.

.

Feb 4, 2013

අතපසු වී අත් කැපීම - Medical Malpractice


අපේ රටේ පෞද්ගලික ඉස්පිරිතාල සෙල්ලම ගැන මෙන්ම, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හුටපටේ ගැන මා කලින් ලිව්වේය. අද එය යට ගොස් ඇති කාරණයක් වන අතර මාලබේ කරන්නේ පට්ට පල් බොරුවක් බව අද ඔප්පුවී හමාරය. කොහොමත් අපේ වෛද්‍යවරුන්ගේ උපාධිය, පිට රටවල පිලිගන්නේ නැත. ඔවුන් එම රටවලදි නැවතත් විභාගවලට පෙනි සිටිය යුතුය. පච කෙලියාට ඇත්ත එයයි. අනෙක් කාරණය නම්, අපේ වෛද්‍යවරුන් පුහුණුකිරීම අන් සෑම දෙයක් මෙන්ම යාවත්කාලීන නොවී ඇති බවයි. එය එංගලන්ත වාර්ථාවකින් පෙන්වා දෙන අතරම. අපේ රටේ මනෝ වෛද්‍යවරුන්ද පවසනුයේ, වෙද කම දැන උන්නත්, හෙද කම ගැන මෙළෝ සංසාර දෙයක් නොදන්නා බවයි.

කලින් ළිපියේ සඳහන් කල පරිදිම, ආන්ඩුවේ ඉස්පිරිතාලවල රෝගීන්ට සලකන ආකාරය එක දිනක් හෝ රජයේ රෝහලකට ගොඩ වූ අය පැහැදිලිවම දන්නවාය. වෛද්‍යවරුන්ටත් වඩා ගෙම්බර් දාන්නේ හාල්පාරූ ඇටෙන්ඩන්ලාය. ඔවුන් ඉන්නේ රෝගීන් බලාගැනීමට හා රෝහලේ කටයුතුවලට උදව් වීමට වූවද, අද රෝගීන්ගේ රෝද පුටු හා ඇඳන් තල්ලු කරගෙන යාමට සිඳුවී තිබෙන්නේද රෝගීන්ටමය. එසේ නැතිනම් නෑ හිතවතුන්ටය. ඔපරේෂන් හා බෙහෙත් දීමත් ජනතාවම කරනාවානම් එයාලා සතුටුය. මේ ගොඩට නයිටිංගේල්ලාද අයත්ය.

මේ දුක් විදින්න බැරි නිසා පෞද්ගලික එකකට ගියද අද ඒවාවල තත්වයත් එසේමය. ඒවාවල ඉන්නේ මෙලෝ පුහුණුවක් නැති නර්ස් නෝනලාය. කොටට අන්දවා වැඩේ ෂේප් කර ගන්නවාය. මුළු වාට්ටුවටම කොලිෆයිඩ් නර්ස්ලා ඉන්නේ එකෙක්ය. අම්බ ගනන් චාජ් කරලා, හාට් ඇටෑක් හැදෙන බිලකුත් දී, කෙලවෙන්න යන කොට, ඇම්බියුලන්ස් එකේ දමා එවන්නේ මහ ඉස්පිරිතාලේටය. බබා හම්බ වෙලා කෙලවෙන්න ගියොත්, කාසල් එකට පටවනවාය. කිසි අවුලක් නැත. මොකෝ ප්‍රයිවට් බෙහෙත් දුන්නාට, වාට්ටුවක්, ආන්ඩුවේ එකෙත් තියෙනවාය.

හොර දොස්තරලා මෙන්ම, හොර ඉස්පැසලිස්ලාත් ඉන්නවාදෝ කියා මාතලන්ට සැක සිතෙන්නේය. ඒ මොකෝ පඳුරකට ගැහුවත් ගායක ගායිකාවෝ, ඇමතිවරු මෙන්ම ඉස්පැසලිස්ලාත් 10 - 15 විසිවෙනවාමය. මේවා චෙක් කරන්නත් එකෙක් වත් නැත්තෙය. ඇමතියා හාල්පාරුවෙක්ය. අද පත්තරේක තිබුනේ ප්‍රාදේශිය සභිකයෙකුත් එයාව රවට්ටලා කියාය. එහෙම ඇමති කෙනෙක් මාෆියා එකකට බය වෙන එක අහන්න දෙයක් නැතිය. මෙය නම් අගය කල යුත්තේමය. අගවිනිසුරුතුමියට කෙලින්න කස්ටිය අධිකරණයෙන්ම හොයා ගන්න පුළුවන් උනත්, බලු දොස්තර කෙනෙකුටවත් ලෙඩේ අදින්න ජනාධිපතිටවත් බැරි වෙන්න මාෆියා එක බලවත්ය.

ඔය පරීක්ෂන වල මොන කමිටු දැම්මත්, වාර්ථාව දිය යුත්තේ වෛද්‍යවරයෙක්මය. ඒ නිසා අතට කෙලපු දොස්තර මහත්තයා නිදහස් වෙනවාමය. වැරදි කරුවා අත් අයිති එකාය. ඒ ගැන නෝ කතාය. එයා කියලා තිබුනේ මේක කෙල්ලගේ "වෙලාව" කියලාය. දෙයියාගේ "වෙලාව" ටිකක් හොඳ නැති උනේ ලෙඩා විස්ස විජ්ජාලේ කෙනෙක් නිසාය. එ නිසා ලෙඩේය. එතන ඉන්නේ කොහොමත් ලෙඩ ගොඩවල්ය. එහෙම කියන්නේ මම නෙමේය. ඇස් බී මාමාය. කොහොම හරි කොල්ලෝ ගේම ඇද්ද නිසා දෙයියන්ගේ හොම්බ බිම ඇනුනේය.

මේ කෙල්ල විස්ස විජ්ජාල කෙල්ලෙක් නොවුනා නම් දෙවිවරුන්ගේම පිහිටය. මොකෝ මේ පවුල ඉතා අමාරුවෙන් ජීවත් වන පවුලක්ය. පියා ගොවියෙක්ය, මව විදේශ ගෘහ සේවිකාවක්ය, අයියා ත්‍රී රෝද රථ රියදුරෙක්ය. කෙල්ල වෙලාවට නීතීය හදාරන එකෙක් වූවාය. නැතිනම් ඉතින් අබ සරණය. මෙහෙම ඒවා අනන්තවත් වෙනවාය. එහෙත් මිනිසුන් බයට අධිකරණයට යන්නේ නැත. මොකෝ එතනට ගියොත් ජීවත් වෙලා ඉන්න උනුත් මැරෙණවාය. දැන් ජනාධිපති තුමාත් කේස් එක දන්නවාය. ඇමතියාටත්, ඒකටවත් ඉදිරිපත් වෙලා සමාව ගෙන, අතක් දෙන්නට කොන්දක් නැත. එයාගේ කොන්ද නිර්වින්දනය කරලා තියෙන නිසාය.

මෙහෙම අත් වැරදීම් වෙනවානම්. අගතියට පත්වන පාර්ෂවයට වන්දියක් ගෙවීම සඳහා වෛද්‍යවරුන්ගේ පඩියෙන් කපාගන්නා රක්ෂණ ක්‍රමයක් ආරම්භ කලා නම්, ඔවුන් මීට වඩා වගකීමකින් හා කැපවීමකින් මෙන්ම සැලකීමෙන් කටයුතු කරනු ඇත. ඒවාට ඒ අය විරුද්ධ නම්, ජනතාව වෙනුවෙන් රජය හෝ රක්ෂණ ක්‍රමයක් ආරම්භ කල යුතුය. හොඳ වෙලාවක් බලා, ප්ලාස්ටර් දාන්න දොස්තරලා ඕන නැතිය. ඒකට පත්තු බඳින වෙද මහත්තුරු ඉන්නවාය. ඇත්තටම එහෙම ගියානම් මේ කෙල්ලගේ අතත් බේරෙනවාය. "වෙලාව" බලා වැඩකරන දොස්තරලා ඉන්න රටක, බෙහෙත් ගන්න ඉස්සෙල්ලා, වෙලපත්කඩේ බලාගෙනම ඉස්පැසලිස් කෙනෙක් චැනල් කර ගන්න එක හොඳය. මොකෝ "වෙලාව" වැරදුනොත් අත විතරක් නොව බෙල්ල උනත් කපලා දාන්න පුළුවන් නිසාය.

මේ කන්ඩායමට අයත් සිසුන්ට හා මේ දරුවාට කල හැකි හොඳම කාර්යය නම්, අනාගතයේ "වෙලාව" නරක් වන රෝගීන් වෙනුවෙන් පෙනී සිටීමට, "නීතී උපදේෂක සංගමයක්" පිහිටුවා ගැනීමයි. ඇය මූලිකත්වය ගන්නේ නම් ඕනෑ තරම් විදේශ ආයතන ඇයට උපකාර කරනවා නොඅනුමානය. මන්ද මේ සිද්ධියෙන් පසුවවත් ගුණාත්මක බව වැඩිවීම කෙසේ වෙතත්, අන් ක්ෂේත්‍රයන් මෙන්ම වෛද්‍ය ක්ෂේත්‍රයත් දිනෙන් දිනම අගාධයටම ගමන් කරනා නිසාය.

173 comments:

  1. මාතලන් මේ කඩේ යන්නේ කාටද?

    ReplyDelete
    Replies
    1. කඩේ යන්නෙද?.. කියන්න බෑ මෙයා එයාගෙ හිත මලක් වගේ... එයාට මොනව හරි කිව්ව ගමන් අප්සට්... ඉතින් එයා අඩනවා... මලිත් අඩනකොට චන්චලත් අඩනවා....

      Delete
    2. හැමදාම එකම කොමෙන්ටුවම ලියන්නේ. කොහේ හරි සේව් කරගෙනද ඉන්නේ. කොමෙන්ට් සෙට් එක... එහෙම ඇහුවට අප්ෂට් ගන්න එපා හොඳේ....

      Delete
    3. ඇනෝ මහත්තයට හිතුනද දන්නෙ නෑනෙ මාතලන් අයියව කඩේ අරින්න... කොහොමත් ඩොකාලගෙ වැරදි කියනකොට නටන ඇනෝල ඉන්නව ගොඩක්...

      Delete
    4. ඩොකාලට වඩා අමාරු ලෙඩ්ඩුන්ට....

      Delete
    5. අපේ රටේ ඉන්නෙ අමුතුම සත්තු ජාතියක්නෙ. බටහිර වෛද්‍ය ක්‍රමයෙන් ප්‍රතිඵල ලබමින්ම ඒකටම ගරහන්න තමයි හැමෝටම ඕනෑ. අර කැලෑ කොළ ටිකක් අඹරලා දීලා ගාණක් කඩා ගන්න හොර වෙදා තමයි වැඩකාරයා. නැතුව මහන්සියෙන් ඉගෙන ගෙන අවංකව සේවයක් කරන වෛද්‍යවරයා නෙවෙයි.

      Delete
    6. එහෙම සේවය කරනා පිරිසකුත් කොතනත් ඉන්නවා. වෛද්‍යවරුන් අතර පමණක් නොවේ...

      Delete
    7. මාතලන්ට බනින්න එපා... මූ අද දරු සුරතල් බලන්නෙ පුද්ගලික ආයුර්වේද වෙදෙකුගෙ පිහිටෙන්...

      Delete
    8. ඇනෝ... කරුණාකර මාතෘකාවට අදාලව කතා කරන්න. මෙයින් පෙන්වන්නේ ඔබේ හැදියාවයි...

      Delete
    9. "අර කැලෑ කොළ ටිකක් අඹරලා දීලා ගාණක් කඩා ගන්න හොර වෙදා තමයි වැඩකාරයා. නැතුව මහන්සියෙන් ඉගෙන ගෙන අවංකව සේවයක් කරන වෛද්‍යවරයා නෙවෙයි"
      මේ ලියන අනොනිමසා ෂුවර් එකටම ඩොකෙක් වෙන්න ඇති .සිංහල වෙදකම කරන, කරපු, දෙවිවරු වගේ මිනිසුන් අදටත් නැත්තේ නැහැ.හොර වෙදුන් ගැන කිව්වොත් ලංකාවේ වැඩිම හොර වෙදුන් පිරිසක් කරන්නෙත් බටහිර වෙදකම මිස සිංහල වෙදකම නොවේ."අර කැලෑ කොළ ටිකක් අඹරලා දීලා ගාණක් කඩා ගන්න හොර වෙදා" යනුවෙන් ඔය පරයා හඟවන්නේ සියලුම සිංහල වෙදුන්ව නොවේද.ඔය කියන විදියට අවංක සේවය කරන නොමිලේ බෙහෙත් දෙන (බෙහෙත් ලියා දෙන නොවෙයි, බෙහෙත් දෙන)දොස්තරලා කී දෙනෙක් ලංකාවේ ඉන්නවද කියල ඔය පොන්නයට කියන්න පුලුවන්ද? මම නම් මොනම විදියකවත් වෙදෙක් නෙවෙයි.මම කඩේ යනවත් නෙවෙයි.වේද මහත්වරුන්ට. ඒත් සිංහලයෙක් විදියටත් ,ඔය කියල තියෙන ශෛලියටත් මල පනිනවා.මට පේන්නේ මූත් කිසි උගත් කමක් නැති හොර (බටහිර)වෙදෙක්ද කොහෙද.

      Delete
  2. කෙල්ලටත් මොනාව හරි වෙන්න යනවද කොහෙද. පත්තරේකටත් කියල තිබ්බෙ නාමල් බේබිත් ඇවිත් දුක සැප බලල ගියා. එයාල හරිම හොඳයි කියල. ඊට පස්සෙ නීති විද්‍යාලෙ එකෙකුත් කිව්වෙ "අවසන් තීරනය ඇය සතුයි, අපි ඒ ඕනම තීරනයක් සමග ඉන්නවා" කියල. හොඳකට තියෙන්නෙ අපේ මිනිස්සුන්ට ඕකත් මතක තියෙන්නෙ සති 2යිනෙ. මොනව උනත් පව් අර කෙල්ල. කෘතිම අතක් දැම්මට තිබ්බ අත තරම් නෑනෙ ඉතින් ඔය මොකවත්.

    ReplyDelete
    Replies
    1. අර කොහේවත් යන්නේ නැති රනිලුත් ආවානේ. එයත් ලොක්කට කියන්නම් කිව්වේ... පොර ගාව සල්ලි නැතුව ඇති. අර සිරිකොතට එකතු කරපුවා හෙම...

      Delete
    2. රනිල් ආවෙත් නිති ශිෂ්‍යාවක් නිසා , සමාන්‍ය කෙනෙකුට වුනා නම් ස්වර්ණවාහිනියේ දවසක් දෙකක් අඬයි එතනින් ඉවරයි

      Delete
    3. හ්ම්ම්.. එයාව දැක්කම මටත් හිතුනා ආවෙ ඒක වෙන්න ඇති කියල.

      Delete
  3. ආයුර්වේද වෙදකමේ මේවා කිසිදා සිදුනොවේ... මාතලන් ආයුර්වේද වෙදකම ප්‍රමෝට් කරන්නේ එබැවිනි.....

    තවද ආයුර්වේද හොර වෙදුන් කියා කිසිවෙක් ලොවෙත් නැත....

    ආයුර්වේද ආයතන වල ඉන්නා හෙදියන්ගේ තත්වය ගැන මාතලන් දන්නවද?

    // පෞද්ගලික එකකට ගියද අද ඒවාවල තත්වයත් එසේමය. බබා හම්බ වෙලා කෙලවෙන්න ගියොත්, කාසල් එකට පටවනවාය//

    දැන් ඔය වැඩේ උනේ පුද්ගලික රෝහලකද? ලමයි 5ක් එකපාර ලගදි හම්බ උනේ පුද්ගලික රෝහලක තමයි...

    කරුණාකර වගකීමෙන් ප්‍රකාශ නිකුත් කරන්න... ඔයා රිසර්ච් කරල හොයා ගත්ත වගේ නෙ ලියන්නෙ... මේකත් ඔයා අර ලන්කාවෙ ගෑනුන්ගෙ සෙක්ස් ගැන ලියුව වගේ තමයි...

    ReplyDelete
    Replies
    1. පැනල දෙනව නම් සමාවෙන්න,
      රිසර්ච් නම් කරල නෑ මමත්,ඒත් ප්‍රයිවෙට් හොස්පිටල් වලින් ලෙඩෙකුට කරන අවසාන ප්‍රතිකාරය ලෙස රජයේ රෝහලකට මාරුකරපු අවස්ථා ඕනෑතරම් දැක තියෙනවා.

      Delete
    2. මෙවන් බූරූවන් සිටිනා රටකට අබ සරණ හැර අන් කුමන සරණක්ද...සමාජය ගැන් මෙලෝ හසරක් නොදන්නා අත දරුවෝ.... පොලොවෙ පය ගහලා ජීවත් වෙන උන් දන්නවා ඇත්ත තත්වය...

      Delete
    3. maathalan saho hadissiye kotanne ekai sinhala naththe.mama oba samaga hadawathin ekaga wemi.``මෙවන් බූරූවන් සිටිනා රටකට අබ සරණ හැර අන් කුමන සරණක්ද...සමාජය ගැන් මෙලෝ හසරක් නොදන්නා අත දරුවෝ.... පොලොවෙ පය ගහලා ජීවත් වෙන උන් දන්නවා ඇත්ත තත්වය... sahathika aththa saho.mama hamadamath comment kale ano kenek widiyata.eth api athare godak sahodara kamak thibuna.eth me asahanakara ano set ekek awith karumayak wela.ayeth obage kathawa uputa dakwami.........``මෙවන් බූරූවන් සිටිනා රටකට අබ සරණ හැර අන් කුමන සරණක්ද...සමාජය ගැන් මෙලෝ හසරක් නොදන්නා අත දරුවෝ.... පොලොවෙ පය ගහලා ජීවත් වෙන උන් දන්නවා ඇත්ත තත්වය...

      Delete
  4. අමුලික ඇත්ත ආණ්ඩුවේ ,ප්‍රයිවට් දෙකම දැන් එක වගේය...මටත් ඉන්ජැක්සොන් මාරුකරලා සුපිරි අත්දැකීම්
    ලබාගත්තේ ඔය හින්ද ..

    ReplyDelete
    Replies
    1. ලේ චැක් කොරන්න ගියාම කටු ඇනලා අත කනවාය. ගෙදර එන්නේ අත නිල් පාට වෙලාය. අනික් ඒවාත් එසේමැයි...

      Delete
  5. මාතලන් ඔබගේ පෝස්ට් එන්න එන්නම නී රස වෙනවා.අනවශ්‍ය කරුණු එක්
    කරන්න එපා .සරලව කෙටියෙන් පැවසිය යුත්ත පවසන්න..

    ReplyDelete
    Replies
    1. නී රස ඒවත් කියවන්න. පැනි රහ ඒවත් දෙන්නම් ඉඳ හිට.. හැමදාම පැනි රහ කෑවම සීනී හැදෙනවා. සෞක්ක ඇමති තුමා දේසනා කොලා බනට.....

      Delete
    2. ඒකට සීනි ඇමති ඉන්නවනේ එයා ඒවා බලාගනී

      Delete
    3. එයා නම් සීනී වලට මොකක් කරි කරයි. බල්ලන්ගේ ප්‍රධාන ආහාරයක් කරන්න උනත් පුළුවන්.. බල්ලත් ආන්ඩුවට ගියාලුනේ ඇමතිත් එක්ක..

      Delete
    4. නැ බල්ල ගෙදර තියල ඇමති විතරනේ ගියේ , ආන් දැන් බල්ල පෙරටුගාමියෙක් වෙලාලු !

      Delete
    5. අප්පට සිරි එහෙම කේස් එකක්ද.. මම හිතුවා බල්ලගෙත් කටේ සීනී කියලා....

      Delete
  6. ඔය වගේ කාළකන්නි හින්ද ඉන්න හොඳ මිනිස්සුන්ගෙත් නම කැතවෙනව... අවාසනාවට ලෙඩ්ඩුන්ට ස්ට්‍රයික් කරන්න බැරිවුනේ...

    ReplyDelete
    Replies
    1. දැන් තවත් මුදල් ගෙවා ලබා ගන්නා සේවයක් පමණයි. එකම වෙනස සම්පෙන් හාල් කිලෝ එකක් ගන්න එකයි සුපර් එකෙන් ගන්න එකයි විතරයි.

      Delete
    2. //අවාසනාවට ලෙඩ්ඩුන්ට ස්ට්‍රයික් කරන්න බැරිවුනේ...// :D

      Delete
  7. ලංකාවේ රජයේ රෝහල් වල වෛද්‍ය සේවාවන් සපයන්නේ නොමිළයේය. වෛද්‍ය සේවාවන් පිණිස වැය කරන්නේ රටේ දළ ජාතික ආදායමින් 2%ටත් අඩු මුදලකි. මේ රෝහල් ගොඩ නැඟීමට, පවත්වාගෙන යාමට, වෙද හෙද, සුළු සේවක කාර්ය මණ්ඩල වැටුප් වලට, බෙහෙත් වලට, රෝගීන්ගේ ආහාර වලට, ඇම්බියුලන්ස් වලට, අමාත්‍යාංශයේ වියදම් වලට සියල්ලටමය. මේ සොච්චම් මුදල කිසිම දෙයක් කරන්නට ප්‍රමාණවත් නැත.

    එයින් රෝහල් සේවාව රන් කරන්නේ කෙසේද?

    එක් වෛද්‍යවරයකුට/වෛද්‍යවරියකට දවසකට ප්‍රායෝගිකව බැලිය හැකි රෝගීන් ගණන මෙන් තුන් ගුණයක් පමණ බලන්නට නියම කිරීමෙනි. මෙහිදී අතපසු වීම් සිදුවීම ස්වාභාවිකය. මීට වඩා හොඳ සේවාවක් අවශ්‍ය නම් වෛද්‍යවරයකු/වරියක දවසකට බලන රෝගීන් සංඛ්‍යාව අඩු කරන්න.

    මෙහෙම කරලාත් වෛද්‍යවරයකුට ගෙවන්නේ සුළු වැටුපකි. වැඩියෙන් යමක් උපයා ගන්නට චැනල් සේවාව නීතිමය වශයෙන් පිළිගෙන ඇත. එතැනද බොහෝ වෛද්‍යවරුන්ට අය කරන්නට ඉඩ ඇත්තේ (රෝගීන්ට ගෙවිය හැකි ගණන අනුව) සුළු මුදලකි. එනිසා යමක් උපයා ගන්න නම් එතැනද වැඩි රෝගීන් ප්‍රමාණයක් බලන්නට සිදුවෙයි. එහිද අවාසිය රෝගියාටය.

    මේ විෂම චක්‍රය නොකඩා කිසිවකට විසඳුම් නොවේ. බොරුවට කෑ ගසා පලක් නැත.

    ReplyDelete
    Replies
    1. කෑ ගැසීමක් නොවේ. අඩු පාඩු පෙන්වා දීමක් පමණි. මුදල් ගෙවා ලබා ගන්නා දෙයක් හොඳ නරක කතා කිරීමට පාරිභෝගිකයාට අයිතියක් ඇත. මේ කිසිම හේතුවක් නිදහසට කාරනා නොවේ. එම ගැටලු විසඳා ගත යුත්තේ ජනතාවගේ අත් පා ඉවත් කිරීමෙන් නොව ආන්ඩුව හා ඇමතිවරුන් හා සාඛච්ඡා කිරීමෙන්ය. වැදගත් ලෙස අදහස් දැක්වීම, ඉතා අගය කොට සලකමි.

      Delete
    2. @මාතලන්, මෙතැන ඔබ කර තිබෙන්නේ ආණ්ඩුවට හෝ ඇමැතිවරුන්ට පමණක් නොව සමස්ත සෞඛ්‍ය සේවාවටම (ආයුර්වේද වෛද්‍යවරුන් පමණක් බේරා) දරුණු ලෙස පහර ගැසීමකි.

      Delete
    3. කිසිසේත්ම නැත. සත්‍යය හෙලි කිරීම පමණි. ආයුර්වේදයේ තත්වයද මෙයමය. (රාජගිරියේ). එහි රෝගීන් වෙනුවෙන් ඇති ඇඳන් ඉවත් කොට එම ප්‍රදේශය අමාත්‍යංශයේ කාර්යාල සඳහා පවරාගනිමින් රෝගීන්ගේ අයිතින් නැති කර දමයි. රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ කෙරුවාවද මේ හා සමානමය. (රාජ්‍ය අංශයේ සියළුම ස්ථානවල තත්වය එසේමය. එය ජනාධිපති තුමාම පිලිගන්නා කරුණකි.) අද සෑම තැනම තත්වය එයයි. කිසිම තැනක හොඳක් දැකීමට නැත. එය පෙන්වා දෙන කල, වේදනාවන් ඇතිවීම නොවැලක්විය හැකි කාරනාය. මා සඳහන් කල කිසිවක් බොරුවක් නොවන බව ජනතාව සහතික කරනු ඇත.

      Delete
    4. @මාතලන්, පෞද්ගලිකව වෙදකම් කරන ආයුර්වේද වෛද්‍යවරුන් ගැන ඔබේ මතය කුමක්ද?

      Delete
    5. ඔක්කෝම ගැනද කෙනෙක් ගැනද අහන්නේ... මට ලැජ්ජයි ඔයත් එක්ක....

      Delete
    6. එතකොට බැලුවම අපිට යන්න ඉතුරුවෙලා තියෙන්නෙ පුද්ගලික ආයුර්වේද ආයතන වලට විතරයි මයෙ හිතේ....

      මේක පෝස්ට් එකක්ද ඇඩ් එකක්ද?

      Delete
    7. @මාතලන්, නැහැ, ඔබ සියළු දෙනාටම බනිනවා එකම කොටසක් විතරක් බේරලා. ඇයි ඒ බයස් එක? ඔබේ බයස් පෙන්නන කොට ලජ්ජා විය යුත්තේ මා නොව ඔබයි. මා තනි කෙනෙක් ගැන ඇහුවේ නැහැනෙ. ඔබට සිංහල තේරෙනවා නම් ඒක අවබෝධ කර ගන්න පුළුවන් ඇතිනේ.

      පුද්ගලික සේවයේ නිරත ආයුර්වේද වෛද්‍යවරුන් ගැන ඔබේ අදහස කුමක්ද?

      Delete
    8. ඒ ගැනත් මෙසේම තමයි. එයත් මුදල් ලබා ගන්නා සේවාවක් නම්. එහි හොඳ නරක කතා කිරීමේ අයිතිය ඔබට ඇත.

      Delete
    9. අමරාවික්කේප වාදය කියන්නෙ ඕකට නේද?

      Delete
    10. ඔව්, අනිවාර්යයෙන්ම! එය මුදල් ලබා ගන්නා නොව මුදල් කඩා ගන්නා සේවාවක්. ලංකාවේ බොහෝ පෞද්ගලික ආයුර්වේද වෛද්‍යවරුන් අය කරන්නේ බටහිර වෛද්‍යවරුන් අය කරනවාට වඩා ඉතාම ඉහළ මිළක්. ඒද කිසිම ප්‍රයෝජනයක් නැති ප්‍රතිකාර වෙනුවෙන්. මගේ අත්දැකීම් දෙකක් කියන්නම්. දෙකටම මුහුණ දුන්නේ මගේ ඥාතීන් නිසා.

      1. දරුවකු පිළිසිඳ නොගන්නේ කාන්තාවකගේ ශරීරයේ 'ඌෂ්ණය' යැයි අමූලික බොරු මතයක් ප්‍රචාරය කර ඊට බෙහෙත් දෙන්නට කියමින් එක විසිට් එකකට රුපියල් දෙදහසක් පමණ අය කරන ආයුර්වේද වෙද හාමිනේ කෙනෙක් ගම්පහට කිට්ටු ගමක ඉන්නවා. බෙහෙත් ලෙස දෙන්නේ ඉතාම අඩු මිළට සිංහල බෙහෙත් කඩයකින් මිළට ගත හැකි සුලබ ඖෂධයක්.

      2. කැඩුම් බිඳුම් වෙදකම් වලට සාමාන්‍ය තැළුම් තෙල් පමණක් භාවිතා කර අතුල්ලා 'හොඳ කරන' තවත් 'වෛද්‍යවරයකු' මට හමු වී තියෙනවා කොළඹ නුවර පාරේ ළඟදී ඉදිකළ දෙවැනි පාලමට කිට්ටුවෙන්. මොහු අය කරන්නේද අස්ප ගණන්. නමුත් 'වෙදකම' අපට ගෙදරදී කර ගන්න පුළුවන් දේට වඩා වෙනසක් නැහැ.

      දැන් මේ දෙදෙනාම කරන්නේ හොරකමක්. නමුත් ඒ ගැන පැමිණිලි කරන්නවත් තැනක් නැහැ.

      Delete
    11. දම්රුවන්February 5, 2013 at 1:46 AM

      //දමයි. රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ කෙරුවාවද මේ හා සමානමය. (රාජ්‍ය අංශයේ සියළුම ස්ථානවල තත්වය එසේමය. එය ජනාධිපති තුමාම පිලිගන්නා කරුණකි.) අද සෑම තැනම තත්වය එයයි. කිසිම තැනක හොඳක් දැකීමට නැත. එය පෙන්වා දෙන කල, වේදනාවන් ඇතිවීම නොවැලක්විය හැකි කාරනාය. මා සඳහන් කල කිසිවක් බොරුවක් නොවන බව ජනතාව සහතික කරනු ඇත.//
      මමත් රජයේ සේවකයෙක්.. අනික ඔබගේ මතය සමග නිතර ගැටෙන අයෙක්. මොනවා නැතත් ඉහත සඳහන් වාක්‍යය සීයට දාහක් ඇත්ත.

      Delete
    12. එය ජනාධිපති තුමාම පිලිගන්නා කරුණකි.)

      එතකොට එතුමගෙ කට්ටිය හොඳඳ? නරකනං ඇයි එයාට හදා ගන්න බැරි?

      දැන් පැහැදිලියිද කාට කඩේ යනවද කියල. මොකද ඒලියන්තල ඉන්නෙ මහ ඉස්පිරිතාලෙ නෙමෙයිනෙ?

      Delete
    13. වැඩේ කියන්නෙ මේ උශ්ණම් කියන එක පැහැදිලි වෙන්නෙ බටහිර මතයක් වන නිවුටන්ගෙ ශක්ති සන්ස්තති නියමය ඇසුරෙන්... දැන් ඔයා කියන්නෙ මේව හරි කියලද මාතලන්... විලිලැජ්ජ නැති මතවාදයන් වෙනුවෙන් පෙනී සිටින්න එපා...

      පදනමක් නැතුව වගකීමකින් තොරව ලන්කාවෙ බෙහෙත් කරන කාණ්ඩ දෙකයි....

      01. බටහිර කියාගන්නා හොර ඩිස්පැන්සරි කාරයන්....
      ඇල්ලීමට ආයතන, නීති ඇත... පාලනයක් ඇත...
      02. ආයුර්වේද හොර වෙදුන්....
      පාලනයක් නැත... නීති නැත....

      ඔයාම කියන්න කෝකද වැඩිපුර අවුල් කියල...

      Delete
    14. @AnonymousFebruary 5, 2013 at 12:53 AM

      ලංකාවේ වෛද්‍ය සේවය නොමිල යේ යැයි පැවසීම එක්තරා ආකාරයක මුලාවකි. එය ජනතාවගේ බදු මුදලින් ලංකාවේ ජනතාව වෙතට සපයන සේවාවකි. ඒ බදු මුදලින්ම නිලධාරීන හා දූශිත ඇමතිවරුන් සිදු කරනු ලබන මිලදී ගැනීම් හා කලමණාකරණයේ වෙන ගසා කෑම් හා අඩු ලුහුඩු කම්ද දැරිය යුතු නිසා, ඇතැම් විට පෞද්ගලික බෙහෙත් ශාලාවකින් බෙහෙත් ගැනීමකට වඩා වියදමක් ඒ සදහා වැය වනවා වෙන්නට පුලුවන. නමුත් එක එල්ලේ රෝගියාගේන් මුදලක් අය නොකරන නිසා වෛද්‍ය සේවය නොමිලේ ලැබේ යැයි කෙනෙකුට කිව හැකිය. මේහි ඇති අනිත් කාරණාව නම් ඒදා වේල කන්න නැති මහියංගනේ සිරියාවතිලත් තමන්ගේ භූමිතෙල් කාලේන් හා සිනී ග්‍රැම් 250 න් , කොලඹ ඉන්න ඉහල මධයම පාන්තික අයවලුන්ගේ වෛද්‍ය වියදම් දැරීමට සිදුවීමයි.

      ලංකාවේ වෛද්‍ය සේචය නොමිලේ ලැබේ නම් අධ්‍යාපනයද ලංකාවේ ලැබෙන්නේ නොමිලේය. ලෝකයේ මිල වැඩිම උපාධිය වෛද්‍ය උපාධිය ය. ලක්ශ 100 න් මේහා ලෝකයේ කොහේවත් වෛද්‍ය උපාදිය ලබ ගත් නොහැක. ඒහෙත් ඒය ලංකාවේ ලබා දෙන්නේ නොමිලේය. ජනතාවගේ මුදලින් ඒවන් දෙයක් නොමිලේ ලබා ගත් වෛද්‍යවරයාගේන් ජනතාව නැවත බලාපොරොත්තු වෙන්න සැලකිලිමත් සේවයක් තමා හට නැවත ලබා ගැනිමය. ඒය ලංකාවේ කොතරම් දුරට සිදු වෙදැයි ප්‍රශ්ණ සහගතය. චැනල් සෙන්ටර් එකේදී පැය 2-3 දී රෝගීන් 100 ක් හොදින් බලන වෛද්‍යවරයාට,රෝහලේදී පැය අටකදී ඒවන් රෝගීන් සංඛයාවක් බැලිමට නොහැකි යැයි කීම තේරුම් ගත නොහැක්කකි. බටහිර රටවල පුහුණුඅවට යන වෛද්‍යවරුන් ඒ රටවලදී රෝගියාට යටහත් පහත්ව සේවය කර, ඇතැම් විට ඔවුන්ගේ සැර පරුශ වචන වලටද ලක් වී මෙරටට පැමින තමන්ට ඉගේනීමට සල්ලි වියදම් කල ජන්තාවට ම ගෙම්බර් දැමීම අනුමත කල නොහැක,

      වෛද්‍යවරුන් චැනල් වලින් සල්ලි උපයා ගැනීමේ වරදක් නැත.වරද ඇත්තේ රජයේ පඩියක් ලබා ගන්නා ගමන්, තමන්ගේ ඉගේනීමේ බරපැන දරපු ජනතාවට ගෙම්බර් දමමින් , නොසැලකිලිමත් ලෙස සේවය කිරීමයි.

      පාතලන් ලොක්කා යෝජනා කර ඇති ප්‍රොෆෙශනල් ඉන්ශුරනස් එක ඇත්තේන්ම හොද යෝජනාවකි. ඒය වෛදයවරුන් පමනක් නොව ඉන්ජිනේරූ, ආදි ජනතාව සමග කෙලින ගැටෙන සියලු වෘතිකය න් සදහා හදුන්වා දිය යිතුය.

      Delete
    15. 1. අධ්‍යාපනය නොමිළේ ලබා ගත්තද නැතද එක වෛද්‍යවරයකුට බැලිය හැකි රෝගීන් ගණනට වඩා රෝගීන් බැලීමට සිදුවීම අතපසුවීම් වලට ප්‍රධාන හේතුව සේ මම දකිමි. එක වෛද්‍යවරයකු බලන රෝගීන් ගණන සීමා විය යුතුය. ප්‍රායෝගික විය යුතුය.

      2. වෛද්‍යවරුන්ට චැනල් කිරීමට සිදුව ඇත්තේ ඔවුන්ට ලැබෙන වැටුප මඳ නිසාය. මීට දෙපාර්ශ්වයම වග කිව යුතුය. එක පැත්තකින් ආණ්ඩුව වෛද්‍යවරුන්ව හොරා කන්නට උනන්දු කරවයි. අනෙක් පැත්තෙන් වෛද්‍යවරුන්ද නිසි සැලකිලි නොදී රෝගීන්ගෙන් අසාධාරණ ලෙස මුදල් ගරා ගනිති. විද්‍යවරුන්ට නිසි වැටුපක් ගෙවන්නේ නම් ඔවුන්ට චැනල් කිරීමට අවශ්‍යතාවයක් නැත.

      3. මා හිතන හැටියට ලංකාවේ එක විශේෂඥ වෛද්‍යවරයකු දවසට රෝගීන් 200-300ක් වත් බලයි. මීට වැඩි වියද හැක. මේ සියල්ලන්ම කෙරෙහි සැලකිලිමත් වන්නටද ඔබ කියන්නේ? එය ප්‍රායෝගිකව කළ හැක්කක්ද?

      Delete
    16. මට තේරූම් ගත නොහැක්කේ චැනල් සෙන්ටර් එකේදී පැයකට ලෙඩ්ඩු 100ක් පමන බලා පෞද්ගලික ශල්‍යාගාර වලදි ශල්‍යකර්ම,සීසේරියන් සැත්කම් පෝලමට සිදුකරනා වෛද්‍යවරුනට පැය අටක රජයේ සේවයේදී ඒවන් කාර්‍යක්ශම සේවාවක් ලබා දීමට නොහැකි යැයි කියන තර්කයයි....අඩුම ගනනේ කාර්යක්ශමතාව පැත්තක තිබියදී තමන්ගේ රොගීයාට අනවශ්‍ය ගෙම්බර නොදා සිටීමට වත් , ලක්ශ 100 ක පමන වෛද්‍ය උපාධිය ජනතාවගේ බදු මුදලින් ලබා ගත් වෛද්‍යවරයා කල්පනා කරන්නේ නම් හොදය...

      තමන්ට ලැබෙන පඩිය හොද උවත් , නරක් උවත් චැනල් කිරීමේ වරදක් මා දකින්නේ නැත. පඩි හොද නැතන්ම් පූර්ණ කාලිනව චැනල් කරත් ඇත් ගැටලුවක් නෑත. එහෙත් කුමක්දෝ හේතුවකට රජයේ සේවයේ පඩි මදියි කියන වෛද්‍යවරයා එයින් ඉවත් වී පුද්ගලික චැනල් කෙරුවාවේ යෙදෙන්න්නේද නැත....එහෙත් පිටවන සියලු වෛද්‍යවරුනට රජයේ රෝහලේ අවස්ථාවක් ලබිය යුතු බව කියෙන්නේද වෛධය්වරුන්මය. මේවා නම මට නොතේරෙන කරුණුය..

      Delete
    17. @ ඉන්දික උපශාන්ත
      හැමදාම නගනා තර්කය අදත් නගා ඇත. මට ඔබ ගැන කනගාටුවනවා හැර වෙන කිසිත් කල නොහැක. මා අනෙකුත් ළිපි සඳහා යොදන කොමෙන්ට් කියවන්නකු නම් මගේ මතය වටහා ගනු ඇත. ඉන්දික මා ජීවත් වනුයේ පිට රටක නොවේ ශ්‍රී ලංකාවේය.

      @ ආයුර්වේද වෛද්‍යවරුන් ගැන නොදන්නා ඇනෝ..
      පාරම්පරිකව වෙදකම් කරනා අයද රජයේ ලියාපදිංචි විය යුතු බව ඔබ නොදැනීම ගැන මා ඉතා කනගාටු වෙමි. එසේ ලියපදිංචි නොවී කටයුතු කරන්නේ නම් හේ හොර වෙදෙකි, සුද්දන් වෙනුවෙන් ඇති "ස්පයිස් ගාඩන්" හා සම්භාහන ආයතන වල පවා වෛද්‍යවරයකු අනිවාර්යයෙන් සේවය කල යුතු අතර ඔහු රජයේ ලියාපදිංචි දේශීය වෛද්‍යවරයකු විය යුතුය.

      @ මයියාට පසු ඇනෝට
      බැරිනම් මොන කෙහෙල්මලටද කරන්නේ.. වෛද්‍ය වෘතිය කියන්නේ ඒකද. ඒකයි මම මුලදීම කිව්වේ. වෙද කම දැන ගත්තට, හෙදකම ගැන මෙළෝ දෙයක් දන්නෙ නෑ කියලා.

      Delete
    18. බොහෝම බැරෑරුම මාතෘකාවක්ය. දොස්තරවරු මදි නම් කැම්පස් එකට ගන්නා සිසුන් වැඩි කල යුතු යැයි ඉල්ලා එකදු දොස්තරවරයෙක් හෝ උපවාස කරනවා මම දැක නැත. එමෙන්ම අඩු පඩි කතාවද සාපේක්ශය. ඔබ මේ අඩු පඩියක්යැයි පවසන්නේ කවුරුන් හිතේ තබාගෙනදැයි නොදනිමි. නමුත් දන්නා පරිදි දොස්තරවරයෙකුගේ පඩිය එතරම් අඩු නැත. අවුරුදු 5න් 5ට සහන මිලට වාහනයක්ද ගත හැක. අනෙක රෝගීන්ට ගෙවීමට හැකි වන පරිදි තම චැනලින් ගාස්තුව අඩු කරනා දොස්තර මහතුන් මම නම් දැක නැත. ඒ නැතත් 1000 ගනනේ ලෙඩුන් 100ක් දිනකට බලනා දොස්තර වරයෙකුට දිනකට ලක්ෂයක් ඉපයිය හැක. මසකට ලක්ෂ 30කි. මෙය සුලු පඩියක්දැයි නැවත සිතා බැලිය යිතුය. මහජනතාවගේ මුදලින් නිකන් ඉගෙනගෙන, එතරම් මුදලක් උපයන දොස්තර මහතෙකුට තම රෝහල් රාජකාරියේ අඩු පඩිය ගැන දෙවරක් සිතා බැලීම වටී

      Delete
    19. උකුස්සා මෙය ඔබේ නොදැනුවත්කම පෙන්නුම් කරයි. දිනකට 1000 ගණනේ ලෙඩුන් 100 බලන්න specialistලා පමණකි. ලංකාවේ ඔවුන් ඇත්තේ 1500 අඩු ගණනකි.

      Delete
    20. @ මය්යා පැයකට ලෙඩුන් 100 බැලීම අතිශයෝක්තියකි .

      Delete
  8. "කොහොමත් අපේ වෛද්‍යවරුන්ගේ උපාධිය, පිට රටවල පිලිගන්නේ නැත. ඔවුන් එම රටවලදි නැවතත් විභාගවලට පෙනි සිටිය යුතුය. පච කෙලියාට ඇත්ත එයයි"
    නොදන්න දේවල් කතා කිරීමෙන් වලකින්න. ලෝකෙයේ ඔනම රටකින් පිටතින් රැගෙන එන වෛද්‍ය උපාදි පිලිගන්නේ නැත. ලංකාවට පිටින් අරං ආවත් මෙහේදී විභාගයක් ලිවිය යූතූයි

    ReplyDelete
    Replies
    1. ඉති ඒකම තමයි කියලා තියෙන්නේ. ඒ උනාට මෙහේ මතයක් ඇති කරලා තියෙනවා අපේ වෛද්‍ය උපාධියට ඕන තැනක සලකනවා කියලා...

      Delete
    2. අනෙක් කරුන ඉන්දියන් වෛද්‍යවර්ය් මෙහේ ඇවිත් බෙහෙත් දෙන්නේ නැවත පරීක්ෂණයට ඉදිර්පත් නොවියි...

      Delete
    3. ඔබට හිතෙන දේවල් ඇත්ත කියා නොසිතන්න. අනික ඔබට හිතෙන දේවල් සියලුම මහජනතාවට ඒ ආකාරයෙන්ම නොසිතේ.

      Delete
    4. """""ඉන්දියන් වෛද්‍යවර්ය් මෙහේ ඇවිත් බෙහෙත් දෙන්නේ නැවත පරීක්ෂණයට ඉදිර්පත් නොවියි...""""

      ඉතිං ඒක මෙහෙ දොස්තරලගෙ වරදක්ද?

      Delete
    5. තර්ක කිරීමෙන් වලකින්න මෙය බ්ලොග් පෝස්ට් එකක් නොව මුදල් නොගෙවා පල කල ඇඩ් එකකි...


      මොහු නොකියා කියන්නේ ලන්කාවේ ඉතා උසස් සේවාවක් සපයන පිලිගත් උභයකුල අති පාරිශුද්ධ වෙදදුරන් සිටින්නේ පුගලික ආයුර්වේද සේවාවේ බවයි....

      Delete
    6. හැබෑට ඇනෝ ඔහේට අමු කැවිලද.මේ තරම් ආයුර්වේදය එක්ක තියෙන ගැටුම මොකක්ද?මීට කලිනුත් මේ කතා ටිකම වෙන බ්ලොග් එකක දාලා තිබුනා.

      Delete
    7. මේ කොමෙන්ට් කරන්නේ ඇනෝවකු නොවේ. ප්‍රසිද්ධ බ්ලොග් කරුවෙකි. ඔහු වෙදනා හා ඇති ඉරිසියාව මෙයින් මොනවට පැහැදිලිවේ.. ඉතාම කනගාටුවට කරුණකි. ඇනෝවරුන්ටද අපහාසයකි. කරුණාකර කොන්දක් ඇත්නම් ප්‍රෝෆයිලයෙන් කොමෙන්ට් කරන්න.

      Delete
    8. කනගාටුයි මාතලන්... මම ෆුල් ටයිම් ඇනෝවෙක්... මා නිසා වෙනකෙක් අල්ලාගන්න එපා... මම බ්ලොග් කියවන්නෙක් පමනයි.... ඔබට අත්‍යාවශ්‍යනම් හා වෙනකෙකුට හෙලි නොකරන බවට පොරොන්දු වේ නම් මාගේ අනන්‍යතාවය වුවත් ඔබට ලබා දෙන්නම්.... මීට කලිනුත් බ්ලොග් අවකාසෙ ලොකු පොරකට මම එහෙම ලබා දුන්නා... මාගේ කොමෙන්ටු නිසා වෙනකෙක් සැක කරගෙන සිටිනවා නම් කණගාටුයි.....

      Delete
    9. ඔබ කවුද කියා කිව යුතු නෑ. මා මෙන්ම අන් අයත් ඔබ කවුද කියා දන්නවා.

      Delete
    10. ඇනෝ කොමෙන්ටුවලට ප්‍රසිද්ධයි කියන්නෙ කකා.... හරි එහෙනම් මම කකා තමයි.... ඔබ කැමති දෙයක් සිතා ගන්න...

      Delete
    11. කොහොම වුනත් යට තියන කකාගෙන් කොපි කරපු හෑල්ල නම් මගේ නෙවෙයි.... මම දාපුව මම ඕනනම් කියන්නම්...

      Delete
    12. /* ඇනෝ කොමෙන්ටුවලට ප්‍රසිද්ධයි කියන්නෙ කකා.... හරි එහෙනම් මම කකා තමයි...*/

      ඇනෝ කමෙන්ට් දැමීමට ඉඩ ඇත්තේ මාතලන් සහ කතන්දර බ්ලොග් වැනි කීඵයක පමණි.

      ඒ අප වාරණය අනුඟත නොකරන නිසාය. නිදහස් අදහස්වලට ඉඩ දෙන නිසාය.

      අපට අපේම බ්ලොග්වල ඇනෝ කමෙන්ට් කිරීමට තරම් රුදාවක් හෝ කාලයක් නැත!

      Delete
  9. ano athal ganna eketh seemawak thiya ganna machanla.eka deyak allan manussayekta niga karana eka waradi.

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ. මේ පෙන්වන්නේ නියම ශ්‍රී ලංකිකත්වයයි. අද සෑම තැනම ඇත්තේ මෙවන් අයයි...

      Delete
  10. කොතන ගියත් මේකමය.... රටේ හැටිද අපේ හැටිද , කල යුත්තේ කුමක්ද .... වෙන දෙයක් බලාසිට හරියාවිද !! අපි මුකුත්ම බැරි නිවටයෝද ... නැත්නම් හැකියාව නොදන්නා කම්මැලියෝද ????????

    පුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න.

    ReplyDelete
    Replies
    1. නෑ මේ තමයි නියම සිංහලයා. නියම ශ්‍රී ලංකිකයා..

      Delete
  11. කොහොම උනත් ඒ දරුවට තිබුන අතට වඩා,ලෝකයේ ඉතා හොදම ඉලෙක්ට්‍රොනික් අත අපි ලබාදුන්නා කියල ඇමතියෝ ටික තව දවස් ගානකින් කියවන්න ගනියි.

    ReplyDelete
    Replies
    1. ඇයි අද මරු කාටුන් එකකුත් තිබුනේ මිලියන 100 ක හොඳම එක දැම්මේ කියලා මිලියන 50 එකක් දාලා ඉතුරු 50 සාක්කුවේ දාගනියි කියලා.

      Delete
    2. ඇමතිලා එහෙම කියනවා නම් ඔය ඇමතිලා ඔක්කොගෙම ඔලු කපලා ජනතා මුදලින් ලෝකේ තියෙන හොඳම රොබෝ ඔලු ටිකක් උන්ට හයි කරමු. එතකොටවත් උන් ඔලුව පාවිච්චිකරයි.

      Delete
  12. සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ නම් පෞද්ගලික රෝහල්වලට වඩා හොද රජයේ රෝහල්. කඩාවැටීම පැහැදිලියි. වෙන මොන ක්ෂේත්‍රයද කඩා වැටී නැත්තේ? මාෆියා නැත්තේ? මේ ක්ෂෙත්‍රයේ කියල වෙනසක් වෙන්න විදිහක් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. පිස්සුද මනුස්සයො.. එක දවසක් ප්‍රධාන රජයේ රොහලක රෝගින් ඇතුල් කරන තැන ඉන්න. අමාරු ලෙඩිඩු කියක් නම් පුද්ගලික රෝහල් වලින් පටවනවද බලන්න

      Delete
    2. //පෞද්ගලික රෝහල්වලට වඩා හොද රජයේ රෝහල්//
      මගේ පෞද්ගලික රෝහල්වල අත්දැකීම් අමිහිරියි කියලයි කිව්වේ. ඔයාට නොතේරුනා නොවේද?

      Delete
    3. මහ පොලොවේ ජීවත් වෙන මිනිස්සු ඇත්ත දන්නවා. සුරංගනා ලෝකවල ජීවත් වන මිනිස්සු ගැන දුක් වනවා හැර වෙන කුමක් කරන්නද...?

      Delete
  13. @ modern

    http://kathandara.blogspot.com/2013/02/in-her-majestys-service.html


    AnonymousFebruary 5, 2013 at 3:28 PM

    කකා මිනිසුන්ගේ පුද්ගලිකත්වය දිගින් දිගටම දෙකේ කොලයට දමා කමෙන්ට් කිරීමට දීමෙන් ඔබ වැනි උසස් අධ්‍යාපනයක් ලබා ඇති කෙනෙක් මෙසේ හැසිරීම කණගාටු දායකයි ..

    බින්දී .
    ReplyDelete
    Replies

    1.
    AnonymousFebruary 5, 2013 at 3:32 PM

    කරුණාකර උදාහරණ දක්වන්න...
    කකා.
    Delete
    2.
    AnonymousFebruary 5, 2013 at 3:36 PM

    කකා කරන්නෙ එක්ස්පෙරිමන්ට් එකක්. ගොසිප් සයිට් වලින් ප්‍රේක්ෂකයා දරුණු ලෙස උදුරා ගැනීම හමුවේ කකාට (හා වෙනත් බ්ලොග්කරුවන්ට) අළුත් ක්‍රමවේද භාවිතා කරන්නට වෙනවා තමන්ගේ ප්‍රේක්ෂකයින් රඳවා ගන්න. නම්‍ය ශීලී නොවුණොත් කකාට පැවැත්මක් නැහැ. ඒකයි ඔය පොඩ්ඩක් පීලි පනින්න ඉඩ දෙන්නේ.
    Delete
    3.
    AnonymousFebruary 5, 2013 at 4:24 PM


    හිතවත

    මෙන්න ඔබ විමසා ඇති පරිදි උදාහරණ ..

    උදිත නැමැත්තා දිගින් දිගටම නාගැනීම ගැන කිසිවක් නොකර බලා සිටීම .
    02. මාතලන් නැමැත්තාට මඩ පුවක් වලක් තිබ්බද එසේ නැති බව ඊත්තු ගැන්වීම
    03.හිරුනි අක්කා ලිබරල් ( ඔය මොකක් හරි අනේ මන්ද ) වාදී බව හා ඒක පුද්ගල අදායම
    දෝලනය වන බව හැංගීම
    ( ඕක මට තේරෙන්නෙත් නැහැ )
    04.තිසරගේ තිසර පට ගැන රහස

    05. ඉරුගේ තිසර ලිහිණි රංගනය හා දඟ කිරීම ( නිවසේ තනිව හිඳින විට )

    06. නයි හාමිනේ ...
    ( එක්කෝ ඕනේ නැහැ ..එයා ගැන ..මටත් නඩු දායි ..කලින් නඩුව නම් පජාත උනා.
    චූදිතයා අධිනීතීඥයෙක් විදිහට තමන්ගේම නඩුව කතා කරාම .)

    07. මින්දික වගේ අය‍ට තමන්ගේ හෙළුව පෙන්නීමට ඉඩ දීම..
    ණය ගනු දෙනුවක් නිසා මෝඩයෙක් වගේ හැසිරීම

    08. සින්දි ළමය හැමදාම අඬ අඬ ආරෝව මුදා හැරීම

    09. විප්ලවේ එලි කිරීම , සමනලයාගේ යටින් ඇත්තේ රජයේ ඉහල
    පෙලේ නිශ්ශබ්ද නිලදරුවෙක් බව එලි කිරීම .

    10. කකාගේ වැඩ තහනම් වූ බව..

    11.මට බෝයින් 876856 ඒවා ඇති බව..

    12. මොඩර්න් කොලුවා හිරේ යෑම

    13. දේශකයා සම----- බව

    14. ඩු- අයියා අනවසර හෝටලයක් කරන බව..

    15.
    තව තියෙනවා.....

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එක දමා ඇත්තේ මගේ නමින් කමෙන්ට් කල මනුස්සය වෙන්න ඕන ..

      අනික් බ්ලොග් කරුවන් කෙරෙහි ඇති ඉරිසියාව වෙන්න ඕන මේ ප්‍රකාශ වෙන්නේ . ලිපියට අදාලව කමෙන්ට් එකක් දාගන්න බැරි තරමට බංකොලොත් වෙච්ච මිනිස්සු .

      මේ ඉතින් මන් දැම්මයි කියල දාපු කමෙන්ට් එකට [ මන් දන්නෙවත් නැතුව ..] උත්තරත් දීලා කකාගේ බ්ලොග් එකෙන් කොපි කරලා මෙතනත් දාලා ..අනේ මන්දා මෙච්චර වෙලා නාස්ති කරන්නේ මොකටද රට පටලවන්න ...

      Delete
    2. සොරි මචන්. මට මේ දවස්වල කමෙන්ට් කරන්න විදිහක් නෑ. හිරේ ඉන්ටනෙට් හරි ගණං.

      Delete
    3. හරියට හරි බින්දි, හැමෝම ඇනෝ කොමෙන්ට් වහන්න කියද්දි, මම මේක ඕපන් තියලා තියෙන්නේ. කොන්ද පන නැති ඉරිසියාකාර නපුංසකයන්ටත් ඉඩ දිය යුතු නිසා. කකාට කොමෙන්ට් නැති උනත් අදත් සින්ඩිවලටත් වඩා මගේ රසිකයන් එන්නේ කකා හරහා. මේ ඇනෝවරු නොවේ. ප්‍රෝෆයිල් ඇති බ්ලොග් කරුවෙකි. වටහා ගැනීමට උකුණු මොළයක් තිබුනාම හොඳටෝම ඇති. ඇත්ත වශයෙන්ම ලැජ්ජයි. කොන්දක් ඇත්නම් මේ කොමෙන්ට්ම ප්‍රෝෆයිලයෙන් දමන්න.

      Delete
    4. අනිවා... මෙහෙම කරන්නේ අර මාතලං කිව් කාරණාව නිසාය... කොහොම උනත් ඇනෝ ඉඩ දීම හොදයි.. හැබැයි මම නං මට කියන ඕන දෙයක් තියනවා. වෙන කෙනෙකුට මොකක් හරි කිව්වොත් ආයේ දෙකක් නෑ කපල දානවා..

      Delete
    5. අනේ මන්ද දැන් මේ ඇනෝ ප්‍රශ්නෙට විස දුමක් නැද්ද .කෝ දැන් ඔය ඉන්නවා කියන
      පට්ට හැකර්ලා ..කෝ ඉතින් ...හැම එකාගෙම කට විතරයි..වැඩ නැහැ .අපි දුන්න දුන්න කියනවා
      දීල නැහැ ගේම්..කෝ බන් එන්ජිනේරුවෝ , වැඩ්ඩෝ , මහ මොළ කාරයෝ ...

      හැකර්ලා කෝ ???????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????


      එකම එකෙක්ට එන්න කියපන් මගේ කෙල්ලගේ ෆේස් බුක් එක හැක් කර ගන්න ...

      Delete
    6. මචන් වැඩ්ඩෝ කියව කියව ඉන්නේ නැහැ , කරනවා මිසක්.
      මට කිසිම කෙනෙක්ගේ පුද්ගලිකත්වයට හානියක් කරන්න ඕනේ
      නැහැ , නමුත් හැංගි හොරා සෙල්ලම් දාන එකේ සීමාවක් තියෙන්න
      ඕනේ..මට ඕනේ නම් පුළුවන් මගේ හරිම නමෙන් එන්න..ඒත් ඒක
      අනවශ්‍යයි! මොකද නම පෙන්නන්න ,වීරයෙක් වෙන්න මට ඕනේ නැහැ !
      මන් ගැන දන්නෝ දනිති , හැබැයි මන් ඉන්න කම් එක එකාට නටන්න
      දෙන්නේ නැහැ !





      IP Address:
      120.147.2.142 IPv6 ::ffff:7893:28e
      IP Range Whois for 120.147.2.142
      Hide Map »







      IP Location: Australia.htmlAustralia, Victoria, Melbourne
      Resolve Host: CPE-120-147-2-142.heum1.lon.bigpond.net.au
      IP Owner: Telstra Internet
      Owner IP Range: 120.144.0.0 - 120.159.255.255 IP Range Whois for 120.147.2.142
      Owner Address: Telstra Internet, Locked Bag 5744, Canberra, Act 2601
      Owner Country: Australia.htmlAustralia
      Owner Phone: Name : XXXGJXXX SXXXXDXXX +61 3 9815 59XX
      Owner Website: www.telstra.net, www.telstra.com.au
      Whois Record Updated: 5 Feb 2013
      IP Blacklist Check:
      Submit IP to Blacklist
      Not Listed in Blacklist
      Websites on this IP: No websites
      Web Browser/s on this IP: Unknown
      OS on this IP: Unknown
      Whois Raw Data [hide/show]
      Additional Information from Shermie log
      inetnum: 120.144.0.0 - 120.159.255.255
      netname: TELSTRAINTERNET47-AU
      descr: Telstra
      descr: Level 12, 242 Exhibition St, XXXXXXXXXXX XXXXXXXXXXXXXX
      descr: Melbourne
      descr: VIC 3000
      country: AU
      admin-c: TIAR-AP
      tech-c: TIAR-AP
      remarks: -----
      remarks: All reports regarding SPAM or security breaches
      remarks: should be addressed to abuse@telstra.net
      remarks: ------
      mnt-by: APNIC-HM
      mnt-lower: MAINT-AU-TIAR-AP
      status: ALLOCATED PORTABLE
      remarks: -+-+-+-+-+-+-+-+-+-+-+-++-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+
      remarks: This object can only be updated by APNIC hostmasters
      remarks: To update this object, please contact APNIC
      remarks: hostmasters and include your organisation's account
      remarks: name in the subject line
      remarks: -+-+-+-+-+-+-+-+-+-+-+-++-+-+-+-+-+-+-+-+-+-+-+-+-+-+
      changed: hm-changed@XXXXXXXXXXXX 20090420
      source: APNIC
      person: Telstra Internet Address Registry
      address: Telstra Internet
      address: Locked Bag 5744
      address: Canberra
      address: ACT 2601
      country: AU
      phone: +61 3 9815 59XX
      e-mail: XXXXXXXXXXXXXXX@telstra.net
      nic-hdl: TIAR-AP
      remarks: Telstra Internet Address Registry Role Object
      mnt-by: MAINT-AU-TIAR-AP
      changed: XXXXXXXXXXXXXX@aunic.net 19951128
      changed: aunic-transfer@apnic.net 20010523
      changed: aunic-transfer@apnic.net 20020115
      changed: Kushnil@apnic.net 20020813
      changed: XXXXXXXXXXXXXX@apnic.net 20050310
      source: APNIC ac4s54a4d5f5b5c4c

      Your Browser IE 9.0
      Win7
      1097x617
      Your OS Serial No Reg to : 545547545545554578265 (en-us, en)
      Your Browser Agent Mozilla/5.0 (Windows; U; Windows NT 5.1; en-US; rv:1.9.2.28) Gecko/20120306 Firefox/3.6.28
      PC ID Sys a554c55f55b55e454d4fff5
      Mac address 211a11/d1c1/f111b141b1/b11d1/f11a1

      Delete
    7. ලෙඩෙක්... මේ ලෙඩේට තාම බේත් හොයාගෙන නෑ....

      Delete
    8. මචන් උඩ තියන එක තේරෙන්නෙ නෑ... මම IT පොරක් නෙවෙයි...

      Delete
    9. mokakda ban mei

      Delete
    10. some one please tell me what is this......
      AnonymousFebruary 6, 2013 at 12:34 AM

      Delete
    11. This is the path for de above anonymous msg and
      here with the Sys details and owner Identification.
      Done by the person who is doing that Revolution,
      "Innocent Revolution" ... This is the Revenge for
      what you done!

      For other people , pls DO NOT harm any one .
      ( Even I saw that some has told these info for "kaka".
      This is not "kaka". Some other one ...

      @ mathalan pls Remove that ISP Recoder info!

      @ all pls DO NOT post anonymous comments , Revealing some
      One's Private Information ....

      Delete
  14. අපේ රටේ හරි හමන් සිස්ටම් එකක් කොයි කාලේ හැදෙයිද කියලා හිතුවාම දුක හිතෙනවා බන් . .

    ReplyDelete
    Replies
    1. එකම එක බලාපොරොත්තුවක් තියෙනවා. ඒකට චාන්ස් එකක් නොලැබුනොත්. සොරි ඩොට් කොම්....

      Delete
  15. Replies
    1. මාතලන් බොරු කියනවා අඩුයි....

      Delete
  16. කොමෙන්ට් කරන්නත් බයයි බ්ලොග් සීන් එකේ යටින් යන සීන් වලට ටියුබ් ලයිට් නිසා කොමෙන්ට් දැම්මත් නානවා කියනවා නේ . නාගන්න එක හොඳයි හැබැයි නොනා ගඳ ගහනවට වඩා.

    මොනවා උනත් දීප්ති කියන එක හරි "ලංකාවේ දොස්තරලා යනු දෙමව්පියන්ගේ රෝග ලක්ෂණයයි" යන්න. මිනිහගේ සහෝදරියත් හොස්පිටිතාලෙක හොස්තර කෙනෙක්ද කොහෙද එත් මිනිහ බය නැතිව ඒක කියනවා.

    ReplyDelete
    Replies
    1. මගෙත් සහෝදර සහෝදරියන් මෙන්ම මිතුරන්ද මේ ක්ෂේත්‍රයේ සිටිනවා. ඔවුන් මේ තත්වය ගැන අවංකවම කනගාටුවට පත් වෙනවා.

      Delete
    2. ඇමරිකාවෙ කොහොමද? ඔයටික කියුව එකේ ඒකත් කියල යන්න... අපි හරි ආසයි ඔය ඒරොප්පෙ විජිහත් දැනගන්ඩ....

      Delete
  17. ඉලෙක්ට්‍රොනික අතක් දෙන එක නම් ඉතා හොඳයි.ඒත් නියම අත තරම් නම් හොද නෑ.කොහොමටත් ඔය ගෑනු ළමයා නීති ශිෂ්‍යාවක් වීම නිසා ඔය විදියට කතාව ගොඩ නැගුනා.අහිංසකයන් කී දෙනෙකුගෙ අත් කපල පාඩුව තමන්ම දරාගෙන ඉන්නවා ඇතිද?ටක් ගාල මීඩියාවලට දීල හොදට සංවිධානය කරල යමක් කරන්න අහිංසකයන්ට බෑ.පීඩාවට පත් හැමෝටම මේ වරප්‍රසාද දෙන්න විදියක් තිබෙනවා නම් හොඳයි

    ReplyDelete
    Replies
    1. ඒක තමයි රක්ෂණ ක්‍රමයක් යෝජනා කලේ. හැම එකම ලොක්කා ගාවට යන්නෙ නෑ නේ...

      Delete
  18. මේ කෙල්ල විස්ස විජ්ජාල කෙල්ලෙක් නොවුනා නම් දෙවිවරුන්ගේම පිහිටය. මොකෝ මේ පවුල ඉතා අමාරුවෙන් ජීවත් වන පවුලක්ය. පියා ගොවියෙක්ය, මව විදේශ ගෘහ සේවිකාවක්ය, අයියා ත්‍රී රෝද රථ රියදුරෙක්ය. කෙල්ල වෙලාවට නීතීය හදාරන එකෙක් වූවාය. නැතිනම් ඉතින් අබ සරණය. මෙහෙම ඒවා අනන්තවත් වෙනවාය. එහෙත් මිනිසුන් බයට අධිකරණයට යන්නේ නැත//

    මසුරන් වටින කතාව.එහෙමවුනානම් අබ සරන තමා.ලක්ෂ ගනනක් අතර වාසනාවන්ත වුන එකම කෙනා ඔය ශිෂ්‍යාව.මම අහල තියෙනවා ලංකාවෙ වාගෙ වෛද්‍ය මාෆියාවල් ලෝකෙ කොහෙවත් නැහැල්ලු.
    මේකෙ තව පාඩමක් තිබෙනවා ඒක විහිලුවක් වුනත කියල දාන්නම්.මේ රටේ පන බේරගෙන ඉන්න නම් ලොක්කෙක් වෙන්නම ඕන.එහෙමනැත්නම් කලර්ස් පෙන්නන්න පුලුවන් රස්සාවක හෝ මාෆියා සෙට් එකකට සම්බන්ධ වෙන්න ඕන.කේස් එකක් ආවොත් සෙට් එකම බහින රටට බලපෑම් කරන්න පුලුවන් එකක්
    අනික් හැමෝම අවාසනාවන්තයො තමයි.රටක හැටි අම්මපා

    ReplyDelete
    Replies
    1. මටත් පොඩි ජෝක් එකක් මතක් උනා. ඔය ඔපරේෂන් කරන කොට මූන වහගෙන ඉන්නේ අප්ෂට් උනොත් කෂ්ටිය අඳුන ගනියි කියලලු....

      Delete
  19. මේක ලංකාව නිසා පුදුම වෙන්න දේකුත් නැහැ .....මොකද මේක ආශ්චර්යමත් දේශයක්නේ. හැබැයි එහෙමයි කියලා උඩ බලන් හියොත් මොනවා කපලා ඉවර කරයිද දන් නැහැ

    ReplyDelete
    Replies
    1. මිනිස්සු ඇත්ත කතාකරන්න පුළුවන් තැනදිත් ඇත්ත කතා කරන්න බයයි.

      Delete
  20. මට නම් වෛද්‍යවරු ගැන තියෙන්නේ නීරස අත්දැකීමක්!

    ReplyDelete
    Replies
    1. උඹට නෙමෙයි වැඩි පිරිසකට එහෙමයි. එහෙත් මුදල ගැන් නොසිතා නොමිලේ වෛද්‍ය සේවාවන් සපයන විශේෂඥ වෛද්‍යවරුන්ද සිටිනා බව අමතක කරන්න එපා. වාසනාවකට මටත් එවන් මිතුරෙක් සිටිනවා.

      Delete
  21. අර හිතලම මිනි මරපු පොඩිදරුවන්උඩ දමා කඩුව ඇල්ලු කරුණ අම්මාන්, එතකොට පරාල ඇන ගහපු වුන් ඉන්නේ ජනදිපති තුමා ළඟ. එතකොට බටලන්දේ මිනිමරපු අය සහ 89 ටයර් සේයවල් හදපු උන් පාර්ලිමේන්තුවේ. උන්ට විරුද්දව කතාකරන්න බැරි පො -- රැල තමන්ට තියෙන හීනමානය නිසා doctor සංහතියටම් බනිනවා.උන්ට කිසිම ලැජ්ජාවක් නැතුව කතිරේ ගහන හරක් ටික මේ රටේ ටිකක් හරි සේවයක් කරන කරන්න උත්සහ කරන පිරිසක් වන doctor ලට බනින්න නම් හොද ට පුළුවන්. ඒ දොස්ත්ර ල negligent නම් අනිවාර්යයෙන් දඬුවම් ලැබිය යුතුයි, සුදුසු වන්දියක් හෝ වෙනත් දඬුවමක්. තාවකාලිකව සේවය අත්හිටුවීමක් කල හැකිය. බස් driver ල මිනිමරු විදියට එලවල කවුරු හරි යට කලත් දඩයක් විතරයිනේ.

    මේක හිතල කරපු අපරාදයක් නෙමෙයි නේ. ඕනනම් මෙතන තියෙන ලොකුම වැරැද්ද professional negligence. ඒකට මොනරටෙවත් හිර දඬුවම් හෝ මරණ දඬුවම් ලබාදෙන්නේ නැහැ. වන්දියක් විතරක් ගෙවිය යුතුයි. කවදාවත් දොස්තර කෙනෙක් මේ රෝගියා සුවපත් කරන්න මිසක් අත අහිමි කරන්න හිතාගෙන ප්‍රතිකාර කරන්නේ නැහැ නේ. බුදුන් වහන්සේ කියපු විදියට උනත් පවක් සිද්දවෙන්න චේතනාවක් තිබිය යුතුයි. මහදවල් ප්ලෑන් කරලා මිනීමරන මේ රටේ සමහරු කතා කරන්නේ කවදාවත් ලෙඩකට බෙහෙතක් ගත්තේ නැති අය වගේනෙ.

    මෙතන තියෙන්න වෛද්‍ය වරු කෙරෙහි ඇති ඉර්ෂයව සහ හීනමානය මිසක් මේ රෝගියාට වුන දේ ගැන තියෙන දුකක් නෙමයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත මෙතන තියෙන්නේ මේ රෝගියාට ගැන ඇතිවූ දේ ගැන දුකක් නොවේ. රටේ ජනතාවගේ සල්ලිවලින් උගෙන ගෙන අහිංසක මිනිසුන්ට ගෙම්බර් පෙන්වන හා වැරැද්ද හෝ අතපසුවීම පිලි නොගන්නා මහන්තත්වයක් ගැන වේදනාවක් පමණි. එය හීනමානයක් සහිත කෙනෙකුට හීනමානය ලෙස පෙනිම ගැන දීමට, මා ලඟ බෙහෙත් නැත.

      Delete
    2. රටේ ජනතාවගේ සල්ලි වලින් ඉගෙන ගන්නේ වෛද්‍ය වරු විතරද? මාතලන් ඉගෙන ගත්තේ තමන්ගේ සල්ලිවලින්ද? වෛද්‍ය වරු අතින් අතපසු වීමක් සිදුවුවහොත් පමණක් මේ රටේ සල්ලිවලින් ඉගෙනගත්ත කතාව ඇදගන්නේ ඇයි ? අනිත් මිනිස්සු රටේ සල්ලි නිස්කාරනේ වියදම් කර ඇති අතර වෛද්‍ය වරු එම සල්ලි වලින් නියම ප්‍රයෝජනය ලබා ඇත. එසේ ඉගෙන ගෙන වෛද්‍ය වරු අඩු පහසුකම් මැද සේවය කරති. ඔබ කතාකරන ඔය ගෙම්බර් ඇත්තේ කොහේදැයි අපට නොතේරේ. කරුණාකර ශ්‍රී ලංකා ජාතික රෝහලේ වාට්ටුවකට ඇවිත් බලන මෙන් ඉල්ලා සිටිමි.
      දේශපාලන පත්වීම් ලබා සේවයට පැමිණි සුළු සේවකයන් කිසි විටක අවශ්‍ය වෙලාවට නැති නිසා වෛද්‍ය වරුන් රෝගීන් තල්ලු කරගෙන එක්ස් රේ සඳහා ගෙන යන ආකාරය සහ අයි සී යු අවශ්‍ය තරම් නැති බැවින් ලංකාව පුරා රෝහල් අමතමින් පය ගණනාවක් රෝගියෙකුට ඇඳක් සොයන වෛද්‍යවරුන්ද රෝගීන් සිය ගණන් දිනපතා ඇතුල් වන බැවින් අහර වෙල් තුන හතර මගහැරෙන වෛද්‍ය වරුන්ද එහි ඕන තරම් ඇත. මතලන්ට වෛද්‍ය වරු කෙරෙහි ඇති තරහ පිරිමසා ගැනීමට මෙම අසරණ රෝගියා යොදා ගැනීම හෙළ දකිමි.

      Delete
    3. මම කිසිම ත්/නක කියා නෑ ඔක්කෝම වෛද්‍යවරුන් එහෙමයි ක්යලා. මම මේ රටේ ඉස්පිරිතාලවල මෙන්ම පිටරට ඉස්පිරිතාලවලටද ගොස් ඇත. ජාතික රොහලේ දෙමල දොස්තරවරුන්ගේ යම් කිසි මානුෂික ගති තිබුනද. සිංහල දොස්තරවරුන් ගැන කතා කරන්න එපා. රෝගීන්ගේ හැසීරීම්ද මා අනුමත කරන්නේ නැත. එහෙත් අප විද්‍යවරයකුගෙන් බලා පොරොත්තු වන්නේ සාමන්‍ය පුද්ගලයකු නොවේ. මිනිස්සුන්ට බෙහෙත් විතරක් දීලා වැඩක් නෑ. ඒ මිනිස්සුන්ගේ මනස හදන්නෙ නැතුව. නන්දදාස කෝදාගොඩ වගේ වෛද්‍යවරුන් අද ඇත්තේම නැති තරම්.

      Delete
  22. මෙවැනි දේවල් මෙතනින් හෝ අවසන් කළ යුතුමයි.....

    ReplyDelete
    Replies
    1. අපේ රටේ..???? වෛද්‍යවරු වෙනස් උනත්. මේ බූරූ ජනතාව...???? හෙහ් හෙහ් හෙහ්....

      Delete
  23. දොස්තරලා ගැන සමහර අය හිතාගෙන ඉන්නෙ මුදල් වලට සේවයක් සපයන අය නෙමෙයි කියලත් මට දැනගන්න ලැබුණ.

    දොස්තරවරු යනු පෙරුම් පුරන බෝධිසත්වයන් යැයි ලංකාවේ මිනිස්සු හිතන නිසා ද ඔහොම වෙලා තියෙන්නෙ?!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. හරියට හරි... දැන් අර කෙල්ලත් එහෙම කතාවක් තමයි කියන්න ලැහැස්ති වෙන්නේ.. මේ ළඟදි වාර්ථා උනා හෘද රෝග සඳහා ගෙන්වා ඇති වෛද්‍ය උපකරණ කිසිම ප්‍රමිතියකින් තොර ඒවා බව. නමුත් ඒවා යොදා ශල්‍යකර්ම රාශියක් ඒ වන විටත් සිඳු කොට අවසන්. කවුද මේවාට වග කියන්නේ. ගැස්ට්‍රික් හැදිලා ගියත් අයි සී යූ දාලා පුළුවන්නම් හාර්ට් සර්ජරි එකකුත් කරන දොස්තරලා ඉන්නේ.

      Delete
    2. හෙට අනිද්දා ඔබාමා සෞඛ්‍ය පනත ක්‍රියාත්මක වෙන ඇමෙරිකන් ප්‍රාන්ත වලටත් ඔය හෙනේම වදිනවා. ඒත් ඉතින් දුප්පතුන් වෙනුවෙන් කියා ගේන ප්‍රතිපත්ති වලින් හැමදාම හෙන වදින්නෙම දුප්පතුන්ට කියලා දකින්න බැරි අය උඩ පැන පැන හිනා වෙවී ඉන්නවා මෙහෙත්!!!

      Delete
    3. මෙහේ කියලත් වෙනසක් නෑ. තමන්ට සිඳුවන අසාධාරනය තම උරුමය හා කරුමය ලෙස සලකනා ජනතාවකට දෙවියන්ගේම පිහිට හැර අන් පිහිටක් නැත.

      Delete
    4. දොස්තරලා රැකියාවක් ලෙස එය කරන බව ඇත්තකි. එනමුත් මුදලට පමණක් සේවය සපයන ඇතැම් රැකියා මෙන් නොව රෝගියාගේ අදායම් තත්වය, මානසික තත්වය ගැන සානුකම්පිතව සිතීමට් ඔවුන්ට බොහෝ විට සිදු වේ. බටහිර රටවල කෙසේ වුවද අපේ රටේ පුද්ගලික සේවය තුල වුවද දුප්පත් රෝගියෙකු පැමිණි විට මුදල් ටික සූරා කෑමට නොසිතා සාක්කුවට වැඩි බරක් නැතිව උපරිම සුවය ලබා ගැනීමට මග පෙන්වීම අපේ බොහෝ වෛද්‍ය වරු සිදු කරති. කිහිප දෙනෙක් මෙසේ නොවිය හැකිය. ඇමෙරිකාව ගැන කතාකරන ඔබ දන්නවා ඇති ඇමෙරිකාවේ වැඩිම වැටුපක් ලබන රැකියා අතර වෛද්‍ය වෘතිය මුල් තැනක් ගන්න බව. මේ රටේ එහෙම නොවෙඉ නේ. මුදලට සේවය සපයන එක අනිත් අය කලාට වෛද්‍ය වෘතිය වෙනස්. ලෝකයේ මුල්ම රස්සාව කරපු ඇතැම් අය හිතන් ඉන්නේ නම් හැම දේම මුදල් වලට ලබා ගන්න පුළුවන කියලයි.

      Delete
    5. අර සාක්කුවේ බර අඩු වෙන්න වෙන්න ඇති. ඉන්ෂූරන්ස් තියෙනවද කියලා අහන්නේ. ප්‍රායෝගික ළෝකයේ ඔබ සඳහන් කල දෑ සිඳුවනවා නම් කෙතරම් අපූරූ රටක්ද මේ.

      Delete
  24. මේ අය ගැන කතා කිරීම තේරුමක්ම නැති වැඩක්...

    ReplyDelete
    Replies
    1. එහෙම කියලා නැට්ට පුකේ ගහගෙන සිටීම තමයි හැම දේකටම මුල. ජනතාව වෙනුවෙන් කතා කරන්න ජඩමාද්දියවේදියත් බයයි...

      Delete
  25. දොස්තරලට සෑහෙන රිදිලා වගේ මාතලං ගෙ පෝස්ට් එකට.... වැරදීම් සිද්ධවෙන්න පුළුවන්... ඒත් මම දන්න හැටියට නීති ශිෂ්‍යාව නිසා මේ සිද්ධියට මේ තරම් ප්‍රසිද්ධියක් ලැබුනට, එහෙම නොවීම හැංගිලා යන සිද්ධි සෑහෙන ගණනක් වෙනවා. හැබැයි ඉවසන්න බැරි අර දොස්තරගේ හේතු දැක්වීම... "එයාගෙ වෙලාව වෙන්න ඇති"... ආගම කියන එක දැන් මෝස්තරයක් පමණක්ම නෙවෙයි... නිදහසට කාරණයක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. වෘත්තීය මට්ටමට වෙලා තියන දේ මේ පිළිතුරෙන් හොඳටම පැහැදිලියි....

    අනිත් කාරණේ තමයි, වැටුප් වැඩි කිරීම්, විෂමතා ඉවත් කිරීම්, සහ දොස්තර කෙනෙකුට පහරදුන් කෙනෙකු අත් අඩංගුවට ගන්න බල කරමින් සිදි කරන වර්ජන මිස මම කිසිම වෙලාවක දැකලා නැහැ, ඉස්පිරිතාල වල තත්වය, සේවක පිරිස, පහසුකම්, සහ අනකුත් නිවැරදිව තමන්ගේ රැකියාව කිරීමට අදාල යටිතල පහසුකම් වැඩි කරන ලෙස ඉල්ලා කරන වර්ජන හෝ ඉල්ලීම්. වැරදුනාම නිදහසට කරුණු කියනවා අපිට මෙච්චරක් බලන්න තියනවා, වෙලාව නෑ, අරවා නෑ මේවා නෑ කියලා. එවැනි දේවල් ඉල්ලා සිටීමට අයිතිය ඇති, ඒ සඳහා බලධාරීන්ට බල කලහැකි හොඳම පිරිස දොස්තරලා. නමුත් දොස්තරලට එහෙම අවශ්‍ය නෑ... වැඩි පහසුකම් ලබා දුන්නොත් ඊට ගැලපෙන විදිහට සේවාවන් දෙන්න වෙන බව ඔවුන් දන්නවා... ඔවුන්ට ඊට වඩා ලාභයි තියන විදිහට ආණ්ඩුවේ ඉස්පිරිතාලේ වැඩ ටික ශේප් කරලා ඉක්මනට ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකට හරි චැනල් සේවයට හරි දුවන එක...

    වෛද්‍යවරුන්ගේ වැටුප් ගැන නම් මම දන්නේ නෑ.. නමුත් වෘත්තියක් විදිහට වැටුප් තලයේ ඉහළම වැටුප් ලැබිය යුතු වෘත්තියක් ලෙස මම නම් දකින්නේ... ඒ ඔවුනට දරන්ට සිද්ධවෙන රෝගියෙකුගේ ජීවිතය පිළිබඳ සෘජු වගකීම නිසා... ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් පැනලා ගිහින් ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන එක නවත්තන්න නම් මේ දෙවිදියෙන් ලැබිය හැකි ආදායමේ විෂමතා ඉවත්කල යුතුයි...

    ReplyDelete
    Replies
    1. හොඳ දොස්තරවරුන් නැතුවා නොවේ. ඒක ඕනම තැනක තියෙන දෙයක්. හොඳ කොස්සොත් ඉන්නේ. අවංක දේශපාලකයොත් ඉන්නේ. ඒට් ඒ හොඳ දොස්තරවරුන් ගැන මේ පෝස්ට් එකේම කතා කලානම් මේ ළිපියෙන් ඇති වැඩක් නෑ. මේ ගැන ළිපි කීපයක්ම ලියවුනත් ඒ හැම එකකම ෂේප් එකයි පාරයි තිබුනේ. ඇයි මේ වෛද්‍යවරයාගේ ප්‍රකාෂයවත් හෙලා දකින්න බැරි. අනෙක් කාරනය, අහිංසක ජනතාව වෙනුවෙන් කතා කරන්න එකෙක් හරි ඉන්න එක වැරද්දක්ද..? හොඳ වෛද්‍යවරයෙක් ගැන හොඳම උදාහරණය තමයි අම්පාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය තුමා. අනෙක් අයට ඒ වගේ වෙන්න බැරි ඇයි.

      Delete
  26. මට හිතෙන්නේ බොහෝ දෙනෙක් ගැටලුව හරියට තේරුම් අරගන නැහැ කියලයි. මෙතන ගැටලුව තියෙන්නේ ඇත කපපු එකේ නෙමෙයි. ඇත කපන්න හේතු වුන ප්ලාස්ටර් එක දාපු තැනයි. විනාඩි 10කට වැඩි කාලයක් ප්‍රධාන රුධිර වාහිනියක් block වෙලා තිබුනොත් ඒ රුධිර වාහිනියෙන් රුධිරය සපයන ප්‍රදේශ මිය යනවා. එතකොට ඒ කොටස කපල ඉවත් නොකලොත් රෝගියා මියයන්න වුනත් පුළුවන්.
    අනිවාර්යයෙන්ම සෞඛ්‍ය සේවකයින් අතින් සිදුවන වැරදි තිබෙනවා. වෛද්‍යවරුන් වගේම හෙද සහ අනෙකුත් කාර්යමණ්ඩල අතිනුත්. ඒවා බොහෝවිට සිදුවෙන්නේ නොසැලකිල්ල, අධික ආතතිකාරි වටපිටාවක සේවය කිරීමට සිදුවීම සහ රෝග සාමාන්‍යකරණය වීම නිසා කියලයි පිළිගන්නේ. ඒකට කරන්න ඕනේ රාජ්‍ය මට්ටමින් එක සේවකයකුට යොමු වෙන රෝගීන් සංඛ්‍යාව අඩු වෙන විදියට කාර්යමණ්ඩලය වැඩි කිරීමත්, නිසි පරිදි අධීක්ෂණය කිරීමත් කියලයි මමනම් දකින්නේ.
    නැතුව අපි කොච්චර බැන්නත් එක වෛද්‍යවරයෙක් "දිනපතාම" දවසකට රෝගීන් 200ක් බලන්න ඕනනම් එය ඔහුට වධයක් වෙන්න පුළුවන්. මොකද ඔහුත් මනුස්සයෙක්නේ. එතකොට රෝගීන්ගේ පැමිණිලි ගැන එච්චර සැලකිලිමත් නොවෙන්න පුළුවන්. මේ වගේ සංවාදයක් ගොඩනැගීම වැදගත්. ස්තුතියි....!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අදහස් දැක්වීමට. කුඩා කාළයේ පටන් රෝගී වූ අවස්ථාවන් වල අපට පිහිටවු වෛද්‍යවරුන් හෙලා දැකීමට තරම් මා කුහකයෙක් නොවේ. මගේ ජීවීතය ගොඩගත් ස්ටෙලාද සිල්වා මැතිනිය මගේ ජීවීතයේ කිසි දිනෙක අමතක් නොවේ. එමෙන්ම දරුණු බෝවන රෝග පිළිබඳ ආරෝග්‍යශාලාවල ස්වේච්ඡාවෙන් සේවය කරනා උතුම් වෛද්‍යවරුන් කිසි දින අමතක නොවේ. එහෙත් බහුතරයේ තත්වය විවේච්නයට ලක් කිරීමට අපට අයිතියක් තිබිය යුතුමය. පොලිස් කාරයන් මෙන් දොස්තරවරුන් අපට වැඩක් නැත.

      Delete
  27. ඕව ඔය කොච්චර ඉගෙන ගත්තත්, තමන්ගේ තත්තේ හුටු හුටු පෙන්න්න ගිහිං කොරගන්න දේවල්... (ඒ කිව්වේ දොස්තරලා).. සමහර අය තමන්ගේ වොඩ් එකේ ඉදල තවත් වෝඩ් එකකට ලෙඩා මාරු කරන්නවත් සමාන ක්ෂේත්‍රෙය් දොස්තර කෙනෙකුට ලෙඩා බලන්න වත් ඉඩ දෙන්නේ නෑ. ඒ තරං බොරු මහන්තත්වයක් තියෙන්නේ.. මට පේන්නේ මේ රජයේ සේවයේ නීතී, රීති රෙගුලාසි නිසා හෙම්බත් උන සමාජයක් විදියටයි. කිසිම දෙයක් නම්‍යශීලි නෑ.. අනික ඉස්පිරිතාලෙක දොස්තරයෙක් ලෙඩා හරියට අල්ලල බලන්නෙත් නෑ...

    ReplyDelete
    Replies
    1. ප්‍රධාන හේතුව ඇත්ත පිලිගන්න අකමැතිකම. සම හරක් සඳහන් කර තිබුනා ආන්ඩුවේ ඉස්පිරිතාලේ සේවය ගැන. මහ ඉස්පිරිතාලෙන් බෙහෙත් ගත්ත එකා තමයි දන්නේ ඒකේ රඟේ... කැඩිච්ච කකුල තව කඩනවා එක්ස් රේ ගන්න එකා. එයාලා මම හිතන්නේ ට්‍රේන් කරලා තියෙන්නේ අපායේ යම පල්ලන් එක්ක.

      Delete
  28. අවසාන නිගමනය:

    බටහිර වෛද්‍යවරුන් අමනුස්සයන් පිරිසකි. අපේ රීරි මාංස කන්නට උපන් පාහරයෝය. කිසිම කරුණාවක් නැති දුෂ්ඨයෝය. පිනට ඉගැන්නු නම්බුව වත් නොතියයි. රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ද නරක මුත් බටහිර වෛද්‍යවරුන් තරමටම නරක නැත.

    හැබැයි පුද්ගලික ආයුර්වේද වෛද්‍යවරුන් බෝධිසත්වයින්ය. පොඩ්ඩක් වත් වැරැදි නැත. හරීම හොඳය. මල් වගේය. උන්ට නිකමට හෝ බනින්නේ ඉරිසියාකාරයෝය.

    මාතලන් පටන් ගත්තෙත් මෙතැනින් ඉවර කරන්නෙත් මෙතැනින්. අපි කොච්චර වාද කළත් පළක් නැහැ. මේක මාතලන්ගේ නිගමනය.

    ඔහේ ගැන කණගාටුයි මාතලන්!

    ReplyDelete
    Replies
    1. ඔයා අවසාන නිගමනයට එන්න ඉස්සර ඔක්කෝම කොමෙන්ට්ස් කියවන්න. දේශීය වෛද්‍යවරුන්ද උසස් බටහිර වෛද්‍යවරුන්ද උසස් කියන එක සමාජයේ ජීවත් වන ඕන හරකෙකුට තේරෙනවනේ. එක් පුද්ගලයකු සමග පවත්නා ඉරිසියාව නිසා, සමස්ත ප්‍රස්තුතය බාල්දුවට ලක් කරන්න එපා ප්‍රොඅෆයිලයක් හිමි ඇනෝ. ඔබත් ඒ තත්වයට පත් වීමට උත්සාහ කරන්න.

      Delete
    2. මා කිව්ව දේ සත්‍යයයි කියලා පිළි ගැනීම ගැන ස්තූතියි. :-)

      Delete
    3. මාතලන් උඹ හිතන්නෙ මේ ලෝකෙ ඉන්නෙ එක ඇනෝවයි කියලද? ඇනෝලගෙ ජාතකේ හොයන්න එපා.... අහපු දේට පුලුවන්නම් විරුද්ධ තර්කයක් ගොඩ නගපන්.... උඹ ඊයෙ රෑ හිතුව මම කකා කියල... දැන් හිතනව මේ උඩ කොමෙන්ටුව දාපු එකා කියල....

      Delete
    4. මනෝ විකාර ළෝක වල ජීවත් වන මානසික රෝගීන්ට පිළිතුරු බැඳීමද එක්තරා ආතල් එකකි.

      Delete
    5. ඒකනෙ දොරේ අපි ඔයාට පන දාගෙන කොටන්නෙ....

      Delete
  29. නොසැලකිල්ල කවුරු අතින් වුනත් සමාජ උවදුරක්.

    ReplyDelete
    Replies
    1. නමුත්, මෙම නොසැලකිල්ල දිගින් දිගටම සිදුවන උවදුරක්නම්....! එය වසංගතයක්....
      මෙම නොසැලකිල්ල වෛද්‍ය ක්ෂේත්‍රයේ වඩා දේශපාලන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන පරිදි නිරන්තරයෙන් සිදුවෙනවා.

      Delete
    2. එහෙත් හිතා මතාම කරනා කරුණු නොසැලකිලිමත් කම නිසාද...? වගකීම පැහැර හැරීමද....?

      Delete
  30. මාතලන්, එකම එක කාරුණික ඉල්ලීමක්.

    ඇනෝ පහසුකම ලබා දෙනවා නම් ඇනෝලාගේ ජාතකය හොයන්න යන්න එපා. ඒක හරියට ගෙදර දන්සැලක් කියලා ප්‍රචාරය කරලා කට්ටිය ඇවිල්ලා කෑවායින් පසුව සල්ලි ඉල්ලනවා වගේ කැත වැඩක්. ඇනෝ ඇවිත් අපි කමෙන්ට් කරනවාට අකමැති නම් මාරයා හෝ අරුණි වගේ ඒක නතර කරන්න. එතකොට අපි දන්නවා මාතලන් ඉන්නේ කොතැනද කියලා.

    අනෙක ඔබ බලාපොරොත්තු වෙනවා නම් මෙතැන කමෙන්ට් කරන අය කළ යුත්තේ ඔබ කියන දේ අනුමත කිරීම පමණක් කියලා ඒක හරිම බොළඳ අදහසක්. අප ඔබ සමඟ එකඟ වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. ඔබට ඔබේ මතය දරන්නට වගේම අපට අපේ මතය දරන්නටත් අයිතියක් තියෙනවා. ඒ මතය ප්‍රකාශ කළා කියලා කතා අහගන්න අපට අවශ්‍ය නැහැ. ඔබ නොදන්න දේවල් අප දන්නවා වෙන්න පුළුවන්. ඔබ දන්නවා වුණත් වෙනත් හේතූන් නිසා සඟවන ඩ්දේවල් අප කතා කරනවා වෙන්න පුළුවන්. ඒකටත් ඔබ අකැමැති නම් ඇනෝ බ්ලොක් කරන්න. එහෙම නැතුව වක්‍රව ඇනෝලා පාලනය කරන්න යන්න එපා.

    කාරුණික ඉල්ලීමක් විතරයි.

    ReplyDelete
    Replies
    1. මට උඩ බැනල තියෙන්නෙ පුද්ගලයෙක් සමග ඇති ඉරිසියාව කියල... අනේ මාතලන් ගොයියො මම උබැහෙ ඔය කියන සත්ගුණවත් බුද්ධදාස රජතුමා ගැන මෙලොකෙ දෙයක් දන්නෙ නෑ... මම දන්නෙ ඔහු බ්ලොගය හරහා ව්‍යප්ත කිරීමට උත්සාහ කරන මතවාද ගැන විතරයි....

      මෙතන මම කතාකරන්නෙ ඔහු ගැන නෙවෙයි... සමස්ථ පුද්ගලික ආයුර්වේද වෙදුන් ක්‍රියාත්මක කරන හොර කුපාඩි වැඩ ගැනයි.... මේ තර්කයට ඔහු අදාල වෙන්නෙ ඔහුගේම බ්ලොගය හරහා ඔහු දක්වා ඇති කරුණු වල ඇති පුහු බව නිසයි....

      Delete
    2. උඩ ඇනෝ හා එකඟයි.. පහල ඇනෝට කියන්න තියෙන්නේ හැමදාම කියන කාරනයමයි. ඔහුව විවේචනය කිරීම මෙතන නොකරන්න. ගිහින් හමුවන්න. සමහර විට ඔබේ උමතු රෝගයට ඉස කුඩිච්චියක් වැනි දෙයකින් සුවයක් අත් වන්නට පිලිවන.

      Delete
    3. පහළ ඇනො කියනා පරිදි ආයුර්වේද වෛද්‍යවරයා හෝ බටහිර වෛද්‍යවරයා යන කොට්ඨාශ දෙකෙම කිහිපදෙනෙක් හොර වැඩ කරනවා. එහි භේදයක් නැහැ. නමුත් හැමෝම එතනට වැටී නැහැ. මා දන්නා ආයර්වේද වෛද්‍යවරියක් සිටිනවා, “මුදල“ යන්න ට ඇය ප්‍රමුඛස්ථානයක් දී නැහැ. එය ඇගෙන් ප්‍රථිකාර ගත් අය හොදින් දන්නවා.

      Delete
  31. ඇත්තෙන්ම මාද දැක තිබෙනවා වෛද්‍යවරු කිහිප දෙනෙක් ඔවුන්ගේ චැනල් සේවාව කෙරේ දක්වන තද බල උනන්දුව සහ කැපවීම. ඉගෙන ගන්නේ රටේ මිනිසුන්ගේ බදුවලින් ඒත්, අවසානයේදී “මුදල්“ යන මාතෘකාව පසුපස පමණක් දෝලනය වන පිරිසක් සිටිනවා.

    රෝහලක රෝගියෙකු සුව කරන්න වෛද්‍යවරු පමණක් නොව, ඊට හෙද නිලධාරින්, සහ අනිත් කාර්ය මණ්ඩලයත් නොමද සහයක් ලබා දෙනවා. සමහරු එය රැකියාව නිසා පමණක් කටයුතු කරන අතර, සමහරු මෙය තමාගේ වගකීමක් ලෙස සිතා කටයුතු කරනවා. නමුත්, රෝගියා සුව වීමේ ලකුණ වෛද්‍යවරයාට පමණි. රෝගියාගේ පාර්ශවයෙන් බුදුබව ලැබේවා කියා ආශිර්වාද ලැබෙනුයේ වෛද්‍යවරයාට පමණී. හැඟීම්බර මොහොතක එසේ පැවසුවද, මිනිසුන් පාටින්, ජාතියෙන්, ආගමින්, වෘත්තියෙන් වෙනස් වුවද, ඔහුනොවුන් එක සමානයි. කම්කරුවා නැතිව ලොව මිනිසා පවතිනුයේ නැතුවා සේම වෛද්‍යවරයා ඇතුළු අනෙක් වෘත්තිකයන්ද අවශ්‍ය ය. නමුත්, එකිනෙකා තම වෘත්තිය ලොව ඇති දුර්ලභ ලණයේ යැයි දක්වමින් වැඩි වරප්‍රසාද භුක්ති විදී.

    අත කැපුවේ නීති විද්‍යාල සිසුවියකුගේ නිසා ලකුණු දාගන්න (පෘෂ්ඨවංශීක ජිවීන් යැයි පරිණාම වාදයේ දී හඳුන්වයි) කිහිපදෙනෙක්ම පොරකනු ලැබුවා. නමුත්, උන්ගේ වෙඩි උණ්ඩයට යටවූ, කටුනායක කලාපේ සොයුරාගේ හෝ හලාවත ධීවර සොයුරාගේ පවුල්වලට තඹ සතයක් නැහැ.

    ReplyDelete
    Replies
    1. වැනල් ප්‍රශ්නයක්මත් නෙමෙයි. පුදුම මනෝරාජික ළොවක තමයි ඔවුන් ජීවත් වෙන්නේ. වෛද්‍ය ක්ෂේත්‍රයේ කෙනෙකුට හෝ ඔවුන් විවේචනයට ඉඩක් නෑ. ඔවුන් කරනා සෑම දේම නිවැරදියි. අයතා ක්‍රම මගින් මුදල් සොයනවා යයි කී වෛද්‍ය ක්ෂේශ්ත්‍රයට සම්බන්ධ පුද්ගලයාට අද වෙන තෙක් ගත් පියවර කුමක්ද..? අනෙක මේ දොස්තරවරුන්ගෙන් වැඩි පිරිසක් දරුණු ගනයේ රෝගවලට බෙහෙත් කිරීමට දන්නේ නෑ. ඒ නිසා තමයි ඇපොතිකරි දොස්තරලා බිහි වෙලා තියෙන්නේ. විෂේශඥ වෛද්‍යවරුන් පිළිබඳවත් විශාල සැකයක් තියෙනවා. විශේෂයෙන් පිට පලාත්වල. මේක අද තවත් බිස්නස් එකක් පමණයි.

      Delete
    2. ඔබගේ අදහස තර්කානුකූලයි. සිතන්න යමක් තිබෙනවා....

      Delete
    3. ඔබ කියන දේ තවත් අයුරකින් කියනවානම්, දේශපාලකයා තවත් දේශපාලකයෙකු (තම පක්ෂයේ) බිලි දීමට ඉදිරිපත් නොවෙනවා සේම, මෙතනදීත් එවැන්නක් නැතැයි සිතිය නොහැක. ඔහුන්ගේ Safety First ඒ අයුරිනි. නමුත්, සැමදා ජනතාව විසින් ජනතාව බිලි දෙනවා.

      Delete
  32. මාතලන් සහ තවත් අය සිතනුයේ වෛද්‍යවරු යනු පෞද්ගලික ජීවිතයක් නැති ලෝකෝත්තර පිරිසක් බවය . "ජනතාවගේ සල්ලි වලින් ඉගෙන ගත්තා නම් පැය 24ම දවස් 365ම ජනතාවට සේවය කල යුතුය" ලංකාවේ උසස් පෙළ ලියා ඉවර වන විට වයස 20කි . වාසනාව තිබුනොත් 21 වන විට ප්‍රතිපල එයි . (මේ දිනවල නම් වසර වසර 2ක් වත් ය ) වෛද්‍ය පීඨයට යන යන විට වයස 21 යි සිතමු. වසර 5ක පාඨමාලාවක් කියා ගත්තට අවමය වසර 6ක් ගත වේ. එලියට එන විට වයස 27කි. නමුත් සේවය කිරීම තහනම්ය. සීමාවාසික කාලය ලැබෙන තුරු වසරක් පමණ නිවසට වී සිටිය යුතුය. නමුත් බොහෝ දෙනා නීතියට පිටුපා හොරෙන් ඉතා අඩු මුදලට සේවය කරනුයේ තව දුරටත් ගෙදරින් යැපීම කල නොහෙකි බැවිනි. ( සත්‍ය නම් 27ක තරුණයෙක් තමන්ගේ දෙමාපියන් පෝෂණය කල යුතුය.) සීමාවාසික ලැබෙන විට වයස 28කි. සීමාවාසික කාලය යනු කුමක්දැයි දන්නා අයෙක් වෛද්‍ය වරයෙකු වීමට සිතන්නේ වත් නැත. එය වැටුප් නොමෙතිව දවසට පැය 20ක් පමණ රෝහලේ නේවාසිකව සිටිමින් කල යුතු සේවයකි /පුහුණුවකි. (ඔවුන්ට ඉතා සොච්චම් මුදලක් දීමනාවක් ලෙස ලබා දෙයි ). සීමාවාසික අවසන් වන විට වයස 29කි. ස්ථිර පත්වීම ලැබෙනුයේ වයස 30නි. එයත් බොහෝ දුරට ඇති දුෂ්කර ප්‍රදේශයකටය. එවෙනි පළාතක පුද්ගලික ප්‍රතිකාර කර මුදල් සෙවිය නොහෙක්කේ ඒ අසරණ ජනතාවට රජයේ රෝහලට එමට බස් එකේ යාමටවත් මුදල් නොමෙති බැවිනි. නමුත් වසර 3කින් පමණ නැවත දුෂ්කර නොවෙන ප්‍රදේශයකට පැමිණිය හැක.එවිට වයස 30ත් පැනලය. ඉතින් වෛද්‍ය වරු ලෝකෝත්තර නිසා තමන්ට කියා ජීවිතයක් හද ගත යුතු නැත. විවාහ නොවිය යුතුය . දෙමාපියන් දරු මල්ලන් නඩත්තු නොකළ යුතුය. යන්නට වාහනයක් නොගත යුතුය.ඉන්නට නිවසක් සෑදීම නොකළ යුතුය. නමුත් මේවා කරනවා නම් සල්ලි උවමනාය. නාකි වන්නට පෙර කරන්නට නම් මුදල් විශාල ලෙස ඉතා සුළු කාලයකින් උවමනාය.
    ඉතින් ඔවුන් පුද්ගලික ප්‍රතිකාර කිරීම නතර කල නොහැක. ඔවුනුත් පෘතග්ජන නිසා වැරදි වීම නතර කල නොහැක. මේ කටුක සත්‍යය ඔලුවෙන් හිටගෙන කීවත් කිසිවෙක් පිළිගන්නේ නැත. දන්නේ තමන්ගේ දරුවෙක් වෛද්‍ය පීඨයට ගිය අය පමණි.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. // සීමාවාසික කාලය යනු කුමක්දැයි දන්නා අයෙක් වෛද්‍ය වරයෙකු වීමට සිතන්නේ වත් නැත.//

      සහතික ඇත්ත.............

      Delete
    3. දුෂ්කර සේවය හිමිවන්නේ දොස්තරවරුන්ට පමණක් නොවේ. රාජ්‍ය අංශයේ සියළුම අයට මෙන්ම පෞද්ගලික අංශයේත් බොහෝ පිරිසකට එක වරම උසස් නිලතල වරප්‍රසාද ලැබෙන්නේ නැත. එය මෙරට මෙන්ම පිටරටවල අයටද එකසේ බලපායි. සමහර විදෙස් විශ්ව විද්‍යාලයන්හි උපාධිය ලබාගැනීම සඳහාම වූ දුශ්කර දුප්පට් රාජ්‍යයන්හි අනිවාර්ය සේවය අත්‍යාවශ්‍යවේ. මේ රෝගය දොස්තරුවරුන්ට පමණක් නොව උපාධියක් ලබා ගන්නා ලාංකිකයන්ට පොදුවේ ඇති රෝගයකි. සියළු දෙනාටම උපාධියක් ලද පසු මෙය දුප්පත් රටක් බවත්, තමාගේ මුලත් මතක වීම ප්‍රතිකාර නැතො රෝගයන්ය.

      Delete
  33. පෝස්ටුවත් කොමෙන්ටුත් එකක් නෑර කියෙව්වා.

    මටත් කටක් දාන්න ඉඩ දෙනවා නම්..

    සංවේදී ප්‍රශ්නයක්. නීති ශිෂ්‍යාවගේ ප්‍රශ්නයට හොඳ පිලිතුරක් ලැබේවා කියා ප්‍රාර්තනා කරමි.
    මේ ප්‍රශ්නෙ නොබියව කතා කරන්න එකෙක් හරි ඉන්න එක හයියක්.
    මේ ප්‍රශ්නය මාතලන්, මාතලන් ස්ටයිල් එකෙන් ගෙන ආවාට තුති.
    හෙන්චයියා වඩා මධ්‍යස්තව ප්‍රශ්නය දැක ඇති බව සිතුනා.
    රජය අධ්‍යාපනයට වියදම් කරන්නේ 2%යි, සෞඛ්යට 2% රජයේ සේවක පඩි නඩි වලට තමයි විශාලම කොටස,
    දේශපාලකයන් නඩත්තුව සඳහා මහ විශාල කොටසක්.

    මේ පෝස්ටුව ඔබගේ බ්ලොගයේ පැත්තක ස්තිරව තබන්නේ නම් නැතිනම් වෙනම පිටුවක හදා තබන්නේ නම් අනාගත සාකච්ඡාවට හොඳයි නේද?

    ReplyDelete
    Replies
    1. මේ විදියට ලිව්වේ නැත්නම් දැනෙන්නේ නෑ. දැනෙන්න නම් මේ විදියට ලියන්න ඕන. ඉස්සර ඇත්ත පත්තරේ කතුවැකිය ලියන සිරා වගේ.

      Delete
  34. සමහර අය හිතාගෙන ඉන්න තරම් ප්‍රතිලාභ බහුතරයක් දොස්තරලට නෑ. දොස්‍තරලා විශාල ප්‍රමාණයක් හිතන්නේ කරගත්‍ත මෝඩ කමක් කියල. සොච්චම් වැටුපකට දරන්න ති‍යන වගකීම් ප්‍රමාණයයි අහන්න තියන ඇනුම් බැනුම් ගොඩයි එක්ක ගත්තම කොන්දොස්තර රස්සාව මීට වඩා හොඳයි. අඩුම තරමෙ ඒ මිනිස්සු ගෙදර ගිහින් බයක් නැතුව නිදාගන්නව.
    ලෙඩෙක් දෙන්නෙක් සනීප වෙලා යනකොට ස්තූති කරද්දි හිතට සතුටක් ආවත් ඒ සතුට වැඩි වෙලාවක් පවතින්නෙ නෑ, තව එකෙක් ඇවිල්ල මොකක් හරි විකාරයක් කරනව.
    මුදල් වලට කරන රස්සාවක් කියල සමහර අය කීවත් මුදල් ගෙවල ලබාගන්නා වෙනත් සේවාවන්ට එහායින් ගියපු දෙයක් ලෙඩ්ඩු දොස්තරලගෙන් බලාපොරොත්‍තු වෙනව, හිතේ ප්‍රශ්ණ දාහක් තිබුණත් කලින් ආව ලෙඩා අම්මට බැනල ගියත් ඊලඟය එන ලෙඩාට ප්‍රසන මූණක් පෙන්නන්න ඕනේ.
    කවුරුත් අපිට දොස්තරලා වෙන්න කීවේ නෑ මේවා අපිම කරගත්ත මෝඩ කම්. මටනම් මේ කුණු රස්සාව එපා වෙලා ගොඩක් කල් , ස්තිර ආදායම් මාර්ගයක් හදාගත්ත පලවෙනී අවස්තාවෙම මේක නවත්ත්වනවා. උදේ හවස හීන දකින්නෙ ඒ ගැන.
    දවස පු‍රාම මූණු බෙරි කරගත්ත මිනිස්සු එක්ක ගනුදෙනු කරන එක හරිම අප්‍රසන්න දෙයක්.

    ReplyDelete
    Replies
    1. //සමහර අය හිතාගෙන ඉන්න තරම් ප්‍රතිලාභ බහුතරයක් දොස්තරලට නෑ. දොස්‍තරලා විශාල ප්‍රමාණයක් හිතන්නේ කරගත්‍ත මෝඩ කමක් කියල.//
      මෙහි නම් එකඟ විය හැකි පුද්ගලික අත් දැකීමක් තිබේ.මගේ සහෝදරයා දොස්තර කෙනෙක්.ඔහුත් සමග පාසලේ එකට ඉගෙන ගත් එහෙත් medicine යාමට ලකුණු මදිවී science faculty ගිය අය ගෙන ඔහු දරන්නේ මෙවන් අදහසක්."උන් PhD කරන්න කියල ඇමරිකාවේ ගිහින් එහෙම නැවතිලා.අපි මෙහෙ දුක් විඳිනවා....." තවත් මම අඳුරන නිර්වින්දන වෛද්‍යවරියකගේ අදහස "campus ගිහින් civil service එකට ගිය අය අපිට වඩා හොඳ තැනක ඉන්නවා " :D :D :D :D ඔබ නොහිතුවට බහුතරයක් දොස්තරලගේ ඇතුලාන්තය මෙයයි.

      Delete
    2. මෙයත් පොදු රෝගයක්. මම දැක්කා ඩියුඩ්ගේ බ්ලොග් එකකට රිප්ලයි කරලා තිබුන ඔක්කෝම වගේ තමන්ගේ රැකියාව කරන්නෙ කැමැත්තෙන් නෙමෙයි කියලා. ඒකට හේතුව රැකියාවක වටිනාකම නොතේරීම. අපේ උන් බලාගෙන ඉන්නේ නිවාඩු එන්නේ කවද්ද කියලා. එහෙව් රටක මෙයත් පොදු රෝග ලක්ෂණයක් මිසක්. දොස්තරලාටම පමණක් අදාල වූ දෙයක් නොවේ. විශේෂයෙන් රාජ්‍ය සේවයේ සියළුම සේව ස්ථානවල පාරබෝගිකයින්ට සැලකීම ඔහොම තමයි. මෙවට වෙනම ට්‍රේනින් තියන්න ඕන. ඒත් ඔළුව ඉදිමීමේ රෝගය සුවපත් කරන්නත් ඕනා...

      Delete
  35. @මාතලන්,

    ඔබේ අවධානයට!

    http://www.gossiplankanews.com/2013/02/girl-dies-inside-mri-scanner.html

    ReplyDelete
    Replies
    1. උඹ හිතන් ඉන්නෙ මාතලන් ජනාධිපති කියලද? අවධානයට...

      Delete
    2. බොහොම ස්තූතියි. පේනවනේ දොස්තර දිවිවරු කරන අපරාධයක තරම. එක බොරුවක් වහන්න බොරු කෝටියක් කෙලිනවා.

      Delete
  36. "එහෙත් අප විද්‍යවරයකුගෙන් බලා පොරොත්තු වන්නේ සාමන්‍ය පුද්ගලයකු නොවේ. මිනිස්සුන්ට බෙහෙත් විතරක් දීලා වැඩක් නෑ. ඒ මිනිස්සුන්ගේ මනස හදන්නෙ නැතුව" මාතලන් මෙහිදී වෛද්‍යවරු සාමාන්‍ය පුද්ගලයින් නොවන බව පවසයි. නමුත් වෛද්‍යවරුද මේ රටේම මිනිසුන් බැවින් අනෙක් ඕනෑම ක්ෂේත්‍රයක මෙන්ම එහිද සර්වසම්පූර්ණ නොවන මිනිසුන ඇත. වෛද්‍ය අචරදර්ම සහ ශික්ෂණය තුලින් යම් පාලනයක් ඇතිවුවද ඔවුන් අතින්ද අඩුපාඩු සිදුවිය හැකිය. නමුත අනෙක් ක්ෂේත්‍රවල ඉහල සිට පහලටම පැතිර ඇති දූෂණ වංචා ගත්කල වෛද්‍යවරු සාපේක්ෂව උසස් සේවයක් ලබාදෙන බව අවිවාදිතය. ඔවුන් අතින් සිදුවන වරදක් සමාජයට ඉහලින් දැනෙන්නේ ජනතාව ඔවුන්ගෙන් බලාපොරොත්තු වන ඉහල වෘත්තීය මට්ටම නිසාය. මාද්‍ය කරුවන්ට තම පත්තර විකුණා ගැනීමට මෙවැනි සිද්දියක් මහත් උදව්වකි. මේ තරම් අවේගයෙන් වෛද්‍ය සංහතියට බැණ වදින අයට මිනීමැරුම් දහසක් කල කරුණ / කේ පී ගැන මතක් නොවන්නේ කොන්දක් නැති නිසාය.

    ReplyDelete
    Replies
    1. කේ පී ලා නෙමෙයි ඕන තැනක අසාධාරනයක් පිළිබඳව අප ලියනවා. ඇත්ත ලියන කොට රුදුනට කරන්න දෙයක් නෑ...

      Delete
  37. අත කපපු එක සාමාන්‍ය දෙයක් කියලා මාතර රෝහලේ මහතැනත් ඔය කිව්වා කියන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඕක තමයි මම කලින්ම කිව්වේ.. මේ මාෆියාවට කවුරුත් බයයි.. මොකෝ ජරාව ලොකුයි...

      Delete
  38. ඔබ යෝජනා කරන "නීතී උපදේෂක සංගමයක්" යන්න ක්‍රියාත්මක වන රටවල සිදුවන සත්‍ය තත්වය පහදා දෙනු කෙමෙත්තෙමි. medical negligence & medical ethics යනු ඉතාමත් තර්ක විතර්ක මැද ගොඩනෙගුනු විෂයකි. මෙවන් සිදුවීමකට යමෙක් මුහුණ දුන් විට ඔවුන්ට නීතිය ඉදිරියේ එම දියුණු යි කියන රටවල පවා ඉතා දීර්ග කාලයක් නඩු කියන්නට සිදුවේ. (ලංකාවේ නම් ඉතින් කාලය ගෙන කතා කිරීමෙන් පලක් නැත.) එනිසා බොහෝ දෙන නඩු කීමට නෙපෙලබෙන්නේ නීතිඥයන්ට ගෙවන මුදලවත් පියව ගෙනීමට ලෙබෙන වන්දි මුදල මදි නිසාය.මෙහිදී ඒ සදහම සැදී පැහැදී සිටින නීතිඥ වරු පිරිසක් අසදරණය වුවා යයි කියන අය සොයා පැමිණ ගිවිසුමකට එළබීම සිදුකරයි. එනම් ලෙබෙන වන්දි මුදල 2/3 සහ 1/3 වශයෙන් බෙදා ගන්නටත් 2/3 නිටිඥයන්ට ලැබෙන නිසා ඔවුන් නොමිලයේ නඩුව කතා කිරීමටත්ය. මෙහිදී අදාල පුද්ගලයට නඩු වරයට පෙනී සිටීම පමණක් ප්‍රමාණවත් වෙයි. මෙය සාමාන්‍ය ජනතාවට ලාබදායි බැවින් ඔවුන් නිතෙතින්ම එකඟ වේ. මාතලන් කියනුයේ එවන් නීති උපදේශනයක් ගැනද? මේවා මට සිතෙන දේ නොව සෙබවින්ම සිදුවන දේය. සොයා බලන්න.

    ReplyDelete
    Replies
    1. එහෙම හරි මුදලක් ලැබෙනවනේ. නීතීඥයින් ගැන මම වෙනම කතා කල නිසා ආයෙත් කතා කරන්න කැමති නෑ. කැමති නම් පමනක් පැරණි ලිපි කියවන්න.

      Delete
  39. මාතලන්ද වෛද්‍යවරයෙකු වී ඇත. """මේ රෝගය දොස්තරුවරුන්ට පමණක් නොව උපාධියක් ලබා ගන්නා ලාංකිකයන්ට පොදුවේ ඇති රෝගයකි."""" """""මෙයත් පොදු රෝගයක්""""""" """""එහෙව් රටක මෙයත් පොදු රෝග ලක්ෂණයක් මිසක්""""" තමන් සිතන දේ පමණක් නිවැරදි යයි සිතීමත් රෝගයකි. පාට කන්නාඩි ගලවා මධ්‍යස්තව ගැටලුව දෙස බලන්න. මාතලන් දුෂ්කර සේවයට ඉතාමත් ඇලුම් කරන බවත් නොකියා කියයි. කොපමණ නම් ලක් මාතාවට ආදරේ ආදරේ දරුවෙක්ද?

    ReplyDelete
    Replies
    1. තම රටට ආදරය නොකරන්නා. තම මවටද ආදරය නොකරයි.
      අද වී ඇත්තෙ එයයි

      Delete
  40. අතපසුවීම් සිදුවිය හැක. නමුත් එය සාධාරණීකරණය කිරීමට උත්සහ දැරීම අනුමත කල නොහැක.
    මම අද ජීවත්ව ඉන්නේ වෛද්‍යවරයකු නිසාය. එතුමාට අතපසු වීමක් වුනා නම් මම මියගොස් අවුරුදු 20 කට වැඩිය.

    ලිපියේ පෙන්වා දී ඇත්තේ සිදුවූ වැරැද්ද පමණි. සියලුම වෙදුන් මේ වගේ යයිද, බටහිර වෙදුන් හොද නැතැයි ද, ආයුර්වේදය හොද යයි ද මෙහි කියා නැත. අදහස් නොකළ දෙයක් ඈඳාගෙන වැරැද්ද වහන්නට තැත් කරන්නේ ඇයි?
    කවුරු අතින් සිදුවුවත් අතපසුවීම නම් වැරද්දක් මය. එයට දොස්තරද, ඉන්ජිනේරුවාද, ගුරුවරයාද කවර වෘතිකයකුද යන්න අදාළ නැත. නමුත් වෙදුන් අතින් සිදුවන අතපසුවීම් වලට සමාජය අතිශයින් සංවේදීය.ඒ එයට මිනිස් ජීවිතයක ඉරණම තීරණය කල හැකි බැවිනි.

    ReplyDelete
  41. Here's an incredible training that can take your leg coaching to some New Degree Pretty much!

    My web-site: http://www.getfitnstrong.com/adjustable-dumbbells/

    ReplyDelete
  42. On top of that, the Bowflex Enterprise supplies an extraordinary
    warranty that guarantees you through the a
    long time of usage.

    Also visit my web blog; lifecore dumbbells

    ReplyDelete
  43. By way of example, if the dial is locked to 25 lbs .,
    the housing will lock while in the appropriate weights, generating each individual dumbbell weigh 25 lbs once you raise the dumbbells from the housing.


    Feel free to surf to my web blog - Read Alot more

    ReplyDelete
  44. Often construct up slowly to new ranges of exertion.

    Also visit my blog post; http://www.getfitnstrong.com/bowflex-dumbbells/

    ReplyDelete
  45. They may have fifteen fat choices starting from five lbs to 52.



    Also visit my web blog: Suggested Website

    ReplyDelete
  46. Recently we inducted a girl in to the supreme court, with one more up for thought.


    Here is my blog - adjustable weights

    ReplyDelete
  47. Even so, the Bowflex Series seven treadmill really
    is really a great piece of workout devices.

    Look into my web site; mouse click the up coming webpage

    ReplyDelete
  48. Bowflex has built a status of being a chief while in the residence exercise industry.


    Here is my blog bowflex selecttech 552 adjustable dumbbells pair

    ReplyDelete
  49. They may be the top equipment for rehabing an injuries as a
    result of the non-weightbearing, minimal affect added benefits which
    they deliver.

    Take a look at my webpage :: http://www.getfitnstrong.com/

    ReplyDelete
  50. No matter if some one searches for his necessary thing, thus
    he/she wishes to be available that in detail, therefore that thing is maintained over here.


    Feel free to surf to my blog; songwriting

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න