.

.

Oct 7, 2012

ක්‍රිස් ගේල් ගේ Dance - Chris Gayle's Dance


මැච් එකට එන්න කලින් අපි උන්නේ දිනලාය. ඒ අපේ ජාන වල තියෙන කේස් එකක්ය. පොලිටික්ස් ගේම්ස් වලත් එහෙමය. ෆුල් හෝප්ස් තියාගෙන ඉඳලා පැරදුනාම පොළොව පලාගෙන යන්න හිතෙනවාය. සත්‍ය දකින්නේ නැතිය. දැන් පැරදුනාම ෆුල් අප්සට්ය. ජීවත් වෙලා පලක් නැතිය. කතාකරන්නට දෙයක් නැත්තේය. මලානම් අහකය. ඒත් එහෙම වෙන්න ඕනා නැතිය. දැන් කතා කොරන්න වෙන එකක් තියෙනවාය. එ අධිකරණ කොමිසමේ සභාපතිට ගහලාය. නඩුවකුත් දාලාය, උසාවීයේ කෙස් අපි කතාකරොත් අපිව කූඩූවේ දානවාය. ඒ නිසා එයාලාම එක බේරාගනීවීය. අපෙන් එයාලාට වැඩක් නැතිය. මොකෝ ඒකත් විශේෂ සේවයක්ය.

අපේ උන් ඒ කියන්නේ ක්‍රීඩකයොයි, ප්‍රේක්ෂකයොයි හිතුවේ ගේල් අවුට් කර ගත්තාම වැඩේ ගොඩ කියලාය. බක පන්ඩිත පුෂ්පකුමාර කිව්වේ උන්ට බෝලින් සයිඩ් එකක් නෑ කියාය. ඌ එහෙම කියන්නේ අපෙ ටීම් එකේ තියෙන අයිඩියාස්ය. ඒ නිසා ගේල් අවුට් උනාම අපේ උන් රතිඤ්ඤා දැම්මේය. කොළඹ දෙක කළේය. මැච් එක දින්නේය. පස්ට  ආතල්ය. කොල්ලෝ එන්න එපා කියපු ලොක්කාත් ආවෙය. ඒ අපේ උන් දන්න ක්‍රිකට්ය.මාලන්  සැමුවෙල්ගේ කැච් එක අත ඇරියම, අත ඇරපු එකා හිනා උනේ ඒ නිසාය. ඊට පස්සේ ඌ හතර වටේම නෙලුවේය. නායක සැමී ඉතුරු ටික කළේය. ටීම් එකේ මූණූ ටික ලොක්කාගේ මූන වගේම උනේය. බෝල් කරලා ඉවරවෙලා ගියේ පැරදිලාය. මැතිව්ස්, අජන්ත, අලුත්ම සොයාගැන්ම අකිල ධනංජය කරපු දේ මාලිංගට කරන්න බැරි උනේය. (O 4 M 0 R 54 W 0) එච්චර ගහද්දිත් තිසරට බෝලේ අල්ලන්න දුන්නේවත් නැතිය.

96 වර්ල්ඩ් කප් දිනන්න කවුරුත් නොදන්න ප්‍රභල හේතුවක් තිබුනේය. අපිට ගොඳ මෝටිවේටර් කෙනෙක් උන්නේය. අද එහෙම එකෙක් ඉන්නවාද දන්නේ නැතිය. ග්‍රීස් ගහේ මුදුනටම නැගලා කොඩිය ගන්න බැරුව පුක බිම ඇන ගන්නේ ඒ නිසාය. මේ පලවෙනි වතාව නොවේය. ආරංචියේ හැටියට මහේල පමණක් නොව සංගා, මාලිංග හා නුවන් කුලසේකරත් ටී 20 වලින් ඉවත් වෙන්න යනවාය. දින්නා නම් මේ එකෙක්වත් ඉවත් වෙන්නේ නැතිය. මේවා හොඳ ඉන්කම්ය. ඇත්තටම ගොඩක් රටවල් ටී 20 හඳුනාගෙන නැතිය. අපි විතරක් නොව ඉන්දියාව හා දකුණු අප්‍රිකාවටත් උනේ ඒකය. පැරදුනත් එංගලන්තය, ඔස්ට්‍රේලියාව හා දිනපු කස්ටිය වැඩේ දන්නවාය.

මාලිංග ඇර අනිත් තුන්දෙනාම ඉවත් වෙන්න තිබුනේ කලින්ය. ටෙස්ට් හගන් තිරිමාන්නත් ටීම් එකේ ඉන්නවාය. බැටින් ඕඩර් එක ටෙස්ට් ඕඩර් එකමය. තිසරට බෝල් කරන්න දෙන්නේත් නැත්නම් ඌව කලින් එවන්න ඕනාය. පැරදුන එක හොඳය. දැන්වත් අලුත් ටීම් එකක් හදාගන්න ඇහැක්ය. නැත්නම් මේවා ප්‍රාණ භුක්තියට සවි කර ගන්නේය. මටනම් සතුටු ක්‍රිකට් දින්න නිසාය. ටී 20 බලන්නේ 6 පාරවල් බලන්නය. 6 ඒවා නොව 12 පාරවලුත් බලා ගත්තේය. දින්නත් පැරදුනත් හිනා වෙලා එන්න කොල්ලෝ සෙට් එක දිනුවේය. අපිත් පැරදුනේ නැත අපිත් දිනුවේය. ඒ සෑහෙන පාඩම් ටිකක් ඉගෙන ගත් නිසාය.

අපේ ජීවන් මෙන්ඩිසුත් කොයිවෙලාවෙත් ඉන්නේ හිනාවෙලාය. ඌත් අර ක්‍රිස් ගේල්ගේ ඩාන්ස් එක දාන්න ට්‍රයි කලේය. අපේ කස්ටියත් ඊ ළඟ සැරේ ෆයිනල් දින්නාම නටන්න දැන් ඉඳලා ඒ ඩාන්ස් එක පුරුදු උනොත් හොඳය. ඊයේ උන් පට්ට ආතල් එකක් ගන්න ඇතිය. පැරදුනත් මළ ගෙදර ගියා වගේ මූණ හදාගෙන උන්න අපේ උනුත් පට්ටම ආතල් එකක් ගන්න ඇතිය. එ නිසා අපි බකමූණූ දාගෙන ඉන්න ඕන නැතිය. මේ ඩාන්ස් එක දා ආතල් එකක් ගත්තාම ඉවරය. ඩාන්ස් එකේ නම "ක්නන්ග්නම් ස්ටයිල්" ය. ඩාන්ස් එකයි ඒ ගැන විස්තරේකුයි පල්ලෙහායින් බලා ගත්තාම ඉවරය. මේවා බලන්න සද්දේ අඩු කරන්න ඕන නැතිය.



63 comments:

  1. මැච් එක දිනයි කියලා හිතලා අධිකරණ සේවා කොමිසමේ ලේකම්ට වැඩේ දීලා කෙලවුනා නේද?

    ReplyDelete
    Replies
    1. එහෙම කතාවකුත් යනවා...

      Delete
  2. අයියෝ ගත්තු ටිකට් එක !

    ReplyDelete
    Replies
    1. ගානක් නෑ. ක්‍රිකට් දිණුවනේ...

      Delete
  3. උඹ ඉන්න තිබුනෙ ක්‍රිකට් බෝඩ් එකේ..

    ReplyDelete
    Replies
    1. අපි වගේ මිනිසුත් කලින් හිටියා. ඒ නිසා තමයි 96 දී චෑම්ප්ස්ලා උනේ..

      Delete
  4. ජය පැරදුම විදින්න හැකිවෙන්න ඔන මලේ

    ReplyDelete
    Replies
    1. අනිවා.. ක්‍රීඩාවේ හර ඒකයි. නමුත් විහින් පරදින එක වෙනම කතාවක්..

      Delete
  5. ලොක්කා අත වනන විට score එක 1/44 ය. විනාඩි 10ක්වත් ගියෙ නැතිය 7/63 විය. මැච් වලටත් මලපෙරේත, කුම්බාන්ඩ, හූනියම් දෝශ හරහට හිටිනවාය. .

    ReplyDelete
    Replies
    1. එහෙම තියෙනවනම් ඉතින් ඉන්දියාව හැමදාම දිනන්න එපාය..

      Delete
  6. තව මාස ගාණකට බඩුමිල නං වැඩිවෙන්නේ නෑ ඕං

    ReplyDelete
    Replies
    1. ඒකනං ෂුවර් ඒත් හර්ෂ ද සිල්වා කියපු අනාවැකිත් වැරදිලා නෑ...

      Delete
    2. හර්ෂ ද සිල්වා දැන් අවුරුදු 7ක වෙලේ ඉදන් අද රට බංකොලොත්වෙයි කියකියඉන්නව. කෝ?

      Delete
  7. මම නම් බයේ හිටියෙ මැච් එක දිනල කෂ්ටිය ඒ චූන් එකේ ඉන්න අතරෙ ලොක්ක මාසෙ අන්තිමට අපිට හොම්බෙන් යන්න සෙට්කරයි කියල.

    ReplyDelete
    Replies
    1. ඒ මැච් එකත් ගහෞඉ ළඟදිම පෙන්ෂන් ගෙවන්නත් සල්ලි නෑ කියන්නේ..

      Delete
  8. දෙකක් දාගනිමින් මැච් එක බැලුව නිසා වෙන්න ඇති මටනම් පැරදුනා කියල ඒ තරම් දැනුනේ නැහැ.අරුන් ටික dance කරත්දී වීදුරුව පිරෙන්නම වක්කරගෙන බීල නිදා ගත්තා කොහොම උනත් අර අනාවැකිය හරිගියා නේද?

    ReplyDelete
    Replies
    1. මම නම් පට්ට ආතල් එකක් ගත්තා අරුන්ගේ ආතල් එක බලලා

      Delete
  9. දිගටම මාලිංගට දීල ඉල්ලගෙන කැවා වුනත් , තිසරටත් දිගට හරහට නෙලන බැට්ස්මන් කෙනෙක් නතර කරන්න අමාරුයි , අවංකවම 140 ක් කියන්නේ ලොකු ඉලක්කයක් නෙවෙයි , ඒක චේස් කරගන්න බැරි වෙච්ච එකයි වරද , අනික පහුගිය තරඟ පුරාවටම දැක්කදේ තමයි ලංකාවට පීඩනය දරන්න අමාරුය කියන එක . සනත් ලොක්කා ගේ ෆේස් බුක් පිටුවේ ඊයේ දාල තිබුනා වගේ ලංකාවේ හොඳ වෙලාවට දකුණු අප්‍රිකාව හෝ ඉන්දියාව සෙමි ෆයිනල් ආවේ නැත්තේ , ආවා නම් අනුශූරතාවත් නෑ , දකුණු අප්‍රිකාව වරද්ද ගත්තේ වැරදී තීරණ සහ දඟ පන්දු යවන්නන්ට මුහුණ දෙන්න තියන නොහැකියාව නිසා , ඔය දඟ පන්දු කේස් එක සුද්දන්ට තියන ලොකුම අවුල , සුද්දො ඔක්කොම දඟ පන්දුවට කොර , ඕස්ට්‍රේලියාව ඉන්දියාවට නෙලිවෙ වැහි පොද නිසා පන්දුව දඟ නොකැවුන දවසේ , බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පන්දු යැවීම අපි ගේමක් කරගත්තට සුනිල් නරේන් ඇරුණාම ඒ තරම් ලොකු කරදරයක් කරන්න පුලුවන් බෝලර්ස් ලා නෑ , පකිස්ථානේ සුපිරි බෝලර්ස් ලත් එක්ක 140 ගහපු අයට කොදෙව්වන්ට ඒ ගාන ගහගන්න බැරි වුනේ , අන්තිම තරඟ වල පීඩනය දරා ගන්න බැරි කමෙන් . කොහොම වුනත් ක්‍රිකට් දින්නා !

    ReplyDelete
    Replies
    1. හරියට හරි..අපේ උන් ෆයිනල් කියන නමටත් බයයි..ඇත්තටම ෆයිනල් එක තිබ්බේ එදා පකිස්ථානයත් එක්ක මැච් එකේදි..පකිස්ථානය ඒ වනකොට ලංකාවට වඩා ඉහළ මට්ටමක හිටියා කියලා මට හිතෙනවා ( විශේෂයෙන්ම ඕස්ට්‍රෙලියාවට කොරවෙන්න ගහපු නිසා) ඒත් එදා දවසේ අපේ තිබුන සැලැස්ම හා හොද අවධානය, පකිස්ථානය එක්ක ලේසි නැ කියන තිරණ මත එදා හොදට කලා..ඒත් ෆයිනල් එකේදි අපේ අය බය වෙලා ( මහේලගේ මුන දැක්කම ඒක පේනවා) අනවශ්‍ය පිඩනයක් අරගෙන..මහේලට වහියි කියලා හිතුනේ යම්තමට කුඩු පොද වැටෙද්දි..එතකොට එකපාරටම ලකුණු 20කටත් වැඩි ඉලක්කයක් ඕවරයක් තුල ගන්න දගලලා වැඩක් නැ කියලා තේරුන්ගන්න ඕන..උන්නත් එකයි මලත් එකයි කියලා ගහන වෙලාවක් නෙමෙයිනේ ඒ..අනේ මන්ද ලොක්කා ආවම මැච් එක පරදිනවා කියන එක ලංකාවේ මිනිස්සු 90% පිලිගන්නවා..ඒකේ හරි වැරැද්ද මං දන් නැ..ඒත් ඒක ටීම් එකත් විශ්වාස කරනවා වෙන්න පුලුවන්..බලාපොරොත්තු නොවු වෙලාවක ලොක්ක දැක්ක එකෙන් ටීම් එක වුනත් තවත් මානසිකව වැටෙන එකයි වෙන්නේ...මොකද ලොක්කා කියන්නේ අසුභම ලකුණනේ...ඉතින් දිගට හරහට විකට් යන්න ඒ හේතුත් බලපාන්න ඇති..මෙතන තියෙන්නේ ඇගේ හයිය සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි..උගත්කමේ ප්‍රමාණය සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි...මෙතන තරග කරනන දක්ෂතාව මොළය වගේම හොද මානසිකත්වයත් අවශ්‍යයි..අපේ උන්ට ෆයිනල් එකකට මුණ දෙන්න දක්ෂතාවය මොළය තිබ්බට ඒකට මුණ දෙන්න මානසිකත්වයක් නැ..ඒ දෙක අඩු උනත් මානසිකත්වය හොද නම් අනික් ටීම් එකට දිනන එක සිම්පල්..හැමදාම වුනේ ඒක..හදාගත්තේ නැත්නම් ඉස්සරහට වෙන්නෙත් ඒක..අපේ ටීම් එකට දැන් ඕන ෆයිනල් එකකට ෆේස් කරන්න තරම් හොද ශක්තිමත් මානසිකත්වයක් හදන එකයි...මැච් එකක් පැරදුනා කියලා නායක කමෙන් අයින් වෙනවා ක්‍රිකට් ගහන්නෙ නැතිව අයින් වෙනවා වගේ දේවල් වලටත් හේතුව අපේ උන්ගේ තියෙන චංචල මානසිකත්වයයි..ලොක්කා නොආවනම් තරගය මීට වඩා වෙනස් වෙන්න තිබ්බ...හේතුව 90% දෙනා ලොක්ක දැකලා මානසිකව වැටුනා කවුද දන්නේ ටීම් එකටත් ඒකම වුනාද කියලා..

      Delete
    2. බොල් කරලා එලියට ආවේ මහසෝනා දැකලා බයවෙලා වගේ කස්ටිය. කොච්චර පොර උනත් ඔච්චර බෝලස්ලා උන්න එකේ මාලිංග නවත්තන්න තිබුනා. මහේලගේ කතාවෙන් තේරෙනවා ඒක එයා කළ ලොකුම වැරද්දක් කියලා. අපේ උන්ගේ මානසිකත්වය හදන්න හොඳ මෝටීවේටර් කෙනෙක් අවශ්‍යමයි. මේ පැරදුන හතරවන පාර.

      Delete
    3. ගවේෂක: රටේ මෙච්චර විනාස වෙද්දි, නීතිය බල්ලට ගිහිල්ල තියෙද්දි, ඒ ඔක්කොම ඉවසගෙන දැන් ඉන්න ආණ්ඩුවේ ගුණ කියන, උන්වම ආපහු ඡන්දෙන් දිනවන මිනිස්සු ඉන්න රටක, මොනව හරි හොඳක් උනොත් ඒක ලොක්කගෙ පින් මහිමෙන් උනා කියල හොරණෑ ගහන රටක, ඡන්ද තියද්දිත් නැකැත් බලන රටක මිනිස්සුන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නෙ කොහොමද? මිනිස්සු දැක්ක ලොක්ක හැම ෆයිනල් මැච් එකකටම ආව... කලින් වෙච්ච දේ නිසා ගොඩක් උන් මේකට එන්න එපා කිව්ව, ඒත් ආව, අපි මැච් එක පරාදයි, ලොක්ක මිනිස්සු හිතා ගෙන හිටපු දේ සහතික කලා...

      වෙන මොන කෙහෙල්මල උනත් ලොක්ක මේ වැඩෙන් ඇන ගත්තද කියල මට සැකයි... මොකද කවුද කලින් කියල තිබුන වගේ, "අපේ මිනිස්සුන්ට කන්න බොන්න නැතත්, මැච් පරදිද්දි දැනෙනව බොක්කටම... " :D

      Delete
  10. පලවන ඕවර දෙකට මාලින්ගට වැදුන බව ඇත්තය. නැවතත් මාලින්ගටම පන්දුව දුන්නෙ මහේල මාලින්ග ගැන බලාපොරොත්තු තියාගෙන සිටි නිසා විය හැකියි. යම් හෙයකින් ඉතිරි ඔවරදෙකෙදී ඔහු යම් හාස්කමක් කලානම් ඔබ සැම කියාවි ශා දැක්කද මහේලගේ පරිපූර්න දැක්ම කියලා. අපිට ඊයෙ උනදෙම නේද අවසන් පූර්ව තරඟයෙදි පකිස්තානයට අපි කලේ. ක්‍රිකට් කියන්නෙ ඔහොම තමයි දිනන්න කෙනෙක් ඉන්නකොට පරදින්නත් කෙනෙක් ඉන්න ඕනෙනේ.

    …මම හිතෙ අමාරුවෙන් ලියපු 125. අතීතය පුනරූපනය වීම මෙතනින් කැමතිනම් කියවන්න

    ReplyDelete
    Replies
    1. ඒත් අඩුපාඩු කියන දේ ලියන්නම ඕන. තුන් වෙනි එකට වැදුනම ආයෙත් දෙන්න ඕන නෑනේ. බෝලස්ලා ඕන තරම් ඉඳිද්දි..

      Delete
  11. දිනන එක පුරුද්දක්ය, ඒ වාගෙම පරදින එකත් පුරුද්දක්ය. කවුදෝ එහෙම කියා ඇත... ඒ වාගේ ඒවා කියන එකත් සමහර අයගේ පුරුද්දක්ය.... ඒවා ගෙඩි පිටින් මෙහෙම ලියන එක අපේ පුරුද්දක්ය.

    ReplyDelete
    Replies
    1. අපි මෙහෙම නොලියවානම් උන් හැදෙන්නේත් නැතිය. අර්ජුනලා කප් ගැහැව්වේ විවේචන නිසාමය..

      Delete
  12. මැච් එක පැරදුනාට කමක් නැහැ ජය පරාජය අපි විදගන්න පුරුදුවෙන්න එපැයි ඒ උනාට අර කාලකන්නියට ග්‍රවුන්ඩ් එකට නෑවිත් ඉන්න තිබුනේ ...

    ReplyDelete
    Replies
    1. ඒක නම් මම පිලිගන්නේ නැති කාරනයක්ය. මොකා උන්නත් රටේ නායකයා ඔතෙන්ට එනවාමය. චන්ද්‍රිකාත් මොකක්ද එකකට ආවා මතකය.

      Delete
  13. "තිසරට බෝලේ අල්ලන්න දුන්නේවත් නැතිය."
    මිනිහා බෝල කලේ නැත්තේ කොන්දේ අවුලක් නිසා

    ReplyDelete
    Replies
    1. කොන්දේ අවුල් නම් වෙද මහත්තයෙක් ගාවට යවන්නේ නැතුව මැච් ගස්සලා හරියන්නේ නෑනේ.

      Delete
  14. කොල්ලෝ එන්න එපා කියපු ලොක්කාත් ආවෙය. // කව්ද කොල්ලෝ...:)

    ReplyDelete
  15. මාලිංග යනු හුරුපුරුදු බඩුවකි. කටවහරට මරදානේ බඩුවකි. ෆයිනල් එකට එන කවුරු වුනත් හුරුපුරුදු බඩුවල කෙරුම ගැන හොදින් හොයා බලා එති. මේක සරළ කාරණයකි. අනිත් සරළ කාරණය නම් කොදව්වෝ වේග පන්දු හොදින් කියවති. මද වේග පන්දු සහ දග පන්දු වලින් අපිට වැඩි ප්‍රථිපල ලැබුනේ ඒ නිසාය.

    පිතිකරුවන්ට වඩා වේග පන්දු යවන්නෝ 'බඩු' වීම ඉතා සුලභය. පිතිකරුවන් තම ටෙක්නික් නිරතුරු වෙනස්කර ගනිති. ඒ එය ප්‍රායෝගික නිසාය. උදා. ඉතා ස්ලෝ බැට්ස්මන් කෙනෙක් උන සනත් මාස්ටර් බ්ලාස්ටර් විය. දිල්ශාන් කොහේදෝ සිට ඇවිත් පොරක් විය. නමුත් වේගපන්දු යවන්නන්ගේ විලාශය කවදාවත් සීග්‍ර පරිවර්තනයකට ලක් නොවීය. ඉතිං මාලිංග දැන් මරදානෙ බඩුවක් ලෙස නොදකින්නේ, පානම් පත්තුවෙ සිට එන සිම්බාබ්වේ, කෙන්යා වැනි රටවල් පමණි.

    මාලිංග නැවත නැවතත් කැදවීම කෙරෙහි මුලදී මගේත් කුතුහලයක් පැවතිණි. නමුත් මීට පෙර මහේල මෙවැනි තීරණ (වැටිච්ච් කටෙන්ම ගොඩ ඒම ) ගෙන සාර්ථක වූ අවස්ථා ඇති බව දැන් ගත් නිසා, මම ඒ ගැන කථා නොකළෙමි. කෙසේ වුවත් මහේලගේ ඒ තීරණය මෙවර නම් වැරදි බව ඔප්පු වී හමාරය.

    පිංපියාගේ සාධකය මත යැපෙන්නෙට මට උවමනා නැත. ඒත් රටට එන සියළු ජයග්‍රහණ පිංපියාගෙ 'වාසනාවේ' ගිණුමට දමා උදම් අනන බැලයන් මේ මොහොතේ කොදෙව්වන්ගේ දස්කමත්, ටීම් එකේ නොහැකියාවත් ගැන දොඩති. දිනුවනම් උන්ම පිංපියා ගේ වාසනාව ගැන පාරම්බාති. එය නම් කුජීතය. කොහොමත් පිංපියා ගෙදරට වෙලා මැච් එක බැලුවන්ම් වඩා හොදය.

    ReplyDelete
    Replies
    1. අවසන් කරුන හා එකඟ නොවෙමි. නමුත් ක්‍රිකට් කෑවේ එයාගේ මිනිස්සු නිසා කේන්තිය සාධරණය.

      Delete
    2. මට ඇත්තේ 'ලොක්කා මැච් එක බලන්න ආ නිසා පැරදුනා' කියන තර්කය නම් නොවේය. මේකත් ගොඩ ගියා නම් ඒක ලොක්කාගේ 'වාසනාවේ' ගිණුමට දැමීමට බලා සිටි බැලයින් ගැන විවේචනයකි.

      //පිංපියාගේ සාධකය මත යැපෙන්නෙට මට උවමනා නැත.// කිව්වේ ඒ නිසාමය. //කොහොමත් පිංපියා ගෙදරට වෙලා මැච් එක බැලුවන්ම් වඩා හොදය.// කීවේ කොහොමත් එතුමා දුටුවිට සංතෝෂය නිකම්ම වියලී යන නිසා මිස මැච් එක පැරදීම නොවේ.

      Delete
    3. ඒ කතාව කියන්නෙත් බුද්ධිමත් ජනතාව. එන්න එපා කියන්නෙත් බුද්ධිමත් ජනතාව.

      Delete
  16. මේ බ්ලොග් එක ගැන කලින් අහලා තිබ්බත් ආවේ අදමයි. ලිපි හතරක් පහක්ම බැලුවා. වැඩේ සුපිරිය.. පට්ටය.. ඒ නිසා මොකුත් නොකියා හිටියාම හොඳය.
    මැච් එකේ කරුමය අන්තිමට කැරකුණේ මරා පිටටය. එය මාලිංගගේ වාසනාවය. දින්නත් පැරදුනත් ආතල් එකේ සිටීම අපේ එවුන්ගේ හැටිය. අපේ පැත්තේ කොල්ලෝ මැච් එක පැරදුන වෙලෙත් රතින්ඥ පත්තු කලේ ඒකය. ඒ අතින් ඉන්දියානුවන්ට වඩා අපේ උන් දෙවියන්ය.

    ReplyDelete
    Replies
    1. අපේ උන් කලින් දිනලා සිටි නිසා අවුලක් නැත්තේය. ක්‍රිකට් දිණුම්ය

      Delete
  17. අපේ කස්ටිය විහින් permanent runners-up වෙලා වත්ද?

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත.. හැබිට් එකක් කරගෙනය..

      Delete
  18. බොහෝ දේ කීමට තිබේ කෙටියෙන් කියන්නම්.

    අධිකරන කේස් එක නම් දුන්නේ කවුද මන්ද හැබැයි දුන්නු එකාත් හිතුවේ ඊයේ මැච් එක දින්නම ඕක අමතක වෙනවාය කියලා බවට නම් මෙන්න කැට.

    ටී ටුවෙන්ටි ගැන මගේ දැණීම බොහොම අල්පයි. ඒ නිසා ඒ ගැන ද මුකුත් නොකියමි. ඒත් ඊයේ පට්ට ආතල් එකක් ගත්තා මේකට පින් සිද්ද වෙන්න. මැච් එකත් ඉද හිට බැලුවා.

    මේ ටූනමන්ට් එකේ මම ආසම කැල්ල තමයි ගැන්ග්නම් වැඩේ. නියම කෑල්ල. ඔන්න වැඩ මේකනම් අපිට නියමෙට ගැලපෙනවා. මම හරිම කැමතියි. හෙටම පුරුදු වෙන්වා ගැන්ග්නම් ස්ටයිල්

    ReplyDelete
    Replies
    1. කොහොමද වෙද මහත්තයා කල්ලොන්ගේ ඩාන්ස් ටික. උන් හරි අව්‍යාජ්‍යයි..

      Delete
  19. හලේ මන්ද ඉතිං... මේ ඩාන්ස් එකට නම් අයි හේට් ඈ...

    ReplyDelete
  20. මොනවා උනත් උන් හරි ෆන් සෙට් එකක් බන්

    ReplyDelete
    Replies
    1. පට්ට. මම හෝටලේකදි දැක්කා. පොඩ්ඩක් වත් ආඩම්බර නෑ..

      Delete
  21. තිසරට ඕවරයක් හරි දුන්නානම් හොඳයි!බෝල්ර්ස් ලටම වැරැද්ද කියන්න බෑ!සංගත් කලබල උණා වැඩියි වගේ!ලකුණු 70ක් වත් මහෙලයි සංගයි හදල දුන්නනම් මීට වඩා හොඳ පැත්තකට යන්න තිබුණ මැච් 1!
    වෙස්ට් ඉන්දිස් ල පොඩ්ඩක්වත් ආඩම්බර නම් නැති ඒක ඇත්ත.එත් සැමුවෙල්ස් ගේ ඇක්ෂන් මට නම් දිරවන්නේ නැත!;(

    ReplyDelete
    Replies
    1. වැරදි සෑහෙන තිබුනා...

      Delete
  22. ඇත්තම කතාව නම් අපිට අවසාන තරඟවල පීඩනය දරා ගන්න බැරිය කියන එකය.ඕක ඉස්සර ඉන්දියාවට තිබුන ලෙඩකි.අච්චර සුපිරි සචින්ට ඒ වගේ පීඩනයක් දරා ගන්ට බැරිය.උන්ගේ වෙලාවට දෝනිට ඒක හොඳට පුලුවනිය.උගේ පහරවල් මෙලෝ ලස්සනක් නැත.හැබැයි වැඩේ වෙනවාය.අපේ මහේල සහ සංගා සුපිරිය ක්ලාසිය හැබැයි දශකයකට වඩා අත්දැකීම් තිබිලත් ෆයිනල් ෆෝබියාය.බැට් කරන්න එන්නෙම මුණු කඩා වැටිලය.හැබැයි කොදෙව්වෝ එහෙම නෙමෙයිය උන් ක්‍රීඩාව එන්ජෝයි කරති.උසේන් බෝල්ට්ලා වගේ ක්‍රිස් ගේල්ලත් පීඩනයක් නොගෙන ආතල් එකේ සෙල්ලම් කරති.උන්ගේ ක්‍රීඩා ලෝලිනුත් එහෙමය.අපේ උන් ක්‍රීඩකයෝ විරුවන් කර දේශප්‍රේමය මික්ස් කොට අන්තිමේ පැරදුනාම පුක පුට්ටු වී විරුවන්ගේ මවු සංහතියටම දෙසති!

    ReplyDelete
    Replies
    1. බොහොම හරි.. පීඩනය දරා ගන්න බැරි එක්ස්පීරියන්ස් එකකින් වැඩක් නෑ. අපේ ගොඩක් අයට ඒක නෑ.. මාලිංග මැච් එක පටන් ගන්නත් ඉස්සෙල්ලා පැරදිලා උන්නේ. ජාතික ගීය කියන කොට හිනාවෙලා උන්නේ තිසරයි ජීවනුයි විතරයි..

      Delete
  23. මැච් එක පැරදීමට ලොක්කා වගකිවයුතු නැත.ලොක්කා වගකිවයුතු නම් මාලිංග අසාර්ථක වෙද්දී තවදුරටත් ඔහුව පන්දු යැවීමේ නිරත කල මහේලත්.අවසන් තරගය සඳහා ඛෙත්තාරාමය තෝරාගත් ක්‍රිකට් පාලක මණ්ඩලයත් ඒ හා සමානව නොව ඊට දහස ගුණයකින් වගකිව යුතුය.

    මිනිසුන්ට ඕනෑම දෙයක් කිව හැක.ලොක්ක නිසා තරගය පැරදුනා යැයි කෑ ගසන බහුතරයක් බුකියේ සිටිනා හාල් කෑලිය.උන් "අනේ අපේ අම්මා මැරුණා" කිව්වත් ලයික් දාන උන්ය.

    ReplyDelete
    Replies
    1. ඒකනේ....ඛෙත්තරාමේ නැතුව හෙන්ද්‍රි පේද්‍රිස්,ශාලිකා වගේ ග්‍රවුන්ඩ් එකක ෆයිනල් ගහන්න තිබුනේ....ගොනෝ මැච් එක පැරදුනේ ග්‍රවුන්ඩ් එකේ වරදින් නෙමෙයි.අපි අපිට වාසි වෙන්න පිච් එක හැදුව.හැබැයි අපි ටොස් එක පැරදුනොත් මොකද වෙන්නෙ කියල හිතුවෙ නැහැ.අනික බන් ඔය ලොක්ක හින්ද පැරදුන කතාව ගොඩක් උන් අතල් එකට එකට කියන එකක්..ලොක්කගේ කෙරුවාවල් ගැන තියෙන තරහ ඇර ගන්න ගත්තු පොඩි ආතල් එකක් උඹල වගේ ගොන්ජෝක් මානවකයෝ එව්ව සීරිස් අරන්!

      Delete
    2. අවසන් තරඟයට ක්‍රිඩා පිටිය තෝරා ගැනීමේදී සලකා බලන්නේ විදේශීක ප්‍රේක්ෂකයින්ගේ පැමිණීමය , බොහෝ විට ශ්‍රි ලංකාව හැර තවත් දකුණු ආසියාතික රටක් අවසන් තරඟයට පැමිනේයේ යැයි ගණන් බලන්නට ඇත , එවිට කොලඹ තරඟය යොදා ගැනීම සාධාරණය . ඉන්දිය කණ්ඩායාට සියලුම තරඟ කොලඹ දුන්නේද ඒ නිසාය , තරඟ බලන්නට එන ඉන්දියානු ප්‍රේක්ෂකයින්ට වැඩේ පහසු කිරීමටය , මානවකගේ බ්ලොගේ ලිපිය කියවීමෙන් පසු පෙනී යන්නේ මානවකට ඇත්තේ ලොක්කාට මිනිසුන් බැනීම පිලිබඳ කණගාටුවක් බවය

      Delete
    3. කොල්ලෝ ඔතනින් ගන්නේ ආතල් එකක්ය. ලොක්කා එන එක කොහොමත් එනවාය. එහෙම එන්න ඇත්තේ කප් එක දෙන්න හිතාගෙන වෙන්න ඇතිය. විදේශීය ක්‍රිඩකයින් කීවේ පල්ලෙකැලේ එනම් නුවරත් නයිට් ලයිෆ් නැති නිසා ඔක්කෝම කොළඹ තිබුනානම් හොඳයි කියාය.

      Delete
  24. හතර පාරක් බිම ඇනිලා රිදෙන අහවල් එක ආයේ නම් බිම ඇනෙන්න එපා...

    ReplyDelete
    Replies
    1. මහේල නියම නායකයෙක් ඒත් පීඩනය දරා ගන්න බැරිනම් වැඩක් නෑ.. එයාලට ගානක් නෑ. මොකෝ එයාලගෙ ගාන එයාලට ලැබෙනවනේ.. අපිට තමයි දුක..

      Delete
  25. කොදෙව්වො දිනනවට මං නන් හැමදාම කැමති. පට්ට ආතල්!!
    පහලින් තියන වීඩියෝ එකත් බලන්ඩ.කොහොමද ජය සමරන හැටි. මුන් හැමදාම එහෙමයි.

    2004 ICC Champions Trophy final

    ReplyDelete
    Replies
    1. ජය විතරක් නෙමෙයි මචන් මුන් පැරදුනත් ආතල් එකේ ඉන්නේ , පහුගිය වර්ල්ඩ් කප් එකේ අර්ධ අවසන් පූර්ව තරඟය අපිට පැරදිල සෙට් එක එලියට ගියෙත් හිනා වෙවී , පරාජය හොඳට විඳගන්න ජාතියක් , ඊලඟට එංගලන්තේ , අපේ උන් මූණවල් _ක වගේ කරගත්තට බැට් පොලේ ගහගෙන මල සමයම් නටන පකිස්ථානේ , ඉන්දියාවේ එවුන්ට වඩා සැහෙන හොඳයි

      Delete
    2. ඔය 2004 මැච් එක කොදෙව්වො පරදියි කියල මම නිදාගන්න ගියාට පස්සෙ මුන් දිනල තිබ්බා !

      Delete
    3. උන් පට්ටම ජාතියක් බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙන ජාතියක්..

      Delete
  26. 10 වැනි පන්දුවාරයේ ප්‍රධාන ක්‍රීඩක මහින්ද රාජපක්ෂගේ රූපය තත්පර 5 කට පමණ තිරයේ පෙනී නොපෙනී ගිය විගසම අදෝමැයි අපේ ජයද පෙනී නොපෙනී ගියේය.. දුක තමයි රංජනී

    ReplyDelete
    Replies
    1. උඹලට පිස්සු බන්. දින්නනම් ඒක ලොක්කට බැර කරන්නෙත් අපේම උන්නේ.. අනික ඒ ටීම් එක හැමදාම දිණුම්නේ...

      Delete
  27. ඕව මොනවද බං. නැට්ට පිටින් අලි මැරෙන්නෙ කියලා හිතාගෙන ජොලියෙ ඉන්නවා. මොකුත් බඩු ගනන් ගියේ නෑ නේද?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අත්‍යාවශ්‍යම බඩු දෙකක් වැඩි කරලා. අරක්කු හා සිගරට්

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න