.

.

Mar 12, 2013

කොළබ ට්‍රැෆික් අවසන් - No More Traffgic in City of Colombo



මීට ටික දවසකට කලින්, "අන්සතු දිනපොත" බ්ලොග් අඩවියේ, "කොළඹ ට්‍රැෆික්" නමින් සම්පූර්ණයෙන්ම වෙනස් මානයක, අපූරූ ළිපියක් තිබුනා. (මෙතනින් බලන්න.) එයා ලියලා තිබුනේ, කෝට්ටේ ඉඳන් පිටකොටුවට තියෙන දුර කි.මී. 15 උනත්, ඒ සුළු දුර ප්‍රමාණය සම්පූර්ණ කිරීමට, පැය එකහමාරකටත් අධික කාළයක් ගතවන බවයි. මෙය අතිශෝක්තියක් නම් නොවේ. එම මාර්ගයේ ගමන් කරන්නකු, මේ කාලකන්නි වාහාන තදබදයට, දිනපතා මුහුණදීම ඉතාම ගනගාටු දායක තත්වයකි. ඔහු කියනවාක් මෙන්ම, පරංගියාටත් කෝට්ටේ යන්න මෙච්චර වේලාවක් ගත වන්නේ නැතුවාට හොඳටම විශ්වාශය.

පක්ෂ විපක්ෂ බේදයෙන් තොරව, අපේ රට කරවන බූරුවෝ උදේ හවා මේ පාරේ ගමන් කලද, උන්ට මේවා පේන්නේ නැත. ජනාධිපති තුමාට මේවා නොපෙනෙන්නේ, එයා යන වෙලාවට අනිත් ඔක්කෝම වාහන ගමනාගමනේ නවතින නිසාය. ඝෝඨාභය මහත්තයා මෙය නොදකින්නේ, මා සිතනා අන්දමට තවමත් එතුමා දියවන්නාවේ නොයන නිසාය. ඇත්තටම එහෙම ගියා නම් මේ වාහන් තදබදය අද වන විට නොතිබෙන්නත් බොහෝ දුරට ඉඩ තිබේ.

ගාළු පාරේ තිබුනේත් මේ තත්වයමය. එහෙත් එක අතකට වාහන ගමන් කිරීම ආරම්බ කලායින් පසු, අද ඒ වාහන් තදබදය ඇත්තේම නැත. මුලින් මුලින්, චුරු චුරු සද්ද බද්දයන් තිබුනද, මාස දෙක තුනක් ගතවන විට, එයට සැවොම හුරු විය. ඒ නිර්භීත තීරණය ගැනීම ගැන. අප එම සිළුම නිලධාරින්ට ස්තූති කල යුතුය. එම සැලසුමේත්, සුළු සුළු අඩු පාඩු කම් නම් මාතලන්ට පෙනෙන්නේය. කෝට්ටේ සිට පිටකොටුව දක්වාම පවතින මේ තද බදය, එහෙම නැත්නම් රෝඩ් ට්‍රැෆික් එක, නැති කිරීමට සිඳු කළ යුත්තේ එක අතකට වාහන ගමන් කිරීමේ සැලසුම, මේ ප්‍රදේශයටත් හඳුන්වාදීමය.

ඒ සඳහා සත පහක වියදමක් නොවන සැලස්මක්, මාතලන් සතුය. සියළුම ජනතාවට දැන ගැනීම සඳහා, එම සැලසුම පහත පලකරනවා ඇත. මෙයට කොපි රයිට්ස් නැත. ඕනම කෙනෙක් තමන්ගේ එකක් ලෙස හෝ පෙන්නා, මේ සැලසුම ක්‍රියාත්මක කරන්නේ නම්. රටේ වටිනා මිනිස් පැය ප්‍රමාණය වටිනා දෙයකට යොමු කිරීමටත්, ඉන්ධන නාස්තිය පිරිමැසිමටත්, පරිසර දූෂණය අවම කර ගැනීමටත්, වේලාව ඉතිරි කරගැනීමටත්, ට්‍රැෆික් ලයිට් සඳහා නිකරුනේ වැය වන අධික විදුලිය ඉතිරි කර ගැනීමටත්, අපේ ආදරණීය පොලිස් රාලහාමිලා අව්වේ වේලිමෙන් හා වැස්සේ තෙමීමෙන් ආරක්ෂා වීමටත්, ඉවහල් වනවා නොඅනුමානය.

ටෙක්නිකල් හංදිය හා පිටකොටුව ප්‍රදේශය.


  • ටෙක්නිකල් හංදියේ සිට පැමිනෙන වාහන, ගුණසිංගපුර ප්‍රදේශයට, ගුණසිංහ පිලිරුව ඉදිරිපිටින් පැමිණීම නැවතිය යුතුය. තව සුළු දුරක් ඉදිරියට ගමන් කර කොටුව දුම් රිය ස්ථානය අසලින් හරවා ගත හැක.
  • ගුණසිංහ පුර ප්‍රදේශයෙන් හා කොටුව දුම්රිය ස්ථානය දෙසින් ටෙක්නිකල් හංදිය හා උසාවිය දෙසට එන සියළුම වාහන, උසාවිය පාරට යොමු කල යුතුය.
  • නුවර පාර මීගමු පාර, අවිස්සාවේල්ල පාර හ බොරැල්ල පාරේ ගමන් කරන සියළුම වාහන, උසාවිය පාරේ ගොස්, එතනින් ටෙක්නිකල් හංදිය දක්වා පැමිණ, පංචිකාවත්ත දෙසට ගමන් කල යුතුය.
  • මරදාන දෙසින් ටෙක්නිකල හංදිය දක්වා පැමිණෙන වාහන, ටෙක්නිකල් හංදියේදි කෙලින් ගමන් කල නොහැක, වමට හෝ දකුණට හැරවිය යුතුය.
  • පංචිකාවත්ත පැත්තෙන් හා මරදාන දෙසින් එන ලෝයර් නෝනා මහත්තුරුන්ට හා නඩුකාර හමුදුරුවරුන්ට හා වරියන්ට, පොඩි දුරක් පිටකොටුව දෙසට ගම්න් කිරීමට සිඳුවනවා ඇත. ගුණසිංහ පිළිරුව දක්වා ගමන් කර, උසාවිය පාරට පිවිසිය යුතුය.
පංචිකාවත්ත හංදිය

  • ටෙක්නිකල් හංදිය දෙසින් පැමිණෙන බොරැල්ල පාරේ වාහන, දකුණට හරවා මරදාන දෙසට ගම කල හැක.
  • ටෙක්නිකල් හංදිය දෙසින් පැමිණෙන මීගමූ පාර, නුවර පාර හා අවිස්සාවේල්ල පාරේ වාහන් සුපුරුදු පරිදි වමට හරවා හෝ කෙලින්ම ගමන් කළ හැක.
  • ආමර් වීදිය දෙසින් පිටකොටුව දක්වා පැමිණෙන වාහන, පංචිකාවත්ත හංදියෙන් වමට හරවා මද දුරක් ගමන් කොට මාලිගාවත්ත මහල් නිවාස මැදින් හෝ  මාලිගාවත්ත පාරෙන් මරදානට පැමිණ එතනින් පිටකොටුවට ළඟවිය හැක.
මරදාන හංදිය


  • පංචිකාවත්ත දෙසින් පැමිණෙන වාහන දකුණට හැරවීමෙන් පිටකොටුව දෙසටද, වමට හැරවීමෙන් කෙලින්ම වැලිකඩ ප්ලාසා දක්වා එක අතට ගමන් කල හැක
  • මරදානෙන් ඩාර්ලි පාර දෙසට පිවිසිය නොහැකි අතර ඩීන්ස් පාරේ ඇස් වාට්ටුව දක්වා ගමන් කල හැක.
  • ඩීන්ස් පාරට හැරෙන තැන සිට, ආනන්ද ව්ද්‍යාලය දක්වා පාරේ දෙපැත්තටම ගමන් කල හැක. (දුම් රිය මගින්ගේ පහසුව සඳහා.)
  • ඩී ආර් විජේවරධණ පාරේ එන වාහන ඩාර්ලි පරට එසේ නැතිනම් දකුණට හැරවිය නොහැකි අතර මරදාන තෙක් පැමිණ දකුණුට හැරී ඩීන්ස් පාරේ ඇස් වාට්ටුව දක්වා ගමන් කල හැක.
  • ඩින්ස් පාර ඉබ්බංවල හංදියේ සිට ගාමිණි හෝල් දක්වා පිටකොටුව දෙසට එකතර ගමන් කරයි.
පුංචි බොරැල්ල හංදිය

  • මහ ඉස්පිරිතාලය දෙසින් විත් පුංචි බොරැල්ල හරහා පාස්පෙට් කන්තෝරුව දෙසට යන වාහන, කින්සි පාරේ දිගටම ගමන් කර ආනන්ද විදුහල අසලින් දකුණට හරවා පුංචි බොරැල්ලට පැමිණ වමට හරවා සුපුරුදු පාරේ ගමන් කළ හැක.
  • පාස්පෝට් කන්තෝරුව දෙසින් පැමිණෙන වාහන වමට හරවා මද දුරක් ගොස්, දකුණට හරවා නොරිස් කැනල් පාරේ (කේරි විද්‍යාලය, මහ ඉස්පිරිතාලය.) ගමන් කල හැක.
බොරැල්ල හංදිය
 

  • මින් පසු බොරැල්ල හංදියේ පැය ගනන් රැඳි සිටීමට සිඳු වන්නේ නැත.
  • පුංචි බොරැල්ල දෙසින් පැමිණෙන වාහන, කිසිම බාදවකින් තොර දිගටම රාජගිරිය දෙසට ධාවනය වේ. එසේ නොමැතිනම්, සුපුරුදු පරිදි වමට හරවා දෙමටගොඩ දක්වා ගමන් කළ හැක.
  • දෙමටගොඩ සිට පැමිණෙන වාහන් සියල්ල වමට හැරවිය යුතුය. ටික දුරක් රාජගිරිය පාරේ ගමන් කර, දකුණට හරවා, ටිකල් පාරේ ගමන් කර, දකුණට හැරවීමෙන්, සුපුරුදු ගමන් මගට පිවිසිය හැක.
  • නාරාහේන්පිට සිට පැමිණ බොරැල්ල හරහා දෙමටගොඩ දක්වා ගමන් කල වාහන, කනත්ත හංදියෙන් කින්සි පාර දිගේ පැමිණ, වෝඩ් පෙදෙසට දකුණට හරවා, නැවත වමට බොරැල්ල හරස් පාරට හරවා, නැවත දකුණුට හරවා, බොරැල්ල දෙසට පැමිණ සුපුරුදු ගමන් මාර්ගයේ ගමන් කළ හැක.
  • නාරාහේන්පිට සිට පැමිණ, කනත්ත අයිනෙන් දේවී බාලිකා දක්වා ගමන් කල වාහන, කනත්ත හංදියේ සිට, කින්සි පාරේ හොර්ටන් පෙදෙස දක්වා පැමිණ, දකුණට හරවා, අයි ඕ සී ඉන්ධන හල අසලින් වමට හරවා ගමන් කිරීමෙන් සුපුරුදු ගමන් මග ගමන් ගත හැක.
  • කෝට්ටේ හා රාජගිරිය පාරේ සිට කොළඹ දෙසට පැමිණෙන වාහන, කාසල් මාවතේ බොරැල්ලේ අයි ඕ සී ඉන්ධන හල අසලින් (ප්‍රයිම් ලැන්ඩ්ස්) වමට හරවා කනත්ත හංදිය දක්වා ගමන් කර, දකුණට හරවා කින්සි පාරේ ගමන් කර, වෝඩ් පෙදෙසින් තනි අතට පුරහල (ටවුන් හෝල්) දෙසට හෝ කෙලින්ම කින්සි පාරේ ගමන් කල හැක.
  • එම පාරේ කොටුව හා පිටකොටව දක්වා පැමිණෙන බස් රථ, ඉහත් සඳහන් කළ පරිදි, කින්සි පාරේ ගමන් කර, මහ ඉස්පිරිතාලය පහු කොට, ඩී සේරම් මාවතට හරවා, විපුලසෙන මාවත ඔස්සේ ගමන් කර, පියදාස සිරිසේන මාවත් ඔස්සේ ගමන් කොට, මරදානට හරවා, ඩීන්ස් පාර ඔස්සේ පැමිණ, ගිනි නිවීමෙ මූලස්ථානය පාරට හරවා, ඒ පාරේ පැමින, ඩාර්ලි පාරට හරවා මරදානට පැමිණ සුපුරුදු ගම්න් මගේ ගමන් කල හැක.
  • හොර්ටන් පෙදෙසෙන් එක අතට බොරැල්ල දක්වා ගමන් ගන්නා වාහන, කින්සි පාරේදි වමට හරවා, වෝඩ් පෙදෙසින් දකුණට හරවා, බොරැල්ල හරස් පාර හරහා ගොස් සුපුරුදු ගමන් මග ගමන් කල හැක.
කනත්ත හංදිය
  • නාරාහේන්පිට සිට පැමිණ බොරැල්ල හරහා දෙමටගොඩ දක්වා ගමන් කල වාහන, කනත්ත හංදියෙන් කින්සි පාර දිගේ පැමිණ, වෝඩ් පෙදෙසට දකුණට හරවා, නැවත වමට බොරැල්ල හරස් පාරට හරවා, නැවත දකුණුට හරවා, බොරැල්ල දෙසට පැමිණ සුපුරුදු ගමන් මාර්ගයේ ගමන් කළ හැක.
  • නාරාහේන්පිට සිට පැමිණ, කනත්ත අයිනෙන් දේවී බාලිකා දක්වා ගමන් කල වාහන, කනත්ත හංදියේ සිට, කින්සි පාරේ හොර්ටන් පෙදෙස දක්වා පැමිණ, දකුණට හරවා, අයි ඕ සී ඉන්ධන හල අසලින් වමට හරවා ගමන් කිරීමෙන් සුපුරුදු ගමන් මග ගමන් ගත හැක.
දේවී බාලිකා හංදිය


  •  සෑම පාරකම සියළුම වාහන ගමන් කරන්නේ කොළඹ දෙසටයි
ආයුර්වේද හංදිය


  • බොරැල්ලේ සිට කෝට්ටේ දක්වා ගමන් ගන්නා සියළුම වාහන තව දුරටත් රාජගිරිය පාරේ ගමන් කළ යුතුය, පාර්ලිමේන්තු පාරට ඇතුල් විය නොහැක.
  • බොරැල්ලේ සිට පැමිණෙන වාහන කාසල් වීදියට ඇතුල් කල හැක.
  • කෝට්ටේ දෙසින් පැමිණෙන වාහන ඇන් ඇම් පෙරේරා මාවතට (බොරැල්ල දෙසට.) ඇතුල් කල නොහැක.
  • කෝට්ටේ සිට පැමිණෙන වාහන රාජගිරිය දෙසට යොමු කල හැක.
වැලිකඩ ප්ලාසා හංදිය


  • බොරැල්ලේ සිට පැමිණි වාහන, පාර්ලීමේන්තු පාරට හා නාවල පාරට ඇතුල් කල හැක.
  • පාර්ලීමෙන්තු පාර කොළඹ දෙසට, කොළඹ දෙසට ගමන් ගන්නා වාහන සඳහා පමණි.
  • රාජගිරිය දෙසින් පැමිණ කොළඹ දෙසට හැරවිය හැක.
  • මෙතැන් සිට කොළඹ දෙසට පහසුවෙන් ගමන් කළ හැක.
පුරහල (ටවුන්හෝල්) වටරවුම


  • ඩීන්ස් පාරෙන් ඇස්වාට්ටුව වටරවුම වෙත (ඔඩෙල්) ඇතුල්වීම පමණි.
  • වෝඩ් පෙදෙසින් ඇස්වාට්ටුව වටරවුම වෙත (ඔඩෙල්) ඇතුල්වීම පමණි.
  • ඇස්වාට්ටුව  වටරවුමේ සිට ටවුන් හෝල් ඉදිරිපිට පාර දක්වා වාහන ගමනා ගමනය, නෙළුම් පොකුණ දෙසට පමණි.
  • නෙළුම් පොකුණ දෙසින් හොර්ටන් පෙදෙසට වාහන ඇතුල් කිරීම තහනම් වේ. එම වාහන නෙළුම් පොකුණ වටරවුමන් වමට හරවා, එෆ් ආර් සේනානායක මාවත් ඔස්සේ ගමන් කල යුතුය.
  • කටුගේ දෙසින් මරදාන බලා යන වාහන එෆ් ආර් සේනානායක මාවත ඔස්සේ ධර්මපාල මාවතට යොමුකොට සලාක දෙසට ධාවනය කර ඉබ්බන්වල හංදියෙන් මරදාන දක්වා ගමන් කළ හැක.
  • හොර්ටන් පෙදෙස බොරැල්ල දෙසට තනි අතට වාහන ගමන් ගන්න මාර්ගයකි.
ඉබ්බංවල හංදිය (හයිඩ් පාක් කෝනර්)


  • ධර්මපාල මාවත් ඇස්වාට්ටුව දෙසට තනි අතට වාහන ගමන් ගන්නා මාර්ගයකි
  • කොළඹ සිට පුරහල දක්වා ගමන් ගත් වාහන ඉබ්බංවල හංදියෙන් වමට හරවා මද දුරක් ගමන් කොට එච් එන් බී බැංකුව අසලින් ඩීන්ස් පාරට ඇතුලත් කොට සුපුරුදු ගමන් මගේ ගමන් කල හැක.
  • ධර්මපාල මාවතෙන්, ඩීන්ස් පාර දෙසින් හා වෝඩ් පෙදෙස දෙසින් පැමිණි වාහන සලාකා ඉදිරිපිටින් කොළබ දක්වා ගමන් කල හැක. මරදාන බලා යන වාහන, තනි අතට ගමන් ගන්නා ඩර්ලි පාරට ඇතුලත් කල හැක.
මේ සඳහා අපැහැදිලි තැන් වෙතොත්, ඒ සියළුම නිරාකරණය කර දීමට මාතලන් සූදනම්ය. මෙය ක්‍රියාවට නගන්නේ නම් නොමිලේම මාගේ දායකත්වය ලබා දෙමි. අපට අවශ්‍ය මිනිසුන්ගේ කාලය හා නිස්කාරනේ නාස්ති වන මුදල ඉතිරි කර දීමටයි.

මේ ආකාරයටම නුවර පාරේ හා මීගමු පාරේ ඇති තදබදයටද මාතලන් ළඟ විසදුම් ඇත.

තවත් විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් නම්. බස් රථ සඳහා අලුත් නීතී රීති හා විනය මාලාවක් හඳුන්වා දීමයි. ඒ ගැන පසු වේලාවක ලියා පල කරන්නෙමු.

මේ ළිපිය සකසා ගැනීමට උදව් කල, අපේ චූටි මහත්මයාට ගොඩාක් ස්තූතියි...!!!

161 comments:

  1. හුටා.. අපි ඉවරයි. උඹට උපදේශක කමක් දීලා මල් මන්දිරේ තියා ගනීවි. අනාතයි...

    ReplyDelete
    Replies
    1. උඹලා ගැනත් "සලකලා බලන්න" බැරිය

      Delete
  2. මේක ඔහොම්මම අදාල තැන්වලට මේල් කලානම් හරි මාතලන් අයියා...

    ReplyDelete
    Replies
    1. පළවෙනි කමෙන්ට් එක උදේ දැම්මෙ... දැන් ඇවිත් බැලුවහම නියමයි කියල හිතෙනව... ඇනෝ අදහසුත් තියෙනව... අනවශ්‍ය කුණු කේසුත් නෑ... (Y)

      Delete
    2. අපරාදේ මුලින්ම කරන්න තිබුනේ. අළුතෙන් ලියන උන්ටත් හොඳ පාඩමක්. ඇනෝලත් එක්ක කිසිම වලියක් නෑ. ඇනෝ ලෙසින් එන බ්ලොග් ලියන මහත්වරුන්ගෙන් නේ ප්‍රශ්නේ තිබුනේ.

      Delete
  3. පැහැදිලිවම ඔබ හරි. මම ඔය පිළිබඳ සිතා තිබෙනවා. කෝට්ටේ ටැෆික් කඩන්න නම් පාගොඩ පාර සහ මිරිහාන පාර වන් වේ කරන්න ඕනෙ. එක පසෙකට පමණක් ඔය පාරවල් දෙකෙන් ගමන් කරනව නම් උදේට සහ සවසට තදබදය බොහෝ දුරට අවසන් කළ හැකියි. අනික නාවල වි. වි. වි ලඟ තිබෙන පාලම දෙපස යකඩ පාලම් දෙකක් හෝ එකක් සාදනව නම් එතැන පළල් වූ විගස නාවල පාරේ තදබදය අවසන් වෙනවා. තව වි. වි. වි. ට මායිම් වී ඇති නාවල පාර සහ බේස්ලයින් පාර සම්බන්ධ කරන කොළඹගේ පාර පළල් කරනව නම් විශාල වාසියක් වෙනවා. තව දේ තියනවා බලමුකො.......

    ReplyDelete
    Replies
    1. 1. පාගොඩ පාර වන් වේ කිරීම අවශ්‍ය නැත. පාගොඩ පාර හා නාවල පාර යා කරන කෙටි පාර වන් වේ කිරීමෙන් පමණක් ට්‍රැෆික් සෑහෙන පමණකින් අඩු කර ගත හැකිය.

      2. නාවල පාලම පළල් කිරීමෙන් නාවල පාරේ ට්‍රැෆික් බොහෝ දුරට අඩු වෙනු ඇති මුත් එය කරන්නට නොදෙන්නේ එතැන පන්සලේ ඉන්නා ගණින්නාසේය.

      3. කොළඹගේ පාර ගැන අයිඩියා එකක් නැත්තෙමි.

      Delete
    2. මේ තියෙන්නේ අයිඩියාස් කරනවානම්.

      Delete
  4. කොළඹට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කොළඹට ඉතින් කවදත් කිරි නේ.. අපිත් කොළඹ කොල්ලෝ...

      සුභ වේවා !!! රාජ සම්පත් ලැබේවා !!!

      Delete
  5. අනගිම සැලැස්මක්නේ... මෙය නාගරික සංවර්ධන අධිකාරියට හා ආරක්ෂක අමාත්‍යංශයට මේල් කරන්න මාතලන්..

    ReplyDelete
    Replies
    1. එවා මචෝ.... උඹලගෙ යුතුකම්.... ඕන වෙලාවක උදව් කරන්න රෙඩී...

      Delete
    2. ඔන්න නලින් , බ්ලොග් අවකාශයෙන් රටට දෙයක් කරන්න උත්සාහයක් දරන්න චාන්ස් එකක්

      Delete
    3. @නලීන් ;
      මේක හොද වැඩක් නලී.මේක පත්තු කරන්න ක්‍රමයක් හොයල බලන්නකො.හැබැයි ලොක්කට හරි මලයණ්ඩි ගෙ අතට යන විදියෙ.ට්‍රැෆික් එක අඩු උනාම ඔබටත් හිතෙයි කෝච්චියෙ ගමන නවත්තල,ලෝන් එකක්වත් දාල වාහනයක් ගන්න :) :).

      Delete
    4. ලොක්කගෙන් නම් ඇති වැඩක් නෑ , මලයණ්ඩිට යවාගන්න පුලුවන් නම් වැඩක් කෙරෙයි .

      Delete
    5. කොහොමෙයි අපේ නලියට තියෙන ඉල්ලුම.... ඒත් කෝච්චියේ එන එකනම් නවත්තන එකක් නෑ. කොයි ළෝකෙද එහෙම සැපක් ලැබෙන්නේ..

      Delete
  6. එකෙම්ම ඈ ..
    ++++++++++++

    ( අදාළ තැන් වලට යවන්න කියන්නේ නැහැ
    මාතලේ .මොකද යැව්වට වැඩක් නැහැ .නිකම්ම
    විසික් කරලා දානවා

    " මුන් එනවද අපිට traffic උගන්නන්න " කියල..


    මේකත් ඔලුව තුල මැවෙන සුන්දර ශ්‍රී ලංකාවට ඔබාගෙන
    නිදා ගන්නවා.. අඩුම තරමේ නින්දෙන් හරි සැහැල්ලුවක්
    විඳින්න පුළුවන් )

    ReplyDelete
    Replies
    1. සිහින තමයි මිනිස්සු ජීවත් කරවන්නේ...

      Delete
  7. මන් හිතන්නේ කොළඹ ට්‍රැෆික් ඉස්සරහට නිකන්ම නැති වෙලා යයි මොකද ඉස්සරහට කොළඹ කියන්නේ ලොකු හෝටල් නිවාස සංකීරණ අවන්හල් වගේ ඒවා විතරක් තියෙන නිස්කලංක නගරයක් කරගෙන යමින් නේ තියෙන්නේ. එතකොට ඔය කාර්යාල, පේමන්ට් කඩ, මාකට්, බස් ස්ටෑන්ඩ් වගේ ඒවා සේරම අයින් කරලා දායි.

    ReplyDelete
    Replies
    1. උඹ කියන් දේත් වෙන්න පුළුවන්, රජයේ කාර්යාල බත්තරමුල්ලට ගෙනියයි, එළෝළු මාකට් එකත් පෑළියගොඩට යනවා මේ අගෝස්තු වල විතර. බොහෝ වෙලාවට තොග කඩත් ඒ නිසා ඒ පලාත් වලට යයි. ඒත් ට්‍රැෆික් එක නවතින්නෙ නෑ. නෝනා මහත්තුරු කොළඹ වැඩි වැඩිය්න් ඒයි.

      Delete
  8. මාර මහන්සියක් අරන් හිතලා බලලා වැඩේ කරලා තියෙනවා.....ඊට අමතරව තව පොලිසි ඩිශිශන් ටිකකුත් තියෙනවා...උදාහරණයක් ලෙස එක්කෙන්ක් දෙන්නෙක් එන පෞද්ගලික කාර් වෙනුවට, දියුණු වෙලාවට යන සැප පහසු පබ්ලික් ට්‍රාන්ස්පෝට් සීස්ටම එකක් හා කෝචිචි සේවය වැඩි දියුණු කිරීම, ලංකාවේ මාර්ග බල ධාරිතාවට සරිලන පරිදි වාහන් ගෙන්වීම බදු මගින් සීමා කිරීම, රථවාහන වැරදි දඩ ගෙවීම ඔන්ලයින් කිරීම, කැමරා සවිකිරීම,

    ReplyDelete
    Replies
    1. කවුදෝ කිව්ව සංවර්ධනය කියන්නෙ "හැමෝටම වාහන තියන ඒත් හැමෝම පොදු ප්‍රවාහනයේ රැකියාවට යන" එකයි කියල.

      Delete
    2. ඔය අදහස ඩලස් ඉන්න කාලේ කලම්බු රයිඩර් බස් දාලා කටුබැද්දේ කාර් පාර්ක් එකක් දාලා පටන් ගත්තා. එතන වාහනේ දාලා කොළඹ යන්න බස් ගාස්තුව Rs.100 විතරයි. නමුත් ජනප්‍රිය වුණේ නෑ.

      Delete
    3. එක එක රටවල මිනිසුන් සිතන පතන ආකාරය වෙනස්. අපේ රටේ හංදියට පත්තරේ ගේන්න යන්නෙත් කාර් එකෙන්. ඉතින් එහෙම රටක තනිකෙන් එන කාර් වෑන් නවත්වන්න බෑ. කෝච්චි බස් ඕන තරම් තියෙනවා, කළමණාකරනයෙයි වැරැද්ද තියෙන්නේ.

      Delete
    4. @ රාජ්,
      සමාජයක දියුණුව දුප්පතුන් කාර්වල යෑම නොවේ.. පොහොසතුන් පොදු ප්‍රවාහනයේ යෑමයි..

      Delete
  9. කෝට්ටේ පාරවල් වල තදබදය වගේම පර්චස් හයේ හතේ ඉඩම් වලට හිරවෙලා තදබදය උහුල ගන්න බැරුව තමා මචං මම කෝට්ටේ ඉඳන් කිලොමීටර් 20ක් 25ක් දුරින් තියෙන මීගොඩට ගියේ.

    අහ් කිව්වත් වගේ උඹව ටැම්පල් ට්‍රී එකේ නතර කොර ගත්තොත් අපිට සොරි තමා ගොයියෝ . . .

    මේක PDF කරලා යවහන් මචං අදාල තැන් වලට. සිරාවට කියන්නේ.

    ReplyDelete
    Replies
    1. පී ඩී ඇෆ් තියා මෙහෙම දෙයක් කරන්න ඕන කිව්වාම පොටෝ ටික අරගෙන දුන්නේ අපේ පොඩි මෑන්. ස්කෑන් කරලා එඩිට් කරලා දුන්නේ මගේ කාර්යාල හිතවතෙක්, අර රතු පෑනේ වැඩේ නම් මහාචාර්ය මාතලන්ගේ. අපි නොදන්න පී ඩී ඇෆ්.... මම බලන්නම් දුකෝ... බොහොම ස්තූතියි..

      Delete
  10. මාතලන්, ඔබට උපදේශක තනතුර ලැබුනයින් පස්සෙ අපිව අමතක කරන්න එපා.
    අපි පාපැදිවල යන මගීන්. අපිටත් මං තීරු දෙකක් දැපැත්තෙන් තියන්න, අයිනෙන් ගස් ටිකක් වවන්න. ඒක ටිකක් උසට හදල සාමාන්‍ය පාරෙන් වෙන් කරන්න. නැතිනම් ත්‍රී වීල් මල්ලිලත් ඒ පාරෙ ඇවිත් අපිව පෙරලගෙන යයි.

    ඉක්මනට බෝට්ටු සේවයත් පටන් ගන්න.

    දුම් රිය, බස් සේවය තත්වයෙන් තව ටිකක් උස් උනානම් බොහෝ දෙනා කාරෙක ගෙදර තියල බස් එකේ යයි.

    ReplyDelete
    Replies
    1. කාරෙක තියලා බස් එක යන එකනම් අපේ ජීවීත කාළේ නම් සිද්ද වෙන එකක් නෑ. ලන්දේසි ඇල, කැළණි ගඟ, රට වටේම මුහුද.. අපේ උන් මේ ගැන නිකංවත් හිතනවද.. මීගමුවට බෝට්ටුවෙන් යන්න සුළු වෙලාවයි යන්නේ.

      Delete
  11. ජය වේවා මාතලන්. මාත් ඔහොම එකක් ඇඳලා පත්තරේට යවන්න හිතාගෙන හිටියත් බැරි වුනා.
    මාත් පිළිගන්නේ වාහන තදබදයට හොඳම විසඳුම වන් වේ කිරීම බවයි. හැබැයි ඉතින් වන් වේ අස්සේ පිස්සු කෙළින හන්දි (බෞද්ධාලෝක මාවත හරහා ඩුප්ලිකේෂන් පාර, රාජ්‍ය පරිපාලන කාර්යාලය ඉස්සරහ හංදිය වගේ) නොතැබිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඒකයි මම කිව්වේ සුළු වෙනස් කමකින් කාර්යක්ෂමතාවය තවත් වැඩි කරන්න පුලුවන්. අර ගාළු පාරට සමාන්තරව මූද අයිනේ පාර නිකන් වේලෙනවා..

      Delete
  12. කියෙව්වෙ නෑ. මට එච්චර අවබෝධයක් නැති නිසා.ඒත් හොඳ වැඩක්.

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ හදිස්සියේවත් කොළඹ ආවොත් තේරේවි රඟේ..

      Delete
  13. අන්න බන් මටත් දැන් උඹට කුණුහබ්බෙන් බනින්න හිතෙනවා. අයි බන් උඹට තේරෙන්නේ නැද්ද, මෙච්චර කෙලියක් නැතිව ඉතාම සරල ක්‍රමයක් ක්‍රියාත්මක කරලා තියෙන බව.

    1 වැනි ක්‍රමය.

    සියලුම වාහන බදු වැඩි කර (මෝටර් සයිකල්, පාපැදි ඇතුළුව) ලැම්බෝගිනි වැනි අධි සුඛෝපාභෝගී වාහන මිල අඩු කිරීම:

    එතකොට පාරේ යන්නේ බම්බුගිනි විතරයි, ඕවා හැමෝටම ගන්න බෑ නේ නිකම්ම ට්‍රැෆික් අඩු වෙනවා.

    2 ක්‍රමය

    පැට්‍රොල්, ඩිසල් සහ බුමිතෙල් මිල ඉහල දැමීම.

    සාමාන්‍ය මිනිහට මේවා සුපිරි බඩු ගානට වැටුනම, බයිසිකලේට බුමිතෙල් ටිකක්වත් දාගෙන යන්න බෑ. ගන්න සල්ලි තියෙන්නෙත් බම්බුගිනි කාරයන්ට විතරයි. තියෙන වාහන පරණ යකඩ වලට විකුණලා මිනිස්සු පයින් යනවා. ඇඟටත් හොඳයි.

    කොළඹ ට්‍රැෆික් නිකම්ම අඩු වෙනවා. උඹේ ඔය මල ඉලවු ප්ලැනින් ඕනේ වෙන්නේ නැහැ. ඒ විතරක් යෑ,තව දවස් 5කින් පස්සේ ඔක්කොම් කස්ටිය මත්තල. ඉතින් කොළඹ ට්‍රැෆික් එකක් තියේවිද බන්.


    මෙවා දුරදිග හිතලා කරන වැඩ බන්, අපේ ගොන් හරක්ට තේරෙන්නේ නැතිව නිකන් බනිනවා.

    ReplyDelete
    Replies
    1. අප්පට බොල එහෙමට් කේස් එකක්ද. මට බය මත්තල රනවේ එකටත් අලි එයිද කියන එකටයි..

      Delete
  14. දේශපාලකයින් දේශපාලනය හැර අන් සියල්ලම කර කර ඉන්න කාලෙක බ්ලොග් කරුවන්ට තමන්ගේ වැඩේ අතහැරලා ඉඳල හිටලා මේ වගේ වැඩ කරන්න වෙනවා. දැන් මේ වැඩේ ඇවිල්ල මාතලන් කරන්න ඕනෑ දෙයක් නොවෙයි ප්‍රවාහන මහාමාර්ග හරි මොකක් හරි අමාත්යංශයක ඇමති තමන්ගේ නිලධාරීන් ලව්වා විසඳිය යුතු ප්‍රශ්නයක්.
    දේශපාලකයෝ කියන්නේ උන්ගේ ජොබ් එක වෙන්නේ මේ වගේ මිනිසුන්ට, රටේ තියන ප්‍රශ්නයක් හඳුනාගෙන ඒකට විසදුම් ඉදිරිපත් කිරීම.ඇත්තටම ඒ සම්බන්ධයෙන් නීතිමය තීරණ ගැනීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම.
    අපේ ඉන්න උන් තීරණ ගන්න තියා මිනිසුන්ට, රටේ තියන ප්‍රශ්නයක් හඳුනාගන්න එකවත් කරන්නේ නෑ. උන් හිතන්නේ උන්ගේ ජොබ් එක නිකම් මහාමාර්ග ඇමති නම් එයා හිතනවා පාරක් හදන්න ආණ්ඩුව සල්ලි දෙනවා මේ සල්ලි ටික තම තමන් ගේ චන්දෙට උදව කරපු කොන්ත්‍රාත් කාරයෝ ටිකකට දීල ගානක් ගහල කොමිස් පාරකුත් ගහල ගානක් හොයාගන්න එක වගේ වැඩක් කියල.
    දේශපාලකයෝ පාර්ලිමේන්තු යවන්නේ මෙන්න මේ වගේ ගැටළු වලට විසඳුම් සොයන්න. අපේ ජනතාව දන්නෙත් නෑ මේක යන එවුන් දන්නෙත් නෑ උන් ඉතින් දේශපාලනය හැර අනික් හැම ලබ්බක්ම කරනවා, උන් දන්නෙත් නෑ උන් කරන්න ඕනෑ මොකද්ද කියල අපි දන්නෙත් නෑ, අපි හිතනවා උන් කල යුත්තේ ආරක්ෂකයෝ පිරිවරාගෙන වාහන වල යන එක කියල,

    ReplyDelete
    Replies
    1. මේක උන් හැමදාම යන පාර. ඇත්තටම මෙහෙම උන් මක්කටද දේශය පාලණය කොරන්න. මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාව නම් සම්පූර්ණයෙන් අයින් කරන්න ඕන. උන්ට ප්‍රශ්නේ තියෙන්නේ ජනතාවගෙන් නම්. උන් කොහොමෙයි ජනතා සේවකයෝ වෙන්නේ. අයියෝ සල්ලි.....

      Delete
  15. අප්පට සිරියනගා කිව්වලු. මරුනෙ බොල. මෙහෙම හිතන්ට අහැක් උන් මහ තැන් වල නෑද.

    ReplyDelete
    Replies
    1. ඉන්නවා ඒත් මේ පැත්තට එන්නේ නෑ. ඝෝඨාභය මහත්තයා මේ පැත්තෙන් ගෙයක් වත් ගත්තනම් ඔක්කොම ගොඩ.

      Delete
  16. මේ ට්‍රෑෆික් මේ තරම් හිසරදයක් වෙලා තියෙන්නෙ ලංකාවෙ මිනිස්සු කිසි විනයක් නැති ජාතියක් නිසා. හැමෝම ආචාර ශීලිවරිය පදවනව නම් මේක මෙච්චර ප්‍රශ්නක් වෙන්නෙ නෑ.

    මම වෙනත් රටවල් වල (ශිෂ්ටසම්පන්න) දැකල තියෙන ට්‍රෑෆික් වල හැටියට කොලඹ තියන ට්‍රෑෆික් එක නොසැලකිය හැකි තරම්. ඒත් ආත්මාර්ථකාමී අවිනිත මිනිස්සු නිසා මේ තියන සීමිත වාහන ටිකත් මහා ට්‍රෑෆික් එකක් වෙලා.

    මේක ගොඩ දාන්න නං මෙන්න මේ වගේ ආචාර ධරම කීපයක් හදුන්වාදෙන්න ඕන.

    - තමාගේ ධාවන තිරුව අනුගමනය කරන්න
    - ධාවන තීරුව මාරු කරන විට සිග්නල් එලි දල්වා අන් අයට එය දැනුම් දෙන්න.
    - ප්‍රමුඛතා මාර්ගයට ඉඩ දෙන්න
    - ත්‍රී රෝද රථ/බයිසිකල්: වම් පසින් ඉස්සර නොකරන්න
    - බස් රථ: සෑම විටම බස් නැවතුමේ දී පමනක් නවත්වන්න. හැකි සෑම විටම bus bay එක බාවිතා කරන්න.
    - මගීන්: සෑම විටම පදික මාරුව බාවිතා කරන්න

    ReplyDelete
    Replies
    1. හැකි හැමවිටම වම් පස මං තීරුවේ ධාවනය කරන්න.

      පාර කොච්චර පලල් උනත් හැම එකාම යන්නේ දකුණු පැත්තෙන්. මේක නිසා තමයි බයිසිකල් වම් පසින් ඉස්සර කරන්න උත්සහ කරන්නෙ.

      Delete
    2. මලින්ද කියන් එකෙත් ඇත්තක් තියෙනවා. ඒත් බොරැල්ලේ ට්‍රැෆිල් ලයිට් එක පිඅටකොටුවට වෙනකම් බලපානවනම් කොතනද වැරැද්ද.

      Delete
  17. මාතලන් මාර විදියට මහන්සි වෙලා.. හැබැයි මේකට අදහසක් දෙන්න නම් අපේ මහත්තයා ගෙදර එනකම් ඉන්න වෙනවා.. මට පාරවල් ගැන ඒ තරම් දැනුමක් නෑ නේ...

    ReplyDelete
    Replies
    1. මට වඩා මහන්සි උනේ, අපේ පොඩි මෑන් සහ මගේ යාළුවෙක්, ඔය රතු පෑනේන් කළාත්මක නිර්මාණ මැව්වේ මිස්ටර් මාතලන් .... මහත්තයගෙන් අහලා කියන්නකෝ..

      Delete
    2. හප්පා..ඊයේ ඈනුම් ඇර ඇර මේක බැලුවා පැය දෙකක් විතර... හි හි..

      ටෙක්නිකල් එක, පංචිකාවත්ත, මරදාන, ටිකේ නම් මේ සිස්ටම් එක හරියයි කියලා එයත් කිව්වා.. දැනටත් එයාලා වැඩිපුර පාවිච්චි කරන්නේ ප්‍රධාන පාරවල් වලට වඩා අතුරු පාරවල්ලු ඒ හරියේ...

      අර කනත්ත හන්දියේ ඩී එස් එක වටේ යන පාර මෙහෙම බැලුවම හෙන වටයක් වගේ පෙනුනට එච්චර දුරක් නැලූ.. එතන හිර වෙලා ඉන්නවට වඩා නම් ලාබයිලු ඒ දුර යන එක.. හැබැයි අපේ අයියලට ඕක ඒත්තු ගන්නන්න ටිකක් අමාරු වෙයිලු...

      අනිත් පාරවල් ගැන නම් ඒ තරම් දැනුමක් නෑලු... අර ගාලු පාරත් එක්ක සමාන්තරව යන සාගර මාවතද කොහෙද එක ( Marine Drive එකද මන්දා) දැන්නම් ගොඩක් අය පාවිච්චි කරනවලු.. උදේට නම් වාහන පේලි දෙකක විතර ට්‍රැෆික් එකක් තියෙනවලු...

      එයා කියනවා මෙච්චර මහන්සි වෙච්ච එකේ කවුරුහරි ට්‍රැෆික් පොලිස් ලොක්කෙක් හම්බුවෙලා මේක ගැන කතා කළා නම් හොඳයි කියලා... පොලිසියේ හැම කෙනාම නරකත් නෑ නේ.. මාත් හිතනවා කියන යමක් අහන්න කැමති එක්කෙනෙක් හරි ඉඳියි කියලා... අපිට කොච්චර අදහස් තිබ්බත් ඇත්තටම ක්‍රියාත්මක කරන කෙනෙක් ගාවට ඒ අදහස් යන්නෙ නැති එකේ මේකට නම් ටිකක් වෙලාව වෙන් කළාට කමක් නෑ කියලා හිතනවා... මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඔය කියන එක තැනක හරි ගොඩක් හොඳයි... බ්ලොග් එක බලන අයත් නැතෑ ඒ වගේ වගකිවයුතු අයව යම්තරමක් හරි අඳුරන...

      මෙච්චර මහන්සි උනාට තුන් දෙනාටම තෑන්ක්ස් කියන්නත් කිව්වා ඔන්න...

      Delete
    3. ඒකනේ හිරු මම කිව්වේ. වාහන එලවන මනුස්සයයි දන්නේ මේකේ අමාරුව. ඕකට විකල්ප සිස්ටම් එකකුත් මා ළඟ තියෙනවා. ස්තූතියට ස්තූතියි කියන්න.

      Delete
  18. අනේ මට නම් බෑ ලංකාවේ එලවන්ට. :D :D

    ReplyDelete
    Replies
    1. ප්යාට කියන්න මේයා සුද්දෝ ඇස් වහගන්නවා ඉස්සරහින් එන බස් දැක්කම.

      Delete
  19. bohoma sthuthiyi nawatha apita ida dunnata

    ReplyDelete
  20. උඹේ මහන්සිය ගැන සතුටක් වගේම දුකක් තියනවා. සතුට තමයි රටේ ප්‍රධාන ප්‍රශ්නයක් විවේචනයෙන් පමණක් නොනැවතී එයට ප්‍රායෝගික විසඳුම් යෝජනා කිරීම. දුක තමයි, උඹ කොච්චර උත්සාහ ගත්තත්, අදාල තනතුරු සහ අමාත්‍යාංශ මේ ගැන තඹදොයිතුවක්වත් මායිම් කරන එකක් නෑ කියලා හිතෙනකොට.

    ReplyDelete
    Replies
    1. නෑ මචෝ දැකිය යුතු පුද්ගලයා දැක්කනම් හරි.

      Delete
  21. ඇත්තටම වටිනා සැලසුමක් මෙය යා යුත්තන්ට යොමු කරන්නට උත්සාහයක් ගන්නම් මාතලන්...

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නෙ මාතලන් එල කොල්ලො සහයට :).

      Delete
    2. අන්න වෙනී කරන්න පුළුවන් නම් වැඩ.

      Delete
  22. පාර්ලිමේන්තු වටරවුම අවට අමතක උනාද අයියේ.....ඒ හරියෙත් අම්බානෙකට ට්‍රැෆික්........

    ReplyDelete
    Replies
    1. එකටත් සොලියුෂන් තියෙනවා..

      Delete
  23. අගනා උත්සාහයක්... ඒ වෙනුවෙන් දක්වා ඇති වෙහෙස ශ්ර.මය අගය කළ යුතුයි.. වෙන්නෙ මොනාද දැන ගන්නත් එක්ක අදාළ තැන්වලට යොමු කළා නම් හොදයි... ආවොත් ආවා... ගියොත් ගියා..

    ReplyDelete
    Replies
    1. කාලයක් හිතේ තිබුන දෙයක්. වැඩේ ඉක්මන් උනේ.. කලින් සඳහන් කළ පෝස්ට් එක..

      Delete
  24. ගොන් ඇමතියෝ ලක්ෂ ගණන් ගෙවල ශිත කාමරවල තියාගෙන ඉන්න උපදේශකයෝ/නිලධාරීන්ගෙන් වියයුතු දේවල් මේවා.ඉතා හොද සැලැස්මක්.රථවාහන අංශයෙ උසස් නිලධාරීන් මෙය කොටස් වශයෙන් හෝ අත්හදා බලා සමීක්ෂණයක් කර ක්‍රියාත්මක කිරීමයි කල යුත්තේ විය යුත්තේ.දියුණු රටවල සමහරවිට යන්න ඕන තැනට යන්නෙ කිලෝමීටර කීපයක වටයක් ගහල තමයි.නමුත් නැවිත්තිලි/පෝලිම් නැහැ.කවුරු හරි මාසෙකට සැරයක් බණ අහන්න හරි,උදේ තේ පාටියට මැදුරට යන "පොරක්"මේක කියෙව්වොත් ලොක්කට ටිකක් පෙන්වන්න කියා ආයාචනා කරනවා.

    ReplyDelete
    Replies
    1. පුරුදු වෙනකන් චූටි කට්ටක් කන්න වෙනවා. මම එක රටක සේවය කරද්දි. මම හිටපු නවාතැන පෙනි පෙනි කි. මී. 4 ක වටයක් ගහනවා බස් එක.

      Delete
  25. මාතලන්, පාරවල් වන් වේ කිරීමේ ලොකුම ගැටළුව තමයි ඉන්පසු මොකක් වන් වේද මොකක් නැද්ද කියා මතක තියා ගන්නට බැරි වීම. හැමදාම එකම පාරේ යන එකෙකුට නම් ප්‍රශ්නයක් නෑ. නමුත් වෙනත් කෙනෙකුට මාර වදයක් ඒක. මගේ විසඳුම නම් වන් වේ කරනවා වෙනුවට ඔය හන්දි කිහිපයක ගුවන් පාලම් දැමීම. දැක්කා නේද නුගේගොඩ දෙහිවල ට්‍රැෆික් අඩු වුණු හැටි?

    ReplyDelete
    Replies
    1. නුගේගොඩ ගැන කියනවනම්, හන්දියෙ ට්‍රැෆික් අඩු උනා. එත් තිබුන ට්‍රැෆික් එක ගෙඩි පිටින් දෙල්කඳ හන්දිය පැත්තට shift උනා.

      Delete
    2. //මොකක් වන් වේද මොකක් නැද්ද කියා මතක තියා ගන්නට බැරි වීම.//
      වාහන එලවන්නේ මුළු රටේම වන්වේ මොනවද මතක තියං නොවෙයි ඇනෝ මාර්ග සලකුණු බලල වන් වේ ද නැද්ද කියල දැනගන්නේ. ඔයාල ඇනෝ හින්දම හොඳයි පාර්ලිමේන්තුවට යන්න උනත් සුදුසුකම් තියනවා දෙන්නටම.

      Delete
    3. මාතලන් වැදගත් මිනිහා හින්දා මිසක් නැත්නම් මේ පණ්ඩිත ගොන්සිමයියට කුනුහරුපෙන් තමයි කතාකරන්න ඕනෙ.

      බොල වස්සෝ, මාර්ග සලකුනු බලලා වන්වේ අඳුරගෙන එලෙව්වොත් එක්කෝ ගමනට දවස් දෙකක් විතර යයි, නත්නම් පොලිසියෙන් කුනුහරුප අහගෙන දඩත් කයි එහෙමත් නැත්නම් යන්න ඕනෙ තැන නැතුව වෙන කොහෙ හරි යයි. ආපු වෙලාවක කාර් එකක් අරන් කොළඹ ගිහින් බල.

      ඕකට තියෙනවා නැවිගේටර් කියලා එකක්. ඇමරිකාවේ නැතෙයි?

      Delete
    4. ඔබලා වගේ අයත් එක්ක රටවල් දියුණු කරන්න බෑ. නුගේගොඩ පාලම ගැන කෙනෙක් කියලා තියෙනවනේ. දෙහිවලත් ඒ සන්තෑසිය තමයි. පාලම උඩින් බර වාහන යන්නත් බෑ. අනික වියදම.. කෙසේ වෙතත් ඔබලාගේ අදහසුත් වටිනවා..

      Delete
    5. උදිත නොදන්නා මඟුල් ගැන කතා නොකර සිටිනවා නම් හොඳයි. මෑතදී වන් වේ කළ බොහෝ කොළඹ පාරවල් වල තාම සලකුණු නැහැ. අනෙක ගමන යන පාර තීරණය කරන්නේ කලින් මතක අනුව. ගිහින් බැළුවාම ඉදිරියට යන්න බැහැ. තව රවුමක් යන්න වෙනවා. තුන්වැනි කාරණාව පරණ මං සලකුණු තාම තිබීම. මේ නිසා අපි ඉදිරියට යනවා පාරේ අනෙක් පැත්තට ඊතලයක් තියෙන කොටත්. මේ ප්‍රායෝගික ප්‍රශ්න ඇමෙරිකාවේ ඉඳන් ඔබ හිතනවා වගේ රිමෝට් කන්ට්‍රෝල් විසඳන්න පුළුවන් දේවල් නෙවෙයි. පාරවල් හැදෙන්නේ යම් කිසින් අවශ්‍යතාවයකට අනුව ඒවා එහෙම හිතු මතයට වෙනස් කරන්න බැහැ. මුල ඉඳලම ප්ලෑන් කරලා කරනවා නම් ඒක වෙනම කාරණාවක්.

      Delete
    6. මාතලන්, විසඳුම් තියෙන්නේ තමන් අත විතරයි, වෙන කවුරුත් අත නෑ කියලා හිතන එක ඔබට පමණක් නොව බ්ලොග් අවකාශයේ බොහෝ දෙනාට පොදු රෝගයක්.

      Delete
    7. @ AnonymousMarch 13, 2013 at 9:01 AM

      කොතනද මම කිව්වේ එහෙම කතාවක්, මීට වඩා හොඳ ඒවත් ඇති. නමුත් මේකට සත පහක් වැය වන්නේ නෑ. මුලින් මානසිකත්වය එක තැනක තියාගෙන් පෝස්ට් එක කියවන්න. නැත්නම් මට කියන්න තියෙන්නේ ඔබත් මානසික රෝගියෙක් කියලා පමණයි.

      Delete
    8. @ අනිත් ඇනෝලාට

      පිට පලාත් වලින් එන රියදුරන්ට ප්‍රශ්ණයක් තියෙනවා. ඉස්සරත් බන්ඩා කොළබ ආවම් ඔහොමලු. ඒ තියා බිල්ඩිමක් ඇතුලට ගියාම, එලියට එන්න පාර හොයාගන්න බැරි අය ඕන තරම් ඉන්නවා. ගාලු පාරේ මුලදි මුලදි අනිත් පැත්තට ගියපු අයත් හිටියා. නමුත් අද එහෙම නෑ. පාරවල් අහගන්න තමයි කටකුයි, කනකුයි තියෙන්නේ. සුද්දෝ මැප් එකෙන් පාර සොයාගෙන යන ලස්සන දැකලා තියෙනවද.

      Delete
    9. @AnonymousMarch 13, 2013 at 8:23 AM
      මේ පණ්ඩිත ගොන්සිමයියා ඇතුළුව මිලියන ගානක් රියදුරන් හැමදාම එලවන්නේ නොදන්නා පළාත්වල අලුත් පාරවල් වල හැමදාම හැබැයි වන්වේ තිබුන කියල ගමනට දවස් ගණන් ගිහින් නෑ. විශාල රටක ඉන්න කොට හැමදාම හැම මොහතකම යන්න වෙන්නේ අලුත් නොදන්නා පාරකට ඒ හැමතැනම ඕනේ වේ ගුගල් මැප් එකක් අරන් බලන්න නිව්යෝර්ක් වල හැමතැනම වන් වේ තියෙන්නේ කොහොමද කියල. ඇනෝ මෝඩ කම ආභරණයක් කර ගන්න එපා ජීවිතේට වාහනයක් එළවලා තියේද? ඔයා වන් වේ මතක පළාත් වල විතරද එලවන්නේ? මතක නැති පාරවල්වල එලවන්න එපා බලාගෙන. නිව්යෝර්ක් සිටි එකේ බිලියන ගානක් මිනිස්සු එලවනවා පාරකට වැටෙනකොට වන් වේ කියල ඊතලයක් එක්ක තියන බෝර්ඩ් ලෑලි වලින් තමයි කවුරුත් වන්වේ කියල දැනගන්නේ නැවිගේටර් ආවේ මෑත කාලයේ. ඔයා හුජ්ජ කොල්ලා කාලේ ඉඳල කොළඹ ඕනෑ තරම් මම වාහන එළවලා තියනවා ඇනෝ.
      I just can't fix stupidity.
      ඔයා වගේ අය නිතරම කුනුහරුපෙන් කතාකරන්න බර එන්වයර්මෙන්ටල් ෆැක්ටර් එක නිසාද නැත්නම් ජෙනටිකල් ෆැක්ටර් එක නිසාද ?
      Environmental එකනම් ප්‍රශ්නේ it can be fixed dude..
      ලංකාවට ඔහොම වෙලා තියෙන්නේ මොකද දන්නවද ඔයා වගේ අය පිරිලා. කොහොමත් ගූගල් කාරය මැප් ටික හදල දුන්නේ නැත්නම් කොළඹ මැප් එකකුත් පහසුවෙන් කාටත් නෑ මතකෙන් තමයි හැමතැනම ඒ පුරුද්ද ඔයාගේ තියෙන්නේ.

      Delete
    10. @AnonymousMarch 13, 2013 at 9:00 AM
      ඇනොලා වැනි ආකල්ප වෙනස් කරගන්නට නොහැකිව වටේ යන ශ්‍රී ලාංකිකයන් මට මෙහෙදිත් ඕනෑ තරම් හමුවී ඇත සමහරු ලංකාවේ නොවේ පිටරටට ආ පසුත් වෙනස් වීගත නොහැකිව දඟලයි. කොළඹ පාරවල් වල තාම සලකුණු නැහැ ඒ ඔයාල වගේ ජනතාවකට ඒවා ඕනෑ වෙලා නැති හින්දා.
      //පාරවල් හැදෙන්නේ යම් කිසින් අවශ්‍යතාවයකට අනුව ඒවා එහෙම හිතු මතයට වෙනස් කරන්න බැහැ.//
      මෙයනම් ඇත්ත කතාවකි ලංකාවේ තියෙන්නේ ලංකාවේ මිනිසුන්ට අවශ්‍ය දෙයයි ලංකාවේ පාරවල් සලකුණු ඉහත ඇනොලා වැනි ජනතාවට ගැලපෙන ලෙසම ඇත. නායකයින්ද එසේමය. මේවා වෙනස් විය යුතුයැයි සිතන මාතලන්ලා ට පිස්සු යැයි ඔවුන් සිතයි. නුඹලා හත් අවුරුද්දක් ට්‍රැෆික් වල හිරවී හිටියත් මටනම් කමක් නැත.
      මම ලියන්නේ මාතලන් වැනි සුළුතරය වෙනුවෙනි.

      Delete
    11. @ උදිත
      උඹේ ඒ කතාවටනම් මමත් එකඟයි, හාල්මැස්සෝයි, මුකුණුවැන්නයි නැතුව පිස්සෝ වගේ ඇවිදින උන් මමත් දැකලා තියෙනවා.. අනික් කෑමක් කන්න හිතන්නෙවත් නෑ..

      Delete
    12. උදිත නොදන්නා දෙවල් කතා නොකර ඉන්නවා නම් වඩා හොඳයි නේද? මොකද ඔයා කට ඇරිය ගමන් මෝඩ කම පේනවා. නිව්යෝක් වල වන් වේ තියෙන්නේ නිව්යෝක් කොළඹ වගේ නෙවෙයි සැලසුම් කර හදපු නගරයක් නිසා. කොළඹ එහෙම සැලසුම් කර හදපු නගරයක් නෙවෙයි. හැමතැනම පාරවල්. අතුරු පාරවල්. ඒවා ඔබ ඔය හිතන විදියට වන් වේ කරන්න බැහැ. එහෙම කරන්න ගිහින් කට්ටියක් අනා ගත්තා. මේවා දැන ගෙන කතා කරන්න. කටට ආ පළියට මෝඩ කතා කියන්න එපා.

      Delete
    13. සුද්දා කොළබ නෙමෙයි කළුතර වගේ නගරත් හැදුවේ සැලසුම් කරලා. ඔබලා වෙනස් වීමට කැමති මිනිස්සු නෙමෙයි. ඔහේලට කියන නමක් තියෙනවා මම ඒක කියන්න කැමති නෑ. ඒ කියන්නේ ඔයාට ට්‍රැෆික් වල පැය ගනන් ඉන්න එක ප්‍රශ්ණයක් නෑ කියන එකනේ.

      Delete
    14. /මීට වඩා හොඳ ඒවත් ඇති. නමුත් මේකට සත පහක් වැය වන්නේ නෑ./

      විසඳුමකට වැය වන මුදල සේම එහි ප්‍රායෝගිකතාවයද වැදගත් වේ. සල්ලි යන්නේ නෑ කියා කරන්න බැරි විසඳුම් දීමෙන් ඵලක් නොවේ.

      කෙනකු ලියන මෝඩ කතාවක් පෙන්නා දුන් කළ එසේ පෙන්නා දුන් පුද්ගලයාට ලේබල් ගැසීම බ්ලොග් අවකාශෙයේ ඇති කැත සිරිතකි. මන්ද බ්ලොග් ලියන හැමෝම හිතාගෙන ඉන්නේ ඔවුන් සියල්ල දත්තවුන් සේය. ඔවුන්ගේ මෝඩ කතාවක් පෙන්නා දුන් කළ මොන්ටිසෝරි දරුවන්ට මෙන් රිදෙයි. මේ බ්ලොග්කරුවන්ට නම් සුදුසු අර "එල එල මාතලන්" කියන කමෙන්ට්ම පමණි. ඊට වැඩිය දෙයක් දරා ගන්නට හැකියාවක් නැත. කොයිතරම් තර්කානුකූලව දෙයක් පෙන්නා දෙන්නට උත්සාහ කළත් සරම කරට අරන් ගහ ගන්නට එයි.

      Delete
    15. අවසාන වශයෙන් මේකයි කියන්න තියෙන්නේ. මාතලන්ගේ නිරීක්ෂණයට මා එකඟයි. කොළඹ නගරයේ ට්‍රැෆික් ඇති වෙන්නේ හන්දි නිසා. නමුත් ඔය විදියට ලේසියෙන් පාරව්ල් වන් වේ කර ගැටළු විසඳා ගන්න පුළුවන් නම් අපි ජීවත් වෙන්නේ දිව්‍ය ලෝකයේ වෙන්න ඕනැ. මරදාන හන්දියේ. බේස් ලයින් පාරේ ට්‍රැෆික් අඩු වුණේ පාරවල් වන් වේ කරලා නෙවෙයි. වන් වේ කිරීම සමහරතැන් වලට විසඳුමක් වෙන්න පුළුවන්. ඒත් හැම හන්දියක්ම ඔහොම අන්ධව වන් වේ කරලා ප්‍රශන් විසඳන්න බැහැ. අඩු ගණනේ මාතලන් මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ එක් එක් මාර්ගයේ එන වාහන ගණන වත් සැලකිල්ලට නොගෙන. සමහරවිට මෙහෙම වන් වේ කළාම වෙන්නේ පෝලිම් හැදිලා වෙන පාරවල් බ්ලොක් වෙන එක. ඕවා කරලාම බලලා මිස හරිය කියන්නබැරි විසඳුම්. නමුත් වියදමක් නැති නිසා කරලා බලනවාට මගේ විරුද්ධත්වයක් නැහැ.

      Delete
    16. මම ඔය ඔක්කෝම සැලකීමට අරගෙන කලේ. ඔබලා වෙනසට බිය මිනිස්සු. ස්තූතියි වැදගත් විදියට අදහස් දැක්වීම ගැන.

      Delete
    17. @AnonymousMarch 13, 2013 at 10:07 AM
      ඔබ දන්නා දෙය කතාකරන ඤාණවන්තයෙක් නම් කල යුත්තේ මගේ මෝඩකම් ගැන පැමිණිලිකරමින් මෙතන මා සමග ඇර ගැනීම නොව ඉහත මාතලන් පෙන්වා දී ඇති සැලසුම් වල අඩු ලුහුඬු කම් ,ඇයි බැරි කොතනින්ද ඇනෙන්නේ සහ අඩුපාඩු එකින් එක එම සිතියම් පාරවල් වල පෙන්වා දීමයි.
      ඔබ ඒ මාතලන් යෝජනා කරන එක පාරකවත් එසේ කරන්න බැරි ඇයිදැයි යන්න හේතු සහගතව පෙන්වා නැත. මෝඩ කතා කියනවා කියමින් ගැරහීම හැර වෙන කිසි දෙයක් ඔබ කියන්නේ නැත.ඔබ වැනි අය ලංකාවේ බහුලය ඔබට ඇත්තේ රෝගයක් නොව සහලක්ෂණයකි.

      Delete
    18. අපි වෙනසට බය මිනිස්සු නෙවෙයි මාතලන්, නමුත් වෙනස විය යුත්තේ අර්ථවත් ලෙස. ඔබේ හිතු මතයට නෙවෙයි. ඔහොම හිතු මතයට කරන වෙනස් කම් වලින් අනාගත් තැන් ලෝක හා ලංකා ඉතිහාසයේ බහුලයි.

      වැරැද්දක් පෙන්නලා දුනාම නුවණැත්තා එයින් යමක් ඉගෙන ගන්නවා. මෝඩයා ඒ වරද පෙන්නා දුන් කෙනාට බනිනවා. අදහස් දක්වන්නට ඉඩ දුන්නාට ස්තූතියි.

      Delete
    19. මටත් කියන්න තියෙන්නේ ඒකම තමයි. මම ඔබේ අදහස් වලට ඉඩ දීලා තියෙන්නේ ඒ නිසයි. මම මගේ මතයේ ඉන්නම්, ඔබ ඔබේ මතයේ ඉන්න. කෙනෙකුට මම මෝඩයෙක් වගේ පේන්න පුළුවන්. කෙනෙකුට ඔබ මෝඩයෙක් වගේ පේන්න පුලුවන්. අපි නම් ලිං මැඩියෝ නෙමෙයි.

      Delete
    20. mekai machan case eka.
      - In Manhattan, NY majority of the roads are in a grid system. So even though if you can't turn from this Ave or street you can turn from the next. But the way the roads are located in colombo it's hard to figure things out.
      - Next is if they are doing this they have to remove the old road sings and redraw the marking on the road. Otherwise it's idiotic to fine the drivers who get's confused by old road signs.
      - Most of this one way systems are developed only thinking about vehicles, not passengers. If someone who's in Colombo 3 near galle road wants to go to Dehiwala they hav to walk to Duplication to get a bus (or is it the other way around?) Distannce betweek galle road and duplications is not much in Col 3 area, but when you proceed down the road towards wellawattha in increases significantly. In a country where majority of people relies on buses more consideration should be given to those people.
      - Finally my idea is we need a good monorail system to colombo. Inter-connecting Rathmalana, kottawa, malabe, kotte, kalaniya as well as connecting all of them to central colombo. A rail ride from Rathmalana to Fort shouldn't take more than 15 minutes if done properly

      Delete
    21. කොහොමත් සතියේ දිනවල කාර්යබහුල [කාර්යාල/පාසැල]වෙලාවල කොහෙත් සුළු තදබද පවතිනව.නමුත් කිලෝ මීටර් 15ක් යන්න පැය 1 1/2 ල් නම් යන්නෙ නැහැ.හැබැයි පාරවල් මත යන දිශාව පැහැදිලිව සටහන් කිරීම,හැරවිය හැකි දිශාව කිලෝමීටරයක දුර සිට කඩින් කඩ පැහැදිලිව පුවරු සටහන් වලින් දැක්වීම කලයුතුයි.හැබැයි ඉතින් අප්ෂට් කට්ටියට කියන්න තියෙන්නෙ පයින් යන්න කියල තමයි.

      Delete
    22. @ AnonymousMarch 13, 2013 at 1:04 PM

      ඒක තමයි මචෝ මම කිව්වේ ගාළු පාරේ සුළු සුළු අඩුපාඩුකම් තියෙනවා කියලා, දැන් සාගර මාවත තියෙන නිසා, බොහොම ලේසියෙන් වැඩේ කරන්න පුළුවන්..

      Delete
    23. @ කෙන්ජි

      වාහන තද බදය අධික වෙලාවට, ටෙක්නිකල් හංදියේ ඉඳලා, මරදානය යන්න පැය භාගයක් යන වේලාවලුත් තියෙනවා. පයින් ගියත් විනාඩි පහයි. මොනවද මචං මේ රටේ මිනිස්සු තව කතා කරන්නේ. අපේ උන්ට නම් අවුලක් නෑ. බස් එකේ හිටගෙන නිදාගන්න ජාතියක් නේ. ඒත් අපිට මේ කාළය බොහෝම වටිනවා. වැය වන ඉන්ධන ප්‍රමාණය. පරිසර දූෂණය.

      Delete
    24. /ඔබ දන්නා දෙය කතාකරන ඤාණවන්තයෙක් නම් කල යුත්තේ මගේ මෝඩකම් ගැන පැමිණිලිකරමින් මෙතන මා සමග ඇර ගැනීම නොව ඉහත මාතලන් පෙන්වා දී ඇති සැලසුම් වල අඩු ලුහුඬු කම් ,ඇයි බැරි කොතනින්ද ඇනෙන්නේ සහ අඩුපාඩු එකින් එක එම සිතියම් පාරවල් වල පෙන්වා දීමයි./

      හුදෙක් පාරවල් වන් වේ කරමින් මේ ප්‍රශ්නයට විසඳුම් සොයා ගත හැකිය මම නොසිතමි. එය මීට පෙර උත්සාහ කොට අසාර්ථක වූ ව්‍යාපෘතියකි. එය පාර්ශ්වීය විසඳුමක් වූවාට කමක් නැත. නැතිව සියල්ල විසඳන මැජික් සැලසුමක් නොවේ.

      කළ යුතු කවරේද කියා යටින් ලියා තිබේ. මම එක රැයින් සියල්ල විසඳන විසඳුම් ගැන විශ්වාසය නොතියමි. එසේම මාතලන්ට වඩා සීරියස්ලි මේ ප්‍රශ්න විශ්ලේෂණය කොට ඇති මහාචාර්ය අමල් කුමාරගේ වැනි ප්‍රවාහණ විශේෂඥයින් ඉදිරිපත් කොට ඇති අදහස් ගැන වැඩි සැලකිල්ලක් දක්වමි.

      නමුත් එයින් කියැවෙන්නේ මාතලන් අනිවාර්යයෙන්ම වැරදි බව නොවේ. ඔහු ඉදිරිපත් කරන්නේ අළුත් නොවෙතත් එක්තරා මට්ටමකට හෝ හොඳ අදහසකි. එය සම්පුර්‍රණයෙන්ම බැහැර කළ යුතුය නොකියමි. කිව්වේ එය ප්‍රමාණවත් නැති බව පමණෙකි.

      අවාසනාවකට අදහස් සමඟ නොව පුද්ගලයින් සමඟ කොක්කක් ඇද ගන්නේ කොයි වෙලේද බල සිටින ඔබ වැන්නන්ට කාරණා තේරීමට කල් ගත වේ. ඒ ගණ මට කළ හැකි දෙයක් නැත.

      Delete
    25. @ Anonymous March 13, 2013 at 7:35 PM

      ඔබ දෙසා බාන්නෙ අමු කෙප්පයකි. මේ සැලසුම කිසි දිනක ක්‍රියාවට නගා නැත. ඔබ මෙය ක්‍රිටිසයිස් කිරීමට භාවිතා කරන්නේ, දේශපාලකයන් මෙන් පට්ට පල් කෙප්ප‍යැඛ් ඇද බෑමකි. මෙය ක්‍රියාත්මක කලේ කවදාද, කොතනද, කොයු වේලාවේද. මේ සඳහා ඔබගේ විසඳුම කුමක්ද. මේ තියෙන ක්‍රමයමද..? අපේ රටේ කරුමය මෙයයි. යෝජනා නැත, ඇත්තේ චෝදනා පමණි.

      අමල් කුමාරගේ මහතාගේ යෝජනා ප්‍රායෝගික යෝජනා නොවේ. ඔහු සැලසුම් කරන්නේ දියුණු රාජ්‍යයන්හි අති නවීන ක්‍රමයි. අපටත් ඕනෑනම් එසේ කල හැක. නමුත් අප යෝජනා කරන්නෙ. එක් ස්ථානයක සාර්ථක වූ ක්‍රමයක්. ඉතා ලගින් සමාන්තර පාරක් තිබියදි ක්‍රියාවට නොනගන්නේ මන්දැයි යන කාරනයයි. කොකු ඇදගැනිමේ මානසිකත්වයක් මට කිසි දිනෙක නැත. එහෙත් තර්කයකට ප්‍රති තර්කයක් ඉදිරිපත් කිරීම, මා කුඩා කාළයේ සිට ඇති, පුරුද්දකි. මන්ද මම සම්ප්‍රදාය ගරු කරන්නෙක් නොවනා නිසාය.

      Delete
    26. මාතලන්, යමක් නොදන්නවානම් ඒ ගැන ඉගෙන ගන්න. නිකම් බොරුවට ගොරවනවාට වඩා ඒක හොඳයි. මෙන්න ඔබ සඳහන් කරන ආකාරයේ ප්ලෑන් එකක් අත්හදා බැලූ හා අසාර්ථක වූ අවස්ථාවකට නිදර්ශනයක්. http://www.sundaytimes.lk/110703/News/nws_09.html

      කා සමඟ හෝ කොක්කක් ඇද ගැනීමේ ඕනෑකම තියෙන්නේ ඔබට නොව උදිතටයි. අනුන්ට කියන දෙවල් ඔබ බාර ගන්නේ ඇයි?

      මහාචාර්ය අමල් කුමාරගේ ඔබට වඩා ප්‍රවාහණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකි. අනෙක ඔහුගේ සැලසුම් ඔබගේ මෙන් එක අංශයකට පමණක් සීමා වී නැත. නමුත් කවුද දන්නෙ ඔහුට වරදී ඔබ හරි විය හැකිය. ඔබ සේම මාද කතා කරන්නේ අපේ පෞද්ගලික හා සීමිත අත්දැකීම් මතය. එනිසා තව දුරටත් මේ වාදය දිගු කිරීමට අදහස් නොකරමි.

      Delete
    27. @ Ano; March 13,2013 at 8:58 PM.
      ඔය ඔබ කියන උපදේශක මල් කුමාරයෝ තමයි හැම ඇමතිය ලගම ඉන්නෙ.ඒ අය කරන්නෙ කරන්න බැරි මොන මගුලක් හරි උලුප්පල කරලා මීඩියා රොත්තක් ගෙනල්ල හෙට උදේට පත්තර පිටු වල ඇමතිගේ පින්තුර පුරෝන එකත්,අද හවස TV chanal වල ඇමතිගෙ මුණ පෙන්වීම තමයි සැමදා කරන්නේ.හැම දාම ඇමතිට ජොලි,රටට ගමට බලි.

      Delete
    28. නිතිය පරතෙරට දත් මහාචාර්ය ජී එල් පිරිස් දැන් දශක දෙකකට ආසන්න කාලයක් රට ආණ්ඩු කරන පක්ෂයේ සිටියි. ලංකාවේ පරණ 18 වැනි ශතවර්ෂයේ ඉදන් එන නීති පද්දතිය එහෙමමය කිසි ඇඟට දැනෙන වෙනසක් මේ මහාචාර්ය පට්ටම් තියන අය අධිකරණ ඇමති ඉන්නා කාලයේවත් කලේ නැත. මහාචාර්ය අමල් කුමාරගේ මාතලන්ට වඩා ප්‍රවාහණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකි. තාමත් ප්‍රයිවට් බස් කාරයින් පාරවල් වල පිස්සු කෙළියි. මහාචර්ය දැනුම තිබුනා කියා මේ අය වෙනස් කරන්නනන් නොවේ ඒ සඳහා අවශ්‍ය වෙනස් කිරීමට ඇති උවමනාවයි.
      මෙහිදී ඉහත ඉංග්‍රීසියෙන් කරුණු දක්වා ඇති ඇනෝ නගන තර්කය ඇනෝ උනත් වැදගත් තර්කයකි මා එය පිලිගනිමි එයට මාතලන්ද පිළිතුරු දිය යුතුය. ලංකාවේ තවමත් ප්‍රමුක කාර් පුද්ගලික වාහන හිමියන් නොව බස් වල ගමන් කරන මගින්ය වන් වේ ක්‍රමයේදී මේ අයට සැතපුම් ගනන් පයින් යාමට සිදුවේ.

      Delete
    29. ඒක හරි උදිත. ඒකයි මම කිව්වේ ගාළු පාරේ සුළු සුළු අඩු පාඩු කම් තියෙනවා කියලා. නමුත් මරදානේ සිට වැලිකඩ දක්වා ඉතාම ලඳින් පිහිටි සමාන්තර පාරවල් තියෙන්නේ. අනික බස් වල යන අය ගැන වෙනම සලකා බලා නිර්මාණය කළේ. උඹ උනත් විමසිලිමත්ව බැලුවොත් පෙනෙයි.

      Delete
    30. මොනෝ රේල් වගේ ව්‍යපෘති කරන්න මම හිතන්නෙ කිලෝමීටර් 4ක් 5ක් කරන්නත් දියුණු රටක උනත් අඩුම වශයෙන් අවුරුදු 3ක් වත් යනව.ඒවා ලංකාවට අවශ්‍ය දේවල්. කිලෝ මීටරයකට තඩි කොන්ක්‍රීට් කණු 10ක් 12ක් ෆයිල් ගහල හිටවන්නෙ කොහෙද ?මේවා විසදුමක් නැති කතාවලට සීමා වන දේවල්.හැබැයි ගාල්ල,මාතර ඉදල මත්තලට නම් මොනො රේල් හෙට අනිද්දා වැටුනට පුදුම වන්න එපා. කොහොමත් 2 සීරෝ 3 සීරෝ වෙද්දීවත් කොලඹ අවට ඔය රේල ආවොත් ලොකු දෙයක්.හැමෝම තේරුම් ගතයුතු කරුන නම් මාතලන් මේ දීල තියෙන්නෙ වියදමක් දරන්නෙ නැතිව "ලස්සනට"කල "ගොඩක් පල"ලබාගත හැකි සැලැස්මක් පමණයි.

      Delete
    31. මේ සැලැස්ම අනුව සැතපුම් ගණන් බස් හෝල්ට් වලට යායුතු වන්නෙ නැහැ.හැබැයි බොරැල්ල,පංචිකාවත්ත,ටෙක්නිකල් හන්දිය අවට බෝඩින් වෙලා ඉන්න නංගිල /මල්ලිල ඉස්සර බැස්සෙ බස් හෝල්ට් එකට උනාට මේ සැලැස්ම නිසා ඕනේ නම් විනාඩි 5 ඉස්සෙල්ල බැස්සම හොදටම ඇති චුට්ටක් ඇවිදින්න ඕන නිසා.මම හිතන්නෙ එතකොට ඇගට වගේම පොකැට්ටුවටත් සුළු ගානකින් හරි හොද වෙයි.කට්ට කෑවත් සති 2නෙ ඕව අපිට මතක අනේ!!!!!!!

      Delete
    32. උදිත එක්ක මේ පැටලෙන ඇනෝනිමස් උන්නැහේ යනු අන් කවුරුත් නොව චානුක වත්තේගම පඩිතුමාය.ඒ පඩිතුමාට නමින් පෙනී ඉදල ලියන්න වෘෂණ දෙකක් නැති හින්ද ඇනෝනිමස් ඇවිත් ලියන්නේය.උදිතගේ බ්ලොග් එකේ වසුරු හලන්නේත් ඒ පඩිතුමාමය.ටැබූ සබ්ජෙක්ට්ස් කියල කාලෙකට ඉස්සර බ්ලොග් එකක් ලීවෙත් ඒ පඩිතුමාමය.ඒ පඩිතුමාට නොතේරුණාට ඒ පඩිතුමා කවුදැයි අපිට නම් හොදටම තේරෙනවාය.

      Delete
  26. හෆ්ෆටසිලි, ලක්‍ෂ ගනන් පඩිකන එවුවොවත් මෙහෙම මොලේ වෙහෙසවන්නෙ නැහැනේ ජනතා සුබසිද්ධිය වෙනුවෙන්.

    ReplyDelete
    Replies
    1. එයාලාට වෙන වැඩ තියෙනවනේ..

      Delete
  27. පොලිස් රථවාහන කොට්ඨාශයේ ඉන්න ඕනේ මනුස්සයෙක්නේ :)

    ReplyDelete
    Replies
    1. කීයක් හරි හොයාගන්න තිබුනා කැල්මට් එකකුත් දාගෙන පාරක් අයිනේ උන්න නම්..

      Delete
  28. උබ ඒ පාර නගර නිරමාණ ශිල්පියෙක් උනාද මාතලන්........උබේ කතාව නම් සහතික ඇත්ත බං.....උබේ වැඩ පිලිවලත් නරක නැහැ. මේවා දැකල උබව ලොක්කා වැඩට ගනීද දන් නැහැ.........

    ReplyDelete
    Replies
    1. නිකං බය හිතෙන කතා කියන්න එපා බං...

      Delete
  29. පාර වන් වේ කිරීම තමයි ලේසිම විසදුම හැබැයි නගරයේ ප්‍රධාන පාරවල් ආවරණය වන මෙට්‍රෝ දුම්රිය සේවාවක් දැම්ම නම් ඔය කොයි ගැටලුවත් විසදෙනවා.(මතක විදිහට දුකා මෙහෙම යෝජනාවක් ඉදිරිපත් කලා කලකට ඉස්සර)

    ReplyDelete
    Replies
    1. හොඳ විසඳුමක්, ඩුබායි වල මමත් ගිහින් තියෙනවා. ඒත් අපේ රටට කෝ සල්ලි. මේකට සතයක්වත් වැය වන්නේ නෑ.

      Delete
    2. මාතලන් ඔබ දන්නවාද දන්නෙ නැහැ ඔය වගේම කිහිපයක් විසඳුම් ක්‍රියාත්මක කරලා අසාර්ථකව නතර කළ බව. ඇයි ඔබ හිතන්නේ ආණ්ඩුව මේවා නොකර ඉන්නේ. විශේෂයෙන්ම මේ ආන්ඩුව කොළඹ පාරවල් ගණනක් මෙසේ වන් වේ කළා. ඇයි තව ටිකක කරන්න බැරි. කොළඹ පාරවල් ඇති වී තියෙන්නේ අවශ්‍යතාවය අනුව දෙපැත්තටම යන්න පුළුවන් වෙන්න. ඒ වගේම වාහන ඉතාම අඩු කාලයේ තමයි මේ බොහෝ පාරවල් හැදී තියෙන්නේ. ඒවා සියල්ලක්ම ඔබ හිතන විදියට වන් වේ කරන්න බැහැ.

      Delete
    3. කරන්න පුළුවන්, ගාළු පාරේ ක්‍රමය සාර්ථකයි. මෙතරම් පැරරල් පාරවල් තියාගෙන පැරරල් පාරවත් දෙකෙම දැපැත්තට වාහන ගමන් කිරීම මෝඩ කමක් මිස වෙන කිසිම දෙයක් නොවේ. අදහසට ස්තූතියි. ඒත් ඔයාලා වගේ අයත් එක්ක රටක් ඉදිරියට යන්නෙ නෑ. අනික එහෙම දෙයක් කවද්ද ක්‍රියාත්මක කලේ. අපි ජීවත් වෙන්නෙත් මේ රටේ.

      Delete
    4. චීනෙන් නයක් අරං මෙට්‍රෝ දුම්රිය සේවාවක් හම්බන්තොට පැත්තේ දැම්ම නම් කොළඹ ගැටලුත් විසදෙනවා

      Delete
    5. අටුවන් බැහැපු ආකල්ප වෙනස් වෙන්න කැමති නෑ හරියනවද වැරදෙනවද කියල බලන්න කරලා බලන්න එපැයි අපි නායකයොන්ට බැනල වැඩක් නෑ මාතලන් මේ මෙතනම බලපන් මේ අයට හරියන කිසිදෙයක් නොකරන තියෙන දේවල් ඒ විදියටම තියාගෙන ඉන්න ජනතාවක් අපිට ඉන්නේ ඒ අයට හරියටම ගැලපෙන නායකයෝ තමයි පත්වෙලා ඉන්නේත්.
      මාක්ස් කිව්වා ආසියාවට ඉතිහාසයක් නෑ කියල මේකේ අර්ථය අපිට වැව් දාගැබ් රජවරු හිටියේ නෑ කියන එක නොවෙයි .මෙන්න මේ අපේ අයියලාගේ ප්‍රශ්නය. දේවල් වෙනස් කරන්න මැදිහත් නොවීම. කාල් මාක්ස් සමහර ටක්කෙට හරි දේවල් කියල තියනවා.
      ඉතිහාසය කියන එක ගොඩනැගෙන්නේ මිනිස්සු මැදිහත්වෙලා ගැටලුවලට විසඳුම් සෙවීම නිසා මිනිස්සු ප්‍රශ්ණයක් හඳුනාගන්නවා එකට විසඳුමක් දෙනවා ඊට පස්සේ ඒ ගැටලුව නිශ්චිත මොහොතකට පස්සේ එතන නැහැ ඒහෙම තමයි ඉතිහාසය ගොඩනැගෙන්නේ.
      හිතපන් මාතලන් ගඟක් තියනවා අපි හැමදාම ඔහේ මෙගොඩ ජිවත් වෙනවා එතන ඉතිහාසයක් නැහැ. මිනිස්සු එකතුවෙලා ගගෙන් එගොඩට යන්න පාලමක් හදනවා පාලම හැදුනට පස්සේ දැන් පාලමට පෙර කාලය කියන ඉතිහාසය නිර්මාණය වෙනවා. අපිට ඉතිහාසයක් නැහැ අපි සත්තු වගේ හැමදාම ඔහේ ජිවත් වෙනවා Environment එක මැදිහත් වෙලා වෙනස් කරන්නේ නැහැ. උඹලා වගේ එකෙක් දෙන්නෙක් මාතලන් ස්වභාවිකත්වය වෙනස් කරමු පාලමක් හදමු වගේ කතා කිව්වම මේ සත්තු කියනවා පිස්සුද පාලම කැඩිලා වැටුනොත්..ඕක හරියන්නේ නෑ. නැත්නම් කියයි එගොඩ ගොඩේ කොටියෙක් ඉන්නව වගේ කතාවක්. වෙනස් වෙන්න බයයි.

      Delete
    6. සහතික ඇත්ත මචෝ. අපේ ඩලස් මහත්තයත් මෑතකදි ඔය් ගැන කතා කලා, එයා කිව්වේ. අපේ අය වෙනස් වෙන්නේ බොහෝම පරක්කු වෙලා කියලා. මම නම් කියන්නේ අපේ උන් වෙනස් වෙන්න කැමති නෑ. වෙනසට මාර බයයි කියලයි. රටේ උන්ගේ හැටියට නේ පාලකයොත් ලැබෙන්නේ.

      Delete
    7. මොනවා උනත් මාතලන් මොන වැරදි තිබුනත් මේ ඉහත මං කිව්ව කාරණයට අදාලව ජේ ආර් ගෙන් පස්සේ රටේ ඉතිහාසය නිර්මාණය කරපු මිනිස්සු කිහිපදෙනෙක් තමයි මහින්ද ගෝඨාභය සහ බැසිල් කියන්නේ ඒ අරුතින් මම ඔවුන්ට ගරු කරනවා. ඒ මිනිස්සු රට වෙනස් කළා. ඒ අයට එයාලගේ පටු පවුල් සිමාව හම්බන්තොට මේනියාව සහ මුදල් සහ බලය එක්ක තියන ග්‍රාම්‍ය සම්බන්ධය නිසා මෙතනින් එහාට යන්න බැරි වෙලා හිරවෙලා තියෙන්නේ අපේ අවාසනාවට.

      Delete
    8. ඒකනේ මචෝ අපි ලොක්කට සල්පිල් යන්නේ.. උඹ ආවම කොළඹ දැක්කොත් ආයෙත් නිව් යෝක් යන එකකුත් නෑ.. ඝෝඨාස් වෝ

      Delete
    9. වෙනස් වෙනවා කියන්නේ ඔහේ වෙනස් වෙන්න ඕනෑ කමට වෙනස් වෙන එක නෙවෙයි, ප්‍රතිඵලයක් එන විදියට වෙනස් වීම. කොළඹට අනිවාර්යයෙන්ම මෙට්‍රෝ සර්විස් එකක් ඕනෑ. දැන් තියෙන දුර්වල පොදු ප්‍රවාහන සේවය වෙනුවට බස් කොම්පැනි ක්‍රමයක් ඕනෑ, වඩා විධිමත් ප්‍රවාහන සේවයක් පිණිස. telecommuting දිරිමත් කරන්න ඕනෑ. කාර්යාල වල flexi times අවශ්‍යයි. ඒ එක්කම හැකිපමණ රජයේ කාර්යාල කොළඹින් පිටට ගෙනයාම අවශ්‍යයි කොළඹ බිස්නස් වලට වෙන් කරලා. කෝච්චි වල පෙට්ටි ගාන වැඩි කරන්න ඕනෑ සමුද්‍ර දේවී එකේ කළා වගේ. එහෙම අර්ථවත් වෙනසක් කරලා ප්‍රතිඵල බලාපොරොත්තු වෙමු, පාරවල් එකක් වන් වේ කරලා මෝඩ ලෙස සියල්ල විසඳෙනවාය කියලා හිතනවාට වැඩිය.

      Delete
    10. ඕවත් වෙන්න ඕන. මෝඩයෙක් වගේ පෝස්ට් එක කිව්වම, කිව්වේ මොකක්ද කියලා පැටලෙනවා. මේ කතා කලේ සත පහක් වියදම් නොවන. එක් ප්‍රදේශයක සාර්ථක උන ක්‍රමයක්. අනික මම කතා කරලා තියෙන්නේ ට්‍රැෆික් එක ගැන විතරයි. මෝඩයා කව්ද කියලා අනිත් අය තීරණය කරයි.

      Delete
    11. // කොළඹට අනිවාර්යයෙන්ම මෙට්‍රෝ සර්විස් එකක් ඕනෑ. දැන් තියෙන දුර්වල පොදු ප්‍රවාහන සේවය වෙනුවට බස් කොම්පැනි ක්‍රමයක් ඕනෑ, වඩා විධිමත් ප්‍රවාහන සේවයක් පිණිස. telecommuting දිරිමත් කරන්න ඕනෑ. කාර්යාල වල flexi times අවශ්‍යයි//

      ++

      Delete
    12. මමත් එකඟයි ඒත් මෙතන කතා කලේ ට්‍රැෆික් එක ගැන විතරයි. මෙට්‍රෝ සර්විස් එක නම් ඩුබායි වලත් ෆේල්.

      Delete
    13. තමන් හා එකඟ නොවන හැම කෙනකුටම 'මෝඩයා' හෝ සමාන නම් (සමහර විට ඊට දරුණු ඒවා) පට බැඳීම බ්ලොග් ලෝකයේ ඇති කැත පුරුද්දකි. මාතලන්ටද මේ කැත පුරුද්ද ඇති වීම ගැන කණගාටු වෙමි.

      මාතලන්, ඔබ කියන දේට විරුද්ධ දෙයක් වෙනකෙකු කියනවා අසන්නට අකැමැති නම් කියන්න. අපි නිහඬ වෙන්නම්. එවිට ඔබට "මාතලන් එල එල" කියන කමෙන්ට් බලමින් ස්වයං වින්දනයක යෙදිය හැකිය. මා මෙච්චර කමෙන්ට් කරන්න කරදර වුණේ මාතලන් විවෘත අදහස් ඇති පුද්ගලයකුය සිතමිනි. එසේ නොවේ නම් මෙතැන කමෙන්ට් කරන්න තරම් අපට රුදාවක් නොවේ.

      Delete
    14. @ AnonymousMarch 13, 2013 at 7:27 PM
      කරුණාකර පැහැදිලිව කොමෙන්ට්ස් කියවා, මෝඩ කතාව මුලින් ඇදගත්තේ කව්දැයි බලන්න. ඔබට මා මෝඩයෙක් ලෙස පෙනෙනාවිට, මට ඔබව මෝඩයකු ලෙස පෙනීම අරුමයක් නොවේ. එය මනුෂ්‍ය ස්වභාවයයි. තමන්ගේ ඇහේ පොල් ඇති පොල් පරාලය නොපෙනීම අපේ ජාතියේ කරුමයකි. අදහස් දැක්වීම ඔබ සතු කාර්යයකි.

      Delete
    15. මාතලන්, මම පැහැදිළිව තර්කාණුකූලව කතා කළෙමි. වෙනත් ඇනෝ කෙනකු කියා දේවල් මා කියූවායැයි පටලවා ගෙන මෝඩ කතාවක් ඇදගෙන ඇත්තේ ඔබය. එය ඔබගේ නොදන්නා කමය සිතමි. වැදගත් විදියට කතා කරන්න එන විටත් "මෝඩයා, මෝඩයා" කියා චෝදනා කිරීම සදාචාරාත්මක නැතැයි සිතමි.

      Delete
    16. @ Anonymous March 13, 2013 at 7:42 PM

      මහත්මයා ඇනෝවරුන් ලෙස පැමිණිමෙන් සිඳුවන්නේ මෙයයි. මා මුලින් ඇනෝවරුන් නැවත් වූයේ ඒ නිසයි. එමගින් ඒ පිස්සා අල්ලා ගැනීමට හැකිවිය. ඔහුගේ බලාපොරොත්තුව වෙන කිසිවක් නොව බ්ලොග් අඩවිය නවතා දැමීමයි. ඔබ සඳහන් නොකල දෙයකට ඔබට සිත් රිදවීමක් සිඳු වූයේ නම්, මට සමාවන්න. ප්‍රෝෆයි එකක් හදාගෙන ආවම කිසි අවුලක් නැත්තේ එම නිසයි. එය ඉතා සුලු කාර්යයකි.

      Delete
    17. ඩුබායි වල මෙට්‍රෝ ෆේල් කියන්නේ කිනම් පදනමකින්ද..?..

      - වෙනම ඇනෝ කෙනෙක්

      Delete
    18. ඩුබායි ඉන්න අයගෙන් අහන්න. ජාලය ඇසුරු කරන්න.

      Delete
  30. මම උඹේ සිතියම්වල ඊතල දිගේ හිතෙන් ගමන් කරලත් බැලුවා. එක පාරටම හිතෙනවා තමයි යකෝ අනවශ්‍ය දුරක් යනවා නේද කියලා, නමුත් බ්ලොක් එකේ නවත්තාගෙන ඉන්නවට වඩා ඒක ඉතාම ලාබදායකයි. ඉතින් මේක ක්‍රියාත්මක කරන්නත් ක්‍රියාත්මක වෙයන්.

    ReplyDelete
    Replies
    1. ඉදිරියට යන්න පොඩි කැප කිරීමක් කරන්න වෙනවා. ඒත් බ්ලොක් එකේ ලග් ගහගෙන ඉන්න ඕන නෑ. තදින් ට්‍රැෆික් තියෙන වෙලාවට, කොටුවේ ඉඳලා ටෙක්නිකල් හංදියට යන්න පැය භාගයක් යන වෙලාවල් තියෙනවා. මේක කලොත් විනාඩි 5 යි.

      Delete
  31. දැන්නේ දැක්කේ.. ටිකක් හිටහං මචෝ..මං ලබන සතියේ දිහාවේ යනවා කඩේ ගිහින් ගෙනාව අල බතල ටිකක් ගෙනිහිං දෙන්න.. ඒ ගමන් මේකත් දීලා එඤ්ඤං... :D

    ReplyDelete
    Replies
    1. මටත් යන්න බැරි උනා හුඟ දොහකින්. දැන් හරි අමාරුයි නොවැ හම්බ වෙන්න.

      Delete
  32. හුටා මේ මක්කද කරලා තියෙන්නේ...? කොමෙන්ට් එක බහිරවයා ගිල්ලා වගේ උනාම යකා නගිනවා ඈ... නොදෝමකින් මේ මොඩරේට්...

    ReplyDelete
    Replies
    1. ඒ මහත්තයා ඇදලා ඇරිය කුණුහබ්බ ටික දැක්කා නම්. උඹ උනත් බඩ වෙනවා.. ඒ මහත්තයාගේ කලල වර්ධණය සඳහා, ඩිම්බ සංසේචනය සිඳුවී තිබෙන්නේ කාපිරි මුඩුක්කුවේ වලියක් යන වෙලාවක.

      Delete
  33. මට මොනා නැතත් තේරුනේ එක දෙයයි බං.

    ඔය වන් වේ දානව නම් කලින් කියපං. නැත්තං අපි දඩ කනවා.
    මිහිදුමාවතේ වන්වේ එකේ අනිත් පැත්තට ගිහින් දවසක් හොද පුඩියක් කෑවා. බෝඩ් එක ගහල තිබ්බෙ අස්සක.

    :(

    ReplyDelete
    Replies
    1. ඒක තේරුම් කරලා දුන්නා නම් දඩ කන්න වෙන්නේ නෑ. ගාළු පාරෙදි මමත් අහුවෙලා කරුණු පහදා දීලා බේරිලා තියෙනවා. කොක්කට ගියොත් නෝ චාන්ස්.

      Delete
  34. වැදගත් විදියඨ ශිෂ්ටව අදහස් දක්වන්නට ආ විටත් මෝඩයා, ගොන් සිමයියා, හුජ්ජා කොල්ලා වැනි ලේබල් අසා ගැනීමට වෙන්නේ මේ බ්ලොග්කරුගේ වරදකින්ද? නැත්නම් සමස්ත බ්ලොග් අවකාශයේ පරිහානියක් නිසාද?

    ReplyDelete
  35. //අදහස් සමඟ නොව පුද්ගලයින් සමඟ කොක්කක් ඇද ගන්නේ කොයි වෙලේද බල සිටින ඔබ වැන්නන්ට//
    මෙහි කොකු ඇද ගත්තේ මම හෝ මාතලන් නොව ඇනෝ කෙනෙකි ඇනෝ ඒමේ යටි අරමුණම වන්නේ අදහස් සාකච්චා කිරීම නොව සංවාදය අල කිරීම අනුන්ට මඩ ගැසීමට හා කොකු දැමීමයි පසුව තමන්ටම තමන්ගේ අවුල වැටහෙන විට හඬේ ටෝන් එක අඩු කර හොඳ ඇනෝ විමට බලයි.ඒ ඇනෝ සහ මේ ඇනෝ මම නොවේ කියයි.
    මුලින්ම ඉහලින්ම ඇත්තේ ඇනෝ කෙනෙක් මෙහි මාතලන් ගෙනෙන වන් වේ කිරීමේ යෝජනාවට විරුද්ධ වුයේ මෙය කරන්න බැරි වන් වේ මතක තියා ගැනීම අපහසු නිසා යැයි කීමයි. එම තර්කය වලංගු නැති බව මම හොඳින් පෙන්වා දුන් දුන් විට ඇනෝ මට මඩ ගසන්නට පටන්ගත්තේ මෙසේ කියාය.
    "මාතලන් වැදගත් මිනිහා හින්දා මිසක් නැත්නම් මේ පණ්ඩිත ගොන්සිමයියට කුනුහරුපෙන් තමයි කතාකරන්න ඕනෙ.බොල වස්සෝ, මාර්ග සලකුනු බලලා වන්වේ අඳුරගෙන එලෙව්වොත් එක්කෝ ගමනට දවස් දෙකක් විතර යයි, නත්නම් පොලිසියෙන් කුනුහරුප අහගෙන දඩත් කයි එහෙමත් නැත්නම් යන්න ඕනෙ තැන නැතුව වෙන කොහෙ හරි යයි. ආපු වෙලාවක කාර් එකක් අරන් කොළඹ ගිහින් බල"
    අවසාන හරියට එනවිට මට කොකු දාගන්න එපා කියන හොඳ ඇනෝ පටන් ගත්තේ එලෙසිනි.
    මට අනිත් ඇනොලාගේ අදහස් ගැන ගැටළු නැත මා පිළිතුරු දුන්නේ ඔහුට පමණි පාරවල් මතක තියාගන්න බැරි නිසා මේ මාතල්න්ගේ සැලැස්ම අවුල් යැයි කියූ ඇනෝ සමග පමණි. මෝඩයා ගොන්වස්සා පණ්ඩිත ගොන්සිමයියා බොල යනුවෙන් කියා තමන්ගේ ජාතකය පෙන්වුයේ මා නොව ඔහුය.අනිත් ඇනෝලා මේ ඇනෝ නොවේ නම් ඒ අයට මාත් සමග පැටලෙන්නට හේතුවක් නැත. දැන් ශිෂ්ඨ ලෙස අදහස් දක්වන ඇනෝත් මා ගැන කියන දේවලින් ඒ ඇනෝ මේ ඇනෝම යැයි සිතීම සාධාරණය.
    //තමන් හා එකඟ නොවන හැම කෙනකුටම 'මෝඩයා' හෝ සමාන නම් (සමහර විට ඊට දරුණු ඒවා) පට බැඳීම බ්ලොග් ලෝකයේ ඇති කැත පුරුද්දකි.මාතලන්ටද මේ කැත පුරුද්ද ඇති වීම ගැන කණගාටු වෙමි.//
    මාතලන් මෙහි කිසිවකුට මුලින් එසේ කියා නැත ඇනෝ පැමිණ මේ මිනිසා මේ මහන්සියෙන් කල වැඩය ශිෂ්ඨ විදියට සංවාද කරනවා වෙනුවට අල කරනු ලබනවා හැර වෙන කරන දෙයක් නැත.මෙට්‍රෝ එනවා නම් හොඳය ඊටත් වඩා දේවල් තියනවා නම් වඩා හොඳය. මහාචාර්ය අමල් කුමාරගේ මාතලන් ට වඩා වැඩකාරයෙක් වීම සත්‍ය විය හැක නමුත් ප්‍රශ්න හැමදාම එහෙම්ම නම් කිසි වෙනසක් වෙන්නේ නැත්නම් ඔවුන්ගෙන් ඇති ඵලය කුමක්ද.

    ReplyDelete
    Replies
    1. @උදිත,

      නැත. ඔබට ගොන් සිමයියා කීවේ මා නොවේ. (අවශ්‍ය නම් මාතලන්ට කියා IP address චෙක් කර බලන්න.) වෙන කෙනකු කළ දේවල් වල වගකීම් භාර ගන්නට මට අවශ්‍ය නොවේ. නමුත් ඉන්පසුව ඔබ බනින්නේ මටත් එක්කය. ඒ ද නොකළ වැරදි වලටය. කළ වැරදි වලට කෙසේ වෙතත් නොකළ වැරදි වලට බැනුම් ඇසීමට මට අවශ්‍යතාවයක් නොවේ. දැන් වත් වරද පිළි ගෙන සමාව ගන්න. මට අවශ්‍ය වූයේ වැදගත් විදියට සංවාදයක් කිරීම විනා ඔබට අවශ්‍ය වූවාක් මෙන් අනුන් සමඟ කොකු දා ගැනීම නොවේ.

      Delete
    2. ඔවුන්ගේ අදහසට විරුද්ධ දෙයක් කී විය personal ගැනීම උදිතට පමණක් නොව වෙනත් බොහෝ ලාංකිකයන්ට පොදු ප්‍රශ්නයකි. දැන් බලාගෙන යනකොට ඔවුන් කියන දේවල් වලට විරුද්ධ කිසිම දෙයක් කිව නොහැකිය. කළ හැක්කේ එක්කෝ නිහඬව සිටීමයි. නැත්නම් "++++++++++" වැනි මොකක් හෝ දමා යෑමයි. තමන් හිතනවාට විරුද්ධ දෙයක් හිතන්නට වෙන කෙනකුට අයිතිය ඇති බව පිළි ගන්න ඔච්චර අමාරු ඇයි?

      Delete
    3. @ AnonymousMarch 14, 2013 at 3:55 AM

      සමාවක් ගැනීමට වරදක් කර ඇත්තේ උදිත නොව ඔබයි. ඇනෝ යනු පොදු සාධකයකි, අනුමත් කිරීම්ද, ප්‍රශංසා කිරීම්ද, අමු තිත්ත කුණුහබ්බද, වැඩේ අල කිරීම්ද, මානසික රෝගීන්ගේ අදහස්ද සියල්ලම එන්නේ ඇනෝ යටතේය. ප්‍රෝෆයිලයක් සාදා ගන්න. මාතලන් යනුද ඇනෝ නමකි.

      Delete
  36. මුලින් මේක කියෙව්වට ඇත්තටම මං ඒ හැටි හොදින් අධ්‍යනය කලේ නැහැ කියලා තියෙන සැලසුම් ගැන.. ඇත්තම කිව්වොත් තවමත් ඒ ගැන නිකමටවත් බැළුවේ නැහැ..සමහර විට මේ අදහස් දක්වන හුග දෙනෙක් අදහස් දක්වන්නේ මං වගේම මේ ටික අධ්‍යයනය නොකර වෙන්න ඇති. විහිළුක් කරලා මාරු උනේ හරියට නොබලා දෙයක් ගැන අදහස් දක්වන එක හරි මදි හින්දයි.. වෙලාවක් ලැබුනම මේ සැලසුම් සියල්ලම හොදින් කියවලා බලලා ඒ ගැන මගේ අදහස කියන්නම්. විශේෂයෙන්ම මේ දවස්වල කොළඹ පාරවල් වල දවසෙන් වැඩි හරියක් ගත කරන හින්දා මට මේ ගැන ටිකක් අවබෝධය තියෙනවා. ඒ හින්දා ඒ ගැන විස්තර බලලම කියන්නං...

    මං මේ කියන්න හැදුවේ ඒ ගැන නෙවෙයි... මෙහෙම සැලසුමක් මිනිහෙක් මහන්සි වෙලා හැදුවම මේ මොන විකාරද..ඕවා කරන්න පුළුවන්ද කියලා ඒක කරපු එකාව මරං කන්න හදන්නේ නැතිව ඒ සැලසුම් එකින් එක අරගෙන ඒවායේ තියෙන ප්‍රායෝගික අපහසුතා පෙන්වලා දෙමින් ඒවා නිවැරදි කර ගන්න අදහස් ලබා දීමයි විය යුතු. එහෙම නැතිව නිකං ඉන්න බැරිවට තමුන්ගේ කාලය ශ්‍රමය වැය කරලා දෙයක් කරපු එකාව වට්ටන්න දගලන එක නෙවෙයි. මේ තමා අපේ මිනිස්සුන්ගේ ක්‍රමය... ඕකෙන් වෙන්නේ රටට සමාජයට සේවයක් කරන්න ඉන්න උන්ව මුලදිම නැති කරලා දමන එක විතරයි. එහෙම කියන දේ ගැන හරි අදහසක් නැතිව නිකංම දෙන්නං බැටේ විචාර ක්‍රමයට අනුව පහර ගහනවට වඩා හොදයි අර මං කරනවා වගේ යන්නං මචං ජාතියේ විහිළුවක් කරගෙන මාරු වෙනවා. අඩුම තරමේ අපි දෙයක් කරන්නේ නැතිනං කරන එකාව වට්ටන්නේ නැතිව ඉන්න එකත් වටිනවා.

    ඊ ළග දේ තමා මෑත කාලීනව මං දැකපු දෙයක් කිව යුතුයි කියලා හිතුන එක... ඒ තමයි ඇතත්ටම මාතලං උඹ කේන්ති ගන්නවා වැඩියි... කේන්ති ගත්තත් කමක් නැහැ.. මේ සමහරු කියන ප්‍රබුද්ධ අදහස් දැක්කම අපිටත් මල පයිනවා..එහෙම නොවෙන්නනං අපි බුදු වෙලා ඉන්න එපෑ... ඒත් ඒ කේන්තිය පෙන්නන ආකාරය සහ විරුද්ධ අදහස් දක්වන අයට ප්‍රතිචාර දැක්වීමේදී මාතලං දැන් දැන් නෙලඤ්ඤං බොලාටත් ස්වරූපයෙන් දෙසන හැටියක් තමා පේන්නේ... මේක කලින්ට වඩා මෑත කාලීනව මට පෙනුන දෙයක්... ඒ ගැන ඩිංගක් අවධානයෙන් කටයුතු කරනවනං හොදයි කියලයි මට හිතෙන්නේ... බනින්න යනවට වඩා ලේසියි හා ඕන කෙංගෙඩියක් කියලා නිකං හිටියම..මොකද අපි කෑ ගැහුවා කියලා මිනිස්සු වෙනස් වෙනව කියලෑ...

    ------------
    උම දන්නවද මං මේක කොච්චර වෙලා ලිව්වද කියලා... උදේ 10යේ ඉදන් හවස 4.38 වෙනකල් ලිව්වා.. ටිකක් ලියද්දි කවුරු හරි එනවා... නවත්තනවා ආයේ ලියනවා... යන්තං ඕං ඉවරයි...

    ReplyDelete
  37. තෑන්ක්ස් මාරේ.. වචනෙකින් හරි උපදෙසක් දෙන එක.. උඹ කියන විදියට තමයි මම කලින් උන්නේ. ඒත් මචං වෙන තැනක දාන කොමෙන්ට් එකටත් වට කරලා ගහලා, ඊට පස්සෙ පෝස්ට් දාන්නයි, බ්ලොග් එක හැක් කරනවා කියලා තර්ජනය කරන්නයි එන කොට. කට වගෙන ඉන්න බෑ. ඕනම නම් මේක හැක් කරයි. ඒ තර්ජන එන්නේ කොමෙන්ට් මොඩරේට් කරයින් පස්සේ. ඒත් ආයෙත් මම ලියනවා. ඒක හැක් කරත් ආයෙත් ලියනවා. මෙහෙමයි මාරේ ගහන්න ගහන්න වඳින එකත් මෝඩයා, වඳින්න වඳින්න ගහන එකත් මෝඩයා. මම පොඩි එකාට හිටන් උගනලා තියෙන්නේ. කවදාවත් කිසිම කෙනෙකුට ගහන්න එපා. හැයි කවුරු හරි ගැහුවොත් ගුටි කාලා ඇවිත් මට කියන්න එපා කියලා. මෙතනදිත් මමයි උදිතයිද වැරදි, නැත්නම් වෙන කව්ද කියලා, ඇස් පේන ඕන කෙනෙකුට පේනවා.

    ReplyDelete
  38. මට නම් කියන්න තියෙන්නේ මාතලන් අයියට හොඳ දැනුමක් තියෙනවා කියලා කොළඹ පාරවල් ගැන.

    ReplyDelete
    Replies
    1. උපන්නෙත් කොළඹ නම්, ඉන්නෙත් කොළඹ නම් කොළඹ තියෙන පාරවල් ටික දන්නෙ නැත්නම් වැඩක් තියෙනවද බන්..

      Delete
  39. මචං මාතලං,
    මම උඹෙ පෝස්ට් එක වාගේම කොමෙන්ට් එහෙමත් කියෙව්වා. ඇත්තටම මේ යෝජනා පිළිබද විවේචනයක් කරන්න හෝ ඒ සම්බන්ධව අදහස් දක්වන්න තරම් මගේ දැනුම ප්‍රමාණවත් නෑ. නමුත් මට පෙණුනු එක දෙයක් නම් කිසිම ඇනෝ කෙනෙක් උඹෙ සැලැස්ම නිර්දය විදිහට විවේචනය කරලා නැහැ. ඇනෝලත් එක්ක උඹ ඇරගෙන තියෙන්නේ උදිත සහ කෙන්ජිගේ අදහස්වලට ඉදිරිපත් වූ කොමෙන්ට් වලට. තමන්ගේ බ්ලොග් අඩවිය කියවන්නට එන රසිකයන් ආරක්ෂා කරන්නට ඕනෑ තමයි. නමුත් එය අසීමාන්තික දෙයක් හෝ තෝරාගත් කිහිපදෙනෙක් වෙනුවෙන් පමණක් කිරීම සුදුසු නැහැ. සමහරවිට උඹ සිතාමතා එවැනි දෙයක් නොකරනවා ඇති. නමුත් මා කීවේ මට හැගී ගිය කාරණා. මොකද උඹෙ එක් පෝස්ටුවකදී ඇනෝලා මට වටකරගෙන නෙළන විට උඹ මේ විදිහට කටයුතු කළේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අනේ උඹ නිකං හිටහන්, ඌ අපිට මෝඩයා කිව්වම පඉ ඌට මහත්තයා කියන්න ඕන. මෙතන ලිපිය විවේචනයට වඩා වෙන ගේමක් තියෙන්නේ. උනුත් උඹ වගේම තමයි. මේ පාරවල් වත් දන්න උන් නෙමෙයි. එහෙම නොදන්න එකා තමයි කෑ ගහන්නේ. ඇනෝලා වටකරගෙන ගහපු කතාවක් නම් මට මතක නෑ. එතනදි මම සද්ද නැතිව උන්නා කියන්නේ. උඹට සහායට හෝ විරුද්ධව අදහස් දැක්වුයේ නෑ කියන්නේ. ඇනෝලගෙ මතයේ මමත් ඉන්න ඇති. කොහොමත් අපේ සමහර අදහස් ගැලපෙන්නේ නෑනේ. එතකොට මට විරුද්ධව නිර්ධය ලෙස ගහන කොට උඹ කොයි හිටියේ. ඒවට මම අඬලා නෑනේ..

      Delete
    2. හපොයි මහත්තයෝ තරහ ගියා නේද උඹට? කලබල වෙන්න එපා. උඹ එහෙමයි කියලා නෙමෙයි මට හිතුණු දේ තමයි කිව්වේ. උඹ මම කොයි වගේද කියලා තීරණය කරන්න ඉක්මණ් වෙන්න එපා. මචං, මම අවුරුදු දහයක් කොළඹ ..ඔය උඹ ලකුණු කරලා තියෙන හැම හන්දියකම මම බයික් එක පැදලා තියෙනවා පත්තරකාරයෙක් විදිහට. ඒ වගේම මම කොළඹට කොළබ කියන මිනිහෙක් නෙමෙයි. මම කිව්වෙ මට ඒ ගැන කතාකරන්න දැනුමක් නෑ කියලා හිතුණ් නිසයි. කොළඹ පාරවල් දන්න හැම එකාටම මේ වැඩේ කරන්න පුළුවන් කියලා උඹ හිතනවා නම් ඒකම බංකොලොත් අදහසක්. පාරවල් දැනගැනීම පළමු මූලික සුදුසුකම විතරයි.

      Delete
    3. පිස්සුද සත්තරන්, තරහ ගියේ නෑ.. තරහා ආවා..... :D
      බයික් එකේ හෙල්මට් දාලා ජැකට් දාලා ගියාට, හනමිටියත් ඔළුවේ තියාගෙන නේ රයිඩ් කරන්නේ. ඒකයි. බෙන්ස් වල යන අයත් එහෙමයි. ටයි කෝට් දාලා බැන්ස් එකේ ගියාට. ඩිකියෙන් එකයි හන මිටි.

      Delete
  40. ඇත්තටම කොඹට ආවාම තමයි දැනේනේ වෙලාව කොයිතරම් වටිනවද කියලා. සමහර වෙලාවට එකම තැන ක කලයි ලයිට් වල ඉඳලා එප‍‍වෛනවා. නමුත් නගරකය තිබිය යුතු හොඳ සහ අත්‍යවශ්‍යම ලක්ෂණ දැන් දැන් නිර්මාණය වෙමින් පවතිනවා. ඒවා කුමන රජයකින් හෝ සිදුවිය යුතු දේවල්

    ReplyDelete
    Replies
    1. අනිවා... දයා... ඒකමයි මමත් මේක ලිව්වේ. නැත්නම් ඒ කාළේ ඉඳන් හිතේ තියෙන අදහස් මේවා. "අන්සතු දිනපොත" නිසා තමයි මේ පෝස්ට් එක ලියවුනේ...

      Delete
  41. අපේ කමෙන්ට් පබ්ලිෂ් නොවීම ගැන විරෝධතාවය.

    ReplyDelete
    Replies
    1. උඹේ එකක්වත් වාරණය කර නැත..

      ඇනෝ ආවද දන්නෙ නැහැ.... (හික්ස්)

      Delete
  42. මේ පාරවල් ගැන නම් වැඩි අවබෝධයක් මට නෑ. ඒත් මේ සිතියම් වල සලකුණු කරලා තියන විදිහ බලපුවාම වැඩේ හොඳයි වගේ පේනවා. කොළඹ ආ වෙලාවට ඔය කට්ට නම් කාල තියනවා.

    ReplyDelete
    Replies
    1. අපි නම් හැමදාම කනවා..

      Delete
  43. කොහොමද මාතලන් අයියගේ ටයිටල් එක '

    'රථ වාහන සහ මාර්ග සැලසුම් පිළිබද ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශ, නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යංශ අතිරේක ලේක්හම් , මාතලන්..

    මගේ අම්මෝ .. හිතන කොටත් බය හිතෙනවා...

    මොනවා උනත මාතලන් .. හොඳ පොස්ට් එකක් මචන්.. නිවීසැනසිල්ලේ කියෙව්වා..

    ReplyDelete
    Replies
    1. සමහර උන් මේක බලන්නෙවත් නැතුව කොමෙන්ට් කරලා තියෙන්නේ. ඒ අතින් සුදු මුවා කරලා තියෙන්නේ හොඳ වැඩක්..

      Delete
    2. මමත් බලන්නේ වත් නැතුව කොමෙන්ට් කලේ බන්. අද රෑ කියෝනවා අකුරක් අනෙර. ඔක්කෝම මැප්ස් ටික බලනවා. පස්සේ මට හිතෙන දේ කියන්නම් මචෝ

      Delete
  44. මාතලන්, ඔබේ මතය විවේචනය කරන කමෙන්ට් මෙහි පළ නොකරන්නේ නම් නිහඬ වෙමි. ඔබ මෙතරම් ළදරු තත්ත්වයකට ඇද වැටීම ගැන කණගාටුයි.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඇනෝලාගෙ ඒවා කියෙව්වේ දැන්ය. එවාවල ඇත්තේ සංස්කෘත භාෂාව නිසා මට තේරෙන්නේ නැත. ඔබ ලියු දෙයක්යැයි සිතෙන කොමෙන්ටුවක් පබ්ලිස් කොලේය.

      Delete
  45. මට තියෙනව සිම්පල් ප්ලෑන් එකක්. උදේට හවහට කෝච්චි පාවිච්චිය. බම්බලපිටිය, බේස්ලයින්, දෙමටගොඩ, කොටුව, මරදාන සහ ඊට අදාළ තදාසන්න ප්‍රදේශ කවර් කල හැක.

    ReplyDelete
    Replies
    1. කෝච්චිවල කොහොමත් විශාල පිරිසක් එනවා. ඒත් ස්ටේෂන් වලින් පස්සේ කි මි 5-6 යන්න පැය ගනන් ලත වෙනවා. මේ සිස්ටම් එක දැම්මම වාහනත් කෝච්චි වගේ අවුලක් නැතුව දිගටම යනවා.

      Delete
  46. ඔබගේ ටවුන්-හෝල් ක්‍රමයනම් මා සිත් නොගනී. UGC,/ විෂන්කෙයා පැත්තෙන් එන වාහනයක් රෝහලට යන්නට යන්නට කොපමණ වෙලා ගතවෙයිද. ඔය ක්‍රමය යටතේ දැඩි තදබදයක් උදේට "බුඩිස්ට් ලේඩිස් කොලේජ්" සහ අනිවාර්යයෙන්ම දැඩි තදබදයක් හවසට "ඩීන්ස් පාරෙත්" ඇතිවේ. ඊට අමතරව සලාකා වලින් ඉදිරියට ගංගාරාම පැත්තට ඇති කාර්යාලය වල වැඩකරන උදවියට 138ක් ගැනීමට හැතක්මක් පයින් යන්නට සිදුවේ.
    එමෙන්න පුරහල සල්මල් උයන බසයටත් සෑහෙන ආතල් එකක් ගන්නට සිදුවේ.

    ආයුර්වේද හන්දියේ අව්ල, පාර පටුවීමයි. එය ගුඋගල් මැප්හි දක්වා ඇති ප්‍රමාණයට වඩා පටුයි.(කුණු ඇළ හරියේ) නමුත් එය දැන් පළල් කරමින් සිටිනවා. එවිට බොහෝ ගැටළු විසදේ.

    මා ඔබගේ යෝජනාවේ දකින ප්‍රධාන අඩුපාඩුවක් නම්, ඔබ සිතා ඇත්තේ උදය කාලය ගැන පමණයි. තවද මේ යෝජිත ක්‍රමයෙන් හවස් කාලෙයේ බේස්ලයින්හි දැනට පවතින ට්‍රැෆික් ඩබල් වේ යැයි මට සිතේ.

    ඔබ නොදකින, ගාලු පාරේ ට්‍රැෆික් අවසන් කිරීමට ඇති හොදම විසදුම "මැරීන් ඩ්‍රයිව්" එක දෙහිවල දක්වා දික් කිරීමයි. ඒ සදහා කිලෝමීටර බාගයක් පමණ කොටසක් (පුද්ගලික ඉඩම් මැදින්) දික් කල යුතුයි. එවිට රත්මලාන පහුවෙනකම් ට්‍රැෆික් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔබ සියල්ල දැක ඇත්තේ පවතින රාමුව තුලයි. අනෙක් පාරවල් කෙරේ සිත් යොමු කරන්න. උදාහරේණයක් ලෙස. ගංගාරාමේ ළඟ ඔෆ්ෆිස් වල ඉන්නා යට යුනියන් පෙදෙසින් බසයට ගොඩ විය හැක. කිහිප දෙනෙක් නිසා මුළු රටම් කාළකන්නින් විය නොහැක. විෂන් කෙයා පැත්තෙන් එන අය මෙහේ එන්නේ නැතුව කෙලින්ම ගියාම ඉස්පිරිතාලෙනේ. සියල්ලටම පිළිතුරු ඇත. සමහර ඒවා වල සුළු වෙනස්කම් කළ හැක. වෙනස් වීමට අකමැති මිනිසුන්ට මේවා හොකොමත් අරහංය.

      Delete
    2. මාතලමෝ, ඔය දූපතාගේ කතාව හරි. උඹේ ක්‍රමේ හරියන්න නම් ඩීන්ස් පාරෙන් ටව්න් හෝල් වට රව්ම පන්නන්න හවහට ගුවං පාලමක් දාන්ඩ වෙනව. මැප් බලලා විතරක් කරන්න පුඵවන් දේවල් තිබ්බට හැමදේම බෑ. නමුත් තව කල්පනා කලොත් තවත් හොඳ ප්ලෑනක් හදන්න හැකි වේවි. මට දුක මෙතන කමෙන්ටු වලින් අදාල කරුන ගැන සාකච්චාව අල්ප වීමයි.

      Delete
    3. නෑ මචෝ මමත් පස්සෙ බැලුවා. එතන පොඩ්ඩක් වෙනස් කලාම හරි

      Delete
  47. කොළඹ මීගමු පාරෙත් වත්තල, කඳාන, පෑලියගොඩ හරියෙ අජූත ට්‍රැ‍ෆික් 1ක් තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. පෑලියගොඩට නම් සොලියුෂන් එකක් තියෙනවා..

      Delete
  48. මේ ක්‍රමේ නම් ඉතා පැහැදිලියි. නමුත් මේක අදාල අංශ වලට යොමු වෙයිද දන්නෑ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න