අහෝ වැලන්ටයින්....!!!
අහුවෙන්නට එපා පුතේ.
අහුවෙන්නට එපා පුතේ.
අවුවෙන්නට එපා දුවේ.
කුරු මන්තන කරු වෙකි බටහිර,
වැලන්ටයින් උතුමානෝ....!!!
ආවේ නැතත් එයා.... මෙහේ...
පැනි හැලුවා..., මල් කැඩුවා....
ඉතිහාසෙත් ලව් කෙරුවා....
විජය කුමාරණ තුංගත්.....
වැල ඇද්දා, කොටු පැන්නා...
මා...ලනි ෆොන්සේකා විතරද?,
කුවේ... නියත්,
වැට පැන්නා, ලනු දුන්නා..
රජ පුටුවත් එපයි කියා....
මල් කැඩුවලු සාලියලා....
අරින් නැතුව පැනි හැලුවලු,
නෝනට ඇල පාතයලා.....
මේ පැනි හලනා කාලේ...
මේ මල් කඩනා කාලේ...
ඇටෙත් නැතිලු වැලන්ටයින් .
වැලන්ටයින් නෙමේ බොලව්...
කාම රාක්ෂයා තමයි.....
"මල් සරා"ගේ නම අරගෙන...
මල් අරගෙන, ඊ තලේට...
උක්දඬු දුන්නෙන් විදින්නේ.
උක් දන්ඩේ පැනි වැදිලා....
ඒ මල් හී සර වැදිලා...
මෝල් කලන්තේ හැදිලා....
මදන කුලප්පුව වැහිලා...
මෝල් කලන්තේ හැදිලා....
මදන කුලප්පුව වැහිලා...
කොල්ලෝ හං දියක් ගානේ,
පැනි පෙරනෝ, පැනි හලනෝ.....
කෙල්ලො ෆෝන් කනේ ගහන්,
මල් නෙලනෝ, මල් කඩනෝ....
කනේ ගහන් අයි පෑඩුයි ත්‍රී ජී ෆෝනුයි...
"පෝන්" කරනවා මහ මග ෆෝන් එකෙන්...
අනේ පනේ මග මරු ඇඟ උඩින් යනෝ....
ඔන් ද ස්පොට්ලු, වැලන්ටයින් උතුමානන්.....
.oOo.
මදන කුලප්පුව
නිමිත්ත - ආන්ඩුවේ ඉඩමක් ඉල්ලනට ගිය ව්‍යාපාරික කාන්තාවගෙන්, දිසාපති තුමා වත්ත දෙන්න නම් ...ත්ත ඉල්ලීම....
මදන කුලප්පුව
නිමිත්ත - ආන්ඩුවේ ඉඩමක් ඉල්ලනට ගිය ව්‍යාපාරික කාන්තාවගෙන්, දිසාපති තුමා වත්ත දෙන්න නම් ...ත්ත ඉල්ලීම....
දුමින්ද සිල්වට, සාරුව සුනිල්ලට...
විදි මල් සර වැදිලා, මහතුනි පුකට...
බිලිගන්නවා ජාතියෙ රන්, මල් කැකුළු....
මුන්ට විදින්නේ "රස් පුටියා" වත්ද....?
විදලා මල් සරා දුන්නෙන්, හතර අතේ.....
වැලන්ටයිලා, බලනා බලන අතේ....
මුදල සමග බලයත්, දැන් උන්ගේ අතේ...
මදන කුලප්පුව හැදිලා, ඉන්න නැතේ...
ගන්නට නම් නෝනේ, රජයේ වත්ත.....
දෙන්නට වෙනවා නෝනේ, ඔබෙ ....ත්ත...
ඉල්ලන සැම එකා, ලිංගික අල්ලස්....
ජුන්ඩා කපා, කරනට ඕනෑ කම්බස්...!!!
-x-
විදි මල් සර වැදිලා, මහතුනි පුකට...
බිලිගන්නවා ජාතියෙ රන්, මල් කැකුළු....
මුන්ට විදින්නේ "රස් පුටියා" වත්ද....?
විදලා මල් සරා දුන්නෙන්, හතර අතේ.....
වැලන්ටයිලා, බලනා බලන අතේ....
මුදල සමග බලයත්, දැන් උන්ගේ අතේ...
මදන කුලප්පුව හැදිලා, ඉන්න නැතේ...
ගන්නට නම් නෝනේ, රජයේ වත්ත.....
දෙන්නට වෙනවා නෝනේ, ඔබෙ ....ත්ත...
ඉල්ලන සැම එකා, ලිංගික අල්ලස්....
ජුන්ඩා කපා, කරනට ඕනෑ කම්බස්...!!!
-x-
ඔබ තුමාගේ හැකියාව මම හැමදාමත් අගය කරමි.ඔබ,නිර්මලා වැනි අයගෙන් රටට ලබා ගත හැකි දයාකත්වය මෙපමණද?
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
මං තුමාට, ඔබතුමා කියන්න ඕන නෑ. මාතලන් කිව්වාම ඕනවටත් වැඩියි...
Deleteඅපි කියන්නේ මාතලන් ලොක්කා කියලයි.
Deleteමාතෙ කීවත් මදෑ නැද්ද?
Deleteමූ තුමාට ලැජ්ජ හිතිලා ඔබ තුමා කිව්වට
Deleteඅනේ ඇත්තටම ලැජ්ජයි බන්
Deleteලැජ්ජ බීටි ගාහං
DeleteWesak budu hamuduruwo, nattalata jesu tuma wikunana eke valantain 1 ta adare vikunana eka mokakda? Illumata anuwa tama sepauma.
ReplyDeleteඅනිවාර්යයෙන්. නමුත් මෙතන බලෙන් දෙන මෙතඩ් එකකුත් යනවා
Deleteආර්තික පුරස්න
ReplyDeleteදේසපාලන පුරස්න
සාමාජීය පුරස්න
හම්බ කුමන්ත්‍රණ
විදේසීය කුමන්ත්‍රණ
මෙකී නොකී පුරස්න වලින් මිරිකිලා ඉන්න ජනතාවට මේ වැලන්ටයින් මගුල නිසා එක දවසක් හරි ඒ පුරස්න අමතක කරන්න ඇහැකි නම් ඒකත් මදෑ කියලා හිතෙනව බන් . .
ආතල් ගන්න දේවල් අඩු කල, මෙහෙම එකකින් හරි ආතල් එකක් ගන්න එක. ළොකු දෙයක්. ඒත් වෙළෙන්දන්ට අහුවෙලා මෝඩයෝ වෙන එකයි දුක. ආදරවන්තයන්ට ඇත්තටම දවසක් ඔනෑද ආදරය කරන්න.
Deleteවැලේ වැල් නැතිව ඉන්නා අපිට මොන
ReplyDeleteවැලන්ටයින්ද මහත්තයෝ.............
කනේ තිබුණු කරාබු දෙක උකසට
සින්න උනා මහත්තයෝ.............
අතේ තිබුන පනම් දෙකෙන් සිහින
මැවුව මහත්තයෝ.............
වලෙන් ගොඩ එන්න ක්‍රමයක් කියා
කියා දියන් මහත්තයෝ...............
වැලේ වැල් නැතිව ඉන්නා අපිට මොන
Deleteවැලන්ටයින්ද මහත්තයෝ............
+++++++++++++++++++++
මරු කවිය.. නියමෙටම ලියවිලා තියෙනවා...
Delete//වැලන්ටයින් නෙමේ බොලව්...
ReplyDeleteකාම රාක්ෂයා තමයි.....
"මල් සරා"ගේ නම අරගෙන...
මල් අරගෙන, ඊ තලේට...
උක්දඬු දුන්නෙන් විදින්නේ.//
මේ ටිකම ඇති මාතලං වදින තැන්වලට රිදෙන්නම වදින්න..
එහෙම වදින ප්‍රමාණය වැඩියි මගේ හිතේ. දැන් ඉස්සර තරම් කොල්ලෝ කෙල්ලෝ අහු වෙන්නෙ නෑ...
Delete//...
ReplyDeleteවිජය කුමරු, විතරක්මද?,
විජය කුමාරණ තුංගත්.....
වැල ඇද්දා, කොටු පැන්නා...
මා...ලනි ෆොන්සේකා විතරද?,
කුවේ... නියත්,
වැට පැන්නා, ලනු දුන්නා.....//
නියමයි මාතලන් ගොයියෝ...
මොකක්ද කොටු පනින, වැල අදින, වැට පනින, ලනු දෙන එකද...?
Deleteකාලෙකින් බොහොම රහට මා තලන්ගෙන් කවි ටිකක් අහගත්තෙ...පෙබරවාරි 14 මොකද කරන්නෙ...ලව් ට්‍රේන් එකේ යනවද ?
ReplyDeleteඅපි හැමදාම යන නිසා ඔවට වෙනම දවසක් ඕන නෑ...
Deleteවැලන්ටයින් කවි.... මරු මරු....
ReplyDeleteවැලන්ටයිනුත් මරු නේ....
Deleteනියමම කවියක්...
ReplyDeleteපොඩ්ඩක් හිනාවකුත් අවා.ඒත් මේකෙන් තවදුරටත් හිතන්න දේවල් තියෙනවා.නියමයි....
කවි වල වටිනාකම් ඒකයි..
Deleteඔන්න කෙල්ලන්ට/කොල්ලන්ට මාතලන් මාමා විස්තර ඇතිව උපහරනත් එක්ක කවියෙන්ම ලියල තියෙනව.තේරුම් ගන්නවනම් ගන්න.
ReplyDeleteඅපිලනම් ඉතින් //ඇටෙත් නැතිලු වැලන්ටයින්// ල නෙ.
වැලන්ටයින් මක්කටෙයි බන් ලව් කරන්න...
Deleteඅපි වැලන්ටයින් සමරන්නෙ අද :)
ReplyDeleteඋපන් දිනේලුනේ ;)
Deleteඅපි නම් හැමදාම...
Deleteවැලෙන්ටයින් කවි රසයි, යසයි!...
ReplyDeleteඒ වගේම මිළ අධිකයි...
Deleteහුටා.....මම නම් මේ අවුරුද්දෙත් ජයග්‍රාහී විදිහට මගේ ලොකට්ටුව බේරා ගත්තා....
ReplyDeleteමොළේ තියෙන් එකෙක්
Deleteවැලන්ටයින් ඉලලා අස් වෙලා. දැන් ඉන්නේ රස්පුටින් සිල්වා..කියල කෙනෙක්.
ReplyDeleteමෙහේ වැලන්ටයින් සැමරුවට උදේ හවා පිරිත් කිව්වට ඉන්නේ රස්පුටීන්ලා...
Deleteවැලන්ටයින් ලෙඩ නිවාඩු පිට.. මෙවර සේවයට නොපැමිනේ. කනගාටුයි
ReplyDeleteමටත් පේන්නේ ඒ වගෙයි...
Delete//
ReplyDeleteරජ පුටුවත් එපයි කියා....
මල් කැඩුවලු සාලියලා....
අරින් නැතුව පැනි හැලුවලු,
නෝනට ඇල පාතයලා.....
මේ පැනි හලනා කාලේ...
මේ මල් කඩනා කාලේ...
ඇටෙත් නැතිලු වැලන්ටයින් .//
කොහෙන් එන වචනද බන් මේවා..නියමයිනේ
බොක්කෙන්ම එනවා පොඩි කාළේ ඉඳන්...
Deleteමම ජීවත් වෙන්නෙත් බොහොම අමාරුවෙන්. ආවදෙන්කො මට විදින්න ඕකා. අන්න එදාට තමා වැලා දැනගන්නෙ ඌ කෙහෙල් ගහට තමා කෙටුවෙ කියල
ReplyDeleteවැලා හොඳ එකෙක්, උගේ නම විකුනන් කන උනුයි වැරැද්ද කරන්නේ...
Deleteවැලන්ටයින්ට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteමොන රෙද්දක්ද බන් මේ.. මල ගෙයක් කිව්වත්, රාජ සම්පත් ලැබේවා එකම තමයි දාන්නේ..
Deleteහික් හික් හොක් හොක්
Delete(අනේ පොඩ්ඩක් හිටහල්ල මගේ දත් සෙට් එක බිමට වැටිල )
මන් නම් 5000 එකතු කරනවා ,
ReplyDeleteමේ පාර වැඩි විසේසයක් නැහැ ...
මොනවා 5000 ක්ද...?
Deleteai ban kasada sahathike ganna epai..
Deleteoya wichchurana karala baha...
අම්මපා හැබෑව....
Deletehok hok
Deleteඉරිච්ච කමිසයක් ඇඳන්
ReplyDeleteකැඩුනු රබර් දෙකක් දාන්
ගාට ගාට ආපු කෙනෙක්
මඟදි හම්බුනා
අනේ නෝනෙ මගෙන් මලක්
ගන්න එකක් ශත පනහයි
පරණ ගෝනි මල්ලක කට
ඇරල පෙන්නවුවා
සුවඳ හමන නමුත් පරණ
වියළී ගිය රෝස කුසුම්
ගෝණි මල්ල පුරවාලා
තිබුනා පරවෙලා
පර මල් මොකටද අන්කල්
පර වෙන්නෑ දැන් ඇති මල්
කඩෙන් ගන්න එකක් දෙසීයයි
පර වෙන්නෑ ආදරෙ වගෙමයි
ගෝණි මල්ල කරේ තියන්
කඳුළු පිරුණු නෙතු හරවන්
ආපසු යන්නට වාගේ උන්දැ සැරසුනා
“ උන්නැහේ නම මොකක් ද “
මමත් විමසුවා
ආ මග ඉදිරියට පයක් තබා හැරුනු
ලොකු උන්නැහැ
“ වැලැන්ටයින් “
“ වැලැන්ටයින් “
“ වැලැන්ටයින් “
මගේ නමයි “ වැලැන්ටයින් “
කිය කිය පිස්සුවෙන් වගේ
යන්නට ඇදුනා
“අනේ කොහෙ ද යන පිස්සෙක්“
කෙල්ලකගේ අත දවටන්
එතනින් ගිය තරුණ පොරක්
හයියෙන් කීවා
කෙල්ලත් එක්කම හෝටල්
කාමර නැහැ ඔක්කම බුක්
කාමරයක් නැද්ද ගන්න
රහසින් ඇසුවා
සමරන්නට වැලන්ටයින්
කාමර අද හරිම ගනන්
බොක්ස් ඇති තැන් නැද්ද
මෙහේ කෙල්ලත් ඇසුවා
අනේ මෙහෙම රටක් කොහේ
ආදර සුව විදිනු නොහේ
මගේ ස්වීට් හාට් මගේ මතකෙට ආවා
පර මල් රුපියල් හතරක
අරන් දෙන්න හිතන් මමත්
පිස්සු වැලන්ටයින් ගිය මග
ඔස්සේ වැටුනා
“ ඉන්න ඉන්න වැලන්ටයින් “
අත් පොඩි ගසමින් පස්සෙන්
පන්නා ගිය නමුදු අනේ
“ මට මඟ ඇරුනා “
"දිග වැඩි"උනාට 14 Feb:"Valentine Day" එකට අරුතක් ඇති සොදුරු කතාවක් කවි කරල.
Deleteමේකත් සුපිරියි සොසියෝ! කීපිට් අප්යැ!
Deleteමාතලන් සහ සොසීගේ කවියට කවිය!!
මේකත් නියමයි වත් අක්කේ
Deleteඋපරිමයි මේ කවිය. මට දුක සොසී මේ වගේ කවි නොලියන එකයි.. එයා මේ වගේ ඒවා ලියන්නේ මගේ එකේ තමයි....
Deletethis poem is too long, but excellent!
Delete//එයා මේ වගේ ඒවා ලියන්නේ මගේ එකේ තමයි....//
Deleteනිමිත්ත හදල දෙන්නෙ ඔයා.ඉතින් ඊට පස්සෙ බය නැතිව ලියතෑකි. මෙතන මට මගේ තැනට වඩා ආරක්ෂාවයි.(එහෙම දෙයක් දැනෙනවා)
ඔන්න මං ඔයාගෙ ඒකේ විතරක් නෙමෙයි.මගේ එකෙත් දැම්මා.හැබැයි ඉස්සෙල්ලම ලීවේ ඔයාගෙ එකේ තමා..ස්තූතියි. මාතලන්.
අනිත් අයටත් ස්තූතියි ගොඩාක්.
සුභ වැලන්ටයින් මෙව්වා එකක් වේවා.සේම් ටු යු කියන්න එපා අපිට නම් ඕවා නැහැ!
ReplyDeleteමෙන්න මෙයාට නෑලූ
Deleteහෆොයි..! නමකට වෙන්කෙරුණ දිනක්..!
ReplyDeleteකවි ටිකනම් ලොකු අරුතක්..!
ගත්තානම් යමක් කමක්
Deleteලැබේ සිතට ළොකු සතුටක්
අනේ අපිට නම් මොන වැලන්ටයින් ආවත් එදාටත් තමන් හිසට තම "අතමය" සෙවනැල්ල.
ReplyDeleteඒකට තමයි සමහර උන් වැලක් අදිනවා කියන්නෙත්.
Delete14 කියන්නේ බිස්නස් කාරයන්ගේ දවසක් , මල් ටිකක් චොක්ලට් ටිකක් විකුනාගත්තකි. එතැනි ගියහම අවන්හල් වලත් කාමර පිරෙන දවසක්.
ReplyDeleteකෙල්ලොන්ට පෙට්ටි ටික බේර ගන්නවත් මොළේ තියෙනවනම් ඇති.
Deleteboxism?
Deleteවත්ත වටේ වැටක් ගහන්න ගියත්, *තත් විකුනලා එන්න වෙයි දැන් කාලෙ නම් !
ReplyDeleteඅනිවා. ඒක නම් එහෙම තමයි...
Deleteවැලන්ටයින් කියන්නේ බිස්නස් එකක් නේ... ඉතින් ආදරයේ නාමේන් උන් සල්ලි හම්බ කර ගද්දි අපේ උන් කාමර අස්සෙ ගිහින් කඳුලු පෙරන් එලියට එනවා...
ReplyDeleteඒකට තමයි ගොන් කම කියන්නේ...
Deleteමොන xxxxx යකෝ කාමර අස්සෙ රිංගන්න යන්නෙ?
Deleteගජමන් නෝනනයි, රංචගොඩ ලමයයි දෙන්නම මතක් වුනා බන්...
ReplyDeleteවැලන්ටයින්... හුක්... මෑණියන්ගේ වස්ත්‍රේ....
හොඳ කතන්දරයක් තමයි ඒක...
Deleteවැලැන්ටයින් - දෙමාපියන්ගේ මුදල් දරුවන් විසින්ද, රැකියා කරන තරුණ-තරුණියන් තමා විසින් ද ලෝබ නැතුව වියදම්කරන කාලකන්නි දිනයකි.
ReplyDeleteමෝඩයාගේ දිනය කියලා නම් කරානම් හරියට හරි...
Deleteවැලන්ටුටිං හින්දා මේක මං ස්කිප් කරා ඊයේ.. ඒත් ඉතිං මාතලං කිව්වොත් අනිවා පස්ටයි කියල දන්න හින්දා ආයේ ඇවිල්ල බැලුවේ. අයියේ දැන්නං වැලන්ටුයිං කරන උන්ට ලොවෙත් නැති වෙන්නම වැදිල තියෙනවා.. සුභයි සුභයි වැඩේ සුභයි..
ReplyDeleteඑහෙම කරන්න එපා මීට පස්සේ... පස්සෙ දුක් වෙන්න වෙයි...
Deleteවැලන්ටයින් එන වසරේ ලංකාවට එන්න කලියෙන් මාතලන්ගෙන් අවසර ගනීවි, මෙව්ව අහල....
ReplyDeleteදැන් අර ඉස්සර තිබුන පිස්සුව අඩුයි සෑහෙන්න.
Delete