අද කැළණිය ප්‍රසිද්ධ මොනවටද කියලා ඇහුවොත්, ඕන එකෙක් කියන්නේ, පාතාල කේස් වලට කියලාය. මේ ආසනේ නියෝජනය කරන, අපේ ගරු ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමා අනික් උන් වගේ නෙමේය. ගේම නම්, ගේමය. අනුන් ලවා කොස් ඇට බාවන්න යන්නේ නැතිය.
මේ පින්කඳ සුද්ද කරනවා කියා, බොහෝ දෙනෙක් මට ආඩපාලි කියනවාය. මට, ඒ අයට කියන්නේ, අපේ එක්කෙනාගෙයි, අනික් උන්ගෙයි කිසිම වෙනසක් නැතෙයි කියාය. පොරගේ ගේම් නිසා, අද කැළණිය පරසිද්ද, කප්පම්, බොතල් හවුස්, මර්ඩර් කේස් වගේ ඒවාටය.
ඉස්සර කියලාත් වෙනසක් නැතිය. ඉස්සර කාළේ ඉස්කෝල වල, පොඩි පන්තිවලදි කැළණිය ප්‍රසිද්ධ මොනවටද කියා ඇහුවාම. ඔක්කෝම එක හඬින් රැහැයියෝ ටික වගේ කෑ ගහලා කියන්නේ "මැටි වඩවලට කියලාය". එහෙම කියලා අපි ඔක්කෝම හිනා වෙනවාය. ඒ ඔක්කොම ටික කැළණියේ නිසාය.
අද නම් ඉතින් අම්මට සිරි ලංකාවම ප්‍රසිද්ධ මැටි වැඩවලටමය. ඒ නිසා එදා වගේ අද එකෙකුටවත් හිනා වෙන්න බැරිය. මට මේ මැටි සීන් එක මතක් උනේ. අද ලියන්න යන ටින්කිරි තේ කතාවට අදාල, හෝටලේ තිබුනේ. කැළණිය ගල්බොරැල්ලේ, පාසිහේනේ කන්ද උඩ, මැටි කර්මාණ්ත ශාලාව ළඟ නිසාය.
මොකෝ, මේ හෝටලේ දාලා තිබුනේ අර පැක්ටේරියේ වැඩ කරන නැන්දලා මාමලාටය. අපි ඒකට කිව්වේ කළු කඩේ කියලාය. මම මේ කියන්නේ 1973-74 කාළයේ කතාවක්ය. ඔය කාළේ මම ගියේ ප්‍රේමාළෝකේ ප්‍රයිමරි එකටය. ධර්මාළෝකයට ඒ කාළේ කිව්වේ ප්‍රේමාළෝකේ කියලාය.
පොඩි කාළේ, ඇඳුම නිසා කන පැලෙන්න කට්ට කාපු මට. "කේරි" එකෙන් අයින් වෙලා, තුනේ පන්තියේ ඉඳන් පුංචි පහේ මං වෙනකන් යන්න උනේ, දරමඩුවටය. ඒ කාළේ ගුරුකුලට ගියපු උන්, කොළඹ ඉස්කෝලවලට ගිය උන්, මේ පොඩි ධර්මාළෝකයට කිව්වේ දරමඩුව කියලාය.
වල් කොල්ලෝ දරමඩුව කිව්වාට. රත්තරන් ගුරුවරු පිරිසක් මේ ඉස්කෝලේ උන්නේය. තුනේ පන්තියේ ඉගැන්නුවේ අමරදාස සර්ය. එතුමා ආරිය සිංහල ඇන්ද, මහත්තයෙක්ය. හතරේ පන්තියේ ඉගැන්නුවේ ෆොන්සේකා ටීචර්ය. පුංච් පහේ මං කොලේ ලොකු ටීටර්ය. ඒයාගේ නම අදටත් දන්නෙ නැතිය. එයාගේ නම ළොකු ටීචර්ය.
ලොකු ටීචර් ඇන්දේ ඔසරියයි. කන්නාඩි දමා, අලි පත හෑන්ඩ්බෑග කරේ එල්ලගෙන එනවා මට තවමත් මතකය. ගොට්ට අල්ලන කෙල්ලෝ, ගේට්ටුව ගාව ඉඳන්, අර බෑග් එක ඉල්ලගෙන එල්ලගෙන එනවාය. නස්කූනී අබේරත්නයා ඕකෙන් එක දවසක් සල්ලි ඉස්සුවේය. අපේ පන්තියේ උන් ඌට බය නිසා එකෙක්වත් කිව්වේ නැතිය.
මම මේක ලොකු ටීචර්ට කිව්වා කියා, අපේ එකෙක් මූට කේලම කියා තිබුනේය. මූ මට නෙළුවේය. ජීවිතේට ගහගෙන නැති නිසා, ගුටි කා ජම්බු ගෙඩිය වගේ ගෙදර ආවේය. ගෙදර ගියපු ගමන්, අම්මා මාවත් අරන් තොරන හන්දියේ ඩිස්පැන්සරියෙන් බෙහෙත් දමාගෙන ආවේය. තාත්තා රෑ ආපුවාම මේ මොකෝ කියා අසුවේය.
අයියෝ පුතේ ලැජ්ජා නැද්ද ගුටි කාලා එන්න. කවුරු හරි ගැගුවොත් ඔයත් ගහන්න. මෙහෙම නම් එන්න එපා කියා, අපේ තාත්තා කීවෝය. ඊළඟ දවසේ උදෙම, කතාවක් බහක් නැතුව මම අරූගේ මූනටම කෙලියේය. දෙන්නා බල්ලෝ දෙන්නා වගේ පොරකන කොට අමරදාස සර් ඇවිත්, දෙන්නාගෙම කන් දෙකෙන් අල්ලාගෙන, පින්සිපොල් මහත්තයා ගාවට එක්ක ගෙන ගියේය.
නඩුව අසා එතනින් සමතයකට පත් කලේය. පස්සේ ඌ මගේ ගජයා විය. පින්සිපොල් අපිට වේවැල් වලින් නෙළුවේ නම් නැත. සමහර විට පැරා කියනවා වගේ ඒ කාළේ ගුරුවරුන්ට මුදල් ප්‍රශ්ණ තිබුනේ නැතුවා වෙන්න ඕනාය. හැබයි ඒ කාළේ, ළොකු ධර්මාළෝකේ හාමුදුරුවො නම් පොල්ලකින්ම කොල්ලන්ට තඩි බාන බව නම් අසා තිබුනේය. එහෙම පොලු පාරවල් කන්න නූනේ. සිස්සත්තේ පිහිටේන් රජ්ජුරුවන්ගේ ඉස්කෝලේට ප්‍රමෝෂන් එකක් ලැබුන නිසාය.
එතකොට පොඩි ධරමාළෝකේ මේ තරම් දියුණු නැතිය. තුන හතර, පන්ති තිබුනේ හවස් වරුවේය. නියම ගමේ ඉස්කෝලයක්ය. පන්ති කාමර අටකුයි, පින්සිපොල් මහත්තයගේ කාමරෙයි, ඉස්කෝතු කාමරෙයි එක්ක, එක තනි තට්ටුවේ ඉස්තිර ගොඩ නැගිල්ලක් තිබුනේය. අනික් පන්ති කාමර තිබුනේ පොල් අතු මඩුවකය. මේක මට නම් දිවිය ළෝකයක්මය.
තාත්තලාගේ ගම වන, මැටරඹ, උනවටුනේ ගියත්, මම වැඩිපුර උන්නේ, ජිනයාලාගේ, පියසිරියලාගේ, සීලවතීලාගේ, චාලට්ලාගේ, ගෙවල්වලය. ඒවා ඔක්කෝම ගොම මැටි ගාපු, පොල් අතු හෙවිලි කරපූ දිවියළෝක වගේ ගෙවල්ය. තාත්තලාගේ මහ ගෙදරත්, මහ කිව්වාට, එච්චර ලොකු ගෙයක් නොවේය.
අපි දන්නා කාළයේ එතන තිබුනේ, පරණ ගෙයින් කොටසකුත්, තාත්තා අලුතෙන් හදා තිබු ඇමරිකන් ඉට්ටයිල් එකේ, කාමර 4ක ගෙදරකුත්ය. ගේ තුබුනේ පාරට තරමක් උඩින්ය. ගම මැද්දෙන් යන බොරළු පාර යන්නේ, වත්තේ මැද්දෙන්ය. ගෙට ඉහලින් කන්දය, කන්දේ පොල් හා උඩට වෙන්න, කුරුඳු වගා කර තිබුනේය.
කන්ද උඩට නැග්ගාම, තව් තිසා දිවිය ළෝකේ ඉන්නවා වාගෙය. තිදෙව් ළොවම පෙනෙනවාය. එක පැත්තකින් පෙනෙන්නේ, නිලට නිලේ සප්ත මහා සාගරයයි. අනෙල් පැත්තේ, කොලට කොලේ කුඹුරු යායවල් හා ගම්මානයයි. ගේ ඉදිරියෙන් අර මම කලින් කියපු පාරයි. පාරෙන් එහා පැත්තේ කුඩා පිට්ටනියක් වගේ කොටසයි.
ඒකේ දෙපැත්තේ, එක පැත්තක ළිං දෙකකි. ඒකක් නෑමටයි. අනෙක බීමටයි. නාන ළිදේ නාන්නේ, අපේ අය විතරක් නොවේය. ගමේ අය ගොඩක් නාන්නේ මේ ළිදේය. අපිට නම්, මෙම්බර්ස් ඔන්ලි ෆැසිලිටි එක තිබුන නිසා, නාන්න ගියපු ගමන් අනික් උන් අයින්වී ඉඩ දෙනවාය. අනෙක් පැත්තේ, පවුලේ සුසාන භූමියයි. ඊට පස්සේ සීයාගේ කොරටුවයි. කොරටුවට පස්සෙ, කුඹුරයි. ඊට පස්සේ ගාල්ල මාතර රේල් පාරයි. ඒක නම් ඉතින්, අපේ නෙමෙය. ඒක අයිති දුම් රිය දෙපාර්තමේන්තුවටයි.
ඔය සීලවතී මට වඩා වැඩිමල් උනාට. ගමේ කොල්ලෝ අපේ නම් දෙක කියා අපිට විහිළු කලේ, උන් මහ වල් කොල්ලෝ නිසාය. මෙළෝ මළදානයක් නොතේරෙන කාළේ, සීලවතිට විශේෂයක් තිබුනේ කොහොමද කියා කියන්න අදත් මටනම් නොතේරෙන්නේය.
ඒකිට මොකක්දෝ ගිනි විජ්ජුම්බරයක් වෙලා, අපේ රැලට සෙට් වෙන්නේ නැතුව, ඉස්තෝප්පුවේ කණුවේ එල්ලිලා, බලාගෙන ඉන්න හැටි දැක්කාම, ජිනයට, පියසිරිටත් දුක හිතුනේය. අදත් සීලවතී, ගිනි කිරිල්ලි වගේ ඉන්නේ ළමයි නැති නිසා වෙන්න ඇතිය.
ඒ උනාට එයාගේ නංගි, මෙයාටත් එක්කම, නානසාර මෙතඩ් අනුගමනය කරමින්, ජාතිය ගොඩ නැගීමේ මෙහෙවරේ යෙදුන නිසා, සීලවතිත් කොල්ලෝ තුන් දෙනෙක්ම, කුසෙන් වදාපු උන් වගේ හැදුවාය. උන් දැන් අම්මේ කියන්නේ සීලවතීටය. සීලවතී අද ඉන්නේ මැල්බෝර්න් වලය.
කොල්ලෝ තුන්දෙනාම පොරි හැලෙන්නම ඉගෙන ගත්තේය. සීලවති බැඳපු මදාවී පීටරයාත් ඉන්නේ එහේමය. ඌ නම් බැන්ද පසු මදාවි කම් අඩු උනේය. අපරාදේ කියන්නේ ඌත් හැදුනේ, අර කොල්ලෝ සැට් එක නිසාය.
ටින් කිරි තේ ගැන කියන්න ගිහිල්ලා, අන්තීමෙදි... මම අරකේ ටින්කිරි ගාගත්තද මන්දෝ කියා මටම සිතුනේය. ඔහේලාගේ මල පනින හේතුවෙන්. ටින් කිරි තේ කතාව "තේ යාරයක්....", වෙනම දානවාය. ......
මේවාට කියන්නේ හැලප මෙතඩ් කියාය.
මැල්බබෝන් වල සීලවතී ගැන කිව්වට, කෝ බොල තේ, තේ ගැන කියවන්න ආවේ
ReplyDeleteපොඩ්ඩක් හිටහං.. වැඩියේ පඳුරු තලන්නේ නැතුව.. යාරේ තේ එකක්ම දාන්නම්...
Deleteමේක අපිට ටින්කිරි ගෑවනේ.... කෝ ටින්කිරි, ඒ ගැන දැන් බැහැ ලිව්ව දිනක ටින්කිරි කමෙන්ට් එක දාන්නම්. මේක ගැන කියනව නම් උපරිමයි. ( පිට හරවන්න කසන්න )
ReplyDeleteවෙද මහත්තයට මතකද මන්ද පැරකුම් ද පැරකුම්බා ද ටින්කිරි.
Deleteමාතලන් අපේ රසවත් අතීතයට රැගෙන යනව නේද වෙද මහත්තයෝ....
මට නම් මේ ලිපි කියවද්දී හරී සතුටක් දැනෙන්නෙ හ................... මල මගුලක් ශොරි,වෙද මහත්තයෝ....
මාතලං මෙතනට ආවානම් ගානට පිට කසා ගතහැකියි.
Deleteහැබැයි වෙද මහත්තයෝ කෙනජිගේ පිට කැසුවත්, කෙනජි ලවා පිට කසවා ගන්න පිට හරවන්න එපා.
Deleteඇයි මල්ලි අපි කලුද ?
Deleteනැත්නම් ඔයාලට වඩා සුදු වැඩිද?
අනිත් එකේ සීනී නැතිවම ටින් කිරි දාලා ස්ට්‍රෝන්ග් ටී එකක්ම දෙන්නම්කෝ..
Deleteමේ ඇනෝලා අපි පිට කසා ගන්නවටත් ඉරිසියයිනේ.. අද කෙන්ජිගේ බෝර්ත් ඩේ එකලු. හෙළුවෙන් ඇත්තේ...
මොනවා යකෝ කෙන්ජිලා පැටවු ගහලා
Deleteඔලුව නිකං ඇඹරිලා ගියා....අන්‍තෝ ජාටා බහි ජටා
ReplyDeleteජඨ්ඨාය ජඨිථෝ ජඨා....
Deleteඉතින් ඊට පස්සෙ සීලවතීට මොකෝ උනේ ????
ReplyDeleteසීලවතී යකාට ගියාවේ,මේ තරම් කල් ඔයා කොහේද ගිහින් හිටියේ.
Delete@ Ano ++++++++++++
Deleteසීලවතිට උන දේ ලියලා තියෙන්නේ... අර ඇනෝ ඇහුවා වගේ කොහෙද අනේ වහන් වෙලා උන්නේ...
Deleteඅනේ සංසාරේ මේ කොමෙන්ට් එක දාන කොටුව හොයාගන්නත් වෙලා ගියා මේක කියවල.
ReplyDeleteහැලප ඉස්ටයිල් එක එහෙම තමා....
Deleteඅනේ සංසාරේ මේ කොමෙන්ට් එක දාන කොටුව හොයාගන්නත් වෙලා ගියා මේක කියවල.
ReplyDeleteමුන් ඔක්කොටම හැලප ලෙඩේ හැදිලා... අම්මපා මට තාම වෙලාවක් සෙට් වුනේ නෑනෙ හැලපෙ බලන්න යන්න...
ReplyDeleteහපේ හප්පෝ... ඔය දෑස මක්කටෙයි.....
Deleteකියවගෙන යනකොටම තේරුනා හැලප ලෙඩේ බව. මොනවා උනත් රසටම ලියලා තියෙනවා.
ReplyDeleteඅතීතය බොහෝම සුන්දරයි. ඒ කියල වර්ථමානෙත් අවුලක් නෑ.. ඒක ඊටත් සුන්දරයි...
Deleteමාතලන්ට හැලපයා ආවේශ වූ සැටියක් පෙනේ, හැබෑටම මක්කෙයි වුනේ?
ReplyDeleteකීපයක්ම ඒ ඉසටයිල් එකටත් ලිව්වා... ඒක බොහෝම රහයි...
Delete"ගුටි කා ජම්බු ගෙඩිය වගේ" මේ කියන්නේ මාතලන් සුදු කොල්ලෙක් කියලද? රෝයල් එකේදී සෑහෙන්න කරදරත් වෙන්න ඇති.
ReplyDeleteරෝයල් එකේ රජ පැටව් ඉන්දැද්දි අපි මොක්කුද. අපරාදේ කියන්නේ පොත්ත සුදු නිසා මාත් කොන් උනේ නම් නෑ. අනික ඕන තැනක් මට එකයි. උඹ කියපු වැඩේටම වෙන වෙච්ච සෙට් එකකුත් උන්න නිසා අවුලක් උනේ නම් නෑ.. ඒත් ඉතින් බස් වල ජැක් ගහන්න ඇවිත්.. ගුටි කාපු උන්නම් බොහොම හිටියා.. ඇන්ටිලා හේත්තු උනාට නම් මුකුත් කිව්වේ නෑ..
Deleteමාර ටිංකිරක්නෙ බොල මේක.
ReplyDeleteටිංකිරි ටික හැන්දෙන් බේරෙන්නම කොච්චර වෙලා යනවද...? අදම නේද මේ පැත්තේ ආවේ...
Deleteමාතලන්
ReplyDeleteකැළනිය අපි නම් දන්න තරමට මැටි වැඩ වලට වඩා ප්‍රසිද්ධ වෙලා තිබුනෙ පන්සලයි,අලියා ගිනිපෙට්ටි ෆැක්ටරියයි නිසා නේද? හැබෑටම සීලවතී ඉන්නෙ මෙල්බර්න් වලද? හම්බවුනොත් මම කියන්නම්.
ගිණ් පෙට්ටි මෝල පෙතියාගොඩ නොවැ
Deleteසීලවතිලයි පවුලම එහේ. ගමේ උන් කියන්නේ. ඒ සෙට් එක යද්දි එද්දි ෆ්ලයිට් එක ෆුල් කියලා.. පැටව් ගහන එක ආරෙට ගිහින්ද කොහෙද.. සීලවතීට විතරයි ඒ පින නැති උනේ.. ඒත් ඒකි දරුවන්ට පන වගේ...
Deleteකැලණියේ ගිනිපෙට්ටි කම්හල් දෙකක් තිබුණ . අලියා එක පට්ටියහන්දිය කිට්ටුව වගේ මතක . අනික ගල්බොරැල්ලේ . ඒක කපුටා ලකුණ . [ වැරදි නම් මාතලන් නිවැරදි කරයි කියල හිතනවා ] 83 දී ඒ ව්‍යාපාරිකයින් ලංකාව හැර ගියා මන් හිතන්නේ .
Deleteකැලණිය ප්‍රසිද්ද නම් පන්සල නිසා තමයි ඒ කාලේ වැඩියම .
මාර කියවිල්ලක්නෙ දෙයියනෙ!
ReplyDeleteසිතුම් සයුර
බදුලු කෝච්චියට නැග්ගා වගේ නේ..
Deleteවෙද මහත්තයට මතකද මන්ද පැරකුම් ද පැරකුම්බා ද ටින්කිරි.
ReplyDeleteමාතලන් අපේ රසවත් අතීතයට රැගෙන යනව නේද වෙද මහත්තයෝ....
මට නම් මේ ලිපි කියවද්දී හරී සතුටක් දැනෙන්නෙ හ................... මල මගුලක් ශොරි,වෙද මහත්තයෝ....
බොලා ලා දෙන්නත් පේමා ලෝකෙද?
Deleteටින් කිරි කතාව.. අදින්නේ නැතුවම දාන්නම්කෝ.. අතුරු කතා පස්සෙ ලියනවා...
Deleteමම හිතං හිටියේ කැළණිය ප්‍රසිද්ධ කැළණි විහාරයට කියලයි. පස්සේ ටයර් නිසා කියල.
ReplyDeleteඅන්න මාතලන් ඔයා ගේ හුලං වීරය මුන්නේස්වරම් කෝවිලට කැළණියේ ගෑණු ටිකක් යවල සමාව ගන්නද කොහෙද. කොස් ඇට බාන්න නම් නෙවෙයි මයෙ හිතේ.(හිරු ටීවී නිවුස් වලට පෙන්නුවා).
මඩවල කොස් ඇට බෑවෙත් මෙයා මද? බළල්ලු නෙවෙයිද?
මඩවල කේස් එක වෙන සීන් එකයි. පොරත් එක්කත් ගේමක් තිබුනා. අපි බලමු කේස් එක එළියට එනකං...
Deleteමං මෙච්චර කල් හිතාගෙන හිටියේ මාතලන් අපේ වයසේ බුවෙක් කියලනේ . බලනකොට මු අපිට කලින් පරම්පරවේ මන්ටලක්ක් නේ.
ReplyDeletesorry මැන්ටලයක් නේ
Deleteඅපේ වයසෙ උන් මැන්ටල් උඹල නිවිච්ච පහන් තිරද?
Deleteසත්තරන් පුතේ මැන්ටල්ද, ලයිටර්ද කියලා බලන්නේ වයසෙන් නෙමෙයි, සිතුවිලි හා ක්‍රියාවන් වලින්. බුකිය බැලුවම් දැන් ඉන්න ලයිටර් ගැන නම් බොහොම දුකයි...
Deleteසත්තරන් පුතේ මැන්ටල්ද, ලයිටර්ද කියලා බලන්නේ වයසෙන් නෙමෙයි, සිතුවිලි හා ක්‍රියාවන් වලින්. බුකිය බැලුවම් දැන් ඉන්න ලයිටර් ගැන නම් බොහොම දුකයි...
Deleteඋබ සීලවතිට ටින්කිරි ගාලා වගේ.. මොකෝ මේ උනේ ..ඈ,
ReplyDeleteඅනේ නෑ මචෝ.. උන් හරි වැදගත් විදියට හැදුනා. හොඳට ඉගෙන ගන්නත් පුළුවන්. ඕන කමක් තිබුනේ නෑ. අනික මදාවී පීටර් ඒකිට කැම්පස් යන්න දුන්නේ නෑ. මම හිතන්නේ ඉරිසියාවට නෙමෙයි, ආදරේට. ඒ ඒකිට පන වගේ ආදරෙයි.
Deleteapoi.....kiyanna hadanne mokadda kiyala therune nene
ReplyDeleteඔහෙලා ඉතින් අපි ගැන වැරදියටම නේ හිතන්නේ..
Delete"එල ටින්කිරි *කෙන් එකයි."
ReplyDeleteX-porter
තේරුනේ නෑ බං
Delete@මාතලන්, දැනගැනීම සඳහා (මේ පොස්ටුවට සම්බන්ධ නැත)
ReplyDeletehttp://www.vikalpa.org/?p=16358
මම මේ කොමෙන්ට් එක දකින්නත් කලින් ඒක කියෙව්වා. ඒකිගේ ලිවිල්ල නම් අප්පොච්චි වගේම තමයි. ඒත් ඉතින් එයාගේ අප්පොච්චිත් ඔය ලැප් ටෝප්, කාර් ලෝන් එහෙම ගත්ත නේද...?
Deleteමම මෙතන වරදක් දකින්නේ නෑ. ධර්මසිරිටත් ගානක් හම්බ වෙනවා. කොන්ද කෙලින් තියාගෙන කඩේ යන්නේ නැතුව වැඩෙත් කර ගන්නවා. නියම කළාකාරයා එහෙම වෙන්න ඕන. නැතුව හිඟන්නෙක් වගේ ඉන්න ඕන නෑ.
විනෝද සමය විකට තුන්කට්‍ටුව හිටියෙත් ගල්බොරැල්ලේ නේද. මම කියන්නේ ඇනස්ලි, බර්ටි, සැමුවෙල් තුන්දෙනා.
ReplyDeleteයර්ස් හෙන්රියා..
Deleteකොස්තා කැළණියෙ. ..
සුනිල් එදිරිසිංහ, සතිස්, වගේ...
තව ගායක ගායිකාවො, නලු නිලි සැට් එකක් ඉන්නව වරාගොඩ පැත්තෙ.
ඇනස්ලි මචෝ, ටයර් කෝපරේෂන් එකට පොඩ්ඩක් එහා. ඌගේ පුත්තු එහෙම අපේ යාලුවෝ ඒ කාලේ. දුවලා සෙට් එකකුත් උන්නා. සැමුවෙල් රුද්‍රිගෝ නම් ගල්බොරැල්ලේ, ඒ හරියේ තමයි ඔය සොෆ්ට්ලොජික් ලොක්කා අශෝක් පතිරගේ. අපිත් එක්ක එකට ක්‍රිකට් ගහපු උන්, බර්ටී තොරණ හංදියේ කුලියට උන්නේ. මගේ යාලුවෙක්ගේ අය්යා බැන්දේ බර්ටිගේ දුවෙක්.. කොහොමත් අපේ පැත්ත කළා පුරයක්.. මාලිනී අපේ ගේ ගාවමයි..
Deleteස්තුතියි උඹලා දෙන්නටම. ඉතින් අපි හරි කැමතියි ඒ තුන් දෙනා ගැන (මඩ නොවන) හුඟ දෙනෙක් නොදන්න, රසවත් තොරතුරු දැනගන්න. ඔය කියන කතා වගේම රසවත් ඇතිනේ එයාලගේ සත්‍ය කතා.
Deleteඔන්න කරනවා නම් වැඩක් මාතලන් තුමා. උඹ එහෙම කලාට කමක් නැත්තේ, ඒ උඹලගේ පැත්තේ හිටපු සම්පත් පුද්ගලයෝ නිසා, පළාතක් එලිය කරපු මිනිස්සු නිසා, රටක් හිනස්සලා ලේ පිරිසිදු කරපු මිනිස්සු නිසා.
එහෙනම් ලියනවා නේද?
එයාලා ගැන ඉතින් රටම දන්නවා නේ. බලමු වෙලාවක...
Deleteහැලප ආරයෙන් ලියු නිසා මට ගොඩක් විස්තර දැනගන්න පුලුවන් උනා මාතලන්..
ReplyDeleteදරමඩුව, ප්‍රේමාලෝකෙ, කියන්නෙ අපෙ විද්‍යාලය නොවැ. ගුරුකුලේ උන් තමා ඕව කියල අපිව පජාත කරන්නෙ. ගල් බොරැල්ලෙ විස්කම් නිවස හැදුනෙ ඔය මැටි වැඩ නිසා නේද? ඒ මැටි වැඩ කරන සෙට් එක තාම ඉන්නව. මගෙ යාලුවෙක්ගෙ ගෙදර තාම බුදු පිළිම පවා හැදෙනවා..
උබ ඔය කියන ආරියසිංහල අමරදාස සර් ගැන මම ලියල ඇති. පෝස්ටුවක් අස්සක. සුදු කිට් ගහල එන්නෙ ප්‍රින්සිපල් වගෙ. අනික පොර අපේ කාලෙ ඉගැන්නුවෙ 9 වසරට. කොල්ලන්ට ගහන්න එන්නෙ කොස්ස අරගෙන. අපේ එකෙක් හැමදාම ගුටිකනවා. කයිවාරු ගහන්න ගිහින්. සර් එද්දි මූ ඩෙස්ක් එක අස්සෙ. සර් ඒත් ගහනවා අස්සෙ රිංගගෙන. නියම මනුස්සයෙක්. ඔහු විශ්‍රාම යන දවසසෙ අපි දුක් වුනා.
ෆොන්සේකා ටීචර් ඉන්නෙ ගෝනවල පැත්තෙද? අර තඩි එක්කෙනා නේද? අපිට ගණිතය ඉගැන්නුවා 7 වසරෙදි. මම වැඩිය මනාප නැත්තෙ, ගොට්ට අල්ලන කෙනාට තැන දෙන නිසා.
උබ මාව පරණ කතා ලියන මතකයට ගෙනිච්චා.
ස්තුති මාතලන් !
මම කියන ෆොන්සෙකා ටීචර් උබලට උගන්වන්න විදියක් නෑ. එයා උන්නේ ගහලගොඩවත්තේ, පස්සෙ ඔය ධර්මාළෝකේ ඉස්සරහ වෙදමුල්ල මාවතට ගියා.
Delete
ReplyDeleteමොකද අප්පා මේ? ටින් කිරි කතාවක් කියවන්න ආවම ...... හැබැයි පොස්ට් එක අර ඉස්සර 'පොඩි එකාගෙ ලියුම' වගේ. ලස්සනයි.
" ඒක නම් ඉතින්, අපේ නෙමෙය. ඒක අයිති දුම් රිය දෙපාර්තමේන්තුවටයි." |:D|
ටින් කිරි කතාව ළබන සතියේ...
Deleteඑලකිරි වගේ ටිංකිරි කතාවක් හැලප මෙතඩ්වලින්ම. ඔන්න හැලපෙ දැන් ලංකාවේ. මට නං හදි හැහුණා.
ReplyDeleteමගේ නොම්බරෙත් ඉල්ල ගත්තා. ඒත් තාම කතා කොලේ නෑ. ඒ නැතත් මම මේ සුද්දෝ සෙට් එකක් එක්ක මාස එකහමාරකට විතර හිර වෙලා ඉන්නේ. ගෙදර යන්න උනෙත් නෑ..
Deleteහෑලප මෙතඩ් නෑගල යනව වගෙ.කිපදෙනෙක්ගෙම එ මෙතඩ් ලිපි දෑක්ක
ReplyDeleteඒ සිස්ටම් එක නැගලම යනවා... අන්තීමෙදි නවකතා ලියවෙයිද දන්නෙත් නෑ. හැලපෙගෙ මොනාලිසා නම් නැගලම ගියා... අන්තිමෙදි උනේ මොනාලිසා ඩාවින්චිගේ නොවෙයි හැලපයගේ උන් එකයි...
Deleteමාතලන් කැලණිය ගැන කීවාම නම් කමෙන්ට් එකක් නොදැම බැරිය .
ReplyDeleteඅපිත් ඉස්සර සත විසිපහක මැටි අරන් යනවා අත්වැඩ වලට . හයේදී ගුරුකුලෙයි ධර්මාලොකෙයි දෙකේම ඇතුල් වීමේ විභාගවලින් තේරිලා ධර්මාලොකෙට යන්න නමත් දීලා ඉද්දි ශිෂ්‍යත්වේ පාස් කියල ආවේ. ප්‍රින්සිපල් හාමුදුරුවෝ ලඟට යන්න වුනා අස්වෙන්න . අම්මයි මමයි මාර බයෙන් ගියේ . [ අක්ක ඒ ඉස්කෝලේ හිටියේ ]. හැබැයි ඇස් ලොකු කරලා භයානක විදිහට ටිකක් වෙලා බලන් ඉඳල '' පොඩි එකී කොළඹ ගිහින් හොඳට ඉගෙන ගන්න '' කිවා විතරයි .
අපේ කාලේ තුන් දෙනයි පාස් උනේ මායි තව කොල්ලෙකුයි කෙල්ලයි. කෙල්ල නම් ඒකෙම නැවතුනා. ඒකිටත් හිතා ගන්න බෑ ඒකි පාස් උනා කියලා. අද නම් දිසාපති නෝනා කෙනෙක්. අපි දෙන්නා යනවට හාමුදුරුවෝ කැමතිම උනේ නෑ. ඒත් අරූ ආනන්දෙට ගියා. දැන් ඉස්කෝලේ මහත්තෙක්.
Deleteහාමුදුරුවො දරුනුයි කියල මාත් අහල තියෙනවා.
Deleteමේකත් මේ මාළුපාන් ඉස්ටයිල් නේ. මාළු තියෙනවා කිව්වට නෑනේ. මේකෙන් මතක් වුන කතා ගොඩක් තියෙනවා. අපි 2004 වෙනකම්ම නුගේගොඩ පාගොඩ පාරේ බේකරියෙන් ටින්කිරි ටී ගැහුවා. ඒ වගේ රසක් අම්මපා. අර ඩී. එල්.එස්. ද සිල්වා කියලා අකාලයේ මිය ගිය ක්‍රිකට් ක්‍රීඩකයා හැමදාම උදේට ටින්කිරි ටින් එකක් බොනවලු. දැක්ක කෙනෙක් මට කිව්වේ. කොහොම ෆිට් එක්ක ඉන්න ඇත්ද? අර මැටි කතාව අපේ සෑම් කොලුවා දැන ගත්තොත් ලජාජ්වේ බැරි වෙයි.
ReplyDeleteමේ සින්දුවත් මතකයට එනවා ඒක නම් ලියන්නම වටිනවා
බනින්නෙපා පොඩි දෝනිට ගහන්නෙපා
හාල් මිටක් දුව අරගෙන ඇත්තේ සෙල්ලම් බත් උයන්නයි
දුරුතු පෝයදා කැළණි විහාරේ වඳින්න ගොස් අපි එන ගමනේ
වලන් මුට්ටි පොඩි අරගෙන දුන්නේ සෙල්ලම් බත් උයන්නයි ..
ඔය සින්දුව කිව්වම, මට මරු කතාවක් මතක් උනා. ඉස්සර කැළණි පන්සල වටේ තනිකර ගම්මානේ. හැම අවුරුද්දේම අවුරුදු උත්සවයක් තියනවා. ඒකේ අවසානේ සංගීතයක් තියෙනවා. ඒක කරන්නේ "සිංග්ලංකා" සාදර අනුග්‍රහයෙන්. එක අවුරුදු උත්සවේක මුල්ම ගායකයා "වික්ටර් රත්නායක". ඉස්සෙල්ලම කියන්නේ ඔය සිංදුව. එදත් ඕක ඇදලා ඇරියා. ඊට පස්සෙ කිව්වා
Delete"හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වලාවට කියන්,
අද නොපැමින අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්" කියලා.
ඒ උනාට වැස්සට ඕක තේරෙනවය. වැස්සා ලොක්කෝ වැස්සක් ජීවීතේට දැකලා නැති. මුළු පලාතම යටවෙන්න. ඊට පස්සේ ඒ අවුරුදු උත්සවෙත් සදහටම නැවතුනා. හැබයි පන්සල පූජා බූමියක් ලෙස නම් කරලා සීඝ්‍ර සංවර්ධනයකට ලක් උනා.
හැලප + ටින්කිරි = හැලපංකිරි
ReplyDeleteහොඳ හැලපෙකුත්, ටින් කිරි පරාදයි...
Delete