.

.

Sep 5, 2013

නවත්තන්න එපා..!!! (21+) - Dont Stop....!!! (13+)


මේ ළඟදි මගුල් ගෙදරක ගියා, හාමිනේගේ පැත්තෙන් නෑයෝ වෙන. ඒත් ඉතින් හාමිනේටත් වඩා එහේ සෙට් එක මා එක්ක ෆිට්. මේක නම් අර විකාර මගුල් ගෙයක් නෙමෙයි, බොහොම චාම් මගුල් ගෙයක්. අපි මනමාලිගෙ පාර්ශවේ. මනමාලීගේ අම්මයි තාත්තයි දෙන්නම නෑ. අම්මා නැති උනේ කැන්සර් එකකින්, තාත්තා නම් සිරෝසිස් වලින්. අම්මා නැති උන දවසේ ඉඳන් බලා ගත්තෙ පුංචි අම්මා. අර මල විකාර කේක් එකවත් තිබුනේ නෑ. කිරිබත් තමයි කෑවේ. හේතුව, සල්ලි නැති කමක් නෙවෙයි, මේ කෙල්ල බොහෝම චාම් සිම්පල් කෙල්ලෙක්, මනමාලයත් ඒ වගේමයි. උගත් කමයි, නිහතමානි කමයි, චාම් බවයි හොඳට කැපිලා පෙනුනා.


මේ මගුල ගැන ලිව්වේ, එතනදි උන අපූරූ සිඳුවීමක් නිසා. මම ටික කාලෙකට කලින් ලියනවයි කියපු කතාව එතනදි මතක් උන නිසා. අම්මයි තාත්තයි දෙන්නම නැති උනාට, ආච්චිලා දෙන්නම තවම ඉන්නවා. කේක් නොතිබ්බ මගුල් ගෙදර, කේක් ගෙඩි දෙකක් වගේ, ආච්චිලා දෙන්නවම, පෝරුව ගාවම මේසෙක ඉන්දවලා තිබ්බා. දෙන්නම ගෙනාවේ කරේ තියාගෙන. මුණුපුරාලා. පෝරුවේ වැඩ කටයුතු යන අතරේ මම දැක්කා ආච්චිලා දෙන්නට මල පැනලා ඉන්නවා. බැලින්නම් පෝරුවේ චාරිත්‍ර එකක්වත් උන්දලා දෙන්නට පේන්නේ නෑ. පස්සෙ ජනම් එක පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා, ඒ දෙන්නටත් බලා ගන්න සැලැස්සුවා. මොකෝ ඒ දෙන්නම ඇවිත් තියෙන්නේ, ඒ වැඩේ බලන්න.

ආච්චිලා සීයලගෙ හැටි ඔහොම තමයි. අර කතාවකුත් තියෙනවනේ, "තමන්ගෙ දරුවන්ටත් වඩා ආදරේ, දරුවන්ගේ දරුවන්ටය..." කියලා. ඒ උනාට, ඔය තත්වය අපේ සමාජෙන් නැති වෙමින් යමිනුයි පවතින්නේ. ඒක නේ අර ආච්චි කෙනෙක් අඬන්නේ, "රස්සාවට යන දරුවගෙ දරුවොත් රකින්නෙ මං නේ දැන්...." ගගා. ඉස්සර නම් එහෙම තත්වයක් තිබුනේ නෑ. අපිට නම් ආච්චිලගෙ සීයලගේ උණුහුම ආදරය නොඅඩුවම ලැබුනා. කවි කතන්දර, බණ කතා කියලා දුන්නේ අම්මලා තාත්තලා නෙමෙයි, එයාලා. ඔය කතන්දර කියා දෙන එක බොහෝම වටින දෙයක්.

අද අපේ සමාජයේ ඒක ඇත්තෙම නැති තරම්. ඒත් බටහිර කුමන්ත්‍රණ කාරයෝ නම්, පොඩි එකා ඇඳට දාලා, නින්ද යනකම් පොතක් හරි කියවනවා. අපේ උන් නම් පොත් කියවීම කෙසේ වෙතත් ඔහේ නිකං කියවනවා. අනික දරුවොන්ට කතා කියලා දෙන්න වෙලාවක් නෑනේ. අට අනූවක් ටැලිවිසොන් චැනල් වල යන ගූ ගොඩවල්, කාන්ඩෙම එක්කාසු වෙලා, නොකා නොබී කට ඇරගෙන බලාගෙන ඉන්නවා. ඔක්කොමවල යන්නෙ එකම කතාව. එකම නළු නිළි සැට් එක. ඉතින් අද ඉන්න දරුවා මෙළෝ හසරක් නොදන්න, හරකෙක් බවට පත් වෙනවා. ඒක හොඳටම නියෝජනය කරන තැනක් තමයි ෆේස් බුක් එක.
 
ආච්චිලා, සීයලා, අම්මලා, තාත්තලා, කතා කියා නොදෙන කාලේ, වාසනාවට "කතන්දර" ඉන්න නිසා අපිටත් ඉඳ හිට කතන්දරයක් අහගන්න පුළුවන්. මමත් ඔය රස කතාවක් ඉඳ හිට ඇදලා අරින්නේ අපි ඒ කතා රස විඳලා තියෙන නිසා. මේවා නම් මේ ආච්චිලා සීයලා කියලා දීපූ කතා නෙමෙයි. කතා රහට කියන්න පුළුවන් යාළුවෝ කියලා දීපූ කතා. මළගෙවල් වල පාලු කපපු කතා. ඉස්කෝලේ ෆ්‍රී පීරියඩ් වල කියපු කතා. ඔෆීස් එකේ වීරයෝ වෙන්න කියපු කතා.

මේකත් කලින් ලියපු කතාව වගේම ආච්චි කෙනෙකුයි දුවයි අතරේ කතාවක්මයි. ඔය විජිත් විජිතමුනි සිල්වා කිව්වට, කෙල්ලෙක් කොල්ලෙක් සෙට් කර ගන්න බැරි අඤ්ඤකොරොස් කේස් තමයි පත්තරවල යන්නෙ කියලා, යෝජිත විවාහවලින් සෙට් වෙච්ච ඉටි කිරිස් කෑලී වගේම හැන්ඩි කොල්ලෝ මම අනන්තවත් දැකලා තියෙනවා. ඇත්තටම ඒ අය තමන්ගේ අජ්ජාපනේට, පෞද්ගලික දියුණුවට, කාළය වෙන් කරපු නිසා ලව් කරන්න වෙලාවක් හොයා ගන්න බැරි උන අය. ඕන් එහෙම යෝජිත විවාහයකින් කොල්ලෙකුයි කෙල්ලෙකුයි සෙට් උනාලු.

ආදිම කාලේ වගේම නෙමෙයි නේ දැන්, මගුල් කතා කරලා තීන්දු කර ගත්තයින් පස්සෙ, කෙල්ලටයි කොල්ලටයි පොඩ්ඩක් එලියට පහලියට යන්න පුළුවන්. මොකෝ දැන් මඟුල් ගෙයක් ගන්නවා කියන්නෙත් වෙනම කෝස් එකක්නේ. කීයක් කියලා දේවලට යන්න තියෙනවද. කෙල්ලත් ඉටි කිරිස් කෑල්ලලු, මේක දැකපු වෙලාවේ ඉඳලා කොල්ලගේ මෙව්වා එකත් මෙව්වා වෙලා, කොයි වෙලාවෙද මේකේ පහස ලබන්නේ කියලා, පෙරුම් පුරාගෙනලු ඉන්නේ. ඔය කොල්ලන්ගේ ඇස්වලින් ශුක්‍රාණු එන එක අච්චිලට හොඳට පේනවා. ඒ නිසා ආච්චි කෙල්ලව කාමරේට කතා කරගෙන, පොඩි අවවාදයක් දුන්නලු.


මට නම් පේන්නේ හිච්චි දුවේ, කොලුවා හරි විසේ තියෙන එකෙක් වගෙයි. දන්නවනේ අද කාලේ ඉන්න උන්නෙ හැටි. පත්තරවල තියෙන ඒවත් ඔහේ දැකලා නැතුවෙයි. ඔය කොල්ලෝ මහා එපා කරපු උන්. බඳින්න කලින් අරෙහෙ මෙහෙ ගියාට පරෙස්සමෙන්, මොකෝ මේ ගම් වල උන් බලාගෙන ඉන්නේ මොකක් හරි එකක් අහුලන් කැළෑ පත්තර ගහන්න.. ඒ නිසා බොහෝම පරෙස්සමෙන් පුතේ.... අපේ පවුල් වල නම්බුව රකින්න එපාය අපි....

ඔය ඉළංදාරි විශ්වාස කොරන්න බැරි උන්... ඕකුන් ඉස්සෙල්ලම කරන්නෙ ඉඹින්න එන එක.. එක පාරටම දමලා ගහනවා වගේ නොකියා.. "අනේ...!" කියලා අකමැති බව පෙන්නහන්..

ඊට පස්සෙ උන් බලන්නෙම පපුව දිහා.. ආයෙ දෙකක් නෑ "කුක්කු තන්" මිරිකනවමයි.. ඒවට ආවොත් හෙම කෙලින්ම කියහන්... "එපා....!" කියලා..

ඕකුන් එහෙම කිව්වයි කියලා පරාජේ බාර ගන්නෙ නෑ.. ඊළඟට කරන්නේ අනිවාර්යයෙන් "චූවා" අල්ලලා උඹව පෙරලගන්න එක.. ඊට පස්සෙ වෙන දේ මම කියන්නෙ අහවල් එකටෙයි.. ඒ නිසා කෑ ගහලම කියහන් "නවත්තන...." කියලා..

 කියාපු ටික හොඳින් මතක තියාගනින් හිච්චි දුවේ.. මතකනේ... "අනේ...!, එපා....!!,  නවත්තන්න...!!!"

අනේ ඉතින්, ගියාටත් වඩා තවත් ලස්සනට ආවලු අපේ කෙලි පොඩ්ඩ.. වෙලාවක් එනකන් බලා හිටපු ආච්චි, කෙල්ලව කාමරේට කතා කරගෙන අහනවලු ඕපේ....

"මම කියාපුවේ හරිය දුවේ...? මේ ඉළංදාරියත් ඒ ජාතියෙම නේද...? කොහෙද ගියේ..? මෙච්චර පරක්කු උනේ...? මම කියපු විදියටම කරා නේද.... මයෙ සත්තරන් කෙල්ල...?"

කියාපු ගමන් මූනට පොඩි අප්ෂට් මේකප් එකක් දාගත්ත කෙල්ල කියනවලු..

"හරි වැඩේ නේ ආච්චි උනේ.. ආච්චි කියපු විදියට නෙමේනේ...... මේ යකා එක පාරටම ඔක්කෝම කලානේ...."

ඉතින්... ඉතින්... උඹ මොකෑ කලේ...? මම කියපු දේ කලේ නැතෙයි...?

මොකෑ නැත්තේ මම කෑ ගහලම කිව්වා..

"අනේ.... නවත්තන්න එපා.....!!! කියලා...."

ආච්චි කලාන්ත විය...


පරිවර්ථන අයිතිය මාතලන් සතුයි...

132 comments:

  1. ඕකනේ කියන්නේ පිළිවෙල වැදගත් කියලා. පිළිවෙල මාරුවුනොත් කේස්.
    ..........
    ..........
    එක නෙවෙයි මාතලන් මේ කතාවේ මට ඉතාම ගැලපෙන වාක්‍ය දෙකක් හම්බ වුනා .......
    පුලුවන් නම් කියන්න මොකක්ද කියලා...
    මම මෙච්චර කල් දැකපු ගැලපෙනම වාක්‍ය දෙක.

    ReplyDelete
    Replies
    1. එහෙම කොහොමෙයි බං කියන්නේ.. වාක්‍ය කීයක් කියලා තිඔයෙනවයි.. උඹම කියහන්කෝ අගේ නොකර....

      Delete
    2. උගේ හිතේ තියන දේ මූ අපේ කටින් ගන්න හදන්නේ අපි අහුවෙයි ඕවට.

      Delete
    3. ඔන්න බොරුද බලන්න මාතලන් & නලින් අයියේ
      මෙන්න මේකයි වාක්‍ය දෙක

      1. ඒත් ඉතින් හාමිනේටත් වඩා එහේ සෙට් එක මා එක්ක ෆිට්.
      2. තාත්තා නම් නැති උනේ සිරෝසිස් වලින්.

      Delete
    4. @ ඉවාන් පවුලූෂා

      1. සාමන්‍ය දෙයක්..
      2. කවදා හරි අපි යන්නෙත් ඒකෙන්ම තමයි..

      Delete
    5. ඒ ඉවෝන් ට හම්බුන එකනෙ. මට නං හම්බුනේ,

      //ඉතින් අද ඉන්න දරුවා මෙළෝ හසරක් නොදන්න, හරකෙක් බවට පත් වෙනවා. ඒක හොඳටම නියෝජනය කරන තැනක් තමයි ෆේස් බුක් එක.//

      ++++++++++++++

      Delete
  2. උසස් පෙල කරන කාලේ, පස්සේ ඉගෙන ගන්ණ කාලේ හෙම කෙල්ලෝ පස්සේ ගිහින් රස්තියාදුවෙන්ණ වෙලාව තිබුණට රස්සාවක් කරන කොට හෙම ඒවට වෙලාව නැතිවෙනවා.

    ඉතිං සක්කරයා ඉස්සරහට එව්වොත් හෙම මිස තමන් ගේ නලලේ කොටලා තියෙන කෙනා හමුවෙන්නේ නෑ.

    ඕනෑම හැන්ඩි කොලකෙකුට ගැලපෙන කෙලාලෝ සිය ගානක් ඉන්නවා. කෙල්ලෙක් ගත්තත් ගැලපෙන කොල්ලෝ සිය ගාණක් ඉනන්වා.

    ඉතිං මඳින්නම ඕනි නං, ප්‍රපෝසල් එකක ඇති වරද මොකෝ?

    ReplyDelete
    Replies
    1. ඉතිං ඳින්නම ඕනි නං, ප්‍රපෝසල් එකක ඇති වරද මොකෝ?

      Delete
    2. ඒකේ කිසිම වරදක් මම නම් දකින්නේ නෑ... පිටරටවල පවා ඉන්නේ "මැච් මේකර්ලා"...

      Delete
  3. ආච්චිලා ගේ ජීවිතය ගැන නම් කතා බොහෝයි, පස්සේ ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. හපොයි අම්මේ මැරෙණකන් ලියන්න බැරිය උන්දලයි කතා....

      Delete
    2. AI PASSE LIYANNE DANMA LIYAMUKO.......MATATH LIYANNA KATHA THIYANAWA, EWATH PASSE LIYANNAM......DANNAWANE ITHIN...

      Delete
    3. හුටා, ලින්ක් එකක් දාන්න අමතක වෙලා.

      Delete
  4. මේ කතාවේ ස්වීඩන් වර්ශන් එකක් තිබුනනම් පංකාදු පහයි.
    මගඳී නතර කරන්න කියලා කෑගැහුවානම් ඉතිං විකීලීක් කාරයට වුන සෑන්තෑසිය තමයි මේ කොල්ලටත් වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. සමහර උන් නම් මගින් බහිනවා.. එතකොට කිසි ආතල් එකක් නෑ..

      Delete
    2. //මගඳී නතර කරන්න කියලා කෑගැහුවානම් ඉතිං විකීලීක් කාරයට වුන සෑන්තෑසිය තමයි මේ කොල්ලටත් වෙන්නේ.//
      ඒ විතරක් යැයි. උබලටත් අද රස විදින්න කතාවක් නැතිවෙනවා.
      -කා(Ka)

      Delete
  5. ඉස්සර දරුවන්ට රසවින්දනය සමාජයට ආදරය කිරිම අවදානය යොමු කිරිම වගෙ දෙවල් ඉගෙන ගත්තෙ ඔය ආච්චිල සියල කියල දෙන කතන්දර වලින් තමයි.අර කතාවෙ වෙන වර්ශන් එකක් තව බ්ලොගක දෑක්කවගෙ මතකයි

    ReplyDelete
    Replies
    1. ඒකත් මං තුමාම තමා ලිව්වේ... ඔය දකුණු අත් පැත්තේ තියෙන්නේ "ඇඟට ගොඩවීම" කියාලා..

      Delete
  6. ඔයත් දැන් වැඩිපුරම බර 18+ වලට නේද ..... මේවා බලලා අහිංසක අපි නිකන් නරක වෙනවා

    ReplyDelete
    Replies
    1. දැන් නෙමෙයි.. පොඩි කාලේ ඉඳන්ම ඒවට බරයි.. අපි ඔය බලු පූට්ටූ වලට ගල් ගහපු කොල්ලෝ නෙමෙයිනේ.. අනේ තොගෙ නරක්වෙන්න තියෙන්නේ අහවල් එකෙයි.. නිකන් පල පලයන් බන් යන්න...

      Delete
  7. ආච්චිල/සීයල සුන්දර මතක ගැන නම් කියල වැඩක් නැහැ.අපේ රවී,සෙන්න එහෙම එයාලගෙ ලිපි වලින් මතක් කරනව අත්තම්මල සීයල ගැන කකාට අමතරව.
    මගේ දරුවො දෙන්නට නම් බිරිදගේ මව ලගට වෙලා පරණ දේවල් කියල දෙනව.
    උන් දෙන්නට ආච්චි ඇනයක් වෙන බවත් තේරෙනව සමහර වෙලාවට.

    ReplyDelete
    Replies
    1. අපේ කාලේ තිබුනේ රේඩියෝව විතරනේ. ගෙදර ඉඳන් ආතල් ගන්න තිබුනේ, මුවන්පැලස්සයි, මොණරතැන්නයි.. අනික් ඔක්කෝම දවල් වරුවේ නේ විකාශනය උනේ. ඉතින් කතන්දර අහන්න අපි බොහෝම ආසයි. මෑතකදි මෙහේ ඇඩ් එකක් ගියා. ඒකේ ආච්චි කතන්දර කියලා ඉවර වෙලා පොඩි එකාට කියනවා දැන් ආච්චිට කතන්දරයක් කියන්න කියලා. ඌ කියන්නේ බැට් මෑන් ගැන..

      දැන් ඉන්න උන්ට ඉතිහාසෙ දන්නෙ නැත්තේ ඒකයි.. කවුරු උනත් පොඩි උන්ට නම් ඇනයක් වෙන්න නරකයි... උන්ට උන්ගේ ළෝකේ ජීවත් වෙන්න දෙන්න ඕනා.. අපි නම් ඒ සැප උපරිමෙන්ම වින්දා...

      Delete
    2. මගෙ අත්තම්මා ගැන ලියපු දේ තමයි මේ.. එයා නැති වුන දවසෙ ලියවුනු එකක්. මගෙ ජීවිතේ මගෙ ලඟින හිටපු කෙනෙක් තමයි මගෙ අත්තම්මා.. මට ඒ අඩුව තාමත් දැනෙනවා

      Delete
  8. අනේ මන්දා .. අපි වල වෙලාද .. නැත්නම් වල් අපේ වෙලාද කියලා කොහොම උනත් සතුටක් ලැබුවා .. පොඩි හිනාවක් .. තව එකක් ලියමුද .. :D

    ReplyDelete
    Replies
    1. හපොයි.. ලියමු... කිසි අවුලක් නෑ...

      Delete
  9. අනේ මන්ද ආච්චිල සීයල නං ... මට කවුරුවත් හිටියෙ නෑ නෙ.. හැබැයි මට අම්ම හිටිය.. හැම විකාරෙටම... ඒක නිසා නැති මදිපාඩුවක් දැනෙන්නෙත් නෑ.. ආච්චිලා ඉන්න ටික වෙලාවෙත් කළේ කාගෙ හරි ඇද හොයපු එක.. ඒක නිසා මට ආච්චිලා අල්ලන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. ඔහේට ඉන්න ඇත්තේ කොළඹ ආච්චිලා නේ.. ගම්වල ආච්චිලා ඊට ගොඩාක් වෙනස්...

      Delete
    2. ආච්චිලනං කොහොමවත් ඔයාට අල්ලන එකක් නෑ තමා. මේ අපි වගේ එහෙකුට ඇරෙන්න. නැද්ද මාතලන්.

      Delete
    3. අම්මෝ මෙයාගේ කට @නලීන්

      Delete
    4. නලින් මලයට හිතෙන දේවල්....

      Delete
    5. කොළඹ ආච්චිලයි ගමේ ආච්චිලයි කියලා දෙජාතියක් නෑ මාතලන්.. ඔක්කොම එකයි.. මට හිටිය එක්කෙනෙක් කොට්ටාවේ.. අනිත් එක්කෙනා නුවර... දෙන්නගෙ මහ ලොකු වෙනසක් නෑ... මට එහෙම හිතෙන්නයි මාතලන්ට වෙනස්ව දැනෙන්නයි සමහර විට කොලු කෙලි භේදය බලපාන්න ඇති මං හිතන්නෙ... මොකද ඉස්සර ආච්චිලා මුණුබුරන්ට සහ මිණිබිරියන්ට වෙනස් විදියට සලකන්නෙ.. දැන් ඒ තත්වෙ අඩුයි මං හිතන්නෙ හැබැයි... අපේ ආච්චිට නිකමට හරි කිව්වොත් “ අනේ ආච්චිගේ මහ ලොකු කොල්ලො ටික.. කොච්චර හොඳ හොඳ ජාති ගිල්ලෙව්වත් අන්තිමට ආච්චිව බලාගන්නෙ කෙල්ලො තමයි” කියලා, අම්මෝ බලන්න ඕනෙ කේන්ති යන හැටි.. මොකද ඒ කතාව තමයි ඇත්ත... හි හි... මාත් එක්ක ෆිට් ආච්චිලා ඉන්නව.. හැබැයි මගේ නෑයෝ නෙවෙයි... හි හි

      සමහරවිට මගේ ආච්චිලා එච්චර වයස අය නෙවෙයි හින්දද දන්නෙත් නෑ හැබැයි.. හ්ම්ම්.. මොකක් හරි කේස් එකක් තියෙනව...

      නලින් අයියා දැන් ඇන්ටිලව අතෑරලා ආච්චිලා පස්සෙ යන්න පටං ගත්තද... ඔයා අන්කල් උනාට පස්සෙ ඉතිං එහෙම නැතුවත් බෑ තමා... හි හි...

      Delete
    6. පිට ආච්චිල කොහොමත් ෆිට් කිට්ටු පිට ගෙවල් වල ලේලිලා එක්ක තමයි.
      එයාල එක්ක ගෙදර ලේලිගෙ පතුරු ඇරියම ගමවටේ රොයිටර් වැඩේ කොරන්නෙ පිට ගෙවල්වල ලේලියෝ කියල නාකිච්චියො දන්නවා.


      Delete
    7. නැත්තේ නැහැ හිරි කොළඹ ආච්චිලා සහ ගමේ ආච්චිලා යනුවෙන් කොට්ඨාශ දෙකක් ඉන්නවා. හැසිරීම සම්පූර්ණ වෙනස්. එසේම ඔවුන් ලබා දෙන අවවාදද සම්පූර්ණ වෙනස්.

      Delete
    8. ඇට් (@) හිරූ...

      ඔයා සම්පූර්ණයෙන් වැරදියි... ගමේ සහ නගරෙ ඉන්න ආච්චිල සීයල සම්පූර්ණයෙන් වෙනස්...

      01. අපි නගරෙ ඉන්න අවුරුදු 100ක ආච්චි කෙනෙක්ට කතා කරන්න ඕන "අක්කෙ" කියල.. මම කියන්නෙ බොරුද...

      02. අනික දැක්කහම පේන විදිය බලන්න... කවදාවත් දැකල තියෙනවද රෙද්දයි හැට්ටෙයි ඇදපු ආච්චි කෙනෙක් මේ කොලඹ...

      03. කතා කරන විලාසය සහ හැසිරෙන විදිය (කොහේ හරි ගියොත් කියුටෙක්ස් ගාල ලිෆ්ටික් ගාල, රෝස පවුඩර් ගාල, සෙන් එක ගහනව නෙමේ හාල ගන්නව...) බොරුද??

      04. කොලඹ ආච්චිල කවදාවත් තමන්ගෙ මුණුපුරා(ළමයගෙ දරුව) නාවල, අතපය වල ඇද ඇරල, ඔලුව අතගාල, වඩාගෙන, කවි කියල... කකුල් දෙක අතරෙ තියාගෙන නලවලවයිද.. අනික ඔවුන් දන්නවද.... ? නෑ...

      05. අනිත් විශේෂම කාරනාව... තමන්ගෙ මුණුපුරාට හොද නරක, ඉස්සර කතන්දර, සිංදු, වගේ දේවල් කියල දෙනවද?? ඒව ඔක්කොම කරන්නෙ වැඩකරන කෙනෙක්...
      මම කියන්න බොරුද....


      කොලඹ ඉන්න ආච්චිලගෙන් 90% කගෙ චරිතය ඔහොමයි.....

      Delete
    9. @ හිරු
      ඕන් කෙල්ලේ ගමේ ආච්චිලගෙයි නගරේ ආච්චිලගෙයි වෙනස කීප දෙනෙක්ම කියලා දීලා තියෙනවා.. ගමේ ආච්චිලට ස්ත්‍රී පුරුෂ බේදයක් නෑ.. අධ්‍යාත්මික වශයෙන් ගත්තත් සෑහෙන වෙනසක් තියෙනවා.. මම ඒක අත්දැකීමෙන්ම දන්න නිසයි කියන්නේ... දැන් ඒ ගැප් එක තවත් වැඩි වෙලා මිසක් අඩුවෙලා නම් නෑ...

      Delete
    10. ගාලු කොල්ලා කියපු නගරේ ආච්චිලා ගැන නෙවෙයි මං කිව්වෙ.. . හි හි...

      වෙන්නැති මාතලන්.. මං හිතන්නේ මං ඕක බලන්නෙ ගෑණු කෝණෙකින් හින්දා වෙන්නැති.. මට ළඟ හිටියෙත් නෑ නේ... ආච්චිලා හොඳයි කන්න ජාති හදලා දෙන හින්ද... මට නං එතනින් එහාට අනේ මන්ද..

      Delete
    11. 01. අපි නගරෙ ඉන්න අවුරුදු 100ක ආච්චි කෙනෙක්ට කතා කරන්න ඕන "අක්කෙ" කියල.. මම කියන්නෙ බොරුද...

      එහෙම කිව්වොත් ගුටි කන්න වෙනවා.. හි හි

      02. අනික දැක්කහම පේන විදිය බලන්න... කවදාවත් දැකල තියෙනවද රෙද්දයි හැට්ටෙයි ඇදපු ආච්චි කෙනෙක් මේ කොලඹ...

      ඔයා කියන ගම දැන් තියෙනවද දන් නෑ...අපේ ආච්චි තමයි අපේ පැත්තෙං අන්තිමටම රෙද්දයි බෙඩ් ජැකට් එකයි ඇඳින්නෙ.. අනිත් අය අඳින්නෙ අර බාච්චු ගවුම.. හි හි

      03. කතා කරන විලාසය සහ හැසිරෙන විදිය (කොහේ හරි ගියොත් කියුටෙක්ස් ගාල ලිෆ්ටික් ගාල, රෝස පවුඩර් ගාල, සෙන් එක ගහනව නෙමේ හාල ගන්නව...) බොරුද??

      ඉතිං එයාලා තරුණ කාලේ හිටිය විදියට ලස්සනට ඉන්න උත්සාහ කරන එක වැරදිද... හි හි

      04. කොලඹ ආච්චිල කවදාවත් තමන්ගෙ මුණුපුරා(ළමයගෙ දරුව) නාවල, අතපය වල ඇද ඇරල, ඔලුව අතගාල, වඩාගෙන, කවි කියල... කකුල් දෙක අතරෙ තියාගෙන නලවලවයිද.. අනික ඔවුන් දන්නවද.... ? නෑ...

      මොකද නැත්තෙ.. ඔය දැන් අපේ නැන්දම්ම ඔය ඔක්කොම කරන්නෙ.. නුගේගොඩ කියන්නේ ගමයැ... හි හි

      05. අනිත් විශේෂම කාරනාව... තමන්ගෙ මුණුපුරාට හොද නරක, ඉස්සර කතන්දර, සිංදු, වගේ දේවල් කියල දෙනවද?? ඒව ඔක්කොම කරන්නෙ වැඩකරන කෙනෙක්...
      මම කියන්න බොරුද....

      ඕවා අපි කියලා දෙන්න කලින් දැන් ඉන්න එවුන් ඉගෙන ගන්නව.. ඉගෙන ගෙන අපිටත් කියලා දෙන්න එනවා... හරි මං බොරුද කියන්නෙ.. හි හි

      ( විහිළුවටත් එක්ක ඈ.... හි හි)

      Delete
  10. මම මචන් ඉස්කෝලේ යනකම්ම හිට්යේ ගමේ.. ඒ කියන්නේ අත්තම්මලාගේ ගෙදර... ඒ තරම් සොඳුරු කාලයක් තවත් තිබුනේ නෑ.. ඒ ලෙවල් කාලෙත් පොඩි ආතල් එකක් තිබ්බට එච්චරම නෑ... අත්තම්මගේ කතා මට තවමත් මතකයි.. දැන්නම් අත්තම්මා නෑ.. ඊටත් වඩා හොඳම කතාව මොකද්ද දන්නවද? මම ලඟදි සාත්තරයක් අහන්න ගියා.. පොර ක්වුවා තාමත් අත්තම්මා මගේ පස්සෙන් ඉන්නවලු මට කිසි කරදරයක් වෙන්න නොදී.. මට වෙලාවකට ඇත්ත වෙන්නත් ඇති කියලා හිතෙනවා බන්..

    මාගේ මඟුල් ගෙදර ගිහින් ඔක්කොම මුණුපුරු මිණිපිරියො වට කරගෙන අත්තම්මා ගහපු ෆොටෝ එකක් අපේ දෙවැනි අක්ක එයාගේ ඇල්බම් එකේ තියාගෙන හිටියා... මම ඒක උස්සන්න පට්ට ගේමක් දුන්න.. ඒත් අක්ක ඒක තවමත් දිවි හිමියෙන් ආරක්ෂා කරනවා.. ඒ ෆොටෝ එක යටින් අක්ක කොලේක මෙහෙම ලියලා දාලා තිබ්බා..

    නුඹ චන්ද්‍ර මඬල වැන්නේ...
    සා පැටව් එහි නිදන්නේ....

    ස්තූතියි මචන් මතකය අලුත් කලාට...

    ReplyDelete
    Replies
    1. මාගේ මඟුල් ගෙදර නෙවෙයි.. මාමාගේ මඟුල් ගෙදර ලෙස නිවැරදි වෙන්න ඕන..

      Delete
    2. Get it scanned at high res and you can get a better image printed.

      Delete
    3. අපේ ආච්චිත් 103 ක්ම උන්නා.. අන්තිම මාසේ වගේ සිහි කල්පනාව නැතුව ඇඳට වැටුනේ... මේ කිව්වේ අම්මගෙ අම්මා.. තාත්තගේ අම්මා තාත්තා පොඩි කාළෙම නැති වෙලා.. ඒත් එයාගේ කුඩම්මා නම් මළේ මට හොඳට මතක කාළේ.. තාත්තට වෙනස් කම් කොලාට අපිට නම් හරිම ආදරෙයි.. අපි නිසා තමයි තාත්තා මහ ගෙදර යන්න එන්න පටන් ගත්තේ...

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
  11. මේ ආච්චි මිනිපිරීගෙ කතාව මම අහල තියෙන්නෙ වෙන විදිහකට...
    කොල්ලට ඇග උඩ නගින්ඩ දීල පරම්පරාවෙ මූනුවල දැලි ගාන්ඩ එපා කියල ආච්චි කිව්වම කෙල්ල කරන්නෙ කොල්ලගෙ ඇග උඩ නැගල කොල්ලගෙ පරම්පරාවෙ මූනුවල දැලි ගානව :D

    ReplyDelete
    Replies
    1. මාත් මේ වර්ෂන් එක තමයි අහලා තිබ්බේ.. මිනිබිරී කිව්වලු.. ' එයාට අපේ පරම්පරාවේ මූනේ දැලි ගාන්න මං ඉඩ තිබ්බේ නෑ... මං එයාගේ ඇඟ උඩ නැගලා එයාලාගේ මූනෙ දැලි ගෑවා' කියලා! :D

      Delete
    2. මේ තියෙන්නේ ඒ කතාව...

      http://maathalan.blogspot.com/2013/07/18-whos-on-top-18.html

      Delete
    3. මේකට තමා මාතලන් කියන්නෙ වල්ගෙ කොටාගේ මාළු උගෙ ඇගේ තියල කපනව කියල.
      මේ ලිපිය කියවද්දිම මතකෙට ආව ඔබේ පෙර ලිපිය.

      Delete
    4. ඒකනේ කෙන්ජියෝ.... කාටෙයි කියන්නේ...

      Delete
    5. හැබැයි මාතලන් ලියන්න කලින් මං කියවලා තිබුනා ඒ කතාව! ;)

      Delete
    6. ඌරගේ මාළු උගෙ ඇඟේ තියලා කැපුවොත් කොහොමද අන්කල් කෙනජියෝ.

      Delete
    7. ඌරගේ මාළු උගෙ ඇඟේ තියලා කැපුවොත් කොහොමද අන්කල් කෙනජියෝ.
      -කා(Ka)

      Delete
    8. මගෙ අංක එකේ බයිටක් තමා පුතාලාණනි.

      Delete
  12. ආච්චිලා මේ වගේ කුනු උපදෙස් දෙනවට අපි විරුද්ධයි!මේව ඒ විදියටම කෙල්ලො පිළිපැද්දොත් අපිට යන කල දසාව මොකද්ද! නැද්ද ලොක්කා!

    දුලාගේ අඩවියේ™ දුලා

    ReplyDelete
    Replies
    1. කෙල්ලො ඕවා අහන්නෙ නැති එකනේ වරද....

      Delete
  13. මගේ ආච්චිලා සීයල ඔක්කොම මම එන්න කලින්ම ගිහිල්ලා මට ඒ රස කතා නෑ. කොහොමත් මුනුපුරු මිනිපිරියන්ට එයාලගේ විශේෂ බැඳීමක් තියෙනවා. එක ජානගත බැඳීමක්. තමන්ගේ ලමයින්ගේත් ළමයිනේ කියන හැගීම ආයෙ ලේ වලටම බැහැල තියෙන්නේ. සමහරවිට දෙමාපියෝ ළමයින්ට තරවටු කරනකොට ආච්චිලා සීයල තමා බේරාගන්නේ. එයාල ඒ වෙලාවට බනින්නේ උබලත් පොඩිකාලේ මෙහෙම තමා කිය කියා. එයාලට ඒවාට ගොඩක් රිදෙනවා....
    මුනේ දැලි ගාපු කතාව නම් මටත් මතක් උනා..

    ReplyDelete
    Replies
    1. ඒත් ඉතින් අද ඉන්න වේස සීයලා අතරේ.. තමන්ගේ මුනුබුරු මිනිබිරියෝ එක්ක හැමිනෙන්න දඟලන උන්ගෙත් අඩුවක් නෑ..

      Delete
  14. මෙහි යට කොටසට වඩා කතාවේ ආරම්භය තදින්ම සිතට වැදුණි. එතකොට ඒ මගුලේ බොන්න තිබුනෙත් නැතෙයි.

    ReplyDelete
    Replies
    1. හපොයි තිබුනා... කොක්ටේල් ඉස්ටයිල් එකට.. ඒක ජාම බේර ගන්න පුළුවන් මෙතඩ් එකක්.. මමත් එයින් දෙකක් ඇනගෙන.. බෝතලයක් ඉල්ලගෙන පැත්තකට උනා...

      අපේ උන් දන්නවා බොන්න දෙන්නේ නැත්නම් මාතලන් නෑ කියලා...

      Delete
    2. මොනවද අනේ ඔය කරනලැජ්ජා නැති වැඩ කියලා කියුවේ නැද්ද හාමිනේ

      Delete
    3. ආ පත්තරේ පප්පා,
      හුඟ දවසකින් ඈ. වරායත් චීනෙට දීලා, ෆොන්ටොරොසි කිරි බීලා, රතුපස්වල මිනරල් වෝටර් කචල් එකත් ඉවර වෙලා, පිල්ලෙත් ගිහිල්ලා, කොන්ඩෙත් වැවිලා.
      චන්දයකුත් අත ලඟයි ඈ.
      -කා(Ka)

      Delete
    4. @ අටං

      අපරාදේ කියන්නේ කවදාවත් විරුද්ධ වෙලා නම් නෑ.. ඒත් මම ගෙදර නොබොන්නේ.. අපේ ගෙවල් පොඩිම පොඩි ගෙවල් නිසා.. ගමේදී නම් කිසිම අවුලක් නෑ...

      Delete
  15. Don't stop me now!
    'Cause I'm having a good time
    having a good time...
    කියලා Queen ලගේ සින්දුවක් තියෙන්නේ මචං. මට ඒක මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. අම්මපා එහෙම සින්දුවක් තියෙනවා නේන්නම්...

      Delete
  16. මුණුපුරු මිණිපිරියන්ට ආච්චිලගෙ තියෙන ආදරේ මම දැක්කෙ අපේ අම්මගෙන්...දවසක් කොල්ල අම්මව වට්ටවල, තරවටුවක් දඬුවමක් කරන්නම දුන්නෙ නෑනෙ අපේ අම්මා...හංගගෙන හිටියනෙ.

    ReplyDelete
    Replies
    1. එදා දඬුවම් කළානම් අද හැලපයියා විදිහට මෙතන පෙනී සිටිනේ කොයිතරම් ශ්‍රේශ්ඨ මිනිහෙක්ද ඈ.
      -කා(Ka)

      Delete
    2. උඹේ එකාට වගේම තමයි අපේ එකාටත්. හැබයි අපේ නෝනගෙ අම්මනම් ටිකක් වසයි. ඒ උනාට පොඩි එකා පණ. නැති උනයින් පස්සෙ දැනිච්ච සංකාවට පොඩි එකා ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්නත් උනා....

      Delete
  17. මෙකෙන් මම ගත්ත එකම ආදර්ශය එක පාරම වැඩෙට බැස්සම ගොඩ කියන එක තමයි :P

    ReplyDelete
    Replies
    1. අපායට ගියත් ටක් ගාලා යන්න ඕන කියන්නේ ඕකට තමා... හැබයි ඉතින් ගොඩාක්ම කළබල උනාමත්, කොරොස් කටෙත් අත දා ගන්න බෑයි කියලත් කියනවා...

      Delete
  18. ආච්චි ගෑනනම් සුන්දර මතකයන් ගොඩක් තියෙනවා. අපේ ආච්චි මෑරුනෙත් අපෙ ගෙදරදිම තමා..... එයා ඉගෙනගෙන තිබුනෙ නෑ ඒත් ලස්සනට කවි කියන්න ... කතන්දර කියන්න හොද හෑකියවක් තිබුන ... මාමාලට ඈනුම් පද කියන්නෙ , මාමාලට බනින්නෙත් කවියෙන් , කතන්දර කියනවා මෑවිල පේන්න.තෑන්කු මතක් කලාට උන්දෑව.......

    ReplyDelete
    Replies
    1. පාසල් නොගියට.. ඔය පරන පොත පත කට පාඩමෙන් මතකයි බොහෝ දෙනෙකුට... පිරිත් පොත, ගුත්තිලේ, සංදේශ කවි. ටිබෙට් හාමුදුරුවන්ගෙ කවි.. කටපාඩම් අපේ එක්කෙනාට...

      Delete
  19. සිරා කතාව අයියේ ...මමනම් අලුත් අදමයි මේක කියවන්න ගොඩ උනේ ..ඔයත් දෙන්නේ පස්ට ටෝක්ස් තමයි මගේ ලේ ටිකකුත් පිරිසිදු උනා ඒ ටික කියවලා ...ඔයාට සදා ජය..!!!!

    ReplyDelete
    Replies
    1. ඇයි ලේ නරක් වෙලා තිබුනයි.... :)

      Delete
  20. අපි ඉස්කෝලෙ අග කාලෙ තමයි සලාදෙ ආවෙ. ඒකෙ තිබ්බ ජනප්‍රියම කොටස තමයි "ආච්චි උනත් මොකද හොඳට ලව් කරනවනම්, අර පුරුදු සතා බර අදිනව කන්න දෙනවනම්" කියන ටික. මට මේ සින්දු කෑල්ල මතක් උනේ උඩ නලින්ගෙ හිරුට කියාපු උත්තරේ දැකල. බාසාවෙ හරි කොනෙන් අල්ලගන්නෙ බස දන්න එකෙක් විතරයි. ඒකනෙ බස බස ගාල බාසාව දාල බසේ මහ ඇදුර සරච්චන්ද උන්නැහෙ සීයගෙ වයසෙදිත් නාඹර ගැටිස්සියක් කර ගැහුවෙ.

    ආච්චිල ගැන මට අතැකීම් සීමිතයි ඒ මගෙ දෙපාර්සවේම ආචි සීයල අපි පොඩි කාලෙම එළෝ ගිය නිසා.

    ඒත් මට ආච්චියෙක් නැති එක ගැන වැඩියෙම්ම දුක හිතුනෙ මීට අවුරුදු හතරකට ඉස්සෙල්ල අපේ අම්මට හාට් ඇටෑක් එකක් ඇවිත් අන්තිම වෙලා ඉන්න බව මල්ලි කිව්වම ඔක්කොම දමල ගහල පොඩි එකයි හාමිනෙයි එක්ක කඩාගෙන බිඳගෙන ලංකාවට අ දවසෙ.

    ඒ මැයි මාසෙ. අපි ලංකාවට එන්න හිටියෙ ජූලි. එතකොට අවුරුදු දෙකක් වෙච්චි අපේ පුතාව අම්ම දැකල තිබ්බෙ පින්තූර වලින් විතරයි

    අම්මව අමාරු උනාම ඇඩ්මිට් කරල තිබ්බෙ කළුබෝවිල ඉන්න මගේ පන්ති සගය වෙච්චි, අපේ පාරෙම ඉන්න ශානකයගෙ වෝඩ් එකට. අම්මට අච්චර අමාරුවෙන් ඉන්දැද්ඩි ඔක්සිජන් මාස්ක් එක උස්සල ශානකයගෙන් ඇහුවලු "පුතේ මට මගේ ලොකුපුතාගෙ දරුව දකින්න ඉන්න බැරි වෙයිද පුතේ?" කියල. ඒක අහපු ශානකය කඳුලු තදකරන් එහාට ගිහින් මල්ලිට කියල තියෙන්නෙ "කොඩියට ඉන්න තැනකින් අදම හරී එන්න කියපන්" කියල, මොකද ඌ පස්සෙ කිව්ව විදියට ඒ තිබ්බ තත්වෙ අනුව අම්මගෙ ජීවිතෙ 50;50ලු. ඌම පස්සෙ කිව්ව විදියට අපේ මල්ලි අම්මට කිව්වම "ලොකු අය්ය අද රෑ පිටත් වෙනව, හෙට උදේම අම්ම බලන්න බබත් එක්ක එනව" කියල, අම්මගෙ තත්වෙ වෙනස් උනාලු පුදුම විදියට.

    කොහොම හරි ප්‍රභා මල දවසෙ රතිඥ්ඥ මැද්දෙ කටුනායක ඉඳන් කලුබෝවිල ගිය අපි අම්ම එක්ක කතා කරනකොට නර්ස් කෙනෙක් ගෙනත් දුන්න අපේ පුතාගෙ ලොකු කරපු ඒත් දුංකොල වගේ පොඩි වෙච්චි ෆොටෝ දෙකක්. මම පුදුම වෙලා ඒ මණුස්සයගෙ මූන බලනකොට "ඔයාගෙ අම්ම ඉස්පිරිතාලෙ එනකොට අතේ ගුලිකරන් ආවෙ ඕක තමයි" කිව්ව.

    ඒක අහපු ගමන් සෙනඟ මැද්දෙ නිෂානි අම්මගෙ ඔළුව බදන් ඉකි ගහල ඇඬුවෙ එයාගෙ අම්මව මතක් වෙලා වෙන්නත් පුළුවන්. ඒත් මගෙ ඇස් වලට කඳුලු ආවෙ "මට මෙහෙම ආච්චියෙක් බලාගන්න පින තිබ්බෙ නෑ නෙ" කියල හිතිලයි

    අපේ දේවිගෙ අම්මයි තාත්තයි දෙන්නම නැති උනේ උන්දැ තරුණ කාලෙ අපි බඳින්නත් අක්ලින් නිසා අපී කොල්ලො දෙන්නත් ඉන්නෙ පිය පස ආච්චි සීය විතරයි. අද මව් පසේ සීයගෙ මරනෙ එකොලොස්වෙනි සංවත්සරේ, සැප්තැම්බර් 5.

    දරුවො දූෂනය කරන අච්චිල සීයල නෙමෙයි උන් පෝෂනය කරන ආච්චිල සීයලට නිරෝගී සැප ලැබේවා..!

    ReplyDelete
    Replies
    1. \\\\දරුවො දූෂනය කරන අච්චිල සීයල නෙමෙයි උන් පෝෂනය කරන ආච්චිල සීයලට නිරෝගී සැප ලැබේවා..!\\\

      +++++++++

      Delete
    2. උඹේ කොමෙන්ට් එක කියවලා.. පපුව දාලා පිච්චිලා ගියා...

      Delete
    3. මාතලන් අයියගෙ රත්තරන් චේන් එකක් වගේ පොස්ටුවේ වටිනාකම කීප ගුණයකින් වෑඩි කල මෑණිකක් වගේ කොමෙන්ටුවක්..

      Delete
  21. හරි හරි අවුලක් නෑනේ ඉතිං!

    ReplyDelete
    Replies
    1. මොකෑ නැත්තේ.. ආච්චි කෙනෙකුට කලන්තේ දැම්මම... ආයේ ඉතින්...

      Delete
  22. ඉහලින් ඉන්දික උපශාන්ත ලියනව සලාදේ ගැන.
    මට මතක් උනා අපේ කුඩා කාලය හැඩ කල ආච්චිව ලමා ගයිකාවක් වූ පේශලා මෙන්ඩිස්( හරිද මන්ද?) දුටු හැටි. වෙනස් දේශපාලන තත්වයන් පැවතුනු කාල පරිච්චේද දෙකක වෙනස හා අද අපිට; වඩා දැනුවත්ව ඒ දෙස බැලීමට ලැබී තිබෙන සවිය.

    විවෘත ආර්තිකයට පසුව
    //"ආච්චි උනත් මොකද හොඳට ලව් කරනවනම්, අර පුරුදු සතා බර අදිනව කන්න දෙනවනම්" කියන ටික.//

    විවෘත ආර්තිකයට පෙර
    කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන ඉබිගමනින් එන්නේ උදේම නාගෙන් චීත්තෙ ....

    මේව ගැන තරමක් ගැඹුරින් හිතන විට ඒ ඒ දේශපාලන තත්වයන් නිර්මානය කල දේශපාලන පක්ශවල අද තත්වය පිටුපස ආච්චිලාගේ සාදු සාදු බලවේගයද සිටින බව මට හිතේ.

    ඒ නිසා පවතින ආණ්ඩුත් සාදු සාදු බලවේගය අවතක්සේරු නොකල යුතුය.

    ReplyDelete
    Replies
    1. සමාජය පිරිහෙන්න හේතුව ආර්ථික ක්‍රමය නම් නෙමෙයි.. පාදඩයෝ බලයට පත්වීම..

      අර සින්දුව කිව්වේ ශිරෝමාලා ප්‍රනාන්දු නේද?

      Delete
    2. උඹත් හරි කෙන්ජි.

      Delete
  23. එපා ඕක කරන්න එපා... තිරිසනා.......
    මාව මරපං යකෝ මීට හොඳයි....
    මරපං... මරපං..මරපං... මරපං..මරපං... මරපං..මරපං... මරපං..මරපං... මරපං..මරපං... මරපං..මරපං... මරපං.. ආහ්.. මරපං... මරපං.. උහ්.. අහ්... මර..... මර... පං.... ආයි... මාර... ෆන්... මාර...ෆන්.. මාර ෆන්... මාර ෆන්... මාර ෆන්... මාර ෆන්... මාර ෆන්.. :)

    ReplyDelete
    Replies
    1. රේඛීය අපගමනය ..:)

      Delete
    2. රේප් කරන උන්ට ඇහෙනවා ඇත්තේ ඔය විදියට වෙන්ටෑ...

      Delete
    3. :D අඩෝ මේක පට්ට :D

      Delete
    4. අවසානෙට මරන්න මරන්න මරන්න මරපන් මරපන්.. මරපිය මරපිය... අහ්හ්හ්.. මැරුවා... :3

      Delete
  24. //කේක් ගෙඩි දෙකක් වගේ, ආච්චිලා දෙන්නවම, පෝරුව ගාවම මේසෙක ඉන්දවලා තිබ්බා.//

    :D:D:D

    ReplyDelete
    Replies
    1. ඇයි බොරුද.. ඔහේටත් ඉන්නවා නේද එක්කෙනෙක්...

      Delete
  25. ආදර්ශය: නොනවත්වාම අවසානය දක්වා වැඩේ කිරීම සුසුදුය.

    ReplyDelete
  26. හික්.. කතාව ගැන අදහසක් නැහැ. ආච්චි ගැන කියන්නම්. ආච්චිලා ගැන සටහන කියවද්දී හිතට ගොඩක් දැනුණා.
    මොකද මට ආච්චිලා නැහැ. ඔයාල ආච්චිලා කිව්වට අපි මෙහෙ කියන්නේ කිරි අම්මා කියලා.

    ඇත්තම කිව්වොත් මට කිරි අම්මා කෙනෙක්, අත්තා කෙනෙක් නැහැ. මම එහෙම කෙනෙක් දැකලත් නැහැ.
    මම වෙනම මං හදා ගත්තු වයසක දෙන්නෙක්ට ඒ ආදරණීයත්වය දෙන්නේ. මට දැනෙන විදියට මං වැඩිපුරම මේ ජීවිතේ ගෙවන්න ඇත්තේ ඒ දෙන්නා එක්ක. කවි කතන්දර නැති උනත්, මම අතීතයේ ගොඩක් සිදුවීම් මිනිස්සු ගැන ඉගන ගත්තේ එයාලගේ අත්දැකීම් එක්ක.

    අනේ ආච්චි මට කතන්දරයක් කියන්න කියලා කෙනෙක් නැති උනත්, මම කිසිම නෑදෑ කමක් නැති ඒ දෙන්නට ගොඩක් ආදරේ කරනවා. අදටත්. මං දවසේ වැඩිපුර කාලයක් ගෙවන්නෙත් ඒ ගෙදර. ඒක වෙනම කතාවක්. මගේම නොවුනත් මගෙමයි. මාතලන් අයියගේ ඒ කිරි අම්මා ගැනපු කියපු සටහන් කොටස හරිම සංවේදී.


    මම - Bora Diyaka Induwara

    ReplyDelete
    Replies
    1. වැඩිහිටියෝ කියන්නේ අපිට වඩා බොහෝ කරුණු කාරණා වලින් සමන්විත උදවිය.. ඒ නිසා ඒ අයට මගේ ගෞරවයක් තියෙනවා.. ඒකත් අපි ආච්චිලගෙන්ම ලබා ගත්ත හැදියාවක්...

      Delete
  27. ඔව් ඔව් නවත්තන්න එපා අනේ... කලින් කතාවත් කියෙව්ව වගේ මතකයි..

    ReplyDelete
    Replies
    1. කියවලා අඬ අඬා උන්නේ.. ඕන් දැම්මා....

      Delete
  28. ඔය කතාව මාත් දැම්මද කොහෙද කාලෙකට කලිං.
    මට මතක් උනේ කලින් උඹ ලියපු කුමාරිහාමිගෙ කතාව.

    ReplyDelete
    Replies
    1. හ්ම්... ඒකනේ මම කිව්වේ... දෙකම එක වගෙයි කියාලා...

      Delete
  29. මේකද මේ දානවැයි කියාපු 21 එක එතකොට ..? හනේ ඉතින් මේක කරන්නනේ මේ ඔක්කෝම .. මේ ලඟදි මටත් පොලෝසි යන්න උනා අපේ ගෙදරක කුළියට හිටපු ගෑණි පැනලා ගිහින්. ඕන් දැන් ඇවිත් ඉන්නවා අමාරුව හොඳ කරන්..

    ReplyDelete
    Replies
    1. කුළී ගෙවා ගන්න විදියක් නැතිව වෙන්ටෑ පැනලා යන්න ඇත්තේ...

      ඒක අමාරුවක් නෙමෙයි... අවශ්‍යතාවයක්...

      Delete
    2. \\\\ඒක අමාරුවක් නෙමෙයි... අවශ්‍යතාවයක්...\\\\

      අන්න හරි මාතලන්.. අපිටත් ලිංගික ආසාව තියෙනවා . ලස්සන ස්ත්‍රී රූපයක් දකිද්දී හැගීම් ඇති වෙනවා. ගාණට ක්‍රමේට හැගීම් තෘප්ත කරගැනීම සහ කුණු මාළු බෙල්ලේ එල්ලන් කෑම කියන්නේ දෙකක්..

      මම කියන මනුස්සය කුණු මාළු බෙල්ලේ එල්ලන් කෑවේ.. වටේටම සීන් එක නොන්ඩි.. දැන් ඉතින් වසලා හමාරයි.. පැහැදිලි ගොන් කම.. වෙන මක්කවත් නෙවේ.

      Delete
    3. ඔබට ඒක කුණු මාළු උනාට ඇයට රස මසවුලක් වෙන්න ඇති... අපි බලන්න ඕන ඇගේ ඇසින්...

      Delete
  30. //ආච්චිලා, සීයලා, අම්මලා, තාත්තලා, කතා කියා නොදෙන කාලේ, වාසනාවට "කතන්දර" ඉන්න නිසා අපිටත් ඉඳ හිට කතන්දරයක් අහගන්න පුළුවන්.//

    සහතික ඇත්ත, මමත් යනව ඒ පැත්තට කතාවක් දාලා දවස් දෙක තුනකට පස්සෙ. කතන්දරගෙ කතාවයි කමෙන්ට්ස් ටිකයි කියවන්න. සමහරදාට එතන එකම රස සාගරයයි.


    ලැජ්ජ බයට හැදිච්ච කෙල්ලොනේ. ආච්චි කියපු ටික අකුරක් නෑර පට් පට් ගාලා එළියට දාලා.

    ReplyDelete
    Replies
    1. කළබලේට අපිට උනත් ඔච්චර තමයි...

      Delete
  31. හිතුවට වඩා මරු

    ReplyDelete
  32. මේක නම් මාර බඩුවක් තමයි..මෙච්චර එක්ස්පීරියන්ස් තියෙන එකක් බැඳ ගත්තොත් මං කපෝති කියල කොල්ල මාරු උනාළු..

    ReplyDelete
    Replies
    1. සරා,දැන් කාලේ හැදෙන කොල්ලො/කෙල්ලො දෙගොල්ලම එකයි අප්ප.
      අපේ කාලේ අපි වගේ හැදිච්ච එව්වො හොයනව කියන්නෙ කළුනික හොයනව වගේ වැඩක්.

      Delete
    2. පිස්සුද කෙල්ල බය නැතිව ගිහින් තියෙන්නේ, මගුල තීන්දු නිසා....

      ඔය කෙන්ජිත් කියලා තියෙන්නේ.. ඉස්සර කාළේ උන්ගේ හැදියාව ගැන...

      Delete
  33. ...දැනේ..දැනේ...මට වෙද මහතා නැති පාළුව තදින් දැනේ...තදින් දැනේ......

    ReplyDelete
    Replies
    1. ලොක්කා බිසි ඇති.. නැත්නම් කොමෙන්ට් එකක් දානවමයි..

      Delete
  34. ඔය කොරගෙන තියෙන්නේ දෙයක්....

    ෂුවර් එකටම කොල්ලා බය වෙන්න ඇති කෙල්ල එක්ක ගත කරන අනාගතය ගැන හිතලා.....

    ReplyDelete
    Replies
    1. මම නම් කැමති විසේකාර කෙල්ලන්ට. බොන කොල්ලෝ වගේ, උන්ගෙත් බොක්ක හොඳයි, උපාසකම්මලට වඩා...

      Delete
    2. ඒක නම් ඇත්ත.....

      Delete
  35. කතාව සුපිරි මාතලන්.. පට්ට.. මං හිතුව අර කොල්ලගෙ ගෞරවේ නැති කරපු සීන් එක කියලා.. ඒකත් මාතලංම දැම්මද කොහෙද කලින්න්.. සුපිරි :D :D

    ReplyDelete
    Replies
    1. නැතිව ඉතින්.. මං තුමා ඇර වෙන කව්ද....?

      Delete
  36. අත තිබ්බ ගමන් ටියුන්, ඔටෝ ස්ටාට් කේස් ඒකක් වගේ නේද ඒ මිණිබිරී එහෙම තමයි ඉන්න ඕන.

    ReplyDelete
    Replies
    1. බයක් වෙන්න දේකුත් නෑනේ.. මගුල තීන්දුයිනේ.. ඔය දකුණු පලාතේ කේස් ඉතින් කර ගැහුවොත් ගැහුවම තමා...

      Delete
  37. ඒක හොදා මුල මැද අග තුනම එක සැරේ කරලා දාන එක හොඳා.

    ReplyDelete
    Replies
    1. කෙල්ල හොඳ හැදිච්ච කෙල්ල.. ඒත් මෙතනදි ටැපලුනා...

      Delete
  38. මයේ අම්මා නැති වෙනකොට මම බොහොම පුංචි ඇයෙක්.
    මට විතරක් නොවේ නංගිටත්,මල්ලිටත් ඉතින් අම්මා උනේ ආච්චි තමයි.

    ReplyDelete
    Replies
    1. අනේ වාසනාවන්... අම්මලට වඩා ආච්චිලා අදරෙයි මුණුපුරන්ට... කොහොමත්...

      Delete
  39. හප්පේ යකෝ කමෙන්ට් එකක් දාන්න කියල ආව. මේක මාගල දිගෑරිය වගේනේ..
    කොල්ලන්ට එහා කෙල්ලෝ.. අර මානවක කලින් කතාවක් දාල තිබ්බ මතකනේ..

    ReplyDelete
    Replies
    1. කතා කියල දෙන එක නම් සහතික ඇත්ත. මටත් අපේ අප්පච්චියි අත්තයි අත්තම්මයි තමා අද දන්න එව්වලින් වැඩි හරියක් කිව්වේ. අපේ ගෙදර තාම ටීවී උන නැති නිසා ප්‍රශ්නයක් නෑ වැඩිය.

      Delete
    2. මෙහේ චැනල් බලන්න නම් ටී වී ගන්නත් එපා...

      Delete
  40. http://maathalan.blogspot.com.au/2013/07/18-whos-on-top-18.html
    ප: ලි:
    මීට සැර එකක් තියෙනවා... දානවද නොදානවද කියලා කල්පනා කලේ...

    මාතලන්, උඹ ජාමේ බේරගන ඒක නේද ටිකක් එහෙ මෙහෙ කරල දැම්මෙ ?

    ReplyDelete
  41. ආච්චිට Hand break ගහල තියෙන්නේ. :D

    ReplyDelete
    Replies
    1. එච්චරම මීටර් උනේ නෑ...

      Delete
  42. ආච්චි කිව්ව පිළිවෙලට නෙමෙයි වැඩේ වෙලා තියෙන්නෙ...කොලුවා චූව ට තමයි ඉස්සෙල්ලාම අත තියලා තියෙන්නෙ ...

    ReplyDelete
  43. ආච්චිල නම් මට සෙට් නෑ ඔන්න අම්මගේ තාත්තා නොහොත් අපේ පප්පා මගේ බුදු ෆිට් එක ...http://shanu1987.blogspot.it/2013/03/blog-post_18.htmlකතාව නම් මලේ මලු

    ReplyDelete
  44. හතර වරං අනිවා ඔය ආච්චිගෙ අත්දැකීම් තමා කෙල්ලට දේසනා කරල තියෙන්නෙ. කෙල්ලත් කොහෙද ආච්චිට හපංනෙව. හි හි

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න