.

.

Jun 2, 2013

ඩයනගෙ මඟුල, සිංහල සිනමාව හා අපේ ටැලිවිසොන් එක... - History of Television



නෙළුම් විලේ බැහලා ඉන්න බින්දි මේ මෑතකදි එයාලගේ ගෙදරට නමෝ විත්තියෙන් රූප පෙට්ටියක් ගෙනාපු විසතරේ ලියල තියෙනවා දැක්කම මටත් හිතේ ආසවක් ආවා අපේ ටැවිසොන් පෙට්ටිය ගැනත් මක්ක හරි ලියන්නම ඕනේමයි කියලා. ඒවා අපේ ජීවිතේ සංදිස්තාන, ටැලිවොසොන් එක ඉතරක් නෙව්යි, වොෂින් මැසින්, ස්ටීමර් අයන්, ග්‍රයින්ඩර්, අවන් අරක මේක ගැජ මැටික් ඔක්කෝම අපිට ඒ කාළේ මැජික්ම තමයි. 

ඒත් ඉතින් මේක ලියන්නම ඕනේ කියන අදහස ආවේ, වෙනින් කවුරුවත් නෙමෙයි, ලෙනින් මොරායසුත් නෙමෙයි, මොනාලිසත් එක්ක වල්කමේ යන "හැලපයා". කිරි අම්මලගේ දානේ අස්සේ මාළු වලවල් ඉහින එකා, මේ සැරේ ටෙලිවොසොන් බැලිල්ල අස්සේ, ගල් ලෝඩ් බාන හැටිත් මතක් කරලා තිබුනම මට මතක් උනේ දේයි හාන්දුරුවනේ. මෙහෙම සඟිස්කුරුතියක් හැම තැනම් තීලා තියෙනවා නේද කියන කාරනේයි. එදා වගේ නෙමෙයි අද මොකෝ  ඒ කාළේ නම්, ඒ වැඩේ එතනින් ඉවරයි. අද එහෙම නෙමෙයි නේ පත්තර කාරයෝයි ටී වී කාරයෝයි බලාගෙන ඉන්නේ පෝලිම දාන්න.

මම මේ ළඟදි කියෙව්වේ, පොලිස් නෝනා කෙනෙක්ගේ සැක්ස්  වීඩියෝ එකක් දාගේන, පොලිසියේ මහ උන් හිටන් පට්ටම ආතල් එකක් ගන්නවය කියලා. ඇයි මල හත්තිලව්වේ මුන් අපේ ෆෝන් වල හෙළුවෙන් ඉන්න උන් දැක්කාම කූඩුවේ දාන්නයි, උන්ගේ ෆෝන් වල පෝන් දාගෙන ඉන්නයි, අම්මගේ නීතියක්නේ ආයිබොවන්ඩ මේක. මම ඔය ගෑණු අයට කියන්නේ, මහත්තය පොලිසීයේ නම්, පොඩ්ඩක් ෆෝන් එකේ පෝන් දාගෙන ඉන්නවද කියලා බලන්නේයි කියලා. දැන් ලොකු ලොක්කෝ ඔක්කෝම සෙට් වෙලාලු පෝලිමට. කොහොමත් එයාලා පෝලිම් දාන්න බොහොම දස්ස පස්ස කස්ටිය නොවැ.

අපි ඉස්-ඉස්සෙල්ලම් ටැලිවොසොන් බලන්න ගියේ ගුණතිලක ඇන්ටිලයි අහ. එහේට සෙට් උනේත් ඒ ළඟ ගෙදරක එකෙක් යලුවෙක් නිසා. එහේ තිබුනේ කලර් ටී වී එකක්. හැබයි ඉතින් හැම එකාම වැද්ද ගන්නේ නෑ. බොහොම වැදගත් පවුලක්. අපිව වැද්ද ගත්තේ අපි කුපාඩි උනාට දෙම්වපියෝ වැඩගත් හන්දා. අපරාදේ කියන්නේ, ට්‍රොලියෙ තියලා ගේන කූල් ඩ්‍රින්ක් එකකුත් වරදින්නෙ නෑ. හැබයි ඉතින් 6-7 වෙනකන් විතරයි, සෙසමි වීදිය බලලා වරාගොඩ පාරේ ගෙදර එන්න ඕන. මොකෝ අපි වගේ නෙමෙයි අර ළමයි හොඳට ඉගෙන ගන්නවා. ඒත් සෝ එකක් පෙන්නන දවසට නම් ඇන්ටිම කියනවා ඇවිත් බලන්න කියලා. එහෙම බලපු සෝ එකක් තමයි අම්බපාලි හින්දි සෝ එක.

එහේ යන එක නැවතුනේ, ඉස්සරහ ගෙදරට ටැලිවිසොන් එකක් ගෙනාපු නිසා. අඟල් 12" ටැලිවිසොන් එකේ රේඩියෝ එකයි, කැසට් එකයිත් තියෙනවා. ඒ කියන්නේ ත්‍රී ඉන් වන් එකක්. හැබයි පුතේ බ්ලැක් ඇන්ඩ් වයිට්. මේක නිකන් ඉඟුරු දීලා මොනවද ගත්තා වගේ සීන් එකක් උනාට. පටන් ගන්න ඉස්සෙල්ලා, දිග අතට ඉරි දාලා, "කීං..............." ගාන වෙලේ පටන්, ජාතික ගීය දාලා, "හෝ............". ගලා වහිනවා පෙන්නකන් බඩු වැඩ. අපිටත් ඉතින් මේළෝ සිහියක් නෑ. නිදි මත එනකන් මේක බ්ලන එක තමයි වැඩේ. මොකෝ අපේ ඉස්තෝප්පුවේ ඉඳගත්තම, එකම වත්තේ තිබුන අනික් ගෙදර ටැලිවිසොන් එක කිසි අවුලක් නැතුව පේනවා.

හැබයි... වෙන කවුරුවත් ගන්නෙ නම් නෑ. කවුරු හරි ආපු ගමන්, අපිව ඒ ගෙදර අතුලට දාලා, දොර වහගන්නවා. ඒකට හේතුව උනේ ඒ ගෙදර උන්නෙ අලුත් බැඳපු ජෝඩුවක්, පුංචි අම්මා, මැඩම් ටුසෙත් කෞතුකාගාරෙන් උස්සන් ආපු එකක්. ඒ නිසා, කවුරුත් එනවා යනවට බාප්පා කැමති උනේ නෑ. බාප්පා ආර්ථික විජ්ජාකාරයා වගේම බිස්නස් කාරයා. අද නම් ප්‍රකෝටිපතියා. පොර සිප් සතර දුන්න ගෝලයෙක් තමයි දෙපැත්තෙම කැමැත්ත ඇතුව උස්සන් ඇවිත් තිබුනේ...

පුංචි අම්මා එහෙමෙහෙ යනකොට, බොඩි ගාඩ් හැටියට ගියේ මම. මට ඉතින් තියෙන ආඩම්බරේ කියන්න ඕන නෑනේ ආයිබෝවන්ඩ. වල් කොල්ලෝ නොසන්ඩාල කතා පවා කිව්වට, වැදගත් උඩරට බොදු ගොවි, පහත රට වැදගත් ප්‍රසිද්ධ ව්‍යාපාරික කුල පරම්පරාවක සම්මිශ්‍රණයකින්, පැවත එන, යුතුකම් දන්න කීකරු දරුවෝ, එහෙම නොසන්ඩාල වැඩ කරනවද...? ඔය ඉඳලා හිටලා කොටුවක් පැන්නට. මටත් ඉතින් පට්ට වාසියි, මොකෝ මෙයා ෂොපින් යනකොට, මටත් මොනවා හරි අරගෙන දෙනවමයි.

පටි ජොකෙක් ඕනෙමයි කියලා කෑලේ පැනපු වෙලාවේ, රේල්පාර ගාව "හේමචන්ද්‍ර" එකෙන් "වෙයා වෙල්" ජොකෙක් ගෙනත් දුන්නෙත් පුංචි අම්මා තමයි. අදත් මේ කතාව කිය කියා හිනා වෙනවා අපේ සෙට් එක. මාතලන්ගේහැටි එහම් තමයි, ඉල්ලිම් දිනාගන්න උපවාස කරන්න රුසියා ඒ කාළේ ඉඳන්ම. නොනා ගෙනාවෙත් එහෙමයි. ඒක නම් ඉතින් කුමන්ත්‍රණ හා දරුණු සටන් මැද, ප්‍රභාකරන් අල්ල ගත්තටත් වඩා අති භිහිසුණු මෙහෙයුමක්. ඔය ඇන් ජී ඕ කාරයෝ වගේ, අපේ ඔක්කෝම මට විරුද්ධව තමයි ක්‍රියාත්මක උනේ.. ඒ කාළේ. ඒක වෙනම කතාවක්..

ඔය ටැලිවිසොන් එකේ තියෙන ඔක්කෝම බල බල ඉන්න කාලේ තමයි, අපේ තාත්තත් අඟල් 14" බ්ලැක් ඇන්ඩ් වයිට් "ටොෂීබා" එකකුයි ඇනිටෙනාවකුයි උස්සගෙන ආවේ. හොඳට මතකයි සෙනසුරාදා දවසක දවල් වෙලාවේ ගෙනාවේ. ඇන්ටෙනා එකත් සෙට් කරලා හැන්දෑවේ හය වෙනකම්ම "සූ......". ගාලා වහින එක තමයි බැලුවේ..

ඒ අතරේ මම වෙලේ උන්ටයි, එල්ලේ ගහන උන්ටයි අහල පහල උන්ටයි ඔක්කෝටම නිව්ස් එක දුන්නා. අපරාදේ කියන්නේ ඒ කාළේ ටැවිසොන් එකක් ගෙනාවම හංගන්නය. ආයේ ඇනිටෙනා එකෙන් බඩු මාට්ටු නේ. අපේ තාත්තත් ඉතින් මගේ ජාතියෙම නිසා, අපේ ගෙදර අහල පහල පොඩි උන් ඔක්කෝම පිරුනා.. අම්මයි ආච්චියි මේකට එච්චර කැමති නැති උනාට, තාත්තගේ පපුවේ, මගේ වගේම එක මයිල් ගහක් වත් නැත්තේ, අපේ පපුව හැම තිස්සෙම උණු වෙන මිනිස්සු නිසා මිසක්, වෙන හේතුවකට එහෙම නොවෙයි ආයිබෝවන්ඩ..

ඩයනගෙ මඟුලයි, සිංහල සිනමාවේ කඩා වැඩීමයි කොටු පැනිලියි හොරු පැනිලියි ඊළඟ එකේ.. කරන්න දෙයක් නෑ "හැලප ඉස්ටයිල්" එකට ලියන කොට මෙහෙම තමයි....

82 comments:

  1. මචන් මේක නම් එකම කතාවක්. //කුමන්ත්‍රණ හා දරුණු සටන් මැද, ප්‍රභාකරන් අල්ල ගත්තටත් වඩා අති භිහිසුණු මෙහෙයුමක්// මේ මහේයුමත් වෙලාවක ලියහන්කෝ.එක නම් ක්‍රියාදාම චිත්‍රපටියක් වගේ ඇති.

    ReplyDelete
    Replies
    1. පුද්ගලිකයි.... රහසිගතයි....

      Delete
  2. අපේ ගෙදරත් ටෙලිවිසොන් පෙට්ටියක් ගෙනාවේ මුල්ම කාලෙදිය, ඒත් ඊට පස්සේ අනිත් ගෙවල් වලට කලර් ඒවා ගෙනාපු නිසා අපේ ගෙදර ඒක තියෙද්දී ගියේ අල්ලපු ගෙවල් වලටය, අපේ අම්මාට එකට මල පැන " යන්නේ එහෙම නෑ ඒක එකාගේ ගුබ්බෑයම්වල රිංගලා පුක තියන්ට" කියලා බනින්නේය, අනික අපේ එකේ අහු වුනේ ජාතික ඒක විතරය, තව ITN කියලා එකක් තිබ්බ නිසා ඒකම බලන්ට ඕනා වුනේය. අල්ලපු ගෙදර අන්කල් කිව්වේ බූස්ටරයක් දැම්මා නම් ඒක පෙනෙයි කියලාය. මං ගෙදර ගිහිල්ලා කලරුත් නෑ, පේන්නෙත් එකයි,මට බූස්ටරයක් ඕනෙමයි ඉල්ලලා කරදර කලාම ,අම්මට ඇඩුනාය.මම සද්ද නැති වුනේය හිමීට බලනකොට දැක්කේ අම්මගේ කනේ කරාඹු දෙක නැති බවය.

    ReplyDelete
    Replies
    1. අපි මොනවා කිව්වත් අම්මලාගේ හැටි එහෙමයි

      Delete
    2. එයාලගෙ හැටි එහෙම තමයි.. අපරාදේ කතාව මෙතන ලිව්වේ. උඹේ කෙටි කතාවකට නියම වස්තු බීජේ....

      Delete
  3. \\\\ අපරාදේ කියන්නේ ඒ කාළේ ටැවිසොන් එකක් ගෙනාවම හංගන්නය. ආයේ ඇනිටෙනා එකෙන් බඩු මාට්ටු නේ. \\\\

    niyama kathawa...

    ReplyDelete
    Replies
    1. ටෙවිසොන් කාරයගෙන් මීට වඩා යමක් බලාපොරොත්තු උනා...

      Delete
  4. ඔය ඉතිං මුලම කාලේ.. මං නං ඉපදිලත් නැත... හි හි....

    හැබැයි අපේ ගෙදරත් මුලින්ම තිබ්බේ රතු පාට, ප්ලාස්ටික්, අතේ ගෙනියන්න පුළුවන් හැන්ඩ්ල් එකක් තියෙන පුංචි බ්ලැක් ඇන්ඩ් වයිට් ටීවී එකක්.. ඒක බැලුවද කියලා මට මතකත් නෑ... මං හිතන්නේ තාත්තගේ යාලුවෙක් දුන්න එකක් ඒක... ඊට ටික කාලෙකට පස්සේ පොඩි කලර් ටීවී එකක් ආවා... ඒක ගෙනල්ලා ටික කාලෙකින් ලොකු සෝනි ටීවී එකක් ආවා... ඒක අපේ මාමගේ..මාමත් ඒකත් එක්කම අපේ ගෙදර ආපු නිසා පොඩි ටීවී එක අල්මාරියක් උඩට වෙලා හිටියා අවුරුද්දක් විතර... ඊට පස්සේ ඉතිං සෝනි එක ආවා වගේම ගියා... ආයිත් පොඩි ටීවී එක කුස්සියට ආවා...

    පස්සෙ කාලෙක අපේ තාත්තා දවසක් මාත් එක්ක රණ්ඩු වෙලා ගැහුවා ටීවී එක පොලේ... සතියක් විතර තාත්ත එක්ක කතා නොකර ඉන්නකොට අම්මා රැපියල් 3000ක් දීලා කිව්වා ගිහින් ටීවී එකක් අරන් එන්න කියලා... ගෙනවා JVC ෆ්ලැට් ස්ක්‍රීන් එකක්.. මාසේ ගානේ ගෙවලා ඉවර කළා... තාම අපේ ගෙදර තියෙන්නේ ඒ ටීවී එක.....

    ReplyDelete
    Replies
    1. හ.. හා.. හැ.. හෑ...හි...හී.. හු...හූ...හො... හෝ.... හෙ... හේ...
      හ.. හා.. හැ.. හෑ...හි...හී.. හු...හූ...හො... හෝ.... හෙ... හේ...
      හ.. හා.. හැ.. හෑ...හි...හී.. හු...හූ...හො... හෝ.... හෙ... හේ...
      හ.. හා.. හැ.. හෑ...හි...හී.. හු...හූ...හො... හෝ.... හෙ... හේ...
      හ.. හා.. හැ.. හෑ...හි...හී.. හු...හූ...හො... හෝ.... හෙ... හේ...
      හ.. හා.. හැ.. හෑ...හි...හී.. හු...හූ...හො... හෝ.... හෙ... හේ...
      හ.. හා.. හැ.. හෑ...හි...හී.. හු...හූ...හො... හෝ.... හෙ... හේ...
      හ.. හා.. හැ.. හෑ...හි...හී.. හු...හූ...හො... හෝ.... හෙ... හේ..

      Delete
    2. mokadda ban muta wela thiyenne.

      Delete
    3. ටිකක් ලස්සනට හිනාවෙයංකො ඇනෝ.....

      Delete
    4. කවි පදයක් මතක් වුණා ඇනෝ.....
      මට කවියේ පද සේරම මතක නැ අන්තිම වදන් දෙක තමයි මකවා ගන් හූව.. ඒ වදන් දෙක ඉස්සරහට දාල තිබුණේ අම්මා ළගට ගෙන ගොස් කියලයි..

      Delete
    5. හි හි....
      හි හි....
      හි හි....
      හි හි....
      හි හි....
      හි හි....
      හි හි....

      දැන් ලාස්සනයිද මෙයා....

      Delete
    6. නලීන් ගෑණූ අස්සටම රිංගනේ මක්කටැයි කියලා කවියකින්ම කියාපිය.

      Delete
    7. කොල්ලෙක් උපන්නොත් නරියෙක් හට දාව
      ඌ හට උරුම වෙයි ඒ නරියගෙ හූව
      කොල්ලනි මෙතෙන්දී මා හට හූ කීව
      අම්මා ලගට ගොස් මකවා ගන් හූව

      Delete
    8. ඔය තැඹිලි පාට එක ගොඩක් ගෙවල් වල තිබුනා.. පේන්නේ බ්ලැක් ඇන්ඩ් වයිට් නිසා ටී වී එකවත් කලර් ගහන්න ඕන කියලා හිතෙන්න ඇති... හොකොමද හිරුට තියෙන කැමත්ත.. ඇනෝලගේ....

      Delete
  5. යකෝ,මම මැඩම් ටුසාඩ් ගිය වෙලේ බොලගේ පුන්චිඅම්මත් ඉන්න ඇති නේද බං.
    අපරාදේ මම අඳුනන්නෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. මගේ නෝනත් උන්නේ ඒකෙම තමයි.. දැන්නම් සිරි ලංකික සම්ප්‍රදායික ස්ත්‍රියකගේ අඟ පසඟ අඩුවක් නැතිව තියෙනවා. එයැයිට එහෙම කිව්වට මාත් එහෙම තමයි...

      Delete
  6. Fast-fold Projector Screens-adaptable In most The Conditions

    Also visit my page :: cocaine

    ReplyDelete
  7. හිටහං ආය් කියවන්න ඕන.. එක පාරක් මදි

    ReplyDelete
    Replies
    1. අනේ නිකං හිටහම් බොල. අඩුම ගානේ පලවෙනි ඡේදෙවත් කියෙවුවාද කියාපියකො? ඕනනම් මේ වචන සෙට් එකක් පාවිච්චි කරතැහැකි.
      හරිම රසයි ලිපිය
      එක හුස්මට කියෙවුවා
      ++++++++
      Jayawewa,
      මරු බං,
      හි හි.....හි හි.....,
      හයියූ,
      එන්න අපේ පැත්තේ
      හප්පටසිලි,
      ටිප් ටොප්
      ආන්න උඹටත් මට හිතිච්ච එකම හිතිලා,
      හැම පැත්තක්ම හොයලා බලලා ලියපු ලිපියක්
      අනේ හපොයි
      ආතල්..
      මම කිසිත් නොකියමි...
      ආයෙ පාරක් කියවලා කොමන්ට් කරන්නම්
      ඊයා නේ බං... හිරිකිතයි!....
      හිනා වෙලා පණ යනවා බං.,
      හිනා වෙලා ඉල ඇදෙනවා

      Delete
    2. කවුරු උනත් පච දේශකට හොඳ දේශනාවක් දීල තියෙනවා.

      Delete
    3. හනේ ඕයි. නියම ලියවිල්ල.
      මචං එළම එළ ඔහොම්මම ලියාගන පලයං , උඹ ලියන එව්වා රහයි,
      නියම,එල,පට්ට.ඇත්තටම එල කිරිස්.
      කියවපු රහම එක. උපරිමයි, පට්ට, එළකිරි,
      කාලෙකින් හරි හමන් කතාවක් කියලා එකක් කියෙව්වා...
      අගෙයි...
      මාරයි බන් ..
      අද නියම කතාවක් දාල තියන්නේ ....
      හොඳයි ඈ...දිගටම ලියන්න
      ඔය තියෙන්නෙ එල පහට..මෙහෙම කතා ලියන උන් දහයක් තව හිටිය නම්..අපි බ්ලොග් ලියන්නෙ නෑ..
      මේ තියෙන්නේ!!! පිස්සු පීකුදු ඈ!!!!
      තව නැද්ද මචන්....කතාව නම් සුපිරි...
      කියෙව්වෙමි! අගෙයි!
      එලකිරි කතාව...උපහාසයයි හාස්‍යයයි නියමෙට ගැබ් වෙලා තියනවා.
      නියමයි අයියේ, ගොඩ කාලෙකින් ඇගට දැනෙන දෙයක් කියෙව්වා.
      ආයෙ කියන්න වචන නෑ බං. උපරිමයි.
      ela..pata..niyamai.
      Jayawewa.
      ඉතාමත් හොදින් ලියලා තියන කතාවක්.

      Delete
    4. තාම කියවලා ඉවර නෑ වගේ....

      Delete
  8. ඒකාලේ ටීවී එකට ලයිසොමක් තිබ්බනෙ. ඒ ගැන සුනන්ද කෝදාගොඩ ලියපු නරනාටකයක් තියෙනවා.
    අල්ලපු ගෙදරට ටීවී එකක් ගෙනත් ඇන්ටනාව සුනන්දගෙ ගෙදර පැත්තට හරෝලා හයි කරනවා. ඒ දැකපු සුනන්දගෙ මායියගෙන් බේරිල්ලක් නැති තැන, ඌත් කරන්නෙ ටීවී එකක් නැතත්, ඇන්ටනාවක් ගෙනත් හයි කරන එකයි. ඒ ආතල් එක විඳිමින් ඉන්න අතරෙ ග්‍රාම සේකරය පැනලා, ටීවී එක හොය හොයා ගේ දෙවනත් කරනවා. නෑ කිව්වට පිළිගන්නෙත් නෑ මොකද ඇන්ටනාවෙන් අර කිව්ව වගේ බඩු මාට්ටු නේ. අන්තිමේ ලයිසන් නැතුව ඇන්ටනාවක් පාවිච්චි කළාට සුනන්දය හිරේ යනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සමහර් උන් ගහගෙන හිටියා.. ඒක මම අත්දැකිමෙන්ම දන්නවා..

      Delete
  9. හප්පට සිරි ඒ ගමන මූත් පඳුරු තලන්න පටං අරන්. ටී වී ගැන පෝස්ට් එකක් දකින ගානේ මම දාන අර ටා‍ටුං කමෙන්ට් එක දැන් ඇති වෙලා.

    මට මතක් වෙන්නේ එක දවසක් මායි මගේ අග සව්වො දෙන්නයි දවසක් බයිසිකල් වල නැගලා කන්දක් පදිනකොට අපි දැකපු සීන් එකක්. එක පොඩි එකෙක් පාර අයිනේ කානු ගැට්ට උඩ නැගලා ලොකු ගෙදරක තාප්පේ පතුලේ අර වතුර පාරේ කානුවට වැටෙන්නෙ සෙට් කරලා තියෙන හිලෙන් ඒ ගෙදර ටීවී එක බලනවා. මේ ලඟදින් මගේ යාලුවාගෙන් ඇහුවාම ඌටත් ඒක මට වගේම මතක තිබ්බා.

    මිනිස්සුන්ගෙ පපුවේ මයිල් නැතිවෙන්නේ ඔන්න ඔය හේතුවටයි එතකොට ඈ? බෲස් ලීත් එහෙමයි ඈ?

    ReplyDelete
    Replies
    1. ඉතිං බොටත් ඔය කතාව ලියන්න තිබ්බනෙ රහට,පරිවර් තනයම බදාගෙන ඉන්නෙ නැතුව .

      Delete
    2. පරිවර්තනය වෙන්වෙලා වැදිලා ඇත්තේ අහම්බෙන්ම වෙන්න ඇති නේද මචං? :D
      එහෙම නෑ බං.

      මම මැයි මාසේ දාලා තියෙන පෝස්ට් හතෙන් හතරක් ස්වනිර්මාණ. ඔන්නම් බලාපං හැලපේ.

      Delete
    3. අප්පට හුඩු,ප්‍රින්ටිං මිස්ටේක් මචං...බලපං උඹට දාපු කමෙන්ට් එකම වැරදුනේ මොකද දන්නෙ නෑ බං...වැරදීමත් එක්ක මොකුත් සහ සම්බන්ධතාවක්වත් තියේද මන්දා

      Delete
    4. හැලපෙ පොඩ්ඩක් Henry කොමන්ට් කරපු වෙලාව බලනවා තමා. නයිට් ඩියුටි කොරල ඇත්තටම නිදියන වෙලව හරි නින්දෙන් නැගිටුන වෙලාවෙ හරි තමා කොමන්ට් කරලා තීනවා. අන්ඩර දෙමළනේ.

      Delete
    5. අනේ පව් බන්.. මමත් දැකලා තියෙනවා ඔහොම එක එක ඒවා අස්සෙන් කොල්ලෝ කෙල්ලෝ එබි එබී බලනවා. අපේ තාත්තා පොඩි උන්ට එන්න දුන්නෙත් ඒකමයි..

      Delete
  10. අපි ඉතින් අල්ලපු ගෙදර විමලා නැන්දගෙ ගෙදර ගිහින් තමයි ටීවී බැලුවෙ පොඩි කාලෙ...ඒ ජෝඩුවට ළමයි හිටියෙ නැති වයසක ජෝඩුවක් නිසා අපේ ආගමනයට විරුද්ධව වුනේ නෑ...අපි එයාගේ කලර් ටීවී එකට කිව්වෙ තේ පෙට්ටිය කියලා...ටීවී එක දැම්මට පස්සෙ විමලා නැන්දා වැඩිපුර බලාගෙන හිටියෙ එළියට වෙලා අහස දිහා..බැරිවෙලාවත් අහසෙ එක විදුලියක් හරි කෙටුවා නම් එතනින් දර්ශන වාරය අවසන් වෙනවා...ඊට පස්සෙ අපේ විරෝධතා මැද ටීවී එක වහලා දානවා. ඊටත් පස්සෙ තියාගනින් විමලො උඹේ තේ පෙට්ටිය කියලා අපේ මලයා මොර දෙනවා...අපේ ගෙදරට අගල් 21 එනකං ඔන්න ඔහොමයි උනේ...

    ReplyDelete
    Replies
    1. සිරාගෙ මලය ටොප් කොල්ලෙක්නෙ බලපුවාම,ඉතිං එහෙම බැනල ඇවිත් පහුවදාත් ටී වී බලන්න එහෙට යනවද...

      Delete
    2. අපේ මලයට තමයි වැඩිපුර තදවෙන්නෙ...ඌ හිතේ තියෙන තරහව වචන වලින් පිටකරගෙන පහුවදාත් රාත්‍රී 7 වෙද්දි එතැන...

      Delete
    3. අපේ බාප්පා කාරයත් ඔහොම තමයි. එක සැරයක් මගේ අතින් හෙඩ් ක්ලීනින් වීඩියෝ එකක් උගේ ඩෙක් එකේ හිරවෙලා. මිටිය ගෙනෙන් කිව්වා එලියට ගන්න.

      Delete
  11. මාතලන්ට දැඩි විරෝධය.. හැලපස්ටයිල් අනුකරණය ගැන.

    ReplyDelete
    Replies
    1. කරන්න දෙයක් නෑ මචෝ. ඒ ඉස්ටයිල් එකට ලියවෙන්නේ මෙහෙම තමයි..

      Delete
  12. හැලප කඩේ වහන්ඩ වෙයි ..... මෙන්න මෙයත් හැලප විකුනෝ නො ..... අරෙහෙන් හොදට හිටපු විචාරක පදුරු තලනෝ ....
    මගේ ටීවී මතකයත් හරිම සෝචනීයයි අප්පා..........................

    ReplyDelete
    Replies
    1. ලියන්නකො සත්තරනේ... එවා කියවන්න කවුරුත් කැමතියි...

      Delete
  13. කෝ කෙන්ජි............ කෝ වෙද මහත්තයා.... එන්නෙ නැද්ද හොරි කහන්න....ගිනි පිඹින්න....

    ReplyDelete
  14. මෙන්න ආවා.

    මම එස්සෙල්ලම ටී වී බැලුවේ ඕක පටන් ගත්ත අලුතම අපේ මාමලගේ ගෙදර. ඊට ටික කාලෙකින් අපේ ගෙදරටත් එකක් ගෙනාවා හැබැයි කලු සුදු. පස්සෙ ආවා පොඩි සෙල්ලමක්. ටීවී ස්ක්‍රීන් එකට අලවන කඩදාසියක්. ඒක ඇලෙව්වම පේන්නෙ කලර් හැබැයි ඔලුව රතු ඇග නිල් නම් කකුල් කහ ඔය වගේ පාට තුනක්. අපේ අයිය කෙනෙක් ඔය කොලයක් මටත් දුන්නා. ඒක එක දවසෙන්ම එපා වුනා.

    අපි ටී වී බැලුවේ කාර් බැට්ට්‍රියකින්. අපි සතියකට සැරයක් ඕක ගෝඉනියක දාල දෙපැත්තෙන් අල්ලන් උස්සන් වත්තල හංදියට යනවා චාජ් කරන්න. ඔන්න අපේ ටී වී පුරාණේ.

    ReplyDelete
    Replies
    1. එන්න කෙන්ජි..... එන්න මාතලන්..... එන්න ඉක්මනට.... ඔය තුන්දෙනා ලිප් ගල් තුන වගේ....

      Delete
    2. අම්මපා එහෙමත් සීන් එකක් තියෙනව ද?

      Delete
    3. ඇනොල කිව්ව නිසා ආව මිසක්,මම මේ දවස්වල ඉන්නෙ හරිම අප්ෂට් එකේ බන්ල.

      Delete
    4. @ කෙන්ජි
      අර කෑම වේල අවුල් වෙලාවත්ද,, නලියෝ උඹ තමා වගකියන්න ඕන

      Delete
    5. මොකෑ කෙන්ජියෝ.. වැල් පෙනෙල වැඩි වෙලාද...? එහෙම නැත්නම් ඩ්‍රින්ක් එක වැඩි වෙලාද...?

      Delete
    6. මොකක්ද කෙන්ජියො අප්සැට් එක,යාලු ඇනෝල එක්කද

      Delete
    7. අද පිට කසාගන්නෝ ගොඩයි.

      Delete
    8. කෙනජිට කොල්ලෙක් සෙට් උනානම් ඔය අප්සෙට් ක සිරාවට අහවරයි. මංතුමා දැක්කා පහුගිය කාලෙ සීන් එකක් පොලෝසියට මාට්ටුවෙලා තිබුනා කියලා කොමන්ටුවක් දාලා තියෙනවා.

      Delete
    9. තල තෙලට වේලේ, මී බෙටි කුමට වේලේ...... අයියෝ දේශක, හැලපෙ... අයියෝ සල්ලි...

      Delete
    10. මගෙ ඩොකා මළ නිසා සතියම ශෝක සතියක්.
      දවල්ටත් දෙකක් හලාගෙන තමයි අමාරුවෙන් බත් කටක් ගිලින්නෙ.

      Delete
    11. හුටා.. මෙහෙත් උන්න හොඳම ඩොකෙක් අපිව දාලා ගියා..

      Delete
    12. මටත් මතකයි ඔය කලර් කොලේ. අපේ ගෙදරට කලර් ටී වී එකක් ගෙනාවේ මම තමයි ඉස්සෙල්ලම. ජොබ් එකක් කරලා එහෙම දෙයක් ගේන කොට රටක් රාජ්ජයක් ගේනවා වගේ තමයි. මම ඒ කාළේ ජොබ් තුනක් කලා. සල්ලි හෙව්වා වගේම සුද්දා වගේ වියදමුත් කලා.

      Delete
  15. පපුවෙ මයි නැත්තෙ පපුව උණුවෙන උන්ගෙ නෙමෙයි බං පපුවෙ තෙතමනයක් නැති මිනිස්සුන්ගෙ. එහෙනං උඹත් ඒ ගොඩේ.

    ReplyDelete
    Replies
    1. තෙතමනයට වැවෙන මයිල්. පපුව උණුවෙන කොට පිච්චිලා යනවා. ඔය මයිල් ගොඩක් තියෙන්නේ පපුව උණු වෙන්නේ නැති උන්ගේ. හැබයි පුකේ කතාවනම් වෙනස්...

      Delete
  16. දයනගේ මගුල කාලේ මටත් රූපවාහිනියක් තිබුනේ නැහැ. සෙනග සීයක් විතර එකතුවෙලා හිටිය ගෙදරක දාඩිය මුගුරු දාගෙන අඟල් 12 කලුසුදු ටී වී එකකින් බැලුවා. ටී වී බැලිල්ල ගැන මතක තියන කතා වෙනම ලියන්නම්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඉදහන්කෝ කියනකන්.. පට්ටම සීන් එදා නම්...

      Delete
  17. රසවත් ටීවී ඉතිහාසයක් . මේ ලිපියෙන් සහ හුඟක් කමෙන්ට් වලින් ඒ වගේම මගේ අත්දැකීම් වලින් මට දැනෙන්නේ ඒ කාලේ මිනිස්සු අදට වඩා සමාජ ශිලියි වත්ද කියලා . අද හය හත වෙද්දී ගෙවල් වලට වැදිලා දොරවලුත් වහගන්නවා . එකක් මේ මදුරු වසංගතේ . .

    ඒ අතින් නම් අපි අද වෙද්දී සුද්දෝ වගේ කියලා බය නැතුව කියන්න පුළුවන් . මොකද සුද්දන්ගේ ගෙවල් වල තියෙන ළමයින්ගේ සෙල්ලම් හවස පහ හය වෙද්දී ඉවරය්.

    අපේ දිහා එන පොඩි උන් රෑ වෙලා වත් ගෙවල් වල ගෙනියන්න බැහැ . තව ටිකක් ඉන්නද අහනවා . එක ළමයෙක් ඉන්නව ''අනේ මන් ඕන සැර කෑමක් කනවා . මට ඔයාලගේ දිහයින් රෑට කාල යන්න පුලුවන්ද'' අහන .

    මේ මන් හිතන්නේ අපි අර කියූ හොඳ මිනිසුන්ගෙන් ලැබූ හොඳ දේවල් ආපසු ලෝකයට දෙන්න ඕන කියලා හිතන නිසා වෙන්න ඇති . ළමයෙක්ට හොඳින් සැලකීම මන් හිතන්නේ ලොකු ආයෝජනයක් යහපත් ලෝකයකට .

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete

    2. කොල්ලෙක් උපන්නොත් නරියෙක් හට දාව
      ඌ හට උරුම වෙයි ඒ නරියගෙ හූව
      කොල්ලනි මෙතෙන්දී මා හට හූ කීව
      අම්මා ලගට ගොස් මකවා ගන් හූව


      ඇනෝවරුනි කකාට දුක් දෙන්න එපා
      බින්දියෙ ගොඩ වෙදනට රැවටෙන්න එපා
      දැනුම සොයා නම් තව මෙහි එන්න එපා
      හතුරෙකුටවත් බ්ලොග් කියවනු කියනු එපා

      මහැදුරු බිරිඳ නයි පිට නයි පටවනවා
      හරකෙක් වුණත් මාරයියත් බත් කනවා
      ලූලා නැති වළේ කණයෝ රජ වෙනවා
      තිබහට වතුර වෙනුවට අපි චූ බොනවා

      දුකා, ජනූ, බුද්ධි බ්ලොග් ලියූ අතීතය
      සමඟින් හැර ගොසිනි සඳරුද කිරීටය
      වෙනුවට සිටියි දත් දොස්තර අභීතය
      මේ මඟ ගියොත් බ්ලොග් ලෝකෙත් කුජීතය

      දැනට බ්ලොග් අවකාශය තුල සුළුවෙන් හෝ වැදගත් පෝස්ට් දමන අය කව්ද? හිස් , අරුත් සුන් දේවල් දමන්නන් කව්ද ?


      ඕවා දෙනු පරහට
      තමා සම්මතයේ පිහිටා සිට!

      හැලපේ මට එකම එක වැදගත් පෝස්ට් එකක් පෙන්නනවද ඔබේ බ්ලොගයේ.නිකන් පඩ කතා කාරයෝනේ මේ මහ ලොකුවට කියවන්නේ.දැනට දෙයක් ගැන හරියට කතා කරන මිනිස්සු ඉන්නේ හතර දෙනෙක් වගේ මුළු බ්ලොග් අවකාශේටම.එහෙම වෙලත් ඒ මිනිස්සු කවදාවත් අනුන්ට දොස් කියන්නේ නැහැ.

      අද වෙද්දී යාන්තන් හරි බ්ලොග් අවකාශේ රැඳිලා තියෙන්නේ ඔය 4 දෙනාට පින් සිද්ද වෙන්න.ටැබූ , රයිටර් නැවත පැමිණිලා ඉන්න වෙලාවක වත් මුග්ධ විදිහට හැසිරෙන්න එපා.

      @ඇනෝ,
      මෙතන තිබුණු කමෙන්ට් එක මම දැක්කා...ටිකකින් එනකොට ඒක මකලා...කොහොමත් ඒ ඇනෝ කෙනෙක් නොවෙයි ප්‍රොපයිල් එකක් ඇති කෙනෙක් ඇනෝ ඇවිත්.
      ඔය යටිනුත් තියෙන්නෙ එයාගෙ ඇනෝ කමෙන්ට් එකක්.
      චෝදනා වලට උත්තර නං දෙන්න පුලුවනි...ඒත් දැන් මොනවටද.

      Delete
    3. බ්ලොග් කියන්නේ මොකක්ද කියන එක මුලින් වටහා ගන්න. බ්ලොග් කියන්නේ තමන් කැමති දෙයක් ලියන්න තියෙන එකම මාධ්‍යය. මේකත් මේ බුකිය වගේ ගඳ ගහන තැනක් කරන්න එපා. ඇනෝලා නැතුව වැඩක් නෑ. ඒත් ඔයා අකමැතො බලන්නෙ නැතුව ඉන්න. ඔයාට වැදගත් කියලා හිතෙන දේවල් ඔයා බලන්න. සඳරු මම ඉහලින්ම අහය කරන බ්ලොග් කරුවා. මොකක්ද සඳරු ලියපු වැදගත් දේ. ඒත් ඒ දෙවල් රහයි. හැලපේ කියන්නේ අද තියෙන හොඳම බ්ලොග් අඩවිය. ඒ මට. ඔබ අකමැති නම් මඩ නොගහ. ඔබ අගේ කරන ආකාරයේ බ්ලොගක් ලියන්න. අනික මේ ඔක්කෝම බ්ලොග් ලියන අය. එයාලගෙ බ්ලොග් මිනිස්සු බලන්නෙ නැත්ති ඇයි කියලා හොයලා බලන්නෙ නැතිව. මිනිස්සුන්ට දැනෙන යමක් ලියන මිනිස්සුන්ට නිග්‍රහ කරන්න එපා. ඕක අපේ ජාතියේ මහ කැත ගතියක්. මේ ගරහන්නේ අපේ රාතියටයි. නමුත් පැහැදිලිවම පෙන්වන්නෙ නම්.. මහ ලොකු "අපේ කම".

      Delete
    4. දැනට ඔබ ඉහළින්ම අගය කරන බ්ලොග් හිමියන් 5 දෙනා කව්ද?හේතු සහිතව දක්වන්න.

      Delete
    5. ඒක මගේ අතිශය පෞද්ගලික දෙයක් ඒත් මම ඉතා අගය කරන බ්ලොග් එක කිව්වා ඒ ඇතිනේ. අනික මගේ ඒවා දැනගත්තා කියලා ඇහි වැඩක් නෑනේ. මම විඳින් දේ වෙන කෙනෙකුට රහ නැති වෙන්න පුළුවන්. එහෙම නම් ඒ දේ වැදගත් විදියට කියනවා මිසක්. හැම තැනම නිග්‍රහ කරන එක නෙමෙයි යුතුකම. අනික දෙයක් කියන්න තියෙනවනම්. ඒක එතන වැදගත් විදියට කියන්න. ඔබලා ඔවුන්ගේ බ්ලොග් විවේචනය කරනවා සත් පහක වැඩක් නෑ කියා. ඒත් ඔබලාගේ කොමෙන්ටු වල තත්වය කුමක්ද? මේ ආකාරයේ කොමෙන්ට් වලින් පෙන්වන්නේ ඔබ කවුරුන් වූවත්. ඔබේ පහත් ගති. හැලපේ ලියන්නේ තනිකර ඇත්ත. ඒවා කතා කරන කොට බොහෝ දෙනෙක්ට රිදෙනවා. මොකෝ ඇත්ත තිත්තයිනේ. මඩ ගහන එකත් කලාවට කරන්න. එතකොට අවුලක් නෑ..

      Delete
    6. //මඩ ගහන එකත් කලාවට කරන්න//

      හරියට හරි... මට අද තියන එකම අවුල " දේශකයයි, හැලපයයි" ඇවිත් රජ තුන් කට්ටුව අස්සෙ රින්ගපු එක.... කැත වැඩ බන් ඕවා..... කිරි හැලියට ගොම දැම්ම වගේ....

      Delete
    7. අවුලක් නෑ. එකෙක් කිව්වා ත්‍රිපිටකේ වගේ කියලා, තව එකෙක් තව මොකක්ද කිව්වා. දැන් උන් දෙන්නත් එක්ක පංච මහා බල වේගය වගේ....

      Delete
    8. අනික මේ ඔක්කෝම බ්ලොග් ලියන අය. එයාලගෙ බ්ලොග් මිනිස්සු බලන්නෙ නැත්ති ඇයි කියලා හොයලා බලන්නෙ නැතිව. මිනිස්සුන්ට දැනෙන යමක් ලියන මිනිස්සුන්ට නිග්‍රහ කරන්න එපා. ඕක අපේ ජාතියේ මහ කැත ගතියක්. මේ ගරහන්නේ අපේ රාතියටයි. නමුත් පැහැදිලිවම පෙන්වන්නෙ නම්.. මහ ලොකු "අපේ කම".



      දැනට මෙතන වැටිලා තියෙන සියලුම අපහාසාත්මක කමෙන්ටු ඉවත් කරන්න.කියන්නේ එකක්.කරන්නේ තව එකක්.

      Delete
    9. මොකක්ද බං ඇනොල මෙතනත් අර දියවන්නාවෙ මඩ ගොහොරුව වගෙ කරගන්නෙ.ඔබල උගත් අය නේද?මර්විය,රත්තරන්,ගංජා අමරෙ ලගේ තැනට වැටෙන්න හදන්න එපා.අපිට දැනුම ලබා ගන්න,ඉදල හිටල වහෙන් ඔරෝ කුණු හරුපයක් කියල විනෝද වෙන්න තියෙන නිදහස් තැන නැති කරන්න එපා.විශේෂයෙන් කාන්තා පක්ෂයට උවමනා නැති වචන වලින් සංග්‍රහ කිරීම සම්පුර්ණයෙන් නවතා දමන ලෙස කරුණාව පෙර දැරිව මගේ ඇනෝ සහෝදර වරුන්ගෙන් බොක්කෙන් ආයාචනා කර සිටිමි.දැනට ඉන්න බුද්ධිමත් කාන්තාවො කීප දෙනාත් අපට නැතිව ගියොත් කොහොමද අප අදහස් හුවමාරු කර ගන්නෙ.
      උතුම් වූ ස්ත්‍රී ප්‍රාණයක් නැතිව අප සැමට ජිවිතයක් තිබේද සහෝදරවරුනි.!

      Delete
    10. එහෙම පටන් ගත්ත රූප පෙට්ටියට උන වින්නැහියක්!
      -Kandyan-

      Delete
  18. මේ අස්සෙම නෝනා ගෙන්න උපවාස කරපු හැටිත් ලියහංකෝ.. අපරාදේ මේ පදුර බාගෙට තලන්නේ..

    ReplyDelete
    Replies
    1. දැන් බොගෙ රස්සාව ලියන හැටි ගැන උපදෙස් දෙන එකද දේශකයො.

      Delete

    2. නිල මැස්සෙක් බෙට්ටකට වහලා...

      Delete
    3. ඒවා මෙකේ ලියන්න බෑ.. හතර වෙනි තට්ටුවට ගෙනියයි.. පොලිස් පොතෙත් ලියවෙච්ච ඒවා තියෙනවා...

      Delete
    4. //AnonymousJune 3, 2013 at 11:49 PM
      නිල මැස්සෙක් බෙට්ටකට වහලා...//

      ඇනෝ බෙට්ටෙ පර්මනන්ට් රෙසිඩන්ට් ද?

      Delete
  19. ගමටම තිබ්බ එකම ටීවී එක තිබුනෙ අපේ අල්ලපු ගෙදර..කළුසුදු අඟල් 12 එකක් ඒක ලොකුවට පේන්න ඉස්සරහින් තව ග්ලාස් එකක් තියලා. අපි පොර කන්නෙ ටීවී එක කෙලින්ම ඉස්සරහින් ඉඳ ගන්න. මොකද අර වීදුරුව නිසා පැත්තට පේන්නෙ නෑ හරියට..හෆොයි ඔය ටීවී එක බලන්න අර ගෙදර තියෙන සේරම වැඩ වලට උදව් වෙන්න උනා අපි සෙට් එකට..ඒත් පාඩු නෑ. ජාතික ගීයෙන් පටන් අරන් ජාතික ගීයෙන් ඉවර වෙනකම්ම අපි ටීවී එක ඉස්සරහ. පස්සෙ අර ඩිනස්ටි කියලා වැඩිහිටියන්ට විතරක් පෙන්නන ටෙලියක් ආපු නිසා ඊට ඉස්සර වෙලා ටීවී එක ඔෆ් කලා..

    ReplyDelete
    Replies
    1. මචං ඒ කාලේ වැලට සෙට් වෙන්න මරු කතා ටිකක් ගියා.. අපේ ගෙදර අය ඔය ඉන්ගිරිස් ඒවා බලන්නේ නෑ...

      Delete
  20. අපි ඉපදෙනකොටනම් ඔය රුප පෙට්ටියක් අපේ ගෙදරත් තිබුනා.
    ඉස්සර ජාතික රුපවහිනියේ තේමාගීතය මැවිලා පේනවා වාගේ..
    (අර යකෙක් නටන්නේ..)

    ReplyDelete
    Replies
    1. ඉපදෙන කොට තිබුනම අගයක් නෑ... අද පොඩි උන්ට මේවා නිකන් ටොයිස් වගේ.... අපිට මේවා මැජික්...

      Delete

  21. දැනට බ්ලොග් අවකාශය තුල සුළුවෙන් හෝ වැදගත් පෝස්ට් දමන අය කව්ද? හිස් , අරුත් සුන් දේවල් දමන්නන් කව්ද ?

    ReplyDelete
  22. පහු ගිය කාලේ දයා වෙද මහත්තයා කෙන්ජි අරුණි උදිත ගැන බලු කමෙන්ට් වැටුණා.ඒත් ගණන් ගත්තේ නැහැ.ඇයි අද කතා කරන්නේ.වල් බූරු නිදහස ඇනෝලට දුන්නේ කව්ද?දැන් කරන්න දෙයක් නැහැ.

    ReplyDelete
  23. ඩයනාගේ මරණේ නම් මම බැලුවා . මාර මරණේ
    හිහිහිහිහිහිහිහිහිහ්

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න