.ලි : ඉහල ධනේශ්වර අර්බුධයට ආර්ථික අර්බුධය කිවුවත් වෙනසක් නෑ ඒ දෙකම එක නිසා....

    X-Porter

    ReplyDelete
  47. නමුත් ධනවාදී ක්‍රමය වඩා හොඳයි. එය නියම ලෙසින් (ඇමරිකාව හෝ දූෂන හා මාෆියාවලින් පිරි ඉතාලිය හෝ ග්‍රීසිය නොවේ.) ක්‍රියාත්මක වන රට වල මිනිසුන් අති මහත් බහුතරය යහපත් ජීවිත ගත කරන බව රහසක් නොවේ. සමාජවාදය දේශනා කරන අයගේ දරුවනුත් එම රටවල් කරා ගමන් කරන්නේ එහෙයිනි. පිදෙල් කස්ත්‍රෝගේ රටට නොමිලේ ශිෂ්‍යත්ව ලබා දුන්නත් එකෙක් වත් නොයන්නේ ඒ සත්‍යය නිසාය.

    ReplyDelete
  48. හොඳ ප්‍රශ්නයක් මෙහෙම කෙටියෙන් විස්තර කරන්න බැරි නිසා කරුනු දෙකක් කෙටියෙන් කියන්නං...

    1. රුසියානු සමූහාන්ඩුවෙ, කියුබාවෙ, චීනෙ සහ අනෙක් සමාජවාදී කියල ධනපති ධ්‍යපන ක්‍රමයෙන් උගන්වපු රටවල් වල තිබ්බෙ සමාජ වාදයවත් කොමියුනිස්ට් ක්‍රමයවත් නෙමෙයි. ස්ටැලින් වාදය හෙවත් සුලුධනේශ්වර නිලධාරීවාදය. J.V.P වැනි සුලුධනෙශ්වර ෆැසිස්ට් වාදී පක්ශ තමයි 70 දශකයෙන් මෙහාට ඔය සමාජවාදී මුලාව වැපිරුවෙ.

    2. අපිට සාපේක්ෂව බටහිර රටවල් සැප සම්පත් විඳිනව තමයි. මොකද සියලුම මානව ජයග්‍රහනයන් බුක්ති විඳින්නෙ දනපති රටවල්. තුන්වෙනි ලෝකයේ රටවල් වලට ඒජයග්‍රහන අහිමි කරල තියෙන්නෙ.තුන්වන ලෝකය යනු ලාභශ්‍රමය තියෙන් ශ්‍රම හූමිය.නමුත් ධනපති රටවල පීඩිත ජනතාවත් මූන දෙන ගටලු එකයි. පහුගිය ටිකේ දැක්කනෙ ඒ රටවල අවිලුනු ප්‍රශ්න.. මුත් මට්ටම් දෙකක..

    මේක සංකීර්න ප්‍රශ්නයක් මහෙම ඉග්‍රහ කරන්න අමාරුයි තාක්ශනික ප්‍රශ්නනිස..නමුත් පහසු ක්‍රමයක් යටතෙ සංවාදයකට එක පයිං..ඉතිහාසය නැවත නැවත හදාරන්න කියල තියෙනවනෙ..ඉතිහාසය තමයි අනාගතය තීරනය කරන්නෙ...ඒ නිසා ඉතිහාසය හරියට හදාරන්න ඔනෙ...

    කෙටියෙන් කිව්වට කෙටිම නෑ..නෙහ්..

    X-Porter

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න