.

.

Oct 25, 2012

ලොව වයසකම අප්පොච්චි - World's Oldest Dad


තාත්තල ගැන ලියවෙනවා හරි අඩුයි. ඒ වගේම කවි සින්දුත් සෑහෙන අඩුයි. ඒකනේ ටී ඇම් ගේ නෝනා ලිව්වේ "පිය සෙනහසට කවි ගී ලියවුනා මදී" කියලා. සමහර වෙලාවට කවි ගී නොලියවෙන්න, "තාත්තා" කියන වචනේ කාව්‍ය රසයක් නැති හින්දද කියලත් වෙලාවකට හිතෙනවා. ඒත් "අම්මා" කියන වචනේ එහෙම නෑ. තාත්තා කියන වචනයට වඩා, ආදරයක්, කලාවක්, "අප්පච්චි" කියන වචනයේ තියෙනවා කියලා මගේ හිත මට කියනවා. කොහොම උනත් අපිත් "තාත්තට" කතා කරන්නේ තාත්තා කියලමයි. ඒක වෙනස් වෙන එකක් නෑ. මොකෝ අපි පාත්තයෝ නේ. බෙන්තර ගඟෙන් එහා ගල් ආඳෝ..

ගෑල්ලමයෙකුට අම්මා කෙනෙක් වෙනවා වගේම සතුටක් තමයි කොල්ලෙක්ට් තාත්තා කෙනෙක් වෙනවා කියන්නේ. ඒක තේරෙන්නේ තාත්තා කෙනෙකුටම විතරයි. ඒත් ටී ඇම් ගේ නෝනට අපටත් වඩා තේරුන නිසා වෙන්න ඕන අර සිංදුවේම තියෙන්නේ. "පුදුමයි පුතුනි මගේ මේ ලේ කිරි නොවුනේ" කියලත් කියන්නේ. ගොඩක් තාත්තලා ආදරේ පෙන්වන්නේ නෑ. ඒත් අම්මලා වගෙම දරුවන්ට ආදරෙයි. ඒක මම හොඳටම දැක්කේ මගේ ඥාතී පුතෙක් නැති උන වෙලාවේ. අපි ඔක්කෝම ඇඬුවා. ඔය හමුදාවේ දරුවෝ කී දෙන්ක් වෙනුවෙන් අපි කඳුළු හලලා ඇද්ද. ඒ වගේම තමයි දෙමළ දරුවොත්. මම නම් කොහොමත් හැම දරුවටම ආදරෙයි. (දැන් ඉතින් වනචර කොල්ලෝ අහන්න එපා වැඩියෙන් ආදරේ ගෑල්ලමයින්ට නේද කියලා.)

මේවා කියන්න නෙමෙයි පොස්ට් එක දැම්මේ. පට්ට කතාවක් කියන්න. මගේ කලින් පෝස්ට් එකේදි කස්ටිය අහල තිබුනා නේ "ඒ කියන්නේ 68 න් පස්සේ ගේම ඉවරද" කියලා. එහෙම අහපු අයට කියන්න තියෙන්නේ එහෙම බයක් තියෙනවනම්, වහාම ඒක නැතිකරගන්න කියන එක තමයි. ඒ වගේම වෙද මහත්තයා ඔන්න ලියලම තියෙනවා කාන්තාවන්ට 45 න් පස්සේ බබාලා ලැබෙන චාන්ස් එක බොහොම අඩුයි කියලා. නමුත් මේ කතන්දර බොරු කරලා තියෙනවා ඉන්දියාවේ ජෝඩුවක්.තාත්තගේ නම රාම්ජිත් අම්මා සකුන්තලා. ඒක නෙමෙයි කේස් එක රාම්ජිත් කොල්ලට වයස 96 සකුන්තලා කෙල්ලට වයස 52 යි.

හරි මං හිතුවා වගේම හිනා යන්න ඕන. මේ ජොඩුවට මීට අවුරුදු 2 කට ඉස්සේල්ලත් දරුවෙක් ලැබිලා තියෙනවා. එතකොට, වර්ල්ඩ් රැකෝඩ් එක අප්ග්‍රේඩ් කරන එක තමයි රාම්ජිත් කොරලා තියෙන්නේ. ඒත්, ආයෙත් නම් එයාට ඒක බ්‍රේක් කරන්න වෙන්නේ නෑ. මොකෝ එයා නෝනට වාසෙත්කමී සැත්කම කොරන්නලු යන්නේ. එතකොට ආයෙත් බබාලා හම්බ වෙන්නෙ නෑනේ. ඉතින් අපේ වනචර කොල්ලෝ වගේ, මේ ගමේ උනුත් එක එක කතා කියනවලු මේ ගැන. ඉස්පිරිතාලේ දොස්තරලත් හිනාවෙලා තියෙනවා. එහෙම වෙන්න හේතුව බැඳලා අවුරුදු 20 ක් විතරම ළමයි නැතුව තමයි ඉඳලා තියෙන්නේ.

 මටත් අර බබාලා හම්බ වෙන කොට තාත්තටත් වේදනාව දෙන්න කියපු කතාව මතක් උනා. දන්නෙ නැත්නම් කියන්න කොමෙන්ට් එකක් හැටියට හරි දාන්න බැරිය. හැබයි එහෙම සැක හිතන්න ඕනත් නෑ. අපේ සීයටත් බබලා හිටියේ නැති උනාට මැරෙණකන්ම කුඹුරු වැඩ කළා තනියෙන් ගමන් බිමන් ගියා. මැරෙණකොට එයාටත් 94 ක්, ඉතින් ගමක ගොවිතැනෙන් ජීවත්වෙන රාම්ජිත්ටත් ඒ වගේම ශක්තිය ඇති.

බීඩිත් ගහනවා වගේ
අනික පොර තාමත් ගොවිතැන් කරනවලු, පින් පඩියකුත් ලැබෙනවලු. පොර ඉස්සර මල්ලව පොර කරපු හාදයෙක්, තවමත් යෝගී ව්‍යායායමත් කරනවලු, සකුන්තලා හම්බ වෙලා තියෙන්නේ මුස්ලිම් පල්ලියක් ගාවදි. නෑයෙක් කාත් කවුරුවත් නැති සකුන්තලාගෙන් මාත් එක්ක යන්න කැමතිද කියලා ඇහුවම එයත් පැනලා එන්න ඇති. සකුන්තලා කැන්දන් ආවයින් පස්සෙ එයාටත් යෝගි ඉගැන්නුවලු. (ඒකනේ 52 වෙලත් කෙල්ල වගේ ඉන්නේ. දත් දෙක තුනක් නම් නෑ තමයි.) පොරගේ පින්තූර දැක්කම මූන රැලි වැටුනට අත පය ෆිට් පොරක්. පොර කැමති නෑලූ දරුවෝ කුලී වැඩ කරනවට ඒ නිසා දරුවෝ දෙන්නට කොහොම හරි උගන්වලා ලොකු මිනිස්සු කරන්න තමයි දෙන්නගෙම බලාපොරොත්තුව.

 උදේ 5 ට අවදිවෙන පොර හැන්දෑවේ 8 වෙනකොට නිදාගන්න යනවලු. පොර ෆිට් එකේ ඉන්නේ ආමන්ඩ් (කොට්ටම්බා), එළව්ළු, ගී, චපාති හා කිරි හින්දයි කියලයි පොර කියන්නේ. ඒ වගේම පොර නිදාගැනීම කෙසේ වෙතත් මුළු රෑම සෙල්ලම් කරනවා කියලා තමයි සකුන්තලා කියලා තියෙන්නේ. මුළු රෑම උනත් සෙල්ලම් කරන්න පුළුවන් උනත් දැන් දරුවෝ නිසා සෙල්ලම පොඩ්ඩක් අඩු කරලයි කියලයි රාම්ජිත් කියලා තියෙන්නේ. පොර හැම රෑම 3න් සැරයක් විතර හැංගි මුත්තා හැංගියෝ කරනවා කියලා තමයි වාර්ථාවල නම් තියෙන්නේ.

හැබයි ඉතින් සෙල්ලම් කරන්න පුළුවන් කියලා අහල පහල ඉන්න පොඩි ළමයි එක්ක සෙල්ලම් නොකර සකුන්තලා එක්ක විතරක් සෙල්ලම් කොරන එකට නම් රාම්ජිත් කොලුවට මල් තියලා වඳින්න ඕන. අපේ සීයලට සෙල්ලම් කරන්න ආච්චිලා නෑනේ. එයාලා පන්සලේ. ඉතින් ඒක නිසා අහල පහල පොඩි උන් එක්ක අපේ මුත්තලා හැංගි මුත්තා හැංගියෝ කරන්න ගිහින් අන්තිමේ නවතින්නේ මහ උළු ගෙදර. දැන් ඉතින් අපේ ආච්චිලටත් කරන්න තියෙන්නේ මේ රෙකෝඩ් එක කඩන්න අපේ රාම්ජිත්ලටත් අවස්ථාවක් දෙන එකයි.

ප: ලි:
කොට්ටම්බා කන්න ගිහින් සර්පයි දෂ්ඨ කොරලයි, කිරියි, ගීයි චපාතියි කාලා කොලෙස්ටරෝල් හදාගෙන කොල්ලෝ මැරුණයි කියන එකට මම නම් වග කියන්නේ නෑ ඕන්...


70 comments:

  1. Replies
    1. ඒක තමයි මාතලන් මම කියලා තියන්නේ අවුරුදු 45 වෙනකොට කාන්තාවන්ගේ ඩිම්භ රිසව් එක ආරක්ෂා කරන හෝමෝනය අඩු වෙලා යනවා. නමුත් සමහර කාන්තාවන්ට එසේ වන්නේ නැහැ. උදාහරනයක් විදියට ඔය පොලිසිස්ටික් ඩිසීස් තියන අය. එතකොට ඔය මහන්සිවෙලා වැඩකරන ළමයි බොඵෝමයක් හදාපු අයගේ මේ හෝමෝන සාන්ද්‍රණය ඉහලයි. ඒ අය වයසට ගියත් ළමයි දනවා. අපේ පොරවල් දෙක වගේ. පිරිමින්ට නම් මේකෙ විශේෂයක් නැහැ. මිලියන ගනනකින් එකක්නෙ ඕනෙ. ඒකට වයස බලපාන්නේ නැහැ. මම හිතන්නේ අපේ පොර කොල්ලට තියන වාසිය තමයි කෑම බීම, පිරිසිදු වාතය, සහ අර සෙල්ලම හැමදාම කරන එක, වගේ දේ.
      තව තවත් දරුවන් නැතත් සතුටින් ඉන්න ලැබේවා. (මාතලන්ටයි මටයිත් එසේම ඉන්න ලැබේවා!!.)

      Delete
    2. ඒක ඇත්ත පොරගේ ජීවීතේ පට්ට සරළයි සැහැල්ලුයි. මුල් තැන සෙල්ලමට ඒකයි රහස.. අපි අපේ ප්‍රශ්ණ මදිවට අනුන්ගේ ප්‍රශ්ණත් ඔලුවේ දාගෙනනේ.. මම හිතන්නේ වෙද මහත්තයා නම් එහෙම නෑ. මමත් එහෙමයි.. නැව ගිලිනත් බෑන් චූන්...

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මොකද අප්පා මේකට මුලින් දාලා තියෙන කමෙන්ට් දෙකම අයින් කොරගෙන තියෙන්නේ..?? :D

    ReplyDelete
    Replies
    1. වෙද මහත්තයගෙ එකනම් ඩිලීට් කොරන්න ඉස්සෙල්ල දැක්කා වචනයක් එහෙ මෙහෙ වෙලා තිබුනා ඒකයි මම හිතන්නේ ඩිලීට් කොලේ. ඒත් අනිත් එකානම් මොකක් හරි කුණුහබ්බයක් දාලා ඌටම ලැජ්ජා හිතෙන්න ඇති..

      Delete
  4. මම මේක කලින් දන්නවා. පත්තරවලත් තිබුනා. ඒත් ඒ එකක්වත් මෙතරම් රසවත් නෑ. මාතලන් උඹ නම් හැබෑ දක්ෂයෙක්. මේ වගේ එවත් ලියන්න. බොහොම රසවත්ව තියෙයි. ඔබට ජය.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.. පත්තරවල මේ වගේ ලියන්න බෑනේ..

      Delete
  5. //ගෑල්ලමයෙකුට අම්මා කෙනෙක් වෙනවා වගේම සතුටක් තමයි කොල්ලෙක්ට් තාත්තා කෙනෙක් වෙනවා කියන්නේ. ඒක තේරෙන්නේ තාත්තා කෙනෙකුටම විතරයි// සහතික ඇත්ත බං!

    ReplyDelete
    Replies
    1. මෙන්න මූ "සිරිමත් මගෙ සකි" වගේ හරි තැන්පත් ටයිප් එකේ කොමෙන්ටුවක් දාලා

      Delete
    2. ඉඳලහිටල අපිත් සීරියස් වෙනව බං. :)

      Delete
    3. මම කියන්න හිටපු දේ රජරටයා කියලනේ

      Delete
  6. අනේ වාසනාවන් දිරිය මිනිහෙක්.(පරණ ඇන්ටෙනාවලිනුත් සිරස බලන්න පුළුවන් කියන්නේ ඕකට තමයි)

    ReplyDelete
    Replies
    1. මිනිහෙක් නෙමෙයි කොල්ලෙක්.. අර ඇන්ටෙනා කතාව නම් මරු...

      Delete
  7. රාම් කොල්ලට අවුරුදු හතළිහක් අඩු කෙල්ලෙක් සෙට් වුනේ කොහොමද අෆ්ෆා?

    ReplyDelete
    Replies
    1. වෙන මුකුත් නෙමෙයි දුප්පත් කම...

      Delete
  8. ඇත්ත කියහං. උඹ කොට්ටම්බා පැල බිස්නස් එකක් පටං ගත්තා නේද? :D
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. හොඳ බිස්නොස් එකක් තමයි පටන් ගත්තා නම්...

      Delete
  9. ඔය කථාව ලංකාදීපේ දියතේ තියනවා අද දැක්කා. වනචර කොල්ලෝ කිව්වට මම ඔය කියන තරම් වනචර නෑ. ඒත් මොන හේතුවට මන්දා දැක්ක වෙලේ ඉදල මට හිතෙන්නේ මේක නම් ගමේ කොටු පනින එකෙක්ගේ වැඩක් කියල.

    හේතු කීපයක් උඩ,

    1. හර්යානා ප්‍රාන්තයේ බොහොම දුෂ්කර පැත්තක තමා මේ සිද්ධිය වෙලා තියෙන්නේ. ඉතිං මේක පරීක්ෂණ කරපු සිද්ධියකින් ඔප්පු වෙලා නැතු වග විශ්වාසයි.

    2. අවුරුදු 20ක් තිස්සේ ළමයි නැතුව ඉදල අවුරුදු 2ක් ඇතුලත ළමයි දෙකක් හැදුවා කියන්නේ...(මේක නම් එච්චර පුදුමයක් නෙමේ කියල හිතන අය ඊළග හේතුව බලන්න )

    3. අවුරුදු 20 කතාව අවුලක් කියල හිතෙන්න හේතුව තමා රම්ජිත් කියන විදිහට මේ දෙන්නා එක රාත්‍රියකදි තුන් පාරක් බැගින් රමණයේ යෙදිලා තියනවා. අවුරුදු 20ට ඔය කියන විදිහට අඩුම තරමේ 15000 ට වඩා වැඩි වාර ගානක් වෙන්න ඕන (මාසික ගැටළු වලට අවශ්‍ය ප්‍රොවිශන්ස් ලබා දී ඇත ) ඉතින් 15000 ට 1ක්?

    මොනව උනත් අපිට පාන්යැ. හැබැයි මොනව වුනත් කොල්ලෝ දෙන්නා හරි සීදේවි පාටයි. හැබැයි ඉතිං පුරස්නේ තමයි උන් දෙන්නා ලොකු මහත් වෙන කම් මේ උන්දැල දෙන්නට රැක බලා ගන්න පුළුවන් වෙයිද කියන එක.

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්නත් බෑ.. ඩී ඇන් ඒ ටැස්ට් එකක් තිබ්බ නම් රාම්ජිත්ට සාධාරනයක් ඉටුවෙයි.. නැත්තං ඉතින් පොඩි සැකයක් තියෙනවා තමයි

      Delete
  10. //කොල්ලට වයස 96// යස කොල්ලා!! :) හැබැයි ඉතින් ඇඟ දිහායි වැඩ දිහායි බලපුවාම නම් කොල්ලෝ මොක්කුද කියලා හිතෙනවා. බලන්නකෝ සිංහයා වගේ ඉන්න හැටි. මං ටයිටල් එක දකිද්දී නම් හිතුවේ ශුක්‍රාණු පරිත්‍යාග කරලා වෙච්ච සීන් එකක් කියලා.

    ReplyDelete
    Replies
    1. නෑ මේ දුප්පත් මිනිස්සුනේ.. ඕක සාමාන්‍ය දෙයක්.. අඩු වයසේ විවාහයි.. නාකි එක්ක යන එවයි වැහි වැහලා.. අපේ රටේ තත්වෙත් ඕකම තමයි...

      Delete
  11. //දැන් ඉතින් අපේ ආච්චිලටත් කරන්න තියෙන්නේ මේ රෙකෝඩ් එක කඩන්න අපේ රාම්ජිත්ලටත් අවස්ථාවක් දෙන එකයි//

    මඟුලක් කථා කරන්න එපා ,ඉන්දියාවේ වගේ ඉඩකඩ නැහැ මෙහේ . මටත් රාම්ජිත් කොලුවා වැඩකරුමද කියන ගැන චුට්ටක් සැකයි , කොච්චර කිව්වත් . ඕක විද්‍යාත්මකව හොයන්න කවුරුවත් උනන්දුව වෙන එකකුත් නැ වර්ල්ඩ් රෙකෝඩ් එක අහිමි වෙනවනේ රටට .

    ReplyDelete
    Replies
    1. රාම්ජිත් උපදින කාලේ ඉන්දියාවේ උප්පැන්න සහතික දුන්නද? මිනිහට 96 ක් පෙන්නේ නෑ හොර උප්පැන්නයක්ද කොහොමද දන්නේ?

      Delete
    2. බඩු ෂුවර්.. ඉන්දීය රජයෙන් ඒකනම් තහවුරු කරලා තියෙනවා..

      Delete
    3. ඕක විද්‍යාත්මකව හොයන්න?? උඹ මේ නාකි උන්දැගෙ පවුලත් කඩන්නද යන්නෙ.

      Delete
  12. //ප: ලි:
    කොට්ටම්බා කන්න ගිහින් සර්පයි දෂ්ඨ කොරලයි, කිරියි, ගීයි චපාතියි කාලා කොලෙස්ටරෝල් හදාගෙන කොල්ලෝ මැරුණයි කියන එකට මම නම් වග කියන්නේ නෑ ඕන්...//

    හපොයි මොකක හරි ලියලා තියාගන්ට හැදුවා විතරයි.:D

    ReplyDelete
    Replies
    1. අහුවෙන එකාට පුළුවන් තරම් ආමන්ඩ් කවන එකයි තියෙන්නේ... කඩෙන් ගන්න පුළුවන්නේ..

      Delete
  13. පත්තරේ දැක්කා සිද්ධිය. කලින් පාර බබා ලැබුන වෙලාවෙත් නෙට් එකෙන් කියෙව්වා...

    සමහරුන්ට " සීයා කොල්ලා " ගැන ඊරිසියත් හිතිලලු... මේ දවස්වල සුපර් මාර්කට් වල තියෙන ආමන්ඩ් ඉවරද දන්නෙත් නෑලු... :P

    ReplyDelete
    Replies
    1. ආමන්ඩ් වලට මාර මාකට් එකක් තියෙන්නේ මේ දවස්වල...

      Delete
  14. මාතලං ගොයියා එහෙනං රාම් හින්ද ගොඩ ගියා යන්තං පරණ පෝස්ට්කටුවෙ විලිලැජ්ජාව බේරගෙන. අඩේ මේ සීයා කොල්ල වැඩ කාරයා. ඔහොම තමයි ඉතිං පැට්රියට් මලයාගේ ගණං හිලව් එක්ක බැලුවම. ඔය හොද පොල් ගස් වලත් ඇට්ටි හැලෙන්නේ නේද?

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. වැදගත් අයට මේවා තේරෙනවා....

      Delete
  15. මේක ඩි එන් ඒ . එකකින්ම ඔප්පු උනානම් තමයි වටිනාකම වැඩි...(කොටු පැනිල්ලක් වෙන්නත් බැරි නැහැ )
    කොහොම උනත් සියා නම් ෆිට් පොරක් බව බැලූ බැල්මට පෙනෙනවා... කොහොම උනත් ඔය සෙල්ලම ආසාවෙන් දිගටම කරගෙන ආව කෙනෙක්ට වයස ප්‍රස්නයක් වෙන්නේ නැහැ..
    ලංකාවෙත් වැඩ පුළුවන් සීයලා ඕනේ තරම් ඉන්නවා කරුමෙට එයාලට අවස්ථාවක් දෙන්න කව්රුත් නැහැ... නැත්නම් ඔය ලෝක වාර්තාව තියන්නේ අනිවාර්යයෙන්ම ලංකාවේ සියෙක්...

    ReplyDelete
    Replies
    1. මොකෝ නැත්තේ, අපේ සීයල ඔයිට වැඩිය වැඩ කාරයෝ.

      ඔං දැන් බලන්න අපේ ජොලි සීයා (සින්දු කියන එක්කෙනා නෙවයි, දී මු සීයට කලින් ඔය ජොබ් එක කොරපු කළුතර සීයා ). ඉන්දියාවෙන් ගෙනල්ල ජයික් හිල්ටොන් එකේ සෙල්ලම් කොරා කියලනේ ඔය ඇයො කියන්නේ.

      Delete
    2. අනිවා අපේ ඉන්නවා ඔයිට වඩා වැඩ කරුවෝ.. 50 කෑලී නෙමෙයි.. 18 කෑලි තුන හතර තියාගෙන ඉන්න.. හරියට ඇමරිකාවේ වගේ....

      Delete
  16. මාතලන් අයියට සෙල්ලමක් ගැන ලියන්න තියෙනවනම් ඉතින් රස කරලම දෙනව.

    ReplyDelete
    Replies
    1. කවුද අනේ සෙල්ලමට අකමැති.. වෙනම අමාත්‍යශයකුත් තියෙන්නේ.. ක්‍රීඩා අමාත්‍යාශය කියලා...

      Delete
  17. හරි ඒක් පැත්තකින් තියමුකෝ,
    ඈ බොල මාතලන්, උඹලගේ සීයට ළමයි නැත්නම්, උඹ කොහොමද මෙහෙම ඉන්නේ
    මොකද එහෙනම් උඹේ අම්මා හරි තාත්තා හරි නැති වෙන්න ඕනිනේ

    ReplyDelete
    Replies
    1. සීයට ඒ වයසෙදි නෑ කියලා බන් කිව්වේ.. එහෙනම් කොහෙද මාතලන් කෙනෙක්...

      Delete
  18. ඔය විස්තරේ මම පුවත් පතක කියෙව්වා... ඔවුන්ගේ අසල්වැසියො කියනවලු දරුවන්ගෙ පියා මොහු නෙමෙයි මේ පුද්ගලයට එහෙම ශක්තියක් තියෙනවා කියලා විශ්වාස කරන්න බෑ කියලා... 96 කොල්ලා කියන්නෙ දිනකට 3 සැරයක් ගේම ගහන් මා ගැන ඉරිසියාව නිසා උන් එහෙම කියනවා කියලා... ඇත්ත මොකක්ද කියලා අපි නම් දන්නෙ නෑ ඕං...

    ReplyDelete
    Replies
    1. පොර හැබයි ෆිට් පොරක් කියලා පින්තූරවල නම් පේනවා....

      Delete
  19. //පොර හැම රෑම 3න් සැරයක් විතර හැංගි මුත්තා හැංගියෝ කරනවා කියලා තමයි//

    සීය නෙවේ එතකොට පොර.. අර ආච්චී බං :)

    ReplyDelete
    Replies
    1. නෑ සැමෝ... ආච්චි එච්චරම වයස නෑ.. ආච්චිගේ නෝටිම කාළේ...

      Delete
  20. මෙයාගේ කතාව මං කලින් කොහේදි හෝ කියවලා තිබුණා..මතකය අලුත් කළාට තුති

    ReplyDelete
    Replies
    1. නෝ ප්‍රශ්... තැන්කූ වේවා...

      Delete
  21. ඔයිට වඩා රෙකෝඩ් අපේ සීයල තියල ඇති. ඒ උනාට ලංකාවේ වැඩේට ප්‍රසිද්ධියක් දෙන්නෙ නෑ නෙ.

    ReplyDelete
    Replies
    1. මොකෝ බන් නැත්තේ හිටපු ගමන් තියෙන්නේ පත්තරවල මුල් පිටුවෙම.. හැබයි ඉතින් මහ උළු ගෙදර තමයි නවතින්නේ..

      Delete
  22. මේ කතාව ගොසිප් එකේ කියවලා පුදුම හිතුනා . මේ සීය ටිකක් අපේ මරදන්කඩවල යකඩය වගේ කියල හිතෙනවා .
    …ඉතින් දැන් මාතලන් අය්යත් මේව ආදර්ශෙට ගන්නද හදන්නේ ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්, මේ දවස්වල මාතලන් තමන්ට වඩා අවුරුදු 40 විතර බාල කෙනෙක්ව හොයනවලු...

      Delete
    2. @ ගිම්හානී

      නැතුව... නැතුවා (අර ආච්චි රේප් කොරන්න ගිය කතාව මතක් උනා)

      @ තිසර
      උඹ හඳන්නේ මාවත් මහ උළු ගෙදර යවන්නද...? බාල අපරාධකාරයෙක් හැටියට...

      Delete
  23. මටත් හිතෙන්නෙම කුඩෙන් වෙඩි තියපු සීන් එකක් කියලයි..
    ලංකාවේ සීයලටත් චාන්ස් එකක් හම්බ උනොත් රෙකෝඩ් නොතිය ඉන්න එකක් නෑ..

    ReplyDelete
    Replies
    1. ඔය තියන්නේ හිටපු ගමන්...

      Delete
  24. දෙමාපියන් ලමයි හදන්න පරක්කු කරන්න කරන්න ඒකෙන් ළමයින්ට වෙන්නෙ අසාධාරනයක්.. නිකමට හිතන්න මේ ලොක්කා 100 ගැහුවා කියලා.ඒත් අර ලමයට අවුරුදු 4යි තාත්තා නෑ. ඔහොම ප්‍රශ්නත් තියෙනවා. අර කතාව වගේ එකක් මං කාලෙකට කලින් ලිව්වා. කියවන්න කැමති කෙනෙක් වේ නම්

    http://sabithl.blogspot.com/2011/10/blog-post_29.html

    ReplyDelete
    Replies
    1. මක්කා කොරන්නෙයි.. හැම තිස්සෙම පත්තු වෙන්නෙත් නෑනේ..
      ඔහේ දන්නවනේ අපට වඩා...

      Delete
  25. අනේ ඔව්, මුන් දෙන්න වලකජ්ජ ගැහුවොත් අර ලමයි දෙන්නට යන කලදසාව මොකද්ද.... සීය අයිය නම් හරි ආඩම්බරෙන් ඉන්නෙ තමන්ගේ වැඩ ගැන... තව දහයක් උනත් හදන්නම් වගේ....

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ නෑ එහෙම වෙයි කියලා.. අම්මා තාම කෙල්ල වගේ.. අනික රජයෙන් ෆුල් සප් එකක් දෙයි...

      Delete
  26. සීයාගේ නිරෝගිකම ගැන නම් සතුටුයි. ඒ වුනත් ළමයි පව් .

    ReplyDelete
    Replies
    1. වර්ල්ඩ් රෙකෝඩ් තියපු ළමයිනේ.. එහෙම වෙන එකක් නෑ...

      Delete
  27. මේ ගැන නම් කලින් අහලා තිබුනා.ඒත් මේ ලිපිය කියවන්න ආස හිතෙන විදියටම ලියල තියනවා.මං අද තමා මේ පැත්තේ ආවේ.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ආවට.. පුළුවන් වෙලාවලට ඇවිත් යන්න..

      Delete
  28. මාත් කලින් මේ ගැන අහලා තිබ්බ වගේ මතකයි.. මුලින් කියලා තියෙන දේවලුත් ඇත්ත තමයි.. තාත්තලා ගැන ලියැවෙනවා අඩුයිනෙ...

    ReplyDelete
    Replies
    1. සෑහෙන අඩුයි.. ඒ නිසා මේ ගැන ආඩම්බරයි...

      Delete
  29. //අපේ සීයලට සෙල්ලම් කරන්න ආච්චිලා නෑනේ. එයාලා පන්සලේ. ඉතින් ඒක නිසා අහල පහල පොඩි උන් එක්ක අපේ මුත්තලා හැංගි මුත්තා හැංගියෝ කරන්න ගිහින් අන්තිමේ නවතින්නේ මහ උළු ගෙදර. දැන් ඉතින් අපේ ආච්චිලටත් කරන්න තියෙන්නේ මේ රෙකෝඩ් එක කඩන්න අපේ රාම්ජිත්ලටත් අවස්ථාවක් දෙන එකයි//

    සහතික ඇත්ත , අච්චිලා නිවන් යන්ඩ කියලා ගිහිල්ලා තවත් ඒ වාගෙම අම්මන්ඩිලා ටිකක් අල්ලාගන මුල්ලකට වෙලා අනුන්ගේ රෙදි හෝදනවා , අන්තිමට අහල පහල පොඩි කෙල්ලන්ට කොල්ලන්ට වෙන කැත කිලිටී හෝදලා අරින්ඩ බෑ.

    බාල අපරාද කරලා සීයලා හිරේ අරිනකොට ආච්චිවත් අරින්ඩ ඕන කියලයි මම හිතන්නේ

    ReplyDelete
    Replies
    1. ඔය ව්‍යවස්ථා හදන්න අපිට දුන්න නම් අපි දන්නවා හදන හැටි..

      Delete
  30. මට හිතෙන හැටියට නම් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම ලිංගික හැකියාම අවුරැදු 70 ක් විතර තියෙනවා. ඉන් එහාටත් ඇති. ඕක 50 විතර නතර කරන්න පුරදුවෙලා නිසා තමයි අවුල. සාමාන්‍යයෙන් ආයුකාලය වැඩිකරගන්න නිරේගී දිවියක් ගතකරන්න අත්‍යවශ්‍ය එක සාධකයක්.

    ReplyDelete
    Replies
    1. අපේ ගමේ උන්නා සීයා කෙනෙක් මැරෙන කොට 87 යි.. ඒ කාළේත් 35 ක විතර කෑල්ලක් තියාගෙන උන්නේ. ගිනි කිකිලියෙක් වගේ...

      Delete
  31. මිනිහ හිටපු wrestler කෙනෙක්ලුනෙ..කාර්යශුර ජීවිතයක් ගතකරල දැනටත් මහපොලොව එක්ක හැප්පෙන පොරක්...
    කටකතා කොහොම වුනත් තුන්තිස් පැයේම මිනිහ හැංගිමුත්තන් කෙලිනව කියල 52 කෙල්ලම කියනකොට ආයෙ තව එකෙක් එක්ක ඔට්ටු දාං අදින්න හය්යක්වත් ඕනෙකමක්වත් ඒ ඇත්තිට තවත් ඉතුරුවෙලා තියෙයි කියල හිතන්නත් බෑ...
    පොඩිඑකත් හරිම දඟකාරයෙක් වගේ පේනව...

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ඌත් හොඳ වැඩ කාරයෙක් වෙයි වගේ....

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න