.

.

Oct 6, 2012

විස්සයි විස්ස ආතල් - T 20 Extacy



අද හවස 7.00 ට ෆයිනල් එක පටන් ගන්නවාය. ෆයිනල් එකේ ටිකට් ගන්න ගිහින් කස්ටිය මරා ගන්නවාය. එව්වා ලබාගන්න පුළුවන් සුපිරි පන්තියට විතරය. ඉස්සර සුපිරි පන්තිය ක්‍රිකට් බලන්න ආවේ රෝයල් තෝමියන් එක විතරය. ටෙස්ට් ගහනවා බලන්න ආවේ අන්නාසි කාරයොයි, කඩල කාරයොයි අපි වගෙ හාල්පාරුවොයි විතරය. ඒ උනාට 96 වර්ල්ඩ් කප් එක ගෙනාවයින් පස්සේ, ක්‍රිකටුත් බුද්ධාගම වගේ අපේ කර ගත්තේය. පොඩි උන් විනාසය. බැට් පෑඩ් කරේ එල්ලගෙන කොල්ලෝ ප්‍රැක්ටිස් යනවාය. ඉස්සෙල්ලම ටාගට් එක ස්කූල් ටීම් එකට ගහන එකය, ඊ ළඟට බිග් මැච්ය.

මෙළෝ සිහියක් නැතිය. කොල්ලෝ ග්‍රවුන්ඩ් එකේ ප්‍රැක්ටිස්ය. කෝච්ලා, අම්මලත් එක්ක ප්‍රැක්ටිස්ය. තාත්තලා බයිට් එකක් කකා ඩ්‍රින්ක් එකත් එක්ක ප්‍රැක්ටිස්ය. පස්චාත් ප්‍රදේශය ඉරාගෙන ගේමක් දෙනවාය. ඒ උනාට, එහෙම ගේම් දෙන එකාට වැඩ බැරිය. දුප්පත් කොල්ලෝ, නැෂනල් ටීම් එකට ගහනවාය. අර්ජුනලාට, මහේලලාට, ඒකට තෑන්ක්ස් කරන්න ඕනාය. දැන් නම් ටැලන්ට් වැහි වැහලාය. අපේ ටීම් එක ෆුල් ටැලන්ට්ය. ඒ උනාට මේකටත්, හැම එකටම අත දාන ආන්ඩුව අත දැම්මේය. අන්තිමේ පඩිත් නැතුව අවුරුද්දක් විතර කොල්ලෝ ක්‍රිකට් ගැහුවේය. ඒ කාළේ ටීම් එක නැට්ටටම වැටුනේය.

ඩිලා කොච්චර වැඩ කරු උනත්, කැප්ටන් සීන් එකේදී නා ගත්තේය. සංගා කැපුවේ සංගා කැපි පෙනෙන නිසාය. අනික් හේතුව උනේ, ලන්ඩන් වලදි පාලකයින්ගේ කනටම ගසා දේශනයක් කළ නිසාය. සංගා කිව්වේ ඇත්තය. දන්දෙනියයි, ඩී ඇසුයි, සල්ලි ටික ඔක්කෝම එයාලාගේ එකවුන්ට් වල දාගත්තේය, කිසි හෙනයක් නැතිය. කුඹුරේ ඉන්න බන්ඩට හෙන ගැහුවට, මුන්ට හෙම්බිරිස්සාවක් වත් හැදෙන්නේ නැතිය. හැම එකටම චින්තනේ හරියන්නේ නැති නිසාත්, තවත් කන්න දෙයක් නැති නිසාත්, දැන් අත පොවනවා අඩුය. ඒ නිසා කොල්ලෝ ආයෙත් ෆෝම් වෙලාය. දැන් ටීම් එකට, ඉන්න උන් ටිකත් දාගන්න බැරිය.

අද ෆයිනල් එකෙන් මොකා දින්නත් මට නම් අවුලක් නැතිය. මොකෝ.. ටීම් දෙකේම මම ආදරය කරණ උන් ගොඩක් ඉන්නවාය. බැටින් ගත්තොත්, මේ ටූනමන්ට් එකේ, ක්‍රිස් ගේල් සහ මහේල වැඩි ළකුණු අතර ඉන්නවාය. බෝලින් ගත්තොත් සුනිල් නාරයන් වගේම අජන්ත මෙන්ඩිසුත් ඉන්නවාය. ඩිලාට වැඩුනොත්, ගේල්ට වැදුනා වගේමය, තිසර ටිකක් උඩින් එව්වා නම් හොඳය. මොකෝ ඌගේ බෝලින් යට ගිහින් බැට්ස්මන් වෙලාය. ජීවන් මෙන්ඩිසුත් පස්ටය. ඒ උනාට අන්තිම මැච් එකේනම් නෑවේය. මාලිංග බෝල් කරන්නේ නැති වෙලාවට, අත්වල ගම් ටිකක් ගෑවා නම් හොඳය. ඒකේ වැරද්ද තනිකර මහේලගේය. ඒ වෙලාවේ එතනට දාන්න ඕන වෙඩි වගේ බඩුය. මාලිංග හංගන්න ඕනෑය.

ගේල් අවුට් කර ගත්තාට මදිය, පොලාර්ඩ්, මාලන් සැමුවල්ස් වගේම ඩ්වේන් බ්‍රවෝලාත් බෝල නැති වෙන්නම ගහනවාය. තිසර ඇර අපේ උන් හයේ ඒවා ගහන්න නොගියාට අවුලක් නැතිය. ඒක අපේ කෝච්ලාගේ වැරැද්දක්ය. ළකුණු 6 ලැබෙන්නේ ලණුවෙන් එහාට ගැහුවාම කියලා තවම අපේ උන්ට කියල දීලා නැතිය. ඒ නිසා අපේ උන් තවම ගහන්නේ ලනුවෙන් මෙහා පැත්තේ 6 ඒවාය. එතකොට කවුරු හරි අල්ල ගත්තොත් ඊළඟ මැච් එක වෙනකන් බැට් කොරන්න හම්බ වෙන්නේ නැතිය.

කලින් කිව්වා වගේම මට මොකා දින්නත් එච්චරම අවුලක් නැත්තේය. මොකෝ මම ආදරේ කරන්නේ ක්‍රිකට් වලට නිසාය. අනික මම ක්‍රිකට් වලට වඩා බලන්නේ අර කෑලී ටික දිහාය. මේකනම් අපේ වීරවංශලාගේ, සිහල උරුමයේ, ගුණදාස අමරසෙකරගේ, නලින් ද සිල්වාගේ වැඩක් වෙන්න ඕනය. මේ උත්තමයින් කර තිබෙන්නේ අපේ උරුමය ළොවට පෙන්නීමය. ඒ කියන්නේ අපි පැවතෙන්නේ යක්ෂයින්ගෙන් කියාය. රාවණා සීතාව උස්සගෙන ආවේ ඇයි කියලා තේරෙන්නේ දැනුයි කියා ඉන්දියන් කාරයෝ කොමෙන්ට් දාන්නේ ඉරිසියාවටමය.

මේ නියම ශ්‍රී ලාංකික කෑලිය. අම්බලන්ගොඩ වෙස් මූණූ දාගෙන යක් නැටුම් නටන්න ඕනෑ නැතිය. මුන්ට කිට් එක විතරක් ඇන්දෙව්වාම ඇතිය. මට හිතෙන්නේ පෝලියෝ වලින් ඔබේ දරුවා බේරාගන්න ඇඩ් එකත් මෙතන යනවා කියාය. ඩ්‍රෙස් ඩිසයිනර් නම් ආන්ඩුවේ සල්ලි වලින් පැරිස් යැව්වත් කිසි අවුලක් නැත්තේය. ඒ තරමටම මැචින් කලර්ස්ය. හැම හන්දියක් ගානේම ඉන්න බියුටි කචල්ලා කරන්නේ අහවල් එකද කියා ඇහුවේ අපේ තාත්තාය. නෝනා නම් කියන්නේ කට වහගෙන මැච් එක බලන්න කියලාය. මම නම් මගේ ආතල් එක ගන්නවාය. මේ ටිකේ නෝටි ඇමරිකා බැලුවේත් නැතිය. ඒ මොකෝ ඒකෙ ඉන්න උන් දැක්කම මගේ ඇහෙන් ඉස්ම එනවාය.  ඒ එන්නේ දුකටය.


පර කොල්ලෝ... ලොක්කට මැච් එක බලන්න එන්න එපා කියලා බුකියේ දාලාය. එහෙම දැම්මාට ඔය මොකා හිටියත් ලොක්කා ආවාම ග්‍රවුන්ඩ් එක පිරෙනවාය. චන්ඩි වගේ ඉන්න පොලොස් කෂ්ටිය ගැරඩි වගේ ඇඹරෙන නිසා මම නම් ලොක්කා එනවාට කැමතිය. එතන එකම මැච් එකක්ය. ඇටෙන්සොන් වෙනවාය. සැලුට් ගහනවාය. ලොක්කාට පේන්න ඉන්නවාය. වඳිනවාය, පොරකනවාය. මටනම් වර්ල්ඩ් කප් වලට වඩා ආතල් ඒවාය. දැන්මම කස්ටිය රතිඤ්ඤා එහෙම රගෙන ලෑස්ති වෙලාය. දින්නත් පැරදුනත් පත්තු කරන්න වෙනවාය. එහෙම පත්තු කරන්න හිතෙන්නේම නැත්නම්. ඕන මැච් එකක් හැමදාම දිනන ටීම් එකක් ඉන්නවාය. අන්න ඒ ටීම් එකේ මැච් එකක් දවසට පත්තු කරන්න තියා ගත්තානම් ඉවරය මේ ඉන්නේ ඒ ටීම් එකය...




තව ටික දවසකින් ෂොට් තුන හතරක් අරගෙන මර්ජ් කොරන්න වෙනවාමය..( පින්තූරේ පෝස්ට් එකෙන් එලියට පැන්නාට මට බනින්න එපාය..)

ඔබ සැමට සුබ අනාගතයක්
...!!!

67 comments:

  1. Replies
    1. කොයි කවදා ආවත් මගේ හිත පිරෙනවායා. මේ මාගේ බොග් ගුරාය..

      Delete
  2. ඇඬෙනව මේව අහල. කාටත් නොරිදෙන්න වදින්න ඕන තැනට ගහල තියනව.

    ReplyDelete
    Replies
    1. තනි ඇහැටද... ඇස් දෙකටමද..

      Delete
  3. ගැලෙපන කථාවක් කාලයට.අපේ රටේ මිනිස්සු ඕනම දේයකට උන්මත්තිකයෝ ලෙස හැසිරිම මා දකින දුර්වලතාවයකි.ඡන්දයක්,ක්රි ඩාවක් වෙනත් ඕනෑම කරුණකදි හැසිරිම පිළිකුල්.මිනිසාගේ පැවැත්මට අත්ය වශ්යල කරුණ විනය වේ

    ReplyDelete
  4. ක්‍රිකට් ගැන මුකුත් අද නොකියමි. හෙට කියමි

    ReplyDelete
  5. angata pathata nodani dena eka niyama thanwelata wadila shook kathawa thanks Mathalan

    ReplyDelete
  6. කොහෙන් ගියත් අන්තිමට කියන්නේ මැක්කා ගැන, අන්තිම පින්තූරේ ඔහොමවත් දාගන්න පුලුවන් වුන එක ලොකු දෙයක්

    ReplyDelete
    Replies
    1. කොහොමත් වයිඩ් ස්ක්‍රීන් දෙකක් වත් ඕන වෙයි ළඟදීම..

      Delete
  7. // මාලිංග බෝල් කරන්නේ නැති වෙලාවට, අත්වල ගම් ටිකක් ගෑවා නම් හොඳය.//

    සම්පූර්ණ ඇත්ත...හී හී...

    ReplyDelete
    Replies
    1. හාකෝබොන්ඩ් නම් ඉතා හොඳය

      Delete
  8. මතකද සනා අන්තිම කාලෙ බැට් කරන්න එනකොටත් කොල්ලො හූ කිව්වා.. අවුට් වුනාම අත්පුඩි ගැහුවා..

    ඕන ඔට්ටුවක් අද ලොක්කා ග්‍රවුන්ඩ් එකේ ඉන්නවා පෙන්නනකොටම කොල්ලො හූ කියනවා.. ඒකෙ දෙකක් නෑ..

    ReplyDelete
    Replies
    1. එකෙක් හූ තියන්නෙ නෑ... බේබිට නම් හූ තිබ්බා එදත්..

      Delete
  9. කොදෙව්වන්ට මාත් කැමතිය.. ඒත් අද ලංකාව ගහනවානම් හොඳය..

    ReplyDelete
    Replies
    1. බෝරිං නැති ගේමක් තිබුනොත් හොඳය...

      Delete
  10. ...මේක නම් පට්ට ලියවීල්ලක් ය. ඉස්සර බබාගේ ලියුමද මොකද්ද කියලා කොලමක්ද මේ වගේ තිබුණේය. අපි වගේ නොවේය අපි කවියක් ලිව්වොත් ඒක රචනයක් වෙන්නේය. උඹ රචනයක් ලිව්වත් කවියක් වගේය.අච්චු ගහලා පාරේ බෙදිය යුතුය .නෑ,එක්කෝ එහෙම ඕනේ නැතිය. සුදු වෑන්වල යන්නේ මොකටද ?

    ReplyDelete
    Replies
    1. මම ආස සුදු පාට ළොකු ජීප් වලට...

      Delete
  11. නියම පෝස්ට් එකක්නේ. ලෙසටම ලියල තියනවා.

    ReplyDelete
  12. හොඳ වෙලාවට බේබිලාට ක්‍රිකට් බැරිය. ටික හරි පුලුවන් උනානම් වෙස්ට් ඉන්ඩීස් කාරයෝ ගුටි කාලා මැරෙනවාය.

    ReplyDelete
    Replies
    1. අම්මපා එහෙනම් ගහලා හරි ගන්නවාය

      Delete
  13. උඹ ලස්සනට දොවල ලොක්කගෙ ගොම ටිකත් හිමීට හලාගෙන අගට ( හැමදාම කරනව වගේ )

    ReplyDelete
    Replies
    1. නැතුව බෑනේ.. අපිටත් ළමයි ඉන්නවනේ.. කකුල් කඩාගන්න අපි කැමති නෑ

      Delete
  14. මට නම් ක්‍රිකට් දිරවන්නේ නැතිය... මේ පාර කප් එකෙත් බැලුනෙ දෙපාරය.. එකක් ස්ටෙලා වෙන තැනකදීය... අනික ක්‍රිස් ගේල්ලා ඔසියන්ට දුවන්න ගහපු අන්තිම ඕවර් 3 ය... අද බලන්න හිතං ඉන්නවය... මොක වෙයිද දන්නේ නැතිය :)


    කාලගුණේ උන් අද වහිනවැයි කියලාය. කස්ටිය ඒහෙනම් හොඳයි කියනවාය. ඒ කාලගුණේ උන් කිව්වොත් කිරි ගහට ඇන්න වගේ හරි නිසාය...

    නටන කෑලි වලට නම් අපහාස උපහාස කරනවාට කැමැත්තක් නැත්තේය. මම නම් උන් දැක නැතිය. ඒ වුනත් උන් නටන්නේ කීයක් හරි හම්බු කරගන්නය. අහවල් එකේ අමාරුවට වෙන්නට බැරිය. ඒත් අදාල තැනට අදාල උන්ව දාන්න මොළයක්, දැනුමක් නැති උන්ට කවුරුහරි වේලාපු හරක් *** කින් ගසනවාට නම් කැමතිය...

    අවසාන වශයෙන් අද රෑට 6ඒ ඒවා කීයක් වැදේද දන්නේ නැතිය... ඒ ගැන නම් හෙට උදැහැනැක්කේම ප්‍රවෘත්ති වල කියනු ඇතිය... ඊයේ නම් දෙකක් ගසා තිබුනේය.. එකක් මටත් වැදුනේය... මාතලන් අයියාටත් සුබ අනාගතයක්ය...

    ReplyDelete
    Replies
    1. කාළගුණේ කිව්වා නම් බඩි ෂුවර්ය.. වහින්නේ සියඹලා ආන්ඩුවට වෙන්න ඕනෑය..

      Delete
  15. //ළකුණු 6 ලැබෙන්නේ ලණුවෙන් එහාට ගැහුවාම කියලා තවම අපේ උන්ට කියල දීලා නැතිය. ඒ නිසා අපේ උන් තවම ගහන්නේ ලනුවෙන් මෙහා පැත්තේ 6 ඒවාය. එතකොට කවුරු හරි අල්ල ගත්තොත් ඊළඟ මැච් එක වෙනකන් බැට් කොරන්න හම්බ වෙන්නේ නැතිය//

    සිරා කථාව , ඕක නම් මචන් ආසියාතිකයිට පොදු ලක්ෂණයක් , අපේ සනා , යුවරාජ් , අෆ්‍රඩිවගේ දෙතුන් දෙනෙක් ඇරුණාම ඔනීම බෝලයක් එලියට වනා ගන්න පුලුවන් ආසියාතික අය අඩුයි , තිසර සහෝදරයත් අර ගානට හැදිගෙන එනවා . සුද්දන්ටයි කොදෙව් කොල්ලන්ටයි අඩු නැතුව ඔය හැකියාව තියේ , පොලාඩ්ලා ටයිමින් අප්සෙට් කරන ඒවාත් නුලෙන් එහා පැත්තට වැටෙත්දි සංගා දැත බදලා ගහන ඒවා යන්නෙත් එක තැන උඩ ,

    අපේ කොල්ලො ටික දිනනවට කැමතියි සහ සුභ පතනව වුනත් මමත් ලංකාව පැරදුනොත් මැච් එක වැඩක් නෑ කියන තත්වෙට පත්වෙන හරි දිනපු ටීම් එකේ උන්ට මඩ ගහල ආතල් ගන්න එකෙක් හරි නෙවෙයි , හොඳ තරඟයක් බලලා , ඒ වෙලාවට ඒක රස විඳලා , ඒක එතනින් ඉවරයි !

    ReplyDelete
    Replies
    1. // රාවණා සීතාව උස්සගෙන ආවේ ඇයි කියලා තේරෙන්නේ දැනුයි කියා ඉන්දියන් කාරයෝ කොමෙන්ට් දාන්නේ ඉරිසියාවටමය.//

      අපේ මලය කෙනෙක් මේ දවස් වල ඉන්දියාවේ විශ්ව විද්‍යාලෙක ඉගෙන ගන්නවා , මම කල්පනා කලේ එහෙ උන් අරුට මෙහෙම කියන කොට මොනව හිතෙනව ඇතිද කියල . කෙල්ලනො ටික නම් පවු අහක යන පරිප්පුවක් නෙව කන්නේ .

      Delete
    2. අද රෑට ඒකටත් එක්ක සුපිරි කෑලි සෙට් එකක් බස්සනවාලු. පබා, ගයේෂා එහෙමත් එනවාලු.

      Delete
    3. මටත් දුකයි උන් ගැන.. ත්‍රිපොෂ පැකට් එක ගානේ වත් දෙන්නට ඕනෑය..

      Delete
  16. ඔක්කොම හොදය. කතාව පැත්තකය. කට්ටිය ශෛලියටම ඇලිලාය. ඔහොම යංය...

    ReplyDelete
    Replies
    1. මේ සයිලය ආතල් වගේය...

      Delete
  17. පොටෝව දිග වැඩි නිසා ලැපේ තිරෙන් අහකට පැන බිත්තියේ වැදුනේය. එහා කෙලවරේම සිටි තඩි බඩ සහිත අයෙක්ගේ බඩ වැදී බිත්තිය පුපුරු ගියේය. පාඩුව මටය. තොපිට ආතල්ය.

    // මේකනම් අපේ වීරවංශලාගේ, සිහල උරුමයේ, ගුණදාස අමරසෙකරගේ, නලින් ද සිල්වාගේ වැඩක් වෙන්න ඕනය. මේ උත්තමයින් කර තිබෙන්නේ අපේ උරුමය ළොවට පෙන්නීමය. ඒ කියන්නේ අපි පැවතෙන්නේ යක්ෂයින්ගෙන් කියාය. //

    මේ ටිකට මම ආසය. වීරේ උරුමය පෙන්නන්න ගිහින් අපිව චා කරන්නට ඇතිය. මේ කෙල්ලන්ගේ ඇදුම්වල කලර් මැච් කරන්නට ඇත්තේ බන්ු මාමාය. පොර ජ්‍යාමිතිකව කරපු වැඩක් විය යුතුමය.

    කවුරු දින්නත් සෑමාට අවුලක් නැතිය. බ.ඉ.කොදෙව්වෝ නිහතමානීය. පට්ට සිරාය. විටෙක අපේ උන්ට වඩා සිරාදෝ හැගෙන්නේය... ඒත් මට දේසදෝහි විය නොහැකිය. මේ ඇතිය.

    ReplyDelete
    Replies
    1. බිත්ති පිපුරුවාට අපට ආතල් නැතිය. ප්‍රේමදාස මහත්තයාට නඩු දාන්නය. වික්ටර් අයිවන් ගෙන උපදෙස් ලබා ගත හැකිය..

      Delete
  18. maru kathaava....FB 1ta uputa ganeemath ekka post kalaata kamak nane....

    ReplyDelete
  19. තෙන්නකෝන්ගේ සමාජ සමයං සහ සුරලොව ඇල්මන්ගේ නරලොව හොල්මන් මතක් වෙනවාය.මාතලන් නරකද පොතකට කතා එකතු කලොත්.සුදු වෑන් නැති කාලෙකෙ වත් පබිලිස් කරන්න

    ReplyDelete
    Replies
    1. දැන් එන්නේ සුදු වෑන් නොවේය.. කළු කාර්ය

      Delete
  20. Replies
    1. මොකද අනේ හැමදාම හුකු හුකු ගාලා යන්නේ..

      Delete
  21. අද මැච් එක මොකා ගැහුවත් කම් නැතිය. ඒත් ලංකාව දිනනවාට හිත යටින් කැමතිය.ලංකාවේ අයට 6 ඒවා ගහන්න යාර 30 සීමාවෙන් ටිකක් එහාටත්, කොදෙව්වන්ට දැනට තියෙන සීමාවෙන් තවත් මීටර් 30ක් එහාටත් හතරේ සීමාව සාදා දීමට හැකිනම් ඉතාමත් යහපත්ය. නටන ඈයෝ ගැන කතා කරාට වැඩක් නැත. උන් කරන්නේ උන්ට කියපු දේය. ඕවාට වග කිවයුත්තේ කිරිකැටි ක්‍රිකට් බෝඩ් එකය..

    පස්ට පෝස්ට් එකය.. මටත් ඒ ලියවිල්ලට ලියවුනේය..

    ReplyDelete
    Replies
    1. ලංකාව පැරදියි. දුකයි අෆ්ෆා.. :(

      මං කියන්නේ ලංකාව බැට් කරද්දී හතරේ සීමාව ළගට ගන්නම ඕනේ.නැත්නම් ජිවිතේට ලංකාව ගහන 6 බලන්න හම්බවෙන්නේ නෑ.අදත් වුනේ ඒකනේ.

      ලංකාව ෆයිනල් ආවත් මදෑ නේ?.. :)

      Delete
    2. එහෙම හිතලවත් සැනසෙමු...

      Delete
  22. දැන් වෙලාව 6.24 ය. තව ටිකකින් ගේම පටන් ගන්න නියමිතය. නමුත් මේක කියවා ඉවර කලෙමි. මොනා උනත් පිට්ටනියේ සිටිය එකෙක් හැටියට එතෙන්ට බැස්ස උන්ට අන්සියල්ලට කලින් සුබ පැතීමට උත්සුක වෙමි. උලුප්පා පෙන්නා ඇති අනෙක් කාරණා ගැන අද අවධානයෙන් සිටිමි. ස්තුතිය. දැන් ෆෑන් ටෝකුත් අවසන් වුනාය!

    ReplyDelete
  23. කියන්නට වචන නැත..ලිපිය එල ය. මැච් එක ඉවර වෙනතුරු බලා සිටිමි.. ඉවර වූවාට පසුද බලා සිටීමට සිදුවනු ඇත..

    ReplyDelete
    Replies
    1. දැන් වෙන මැච් එකක් තියෙනවාය... අපි එය බලා සිටිමු..

      Delete
  24. අම්මාට සනීප නැතිය.
    බෙහෙත් ගෙනඒමට ගියෙමි.
    අමුතු පොලීසියක් පාර පුරාය.
    “ස්පෙශල් ටාස්ක් “ ය
    ඇයි දැයි බැලීමි.
    අද කොළඹ මැච් එකය.
    කොල්ලො බොනවාය.
    රතිඥ්ඥා පත්තු කරනවාය.
    ගහමරා ගන්නවාය
    “ ස්පෙශල් ටාස්ක් “ ය
    මට හිනාය
    අම්මාට උණ හොඳ විය.
    රටේ උන්ට තාමත් උණය
    සන්නිපාතවීමේ සංඥාව රතිඤ්ඤා පවසනු ඇත

    අර පින්තූරයට රිංගන්නට ඇත්නම්
    ..........
    කැබිනට් එක කීවට
    කෝච්චියක් තරම් දිගය

    ReplyDelete
    Replies
    1. මෙතන හෝ මේවා ලියන එක ගැන මට ඇත්තේ පුදුම සතුටක්ය...

      Delete
  25. කරැමේ කියන්නෙ අ‌ෙප් මහත්තයට ක්‍රිකට් පිස්සුවක්වත් නෑති එකනේ. ෂික්.. අනිත් කටිටිය පකඩ පැකට් එකක් එහෙම ගෙනත් තියාගෙන 6.45ට ටීවී එක ඉස්සරහින් වාඩි වෙලා.... මොකෝ මට බලන්න ඕනෙ කියන්නයැ....

    ReplyDelete
    Replies
    1. ඒ මැච් නොබැලුවාට අවුලක් නැතිය.. බැඳපු අලුත නිසා වෙනත් ක්‍රීඩා ඇත්තේය..

      Delete
  26. කියපු සේරම ඇත්ත වෙලාය.. පහු වෙලා බලන්න ආව එකත් හොදයි...... මොනවා උනත් ලංකාව දිනයි කියලා නම් හිතිලා තිබුනේ....

    මොනවා උනත් පට්ට නැටුම් ටිකක් නම් ඉගන ගන්න ලැබුනේය.. ඒ නිසා ඒවා පෙන්නා ලකුණක් දෙකක් ගත යුතුය....

    ReplyDelete
    Replies
    1. අන්න හැදෙන මිනිස්සු..

      Delete
  27. මම තාත්තා එක්ක අද කොදෙව්වෝ දින්නොත් හොඳයි කියලා හෙනම වලියකුත් ගියා මම ජාති ද්‍රෝහියෙක් කියලා.එත් කොදෙව්වෝ කියන්නේ මම දැකපු නිහතමානීම කණ්ඩායම් වලින් එකක් අනිත් එක තමයි ක්ලයිව් ලොයිඩ් ගේ කාලෙන් පස්සේ කොදෙව්වෝ මේ වගේ ජයග්‍රහණයක්‌ ගත්තාමද කොහෙද ?

    ReplyDelete
    Replies
    1. අනිවා.. උන්ගේ මනුස්සකමට ලැබුන ජයක්....

      Delete
  28. අනේ මන්දා යාලුවා.. මොනවා කියන්නද කියලා. කියන්න දෙයක් ඉතුරු කරලා නෑ.. මම 100% ඔයත් එක්ක එකගයි. මේවා මේ රටේ මිනිසුන්න්ට තේරෙන්නේ නැත්තේ ඇයි කියලා තමයි හිත ගන්න බැරි....

    ReplyDelete
    Replies
    1. පාලකයන්ට වඩා මේ රටේ මිනිස්සුන්ට පිස්සු.. රටේ ජනතාවගේ හැටියටලු නේ පාලකයෝ බිහිවෙන්නේ.. ඉතින් පාලකයොත් ජනතාව වගේම තමයි. ඒකේ හොඳම එක..

      Delete
  29. අපි පැරදුනා,
    අයියෝ ඉඳල වැඩක් නෑ......

    //ගේල් අවුට් කර ගත්තාට මදිය, පොලාර්ඩ්, මාලන් සැමුවල්ස් වගේම ඩ්වේන් බ්‍රවෝලාත් බෝල නැති වෙන්නම ගහනවාය. තිසර ඇර අපේ උන් හයේ ඒවා ගහන්න නොගියාට අවුලක් නැතිය//


    ඔබ ටක්කෙටම මෙය දැන ගත්තේ ඔබ විශ්ව ශක්තියෙන් වැඩ ගන්න කෙනෙක්ද... හික්ස්

    පැරදුන එක, එක පැත්තකින් හොඳය.
    නැත්නම් බඩු මිල තවත් ඉහල යනු ඇත.
    අධ්‍යාපන අවුල එනම් ලැබෙන 1.8%ත්( හෝ දැන් ලැබෙන්නේ මීට කිට්ටු ප්‍රතිශතයකි ) වැඩියි කියා අඩු කරනු ඇත.
    නිර්මාල් ආයුධ පුහුනුව ලැබුවෙකු යයි ලොක්කෙකු කියා තිබුන එකෙන් (තල ගොයා, කිඹුලා කිරීම) ගොනා එන්නේ මොකටද කියා අපට සිහිය සැපත් වන්නේ පැරදුනු කලය.
    Thanks Mahela and his team for the favour

    ReplyDelete
    Replies
    1. දයල දන්නවද දන්නේ නෑ. 96 ජහග්‍රහණය පිටිපස්සේ ලොකු බලවේගයක් උන්නා. ඒ ගැන දන්නේ බොහොම ටික දෙනයි.. ඒ තමයි නම්බර් වන් මෝටිවේටර් කෙනෙක්. අද ඒ මනුස්සයටත් සුනාමිය නිසා අසරන වෙන්න සිඳුවෙලා. අද අපේ ටීම් එකට නැත්තේ ඒකයි. මැච් එක පරාදයි කියලා ඩිලයි මහේලයි බැට් කරන්න එන කොටම මම දැනගත්තා.. ඊට කලිනුත් බොඩි ලැන්ග්වේජ් තිබුනා.. ඒත් මම හිතුවා ඒක වෙනස්වෙයි කියලා...

      Delete
  30. මාතලන් කියු දෙයක් වැරදිලා නැත්තේය.

    ගේලා අවුට් වුනත් සැමුවෙලා ගේම දුන්නේය. ලණුව ලඟ හයේ ඒවා ගසන්නට ගිය අපේ අයියලාද අවුට් වී ගියේය [මුන්ට කන්න දෙන්නේ නැතිද මන්දා..?]

    ලොක්කා ආවේය. බකමූණාමෙන් මූණ ඉදිමවන් උන්නේය. අත වැනුවේය. එතැන් සිට මට කිසිවක් මතක නැත්තේය.

    මීන් වයිල් ඉන් පැරලල් යුනිවර්ස්: අධිකරණ ලේකමාගේ පිට කපලා තිබුනේය.

    ReplyDelete
    Replies
    1. // අධිකරණ ලේකමාගේ පිට කපලා තිබුනේය//

      ඇත්තටම බරපතල සීන් එක මේකය , හැබැයි අපේ උන් ලොක්කාව පතුරු අරින්නේ ෆයිනල් බලන්නට ගිහින් අත වැනුව එකටය

      Delete
    2. පැරලල් යුනීවර්ස් එකේ සීන් එක මා දැන ගෙන සිටි නිසා අනිතිම ටික ලීවේය. දැන් අපිට ඒ මැච් එක බලා සිටිය හැක. අධිකරණයට සම්බන්ධ උන් ජෝක් දාන කොට කට පුක වහගෙන ඉන්න උන්ට ඔහොම වෙලා මදිය. ප්‍රසිද්ධ එකෙක් කීව්වේ දුමින්ද චූදිතයා නොව වින්දිතයා කියාය. එකෙක් කට ඇරියේ නැත නින්දිත ලෙස උන්නේය. ආයිත් කිව්වේ එක්ස්ටසි විකුණන එකා අධ්‍යාපන ඇමති වෙනවා කියාය. එකෙක් කට හෙල්ලුවේ නැත. අධිකරණයටම ගල් ගැහුවේය. මුලින් හා හෝ ගා. බකන් නිලාගෙන සිටියේය. විමල් සහෝ වෝනින් එක දුන්නේය. ඔහොම බේරුන එක ඇතිය. එයා පිට රට යාවිය. ඊට පස්සේ අපිඔට ආතල්ය.

      මැච් එක ගැන කියනවානම්,මම කිව්වා වගේ ටාගට් කලේ ගේල් විතරය. අපේ උන් කිව්වේ උන්ට බෝලින් සයිඩ් එකක් ඇත්තේම නැත කියාය. අනික මැච් එක ගහන්න ඉස්සෙල්ලාම දිනලා ඉවරකර තිබුනේය. ගුවන් විදුලියේ සිංහලෙන් විස්තර දෙන පොල් බූරූවෙක් බටහිර කොදෙව්වො හැඳින්වූයේ පොලු මුගුරු රැගෙන එන වඳුරෝ කියාය. සැමුවෙල් ගේ කැච් එක ගන්න එතන ඩිලා දාන්න තරම් මොලයක් එකෙකුට වත් නොතිබුනේය. මාලිංගට වදිද්දිත්. ඌම දැම්මේය. තිසර බහන් නිලාගෙන සිටියේය. ටෙස්ට් ගහන තිරිමාන්නත් විස්සයි විස්ස ගහනවාය. ක්‍රීස් එකේ ඉඳගෙනම බැට් කරනවාය. අපේ උන්ට හයේ ඒවා ගහන්න බැරිය. බැරි වැඩ කරන්න ගොස් ඉල්ලන්ම කෑවේය.

      Delete
  31. ගනන් ගන්න එපාය . .
    මොන කෙංගෙඩිය උනත් අපිට මතක තියෙන්නේ සති දෙකය.
    ඕක හැබෑවටාම් හොයා ගත්තේ අපේ දුස්ටයා ප්‍රභාකරන්ය . .
    ඌ හොයා ගත්තු හොඳම දේ මේ සති දෙකේ සීන් එක වෙන්න ඇහැකිය.
    ඒ නිසා මක්කා උනත් හිනා වෙලා ඉන්ට හොඳාය . .

    ReplyDelete
    Replies
    1. කිසි අවුලක් නැතිය. මේ දේ වෙන බව මම කලින්ම දැනගෙන උන්නේය. මේ පළවෙනි වතාව නොවේය.

      Delete
  32. මැච් එක පැරදීමට ලොක්කා වගකිවයුතු නැත.ලොක්කා වගකිවයුතු නම් මාලිංග අසාර්ථක වෙද්දී තවදුරටත් ඔහුව පන්දු යැවීමේ නිරත කල මහේලත්.අවසන් තරගය සඳහා ඛෙත්තාරාමය තෝරාගත් ක්‍රිකට් පාලක මණ්ඩලයත් ඒ හා සමානව නොව ඊට දහස ගුණයකින් වගකිව යුතුය.

    ලොක්කාගේ වැරදි අනන්තවත් ඇත.එහෙත් ලොක්කාගේ self marketing ගැන වද වන අයියලා ප්‍රේමදාස යුගය නැවත මතකයට ගන්නවානම් යහපති.එදවස මේ තරම් තොරතුරු තාක්‍ෂණය දියුණු මට්ටමක තිබුනේ නැත.තාත්තා අලියට දාන නිසා අලියට චන්දෙ දාන පුතුන් සිටිනා,කැපුවත් නිල් දුවරු සිටිනා රටක මේවා සාමාන්‍ය සිද්දියක් ලෙස බැහැර කරනු මිස වෙන කුමක් නම් කරන්නද ?

    මම මේකේ දාන්න ගිය දීර්ග කොමෙන්ටුව පොස්ට් එකක් විදියට දැම්මා.
    ෆයිනල් එකට ඇරියේ මාමද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න