.

.

Jun 30, 2013

තේ යාරයක් දාන්න.... - Tea with condensed milk



ටින් කිරි පෝස්ට් එකක් දාන්න ගිහින්, මාත් මාර ටින්කිරි පාරක් නේ ගාගත්තේ, අන්තිමේදි, උණවටුනේ ගිහින් නැවතුනේ. මේ ටින් කිරි තේ හදනවා, ඉස් ඉසෙල්ලම දැක්කේ, මම කියපු අර පාසිහේනේ කන්ද උඩ කඩේ. මේ ළඟදි තම්බියෙක්ගෙන් (අපහාසයට නොවේ) අම්බානක කන්න ගිහින් බේරුන, ඔය සැමා කියනවා වගේ, අද "විස්කම් නිවස" කියන්නේ, එදා මැටි කර්මාණ්ත ශාලාව.

ඕකට අපි ඒ කාළේ කිව්වේ "මැටි මෝල" කියලා. ඒකේ වැඩ කරන උන්ට කිව්වේ "මැට්ටෝ" කියලා. ඔතන තියෙන පාරෙන් තමයි ආයිබෝවන්ඩ, "වීජමූගේ සර්ප විෂ වෙද රෝහලට" යන්නේ. ඒක අද තියෙනවද, නැද්ද කියන්න නම් දන්නෙ නෑ. ටින් කිරි තේ එක නමෝ විත්තියෙන් දැකපු කඩේට අපි කියන්නේ කියන්නේ "කළු කඩේ" කියලා.

එහෙම "කළු කඩේ" කිව්වේ, අසාධාරනේට වෙළඳාම කරපු නිසා නෙමෙයි. මුළු කඩේම කළු පාට නිසා. පොඩි කාළේ හැටියට, තොරණ හංදියේ ඉඳන්  හැතැක්ම දෙකක් විතර දුරින් තිබුන මේ කඩේ ගැන දැනගත්තේ, ඔය කඩේ මුදලාලිගේ, අක්කගේ පුතා, උන්නේ මගේ පන්තියේ නිසා. ඌට හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා ඌ මාත් එක්ක බොහොම හිතවත් උනා.

උදේ වරුවේ ඉස්කෝළේ නෑනේ. ඉතින් සමහර දවසට, හැන්දෑවේ ඉස්කෝලේ යන්න, සූට් කේස් එකත් අරගෙන ඌ අපේ ගෙදර එනවා. එහෙම නැත්නම් මම ඌගේ ගෙදර යනවා. මේ ගමන් අපි ගියේ පයින්, කොහොමත් විනාඩි 45 ක විතර ගමනක්. සත පහක ගානක් නෑ. බස් එකක් ගියත්, යන්නේ බොහොම කළාතුරකින්.

ඒ කියන්නේ ටයිම් සැඩූල් එකකට තමයි එදා බස් දිව්වේ. "235" කැළණිය කොළඹ බස් එකට අමතරව, තව බස් එකක් දිව්වා, කැළණිය වත්තල, ඕක යන්නේ, වරාගොඩ පාරෙන් තොරණ හංදියට ඇවිත්, එතනින් වනවාසල පාරේන් වත්තලට. ඒකට තිබුනේ පොඩි ටාටා බස් එකක්. බස් එකක් හම්බ උනත් බස් වලට ගොඩ උනේ නෑ. පයින් තමයි ගමන.

යාලුවා හරිස්, හරිස්චන්ද්‍ර. හරිස් කියන නම, මම ඌට දාපු නම. ධර්මාළෝකේ උන්ට නුහුරු උනාට, කේරී කොලේජ් එකේ, නම් දාගත්තේ එහෙම තමයි. ඌගේ ගෙවල් තිබුනේ කඩේ පිටිපස්සේ, හරිස්ගේ අම්මගේ මල්ලි තමයි මුදලාලි. මුදලාලි බැඳලා නෑ, ගෝලයා බැඳලත් නෑ. ගෙදරට යන්න ඕන කඩේ ඉස්සරහයින් නිසා, මුදලාලිට අහු නොවී ගෙදරට ගොඩ වෙන්න බෑ.

මාමගෙයි, උදව්වට උන්න මාමගෙයි දත් සෙට් දෙකයි, පිගන් ටිකයි විතරයි සුදු පාටට තිබුනේ. දැකපු පළවෙනි දවසෙම සංසාර බැඳීමක් වගේ මාමා මාත් එක්ක සෙට් උනා. ඒ වාසනාව එදා ඉඳන් මගේ ළග තිබුනා. මේතන නම් හේතුව උනේ. බෙන්තර ගඟෙන් එහා සීන් එක. ආයේ ඉතින් නෝ කතා ඉනා බේත් දුන්නා වගේ තමයි.

දෙන්නම ඇන්දේ සුදු පාට සරමයි බැනිමයි උනාට, ඔය නිල් පාට "රොබින්" කුරුල්ලගේ, නිල් පාට කුඩු දාල, ඒව එක්කෝ නිල් පාටයි, නැත්නම් දුඹුරු පාටයි, හඩු පාට කියන්නෙත් ඔය පාටටම තමයි. අද කාළේ නම් සමහර කෙල්ලෝ කොල්ලෝ, ඔය හඩු පාටට ගොඩක් කැමතියි. ඒකනේ කොන්ඩේ ඒ පාටට හරව ගන්නේ. සමහර උන් නම් කියන්නේ මළ කඩ කාලය කියලා.

කඩේ ඉතින් "තේ කඩයක්", තේ කඩයක් කිව්වට ඔය "ම්ලෙස්නා ටී සැන්ටර්" වගේ, තේ කොල විකුණන කඩයක් නෙමෙයි. පොඩි හෝටලයක්. මුදලාලී ඉන්නේ, කැෂියර් කූඩුවේ, බැනියම රෝල් කරලා පපුව ගාවට අරගෙන, වීරප්පන්ගේ වගේ රැවුලක් වවලා, දැක්කම බොහොම ගරු ගාම්බිරයි, රැවුල දැක්කම පොඩ්ඩක් බයත් හිතෙනවා.

සමහර විට ණයට ඉල්ලන උන්, හොරෙන් කාළා මාරු වෙන උන්, බය කරන්න වෙන්න ඇති, ඇතුල්වෙන තැනම මේ වගේ අය ප්‍රදර්ශණය කරන්නේ. ඕක, ඔය කඩේ මැතඩ් එකක් නෙමෙයි. අදටත් ගොඩාක් හෝටල්වල ඔහොම තමයි, ගෝල්පේස් හෝටලේනම්, කෝට් එකේ බැජ් පුරවගෙන ඉන්න උන්නැහේ දැක්කම් බයක් නම් හිතෙන්නේ නෑ.

ළොකු ඇන්ටීක් ගතියක් පෙන්නේ. කෞතුක වස්තුවක් වගේ නිසා, පොර උස්සන්නත් පුළුවන් කිවම, මහ හයියෙන් හිනාවෙනවා බලන්න ලස්සනයි. සුද්දෝ මෙයත් එක්ක පොටෝ එකක් අල්ලනවමයි. මුත්ත සමහර දවසට හැදැවට හෙදර යන්නේ ජෙනරල් මැනේජර් මහත්තයටත් වඩා ගානක් හොයාගෙන.

කැෂියර් කූඩුව වටේ අලි වීදුරු බෝතලේක හුළං විස්කෝතු, ඊට පොඩි බෝතල්වල ඩෙල්ටා ටොෆි, හැක්ස් ටොපි, පැණි කජු කෑලී, පොල් ටොපි, රුලං කෑලී, එක එක බිස්කට් ජාති දාලා තිබුනා. කැෂියර් කූඩුවේ පිටිපස්සෙ රාක්කේ සරසලා තිබුනේ හිස් බ්‍රිස්ටල් පැකට්, ත්‍රි රෝසස්, ෆෝ ඒසස් පැකට් වලින්, ඒ කාළේ ගොල්ඩ් ලීෆ් තිබුනා කියලා මතකයක් නෑ. කොහොමත් ඒ දවස්වල මේවා පාවිචියක් නෑනේ. නමුත් හිස් පෙට්ටි එකතු කරන පිස්සුවක් නම් තිබුනා.

අනිත් පැත්තේ, අඩි තුනක් විතර උස වීදුරු අල්මාරියක්, ඔය දෙක මැද්දෙන් තමයි කඩේට ඇතුල් වෙන්නේ. වීදුරු අල්මාරියේ තමයි, ඉඳි ආප්ප, ආප්ප, බනිස්, ඤානකතා, ලඩ, හැලප, කළු දොදොල් අනං මනං ඔක්කෝම ජාති තිබුනේ. ඊට උඩින් කහ කෙසෙල් කැනයි, කොල කෙසෙල් කැනයි.

ඇතුලේ මේස පුටු නෑ. බංකුවයි, බිත්තියට ගහපු ලෑලි කෑල්ලක් මේසෙටයි, ගොඩක් අය තේ බිව්වේ හිටගෙන. ඊට පස්සෙ තමයි ගෝලයගේ විමානේ. දිග මේසෙක ඇලුමිනියන් ට්‍රේ එකක අශෝක ග්ලාස්, ඊට පස්සෙ තඹ බොයිලේරුව, ඒක තියලා තිබුනේ බූමිතෙල ලිපක් වගේ එකක. ඊට එහ පැත්තේ, තේ ගොට්ටයි, තේ හදන යකඩ කෝප්ප දෙකයි, හැන්දයි, අන්න අරකයි.....

මොකක්ද..............?

කඩාපු ටින් කිරි ටින් එකයි.......

තේ යාරේ ඊළඟ එකේ දානවමයි..

73 comments:

  1. මෙහෙම පෝස්ට් දානවනම් වෙද මහත්තයට පූසෙක් කුලියට ගන්න වෙයි...

    ReplyDelete
    Replies
    1. ඔයත් ලියන්නකෝ පනේ. පූසව එහෙටත් එවන්න...

      Delete
  2. තේ යාරේ ට තව ගොඩක් දුරයි වගේ,,,,,,,,,,

    ReplyDelete
    Replies
    1. නෑ අනිකෙන් ඉවරයි. කස්ටියට දිරවන්නෙ නැති නිසා නැවත්තුවා..

      Delete
  3. අතීත කැරකෝප්පුවේ වළදා තිබූ මතකය අවධිවෙනවා මේක කියවන කොට. මුලින්ම තේ යාරේ. අපේ එකෙක් හිටියා ගාල්ලෙ පොරක් ලොකු ගෙයක් නැති නමින් ලොකුගේ. තාත්තට තේ කඩයක් තියනවා. පොරට තේ යාරේ අදින හැටි පෙන්නන්න කියපුවම අතින් ඇදලා පෙන්නනවා හැබැයි උඩට පහලට නෙමෙයි වමට දකුණට. ඇයි යකෝ තේක හැලෙනවනෙ ඔහොම කරපුවම කිව්වම මූ කියනවා, "එහෙම තමයි ඩෝ යාරේ ඕනෙ පැත්තකට ඇද්දහැකි ප්‍රැක්ටිස් වුනහම" කියලා.

    අර වනවාසල පාරේ මමත් ගිගින් ඇති සිය දහස් වර පයින්. කවදාවත් ඔය ටික යන්න වාහනයක් ගන්නෙ නැහැ ඒ කාලේ. මාතලන්ට මතක ද? අර බණ්ඩා හදන්න ගිහින් නවත්තලා දාල තිබ්බ අධිවේග මාර්ගයේ අහස් පාලම් කෑල්ල, රේල් පාර හරහා තිබ්බ එක. පෑලියගෝඩ එක වගේම. එතනින් යනකොට ඒ වට පිටාව මතකද? එතකොට එතනම තියන තෙළඟපාත හාමුදුරුවෙන්ගේ රෝහල.

    ඔය පාරේ ඒ කාලේ මම යනවා පොඩි වැඩකට මේකෙ ලියන්න බැහැ දුව බලන නිසා. හාමිනේ නම් ගානක් නැහැ. එයා දන්නවා මේ විස්තර.

    ඉස්තරම් තේ යාරේ. කෙන්ජිත් එයිනෙ දැන්......

    ReplyDelete
    Replies
    1. කෙන්ජියගෙ ඇගිලිවල පලවෙනි පුරුක නැත්තටම නැතිවෙලා මාතයගෙ පිට කසලම.... වයිෆ්ගෙන් බැනුම් කෝටියයිලු.... පව්.... නහින දෙහින කාලෙ ඇගිල්ලත් කොට උනාම....

      Delete
    2. මට පොඩි මතකයක් තියෙනව වෙද මහත්තයො/ මාතලන් ඒ දවස්වල තිබුන නේද පැරකුම්බා ටින්කිරි කියල.

      Delete
    3. පැරකුම් රජතුමාගේ අර ගස්ලබු ගෙඩිය අතේ තියාගෙන ඉන්න පින්තූරේ දාලා තිබ්බ පොඩි ටින් එක නේද කෙන්ජි. මම ඒ දවස්වල හරි ආසයි ඔය ටින් එක කැඩුවට පස්සෙ අර ටින් එකේ බිත්තියේ ගෑවිලා තියන ටින්කිරි ඇගිල්ලෙන් හූරලා කන්න. දින කීපයක්ම ඇගිල්ල කැපුනා ඔය වැඩේට ගිගින්. ඒ කාලේ ශීතකරන නැහැනේ. අපි වතුර භාජනේක ටින් එක ගිල්ලල තියනවා කූබි එනවට. කූබි ආවේ නැතුවට අපි පොඩි උන් හොරෙන් කනවා.

      Delete
    4. ඇනේ හොද කොල මැල්ලුම් සමග ගමේ කෑම කාපු අපි වගේ බයියන්ගෙ ඇගිලි පැන්සල් කූරු නෙමේ හරිය.

      Delete
    5. දැන් ඒ පැත්ත පැරිස් වගේ කටුනායක අධිවේගේ යන්නේ ඒ පැත්තෙන් නේ. හැබයි බන්ඩගෙ එක එහෙමම තියෙනවා. හැබයි අධිවේගේට පුරවපු නිසා පලාතම යටවෙනවා. ජීවීතේට යට නොවුනු අපේ ගේත් එක සැරයක් යට උනා.

      Delete
  4. තේ යාරය දාමුකෝ එහෙනං :) මුත්තා හරි වාසනාවන්තයි වාගේ

    ReplyDelete
    Replies
    1. මුත්තා ඉස්සර ගයිඩ් මහත්තයෙක්...

      Delete
  5. සෑමා ඉන්නේ මැටි මෝල හරියේද ..හික්..හික්..
    තාමත් ඔයවගේ තේ යාරේ දාන කඩ තියෙනවා.. ඕක පෙන වැඩි වෙන්න කරන වැඩක් නේද , කොහොම උනත් යාරේ දාලා දෙන තේ එකක පොඩි ගතියක් තියෙනවා ..

    ReplyDelete
    Replies
    1. අඩෝව් මෝල ගැන කියන්නෙ නැහැ මම..

      Delete
    2. යාරේ තේ එකේ රහ දන්නෙ බීපූ එකෙක් විතරයි. සැමා ඉන්නේ ඊට ගොඩක් එහා.. ගෝනවල සුනිල්ලැයි පැත්තේ...

      Delete
    3. ඒ කියන්නෙ රතු පල්ලියට එහා.

      Delete
  6. ගොඩක්ම අදින්න එපා. උඹේ දේශපාලන පෝස්ට් වලටයි මගේ මනාපෙ

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල ලියන්න දෙයක් නෑ.. 13 ගැනත් 13 පාරකට වඩා ලිව්වා මයෙ හිතේ...

      Delete
  7. අර වගේ වාසනාවන්ත මුත්තෙක් තවත් නෑ මං හිතන්නේ. එක එක ජාතියේ පොරවල් එක්ක ගහපු පොටෝ හෙම අම්බානට ඇති..

    ReplyDelete
    Replies
    1. ඕක මචෝ, ගල්කිස්සෙ මහ හෝටලේට පබිලිස් වගේම. ගෝල්ෆේස් එකේ ට්‍රේඩ් මාර්ක එකක්..

      Delete
  8. මමනම් මේ වගේ තේ කඩ දැකලා නැහැ කියවනකොට චිත්‍රරුප මවා ගැනීමක් තමයි කරන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒක උඹේ වැරද්ද. ඔය දුර පලාත්වල ටවුන් වල මේ වගේ කඩ තවමත් තියෙනවා. කොළඹත් තියෙනවා. හැබයි අහු මුළු වල..

      Delete
  9. //තේ යාරේ ඊළඟ එකේ දානවමයි..//

    මේ වැඩේ කරන්න එපා.

    හැලපගෙන් අදහස විතරක් අරගෙන, තමන්ගෙම ආරෙට ලියන එක තමා හොඳම. අර කලින් ලිපියෙ තිබුනා චගේ

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මෙයා. අම්මපා කලබලේට ලියන ඉට්ටයිල් එකත් අමතක උනාය..

      Delete
  10. යකෝ මං මෙකට කමෙන්ට් එකක් දැම්මනේ ඊයේ. මට කොයිල්ද මන්දා.. ඊයේ දෙකක් දාගනයි හිටියේ...හැලපස්ටයිල් කතාව මේක නේද?

    ReplyDelete
  11. ඔය කඩේ සුරුට්ටු නැද්ද? ඒ දවස්වල එක එක ජාතියේ සුරුට්ටු තිබුණා.

    ReplyDelete
    Replies
    1. සුරුට්ටු බීඩී දෙකම තිබුනා. ඒ කාළේ මිනිස්සු යාපනේ කළු සුරුට්ටු බිව්වා ගෑණු පිරිමි බේදයක් නැතිව. අපේ සීයත් කළු සුරුට්ටු පප්පෙක්..

      Delete
  12. මදැයි කොලා, තේ යාරෙ කියවන්න ඉන්න එකත් හරියට අර එළුවාගේ බිජ්ජ වැටෙනකන් බලන් හිටියා වගේ වෙයිද දන්නේ නෑ,

    ReplyDelete
    Replies
    1. එළුවාගේ ඇට දෙක බන්.!@#$%^& බිජ්ජ නෙමේ ...

      Delete
    2. බිජ්ජ නෙමෙයි බන් ඇට දෙක. ඌගේ ඇට දෙක හෙන ලොකුයිනේ. ඉතින් ඌ හිතලා දැන් වැටෙයි, දැන් වැටෙයි කියලා....

      Delete
  13. යාරෙ කිව්වට මේක යාර හතරක් පහක් අදියි වගේ.
    තාමත් සමහර ගම්වල ඔය වගේ කඩ තියෙනව.

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ, තාමත් ගම් වල තියෙනවා. විශේෂයෙන් ඔය වතු තියෙන පැතිවල. යාර පහක් නෑ... මෙ දෙවනි යාරේ... තුනෙන් ඉවරයි..

      Delete
  14. ඇයි මාතලන් ඔයාට අමතක උනාද ස්පොට්ස්මන් කියන සිගරට් වර්ගය. අශ්වයෙකුහේ ඔලුවක් දාලා තිබුනේ. ගෝල්ඩ් ලිෆ් නම් මටත් මතක නැහැ.

    ReplyDelete
    Replies
    1. මටත් මතකයි. ඇයි ඒ කාලේ නැඟලම ගියේ ත්‍රීරෝසස් සහ ෆොර් ඒසස් නේද? (මිනිස්සු කිව්වේ ෆෝරේසස් කියලා.) ගෝල්ඩ් ලීෆ් තිබ්බා හැබැයි සුපිරි පැලැන්තිය තමා ඒ දිහා බැලුවේ. නැඟලම ගියේ සුරුට්ටු. කළු සුරුට්ටුත් තිබ්බා. අපි පැන්සල් දාන් ගියේ සුරුට්ටු පෙට්ටියේ. සුන්දර මතකයන්....... මේ ඒ කාලේ තේ කඩේක අනිවාර්ය්‍ය දේවල්.

      Delete
    2. ඇයි මදන මෝදක? වෙද මහත්තය දන්නෑ වගේ කතාව....

      Delete
    3. ඔය කියන කාලේ නම් ඒ ගැන අවබෝධයක් නැහැ. හැබැයි දැන් නම් හොදට දන්නවා. නොදන්න අය ගැන දුකකුත් තියනවා. ඇනෝ වෙනුවෙන් ලියන්නම්කො දිනක ඒ ගැන හොද ලිපියක්.

      Delete
    4. Ayilas ඒකට නේද නැවිකට් කියල කිව්වෙ ෆිල්ටර් නැහැ.
      ත්‍රි රෝස් එක වගේ.
      ඇනේ අපේ කාලේ අපිට මෝදක ඕන වුනෙ නැහැ.
      මළ ගේක,පිරිත් ගේක නයිට කපද්දී ගැටයක් හරි ඇබට් එකක් හරි උස්සල පොල් ගහට හරි තාප්පෙට හරි හේත්තු කරගෙන සට පට ගාල ගල් ලෝඩ් බාන වෙලාවලුත් තිබුන.
      හැබැයි අහල පහල ඇන්ටිලා එක්ක නාන්න පිනා චෑන්ස් හම්බුනාම නම් ඇන්ටිලා වතුර බාල්දි තුන හතරක් නෑවම තමයි අපි පළමු වතුර ටික හලා ගන්නෙ.
      දැන් එවුවන්ට තමයි ඔය මගුල් ඕන.

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. කෙන්ජි යනු නශ්ඨකාමයෙන් පෙලෙන මානසික රෝගියෙකි.....

      Delete
    7. ලබපු අත්දැකීම් එලස,ලෙසට කීම/ලිවීම ට කියන්නෙ ඒ නම තියෙන රෝගියෙක් කියලද බං?
      මේක අහපන් අපේ කාලේ නොමිලෙ පෙන්නන ගුගල් සෙක්ස් තිබුනෙ නැහැ.ගැහැණුන්ව,පොඩි ළමයින්ව දුෂණ කිරීම් අහන්න තිබුනෙ දශම ගානට.
      අපි ඉස්සර පන්සලක සල්පිලක්/බණක් තියෙන දවසක උච්චම අවස්ථාවක,පල්ලියෙ ඉරිද සවස පුජාව වෙලාවට ගමේ ඉන්න කැසිලිකාර හින්දි ගැටයක් එක්ක පොල් ගහක් යට,තාප්පයක් ලග ගඩොල් ලෝඩ් එකක් බාන එක සාමාන්‍ය දෙයක්.
      හැබැයි ඉහත කිව්ව ලෙඩේ තියන බව්වන්ට බැහැ.
      කෙන්ජිය වගේ රූපකාය සමග ගට තියෙන එව්වන්නට පමණයි කල හැක්කේ සහ ඉල්ලුම තියෙන්නෙ.
      හැබැයි මම නම් පෙර සුදානමින් දවල් කාලේ අංශක 58 ට ඇල වෙච්ච පොල් ගහක් තෝරා ගෙන වටේ සුද්දයක් දාල තියා ගන්නව.මොකද පත්තාතෑයො/ගෝනුස්සෝ පුරේ පොල් ගස් අවට.

      Delete
    8. @ අයිලෂ්
      ඕන් බලහන්කෝ ඉතින් කිව්වමයි මතක් උනේ. තව තිබුනා හැම්ප්ෂයර් සුරුට්ටුයි, ගංඟා බීඩීත්.. අර වෙද මහත්තයා කිව්වා වගේ, සුරුට්ටු පෙට්ටියේ තමයි අපි පෑන් පැන්සල් ගෙනිච්චේ. ඒක මතක් උනාම තව කතාවක් මතක් උනා වෙලාවක ලියන්නම්..

      @ කෙන්ජි
      දැන් ඉන්න උන්ට හොහෙද බන් එච්චර සුන්දර දේවල්. නෂ්ඨකාමෙන් පෙලෙන්නේ කව්ද කියලා ෆේස්බුක් එකට ගියාම බලා ගන්න පුළුවන්. අපේ කාලේ නම් ගල් ලෝඩ් එකක් බාන එක මහ දෙයක් නෙමෙයි. මහ ඒවුන්ට අහු උනත් එච්චර එලෙව්වේ නෑ. දැන් උන් වගේ ගබ්සා මද්දස්තාන අස්සේ රිංගන්න උනෙත් නෑ. දැන් උන්ගේ කොම්පියුටර් මොලවල් නිකන් රෝබෝ මොල තියෙන්නේ. අර විචාරක උන්නැහේ කියලා තිබුනේ එයාගේ උපාධීදාරි දුව ගැන. සමාජයේ මෙළෝ දෙයක් දන්නෙ නෑ කියල..

      Delete
    9. @ කෙන්ජි

      //හැබැයි මම නම් පෙර සුදානමින් දවල් කාලේ අංශක 58 ට ඇල වෙච්ච පොල් ගහක් තෝරා ගෙන වටේ සුද්දයක් දාල තියා ගන්නව.මොකද පත්තාතෑයො/ගෝනුස්සෝ පුරේ පොල් ගස් අවට.//

      හෑ... මේක නියම වැඩක් නේ.

      Delete
  15. ඉස්කෝලේ මැටි වැඩ පංතියේ හිටපු අපිට වැටිලා තිබ්බෙත් "මැට්ටො" කියන නම!!! මැටි වැඩ මිස් මැටි මිස් නොවී බේරුනේ බොහොම අමාරුවෙන් ළමයි එක්ක යාළුවෙලා.

    කොහුවල හංදියෙන් කැළණියට යන 135 බස් එක පටන් ගත්තු හෝල්ට් එක ඉස්සරහ තියන ඔය වගේ කඩයක දී පත්තරයක් ගන්න දික් කරන් හිටිය මගේ රුපියල් පහ අතෙන් කවුද උදුරලා අරන් ගියා .. ඊට පස්සෙ කවදාවත් සල්ලි දික් නොකර ඉන්න පාඩමක් ඉගෙන ගත්ත.

    සුද්දො විතරක් නෙමෙයි මේ කළු කෙල්ලත් කෞතුක වස්තුවක් වූ චුට්ටි කුට්ටන් එක්ක ෆොටෝ අල්ලන්න හරි කැමතියි.

    ReplyDelete
    Replies
    1. කළු කෙල්ලෝ කියන්නේ නෝනේ. දැන් ඔය වෙඩින් පොටෝ ට්‍රැන්ඩ් එකක් යනවා නේ. මුන්දැට බේරුමක් නෑ මනමාලියන්ගෙන්. හැබයි ඉතින් ෆෝටෝ කස්ටිය වගෙම මනමාල ජෝඩූත් සලකලා තමාලු යන්නේ..

      අපේ වඩු වැඩ සර් නම් "වඩ්ඩා" මම කලේ මෝට මිකැනිසම්. මුළු අවුරුද්දේම පිස්ටන් එක තමයි ඉගැන්නුවේ. අපරාදේ කියන්නේ ළකුණු 100. අදත් පිස්ටන් එක අඳින්න පුළුවන් මතකෙන්..

      Delete
  16. Replies
    1. හරියන එකක් අහු උනේ නෑ. ඊළඟ එකට දාන්න...

      Delete
    2. මාතලන්, උඹ හොයන්නෙ ඉන්දියන් "අ"තේ ගැහිල්ලක් වගේ!

      Delete
  17. හැලපස්ටයිල්... හි හි.. මටත් යාන්තම් මතකයි ඔය වගේ කඩයක්... දැන් නම් ඒ කඩේ නෑ... හැබැයි තේ යාරේ නම් ටීවී එකේ මිසක් හැබැහින් දැකලා නෑ...

    ReplyDelete
    Replies
    1. හපොයි හිරු. මහත්තයත් එක්ක ගිහින් හොයාගෙන හරි බොන්න. මට නම් අදටත් බීපූ හොඳම තේ එක, යාරේ තේ එක තමයි..

      Delete
    2. හි..හි..
      හි..හි..
      හි..හි..
      හි..හි..
      හි..හි..
      හි..හි..

      Delete
  18. තේ යාරේ හරි අඩුම ගානේ කියෙව්වනේ... එකවත් ඇති ...

    ReplyDelete
    Replies
    1. ඊළඟ එකෙන් ඉවරයි මචෝ...

      Delete
  19. මේක රබර් යාරයක්ද කොහෙද! :D

    ReplyDelete
    Replies
    1. ඊළඟ එකෙන් ඉවරයි මචෝ...

      Delete
    2. මාතලංතුමා, මම අදහස් කලේ මම මේ ගොමු තැලිල්ලට අකමැතියි කියන එක හෙම නෙවෙයි. ඇත්තෙන්ම ගොමු තැලිල්ල නිසා රසවත් අතුරු සිද්ධි ගණනාවක් දැනගන්න ලැබෙනවා.

      මම දන්න විදියට මුලින්ම ගොමුතැලිල්ල කලේ ඔබා අයියා, ඊ ලඟට රවි සහ හැලපයා. ඒ හැම කතාවෙන්ම අර වගේ අතුරු කතා නැවකට ඇහුවා.

      Delete
  20. පරණ සිද්දි මතක් කරන කොට හිතට දැනෙන්නෙ මාර සතුටක් නේද?
    තේ යාරේ එනකම් බලන් ඉන්නව අපි.

    මාතලන් ඔයාගෙ බ්ලොග් එක හරහ මගේ බ්ලොග් එකට ගොඩක් අය ආව, මගේ බ්ලොග් පි‍ටුවට ගොඩක් හොද ප්‍රතිචාර ලැබෙන්න, ඔබ ලොකු හේතුවක්,මට ලබාදෙන සහයට ගොඩක් ස්තූතියි!

    සිතුම් සයුර

    ReplyDelete
    Replies
    1. ඒවා ගනන් ගන්න එපා.. සුළු දේවල්. අගය කල යුතු දේ අගය කරනවා. හෙලා දැකිය යුතු දේ හෙලා දකිනවා. ඒ අපිට අපේ ගුරුවරු කියාදුන් හැටි.

      Delete
  21. යාරෙ හැතැප්මක්ද බං ?

    ReplyDelete
    Replies
    1. නෑ ඔය පේන දුර.. ඊළඟ හන්දියෙන් දකුණට හැරිලා, හූවක දුර....

      Delete
  22. මට නම් ඔය වගේ තේ දාන කඩ හම්බෙලා තියෙනවා වව්නියා මන්නාරම් වල එහෙම ඉන්න කාලේ..ඒ ඇරුණුකොට සිංහල පැති වලත් අනන්ත දැකලා තියෙනවා..අපේ පුංචිත් ඔහොම පෙණ එන්න ඉස්සර කිරි හදන්නේ..මට එක පාරට ඒක මතක් උනා...

    ReplyDelete
    Replies
    1. ටින් කිරි තේ එක උනත් රහ නෑ. කහට වැඩියෙන් දැම්මෙ නැත්නම්..

      Delete
  23. ඉදින් ඕනවඩ වඩා හොද හිත මගෙම ඔලුවට කඩා වැටෙන බැවින් මම ඊයෙ බස් රේඩියෝවෙන් ඉවත් වු බව සියල්ලන්ටම පැවිසුවෙමි. මිතුරන් බොහෝ ඇසුවෙමි ඇයි ඇයි කියා..එයිනුත් ලගම මගෙම යැයි හැගෙන උන්ට පමණක් ඇත්ත කියා මා අනෙක් පණිවිඩ විවෘතවත් නොකලෙමි. මේ සියල්ලටම මුල ඊයෙ මා ඉවත් වු බව පවසා කිම යැයි මම දනිමි. ඔබලා අද පිස්සන් ලෙස මෙසේ දුවන්නේ එලෙසය. ඉදින් පුද්ලගික චැට් තියා ඕනිම දෙයක් කියන්න. නමුත් මතක තියා ගන්න මේ ප්‍රශ්නය ඔබලා යන්නෙ දිනිති දීපිකා එක්ක පමණයි. මගේ පවුලේ කිසිවෙක් බස් රේඩියෝවට සම්බන්ධ වුයේත් නැත. එය ඇසුවේත් නැත. ඒක නිසා බොහොම කාරුණිකව කියනව කොන්ද කෙලින් කියන් මා සමඟ ඩිරෙක්ට් කතා කරන්න. එහෙම බැරි නිසා නේද අයින් වුනාට පස්සෙත් පවුලෙ අයට මේල් යැවුවෙ. දැන් මෙතන බස් රේඩියෝ ප්‍රෙපයිල් එකෙන් ඇවිත් ආහ් කාටද යැවුවෙ කියල ඔප්පු කරන්න කිය කියා එන්න එපා...ඇඩ්මින් මණ්ඩලයේ මේල් මෙහෙයවන උනුන්ගේ හදවත් දන්නවා ඇත. බොහොම කාරුණිකව සහ තරයේ කියා සිටිනව මා සමඟ කැමති ගණුදෙනුවකට එන්න. මගේ පවුලේ අයව ආයෙමත් මෙයට සම්බන්ධ කරගත්තොත් මා කරන දේ මමවක් නොදනිමි. සාක්ෂි ලෙස සියල්ලම මා ලගත් ඇත. අනෙක අයින් වුන මට අයින් වුන පාඩුවෙ නිහඩව ඉන්න නොදි අවුස්සා ගත්තේ ඔබලාමය. දැන් බොරු ටොක් දදා කුණු අවුස්ස අවුස්සා කුණු වලින් හෝ නම ප්‍රසිද්ධ කරගන්නට දගලන අසාර්තක උත්සහාය ගැන දුක්වෙමි. දිනිති කවුද කියා දන්නෝ දනිති. ස්ත්‍රි ලිංගයකට බොහොම පහසුවෙන් කුණු ගැසිය හැකි බවත් මම හොඳින්ම දනිමි.

    ඔබලාම ගඳ ගස්සවා ගත් දෙය දැන් ලෝකයටම ගද ගස්සවයි. මා බොහෝ ඉවසිමෙන් සිටි බව මේ පිලිබද දන්නා අය දනිති. නැවත නැවතත් කියමි මගෙ පවුලේ කිසිවෙකුගේ නමක්වත් ඔවුන්ට නැවත කිසි මේල් පණිවිඩයක්වත් නොයවන ලෙස. විරකම් වලට මෙතනම හා කාටද යැවුවේ කියාගෙන ඔබලා එයි යැයි නැවතත් සිතමි. එයට මම පිලිතුරු දෙමි නැවතත්..නුඹලාට ආත්ම ගරුත්වයක් නැති වුවාට මට ඇත. බසයට ආවේ මාය. බසයෙන් බැස්සේ මාය. එම නිසා දිනිති සමඟ පමණක් මෙය ගෙනියන ලෙස කියමි.

    අනෙක් කරුණ සක්කිලි යන වචනය මම කිසිම ප්‍රසිද්ද තැනක පාවිච්චි කර නැත. එය ඔබ රේඩියෝවෙම සාමාජිකාවක් සමග පැවැසු බවත් එයද පුද්ගලික චැට් එකකදි බවත්...එය පැවසුයේ සැබැවින්ම මගේ පවුලේ අයෙකුට ඔබලා යවා ඇති දෙය ගැන මට ආරංචි වු විගසම හිතේ නැගුණ ආවේගයටය.

    ඉදින් දිනිති යන පුද්ගලික චරිතය දන්නා අය දනිති. බ්ලොක් කරගෙන හැංගිලා කිසි දිනක කිසිවක් නොකියමි.ෆේක් නම් ගම් වලින් වීරකම් නොකරති. එමෙන්ම බොහෝ ඉවසිමෙන් බලා ඉද බැරිම තැනක පමණක් කියමි. දැන් තවත් කුණු වැපිරවීමට අවශ්‍ය නම් වපුරගන්න. එය ඔබලාගෙ මේ අවස්ථාවෙ උද්ගත වී ඇති මානසික තත්වයේ ප්‍රථිපලයක් බව දනිමි.
    මේ පිලිතුරු ඇතැයි යැයි සිතමි. මා අයින් විම ගැන කිසිවෙක්ට නොකියා බස් රේඩියෝවෙ චැට් එකටත් පුරුදු ලෙස ඇවිත් ගියත් මගේ නිහඩකම ආයුධයක් කරගත් ඔබලාට බොහොමත්ම තුති. එක රැනක් සේ හිටියත් නුඹලා කවුද යන්න ඉගිනෙ විට හෝ හදුනා ගැනිම සතුටකි.

    ( මෙය 2013 ජුනි 25 වන දින රාත්‍රි අදාල ස්ථානයේ දැමු පිලිතුරයි... මෙතන සටහන් කරන්නේ මා බ්ලොක් කරගෙන උඩ පනින උනුන් වෙනුවෙනි. හතර අතින් දොරවල් වහගෙන දගලන බියගුලු වීර වරියක් නොවෙමි මම. )

    ReplyDelete
    Replies
    1. මම බස් රේඩියෝව ඇහුවේ පුද්ගලයො නිසා නොවෙයි... හොඳ සිංදු ගිය නිසා... නිවේදකයෝ හිටියා තමයි.. සමහරු හොඳයි සමහරු ගන්න දෙයක් නෑ... ඒක මට ප්‍රශ්නයක් වුනෙත් නෑ... මම ඇහුවෙ නිවේදකයො නෙවෙයි.. බස් රේඩියෝව...
      ලෝකයේ බොහෝ දේවල් පුද්ගලයො මත දිවෙනවිට මේ වගේ ප්‍රශ්න එනවා. ඒ වෙනුවට පද්ධතීන් (හර පද්ධතීන් සහ ක්‍රම විධි) මත දිවෙන සංවිධානයක් බිහි වුනාම, අර පුද්ගලයෝ කවුරු ආවත් - ගියත් පද්ධතිය/සංවිධානය ක්‍රියාත්මක වෙනවා...
      අපි හැමෝම එක එක්කෙනාගෙ වලිග අල්ලගත්තාම (බැඳීම් ඇතිකරගත්තාම) අපට පැත්තක් ගන්න වෙනවා...
      ඒ නිසා මේ ප්‍රශ්නය ගැන මධ්‍යස්ථව බැලුවාම ඉවරයි... බස් එක තිබුණොත් මම අහනවා.. නැත්තං වෙන එකක් අහනවා..
      එච්චරයි..
      මෙතන තියෙන කමෙන්ට් වලින් පේන්නෙ හැමෝම තම තමන්ගෙ වීරයො ආරක්‍ෂා කරගෙන අනිත් අයට මඩ ගහන බවක්..
      දැං ඉතිං මටත් මඩ ගහපල්ලා... මට මොකෝ !

      Delete
    2. රේඩියෝව වහන්න යනවා කියලා..බැනර් පෝස්ටර් එල්ලගෙන .....එක එකා වෙන වෙනම ස්ටේටස් දාගෙන ............ලැජ්ජ නැද්ද බං බොලාට බොලාගෙම රේඩියෝ එක අහන මිනිස්සුන්ව පීචං කරන්න... කෝ උඹලගෙ මහලොකු මාධ්‍ය සදාචාරේ....හයියෝ රේඩියෝ....

      Delete
    3. අඩෝව් සල්ලි ගෙවලා ඇඩ්ස් දාපියව්. මේ බුකිය නෙමෙයි...

      Delete
  24. අපේ මෙහෙ තේ හදන එකත් ඔහොම යරෙට තමා තේ දාන්නෙ. ඒත් අල්ලපු රටේ උන් වැසිකිලි ගියත් අත් නොසෝදන නිසා මගේ තේක මමම හදනව. දවසක් මම තේ හදනකොට මිනිහට පුදුමයි මම "ටක ටක " ගාල හැන්දෙන් දිය කරන විදිය දැකල. උන් හිතන් ඉන්නෙ හැන්ද තීන්නෙ බෙදා ගන්න විතරයි කියල.

    ReplyDelete
    Replies
    1. පිරිසිඳු කම් බලන්න ගියොත් නම්, ලංකාවෙත් එකම කඩේකින් වත් කන්න වෙන්නේ නෑ. උඹ දන්නවද බිත්තර රොටි සීන් එක. මම වෙලාවක ලියන්නම්.

      Delete
  25. Replies
    1. ඇයි මචෝ අප්ෂට්ද...? තව එකයි..

      Delete
    2. මේක ඉල්ලන්නෙ රියන්.

      Delete
  26. තේ රියනක්නෙ අද දාලා තියෙන්නෙ...

    අර ගෝල් ෆේස් එකේ ඉන්න රැවුල් මාමා කේරලෙන් ආපු එක්කෙනෙක් කියලා මම කොහෙදෝ මංදා තිබිලා කියෙව්වා..

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති. ඒකනම් අහලා නෑ. වෙලාවක අහන්න ඕන. ඔය් අරුණි නෝනා ලියලා තියෙන්නේ උන්නෑහේගේ නම...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න