.

.

Apr 9, 2013

පාට පාට රැලි, බෙල්ලෙ රැලි හා වැරහැලි - The Best Job in the Island


ගරිල්ලා මාකටින් ලියන්න ගත්තයින් පස්සෙ දැන් අලි පාටියත් අළුත් ව්‍යවස්ථාවක ගේන්න යෝජනා කරලාය. සෝභිත හාමුදුරුවෝත් අළුත් එකක් ගෙනල්ලාය. ඒක අළුත් එකක් කිව්වාට ගැමෆෝන් එකකටත් වඩා පරණ බයිලා තැටියක්ය. ඕක කීප සැරයක්ම ගෙනාවාට. බලේට ආවයින් පස්සෙ එහෙම තැටියක් තිබුනාදැයි කියාවත් මතක නැත. විධායකේ අහෝසි කරනවා කියා රනිල් ළොකු අයියාටත් පොරොන්දුවක් දීලා ඇවිල්ලාය. එයාට පොරොන්දු දෙන එකනම් අපේ හරක්ට පොරොන්දු දෙනවා වගේ නෙමේය. මහින්ද මහත්තයාත් ජහමනයාට දෙන දිරච්ච ලනු ඉන්දියාවට දෙන්න ගිහින් අද කඹ රෙන්න වෙලා තියෙනවාය.

මේ තියෙන කාළකන්නි කම නැති කරන්න විධායකේ අහෝසි කරලා විතරක් හරියන්නේ නැතිය. 77 පසු ගෙනා බහුබූත ව්‍යවස්ථාවයි, පාදඩ දේශපාළණ සංස්කෘතියත් කටු ගාලා දාන්නම වෙනවාය. ඒවා ගැන සෝභිත හාමුදුරුවෝ පවා කතා කරන්නේ නැත්තේ එයාලාටත් ඒවායේ රහ වටෙන් පිටෙන් හෝ ලැබෙන නිසාය. ගරිල්ලා මාකටින් ළිපි පෙලේ මුල සිටන් පෙන්වා දුන් පරිදි, අද දේශපාළණය නම්බර් වන් ජොබ් එකක් වෙලා තියෙන එක නවත්තනම ඕනෑය. ඉස්සර පරම්පරා උරුමයත් නැති උන දේශපාළණේ. අද හතර මහ නිධානේ පහල උනා වගේ එකක් වෙලා තියෙන්නේය.

මුල් ළිපි වලින් කී පරිදිම දේශපාළණය රස්සාවක් නොවිය යුතුමය. අනෙක් කරුණ නම් ලැබෙන අසීමිත බලතල උපයෝගී කරගෙන මිනිස්සුන්ට රැකියා ලැබෙන අළුත් කර්මාණ්ත ආරම්භ කිරීමක්, අළුත් ව්‍යාපෘතී ආරම්භ කිරීමක් කරණවා නම් කම් නැත. එහෙත් කරන්නේ මොනවාද? රට විනාශ කරණ වැඩ නොවේද? කොල්ලො කුරුට්ටෝ පොලීසියට හොරෙන් කරණ හොර වැඩ මහ පරිමාණයෙන් කරණා එක නොවේද? බැංකුවලින් ණයක් ගෙන ඇඟළුම් කර්මාණ්තයක් හෝ කුමන ආකාරයේ කර්මාණ්තයක් ආරම්භ කරපු ඇමතියා මොකාද?

ඒ වෙනුවට කරන්නේ මොනවාද? ලයිසන් ලත් චන්ඩියාගේ චරිතය රඟපාමින්, වැලි ගොඩ දැමීම, ගස් කැපීම, ගංජා වැවීම, ගොන් ස්පොට් හා බාර් පවත්වා ගෙන යාම, කසිප්පු පෙරීම, කප්පං ගැනීම වැනි තුට්ටු දෙකේ ක්‍රියා නොවේද?. මෙවන් බලයක් ලැබී තියෙන්නේ කුමක් නිසාද? කාළකන්නි මනාප ක්‍රමය නිසා නොවේද? මුන් කරන්නේ පස්සේ පැරදුනත් මනාපෙන් ගොඩ ඇවිත් ආන්ඩුවට හේත්තු වීම නොවේද. එතනෝල් කේස් එකෙන් පැහැදිලව පෙන්නේ එය නොවේද? අලි පාටියෙන් පැන්න වැඩි පිරිසක් අලි හොරු නොවේද? එසේ වීමට ඉඩ තැබිය යුතුද?

මෙළෝ දෙයක් නොකර අවුරුදු පහකට පසු ජීවිත කාළයටම පැන්ෂන් එකක් ලැබෙන එක රැකියාවක් ළෝකයේ තිබේද? පත්වූ විගසම අධි සුඛෝපභෝගී වාහනයක් ලැබෙන්නේ මොන රැකියාවේද? තමාට පමණක් නොව පවුලේ සියල්ලටම ආන්ඩුවෙන් පඩි ලැබෙන රැකියාව කුමක්ද? ළෝකයේ මෙවැනි රැකියාවල් තිබෙන තවත් රටවල් තිබෙනවාද? බහුතරයක් මිනිසුන් වැරහැලි අඳිනා රටකට මෙවන් දෑ ඔරෝත්තු දෙන්වාද? එසේනම් කළ යුතුව ඇත්තේ, විධායකය පමණක් නොව, මේ අසාධාරණ අලුගුත්තේරු දේශපාලන සංස්කෘතියටත් තිත තැබීම නොවේද? ඒ පිළිබඳව එකෙක් හෝ කතා නොකරන්නේ කටුවක් හෝ ලෙවකන්නට පෙරුම් පුරන නිසා නොවේද?

මෙරට හා මෙරට දේශපාළණය නිසි තැනක තැබීමටනම් චන්ද්‍රිකා රනිල් හෝ මහින්ද නැතිනම් සෝභිත හාමුදුරුවෝ ආවත් මේ තිබෙනා මජර ක්‍රමය නැතිකර දැමිය යුතුමය. එ සඳහා යෝජනා මෙසේ ලඝු කර ලියා තබන්නේය.
  • පාර්ලිමේන්තු ක්‍රමය ස්ථාපිත කළ යුතුය.
  • නැවතත් ආසන ක්‍රමයට යා යුතුමය.
  • ඇමතිවරු සංඛ්‍යාව 20 ට සීමා කළ යුතුය.
  • ඇමතිවරුනට හා මන්ත්‍රීවරුනට ලැබෙන වැටුප එක සමාන විය යුතුය. 
  • විශ්‍රාම වැටුප අහෝසි කළ යුතුය.
  • පවුලේ කිසිම කෙනෙකුට ආන්ඩුවේ හෝ කාර්යාලවල රැකියා ලබා දීම වහාම තහනම් කළ යුතුය.
  • රජයේ වාහන ලබා දීම වහාම නැවැත්විය යුතුය.
  • වාහනයක් අවශ්‍යනම් බැංකු ණයක් ලබා දිය යුතුය.
  • රැකියා ලබා දීම වහාම අත් හිටවිය යුතුය, සුදුසුකම් අනුව රැකියා ලබා දිය යුතුය.
  • පාර්ලිමේන්තු රැස්වීම්වලට අනිවාර්යයෙන් සහභාගි විය යුතුය.
  • රජයේ සේවකයන්ට හිමි නිවාඩු පමණක් ලබා දිය යුතුය.
මෙවන් නීති සම්පාදනය කිරීම මගින් හම්බ කිරීම සඳහා දේශපාලණය කරනා උන්ගෙන් රට ගලවා ගත හැක. මන්ද එකෙක්වත් දේශපාළණය කරන්න එන්නේ නැත. එයම රටට කරන්නාවූ විශාල සේවයකි. එවිට ඔවුනගේ උරුම රැකියාවන් වූ, කසිප්පු පෙරිම්, ගංජා වැවීම්, බඩු ස්පොට් පවත්වාගෙන යාම්, වැලි ගොඩ දැමීම්. කැළෑ කැපීම් වැනි පරම්පරාවෙන් උරුම රැකියා කරමින් නිදහසේ කල් ගෙවිය හැක. රටට ආදරය උන් පමණක් දේශපාළණය කරනු ඇත.

75 comments:

  1. //ගරිල්ලා මාකටින් ලියන්න ගත්තයින් පස්සෙ//

    //ගරිල්ලා මාකටින් ළිපි පෙලේ මුල සිටන් පෙන්වා දුන් පරිදි//

    කොහේද බං ඒ ටික යන්නේ.. මේ යන ඒවමද..?

    ReplyDelete
    Replies
    1. ඔය "Labels" යටතේ තියෙන්නේ ගරිල්ලා මාකටින් කියලා හිංගලෙන්, ඒ ටික ඔක්කෝම කියවපන්. අලරොටියි පොල් රොටියි ඉතාලි රොටියි හඳ හදා ඉන්නේ නැතිව මෙවත් කියවපන්. උඹේ කැමතිම පොලිටික්කා නේ.

      Delete
    2. මටත් එහෙම ලේබලයක් පේන්න නැතෝ

      Delete
  2. ඔක්කොටම කලින් රටේ මහජනයාට හරි මිනිස්සුන්ව තෝරලා බේරලා යවන හැටි ඉගෙන්වුවොත් නරකද ? රටේ බහුතරයකගේ මානසික තත්වයම තමයි පාර්ලිමේන්තුවේත් නියෝජනය වන්නේ. රටේ ක්‍රමය හැදිලා තියෙන්නේ මොන ජරා වැඩේ කරලා හරි තමන් ගොඩ යන්න. අත්මාර්තකාමීත්වය කුහකකම් පොදුජනයගේ සිතුම් පැතුම් එක්ක මුහුවෙලා. ඒවායේ කුටප්‍රාප්තිය තමයි පාර්ලිමේන්තුව....

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලෙක පොඩි එකාගේ පටන් කහ ඉරෙන් මාරු වෙන පදිකයාගේ, bus driver ගේ වගේම හිගන්නා දක්වාම එකිනෙකා පාගාගෙන අනිත් එකාව යටපත් කරගෙන මොන ක්‍රමයකින් හරි තමන්ම ගොඩයන්න දගලන්නේ නැතුව අනෙකා ගැන ආදරණීය හැගීමකින් ජීවත් වෙන්න උගන්වන්න ඕන...මම හිතන්නේ එතන තමා පිළිතුර..

      Delete
    2. ජහ මනයට තෝරන්න මේ සිස්ටම් එක යටතේ උනත් ලිස්ට් එක දෙන්නේ පක්ෂවලින්නේ. ඒ නිසා ජහ මනයට දොස් කියලා වැඩක් නෑ. අනික බහුතරය මෝඩයන් වන රටක.

      Delete
    3. එක එහෙම කියන්න බැහැ. එහෙමනම් මහජනතාව දේශපාලනයෙන් ඇත් කරලා සර්වජන චන්ද බලය අහෝසි කරන්න ඕන නේද? මම යෝජනා කරන්නේ ජනතාවගේ සිතුම් පැතුම් ආකල්ප වල වරද නිවැරදි කල යුතුයි කියල. ඒ සදහා අධ්‍යාපනයට ආගමික නායකයින්ට ජනමාධ්‍ය වේදීන්ට වගේම ඔබ අප වගේ බ්ලොග් කරුවන්ටත් යුතුකමක් තියෙනවා ඇත්තම ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සුන්ගේ ආකල්ප තුළයි....

      Delete
    4. ආකල්ප හදන තැන්වල පාළණය තිබෙන්නේ කා තුලද? මට එකෙක් දෙන්නෙක් හදන්න පුළුවන්. ඒත් ඒකෙන් පළක් නෑ.

      Delete
  3. ///දේශපාළණය රස්සාවක් නොවිය යුතුමය.///

    කොහෙද මාතලන් මේක රස්සවක් වෙලා තියෙන්නේ... රස්සාවක් කියන්නේ බුද්ධියෙන් හරි කාය ශක්තියෙන් හරි වැඩක් කරලා පඩියක් ගන්න එකට... මුන් ඔය දෙකම කරන්නේ නෑ නේ... ‌හොරා කන එක විතරයිනේ කරන්නේ... හි හි...

    ඔක්කොම ටික හරි කියමුකෝ..

    //වාහනයක් අවශ්‍යනම් බැංකු ණයක් ලබා දිය යුතුය.//

    දැන් ඔය ලොකු ලොකු බිස්නස් වලට රාජ්‍ය බැංකු වලින් ණය අරන් කොටි ගනන් පොලු තියන තත්වෙටම ආවොත් මක්කැයි කොරන්නේ....???

    ReplyDelete
    Replies
    1. අනිත් මිනිහට ක්‍රියාත්මක කරණ නීතියට ජනාධිපතිත් යටත් උනාම එහෙම ප්‍රශ්ණ ඇති වන්නේ නෑ.

      Delete
  4. //රනිල් ළොකු අයියාටත් පොරොන්දුවක් දීලා ඇවිල්ලාය. එයාට පොරොන්දු දෙන එකනම් අපේ හරක්ට පොරොන්දු දෙනවා වගේ නෙමේය. මහින්ද මහත්තයාත් ජහමනයාට දෙන දිරච්ච ලනු ඉන්දියාවට දෙන්න ගිහින් අද කඹ රෙන්න වෙලා තියෙනවාය//

    මහින්ද මහත්තය අනා ගත්තට රනිල් ලොකු අය්යයි, අන්කල් සැම් වයි ගාණට හැන්ඩ්ල් කරගන්න දන්නවා ,විධායකය අහෝසි නොකර (රහත් වෙච්ච කෙනෙක් හැර සෝභිත හාමුදුරුවො උනත් බලයට ආවොත් නම් ඔය පට්ටම අහෝසි කරනවා බොරු ) .

    ලොකු අය්යට දෙන පොරොන්දු මොක වුනත් , ඔය අර්ධ-ඒකාධිපති තනතුර අහෝසි වෙනවා නම් හොඳයි , හැබැයි ප්‍රායෝගිකව වෙන්න තියන ඉඩ කඩ අඩුයි . මාතලන් ඉදිරිපත් කරන කාරණා වලට තාර්කිකව මාත් එකඟයි . හැබැයි මම කලිනුත් කියල තියනවා වගේ , මම රනිල්ගෙන් වත් වෙනත් අපේක්ෂකයෙක් ගෙන්වත් ඔය තරම් ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්නේ නෑ . ඉන්න තැන් ඉඳන් එක ස්ටෙප් එකක් හරි දිශාවට තියන්න පුලුවන් වීම සහ වැරදි ස්ටෙප් නොතිය ඉන්න එක පමණයි සලකන්නේ . අන්න එහෙම කෙනෙක් මහින්ද මහත්තයට විකල්පයක් විදිහට (මහින්ද යන ක්‍රමය වැරදි කියල හිතනවා නම් ) තෝරමු!

    ReplyDelete
    Replies
    1. //අන්න එහෙම කෙනෙක් මහින්ද මහත්තයට විකල්පයක් විදිහට (මහින්ද යන ක්‍රමය වැරදි කියල හිතනවා නම් ) තෝරමු!//
      දැන් තියන අවුල තමයි මහින්ද මහත්තයට විකල්පයක් ඉල්ලන උදවිය සමාජයේ හිඟවීම. මහින්දට හොඳම විකල්පය රනිල් ලොක්ක උනාට ඉල්ලුම තියෙන්නෙ මහින්ද වගේම මල්වට්ටිය අරං පන්සල්-පල්ලි-කෝවිල් යන සජිත් නොදරුවට. කොටින්ම දැං මිනිස්සුන්ට ඕන මහින්දටත් වඩා හොඳ මහින්ද කෙනෙක් මිසක් විකල්පෙ නෙවේ.

      Delete
    2. සජිත්නම් අලියගෙන් එන්නේ ආයෙත් මහින්ද මහත්තයා රජ වෙන එක කාටවත් වලක්වන්න බෑ. සජිත් කියන්නේ බොරුවක්, මායාවක්. කිසිම වැඩ පිළිවලක් නැති මිනිහෙක්.

      Delete
    3. අනික මේ රටට කොහොමත් තව මහින්ද කෙනෙක් ඕන නැහැ සජිත් කියන්නේ මහින්ද මොඩෙල් එකම තියෙන තවත් එක දේශපාලන business කාරයෙක් විතරයි.

      Delete
  5. (ගරිල්ලා මාකටින් නැගල යනව මාත් මේ දවස්වල එකක් ලියාගෙන යනව. ඒක දැක්කට උඹ ගරිල්ලා මාකටින් ලිපි පෙල නවත්වන්න එපා කියලත් ඉල්ලනව)

    මේ දවස්වල කස්ටිය තරගෙට ව්‍යවස්ථා ගේනව. මගේ අදහස නං ව්‍යවස්ථාව සැකසිය යුත්තේ, ලොකු පුටුවට හොරෙක් ආවත් හොඳ මිනිහෙක් ආවත් වැඩි වෙනසක් නොවන විදියට. මොකද ඡන්දෙන් පත්වෙන නියෝජිතයා ගැන ලොකු විශ්වාසයක් තියන්න බෑ. නමුත් හොරෙකුට හොරකම් කරන්න ටිකක් අමාරුවෙන විදියට ඕක හදන්න පුළුවන්. ඒ වගේම ව්‍යවස්ථාව සංශෝධනය කරනව නං ජනමත විචාරණයකුත් මම යෝජනා කරනව.

    රැකියා ලබාදීමේ බලය දේශපාලකයාට නැතිවෙන විදියට නීති සැකසිය යුතුයි.
    මන්ත්‍රීකම රස්සාවක් නෙවේ කියල මගෝඩිස්තුමන්ල කිව්වත් පැන්ෂන් එකක් තිබීමෙන්ම ඒක රස්සාවක් බව ඔප්පු වෙනව.(පැන්ෂන් නැවැත්වීමට එකඟයි).
    හොඳ වාහනයක් ආණ්ඩුවෙ සල්ලි වලින් දුන්නත් අවුලක් නෑ. හැබැයි යද්දි දීල යන්න ඕන.මෙහෙම කරනව නං ඇමතිවරු ගනන අවශ්‍යතාවය අනුව වෙනස් උනත් අවුලක් නෑ.

    (හැබැයි මේවට කවුරුවත් අත් උස්සන්නෙ නෑ. :)

    ReplyDelete
    Replies
    1. දැන් තියෙන තත්වේ අනුව අත් උස්සන්න වෙනවා. අපේ හරකුන්ට ප්‍රජාතන්ත්‍රවාදය ගැන අවබෝධයක් නැති උනාට. දැන් දැන් ජාත්‍යන්තරයේ බලපෑම වැඩියෙන් එල්ල වෙනවා. මෙහෙම කාළකන්නි සිස්ටම් එකක් මුළු ළෝකෙම නෑ. නිකන් කල්පනා කරපන් කී දෙනක් නිකං කනවද කියලා...

      Delete
  6. මෙහෙමයි! කොයි කවුරුත් කෑ ගැහුවට කට්ටිය මේවා වෙනස් කරන්න ලෝභයි! චන්දේ දෙන අපියි මෝඩයෝ වෙන්නේ අන්තිමේට! කෝ බලන්න අපේ කවුරුත් මේ වගේ දෙයක් ඔය එක දේසපාලුවෙක්ගේ මූනට කියන්නේ වත් නෑනේ! තැන තැන කෑ ගහනවා විතරයි!

    ReplyDelete
    Replies
    1. ඡන්දය දෙන එක මෝඩකමක් නම් නෙවෙයි. ඒත් කාළානූරූපව ඡන්දය දෙන්න පුළුවන් එකා තමයි නුවනක්කාරයා.

      Delete
  7. මම මගේ යෝජනා ඇතුළත් ලිපියක් කලින් ලිව්වා. ඒකෙදි මම කියන දෙ අලට ඔබගේ ලිපිය බොහෝ සමානයි. ආසන ක්‍රමය ආවට කමක් නැහැ. හැබැයි පොඩි හරි ප්‍රතිශතයක් වෙනත් සුළු පක්ෂ වලට යම් ක්‍රමයකට නියෝජනයක් ලැබිය යුතුයි. අනික මේ විධායක ක්‍රමයට නම් කොහෙත්ම මම අකමැතියි. පාර්ලිමේන්තුවට බලය ලැබිය යුතුයි. ඒ වගේම අධිකරණයට නිසි සේ එහි බලය ලබා දිය යුතුමයි. පොලීසිය කොමිසමක යටතට යා යුතුයි. 17 සංශෝධනය තව හැඩ කරලා ගත්තම හරි. 18 නම් අවලංගු කළ යුතුයි.

    මුළු ව්‍යවස්ථාවම අලුතින් හදනව නම් ව්‍යවස්ථාදායක සභාවකින් ඒ කළ යුතුයි.

    ඔන්න මගේ අලුක් කාළත් මාතනගේ යෝජනා එක්ක එක් කළා. මේවා වුනොත් අපිට නෙමෙයි අපේ දරුවන්ට යහපත් රටක් හැදෙයි.

    ReplyDelete
    Replies
    1. ඔය කොමිසම් මුකුත් ඕන නෑ, නිකං පඩු පූජා කරන්න. රාජ්‍ය සේවයට වෙනම අමාත්‍යශයක් තිබුනාම හොඳටෝම ඇති.

      Delete
  8. රමේෂා සිරිවර්ධන නැමැති අයෙක් බ්ලොග් කරුවන්ට පෞද්ගලික ප්‍රහාර එල්ල කරමින්, ඒවාට ප්‍රතිඋත්තර දෙන මාර්ග අහුරා ඇත. මෙන්න ඒ සඳහා ඉඩ

    රමේෂාට පිළිතුරු

    ReplyDelete
    Replies
    1. ගරිල්ලා මාකටිං

      Delete
    2. ගරිල්ලා බ්ලොගින්!

      Delete
  9. මාතලං මාර්කටින්.. සප්පා මෙහෙමත් මොලකාරයෝ ඉන්නවැයි ලංකාවේ.. මේ ලංකාවේ...

    ReplyDelete
    Replies
    1. ඕන තරම් ඉන්නවා. කතා කරන්නේ නෑ. ඒක ජාතික අපරාධයක්.

      Delete
  10. ඉස්කෝලෙ යන කාලෙ දැකපු පෝස්ටර් එකක දැකපු අදහසක් තමයි දේශපාලකයො නෙමෙයි ජනතාව කියන උන් වෙනස් විය යුතුයි කියල... මමත් එහෙමමයි විස්වාස කරන්නෙ...

    කවදහරි දවසක ප්‍රාදේශීය සබා ඡන්දෙට ගමේ ඉන්න චන්ඩි හොරු වගේ උන් ඉදිරිපත් වෙන එකට විරුද්ද වෙන ජනතාවක්, මහ මැතිවරණෙකදි තමුන්ගෙ පුද්ගලික වාසි වලට නැතුව ඡන්දෙ දෙන බහුතර ජනතාවක් ඇති වුන දවසක මේක හදතහැකි... එහෙම නැතුව මොන වන්නම නැටුවත් ප්‍රතිඵලයක් නම් බලාපොරොත්තු වෙන එක බොරු වැඩක්...

    ReplyDelete
    Replies
    1. ජනතාවගෙ හැටියට පාලකයෙක් ලැබෙනව කියන්නෙ ඕකටයි.

      Delete
    2. ජනතාව වෙනස් වෙන්න නම් සිතන පතන ක්‍රමය වෙනස් විය යුතුයි. ඒවා හැඩ ගස්වන ආයතන සියල්ල රජය සතුයි. ඒ නිසා ජනතාව හදන්න, පෙරලිකාර නායකයෙක් එන්නම වෙනවා. මොකෝ මේ රටේ බහුතරය මෝඩයෝ නිසා.

      Delete
    3. සාතන් කියන දේ හරියටම හරි

      Delete
  11. කලින් කොමෙන්ට් එකක කියලා තියනවා වගේ ජහමනයාගේ මොළ සුද්ද නොකර ඔය මොනවා කළත් වැඩක් නෑ.... දේසපාලුවොන්ගේ පැවැත්ම තියෙන්නේ උන්ටම හරියන ජහමනයෝ ඉන්න හින්දා.....

    ReplyDelete
    Replies
    1. නෑ.. මේ ක්‍රමය ඇති වුනෙත් දේශපාලඥයෝ නිසා. කවදා හරි නැති කළ යුත්තේත් ඔවුන්මයි. ජනතාවම ජනතාවට දොස් නගාගන්න කොට. දේශපාලුවෝ පස්ස පැත්තෙන් හිනා වෙනවා ඇති.

      Delete
  12. ++++++++++++++++++
    වෙන කිවයුතු දෙයක් නැත.

    ReplyDelete
  13. හොද ලිපියක්,වැඩිදුරට
    1.පාර්ලිමේන්තුව 150 කට පමන පහල දැමීම
    2.දෙමල ,මුස්ලිම් සම ජනපතිවරු
    3.ජාතිය,ආගම මුල් කොටගත් පක්ශ තහනම් කීරීම
    4.පලාත් සභා අහොසී කීරීම
    5.කාන්තා නියොජනය නම් කීරීම
    වැදගත් කියල හිතනවා

    ReplyDelete
    Replies
    1. 2,3,4 දැඩිසේ හෙලා දකිමි

      Delete
    2. දෙවන එක නම් රැවටීමක් හාමුදුරුවනේ. අනික් ඒවා මම කලින් ළිපිවල සාඛඡ්චා කළා. ඒවා හා එකඟයි.

      Delete
  14. වටිනා අදහස් හා යෝජනාවලියක්... ඒත් මාතලං දැන් ඉන්න කවුද මේව අතහරින්න කැමති..එන්න ඉන්න උන් වුණත් කැමති වෙයිද?

    ReplyDelete
    Replies
    1. කොහොමත් අත හරින්න වෙයි ඉදිරියට. ඒක කළ යුත්තේ අපයි.

      Delete
  15. සම්පුර්ණයෙන්ම එකගයි.දැන් මේ රටේ දේශපලනය තාත්තාගෙන්,දුලා,පුතාලාට,බැණලාට,ලේලිලාට යන එක නවත්නනම ඕනේ.නැත්නම් රට නැවතත් රාජාණ්ඩුවක්ම වේවි.(දැනටමත් මේක නොනිල රාජාණ්ඩුවක් වගේ තමයිනේ.)

    ReplyDelete
    Replies
    1. මේක සුද්දා එන්න කළින් තිබුන ක්‍රමේට ගෙනියන්න තමයි කාගේ කාගෙත් ට්‍රයි එක.

      Delete
  16. ඔය ටික ජීවිතේටවත් කරන එකක් නම් නැහැ මේ ආණ්ඩුවෙන්.ඒත් බය නොවී ඉන්න ඊළඟ අවුරුද්දේ සිංහල අවුරුද්ද සමරන්නේ ඔය නීති සම්පදායෙන් සමන්විත එජාප ආණ්ඩුව!

    හික්ස්

    ReplyDelete
    Replies
    1. දැන් අවුරුදු කීයක් නම් සැමරුවද...?

      Delete
  17. විධායක ජනාධිපතිකම මෙයිට පස්සෙ එන එක ගොයියෙක්වත් අතාරින්නෙ නැත.විධායකය අහෝසි කරන්න කියන ඔය අයියල ඒකෙ පිහිටෙන් හොදටම සැප ගත්ත ගොයියල.
    මම නම් කියන්නෙ ආසමනම් විධායකය තියාගෙන අර සුවාදීන කොමිසන් 3 පිහිටුවන්න ඕන කිසිම බල්ලෙකුට ඇගිලි ගහන්න බැරි වන්න.නීති ගේන්න ඕන ලොක්කත් වැරදි නම් නිතිය ඉදිරියට ගේන්න.
    ලුණු වතුර බත් එකට ඉහළ පොල් එක්ක බත්කාපු එව්වෝ දියවන්නාවේ කැන්ටිමේ දෙන බාටා අගල් 8 සෙරෙප්පුව සයිස් තෝර මාළු පෙත්තට රහවැටිලා අද ලයිසන් නීති විරෝධී ප්‍රකොටිපතියෝ එක්ක ලංකාවෙ හොද දේශපාලනයක් කල හැකිද???

    ReplyDelete
    Replies
    1. බලාපොරොත්තු අත හැර ගත යුතු නෑ මචෝ. අලි පාටිය අල්ලන්න ගිය ගං කඹරයෝ සෙට් එකට කෙළ උන නිසා, යම්කිසි බලාපොරොත්තුවක් තියෙනවා. රනිල්ගෙන් පස්සෙ නායකත්වය සජිත්ට ගියොත් නම්. සිරි ලංකාවට අබ සරණයි.

      Delete
  18. මමත් යෝජනාවක් ගේන්නම්. පවතින බහු පක්ෂ ක්‍රමය අහෝසි කර ඒක පක්ෂ ක්‍රමය ස්ථාපිත කළ යුතුයි. ඒ ඇයි කියල කියන්නම්

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් තමා දැන් තියෙන්නේ. අපේ අය ගොඩක් කැමතියි වැඩවසම් ක්‍රමයට. සමාජවාදයෙත් තියෙන්නේ ඒකමනේ.

      Delete
  19. ඔක්කොම හොඳයි හැබැයි අර 'ඇමතිවරුන්ටත්, මන්ත්‍රීවරුන්ටත්' එකම වැටුප දෙන එක නම් හරි නෑ කියලා හිතුනා. හරියට විදුහල්පති කෙනෙකුටයි, ගුරුවරයෙකුටයි එකම වැටුප දෙනවා වගේ.

    ReplyDelete
    Replies
    1. මේක රස්සාවක් නෙමෙයි නේ. සේවයක්. හරි නම් වැටුප් නොගෙන කරන්න ඕන සේවයක්. දැනටත් එහෙමෙ එකම කෙනෙක් ඉන්නවා. ඒ තමයි කරූ ජයසූරිය.

      Delete
  20. ඔය ක්‍රමය වෙනස් කරන්න පුළුවන් වෙන්නේ ඔය ක්‍රමයේ ඇතුලේ ඉන්න අයටනේ.. ඒ නිසා ඔය දේවල් සිද්ධවෙයි කියලා හිතන්න බැහැ.

    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කලාම, තව ප්‍රශ්න සෑහෙන ගණනක් විසඳගන්න ලේසි වෙනවා.

    ReplyDelete
    Replies
    1. විධායකයම නෙමෙයි වැරැද්ද. ඩී බී විජේතුංගත් විධායක ජනාධිපති කෙනෙක් නේ.

      Delete
  21. //මේ තියෙන කාළකන්නි කම නැති කරන්න විධායකේ අහෝසි කරලා විතරක් හරියන්නේ නැතිය.//
    ඒක කරලා තමා අනෙක් දේවල් පටන්ගන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. විධායක ජනාධිපති ක්‍රමේට වඩා මහා විනාසයක් 225 දෙනෙක් එකතුවෙලා රටට කරනවා. ඒක ගැන කතා නොකරන්නේ බොහෝ අය මේ 225 දෙනාගෙන් එකෙකුට හෝ සම්බන්ධයක් ඇති නිසා.

      Delete
  22. අන්න බං මගේ දෙසතියෙ දවස් කියන ලිපියට මම කමෙන්ට් එකක් දැම්මා ගිහින් බලනවද.

    ReplyDelete
    Replies
    1. මම දන්න විදියට නම් පොර මලා හැලපේ..

      Delete
  23. අපේ උරුමය වෙනුවෙන්
    හරිම අගෙයි ඔබේ යෝජනා
    නොකිව්වට හැමෝගෙම හිතේ තිබෙන යෝජනා
    කෙනෙකුට බටහිර ක්‍රිස්තියානි දෙමල හා මුස්ලිම් යෝජනා විදියට පෙනෙන්න පුලුවන් යෝජනා
    මේ පවතින ආන්ඩුවට ඉටු කරන්න බැරි යෝජනා
    එජාපය කරනව කිව්වත් කරන කං ශුවර් නැති යෝජනා
    චන්ද්‍රිකා පොරොන්දු වී ඉටු නොකල යෝජනා
    ජවිපෙ වගේ පක්ශෙකට කරන්න උවමනාව තිබෙන යෝජනා
    ජවිපෙ, හා වම හා සරත් ෆොන්සේකා ශ්‍රි ලනිපයේ ප්‍රගතිශීලි කොටස්වල සහයෝගය ඇතුව එජාපය හරහා කර ගන්න තිබෙන යෝජනා

    ---------------
    ඉහලින් හාමුදුරුවන් වහන්සේ ප්‍රකාශ කල පරිදි ජාති වශයෙන් පක්ශ සෑදීම තහනම් කල යුතුයි
    පලාත් සභා වෙනුවට ජන සභා හෝ මොනයම් නමකින් ජනතාවට පරිපාලනයට සක්‍රීයව දායක විය හැකි ක්‍රමයක්- ඇති කිරීමෙන්, ගම් මට්ට්මේ ජනතාව බල ගැන්විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. කවදත් වගේ එකඟයි. ඒත් මේ තරම් ඩීප් යන්නේ නෑ නේද එකෙක්වත්. කොටින්ම සෝභිත හාමුදුරුවන්ගේ එකෙත් මේවා නම් නෑ, උන් වහන්සෙත් වැදගත් ඒවා පස්සෙ කතා කරමු කියලා ලියලා තියෙන්නේ.

      Delete
  24. කරන්න පුළුවන් නම් හොඳ යෝජනා ටිකක්. ඒත් ඕන දෙයක් කරලා බලයේ ඉන්න හදන, වරප්‍රසාද වෙනුවෙන් ඕන දෙයක් පාවා දෙන අපේ රටේ මේවා සිද්ධ වෙයි ද..? හාමුදුරුවෝ දක්වල තිබුණු "ජාති ආගම් වශයෙන් පක්ෂ සැදීම නොකළ යුතුයි" කියන අදහසට මාත් එකඟයි.

    ReplyDelete
    Replies
    1. ඔය යෝජනාව මගේ කළින් ළිපි වලත් තියෙනවා. උන් වහන්සෙගේ යෝජනාව උන්වහන්සේම පරස්පර අදහසක් කොරන්නේ උන් වහන්සෙගේ දෙවන යෝජනවෙන්. ඒක බොරුවක් හා මුලාවක් පමණයි.

      Delete
  25. ඉතින් හත් දෙය්යනේ ඕවා කරන්නම් කියලනේ හැමෝම බලේට එන්නේ .

    ReplyDelete
    Replies
    1. නෑ නෝනේ මේවා ගැන එකෙක්වත් කතා කොරන්නේ නෑ. ඒකයි තියෙන දුක.

      Delete
  26. මාතලාවෙනි, ආසන ක්‍රමය නැවත ආ විගස දැන් සිටින දේශපාලුවන් “ දැන් මේ දේශපාලය අපට නම් නොවේය“ කියා උකටලීව ගොස් මහත්මා දේශපාලකයන්ට ඉඩදී විශ්‍රාම ගනීද? නැත. ආසන ක්‍රමය යටතේ දූෂිතයන්ට පාර්ලිමේන්තු ඒම වඩාත් පහසුය.ඒසඳහා ලොක්කාට පන්දම් අල්ලා හෝ, ලොක්කා බ්ලැක් මේල් කර හෝ, ලොක්කාට පක්කාලි නම් කර හෝ පක්ෂෙට වාසි ආසනයක ආසන සංවිධායක කම ලබාගැනීම හොදටම ප්‍රමාණවත්ය. ඡන්දදායකයා හොදටම අසරණය.කැමති මිනිහෙක් තෝරාගැනීමට කිසිඳු ඉඩක් නැත.

    ReplyDelete
    Replies
    1. ඔබ නොදන්නා කාළයේ ලංකාවේ පැවතියේ මහත්මා දේශපාළණයකි. එය පැවතියේ කේවල ක්‍රමය යටතේයි. ඒ කාළයේ උණ රෝගීන් දේශපාළණය කලේ නැත. වැදගත් මිනිසාට විපක්ෂයෙන් හෝ බලය ලැබිනි.

      Delete
  27. එල ඈ.. මට කියන්න තියෙන්නෙ ඔච්චරයි.. මොකද මං ඔය දේශපාලුනේ ගැන එච්චරටම දන්නෑ ඕං...

    ReplyDelete
    Replies
    1. ඉගෙනගනින් පුතේ.. දේශපාළණයෙන් තොර ජීවයක් නෑ..

      Delete
  28. ඔබටත් එසේම වේවා !

    මා මාතලන් ලියන මාතලන්

    ReplyDelete
  29. සුබ අලුත් අවුරුද්දක් වේවා මාතලන්...!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා !

      සිරි සුභ නව වසරක් වේවා Chandana !

      Delete
  30. ඔබටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා !

      සිරි සුභ නව වසරක් වේවා තිසර !

      Delete
  31. එසේම වේවා !

    සිරි සුභ නව වසරක් වේවා Kenji !

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න