.

.

Oct 31, 2011

ගිනස් වාර්ථා - Guinness Records


ගිනස් කියපු ගමන් මතකයට එන්නේ කුමාර් ආනන්දන්ය. නියම ලෙසට ලංකාවේ නම ගිනස් පොතේ තැබූ පොරක්ය. වෘත්තියෙන් නීතිඥ්ඥයෙක්ය. ලන්ඩන් යුනිවර්සිටියේ ග්‍රැජුවෙට් කෙනෙක්ය. වැල්වැටිතුරේ පොරක්ය. පොඩි කාළේ මගේ වීරයෙක්ය. පප්පා ආන්ඩූ කරන්න ආපූ කාලේ, ගෝල් පේස් එකේ දඟර නැටුමක් නටා වාර්ථාවක් තිබ්බේය. අපිත් ඒක බලන්නට ගියේය. තවත් වාර්ථාද තිබ්බේය. ඉන්ගිරිස් ඕඩය හරහා පීනන්ට ගොස් එළොව ගියේය. පොර නිසා ගිනස් කියන්නේ මොකක්ද කියා ලන්කාවේ කස්ටිය දැන ගත්තේය.

නඩු බැලවීම - Re Action


කළ හොඳ පස්සෙන එළවනවා කියන්නේ නිකමට නෙමේය. ඇමරිකාව ප්‍රමුඛ බටහිර ඉන්න කට්ටිය වාරයෙන් දෙකෙන් යන නිසා පිස්සු කෙලින්නට වෙලාවක් නැතිය. එක වාරයක් අවුරුදු හතරක් වගේ නිසා කාලයත් අඩුය. අනික මොකා ආවත් තීරණ ගන්නේ රහස් සංවිධානයකින්ය. ඒවාට විරුද්ධව යන්නට ලොක්කන්ටත් බැරිය. එහෙම වෙන්න ගිය අයට මූනිස්සම් රස බලන්නටද වුනේය. මේවා පාලකයන්ට පමණක් නොව නිළධාරීන්ටද අදාලය.

Oct 29, 2011

කුමන්ත්‍රණ - rackets


සිකැරට් වලට කෙලිය නිසා හිතේ අමාරුවට දෙකක් දාගන්න ගිය වෙලේ ඒකටත් 60 කින්ම කෙලලාය. වහ බීලා මැරෙන්න හිතාගෙන බූමීතෙල් ගන්න ගියහම ඒකටත් කෙලලාය. ඒ නිසා ආයෙත් මම බොනවාය. මොළේ පුල් අබ්ලික්ය. මෙව්වා මහා කැත වැඩය. ආන්ඩුව රජය සහ ලොක්කා අපහසු තාවයට පත් කිරීම සඳහා කරණ කුමන්ත්‍රණය. ලොක්කා රට යනකන් ඉඳලා මුන් උන්නැහේ අමාරුවේ දාන්න කරන කැතම කැත වැඩය. ලොක්කාට අතින් පයින් ගහන්න බැරිය. මොකෝ ලොක්කා එක්සයිස් කොරලා ෆිට් එකේ ඉන්න පොරය.

Oct 24, 2011

පිස්සුද ඕයි...? - R u Mad...?


මේ පින්තූරේ මට හමු උනේ අහම්බෙන්. නමුත් මේක දැක්කයි පස්සේ රසවත් කතාවක් මතක් උනා. කියවල බලන්නකෝ හොඳද කියල. හිට්ස් වල හැටියට නම් මේවගේ ඒවට මගේ යාළුවෝ හරි මනාපයි.

ඔන්න "ගෙදර වාහේ" දරුණු රිය අනතුරකට මුහුණ දුන්නා. මුහුණ විතරක් නෙමෙයි තව ඒවත් දුන්නා. ඉතින් ටික කාලයක් ඉස්පිටිතාලේ හොන්ඩා වාට්ටුවේ ඉඳලා පොරගේ ඔක්කොම අවයව ටික යතා තත්වෙට පත් උනා.

Oct 23, 2011

අයියෝ...!!! - Oh No...!!!



අනේ සුසානෝ බලපන් උන කරුමේ
හිතේ දුකෙන් ඉන්නා මේ වෙලාවේ
දුක නිවනා කූරට මුන් කෙලලාය
සිකැරට් වැඩි කරලා දෙකකින් රුපියල්

ඕන ඕන තැන බෑ ලබනට පහස
වහන් වෙලා අප ලබනා ඒ සැපත
දෙකෙන් නෙමෙයි දහයෙන් වැඩි කරපල්ලා
උඹෙයි මගෙයි රමණය නෑ නවතින්නේ

රජයේ අවවාදය - දුම් බීම සෞඛ්‍යයට අහිතකර වන්නට පුළුවන


Oct 21, 2011

අහෝ ගඩාෆී...!!! - Oh Gaddafi...!!!



අහෝ ගඩාෆී...!!!
ඉල්ලන්ම කාපී...!!!

ගඩාෆී නොදැන වුන් ළෝක සත්‍යයන්

බලවතා බලවත් වග
කන්ට ඕනෑ වූ කළ කබරගොයාත් තලගොයා වන වග
කළ කළ දේ  පල පල  දෙන වග 
 ගහෙන් වැටුනු එකාට ගොනත් අනිනා වග
කල හොඳ පස්සන් එලවන වග
රජ කම් කළත් කළ කම් පල දෙන වග
මාන්නය විනාශයේ දොරටුව වග
සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක්ද ඇති වග
ජනතාව බුද්ධිමත් නොවන වග
වීරයා මොහොතින් ද්‍රෝහියා වන වග
දේශප්‍රේමියා මොහොතින් දේශද්‍රෝහියා වන වග
අවි ගත්තෝ අවියෙන්ම නසින වග
බලය තාවකාලික වග
බොරුව සැමදා රජ නොකරන වග
තමන් කවදා හෝ මිය යන වග

- නිමී -

.o0O0o.

සටහන - මෙයත් මම ලිව්වේ මගේ අනිත් බ්ලොග් එකක. මේකේ දාන්න හේතු උනේ මේ දෙන්නා නිසයි..

වෙද ගෙදර මහ වෙදනා said...
මම හිතන්නේ ඔබගේ ඔය වාක්‍යය ටික කොපි කරලා, ලොකුවට ලියලා, ලියකම්, පලවැල් ආල වට්ටම් දාලා රාමු කරලා, හැම රාජ්‍යය පාලකයම උදෙට නැගිටින කොට පේන්න ගහලා තියා ගන්න ඕනෙ.


බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...
වෙද මහත්තය කියපු එකමයි ඕං මාත් කියන්නේ


බලය මුදල් ඇතිදා දන ගා වැටෙ        ති
නැතිදා වටේ උන් හා මිතුරන්ද  නැ    තී
පවුලේ උන් පවා පන බේරන් දුව       ති
ඇතිදා සීනී නැතිදාකට ගෝනී වෙ     ති

Oct 20, 2011

තල කැරළි - Sesame Revolution


සටහන - මෙය ලියන්නට හේතු උනේ W3Lanka ගේ පෝස්ට් එකට මම දාපු කොමෙන්ට් එක..

ප්‍රස්තුතය -
ඔතන්නට
තල කැරලි
රැගෙන ගොස්
කාල් මාක්ස්

.oOo.

Oct 18, 2011

කඩලෙ - Kadale


සාමාන්‍යයෙන් පාසල් ජීවීතේ දී මුන ගැසෙන චරිත මුළු ජීවිත කාළයටම වීරයෝ. විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති, හෙඩ් මාස්ටර්ලා, නපුරු ගුරුවරු ගුරුවරියෝ, ආදරණීය ගුරුවරු ගුරුවරියෝ, කෝච්ලා, හෙඩ් ප්‍රිෆෙක්ට්, ක්‍රිකට් කැප්ටන්, රගර් කැප්ටන්, බ්‍රයිට් පොරවල්, කචල් පොරවල් වගේ අය. ඒත් ඔයාලට හිතන්න පුළුවන්ද ඉස්කෝලයක් ඇතුලේ කඩල විකුණපු කෙනෙක් හැමෝගෙම ආදරය දිනා ගත්ත චරිතයක් වෙයි කියලා. ජීවීතයටම අමතක නොවන.

Oct 17, 2011

රෑ බදුල්ලා - Internet Dongle



නෙතු ගැටිනි
හිත ඇදුනි
ගත පිනුනි
ගොඩ වැදිනි

ගොඩ උනා ඒ මොඩර්න් කඩයට
සුරූ පිණියන් මාව වටකොට
ඩිස්.. කවුන්ට් සමගින්.. වැඩිම ගානට
රෑ බදුල්ලෙක් දුන්නා මා හට

Oct 16, 2011

තමුසෙ හිතුවද මං...... - Who do you think I am.......



ගෙදර වාහේ බියර් එකක් තොල ගාමීන් සාලයට වී, ක්‍රිකට් තරඟය බලන අතරේ බිරිඳ රාත්‍රී ආහාරය පිළියෙල කරමින් සිටීයාය.

"මේ ඇහුනද... අනේ අර බාත් රූම් එකේ ටැප් එකක් ලීක්.... පොඩ්ඩක් බලන්නකෝ.... අපරාදේ වතුර අහක යනවා."

"තමුසේ හිතුවද මම පයිප්ප බාස් කියලා....කාට හරි කියල කර ගන්නවා.."

Oct 15, 2011

මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම සිටිති - That's what friends are for...


චන්ඩ මරූතය පහව යන තෙක් බලා සිට මෙය ලියන්නට සිතිනි. කොහොමත් හැම දෙයම මට පෙනෙන්නේ වෙනස් ආකාරයකටය. දොම්පේ පොලිසීයේ සිඳුවීම පිළිබඳව W3Lanka හී ළිපියක් පළවූ වෙලේ ඒ සඳහා කොමෙන්ටුවක් දමමින් මා කියා සිටියේ මේවා ජනතාවගේ ක්‍රියා නොව දේශපාළකයන්ගේ ක්‍රියා බවයි. අද එය ඔප්පු වී හමාරය. තව දුරටත් කියා සිටියේ මේ පාතාලයන් කිරි පොවා ඇති දැඩි කරන්නාවූ අයගෙන් කෙනෙක්ද ළඟදීම මෙහිම ගොදුරක් වනු නොඅනුමාන බවයි. එය ලියා දවස් 2 යන්නටත් මත්තෙන් මේ කාළකන්නි සිඳුවීම සිඳුවිය.

Oct 13, 2011

අලි රාළ "අනේ එපෝ" කියයි. - Elephant said "No..!"


මේක බලපු ගමන් හිතයි, මුසම්මිල් මහත්තයා ඇදුන ස්වීප් එකට පයින් ගැහැව්වද්ද කියලා. එහෙම එකක් නොවන නිසා අපේ මව් පාර්ශවයත් මතක් කොරයි. මේවට කියන්නේ මාර්කටින් ට්‍රික්ස්. පුරුදු උනේ, ප්‍රථමයෙන් බ්ලොග් ගුරු වන කශූ ගෙන්. පසුව ඔටාරා නෝනගෙන්. ඒ නිසා තරහ වෙන්නේ නැතුව කියවලම බලන්න. මම හිතන්නේ හිතට අල්ලයි.

අලි බැලිල්ලයි බලි බැලිල්ලයි එපා වෙන්නෙ නැහැල්ලුනේ. අපේ අය විතරක් නෙමෙයි පිටරට අයත් එනවා හෝ ගාලා පින්නවෙල අලි බලන්න. කැලැවේ ඉන්න අලි බලන්නනම් යන්න ඕන මින්නෙරියේ කැළේ, අලි, අලි රංචුවක් ඉන්නව එහේ. අලියා, බත් වගේම අපේ සංස්කෘතියේ එක අංගයක්නේ. පෙරහරේ යන අලි, කොටන් අදින අලි, පනින අලි. අඬන අලි, නාන අලි, නාකී අලි, වල් අලි, වන අලි, හිඟන අලි ( උඩවළවේ වැට ලඟ ඉන්න අලි ) ආදී වශයෙන්, අලි ගොඩක් අලි වැහි වැහැලා.

Oct 10, 2011

මිහිර ගේම් - Game of poets


දේශපාළනෙයි අරකයි මේකයි ඔක්කෝම අමතක වෙලා යන්න පොඩි ගේම් එකක් කරමු කියල හිතුනා. මොකෝ අර "කොයි එකාද බැන්දේ" පොස්ට් එක තවමත් නැගලා යනවා. ඒකට හරි උත්තරේ දුන්නෙ එක්කෙනයි. ඌත් ඇනෝ කෙනෙක්. අපිට අද යමක් කමක් ලියාගන්න පුළුවන්නම් ඒකට මුල් වෙච්චි දෙයක් තමයි මිහිර පත්තරේ. අද තත්වේ කියන්න දන්නේ නැති උනත් පොඩි කාළේ අපට තිබුන උතුම්ම වස්තුව තමයි මිහිර. සඳුදා උදා වෙන්නේ කවදද කියලා ඇඟිලි ගැන ගැන ඉන්නේ. ඇත්ත වශයෙන්ම අපේ රටේ මෙළෝ දෙයක් නැති අපි පොඩි කාලේ ඕක සාර සංග්‍රහයක්.

Oct 8, 2011

වඩු කුරුල්ලා - Weaver Bird


බලාපන් අපිලිවෙල
මුලු ගහම වනසලා
වසුරු ලා සෑමතැන
පළාතම මහ ගඳයි
කිචි බිචිය අමිහිරියි
දබරයට අත වනයි
චන්ඩ මාරුතයකට
කැදළි යැයි වැනසිලා

Oct 7, 2011

අළුත්ම ටෙලිය - Now Showing



කාටූන් ගිෆ් එක දිසා ගේ බ්ලොග් එකෙන්.

මේක මගේ වෙන බොගක දැම්මා. ඒකට විසිට්ස් අඩුයි. පොඩි සංස්කරණයකුත් එක්ක විප්ලවවාදීන්ගේ හිත සුව පිණිස මෙහි පළකලා.

හැත්තැ දෙකේ ඇදන් නාපූ
අසූ නමෙ ඉල්ලන්ම කාපු
රතු වන් පස්සයක් තිබෙනවා
පප්පා තහනම් කොරාපූ
වැටි වැටි නැගිටලා ආපු
ඒකට ජේ වී පී එකයි කියනවා

Oct 6, 2011

ළෝක ගුරු දිනය - Teacher's Day


කොල්ලනේ මෙහෙ වරෙව්
කෙල්ලනේ මෙහෙ වරෙව්
ඇවිත් බිම පෙරලියව්
බුලත් දී වැඳපියව්

Oct 5, 2011

අනාගත මුල් පිටු - Future News


පොලිස් අත් අඩංගුවට පත්වෙන මිනීමරුවෝ, මංකොල්ළකාරයෝ, රේප් කේස් කාරයෝ කියන කොයි එකාටත් හිංගලෙන් කියන්නේ සැකකාරයා. උන් ඔය අපරාද කොරපු තැන් ආයුධ හංගපු තැන් හොයන්න යන කොට පොලීසියත් එක්ක ගැටෙන්න ගිහිල්ලා. සමහර විට කකුල් පැටලැවිලා අරවා මේවා වෙලා මැරෙණවා. ඒ එයාලා ගෙනාපූ ආයුෂ ප්‍රමාණය ඉවර නිසා මිසක් වෙන හේතුවක් නෙමෙයි.

Oct 4, 2011

මේන් බැඳපු එකා - The Winner



එකම එක එක්කෙනයි හරි උත්තරේ දීල තිබුනේ ඇඟ ලස්සන කෙනා කියලා. ඒ ඇනෝ කෙනෙක්. ඒ නිසා මේ බිලියනර් මගේ තරඟයට දෙන්න හිටපු මිලියනය මගේ එකවුන්ට් එකේ එහෙමම තියෙන්න අරිනව.

Oct 3, 2011

කොයි එකාද බැන්දේ..? - Choosing a wife


මේ මට මගේ ඇමරිකානූ ජාතිය මිතුරියක්ගෙන් ලැබුණූ ඊයක්. එහේ හැම දේම මෙහේ සංස්කෘතියටත් එකතුවෙන නිසා මෙහෙත් මේ වගේ දේවල් නැතුවම නෙමෙයි. කොහොම හරි තවත් පොස්ට් එකකුත් ලියන්න පුළුවන් වෙන නිසා හිතුව පරිවර්ථනය කොරලා දාන්න. මේ පොස්ට් එකට ඔයාලත් නොදැනීම සම්බන්ධ වෙනවා.