.

.

Mar 6, 2013

රනිල්ගේ ගරිල්ලා මාකටින් - Guerrilla marketing by Ranil Wickremasinghe




අපේ හිච්චි බාප්පා, හෙන කෝටිපතියාය. පොර හෙන පින්කම් කොරන්නේය. පිරිතට වඩින්නේත් වී අයි පී උන්නාන්සෙලාය. මේ පින්කම් කරන්නේ ඊළඟ ආත්මේත් මීටත් වඩා ලැබෙන්න කියලා වෙන්න ඇතිය. ඒත් වැඩිපුරම පොරගේ ආසාව, මම පින්කම් කොරනවා කියා ඔක්කෝටම පෙන්නීමය. හැබයි පොර සාධාරණය. මොකෝ, නැත්නම් දිවිය ළෝකේ ලියවුනාට, මෙහේ උන් නොදන්නා නිසාය. පොරගේ පින්කම්වලට, මුලින් මුලින් සෙනග ආවේ නැතිය. පිරිත් අහන්න උන්නේ හතර පස් දෙනෙක්ය. දානෙත් විශාකා සිටු දියණියගේ එකට පරදින්න දුන්නත්, ඒකටත් සෙනග උන්නේ නැතිය. බාප්පාට ගරිල්ලා මාකටින් කියලා දුන්නේ මාතලන් පුතාය.

ගරිල්ලා මාකටින්
මාතලන් කිව්වේ.. බාප්පාගේ ස්ට්‍රැටජි එක වෙනස් කරන්න කියාය. එයාගේ පොලිසි එක අනුව, පින්කම්වල ලිකර් හරාම්ය. ඒ අපේ ගමේ මෙතඩ්ය. ඒ කාලේ මගුල් ගෙවල් වලත් බිව්වේ නැතිය. බීම ඇරෙන්ජ් කරලා තිබුනේ, අහල පහල ගෙදරකය. ඒ බිව්වේත් හොරෙන්ය. අද එව්වා හරියන්නේ නැතිය. දැන් පින්කම්වලට සෙනග පුරවලාය. මේවාට කියන්නේ ගරිල්ලා මාකටින් කියලාය. ගරිල්ලා මාකටින් හඳුන්වා දුන්නේ, ජේ කොන්‍රඩ් ලෙවින්සන්ය (Jay Conrad Levinson) . ඒකෙන් කියන්නේ අඩු වියදමෙන් වැඩි පිරිසක් කඩාගන්න එකය. එහෙම නැත්නම් ලෝ බජට් මාකටින්ය. කොටින්ම කියනවානම් කවුරුත් නොකල දෙයක්, පොඩි වියදමකින් කර කස්ටමර්ලා අද්දා ගැනීමය.

මට මෙව්වා මතක් උනේ, අපේ රනිල් ලොක්කා ගරිල්ලා මෙතඩ් එකට බලේ අල්ලන්න යනවා කියලා දැක්ක නිසාය. සමහර විට පොත් කියවන්න ආස කෙනෙක් නිසා, ලොක්කා මේ පොත අනිවාර්යයෙන් කියවලා ඇතිය. ඔය ඇස් ඇම් ඇස් ගහන්න කිව්වෙත්, මේ නිසා වෙන්න ඇතිය. ඒත් ඉතින් පොත් කියෙව්වාට ලොක්කා ප්‍රැක්ටිකල් නැතිය. ඔය මහින්ද මහත්තයාට මිනිස්සු ඡන්දේ දෙන්නේ, එයා අවුරුද්දට ඇස් ඇම් ඇස් එවන නිසාය. මෙයා කියන්නේ අපිට ඇස් ඇම් ඇස් ගහන්න කියලාය. එයා එකක්වත් ගහන්නේ නැතිය.

කට්ටියටම ගේම දීලා, දිස්ත්‍රික්ක මට්ටමෙන් මිනිස්සු එකතු කරන්න ගියාම, එන්න එකෙක්වත් නැතිය. හැම රෙද්දටම අත උස්සන කෘත්‍යාධිකාර මණ්ඩලේ ඉන්න ඒවුන්වත් ඇවිල්ලා නැතිය. කොටින්ම පලාතේ නායකයන් වන, අලුවිහාරෙලාවත් නැතිය. හරිට මනමාලි නැති මගුල් ගෙදර වගේය. මේ මල මගුල් කරලා හරියන්නේ නැතිය. ගාල්ලෙන් පටන් ගත්ත එක, ගාල්ලෙන්ම කෙල උනේය. අනික ඉතින් මිනිස්සුන්ට මුකුත් දෙන්නෙ නැතුව ගියාම, බල්ලෙක්වත් එන්නේ නැතිය. ඔය සජිත් මහත්තයාට සෙනග එන්නේ, එයා සීනී පන්සීයක් හරි බෙදන නිසාය. එහෙම දෙන්න නැත්නම් සජිත් නෙමේ, හේමා ගියත් එකෙක්වත් එන්නේ නැතිය.

දැන් ඒකට මල පැනලා ෂරියා ගේන්න යනවාය. දුන්න ෂරියා ගේම් හොඳටෝම ඇතිය. අලුතෙන් දෙන්න ෂරියා එකක් නැත්තේය. ඔය බෙලි කපාගෙන යන කැපිල්ලට, අන්තීමෙදි තමන්ගේ බෙල්ල කැපෙනකම් දන්නෙ නැතිය. එයා තනියෙන් ජනාධිපති උනත්, නමට හරි පාර්ලිමේන්තුවෙත් දැන් ඉන්නවා වගේ, පොන්නයෝ ටිකක් හරි ඉන්න ඕනෑය. එහෙම නැතුව මෙයා පාර්ලීමෙනතුවටත් කෙලින ප්ලෑන් එකක් තියෙනවාද කියා කියන්නත් දන්නෙ නැතිය. එහෙම එකක් තියෙනවාද කියා මලික් සමරවික්‍රම හම්බ උනොත් අහන්නත් හිතෙනවාය.

ෂරියා ගෙනත්, ඉන්න ඔක්කෝම උන් කපලා හරියන්නේ නැතිය. ඉන්න බුලට්ම බඩු සජිත්ගේ ලනු කා කෙලවාගත්තේය. ඒ උන්ටත් බලයට තියෙන පෙරේත කම නිසාය. ඒ හැම එකාම බලන්නේත්. බලේ අරගෙන මේ කුප්ප සිස්ටම් එක ඇතුලේ. බිලියනයර්ලා වෙන්නය. ඒ විදියට දේශය පාළනය කරන්න අලුතෙන් උන් ඕනෑ නැතිය. ඉන්න උන් ඔක්කෝම, මක්කා නොකලත්, ඒකනම් නියමෙට කොරනවාය. ණය ගෙවා ගන්න බැරුව පවුල් පිටින් වහා බීලා මැරුණත්, එයාලා ගිනි පොලියට ණය අරන් පට්ට ආතල් ගන්නවාය. ඒකට නම්, අළුතෙන් කවුරුවත් ඕනා නැතිය. ඒ වැඩෙන්නම් මෙයාලාට ගහන්න රනිල්ට තියා මුගාබේටවත් බැරිය.

දැන් ආයෙත් අර ගරිල්ලා මාකටින් මෙතඩ් එකට එනවාය. සජිත්ට සෙනග එන්නේ සීනී 500 ක් හරි දෙන නිසාය. උන් සීනී 500 අරන් ගිහින්, මහින්ද මහත්තයාට කතිරේ ගහනවාය. මෙයා බෙදපු බෙදිල්ලට, හම්බන්තොට ඇඟළුම් ගම්මානයක් වෙන්න ඕනාය. ඒත් එහෙම වෙලා නැතිය. සජිත් මහත්තයා උදේ ගෑණිට දන් දෙන මැෂින් එක, ගෙදර වාහේ හැන්දෑවට උකස් කඩේට දීලා, කරිඤ්ඤා ගහනවාය. ඒකට කියන්නේ "ඔබ බෙදන්න, අපි වැනෙන්න" ප්‍රොජෙක්ට් එක කියාය. ඒ නිසා මාතලන් කියන්නේ, නොමිලේ සීනී තියා ටෝපියක් වත් දෙන්න එපා කියලාය.

අනුර කුමාර දිසානායකලාටත් මේ සිස්ටම් එක එපා වෙලාය. ඒ නිසා මේ සිස්ටම් එකම කොන්ටිනිව් කරන්න, දිස්තිරික්කෙන් දිස්තිරික්කෙට තියා, ගෙදරින් ගෙදරට ගියත් පලක් නම් නැත්තේමය. කඩේ පිලේ පොලේ ඇවිදලා පලක් නැත්තේය. කල යුත්තේ, මේ සිස්ටම් එක වෙනස් කරන, අළුත්ම අළුත් සිස්ටම් එකක් එක්ක, වැදගත් මිනිස්සු ටිකක් එක්ක එන එකය. ඒකට ඔය මෙළෝ රහක් නැති චන්දිරිකලා අල්ලගෙන හරියන්නේ නැතිය. චන්දිරිකා සැට් වෙන්නේ, 94 ඉඳන් මෙලෝ දෙයක් නොකරපු, මහින්දගෙන් කැපිච්ච සෙට් එකත් අල්ලගෙන, ආයිත් විෂ්කි ගගහා, කාම සූත්‍රය කියවන්නය. එයා එහෙම ආතල් ගත්තේ, යූ ඇන් පී එකෙන් රට සංවර්ධනය කරලා තිබුන නිසාය.  කන්ද නැගලා තිබුන ඉකොනොමි කාර් එක නවත්තලා, නියුට්‍රල් එකේ පල්ලමත් පහු කරගෙන, අපායටම ගෙනිච්චේය. ආයෙත් පොඩ්ඩක් කන්ද නැගලා ඉන්න කාරෙක, අපායටත් එහා ගෙනියන්න නම් එයා මරුය. අපේ බූරුවෝ එහෙම දේකට කැමති උනත් පුදුම වෙන්න දෙයක් නැතිය.

නලු නිලියෝයි ක්‍රිකට් ගහන උනුයි හරියන්නේත් නැතිය. බුද්ධිමත් උන් අපේ රටේ නැති නිසා උගත් වැදගත් සෙට් එකක් හදාගෙන, සජිත්ලා, දයාසිරිලා, බුද්ධිකලා, සුජීවලා, හරේන්ද්‍රලා, රවීලා, හර්ෂලා වගේ බුලට් බඩු ටිකකුත් ඉස්සර කරගෙන, අපේ රටේ ඉන්නා බුද්ධිමත් ජනතාවගේ (අපේ හරක්ට දේශය පාලනේ කරන උන් කියන්නේ එහෙමය.) බ්‍රේන් වොෂ් කරන වැඩ පිලිවලක් එක්ක ඉස්සරහට එන එකය. ඔය ජයලත්ලාට, ජෝන් බාස්ලා වගේ නාකි ලොන්ත හරක් සැට් එකට දැම්මම පැන්ෂන් දීලා දාන එක හොඳය.  එහෙම ගරිල්ලා මාකටින් එකක් කරන්න නම්, අඩුම ගානේ පැන්ෂන් එකයි, වාහන පර්මිට් එකයි, කැප කරන්න පුළුවන් සෙට් එකක් වෙන්න ඕනෑය. ඔය දෙක නැතිකරනවා කිව්වානම් විතරක්, අනිවාර්යයෙන්, මැකෝට ආතතිය හැදුනත් බලේ නම් ලැබෙනවාමය.

63 comments:

  1. හ්ම්. කට කට... ලොක්කට ඇහුනොත් රෙදි ගලවයි ගරිල‍්ලගේ රනිල්ට සහාය දෙනවයි කියලා...

    ReplyDelete
    Replies
    1. මහින්ද මහත්තයට සල්පිලි ගියාට. රනිල් තමයි අවශ්‍ය

      Delete
    2. දේශකයගෙ අලුත් පෝස්ටුවට මං දාපු කොමෙන්ටුවේ කෑල්ලක් ලෙස පාවිච්චි කළ දර්සන කෑල්ලක් මෙයටත් ගැලපෙනව කියල හිතුන.

      මහ තොණ්ඩමන් ඔහු නියෝජනය කළ වතු කම්කරු ජනයාට වීරයෙක්. ඔහු කොයි ආණ්ඩුව ආවත් ඒ පැත්තට ගිහින් ඇමති ධූරයක් ගත්ත කාලයක් තිබුනා.

      ඒ කාලයේදී මාධ්‍යවේදියෙක් ඇසුවා ඇයි ඔබ පැති මාරු කරන්නේ කියල

      එවිට තොණ්ඩා කියල තිබුන

      වෙනස් නොවන්නේ මෝඩයනුත් සැතපුම් කණුත් විතරයි කියල.

      මෙය එජාප නායක විරුද්ධ පක්ශ නායක රනිල්ට ඇප්ල්යි කලොත්..

      රනිල් වෙනස් වෙමින් යනවා ඒත් එය මිනිසුන්ගේ වෙනස් වීමට, අවශ්‍යතාවයන්ට සමපාත හා සමාන්තර නැත. උදහරණ නංගිලාට මල්ලිලට බ්‍රෙස්ලට් දෙන කතාව:

      එයා ප්‍රධාන වශයෙන් කියන්න ඕන දෙයක් තමයි මේ රටේ ප්‍රධාන සම්පතක් වන පස, කෘමි නාශකවලින් විනාශ වී ඇති පස, ජල කලමනාකරනය, කොටින්ම අපේ ගොවි ජනතාවගේ ප්‍රශනවලට, රටේ පෝශණය නැංවීමට මොකද්ද එජාප ප්‍රතිපත්තිය කියල.

      තව තියෙනව.....?????

      ReplyDelete

      Delete
    3. @ දයල්

      තව ලියනවා...

      Delete
  2. අන්තිමට ඉතුරු වෙන්නෙ කලකිරීමක් විතරයි මාතලන්. මෙව්ව ලියන වෙලාවෙ වෙන මක්කවත් ලියහන් බං, කාට මොකට කියනවද මෙව්ව.

    ReplyDelete
    Replies
    1. එහෙම කියලා හරියනවද සත්තරන්.... හීන තමයි මිනිස්සු ජීවත් කරවන්නේ...

      Delete
  3. ගරිල්ලා මාකටින් වලින් අපෙන් අරන් බිලියෙනයර්ලා වෙමින් අපිව අන්දවා නොමිලේ දෙනවා කියන සීනි තියා ටොපියක් වත් එපා!!!

    ReplyDelete
    Replies
    1. මම පොඩි කාලේ ඉඳන් ඉන්න මතයක්.. අවුරුදු 10 විතර කාලේ පෙරේරා අන්කල් මාළු අල්ලන ගමන් කියලා දුන්නේ. මිනිස්සුන්ට නිකං මාළු දීලා වැඩක් නෑ. ඊට වඩා හොඳයි නිකං පිත්තක් දෙන එක කියලා.. පෙරේරා අංකල්ගේ කතාව දවසක ලියන්නම්...

      Delete
  4. මේ ජෝකරය ගැන ලියන එකත් අපරාදෙ! ඒත් වෙන මක්ක කොරන්නද.
    මුගේ ගරිල්ල හොඳයි උගේ ආච්චිට හාල් ගරන්න. ඉන්න එවුන් ටිකට කෙලල දැං මොන ගරිල්ලද බං.
    කොහොම උනත් එකක්, ක්‍රමේ වෙනස් නොකලත් ඇත්ගොව්ව මාරු කරල ගේමක් දෙන්න පුළුවන්. ඒක 94දිත් 2001දිත් කලා. දැනුත් බැරි නෑ. හැබැයි ඉතිං සජිත් ලොක්ක ආව කියල මේ තියන තත්වෙ නං වෙනස් වෙයි කියල හිතන්න බෑ.

    ReplyDelete
    Replies
    1. පිස්සුද බන් රනිල් ජෝකර් කෙනෙක් නම් නෙමෙයි.. අපේ තාත්තලා කියන විදියටනම් ජේ ආර් පප්පත් මේ ජාතියමලු... උඹට මතකනේ ලාල් කාන්ත දවසක් කියපු කතාව...

      Delete
  5. රනිල් නැතුව නම් වැඩේ හරියාවි.දැන් පොර මාකට් කරන්න බැහැ

    ReplyDelete
    Replies
    1. පොර මාකට් කරන්න බෑ.. ඒක තමයි මේ කියන්න යන්නේ.. තව ලියනවා...

      Delete
  6. අවජාතකය මෙන්න උබට තවත් හිට්ස් ගන්න ඕන නිසා මන් අදත් කමෙන්ට් කරා, බලල මට බල්ලා කියල කියන්න එපා මොකද උබ අනුන්ගේ තැන්වල ගිහින් රීල ඇවිත් තිබුනේ මන් උබේ සහෝදරයෙක් කියල එහම උනොත් උබත් බල්ලෙක් වෙනවා, නමුත් වැදගත්ම දේ මා සහජාත උබ අවජාතක

    ReplyDelete
    Replies
    1. @ බලු ඇනෝ ; ඊයේ මම තොට අන්ඩ කැඩෙන්න කියල පොලු පාරක් ගැහැව්වා හැම තැනම ජරා කරන්න එපා කියල.ඒක හරියට වැදිල නැහැ වගෙ.දැන් නම් හරි යන්නෙ පොල් කට්ටකට දාල "පුකට" භූමිතෙල් ගහන එක තමයි කරන්න තියෙන්නෙ.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. මනුෂ්‍යයන්ට කතා කරන්න බල්ලො දන්නෙ නැහැ.මම සුද්ද සිංහලින් කියන්නම් තොගෙ අම්මට @#$ල තියෙන්නෙ බල්ලෙක්.ඒක තමයි තෝ මෙහෙම බුරන්නේ.

      Delete
    4. අපි ඉපදෙන කාලෙ තිබුනෙ නැහැ බල්ලන්ගෙ "ශුක්‍රානු"ටියුබ් වලට අරන් දරුවො උපද්දනව කියල.

      Delete
    5. මම ආසා කරන ලිපි ලියන එකාට දෙක පහයෙ මඩ ගහන "බල්ලන්ට"මම දෙන්නෙ වැලි ගොඩේ පුක අතුල්ල ගෙන යන්න.

      Delete
    6. ane menna mathalange lolla ganna eka avilla ,mugene kahanna aran thiyenne, අපි ඉපදෙන කාලෙ තිබුනෙ නැහැ බල්ලන්ගෙ "ශුක්‍රානු"ටියුබ් වලට අරන් දරුවො උපද්දනව කියල.ubalage ammagen ahala balapan ehanam tho awajathaka une kohomada kiyala>(

      Delete
    7. ගොන් ඇනෝ තොගෙ අම්මත් එක්ක ගිහින් පිස්සන්ට බෙහෙත් කරන දොස්තර කෙනෙක් හම්බවෙයන්. තොට ඇත්තටම පිස්සු.. මම කලින් කියපු සියළුම දේ තොට අදාලයි. තොට සල්ලි නැත්නම් කියපන් මම සල්ලි දෙන්නම්. අපරාදේ තෝ වගේ උන් ළෝකෙට වැදුවේ. මේකට වැරදි තෝ නෙමෙයි තොගේ තාත්තා.. අපරාදේ සරමෙ පිහදාලා දාන්න තිබුනේ. මේ මූසලයාට මේ ලෙස පිළිතුරු දෙන්නට වීම ගැන අන් අය මට කමත්වා... තොගේ කමෙන්ට්ස් මින් පසු දුටු විගසම් ඉවත් කරනවා ඇත.

      Delete
    8. This comment has been removed by the author.

      Delete
    9. This comment has been removed by a blog administrator.

      Delete
    10. @ කෙන්ජි
      අනේ සොරි මචං මේ අවජාතක සුනකයාගේ කොමෙන්ට් මකන අතරෙ උඹේ එකත් මැකුනා..

      Delete
    11. ඉට්ස් ඔකේ කියල සිංගලෙන් කියනව.ගණිකා සහෝදරියන්ටත් අවමන් කරන ඇනෝ බුවාලට දෙන්න ඕන "බුල්ටෝ'එක ලගදීම ලැබෙයි.

      Delete
    12. @ කෙන්ජි
      ගේට්ටුව වැහුවා මචන් මේ අවජාතක බල්ලා නිසා පොමනේරියන් උන්ටත් එන්න වෙන්නේ නෑ. රෙන්න බැරි උනා කියලා පුක පැලිලා මැරෙණ එකක් නෑ.. ඒ බල්ලා රෙන්න එනකන් බලාගෙන ඉන්න උනුත් ඉන්නවනේ.. ඒවල බොඩ්ඩක් බලාපන් හෙට දිහාවේ

      Delete
    13. This comment has been removed by a blog administrator.

      Delete
  7. //අඩුම ගානේ පැන්ෂන් එකයි, වාහන පර්මිට් එකයි, කැප කරන්න පුළුවන් සෙට් එකක් වෙන්න ඕනෑය. ඔය දෙක නැතිකරනවා කිව්වානම් විතරක්,// සත්‍ය ලෙසම වෙනසක් කරන්න හොද ආරම්භයක් ගන්න හොද පොයින්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. අපිට දුන්න නම් අපි දනී කොරන හැටි.. ඉස්සරහට තව දෙනවා මචෝ...

      Delete
  8. අන්තිම ටික කිව්වෙ රනිල් ලොක්ක හෙට අනිද්ද ඔය වචන ටික දාන එක ටක්කෙටම දැනගෙනද?ලොන්ත සෙට් එක අයින් කරන්න වෙන්නෙ බලය ලැබුනම තමයි.නැත්නම් අත උස්සන්න කවුද ඉන්නේ. A 9/සතොස මතක තියෙන අය JJ & RK ව අරහන්.දයාසිරියට ඇමතිකමක් දුන්න ගමන් කරන්නෙ RK ගෙ අනිත් එක.දැනුත් කරන්නෙ බ්‍රෝකර් වැඩනෙ.එරාන් ගොය්ය කොහොමත් කබ්බ ඉන්න තැනට එන්න බලන් ඉන්නෙ.කොහොමත් අන්තිමට වෙන්නෙ දැන් පිච්චු කෙලින සෙට් එකම "දුක් විදින ජනතාව"උදෙසා රනිල් ගෙ "දෑත්"ශක්තිමත් කිරීමට පෙළ ගැසුන කියන එක විතරයි.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. ඒ ගොබ්බයෝ එක්ක නම් උඹ කිව්වා වගේ අබ සරනම තමයි. ඒක නෙමෙයි මම කියන්නෙ මචෝ.. සිස්ටම් එක වෙනස් කරන්න ඕනා... මම හිතනවා අනික් උනුත් මේ ගැන කතිකාවකට එයි කියලා..

      Delete
  9. රනිල් ලොක්කා හැදුනොත් ආසියාවේ ආශ්චර්ය ය එයම වන්නේ ය.

    ReplyDelete
    Replies
    1. ලොක්කා හොඳ මිනිහා.. සජිත් තමයි මේ ඔක්කෝම කලේ.. අනික් උන් ලණුව කෑවා.. ඒකෙන් පේන්නේ උන්ගේ බුද්ධි මට්ටම.. දැන් ඒවා අමතක කරලා.. උන්ට සමාව දිලා 2016 ට සෙට් වෙන්න ඕන...

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. අවංකවම මචෝ උඹ මේ කොමෙන්ට් එක නොදැම්මනම් හොඳයි....

      Delete
  11. දයාසොරි මගේ මිත්‍රයා වුවත් කෙන්ජි ඔබ හරියටම හරි. මගේ මතය නම් මුන් හැත්ත ඔක්කොම එලවලා ඔහේ නිකම්ම යන්න දුන්න නම් අගේට යයි. මේ පිස්සු හරක් සෙට් එක නිසා වෙන විනාශයක්. දැන් චීනාත් අහක බලන්න යන්නෙ. ඒ නිසා රනිල්ට ලකුණු වැටෙන්නෙ නැහැ. කොහොම වුනත් මගේ මනාපය තාමත් තියනවා රනිල් ගැන. ඒත් මේ පිස්සොත් එක්ක යන්න ගමනක් නැහැ. අනික ඒ යකා ලංකාවට ගැලපෙන්නෙ නැහැ. ඔහොම පුලුවන් ද ගරිල්ලා මාකටින් කරන්න?

    ReplyDelete
    Replies
    1. ඒකනේ වෙද මහත්තයෝ මේ අපේ අදහස් කියන්නෙ.. ආරංචියේ හැටියට දියවන්නාවේ අලි කීපදෙනෙකුත් මේක බලනවා...

      Delete
  12. අන්න තිස්ස මහ නායක හිමි බලන්න ගියාම හාමුදුරුවො හොදැවැයින් දෙකක් කියලා. තිස්සට..

    “ලොක්කා වෙලාවකට දරුණු තීරන ගන්නවලු. වෙලාවකට පොඩි දරුවෙක් වගෙ මෝඩ වැඩ කරනවලු. ඉතිං පක්සෙ දියුනු වෙන්නැතිලු..“

    ReplyDelete
    Replies
    1. දෙන එක දුන්නා නියමෙට.. තිස්සට පිස්සු හැදෙන්නම...

      Delete
  13. // බුද්ධිමත් උන් අපේ රටේ නැති නිසා උගත් වැදගත් සෙට් එකක් හදාගෙන, සජිත්ලා, දයාසිරිලා, බුද්ධිකලා, සුජීවලා, හරේන්ද්‍රලා, රවීලා, හර්ෂලා වගේ බුලට් බඩු ටිකකුත් ඉස්සර කරගෙන, අපේ රටේ ඉන්නා බුද්ධිමත් ජනතාවගේ (අපේ හරක්ට දේශය පාලනේ කරන උන් කියන්නේ එහෙමය.) බ්‍රේන් වොෂ් කරන වැඩ පිලිවලක් එක්ක ඉස්සරහට එන එකය. ඔය ජයලත්ලාට, ජෝන් බාස්ලා වගේ නාකි ලොන්ත හරක් සැට් එකට දැම්මම පැන්ෂන් දීලා දාන එක හොඳය. //

    ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    හැබැයි යන විදිහට ගියොත් රනිල් ලොක්කට අහක යන ස්විප් එකක් ඇදෙන්නත් බැරි නෑ

    ReplyDelete
    Replies
    1. මෙන්න කැට :) :) :).


      Delete
    2. සහතික ඇත්ත බුවා මටත් ඒ ගැන නම් විශ්වාසයක් තියනවා.

      Delete
    3. ඒ කියන්නෙ එක වයසෙ කස්ටියගෙ ෂිතීම එක වගෙයි කියලද????

      Delete
    4. හික්ස්... මට නම් තාම 16 යි මාසයයි...

      Delete
    5. එහෙම ගතියක් පේනවා.. ඕන් අද අළුත්ගමගේත් ඇඹරුනා... හැබයි බුවෝ මේ සිස්ටම් එකත් එක්ක නම් වැඩක් නෑ.. දැන් මේක හොඳටම ඇති...

      Delete
    6. සිස්ටම් එක කියන්නේ දින්නට පස්සේ දිනන්න උදව් කරපු මිනිස්සු හැලිලා ජනාධිපති ගේ වෙන හිතවත් අය එකතුවෙලා රෙජීම හැදෙන එකද?. හැබැයි මාතලන් මේක ලංකාව වගේ රටකට ගැලපෙනවා දැන් බලන්න මේ ආණ්ඩුවේ පොදු පෙරමුණේ පාර්ලිමේන්තුවේ ඉන්න මැට්ටන්ට වඩා මහින්දගේ රෙජීම් එකේ ඉන්න අය හොඳයි. ගෝඨාභය බැසිල් පි බී වගේ අය මේක රන් කරන්නේ එකට අවස්ථාව ලැබිල තියෙන්නේ ජේ ආර් හදපු මේ සිස්ටම් එකම තමයි විධායකයට බලතල දීල. බුද්ධිමත් ජනතාව පබා හරි රත්තරං චූටි මල්ලි හරි පාරලිමේන්තු යවනවා ඒ අයටම ඇත්තටම පාලනය කරන්න දුන්නොත් කොහොම වෙයිද? රනිල් ජනාධිපති උනොත් හැදෙන රෙජීම් එක කවුද කියන එක දැන් තීරණය කරන්න බෑ. ඒ අය පස්සේ පිටරට වල ඉඳල එන්නත් පුළුවන්. දැන් අවශ්‍ය රනිල්ට ජහමනයගේ චන්ද අරන් දෙන්න පුළුවන් කණ්ඩායමක්. වෙන විදියකට කියනවනම් රනිල්ව රත්තරං චූටි මල්ලිව කරලා මේක්අප් කරලා අන්දන්න පුළුවන් අපේ බුද්ධිමත් ජහමනයගේ චංද ගන්න දන්න අය කණ්ඩායමක්

      Delete
  14. බුවා කිව්ව හරි ඔය රනිල් සීයට සිවුප් එකක් අදින්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. බුවා කියන්නෙ මොකක්ද...? උඹ කියන්නෙ මොකක්ද...?

      Delete
  15. mama Mathalange lipi searama kiyawanawaa unath poltical ewwata comment karanne nae. ara ano hemathenama dhaalaa ggiya comment eka kiyewwahama hithuna comment karannama ooni kiyalaa. sorry for Singlish dear..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචෝ.. ගේට්ටුව වහලා දැම්මා.. පව් පොමනේරියන් උන්ටත් එන්න බෑ.. බලාගෙන් උඹලයි ඒවල රෙයි... ඌ නම් මානසික ලෙඩෙක්... පවු මචං..

      Delete
  16. රනිල් තමා මෑන්...
    සජිත්ලා දයාසිරිලාගෙත් සප් එක අරං ගේම දුන්නනං බඩුම තමා...

    ReplyDelete
    Replies
    1. සජිත්ලා දයාසිරිලා කියලා කිව්වේ ඉන්න උන් ටික නිසා.. මීට වඩා රටට ආදරය කරන, උගත්, වැදගත් පිරිසක් රටට සේවය කරන්න බලා සිටිනවා..

      Delete
  17. අනේ ඉතිං වැඩිය එපා... රනිල් මේක අරං කරයි කියලා හිතෙන වැඩ පිළිවෙල මොකක්ද කියලා කිව්වනං හොඳටම ඇති... මාතලන් දන්නවැයි ඒ ගැන මොනවා හරි... රනිල්නං මට දෙන්න මං කරන්නං කියනවා මිස කොරන්නේ කොහොමද කියලානං කියන්නේ නැහැ මලාට... එහෙම බැළුවම අර සෝමවංශ සීයත් කියන්නේ ඒ ටිකමයිනේ.. ඉතිං අපිට බැරියෑ සෝමවංශ සීයට මේක දීලා දාන්න රනිල්ට වඩා හොදයිනේ එයා... මොකද රනිල්ට තරං පන්නලා දාන්න හිපාටුවෝ ඒ සීය ගාව නැහැනේ බං...

    ReplyDelete
    Replies
    1. මාරයා,
      මෙතැන රනිල් මෝඩයෙක් බව මාතලන් කියන්නෙ නැහැ. මම හිතන විදියටත් රනිල් තමයි මේ රටේ නායකයා වියයුතු. නමුත් ඔහුගේ පුද්ගලික දුර්වලකම් සහ ඔහුගේ මහත්මාකම අනිසි විදියට ප්‍රචාරය කරමින් මේ කරන්නෙ ව්‍යාජයක්. ඔහු තරම් දර්ශනයක් ඇති නායකයෙක් මට නම් නැහැ. මල්ලි ඔහුගේ පොත්පත් ලියවිලි කියවා බලන්න. සෝමවංශ සීයා ගැන නම් මම හිතන්නෙ ඔහුත් විජේතුංග ජනාධිපතිතුමත් එකම බෝට්ටුවේ. පිනට ලැබුනා. ඒක කාලා බීලා ජොලියේ ඉන්නවා. ඉන්න ටිකට මුකුත් කරනවා.

      නමුත් රනිල් එහෙමෙ නෙමේ දර්ශනයක් තියනවා. ඔබ කියවා ඇතිද මන්ද රිගේනින් ශ්‍රි ලංකා පොත. ඇත්තටම මේ දැන් රටේ සිද්ධ වෙන්නෙ ඒ පොතේ කියලා තියන දේවල්. මේක ලිව්වේ 2005 ට කලින්. අකුරක් නෑර ඒ පොත. නමුත් ඒක අසාර්ථක වෙන තැන දැන් බොහෝමයි. හැබැයි රනිල් කළා නම් එහෙම වෙන්නෙ නැහැ. මොකද ඔහු ඒ වැඩ වලට මුදල් ලබා ගන්න පිළිවෙළත් ලස්සනට දන්නවා.

      Delete
    2. @ මාරයා
      රනිල්ට වැඩ පිලිවෙලක් තියෙනවා මාරේ.. 2002 දී ඒක ඔප්පු කරලා පෙන්නුවා, ඒත් ඔහුට නිසි බලතල ලැබුනේ නෑ. ඔහුට ක්‍රියාත්මක සිඳුවූයේ මේ මජර ක්‍රමය තුලමයි. යූ ඇන් පී කාරයා පවා බැලුවේ ඌට කඩේ ගියපු එකාට ජොබ් එකක් දී ගන්න විදියක් ගැන. නමුත් කොලිෆයිඩ් උන්ට ජොබ් ලැබුනා පෞද්ගලික අංශයේ, විය යුත්තේ එයයි. රාජ්‍ය අංශය බර වැඩියි. අකාර්යක්ෂමයි, අවුට් පුට් එකක් නෑ. පෞද්ගලික අංශය සීඝ්‍රගෙන් දියුණු වූවා. ඒ යුද්ධයකුත් තිබියදීයි. රනිල් වට්ටන්න හේතු උනෙත් ඒකයි. නමුත් මේ තත්වයේ තිබුනානම්. රට මීට වඩා බොහෝ ඉදිරියට යනව..

      Delete
    3. රනිල් රාජ්‍ය සේවය අඩු කරන්න සැලසුම් හැදුවා මාරයගේ මහ ලොකු රජා ඒක ඩබල් කලා ,ගිහින් බලපන් රජයේ කාර්යාලෙකට උපධි දාරි පත්වීම් කීයක් වැඩ නැතුව අයිස් ගහනවද කියල . යලි පුබුදමු ශ්‍රි ලංකා එක කලා නම් ලංකාව මේ වෙනකොටත් ගොඩ .මාරයගේ රජත් ඒකෙන් කැලි උස්සනවා හැබැයි භාගෙට

      Delete
  18. දේශකයගෙ අලුත් පෝස්ටුවට මං දාපු කොමෙන්ටුවේ කෑල්ලක් ලෙස පාවිච්චි කළ දර්සන කෑල්ලක් මෙයටත් ගැලපෙනව කියල හිතුන.

    මහ තොණ්ඩමන් ඔහු නියෝජනය කළ වතු කම්කරු ජනයාට වීරයෙක්. ඔහු කොයි ආණ්ඩුව ආවත් ඒ පැත්තට ගිහින් ඇමති ධූරයක් ගත්ත කාලයක් තිබුනා.

    ඒ කාලයේදී මාධ්‍යවේදියෙක් ඇසුවා ඇයි ඔබ පැති මාරු කරන්නේ කියල

    එවිට තොණ්ඩා කියල තිබුන

    වෙනස් නොවන්නේ මෝඩයනුත් සැතපුම් කණුත් විතරයි කියල.

    මෙය එජාප නායක විරුද්ධ පක්ශ නායක රනිල්ට ඇප්ල්යි කලොත්..

    රනිල් වෙනස් වෙමින් යනවා ඒත් එය මිනිසුන්ගේ වෙනස් වීමට, අවශ්‍යතාවයන්ට සමපාත හා සමාන්තර නැත. උදහරණ නංගිලාට මල්ලිලට බ්‍රෙස්ලට් දෙන කතාව:

    එයා ප්‍රධාන වශයෙන් කියන්න ඕන දෙයක් තමයි මේ රටේ ප්‍රධාන සම්පතක් වන පස, කෘමි නාශකවලින් විනාශ වී ඇති පස, ජල කලමනාකරනය, කොටින්ම අපේ ගොවි ජනතාවගේ ප්‍රශනවලට, රටේ පෝශණය නැංවීමට මොකද්ද එජාප ප්‍රතිපත්තිය කියල.

    තව තියෙනව.....?????

    ReplyDelete
    Replies
    1. මේ රටේ මිනිස්සුන්ට ඕන විදියට වෙනස් වෙලා වැඩක් නෑ දයල්. දහයක් එක්ක කතා කලොත් 5 ක්ම අමු මෝඩයෝ. රනිල් කතා කරන්න ඕන තම ඡන්දය භාවිතා නොකරන උගත් වැදගත් නිහඬව සිටිනා කොටසටයි.

      Delete
  19. රනිල් ලග තියෙන්නෙ කොට මොඩෙල් ලග පිකප් තියරිය නෙමේ.රනිල් මේ දවස් වල කියන හැම වචනයකම සැගවුන යම් අරුතක් තියෙනවා.දොරින් දොරට හරි පණිවිඩය සැමට දෙන්න.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න