.

.

Jun 8, 2013

Sirasa Super Star Season 5 - අති විශිෂ්ඨා.............යි.....!!!!



ටෙලිවිෂන් ඉතිහාසයේ කවදත් අළුත් අළුත් දෑ ලංකාවට හඳුන්වාදෙන, "සිරස" නාලිකාවේ, සිරස සුපර්ස්ටා වැඩ සටහනේ, අවසන් වැඩ සටහන ඊයේ රෑ ඉවර උනේය. එහිදි අවුරුදු 17 ක් විතර වන උස හැන්ඩි කොල්ලෙක් උන, දසුන් මධුසංඛ රුපියල් කෝටියේ ප්‍රථම ත්‍යාගයට අයිති, ලොකු කාඩිබෝඩ් එකකුත්, උස්සන්න බැරි සම්මානයකුත් අරගෙන ගෙදර ගියේය. මේ වැඩසටහන විනිශ්චය කරන්න දාලා ඉන්නා අය අතරින්, සංගිතය පිළිබඳ ඉහළම දැණීමක් ඇති, එහෙත් හැසිරීමෙන් පොඩි එකෙකුටත් අන්ත, හේෂාන් බුවා නිතරම කියනා පරිදිම, මවර තරඟය නම් මුල පටන්ම අති විශිෂ්ඨමය.

හේෂාන්ට එසේ කීවාට අවුලක් ගන්න ඕනා නැතිය. එයා එහෙම කරන්නේ බොක්කෙන් එන එක වෙන්න ඕනාය. රියැලටි කියන්නේ ඒකටය. පසුගිය තරඟ මෙන් නොව, මූලික වටයේ සිටම තරඟ රටාව වෙනස් කොට ජාත්‍යන්තර තත්වයෙන්, කොටින්ම ඉන්දියාවෙ රියැලටි වැඩසටහන් වලටත් වඩා බොහෝ ඉදිරියෙන් සංවිධානය කර තිබීම, අගය කළ යුතුමය. වැඩ සටහනක වින්දනය මෙන්ම. එය නරඹන රසිකයා වෙහෙසට පත් නොකිරීමද වැඩසටහනක උසස් බවට බෙහෙවින් බලපාන්නේය.

නිවේදිකාව තමන්ගේ වගකීම නිසි ලෙස ඉටු කල අතර, අවසාන තරන්නය දක්වාම එම උසස් තත්වය රැගෙන යාම, අගය කළ යුතුමය. මා මේ තරඟයේ සෙනසුරාදා විකාශය වූ වැඩ සටහන නැරඹූවද. කිසිදිනක ප්‍රථිපල වැඩ සටහන නැරඹුවේ නම් නැත. ඒය, පැයක කාළයක් ප්‍රචාරණය කිරීම කාළය කා දැමීමකි. එම වැඩ සටහන පැය භාගයකට වෙනස් කොට. ඉතිරි වේලාව වෙනත් වැඩ සටහනකට යොදා ගැනීම ලේසියෙන් කළ හැක.

මෙවර තරඟයේ ගී ගායනා කිරීමෙන් පසු, හොටු පෙරාගෙන ඇඬිම්, වැලපීම්, කලිසම් ඉල්ලා ගැනිම්, ජෝකා මාරු කර ගැනීම්, සල්ලි නැතිව බස් එකේ ආපු හැටි, බස් හෝල්ට් එකේ නිදා ගන්නා වැනි ගොබ්බ මනාප හිඟකෑමේ ක්‍රමවලට ඉඩ කඩ සලසා නොදීම, අගය කල යුතුය. ඇත්තෙන්ම ඒ සඳහා නිවේදකයා හෝ නිවේදිකාව සිටී. ඉවත්ව යන උන්ට. ගෙදර බල්ලාගේ සිට වැඩ සටහන් අධ්‍යක්ෂණය කරන එකා දක්වා ස්තූතී කිරීම් මැද, කකුල් අල්ලා, දනින් වැටි වැටී, හොටු පෙරාගෙන පවත්වන කතා නොමැතිවීමද අගය කළ යුතුමය. මේවා වලින් කරන්නේ, අපේ තරුණ පරපුර අභිමාණයක් ඇති පිරිසක් කිරීම නොව. හිඟන මානසිකත්වයක් ඇති, යැපීම් මනසක් සහිත, අනුන්ගේ අනුකම්පාවෙන් ජීවත් වන, දීනයන් පිරිසක් බවට පත් කිරීමයි.

ගායන හැකියාවෙන්, රසින්ත ඉදිරියෙන් උන්නද, රසින්ත වෙනුවට දුලාජ් අවසාන තරඟයට තේරී පත් වූයේ
නම් තරඟය මීට වඩා උණුසුම් වන්නට ඉඩ තිබිනි. දසුන් අවු 17 ක පොඩි කොල්ලෙක් වන විට. රසින්ත අවු 34 ක තලත්තෑනී පොරක් වීම මනාප ලබාගැනීමට කිසිසේත්ම සුදුසු කමක් වන්නේ නම් නැත. මෙහිදි අවු 17 ක දසුන්ගේ හැසිරීම, ශරීර ඉරියව්, කතාකිරීමේ හැකියාව, ඉවසීම, නිරිභීත කම, අධිෂ්ඨානශීලී බව මෙන්ම නිහතමානි කමද සෑම තරුණයෙක්ටම ඉතා වැදගත් පාඩමක් කියා දෙයි. මා නම් තරඟයේ දුටු, පරිනතම පුද්ගලයා, දසුන් මධුෂාන් බව තරුණ පරපුරට ආඩම්බරයක් ලෙස කියා සිටිය යුතුමය. එනයින් ඔහු නියම සුපර් ස්ටාර් කෙනෙ වන්නේමය.

මෙහිදි, රසින්ත මෙන්ම දුලාජ්ට අපට අනාගතයේ බලාපොරොත්තු තබා ගත හැකි ගායකයන් බව අවිවාදිතය. ආළෝකය, සංගීතය, වැඩ සටහන පෙලගැස්විම, ඇඳුම් නිර්මාණය, රංගනය, ගායනා හා ඉදිරිපත් කිරීම අති විශිෂ්ඨ තලයේම තිබුනේය. ශ්‍රී ලාංකික මිනිසාගේ හදෙහි පවත්නා රිද්මය හොඳින් හඳුනාගත් ශ්‍රේෂ්ඨ සංගීතඥයින් දෙපොලක් වන, "නිමල් මෙන්ඩිස්" හා "ක්ලැරන්ස් විජේවර්ධණයන්" අගය කිරීමට ලක් කිරීම, ඉතා අගය කල යුතු අතර. එයින් වැඩසටහනට විශාල ආලෝකයක් ලැබුණු බවද නොකිවමනාය.

කලින් ගායනා තරඟයකදී ජයග්‍රාහිකාව වූ ශානිකා මධුශානීගේ සී ඩී පටය හඳුන්වා දීමද අගය කල යුතුමය. සෑම නාලිකාවකින්ම කොතරම් තරු බිහිකලද, ක්ෂේශ්ත්‍රයේ ජනප්‍රිය, සිරසෙන් බිහිකල පිරිස පමණි. ඒ ඔවුනට ලබා දෙන නිදහස හේතුවෙනි. ඔවුන් ගිවිසුම් වලට හිර කර ගන්නේ නැතිව. ළොව පුරා සැරිසරා මිනිසුන් ලෙස ජීවත්වීමට ඉඩ කඩ සලසා දීම විශේෂයෙන් අගය කළ යුතුමය. තෑගි දීමේදි වුවද, මුළු ලංකාවම වේදීකාවට නොගෙන ඉතා සරළව හා කෙටි කාළයක් තුල නිම කිරීම පිළිබඳවද, රාත්‍රි 10.30 වන විට සියල්ල නිම කර, වෙහෙසට පත් නොකර නිදා ගැනීමට සැලැස්වීම පිළිබඳවද අනේක වාරයක් ස්තූතිවෙමි. මීළඟ වැඩ සටහන මීට වඩා සරළ හා සාර්ථක එකක්ම වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.

දසුන් මධුශාන් වත්මන් පරපුරට ආදර්ශයක්ම වේවා....!!!

100 comments:

  1. සමහර විට අර මොරටුවේ ඉස්කෝලෙ එස්.එම්.එස්. මෙහෙයුමත් මේ ජයග්‍රහණයට බලපාන්න ඇති.

    "මොරටු කොල්ලො ප්‍රීති ගීත ගයන්නා
    ලංකාවම ඩාන්ස් කරන්නා"

    හැබැයි ඉතින් මේ පිටුපස්සේ කුල මල ආදිය පවා තිබෙන්න පුළුවන්

    මේකත් කියවන්න සිංහල සංගීතයේ කන්ඩක්ටර්ලා හා ඩ්‍රයිවර්ලා

    ReplyDelete
    Replies
    1. කියෙව්වා විතරක් නෙමෙයි පැරා, ම්ම කොමෙන්ට් කරලත් තියෙන්නේ. මම නම් කියන්නේ ඕනම කේෂේශ්ත්‍රයක් නවීන ළෝකෙත් එක්ක අලුත් වෙන්න ඕන. එස් එම් එස් වලින් නම් තෝරන්නේ. ඒක නියම විදියට මාකට් කරන එකා දිනනවා... මාකට් කරන්න බැරි දේවල් දිනවන්න අමාරුයි. රසින්තට උනේ ඒකයි. අවුරුදු 17 පන්ක් කොල්ලෙක් එක්ක. අවුරුදු 34 එකෙක් රැවුල ගැරැප්පුවෙන් හූරගෙන ආවට හරියන්නේ නෑ. මැදි වයසේ උන් ජීවත් වෙන්නේ අමාරුවෙන් උන්ට එස් එම් එස් ගහන්න රුදාවක් නෑ, ඒත් අනුන්ගේ සල්ලිවලින් එස් එම් එස් ගහන එකා ගහන්නේ ඌගේ එකාට. යථාර්ථය ඒකයි. දක්ෂතාවයෙන් නම්, පැර්ටදුන එකා ඉදිරියෙන්. නමුත් පොඩි එකා අරූටත් වඩා පරිනතයි.

      Delete
  2. ම්ම්. හරියටම හරි. නියමම ප්‍රසංගයක් ඊයෙ තිබුනා. අනවශ්ය විදියට වෙලඳ දැන්වීම් , විරාම තිබුනෙම නැති තරම්.. ප්‍රවුර්ති පවා ප්‍රේක්ශකයන් වෙනුවෙන් අත්හිටවල තිබුනා. සමස්තයක් වශයෙන් දෙරණ ප්‍රාසාංගික දේවල් සිරසට වඩා කරණව උනත් මේ ප්‍රසංග්යෙන් නම් ඔවුන්ට ඉගෙනගන්න බොහෝ දේවල් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. දෙරණ ප්‍රවෘත්ති ඉදිරෙයන් තිබුනට. ප්‍රසංගික වැඩසටහන් හා ඉදිරිපත් කිරීම ඉතාම ප්‍රාථමික තත්වයේ ඒවා. අපි පොඩි කාළේ මොන්ටිසෝරියේ වාර්ෂික විවිධ ප්‍රසංගය ඊට වඩා උසස්... ඒකෙන් කරන්නේ තාරුණ්‍ය කොන්ද පනනැති, පෞර්ෂයක් නැති හිඟන්නන් පිරිසක් කරණ එක.

      Delete
  3. ඔය රියැලිටි ෂෝ ගැන මගේ නම් එච්චර පැහැදීමක් නෑ.... ඒක ලොකු වෛරස් එකක් විදියට තමයි මම දකින්නේ... ඒක නිසා මීට අවුරුදු 4කට විතර කලින් ලංකාවේ රියැලිටි ෂෝ බලන එක සම්පූර්ණයෙන්ම නැවැත්තුවා... ඒක නිසා මේක බැලුවෙත් නෑ... හොඳක් කියන්න පුළුවන් දෙයක් තියෙනව නම් සන්තෝසයි....

    දිනපු එකාට මියුසික් වලින් හොඳ අනාගතයක් හදා ගන්න පුලුවන් වේවා !

    ReplyDelete
    Replies
    1. ඒවා නැත්නම් නව පරපුරක් බිහිවෙන්නේ කොහොමද?.. දක්ෂයන් ඉදිරියට එන්නේ කොහොමද? වරප්‍රසාද අහිමි මිනිසුන්ට ඉහල ජීවන මාර්ගයක් සලසා දීම වරදක්ද? ඒක වෛරස් එකක්ද...?

      Delete
    2. අනිත් රට වල එහෙම වෙනවා... ඒත් අපේ රටේ මෙච්චර කල් එහෙම උනේ නෑ නේ මාතලන්... හොඳට කසාද බැඳලා හිටපු උන්ගේ පවුල් අවුල් වෙන ඒවා, සාමාන්‍යයෙන් හොඳට ජීවත් වෙච්ච තරුණ අයව එකපාරට උස්සලා තියලා අන්තිමට හිටියටත් වඩා පහතට වැටිච්ච ඒවා විතරනේ උනේ මෙච්චර කල්... පළවෙනියා නොවුනු, 4-5 වෙලා අයින් උන අය නම් යම් තැනකට ආවා... ශිහාන්, තීක්ෂණ එහෙම... අද කෝ අජිත්, අමිල, සුරේන්ද්‍ර....? අනිත් චැනල් වල එහෙම ආපු අයගේ සින්දුවක් වත් ඇහෙනවද....?

      ඔක්කොටම හපන් පොඩි එවුන්ට කරන ඒවා ... මේක වෛරස් එකක් කියලා කිව්වේ මේක බෝ වෙච්ච හැටි බලං ඉඳලා... කිසිම ප්‍රමිතියක් නැතුව කරපු දේවලින් ජීවිත නාස්ති උන බව මාතලන්ට අමතක උනාද කියලා නම් මම දන්නේ නෑ... හැබැයි අපේ එක රියැලිටි ෂෝ එකක එක තරුණයෙක් ප්‍රතිඵල කියපු වෙලාවේ හාට් ඇටෑක් හැදිලා මැරුණ බව මට නම් මතකයි....

      කොහොමහරි මාතලන් මේ ගැන පොසිටිව් විදියට බලන්න උත්සාහ කරන එක ගැන සතුටුයි... මං ඒකට අකුල් හෙලන්නේ නැතුව ඉන්නම්.....

      Delete
    3. පවුල් අවුල් වෙන්නේ කළාකාරයන්ගේ විතරක් නෙමෙයි. ඒ මිනිස්සු ප්‍රසිද්ධ නිසා ඒවා එලියට එනවා. ඔයා කියන වෙන රටවලත් එහෙමයි. සිරසෙන් ආපු කවුරුත්ම නම් පහලට වැටුනේ නෑ. අජිත්, අමිල අද ඉහල ජීවන තත්වයක් ගෙවන අය, සුරේන්ද්‍ර කියන්නේ, සංගීත සංදර්ශණ වැඩිම පිරිසකට මෙරට මෙන්ම පිටරටද සහභාගී වන ගායකයා. ඒ වගේමයි අමිලා හා නදිනිත්. ශානිකා මධුශානීටත් එකසිය ගානක බැකප් එකක් දෙන්නේ. ෂෙහාන් තමයි සංගීතකාරයන්ට වටිනාකමක් අරගෙන දුන්නේ එහෙම බැලුවම සිරස කරපු සේවය ඉතා ඉහලයි.

      ජීවිතේ නැති නාස්ති කර ගන්න එකාට රියැලිටි ෂෝ එකක් අවශ්‍ය නෑ ඒ වැඩේට. කොහොමත් පොඩි උන් විකුණගෙන කෑමනම් මම අනුමත කරන්නේ නෑ.. කීයටවත්. විශේෂයෙන් දෙරණෙ කරන වැඩේ නම්. හැබයි ඉතින් ඒකට එන්නේත් එක්තරා ගොබ්බ පන්තියක් බව හොඳට පේනවා...

      Delete
    4. රියලිටි වැඩසටහන් පිළිබඳව පැහැදීමක් නැතත් මට මෙවැනි දෙයක් කිව හැකියි. මෙම රූපවාහිනි චැනල් සියල්ල 100% ක් නරක නැත. නමුත් ඔවුන් මෙවැනි වැඩසටහන් වලින් ජනතා ආශිර්වාදය ලබාගෙන, වැඩි ප්‍රේක්ෂකයන් ගණනක් රඳවා ගනිමින් තම සුපුරුදු ගමන තවත් වඩාත් පුළුල්ව ඉදිරියට කරගෙන යනු ලබනවා.

      අපේ ආගමික සහ දේශපාලන සංස්කෘතියට පහර ගැසූ අංක එකේ වාහිනියක් ලෙස සිරස සිටිනවා. සිරස මෙන්ම දැන් අනෙකුත් වාහිනි ද බෙහෙවින්ම අලෙවි කරණයේ ප්‍රවීණයෝ වේ. නමුත් කනගාටුව ඔවුන් අනුගමනය කරන ක්‍රමවේදය සමාජයේ ඉදිරි පැවැත්මට සුබ දායකද, නැතිද යන්න නොසලකා හැරීමයි.

      දැන් ඔබ කියාවි හොඳ දේට හොඳයි කියමු කියා. සත්‍ය වශයෙන්ම එසේද සිතිමේ කිසියම් සීමාවක් තිබිය යුතුයි නේද. යුද්ධ කාල සීමාවේ ත්‍රස්තවාදීන් නාදුනන අවි ගත් කණ්ඩායමක් ලෙසින් සිරසට පෙනිණි. ඔබෙගේ නායකයා (රනිල් මහතා) ට පහර ගසමින් සහ එජාපය මහාරාජාට අවශ්‍ය අන්දමින් මෙහෙයවන අන්දම ඔබට අමතකද?
      ඒ සියලු මඩ සෝදා හරින්න රියලිටි කලාව සහ රන් දෙපැය ආශිර්වාදය කරවමුද? අනෙක් කරුණ නම් කලාව රියලිටි කිරීමේ විපාකය නම් බුද්ධිමය රසිකයන් පිරිසක් බිහිවීමේ අවකාශය අසුරා ලීමකි.

      හොඳ කළා නිර්මාණයක් යථාර්ථය සෞන්දර්යාත්මක ලෙස මිනිස් මනසේ ප්‍රකෘත්තිමත් කිරීමට සමත්ය. මේ දක්වා බිහිවූ රියලිටි තරු, ඊට සමත් වීද?

      මේ සිරස සහ රියලිටි කලාව පිළිබඳව මට දැනුණ අයුරුයි.

      Delete
    5. @ නිර්මලා
      එහෙම මාධ්‍යයකින් ගහලා කුඩුකරලා දාන්න තරම් උසස් ආගමික හා දේශපාලණ සංස්කෘතියක් අපිට තිබුනද නිර්මලා. ඒ දෙවල් කළේ සිරස නෙමෙයි ස්වර්ණවාහිණියයි. ඉතිරිය ජාතික යයි කියාගන්න පුවත්පත් බාරගත් යුතුයි. ඔබට හැකිනම් සිරස විසින් එසේ කළ එක වැඩ සටහනක් මට පෙන්වන්න.

      මේ දක්වා බිහිවූ සිරස තරු උසස් නිර්මාණ බිහිකර ඇත. ඒවා මට උසස් නිර්මාණයන් වූවාට ඔබට පහත් නිර්මාන විය හැක. එමෙන්ම ඔවුන් අඩු වරප්‍රසාදලාභීන් පිරිසකට සුපිරි ජීවන තත්වයක් ලබාදීමට කරන්නාවු උපකාරයද අප අගය කළ යුතුමය. එයින් බිහිවූ තරු අද ප්‍රසංග වේදිකාව පමණක් නොව, වෙනත් ක්ෂේත්‍රයන්ද ජයගෙන තිබීම අප අගය කළ යුතුමය.

      කවුරුන් හෝ නව පරපුරක් බිහි කරන්නේ නම් අප එය අගය කළ යුතුය.

      Delete
    6. එය ප්‍රසංගයක් වශයෙන් ඉතා ඉහලයි. ඒවා නිපදවන ඇත්තනට අපේ උපහාරය.
      නිර්මල මදුශාන්ගේ කතාවට සම්පූර්ණයෙන් එකඟ නැතත් සිරසේ සැඟවුන එජන්ඩා එකක් නැත්තේ නැති බව අපි දනිමු. මේ වැඩ සටහන හොඳයි, යන්න කිව හැකියි. ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි ඇදෙනවා වාගේම නැතිව යම් දක්ශකමක් තිබෙන කෙනෙකුට කාටවත් නැමෙන්නේ නැතිව අදීනව ජීවත් වෙමින්, සිය කලාව ජාත්‍යන්තරයට ගෙනයාමට අන්තර් ජාතික තත්වයේ මුදලක් ලැබීම නරක නැත. එමෙන්ම දකුණු ආසියාවේම විශාලතම නවීන පහසුකම් සහිත මැදිරි සංකීර්නයක් ලංකාවට තිබීම හොඳයි. එය ලංකාවට කෙසේ වෙතත් ඒ සමාගම්වලට මුදල් ගෙනෙනු ඇත.

      ඒත් ආඩම්බරයට කාරනය නම් ලංකාව සල්ලි වලට ගන්න බැරි, දේශපාලකයින්, ක්‍රීඩකයින්, විද්වතුන් කලාකරුවන් රාශියක් බිහි කර ඇත. ලංකාව පිලිබඳ ජාත්‍යන්තර තලයේ අනන්‍යතාව රඳවන්නේ ඒ උතුමන් විසිනි. (ක්‍රිකට් උදාහරණයක්, ක්‍රිකට් ගැහුවාටම මදිය. දැනුවත් භාවය අවශයයි, සංගා හා මහේල කාටත් ඉදිරියෙන් ඉන්නේ ඒ නිසයි )පිට කොන්දක් ඇති වීමට මුදල් පමණක් නොව දේශානුරාගය පිරි පරිනතභාවය අවශ්‍යය. පවතින රජයේ සවියට ඒ අය දායක වන බවද අනාගත රජයකද සවිය ඒ අය බවද ලොක්කෝ දත යුතුය. ඉංග්‍රීසි ඇක්සන්ට් එකට සිංහල කතා කරන සීනි බෝල විකුණන අය ඒ බව අන් අයට වඩා හොඳින් දනිත්. සීනි බෝලද අවශ්‍යය. පිට කටුව පැණි රස වූවාට ඇතුලත තිබෙන්නේ කුමක්දැයි අප දැනුවත් විය යුතුය. ඒත් සීනි බෝල, සීනි බෝල විදියට දීම ගැන පැසසිය යුතුය.

      Delete
  4. ඒකත් එහෙම හොදට උනාද?හොද දේ අගය කල යුතුමයි.
    මම මෙච්චර කල් හිතන් හිටියෙ සිරස ඒ ළමයින්ව ගිවිසුම් වල සිර කරගෙන හම්බ කරනව කියල.
    ගැහැණු දරුවෙකුට තාම පළමු තැන ගන්න ලැබුනෙ නැහැ නේද?
    ඊලග සැරේ අපේ හිරු දෝණිව වත් ඉදිරිපත් කරමුද මාතලන්?

    ReplyDelete
    Replies
    1. හිරු දුව ගැන හිතල දැම්ම කොමන්ට් එක එයාගෙ එකට යටින්ම වැටිලා.
      ඒ කියන්නෙ ලබන සැරේ ඉදිරිපත් උනොත් දිනුම ෂුවර් කියල නේද?

      Delete
    2. හපොයි සීයේ... සිරස බෙල්ලෙන්ම ගහලා යන වැඩක් තමයි ඒක... හි හි....

      Delete
    3. බොහෝම දුප්පත් කෙල්ලෙක් දිණුවා කෙන්ජි. ඒ කෙල්ලගේ සී ඩී එක එලිදැක්වුවෙත් ඊයේ.. ඒවා නම් ඉහලින්ම අගය කළ යුතු දේවල්.

      Delete
    4. හිරු දුව මම ඒක කිව්වෙ ඇත්තටම විහිලුවට.
      ඔබ මේ බ්ලොග් අඩවියේ වනිතාවන් සහ සමාජ කරුනු වෙනුවෙන් වටිනා කතිකාවක් ගෙන යා හැකි තරුණියක් ලෙසට මා ඇතුලු ගොඩක් අය ඔබ සහ ඔබගෙ සහකරුව ආදරයෙන් සලකනව.
      ඔබගෙ වටිනා අදහස් සැමදා අප සමග බෙදාගන්න ශක්තිය පතමි.!!!
      ඉදිරියේදී දෙපලට දරුවන් වැඩිපුර උපද්දවා අර බොදු එහෙකින් දෙන මාසේට 25'000/=අරගෙන මස් මාංශ කෑමට හැකි වේවායි පතමි.!

      Delete
    5. //බොහෝම දුප්පත් කෙල්ලෙක් දිණුවා කෙන්ජි//
      බොහෝම දුප්පත්, දක්ෂතා ඇති බොහෝ අපේක්ෂකයෝ සහ අපේක්ෂීකාවෝ අදූරදර්ශී විනිශ්චය මණ්ඩලයක් සහ SMS මේනියාව නිසා අපේක්ෂාභංගත්වයට පත්වූවා. එය ඔහුන්ට තවත් කාලාන්තරයකට දරා ගත නොහැකි වේවි. සමහරවිට සංගීත ක්ෂේත්‍රයම අතහරීවි. එකටත් සතුටු වෙනවද මාතලං.

      Delete
    6. මෙන්න නලින් තවපාරක් වරෝ, කෙනජි මායම දාලා, දැන් හිරු එතන කොමන්ට් කොටනවෝ. කො, කොහෙද මෙයා,

      Delete
    7. තරඟයක් යනු සියල්ලන් ජයග්‍රහණය කරනා තැනක් නොවේ. තරඟයක නීතී රීතී වලට එකඟව ඉදිරිපත් විය නොහැකිනම්, තරඟයට ඉද්ජිරිපත් නොවී සිටිය යුතුය. ජයග්‍රහණය හිමිවන්නේ එක් පුදගලයකුට පමණි.

      Delete
  5. "නාලන් මෙන්ඩිස්"

    තාම බාගයයි බැලුවෙ. අද රෑ ඉතුරු ටික බලල හෙට කමෙන්ට් කරන්නම්. ඒත් උඹේ දෙබිඩි කතා ටිකක් දැක්ක. ඒ ගැන හෙට. අදට මේ නම හදහ්න් "නිමල් මෙන්ඩිස්" කියල.

    ReplyDelete
    Replies
    1. හැදුවා මචෝ.. සමාවෙයන්... කලබලේට උන දෙයක්...

      Delete
    2. මෙන්න මාතල චමී4යූ බ්ලොගෙ එකේ දාපු කමෙන්ටුව

      //කෙසේ වෙතත් ෂෙහාන් හා කේෂාන් දෙදෙනාම කියන්නේ පට්ට බොරු කේෂාන්ට නම් සංගීතය මුල ඉඳලම කියල දෙන්න වෙනවා. ඒක්කෝ ඔහු අමු බොරු කියනවා. නිරෝෂා විතරයි විනිශ්චකරුවකුගේ බූමිකාව වටහාගෙන ක්‍රියා කරන්නේ. //


      අද මේක කියන්නෙ

      //මේ වැඩසටහන විනිශ්චය කරන්න දාලා ඉන්නා අය අතරින්, සංගිතය පිළිබඳ ඉහළම දැණීමක් ඇති, එහෙත් හැසිරීමෙන් පොඩි එකෙකුටත් අන්ත, හේෂාන් බුවා නිතරම කියනා පරිදිම, මවර තරඟය නම් මුල පටන්ම අති විශිෂ්ඨමය.//

      මොකෑ බං මේ ආන්ඩුවට පැනපු ඇමතිල වගේ කතා කරන්නෙ?

      Delete
    3. ඒකේ වෙනසක් නෑ. මම ඒ ගැන මෙතන කතා නොකලේ ඒකයි. මම කතා කලේ ප්‍රසංගය, සිරස කරණ සේවාව පිළිබඳ හා වැඩසටහන ගැන පමණයි. විනිශ්චයන් හා ඔවුන්ගේ දක්ෂතා ගැන අනිත් කොමෙන්ටුත් කියවා වටහා ගන්න.

      Delete
  6. \\\\ හොටු පෙරාගෙන ඇඬිම්, වැලපීම්, කලිසම් ඉල්ලා ගැනිම්, ජෝකා මාරු කර ගැනීම් ......... ........ මේවා වලින් කරන්නේ, අපේ තරුණ පරපුර අභිමාණයක් ඇති පිරිසක් කිරීම නොව. හිඟන මානසිකත්වයක් ඇති, යැපීම් මනසක් සහිත, අනුන්ගේ අනුකම්පාවෙන් ජීවත් වන, දීනයන් පිරිසක් බවට පත් කිරීමයි.\\\\\

    ++++++++++++++++++++++++

    දැන් ට්‍රෙන්ඩ් එක තමයි කන්න නැතත් ෆිට් එකේ ඉඳීම..ට්‍රෙන්ඩ් එකට හරි කමක් නැහැ ඒක නම් හොඳයි වගේ..කෙසේ උනත් කියන්න තියෙන්නේ MBC එකෙන් ලස්සනට ඒ ඒ කාලේට ගැලපෙන්න පුල්ලි මාරු කරනවා...

    කමක් නැහැ කමක් නැහැ කව්රු හරි තැනකට එනවනේ ..ඒ ඇති ...ඒක නෙවේ අර ළමයගේ උස කීයද ...?

    ReplyDelete
    Replies
    1. මන්දන්නේ නෑ මචං මාර හයිට් එකක් තියෙන්නේ. ටැලන්ටඩ් එකෙක් නම් ෂෙහාන්ට එහා හොයනවා ආයේ දෙකක් නෑ. කෙසේ වෙතත් වැඩ සටහන නම් ඉතා ඉහලයි... සරළයි, කිසිම වෙහෙසක් නෑ...

      Delete
  7. බැලුවේ නැත බලන්න විදුලිය නැත අපේ පැත්තේ විදුලිය බිදවැටීම් 167ක් තාමත් විදුලිය නැත. මේ කොටන්නේ බැටරියේ අවසන් ආයු කාලයෙන්.

    ReplyDelete
    Replies
    1. අහෝ දුකකි... ඉරකි තිතකි.. ඒ දෑස් මක්කටෙයි... ලයිට් ආවම බලන එකයි ඇත්තේ.. අපේ කාළගුණේ නම් මරු ඕයි. හුලං ඇවිල්ලා මිනිස්සු මැරුණයින් පස්සෙ තමයි කියන්නේ. හුළඟක් ආවා කියලා. මචං මේක වහලා දාලා එතන කරෝකේ ක්ලබ් එකක් දැම්මනම් මීට ආතල්. එකේ ඉන්න උන් සෙට් එක හොඳයි බානි රේමන්ඩ් එකේ කාරේක ඉස්සරයින් යවන්න කෝට් එකකුත් අන්දලා. කාළගුණේ ඉන්දියාවෙන් අහගන්න පුළුව හරියට.

      Delete
    2. ඔව් ඔව් දැන් පචයක් ගහල, පස්සේ ඔක්කෝම කොමන්ට් ටික බලල වැඩි බර තියෙන පැත්තට කෝමන්ට් පාරක් දාහන්. ඔයාගේ මාධ්‍ය අටමගලෙත් එහෙමනේ.

      Delete
  8. කියෙව්වා කියෙව්වා. ඒත් මොනවා කියන්නද බං මම ඕක බැලුවේ නෑනේ.

    තව මරු රියැලටි ෂෝ එකක් තියෙනවා අපේ උන්ට අනුගමනය කරලා පවුල් හිට අවුල් කරගන්න, The Moment of Truth කියලා. ඒකෙ තියෙන්නේ lie detector එකක් අමුණාගෙන තමන්ගේ ජීවිතේ අතිශය පුද්ගලික ප්‍රශ්ණ වලට පවා ඇත්ත කියන්න. තෑගි මුදල අති විශාලයි.

    ඕං කරනවා නම් වැඩේ.

    ReplyDelete
    Replies
    1. මම බලලා තියෙනවා. සමහර උන්ගේ පවුල් ජීවිත, දෙමාපිය සබඳකම් ඔක්කෝම කෙලවෙලා යනවා. ප්‍රශ්ණේ ගන්නෙ නැතුව ගියත්, චොර වෙන විදියට තමයි ෂෝ එක හදලා තියෙන්නේ. ඒ කියන්නේ ඒකට ආවොත් මග හිටියත් තෝ නසි, ගෙදර ගියත් තෝ නසී..

      Delete
    2. ටේබල් 26 (ඉලක්කම හරියටම මතක නැ ) එකත් ඔය වගේ ගැන කියවෙන පාඩමක් ගන්න තියන ෆිල්ම් එකක්

      Delete
  9. පහුගිය දවස් වල වැඩ අධික උන නිසා බලන්න උනේ නෑ උඩින් පල්ලෙන් බැලුවේ. ඇත්තටම හොඳ තතවයක වැඩ සටහන තිබුනා ලංකාවේ සිනමාව වැටුනට මියුසික් ඉන්ඩස්ට්‍රි එක මේ තරමට හරි ගොඩ ගිහින් තිබීම සතුටක්. සමහර අලුත් ගායකයින්ගේ බොලද මල් සිංදු උනත් ලස්සනයි. සිනමාවත් මේ වගේ අලුත් කොල්ලෝ අතට යන්න දෙනවනම් ගොඩ තමයි.

    ReplyDelete
    Replies
    1. ඒක අරගෙන යන්න, පෝලිම් කඩාගෙන, උසාවී නීති බල්ලට දාලා, සම්ප්‍රදායේ පුකට පයින් ගහලා, සදාචාරය දූෂණය කරලා බයි ෆෝස් එකෙන් ගෙනියන්න නියම නළාකාරයෝ සැට් එකක් ඉන්නවා.. බයවෙන්න එපා.. උන් ඉන්නකන් ඒක වැටෙන්නේ නෑ. ඉතිහාසේ, බුද්ධාගම උලා කනවා....

      Delete
    2. හරියට හරි. දැන් තියෙන්නේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකක් මිසක් සංගීත කලාවක් නෙවෙයි. ඒ නිසා තමයි හෝ ගාලා පුස්සෝ බිහිවෙන්නේ. ඒ එන වේගෙන්ම ඔවුන් මෝඩයන් ගෙන් මුදල් හූරාගෙන කාලා ආගිය අතක් හොයාගන්න බැරි විදිහට චුත වෙන්නේ.

      Delete
    3. රැදිලා ඉන්න අයත් අනන්ත ඉන්නවනේ.. ඒක අපේ රටේ විතරක් නෙමෙයි මුළු ළෝකයටම අදාල කාරණයක්..

      Delete
  10. සිරස සුපර් ස්ටාර් පලවෙනි වැඩසටහන ඉතා ආසාවෙන් නැරඹුවෙමි, ඉන්පසු ස්ටාර්ලා හතු පිපෙන්නට පටන් ගත්තේ ඒ පිළිබඳව තිබූ අවසාන කැමැත්තත් ඉවත් කරමිනි. ඉන්පසු
    dream star,
    talent star,
    singing star,
    comedy star,
    ranawiru real star,
    loving star,
    little star...................මෙකී නොකී සියලුම ස්ටාර් වැඩසටහන් වල කොටසක් හෝ දෙකක් නරඹන විටම සියල්ල එපා වුනි.
    අවසානයේ සියල්ලේම පෙන්නුවේ, අවුරුදු විසි තිස් ගණන් වල කොල්ලෝ කෙල්ලෝ, ගෑනු මිනිස්සු ජංගි ඇඳන් ,කොන්ඩේ කරල දෙකට ගොතන් ළමා ගීත කියමින් ස්ටේජ් වටේ දුවන එකත්, අවුරුදු දෙකේ තුනේ පොඩ්ඩෝ ආචාර්ය අමරදේවයන්වත් නොකියන පට්ට ප්‍රේම, විරහ ගීත කියමින් ලොකු මිනිසුන් කිරීමත්ය.
    ඔක්කොටම වඩා එපාවුනේ විනිශ්ය මණ්ඩලේට රටේ නැති ගොබ්බයො දමාගෙන උන්ගේ පොර ටෝක් අපේ ඔලු වලට වක්කරන්න ගත්තාමය.විනිශ්ය මණ්ඩල වල හිටපු දැනුමක් ඇති කිහිපදෙනාටද අනෙක් පින්ගුත්තරය්න්ගේ ගොබ්බ කතා අසා සිටීමට සිදු වෙන හැටි දැක ඔවුන් ගැනද දුක හිතුනේය,
    හැමදාම වුනේ සිරස යමක ගෙනාවාම අනෙක් ඈයෝ ඒක සිරසට වඩා හොඳට කරන්නටයි සිතාගෙන වැඩසටහනේ හරය කා දමා සිරසටම බැනීමය,
    එෆ්.එම් නාලිකා වල ගොබ්බ කම වලට තාමත් සිරසටයි, නිමල් ලක්ෂපතිටයි බනින්නේ ඒකය.
    කොපි කිරීම හැර කිසිත් නොදත් මාධ්‍ය ඔස්තාර්ලා ජනතාවට රියැලිටි එපා කලේ එහෙමය.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. සිරස සුපර් ස්ටාර් තුන සහ හතර වැඩසටහන් ඉතාම පහත් ගනයේ වැඩසටහන්. නමුත් මෙවර ඇමරිකන් අයිඩල්ටත් වඩා ඉහල තත්වයක තිබූ බව නම් කියන්නම ඕනෑ. විශේෂයෙන් කාළය කළමණාකරගෙන සජීවීව ඉරිදා රාත්‍රී නමයේ සිට දහය දක්වා පමණක් වැඩසටහන සීමා කර තිබීම අගය කළ යුතුමයි.

      Delete
    2. පුක තමයි.
      රියලිටි සංගීත වැඩසටහන් ලංකාවට, සිරසට අළුත් වූවාට ලෝකයට අළුත් නෑ. කොහෙන් හරි කොපියක් රටේ ඔබද්දී ඒකට, ෂා මරු වැඩසටහනක් කරනවා කියා කියන්න අපේ ඈයෝ හරි සූරයි. සිරසේ ඒ අටමගලේ පෙන්නුවාම අනිත් චැනල් ඒ විධිහටම නොකර වෙනත් විධිහකට කරනවා. සිරසට වැරදුනේ ඔබද ලක්ෂපති ගේන්න පෙර අයිටීන් පිස්සන් මයින්ස්ටර් ගෙන ඒමයි.

      Delete
    3. ඇත්තද අපි දන්නේ අදයි... අපි හිතුවේ ටෙලිවිෂන් හොයා ගත්තේ සිරස කියලා.... සොරි වෙන්න ඕන...

      Delete
  11. අපි මේ ගොන්පාට් බලන්නේ නැත. මෙවායෙන් සින්දු කාරයින් මිස ගායකයින් බිහි නොවේ. මේ විකාර නොබලන නොඅසන නිසා අපේ හිතද සැහැල්ලුය.

    ReplyDelete
    Replies
    1. එය ඔබේ කැමත්තය. අද සිටින විශිෂ්ඨ ගායක ගායිකාවන්ද මුලින් ගී ගැයුවේ මේ ලෙසමය.

      Delete
    2. අද සිටින කිසිම විශිෂ්ට ගායයකු හෝ ගායිකාවක මෙලෙස තම කටහඬට වඩා ප්‍රතිරූපය පුම්බන, තම පවුල් පිටින් ගෙනගොස් බෝඩ් අල්ලන, (SMS ගැන නොකියමි)විකාර රූපී ඇඳුම් ඇනගෙන, එක දවසකට සිංහල, එක දවසකට හින්දි, ගීත කිව්වෙවත් වේදිකාවේ විවිධ අප්‍රසන්න අභිනය පාමින් දැඟලුවේවත් නැත. එඩ්වඩ් ජයකොඩිලා, සුනිල් එදිරිසිංහලා,බිහිවුනේ, 'මැලිබන් ගුවන් තොටිල්ල' 'පිබිදෙන ගායක පරපුර' වැනි ගුවන්විදුලි වෙළඳ වැඩසටහන් වලිනි. ඒවාට ඔවුන් ගියේ තනිවය. එදා ඔවුන් ජ්‍යොෂ්ඨ/ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ ගීත ගායනා කලේ තරගයට ඉදිරිපත්වීම සඳහා මිස ඊට පස්සේ අලජ්ජි කළා හොරුන් සේ ඒවා විකුණාගෙන බඩවියත රැකගන්නට නොවේය. ඒ වැඩසටහන් වලදී අනුග්‍රාහකයාගේ ග්‍රහණයට ආධුනික ගායකයා/ගායිකාව/ප්‍රේක්ෂකයා/ මේ තරම් නින්දිත විදිහට අල්ලා ගත්තේ නැත. අපි ඒ ගායකයන්/ගායිකාවන් ඇස් දෙකෙන් දැක්කේ, ඔවුන් අපේ හදවත් අරක් ගෙන බොහොම කාලෙකට පස්සෙය. (මේ ලැයිස්තුව හරී දිගය) ඒ කාලේ ගුවන්විදුලිය මගින් ඔවුන්ගේ කටහඬ සහ එහි මධුර බව, සුඛෝච්ඡාරණය, අර්ථාන්විත බව සහ කාලීන වටිනාකම, අපි මොනවට පසක් කෙරුවෙමු. ගායකයා සහ රූප පෙට්ටියේ විසූක දස්සන පාන්නා අත්‍යන්තයෙන්ම අහසට පොලොව මෙන් දුරස්වූ දෙදෙනෙකි.

      Delete
    3. නව ළෝකය , තාක්ෂණික දියුණුව ගැන මෙළෝ හසරක් නොදන්නා අතීතකාමයේ වෙලි ස්ව‍යංවින්දනයේ යෙදෙන්නන් පිරි රටක මෙවන් කොමෙන්ටුවක් පුදුමයට කාරණයක් නොවේ. සෝමරත්න ස්ගිසානායක වැන්නවුන් දරන්නේ ඔබ දරන්නාවූ මතයයි..

      එහෙත් ඔබ සඳහන් කරන්නාවූ එඩ්වඩ්ලා මේ තත්වය අවබෝධ කොටගෙන ජීවීතය සාර්ථක කර ගත්තෝය.

      Delete
    4. එද්වද්ලා ජීවිතය සාර්ථක කරගත්තේ දේශීය සංගීත ආරෙන් පිට පනින්නේ නැතුව පරිගණක උපක්‍රම මගින් තමාගේ කටහඬේ තියන ගොත ගැහිලි වහගන්නේ නැතුව. පැහැදිලි ස්වර උච්ඡාරණයෙන්. ඔය කොයි කවුරුත් ගහන පදය තමයි අතීත කාමය. නමුත් ඇයි අතීත කාමයට අයිති සින්දු පට්ට ගහන්නේ. කෝ මේ පරපුරේ නිර්මාණ. යන්න හදන්නේ ජාත්‍යන්තරයට. ඒ යන්න හදන්නෙත් වෙන රටවල කසිකබල් සංගීත කෑලි අල්ලාගෙන. එංගලන්තේ, ප්‍රංශයේ, රුසියාවේ, ඇමරිකාවේ, ජර්මනියේ තියන සම්භාව්‍ය සංගීතය ඇහෙනතක් මානයකටවත් ඔය ජාත්‍යන්තරයට ගියා කියන උන්නැහැලා ගිහිල්ලා නැහැ. අර තුට්ටු දෙකේ පොප් සංදර්ශන වලට ගිහින් (ඒ රටවල ඒවා සලකන්නේ පිස්සන්ගේ ෂෝ විදිහටයි) උන්ගෙන් සම්මාන අරන් එන එක උන්ගේ පස්ස පැත්ත ලෙවකෑමක් මිස අපේ දෙයක් ලෝකයට දීමක් නෙවේ. අදටත් ප්‍රදීප් රත්නායකගේ සිතාර් වාදනයක්, පියසාර ශිල්පාධිපතිගේ බෙර වාදනයක්, බටහිට රටවල සම්භාව්‍ය සංගීතය අගයන්නන්ගේ අවධානය දිනාගන්නේ එහි ඇති 100% ක් ස්වභාවිකත්වය නිසයි. අදත් අපේ පැරණි ගායකයකු සංගීතයෙන් තොරව පද කීපයක් ගැයුවත් එය සමාධියකට සමවැදුනාක්මෙන් අහගෙන ඉන්නෙත් ඒ ස්වභාවිකත්වය නිසයි. නවීන තාක්ෂණයෙන් කර තිබෙන්නේ පටිගත් කිරීම සහ ශ්‍රවනය කිරීමේ ගුණය වැඩි දියුණු කිරීමයි එය බොහොම ඉහලයි. නමුත් එක එක ගොතාරිස්ලා තමන්ගේ ආබාධිත බව කොම්පියුටර් කෑලි වලින් වහගන්න හදන එකනම් විලිලැජ්ජා නැති වැඩකි.

      Delete
    5. සිරස සංගීතයේන් මුසපත්වී ඊයේ එලිවෙනතුරු මධුවිත තොලකට ගෑ මාතංට තේරෙන්න කියාදුන් අනෝ, ඔබට මගෙන් මෙන්න මල් මිටක්.

      Delete
    6. පිට රටවල වයස් බේදයකින් තොරව දහස් ගණන් ග්‍රවුන්ඩ් වල පිරිල බලන්නෙ බෙර,උඩැක්කි ගහන ඒවා වෙන්න ඇති.

      Delete
    7. ඔය උඩ දාගෙන වනන ඒවා අපේ දේ නෙමෙයි මහත්තයෝ. ඉන්දියාවේ ඒවා. අපේ සංගීහයක් තියෙන්නේ, ජීවත් වන අයගෙන් රෝහණ බැද්දගේ ගාව විතරයි. ඒක ජාත්‍යන්තරයට ගෙනියන්න බෑ ස්වර අඩුයි. ඔයා උඩ දාන අයට වඩා නව පරපුරේ සංගීත්ඥයින් ඉන්දීය චිත්‍රපටවල සංගීතය සඳහා යොදාගෙන තියෙනවා. ඉන්දියාවේ සංගීතය අපේ සංගීතයයඉ සිතා ගෙන සිටිනා සුහුඹුලන්ගේ කාළය අවසානයි. ඔවුන්ට ජාත්‍යන්තරයට යන්න බෑ. සංගීතය ගැන දැනීමක් නෑ. සල්ලි දීලා ගත්ත ඉන්දියාවෙන් දෙන විශාරද කෑල්ල එල්ලගෙන, රාගතාලයක් කියාගන්න බැරුව තප්පුලනවා. ඒ කාළේ ඉවරයි. මේ නවීන යුගය. ඒකේ එල්ලෙන්න බැරි එකා ගිලිලිලා මැරෙණවා. ගොඩක් උන් මැරිලා ඉවරයි.

      හිස්ටීරීයා කොමෙන්ටුවෙන් ආතල් ගත්ත ඇනෝට ශාස්ත්‍රීය සංගීතයේ පිහිටයි...

      Delete
    8. http://www.youtube.com/watch?NR=1&v=x1cNTe5rIFE&feature=endscreen

      Delete
    9. මම මැරෙන්න ඉස්සෙල්ල සින්දු කිව්වෙ මෙහෙමයි.

      Delete
    10. අනේ මාතලන් මහත්තයෝ, ඔයාට අනුකම්පා කරනවා ඇරෙන්න අපට කළහැකි වෙනත් දෙයක් නැත. ඔයා ඉන්නේ බරපතල මුලාවක. ඉන්දීය සිනමා සංගීතයටත් වෙලා තියෙන්නේ අපට වෙච්ච දේම තමා. දැන් තියන චිත්‍රපටි සල්ලි හොයන ඒවා මිසක් නිර්මානාත්මක වටිනාකමක් ඇති ඒවා නෙවෙයි. ඒවා විකුණාගන්න අර පේව්මන්ට් කාරයෝ 'රට බඩු, රට බඩු' කියලා කෑ ගහනවා වගේ කොහෙහරි ඉන්න අර කොම්පියුටර් ටිරිකිස් කෑලි ටිකක් වැඩියෙන් දන්නා, අමුතු විදිහට අඳින, රැවුලයි කොන්ඩෙයි වවාගත්ත ගොබිලෙක් අල්ලගන්නවා. නමුත් ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතය අබමල් රේණුවකවත් හානියක් නොවී, සංගීතය නිවැරදිව දැනගත් කෝටි සංඛ්‍යාත ජනතාව අතර වැජඹෙනවා. මෙතෙක් කල් ඔබේ දේශපාලන හා සමාජමය ලිපි කියෙව්වම හිතුනේ ඔබට කලාව සහ සෞන්දර්යය ගැන හොඳ හැඟීමක් ඇති කියලයි. නමුත් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙයයි. ඔබ කිව්වනේ මම අතීත කාමයෙන් ස්වයංවින්දනයක් ගන්නවා කියලා. අවාසනාවකට ඔබට තියෙන්නේ සංගීත ද්වජභංගයයි. පවු, ඔබ හරිම අවාසනාවන්තයි. අපිනම් අතීත කාම ස්වයංවින්දනය හෝ ලබනවා. නමුත් සංගීත ද්වජභංගයට පත්වූ ඔබට කවුරුන් ලවා හෝ සංගීත මුඛ ලිංගික සංසර්ගය කරවාගැනීම හැර වෙනත් විකල්පයක් නැති බව ඉතා අනුකම්පාවෙන් පෙන්වා දෙනවා.

      Delete
    11. ඔහේ ඉන්දියාවේ සංගීතයක් එක්ක මුඛ සංසර්ගයේ බැරි නම් ඕන එකක යෙදෙන්න. අපිට අනික් ඒවා වගේම සංගීතයටත් සීමවක් නෑ. අපරාදේ ඉන්දීය සංගීතය අහන්නේ. ඔයේ ඔජායේ ඇහුවනම් අහකයිනේ. ඔහේට නියමෙටම මැච් වෙනවා..

      Delete
  12. එහෙම ද? මට බලන්න බැරි වුනානෙ. කොහෙද අපේ ගෙදර ලෙඩෙක් මේ දවස්වල. ඒ නිසා අපිට නිදහස අඩුයි. කොහොම වුනත් සුභ පතමි. තරුණ පරම්පරාව හැමදේම ඉක්මනින් බාර ගන්න ඕනෙ. ඒ සියලුම තරුණයන්ට මගේ සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ඒ නැතත්, වෙද මහත්තයා කොහොමත් රූප පෙට්ටිය බලන්නේ නෑ නේද?

      Delete
    2. එන්න එන්න කෙනජි වහා එන්න ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවේ. මේ දෙන්නා පිට යන්න කළින් පිට කසන්න.

      Delete
  13. ටීවි එක බලනව කියල කරන්නෙ ඉංග්ලිෂ් වැඩසටහනක් දෙකක් (ටීවී සීරීස් & ඇනිමල් ප්ලැනට්) බලන එක විතරක් නිසා ඔය ගැන දැනුමක් නැත...

    ReplyDelete
    Replies
    1. මගේ සංගීත රසයට භාෂාව බාධාවක් කර ගෙන නෑ කවදාවත්..

      Delete
    2. සංගීත රසයට නම් මමත් භාෂාව ප්‍රශ්නයක් කරගෙන නෑ... මම කිව්වෙ මේ වගේ වැඩසටහන් බැලෙන්නෙ නෑ කියන එක...

      Delete
    3. ඒ උනාට මේක බැලුවනම්, නොබලපු එක ගැන දුක් වෙයි. තාරුණ්‍ය රජ කරපු සුපිරි වැඩ සටහනක්...

      Delete
  14. මේ ලිපියම එළකිරි එකේ දාල තිබ්බ ත්‍රෙඩ් එක මකල දාලනේ බන්. ඒ ඇයි ?

    ReplyDelete
    Replies
    1. ඒක් ඉතින් අහන්න ඕන උන්ගෙන්ම තමයි...

      Delete
  15. මාතලන් අය්යා අනිවාර්යෙන්ම මේ ගැන ලියනවා දන්නා නිසා එක ලියනකන් උන්නා.. ඇත්තම කිවොත් මෙදා වැරද්දක් මමත් දැක්කේම නැ වගේ.. හැබැයි දසුන්ට කෝටියක්‌ දෙනකොට රසින්තට පොඩි ගානක් ද කොහෙද දුන්නේ.. එක ඉතින් කලින්ම කියලා තියෙන්න ඇතිනේ....
    කමල් හාට් බිට් එක වැඩි කලත් එකෙත් මොකක්දෝ අතල් එකක් බලනකොට තිබුනද මන්දා...
    මොනවා උනත් සිරස තරම් රියලිටිව රියලිටි ටීවී වැඩ සටහනක් කරන්න අනිත් චැනල් වලට තව අවුරුදු ගානක් යාවි

    ReplyDelete
    Replies
    1. නමුත් රසින්ත වේදිකාවේ සුරේන්ද්‍ර මෙන්ම ඉල්ලුමක් ඇති ගායකයෙක් වන එක කාටවත් වලක්වන්න බෑ. ඔහු නියම ප්‍රසාංගික කළාකරුවෙක්...

      Delete
  16. @මාතලන්
    මම දවසක් සුපර් ස්ටාර් season 5 බැලුවා. විරාජිනී කියලා කෙනෙක් (නිරෝෂා නෙමෙයි) සින්දුවක් කිව්වා. මේ තියෙන්නෙ ඒක.

    හංකිති කවනා
    අන්තිම වෙනකම් බලන්න.

    මම සංගීතය ගැන වැඩිය දන්නෙ නැති උනත් මේ ගායනයේ සෑහෙන්න අඩුපාඩු පෙන්නන්න පුළුවන්. ඒත් මේ විනිශ්චය මණ්ඩලයෙ ඉන්න තුන්දෙනා දෙන කමෙන්ට්ස් බලන්න. ඇයි එයාලා තමන්ගෙ දැනුම හෑල්ලුවට ලක් කරගෙන මේ වගේ අයව පුම්බන්නෙ? අඩු පාඩු තියෙනවනම් කෙලින්ම කියනවා නම් ඒක ඒ ගායිකාවට වගේම ප්‍රේක්ෂකයන්ටත් හොඳයි. ඒ ළමයට SMS අඩු වේවි කියලා අනුකම්පාවෙන් වැරදි පෙන්වා නොදී බොරු බයිලා කියවන එක සංගීතය උගත් විනිශ්චය මණ්ඩලයකින් විය යුතු දෙයක් නෙමෙයි.

    මම හේෂාන් ගමගේ ගැන මීට කලින් සෑහෙන්න පැහැදීමෙන් හිටියෙ. මේකට දුන්නු කමෙන්ට් එක නිසා ඒ පැහැදීම නැති උනා. එදායින් පස්සෙ සුපර් ස්ටාර් බැලුවෙ නෑ. ඒත් දසුන් සහ රසින්ත නම් දක්ෂ ගායකයින් බව පේනවා.

    මේ ලිපියෙ තියෙන අනිත් කරුණු ගැන ප්‍රශ්නයක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදියි. මේ එකදු ගායකයෙක්වත් දෙරණ ආධුනික ගායනා තරඟයෙන් 3 වන ස්ථානය ගත් කෙනාගේ මට්ටමේවත් නෑ. ඔවුන් බිහිකරන ගායකයන් අති දක්ෂයින්. නමුත් ඔවුන් බිහි කරන්නේ ගායකයන් නොව හිඟන්නන් පිරිසක්. හේෂාන් තමන්ගේ තත්වයට අනුව හැසිරීම පාළණය කර ගන්නවා නම් ඒක ඔහුට යහපත්.

      Delete
    2. ආ මේ රුපියල් කොටියක් දෙන නිසා. මොන අහවල් එකටද නැත්නම් මාතලං මේතරං වර්ණා කරන්නේ. අනේ මහාචර්ය්‍ය මාතලං ඉඳහිට හරි කෝටිපතියො බිහිකරන මහජන සම්පත ගැණත් ටිකක් ලියමුකෝ ගුණ වර්ණාවක්.
      - දේශකයා

      Delete
    3. ඉතින් ඔයාට ඉරිසියාද....

      Delete
  17. සිකුරාදා රාත්‍රියේ ඇතිවු අයහපත් කාලගුණය එතැන් පටන්ම අද ඉදරිදා සවස්යාමය දක්වා විදුලිය විසංධි කොට අප නිතර ගනුදෙනු කරන බාහිර ලෝකයෙන් වෙනස්කර තැබිම හේතුවෙන් ඊයේ ඉතාම කැමැත්තෙන් නරඹන්න බලා සිටි අවසන් වැඩසටහන සිහිනයක බොඳව ගොස් තිබුණි.

    මේ තරගයේ රසින්ත ඉදිරියට එනු දැකිම සහ ඔහුගේ ජයග්‍රහනය සිදුවනු දැකිම මගේ එක් බලාපොරොත්තුවක් විය. ඒ අනෙකක් නිසා නොව මමද රජරැටියෙකි. ඔහු අවේ රජරටිනි. සැබැවින්ම ඔහු ඉතා හොඳ ගායන හැකියාවක් මේ තරගය පුරාම පිළිඹිමු කළේය. ඒ නිසා සුපර්ස්ටාර්ස් පළමු වැඩසටහන නියෝජනය කළ ඔහු සීසන් 5 අවසානය තෙක් පැමිණිම ගැන සතුටු වෙමි.

    කොළඹින් බාහිරව ලංකාවේ වැඩිම ගායන ශිල්පින් ප්‍රමාණයක් බිහිවූ රජරටට දශක දෙකකට පසු ඒ අවස්ථාව නැවත උදා වේයැයි කල්පනා කලත්. රසින්තගේ අනාගතයටත්, මෙහි ජයග්‍රාහකයාටත් සුබ පතමි.

    "මගෙ සුදු යාලූ නෙලමුද ඕලූ" ගැයූ සංගිතයේ නිපුණයෙක් වූ හේෂාන් ගමගේ මීට වඩා පරිණත ආකාරයෙන් හැසිරිය යුතුයැයි මමද කල්පනා කරමි.

    ReplyDelete
    Replies
    1. සියළු කරුණු හා එකඟයි දයා. මගෙත් බලාපොරොත්තුව වූයේ නම් එයයි. ඒත් අපි යථාර්තයට මුහුණ දිය යුතුයි.

      Delete
  18. අනේ මන්දා මට ඔය රියැලිටි කියනදේ නමට විතරක් පේන රියලිටි එකක්. ඒ හන්දා පලවන එකෙන් පස්සෙ ඔය ගැන උනන්දුව තිබුනෙ නෑ

    ReplyDelete
    Replies
    1. මම එහෙම කවදාවත් බලාපොරොත්තු සුන් කර ගන්න කෙනෙක් නෙමෙයි. ඔවුන්ගේ වැරදි දුරකථනයෙන් දැණුම් දී නිවැරදි කරගැනීමට උත්සාහ කරන පුරවැසියෙක්.

      Delete
  19. ඔක්කොටම වඩා මාතලන් හොඳක් දැකිම මට නම් ප්‍රීතියකි. එයම මදැයි.

    ReplyDelete
    Replies
    1. මාතලන් බොහෝ වෙලාවට සිරසෙ දැක්කෙ හොඳ :)

      Delete
    2. සිරස මම විවේචනය කළ අවස්ථාත් අනන්තයි. ඒත් හොඳක් දැක්කම ඒකත් කියන්න ඕන. කෙසේ වෙතත්, එම් බී සී මාධ්‍ය ජාලය වැදගත් පවුලකට අයත් නාලිකාවක් එහි ලක්ෂණ ඉඳ හිට හෝ දක්නට ලැබීම සතුටට කාරණයක්. අද අවශ්‍ය වන්නේ එවන් මාධ්‍යයක්...

      Delete
  20. මං මුලින් බැලුව. ඒත් පස්සෙ පස්සෙ එපා වුනා. අර පොඩි ලමයින් ලවා ලොකු අයගෙ ගීත ගායනා කරන එක හරි වැරදියි. ඒ ලමයින්ව අකලට පරිනත කරනවා. මම බලනව සූප ස්ටාර්. ඒත් ඉඳල හිටල. හැබැයි ඉතින් ඒ වැඩ සටහන් නිසා වෙන ක්‍රමයකට ජනප්‍රිය වෙන්න අවස්තාවක් නැති ගොඩක් දෙනෙක් එලියට ආව. ඒ අතර ගොඩක් අය තම්න්ගෙ ජීවිත අවුල් කර ගත්ත.

    ReplyDelete
    Replies
    1. ඕක ජනප්‍රිය බොරුවක්. ජීවිත අවුල් කරගන්නේ කළාකාරයෝ විතරක් නෙමෙයිනේ. අද සමාජයේ තියෙන පවුල් සංස්ථා ඊට වඩා අවුල්.. ඒ අපට ඒ තත්වයට ලඟා විය නොහැකි නිසා, මානසික තෘප්තියට හදා ගන්නා කතා... ඔවුන් හොඳ සැපවත් ජීවිත ගත කරනවා...

      Delete
  21. සංගීතයේ පැත්තෙන් බලනකොට අන්තිමට තේරිච්ච දෙන්නම වැඩක් නෑ .
    ඒ දෙන්නගෙන් බැලුවම තෙරිච්ච එක්කෙනා හොඳයි .

    ReplyDelete
    Replies
    1. ඔයාට වැඩක් නැති උනාට. එයාලට වැඩක් වෙයි...

      Delete
  22. මට නම් ඔය අටමගුල් එපා වුනා බං. හැම එකාම කරන්න ගත්ත නිසා !

    ReplyDelete
    Replies
    1. දැන් එහෙම නෑ. සෑහෙන දියුණුයි...

      Delete
  23. මට නං 1st season එකෙන් පස්සේ බැලුවෙ ම නැහැ. මට එපා වුණා ඒකේ අදින ඇදිල්ල දැකලා.

    ReplyDelete
    Replies
    1. දැන් එහෙම නෑ. සෑහෙන දියුණුයි...

      Delete
  24. (කාලය මඳ නිසා මේ ප්‍රතිචාරය තබන්නේ මාතලන් ගේ ලිපිය පමණක් කියවා.මගේ ප්‍රතිචාරය තුල වෙනත් පාඨකයෙකු දැනටමත් දැක්වා ඇති අදහස් ඇත් නම් සමාවන්න)
    සිරස සුපර්ස්ටාර්-2 න් පසු කිසිදු රියලිටි ෂෝ එකක් නොබැලුවෙමි.මේ වැඩසටහන් වලින් ගොඩයන්නේ මාධ්‍යය ආයතනය හා දුරකථන ජාල පමණකි.(සාමාන්‍ය කෙටි පණිවිඩයක් සත 30 ක් වන විට මේ මනාප පණිවිඩයක් රුපියල් 5 ද ඉක්මවයි).බලහත් කාරයෙන් උපද්දවන බිහිකරන තරු වලට පැවැත්මක් නැත.කාට හරි වෙලාව තියෙනව නම් විවිධ මාධය ආයතන මගින් එදා මෙදා තුර සංවිධානය කළ එක් එක් රියලිටි ෂෝ සහ ජයග්‍රාහකයින් ලැයිස්තුවක් සාදා බලන්න.මා කියන්න වැටහේවි.බොහෝ සුපිරිතරු බඩවියත රැකගන්නේ ජෝතිපාල හෝ රෝයි පීරිස් වැනි ජනප්‍රිය ගායකයෙක් ඝාතනය කිරීමෙන්.(පැරණි ගීත නැවත නැවත ගැයීමෙන් නව සංගීතයක් බිහිවන්නේ කෙසේද?).ස්වෝත්සාහයෙන් කාලය ගතකොට බිහිවන ගායකයන් ගේ (රියලිටි හරහා නොඑන) පැවැත්ම ස්ථාවරයි.ඔවුන්ට අනුන් ගේ ගීත ගයා බඩවිවත රැක ගන්න අවශ්‍ය නෑ.(උදා,කසුන් කල්හාර,චන්දන ලියනආරච්චි, අජිත් මුතුකුමාරණ, ප්‍රින්ස් උදය ප්‍රියන්ත, දමිත් අසංක, ශසිකා නිසන්සලා, සමන්ත පෙරේරා,ජානක වික්‍රමසිංහ, සමන් ජයනාත් ජිනදාස, සුභාණි හර්ෂනී,ලක්ෂ්මන් හේවාවිතාරණ..........ලැයිස්තුව තව ගොඩක් දිගයි - මේ නම් අහඹු ලෙස ගත්තුවා).

    ReplyDelete
    Replies
    1. මා ඔබේ මතය පිලිගන්නේ නෑ. අද ඔවුනට ඔවුනගේ ගීත තිබෙනවා. මේවා දෙස වෛරයෙන් හා ද්වේශයෙන් බලන අය හට මෙවායේ කිසිම හොඳක් පේන්නේ නෑ. කරුණාකර මධ්‍යස්ථව බලන්න.

      ජෝතිපාලලා කිව්වෙත් අනුන්ගේ සින්දු.

      Delete
    2. ජෝතිපාල ගායකයෙක් කියන ලේබලය වැදුනට පස්සෙ කිව්ව අනුන්ගෙ එකම සින්දුවක් හරි පෙන්නන්න කියලා මම ඔබට අභියෝග කරනවා...නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහගන්න එපා මාතලන්...

      Delete
    3. ජෝතිපාල කිව්වේ වැඩි හරියක් මොහොමඩ් රාෆීගේ හින්දි ගීත. දන්නෙ නැත්නම් දන්න කෙනෙක්ගෙන් අහගන්න. ජෝති වහ බීලා මැරෙන්නේ ගියේ මොහොමඩ් රාෆී මැරුණ දවසෙලු (ඒකනම් ජෝක් එකක්.)

      Delete
    4. outdated උනත් මේක කියන්නම ඕනි. ඒ දවස් වල හිංදි ගීත වල තනු වලට සිංහල වචන යොදල ගීත නිර්මාණය කිරීමයි, අද වෙනත් ගායකයන් ගේ සිංහල ගීත හොරකම් කරල නැවත නැවත ගැයීමයි දෙකක් කියල තේරුම් ගන්න බැරිතරම් කෙනෙක් නම් නෙවෙයි මා දන්නා මාතලන්.

      Delete
  25. බැලුවේ නැති හන්දා මුකුත් කියන්ට බෑ.

    ReplyDelete
    Replies
    1. අපරාදේ. ඒත් සමහර අයනම් බලලා නැතුවත් විවේචනය කරලා තියෙනවා, නැතිවෙන්නම.

      Delete
  26. මාත් හිතන්නේ ලංකාවේ ඕනම දෙයක් හරියට මාර්කට් කරන්න පුළුවන් සිරසට විතරයි කියලා. මොන විවේචන තිබ්බත්. සමහරු ගෙඩිය පිටින් සිරස කොපි කරනවා. අර චීනේ උන් වගේ රහස් හොරෙන් ගන්නවා.

    සුපර් ස්ටාර් මේ පාර ෆිනාලේ එක නම් ඇත්තටම අගෙයි. කියන්න වරදක් නෑ. හැබැයි නියම දක්ෂයා රසින්ත බව මම හිතනවා. මොකද අර ගයපු රොක් ස්ටයිල් ගීතය දසුන්ටත් වඩා හාඩ් රොක් විදියට රසින්ත ගායනා කරා. උඹ කිව්ව වගේ පැල් බැදගෙන නොබල කලින්ම වැඩේ ඉවර කර එක හොදා. හැබැයි අප්පා අර.. කැබරේ ඩාන්ස් එකක් තිබ්බේ දාන්න ඕන සින්දුවට නෙමෙයි. ඒක දාන්න තිබ්බේ නීලගේ මේ අවන්හලේ ගීතයට.. හේෂාන් කියනව වගේ අති සාර්තකයි..

    ReplyDelete
    Replies
    1. කොයි වෙලේ පෙන්නුවත් හරියටම නොපෙන්නුව එක නම් වැරදියි... අපි කොච්චර ආසද ඒවා බලන්න....

      Delete
  27. මම මුල ඉදලම මේ තරගයේ කැමතිම පුද්ගලයා වුනේ දසුන් (ඒ ගැන මම පොස්ට් එකකුත් දැම්මා )
    කොහොම උනත් අවසාන වටයේ හොද තරගයක් දුන්නා රශින්ත , මට හැගුන විදියට අවසාන දිනයේ රසින්තගේ ගායනය ටිකක් ඉදිරියෙන් තිබුනා.. එත් sms මනාප තරගයකට නම් රසින්තත් එක්ක දසුන් වැටෙනවා කියන්නේ පැහැදිලිවම දසුන් දිනනවා,
    sms මනාප තරගයකට දසුන් එක්ක වඩාත් හොදින් ගැලපෙන්නේ දුලාජ් හෝ පවිත්‍ර,
    කෙසේ නමුත් දසුන් වගේ ලාබාල තරුණයෙක් ජයක්ග්‍රහනය කිරීම ගැන සතුටුයි, ඔහුට සංගීතයෙන් හොද නිර්මාණ එළිදක්වන්න කාලය ඕනේ තරම් තිබෙනවා .

    ReplyDelete
  28. අවසන් තරගයේදීවත් තමන්ගෙ ගීතයක් සමඟ ගායනා කලා නම් මීටත් වඩා උසස් වෙයි කියලයි හිතන්නෙ

    ReplyDelete
    Replies
    1. ගීතයක් හදනවා කියන එක කඩු කනවා වගේ ලේසී වැඩක් නෙමෙයි. අනික ළෝකේ කොහේවත් නොවුන දෙයක් ඒක.

      Delete
  29. මේ සැරේ බහුතර ජනතාවගේ තේරීම උනෙත් මෙයාමද ? මොකද මීට කලින් වැඩසටහන් වලදි ජනතාව දිනයි කියලා හිතාගෙන හිටිය කෙනා නෙමෙයිනෙ දිනුවෙ...මොනවා උනත් මේ තරම් අඩු වයසකදි ලැබෙන ජනප්‍රියතාව සහ මේ මහා මුදල නිසි පරිදි කළමණාකරණය කරගෙන හොද ගායකයෙක් වෙන්නට මේ මලයාට පැතුම් එක්කරන්න කැමතියි...

    ReplyDelete
    Replies
    1. ඌගේ වීරයා තමයි ෂෙහාන්. ඉතින් වරදින එකක් නෑ කීයටවත්.

      Delete
  30. මාතලන් ගොයියා සිරසට කඩේ යනවද මන්දා....

    ReplyDelete
  31. මාතලන් මහාචාර්යතුමා තවත් රැල්ලක ....රැල්ල ඉවර උනාම අල්ලපිය පුතා තවත් රැල්ලක් ...

    ReplyDelete
  32. mahindath royala porak una nama maahalnuth yanna waka puta diwa daa gena hoooooooooooooooooooooooooooooo

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න