.

.

Mar 30, 2013

කිරි කැට් බයිලා.... මල්ලි අහුල ගනිල්ලා.... - Cricket Baila



සිරි, ලන්කන් බයිලා, මල්ලි ඇහිඳ ගනිල්ලා....
උඹ ඇහිඳ ගන්නේ බලාගෙනයි, දෙකට නැමී...ලා...
මල්ලි, ඇහිඳ ගන්නේ බලාගෙනයි, දෙකට නැමී...ලා...
දන්නෙම නෑ, කව්ද උඹට තියේවී ඇරලා...
දන්නෙම නෑ, කව්ද උඹට තියේවී ඇරලා...
මේවා, ලන්කන් බයිලා, මල්ලි ඇහිඳ ගනිල්ලා...

ජෙය ලලිතා කියයි, සිරි ලන්කන් වානා කියාලා....
මන මෝහන් ෆුල් සයිලන්ස්, මවුත් ෂට් වෙලා....
මල්ලි, මන මෝහන් ෆුල් සයිලන්ස්, මවුත් ෂට් වෙලා..
දිනෙෂ් කියයි, අපි ඕවට යන් නෑ කියලා...
යන්න ඉතින් ගන්න එපැයි, වරෙන් කියාලා...
කෙහෙළියගේ සන්, විස්සයි විස්සට දාලා...

යනවා මනුස්සයෝ..., වැඩක් බලන් කියාලා...
"හූ".... කනවා මාලිංගයා, කට වරද්දලා...
අනේ, "හූ" තියනවා මලිංගට, කට වරද්දලා...
එහෙම නෙමෙයි, සිංගා මා..ලිංගා කියාලා...
එහෙම නෙමෙයි, සිංගා මා..ලිංගා කියාලා..
අපේ එකා.. ෆෝම් කරමු, සප් එක දීලා...

නම කපලා.., තිලංගයට හොඳ මල පැනලා....
මයික් කනවා, ධර්මයගේ "අම්මට" කියලා
ඌ.. මයික් කනවා, ධර්මයගේ "අම්මට" කියලා...
අට කොන පැනලා, අර්ජුන බල්ටිය ගහලා....
අට කොන පැනලා, අර්ජුන බල්ටිය ගහලා...
පවුල එක්ක ක්‍රිකට් කාවී, හුරේ කියාලා...

කලක පටන්, හැම රටෙන්ම, නියමෙට කනවා...
බංගලියොත්, ලංකාවේ රැකොඩ් තියනවා...
පුංචි බංගලියොත්, ලංකාවේ රැකොඩ් තියනවා....
සෙන්චරි නම් දුක නෑ... මුන් ඩබල් ගහනවා...
සෙන්චරි නම් දුක නෑ... මුන් ඩබල් ගහනවා...
කොච්චර කෑවත් අපි නම් ක්‍රිකට් බලනවා....

ජය ලලිතගේ අම්ම්ට, වස් කවියක් කියලා...
I.P.L. බලනවා, "Pee" ගහකට දාලා....
මල්ලි, I.P.L. බලනවා, "Pee" ගහකට දාලා...
අපේ කොල්ලො නැති හින්දා, දුකයි කියාලා...
අපේ කොල්ලො නැති හින්දා, දුකයි කියාලා...
I.P.L.නොබලා කොහොම, පත්තියන් වෙලා....

.oOo.

62 comments:

  1. මාතලං ලිව්වොත් මෙහෙම රස වැක්කෙරෙන බයිලාවක්ම තමයි..

    ReplyDelete
  2. දිනේශ් යන්නේ නැ නෙවෙයි ගත්තේ නෑ

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ඇත්ත ගියපාර රාජස්ථාන් ටීම් සංචිතයට ගත්තට ටීම් එකේ තැනක් ලැබුණ නැහැ.මේ පාර බෙන්ච් එකේ ඉන්නවට සල්ලි ගෙවන්න ඕන නැති නිසා ගත්තේ නැහැ.කොහොමත් මේ සීනියර්ස්ල ටික රිටයර් උනාම අපේ කාටවත් අයි පී එල් ගැන වොරි වෙන්න ඕන නැහැ මොකද එහෙම ලොකු ගානකට ගහන්න පුළුවන් එකෙක් නැහැ.

      Delete
    2. තිසර, කුසල්, ඇන්ජලෝ තුන්දෙනා ඉඳියි . චන්දිමාල්ට පිනට ලැබුන කැප්ටන්සිය නිසා සමහර විට ඊලඟ පාර වෙන්දේසියෙදි , වටිනාකමක් ලැබෙන්න පුලුවන් සුලු වශයෙන් හරි

      Delete
    3. ඒක තමයි බන් දැම්මේ. යන්න, ගන්න එපාය... ඒක වත් නොදන්න උන් අන්න බුකිය වනසනවා.. මම දැක්කා උඹ නෙලලා තියෙනවා.. මමත් දැම්මා මට ආපු ඒවට..

      Delete
    4. තිත්ත ඇත්ත. මිදිත් තිත්තයිලුනේ.

      Delete
    5. මාතලන් අයියේ එතකොට මේ මොකක් දෝ? http://www.indianexpress.com/news/dinesh-chandimal-rejects-ipl-offer/1095348/

      Delete
    6. @ චීටා
      ඉතින් බන් මගෙන් අහන්නේ උඹම කියවලා බලපන්කෝ. මොකක්ද ඒ කියන්නේ කියලා.

      Delete
    7. @ චීටා ..

      මෙන්න මේ ටික කියවන්න රත්තරන්
      ''Chandimal was not among the 13 Sri Lankan players originally contracted to play in the IPL auction. He is said to have rejected offers from Pune Warriors to fill in the void of the injured Australian captain Michael Clarke and from Delhi Daredevils to replace English batsman Kevin Pietersen, who is also injured.''
      '

      Delete
    8. මුලින් මාව ගන්න බැරි එකාලා දැන් ගන්න එනවා කියල චන්දියට තදවෙලා ඇති , ඔහොම ගත්තාම හම්බුවෙන්නේ මූලික වටිනාකම විතරයි . ෆේස් බුක් එකේ දේශප්‍රේමියෝ මැරෙන්න හදන්නේ උන්ගේ ඉන්දියන් බඩු එපා- අයිපි එල් එපා වර්ජනේට චන්දියා එකතු වුනා කියල . ඒක එහෙම නෙවෙයි . ඔය රීප්ලෙස් මන්ට් වලට අඬ ගහන ඒවට බෑ කියපු අවස්ථා ඕනි තරම් තියනවා , හේතුව මුදල . මුල් වටයෙන්ම වෙන්දේසි වුනු හරි වෙන්දේසියට නොදාපු මාලිංග හරි අයි පි එල් නොයා ඉන්න වා නම් ඔන්න බුකි ප්‍රේමියෝ දිනුම්

      And read this

      http://timesofindia.indiatimes.com/sports/cricket/ipl/news/Dinesh-Chandimal-rejects-IPL-offer/articleshow/19298656.cms

      Delete
    9. From lanka C news

      "තමන් තරගාවලියට සුදුසු නම් ඒ ස`දහා එක්කරගත යුතුව තිබුණේ ක‍්‍රිඩක වෙන්දේසියේදී බවට පවසා ඇති චන්දිමාල් පසුව ලැබෙන ආරාධනාවන් සැලකිල්ලට ගත නොහැකි බව ද පවසා ඇත."

      Delete
  3. ඒළ! විස්තර දාන්න බෑ බං ෙම් මඟුෙල අකුරු මට කන්ෙට්‍රා්ල් නැතිෙවලා!

    ReplyDelete
    Replies
    1. අකුරු බීලද...? උඹ බීලද...?

      Delete
  4. අන්න රඹුක්වැල්ලගේ කොල්ල ගත්තු එක සනා ලස්සනට ජස්ටිෆයි කරලා.හී..හී...හොඳ වෙලාවට නාමල් බේබිට ලෙදර් බෝලයක් අල්ල ගන්න බැරි උනේ.නැත්නම් මැතිව්ස්ට අබ සරණයි.!තිලංග ලොක්කගේ ඔය හිතේ අමාරුව තව ටික දවසයි ඉහලින් ඕඩරේ ආපු ගමන් සරෙන්ඩර්.ඔය කවුරුත් ඔතනට එන්න දඟලන්නේ කොටින්ම අර්ජුන ලොක්ක පවා ඔතන තියෙන රස ගුලාව නිසා කියල දන්නෝ දනිති.මොනවා උනත් අන්තිමේ ...ධර්මදාස බෝඩ් ඊටින්.....කොල්ලො ටික බන්ගලින්ගෙනුත් ඊටින් .....අපි තවමත් තියෙන ඇම්මට මෙව්වා වොචින් !

    ReplyDelete
    Replies
    1. ක්‍රිකට් කාපු එකාට. ක්‍රිකට් දෙන්න වගේ යන්නේ.. ක්‍රිකට් වලටත් ඉතින්..

      අනිච්චා වත සංඛාරා.....

      මියගියේ ඔබ නොව අපයි....

      Delete
  5. මේකනම් මරු..හිතෙන් කියවල හරියන්නෙ නෑ..බයිල විදියටම සද්දේ දාලා කියෙව්වහම තමයි බොලව් රස..

    ReplyDelete
    Replies
    1. අම්මප මචෝ ගණ පිහිටුවල බයිලාවක් කියලවත් මේ වස් දොස් ටික දුරු කරල දාන්න බැයිද කියල කියහන්කෝ උඹේ ඔය ආද්‍යාත්මවේදයෙන්

      Delete
    2. අර කෙන්ජි කියනවා වගේ දෙකක් දාලා කියන්න ඕන..

      Delete
    3. @Anonymous
      අප්පට සිරි මෙන්න මෙයා මාව අධ්‍යාත්මවේදියෙක් කරල තැන්කියු මෙයා....

      Delete
  6. ඔය බයිලා ව කියන්න ම ඕන ලා බීල.
    අර්ජුන මණ්ඩලේ අප්ෂට් කිව්වට වග කියන්න ඕන තමන්ගෙ එකා ඇතුළු හොර නඩේ ගැන වචනයක් හෙල්ලුවද?
    අර්ජුනය කැප්ටන්සි එක කරද්දී,පහල එව්වො බෑග් උස්සන් යන්නයි,පොඩි එව්වන්ට කියල සර් කියව ගන්නයි,පිට රට ගියාම හෝටල් වල කිචන් එකට ගිහිල්ල චෙෆ් ලගෙන් තමන්ට විතරක් උයවගෙන බත් කන්න උපන් අපතයෙක් නේ .
    ගොවියට වතුර නැති උනාට අර්ජුගේ බලාගාර වලට නිතරම ජලය තිබේ.එම විදුලිය වැඩි ගානට විකුනන්නෙ කාටද?
    ඉතින් ,..........................තව ................තව.......................ඇත.මගෙ කට....................තොට .................මොට...............

    ReplyDelete
    Replies
    1. මෙන්න මූත් එක්ක එකඟ වෙන්න පුළුවන් වෙලාවක්. ගොවියට වතුර නැතිවුණාට උගෙ බලාගාරවලට ඇති පදම් වතුර. කතාව ඇත්ත කෙන්ජි. මෙන්න පහක්.

      Delete
    2. අර්ජුනටත් Mini hydro power තියෙනවද?
      හැබැයි ජලයේ විභව ශක්තිය හා චාලක ශක්තිය ප්‍රයෝජනයට අරං විදුලිය නිපදුවට, ගොවිතැනට ඒ ජලය ම ගන්න කිසිම භාදාවක් නෑනේ? ඇත්තට ම වතුරට මොකවත් වෙන්නේ නෑ නේ විදුලිය නිපදුවා කියල?

      Delete
    3. @ජයශ්‍රී
      උඹේ තර්කය හරි මචං. ජල විදුලිය නිපදවූවා යැයි කියලා ඒ ජලය ගොවිතැනට ගන්න කිසිම බාදාවක් නෑ. ඒක ඇත්ත. නමුත් මෙතන ප්‍රශ්නේ වෙනස්. සමහර සිරිසේන ලාගේ දේශපාලනික හයිකාරකම් ප්‍රයෝජනයට ගන්නා සහෝදරවරුන් නිසා යල් කන්නයට වැව් වල ජලය ගොවියාට නිසි ලෙස ලැබෙන්නේ නැත. නමුත් විපක්ෂයේ උන්නත් සමහර බලවන්තයින්ගේ බලාගාරවලට විදුලිය නිපදවීමට අවැසි ජලය සඳහා බාධාවක් නැත. මේ වෙනස් සැලකීම ගැනයි මගේ වේදනාව. එසේ බලන විට ලංකාවේ මතුපිටින් පෙන්වන දේශපාලනික එදිරිවාදී කම් යථා ලෝකයේදී වැදගත් නොවේ. මොකා ආවත් තැළෙන්නේ පොඩි මිනිසාය. ඒ නිසා මගේ පෞද්ගලික අදහස නම් පොඩි මිනිසුන් වන අප රට සැදීම වෙනුවෙන් ජීවිතය කැපකිරීම පසෙක තබා අර ලොකු මිනිසුන්ගෙන් කෙනෙක් විම සඳහා උත්සාහ දැරිය යුතු බවයි.

      Delete
    4. අර්ජුන ගැන අද ඉන්න උන් දන්නෙ නෑ. 96 දින්නට, ඔළුව ඉදිමුන සෙට් එක බල්ලො වගේ කෑවා ඊළඟ කප් එකේදී. අනික ලංකාවට ටීම් දෙකක්ම ආවේ නැති නිසා නිතරඟයෙන්ම වගේ සෙමි ෆයිනල් ආවේ.. කොහොම නමුත් ඒ වෙලාවේ හිටපු හොඳම ටීම් එක අපේ. ඒ තමයි අපේ ක්‍රිකට් මළ දවස...

      Delete
  7. මගේ ජිවිතේ වැඩිපුරම කැමති උනෙත් ක්‍රිකට් වලට වැඩි පුරම අකමැති උනෙත් ක්‍රිකට් වලට........ඒ දේශපාලනය ක්‍රිකට් වලට අපු දවසේ ඉදලා......

    ReplyDelete
    Replies
    1. මට නම් ජීවීතේටවත් ක්‍රිකට් නම් එපා වෙන්නේ නෑ. වැල්ලේ කොල්ලෝ ගහන මැච් එකක් උනත් බලනවා..

      Delete
  8. //..මල්ලි, ඇහිඳ ගන්නේ බලාගෙනයි, දෙකට නැමී...ලා...
    දන්නෙම නෑ, කව්ද උඹට තියේවී ඇරලා....//

    මෙන්න නියම කොටහ ++++++

    ReplyDelete
    Replies
    1. නැමුනොත් බඩුම තමයි.....

      Delete
  9. රාජගිරියේ මාෂල්ලා පරාදයි. කියලා තියන කතන්දර ටික හරියටම හරි. ක්‍රිකට් ක්‍රීඩාවෙ ශුද්ධ පීතෘ වරුන් වශයෙන් පෙනී සිටින බොහෝ දෙනා ගේ සැබෑ ක්‍රියාකාරකම් කොපමණ සමාජය වෙත එළිදරව් වුණත් ඔවුන්ව ආරක්ෂා කරන පාලක පැලැන්තියක් සිටින තුරා එවැනි එළිදරව් කිරීම් වලින් පලක් නැත.

    ReplyDelete
    Replies
    1. නරකද ක්‍රිකට් සමාගමක් කරලා විකුණලා දැම්මා නම්...

      Delete
  10. මචං තනුවක් දාන්න බැහැ. සවුත්තුයි :ඩී

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලා බයිලා ඉගෙන ගෙන වරෙන්...

      Delete
  11. ප්‍රශ්න දෙකක් ඇතිවුණි මේ බයිල කියෝලා
    සමාවෙලා උත්තර මට දෙනවද ඔහෙලා
    අනෙ සමාවෙලා උත්තර මට දෙනවද ඔහෙලා
    ප්‍රශ්න දෙකක් ඇතිවුණි මේ බයිල කියෝලා

    චන්දිමාල් ගත්තෙ නැද්ද අයි පී එල්ට
    බුකියෙ තියෙන විස්තර හැම බොරුද එතකොට
    ෆේස් බුකියෙ තියෙන විස්තර හැම බොරුද එතකොට
    චන්දිමාල් ගත්තෙ නැද්ද අයි පී එල්ට

    ටෙස් තරඟාවලිය දින්නෙ අපිම නොවේද
    ලුවිස් නොවේ නම් වන්ඩෙත් දිනනව නේද
    ඩක්වත් ලුවිස් නොවේ නම් වන්ඩෙත් දිනනව නේද
    ටෙස් තරඟාවලිය දින්නෙ අපිම නොවේද

    ReplyDelete
    Replies
    1. එකෙක් එන්නෙ නෑ කියලා මෙයාට කියලා
      මෙයා කියලා මට බෑ දැන් එන්නට කියලා
      මෙයා කියලා මට බෑ දැන් එන්නට කියලා
      ඒ උනාට පළමු වටයේ උන්නේ හැලිලා

      පාරුවේ පුවක් මල්ලි පූරූවේ
      ටැස් එක දිනුවා පලදි පලදි පූරූවේ පිනක්
      මල්ලි, ටැස් එක දිනුවා පලදි පූරූවේ පිනක්
      නැත්තං කන්නයි වෙන්නේ මඩ වලේ පුවක්

      Delete
  12. බයිලා ටිකනම් වෙනදා වගේම සුපිරියි

    ReplyDelete
  13. නියමයි මාතලන්...

    ReplyDelete
  14. සුපිරි බයිලාවක්.. එල.. :)

    ReplyDelete
  15. කෙහෙළියගේ සන්, විස්සයි විස්සට දාලා...
    මේ ආරම්භයක් පමණයි....

    ReplyDelete
    Replies
    1. ඒකත් උරුමයට නතු වෙයි වගේ..

      Delete
  16. බයිලාවලින් රට හොල්ලපු මාතලන් චැම්පියන්. :P

    ReplyDelete
    Replies
    1. වොලි බැස්ටියන් උන්නා නම් වහ බීලා මැරෙයි.. ලැජ්ජාවේ...

      Delete
  17. මේ බයිලා අසාලා!
    ඇඟේ මයිල් කෙලින් නටාලා!
    කිරිකට් කොල්ලෙක් මේවා ...
    දැක්කොත් සුර ලෝ යයි සිත් තොසිනා!!!

    ReplyDelete
    Replies
    1. සුරළොව හොල්ලා
      මම කියනවා බයිලා
      ඒ බයිලා අසාලා
      නටපං දෙකට නැමීලා

      Delete
  18. වලත්තයාMarch 31, 2013 at 6:03 AM

    මසුරන් බයිලා ඕන් අහුල ගනිල්ලා......පට්ට පට පට

    ReplyDelete
    Replies
    1. මසුරන් වගේ හරි වටිනවා මේ රස බයිලා
      ඊයේ ගැහුවා මැච් එක පොඩි කොල්ලො සෙට්වෙලා
      ඊයේ ගැහුවා මැච් එක පොඩි කොල්ලො සෙට්වෙලා
      ලොම් හැලිච්ච කබ්බෝ ටික ගෙදර එළෝලා

      Delete
  19. අර කෝටි විස්සෙ කබ්බො අස්සෙ ගම්බිරිස් ඇටේ
    උස්ස උස්ස ගස්සපු රස තවම ඇත කටේ..

    එදා බස්සො ටිකට උස්ස නෙළල බැස්සෙ වෙඩි වගේ
    අද බැස්ස හුළං මැස්සෝ යයි වස්සො ටික වගේ...

    මල්ලි, හිස්ස පිරුණ ගොන් වස්සන් රැස් වෙලා වලේ
    අනේ රැස්ස තිබ්බ බැස්සුවනේ වස් උනා වගේ...
    අනේ රැස්ස තිබ්බ බැස්සුවනේ වස් උනා වගේ...
    මල්ලි, හිස්ස පිරුණ ගොන් වස්සන් රැස් වෙලා වලේ..

    ReplyDelete
    Replies
    1. ඒ කොම්පැනි මේ කොම්පැනි ක්‍රිකට් කොම්පැණී
      හැම එකාම කනවා රහ වගේ මී පැණී
      හැම එකාම කනවා රහ වගේ මී පැණී
      හෙට අනිද්දා යවනවාලූ කනත්තට මිනී

      Delete
  20. අඩෝ මචන් ගිනි ගින්දරම කවිය...එලම කිරි..ජය වේවා..!!!!

    ReplyDelete
    Replies
    1. මේ කවි නෙමේ යකෝ...! බයිලා...

      Delete
  21. මහගෙදරටම හෙණ ගහල නම්
    මේ අතු පැලවල් ගැන කියනු මොටද?

    ReplyDelete
  22. හැමදේම මිනිස්සු සල්ලිවලින් මනිනවා.ඒක ඔයාටවත්,මටවත් නතර කරන්න බෑ.ඊයෙත් බෑ,අදත් බෑ,හෙටත් බෑ.නමුත් අපිට පුළුවන් ආරම්භයක් කරන්න.මිනිස්සුන්ට හිතන්න අවස්ථාව දෙන්න.නමුත් අපේ අය හැමදේම අමතක කරනවා.හරිම ඉක්මනින්.නමුත් ඔයාගේ නිර්මාණාත්මක උත්සාහය අගය කරනවා.
    මම ඔයගේ සින්ඩියට දැම්මා මගේ බ්ලොග් එක.තවම ඒක පෙන්නුවෙනම් නෑ.මම මේ වැඩේට අළුත්.මේ තියෙන්නෙ ලින්ක් එක.
    http://cristogallary.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මුදල් පසුපස යාම මම කිසි සේත් හෙලා දකින්නේ නෑ. නමුත් හොරකම වංචාව නම් හෙලා දකිනවා. ඔබ කවදාවත් ඉල්ලීමක් කරන්න නැතිව ඇති. මොකෝ මම ස්පෑම් ඊමේල් පවා කියවන කෙනෙක්. කෙසේ නමුත් ඔබේ අඩවිය සින්ඩියට ඇතුලත් කළා.

      Delete
  23. මේකට තමයි ඉස්සෙල්ලම් හෙන ගැහුවේ. මහත්තුර් දෙන්නෙක් ලස්සනට හොරකම් කරලා මාරු උනා. අද උන්නද මලාද නෑ. දැන් කන්න දෙයක් නැති නිසා අර්ජුනලට දෙන්න යනවා. ක්‍රිකට් ගහන උන්ට ක්‍රිකට් ගැහිල්ල කෙසේ වෙතත් අර්ජුන සෑර්ට වඳින්න නම් වෙයි.

    ReplyDelete
  24. හී හී හිනා ඕයි කියෝලා... ෆස්ට වාද බයිලයක් නොවැ.. ඔව්වට කියන්නේ කාලීන බයිලා කියලා බොලව්.. හැක හැක...

    ReplyDelete
  25. ඕයේ ඔජායේ
    ඕයේ ඔජායේ//
    ටුවර් එකක් ගහන්නට
    කෝලිලා ඇවිල්ලා..
    තාමත් මතකයි
    සිදුවෙච්ච දේ එදා
    ගාල්ලේ ගිහිල්ලා
    ටර්න් වෙයි කියාලා
    මුලු රටේම හිටි
    ස්පිනස්ල දැම්මා
    දවානා ඇවිදින්
    අපි හොම්බෙන් ඇරියා
    ප්‍රීතියෙන්
    ඕයේ ඔජායේ//
    රහානයයි පුජාරයි
    එදා යටින් ඇවිල්ලා
    බෝල පලනා හැටි
    අපට පෙන්නුවා
    ඉස්සරහට පැනලා
    බෝලෙ යටට ඇවිල්ලා
    ක්‍රව්ඩ් එකට යන්නට
    පත සික්සර් කෙලියා
    දාන දාන බෝලෙත්
    ස්වීප්ම කෙරුවා
    ප්‍රීතියෙන්
    ඕයේ ඔජායේ//
    දිමුත් කරුවගේ
    වයි පර් හරි හැඩකාරී
    සනතා නෑ කෙල්ලෙක්
    වෙන දැක්කෙ ඒ වගේ
    කරුවා මැච් කෑවත්
    දැක ඒ කෙලි පැටික්කී
    නෑ කපන්න හිතුනේ
    කරුවා ඉන්නට ඕනී
    කොලබ හතෙත් නෑ
    අයෙ මේ වගෙ කෑලී
    මලීකත් වැඩක් නෑ
    දැන් නන් නන්කී
    ඉන්දියන් එවුන්ගේ
    එල සීමර්ලත් ඇත්තේ
    අනේ අපේ පැත්තේ
    ඇයි එකෙක්වත් නැත්තේ
    හිතනා අස්සෙම අපි
    ඇදම්ම නෑවේ
    තාමත් සිහිවේ ඒ
    කෝලිගෙ ජය නාදේ
    ප්‍රීතියෙන්
    .
    ගී පද- #madhawaVk

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න