.

.

Oct 18, 2012

සෑර්.. මේ බූරුවන්ට අහු වෙන්න එපා...!!! - Sir, Think twice..



ආන්ඩූ විරෝධීන් තුල, ආන්ඩුව පෙරලීමේ සිහිනයන් තිබෙන්නේය. විස්ස විජ්ජාල සෑර්ලා මොනවා හරි කරයි කියලා බලාගෙන උන්නේ ඒ නිසාය. වැඩේ හරි ගියේ නැත. ඒ අස්සේ ජනරාලුයි කරුයි ගේමක් ඉල්ලුවේය. ඒ අමුතුම එකක්ය. ජනාධිපති ක්‍රමේ අහෝසි කරන්නය. මිනිස්සු පස්ස පැත්තෙන් හිනා උනේය. මොකෝ නැති කරන්න නම් එහෙම එකක් තියෙන්න ඕනාය. දැන් ඇති ජනාධිපති ක්‍රමයක් නැත්තේය. 18 ගෙනාවයින් පස්සේ තියෙන්නේ, රාජාන්ඩුවක්ය. අපේ මහරජානෝ මහින්දය. ඉතින් අපේ උන්ට ඕක නැගල ගියේ නැතිය. කරු කියන්නේ පබාටත් පැරදුන පොරක්ය. එහෙම පරදින්නත් හේතු තියෙනවාය. ඒක ගම්පහ පැත්තේ යූ ඇන් පී කාරයෝ දන්නවාය.


අන්තීමේදි ජනරාල් දෙවනි වරටත් ඝාතනය කළේය. ඒ දේශප්‍රේමී කරූගේ හැටිය. එයා ගැන දන්නෝ දනිතිය. ජනරාල් මුලින් ඝාතනය කළේ ජෙප්පෝය. ජෙප්පන්ට සප් එක දුන්නේ මොන්ගල්ය. මොන්ගල් අත ගහපු තැන විනාශය. රනිල්ට කෙලවෙලා තියෙන්නේත් ඒ නිසාය. යුද්දේ අවසාන කාළය දක්වාම ජනරාල් පොරක් වී තිබුනේ නැතිය. එතකොට පොර වෙලා උන්නේ ශවේන්ද්‍රය. මේවා ආන්ඩුවේ ගොන් තකතීරූ වැඩය. මාධ්‍ය ගැන නියමාකාරයෙන් අවභෝධයක් තියෙන උන් උන්නානම් ඔහොම ගොන් කම් කරන්න දෙන්නේ නැතිය. ජනරාල් වීරයෙක් කරේ නයි ටී ඇන් එකේ යකඩ හොරාය. ජනරාල් ටත් වඩා කතා කලේ ඉන්ටවීව් එක කරපු එකාය. හරියට යුද්දේ කළේ ඌ වගේය.

යුද්දය දිනන්න ජනරාල් ගේ ටැක් ටික් ඉවහල් උන බව සැබෑවක්ය. ඒ කියා මුලු රටම අල්ලන්න යෑම ද්‍රෝහී කමක්ය. ප්‍රශ්ණ තිබුණා වූවද හමුදාපති කෙනෙක් විලසින් ඔහුට ඉවසන්නට තිබිනි. කාළයට ඉඩ දෙන්නට ඉඩ තිබිනි. සතුරාට ගැසු පහරින්ම, මිතුරාද පරාජය කිරීමට ගත් උත්සාහය කෙලවර වූයේ සිර ගෙදරිනි. එම දඬුවම මහින්ද මහත්තයාගෙන් නොව, රනිල් බලයේ උන්නද.. සෝමවංශ බලයේ උන්නද.. අර්ජුන බලයේ උන්නද සිඳුවන දෙයක්මය. එය එසේ නොවන්නේ යැයි කිසිවකුටත් කීමට නොහැකිය.

හමුදාවේ විනය ඇතිව හැදුනකු බැවින්, ඔහු අවංක විය හැක. නමුත් දේශපාලනයේ සිටින්නේ ගල් ආඳෝ බව එතුමා දැන ගත යුතුය. අද එතුමා අසරණව ඇත. මුදල් වියදම් කිරීමටද කෙනෙකු නැත. වේදීකාවෙන්ම පරාජය ලබා ඇත. ඒය වේදීකාවක් නොව ටකරන් මඩුවකි.
මාදුළුවාවේ සෝභිත හිමිද නැත..
දඹර අමිල හිමිද නැත..
ටිරාන් අලස්ද නැත..
අර්ජුනද නැත..
ඔබට ආදරය කල කලා කරුවෝද නැත..
අනෙකුත් පක්ෂද නැත..
වෘත්තීය සමිතිද නැත..
මෙළෝ යකෙක් නැත.
කිලී මහරාජා හා එක්ව, යූ ඇන් පීය නැති කරන්නට දඟලන මෛත්‍රී, ශිරාල්, ලාල් පෙරේරා හා භික්ෂූන් මේ කරන්නාවූ කුමන්ත්‍රණය ඔවුන් අවභෝධ කර ගත්තෝය.
ඔවුන් මෙතුමාගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතුය..

මේ නැති නාස්ති කර දමන්නේ රටේ බලවත්ම රණ විරුවාය.
එම රණ විරුවට ආදරය කරන්නෙකු ලෙස කීමට ඇත්තෙ.
"සෑර්.. මේ බූරුවන්ට අහු නොවන්න...."
කියනා දෙය පමණි.

තිස්ස අත්තනායකට කියන්නට ඇත්තෙ.. බයිලා නොගසා මේ කාළකන්නීන් පිරිස පක්ෂයෙන් නෙරපා දමන ලෙසයි.. නැතිනම් ඔබටත් යම් දිනෙක මේ දෙයම කරණු ඇත...

118 comments:

  1. කෝ මේ සෑම් මලයා...මලයෝ මෙන්න ඔත්තුවක්...!

    ReplyDelete
    Replies
    1. අනේ සැමා මේක පෙන්නපන්...

      Delete
    2. සෑමගේ මේක මොකටද උඹට පෙන්නන්නේ?

      Delete
    3. @රාජ් / මාතලන් - අපි හොරෙන් හොරෙන් දිනන්නේ. කොළ නංගි-මල්ලිලා, නිල් නංගි-මල්ලිලා, රතු නංගි-මල්ලිලා හොරෙන් හොරෙන් එක පාර පනින හැටි බලමුකෝ මේ පැත්තට !

      Delete
  2. Replies
    1. හි හි....

      මාරයියගේ වැඩ තමා....

      Delete
    2. මරයා අයිඅටයි මාතලන් අයියටයි දෙන්නටම එකම මතෘකව හිතුණේ ඇයිද කියලයි මාත් බැලුවෙ.......

      Delete
    3. මාත් ලිව්වේ කවියක් ඒත් ඒක මෙළෝ රහක් නෑ.. ඒ වගේ කවි මම පලකරන්නේ නෑ..

      Delete
    4. මාරයාගේ ලෙවල් එකේ දේශපාලනේදි තමයි ඔළු ගෙඩි වැදගත්. ඊට ඉහළ මට්ටමට ඔළු ගෙඩි වැදගත් නෑ. මහින්ද වුණත් එකයි සරත් වුණත් එකයි අපට ඕනැ දේ කරනව නම්. අපට ඕනැ දේ නොකරනවානම් මේ දෙන්නාගෙන්ම වැඩක් නෑ. මට නම් මහින්ද හෝ සරත් හෝ රනිල් හෝ සෝමවංශ හෝ මට ඕනැ දේවල් කරන්නෙ නෑ. එනිසා මේ කාගෙන්වත් මට විශේෂයෙන් ප්‍රයෝජනයක් නෑ. මොකා රජ වුණත් එකයි.

      Delete
    5. //මහින්ද වුණත් එකයි සරත් වුණත් එකයි අපට ඕනැ දේ කරනව නම්. අපට ඕනැ දේ නොකරනවානම් මේ දෙන්නාගෙන්ම වැඩක් නෑ//

      That's the point

      Delete
  3. ඉන්නෙත් කීප දෙනයි! අත්තනායක මහත්තයා ඒ අයවත් එළො ගත්තම කොහොමෙයි :)

    ReplyDelete
    Replies
    1. ඔය වගේ හාල් පාරුවෝ වැඩක් නෑ බන්.. කරූ කියන්නේ නියම අවස්ථාවාදියෙක්.. ආයෙත් ජනරාල්ට හම්බ උනොත් නම් කන එක කනවා ආයේ ජීවීතේට මතක හිටින්න..

      Delete
  4. ජාතික ලැයිස්තුව නැත්නම් තිස්ස අත්තනායක කියන මහ කෙරුමත් ඔය අලි පාටියේ නැත... උගෙත් හෙන කයියය... වැඩ බින්දුවය...

    මාතලන්ගේ කථාවට මමද එකග වෙමි... ජෙනරාල් තුමා වටා රැස් වූ ජනමනයා මෙවැනි තේරුමක් නැති විගඩම් හමුවේ දියවී යනු ඇත....ඒ නිසා ගේමක් ගැසිය යුත්තේ හැගීම් වලට වහල් වී නොව බුද්ධියෙනි....

    ReplyDelete
    Replies
    1. එතරම් දේශපාලන දැණුමක් එතුමාටද, වටේ ඉන්නා හාල් පාරුවන්ටද නැත.

      Delete
  5. කවුරු නැතිව ගියත් කවුරු මොනව කිව්වත් අපි ජෙනරාල් සමඟ ඉන්නව. හොරකම් නොකරපු,අවස්ථාවදී නොවන, ආත්මාර්ථකාමී නොවන, කොන්ද කෙලින් තියෙන, සැබෑ දේශ ප්‍රේමියෙක් බව ක්‍රියාවෙන් ඔප්පු කරපු ජෙනරාල් වැනි නායකයෙක්ට පමණයි මේ රට වෙනස් කරන්න පුලුවන්. සජිත්ල, රනිල්ල, මහින්දල කිය කිය ඔලු මාරු උනාට වැඩක් නෑ.හැමෝම එක වල්ලෙ පොල්. තමන් වටේ ඉන්න අයගෙ හැටි දැන ගන්නත් එක්ක මේ වගේ දේවල් වෙන එක හොඳයි. මම හිතන්නෙ නෑ මාතලන් අය්යෙ ජෙනරාල් එක එකාගෙ පදවලට නටන්න තරම් මෝඩයෙක් කියල.

    ReplyDelete
    Replies
    1. // මම හිතන්නෙ නෑ මාතලන් අය්යෙ ජෙනරාල් එක එකාගෙ පදවලට නටන්න තරම් මෝඩයෙක් කියල. //

      Where were you last 3 years ??

      Delete
    2. //මම හිතන්නෙ නෑ මාතලන් අය්යෙ ජෙනරාල් එක එකාගෙ පදවලට නටන්න තරම් මෝඩයෙක් කියල.//

      මට අහන්න තියෙන්නෙත් ඇනෝ අහපු ප්‍රශ්නෙම තමයි

      Delete
    3. දැන් කරන්නේ වෙන මොකක්ද. මොලයක් තියෙන මිනිහෙක් රංගේ බංඩාරලගේ අත් උඩට උස්සයිද.. උන් මුකුන්ද..? ජෙනරාල් මොකෙක්ද..? තමන්ගේ තත්වේ ගැනවත් හිතන්න ඕන නේද..

      අනික ඕයි මොකා ආවත් වැඩක් නෑ සිස්ටම් එක වෙනස් නොකර..

      Delete
  6. සෑර්.. මේ බූරුවන්ට අහු වෙන්න එපා.

    මටත් කියන්න තියෙන්නේ ඔය වචනෙම තමයි බං ...

    ReplyDelete
    Replies
    1. http://akurublog.blogspot.com/2011/01/neil-armstrong-mystery-of-moon-landing.html

      http://chami4u.blogspot.com/2012/10/18.html
      Can u see now.U do n't approve my comment in ur blog.

      Delete
    2. ඔයාගේ පොස්ට් එක මම දැක්කේ දැනුයි .. එත් මේ දෙකේ සාමාන කමක් නැහැ ... උදාහරණයක් විදියට එකම සිද්දියක් දහදෙනෙක්ට දහා විදියකට ලියන්න පුළුවන්.... කමෙන්ට් එක තේරුමක් නැති එකක් නිසා මම ස්පෑම් කලා.. ආයේ විස්තර ඇතුව එකක් දාන්න මම පබ්ලිෂ් කරන්නම් .. ඉතින් මේක කියන්න ඇයි ඈනෝ කෙනෙක් විදියට ආවේ ... මේ කතවා ඇමරිකන් කතාවක් යාලුවා මුල් රයිටර් ඔයාවත් මමවත් නෙමේ .. සුද්දෙක් ලියපු කතාවකට ඇයි මේ අයිතිවාසිකම් ඉල්ලන්නේ ...

      Delete
    3. aythe wasikamak kiyala na.mama meka kalin dakapu lipiyak.information 1k vidihata oyage blog 1ke damme.link 1ka vitharai dala thibune.oya dakinda attie ne.anika mama blog liyana kenek newei.tharahaganda epa.

      Delete
    4. උඹගේ වලිය උඹ බේරගනින්.. අපි ඕවට නැතෝ....

      Delete
    5. Charmi 4 U - ඔබ විසින් ලියන ලද්දේ යැයි සටහන් කර ඇති "නිළියක් සමග රැයක් ගත කලෙමි" යන ලිපියේ කතාවට 99% සමාන කතාවක් මම නරලොව හොල්මන් තිරුවෙන් කියවා ඇත.
      (දැන් කියන්න එපා නරලොව හොල්මන් කියන්නේ පරිවර්තන කියලා. ඒවා කතුවරයාගේ ස්වනිර්මාණ බව 100% සහතිකයි)

      Delete
    6. Yes, Charmi 4 U is lying, I also sent a comment regarding that matter but He/She didn't publish it. And I copy and paste same comment at this blog, since I saw this author has put a comment for that article. But I thank for Charmi, becoz this incedent I came to know this blog.

      FYI, here is the link where I put my comment in this blog.

      http://maathalan.blogspot.com/2012/08/editor-quit.html?showComment=1346068049540#c8089050887311895684

      Delete
  7. නියම පෝස්ට් එක මාතලන් අයියා... කියන්න ඕන ඔක්කොම කියල තියෙනව...

    ReplyDelete
    Replies
    1. සාධාරනව බලන කොට එහෙම පේනවා.. පාට කන්නාඩි වලින් බලන කොට කචල්...

      Delete
  8. මක්කෙයි බ්ං දැන් අපි කොරන්නෙ.

    ලොක්කට පික්ෂු හැදිල ආයෙත් හැදෙයිද දන්නැ. මොනව උනත් සෑර් ආන්ඩුවෙ පසුපෙල අසුනකට නම් යන්ට එපා කියලත් කියාපන් මාතලන් අයිය. ඒ ගොන්කම උනත් කොරන්ට බැරි නෑ දැන් නම්.

    ReplyDelete
    Replies
    1. ඒකත් නොවිය හැකි දෙයක් නොවේමය..

      Delete
  9. math ekaga wenawa me kathawata.

    ReplyDelete
  10. සමස්තයට එකඟයි. දැන් ඉතිං කරන්න දෙයක් නෑ තමයි. ඒත් මහාලොකු නූතනවාදී චින්තනයක් ඇති(?) මාතලන්ද මෙහෙම කියන්නෙ?

    //යුද්දය දිනන්න ජනරාල් ගේ ටැක් ටික් ඉවහල් උන බව සැබෑවක්ය. ඒ කියා මුලු රටම අල්ලන්න යෑම ද්‍රෝහී කමක්ය. ප්‍රශ්ණ තිබුණා වූවද හමුදාපති කෙනෙක් විලසින් ඔහුට ඉවසන්නට තිබිනි. කාළයට ඉඩ දෙන්නට ඉඩ තිබිනි.//

    මේවගේ අදහස් දරන්නන් ඉන්නකං මහින්ද *කේ ඇරල ගියත් අමාරුවට පොල් තෙල් ටිකක් ගාගන්නව ඇරෙන්න මොනව කරන්නද!

    //තිස්ස අත්තනායකට කියන්නට ඇත්තෙ.. බයිලා නොගසා මේ කාළකන්නීන් පිරිස පක්ෂයෙන් නෙරපා දමන ලෙසයි.. නැතිනම් ඔබටත් යම් දිනෙක මේ දෙයම කරණු ඇත...//

    ඔව් ඉතිං එලවල දැම්මම වැඩේ ඉවරයි තමයි. එයාට ලේකම්කමෙයි රනිල්ට වි.නායක කමෙයි මැරෙනකල් ඉන්න පුළුවන්. ආ.... වැරදුනා නොවැම්බර් 8න් පස්සෙ මහින්ද නෑනේ! කෙහෙල්ගෙඩියක් කකා කිව්වෙ!

    බි.පෙ.සි.

    ReplyDelete
    Replies
    1. අනිව උඹ හරි බන්. මහින්ද බයවෙලා ඇති, මොකද රනිල් පාරට (නුගේගොඩ පොලට) බහිනව කිව්ව ලබන අවුරුද්දෙ ඉදන් ජනතාවත් (මාතලන් වගේ හිතන) එක්ක.

      Delete
    2. රාජ්ලා ගැන මට අවංකවම කනාටුයි.. ඔය මෛත්‍රී වගේ බූරුවන්ට පුළුවන්ද බන් රනිල්ට කෙලින්න.. මහින්දගෙන් පස්සේ ඉන්න නම්බර් වල් ගල් ආඳා රනිල්.. ෆොන්සේකා මහ්ත්තයලට දේශපාලනයේ ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා.. එතකන් ඉතින් ඇරියත් කරන්න දෙයක් නෑ. අනික තව අරින්න දෙයක් ඉතුරු වෙලා නෑනේ.. තව කොහාට අරින්නද.. ඇහැට කනටත් ඇරලා ඉවරයි. ඒත් ඉතින් සාධාරන චන්දෙනුත් ඒක අනුමත කරනවනම්.. කරන්න දෙයක් නෑ රිදුනත් ඉවසගෙන ඉන්න වෙනවා.. දුක තමයි සුමනා.. දුක තමයි රාජ්.. දුක තමයි කැක්කා.. එත් රනිල් ඇර වෙන් සොලියුෂන් එකක් නැත..

      Delete
    3. //යුද්දය දිනන්න ජනරාල් ගේ ටැක් ටික් ඉවහල් උන බව සැබෑවක්ය. ඒ කියා මුලු රටම අල්ලන්න යෑම ද්‍රෝහී කමක්ය. ප්‍රශ්ණ තිබුණා වූවද හමුදාපති කෙනෙක් විලසින් ඔහුට ඉවසන්නට තිබිනි. කාළයට ඉඩ දෙන්නට ඉඩ තිබිනි.//

      නෑ මට උඹ ගැන දුක ඕං ඔය ටිකට.

      Delete
    4. රනිල් කියන්නෙ හොඳ මොලයක් තමයි. ඒත් ලංකාවෙ දේශපාලනයට අනුව මොලේ විතරක් තිබිල මදි, ජනපදනමකුත් තිබිය යුතුයි,සිරිකොත ඇතුලෙ ඉදගෙන ඡන්ද දිනන්න බෑනෙ. කොටින්ම කියනවනම් ලංකා සමාජය ඇතුලෙ රනිල්ට බෑ මහින්දට අභියෝගයක් වෙන්න.මේ වෙලාවෙ මහින්දට අභියෝග කරන්න පුලුවන් එකම කෙනා SF.

      Delete
    5. ඔය කරේ අභියෝගේ...

      Delete
    6. @රාජ්: හැමදේම අපිට ඕන වෙලාවට ඕන විදිහට වෙන්නෙ නෑ බන්... උඹ හිතනව නම් ජෙනරාල් හරි වෙලාවෙදි ගේමට බැස්සෙ කියල, එහෙමනම් කියන්න වෙන්නෙ ජෙනරාල්ගෙයි රනිල්ගෙයි වෙනසක් නෑ කියල තමා....

      මොකද හරි වෙලාවෙදි ගේමට බැස්ස කියන කතාවයි, ජෙනරාල්ට තමයි රටේ වෙනසක් කරන්න පුළුවන් කියන කතාවයි දෙකම ඇත්ත නම් අද මහින්ද ලොවෙත් නෑ... අද එහෙම වෙලා නෑනෙ...

      Delete
  11. //යුද්දය දිනන්න ජනරාල් ගේ ටැක් ටික් ඉවහල් උන බව සැබෑවක්ය. ඒ කියා මුලු රටම අල්ලන්න යෑම ද්‍රෝහී කමක්ය. ප්‍රශ්ණ තිබුණා වූවද හමුදාපති කෙනෙක් විලසින් ඔහුට ඉවසන්නට තිබිනි. කාළයට ඉඩ දෙන්නට ඉඩ තිබිනි. සතුරාට ගැසු පහරින්ම, මිතුරාද පරාජය කිරීමට ගත් උත්සාහය කෙලවර වූයේ සිර ගෙදරිනි. //

    ඇත්තය.. තව ටිකක් ඉවසුවානම් ඉවරය.. රනිල් හා සෝමවංශ කලේ බළලුන් ලවා කොස් ඇට බෑවීමක්ය..

    ReplyDelete
    Replies
    1. ඉවසනවා කියන එක ඇත්තෙම නැති පුද්ගලයෙක් බවයි පෙනෙන්නේ..

      Delete
  12. රුපියල් 3,500කින් මාසයක් කා මහින්ද මහත්තයාට දවස ගානේ හඳුන්කූරු පත්තු කරගෙන සිටින මාරයාතුමා අවංක මහින්දවාදියෙකි. මෙය පුදුමයට කාරණාවක් නොවේ. එසේම මම එය විවේචනය නොකරමි. මාරයාට කීයක් හරි හොයා දෙන ජ්‍යෝතිශය වැනි අන්ධ විශ්වාස දළුලා වැඩෙන්නේ මහින්දගේ රාජාණ්ඩුවේය. එසේම බොහෝ දුර කල්පනා නොකරන සරලව සිතන්ට පුරුදු වූ මිනිසුන්ට මහින්ද තරම් නායකයකු තවත් නැත. මොනවා හෝ කර තමන්ට පුරුදු ලෙස මිනිසුන්ට ජීවත් වෙන්ට අවශ්‍ය පරිසරය හදා දෙයි. දියේ ගිලෙන්නට නොදී නාසය වතුරින් මිලි මීටර කිහිපයක් ඉහළින් තියයි. (රට ආර්ථික වශයෙන් කොයි තරම් ආගාධයක සිටියත් මෙවර අයවැයෙන්ද මෙය කරනු ඇත්තේය සිතිය හැකිය.)

    රනිල්ට, ෆොන්සේකාට පමණක් නොව ජේ. වී. පි. යටද සපෝට් කරන්නේ මෙසේ ලද දෙයින් සතුටු වන්නට බැරුව තවත් දේ ගැන ප්‍රාර්ථනා කරන සුළු පිරිසකි. ඔවුන් හරිද වැරදිද කියන කාරණාව මෙතැනදී වැදගත් නැත. නමුත් ඒ පිරිස අවංකව වෙනසක් ප්‍රාර්ථනා කරන පිරිසක් බවට සැක නැත. අවංක නොවන්නේ මොවුන්ගේ උත්සාහයන්ය. හැම දෙනාම බලාපොරොත්තු වන්නේ තමන් පෞද්ගලිකව කැප කිරීමක් නොකොට අනුන් විසින් සිදු කරන වෙනසකින් ප්‍රතිඵල නෙළා ගන්නටය. හරියට තමන් හාල් මිටක් හැළියට නොදා කැඳ බලාපොරොත්තු වූ ආඬියකු සේය. මේ නිසා ආඬි හත්දෙනාගේ කැඳ හැළිය කවදාවත් නොඉදේ.

    සරත් ෆොන්සේකා යනු මේ වන විට 2010ට වඩා බෙහෙවින් පරිණත දේශපාලනඥයෙකි. පරාජිත ජනාධිපති අපේක්ෂකයකු වනවාට වඩා ජයග්‍රාහී ආණ්ඩුවක ඇමැති ධුරයක ඇති අගය ඔහුට අවබෝධ විය යුතුය. ඒ සඳහා යම් යම් කැප කිරීම් කරන්නට ඔහුට සිදු විය හැකිය. නමුත් බලය ලබා ගැනීමේදී කෙටි මං නැත. මහින්ද තොණ්ඩමන්ලා හකීම්ලා තියාගෙන ඉන්නේ ආදරයකට නොවේ. සරත් ෆොන්සේකාටද බලය වෙනුවෙන් රනිල් ඉදිරියේ (හෝ මහින්ද ඉදිරියේ!) නැවෙන්නට සිදුවේ. එස නැතිනම් ඔහුට ලැබෙන බලයක් නොවේ.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි ඔහුට මේ ඉඩ ඇත්තේ මේ දෙකෙන් එකක් තෝරා ගැනීම පමනි. නැතිනම් දේශපාලනයෙන් සමු ගත යුතුය..

      Delete
  13. Taboo Subjects writes on October 18, 2009 (EXACTLY THREE YEARS AGO!!!)

    සරත්, බැරි සිල් නොගන් | Sarath, don't bite more than you can chew

    සරත් බරත් – බර කරත්තෙ
    රෑට අදින – ගොන් කරත්තෙ

    අප මෙහෙම කීවේ ඉස්කෝලෙ යන කාලයේදී විහිළුවටය. එහෙත් අබුද්දස්ස කාලයේදී ලබු තිත්තවනවා පමණක් නොව මෙවැනි ජෝක් සීරියස් වීමද නිරීක්ෂණය කළ හැකිය.

    දෙවැනි මහින්දාගමනයෙන් අනතුරුව වැලේ වැල් නැතුව ගොස් සිටින යූ ඇන් පී කාරයින්ටත් ජේ වී පී කාරයින්ටත් දැන් යාන්තම් බර කරත්තයක් හමුවී තිබේ. දෙගොල්ලන්ගේම දැන් තදියම මේ බර කරත්තයට ගොඩවීමය. සත්වැනි මහින්ද මහ රජ්ජුරුවන් වහන්සේගේ තිරික්කලයට තරගයක් දෙන්නට බැරිනම් “ඔන්න අපත් රේස් එකට දිව්වා” යි කියන්නටවත් පුළුවන් මේ බර කරත්තයට ගොඩවීමෙන් පමණකැයි අන්කල් රනිල්ගේ හා සෝමවංස සීයාගේ ගෝල බාලයන් කල්පනා කරන සෙයක් පෙනෙන්නට ඇත්තේය. ඇත්ත. එය දැන් මෙන් චාටර් වී පයින් යනවාට වඩා හොඳය. බ්ලොග් ලිවීමද, බණ්ඩාරගම කොණ්ඩේ බඳින චීන්නුන්ට ගිනි පොළියට ණය දීම හා දාහේ හොර නෝට්ටු ගැසීම තරමටම පහසු ලෙස සිතා ඉන්නා අජිත් පී. පෙරේරාද සරම කැහැපට ගසාගෙන දැන් මේ ගොන් කරත්තෙ දක්කන්නට ලක ලැහැස්ති වෙනවා විය යුතුය.

    කවුද මේ බර කරත්තකාරයා? මහරජාණන් වෙනුවට මොහු ආදේශ කිරීමෙන් මෙරට පොදු මහජනතාව ලබන ප්‍රතිලාභ කවරේද?

    ජනරාල් සරත් ෆොන්සේකා යනු මෙරට වසර තිහක් තිස්සේ දිග් ගැසුණු යුද්ධය (තාවකාලිකව හෝ) නතර කිරීමට ගොඩ බිමින් සටන් කළ හමුදාවන්ට මිලිටරි නායකත්වය සැපයූයේය. තමන්ගේ ජීවිතය නැතිකිරීමට සතුරන් ගත් උත්සාහයක් අනූනවයෙන් ව්‍යවර්ථ වීමෙන්, ශාරීරික හානීන්ට ගොදුරුවීමෙන් පසුව පවා රණ බිමින් ඉවත් නොවීමට ඔහු ගත් තීරණය විශිෂ්ටය. එසේම යුද්ධ හමුදාවේ සම්පත් ඉහළ නැංවීම, යුද්ධයේ ඉලක්කය කේන්ද්‍රගත කිරීම, හමුදාවේ කර්යක්ෂ්මතාවය ඉහළ නැංවීම හා විනය පවත්වා ගැනීම සම්බන්ධයෙන් ඔහු ගත් පියවර ව්‍යාපාර හා රාජ්‍ය පරිපාලන (Business and public administration) සිසුන්ගේ නොමඳ අවධානයට බඳුන් වීමට තරම් අනර්ඝය. එතෙක් වුවත් ඔහු විසින් කරන ලද කාර්යභාරය ඉහත තනි වැකියෙන් ප්‍රකාශකරනවාට වඩා අඩු සේම වැඩිද නොවන්නේය.

    රාජපක්ෂ-ප්‍රභාකරන් ද්වන්ධ සටනේ අරමුණ ගැන සේම එය සිදුවූ ආකාරය ගැනද තදබල විවේචනයක් තිබූ ලේඛකයා එකහෙළා පිළිගන්නා කාරණාවක් වන්නේ මේ යුද්ධය ෆොන්සේකා වරෙක සඳහන් කළ ආකාරයට 95% ක යුද්ධ හමුදා දායකත්වයෙන් ‘නතර කළ’ එකක් නොවන බවය. අද එය (තාවකාලිකව හෝ) නතර වී ඇත්තේ තවත් බොහෝ දෙනකුගේ සක්‍රිය සම්මාදමේ ප්‍රතිඵලයක් ලෙසය. ප්‍රභාකරන්ට අවසාන පොරෝ පහර දුන්නේ කවුරුන් වුවද, එසේ කළ හැකිවූයේ ඔවුන්ට ලැබෙන මුල්‍යාධාර, යුද්ධායුධ පමණක් නොව මානව සම්පත්ද දරුණු ලෙස අවමකරණය කිරීමෙන් පසුය. මූල්‍යාධර කපා දැමුණේ ලක්ෂ්මන් කදිරගාමර්ගේ සිට දයාන් ජයතිලක දක්වා පිරිස් LTTEයේ විදේශීය බළල් අත් අක්‍රිය කිරීමට ගෙනගිය ක්‍රියාමාර්ග නිසාය. කිලෝමීටර් සිය දහස් ගණන් ඈත දියඹේ යාත්‍රා විනාශ කරමින් LTTE යුද්ධායුධ සැපයුම් ජාලය විනාශ කරන ලද්දේ වසන්ත කරන්නාගොඩගේ නායකත්වයෙන් යුත් නාවුක හමුදාවය. මානව සම්පත් උල්පත සිඳුනේ (කවුරුන් පිළිගැනීමට කැමති වුවද ) චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේ අනුරුද්ධ රත්වත්තේගේ නායකත්වයෙන් යුතුව වැඩිම දෙමළ ජනගහණයක් වාසය කළ යාපනය අර්ධද්වීපය රජයේ පාලනයට නතුකර ගන්නා ලද නිසාය. තනිකරම චණ්ඩිකමට වුවද නොසැළී යුද්ධයට දේශපාලන නායකත්වය දුන්නේ රාජපක්ෂය. මේ සියල්ල අමතක කොට යුද්ධයේ මේ තාවකාලික නිමාව තනි පුද්ගලයකුගේ ක්‍රියාවක් සේ අර්ථ දැක්විය හැක්කේ ඉතිහාසය ඕනෑකමින්ම අමතක කරන්නෙකුට පමණකි.

    ReplyDelete
  14. Taboo Subjects writes on October 18, 2009 (EXACTLY THREE YEARS AGO!!!)

    CONTINUED...

    ඒ සියල්ල නොසලකා හැරියද, ෆොන්සේකා මොනම අවස්ථාවකවත් තමන් මෙරට දේශපාලන නායකත්වයට සුදුසු පුද්ගලයකු බව ක්‍රියාවෙන් පෙන්නා නැත. ඔහුගේ ක්‍රියාවන්ගෙන් පැහැදිළිව පෙනී ගොස් ඇත්තේ ඔහුගේ නුසුදුසුකම පමණකි. (මිලිටරි නායකත්වය හා දේශපාලන නායකත්වය යනු එකක් නොව දෙකකි.) දෙමළ ජනතාව ගැන මහ රජාණන්වත් නොකළ ප්‍රකාශ ඔහු කළ අවස්ථා ඇත. චම්පික රණවක හා නලින් ද සිල්වා ලෙසින්ම ඔහු සිංහල බහුතරයට අනෙකුත් ජාතීන්ට හිමි නොවන වරප්‍රසාද හිමිවීම සාධාරණීකරණය කරයි. ඒ සඳහා ජාතික පුවත්පත්වල කතුවරුන් ඝාතනය කරන, රූපවාහිනී ආයතනවල මැදිරි කුඩුපට්ටම් කරන මාධ්‍ය කල්තරයක්ද අනුමත කරයි. එජාපයට හා ජවිපෙට සේම මහරජාණන්ගේ වැඩවසම් පාලනයෙන් රට මුදා ඉදිරියට ගෙනයාමේ කිසිම සමාජ ආර්ථික වැඩපිළිවෙලක් ඔහුටද නැත. ඔහුද රනිල් වික්‍රමසිංහ හා සෝමවංශ අමරසිංහ තරමටම දේශපාලන අනාථයෙකි. එකම වෙනස වික්‍රමසිංහට හෝ අමරසිංහට නැති ජනප්‍රියතාවයක් ඔහු සිංහල බෞද්ධ ගෝත්‍රික සමාජය තුළ හිමිකොටගෙන සිටීමය.

    රාජපක්ෂ පවුල මේ රට පාලනය කිරීම (වඩාත් නිවැරදිව කීවොත් රට උලා කෑම) ගැන ලේඛකයාට ගැටළු ගණනාවක් තිබේ. ඒවා රනිල් වික්‍රමසිංහගේ අතවැසියකු වන අජිත් පී. පෙරේරාට ඇති ගැටළුවලට වඩා බරපතළය. (මේ ගැන බ්ලොග් පෝස්ට ඇතිතරම් ලියා ඇති බැවින් පුනරුච්චාරණයක් අනවශ්‍යය.) එහෙත් එයින් අදහස් කරන්නේ මේ මොහොතේ සියල්ලන්ගේම ඒකායන අරමුණ රාජපක්ෂ උන්නැහේ ගෙදර යැවීම විය යුතු බව නම් නොවේ. මහ රජ්ජුරුවන් වහන්සේ ගෙදර යැවීමට යූ ඇන් පියට හෝ, මංගල සමරවීරට හෝ සෝමවංශ අමරසිංහට ඇති තදියම රටේ බහුතර ජනතාවට සේම ලේඛකයාටද නැත. රාජපක්ෂ ගෙදර යනවා නම් යායුත්තේ එතැනට ඊට වඩා සුදුසු කෙනකු පත්වීමෙන් පසුවය. කැහි ගෑනි දී මැරිච්චි ගෑනියකු ගෙට කැන්දා ගන්නට තරම් මෙරට පොදු ජනතාව මෝඩ විය යුතු නොවේ.

    ReplyDelete
    Replies
    1. කොහොමද ටැබූගේ දැක්ම.. අපද සිටියේ සහ සිටින්නේ මේ මතයේමය..

      Delete
    2. මට ටැබූ කියවන්න නොලැබුනේ අවාසනාවකට වගේ...

      Delete
    3. ඔය ටැබූ කියන කාලකන්ණියට හෙණ ගහන්න ඕනි. පල් මුසලයා, අපි බ්ලොග් වර්ල්ඩ් 1ට එනකොට ඌ බ්ලොග් වර්ල්ඩ් එකෙන් මකබෑවිලා >:(

      කරුණු කාරණා වලට‍ එකග වීම නොවීම වෙනම දෙයක්. නමුත් මේ වගේ අහම්බෙන් කියවන්න වෙන ටැබූ ලිව්වයි කියන දේවල් නම් සුපිරි.

      ටැබූ කියවන්න නොලැබීම දුකක්!

      Delete
    4. @සාතන් & KC,

      ඔබ මෙය දුටුවොත් taboosubjects@gmail.com කියන ලිපිනයට මේල් එකක් එවන්න. ටැබූගේ සියලු ලිපි කමෙන්ට්ස් සමඟ කියැවීමට අවස්ථාව ලබා දිය හැක.

      Delete
    5. ඇනෝනිමස් විදිහට ඇවිත් ඔය කොටල ගිහින් තියෙන්නෙත් ටැබූ ලියපු හාදයා තමයි.ඒත් ඒ හාදයා හංගන එකක් තියෙනව.චන්දෙට ඔන්න මෙන්න තියල බුවා ලිව්ව "ගණදුරු මැදියම දකිනෙමි අරුණලු" වගේ නමක් තිබුණු පෝස්ට් එකක්.එකේ ඉස්සල්ලාමදාල තිබුණෙ ජෙප්පොයි යුඑන්පී කාරයොයි කොල රතු කොඩි අරන් රැලියක ඉන්න පින්තූරයක්.මේ එක එක පාර්ශව එකට එකතු කරන්න පුලුවන් වෙච්ච එක සරත් ලොක්කගෙ මාර වැඩක් කියල තමයි ඒ ලිපියෙ තිබුණේ.හැක් කරා කියල බොරුවක් කරල සයිට් එක හංගල දාපු හින්ද ඒ ලිපියට ලින්ක් දෙන්න විදිහක් නැහැ.ඇත්ත කථාව තමයි මේ හාදයට එක ස්ථාවරයක් මතයක් කියල එකක් නැහැ.එක එක වෙලාවලට එක එක ඒව කියනව.ගස් නැති රටේ මෝල් ගහත් ගහක් හින්ද මේ වේලිච්ච බ්ලොග් ලෝකෙ ටැබුත් පොරක් කියල හිතන් ඉන්න ලොස් පොරවල් ඉන්නව.:D

      Delete
  15. කාටත් නොපෙනෙන පැහැදිලි විග්‍රහයක්

    ReplyDelete
    Replies
    1. උඩින් පල්ලෙන් අතගාලා වැඩක් නෑ.. ඔය පිටුපස තියෙන කුමණ්ත්‍රනත් එලිවෙන්න ඕන..

      Delete
  16. මෙහෙම සීන් එකක් තිබේ ,,මේ වෙලාවේ රනිල්ට ගේමක් දුන්නොත් යූඇන්පීයට ඔය කෙහෙල්ගෙඩියත් නැත.

    ReplyDelete
    Replies
    1. රනිල් තම්බන්න සෑහෙන කල් යයි ලොක්කා.. රනිල් වල කටින් ගොඩ ආපු පුද්ගලයකු බව අමතක කරන්න එපා.. රටේ උන්ගේ නාඩි නියමටම දන්න කෙනෙක් තමයි ඔහු..

      Delete
    2. ඒක තමයි බං මාත් කියලා තියෙන්නේ- තේරුනේ නැත්ද මන්දා

      Delete
    3. සොරි වෙන්න ඕන... කවුද බන් දන්නේ මට පෙනුනේ වැරදියට...

      Delete
  17. ෆොන්සේකා මහත්තයා ඒ කාලේ ටිකක් ඉවසුවා නම් අද වෙනකොට හොඳ විකල්ප නායකත්වයක් හැදෙන්න තිබුනා කියල මට හිතෙනවා.
    කොහොමත් දේශපාලනේ විතරක් නෙවේ ඕනිම දේකට පැරෂුට් වලින් යන්න හදනකොට මෙහෙම වෙනවා/

    ReplyDelete
    Replies
    1. අයි නෝනේ පැරෂූට් එකෙන් ආපු චන්ද්‍රිකාට, නාමල්ට, බැසිල්ට, ගෝටට වැරදුනාද?

      Delete
    2. ඇනෝ කියන අය මාර්ගය සාදාගෙන සහ ඉබේම ආපු අය. බලෙන් එන්න යන එක වෙන දෙයක්.. මිනිස්සු ඒ ගැනත් සැලකිලිමත්..

      Delete
  18. මේ නැති නාස්ති කර දමන්නේ රටේ බලවත්ම රණ විරුවාය.! ///මේක එතුමා තේරුම් ගන්නැද්ද, තේරුම් ගන්න බැරිද මන්දා?

    ReplyDelete
    Replies
    1. දැන්වත් තේරූම් ගනී වගේ.. නෝනටනම් සංසාරෙත් එපා උනා කියලයි ආරන්චි...

      Delete
  19. මගේ නිගමනය නම් මෙයයි.

    රනිල් වික්‍රමසිංහ යනු අප කල්පනා කරන තරම් මෝඩයකු නොවේ. රටක වසර තිහක් තිස්සේ වූ සිවිල් යුද්ධයක් නිමා කිරීමෙන් ජනතා ප්‍රසාදය දිනූ නායකයකු මොන හේතුවක් ඉදිරියට දැමුවද ඒ ඉක්මණින්ම පරාජය කළ නොහැක. 2010දී මහින්දට එරෙහිව කවුරු ඉදිරිපත් කළත් පරාජය වන බැව් ඔහු දැන සිටියේය. ඉතින් තමන් ටිංකිරි නොකා වැඩි කරදරයකින් තොරව ඒ අසීරු කාල පරිච්ඡේදය ගෙවා ගන්ට ඔහුට ඕනෑ විය. ඒ සඳහා වූ විකල්පය සරත් ෆොන්සේකාය.

    දැන් රනිල් ඉන්නේ ඊට වඩා හොඳ තැනෙකය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ජන ප්‍රසාදය හීන වෙමින් පවතී. තව ටික දවසකින් බඩු මිළ වැඩි වන විට එය තවත් පහත වැටෙණු ඇත. එවිට අද මහින්දට ඡන්දය දෙන බත් කන හරකුන්ම "එයා යුද්දෙනං දිනුවා තමයි ඒත් අපට හාල්මැස්සො දෙසිය පණහකට මෙච්චර දෙන්න වෙනව නං ඒකෙන් මොකද්ද ඇති වැඩේ?" කියා අසනු ඇත. (කොච්චර කිව්වත් බත් කන හරකුන්ට බඩ වැදගත්ය.) එවිට - තවත් දේ කිහිපයක් කළ හැකි නම් - රනිල්ට ඒ රික්තයට රිංගා ගැනීමට යම් ඉඩක් තිබේ. මෙනිසා තව දුරටත් ඔහුට ෆොන්සේකාගෙන් ඇති වැඩක් නැත.

    බුද්ධිමත් ආණ්ඩු විරෝධියකුට මේ අව්ස්ථවේ සිටින හොඳම විකල්පය රනිල්ය. මේ ටික සජිත්, කරු සේම මාතලන්ද තේරුම් ගනිමින් සිටිති.

    ReplyDelete
    Replies
    1. රනිල් දිනයි කියලනම් මං හිතන්නේ නැහැ. ඒත් හොඳම විකල්පය රනිල් කියන එකනම් ඇත්ත. පොන්සේකාට තව ඉගෙනගන ගොඩාක් දේවල් තියෙනවා.

      Delete
    2. අපි ඕවා තේරුම් අරන් ගොඩක් කල්. ඔබ කියවා ඇත්තේ මගේ මේ ළිපිය පමණක් බව පෙනේ..

      Delete
    3. if the best alternative is ranil then its better MR continue untill his death..

      Delete
    4. ගෙඩිය ඉදිලා බිමට වැටුනත් රනිල්ට එය ඔඩුක්කුවට අල්ලා ගැනීමට හැකි වෙයි කියා මටනම් සුවර් නැත.

      Delete
    5. කවුද බන් කියන්නෙ රනිල් මෝඩයෙක් කියල... මනුස්සයට තියෙන්නෙ සුපිරි මොලයක්... ඡන්ද දිනන්න බැරි මනුස්සයට මොලේ නැති නිසා නෙමයි... ඔය ඡන්ද දිනන උන් මොන දහංගැට ගැහුවත් තාම එලවගන්නවත් පුළුවන් වුනාද?...

      Delete
  20. මට හිනා යනවා "ඕයි"

    ReplyDelete
    Replies
    1. අර මොකෝ... එහෙමම හොඳ නෑනේ...

      Delete
    2. නෑ මට ටෙනීව මතක් උනා

      Delete
  21. පාළුව දෙවනත් කරලා
    නාඬන් කලවැද්දෝ
    කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා
    කලවැද්දෝ ... කලවැද්දෝ ...

    සීත සුළං හිරිකඩයි
    කැලේ අපට උරුමේ
    උඹට අං තට්ටුවකුයි මට පැල්පතයි තියෙන්නේ
    කලවැද්දෝ ... කලවැද්දෝ ...

    ඉහිරුණ කිරි කොතලෙට
    ඉකි බිඳලා පල නෑ
    උඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ
    කලවැද්දෝ ... කලවැද්දෝ ...

    සංසාරේ හැටි තමයි
    වියෝග ඇතිවන්නේ
    නිවනට ගියදා මේ හැම දුක් නැතිවන්නේ
    කලවැද්දෝ ... කලවැද්දෝ ...

    ReplyDelete
    Replies
    1. අනිත් උනුත් ඉතින් මේ ජාතියෙම උන් තමයි.. වෙනසක් නෑ...

      Delete
    2. උලලේනෝ ඉවරවෙන්නෙ රණ බෙර හඬකින්...මේක ඉවරකරන්න වෙන්නෙ මලබෙර හඬකින්...මට හිතෙන්නෙ ෆොන්සේකට වෙලා තියෙන්නෙ නෝනගෙ කොඩිවිනේ...තකහනියෙ ඇවිත් චන්දෙ දීපු මිනිහෙක් හැටියට කියන්න කියන්න මැන්ඩෙලා ආදර්සෙට ගනින් කියල තමයි.

      ඉන්දික උපශාන්ත.

      Delete
  22. මට කියන්න තියෙන්නේ මාතලං කිව්ව විදියටම “සෑර්. බුරු වැඩ නොකර ඉදපං බං“

    ReplyDelete
  23. මහින්ද යුද්දෙට අරන් ගියේ ටොමිය නාවන්න ලිඳ ලගට ගෙනියනවා වගේ. තමන්ගේ පක්ෂයේ ය කකුලෙන් අදිද්දී ජාති මාමක බලවේග මහින්ද වෙනුවෙන් දර දිය ඇද යන්තමින් නපුන්සක UNP නායකයා පරාද කලේ යුද්ද කරන්නට මිස වෙන බම්බුවකට නොවේය.

    යුද්දේ දිනුවේ නැත්තන් මහින්ද මෙලහකට මැදමුලනේ හාන්සි පුටුවේය. D A රාජපක්ස ගුණ සමරුවට බල්ලකු වුවත් සොයා ගැනීම අපහසු වනු ඇත. නාමල් මෙලහකට සිල්ලර කඩයක් කරනු ඇත. නැතිනම් ඔය මාගම්පුර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීකමක කරගෙන, බෝක්කු කොටයකින් දාහක් දෙදාහක් ගසා කාගෙන ජීවත් වනු ඇත. බැල්ලිගෙ කිරිබොන්න වගේ ඔය පවුල වටා රොක්වී සිටින්නන් මෙලහකට වෙනත් තගේකුගේ ගුණ වයමින් සිටිනු ඇත.

    සරත් පොන්සේකා (මොක වුනත් ගෝටා ද අමතක කල නොහැක) නොසිටින්න යුද්දයද චාටර් වනු ඇත. මොකද මතකනේ කලින් හිටපු හැමදපතිවරුන් යුද්දය දිහා බලපු හැටි. එක්කෙනෙක් කීව මේක දිනන්න බැහැ කියලත්. සමහර හමුදා නායකයෝ එයාලගේ ජොබ් එකයි සාම ලේකම්ගේ ජොබ් එකයි පටලවන් හිටියේ.

    රනිල් පුට්ට නැකේ ගහගෙන ඉන්දැද්දී පොන්සේකා ටික දෙනෙක් එක්ක හරි පාරට බැහැල පොඩි සද්දයක් දාන එකවත් මදිද? පක්සේ සද්දයක් නැතිවහම එකෙක් දෙන්නෙක් සද්දේ තියෙන තැනට හරි ගිහිල්ල සපෝට් එකක් දෙන එක නරකද? කබරයාගේ දෑත සවිකරන්න නොගිහින් සරත්ගේ පස්සෙන් ගිහාම නරකද?

    රනිලුයි සරතුයි හරියට කක්කුස්සි වලකට වැටිලා ගොඩ එන්න්න බැරිව දගලන මිනිස්සු දෙන්නෙක් වගෙයි. හැබැයි සරත්ට පඩයක් ගිහාම රනිල් නහය අකුලා ගන්නවා. බනිනවා. ගඳයි කියනවා.

    මට පුදුම හිතෙනවා සරත්ට උපදෙස් දෙන්න, වැරදි තැන් පෙන්නලා දෙන්න, ඉස්සරහට යන හැටි කියල දෙන්න පෝලිමේ ඉන්න පඩිවරු පිරිස දැක්කහම. මේගොල්ලෝ යුද්දේ කාලේ ඔය ජොබ් එක කෙරුව නම් යුද්දේ සුරුස් ගාල ඉවරයි. අපරාදේ, කට්ටිය කොහෙද හිටියේ?

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ.. ඒත් තමන්ගේ කීර්තීනමය නැතිකරගෙන හිඟන්නෙක් වගේ යන එක ගැන දුකයි.. කොහොමත් එතුමා තීරණයක් ගනීවී ආරන්චි වල හැටියට..

      Delete
    2. Fonseka may have been the genius in ground war strategy but it was Gota who is managed the over all war...After becoming a politician fonseka has already shown that hew the worst in people management..and if somebody thinks he suitable for presidency them that guy is a worst nut case than current fonseka..

      Delete
    3. සරත් ෆොන්සෙකා යුද ශිල්පයෙහි නිපුණයෙකි. අපට ඔහුට උපදෙස් දෙන්ට බැරිය. එහෙත් ඒ ෆොන්සේකාම දේශපාලනයේ ළදරුවෙකි. ළදරුවකුට උපදෙස් දෙන්ට ඕනෑම කෙනෙකුට පිළිවන.

      Delete
    4. ළදරුවන්ට දඩුවම් දෙන්න ඕනේ මහ වැඩ කරන්න යනවට. ඉගෙන ගෙන ඉන්න එපැයි ලොකුවැඩ කරන්නනම්

      Delete
    5. බුවාට තිබුනේ මලින්ද ලොක්කගෙන්ම ඉගෙනගෙන හරි වෙලාවට ඇනේ ගහන්න.

      Delete
  24. එහෙනම් ගිහින් දෙන්නකෝ උපදෙස් මාලිනීට, අනර්කලීට, පබාට, සනත්ට. මේ අය ළදරු මන්ත්‍රීවරු හින්ද ගන්න පින් පඩි සහ වරප්‍රසාද වලට සොච්චම් වැඩක් හරි කරව ගත්තහැකිනේ. උපදෙස් නැති නිසානේ ඔය වකුටු වෙලා තමන්ගේ වැඩක් කරගෙන ඉන්නේ.

    ඇත්ත කියහන් බන්, සරත් ගැන ඔච්චර අමාරුව තියෙන්නේ රැවුල් මාමට රෙද්දේ බඩ යන්න ගිය පාර ජනාදිපති වරනේදී ගේමක් දීපු හන්ද නේද? රනිල් ඉල්ලුවානම් ලොක්ක හාන්සි පුටුවෙන් හෙල්ලෙන්නේ නැහැ, ගේමක් නැති හින්ද. ලොක්ක කණුවේ බැදගෙන කඹේ ඇද්දේ නැත්නම් මෙලහකට සරත් ජනාධිපති. එහෙම උන නම් අද තියෙන්නේ මේ වගේම තග් පාලනයක් තමයි. හැබැයි රට වෙනුවෙන්, පවුල වෙනුවෙන් නොවෙයි.

    ReplyDelete
    Replies
    1. මට එතුමත් එක්ක ගේමක් නෑ.. එතුමා ජනාධිපති උනානම් මීට හපන් වෙයි.. ඒක වෙනම කතාවක්. නමුත් ජෙනරල් කෙනෙක් වටේ තියාගෙන ඉන්න හාල්පාරුවෝ ටික බලපන්කෝ. මුන් මක්කුද.. බස් එකක සෙනග ගේන්න පුළුවන් උන්ද.. හයිඩ් පාක් එකට ආවේ ඇත්තරම ජෙනරල්ට ආදරේ කරන උන්.. මට දුක ඒකයි.. එක මනුස්සයෙක් ඉන්නවද.. ඉන්නවනම් එකෙක් නම් වශයෙන් සඳහන් කරපන්..

      මාලනීලා අනර්කලීලා වගේ නෙමේනේ.. මේ රටක වටින මනුස්සයෙක්නේ.. කිච වෙන්නේ..

      Delete
  25. @මාතලන්,

    උඹට ප්‍රශ්න දෙකක්. කෙළින්ම උත්තරයක් දෙන්න ඕනැ නැහැ. ඒ වෙගේම මෙතනම උත්තර දෙන්න ඕනැත් නැහැ. කකාගෙ බ්ලොග් එකෙදි කමෙන්ට් එකක් දාල කීවත් කමක් නැහැ. (එතෙකොට බෙල්ල යන්නෙ කකාගෙනෙ.)

    මේවයි ප්‍රශ්න.

    උඹට හිතෙන විදියට;

    1. ලසන්ත වික්‍රමතුංගට වැඩේ දුන්නෙ කවුද?

    2. සිරස මැදිරි පිච්චුවෙ කවුද?

    (මේ ප්‍රශ්න මාරයා ඇතුළු සියළුම දෙනාට විවෘතයි, උත්සාහ කරන්න කැමැති නම්)

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්න තවත් ලේසි කරන්නම්කො. (ප්‍රශ්න දෙකට පිළිතුරු වෙනස් විය හැක.)

      ඒවා කළේ අයියාද, මල්ලීද, මෙයාද? වෙන කවුරුවත්ද?

      Delete
    2. අදටත් ඒවා අභිරහස්.. එවැනි අභිරහස් වලින් පිරුණු දේශයක් මේක.. එවා කිසිසේත්ම විය යුතු දේ නොවන බව නම් කිව යුතුමයි.. නමුත් ඒ ලාංකිය ඉතිහාසයේ තීරණාත්මක සමයක් බවත් අමතක නොකල යුතුමයි..

      Delete
    3. අනේ මචං එහෙම පැනල යන්න එපා. ලසන්ත වික්‍රමතුංග තමන්ටම වෙඩි තියා ගත්තෙ නෑනෙ. මේ රටේ පොළොවේ පය ගහලා හිටපු කෙනෙක් හැටියට උඹටත් යම් නිගමනයක් ඇතිනෙ. ඒකයි ඇහුවෙ.

      Delete
    4. සමහර විට එහෙම කර ගත්තද කියන්නත් බෑ.. මොකෝ අදත් ඒ වගේ දේවල් සිඳුවෙනවනේ.. ඔය අධුකරණ කොමිසමේ මහත්තයා තමන්ටම ගහ ගත්තා වගේ..

      Delete
    5. ඇනෝ මල්ලි වීරයෙක් වෙන්නද යන්නේ ඒව කොහෙද අපේ ම. මහත්තයත් එක්ක.
      තුන් වැනි ප්‍රශ්නය
      ඇනෝ මල්ලිගේ කට මහන දිනය කවදාද?????

      Delete
    6. පලවෙනි ප්‍රශ්නෙට ප්‍රසිද්ධියේ මංගල මහතා හෝ රනිල් මහතා පිළිතුරු දී ඇත. සොයා බලන්න.
      දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ ඕක ඉන්ෂුරන්ස් ඉෂූ එකක් කියන එක.

      Delete
    7. @සුදීක -01) අනේ ඔව් ඔබතුමාලගේ ලොක්කො ටික හරි අහිංසකයි , අරය විතරයි තනියම ගේම දුන්නේ ?

      02)අර මෙජර් උන්නැහේට , සමෘද්දි කාරයට එහෙමත් තියෙන්න ඇත්තේ ඉන්ෂුවරන්ස් ඉශූ එකක් වෙන්ටෑ

      Delete
  26. ඔබ කවුරුත් නොදකින පැත්තක් දැක ඇත.හොඳ උත්සහායකි.ජය!ඔබට

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.. විය යුත්තේද එයයි...

      Delete
  27. ඔය බූරුවටත් මිනිස්සු අහුවෙයිද?

    ReplyDelete
    Replies
    1. දැන් ඔයාටත් බූරුවො 1,000ක්ම අහුවෙලා ඉන්නෙ. ඒ වගේ මෙයාටත් අහු වෙයි.

      Delete
    2. ඔබ බූරූවා යනුවෙන් අදහස් කළේ කවුදැයි යන්න ගැන විචිකිච්චාවක් පවති..

      Delete
  28. මොනා වුනත් එස්.එෆ් පව් ය.

    ReplyDelete
    Replies
    1. මට තිබෙනා දුකත් එයමය...

      Delete
  29. පෝස්ට් එකයි කමෙන්ට් වලයි තැන තිබුන අදහස් ඔක්කොමට ම මගේ අදහස එක තැනක කියන්නම්

    01) ෆොන්සේකා මහත්තයා ඇත්තම යුධ වීරයෙක්ද නැද්ද කියන එක එතුමාට ඡන්දේ ඉල්ලන්න ප්‍රශ්නයක් නෙවෙයි , මිනිස්සු එතුමා යුධ වීරයෙක් කියල හිතනවා නම් , එහෙම මාකට් කරන්න පුලුවන් නම් ඒත් ඇති, මොකද ඔය දේශප්‍රේමී සංවේදී නායකයොත් ඇත්තටම දේශප්‍රේමියෝ හෝ සංවේදී නොවුනත් මිනිස්සු එහම හිතන එක ප්‍රමාණවත්

    02) ෆොන්සේකා එක පාරටම ඡන්දේ ඉල්ලපු එකේ සදාචාරාත්ම අවුලක් තියනවයි කියන එක එදත් අදත් මම දරන මතය හැබැයි ඒක ඔහුගේ අයිතිය

    03) මැතිවරණෙට ඉදිරිපත් වෙන එකෙන් බේරිලා ඉන්න රනිල් ට තිබුන ඔප්ශන් එක විහින් නා ගන්න දඟලපු එස් බීව දාල කිච වෙලා පරදින්න ඉඩ හරින එක ,

    04) වර්ථමාන පාලනයට සහ රට ගමන් කරන දිශාවට (ආර්ථික සමාජීය හා සංස්කෘතික වශයෙන් ) හොඳම(optimal) විකල්පය රනිල් , නමුත් ඊට අඩු තැනක් දක්වා කැපකිරීමක් කරන්න විය හැකියි

    05) 18 රැලියට පෙරත් පසුත් විපක්ෂයේ තත්වය සමානයි , ෆොන්සේකා මහත්තයත් තව දුරටත් චාටර් නොවී නෝනත් එක්කම ගියා නම් හොඳයි . කරු ගැන ඔබේ මතයට එදා ඉඳන්ම මම විරුද්ධයි , ඒ නිසා අලුතින් ඒ ගැන වාදයක් පටන් ගන්න අවශ්‍ය නැ , කෙසේ වෙතත් කරු නොගිය එක ගැන සතුටුයි

    06) මෛත්‍රි ගුණරත්න ව එජාපයේ තියා ගත්ත කාලය බොහොම වැඩියි , මීට කලින් එලවලා දැම්මා නම් හානිය අවමයි . තෙවරප්පෙරුම අබේසිංහ වගෙ චරිත හිටියත් නැ වගෙ , රංගේ බණ්ඩාර එජාපයට හිටපු ටිකක් හොඳ කථිකයෙක් නමුත් ඉල්ලං කනව නම් කරන්න දෙයක් නෑ

    ReplyDelete
    Replies
    1. අංක 5 හේ අග කොටසට ඇර අනෙක් සියළුම කරුණු හා එකඟයි....

      Delete
  30. "අනික ඕයි මොකා ආවත් වැඩක් නෑ සිස්ටම් එක වෙනස් නොකර.."

    අන්න මාතලං පොයින්ට් එක!!!

    ReplyDelete
    Replies
    1. මම ඒ ගැනත් ලියන්න පටන් ගත්ත දවසෙ ඉඳලම ලියනවා මචං....

      නමුත් එකෙක්වත් ඒ ගැන නෝ කතා.. ඇයි මේක රහයි.. ඉහගෙන කන්න පුළුවන්නේ.. ඒකයි..

      Delete
  31. හිතවත් බ්ලොග් කරුවනි බ්ලොග් පාඨකයනනි රනිල් වීක්‍රමසිංහ මෙන් ඉවසන්න පුරුදුවෙන්න. ඉවසල ඉවසල තවත් ටිකක් ඉන්න. සරත් ෆොන්සේකා රටට ඉදිරිපත් කරන කිසිම දේශපාලන විකල්ප ප්‍රතිපතියක් එකක් කියන්න පුලුවන්ද? මිනිහ ධනවාදී ද සමාජවාදීද? ප්‍රජාතන්ත්‍රවාදී ද ෆැසිස්ට්වාදී ද දිනුවම ගෙනියන්නේ හමුදා පාලනයක්ද සිවිල් පාලනයක්ද? ඔහොම උඩින් පාත් උන චන්ද්‍රිකා නෝනා අවුරුදු 12 ක් මුකුත්ම රටට කලේ නෑ මිනිස්සු මුකුත් වෙන්නේ නැතිව අවු12 නිකං වයසට ගියා කාටවත් ගානක් නෑ.

    ReplyDelete
    Replies
    1. වරේවා... ජයවේවා... එ කොමෙන්ටුව මගෙනි...

      එහෙමම කියන්නත් එපා උදිත.. මුළු ලංකාවම තැබෑරුමක් කලා...

      Delete
  32. ආණ්ඩුවට හේත්තුවෙලා ඉදලා ගොඩ යන්නේ නැතුව, මං කරගත්තු ගොන්කම කියලා දැන් ෆොන්සේකාට හිතෙනවා ඇති.

    කාටහරි පුළුවන්ද නැහැයි කියන්න ?

    ReplyDelete
    Replies
    1. අනිවා.. කාටවත් බෑ නෑ කියන්න...

      Delete
  33. ජනරාළ ගැන මගේ මතය නම්.

    රැවුල කැපීමට දැලිපිහියත්.ගස් කැපීමට පොරවත් යොදා ගන්නා අතර, පොරව ඉස්තරම් ලෙස ගස් කැපීම හේතුවෙන් පොරවෙන් රැවුල කැපීමට යෑම අනුවන කමකි.එහි විලොමයද එසේමය.

    ReplyDelete
  34. මම අමුතුවෙන් යමක් නොකියමි මේ මම බෙහෙවින්ම ආදරය කරන මිනිසෙකි.

    ReplyDelete
    Replies
    1. මමත් ඉතා ආදරය කරන මිනිසෙකි... ඒ නිසාමයි මේක ලිව්වේ.. මම කැමති නෑ සිංහයෙක් බලු මැක්කොත් එක්ක නිදාගන්නවට..

      Delete
  35. කැහි ගෑනිට වැඩිය හොටු ගෑනි හොඳා කියල දැන් හැමෝම ආයෙමත් රනිල්ගෙ පැත්තට හැරෙන්න වගෙයි සූදානම....

    ඇත්ත ඇතිහැටියට තේරුම් ඇතුව ලිව්ව මාතලන්ගේ මේ පෝස්ටුවට ඔන්න මනාපයක් ලකුණු කලා.

    ReplyDelete
    Replies
    1. සේරම කියෙව්වට පස්සේ මටත් හිතුනේ ඔන්න ඔහොමයි.

      Delete
    2. මම නම් කවදත් රනිල්ට බැක් කරන කෙනෙක්.. ඕනම නම් මගේ කලින් ලිපිත් කියවලා බලන්න..

      Delete
  36. Once upon a time five blind men attempted to describe the shape of an elephant. The one holding the elephants prick said the eliphant is like a big club. One holding the tails sadit its like a broom. one holding a leg said its like atree trunk and spo on it went. Trying to explain SF and current political situatiuon and future in this manner by people who hav no idea what the history is all about is exactly like this.

    ReplyDelete
    Replies
    1. So....
      If you know the whole history..
      why don't you explain it here...so that all of us will know how the elephant looks like....

      Delete
    2. හිස්ට්‍රි අනන් මනන් වැඩක් නෑ සරත් ලොක්කා දෙපැත්තෙන් එක පැත්තකට් හේත්තූ නූනොත් වෙන්නේ.. දේශපාලන අනාථයෙක් වන එක පමණයි.. මාතලන් කිව්වා කියලා මතක තියාගන්න.. මේ ෆොන්සේකා මහත්තයට එන සෙනග මුළු රටේම ඇවිදින කෙනෙක් හැටියට මගේ ඇස් දෙකෙන්ම දැක්කා.. එන එකා එන්නෙත් මේ මනුස්සයා දැක ගන්න මිසක් එයාගේ දේශපාලනේට නෙමෙයි.....

      Delete
  37. චන්ද්‍රිකාගේ කාලේ බොහොම ප්‍රගතිශීලී ඇමතිවරයෙක් විදිහට පෙනුන කෙනෙක් තමයි මහින්ද, මහින්දට ලැබුනේ කම්කරු, ධීවර අමාත්‍යාංශ, මොකද සාමාන්‍යෙන් පීඩිත පංතිය වෙනුවෙන් පෙනීසිටින ලක්ෂණ තමයි පෙන්නුම් කලේ, අර ජිනීවා ගිය සිද්ධි එහෙම එක්ක. සමහර විට මහින්ද ඇත්තටම ඒ කාලේ එහෙම වෙන්න ඇති... චෞර රැජින පොතේ.. තියන අනංමනං අත ඇරල දැම්මත් බලයට එන්න කලින් චන්ද්‍රිකාගේ යම් ප්‍රගතිශීලී ලක්ෂණ තිබ්බ කියන එක පේනවා. මං කියන්නේ අපි තේරුම් ගන්න ඕනේ, මෙතනට කාව ගෙනාවත්, විධායක ජනාධිපති ක්‍රමය යටතේ ලැබෙන අසීමිත බලතල නිසා, එන එකා ඒකාධිපතියෙක් වෙලා රටේ ඒකාධිපති පාලනයක් ඇතිවෙනවා. බල ලෝභය, මුදල් තන්හාව එක්ක එකතු උනාම රටක් විනාශ කරන එක මේ විධායක ජනාධිපතිට එච්චර අමාරු නැහැ. මේක මුදල් උපයන මාර්ගයක් කරගත්තේ මුලින්ම චන්ද්‍රිකා, යනකොටත් ජනාධිපති අරමුදලින් කෝටි ගණනක් අරන් ගියා කියනවනේ.

    මහින්ද, රනිල්, සරත් කියන තිර්ත්වය ගත්තොත්, දැනට පේන ලක්ෂණ සලකා බලලා සාපේක්ෂව විධායක ජනාධිපති ධූරය දෙන්න පුලුවන් කෙනා රනිල් කියලා මං හිතන්නේ. ඒත් ඉතින් මං ගෙනත් තියන්නයෑ. ලංකාවේ දේශපාලන ඉතිහාසය සලකලා බැලුවොත්, අරුම පුදුම සිද්ධි ඕනෑ තරම් සිද්ද වෙලා තියනවා. ආං ඒ වගේ එකක් වෙලා රනිල් බලයට අවොත් තමයි ඉතින්.... නැත්තන් ඉතින්, මහින්ද මැරෙනකම් ජනාධිපති ආයේ අහන්න දෙයක් නැහැ. විධායක ජනාධිපති ධූරය දෙපාරකට වඩා දරන්න පුලුවන් වෙන විදිහට ව්‍යවස්ථාව වෙනස් කරපු එකේ වන්දිය ඉතින් තව පරම්පරා කීපෙකට ගෙවන්න වෙයි... ඒ කාලේ බ්ලොග් තිබ්බද හැබෑට?

    ReplyDelete
    Replies
    1. තිබ්බා මේ අනතුර ගැන අපි කතා කලා. ඒත් කතා කරන්න ඕන අය කට වහගෙන උන්නා.. ඔතනදී ගෙනාපූ තර්කයෙත් සාධරණයකුත් තියෙනවා.. මොකද දෙවනි වාරෙන් පස්සේ ගෙදර යන්න උනාම. දෙවනි වාරෙදි රටේ නායකයා බල්ලා මාක් වැටෙනවා. එච්චර ප්‍රජාතන්ත්‍රයක් තියෙන රටක් නෙමේනේ මේක. ඒක නිසා සිහිකල්පනාවෙන් වැඩ කරනා නායකත්වයක් අවශ්‍ය දේ තමයි වෙන්න ඕන.

      Delete
    2. සරත් මහින්ද රනිල් මොකා ආවත් මුන් පවත්වගෙන යන්නෙ මේ දූෂිත ජරා ගද ගහන ධනපති ක්‍රමය.මේකෙ අති බහුතරය අන්ත දිලින්දො.සියයට 1ක් හොදට සැපට ඉන්නව.මුන් සේරම ධනපති හැතිකරේ නියෝජනය කරන නායකයො.පීඩිත පංතියෙ මිනිස්සුන්ගෙ පැත්තෙ නෙමෙයි මුන්.මේ මොකා හිටියත් තමුන්ගෙ ප්‍රශ්න වෙනුවෙන් පාරට බහින රොශේන්ට ඇන්තනීට මාතලන්ට උරුම වෙඩි උණ්ඩය විතරයි.ධනපති ක්‍රමය පවත්වගෙන යන්න හොද කවුද කියල වාද කර කර ඉදල වැඩක් නැහැ.මේ අමානුශික අසාධාරණ ක්‍රමය වෙනුවට සාධාරණ මානව හිතවාදී ක්‍රමවේදයක් හදාගන්නෙ කොහොමද කියල සාකච්ඡා කරපල්ල.ඒක නොකරන කම් අරූට වඩා මූ මූට වඩා ඌ කිය කිය ඉන්න තමයි මචං වෙන්නෙ.හිසරදේට කොට්ට මාරු කරල වැඩක් නැහැ.හිසරදේට හේතුව හොයල ඒකට බෙහෙත් හොයමු මාතලන්.උඹ අවංක එකෙක් හින්දයි මෙහෙම කියන්නෙ.

      Delete
    3. එහෙම නිර්ධන පන්තිය වෙනුවෙන් ඉන්න පක්ෂයක් දැන් නැහැ. ඉන්න උනුත් ඒ මිනිස්සුන්ගේ චන්දෙන් ගිහින් ධනපතියට එකතුවෙනවා.. ඉතින් අපට සොයාගන්න තියෙන්නේ වඩාත් මානවවාදී ධනපතියා.. මහින්ද මහත්තයා නිර්ධන පන්තියේ මිනිහා අතරට ගියට එයා ඒ පන්තියට මුකුත් කරන්නේ නෑ. කරුමේ කියන්නේ නිර්ධන පන්තියේ එකාට ඒක තේරෙන්නේ නෑ..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න