.

.

Oct 3, 2012

අවංකත්වය (කාන්තාවන්ට පමණයි. (18+)) - Honesty - (Ladies Only (16+))


කාන්තාවන්ගේ අවංකත්වය ගැනත්, ලොකු කම් කියවීම ගැනත්, බොරු සෝභන  ගැනත් මේ ටිකේම අපේ බොහෝ දෙනෙක් පොස්ට් දැම්මා. ඇත්තටම මේ දේවල කාන්තවන්ට ආදේශ කර තිබුනත්, මගේ පිලිගැනීම නම්, මෙවන් දේ වලට, ලිංග බේදයක් අදාල වන්නේ නැති බවයි. පොදුවේ මනුෂ්‍යයන්ගේ දුර්වල සිරිතක් ලෙසත්, හදා ගත හැකි දෙයක් ලෙසත්, සඳහන් කළ හැකියි. එහෙත් ඉතින් එහෙම කරන්න ගියොත් සමහර විට, කතානොකරන මිනිසුන් පිරි ළෝකයක් බිහි වෙන්නත් පුළුවන්. අනිත් අයගේ වැරදි ඔවුන් නැති තැන කියන එකට මම අකමැති උනත්, බොරු සෝභන කතා අහන්න නම් බොහෝම ආසයි. නයි අරිනවා කියන්නෙත් මේකටම තමයි.


අපේ ඉස්කෝලේ කොල්ලෝ සෙට් එක, (වයස 80ක් උනත් සෙට් එක කොල්ලෝනේ) බිග් මැච් එකට සෙට් උනාම. දෙවියන්ගේ පානයෙන් සප්පායම් උනාම, මැච් බැලිල්ල කෙසේ වෙතත්, පරණ ගේම් දීපුවයි (බොහෝ වෙලාවට එකම කතා සෙට් එක.), නසරානී වැඩයි කතා කරාලා ඉවර උනාම, දෙවනි දවසෙයි තුන්වෙනි දවසෙයි කතා කොරන්නේ ඕප දූප තමයි. නිලියෝ ගැනයි, පොලිටික්ස් ගැනයි ගොසිප් කතා කරලා ඉවරවෙලා, ඊට පස්සෙ යන්නේ ඉතින් නයි අරින එක තමයි. මට හොඳට මතකයි, අවුරුදු ගානකට උඩදි ඇමරිකාවේ ඉන්න එකෙක් ඇවිත් ඇරපු නයි ටික. ඌ හරියට කතා කරේ, බිල් ක්ලින්ටන්ගේ හොඳම යාළුවෙක් වගේ. සුපිරි නිවසක ඉන්නවා වගේ, කොටින්ම කියනවා නම්, මොන්ටිකාලෝ වල ප්‍රින්ස් ඇල්බට් ඉන්නවා වගේ තමයි කතා කළේ. හැබයි ඊළඟ අවුරුද්දේ ඌ අම්බානක කිච උනා. හේතුව, අපේ නසරානියෙක් ඇමරිකාවේ ටුවර් එකක් ගිහින්, මූව හොයාගෙන ගිහිල්ලා.

අනේ මූ ඉන්නවලු, තව කොල්ලොයි කෙල්ලොයි 10 ක් එක්ක විතර, නිව්යෝක් වල ජරා එපාට්මන්ට් එකක, බතුයි, කරවල හොදියි, පරිප්පුයි කකා. අපේ එකා ඒවත් කාළා ඇවිත්, ඊළඟ අවුරුද්දේ අරු නැති කළා. අපි ඉතින් ඕවා දන්න හින්දා අවුලක් උනේ නෑ. ඌ අදත් බිග් මැච් එනවා. හැබයි අද නම් ඌ ඇරපු නයි ඇත්ත වෙලා. නොම්බර එකේ සල්ලි කාරයෙක්. බලාගෙන ගියාම, මේ නයි විදියට අරින්නේ තමන්ගේ හිතේ තියෙන සිහින නේ. තමන්ගේ ආශාවන්, ඉතින් ඒක සැබෑ කරගන්න කොහොම හරි මාර ගේමක් දෙනවා. එහෙම බලාගෙන ගියාම නයි අරින එකේ වැරද්දක් නෑ. ඒකයි මම කිව්වේ මේ නයි ඇරිල්ලට, මම බොහෝම ආසයි කියලා. (මාර දාර්ශනික අදහස් නේ මටත් තියෙන්නේ)

අර පෝස්ට් ටික කියවන කොටම, මට මතක් උනේ, මම දන්න ඩර්ටි ජෝක් එකක්, ඉතින් ඒක ලියලා දාන්න හිතුනා. ඔන්න එක ප්‍රසිද්ධ කාන්තා ඉස්කෝලෙක, ඕල්ඩ් ගර්ස්ලගේ ගෙට් ටු ගෙදර් එකක්, එහෙම නැත්නම් සුහඳ හමුවක් තිබුනලු. ඉතින් මේකට රට රටවල ඉන්න අයයි, මෙහේ ඉන්න අයයි, ලොකු ලොක්කියොයි, සාමාන්‍ය අයයි ඔක්කෝම වගේ ඇවිත් හිටියලු. එතනදි එකම පන්තියේ හිටපු හොඳම යාලුවෝ තුන් දෙනෙක් සෙට් උනාලු, එක්කෙනෙක් ඔස්ට්‍රේලියාවෙලු, අනිකා කැනඩාවෙලු, ඉතුරු කෙනා ළොකෙන් උතුම් රටේලු. (එයා මේකට ඇවිල්ලා උන්නේ ණය වෙලාලු, බාල කෙල්ල ඉස්කෝලෙට දාගන්න ඕන හින්දා)

පළවෙනියා : ඔයාලට කියන්න, මගේ බර්ත් ඩේ එකට, අපේ හබී, මට බ්‍රැන්ඩ් නිව් මර්සඩීස් එකක් ගෙනත් දුන්නනේ... දැන් මම ෂොපින් යන්නෙත් ඒකේ අනේ.

දෙවනියා : ඇත්තද ආ, ලොකු ගානක් වෙන්න ඇතිනේ... අපි නම්, මගේ බර්ත් ඩේ එකට මේ සැරේ කෲ ෂිප් එකක ඇලස්කා වල හිම කඳු බලන්න ගියානේ. ලොකු ගානක් ගියා. ඒ උනත් වර්ත් අනේ, මාරම ලස්සනයි. දිවිය ළෝකේ වගේ.

තුන්වෙනියා : අපිට හොහෙද අනේ, එච්චර වාසනාවක්, එයා ගාව සල්ලි නෑ කියලා, පොඩි කේක් එකක් ගෙනත් අපි හතර දෙනා කාලා, එයා පොඩි ඩ්‍රින්ක් එකක් දාලා නිදාගන්න ගියා. ඒ උනාට මට දුකක් නෑ මෙයා. මොකෝ මොනවා නැතත්, අපේ මහත්තයගේ මල්ලි ලොකු උනාම ගේ කුරුල්ලෝ 6 දෙනෙකුට කිසි කරදරයක් නැතුව ලැගලා ඉන්න පුළුවන්නේ. (උඩ පින්තූරේ ඉන්නවා වගේ එකිනෙකාට තුරුල් වෙලා....)

පළවෙනියගෙයි දෙවනියගෙයි මූණූ රතු වෙලා, දාඩිය දාලා, දෙන්නට දෙන්නා බලාගත්තා......

පළවෙනියා : ඇනේ ඇත්තටම මට මං ගැනම ලැජ්ජ හිතුනා අනේ. ඔයා කොච්චර අවංකද, මට හම්බ වෙච්ච මර්සඩීස් එකක් නෑ අනේ. පරණ ලදරමක් ගෙනත් දුන්නා, ගෙනාපූ දවසේ ඉඳන් පාරේ අයිනේ දාලා තියෙනවා.

දෙවනියා : මටත් ලැජ්ජයි අනේ, අපි ගියපු කෲ ෂිප් එකක් නෑ. ඇලස්කා ගියෙත් නෑ. හැමදාම යන නයගරා එක ගාවට ගිහින් එතන කඩේකින් තෝසේ කාලා ආවා. ඔයා කොච්චර අවංක කෙනෙක්ද.

තුන්වෙනියා : ඔයාලා ඇපොලජයිස් කරන්න ඕන නෑ අනේ මමත් කිව්වේ බොරු.... 6 වෙනි කුරුල්ලා පොඩ්ඩක් අමාරුවෙන් ඉන්නේ..... මොකෝ, ඌගේ එක කකුලක් එලියේ නිසා..........

බලාගෙන ගියාම එකෙක්වත් අවංක නෑනේ...

පරිවර්ථනයකි, එය මෙතරම් රසවත් නැත, ලුණු ඇඹුල් එකතු කොට අපේ කතාවක් කලේ සාහිත්‍යශූරී මාතලන් වන මා විසිනි.

75 comments:

  1. මටත් නිකං මොකද්ද ‍වගේ පහළ තියෙන කතාව ඇහුවම. මවිල් සිරස් වෙනවා වගේ. නයි ඇරිල්ල ගැන ඔබගේ අදහස හරි. කෙනෙක් ලොකු බොරුවක් නෙමෙයි සාමාන්‍ය නයි ඇරිල්ලක් ඇරියොත් ඒක‍‍ට ඒ නයා ආයිත් අරින්න පුලුවන් වෙන විදිය මමත් දැකල තියෙනවා. මාතලෝ.. ඔය පොඩි පොඩි රස කතා ටිකක් මාත් දාන්න හිටියට තාම ඒක හරියට කරගන්න බැරිඋනා. ජය

    ReplyDelete
    Replies
    1. ඇත්තටම නයෙක් විදිහට එලියට එන්නේ තමන්ගේ හීන එහෙම නැත්තං ඉශ්ඨකරගන්න බැරිවුන ආශාවන් තමයි .... කථාව නම් මරු කළින් අහපු නැති එකක් ....

      Delete
    2. @ දේශකයා - ලියලා දාන්න ඉඳලා හිටලා

      @ දිනෙල්ක - බොහොම ප්‍රසිද්ධ කතාවක්

      Delete
  2. මාතලන්, මම මේක කලින් දන්නවා. ඒත් ඔබ ඒ තුලින් අපේ සමාජයේ තිබෙන අඩු පාඩු කම්, බොරු සෝබන සියුම් ලෙස හාස්‍යයට ලක්කරනවා. එයයි ඔබේ වෙනස. ඔබේ පරිවර්ථනයේ වටිනාකම. මෙය කියවූ පසු අර කතාව අමතක් වී. මතු වන්නේ ඔබේ කතාවයි. ඒ අපේකම නිසා. අදත් ගෙඩිය පිටින් ඉංග්‍රීසී ජෝක් එක එහෙමම කොපි ඇන්ඩ් පේස්ට් කරපු එකක් බැලුවා. ඔහුගේ මහන්සිය අපරාදේ ලින්ක් එකක් දැම්මනම්, ඔක්කෝම කතා ටික බලන්න තිබුනා. සෑම දෙයක් ගැනම ලිවීම අගය කල යුතුමයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඇනෝ.. හෙන්රී බ්ලොග් වෝකර් ගේ ඒවා මීට රහයි..

      Delete
  3. අනිත් නෝනා මහත්වරු දෙදෙනාගේ නැව් බොරු හමුවේ තුන් වන නෝනාගේ බොරුව අඟලක බොරුවක් එහෙම නේද මහත්මයා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ ලොක්කෝ මේක චූච්චං බොරුවක්...

      Delete
  4. මාතලන්ව මම අගය කරන්නේ මේ නිසයි. ටැබූට පසු බ්ලොග් ලෝකෙ ඉහළම උපහාසය මතු කරන්නා මාතලන් බව මගේ පෞද්ගලික මතයයි.

    අර උඩින් ඇනෝ කියන කතාව මමත් අනුමත කරනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි වෙද මහත්තයෝ.. කොලර් එක උස්ස ගත්තා...

      Delete
  5. ඔන්න සුද්දෙකුයි අපේ මිනිහෙකුයි නයි ඇර ගන්නවාලු.

    සුද්දා කිව්වාලු.

    අපේ රටේ තියෙන්නෙ කොච්චර විශාල නැව්ද! හැතැප්ම පහක් දිගයි. හැතැප්මක් පළලයි කියලා.

    අපේ මිනිහා කිව්වාලු.

    ඕවා මොන නැව්ද හලෝ! අපේ රටේනෙ නැව් තියෙන්නෙ. හැතැප්ම දහයක් දිගයි.....අඟල් දහයක් පළලයි කියලා.

    ReplyDelete
    Replies
    1. මට මතක ඕක වෙන විදියකට..

      Delete
  6. පළවැනි නෝනා බැඳලා ඉන්නෙ ප්‍රසිද්ධ බ්ලොග්කරුවෙක්ද?
    දෙවැනි නෝනා බැඳලා ඉන්නෙ සුදු අප්පුහාමි කෙනෙක්ද?
    තුන්වැනි නෝනා බැඳලා ඉන්නෙ ඇදුරුතුමෙක්ද?

    ReplyDelete
    Replies
    1. තුන්වැනි නෝනාගේ මහත්තයාගේ සයිස් එක ව‍ගේ කතාවක් මෙතැනින් බලන්න. (ආතල්)

      Delete
    2. ඒකත් දක්ෂතාවයක් තමයි... ආදේශ කිරීම..

      Delete
  7. ඉඳලා හිටලා වත් නයෙක් නැත්තම් ඇති වැඩේ මොකද්ද මාතලන්.. හි හි... නයි නැති ලෝකේ හරියට පරිප්පු නැති බත් එක වගේ.... හි හි...

    ReplyDelete
    Replies
    1. ඒකනේ අනේ මමත් කිව්වේ. කතාකොරන්න දෙයක් නැති වෙනවා...

      Delete
  8. නයි කතාව ඇත්ත මෙහෙම දේවල් ඕන තරම් වෙනවා . ඔබ එය අපූරුවට ඉදිරිපත් කොට ඇත

    ReplyDelete
  9. //කාන්තාවන්ගේ අවංකත්වය ගැනත්, ලොකු කම් කියවීම ගැනත්, බොරු සෝභන ගැනත් මේ ටිකේම අපේ බොහෝ දෙනෙක් පොස්ට් දැම්මා. //

    කොහෙද අනේ? මම දැක්කේ නෑනේ...:)

    කොහේ දකින්ටද? ෆිලිපීනේ රවුමක් ගැහැව්වනේ...හැමදාම රෑට ඩිනර් ඩාන්ස් ...උදේ නැගිට්ට හැතියේ ඒ දෙන බ්‍රෙක්ෆස්ට් එක කන්ටම මාර වෙලාවක් යනවනේ. දන්නේ නැද්ද බේකන්, එග්ස්, හැම් ඔය සුපුරුදු කෑම ජාති. නැති දවස්වල හවසට ෂොපින්...එහේ තියනවා හොඳම මුතු. කලු මුතුත් තියනවා...ඉතින් ඒවා ගත්තා අඳුනන අයට තෑගි දෙන්ට. මාර ගණන්. ගානක් නෑ ඉතින්. මේ කමකට නැති වැඩ කරන්ට ගිහින් වටිනා පෝස්ට් ටිකක් කියවන්ට බැරි උනු එකයි මට දුක.
    අනේ මාතලන් just kidding අප්පා ...හී හී...

    අර පෝස්ට් මොනවද කියලා ලින්ක් දාන්ටකෝ...:)

    ReplyDelete
    Replies
    1. අනේ ඇත්තට වාසනාවයි. ඩිනර් ඩාන්ස්ද ‍බෙලි ඩාන්ස් ද? හික්

      Delete
    2. ඔක්කෝම ටික දැන් මට මතක නෑ කෙල්ලේ හිරු නම් ලිව්වා කියලා මතකයි. මාරයාද කොහෙදත් ලිව්වා... නොට් ෂුවර්
      ඔයාගේ නයත් මාර ලස්සනයි.. සුදු නයෙක්... (White Lies)

      Delete
  10. එක ජාතියේ කුරුල්ලෝ එකම අත්තෙ නොවැ වහන්නේ.. :)

    ReplyDelete
    Replies
    1. අතුරු කතාවක්... ඒක උඹේ ටැලන්ට් එක..

      Delete
  11. Replies
    1. හෙඩිම බලල වරෙන් කොල්ලෝ.. වයස සපිරුනහම... කරදරේ...

      Delete
  12. ගෑනු කවද්ද ඇත්ත කිව්වේ? හික්ස්

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්... හිකිස්

      Delete
    2. ඕක ගෑනුන්ට විතරක් අදාල නෑ.. පොදු ධර්මතාවක්...

      Delete
  13. හෙහ් හෙහ් හෙහ් පට්ට!

    ReplyDelete
  14. මහත්තයාගේ මල්ලි කිව්වේ මොකකටද කියලා දැම්මනම් ටියුබ් ලයිට් ටික පත්තු වෙන්න තිබුනා... තවමත් ටියුබ් ලයිට් කිහිපයක් කමෙන්ට් වල තියෙන බව පෙනෙනවා...එළ කතාව...ඈ

    ReplyDelete
    Replies
    1. සමහර අය ඇඟ කියලත් කියනවා...

      Delete
  15. ඔයිට වඩා කලාත්මකව නයි අරින විදිහක් තිබේ....

    අපි ඒ කාලේ හරිම දුප්පත්.. දැන් වගේ වාහන කීපයක් තිබ්බේ නෑ... ඉස්කොලේ ගියේ පයින් රබර් සෙරෙප්පු දෙකක් දාගෙන... විසික්කරන්න තරමට සෙරෙප්පු සපත්තු තිබ්බෙ නෑ දැන් වගේ... අහසේ ප්ලේන් යනකොට කෑ ගගහ අත වැනුවා ආසාවට ... කවදාවත් හිතුවෙ නැහැ ප්ලේන් එකෙ යන එක ජීවිතේ සාමාන්‍ය දෙයක් වෙයි කියලා........

    දැන් බලන්න, මගේ බ්ලොග් එක ගැන උනත් මම අනිත් අය වගේ හැම තැනම කියෝ කියෝ යන්නෙ නැහැනෙ... අනිත් අයගේ පෝස්ට් වලින් තමන්ගේ බ්ලොග් එක ප්‍රමෝට් කරන එක හරි නැහැ නේද? සම්මානයක් දෙන්න වටින බ්ලොග් එකක් කියල කීප දෙනෙක්ම කිව්ව... ඒත් මම ඔය සම්මාන පස්සේ යන්නේ නෑනෙ... අලුත් අය දන්නේ නැති උනාට http://rangahala.blogspot.com.au/ කිව්වහම පරණ කට්ටිය දන්නවා... ඉතින් මොකටද ආයේ ඕක කිය කිය ඇවිදින්නේ.... නැද්ද මං අහන්නේ...

    ReplyDelete
    Replies
    1. මරු බං.... සිරාවටම :)))

      Delete
    2. ඔය තියෙන්නේ කලාත්මකව නයි අරින සිස්ටම් එක.. හි හි...

      Delete
    3. අඩුම ගානේ නයාවත් දන්නේ නෑ ඌ ගියා කියල...

      Delete
    4. සිරාවට නයෙක් ගියාද?... ;)

      Delete
    5. එකෙක් නෙමෙයි .. 10ක් විතර ඇරලා.... කිසි ගානක් නැතුව.... හි හි....

      Delete
    6. මගේ ජීවත කාළේ දැක්ක හොඳම නයෙක්.. ඇඩ්වටයිසින් කොම්පැනියකට ට්‍රයි කරපන්..
      ඔන්න සම්මාන දෙන්න වටින මලදානේ සින්ඩියෙත් එල්ලගත්ත... කරදරේ...

      Delete
    7. නයෙක් නෙමේ මුචලින්දයෙක්.. ඌ පස්සේ මමත් ගියා නෙව රඟහලටම.. :D

      Delete
  16. හහහා... ලුණු ඇඹුල් ගානට ඈ

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. බෙන්තර ගඟෙන් එහා පැත්තේ නේ...

      Delete
  17. අන්තිම එකී කියපු බොරුව එච්චරම ලොකු එකක් නෙමෙයි වගේ... මොකද 6 වෙනි ගේ කුරුල්ලගෙ එක කකුලනෙ එළියෙ තියෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. පොඩි බොරුවක්.. අම්මිලා බත් කවන්න කියන්නේ..

      Delete

  18. හීන දකින්න,
    නයි අරින්න,
    ඒත් මුලා නොකරන්න.
    මොකද, කවදා හෝ අහුවෙනව

    'ධනයාත්මක' කතාවකි.

    ගේ කුරුල්ලො 5යි භාගයයි. නරක නෑ,

    අනෙත් දෙන්නගෙ චූටි මල්ලිලව, ගේ කුරුලු මිම්මෙන් තුන්වැනිය මැනල වගේ!

    ReplyDelete
  19. කොච්චර සල්ලි තිබ්බත් චූටි මල්ලිල ලොකු මල්ලිට යටයි...

    ReplyDelete
    Replies
    1. ඕකටනේ දෙයියනේ ඔක්කොම කරන්නේ...

      Delete
  20. ලුනු ඇබුල්නම් ගානට ඇත නයෙක් ඇරියාඋනත් කතාව ඇත්තය ඔරිජිනල් එක මෙතරම් රසවත් නැත

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ... දන්නෝ දනිති....

      Delete
  21. අන්න නයි අරින සිස්ටම් එක ...

    ReplyDelete
  22. හි හි..නියම පෝස්ට් එක :)

    ReplyDelete
    Replies
    1. අපි ලිව්වොත් ලිව්වා තමයි...

      Delete
  23. api nayi arinava habayi kaava wath ravattanna nema aathal ekata
    anthima ekkene nayek ariyata eka hari ahinsaka ekak ne anith un denna vage pattama chora naa ne

    ReplyDelete
    Replies
    1. රට ඉන්න ගොඩක් උන් අරින්නෙම නයි.. මම ඒවලත් සැරිසරලා තියෙන නිසා වැල් ඇක්ස්පීරීයන්ස්..

      Delete
  24. නියමයි මචං පරිවර්තනය. මම ඕකෙ ඔරිජිනල් එක කියෙව්වෙ පොතකින්. ඒකෙ තියෙන්නෙ බැඳලා ගිය සහෝදරියො තුන්දෙනෙක් මේ කතාවල් කියනවා වගේ . බියුටි පාලර් එකක් දාලා දෙන්නම් කියලා සුරුට්‍ටු කඩේක කැෂියර් කමක් දුන්නා වගෙ කතාවල්. උඹ මේක ලෙසටම ලියලා තියෙනවා ලුණු ඇඹුල් දාලා.

    මචං උඹ දන්නවද මේ නයි කේස් එකේ නෙගටිව් පැත්ත? දැන් තියෙන සීන් එකට අනුව කතාවක් ලියන්න බෑ නිදහසේ මේ යාලුවො නයි කියලා හිතයිද කියලා වද නොවී. ඒකත් මාර ඇනයක් බං.

    ReplyDelete
  25. ෙහාද ලිපියක්.ෙවනසක්

    ReplyDelete
  26. කියන්න අලුතින් කිසිවක් නැත සියල්ල සියලුදෙනා විසින් ඉහතින් කියා ඇති නිසා..

    ReplyDelete
    Replies
    1. අපායට ගියත් කලින් යන්න ඕන කියන්නේ ඕකනේ..

      Delete
  27. නයි අරින එකත් වටින වෙලාවල් තියනවා . (මළගෙවල්වල එහෙම)

    ReplyDelete
    Replies
    1. මගේ ප්‍රියතම ස්ථානයක්..

      Delete
  28. හික්ස්... පව් හය වෙනි කුරුල්ලා !!!

    ReplyDelete
    Replies
    1. බර්ඩ් වොචින් කරණ කෙනෙක්ද කොහෙද...

      Delete
  29. අනේ මන්දා කාට කියන්නද කියලා...ඇත්ත කිව්වොත් සමහර අයට නයි...මොකුත් නොකියා සද්ද නැතුව හිටියොත් කියන්නේ බොරු පාට් දානවා කියලා..

    ReplyDelete
    Replies
    1. නයි අරින්න ඕන.. නැත්නම් ඉතින් කතා කොරන්න දෙයක් නෑනේ..

      Delete
  30. කතාව නම් එල...

    කට්ටියගෙ කමෙන්ට් බැලුවහම හිතෙන්නෙ මම නොදන්න නිධාන කතාවක් තියෙනෝ කියල... මොකක්ද හැබැට කතන්දරේ?..

    ReplyDelete
    Replies
    1. මොකක්ද එකක් පටලවගෙන වගේ...

      Delete
  31. // ඉතුරු කෙනා ළොකෙන් උතුම් රටේලු. (එයා මේකට ඇවිල්ලා උන්නේ ණය වෙලාලු, බාල කෙල්ල ඉස්කෝලෙට දාගන්න ඕන හින්දා) //

    ඕන් මට මේ කතාවේ අල්ලලම ගියපු තැන. ඉතින් අර ගේ කුරුල්ලා නැතුව කෙලවරේ පැටියෙකුට ඉන්න පුළුවන් කිව්වනම් තුන් වෙනි නෝනත් අපායේ යන එකක් නෑ මයේ හිතේ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ ළොකු කුරුල්ලෝ පහයි එක පැටියයි කිව්වා නම් කිසි අවුලක් නෑ...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න