.

.

Oct 30, 2012

සුළි සුළං, 13, 18 හා තවත් කතා.... - Hurricane Season, 13 & 18


අපි පොඩිකාලේ හරිකේන් සීසන් ගැන අසා තිබුනේ නැතිය. දැන් නම් හැම අවුරුද්දේම එනවාය. මෙහෙට නෙමේය ඇමරිකාවටය. නිව්යෝක් එහෙම විනාශය. මුළු ළෝකෙම හොල්ලන් හිටියත් ඔබා මාමාට ඒවා නවත්තන්න බැරිය. මොකෝ සොබාදහම ඔක්කටම වඩා බලවත්ය. ඔය අස්සේ මෙහෙටත් එකක් එනවයි කිව්වේය. නම "නීලම්ය" එනවයි කිව්වේ "ඊළම්" දේශේ පැත්තටය. ඒ උනාට ආවේ නැතිය. සොබාදමට උනත් දුක හිතෙන්න ඇතිය. අම්බානක කාලා ඉන්න උන්ට, ආයෙත් ගහන එක හොඳ නැතෙයි කියලාය. ඒ මොකෝ ඔය පැත්තේ අය නන්දිකඩාල්වල මතක හිටින්නම කෑවේය. ඊට පස්සේ සෙතක් වෙයි කියා හිතුවත් තවම කනවාය. පොඩි වැස්සටත් තෙමෙන එකාට. මම ගිහින් කෙලියොත් මටත් කෙලවෙයි කියා "නීලම්"ට හිතෙන්න ඇතිය. ඒ නිසා එයා එක තැන කැරකි කැරකි ඉන්නවාය..


මිනිහෙක්ගේ වෙලාව කියන එක මාර දෙයක්ය. ටික දොහකට කලින් අපේ වීරයා උන්නේ කෙලවෙලාය. ඒ කියන්නේ ලොක්කගෙන් කැපිලාය. පොරට වැඩ බැරිය. ඒ උනාට, මසුරං කටක් තියෙන්නේය. තාමත් වෙලාව හොඳය. දැන් ආයෙත් ෆෝම් වෙලාය. බලාගෙන ගියාම නන්දිකඩාල් වල ගේම දීලා තියෙන්නේ පොරය. ලොක්කලා, ආරක්ෂක ලේඛම්ලා, ජනරාලලා හා රණවිරුවෝ කරපු මලදානයක් නැත්තේය. ලොක්කා නිව්ස් එක ඉස්සෙල්ලම මෙයාට කිව්වේත් ඒක නිසා වෙන්න ඇතිය. දැන් නන්දිකඩාල් දීපු ගේම අළුත්කඩේ දෙන්න යනවාය.

18 ගෙනත් රාජාන්ඩුවක් පිහිටුවාට තාමත් පොඩි කොහු කොහු තියෙනවාය. හොඳ ව්‍යවස්ථාවක හදා දෙන්න ඇතුලත්මුදලාලි වගේ අය ලොක්කාට නැතිය. එයා ගාව ඉන්නේ එදා වේල ටුවර්ස්ලාය. බොර තෙල් ස්ටෝක් එක, මේන්ටේන් කොරන්න බැරි කස්ටියය. පිටි මුදලාලිත් බය නැති උන්ය. ඉතින් එහෙම උන්ට ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තියා. කවියක්වත් හරියට ලියාගන්න බැරිය. දැන් අපේ රටේ තියෙන්නේ ස්වාසිලන්තයේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදයය. ඔය බ්ලොග් ලියන පිස්සෝ මෙහේ තියෙන්නේ මොන ක්‍රමේද කියා මරා ගන්න යනවාය. මෙහේ තියෙන්නේ ප්‍රජා"ත"න්ත්‍රවාදය නෙමේය. ලොක්කා කියන විදියට ප්‍රජා"ච"න්ත්‍රවාදයය.

දිවි නසාගන්න උන්, ඒකෙන් මුදවලා. උන්ගේ, දිවි නැගුමට ගිය කළ. පොඩි මිනිහා ගැන හිතන්නේ නැති එකා ඒවාට විරුද්ධය. මේවා කරන්න උසාවී යන්නේ මොන රෙද්දකටද කියා මට නම් තේරෙන්නේ නැතිය. උසාවියේ තියෙන්නේත්, ව්‍යවස්ථාව ලියන පත පොත නම් අහවල් එකට එතනට ගිහින් සෙකන්ඩ් වෙනවාද කියා, ව්‍යවස්ථා මණ්ඩලේ ඉන්න අය හිතනවා ඇතිය. ඒ නිසා, මණ්ඩලේ කචල් අදින අය උනත් ඉන්නේ කට පිට්ටු හිරවෙලා වගේය. එයාලත් දෝශාභීයෝගවලට අස්සන් කොලත් පුදුම වෙන්න ඕන නැතිය.

අධිකරණය බල්ලා මාක් දැම්මේ සරත් නන්ද සිල්වාය. ඒ කාලේ නඩු අහලා විතරක් නිකන් උන්නේ නැතිය, උසාවියේ බඩුත් ගැසුවේය. රේප් කලේය, පාතලේ උන්, නඩුකාරයෝ පාළනය කළේය. නඩුකාරයෝ අමු අමුවේ මර දැම්මේය. කස්ටිය කට වහගෙන හිටියේය. ඔතන ඇති සාධාරනයක් නැති බව මොළේ තියෙන එකා තේරුම් ගත්තේය. ඉස්සර සැලකුවේ "ස්කිල්" වලට බවත්, සිල්වා සැලකුවේ "හිල්" වලට බවත්, මේ ළඟදී අනික් කස්ටිය බය වෙලා කට ඇරගෙන ඉන්න කොට කිව්වේ එතනම එක්කෙනෙක්ය. ලොක්කාගේ කාළෙත් ගල් ගැහුවේය. ලේඛම්ලාටත් කෙලියේය. කට වහගෙන උන්නේය. සල්ලි තියෙනවානම් මිනී මරලා උනත් බේරෙන්න පුළුවන්ය. හොඳම උදාහරණය දුමින්ද සිල්වා කේස් එකය. එයාලාට උසාවියට කෆීර් වලින් ගැහුවත් අවුලක් නැතිය. ගහක් යට ඉඳගෙන හරි, ගානක් හොයාගන්න නඩු අහනවානම් ඒ ඇතිය.දැන් ඉතින් මුදුනටම කෙලිනවාය. ඒත් මිනිස්සුන්ට ගානක් නැතිය. එහෙම වෙන්නේ එතන වටිනාකමක් නැති නිසාය. ඊ පී එෆ් ඊ ටී එෆ් එකට මැරුණාට ඕවාට මැරෙන්න කස්ටිය යන්නේ නැතිය.

දැන් බැලුවාම 18 ගෙනල්ලා වැඩක් නැතිය. ලොක්කාට කරන්න තියෙන්නේ. 19 ගේන එකය. 19 ඉලක්කම අප්ශෙට් නම් 19ට් පොඩි එකක් ගෙනල්ලා 20 ගේන්න ඇහැකිය. එහෙම නැත්නම් 13 අයින් කොරන්න ඕනෑය. එතකොට 18, 17 වෙනවාය. ඊට පස්සේ අළුතෙන් 18 ගේන්න පුළුවන්ය. හැබයි ඒක හදන එක ජී ඇල්ලාට දීලා වැඩක් නැතිය. එයාලා එහෙට මෙහෙට පනින අයය. වැඩේට නියමම පොර අරන් හදා ගන්න පුතාය. ලොක්කා බේරගන්න පුතා ආවේ නැතත් පොර එනවාය. පොරට හොඳට ලියන්නත් පුළුවන්ය. එහෙම එකේ අළුත්ම අළුත් ව්‍යවස්ථාවක් පොරට කියා ලියා ගත්තානම් අහකය. හැබයි ඉතින් ලොකු ගානක් හරි වියදම් කොරලා සම්මත කොරන්න කලින් චෙක් කරගන්න වෙනවාය. මොකෝ ලොක්කාටම කෙල වෙලා පොර රජ වෙන එකක් හංගලා ගහන්න උනත් එයා දස්ස නිසාය..

ඔබ සැමට සුබ අනාගතයක්ය...!!!

කෝකටත් හැමෝම පංචායුධයක් දාගෙන, ලෙමන් පෆ් පැකට් ටිකක්, සේලයින් බෝතල් ටිකක්, ඉස්ටෝක් කොරන් ඉන්න එක මේ දව්ස්වල තියෙන සුළි සුළංවලින් ආරස්සවෙන්නත් එක්ක හොඳය...

53 comments:

  1. ඇයි අරක්කු ටිකක්. සැන්ඩි ආවොත් වැඩේ දෙනට හෙම???

    ReplyDelete
    Replies
    1. අනිවා... අනිවා.. හොඳ වෙලාවට බෙංගාල බොක්ක පැත්තෙන් එන්නේ.. පුත්තලම පැත්තෙන් එහෙම ආවනම්.. සුළි සුළඟත් බටහිර කුමන්ත්‍රණයක් වෙනවා අනිවා...

      Delete
    2. //හොඳ වෙලාවට බෙංගාල බොක්ක පැත්තෙන් එන්නේ.. පුත්තලම පැත්තෙන් එහෙම ආවනම්.. සුළි සුළඟත් බටහිර කුමන්ත්‍රණයක් වෙනවා අනිවා...
      //හිකි හිකි

      Delete
  2. //අධිකරණය බල්ලා මාක් දැම්මේ සරත් නන්ද සිල්වාය. ඒ කාලේ නඩු අහලා විතරක් නිකන් උන්නේ නැතිය, උසාවියේ බඩුත් ගැසුවේය. //
    මාතලං නියමයි .....

    ReplyDelete
    Replies
    1. දැන් නිවන් යන්න බන දෙසනවා.. ඒ කාලේ පත්තු කර ගත්ත ගමන්ම උන්න නිසා වෙන්න ඇති..

      Delete
  3. උදේ පාන්දර ඌරුවංශයව මතක් කරල ලේ කෝප කරවන්න එපා බන්.. තුක් නොදකින් ඕක.

    ReplyDelete
    Replies
    1. පොඩි ආතල් එකකුත් එක්ක දෙන්නේ ඒකනේ...

      Delete
  4. කෙක්කෙන් බැරි නම් කොක්කෙන් ගේම දෙන්න තමයි ලෑස්තිය. අගවිනිසුරුතුමියගේ හස්බන්ඩාටත් ගේම ඇදලා දෙන්න හදන්නේ! අර අධිකරණ සේවා කොමිසමේ ලොක්කට ගහපු එකට පාලිමේන්තුවේ එකෙක් කියනවා අගවිනිසුරුතුමියගෙයි කොමිසමේ ලොක්කගේයි හුටපටයක් තිබ්බ නිසා මල පැන්න අගවිනිසුරුතුමියගේ හස්බන්ඩා ගැස්සෙව්වා කියලා. උන් හිතන් ඉන්නේ උන් වගේම අනිත් උනුත් සක්කිලි කියලා වෙන්ඩැති. වල් බල්ලො.

    ReplyDelete
    Replies
    1. අන්තීමට ඇත්තක්ම වෙලා නවතින්නත් පුළුවන්...

      Delete
  5. උගේ පරණ යාලුවෙක් අතමාරුවක් අරන් ගෙවලා නැතුව දැන් මූ දුවන්නේ රිම් එකෙන්ලු. පව් බං, මම බැලුවේ මගේ පංචායුදේ උකස් කරලා ලෙමන් පෆ් පැකට් එකක්වත් අරං යවනවද කියලා... නෝන මහත්තයත් දැක්කේ නැද්ද... මන්දපෝසනේ වගේ බඩ පිම්බිලා... සාරියටවත් වැහෙන්නෙ නෑ ඕං...

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් අපල කාළේ ඉවරයි.. හී ඉස් ද මෑන්....

      Delete
  6. සුළි සුළං හමනකොට කඩුවෙල බුද්ධදාස ගොයියත් කට අරීවිද කියලා මම මේ බලාගෙන හිටියෙ...

    ReplyDelete
    Replies
    1. බුද්ධදාසලගේ ඒවා අධෝවාත.. මේවත් එක්ක බැලුවම..

      Delete
  7. නීලම්ටත් දුක හිතිල එහෙනම්

    ReplyDelete
    Replies
    1. ස්වබාවධර්මයට උනත් දුක හිතෙන්න ඇති ඉන්න විදිය දැක්කම, ඒකනේ හැරිලා ගියේ..

      Delete
  8. ප්‍රේමේ අයියා පුකෙන් ලෑන්ඩ් වෙන්න දීලා නස්කූනි වෙලා හිටිය රතු මල්ලිලා ටික කටෙන් පමණක් ගොඩ දමා දුන්නේ වත්මන් ලොක්කාගේ හදාගත් පුතාය... (සමහරු මේක පිළිගන්නට කැමැත්තක් නැත. නමුත් ඇත්ත තත්වේ මේකය... මේකා ලොක්කා ගාවට පැන්නාට පසුව තාමත් රතු මල්ලිලාට හරි හමන් කටක් නැත... දැන් ඉන්න උන් කට ඇරියොත් තියෙන චන්ද වලිනුත් කීයක් හරි නැති කරගන්නට සමත්ය... ඇතත් කියන විට දුකය..)

    ඉඳ හිට ජාත්‍යන්තර මට්ටමේ ගේම්වලට බැස පොඩි පොඩි කේෂ් දාගත්තාට මොකද තාමත් උගේ කට හයියය..වැඩේ වෙලා තියෙන්නේ විපක්ෂයේ ඉද්දී මෙන් ආණ්ඩුවේ ඉද්දී ඒ කටෙන් වැඩ ගන්නට හැකියාවක් නැති වීමය... කස්ටිය කොච්චර බැන්නත් මේකාට තාමත් බයය.. ඒ වගේම සමහරු මේකා සමඟ බද්ධ වෛරය.. ඒ තමුන්ට කෙලවන්න මේකා සෑහෙන්න වැඩ කොටසක් කල බව ටක්කෙටම දන්නා නිසාය... ඒ බය නිසා දුටු තැන පෙරළාගෙන පහර දෙන්නේය... එහෙත් එසේ පහර දීම මේකා තව දුරටත් සිටිනවා යැයි අනිත් උන් හට මතක් කර දෙන්නේය... මේ වෙන කොට මර්වින් සිය තනතුරේ සිටින්නේද මේකා මේ තත්වයෙන් සිටින්නේද බැන බැන හෝ කට්ටිය උන්දලාව මතක් කරනා නිසාය... අවශ්‍ය වන්නේ "ප්‍රසිද්ධි" යයි.. එයට මුලින් ඇත්තේ "සු" ද නැතහොත් "කු" ද යන වග ලාංකීය සමාජයට වැදගත් නැත... එහෙයින් තව දුරටත් හදාගත් පූතාව නිතර නිතර සිහි කර ඔහුට අනුග්‍රහය දැක්වීම වැදගත්ය... ඔහුගේ බලාපොරොත්තුවත් එයමය...

    :D :D :D

    ReplyDelete
    Replies
    1. මෙයාගේ රාජ යෝගය ජන රාළගේ එකට වඩා පවර්ෆුල් බවනම් හඳහන් බල්ලනේ නැතුව උනත් කිව හැකිය.. ටික දවසක් නීච වෙලා උන්නත්, දැන් නම් ලෙල්ලටම රජ වෙලාය.. කරූලා පව්ය..

      Delete
    2. මාරය
      "අවශ්‍ය වන්නේ "ප්‍රසිද්ධි" යයි.. එයට මුලින් ඇත්තේ "සු" ද නැතහොත් "කු" ද යන වග ලාංකීය සමාජයට වැදගත් නැත"
      උඹේ කටේ බිත්තර රොටියක් දාන්න වටිනව. :)

      Delete
    3. බිත්තර රොටිත් ගිනි ගනං බං

      Delete
  9. ඇත්තටම අධිකරනය,තීති,රීති අපට වැඩක් නැත.අපට හරියන්නේ කැලේ නීතයයි.එවිට ලොකු එකාට පොඩි එකා අල්ලාගෙන නිදහසේ කා දැමිය හැකිය.

    ReplyDelete
    Replies
    1. කවදත් තිබුනේ ඒකය. ඒ නිසා ව්‍යවස්ථාවට ඇතුලු කොට අධිකරණයෙන් සම්මත කළ යුතුමය.. එයාලා අවුල් නම් 2/3 කළ හැකිය..

      Delete
  10. Replies
    1. මොකෝ හුකු හුකු ගාන්නේ..

      Delete
  11. අපේ රටේ ප්‍රජාචන්ත්‍රවාදය සහ සජාචාරය උතුරන්නට ඇත.සමුළු පවත්වා සුද්දන්ට කියාදෙන්නේ ඒවාය.

    ReplyDelete
    Replies
    1. ඒ නිසා සුද්දෝත් දැන් දැන් මේ ක්‍රම අනුගමනය කොරනවාය..

      Delete
  12. "එහෙම නැත්නම් 13 අයින් කොරන්න ඕනෑය. එතකොට 18, 17 වෙනවාය. ඊට පස්සේ අළුතෙන් 18 ගේන්න පුළුවන්ය"

    ඇත්තටම එහෙම වෙනවද පං.
    පු.හ.මැ. හිතෙනව බං මේව ඇහුවම! :)

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ එහෙම කාළයක් තමයි මේ යන්නේ..

      Delete
  13. කොහෙන්ද අයියෙ අර කාටුන් එක හොයා ගත්තේ...මරේ මරු......

    ReplyDelete
    Replies
    1. ඕක ළොකප්‍රසිද්ධ කාටුන් එකක්. ඔය ඉන්නෙ දකුණු අප්‍රිකාවේ ජනධිපති ජේකොබ් සූමා. එයා ඔය කාටුන් එකට විරුද්ධව නඩු දැම්මා පස්සෙ නඩුව ඉල්ලා අස්කරගත්තා උසාවියේදි ඒක ඇත්ත වෙන නිසා..

      Delete
  14. අශුචි වන්සේ එවුන් ගැනනම් කතාකරල වැඩක් නැහැ මාතලන්. මට කියන්න තියෙන්නේ අර දෝසෙ [අපි කන තෝසේ නෙමේ] ගේන්න ඉන්න ඇත්තිට බලමාලු[අලගොඩුවොද මන්ද?] කෑවනම් විදවපන් බැලලියේ කියල.අර සිල්වකාරයට පිරිත් නුල් ගැට ගහන එඋන්ගේ තට්ටේ උණු තාර වක්කරන්න ඕන.ඔබත් ලිව්වොත් ලියන්නේ ඇගේ මාළු ගගේ නටන කතාමයි.

    ReplyDelete
    Replies
    1. ඔහේ කියන්නේ මීට හපන් වැඩනේ.... අනේ මඤ්ඤෑ.... :D

      Delete
  15. මේ දවස් ටිකේ ඇහිච්ච ඒවට මොනවා කියන්නද කියලා හිතාගන්න බැරුව මං නං ඉන්නේ මාතලන්.. මට පේන්නේ ගොඩක් අය ඉන්නේ ඒ තත්වේ වගේ...
    කතා කළොත් අඩුම ගානේ අපේ ඇඟේ ලේ ටික පිච්චෙනවා..ඊට පස්සේ ඉස්පිරිතාල ගානේ යන්න වෙන්නෙත් අපිටමයි... ඒකත් අතින් වියදම් කරගෙන....

    අර කාටූන් එක නං මල් හතයි...

    ReplyDelete
    Replies
    1. මමත් ඕකට මාරම කැමතියි.. ඔය මම ඕක දාපු දෙවැනි පාර..

      මේ තියෙන්නේ පළවෙනි පාර දාපු එක..

      http://maathalan.blogspot.com/2011/11/lady-justice-abused.html

      Delete
  16. ඇත්තට නීලම් කියලා එකක් ලංකාවේ උතුරු පැත්තට එන්ට කැරකි, කැරකි බලා ඉන්නවලුද? :)

    ReplyDelete
    Replies
    1. ඔව්නේ එන්නම ඇවිත් ආයෙත් ඕන නෑ කියලා යන්න ගියා....

      Delete
  17. ඈ.........................................................

    ReplyDelete
  18. මොනව නැතත් අන්තිම පේලි දෙකේ උපදෙස් අකුරටම පිලිපදින්න තීරනය කළා

    ReplyDelete
    Replies
    1. අන්න දෙයක් ගන්න මිනිස්සු...

      Delete
  19. හික්ස් මල පැනලද මාතලන් අයියා?

    ReplyDelete
    Replies
    1. අසාධාරනේ එයාට පෙන්නන්න බෑ
      කව්ද බෝයි වගේ...

      Delete
  20. //ඔබ සැමට සුබ අනාගතයක්ය...!!!// ඉවර කරන්න කළින් මෙහෙම කියපු එක නම් හොඳයි, අර කිව්වා වගේ සොබා දහමට වුනත් දුක හිතෙන කාලයක!!!

    ReplyDelete
    Replies
    1. ඔයාලට නම් ගොඩක් ඩැමේජ් නේද...? ලයිට් නැති එකත් මාර කේස් එකක්නේ.. කොහේ උනත් මිනිස්සුනේ.. මෙහේ නම් ආවේ නෑ දුක හිතිලමද කොහෙද...?

      Delete
  21. අර 11 වසරේ පොඩි එකාගෙංවත් ඇහුවානං කියයි එයි ද නැද්ද කියලා.. ඇමරිකාවට ගිහින් පදක්කං දිනලා එනකං අපේ උං දන්නෑ එහෙම එකෙක් ඉන්නවා කියලා.. ස්වභාවික ආපදා ගැන කියන්න පුළුවන් ක්‍රමයක් හොයාගත්ත මිනිස්සු ටිකට කිසි වැදගත්කමක් දීලා නෑ..

    මොනාද ඉතිං අපේ ප්‍රජා"ච"න්ත්‍රවාදී රටේ සංවර්ධනය පෙන්නන්න එපායැ..

    ඔයිං එකක් ඇවිත් මේ බූතයො ටික අරන් නොයන්න මේ සම්මජ්ජාතියට රටට සෙතක් වෙන්නෑ..

    ReplyDelete
    Replies
    1. ළෝකෙන් සම්මාන හම්බවෙනවා.. ලංකාවෙ උන් දන්නෙත් නෑ.. ඒ උනාට..

      ළෝකෙන් උතුම් රට ලංකාවයි... ලංකාවයි.. සිරි.. ලංකාවයි...

      Delete
    2. අන්තිමේදි

      සුභ අනාගතයක්! (ලු)

      කාටද දන්නෑ...

      Delete
  22. කාට කියන්නද මේ දුක....

    ReplyDelete
  23. කීවෙනි සංශෝධනය ගෙනාවත් ලංකාවේ මිනිස්සුන්ට වැඩිය ඔය ගැන දැනෙන්නේ නෑ.මං හිතන්නේ නෑ ඔය ගේන සංශෝධන වලින් අපේ මිනිස්සුන්ට හොදක් වෙයි කියලා.ඔය සංශෝධන ගැන ආණ්ඩුවේ ඇතුලේ ඉන්න එවුන් දැන් මොනවා කියලා විරුද්ධත්වය ප්‍රකාශ කලත් ලොක්කා දෙක තුනක් කිව්වාම ඒ කෑගැහුවේ උන් මද කියලා උන්ට මතක නෑ

    ReplyDelete
    Replies
    1. මුන් පක්ෂේ පාවා දෙනවා කියලා රනිල් කන්න හදනවා.. කස්ටියම එක්කාසු වෙලා රටම කනවා...

      Delete
  24. //කෝකටත් හැමෝම පංචායුධයක් දාගෙන, ලෙමන් පෆ් පැකට් ටිකක්, සේලයින් බෝතල් ටිකක්,//

    මේවා ඕනෙ මයි. විදේසිය කුමන්තරනයකින්, මා පෙර නොගිය, සිගිරි සිංහපාදයට අකුණක් පත බැවුනා...

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා.. ඒකට මුකුත් නොකීවේ.. නොගියපු නිසා වෙන්ටෑ....

      Delete
  25. I think that is one of the most significant info for me. And i'm happy reading your article. However should statement on few general things, The site taste is wonderful, the articles is actually excellent : D. Excellent process, cheers

    My web blog ... online payday loans

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න